ශෙනිරු .....
මං බලාගන උන්නා...කියන දේ නෑහුනා උනත් චූටි අයියා කිව්වෙ මොකක් උනත් නරක දෙයක් කියන එක මගෙ යටි හිත මාවපාර පාර කියනකොට මං අතේ තිබුන ස්ක්‍රිප්ට් එකත් දාලා එලියට දිව්වා...මොකද..ශෙනිරුට ඔය විදිහට වෙන්න එකම හේතුව නිර්වාන් ...මම ලොකුවට බැදිලා ඉන්න තරම කොයි තරම්ද ශෙනිරු නිර්වාන්ට බැදිලා උනා...
මට බය හිතුනා...එයා ආයමත් මොකක් හරි මෝඩ වැඩක් කරගන ඇති කියලාබය හිතුනා....
චූටි අයියේ....
ගෙදරට චූටි අයියා ඉස්කෝලෙට ආරව් සර් උනත් හිතේ ගැස්ම වැඩි කමටම මං කෑ ගැහුවෙ චූටි අයියෙ කියලා වෙනකොට කලන්තෙට ආවා වගේ උන්න ශෙනිරු අනිත් පාර පිස්සට හැතැම්ම නෑ වගෙ කොහෙටද දුවන්න ගත්තා...
චූටි අයියෙ....නිරූට...මගෙ නිරූට....එයාට මොකක් හරි...වෙලාද...එයාට....අනේ කියපන්කො චූටි අයියෙ...මගෙ නිර්වාන් ආයම මොකක් හරි කරන්ද...
මං එයව හෙලෙව්වා ....ඉන්නෙ ඉස්කෝලේ කියලා නොබලම අයිති වාසිකම් කිය කිය මං චූටි අයියව හෙලෙව්වා ...එදා මහ රෑ ස්ලැබ් එකට නැගන් උන්න නිර්වාන්ව මතක් උන මම කෑ ගැහුවා...
චූටි.....සයාශ් ...
එයාටමන් කිව්වා...එයාටමන් කිව්වනෙ චූටි අයියෙ....එයාට....අනේ...
මට ඇඩුනා....මගෙ හිත කිව්වෙම නිර්වාන් මුරන්ඩු කමක් කරලා කරලා කරමයි කියනකොට මං බලාගන මෙතනින් දුවාපු ශෙනිරු අනිත් පාර බෑග් එකත් එල්ලන් ඉස්කෝලේ පිටිපස්සෙ ගේට්ටුවෙන් එලියට දුවනවා....
චූටි අයියෙ..මොකක්ද වෙලා.....තියෙන්නෙ කියලා දැන් වත් කියපන්කො...උඹට කට නැද්ද.....මොන මගුලක්ද වෙලා තියෙන්නෙ....කියපන්කො චූටි අයියෙ...
සයාශ් කලබල නොවී ඉදපන් සයාශ්
කලබල නොවී ඉන්න කියන්නෙ...වෙච්ච දේ කියලා ඉදපන් චූටි අයියෙ ....අරූ ආයම මොකක් හරි කරන්ද.....නිර්වාන්..මගෙ නිර්වාන් ....
චූටි...මේක ඉස්කොලේ !!
මං චූටි අයියව හොලව හොලව අවසානෙදි උඹ බන් කියන තැනටම වැටුනා....මොකක්ද උනේ කියන එක නොකියා....එයා ඵෝන් එක කනේ තියාගන එහා මෙහා වෙනකොට මං එයාව ඇදලා ගත්තා.....වෙච්ච දේ දන්න එකම කෙනත් එයා විතරක් වෙනකොට මගෙ ප්‍රශ්නවලට උත්තර නොදි එහා මෙහා වෙන චූටි අයියා එක්ක මට තද උනා.....එයා මට සැර උනා...
තමුසෙට ඕනෙ සස්පෙන් වෙන්නද....එහෙම නැත්තන් අස් වෙලා යන්නද.....කරුනාකරලා මොලේ කපනාවෙන් වචන එලියට දානවා චූටි.....
මට උනේ මොකක්ද කියන්න....එච්චරයි ....ඒ ඇති.... මොකද ....එයා තවට් මෝඩකමක් කරන් තිබුනොත් ...ඒ හැම දේටම වග කියන්න ඕන කෙනා මං දන්නවා චූටි අයියෙ...එකපාරක් දැකපු දේ...ඇත්තක් වෙයි කියන බය...උඹට වඩා මටයි දැනෙන්නෙ...
චූටි අයියා අතේ තිබුන ඵෝන් එක ආපහු සාක්කුවට දාගත්තා ...මට දුක හිතුනා...මට නොසෑහෙන්න බය හිතුනා.....මට ඉස්කෝලෙන් පැනලා දුවා ගන්න ඕනා උනත් හිතුමනාපෙට දුවන්නබැරි බව වගේම....කා ගාවටද යාගන්න ඕනෙ කියන එක මට නිච්චි නැති වෙලා යනකොට මං චූටි අයියට ඉන්න තැන වට පිට ඉන්නෙ කව්ද නොබලා දොස් කිව්වා...
චූටි...නිර්වාන්ගෙ...
ඔව්...නිර්වාන්..ගෙ....මගෙ...නි...නිරූට...
උඹගෙ නිරූට මොකුත් වෙලා නෑ චූටි.....
මට හුස්මක් පිට උනා...මගෙ නිර්වාන්ට මොකුත් වෙලානෑ කිව්වා....මගෙ ඇගට ලේ ටිකක් ඉනුවා.....ඒත් මගෙ නිරූට නෙවෙ නම්...කාටද මොකක්ද වෙලා තියෙන්නෙ...
චූටි...අයියෙ...මගෙ නිරූ...මගෙ නිරූ හොදින් නම්....කාටද...කාටද මොනවද වෙලා තියෙන්නෙ චූටි අයියෙ...
සංජනගෙ අම්මා නැති වෙලා චූටි....
ස්...ස්..සං...
සුයිසයිඩ් කරන්.....
සුයි.....දෙවි....ය.....නේ...
ශෙනිරුට කලන්තෙට ආව එක හරි.....මටම හිටන් ඉන්න බැරි උනා.....අම්මා...අම්මා කෙනෙක් නැති වෙනවා කියන්නෙ.....එයාටයි කියලා උන්නෙ අම්මා විතරයි...එයාටයි...කියලා ....උන්නෙ....
එයාගෙ අම්මා විතරයි...
නිර්වාන්ගෙ අම්මයි ඇමතියයි එකතු වෙලා ඒ අම්මව මරාගත්තා....චූටි...අයියෙ...
මම එහෙම්ම එතන තිබුන බිත්තියට හේත්තු උනා...අම්මා කෙනෙක් නැති වෙනවා කියන එක.....මේ ලෝකෙ මොනම දරුවෙක්ටවත් දරා ගන්න බැරි දෙයක්...හැබැයි..නිර්වාන්ගෙ අම්මගෙ ජාතියෙ අම්මලා නැතුව....
එයාගෙ අම්මා...සුයි...සයිඩ්..කරන් තියෙන්නෙ....කොහොමද ....චූටි..අයියෙ.....
මට ඇඩෙන්න වගේ.....එදා ඒ කොල්ලා මාත් එක්ක කතා කරපු වචන දෙක තුන ඇතුලෙ ඒ මුනට සැනසීමක් මතු උනෙ අම්මා කියන වචනෙ ගාව විතරයි...මං කදුලු පුරවගන චූටි අයියා දිහා බැලුවා
...මට දැනගන්න ඕනා...එයාගෙ අම්මා නැති උනේ කොහොමද කියලා ....මට දැනගන්න ඕනා....එයාගෙ අම්මා යන්න ගියේ කොහොමද කියලා ...
චූටි....අයියෙ.....
උදේ හොස්ප්ටිල් එකට ආව...වෙලාවෙ....එයා...
පැනලද.....?
ම්ම්ම්ම්....
ස්ලැබ් එකෙන්.....?
ම්ම්ම්ම්....
මට හුස්ම හිරවෙන්න ආවා...ස්ලැබ් එකෙන් පැනලා කියනවත් එක්කම මට හුස්ම හිර වෙන්න ආවා.....ඔයම ස්ලැබ් එක උඩ මීට දවසකට කලින් උන්නෙ මගෙ නිර්වාන් වෙනකොට ....භහිරවයො ඇවිදින් අවසානෙදි ඒ බිල්ල පිරිමහන් තිබුනා.....
.චූටි...
සයාශ් .....
සයාශ් ඔය කොහෙද යන්නෙ.....
මගෙ ඔලුවම විකාර වෙන්න ආවා....මම එන්න් හැරුනා....ඒත් මගෙ කකුල් පන නෑ.....මට දැනුනෙ මම ජීවත් වෙලා ඉන්නකොට මගෙ හදවත ගලව ගත්තා වගේ හැගීමක් වෙනකොට මම ආපහු වැනි වැනිම අපි නාට්ටිය පුරුදු වෙවී උන්න තැනට ගියා...
සයාශ් ...
කොල්ලො.....
මාව අනිවාර්යයෙන්ම සුදු මැලි වෙලා යන්න ඇති....එයාගෙ අම්මා ස්ලැබ් එකෙන් පැනලලු...අච්චර තට්ටු ගානක් උඩට නැගලා...ආපිට පනිනකොට ....අනේ මට මගෙ පුතාව දාලා යන්න බෑ කියන්නවත් හිතුනෙ නැද්ද.....
සයාශ් ....
මං කෙලිම්ම ගිහින් නැවතුනේ ශාක්‍ය ගාව.....සයාශ් සයාශ් කිය කිය සර් දෙපාරක්ම තුන්පාරක්ම කතා කෙරුවත් ඒ වචන එකකට වත් උත්තර බැන්දෙ නැති මං ගිහින් හිටගත්තෙ ශාක්‍ය ගාව වෙනකොට මගෙ මුන දැකපු ශාක්‍ය හිටගත්තා ...
සයාශ් .....ඇයි මේ....
ස්...ස්.....
කියන්න....ඇයි මේ.....
ස්..සංජනගෙ....අම්මා...
ඔව්.....එයාගෙ අම්මා...එයාගෙ අම්මට මොකද .....
මට ඔලුව කරකවන්න ගත්තා ...සංජනගෙ අම්මා ස්ලැබ් එකෙන් පැන්නා උනත් මගෙ ඔලුවෙ ඇදෙම්ම ගත්තෙ එදා රෑ නිර්වාන් හිටන් උන්න විදිහ වෙනකොට මගෙ ඔලුවම ගිනි ගත්තා...තුන් මුනින් දාඩිය දැම්මා...කතා කරගන්න වචන පවා අමතක වෙලා යනකොට මගෙ උරහිස් දෙකෙන් අල්ලන් උන්න ශාක්‍යගෙ පපුවට මං ඔලුව ගහගත්තා එක්කම වචනයක් දෙකක් මුමුනවා එක්කම මගෙ ඇස් පිය උනා.....
නි...නිරූ....ට...කියන්න....ම්....මාව..දාලා....යන්න.....එ...එ.....
සයාශ් .....සයාශ් .....
සයාශ් .....
සර්....
සයාශ් ...දරුවො....!
Nirvaan pov.....
මමා....මමා...මමා...අනේ....මමා....මමා...අනේ.....එපා.....මමා.....මට මගෙ මමාව බලන්න..දීපියව් ...මගෙ අම්මා මැරිලා නෑ....
නිර්...නිර්වාන් ...කියපන්....කියපන් මුන්ට....කියපන්...මගෙ අම්මා මැරිලා නෑ.....මට බලන්න දෙන්න කියලා ...කියපන්....
නිර්වාන්...කතා කරලා කියපන්.....මමා...අනේ අම්මෙ...මුන්ට....කියන්න...මුන්ට කියන්න...අම්මෙ...අම්මට මාව දාලා යන්න බෑ කියලා....මුන්ට කියන්න අම්මෙ...
නිර්වාන් ...මාව අරන් යමන්..මාව එක්ක යමන් ...උඹ දැක්කා...මගෙ...අම්මා...යනකොටත්...මට ආදරෙයි කියලා ගියේ...එහෙම....අම්මට...යන්න බෑ.....මගෙ..අම්මා....ඔව්වට නගින් නෑ.....මගෙ අම්මා.....නෑ.නෑ....මුන් මගෙ අම්මව හංගන්....යකො...මගෙ ඩැඩා ඇමතියෙක්.....මට මගෙ අම්මව පෙන්නපියව්.....
නිර්වාන් .....උඹලා...උඹලා ඔක්කොම....උඹලා...ඔක්කොම...එකතුවෙලා....මගෙ අම්මව....උඹගෙ අම්මා.....උඹගෙ අම්මා.....මට මගෙ අම්මව නැති කෙරුවා .....මගෙ අම්මට මහන්සී කිව්වා...මගෙ අම්මා ආයම අනේ...හ්...අනේ....හ්..අනේ..මමා....හ්හ්
මගෙ නාස් පොල්ල මේ වෙනකොට බිදිලා තිබුනා.....සංජනගෙ වේදනාව කොයි තරම්ද කියනකොට ඌ මගෙ අම්මා කරපු අපරාදෙ මගෙ පිටින් අරිනකොට අඩාගන්ම බැරි තැන ඌ උගෙ හැම හයියක්ම අරන් මට ගැහුවා....මං ගුටි කාගන කරබාගන උන්නා....
නිර්වාන් ...අනේ...නිර්වාන් ....මට...උදව් කරපන්...නිර්වාන් ...මට....උදව් කරපන්කො...අනේ....මමා.....හ්...ඇයි....
අම්මෙ...අනෙ..ඇයි...අම්මෙ...
ඇයි.....ඇයි කියපන්...මාව....දාලා ගියේ....මං කොහොමද පිලිගන්නෙ.....මට ඇත්ත...දැන...දැන....උනත්....පිලි....ගන්න....බෑ...මගෙ.....අම්මෙ.....අනේ..මට....
පිලිගන්න..බෑ....රත්තරන් ...අම්මෙ...
මං උන්නෙ මේ ලෝකෙ නෙවෙ.... මං උන්නෙ හොද සිහියෙන් නෙවෙ.....මගෙ අත් දෙක අල්ලන් එයාගෙ පුතාට උදව් කරන්න...එයත් අතෑරියා.....කියපු අම්මා....එයාගෙ මුලු ජීවිතේම අතාරියි කියන්න නොදැන උන්න මම උන්නෙ මේ ලොකේ නොවෙනකොට වීල් චෙයාර් එකෙන් බිමට බහින්න හදන..බඩගාගන හරි අම්මා ගාවට යන්න හදන සංජනව අල්ලගත්තු මට හම්බ උනෙ උගෙන් ගුටි පූජාවක් වෙනකොට මං ඒ හැම දෙයක්ම දරා ගත්තා ....
ඌ කෑගැහුවා ...තවම මෝචරියට වත් නොදාපු...ඇගේ උනුහුම නොගියපු "අම්මව" ලේ ගෑවුන සුදු රෙද්දෙන් වැහිලා තියනකොට උඩ ඉදන් වැටුන වේගෙට ඔලුව කානු ගැට්ටෙ වැදිලා පුපුලා ගිහින් තිබුනා.....
ගැට්ටටත් රිදෙන්න ඇති.....
ඔලුව වැදුන පාරෙ සැරට ගැට්ටටත් රිදෙන්න ඇති....
උකුම උකු ලේ ගංගාවක් කාපට් කරපු පාර වගේම කානු ගැට්ට පොගවලා තියනකොට කාලයක් ලේ කිරට හරවපු අම්මෙක්ගෙ ලෙ කැටි ගැහිලා තිබුන හැටි මං මගෙ ඇස් දෙකෙම්ම දැක්කා.....
ඌ අඩනවා...රත්තරන් අම්මේ ගගා ඌ අර ඇවිදගන්න බැරි කකුල අද්ද අද්ද බිත්ති වලට වාරු වෙවී ගිහින් උගෙ අම්මව බලන්න ඉල්ලනකොට ඒ කිසිම කෙනෙක් ඉඩ නොදෙන තැන ඌ කෑ ගහලා උගෙ අප්පා ඇමතියෙක් ඌට බලන්න දීපියව් කියලා කෑ.....ගැහුවා...
අම්මා...අනේ...අම්මා....නැගිටලා එන්නකො.....මං...දන්නවා....අනෙ..මං දන්නවා....ඔයා ගියෙ නෑ...අනේ...උඹ ගියෙ නෑ...උඹ විතරයි මට ඉන්නෙ බව දැන දැන උඹ මාව දාලා ගියෙ නෑ...හ්..අගෙ රත්තරන් ...අම්මෙ.....හ්...අනේ...හ්...උඹ ගියෙ නෑ...ගියෙ...නෑනෙ.....හ්....අනේ...අම්මෙ...නැගිටපන්...කො....නැගිටපන්...
අම්මෙ...මට මහන්සී..මට හොදටම මහන්සී...කියලා...දැනුන....උඹ...ඇයි...
අම්මෙ....උඹට මහන්සී...කියලා ...කටක්.....ඇරලා...
නොකිව්වෙ...
සංජන....
මං එයාව අල්ල ගත්තා .....නාස් පුඩුවලින් එලියට ආව කේ අවසානෙදි නහය වටේත් ඉතිරි වෙලා වේලිලා ගිහින් තියනකොට ඌ මට කොච්චර ගැහුවත් මම ඌව අල්ලගත්තා ....අල්ලන් බදාගත්තා .....ඌ දගලනවා....ඌ දගල
දගලම...යන්න ඕනා කියනවා...මගෙ අතෙ ඇතුලෙන් මස ඉරිලා ගිහින් වගේ වේදනා දුන්නා...එක අතකින් ආන්බාන් කරන්නත් බැරි වෙනකොට මම වේදනාව තදකරන් ඌව අල්ල ගත්තා..... .....
මාව එක්ක පලයන් ....මාව එක්ක පලයන් නිර්වාන් ...මුන්..ට වට වෙලා...බලන්....ඉන්න...කියවන්න...පුලුවන් ...නම්...අම්මගෙ...පුතා....උන....මට....ඇයි...යන්න...නොදෙන්නෙ නිර්වාන්...මාව එක්ක පලයන්....මගෙ අම්මා මැරිලා නෑ.....
මට කරන්න දෙයක් නෑ....මට එයාගෙ වේදනාව තේරෙණ්නෙ නෑ වගේ ඉන්නත් බෑ...මෙච්චර කාලෙකට ඇමතියගෙ ගෑනි කම තියන් උන්නෙ නමට උන එයාගෙ අම්මගෙ මිනිය ගාවට කී දෙනෙක් නම් ඇවිත් ගියාද.....ඇමති තුමාගෙ වයිෆ්.....ඇමති තුමාගෙ වයිෆ්....ගගා උන් කිසි සැකයක් හොරයක් බොරුවක් නැතුවම කියනවා...ඒත්....මගෙ අම්මට.....ඇමතියා අම්මව කරෙ තියාගත්තා උනත්....අම්මා ඇමතියව උකුලෙ තියා ගත්තා උනත් හොර ගෑනි හොර ගෑනි විතරක්ම වෙනකොට අවුරුදු ගානකට සතුටක් නැතිව උන්න සංජනගෙ අම්මට හැමෝම කසාද ගෑනිට තියන නියම තැන දීල කතා කරනකොට මට මගෙම අම්මව පිලිකුල් වෙලා ගියා.....
නිර්...වාන්....මේ හැම....දේටම....වග කියන්න...ඕනෙ උඹගෙ අම්මා...නිර්වාන් ....මගෙ....රත්තරන් ....අම්මා....අනේ....අත් දෙක....අත ගගා....මූන...අත ගගා...මගෙ....ඇදුමක්...ඇදුමක්...
ගානෙම...තියන....තැන් කිව්වා....මේස්...තියෙන්නෙ..මෙතන....යට....ඇදුම්..මෙතන.....බැනියම්..මෙතන.....ගගා.....ඉස්පිරිතාලෙ ඉන්න..මට.....කිව්වෙ...මාව..දාලා...යනවා...කියන...එක...දන්න..හින්දද...අම්මෙ....
අනේ...අම්මෙ.....නැගිටපන්කො....
උඹ නැතුව...මට...මොකුත්...කරගන්න...බෑ...අම්මෙ...අනේ....අපිට....මේ.....මොකුත්...ඕන් නෑ.....හ්....මට මගෙ අම්මව බලන්න දීපියව්.....තොපි ඉන්නකනුත් ...බැලුවෙ නැතුව දැන් වහන් ඉන්නෙ....මට හිටියෙ ඔච්චරයි ..මට මගෙයි කියන්න උන්නෙ ඔච්චරයි ....අනෙ.....ඔච්චරම තමයි...
මට ඉවසන් ඉන්න බැරි උනා.....
මට මගෙයි කියන්න උන්නෙ ඔච්චරයි ....මට මගෙයි කියන්න උන්නෙ ඔච්චරම තමයි ගගා පපුවට ගගහා ඌ...උගෙ කටෙ කෙල හින්දවගන කෑ ගහගහා අඩනකොට ගහක් ගලක් වගේ උන්නත් මටමින් එහාට තවත් දරා ගන්න බැරිම තැන මං ඌව වත්තම් කරගන බලෙන්ම ඇමති හෙන්චයියන්වත්තල්ලු කරන් එතනට රිංගුවා ....
ලමයො දැන් කිව්වනේද එක පාරක් .....ඇමති තුමා එනක.....
ඇමති තුමා එනකන් කියන්නෙ...ඌ ඉන්නකනුත් මේ ගෑනිව බැලුවෙ නෑ අයිසෙ....මලකද බලන්ඩද ඌ ඉන්න ඕනෙ....අහකට පලයන් මිනිහො....
කොහොමද තමුන් ඔය ඇමතු තුමාට කතා කරන්නෙ ආ??
මට හිනා ගියා ....ඇමතියගෙම හෙන්චයියෙක් දාපු මහ ලොකු කතාව එක්ක මට හිනාවක් ගියා .....ඒ එක්කම මන් උගෙ ගාවට ගිහින් කොලර් එකෙන් අල්ලන් බිත්තියට තද කරාගත්තා...මෙතන ඉන්නෙ කව්ද ....තියන තත්වෙ මොකක්ද කියන්නෙවත් නැතිවම මන් ඌව කොලර් එකෙන් අල්ලන් මිරිකගත්තා ....
මේක හොදට අහගනින්....හරි....මං දැන් ඉන්නෙ....සෑහෙන්න අවුලෙන් .....තේරුනාද ....මන් දැන්....ඉන්නෙ...උඹගෙ ඇමතියව...මගෙ අත් වලින් මරන්න තරම් කේන්තියකින්....උඹ උඹගෙ ඇමතියා ගැන නම් කියන්න හදන්නෙ...මෙන්න මේකත් හොදට අහගනින් පරයා....
ඔය ඔතන මැරිලා ඉන්නෙ ඇමතියගෙ කසාද ගෑනි.....හරී.....එතකොට අර අතන අම්මව ඉල්ල ඉල්ල පිස්සෙක් වගෙ අඩන්නෙ ....අම්මව ඉල්ල ඉල්ල නොදරුවෙක් වගෙ අඩන්නෙ එ ඉන්නෙ ඇමතියගෙයි කසාද ගෑනිගෙයි දරුවා.....එතකොට ....උඹව බල්ලෙක් වගේ අල්ලන් ඉන්නෙ.....උගෙයි උගෙ හොර ගෑනිගෙයි දරුවා ....හරි ..එතකොට ...කසාද ගැනි suicide කරගන්න එකම හේතුව ...
මගෙ ඇස් රතු උනා.....ඇස්වලට කදුලු කැට ඉවරයක් නැතුවම උනන්න ගත්තා ....සංජනගෙ අම්මගෙ මලකද ඇමති කුක්කො වට කරන් කාටත් බලන්න නොදී...මීඩියාවලට එන්න නොදී වහන් ඉන්නකොට ඒ ගෑනි ජීවත් වෙලා ඉන්නකන් මගෙ අම්මා ...පස්සෙ දුව දුව දෙන්න පුලුවන් දෙතිස් වදේම දුන්න ඇමතියගෙ කෙරුවාව මං වෙව්ල වෙව්ල කීයනකොට එතන උන්න එකෙක් නෑර මං කියන දේ කටත් ඇරන් අහන් උන්නා විතරක් නෙවෙ මං බලාගන සමහරු හොරාවට හොරාවට වීඩියෝත් කරනවා ...
මං දන්නවා ...ඔතනින් සමහරක් මුන් ලයිව් දෙයි සමහරක් අපි නොහිතන හෙඩ් ලයින් එක්ක එෆ් බී දායි...දාන්න පුලුවන් හැම සෝශල් මීඩියා එකකම දායි....
කමක් නෑ....මට කමක් නෑ ...මට මොන දේ උනත් කමක් නෑ...ඒ අම්මගෙ ඇස් දෙක ඒ කදුලු ...ඒ වේදනාව අමු අමුවෙම දැකපු මට ඒ අම්මගෙ මරනෙට තවත් හේතුවක් උන මට.....මීටත් එහා දරාගන්න බැරි උනා...
එයා කිව්වා...එයා අතැරියා කියලා ....එයාගේ එකම පුතාට අතාරින්න උදව් කරන්න කිව්වා...එයාට මහන්සී කිව්වා....තරහා උනත් කමක් නෑ...රිදවන්න එපා කිව්වා.....එහෙම කියපු ඒ අම්මම අවසානෙදි එයාව රිදවලා තියෙන්නෙ තවත් ඉවසම් ඉන්න තරම් හිත හයිය නැති තැනක වෙනකොට මම අත් දෙකෙම්ම තද කරන් උන්න ඇමති කටු කන එකාව තද කරගනම උන්නා ...
උඹ දන්නවද....උඹලා නොදන්නවත් නෙවෙ...එහෙමනෙ..නේද ...කද්දි....බොද්දි ...රෙද්දි....නාද්දි ..බුදියද්දි...කොටිම්ම...
හැමනෙද්දිත් ළඟ ඉන්න තොපි නොදන්නවා නෙවෙ මේ ගෑනි මෙහෙම කරගන්න හේතුව..අන් ඒකත් කියන්නම්....නැත්තන්...මෙච්චර කල්....කදුලු බීපූ ගෑනිගෙ මරනෙටත් තොපි එකතුවෙලා බොරු හේතු හදයි.....මෙච්චර කල් ආදරේ කියන නාමයක් නොදුන්න ඒ ගෑනිගෙ මලකද ගාවත් තොපි බොරු කරයි...අච්චර උඩකට නැගලා...හිත හදාගන පහලට පනින්න තරම් ....ඒ හිත කැඩුන එකම හේතුව.....
ඒකට එකම හේතුව...යකො....ඒකට එකම හේතුව....වෙන මොකුත් නෙවෙ ..හොර ගෑනි උන මගෙ අම්....
නිර්වාන් ....!!
.......
දැන්....ඔය ඇති.....
මම හැරිලා බැලුවා...ඇස් වල කදුලු සට සට ගගා වැටෙනකොට මේ අම්මගෙ මරනෙට එකම හේතුව මගෙ අම්මයි කියන්න කට ගත්තු මට ඇමතියගෙ තද වෙච්ච කටහඩ ඇහෙනවත් එක්කම මං හැරිලා බැලුවා..... එක පැත්තකින් ඇමතියා වෙනකොට අනිත් පැත්තෙන් බැරි කකුලෙන් බැරි බැරි ගාතෙ හිටන් ඉන්න සංජන ලේ ගෑවුන සුදු රෙද්ද විසිකරලා දාලා තවමත් ඇග රස්නෙ නොගිය අම්මව බදාගන අම්මෙ සමාවෙන්න...අම්මෙ...සමාවෙන්න...අම්මෙ...මං ඩැඩාව අතාරින්නම්...ආයම කවදාවත් ...ඩැඩා ගැන අහන්නෙ නැතුව ඉන්නම්...ආයම කවදාවත් ඩැඩාගෙ පස්සෙ වැද වැටි වැටි යන්නෙ නැතුව ඉන්නම් කිය කිය අඩ අඩ අම්මගෙ මලකද උඩ වැටීගන උන්නා...
අම්මෙ....මට...සමාවෙයන්....අම්මෙ...අනේ.මං...ආයම...ඩැඩාව....ඉල්ලලා...රන්ඩු වෙන්නෙ...නෑ..අම්මෙ....උඹ ඉවසනවා වැඩී කියලා ....උඹ දරාගන්නවා....වැඩී කියලා ...මං කවදාවත් උඹට....බනින්නෙ....නෑ....මගෙ....රත්තරන් අම්මෙ.....ඇයි අම්මෙ...මට ඉතූඹ විතරයි...කියලා...දැන...දැන...ම...මට...
මෙහෙම...කෙරුවෙ... නිර්වාන් ...නිර්...වාන්...මේ....බලපන්..
නිර්වාන් ....මේ බලපන් .....උඹගෙ...අත්...අල්ලන්....මට...
අතාරින්න...උදව්...කරන්න...කියපු...මගෙ....රත්තරන් ..මට...කරපු..දේ...මමා...
මමා....අනේ....නැගිටපන්....මං....මං...කාටද...රත්තරන් ...ආයම...ගෙට ගොඩ වෙනකොට මමා.....කියන්නෙ...නූල්පටක් වත්...හොයා...ගන්න බැරි මන් කොහොමද කියපන්...රත්තරන් අදින්...පස්සෙ....අර ගෙදර....තට්ට...තනිවෙන්නෙ.....ඇත්ත...කියපන්.....මමා...උඹ...උඹ පැන්නෙ නෑනේද.....උඹව වැටුනා නේද රත්තරන් ...ආ...උඹව වැටුනානේද....නිර්වාන් ...මගෙ...අම්මගෙන් අහපන්...පැන්නෙ නෑනේද කියලා ...උඹ එක්කවත් තරහක්..නෑ කියපු....මගෙ...අම්මා....පැන්නෙ නෑනේද අහපන්....එයා කොහොමද ...මාව...අතරින්නෙ.....මට.....ඉතුරු ...උඹ විතරයි...කියන්න...දැන...දැන...උඹ ඔහොමද....අම්මෙ....ඒ වගේ...උසකින්...පැන්නෙ....හ්
අනේ...අම්මෙ....මට.....උඹ නැතුව ජීවත් වෙන්න.දන්නෙ නෑ.....මගෙ රත්තරන් අම්මෙ....තාත්තත් අතෑරපු මට...අම්මට තාත්තට උන්නෙ උඹ විතරක් වෙනකොට ....ඇයි.....අම්මෙ...අනේ....ඇයි...අම්මෙ....උඹව වැටුනද අම්මෙ.....උඹව වැටුනා නේද.....රත්තරන් අම්මෙ.....උඹ මාව කවදාවත් අතාරින්නෙ නෑ නේද.....මොන....හේතුවටද අම්මෙ.....කවදාවත් නැතුව.....නූල් පටේ ඉදන්මගෙ බඩු මූට්ටු තියන තැන් මට කිව්වෙ....උඹ නැතුව මට මොකුත් හොයා ගන්නබැරි බව වෙනදටත් වඩා උඹට දැනුනද අම්මෙ...
අනේ...නිර්වාන් ...මගෙ...අම්මා...උඹට කිව්වා...උඹට...කිව්වා..නිර්වාන් ...අහපන්.....එයාගෙන් අහපන්...එයාව වැටුනද කියලා ..අහපන්....නිර්වාන් ..අහපන්...යකො....මට එයා නැතිව බැරි බව දැන දැනම...එයායන්නෙ නෑනේද අහපන්...
මාව...මැරෙයි...මගෙ...අම්මෙ...අනේ...
මාවත්...මැරෙයි.....මෙච්චර ..ඉවසපු...
එකේ.....මේ...ටික...ඉවසන්න...බැරි....උනේ....ඇයි....මගෙ...අම්මෙ....
මාව....මැරේ....වි....අම්මෙ....හ්.....

මං අත් දෙක මිට මොලවගනම උන්නා...ඒ විලාපෙ අහන් ඉන්න බැරි තරමට මගෙ පපුව අවුලවනකොට මං අත් දෙක මිටි මොලවන්ම උන්නා..... ඇමතියගෙ මුන සුදු මැලිවෙලා ගිහින් තිබුනා විතරක් නෙවෙ...ඌත් අත් දෙක මිට මොලවන් උන්නා....
නි...නිරූ...
මං උන්නෙ කදුලු පුරවන් ....මට සංජන ගාවට යන්නත් බැරිව...ඇමතියා ගාවට යන්නත් බැරිව මම උන්නෙ හරිමැද වෙනකොට මට අහම්බෙන් වගේ එයාගෙ කටහා ඇහුනා ....
සයාශ් ....ඒ විතරක් නෙවෙ...ශෙනිරු ....සනාශ් .....එ වගේම මගෙ එකා නහින්ඩ හදන නලුවා පවා....ඌ උන්නෙත් මගෙ එකාගෙ අත අල්ලන් වෙනකොට මම උන් දෙන්නගෙ අත දිහා බලන් ඉදලා ඉදලා අහක බලාගත්තා ..මොකද ...සයාශ් උන්නෙ සුදු මැලි වෙලා.....ඒ හේතුව උඩ මං අහක බලාගන යටි තොල හපාගන ඉදලා ඉදලා....ඇමතියා දිහාවට හැරුනා.....ඇමතියා ගාවට ලන් උනා...තවමත් මගෙ ඇදුම් වල ඒ අම්මගෙ ලේ පැල්ලම්....පොලවෙ පස් කන්න හදපු ලේ විල මැද මැරෙන්න හදපු සංජනව අල්ලන්න හදපු මගෙ ඇගෙත් ඒ අම්මගෙ ලේ වදිනකොට මමත් ඒ ලේ වලට ණය කාරයෙක් කියන්න ආය ආයම ඒ ලේ පැල්ලම් මතක් කරලා දෙද්දි මං සංජන ගාවට නොයා ඇමතියා ගාවට ලන් උනා.....
නි....න්
පැත්තකට....වෙන්න.....
සුදු මැලි වේගන අත් දෙක මිටිමොලවන් මලකදක් එක්ක ඔට්ටු වෙන සංජන දිහා වගේම ඌ හින්දා මැරිලා ගියපු කසාද ගෑනි දිහා බලන් උන්න ඇමතියා ගාවට ගිහින් මං හිටගන්නවත් එක්කම මං රන්ඩු කරගනීදො කියන බයටද කොහෙද ශාක්‍ය ගාව උන්න සයාශ් මගෙ ගාවට එන්න හදනවත් එක්කමමං එයාව නැවැත්තුව....නවත්තලා කෙලිම්ම ඇමතියාගෙ අතින් අල්ලගත්තා ..නිකන් නෙවෙ....මැනික් කටුව ගාවින් කිටි කිටියට...මගෙ නහර පෑදුන පදමුන අත් වලින් ඒ හයිය අත මං මිරිකලම අල්ලගන ඌව ඇදගන වගේ මිනිය ගාවට ගියා.....
බලපන්....උඹට සතුටුද....ම්ම්ම්...හොදට බලපන්.....උඹ...අද උදේ.....මගෙ අම්මත්...එක්ක....ආව...උජාරුව...උඹට මතක ඇතිනෙ...නේ...මහලොකු දෙයක් වෙන්න ඇති...නේ.....හොර ගෑනි...එක්ක....ඇවිත්...මගෙ...ඉස්සරහා ...හරි...ලොකුවට....දික්කසාද...වෙනවා කියලා කියනකොට ...ම්ම්ම්..
උඹට පේනවද.....අවුරුදු ගානක් තිස්සෙ.....මේ අම්මා.....විදපු දුක...උඹ දැක්කද....නෑ.....උඹ දැක්කෙ නෑ....උඹට.....
නිර්වාන් .....
කට...පියාගන....අහන්...ඉදපන්...ඇමති තුමා...මේ අම්මා...මේ අම්මා මගෙන් පොරොන්දු ගත්තා....සංජනට....උඹව අතාරොන්න උදව් කරන්න කියලා ...මේ අම්මා...මගෙ....අත් අල්ලන්..මට කිව්වා....එයා....උඹව...අතෑරියා කියලා ...උඹට සතුටුද...දැන්...උඹ....ඩිවෝර්ස් වෙමු...කියන්න..කලින්...උඹට නඩු නැතුවම....මගෙ අම්මා එක්ක පවුල් කන්න මේ අම්මා පාර කපපු එකට.....
උඹ මහ තිරිසනෙක්.....
උඹ...ඇවිදින්...මහ...අමු....තිරිසනෙක්...
.මේ අවුරුදු ගානටම....අදයි....මං...අම්මෙක්...කියන්නෙ...කව්ද කියලා එක..ම..එක....ස්පර්ශෙකින් ඇදින්නෙ....මං හිතුවා...අර හින්දි චිත්‍රපටිවල වගේ...මේ අම්ම...මටත් ආදරේ කරයි...මොන දුකක් උනත්...හොර ගෑනිගෙ දරුවා කියන...එක දැන...දැන උනත්....මටත් ආදරේ කරයි කියලා .....ඒත් මට අමතක උනා..කිසිම බයිස්කෝප් එකක්..යතාර්තයක් වෙන්නෙ නෑ කියලා ....ඇත්ත කතාවක්....බයිස්කෝප් එකකට ගැහුවොත් මිසක්....බයිස්කෝප් එකක් කවදාවත් ඇත්තක් වෙන්නෙ නෑ කියන්න මට අමතක උනා....
ඇමති හෙන්චයියො ...සයාශ්ලා...මේ හැමෝම බලාගන ඉන්නකොට මං කෑ ගැහුවා....මෙච්චර වෙලාම අඩපු සංජන එක තත්පරෙකට ඇඩිල්ල නවතලා ඒ අම්මගෙ කකුල් දෙක උඩ මූන තියාගන හරි අමාරුවෙන් හිටගන ඉන්නකොට පැත්තක උන්න ශාක්‍ය ඇවිදින් සංජනව වත්තම් කරන්න හැදුවත් අම්මත් එක්කම මේ වෙනකොට මැරිලා උන්න පුතාට කෙලින් හිටගන්න පන නැති උනා.....
මං අහල බැලුවා.අගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇද ගත්තා...මේ ඔක්කොටම හේතුව...මේ හැම වේදනාවටම හේතුව මම...අම්මා වෙනකොට මම මගෙ කොන්ඩෙ ඇදගනම උන්නා.....ඒ අම්මා මාවයි සංජනවයි සසදපු හැටි මතක් වෙලා මට මගෙ මූනට ඇසිඩ් හලාගන්න හිතුනා...මගෙ හිත ආය ගන්න දෙයක්නෑ.....දෙයක් තදිම්ම හිතට කිදා බැස්සොත් සක්කරයගෙ පුතා වයිමා ආවත් ඒක අයින් කරන්න බැරි වෙනකොට මගෙ අත් අල්ලන් මාත් එක්ක තරහා නෑ....සංජනට උදව් කරන්න කියලා කියපු වචන මේ හැම දෙයක්ම කිව්වෙ මීට ටික වෙලාවකට කලින් නේදමතක් වෙනකොට මට මරාගන මැරෙන්න හිතුනා
උඹ උඹගෙ පව් වලට මාවත් කරගස්ස්වන් ඉවරයි...උඹයි අම්මයි එකතු වෙලා කරපු පව් වලට මාවත් කරගස්සන් ඉවරයි ඇමතිතුමා....ඒ අම්ම.....ඒ අම්මා පව්.....උඹ දන්නෙ නෑ...මට ඇඩුනා යකො.....මගෙ අම්මා ඉස්සරහා ලේ කෝප වෙන මම මේ මනුස්සයගෙ එක වචනෙන් නිවුනා.....
උඹ තනිකරම මැනිකකට පයින් ගහලා යකින්නක් බැදගත්තු එකෙක්....උඹ මහ....
උඹට....යන්න අපායක් නෑ...උඹටයි...මගෙ අම්මටයි යන්න අපායක් නෑ....
බලන් ඉදපන් ඇමති තුමා..කිව්වත් වගේ....ඒඅම්මට මන් පොරොන්දු උනා වගේම...උඹව අතාරින්න උදව් කරනවා...උඹට කාත් කවුරුත් නැති වෙන තරමට උඹ දවසක තනිවෙනවා ඇමති තුමා...
මං ඇස්වල කදුලු පිහනොදාම සංජන දිහා බැලුවා...ඒ ඇස් වලින් කදුලු කඩාගන වැටෙනවා....කතා කරන්න කට පන නැතුවද කොහෙද ශාක්‍යට වාරු වෙලා උන්න සංජන මං කියන වචන අහන් උන්නද...නැද්ද කියන්න දන්නෙත්....ඒවා ඇහුනද නැද්ද කියන්න දන්නෙත්....ඇහුනත් ඒවා තේරුනාද නැද්ද කියන්න දන්නෙත් එයාම විතරක් වෙනකොට මම ඒ අම්මගෙ මලකදට අත තියලා අනිවාර්යයෙන්ම සංජනට ඇමතියව අතාරින්න උදව් කරනවා කියලා පොරොන්දු උනා...
ඇමති තුමා...දවසක....උඹට...අල්ලපු අත්තත් නෑ...පයගහපු අත්තත් නෑ...උඹට මාත් නෑ...මූත් නෑ....උඹට මේ ගෑනිත් නෑ...අර ගෑනි උන්නත් වැඩක් නෑ.....කතාවක් අහල තියනවද ඇමති තුමා.....දන්න දේයි.....දැනෙන දේයි දෙකක් කියලා ....ම්ම්
මං කදුලු පිහදැම්මා...බිම තිබ්බ සුදු රෙද්ද අරගන ආයම ඒ අම්මව වහපු මං සංජන දිහා බලලා ඇමතියට කතා කෙරුවා .....
ඇමති තුමා.....උඹ මගෙ අප්පා කියන්න මං දන්න එක හරි...ඒත්....උඹ මගෙ අප්පා කියන්න..මට කවදාවත් ....දැනුනෙ නැති එක ඔක්කොටමත් වඩා හරි.....අන්න ඒදේම....වැඩි කල් නොයා...මේ පුතාටත් දැනෙවි ඇමති තුමා....
මම කියවිල්ල නැවැත්තුවා.....කොච්චර කියෙව්වා උනත් වෙච්ච දෙ.හරි ගස්සන්න බැරි මම කට වහන් පැත්තකට වෙනවත් එක්කම මෙච්චර වෙලාම කියපු හැම දෙම අහන් උන්න ඇමතියා ගිහින් සංජන ගාවින් නවතිනකොට මෙච්චර වෙලාම මිනිය දිහා බලන් උන්න සංජන ඔලුව ඉස්සුවා..... ඒ වගෙම ඇමතියා කතා කරන්න හැදුවත් සංජන නෙවෙ කටක් අරින්න දුන්නෙ.....ඒ ඇස් රතු වෙලා...ඇස් ඉදිමිලා...ඒ විතරක් නෙවෙ....එයා දත්මිටි කෑවා.....
පුතේ....
ශ්ශ්.....ශ්ශ්...පුතේ....මොකාද...උඹගෙ..පුතා.....උඹට ..මෙහෙ...පුත්තු...නෑ...හරි...උඹට මෙහෙ ගෑනුත් නෑ.....උඹට මෙහෙ...පුත්තුත් නෑ.....උන්...ඔක්කොම...උඹ...මරාගත්තා ....මෙතන...උඹට කරන්න....කියලා...කිසිම දෙයක් නෑ.....ආව...අතක්...බලන්...ආපිට...පලයන්....
ශාක්‍ය .....අම්මගෙ බොඩි එක අරන් යන්න කියන්න....හෙට ෆියුනර්ල් එක ගන්නවා....මෙතනින්...ඉවරයි ඔක්කොම.....
සංජන....දවසින් ගන්න...
ඇමති තුමා....මෙතන...උඹට කරන්න ඇති වැඩක් නෑ...මැරුනෙ මගෙ අම්මා මිසක්.....උඹගෙ කවුරුත් නෙවෙ....ශාක්‍ය ....
මං ගන්නම්....
🥺ආය....හෙත එන්නම්..අනේ...හාත...
😩ම්හුක්.....
ජොබී.....
එන්නකන් පයිස්සමින් ඉන්න හාත
Nedeesha
.