Niru pov..
ඩ්‍ර්.....ර්....
තවත් මැසෙජ් එකක්....
වෙලාව පාන්දර පහ පහු උනා විතරයි වම් අතෙන් ආව කැක්කුමත් එක්ක රෑ එලිවෙනකම්ම වේදනා විදපු මම මගෙ චූටි ගියායින් පස්සෙ අතට වත් ගත්තු නැති ඵෝන් එක අතර ගත්තා ....
වට්සැප් මැසෙජ් බර ගානක්...මැසෙන්ජර් එකෙ මැසෙජ් බර ගානක්....ඒ ඔක්කොම ඇවිත් තිබුනෙ එකම කෙනෙක්ගෙන්....
වෙනකාගෙවත් නෙවෙ සයාශ්ගෙන්......මට බැරි උනා එයාට ඊයෙ එක මැසේජ් එකක් වත් දාන්න...මං උන්නෙ පුදුමාකාර වෙදනාවකින්...ගැහුවෙ සංජන උනත් ඔය අත සෑහෙන කාලෙක ඉදන් ඇදිලා තිබුන අතක් වෙනකොට එයා ඌ මාව තල්ලු කරපු පාරවල් වලට බිත්තියට ගහපු පාරවල් වලට විතරක් නෙවෙ කොසු මිටෙන් ගහපු පාරවල් වලට අලු අස්සෙ හැංහුන ගිනි පුපුරු ආපහු එලි බැස්සා ...
මං ඵෝන් එක අතට අරගත්තා ..කකුල එල්ලන් ඉන්න සංජනට නින්ද ගිහින් එක අතක් කඩාවැටෙනවා....මං ඌ දිහා බලාහන උන්න...රැයෙන් බාගයක්ම බැල්කනියට වෙලා ඉදන් මමා...කෑවද ...ඔයා හොදින් නේද මමා ඩ්‍රින්ක්ස් ගන්න එපා මමා ප්‍රවේසමෙන් ගගා සිය පාරක් කියවපු සංජනගෙ කටට සැනසීමක් හම්බ්වෙලා තිබුනා ....
මං හිතන්නෙ එයාට අම්මා අඩුම ගානෙ පැය දෙකක්...තුනක් වත් කතා කෙරුවා ....වචන සීයක් කතා කෙරුවොත් එතනින් අනූ නවයක්ම මමා මමා මමා.....එයා අම්මට හුගක් ආදරෙයි වගෙ.....
එක අතකින් බලනකොට සංජන එක දශමෙක්න් හරි වාසනාවන්තයි ද කියලා හිතෙනවා ....මොකද ....එයාට අම්ම හරි ඉතිරියි...දැන් මට අම්මා අප්පච්චි කවුරුත් නෑ...අම්ම කියන චරිතෙ මගෙ හිතෙ මගෙ ජීවිතෙ කොහොමත් උන්නෙ නෑ...අම්මා අප්පා දෙන්නගෙම අඩුව පුරවපු අප්පච්චි දැන් ටික ටික මාව මග අරිනවා .....වෙනදට ආදරෙන් කතා කරපු එකම එක වචනයක් ගානෙ පවා දැන් දැන් අප්පච්චි මග අරිනවා..කොටිම්ම එයා මේවෙනකන් මාව බලන්නවත් ....උඹට කොහොමද කියලා අහන්නෙ නැතිව ඉන්න තරමටම අප්පච්චි හිත ගලක් වෙලා තිබුනා .....
අවසානෙදි සංජන කියන්නෙයි නිර්වාන් කියන්නෙයි දෙන්නම එකම තැනට වැටුන උන් දෙන්නෙක් වෙලා තියෙද්දි මං ඇද විට්ටමට ඔලුව ගහන් නිදාගන උන්න සංජන දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි සයාශ්ගෙ මැසේජ් ටික ඕපන් කෙරුවා ...
මේ ළමයා....
මගෙ ඇස් දෙක ලොකු උනා.....මැසේජ් පනහකට වැඩී....එයාව අරගන පැනලා යන්නත් කියලා .....
"මෙ ගෙදර මිනිස්සු මට හරියට වෙනස් කම් කරනවා නිරූ...."
" නීරූ....චූචියට ගැහුවනෙ...."
"ම්හුක්...නිරූ...හ්...චූචිට පාලුයිනෙ..."
"නිරූ...චූචි කන්න යන්නෙ...."
" නිරූ....ඇයි නිරූ උඹට බැරි මට මැසේජ් එකක් වත් දාන්න..."
"උඹ මට මෙහෙම කරන්නෙ ඇයි නිර්වාන් ...උඹට මාව මතක නෑ....ඔන්ලයිනුත් නෑ...වෙලහට කොහෙ හරි යන ඇම්බැක්කියෙක් වත් ආවද උඹව බලන්න...."
" ආ...ආ..ආ..හරිම අගෙයි...හරිම අගෙයි නිර්වාන් ...උඹගෙ ආල අඩව්ව නම්...හරිම අගෙයි...පන කඩාගන ආදරේ කරන මටනෙ මේ මෙසේ කරන්නෙ...හරිම අගෙයි..බොහොම සතුටුයි...මාගෙ හදුන් පොත පස්වනක් ප්‍රීතියෙන් පොපියනවා නිර්වාන් .......ප්‍රීතී....ප්‍රීතී"
" නිර්වාන් ..ඇත්තමයි.....උඹ මට රිප්ලයි නොකලොත් මං උඹත් එක්ක් තියන ගනු දෙනු ඔක්කොම අද ඉදන් නවත්තනවා..ආ...."
මට හුස්මක් පිට උනා...මට බැනලා බැනලා මැසේජ් කෝටියයි......නොකරපු වැරදි පවා කියලා ....
උඩ ඉදන් කියවන් ආව මැසේජ් ටික දිහා බලන් උන්න මම හිමින් හිමින් අනිත් මැසේජුත් කියවන්න ගත්තා ...ඔක්කොම එයාම.හිතින් මවාගත්තු රන්ඩු...එයාම බැනලා..එයාම සමාව අරන්....එයාම තරහා වෙලා එයාම යාලුත් වෙලා....දාලා යනවා කියලා ඒ තත්පරෙන් අද ඉදන් අපිහොදින් ජීවත් වෙමු කියලා මහ විකාර මැසේජ් ගොඩක් එක්ක එෆ් බී එකෙන් හොයාගත්තු අනිත් උන්ට හිනා ගියත් මට හිනා නොයන මහ විකාර පින්තූර තොගේකුත් එවලා....
" කතා කරපන් නිර්වාන්..කතා කරපන්....මං උඹව අද බාවනවා...."

"ඇයි නිර්වාන් උඹ මාව මගාරින්නෙ.....උඹට ලාදුරු නෑනෙ...ඇස් පිට්ට නෑනෙ නේද....ඕක බලපන්කො නිර්වාන් .....දෑස පලාගන කදුලැලි ආවා.....මට නුඹ විතරයි ඕනා....."

" සුතූ........."

මේ කොල්ලට මොකක්ද වෙලා තියෙන්නෙ...ඊටත් අර මැසේජ් වල අකුරුත් වැරදි...මගෙන් අහලා පිට්ටද කියලා ...පොට්ට එකට.....
මං ඇස් දෙක හීනි කරගත්තා .....මහ විකාර ස්ටිකරුත් එවලා....මොනවා උනත් කමක් නෑ කියලා මං එතනින් ඒ විකාර ස්ටිකර් වලින් දෙකතුනක් සේව් කරගත්තා ....අවසානෙදි ඒ ඔක්කොම එයානෙ එව්වෙ කියලා හිතලා ඒ ඔක්කොම සේව් කරන් යටට යටට යනකොට ඇත්තටම මේ සයාශ්ට පිස්සුද කියලත් හිතුනා....
මේ කොල්ලට තියෙන්නෙ මහ විකාර හුරතලයක්...
මගෙ ලමයට පිස්සු....සහලවලම....
මෙච්චර වෙලාම විකාර ස්ටිකර් බල බල උන්න මට තවත් ටිකක් පහලට යනව එක්කම කෑ ගැස්සෙන්න ආවා....මං ඉක්මනට මගෙ අතින් කට තද කරගන වහන් හුස්මත් හිරකරගත්තා ....
දෙවියනේ මේ කොල්ලා...මට මෙහෙම නම් අර අනිකා කොහොම....ලොකු නිවුන්නට මූට වඩා පිස්සුද කොහෙද ...නැත්තන් හොදට උන්න ශෙනිරුවත් දවසින් දවස විකාරයෙක් වෙන්නෙ නෑනෙ......
මං අහක බලාගත්තා ...මොකද කලාතුරකින් හිනා වෙන මට මෙතන තිබුන චූටිගෙ මුන දැකලා මැරෙන්න තරම් හිනා යන්න ආවා..කැතයි...මේ කොල්ලා එතන හෙන කැතයි..ඒත් මහ විහිලු සහගතයි....මට හිනා ගියෝතින් මගෙ හතුරු සහෝදරයට ඇහැරෙන්න ඉඩ තියනව...ඌඇහැරුනා කියන්නෙ ඌට අනිවාර්යයෙන්ම චූ බරක් එනවා...එතනි එහාට වෙන්නෙ මට ඌව එක්කන් යන්න වෙන එක....මට බෑ සංජන....ඉස්පිරිතාලෙ ඉන්න එක හරි...ඒත් උඹයි මමයි තරහයි...
මම අහක බලාගනම උන්නා..කොච්චර උනත් එයාගෙ චැට් එක දිහා බලන්නෙ නැතුව හිතුව උනත් මට මගෙ හිත පාලනෙ කරගන්නම බැරි වෙනකොට මං "m.lamaya❤" කියලා එයා මාරු කරපු චැට් එකට ආයම ඇහැ දැම්මා මගෙ මූනත් එක්ක මොකක්ද වෙලා ගියා...
"නිර්වාන්..මං තනකොල පෙත්තෙක් wtto.."

"මං දැන් වදුරෙක් whtto..."

නිර්වාන් ..මේ.....නොම්බර දාහත සලුපොට අහසට.......!!!!

මේ ලමයට නම් පිස්සු හොදටම...එතන තිබුනෙම මහ විකාර මැසේජ් .....මට බැනලා බැනලා අවසානෙදි සම්බන්දෙ තුන් හතර පාරක්ම නවත්තලත් තිබුනා...හැබැයි උඩදි උඹව මට එපා නිර්වාන් කියපු එයාම අවසානෙදි ආයම මට ඔයා නැතුව බෑනෙ මගෙ නිරූ කියලා තිබ්බා....
මට කනකොනකින් හිනාවක් මතු උනා...උඹට ඕන ඕන වෙලාවට මේක නවත්තන්න ඕනා නම් ඉතින්....එක්කො උඹ මැරෙන්න ඕනා....එක්කො මං මැරෙන්න ඕනා....ඒකත් ඉතින් උඹට මැරෙනවා නම් මැරෙන්න වෙන්නෙ මගෙ අත් වලින් මිසක් වෙන විදිහකිනුත් නෙවෙ ලමයො...තේරුනාද.....මොකද ...දැන් මට කියලා ඉතුරු එකම එකා උඹ විතරයි සයාශ් ....මෙච්චර කල් පන දෙන්න වගේ උන්න අප්පච්චි පවා වෙනස් උනා .....එහෙම එකේ....මට ඉතුරු එකම එකා උඹ විතරක් වෙනකොට ...උඹට මොකක් හරි උනොත් හරි....උඹ මොකක් හරි ගොන් වැඩක් කරගත්තොත් හරි...මං.මරාගන මැරෙනවා සයාශ් ......
මං එයාගෙ ප්‍රොෆයිල් පික් එක එක පාරක් ටච් කෙරුවා....

හුරතල් මූනක්.....පුදුම විදිහට නිවුන මූනක්......අමු බොරුව මුගෙ....
නිවුන්නු උනාට මොකද අරූට තියෙන්නෙ ශෙනිරුවා කියන්නත් වගේ මහ පෙට්ටි කටක්..මූට තියෙන්නෙ කුඩික්කි කටක්.....කටවල් දෙක මොන ජාතියෙ උනත් පෙට්ටි කටයි මේ කුඩික්කි කටයි ඇරියම පුදුම හිසරදයක් තියෙන්නෙ.....
මෙච්චර වෙලාම එයාගෙ ප්‍රොෆයිල් එක දිහා බලාගන උන්න මං අවසානෙදි ලග නැති සයාශ් ගෙ මූන මගෙ මහපට ඇගිල්ලෙන් හිමින් සැරේ අත ගෑවා.....
"මගෙ.."
පාන්දර එකයි විස්සයි...
ඕෆ් ලයින් ගිහින් තියෙන්නෙ එකයි විස්සට...මං එහෙම්ම එයාගෙ අවසානම බහුබූත මැසේජ් එකේ වෙලාව බැලුවා...
එකයි දහ අටට...මට අවසානම මැසේජ් එක දාලා තියෙන්නෙ එකයි දහ අටට නම්...ඉතුරු විනාඩි දෙක කා එක්කද මූ මැසෙජ් කරල තියෙන්නෙ.......
මගෙ ඇස් දෙක මටත් නොදැනි හීනි උනා..එක ඇහිබැමක් උඩ යනකොට මම සංජන දිහා බැලුවා...මොකද මට සැක එකම එකයි.....වෙන කවුරුත් නෙවෙ....අර සෙවලයා....ශාක්‍ය කියන එකා....මේකා වහ වැටීගන ඉන්නෙ ඕකට...ඒත් මූ මගෙ කන්ටෑක්ස් වල නෑ.......
ම්ම්ම්..හරි...උඹ වරෙන්කො මං උඹගෙ අවසානම මැසේජ් එක මටද නැත්තන් වෙන උන්ට වගේ උඹටත් ඩේටා ඔන් එකේ තියෙද්දි නින්ද ගියාද කියලා මං හොයාගන ඇහේ ඉදන් උඹව පට්ට ගහන්නම්....
යටි තොලත් එක පැත්තකින් හපාගන උන්න මං සයාශ් අවසානෙට දාලා තිබ්බ මැසේජ් එක බැලුවා...බල්ලෙක් හොරෙන් බලන් ඉන්න එකක්...

" නිර්වාන් ..අහල තියනවද බල්ලොත් එක්ක නිදියෑවම බලු මැක්කො එක්කයි නැගිටින්න වෙන්නෙ කියලා .. ..ඒ ඉස්සර අබේසේකර මහත්තයො....ඒ ඉස්සර....මැක්කා උනත් නටන්නෙ මයිල් තියනකන් විතරයි හරිය...මයිල් හැලුන දාට මැක්කත් තනිකර පුත්තලන් ගෝවා වගේ තමයි ...පච වෙනවා ඉවරයක් නෑ....
එහෙනම්...හොදට නිදාගනින් නිර්වාන් ..මෙච්චර මැසේජ් එවලත් මට රිප්ලයි නොකර ඉන්න ඇත්තෙ අර ඇම්බැක්කි එක්ක මොකක් හරි කුටු කුටුවක් වත් යන්න ඇතිනෙ....හරි එහෙනම්...හොදයි...හොදයි. .ඒ පිච්චමල්බිසව්තමෝ එක්කම ඉදපන් නිර්වාන් .......උඹට කවදා හරි දවසක මාව ඕනා වෙයි...බලන් ඉදපන්...මං නලුවෙක් උන දාට හැමෝටම autograph දෙනවා...හැබැයි උඹට දෙන්නෙ නෑ...
මං හැමෝටම අත වනන් යනවා හැබැයි උඹට වනන් නෑ...
කොටිම්ම මං උඹ දිහා බලන්නෙත් නෑ...
බලන් ඉදපන්...බලන් ඉදපන්.....මං කවදා හරි හොදම නලුවට ගන්න සම්මානෙ ගත්තම අර රමන් කුමාර් බල්ලා ඉසි අම්මට තෑන්ක් කරා වගේ මාත් මගෙ ex තමයි මට මේ තැනට එන්න පාර පෙන්නුවෙ කියලා උඹගෙ නම කියනවා....ප්‍රතිස්සේප වීම තමයි හොදම මෝටීන් එක නිර්වාන් ....හරිය...
එහෙනම්...ඔය ඉන්න විදිහටම අයින් වෙලා පයින් යමන් නිර්වාන් .....මම උඹට ආදරේ කෙරුවෙ ඇත්තටම...ඒත් උඹ මාව පුත්තලම් ගෝවා ගෙඩියක් තරමට ගනන් ගත්තෙ නෑ...කමක් නෑ...
ගෞරවයෙන් බුදුසරනයි නිර්වාන් ....
ගුඩ් නයිට්.....ගුන බුස බුධ අගහරු සිකුරු ජපුර නිල් කටරොලු දඹුලු කැරට් පුත්තලම් ගෝවා සනත් නිසාන්ත පිහිටයි!!එහෙනම්..අපි ගියා(රැජිනි කාන්ත් අත් දෙක වැදන් ඉන්න ස්ටිකර් එක!!)
මගෙ ඇස් දෙකත් එක්ක කැක්කුම ඇල්ලුවා...මෙච්චර දිග මැසේජ් එකක් මේ කොල්ලා කොච්චර වෙලා කොටන්න ඇතිද??ඊටත් මේකෙ තියන ජාති.....
එයාම බොරු හේතු හදාගන එයාම තරහා වෙලා ගිහින්...
Good morning chuti...
මෙච්චර වෙලාම එයාගෙ මැසේජ් කියවපු මං අවසානෙදි මට බැනලා තවමත් නිදාගන ඉන්න මගෙ මෝඩ කොලුවට මැසේජ් එකක් දැම්මා..දාලා රිප්ලයි කරනකන් වත් නොයිද කෝල් එකක්ම ගත්තා .... රිංග් වෙනවා......එකපාරයි....දෙපාරයි....තුන් පාරයි....
ආන්ස්වර් කෙරුවා....
එයා ආන්ස්වර් කරනවත් එක්කම මං හෙලෝ කියන්න කට ඇරියත් කොල්ලා මට කලින් ඉක්මන් උනා...
ම්හුක්....හ...ලූ...අම්මියේ.....
මොකක්...අම්මියෙ?????
නිදිමත බේරෙනවා..කොල්ලා තාම නිදිද කොහෙද .....
සයාශ් ....
අම්..මියේ....චූ....චි.....තාම...ජොයි...නෙ....දරු...පැටියා...තාම...ජොයිනෙ....අම්මියෙ....පුතු...කියා....ඔව්...ම්හුක්...ජො....යි...ම්ම්ම්ම්.....
මේකගෙ තියන හුරතලේ ගහන්න හිතයි මැරිලා වැටෙන්න.....
සයාශ් නැගිටින්න ඉස්කෝලේ යන්න...
එපා..නෙ....ඉස්කෝලේ ....එපානෙ...
යන්න...දැන් ඉගන ගත්තා ඇතිනෙ....ඉස්කොලේ ගිනි..ගන්නෙවත්...නෑනෙ.....
ලමයො....
ඒකා....කිය....වනවා...කතා කරන්නෙ අම්මා කියල හිතාගන සිය පාරක් විතර අම්මියෙ අම්මියෙ ගගා නින්දෙන් කියවන සයාශ්ගෙ හුරතලේ එක්ක මම අවසානෙදි මීක් නොගා අහන් උන්නා...කොල්ලා කියවනවා...අම්මියෙ...අම්මියේ ගගා..තවම පොඩි එකෙක් වගෙ....පොඩි නිවුන්නත් මෙහෙම නම්...අනිවාර්යයෙන්ම අර පෙට්ටි කටා ඌත් ඒ වගේම වෙන්න ඇති....
තත්පර ගානකට මට දුක හිතුනා....
එයාලා මෙච්චර ලොකු වෙලත්...තවම මෙහෙම හුරතල් වෙනවා.කියන්නෙ...මගෙ සයාශ්ට ඉන්නවා ඇත්තෙ කොයි තරම් නම් ආදරනීය අම්මෙක් වෙන්න ඇතිද....මම එහෙම අම්මට ඔහොම කතා කෙරුවොත් .....
මට හිනා ගියා...මහ කුරිරු විදිහට ....මාව හුරතල් කරන්න නොතිබුන වචන ඇමතියව හුරතල් කරන්න නම් තියෙන්න ඇති...
අම්මියේ.....ම්හුක්....
ම්න්.....
එයා අම්මියෙ කිව්වා...තාමත් නිදි.....මොන මොනවදෝ කේලම් ගොඩාක් මේ නින්දෙන් කියවපු සයාශ් අවසානෙදි ආයම මට අම්මියෙ කියනකොට මටත් නොදැනිම ම්න් ගෑවුනා...
ස්...සුතර්මා ....ගැහුවනෙ....
හ්..හුලු....අත්තකින්....චූ...චියට....
ගැහුවනෙ......
මේකා කේලම් කියනවා නේද...ඇහෙ කනෙ තියන් බලාගත්තා උනත් මුන් දෙන්නා නම් මහ දෙපිටකාට්ටුවො දෙන්නෙක්......
චූචිට...තාම...දොයිය..මතයි....ඉර..පායලා....මල්...පිපිලා....පාත...පාත..සමනල්ලු...ඇවිත්....මල්...පැනි....
මේ කොල්ලා මොන ජාතියෙද මන්දා...ඇග වැඩුනට අවුරුදු පහක එකෙක්ගෙ මොලයක්ද කොහෙද තියෙන්නෙ.....
කුරුල්ලො....ඇවිත්.....පනුවොත්...අල්ලන්...යනවා...නේත....අම්..මියෙ....
ම්න්....හොද වැඩෙ පනුවන්ට උදෙම්ම නැගිටිනවට...උඹත් දැන් නිදියලා ඇහැරුනාම ගනින්කො...නඩුවක් විසදන්න තියනවා...හරිද...
ඇයි....ම්ම්ම්හ්...ඇයි...මේ.....බයි...න්..නෙ...නඩුවක්...
මං කෝල් එක කට් කෙරුවා ...නින්දෙන් ඔහේ කියවනවා......අඩුම ගානෙ නිකන් වත් බලන්නෙ නෑ මේ අම්මද කියලා...
සමහර විට හැමදාම මේ වෙලාවට එයාට අම්මා කතා කරනවද දන්නෙ නෑ....මං ආයමත් එයාට මැසෙජ් එකක් දැම්මා...
"චූටි,පරිස්සමින් ගිහින් එන්න.....ඉස්කෝලේ ගියාට අනම් මනම් කරන්න යන්න තහනම් හරි....."...
නීතියකුත් එක්ක මැසේජ් එකක් යවපු මං අනිත් පාර එහෙම්ම ශෙනිරුටත් මැසේජ් එකක් දැම්මා...
" gm..අද ඉස්කොලේ යනවනෙ....මගෙ එකාව පොඩ්ඩක් බලාගනින්...."
එච්චරයි ...ඊට එහා වචනයක් වත් ටයිප් නොකරපු මම රැයක් පුරාවටම වේදනා දුන්න අත අවසානෙදි ඇදෙන් පහලට එල්ලන් ඵෝන් එක පැත්තකට දාල තවමත් මද අන්දකාර ගතියක් තිබුන අහස දිහා බලාගන උන්නා...
සමහර විට අම්මා අදත් ඒවිද.....
නාවොත් හොදයි....එන්නෙ නැති තරමට මගෙ හිත නිදහස් ...ඒත්...මං හිතන්නෙ නෑ එන්න එහෙම උවමනාවක් ඇති කියලා ...
අප්පච්චි ...
මට අප්පච්චි මතක් වෙලා හීල්ලුනා.....
මං හිතන්නෙ තව දුරටත් අප්පච්චිට මාව ඕන නැතුව ඇති.....මගෙ මූන බලන්න බැරි නිසාම වෙන්න ඇති දවස් දෙක තුන එක දිගට නයිට් ඩියුටි කරන්නෙ...අර කතාවක් තියනවනෙ...මිනිස්සුන්ට හිත් වේදනා ගේන දේවල් අමතක කරන්න ඕනේ නම්..පුලුවන් තරම් කාර්‍යභහුල වෙන්න කියලා ...සමහර විට අප්පච්චි කරන්නෙත් එ දේම වෙන්න ඇති........
කැහ්....කැහ්....
වීදුරුවෙන් මද අන්දකාර අහස දිහා බලාගන උන්න මං සංජන කහින සද්දෙත් එක්කම ඒ පැත්ත බැලුවා.....
කැහ්...කැහ්....කැහ්....
ඔය වතුර එක අරන් බොනවා...
මගෙ...අත හිරිවැටිලා නිර්වාන් ...
අනිත් අතින් ගන්නවා එහෙනම්
උදේ පාන්දර කියලා නෑ...මං සංජනට බැන්නා...එයා එක්ක තරහා ගන්න මට හේතු නැති උනත්....මට ඇමතියා එක්ක එන තරහව සංජන පිටින් යැව්වා ...හැබැයි ...සංජනට මට වෛර කරන්න කරුනු කාරනා එමට තිබුනා ...
කැහ් කැහ්....කැහ්....කැහ්.....
මං රවාගන බලන් උන්නා...එල්ලලා තිබුන කකුල නිසා සංජනට වතුර බෝතලේ ගන්න බැරි වෙද්දි මං ඇදෙන් බැහැලා වතුර එක අරන් සංජනට දික් කරනකොට ඌ පපුව අල්ලන් කැහැ කැහැ මා දිහා බලන් ඉන්නකොට අනිත් පාර මං වතුර බෝතලේ කටින් තියලා මගෙ අනිත් අත නිකටට යටින් තියා ගත්තා නැත්තන් වතුර ඇගේම...
කැහ්...කැහ්...පි....න්....සිද්ද වෙයි....නි...ර්වාන්...
......
නිර්වාන්
මොකද....ඒපාර....තවත් මොකුත් කියන්න ලෑස්ති වෙන්න එපා සංජන.....
මට වොශ් රූම් යන්න ඕනනෙ
ඉතින් යනවා...ඔය තියෙන්නෙ වීල්චෙයාර් එක....
මන් මිමිනුවා....එල්ලපු කකුලත් එක්ක එහා මෙහ වෙන සංජන වොශ් රූම් යන්න ඕනා කියපු සංජන එහාට මෙහාට ඇඹරෙන හැටි බලන් ඉන්නම බැරි තැන අවසානෙදි මං මගෙ එක අතකින් වීල් චෙයාර් එක ඇදන් සංජන ගාවට ආවා...
මට අත් දෙකෙම්ම අල්ලන්න බෑ...හිමින් බහිනවා...
මටත් මගෙ කකුල බෑ තමුසෙත් ලගට එනවා . ...
ඇගේම බර මට දෙන්න එපා ඕයි තමුසෙ මට ගගල නැති තැනක් නෑ...
මං විතරද ගැහුවෙ ...අවසානෙදි තමුසෙ ගහපුවට නෙවෙද මාත් මේ විදවන්නෙ....
අනෙ කියවන්නෙ නැතුව ඕක කරන් එනවා අයිසෙ....
පොඩ්ඩක් ඉන්නවා මං තනි කකුලෙන් හිටන් කොහොමද කරන්නෙ.....
තමුසෙ කකුලෙන් නෙවෙනෙ කරන්නෙ කරන් ඉක්මනට එනවා
මන් එයාව වීල් චෙයාර් එකෙ ඉන්දවන් හරි අමාරුවෙන් වොශරූම් එකට එක්ක ගිහින් එලියෙන් හිටන් උන්නා .....එතනදිත් අපි දෙන්නා බැනගත්තා..... .එතනදිත් අපි දෙන්නා කා ගත්තා ඒ කොහොම උනත් මං ඌට හොරාවට ඇතුලට ඇහැ දදා බැලුවා ....
මං ඉවරයි එනවා නම් එනවා....
ඇයි මං ඇවිත් ඕක කලිසම අස්සට දාන්නද.....
පුලුවන් නම් කරනවකො...
....රෙද්ද....
උගෙත් කට උගෙත් කියවිල්ල ....අවසානෙදි දොරකොඩ ගාව උන්න මං ඇතුලට ගිහින් ඌව ආපහු වීල් චෙයාර් එකේ ඉන්දවන්කොට ඌ මා දිහා බලාගන උන්නා....
නිර්වාන් ....
ම්ම්ම්ම්ම්...
අප්පච්චි .....එයා එන්නෙ නැද්ද...
ම්ම්ම්...දන්නෙ නෑ......ආවෙ නෑ....
මං එහෙම්ම වීල් චෙයාර් එක් ඇනිත් පැත්තට හරවලා මගෙ කලිසම ඉස්සරහින් පහත් කරලා මං කන්නාඩියෙන් එයයි මායි දිහා බලන් උන්නා.....
දෙයක් කියන්නම්....නිර්වාන් ..හිත රිදවගන්න එපා...
මට අමුතුවෙන් රිදෙන්න දෙයක් නෑ සංජන......
ම්ම්ම්....කොච්චර බැනගත්තා උනත්...උඹයි මමයි ඉන්නෙ එකම වලක් අස්සෙ නිර්වාන් ......මගෙ පැත්තෙන් බලන කොට මං වැරදිත් නෑ....
මගෙ පැත්තෙන් බලනකොට මට උඹ එක්ක රන්ඩු කරන්න හේතුත් නැ සංජන...අවංකවම ....මං පිට කරන්නෙ උඹගෙ තාත්තා එක්ක තියන තරහව ....
අප්පච්චි එන්නෙ නැති වෙන්න එකම හේතුව ඩැඩා.....ඇයි කියලා හාර හාර අවුස්සන්න මගෙන් අහන්න එපා නිර්වාන් මොකද ....මං අහම්බෙන් ඇහුන දෙයක් කිව්වෙ...ඩැඩා...මමාව.ඩිවොර්ස් කරන්න යන්නෙ නිර්වාන් ...මං කොච්චර කෑ ගැහුවත්.....උඹගෙ අම්මට සාප ඉල්ලුවත්...උඹව මැරිලා යමන් කියලා ඩැඩාගෙ මුනටම කිව්වත්......මටවත් මමාටවත්....අපෙ පවුල රැකගන්න බැරි උනා නිර්වාන් ....
උඹ දන්නෙ නෑ...මගෙ අම්මා හරි ලස්සනයි නිර්වාන්
දැකලා තියනවා...
උඹගෙ අම්මා එක්ක බැලුවම...මගෙ අම්මා.ඉටි රූපයක් නිර්වාන් ...
මං පිලිගන්නවා....
සමහර විට.....උඹගෙ අම්මට උඹව ඩැඩා වගේම කරන්න පුලුවන් උන නිසා වෙන්න ඇති ඔය තරම්ම බැදිලා ඉන්නෙ..මට අම්මට පුලුවන් උනේ පාට දෙන්න විතරයි ....නිර්වාන් ...උඹගෙ අම්මා උඹව පාවිච්චි කරනවා....
මං දන්නවා....
උඹගෙ අම්මට මං වෛර කරනවා නිර්වාන් ...ඒ වගේම උඹටත්.....උඹ එක්ක මට තරහා ගත්තා උනත්.....උඹගෙ ඇත්ත තත්වෙ මං දන්නවා නිර්වාන් ...ඒත්...
උඹට ඇති වීමක් එනතාක් මට වෛර කරපන් සංජන...මේක පටන් ගත්තෙ මගෙ අම්මා....මේකට මුල මගෙ අම්මා....උඹ කියන විදිහට අප්පච්චි ඈත් වෙන්න හේතුව උඹගෙ ඩැඩ වෙන්න ඇති...ඒත් ඒ කොනක හේතුව විදිහට මම ඉන්නවා නම්....උඹ මට ඕන දෙයක් කරපන්...හැබැයි....උඹ මාව මැරුවත්මට අවුලක් නෑ සංජන...එකම දෙයකට ඇරෙන්න උඹ මගෙන් ඕන විදිහකට පලිගනින්...මොකද ..මං කැමති නෑ මෘගයෙක් වෙන්න....හිතක් පපුවක් නැති තිරිසනෙක් වෙන්න.....උඹගෙ අම්මා පල්ලා...සත්තයි....මං උඹව මිනියවත් අදුනන්න බැරි වෙන්න කොටනවා...
මං සංජනගෙ කොලර් එකෙන් මිරිකලා වගේ අල්ලගත්තා ....ඌ මට වෛර කරනවා කිව්වා....මට ඒකට අවුලක් නෑ.....උගෙ පැත්තෙන් බැලුවම....මම අකමැති උනා නැතා...ඌට මට වෛරකරන්න ඕන තරම් හේතු තියනවා....මට ඒකත් ඉවසන්න පුලුවන් ඌ මට කවදා හරි ආයම ගැහුවොත්..මට ඒකත් කමක් නෑ...මට ඒකත් දරාගන්න පුලුවන් හැබැයි ඌ නිකමට හරි මගෙ සයාශ් ට අත තිබ්බොත් මං හිතන්නෙ නෑ මට තවත් ඉවසන්න පුලුවන් කමක් තියෙයි කියලා .....
මං සංජනගෙ කොලර් එකෙන් මිරිකන් උගෙ මූන දිහා බලාගන උන්නා..අන් ඇහෙන නෑහෙන ගානට දත් මිටි කෑවා....
බය වෙන්න එපා....මං ඌව කන්නෙ නෑ...
කන්න ඕන් නෑ...උඹ බැලුවත් ඇති.....මට....තේරුනාද....ම්ම්ම්ම්ම්....සෙල්ලන් කරපන්...මාත් එක්ක...හැබැයි...මගෙ ඌත් එක්ක එපා...හොදද සහෝදරයා .....මොකද ...මේ උදව් කරන අත්වලිම්ම මම උඹව මරයි...එහෙම වෙන්න ඕන් නෑනෙ...
..........ම්..
මං කොලර් එක අතෑරියා .....ඌ මටත් මම්ම් ඌටත් ආයම උදව්කරන් කරන්න දෙයක් නැති කමට යට ඇදුම් වල ඉදන් මං ඌට ඇන්දෙව්වා අවසානෙදි මං ඌඅව ආපහු උගෙ ඇදට තල්ලු කරලා.මම මගෙ ඇදට එනකොට අම්මියෙ අම්මියේ ගගා විකාර කරපු සයාශ් මැසේජ් එකක් දාල තිබ්බා...නිජන් නෙවෙ රවාගන...
ගුම් මෝනිම්"😒"
තරහෙන්ද...?
(Typing ......)හුම්....ටිකක් නෙවෙ...නොසෑහෙන්න...
ම්න්....කතා කරන්න ඕනෙද?
(Typing ...) ම්හුක්.....👉👈
ඔව්ද.....එපාද ම්ම්ම්.....චූටිට කතා කරන්න ඕනෙද....?
"චූචිච...."
ම්ම්ම්....චූචිච කතා කරන්න ඕනෙද ම්ම්ම්....
මට ලාවට හිනාවක් ගියා...මුලින් රවාගන උන්න මනුස්සයා එක වචනෙන් සැලන්ඩර් වෙලා යනවත් එක්කම මං කෝල් එකක් ගත්තා ...හැබැයි මට කතා කරන්න බැරි උනා...අපේ කාමරේ දොර ඇරුනා.......
මමා...
සංජනගෙ අම්මා.....
මගෙ අතින් ඵෝන් එක අතෑරුනා....හිතුවෙම නැති වෙලාවක නොකියම ආව කෙනාව දැකලා මට මගෙ අතින් ඵෝන් එක අතෑරුනා...මට හැංගෙන්න තැනක් නැති උනා......
මමා.....ඔයා...මේ...උදෙම්ම.....
ඔයාට කොහොමද .....මමාට..එන බැරි උනා..සමාවෙන්න....
මං බලාගන උන්නා...ඇත්තටම ....සංජනට ඉන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම හරි ලස්සන අම්මෙක්.....නිවුන කටහඩක් එක්ක හරි අහිංසක ඇස් දෙකක් .....

මං බලාගන උන්නා...උනත් මට තවත් බලන්න හිත හයියක් නැති වෙනකොට මං නැගිටලා එලියට යන්න හැදුවා ...මට මූන දෙන්න හයියක් නැති වෙලා ගියා...මම කරපු වැරද්දක් නැති උනත්....එයාට සංජනට අද මෙහෙම වෙන්න එකම හේතුව මගෙ අම්මා වෙනකොට අම්මා නිසා තැලෙන මම ඒ මනුස්සයගෙන් හැංගෙන්න හැදුවා.....
.කොහෙද ඔයා යන්නෙ...
අ..අම්...මං...
එන්න ලගට.....
මං හිතුවෙ නෑ...මං කවදාවත් හිතුවෙ නැ...මං බලාපොරොත්තු උනෙ...මගෙ අම්මා සංජන ගැන හිතන් ඉන්න විදිහටම එයාගෙ අම්මත් මං ගැන හිතයි කියලා උනත් උනේ ඊට හාත්පසිම්ම වෙනස් දෙයක්...යන්න ගියපු මාව ඒ අම්මා ලගට ගෙන්න ගත්තා ...කොටිම්ම මාව සංජනගෙ ඇදෙන් ඉන්දෙව්වා...ඒ අම්මා මගෙ අතින් ඇල්ලුවා.....මා එක්ක හිනා උනා.....අනේ දෙවියනේ...ඒ මනුස්සයා මගෙ මුන පවා අත ගෑවා මෙතන ඉන්නෙ මගෙ අම්මා උනානම් අම්මගෙන් අපි දෙන්නටම හම්බෙන්නෙ කම්මුල් පාරක් විතරක් වෙනකොට එක තත්පරේකදි....එකම ස්පර්ශෙකින් මම අවුරුදු දහ අටක් යනකන් නොදැකපු
" අම්මව" ජීවිතෙ පලවෙනි වතාවට දැක්කා...
මට අඩන්න හිතුනා...කෑ ගහලම අඩන්න හිතුනා..මට ඒ කකුල් අල්ලලා අනේ මට සමාවෙන්න අම්මෙ කියන්න හිතුනා...අම්මා කරන වැරදි වලට මට වෛර කරන්න එපා කියන්න හිතුනා.....මොකද ...ඒ අම්මගෙ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානෙම තියෙන්නෙ අම්මා දුන්න වේදනාව...
කිඹුල් කදුලු වගේ නෙවෙ ..නිර්දෝශී ගැහැනියෙක්ගෙ ඇස් වලින් වැටෙන කදුලු තරම් තවත් සාපයක් නැති වෙනකොට මට බය හිතුනා...ඒ අම්මා මට සාප කරාවො කියන්න මං බය උනා.......
ඇයි මේ බිම බලාගන.......
එයා අහනවා ඇයි මේ බිම බලාගන කියලා .....මම කොහොම කියලා නම් ඔලුව උස්සන්නද.....මං කොහොම කියලා නම් ඒ මූන බලන්නද.......මම යටි තොල් හපාගත්තා ...මට මහ අසරන කමක් දැනෙනවා..කසාද ගෑනි ඉස්සහරා මම හොර ගෑනිගෙ දරුවෙක් වෙනකොට ..මට හම්බෙන ලේබලේ තනිකරම අවජාතක ගොඩට වැටෙන බව දන්න මම බිම බලාගන උන්නා.......
ඔලුව උස්සන්න....
එ අම්මා මට දෙවනි පාරත් කතා කරනකොට මගෙ අම්මා ගාව ආවේස වෙන මං මේ වචන ගාව පුදුම විදිහට නිවුනා.....මං කීකරු උනා...හිතේ වේදනාව කොහොම උනත් මං ඒ අම්මා දිහා බැලුවා...එයා හිනා උනා....එයා හිනා උනා....හැබැයි හරියටම බැලුවොතින් ....ඒ ඇස් වල තුනී කදුලු පටලයක් බැදිලා තිබුනා.....මට හිතුනෙ එකම එක දෙයයි.....මෙච්චර මෘදු ගෑනියෙක් දාලා අර වගේ තෙතමනයක් නැති ගෑනියෙක්ට වහ වැටෙන්න අර මිනිහට ඇත්තටම මොන තරම් පිස්සුද කියලා ...
වචනෙකින් පවා හිත නිවන්න පුලුවන් ගෑනියෙක් දාලා...එක බැල්මකින් මුලු ජීවිතේම අවුලන්න පුලුවන් ගෑනියෙක් ළඟ නැවතුන එක මොන තරම් පිස්සුද කියලා ...
මොන දෙ කිව්ව උනත්...හිත ගිය තැනමිනිස්සු නවතින්න ඕන කියනවා...හැබැයි...ඔය කියමන කියපු එකා හුගාක් දේවල් මග ඇරලා කියලා හිතෙන තැන් හුගක් තිබුනා.......
මම ඒ ඇස් දිහා බලාගන උන්නා.....ආදරේ හොයනම මිනිස්සුන්ට හම්බුනේ නැති උනේමත් ආදරේමයි........
හරියටම ඩයනට වගේ....හෙව්වෙ ආදරේ..හම්බුනෙ නැති උනෙත් ආදරෙ.....මිනිස්සු කියනවා අදටත් රැජින ඩයනා කියලා ..ඒත් අරමිනිහා මෙච්චර ලස්සන ගෑනියෙක් දාලා ගිහින් නැවතුනෙ කැමිලා ගාව....අපි කියන්නෙම ගැලපෙන්නෙ ඩයනා කියලා උනත්..ඌ ගලපගන්න හදන්නෙම කැමිලව.....
මිනිස්සු කරන්නෙ හිත් කීයක් කැඩුනත්....තමන්ට ඕන දේ වෙනකොට
මොනව කරන්නද....එක අතකට ඇමතියට ඕන කරන්නෙත් අම්මවම නම්.......
එයා මගෙ මූන අතපය දිහා බලාගන උන්නා..අඩුම ගානෙ ඇස් පිල්ලමක් වත් ගැහුවෙ නෑ...අවසානෙදි ඒ විදිහටම සංජන දිහාත් බලන් උන්නා....
මං ඒ වගෙ නෙවෙ මමා.......ඒක...ඔයාගෙ වරදක් නෙවෙනෙ.....
මට දුක හිතුනා...එයාගෙ අම්මා මාවයි සංජනවයි සසදන්න හැදුවා ....අවසානෙදි එයාට ලොකු හුස්මක් පැටලුනා....
මට....මෙතනම පැරදිලා ඉවරයි....
ඒ එයාගෙ වචන.....මගෙ රූපෙ ගාවම එයා පැරදිලා ඉවරයි කියනකොට මට පපුව පලාගන්න හිතුනා...ඒ තරම් වේදනාවක් ඒ ඇස් වල..ඒ වචන වල තිබුනා.....
එයා මගෙ අත් දෙක අල්ල ගත්තා ...සංජනගෙ අම්මා ඇදන් උන්නෙ ඔෆිස් ස්කර්ට් එකක්.....ප්‍රසිද්දම කම්පැනි එකක HR manager කෙනෙක්...මගෙ අම්මා වගේ මයික් ඉස්සරහා බොරුවට කෑගහන ගෑනියෙක් නෙවෙ.....තහඩු කෑල්ලක් හාල් පන්සීයක් දීලා මිනිස්සු රවටන ගෑනියෙක් නෙවෙ...චන්ද කාලෙට විතරක් පාරවල් හදන්න දුවන...මිනිස්සුන්ගෙ දුක දන්නවා වගෙ රගපාන...පුලුවන් තරම් ගවර්මන්ට් එකෙන් පාස් වෙන සල්ලි ගසා කන ගෑනියෙක් නෙවෙ....
නිර්වාන් .....
ම්ම්ම්....
මං මිමිනුවා....අම්මා ඉස්සරහා මෙල්ල නොවෙන මං මේ වචන ගාව පුදුම විදිහට නිවුනා.....
මගෙ අත් දෙකම අල්ල ගත්තු එයා නිර්වාන් කියලා කතා කරනකොට මම ඒ මූන දිහා බලාගන උන්නා...
මං තරහා නෑ......මට තව දුරටත් .....එයාව ඕනෙ කියන්නෙත් නෑ...මං එයාව අතෑරලා ඉවරයි නිර්වාන් .....පුලුවන් නම්....මටයි...මගෙ පුතාට....උදව් කරනවද...
එයා තරහ නෑලු....එයාව තව දුරටත් ඕනෙත් නෑලු.....පුලුවන් නම් එයාටයි එයාගෙ පුතාටයි උදව් කරනවද අහනකොට මං සංජන දිහා බැලුවා....සංජන අහක බලාගන...හැබැයි ඒ ඇස් රතු වෙලා තිබුනා....
මම හා කිව්වෙත් නෑ...බෑ කිව්වෙත් නැ...හැබැයි මං ඔලුව වැනුවා....
නිර්වාන් ....එයාට....මහන්සි ...එයාට....හුගාක්.මහන්සි...නිර්වාන් ...මගෙ පුතාට දැන් මහන්සි....මං අම්මනෙ...මට දැනෙනවා...මගෙ පුතාගෙ පපුව...මට දැනෙනවා නිර්වාන් ....පුලුවන් ...නම්...මගෙ....පුතාට .....එයාගෙ ඩැඩාව...අතාරින්න...උදව් කරන්න නිර්වාන් .....මගෙ...පුතාට....එයාගෙ ඩැඩාව...අපිට...අයිති...නෑ....කියලා
මමා please !!!
මට ඇඩුනා....සත්තයි මෙච්චර ගල් හිතක් තියන මට ඇඩුනා...මට මැරෙන්න හිතුමා...මගෙ අම්මා මොන තරම් පව්කාර ගෑනියෙක්ද හිතුනා.......මට අහගන දරාගන ඉන්න බැරි උනා....මට දුවන්න හිතුනා...ඒත් ඒ අම්මා මාව අල්ලන් ඉන්නකොට මට දුවා ගන්නත් බැරි උනා.......ඒත් මං අවසානෙදි මට කරගන්න දෙයක් නැති කමට වඩා වේදනාවට මගෙ පපුවට දරාගන්න බැරි වෙයි කියන බයටම මං ඒ අතින් මගෙ අත බලෙන් වගේ ගලවන් මං එලියට දිව්වා...එලියට දිව්වා කියන්නෙ....ආයම පස්සවත් නොබලා මං කොරිඩෝවට දිව්වා...දුවලා ගිහින්මගෙ ඔලුව බිත්තියකට ගහන් කෑ ගහලා ඇඩුවා....
එක තත්පරේකට....එකම එක තත්පරේකට මට මහ මූසල දෙයක් හිතුනා....
මම කියන්නෙ....
නිර්වාන් කියන්නෙ....
ගබ්සාවෙන්න තිබුන කලලයක්ද.....?
නිර්වාන් කියන්නෙ...ගබසා කරගන්න කාලයක් නැතුව මේලෝකෙට ආව එකෙක්ද....
මගෙ අම්මගෙන් ආදරේ කියන දේ දශමෙකින් වත් ලැබෙන්නෙ නැත්තෙ....
නිර්වාන් අබේසේකර කියලා නම තිබ්බත්...දෙන්න ඕන නම දීගන්න බැරිව වෙන වෙන නම් වලින් එලියට ආව හෝදලා අරින්න බැරි උනලේ කැටියක්ද.....
මගෙ ඔලුවම කැරකෙන්න ගත්තා ...මට මං ගැන දැනුනෙ පුදුමාකාර පිලිකුලක් වෙනකොට මං කනුව බදාගන අඩ අඩම වමනෙ කෙරුවා ...මට මාව සර්ප හැවක් ගානට දැනුනා...ඒ අම්මා මගෙන් ඉල්ලුවා...තනි අයිතිය තියන පුතාට තාත්තව අතෑරගන්න උදව් කරන්න කියලා ....
මට මැරෙන්න හිතුනා....මට මාවම මරගාන්න හිතුනා...මං ඇඩුවා.....මම මගෙ අම්මට සාප කරන්න කට ඇරියත්.....තිරිසනෙක් නොවුන හන්දා සාප නොකර ඒ සාප ඔක්කොම මම මටම කරගත්තා ...
නිර්වාන් .....

එයාගෙ අම්මා ආයම ආවා...සමහර විට පැය දෙක තුනක් වත් මං මෙතන ඉන්න ඇති.....උරහිසට දැනුන උනුසුමත් එක්ක මට ඒ අම්මගෙ කට හඩ ඇහුනා...මන් හැරුනා....මං ගාව ගද ඇති....මගෙ නහයෙ හොටු...ඇස් වල කදුලු ...එයා මා දිහා බලාගන උන්නා...මට මුන දෙන්නත් බැරිව යනකොට එයා දෙපාරක් නොහිතම මගෙ කට එයාගෙ පිට අල්ලෙන් පිහදලා මා එක්ක හිනා උනා ...එ ඇස් ඉදිමිලා..නහය බර වෙලා....ඒත් හිනා උනා...ඒත් මා එක්ක හිනා උනා...
නිර්වාන් ...තව එකම දෙයක් ඉල්ලන්ම්.....
.............
පිලිගන්න බැරි උනත්....මගෙ...පුතාට....රිදවන්නෙ...
නැතුව ඉන්නවද......අයිතිය දුන් නැති උනත්.....මගෙ...පුතාට.....අයිති නැති තැන් වලින් ගැලවෙන්න..උදව් කරනවද්...නිර්වාන් .....
මමා....
මට උත්තරයක් දෙන්න බැරි උනා.....සංජන කොහොම බැහැගත්තද කියන්න දන්නෙ නෑ.....වීල් චෙයාර් එක වත් නැතුව එයා නොන්ඩි කොට කොට බිත්තිය අල්ලන් මමා කියලා කෑ ගැහුවා....
මමා....මට...පාලුයි...ඉක්මනට....එන්න..බලන් ඉන්නවා....
එයාගෙ අම්මා හිනා උනා....හිනා වෙලා මෙතන ඉදන් ෆ්ලයින් කිස් එකක් දීලා හිමීට මිමිනුවා....
"මමා...ආදරෙයි...."...
Sayash pov....
කෝ....තාරාවා....උඹ ඔය කොහෙද බලන් ඉන්නෙ....
මම උන්නෙ අතේ තිබුන ස්ක්‍රිප්ට් එක කියව කියව.... කියව කියව කිව්වට...මං උන්නෙ නලුව දිහා බලාගන...ඊයෙ රෑ ඉදන් මට මැසේජ් එකක් වත් නොදාපු නිර්වානයා හන්දා වගේම අද උදෙත් කතා කරන්නම් කියලා මට බොරු කරපු නිර්වානයා හන්දා හිත ඌයියා කරන් උන්න මන් ,මාවත් සරපරයිස් කරන් ඇවිදින් උන්න සාක්‍ය අයිය දිහා බලාගන උන්නා.... නිකන් නෙවෙ..මගෙ ස්ක්‍රිප්ට් එකෙත් කොනක් හපාගන.....
ම්හුක්...ඉටි රූපයක් වගේ.....
ඉති රූපෙ...අපූරුව විදින්න මං හරි ආසයි...👉👈
ම්හුක්....හැබැයි අර වසවර්ති මාරයා නැතිනම් විතරයි .....ඒ උනාත...නිර්වානයත් ඉති රූපයක්නෙ....
හිත හෙළ වෙනවා....යෝහ්.....
ම්හුක්....
අනේ...සුතර්මා ...දරු පැටියට ගහන්න දැන් නම් හුලු අතු මදිවෙයි
යෝ...සාක්‍ය අයියෙ....උඹ ඉක්මනට අන්සතු වෙයන්කො...නැත්තන් චූච්ත මැරුම් කන්න වෙනවා....
ශාක්‍ය දිහා බලන් උන්න මං ආයම මගෙ ස්ක්‍රිප්ට් එක දිහා බලනවත් එක්කම මං ඩිපූටියව දැක්කා...ග්‍රවුන්ඩ් එකේ ඉන්නෙ නැතුව මූ මොන මගුලෙ යනවද මේ අස්සෙ....
උදේ ඉදන් මේ වෙනකන් මම එක පාරකට වඩා සැලාව දැක්කෙ නැති වෙනකොට ඩිපූටියව නම් සිය පාරකට වඩා මං දැක්කා...මේ දැනුත් මූ මෙතනින් ගියා...මොන මගුලද මූ මේ එහා මෙහා වෙවී කරන්නෙ.....
සයාශ් ....කෝ මුල හරිය කියවපන් බලන්ඩ....
මුල....
ඔව්....මුල තමයි....
නාට්ටි සර් මට ආයම මුල හරිය කියන්න කියනකොට අනිත් චරිත රගපාන කෙල්ලො කොල්ලො මා දිහා බලාගන ඉන්නකොට මං මුල හරිට කියවන්න ස්ක්‍රිප්ට් එක දිහා බැලුවා...මට තරු පෙනුනා...
අනේ..... මුල කාලනෙ.....


කොහෙද උඹ එබෙන්නෙ...ඔය අතේ තියෙන්නෙ ස්ක්‍රිප්ට් එක්...
ඔව් ඉතින්...අතේ නම් තියනවා තමයි...ඒත් ඉතින් මුල නෑනෙ.....
උඹ නම් ඒකත් කාල නේද....ශාක්‍ය ඔන්න ඕකමේ කොල්ලට පෙන්නන්න.....
මං ශාක්‍ය දිහා බැලුවා....
ම්හුක්...එයා නිසා තමා මේ ඔක්කොම....
අතේ තිබුන ස්ක්‍රිප්ට් එක කාල තියෙන්නෙත් එය දිහා බලන් නිසා මෙතන සම්පූරනම වැරද්ද නලුවා පිට දාපු මං ශාක්‍ය ගාවට යනවත් එක්කම මෙච්චර වෙලාම වටේ කැරකි කැරකි උන්න ඩිපූටියත් එක පාරම අපි රිහසල් කර් කර උන්න කාමරේට ඇවිදින් මහ තැන වගේ නාට්ටි සර් ගාවින් ඉදගත්තා ....
සාක්‍ය...අයියෙ....පෙන්නන්න.....
කියපන්...කියපන්....බල බල ඉන්න නෙවෙ....
හා ...හා..මේ කියවනවා...
උගුර පාදගත්තු මං ඔක්කොම විහිලු පැත්තකින් දාලා මගෙ චරිතෙට තියන කොටස කියවනකොට අනිත් ළමයි වගේම සර් ඩිපූටුයා නලුවා මේ හැමෝම අහන් උන්නා..මං කියනකොට මටත් නොදැනිම මගෙ අත පය එහා මෙහා ගියා....සමහර තැන්වල මං නැගිට්ටා..නැගිටලා හිතලා කරන්නෙ නැති උනත් ඇගෙම්ම එන දේවල් කර කර මං ස්ක්‍රිප්ට් එක කියෙව්වා ....
ශෙනිරු...
සර්.....
මං කියවන එක පැත්තක දැම්මා....කොහෙන් ආවද කියන්න දන්නෙ නෑ...එක පාරම ඇහුන චූටි අයියගෙ කටහඩත් එක්ක මමත් බෙල්ල උස්සලා බැලුවා....කිසිම එක්ස්කියුස් එකක් නැතුවම පන්තියට ආව චූටි අයියා උන්නෙ කලබලේකින්....නාට්ටි සර් දිහාවත් නොබලපු එයා ඩිපූටියව එලියට ඇදන් ගියා වගේම මම කියවන එක පැත්තකින් දාල ඒ දිහාව බලන් උන්නා....
එයා මොනවද කියනවා..අතින් පයින්.....ඩිපූටියත් ඔලුව වැනුවා....ඒ එක්කම චූටි අයියා ඩිපූටුයගෙ උරහිසට අත් දෙකම තියාල තත්පරයක් විතර බලන් ඉදලා එයා ලොකු හුස්මක් අරන් මොනවා හරි කිව්වා...
ඒ එක්කම ඩිපූටියට කලන්තෙට ආවා වගේ වැටෙන්න ගියා....
ශෙනිරු....!!
ශෙනිරු.....!
😒එන්නම්...ඈ.....
සැනසීමෙන් හුස්ම ගන්න
.ආයම එන්නම්....
මම
ජොබී.....
Nedeesha !