WebNovels

Chapter 32 - 32

චූටි .....හ්..

මාව තුශ්නිම් භුූත වෙලා ගියා...නිර්වාන් මගෙ කට එක චූටි අයියා හොදටම දැක්කා...හොදටම දැක්කා කියන්නෙ එයා විතරක් නෙවෙ....චූටි අයියා එක්ක උන්න දොස්තර නෝනත් දැක්කා.....

මේ...චූ...චි අයියෙ....ගු.....ඩ් මෝනින් අනේ...අපේ....මේ..අනේ.....සුතර්මා .....හොදින්...නේත...දරු පැටියා....ආවෙ නෑ කියලා.....සෝකෙන් නෙවේ...නේත..👉👈

මට කර කියා ගන්න දෙයක් නැති උනා...අහන්න දෙයක් නැති උනා..කරන්න දෙයක් නැති කමටම මං අහක ඉන්න ලොකු නැන්දව අල්ලලා නිර්වාන්ට ඇගිල්ලකින් ඇන්නා.... ඒත් වැඩක් නෑ.....

නිර්වානයා ඌ මගෙ කටක් දැක්කෙත් නෑ...කටක් කෑවෙත් නෑ....අඩුම ගානෙ මාව දන්නෙත් නැති ගානට ඒකගෙ අර වයරින් කරලා වගේ එල්ලන් උන්න සේලයින් බෝතලේ හද හද මොකුත් නොවුන ගානට ඉන්නකොට මං ආයම ඇගිල්ලකින් ඇන්නා...ඒත් නෑ...ඒත් නෑ....හැගීම් දැනීම් නෑ...ලාදුරු ...ලාදුරු ....

ආ...ආ..ආ.....හරිම අගෙයි....හරිම අගෙයි හෙඩ් පොපිට් අයියෙ......හරිම අගෙයි....ඇදුරු තුමාගෙ හදවතේ සිසුවගෙ හැසීරිම් රටාව නම්...හරිම අගෙයි.....අමොර්...අමොර්.....රහසින් වත් පව් නොකෙරු තැනැත්තා...කෙලෙස් මරාගන බිහිවුන තැනත්තා..මඩෙන් උපන් මඩකරි...දියෙන් උපන් දියබරි...සියල්ල දත් බහුසැත......අමෝර් ....අමෝර්....

හදවත පලාගෙන ආදරේ දුන් තැනැත්තා...හැසිරෙන අයුරු නම් හරිම ආනන්ද ජනකයි...හරිම ආනන්ද ජනකයි...ප්‍රීතී....ප්‍රීතී...හ්හ්....!!

මං හොරා වගේ නිර්වාන් දිහා බලලා මාව ගනන් නොගන්නම තැන මගෙ සිගිති දසන් පාලා රන් ටිකිරි සිනාවක් චූටි අයියට දුන්නා....

රන් ටිකිරි සිනා...මුව මුව පාලා..... ම්හුක්...

දෑස පලාගන...කදුලැලි ආවා.....මට නුඹ විතරයි ඕ...නා....ම්හුක්....

අනෙ මුනිතාස අයියෙ...හ්...

චූචියට රවනවනෙ....!

චූටි අයියෙ .....චූචිට...ඇස්සි...

මං ඔයා එක්ක ගෙදර ගියහම කතා කරන්නම් චූටි මල්ලි...දැන් කතා නොකර ඉන්න..

.

මාව ඇකිලිලා ගියා.....ප්ලාස්ටික් බෝතලේකට උනු වතුර වැටුනා හා සමානවම මගෙ මුන ඇකිලිලා යනකොට මං පරන තරහවල් පිරිමහන මගෙ කුලුජුල් ප්‍රේම වන්තයා දිහා බැලුවා...

උඹ නම් තනිකරම ජුදාස් කෙනෙක්....නිර්වාන් ...උඹ නම් තනිකරම ජුදාස් කෙනෙක්....වරෙන්කො ආය චූචී....චූචී...මං උඹට ඇබ්බැහි වෙලා යැයි යැයි ගාගන..........

නිරූ...දැන් කොහොමද ....

......මන්දා සුදු....මගෙ ඔලුව පුපුරන්න එනවා.....

කෝ බලන්න...

සුදූ.....

මං ලොකු අම්මට කතා කරන්නම්.....මේක සැහැල්ලුවෙන් හිතන්න ඕන දෙයක් නෙවෙ නිරූ....ඔයාට තව දුරටත්

ඇති සුදු....මට ඔව්වා අහන්න තරම් දැන් මගෙ ඔලුවෙ ඉඩක් නෑ සුදු....

සුදූ....නිර්වාන් ඒ දොස්තර නෝනට කතා කරන්නෙ සුදූ කියලා.....එතකොට...එයා කතා කරන්නෙත් නිරූ කියලා.....මෙයා...මෙයා....කාගෙ...කව්ද....සුදූ....සුදූ........සුදූ....කියන්නෙ........

මං හිතන්නෙ.....මෙයා....

හී..ඒ ඉන්නෙ....ඩිපූටියගෙ අක්කා නේත....යෝහ්.....මේ දොට්ට අක්කා අපේ සැලාගෙ නෑන නේ....ත.......හ්!

( තිනාරා සිනෙලි අබේසේකර)

චූටි අයියගෙ වාග් ප්‍රහාර ඉස්සරහා සැලැන්ඩර් වෙලා උන්න මං මගෙ නිරු ගාව ඉදන් එයාගෙ අත පය ඔලුව දිහා බල බල අතේ තිබුන රිපෝර්ට් ටික බලන ලස්සනම ලස්සන දොට්‍ට අක්කා දිහා බැලුවා....

යෝ...හරි ලස්සනයි අනේ...හරි සිරියාවයි....හිනා වෙනකොට වලකුත් එනවා....බෝනික්කෙක් වගේ....

අපේ සැලාට නම් ජීවිත කාලෙම සල්ලි නැතුව බේත් බොන්න පුලුවන් ...අපේ නිරූටත් කියන්න ඕනා ඔය ගහගත්තා ඇති කොහොම හරි නලාව බෙල්ලෙ එල්ල ගනින් කියලා...ඇයි ඉතින් මාත් නලුවෙක් උනාම...කව්ද දන්නෙ අනේ මට ක්‍රියාදාම නලුවෙක් වෙන්න වෙයිද කියලා ...ක්‍රියාදාම නලුවන්ට ඉතින් හැමදාම තුවාලනෙ...

තිනාරා...එයාට මොකද...මං අහන්නෙ...ඔලුව ගැන....අතපය වල ඉදිමුම හිමින් හිමින් බැහැල යාවි.....ඒත්....මට ඕනෙ නිර්වාන්ට සීරියස් ඩැමේජ් එකක් තියනවද දැනගන්න....

ම්ම්ම්.....

ආ..ආ...අ...තිනාරා.......

එතකොට දොට්ට අක්කගෙ නම තිනාරා..හරි ලස්සන නමක් අනේ.......

මං බලාගන උන්නා...අපේ චූටියා සැරින් සැරේම ගිහින් හෙඩ් පොපිට්ගෙ මූන නහය කට අත් දෙක දකුනු කකුල හා වම් උරහිස උනඩුක පුච්චය මේ හැම දේම ගැන අහන අහන ගමන් නේද තිනාරා...නේද තිනාරා ගගා ඉදලා අවසානෙදි ලාවට වගේ...ඇහෙන නෑහෙන ගානට වගේ තිනූ...කිව්වා....ඒක එලියට ඇහුනෙත් නෑ...හැබැයි මුගෙ ඉස්ටෝබෙරි වැස්ලින් අතුල්ලන් කොයි වෙලෙත් ස්මූත් එකට තියාගන ඉන්න රෝස පාට කට එහා මෙහා වෙනකොට මම අල්ල ගත්තා....

තිනාරා.....තිනූ උනා.....ම්ම්ම්...ම්ම්ම්...තිනාරා....

පස්සෙන් පහු වෙනකොට.....තිනූ....උනා....

සුතර්මා .....සුතර්මා ....මොකක් නමුත් සිත්ත වෙනවා...සුතර්මා.....හ්.....ම්ම්ම්...ම්ම්ම්.........

අඩි දෙක තුනක් පස්සට වෙලා උන්න මන් හිමින් සැරේ අඩියෙන් අඩිය ඇද ගාවට ලන් උනා.....ම්ම්ම්...ම්ම්.....පිසිකලිත් කනෙක්සන් එක යනවද දන්නෙ නෑනෙ.....

සමහර විට එදා අප්පච්චිව ගිහින් ඇරපු රෑ මේකා මේ සේපාලිකා ගහ අස්සෙ රිංගන් සේපාලිකා මල්.ඔලුවෙ අටවන් කුටු කුටු ගෑවෙ......මේ දොට්ට අක්කා ව්ක්ක වෙන්න බැයිත.....ම්ම්ම්ම්ම්

ආහ....ක්..........අවශ්‍ය.....තොරතුරක්.....අත්‍යාවශ්‍ය තොරතුරක්......!!

නිරූ ඔයාගෙ අත පය එහෙම උස්සන්න පුලුවන්ද ...

පුලුවන් සර්...

මොනවද දරුවො මේ කරගන්නෙ....විභහග කටේ තියාගන...ඔයා මොලේ නැති දරුවෙක් නෙවෙනෙ නිර්වාන් .....තිනාරා මෙයාගෙ බෝන්ස් වලට මොකුත් ඩැමේජ් එකක් නෑනෙ....

අමොර්...අමොර් ..... ජීවක ඇදුරු තුමා!!හදවතෙ සිස්සයට සලකන සැලකිල්ල.........ලොකු අප්පච්චි ගෙ දරු පැටියව පැත්තකට එලවලා ඇමති පුතුනුවන්ගෙ සරීර සෞඛ්‍ය ගැන වද වෙන අයුරු නම්..බොහෝම අගෙයි...........ප්‍රීතී ....ප්‍රීතී....චූටි අයියෙ....ප්‍රීතී....

නෑ...බෝන්ස් වලට නම් නෑ..මසල්ස් තැලිලා තියෙන්නෙ ඒකයි මේ ඉදිමිලා තියෙන්නෙ....නිරූ කෝ බලන්න ඇග රස්නෙද.....

.......

ඇග රස්නෙයි....ඔයාට අද හෙටම නම් ඩිස්චාර්ජ් වෙන්න නම් බැරි වෙයි තේරුනාද.....

ඩිස්චාර්ජ් නොවී කොහොමද සුදු ස්පෝර්ට් මීට් පටන් ගන්නවා..අනික මට ක්ලාස්

ස්පෝර්ට් මීට් ගැන නෙවෙ දැන් වද වෙන්න ඕනෙ නිර්වාන් ....ක්ලාස් ගැන බය වෙන්න එපා..ඔයාට මං extra ක්ලාස් කරලා ඒක කවර් කරන්නම්...ඒ දේවල් පැත්තකට දාලා මුලිම්ම සනීප වෙන්න බලන්න..මට අද උදේ ශෙනිරු කිව්වෙ....ඒකයි මං මේ තකහනියක්ම බලන්න ආවෙ....

මං කන් දීගන උන්නා...තකහනියෙ බලන්න ආවලු...එතකොට තකහනියෙ බලන්න ඇවිත් තියෙන්නෙ මේ විදුහලේ කීර්තිමත් සිසුවව විතරයි ...මාව නෙවෙ...ආ..ආ..වරෙන්....වරෙන්කෝ.....

අප්පච්චි එවපු දේවල් වලට ඇහැ දාන්න...වරෙන්කො.....ම්ම්ම්ම්....අම්මා මන්ත්‍රී....අප්පා ඇමති නිසා වෙන්න ඇති...ඇමති පුතුකිට සැලකිලි.....හොරොව්පතානෙ කොලුවට නොසැලකිලි........

ආ...ආ....අර බලපිය...අර බලපියව්කො...අපේ එකා හිමින් සැරේ ඇගෙත් වදිනවා නේත....

නිර්වාන් ගැන හරි හරියට කතා කරන මාව තඹේකට මායිම් නොකරන චූටියා එහාට මෙහාට වෙනකොට දොට්ට අක්කගෙ ඇගේ දෙපාරක් තුන්පාරක්ම වදින හැටි බලන් උන්න මට ලාවට හිනාවක් ගියා....

සුතර්මා ...ලේලි පොඩ්ඩ දොට්ට කෙනෙක් ඈ.......

ඒත් අපේ චූටියට ලැජ්ජද මන්දා ...මූගෙ මූන රතු වෙලා......ම්ම්ම්...පෙර වැරදි අකා මකා යන්න එක්ක මූට සපෝර්ට් එකක් දෙමුත එක්කො...මොනා උනත්....අපේ සැලාගෙත් නෑනා....මගෙත් නෑනා උන එකේ...චූටියව ගෙදරට නාකි වෙන්න දෙන්න බෑනෙ...නැත්තන් මූව පොලවට පස් වෙයි.....

නිර්වාන්ගෙ අත පය....නහය කකුල් මේ ඔක්කොම හරි තැනම තියනවද කොය කිය බල් බල ඕවර් ඇක්ටින් දගලානා වගෙ කම්පා වෙන චූටියා දිහා බලපු මං හොරා වගේ අතපත ගාලා නිර්වාන්ගෙ ඵෝන් එක හොයනකොට ...නිර්වාන් මගෙ දිහා බැලුවා වගේම මං අර හැම දේම අපේ අපේ ගාන පඩත්තර හාවා වගේ මගෙ හා දත් දෙකත් එලියට දාන් මං පෝන් එකට අත් දෙකම දික් කෙරුවා .....

අපේ...පෝ....න්....එක.... !!

ම්ම්...දැන් පටන් ගමු.....

නිර්වාන් බලාගත්තු අත බලන් උන්නා....සුදුම සුදු දොට්ට අක්කා නිර්වාන්ගෙ රිපෝර්ට් එක එහා මෙහා කර කර ඉන්නකොට මං බලාගන අපේ ඇඹලයත් නිර්වාන්ගෙ පිටින් දාගන උගෙත් ඇදුම සියපාරක් හදා ගන්නවා....ඒ මූන දිහා කන්න වගේ බලාගන ඉන්නවා....තනියම හිනා වෙනවා....

සුතර්මා ....අනුකම්පා කරලා වෙන්න පුතාට සමා...!!

මං උගුර පෑදුවා....ගෙදර ඉන්න ලොකු නැන්දගෙන් සමාව ඉල්ලපු මං මීක් සද්දයක් නැති කාමරෙ අස්සෙ මගෙ ටින් බෙලෙක්කෙ හොලවන්න කලින් උගුර පෑදුවා....

" වර්ස 1989 හි උපන්.....සිංහල බොදුගොවි....උස අඩි හයයි....පපු සයිස් අගල් 45 ක්....ඉන වට අගල් 32ට නො අඩු.....මනා රූ සපුවක් හිමි......පැහැපත්...නගරයේ ප්‍රසිද්ද පාසලක සේවය කරන ..සුරා මේරයෙන් තොර, රහසින් වත් පව් නොකෙරු....පිච්ච....මල්...නෑ..නැ... ගුරු පුතුට......සුදුසු සහකාරියක්...ගෘහනියක් වූ මව සොයයි....දේපල..අනවශ්‍යයි....ආදරෙන් සහයෝගයෙන් සිටිය හැකි නම්.....මනාපයි...අමතන්න....

සුධර්මා පලිහවඩන නොම්බර දාහත.....031-2253491

චූටි....හ්හ්...!!!

මං නිර්වාන්ගෙ ඵෝන් එක දිහා බලාගන කටට එන බොරු දදා මංගල කින්කිනියට දාපු ඇඩ් එකක් විදිහට අපේ චූටියගෙ විස්තරයි ගෙදර නම්බරෙයි කියනකොට මෙච්චර වෙලාම දොට්ට අක්කට කෙල පෙරාගන උන්න චූටියා හොද සිහියට ඇවිදින් කෑ ගහනකොට මං නිර්වාන්ගෙ ලක්සගානක් වටින ඇපල අත් දෙකෙම්ම මිරිකන් පස්සට පැන්නා.....අරූගෙ මංගල කින්කිනිය නෙවෙ..මේකට මොකක් හරි උනොත් මගෙ වකුගඩු දෙකම විකුනන්න වෙයි.....

ඇ..ඇයි....

මොනවද ඔය කියවන්නෙ ලමයො...

මේ...ම්ම්ම්.....මංගල කිම්කිනි...ඇඩ්...එකක්...ආ..මේ...මෙක...මෙ...අපෙ...ලොකු නැන්දා දාලා තියෙන්නෙ....ඇයි ඔයා දන්නෙ නෑද.....?? අනේ සමාවෙන්න දොට්ට අක්කෙ....කරදරයක් උනා නම්....මං මේ අපෙ ලොකු නැන්දා දාපු ඇඩ් එක වැටිලද කියල චෙක් කෙරුවෙ ...

මොනවද සයාශ් කියවන්නෙ...අම්මා....මේ අපේ අම්මා....??ඇඩ් එකක්..දාලා....?

ඔව්....ඉතින්....අපෙ සැලා ලව්වමනෙ මේක ලියෙව්වෙ.....

ඇයි මං විතරක් බැනුම් අහන්නෙ...අරුත් අහපු දෙන්.....

මං බලාගන උන්නා.....ඇඩ් එක ගැන කියෙව්වා විතරයි අපේ එකාගෙ මූන හතරැස් වෙලා යනකොට මෙච්චර වෙලාම හිර හොරාවට ඉගි බිගි පාපු ජීවක තුමී බෙල්ලෙ තිබුන ස්ටෙත් එක අරන් අතට ගුලි කරගන අපේ චූටියා දිහා බැලුවා බැලිල්ලක්.....ආය සිහි නැති වෙන්න ඇනස්තාසියා ඕන් නෑ...ඒ බැල්මටම අපේ එකාට සිහි නැති වෙන්න ආවා.....එයා නිර්වාන්වත් නොබලා එලියට යන්න ගියා...

ති....ත්..තිනාරා....ඔහොම...ඉන්න....

දඩාස්....!!!

චූටීහ්....

වැරද්දක් උනාතෝ...මන්තා....චූටි...අයියෙ......

මං උඹව අල්ලගන්න උන්නෙ ගෙදර ගිහින් සයාශ් ...දැන් මෙතනම මම නඩුවත් ව්සදලම යන්නම්...හරි.....

චූටි අයියගෙ මූන දෙක උනා...අනේ....නිර්වාන් උඹගෙ චූචියට අද දවසම ගෞරවගෙන් බුදු සරන වෙන්න යන්නෙ නිර්වාන් ......

ඉර පායන්නත් කලින් කට ඇඹරිලා යන්න ඩෑස් කාපු මට ආයමත් ඩෑස් පිට ඩෑස් වදින්න යන්නෙ කියලා ඉවෙන් වගේ තේරුම් ගත්තු මං මාව බේරගනින් කියන්න මගෙ නිර්වාන් දිහා බැලුවා...ඒකා කිසිම ගානක් නැතුව අහන්කාර කමට බලාගන උන්නා මිසක්කා වචනයක් වත් නොකියම බලාගන ඉන්නකොට මං චූටි අයියා දිහා බලලා මගෙ ලෙලි ගිය දනහිස් අමාරුවෙන් නව නව එහා කෙරවලට දිව්වා..දුවලා බලන් උන්නා....

ආරව් සර්.....එයාව මහන්සි කරවන්න එපා...අහන දෙයක් මගෙන් අහන්න....

නිර්වාන් ....තමුන් මගෙ හොදම ගෝලයා බව ඇත්ත....නමුත්....

මෙතනට ගෝලකම් අදාල නැති නම් මමත් ආරව් සර් නොකිය කෙලිම්ම මග්ව් සයාශ් වගේ චූටි අයියෙ කියලම කියන්නම්.....ඔයා මොකක් හරි දැක්කා නම්....විද්‍යාත්මක දෙයක් කියල ගන්නත් පුලුවන් ...මොකද තුවාලයක් උනත් කෙල ගැවුනාම සුව වෙනවා...ඒ කෝනෙන් බැලුවොත් මං කෙරුවෙ එයාගෙ යටි තොලේ තිබ්බ තුවාලෙට කෙල තවරපු එක......ඔයා ඒක රොමැන්ටික් විදිහට ගත්තා නම්.....

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...ඔව්..එයාව මං කිස් කෙරුවා...ඒ විතරක් නෙවෙ..මං එයාට ආදරෙයි කියලත් කිව්වා.....

නිර්වාන් ...

ඔයා හදන්නෙ ඉගන ගන්න කාලෙ ඉගන ගන්න කියලා නම්..සමාවෙන්න...මට ඉගන ගත්තා කියලා කොහෙන්වත් ආදරේ ලැබෙන්නෙ නෑනෙ ආරව් සර්...මං සයාශ්ට ආදරෙයි ......නවත්තන්න කියන්නවත්...ගෙදර ගිහින් මගෙ කොල්ලට ගහන්නවත් හිතන්න එපා..එහෙම.උනොත්...මං නරකයි කියන්නත් එපා..මොකද ..මං එකම අවුරුද්දෙ දෙපාරක් කාටවත් දුශ්කර සේවෙට ට්‍රාන්සර් දෙන්න කැමති නෑ.....

තව දෙයක් ඔයාට අපෙ සුදුව ඕනෙ නම් කෙලිම්ම ගිහින් මූනට අහන්න...එච්චරයි ....

මාව භ්‍රමණය වෙන්න වගේ ආවා...මන් වහේ අනේ චූටි අයියෙ ගහන්න එපා..අනේ චූටි අයියෙ බයින්න එපා...ගගා අඩන්න වැලපෙන්න තියා ගත්තෙ නෑ..නිර්වාන් කෙලිම්ම මුනටම දමලා අතාරින්නා වගෙ අපේ චූටියටත් ඇඩ්‍රස් නැති වෙන්න කියනකොට මාව භ්‍රමණය වෙවී ..පරිභ්‍රමනය වෙන්න ආවා...

උඹ අද කීයට හරි ගෙදර වරෙන් චූටි....අනිකත් ඊයෙ රෑ ඉදන් තව වෙනකන් වත් ගෙදර ආවෙ නෑ...උඹලා දෙන්නව මං අද මකවනවා...වරෙන්කො අද උඹ ගෙදර මන් බලාගන්නම්...නිර්වාන් ....ගුරු ගෝල පැත්තකට දැම්මත්..මේ ඉන්නෙ මගෙ මල්ලි....

ඔව්..දන්නවා....මං.ඌට ආදරෙයි..ඌව මට ඕනා...නොදුන්නොත් මං උස්සනවා...හැබැයි එහෙම උනොත් ආරව් සර්....මං මූව ආය අම්මා අප්පච්චි හෙ ඇස්වලට දකින්නවත් බැරි වෙන්න හංගගන්නවා...සමාවෙන්න..මගෙ වචන හරි තද ඇති ..ඒත්....ඇත්ත ඒකයි....

උඹ හරි මුරන්ඩු ළමයෙක් නිර්වාන් ......

වෙන්න ඇති.....ඕනම කරන දේ නොදුන්නම....මං මුරන්ඩු උනා වෙන්න පුලුවන් සර්.....පෝසත් කම....බලපුලුවන් කාර කම..ආදරේ ඉස්සරහා නිකම්ම නිකන්.....බොල් වෙච්ච title එකක් විතරයි ...මට ඕනෙ...ආදරයක් මිසක්....සල්ලි නෙවෙ.....අවසානෙදි ..මට ඒක.හම්බුනා..කරුනාකරලා එයාව රිදවන්නවත්..මගෙන් ඈත් කරන්නවත්...අඩවන්නවත්...මගෙ අම්මා ගෙ නරක ගැන කිය කිය එයාගෙ ඔලුව කාලා මං ගැන වැරදි ප්‍රතිරූපයක් එයාගෙ හිත අස්සෙ මවන්න එපා සර්....

මොකද ...අම්මා කරපු වැරදි වලට...මං පලි නෑ...කරුනාකරලා ....සයාශ්ව මට දෙන්න...මං ඌට හරි ආදරෙයි .....

මං බලාගන උන්නා...මං හිතන්නෙ අවසානම වචන දෙක තුන ගාවදි චූටි අයියා පවා සැලැන්ඩර් උනාද මන්දා....

එයා කිව්වා..එයාගෙ අම්මගෙ වැරදි කිය කිය මගෙ ඔලුව කාලා එයාගෙ ගැන වැරදි රූපයක් මගෙ හිතේ අදින්න එපාය කියලා ...මට දුක හිතුනා...මෙච්චර වෙලාම බිත්තියෙ ඇලීගන උන්න මම අවසානෙදි නිර්වාන්ගෙ ඇද ගාවට ගිහින් චූටි අයියා බලාගන ඉද්දිම නිර්වාන්ගෙ අත මගෙ අතට පටලව ගත්තා ....

එයාට...මාව නැති කරන්න එපා චූටි අයියෙ.....මෙ ගෙවුන ටික දවසට...මං නිර්වාන් කියන්නෙ කව්ද කියන්න දශමෙන් දශමෙ ඉගන ගත්තා ...ඉස්සරහට තව ඉගන ගනීවි...ආදරේ කරන එක නෙවෙ වැරදි චූටි අයියෙ...ආදරෙ හොයනම මිනිස්සුන්ට ආදරේ නොදී ඉන්න එක.....

මං නිර්වාන්ගෙ අත තද කරගනම අල්ලන් උන්නා....අපි දෙන්නගෙ අත් දෙක දිහා බලාගනම උන්න චූටි අයියා අවසානෙදි මොකුත්ම නොකියා යන්න යනවත් එක්කම මගෙ නිර්වාන් මාව එක පාරම මාව ලගට ඇදලා අරන් තුරුලු කර ගත්තා .....

න්..නිරූ.....

උඹ කිව්වා හරි...උඹ කිව්වා හරියටම හරි .....ආදරෙ කරන එක නෙවෙ වැරදි ...ආදරේ හොයනම මිනිස්සුන්ට ආදරේ නොදී ඉන්න එක...

.මගෙ පුංචි කානේශන් මල....දන්නවද ලමයො ..මං උඹට ආදරෙයි උතුරන්න.....

නිර්වාන් ආයම මාව තුරුල් කර ගත්තා .එ විතරක් නෙවෙ .....එයා මට පුංචි කානේශන් මල කියලත් කිව්වා .....කානේශන් වල තේරුම මොකක්ද ..... ...

මං එයාගෙ උරහිස උඩ මගෙ මූන තියාගන කල්පනා කරනකොට එයා හිමින් සැරේ මගෙ පස්සට තට්ටුවක් දැම්මා වගේම මං ආයම පරන නාහට නාහන චූටියටම ඇදගත්තා ...

නිරූ ...ම්හුක්...මේ....අනෙ ....

.නෑ යවන් නෑ....

..මොකක්ද අනෙ .....අහන්නත් කලින්....එපා කියන්නෙ ....අපෙ නාට්ටි සර් මට ස්ක්‍රිප්ට් එකත් දුන්න අනෙ ...අනික මං ඒකෙ ප්‍රධාන නලුවා .....දේදුනු....දේදුනු........අනේ නිරූ....ම්හුක්....යවන්නකො.....

......

මං ඔයාට...මං පොල් ගෙඩියක් සින්දුව කියලා පෙන්නුවොත් ...im not a boy...and im not a girl ...im a කොකොනට්....හෙයි....අම්..අ..

කො..කෝනට්.....අ...අ..අ..අ..ම්..අ...ක්..ක්ක්..කොකො...ම්හුක්...තාලෙ මදිද අනේ....එහෙනම්...හැප්පි...හැප්...පී...හෑපී.......හැපි..හැපි....

යන්න...යන්න.....

අනේ..නීරූ.....යෝහ්....ම්හුක්...ආතරෙයි අනේ...ආතරෙයි..අහස තරම් නිරූ....යෝ....අගේ කරනවනෙ.....

මං උඩ පැන්නා...එයාට මගෙ කන් කරච්චලේ දරාගන්න බැරිවද කොහෙද මං හැපි කැට් පටන් ගන්නවත් එක්කම එයා මට යන්න කිව්වා ...

නිර්වාන් .....

ම්ම්ම්......

මේඅනෙ...මේ බාන්නකො....චූචි දිහා ...චුට්ටක් බාන්නකො අනෙ.....

ඵෝන් එක දිහා බලාගන මොනවදෝ ඔබ ඔබ උන්න නිර්වාන් දිහා බලපු මං එයාට මගෙ දිහා බලන්න මගෙ දිහා බලන්න කිය කිය මං එයාව කූරු ගාන්න ගත්තා එ එක්කම එයා මගෙ දිහා බැලුවා

නිරූ .... 

ම්න්...

ඔයා ආපහු ඔව්වා සෙල්ලම් කරන්න යන්න එපා නිරූ .....මට බයයිනෙ අනිත් මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන් .....අනෙ මං කැමති නෑනෙ අයියෙ චූචියා කැමති නෑනෙ....

..........

අනික...මොකාද නිරූ උඹට ගැහුවෙ ....

.........

ඇයි නිරූ....උත්තර ..නොදෙන්නෙ.....මෙච්චර ගහනකන්...ඇයි උඹ බලන් උන්නෙ...උඹට තිබුනනෙ...ගහන්න....

නිර්වාන් ...ඇයි නිර්වාන් කට පියාගන ඉන්නෙ.....

දැන් ඒක ගැන කතා කරල තේරුමක් නෑ චූටි........

කතා කරලා තේරුමක් නෑ කියන්නෙ......ඇයි....ඇයි තේරුමක් නෑ කියන්නෙ.....ඔයිට වඩා දෙයක් උනා නම්....එහෙම උනා නම්

එහෙම උනා නම් හොදයි එහෙම නොවුන එකයි දුක

දෙයියනෙ නිර්වාන් ....!!!

මං එයාව තල්ලු කරලා ඇරියා........කිව්වෙ මොනවද කියන්න හරියටම නෑහුනත්.....එයාගෙ ඩොක්ටර් අක්කා කිව්වෙම එයාට ආයම සෙල්ලම් කරන්න එපා කියන එක වෙනකොට එයා හිතේ එකයි කටෙ එකයි තියන් කතා කෙරුවා මදිවට තව බහු බූතත් කියවන්න ගත්තා ඒ ආව තරහවටම මං එයාව තල්ලු කෙරුවා ...

චූටි...

.......

උඹ මාව තල්ලු කෙරුවෙ...ආදරේ වැඩි කමටද..නැත්තන්...තරහවටද .....

තරහ යන්නෙත් ආදරේ වැඩි හින්දා නෙවෙද නිර්වාන් .....තරහවක් එන්නෙත් ආදරෙ වැඩි හින්දා නෙවෙද.....?උත්තර දීපන් නිර්වාන් ....

තරහ ගිහින්...

ඔව්...මටත් තරහ යනවා නිර්වාන් මං පිදුරු කාලා හැදුන එකෙක් නෙවෙ....

තුරුල් වෙන්න ඕනද.....?

නිර්...වාන්.....

එන්න ලගට....

මට එතනින් එහාට එයාට කෑ ගහන්න බනින්න බැරි උනා..... එයා මාව ලගට අරන් තුරුල් කරගත්තා .......මට එයාගෙන් අහන්න දේවල් හුගක් තියනවා.....මට එයාට කියන්න දේවල් හුගක් තියනවා....දොස්තර අක්කා කිව්වා ලොකු අම්මා එක්ක කතා කරන්නම් කියලා ..ඒත්...ඒ වෙලාවෙ වත් නිර්වාන්ගෙ මුනෙ වෙනසක් උනේ නෑ....

අපිට අපි වෙනුවෙන්...අපෙ ප්‍රශ්නයක් වෙනුවෙන් කවුරු හරි කෙනෙක් මැදිහත් වෙලා අමාරුම කොටස අපි වෙනුවෙන් කරලා දෙනවා කිව්වොතින් මොන තරම් සැනසීමක්ද...ඒත් එයාට....එයාට ඒ කිසිම දෙයක් දැනුන් නෑ...එයා ඔහේ උන්නා....එයාගෙ මුනෙ එවෙලෙ තිබුනෙත්..ඔයාට කරන්න පුලුවන් දෙයක් නෑ කියන්න වගේ බැල්මක් .....

නිරූ....

ම්ම්ම්...

එයා උන්නෙ මාව තුරුල් කරගන මගෙ උරහිසට එයාගෙ ඔලුව ගහගන.....වෙන වෙලාවට නම් එයා මාව අත ගානවා...චූටි චූටි හාදු තියනවා...ඒත් අද එව්වා නෑ....මං හිමීට එයාගෙ ඵෝන් එක ඇදාලා අරගත්තා ...වට්සැප් මැසේජ් එකක්...amma ...

මං මැසේජ් එක අහන්නෙ බලන්නෙ නැතුවම ඕපන් කෙරුවා ...

"උදේ අටහාමාරට මායි ඩැඩයි එනවා තමුන්ව බලන්න..කරුනාකරලා ඒ මනුස්සයගෙ හිත කඩන්නෙ නැති වචන කියන්නෙ නැතුව ඉන්නවා නිර්වාන් "

ඩැඩා.....???එයා අර පොලිස් මාමට කතා කරන්නෙ අප්පච්චි කියලනෙ....මෙතන ඩැඩා කියන්නෙ....අර ඇමතියටද...??

.නිරූ...

ම්න්....

චූචි....මැසේජ් එක කියෙව්වනෙ නිරූ.....

ම්ම්ම්...

එයා මාව ඈත් කෙරුවා ..ඈත් කරලා මගෙ අතේ තිබුන ඵෝන් එක අතට අරගත්තා ....

සයාශ් .....දන්නවද...සමහර විට...මං අහම්බෙන් හිටපු එකෙක් වෙන්න ඇති...මොකුත් කරගන්න වත් බැරිව යන්න ඇති ..ඇබෝශන් කරන්නත් කල් වැඩි ඇති....හැබැයි.....ඇමතියා මට කැමති වෙන්න ඇති....හැබැයි ඇමතියා විතරක් .....අම්මා කැමති උනා නම්...මට එයා අම්මා කෙනෙක් වෙනවනෙ සයාශ් ..ඒත් එහෙම බැදීමක් අපි දෙන්නා ගාව නෑ.....ඒත්....,

ඇමතියට ලන් වෙන්න....අම්මා මාව පස්සෙ කාලෙකදි පාවිච්චි කරන්න පටන් ගන්න ඇති....

මං තනිකරම බිලි කොකුවක අමුනපු ඇමක් සයාශ් ....

එහෙම කියන්න එපා නිර්වාන් ....ඇයි ඔහොම කතා කරන්නෙ.....ඔයාට කවුරුත් නෑ කියලා හිතන්න එපා....අප්පච්චි ඉන්නවා...ඔයාගෙ චූටියා ඉන්නව...අපි කවුරුත් ඔයාව පාවිච්චි කරන්නෙ නෑනෙ නිර්වාන් ......

අප්පච්චි ...?එයා ඉන්නවද සයාශ් ....?

එයාගෙ මූන මැලවුනා...එයා මගෙම්ම ඇහුවා අප්පච්චි ඉන්නවද කියලා .....හැබැයි එයාට වත්...මටවත් එතනින් එහාට උත්තර දෙන්න බැරි උනා.....මොකද...අපි දෙන්නටත් හොරාවට අටේ කනිසම උඩ ඔරලෝසු කටු නැවතිලා තියනකොට ඇරුන දොරෙන් සල්ලි කාර පර්ෆියුම් සුවදක් නහයට දැනුනා....

නිර්වාන් ...

මන්ත්‍රී නෝනයි ඇමතියයි...

මම ඉදගන උන්න ඇදෙන් බිමට පැන්නා...නිර්වාන් උන්නෙත් ශර්ට් එකෙ බොත්තම් ඇරගන....ඊයෙ රෝසපාට වෙලා ඉලිප්පිලා තිබුන පාරවල් දැන් දැන් දම්පාට නිල් පාට වේගන ඇවිත් තිබුනා.......

නිර්වාන් කොහොමද ඔයාට....

ඔයාට පේනවනෙ මට හොදයිද නරකද කියලා ...

නිර්වාන් ....මං තමුන්ට මොනවද කිව්වෙ?මං එන්න කලින් තමුන්ට මොනවද නිර්වාන් කියල එව්වෙ....ඩැඩා ආවෙ තමුන්ව බලන්න තියන මීටින් ඔක්කොම කැන්සල් කරන් ආවෙ උඹව බලන්න නැතුව උඹගෙ අහංකාර කතා අහන්න නෙවෙ....

අනෝමා දැන් ඔය ඇති....නිර්වාන් ...අම්ම කියන දේවල් ගනන් ගන්න එපා.....ඩැඩා ආවෙ ඔයාව බලන්න....

ඩැඩා.....??ඩැඩා....ඇමති තුමා....මට ඉන්නෙ අප්පච්චි කෙනෙක් මිසක්...ඩැඩෙක් නෙවෙ...අනික.....මං දෙයක් අහන්නම් ඇමති තුමා...පිච්චියකට වත් ගනන් නොගන්න මගෙ පස්සෙ පන්නන වෙලේ...තමුන්ව හොය හොය තමුන්ව ඉල්ලන තමුන්ගෙ අර කසාද ගෑනියි තමුන්ගෙ දරුවයි ගැන බැලුවා නම් නරකද මෙතන මේ හොර ගෑනු පස්සෙ යන වෙලේ?

නිර්වාන් !! කට පියවපන්...උඹ ඔය කාටද කතා කරන්නෙ....ආ..කාටද කතා කරන්නෙ....

කතා කරන්නෙද....කතා කරන්නෙ...ගෑනිවයි ලමයවයි අඩව අඩව හොර ගෑනියෙක් පස්සෙ යන අවලමෙක්ට....උඹට කන ඇහුනද...ආ...මං කතා කරන්නෙ....ගෑනියි දරුවයි අනාත කරලා අනුන්ගෙ ගෑනු පස්සෙ යන අනුන්ගෙ ළමයි පස්සෙ යන නිකමෙක්ට.....

මගෙ දෙවියනෙ...නිර්වාන් .....

මාව රත් උනා.....ඇමතියා නම් පුරුදු විදිහටම මගෙ නිර්වාන් වගේ ඇස් හීනි කරන් බලන් ඉන්නකොට මන්ත්‍රී නෝනා නම් නිර්වාන්ව කන්න හැදුවා .....

පව්.....අනෙ ඇත්තටම මගෙ නිර්වාන් පව් දෙයියනෙ...

චූටි....දවසක මේ ලෝකෙ ඉන්න නපුරුම කෙනා උනොත්.....කියලා අහපු නිර්වාන්ට ඒ ඉරනම අත් කරන්න හදන මේ අම්මන්ඩි දැක්කම මට දැනෙන කේන්තිය ගැන කතා කරන්න වචන නැති උනත් මං දත් මිටි කාගන බලාගන ඉදලා නිර්වාන්ගෙ ඇදුම හැදුවා ...

නිරූ.....එපා නිරූ කෑ ගහන්න....මෝඩයන්ට මොලේ දෙන්න බෑ නිරූ.....

ඔයා මෙතනින් යන්න...

නිරූ.....

මට තව තව කට පියන් ඉන්න බැරි වෙයි චූටි....මං හින්දා මේ ඇස්වල කදුලු තිබුනොත් ඒකත් මට දරන්න බැරි වෙයි සයාශ් ...

මං එයාට තරහා ගන්න එපා කිය කිය මිමිනුවා .....එයා කෙරුවෙත් ඇමතියා වගේම මන්ත්‍රී ගෑනි දිහා බල බල මට හොරෙන් මුමුනපු එක වෙනකොට එයාව තනිකරන්න හිත හදා ගන්න අමාරු මං බලාගන උන්නා.....

නිර්වාන් .....ඩැඩා තමුන්ට හොද කෝච් කෙනෙක් ගෙන්නුවා .

..

එයාට තවත් සෙල්ලම් කරන්න එපා කිව්වා ...එයාට තව දුරටත් සෙල්ලම් කරන්න හොද නෑ කිව්වා ....ඇහුනද ඔය දෙන්නටම??නිර්වාන්ට තව දුරටත් ඔය විකාර වැඩ කරන්න හොද නෑ කිව්වා....

මං දන්නෙ නෑ මම ඒ වචන කිව්වද නැත්තන් මගෙ ඇගට වෙන මොකෙක් හරි වැහිලා මං ලව්වා ඒක කියෙව්වද කියන්න මං නිර්වාන්ගෙ මැනික් කටුවෙන් අල්ලන් අර ගෑනියි මිනිහයි දිහා බලාගන කියෙව්වා ....

ඇරත්...මෙච්චර අමාරුවෙන් ඉන්න මේ කොල්ලා දිහා බලලා පුතෙ උඹට කොහොමද කියලා නාහන අම්මෙක් මං දැක්කමයි.....රැයක් ගෙවුනා ....රැයක් ගෙවිලා ගියා...නිකමට මේ ඵෝන් එකට අම්මගෙන් කියලා පුතේ උඹ කෑවද.....උඹට රිදෙනවද....අම්මා උඹව ඉක්මනට බලන්න එන්නම් කියන්න බැරි උන අම්මෙක් උඹ...එහෙව් උඹ මොනවද එවලා තියෙන්නෙ.....අරක කරපන් මේක කරපන්...අර මිනිහා එයි මේ මිනිහා එයි කියලා ...මගෙ අම්මා අප්පච්චි මෙතන උන්නා නම් පපුව පැලිලා මැරිලා යාවි....ඒ මිනිස්සුන්ගෙ ඇස් ගෙවෙනකන් ඉස්පිරිතාලෙ කොරිඩෝව්‍ර් ලැගන් ඉදීවි.....මොන ජාතියෙ අම්මෙක්ද උඹ...මොන ජාතියෙ අප්පෙක්ද උඹ....

ඇත්ත...නිර්වාන් කියපු කතාව සීයට දාහක් ඇත්ත....උඹලා කරන්නෙ මූව පාවිච්චි කරන එක.....අම්මෙක් උනත් උඹ කරන්නෙ මේ මිනිහා හන්දා නිර්වාන්ව පාවිච්චි කරන එක.....ලැජ්ජයි....ඇත්තටම ලැජ්ජයි.....උඹලා මහ ලැජ්ජාවක් නැති දෙමව්පියො....ඇමති තුමා...ගෑනි දරුවො දාලා යන්න උඹ සිදුහත් කියලා .....?

නිර්වාන් ...මේ කව්ද මේ.....මොනවද මේ කොල්ලා කියවන්නෙ.....ආ....මොකාද කියපන් මේ..??...

මට තරහා ගියා...මෙච්චර දේවල් වෙලා තියනකොටත් මෙච්චර හරියක් වෙලා තියනකොටත් ගානක් වත් නැතුව හැසිරෙන අම්මන්ඩිගෙ වචන එක්ක මට තරහා ගියා...මං බැන්නා....අත පය එහාමෙහා කර කර බැන්නා මගෙ නිර්වාන් නෙවෙ ඇති චූටි කියලවත් කිව්වෙ...මගෙ නිර්වාන් නෙවෙ ඕක නවත්තපන් චූටි කියලවත් කිව්වෙ ....

මම මොකාද ....මම මොකාද කියලාද දැනගන්න ඕනෙ.....??ඊයෙ රෑ ඉදන් තමුන්ගෙ පුතා ගාව තනි රැකපු එකම එකා මමයි...මම නොහොටිය නම් අද් උදේ තමුන්ගෙ ගෙදර සුදු කොඩි තමයි මන්ත්‍රී නෝනා....මං දැන් පිට පිට දෙපාරක්ම තමුන්ගෙ මව් සෙනෙහස පිටාර ගලන හැටි දැක්කනෙ...

නිර්වාන් ......

ඇත්ත ....එයා කියන්නෙ ඇත්ත ..මූ හිටියෙ නැතිනම් ඔය ඩැඩා ඩැඩා ගාන් එන උන්ටයි....තමුන්ටයි වෙන්නෙ පැත්තකට වෙලා කොඩි වැල් අදින්න ඉටි කොල කපන්න....උඹලා කරන්නෙ මාව පාවිච්චි කරන එක....උඹලා දෙන්නම කරන්නෙ මාව පාවිච්චි කරන එක...ඩැඩා ඩැඩා ගාන් එන මෙ මිනිහා මට විතරක් ආදරේ කරන්න දගලන වෙලෙ කසාද ගෑනිගෙ දරුවටත් ආදරේ කෙරුවා නම්...ඒ ගෑනිටත් ආදරේ කෙරුවා නම් ඉවරනෙ....ආ.....උඹලගෙ ප්‍රශ්න වලට මමයි විදවන්නෙ...උඹලා කරපු දේවල් වලට මටයි රිදෙන්නෙ....එක්කො උඹලා ඩිවෝර්ස් වෙයල්ලා අඩේ..ඒක සැපයි...උඹලට ඔය තරම් එකට ඉන්න ඕනා නම් අහු මුලු ගානෙ නොයා කසාද බැදපල්ලා...අර ගෑනි දරුවට ඒක වත් සැනසීමක් වෙයි...මටත් මේ මල කරුමෙන් ගැලවෙන්න පුලුවන් වෙයි....පින් සිද්ද වෙයි.....මට ඕන අම්මෙකුත් නෑ..මට ඕන ඩැඩෙකුත් නෑ....බොරු බැදීම් බොරු ආදරෙ පෙන්න පෙන්න මාව පාවිච්චි කරන එක නවත්තපල්ලා...උඹලා කරන්නෙ මාව ඉත්තෙක් කරන් ඉන්න එක.....

මං බලාගන උන්නා නිර්වාන්ගෙ ඇස්වලට කදුලු පිරෙන්න ගත්තා ...අනේ මං අඩනවා වගේ නෙවෙ...ඒ ඇස්වලට කදුලු පිරෙනකොට මට බලන් ඉන්න බැරි තරමට පපුව ඇදුම් කනවා....ඇමතියා නෙවෙ මේ වෙනකන් වචනයක් කතා කෙරුවෙ ....මන්ත්‍රී ගෑනි කෙරුවෙ කතා නොකරපු ඇමතියගෙ අඩුවත් අල්ලා කතා කරපු එක වෙනකොට මම අත් මිටමොලවන් බලාගන උන්නා...

උඹගෙ ඔය කෑ ගැහිල්ලයි බොරු කියවිල්ලයි නවත්තපන් නිර්වාන් ....අවුරුදු දහයක් තිස්සෙ උඹට වියදම් කරලා කරලා උඹට හොදම දේවල් දීලා මේ තැනට ගෙනාවෙ අන්තීම මොහොතෙ කා ගන්නද.....?? උඹට සැප වැඩියි උඹට සැප වැඩීයි...ඒකයි...උඹගෙන් මහ ලොකුදේවල් ඉල්ලුවෙ නෑ....ඩැඩා කිව්වෙ උඹට කොහොම හරි නැශනල් ටීම් යන්න කියලා ....

මං ගියා නොගියා උනත්....එයාගෙ අනිට් පුතා ඒ තැනට ගිහින් ඉවරනෙ...ඉතින් නොගියපු මං ගැන නහින වෙලේ අනිත් පුතා ගැන බැලුවා නම් ඉවරනෙ..අනික අම්මා කවදා හරි ඒ කොල්ලගෙත් කුඩම්මනෙ නෙ.....

නිර්වාන් ...මට ඕනෙ...තමුන් ඒ තැන ඉන්නවා දකින්න මිසක්...සංජන ඉන්නවා දකින්න නෙවෙ.....මට ඕනෙ....මට යන්න ඕනා උන තැනට උඹ යනවා දකින්න මිසක්.....සංජන යන දිහා බලන්න නෙවෙ...

මං බලාගන උනා...මගෙ නිර්වාන් දත් මිටි කාගන කියවනකොට අවසානෙදි මෙච්චර වෙලාම රවාගන උන්න ඇමතියා නිර්වාන් ගාවට කිට්ටු උනා...

සංජන...සංජන.......මොකාද මේ සංජන....ඒකගෙ මුනුවර මොක උනත්....සංජන කියන්නෙ..ඇමතියගෙ අනිත් පුතා........

ඇමති තුමා.....තමුන් මේ කරන දේ බොහෝම වැරදි.....තමුන් නොදන්නවා උනාට...ඒ කොල්ලා තමුන්ගෙ ආදරෙන් එක බින්දුවක් ලබා ගන්න නොවිදිනා දුකක් නෑ ඇමති තුමා....ඌ සාදාරනයි...ඌට මාව මරන්න හිතෙන එක සාදාරනයි......ඌ උඹට වෛර කරන එක.....අම්මට වෛර කරන එක සර්ව සාධාරනයි ඇමති තුමා

.....තමුන් හදන්නෙ....තමුන්ගෙ රූපෙ අරන් ඉපදුන මාව තමුන්ගෙ හීන වෙනුවෙන් මරවන්න නම්.....මං.එතැනට ගියෝතින්...මුලිම්ම අතේ හිරි ඇරගන්නෙ මං උඹ ලව්වා ඇමති තුමා.....ඒක නිසා...කරුනාකරලා ...මං ලව්වා...උඹගෙ හීන බලන්න හදන එක නවත්තපන්...මොකද ....

කූඩු කරාපු සිංහයෙක්....ඌට අවුරුදු ගානක් කන්න දාපු මිනිහව කොයි තරම් ඇදිනුවත්....එක දවසක් බඩගින්න

ඉන්දෙව්වොතින්...මුලිම්ම කාලා දාන්නෙ බලාගත්තු මිනිහවමයි.....ඌට අදාල නෑ....ඌට අදාලම නෑ.....මොකද ...ඌ ඉන්නෙ තරහවෙන් ...මාත් එහෙමයි....උඹලා මට කෝටි ගානක් වියදම් කෙරුවා උනත්....මගෙත් ඉවසීම අන්තෙටම පැන්න දාකට.....මාත් තරහව පිරිමහන්නෙ උඹලගෙන්මයි....

කරුනාකරලා ...නිකන් ඉන්න මාව..කූඩු කරාපු සිංහයෙක් නොකරන තාක් කල්...මටත් ජීවත් වෙන්න ලේසියි.....තමුන්ලටත් ජීවත් වෙන්න ලේසියි....

මගෙ හීනෙ මේක නෙවෙ...ඒක නිසා....තමුන්‍ට අදාල දේ...අනිත් පුතා ලව්වා කරගන්න බලනවා....ඇමති තුමා..මොකද ..සර්කස් නටන්න හැම සිංහයම කැමති නෑ...

නිර්වාන් .....උඹට මම කලිනුත් කිව්වා.....උඹට මං එන්න කලිනුත්.කිව්වා....මේ හැම දේම කරන්නෙ උඹ වෙනුවෙන් කියලා ....

ඔයාලා මං වෙනුවෙන් කරාපු දෙයක් නෑ අම්මා.....තමුන් කොච්චර කියෙව්වා උනත් දැන් මට දැනෙන්නෙ නෑ.....එකම තුවාලෙකට සිය පාරක් විතර බෙහෙත් දැම්මත් තේරුමක් නෑ...ඒ තුවාලෙම දහස් වාරයක් පාරවලා.....මාව පාවිච්චි කරන බව දැන දැන...මං වෙනුවෙන් කරන්නෙ ගගා බොරුවට කෑ නොගහා ඉන්න මොකද ....මට තව දුරටත් සෙල්ලම් කරන්න බෑ...

ඒ ඇයි.....??ඒ ඇයි කියපන් .....අවුරුදු ගානක් ඩැඩා උඹ වෙනුවෙන් වියදම් කරාපු...

දඩාස්!!

මං එලියට ආවා...ළඟ තිබුන පුටුවට පයින් ඇනපු මං අකලෙට වයසට ගියාපු මිනිස්සු කියන මෝඩ කතා අහන්න බැරිවම මං දොරත් දඩාස් ගාන සද්දෙන් වහගන එලියට අවා...

අච්චර කියලත් තේරුම් ගන්නෙ නෑ...අච්චර කියලත් තේරුම් ගන්නෙ නෑ...

මෙතන ශෙනිරු උන්නා නම්..මෙතන ශෙනිරු උන්නා නම්...අනේ....ඌ උන්නා නම් මගෙ නිර්වාන්ට උදව් කරයි...මට කතා කරන්න පුලුවන් සීමාව තවම හරි පටුයි ....අතේ ඵෝන් එකක් වත් නෑ....

දොස්තර අක්කට කිව්වොත්...

අනෙ එයා කිව්වනෙ කතා කරන්නම් කියලා ...

නිර්වාන් ...අනෙ උඹ ඔතනින් පලයන් අයියෙ .....

දොරවහන් එලියට ආව මං කොරිඩෝවෙ එහා මෙහා යන ගමන් මගෙ ඔලුව කැසුවා ...තරහවටම ලග පාත තිබුන ඒවටත් පයින් ඇන්නා...

ඒඇස් වල තියන දුක මුන්ට තේරුම් ගන්න බෑ...

කාලකන්නි...

සංසාර කරුම දෙමව්පියො විදිහට එනවා කියන්නෙ මේවට තමයි....

මං නොම්මර 16 කාමරේ දිහා බලාගන උන්නා.....ඒ කාමරෙ ඇතුලෙන් කෑ කෝ ගහන සද්දෙ එලියටත් ඇහෙනකොට 17වෙනි කාමරේ බාගෙට ඇරුන දොරෙන් කකුලක් වෙලා ගත්තු කෙනෙක් හරි අමාරුවෙන් ඇවිදින හැටි මං අහම්බෙන් වගේ දැක්කා......

නිර්වාන් ...කටවහපන් !

මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා ....

මනුස්ස රූපෙන් ආව යකින්නක් මගෙ නිර්වාන්ට කෑ ගහනකොට මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා ඒ එක්කම දාහතෙ කාමරෙ ඇතුලෙ අමාරුවෙන් ඇවිදපු කොල්ලව මන් බලාගන ඉන්නකොටම මූනින් අතට වැටුනා ....

ආ....අහ්..ව්....අම්....මා....

ඔයා...හොදින්ද ....පොඩ්ඩක් ඉන්න මං ...උදව් කරන්නම්....ඔහොම ඉන්න ඔහොම ඉන්න ඔයාට තනියෙන් බෑ.....මාව අල්ලගන්න....අත් දෙකෙම්ම...

ඔ..ඔයාට....බෑ....ත...නියෙන්...

මට පුලුවන් ....පන්ඩිත් නොවී....මගෙ උරහිස් වලින් අල්ල ගන්න.....

මගෙ දෙයියනේ.....!!

ඇහිලි බැලිලි නෑ...මං දාහතේ කාමරේට දිව්වා .....ඈතට පෙනුනෙ කකුලක් විතරක් වෙලලා තිබුන හැටි උනත් ලගට ගියපු මට කොල්ලව දැකලා හීල්ලුනා....බිම බලාගන උන්න කොල්ල මගෙ උරහිස්වල එල්ලෙන්න මගෙ දිහා බැලුවා විතරයි මාව කරකවලා අතෑරියා වගේ උනා...ඒ මූන නිල් වෙලා නාස් කුහර ඇතුලට පුලුන් හිරකරලා තිබුනත් ඒ පුලුන් ලේ රතු පාට වෙලා තිබුනා...

ඔහොම....ඉන්න....දැන්...හිමින් ඉදගන්න.....ඔයාව බලන්න කවුරුත් ආවෙ නැද්ද ....

මගෙ උරහිස් වලට බර දීලා නැගිටගත්තු කොල්ලා මලකදක් ගානට ඇදට වැටෙනකොට මං එයාගෙන් කවුරුත් ආවෙ නැද්ද ඇහුවා .....ඒඇස් තවත් රතු උනා.....

ඒ එක්කම එයා මොනවාදො හරි අමාරුවෙන් මිමිනුවා .....

බලන්න...ආවට...ළඟ....ඉන්න....තරම්

වෙලාවක් ...නැහැ....කිව්වා....

😩ආය එන්නෙ නෑ...මට බෑ...

😂....

ආයම එනකන් පුතුකිලා ටික පයිස්සමින් ඉන්න අයියෝ....

ආතරෙයි .....පුත්තලමෙ වැවෙන ගෝවා තරමට....

චුක් චුක්..චුක්...😘😘😘

මම

ජොබී....

Nedeesha !

More Chapters