WebNovels

Chapter 31 - 31

ම්ම්ම්ම්හ්හ්...

ශ්ශ්...ශ්ශ්....දොයියන්න...දොයියන්න....

තාම රෑ.....

මට නින්ද ගියා ..නපුරු නිර්වාන් අත් දෙකෙම්ම මාව තුරුල් කරගන්නකොට මං ලොකුවට මගෙ අඩු දෙක දාන විදිහටම මගෙ අඩු දෙක දැම්මා විතරක් නෙවෙ පූසෙක් වගේ තවත් එයාගෙ බෙල්ල අස්සට රිංගන් කෙදිරි ගෑවා..... .....

කඩින් කඩ මට ඇහැරුන.....ලයිට් එලි වලට වගේම නුපුරුදු තැන විතරක් නෙවෙ...මාව මේ කිටි කිටියට තුරුල් කරන් ඉන්නෙ නිර්වාන් කියන එකත් මතක් උන මට නින්ද ගියේම නැතිතරම් වෙනකොට පූසා වගේ උන්න මං දහපාරක් විතර චූ දාන්න ගියා.....

දනහිස් දෙකම සුදු පාට බැන්ඩේජ් වලින් ඔතලා තිබ්බා මදිවට වැලමිටවල් දෙකත් ඔතලා තියනකොට මං නිකන් පිරමීඩෙකින් නැගිටන් එන හන රෙදි බාගෙට ගලවගත්තු මමියක් වගේ වෙද්දි හරියට නවා ගන්න බැරි දනහිස් හන්දා මං රොබෝ ටික්කා වගේ දෙපැත්තට වැනි වැනි ඇවිද්දා ...

අවසානෙදි සුදු පාට ගාපු බිත්තියෙ එල්ලා තිබුන රවුම් ඔරලෝසුවෙ කටු ටික තුනෙ කනිසම පහු කරනවත් එක්කම සීනි අමාරුව හැදිල වගේ චූ කරන්න දුවපු මට නිර්වාන් ගාව හොදටම නින්ද ගියා විතරක් නෙවෙ...මං හොරෙක් වගේ අතකුත් තියාගත්තා .....

ම්හුක්....මගෙනෙ.......!!

Suzume .....!

පාන්දර ජාමෙක නින්ද ගියපු මට ලාවට වගේ suzume සින්දුව ඇහුනා......ඇහෙන නෑහෙන ගානට..ඇහෙනවදත් කියලා සැක හිතෙන ගානට ........

අලුත් දවසක් පටන් අරන්....

මන් ඉන්නෙ තවමත් නිර්වාන් ලග.....

අනිවාර්යයෙන්ම ඉර පායලා ඇති....

නෑ...නැතිව ඇති....ඉර පෑව්වා නම්...අනිවාර්යයෙන්ම එයාව බලන්න ඩොක්ටර්ස්ලා එනවා.....එහෙනම් මට එයාගෙ ඇදෙ කොහොමත් ඉන්න බෑ......

එහෙනම්...ඉර පායන්න තව වෙලාව ඇති.....

දන්නෙ නෑ.....මොකද මං තවම ඇස් ඇරියෙ නෑ.....මං උන්නෙ තවමත් ඇස් වහගන...මට ඇස් අරින්න ලෝභ හිතුනා....නිර්වාගෙ ඇගේ උනුසුම වගේම මම නිදි කියලා හිතාගන එයා මාව ඇහැරෙන්නෙ නැති වෙන්න තියන චූටි චූටි හාදු එක්ක මට ඇස් අරින්න ලෝභ හිතුනා...

එයාගෙ නපුරු ආදරෙයි....suzume එකයි දෙකම එකට එකතු වෙලා මාව වෙනමම ලොකෙකට අරන් යනකොට මට එක පාරම නිර්වාන් කියපු කතාව මතක් උනා....

එයා ඇහුවා කවදා හරි දවසක එයා මේ ලෝකෙ ඉන්න නපුරුම මනුස්සයා උනොත් ,නරකම මනුස්සයා උනොත් මං ඒත් ආදරෙයිද කියලා .....

නපුරුම මනුස්සයා උනොත්....මට ඒත් ආදරේ කරන්න පුලුවන් ....මොකද...නපුරු කියන්නෙ නරක කියන එක නෙවෙනෙ....නිර්වාන් දැනුත් නපුරුයි ...ඒත්....නපුරු කම අස්සෙ කොච්චර ආදරේ තියනවද....

ඒත්..නරකම මනුස්සයා උනොත්....?

එහෙම උනොත්...නිර්වාන් ගාව තියන ආදරේ වෙනුවට මොන ගතිගුන ඒවිද....

ඇත්තටම අනේ..මට නරකම මනුස්සයෙක් උනොත් ආදරේ කරන්න පුලුවන්ද ....

යතාර්තවාදීව හිතනවා නම්....ඇත්තටම මට බෑ....

මං කොහොමද ආදරේ කරන්නෙ.....

ඒත්...

ඒත් මට පුලුවන් ...එයාව නරක මනුස්සයෙක් වෙන එක නවත්තන්න....මිනිස්සු කවදාවත් හිතලා නරක මිනිස්සු උනේ නෑ....මිනිස්සු කවදාවත් හිතලා නපුරු මිනිස්සු උනේනෑ.....

මගෙ නිර්වාන් නපුරු වෙන්නත්..නරක වෙන්නත් හේතුවක් තිබුනොත්...ඒකට එකම හේතුව වෙන කවුරුත් නෙවෙ..එයාගෙ අම්මයි...අර ඇමතියයි.....

නෑ...මං කවදාවත් නරක මිනිහෙක්‍ය කියලා අතාරින්නෙ නෑ....මොකද ...මම කවදාවත් මගෙ නිර්වාන්ව නරක මිනිහෙක් වෙන්න ඉඩක් තියන්නෙ නැති හන්දා...

මං කල්පනා කෙරුවා ..ඇස් දෙක පියාගනම කල්පනා කෙරුවා ...තවමත් නිදි කියලා හිතාගන උන්න එයා මගෙ ඔලුව අත ගෑවා.....හිස් මුදුනට ගනින්න බැරි තරම් හාදු තිබ්බා...කොටිම්ම මේ ඉන්නෙ යකෙක්ට වගේ තරහ යන නිර්වාන් කෙනෙක්ද කියලා මට හිතන්නම අමාරු තරම් මගෙ නිර්වාන් ආදරනීයම චරිතයක් වෙලා ඉන්නකොට අනේ මට එයා මගෙ කන්පෙත්තකට මුමුනවා ඇහුනා....

මගෙ ඇගත් එක්ක සීතල වෙලා ගියා...කොටිම්ම මගෙ පපුව නතර වෙන්න ආවා වගෙ දැනුනා.....ඒ තරමටම නිර්වාන් ආදරනීයයි.....

අනේ....මේ තරම් ආදරෙ හන්ගන් ඉන්න නිර්වාන් කවදාවත් වෙනස් වෙන්න එපා දෙයියනේ...

මගෙ නපුරු නිර්වාන් මට ආදරෙයි කිව්වා....

ආදරෙයි කියලා මගෙ කනට කෙදිරුවා ....නින්දෙන් වගෙ උන්නා උනත්...එයා මට ආදරෙයි කියනකොට මගෙ යටි හිත එයාට සිය වතාවකට වඩා ආදරෙයි කියලා කෑ ගැහුවා.....

මං ආදරෙයි ලමයො...!

මං ඇස් පියාගනම උන්නා..මට බය හිතුනා....ඇස් ඇරියොතින් එයා මගෙ ඔලුව අතගාන එක නවත්තයි කියලා .....

මං ඇස් පියාගනම උන්නා....මට බය හිතුනා...ඇස් ඇරියොතින් එයා මට හාදු තියන එක නවත්තයි නවත්තයි ....

හැබැයි...මේ හැමදෙම නවතියි කියන බයට ඇස් පියාගන උන්න මට උදේ පාන්දරට එන අර සාපකාරි චූබර අල්ලන් ආවා...

නෑ....මටචූ බර නැ.....

මට චූබර නෑ.....

මට චුට්ටක් වත් චූ බර නෑ.....

චූචිට....චූ.....ච්චක් වත් චූ බර නෑ...

10...9....8.....7....6.....5...4...3...2...1....

කාම් ඩවුන්...කාම්...ඩවුන්...චුච්චක් වත්.....චූ...බර නෑ....

මං කකුල් දෙක මෑ කරල් දෙකක් වගෙ ඔතා ගත්තා........දහයෙ ඉදන් එකට ගනන් කෙරුවා ....චූ බර නෑ.....නෑමයි කියලා මගෙ හිතට මං වද දුන්නා....හැබැයි මම ඒක අමතක කරන්න හදන වාරයක් වාරයක් පාසාම මට චූ බර එන්න එන්නම වැඩි වෙද්දි මං හිමීට ඇස් ඇරියා.....

එලිය වැටිලා.....

මෙච්චර වෙලාම ඇහුන suzume එකනෑ.....

මෙච්චර වෙලාම මගෙ ඔලුව අත ගාපු නිර්වාන් තව දුරටත් මගෙ ඔලුව අතගෑවෙ නෑ.....එයාට නින්ද ගිහින්ද කොහෙද ....

ඉවසන්න බැරි චූබරත් එක්ක නැගිටපු මං මුලිම්ම දැක්කෙ තනි සුදු පාට වීදුරු වගෙම අන්දාකාර අහසලා පාට ගහන් එන හැටි වෙනකොට ඒ දිහා බලන් උන්න මට ඈනුමක් ගියා.....ඈනුමක් ඇරපු මං නිර්වාන්ට නින්ද ගිහින් තිබුනොත් කියලා හිතල දගලන්නෙ නැතිව එයාගෙ පැත්තට හැරුනා ...

එයා නිදි නෑ....

එක අතකින් මාව තුරුල් කරන්...අනිත් අතෙන් එයා ඵෝන් එක ඔබනවා...වස්සැප් එකේ උඩට පහලට යනවා....

තවමත් ඇස් වල නිදිමත ගතියක් තිබුන මම ඇස් දෙක වහ වහ ඇර ඇර හොරාවට ඕප දූපයක් හොයන්න යනකොට වට්සැප් එකවුන්ට් එක දැකපු මට එක පාරම නිදිමත වාශ්ප වෙලා ගියා.....මට.ඔලුවට හෙනයක් පිපිරුවා වගේ උනා

දෙයියනේ...ඒක....ඒක...මගෙනෙ....මගෙ වට්සැප් එකනෙ.....!

මේ නිර්වානයා උදේම්ම බලන්නෙ මගෙ වට්සැප් එකනෙ....

.නෑ වෙන්න බෑ..මගෙ ඵෝන් එක ගෙදරනෙ.....

ඔව්නෙ...මටත් නිදි විකාරනෙ.......එයා කොහෙ බලන්නද මගෙ වට්සැප් එක.......

ඇස් දෙක බාගෙට ඇරන් උන්න මං හිමින් සැරේ තවත් චුට්ටක් ඇස් දෙක ඇරියා....මෙච්චර වෙලාම බාගෙට ඇරන් උන්න ඇස් දෙක සම්පූරනම ඇරියා විතරයි මේ පාර නම් මට පොලව පලාගන යන්න හිතුනා...

අනේ යකෝ.....හ්

නිර්වානයා....

මාර්ක් සකර්බරගයගෙ මිත්තනියට කැකුලු හාල් ගරන්න...

අනේ...මුනිතාස අයියේ....හ්හ්....

නොම්බර දාහත....නෙවෙ...අද නොම්බර නෑ.....අහසට ගියපු සලුපොට තාම නෑ...!!

නිර්වානයා උදේ පාන්දර කුකුලත් අතෙ අරන් ගිහින් ලොග් වෙලා තියෙන්නෙ මගෙ වට්සැප් එකට නේද....

අනෙ...අනේ..සකරබරග්....උඹ meta meta ගගා ඉදලා ඔය කරලා තියෙන්නෙ........මෙතා දැන් පේනවා....උඹට්ත් ඕන් නැති මගුලක් නැනෙ සකරබරග් ...මගුල....

මං හොරා වගේ බලන් උන්නා...නපුරු හෙඩි පොපිට් අයියා නලුවගෙ චැට් එකේ එහා මෙහා යනවා...අනේ.....

අද නම්....ගෞරවයෙන් බුදු සරනයි...චූචි .....

අර පික්කුව....

ම්හුක්....සමරුවක් වෙනුවට ගහපු පික්කුව....අයියෝ..ඩිලීට් කරයිද.....?

ඇස් ඇරපු මං ආයම නිදි එකා වගේ ඇස් හොරට පියාගන මං බලාගන උන්නා....නිර්වාන් ඒ පින්තුරෙ ලොකු කර කර බලනවා..නිකන් නෙවෙ...නලුවා අල්ලන් ඉන්න තැන එහෙම හොදටම සූම් කරලා බලනවා...

අනේ අප්පච්චි ....අද නම් දෙවනි දරු පැටියට ගෞරවයෙන් බුදු සරනයි අප්පච්චි ....මූ ඒකමනෙ බලන් ඉන්නෙ...ඒකමනෙ බලන් ඉන්නෙ......

නිර්වාන් ඒ පින්තූරෙ සේව් කෙරුවා ...සේව් කරලා අනිත් අතට මං බලාගන ඒකම ආයම කාටහරි යැව්වා....

කාටත් නෙවෙ...කාටත් නෙවෙ...අනේ...යකො....ඩිපූටියට...අනේ...බන්.....එපානෙ...

"ශෙනිරු මං නිර්වාන් ,මේ ඵොටො එකේ ඉන්නෙ එකා.මොකාද....හවස් වෙන්න කලින් මට මූ මොකාද කොහෙද ඉන්නෙ කරන්නෙ මොනාද කියලා මැසේජ් එකක් දාපන්"

මට කෙලත් ගිලුනා....බය උන පාරට මට කෙලත් ගිලුනා..අනේ නිර්වාන් නලුවව මරන්නද යන්නෙ....නැත්තන් උස්සන්න වත්ද...අනේ.....නලුවෝ...මගෙ මිනිහට වැරදි වැටහීමක් වෙලා....බේරියන්කෝ...මූ මහ මැරයා.....

ඒ.චැට් එක ඉවරයි...නලුවගෙයි මගෙයි චැට් එක දිහා බලන් උන්න නිර්වාන් අනිත් පාර චූටි අයියගෙ සයන්ස් ක්ලාස් එන අර අනිත් අයියගෙ එකට ගියා.....මට දැන් අර මිරිස් කරල් බදිනකොට ඒ සැරට කහින පූසා වගේ.....

චූ බර වාස්ප වෙලා ගිහින් කැස්සක් එන්න වගේ ආවා....

සයාශ් .....ඔච්චර අමාරුවෙන් ඇස් වහන් ඉන්න ඕන් නැ...ඇහැරෙනවා.....

අනේ....හ්..අප්පච්චි ...හ්

සුතර්මා ...දරු පැටියට විශාල සද්දයක් ඇහෙන්න යන්නෙ.....හ්

නිර්වාන් මට කතා කෙරුවා ....බැන්නෙත් නෑ....හැබැයි....හොදින් කතා කෙරුවෙත් නෑ...ඔච්චර අමාරුවෙන් ඇස් වහන් ඉන්නෙ නැතුව ඇස් අරින්න කියනකොට මං බයටම ඇස් දෙක තවත් තද කරගත්තා ....ඒ උනත් ඇස් වහන් ඉන්නකොට ඊට වඩා බය හිතුනා...මං ආයම ලාවට ඇස් ඇරියා...

තමුසෙට දැන් අයියලා වැහි වැහැලනේ ඕයි....ම්ම්ම්ම්

............

"ඔයාට ඕන එකක් කියන්න මං ගෙනල්ලා දෙන්නම්..."

අරූ එහෙන් එක දිගට මට පාස්පේපර්ස් පොත් ගැන කියනකොට මාත් මොකාද වගේ ඒ හැම එකටම හා අයියේ ...හා හුයියෙ ගාලා තිබ්බා විතරක් නෙවෙ.....චැට් එකේ උඩට උඩට යනකොට නිර්වාන් ගැනයි ශෙනිරු ගැනයි අහපුවා පවා තිබුනා...

ම්ම්ම්...ම්ම්...දැන් මං ගැන මට වඩා දන්නෙ මූද ආ සයාශ් ...තමුසෙගෙ නිරූ ගැන.....නිරූට වඩා දන්නෙ මූද....?? අයියෙ..අයියෙ..අයියෙ...හැම එකටම අයියෙ...ආ ඕයි තමුසෙ නැලවිලානෙ මේ මැසේජ් වල.....ආ.??

...........

සයාශ් .....නිකන්...බොරුවට තමන්ව රවට්ටගන්නෙ නැතුව නැගිටිනවා....

මෙච්චර වෙලාම එයාගෙ පපුවෙ පැත්තක නිදිකරවන් උන්න මාව නිර්වාන් තල්ලු කෙරුවා ........එයාගෙ මූන දිහ බලන්නත් බයෙ උන්න මං තවමත් උත්සහ කෙරුවෙ මේ මොකූත් නොදන්න එකෙක් ගානට ඉන්න වෙනකොට තල්ලුවෙලා ගියපු මං ඇස් දෙක අත් දෙකෙම්ම පොඩි කෙරුවා ....ඈනුමක් ඇරියා ...ඔලුව කැසුවා ...එ විතරක් නෙවෙ දැන් දැන් තරහෙන් උන්න නිර්වාන්ගෙ නපුරු මූන දිහාබලාගන යටි බඩෙ බිත්තර තම්බ තම්බ උන්න මං මගෙ සිගිති දසන් විහිදවලා හිනාත් උනා..

ගුත් මෝනිම් නිරූ....ඔයාගෙ චූචියා නැගිට්ටා .....👉👈....

ම්ම්ම්...උඹ මගෙද.....?උඹ මගෙද....ම්ම්....?උඹ මගෙ කියලා උඹ දන්නවද ....??

ඔ...ඇයි....එහෙම..නෙවෙද ....න්..නිරූ....ඇයි...මෙ ඔයා ඉරපායන්නත් කලින්....තරහා...අරන්....චූචිගෙන් යම්කිසි....වැරත්තක්....වත්....ආහ්ව්....න්..නි...ම්ම්.....භ්භ්.....

ඔක්කොටම....උත්තර දෙන්නම්....ඊට...කලින්...මං....උඹගෙ කට කඩන්න කලින් කියපන්....උඹ මගෙද කියලා .....

භ්භ්..නි..නිර්....ම්.....

හිනා වේගන උන්න මගෙ මූනෙ හිනාව එක පාරම නැතිව ගියා...රතු වෙලා ඉදුන තක්කලි ගෙඩියක් යුශ බේරෙන තරමට අතින් මිරිකනවා හා සමාන තදින් එයා එක අතකින් මගෙ මූන කට මිරිකගන්නකොට අර හිනාව වෙනුවට මගෙ ඇස් වලට උදේ පාන්දර ඉර පායන්නත් කලින් ඇස්වලට කදුලු ආවා.....

කියපන් ඉතින්...උඹ දන්නවද උඹ මගෙ කියලා ..ආ....කට ඇරලා....උත්තර දීපන්.....

නිර්වාන් ....මං...මං...එයාට...

ඔව්....උඹ එයාට මොනවද...උඹ එයාට කියපු රෙද්දට කලින්....මම අහපු එකට උත්තර දියන් සයාශ් .....මං ඇහුවෙ....

අනේ....ගහන්...න...එපා...මං...ඔයාගෙ...නෙ....මං....ඔයා....ගෙ..නේ........අනේ...නිරූ ...මං.....ඔයා...ගෙ...නේ.....

මං අත් දෙකෙම්ම මූන වහගත්තා ....එයා ගහයි කියලා බය හිතුන මං අත් දෙකෙම්ම මූන වහගත්තා .....ඔක්කොටම කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දියන් කියලා කියපු එයා මාව මෙට්ටෙට තද කරන් ඇග උඩ ඉදගන්නවත් එක්කම මං එයාගෙ කිය කිය මූන වහගත්තා ...

අත්දෙක අහකට ගනින්....

සයාශ් .....මං...තව එක පාරයි උඹට කියන්නෙ.....මාව...කැ නොගස්ස...ඔය අත් දෙක අහකට අරගන.....මගෙ දිහා බලපන්....

නිර්...වාන්...අනේ...ගහ...න්න...එපා...

නිර්වාන් .....

නෑ...මං ගහන්නෙ නෑ...අත් දෙක අහකට අරගන....මගෙ දිහා බලපන් සයාශ් ....

මගෙ ඇස්වලින් කදුලු බේරෙනවා...මට එයා අහන ඒවට දැන් නෑ කියන්න බෑ...එයා මගෙ මුලු වට්සැප් එකම හේදුවා වගේ එකින් එක...එකින් එක මැසේජ් බැලුවා...සමහර වෙලාවල් පාන්දර එකයි දෙකයි..තුනයි........

මම තමුසෙට ආදරෙයි කියලත් දැන දැනනෙ ඕයි මේ තමුසෙ නැලවිලා තියෙන්නෙ....ආ....

නිර්...මේ අහන්න...

නෑ..නෑ...පොඩ්ඩක් ඉදපන්....මං තොට එදා තකහනියෙත් පොතක් ගෙනත් දුන්නා...ඒ මොකටද.....ම්ම්ම්...කියපන්....ඒ මොකටද....වෙන කාගෙන්වත් ඉල්ලන්න එපාය කියලා ...මං තොට තකහනියෙම පොතක් ගෙනත් දුන්නා...එහෙම තියෙද්දිත්....අනික මූ සයන්ස්...තෝ කරන්නෙ ආර්ට්...පාන්දර එක දෙක වෙනකන් මැසේජ් කර කර ....මැසේජ් කර...කර......

චටාස්....!!!

අව්ව්හ්...අනේ...හ්..නිර්....නිර්....වා...න්..අනේ....යි...යෙ.....හ්..අතෑරපන් ...නිර්වාන් ..අතෑරපන්.....මං...මං...උඹගෙ උන පලියට...මං..උඹගෙ...උන පලියට...මාව..මෙහෙම...හිරකරන්න...එපා....නිර්වාන් .....මටත්...කියල නිදහසක්..ජීවිතයක් තියනවා....මටත් කියලා යාලුවො ...ඉන්..නව.....මට...මගෙ...පාඩුවෙ.....ඉන්න දියන්...

උඹගෙ පාඩුවෙ ...උඹගෙ පාඩුවෙ....ඔව්...ඔව්...එතකොට තොටත් වේසකමේ යන්න ලේසීනෙ නේ....?පාඩුවෙ ඉන්න ඇරියම...තොට ඕන එකක් කරගනින් කියල බලන් උන්නම...රෑට රෑට මැසේජ් කර කර වේසකම් කරන්න ලේසීනෙ...නේ....ආ...

නිර්වාන් !!!!

මං කෑගැහුවා...වැදුන කම්මුල් පාරට මගෙ කම්මුල පුපුරු ගහනකොට මං කම්මුල අල්ලන් එයා කියපු කතාවලට කෑ ගැහුවා....

ඇයි උඹ....ම්ම්ම්...මොකද උඹ...කියපන්....මොකද උඹගෙ කට....ම්ම්ම්ම්...කියපන්...කියපන්........

නිර්..වාන්...මගෙ.....මට...රිදෙනවා..නිර්වාන් ...අතෑරප...න්...නිර්වාන් ....

අතාරින්න ...අතාරින්න බලන් නෙව්මන් උඹව අල්ල ගත්තෙ.... එහෙම එකේ...උඹ කොහොමද කියන්නෙ අතාරින්න කියලා ...ම්ම්ම්...අරූ මොනවද උඹට තව කිව්වෙ...ම්ම්ම්..අර උඹගෙ අලුත් අයියා...උගෙ අම්මා...මෙහෙමයි...උගෙ අප්පා මෙහෙමයි.....ඌ මෙහෙමයි කිව්වද...ම්ම්....ඇයි වටෙ ගියේ ....ම්ම්....ඇයි උඹ වටේ ගියෙ....කෙලිම්ම මගෙම්ම අහන්න තිබ්බනෙ....මට හිනා වෙන උන්ගෙම්ම ගිහින් අහන්නෙ....ඇයි....තොට කට නැද්ද...නිර්වාන් උඹගෙ අම්මා කව්ද...උඹගෙ අප්පා කව්ද...උඹ මොන වගේ එකෙක්ද.....ඇයි උඹට මගෙන් අහන්න බැරි උනේ....

මං දැගලුවා...මගෙම ඇග උඩ ඉදගන උන්න නිර්වාන් අනිත් පාර බෙල්ල පිටිපස්සෙන් කිටි කිටියට අල්ලගන ඇයි එයාගෙන් අහන්න බැරි උනෙ ගගා මාව හොලව හොලව දත් මිටි කනකොට මං මගෙ බෙල්ල ගැලවෙයි කියලා බයේ උන්නා...

නිර්වාන් ...මන්..උඹ වගේ නෙවෙ...මට...උඹට් වගේ මූනට...අහන්න....

ඔව්...උඹට මුනට අහන්න බෑ...තොට පුලුවන් රැ එලිවෙනකන් වෙන වෙන උන් එක්ක හුරතල් වෙවි අහන්න එහෙම නේ.....ආ....එහෙම නේ.....වේසකම....වේසකම....තොට එකෙක් ඉන්නව කියලා දැන දැනම...තෝ හදන්නෙ මාව රවට්ටන්නද...ආ...??

එයා මාව හෙලෙව්වා...කම්මුල් පාරෙ සැරට දැනටම යටි තොල පුපුරලා තියනකොට මම කදුලු පුරවන් නිර්වාන් දිහා බලාගන උන්නා.....මම නෙවෙ වචනයක් කිව්වෙ..එයැ ඇහුවෙම එයාවත් රවට්‍ටන්නද හදන්නෙ කියලා වෙනකොට මගෙ මුනටම වේසකම කිය කිය බැන්නා...

නිර්වාන් .....ඕන...දෙයක්...කියපන්....ඕන...තරම් ...ගහපන්.....මට....වේස පද හදන්න එපා නිර්වාන් .....උඹව...රවට්‍ටන්න...ඕනානම්...මොන රෙද්දටද නිර්වාන් මං මහ රෑ උඹව හොයන් එන්නෙ....??මොන රෙද්දටද මං උඹව හොයන් එන්නෙ...මට අමතක උනා...වේසකමට...මන් මහ රෑ පාරවල් ගානෙ අඩ අඩ දුවන්නෙ වේසකමට......උඹ මට මෙහෙම රිදවන්නෙ ඇයි නිර්වාන්...මං උඹට ආදරේ කරන්නෙත් වේසකමට නම්...කරුනාකරලා මාව අතෑරපන් ..අතෑරලා....උඹ..උඹට ඕන එකෙක් එක්ක පලයන්....උඹ ඕන එකෙක් එක්ක පලයන් නිර්වාන් .....මාව හිර නොකර....පලයන් මං මෙච්චර ආදරේ කරලත් උඹ මට මෙහම කරනකොට මට රිදෙනවා නිර්වාන් ....මට...රිදෙනවා...අයියෙ...

මට...රිදෙනවා...

මන් ඇඩුවා...මං ඉකි ගැහුවා.....එයාගෙම වචන එයාටම කිය කිය මගෙ අත් වලින් මං ඒ ඉදිමුන පපුවට පුලුවන් තරන් ගැහුවා ......මාව අතෑරපන් ගගා මං කැ අ ගැහුවා.....

චූටි.....

තත්පර ගානක් යනකන් එයා මීක් නොගා උන්නා....මම ගහන පාරක් ගානෙම එයා ඒ ගුටි කාගන රවාගන වගේ බලාගන උන්නා.......අවසානෙදි එයා ආයම මට චූටි කිව්වා...ඒ කටහඩ ආයම නිවිලා.....මෙච්චර වෙලාම යකා වැහිලා උන්න සන්දීර් එකපාරම නිවුනා...ඒක හරියටම සුනාමිය එන්න කලින් මුලු මුහුදම එකපාර නිස්චල වෙලා ගියා හා සමාන හැගීමක් වෙනකොට නිර්වාන් ඊයෙ කියපු....."නපුරුම" මනුස්සයව මගෙ පනා පිට ඉන්නකොට බයටම අනිත් පැත්තට හැරෙන්න හැදුවත් එයා මගෙ මූන තදකරලා අල්ල ගත්තා ...

මගෙන්...පැනලා යන්න හිතන්නවත් එපා...මොකද ....උඹමයි...පොරොන්දු දුන්නෙ...මොන දේ උනත්...මට ආදරෙ කරනවා කියලා ....උඹමයි පොරොන්දු දුන්නෙ...මං ඇහුවා විතරයි ...හැබැයි....පොරොන්දු ඉල්ලුවෙ නෑ...උඹම දුන්න පොරොන්දු ....උඹම කඩනවා නම්....ඊලග තත්පරෙ මං කඩන්නෙ උඹගෙ බෙල්ල.....

නිර්...වාන්....අතෑරපන් ...අනේ....මට.....රිදෙනවා...අයියේ.....මට....

රිදෙනවනෙ....

අතාරින්නම්.....ඒ ඔක්කොටම කලින්...මට මගෙ වස්තුව.....මගෙ පන උඹ මේක කියපන්කො....කාගෙන් අහලද උඹ මේ නම්බර් එක දුන්නෙ ම්ම්ම්....??

නිර්...නිර්.....

නෑ...නෑ ගහන් නෑ....මං අහනවා ....කැමති උත්තරයක් දීලා....මේක ඉවර කරමු...මොකද තව චුට්ට වෙලාවකින් ඩොක්ටර් එනවා .....ඒ විතරක් නෙවෙ ...අම්මත් එනවා ....අම්මා එන්නෙ තනියම නෙවෙ ...ඒක නිසා....මට කියන්න පුලුවන්ද .....

සමාවෙන්න...අනෙ....නිර්වාන් ...මං ආය කාටත්....කාටත් .....

ම්ම්ම්..ඇති.....හොදද......අවසානම ප්‍රශ්නෙට කලින් එක....

මං ඇද රෙදි මිරිකගත්තා ..නිර්වාන් කතා කරන්නෙ මේ ලෝකෙ කිසීම මනුස්සයෙක් ගාව තියනවයි කියලා හිතන්න අමාරු ඉවසීමකින් වෙනකොට අර නපුරු ඇස් එන්න එන්නම රතු වෙන හැටි දැකපු මට තුන්මුනින් දාඩිය දැම්මා ....එයාගෙ වචන .....බෙල්ල අත ගගා ඊලග පාර කඩන්නෙ උඹගෙ බෙල්ල කියනකොට මගෙ ඇගම හිරි වැටුන විදිහ ආය ආයම මතක් වෙනකොට මං ඇද රෙද්ද කිටි කිටියට මිරිකගත්තා ...

උඹව අතාරින්න කියලද කියන්නෙ ම්ම්ම්ම්.....

නිරූ....

අතාරින්න කියලා නම් කියන්නෙ...මට පුලුවන් ....උඹ ඉස්සරහම...මට පුලුවන් උඹ ආදරෙ කරන මමම...උඹව අතෑරලා දානවා බලන්න...

වදින්නම් ...අනෙ...එපා....එපා නිර්වාන් ....එපා නිරිවාන්....අනෙ....අයියෙ....එපා......

මං එයාගෙ බෙල්ලෙ එල්ලුනා....මං එයාගෙ බෙල්ලෙ එල්ලීගන එපාඑපා කිය කිය දැගලුවා ...එයා නෙවෙ මාව අතින් වත් ඇල්ලුවෙ .....එයා නෙවෙ මාව තුරුල් කරගත්තෙ.....

නිර්වාන් ....මට....

මං උඹට සමාව දුන්නෙ උඹ නැගිටින්නත් කලින් චූටි.....

විනාඩි ගානක් ....හරියටම විනාඩි ගානක් යනකන් මං ඒ බෙල්ලෙ එල්ලිලා එයාගෙ උරහිස් උඩ මූන ගහන් පුලුවන් තරම් ඇඩුවා අවසානෙදි එයා එයාගෙ ඇගෙ එල්ලීගන උන්න මාව එක අතකින් තුරුල් කරගන මට සමාව දුන්නෙ මං නැගිටින්නත් කලින් කියනකොට මන් කදුලු පුරවගන එයා දිහා බැලුවා.....

අයින් වෙන්න.....

දාලා...යන්න...එපා....නි....

දාලා යන්නෙ නෑ..මං ඉන්නෙ ඔයගෙ ඇග උඩ...මං බරයි...

එයා හරි...එයා උන්නෙ තාමත් මගෙ ඇග උඩ.....මං එයාගෙ බෙල්ල අතෑරියා හැබැයි එයා මාව අතෑරියෙ නෑ.....ඒ වෙනුවට එයා කෙරුවෙ මාව තුරුල් කරගනම පැත්ත මාරු කරපු එක වෙනකොට මන් අඩ අඩම එයාගෙ උරහිසට මූන ඔබන් උන්නා...

මට රිදුනා...ගහපු පාරට වඩා....මට එයාගෙ වචන පුදුම විදිහට හිත පෑරෙව්වා ....

නිරු...මං...මං....

ශ්ශ්....පොඩ්ඩක් ඔහොම ඉන්න.....හොදද..මට දැන් කතා කරනන්වත් අහන්නවත් බෑ...චූටි...හොද දරුවා වගේ....එක විනාඩි පහක් දෙන්න.මට...

එයා ආයම වෙනස් උනා...අර කලින් වගේම මාව අතගෑවා.....අහන්නවත් කතා කරන්නවත් බෑ කියපු එයා විනාඩි පහක් ඉල්ලනකොට මම කෙරුවෙ පුලුවන් තරම් අඩපු එක....මට ඔරොත්තු දෙන්නෙ නෑ....නිර්වාන්ගෙ තරහව මට ඔරොත්තු දෙන්නෙම නෑ......එයා නපුරුයි ...එයා පුදුම තරම් නපුරුයි ......

චූටි.......

......

කෝ මේ පැත්ත හැරෙන්න...

මං උන්නෙ තවමත් එයාගෙ උරහිසය මූන ගහගන.....මගෙන් විනාඩි පහක් ඉල්ලපු එයා අනිත් පාර මගෙ ඔලුව අතගාන ගමන් එයාගෙ පැත්ත හැරෙන්න කියනකොට අඩලා අඩලා උන්න මං නහයෙ හොටු පුරවගන හුස්ම ඉහලට ගන්නත් බැරිව.පහලට දාන්නත් බැරිව කට ඇරන් හුස්ම ගන්න ගමන් එයාගෙ පැත්තට හැරුනා...

කෝ....හු...ම් කියන්න.....

මං හැරුනා විතරක් ...එයා කිසිම අප්පිරියාවක් නැතුවම එයාගෙ ඇදුම මගෙ නහයට තිබ්බා ...

හුස්ම ගන්න පුලුවන්ද ....

මං ඔලුව හෙල්ලුවා...නහය ඔක්කොම හිර වෙලා...ඒත් මං කට ඇරගනම හිටිය....මගෙ හිතට මහ වේදනාවයි.....මගෙ දිහා බලන් උන්න එයා ඇස් දෙක හීනි කරන් ඉදලා අවසානෙදි ආයම ඇද පල්ල දිහා බැලුවා...බලලා මගෙ ඔලුව පිටිපස්සෙන් අත තියලා එයා මාව මූනට ලන් කර ගත්තා ....

නි...රූ.....ඇයි...භ්භ්....භ්...

මගෙ ඇස් දෙක ලොකු උනා...හිතුවෙ වත් නැති දෙයක්.....එයා එහෙම කරයි කියල හිතන්නවත් බැරි දෙයක් ...

එයා මගෙ නහයට කට තියලා හිර වෙලා තිබුන නහය බුරුල් කෙරුවා .....

ඇයි...නි....ර්...වා....

මට ආයම ඇඩුනා...අනේ කොච්චර නපුරු උනත්...මේ වගේ දේවල් කරනකොට මන් තරහා ගන්නෙ කොහොමද දෙයියනෙ...

නොතේරෙන කාලෙදි හෙම්බිරිස්සාව හුස්ම ඉහලට පහලට දාන්න බැරි වෙනකොට මගෙ අප්පච්චි කරන්නෙත් මාව වගේම.ලොකුවව හරහට අරන් නහය උරවන එක...ඒ අප්පච්චිලා...හිතේ කිසිම අප්පිරියාවක් නැතුවම එහෙම කරන්නෙ අප්පච්චි ලා.....ඒ.....දේම...ඒ දේම ආයම නිර්වාන් කරනකොට ...මගෙ පපුව ගලවන් යන්න ආවා.......එයා කිසිම කැතක් නැතුවම එහෙම කරනකොට මට මහ වේදනාවක් දැනුනා...

.

චූටි....

ටිශූ එකක් අරන් දිව පිහදගත්තු එයා අනිත්පාර මගෙ දිහා බලන් කතා කෙරුවා ...මගෙ කකුල් දෙක ඇදෙන් පහලට කඩා වැටෙනවා...

චූටි.....දෙයක් කියන්නම්....අහන්න...වෙලාවක්...

තියනවද....

ම්ම්ම්...

සමාවෙන්න...

........

මං හරි...නරක...නපුරු ...මනුස්සයෙක්...

සයාශ් .......ජීවිතෙ කවද හරි....උඹ වැඩිපුරම වෛර කරන කෙනෙක් උන්නොත් ...ඒ මම වෙයි සයාශ් .....

..........

මං වීදුරුවෙන් එලිය බලාගන අහගන උන්නා....එයා කියවනවා අර නපුරු නිර්වාන් නෑ....ඒ වෙනුවට ඉන්නෙ අන්තෙටම කඩන් වැටුන නිර්වාන් කෙනෙක් වෙනකොට මන් එයා දිහා නොබැලුවත් කියන වචනයක් ගානෙම අහන් උන්නා ....

සයාශ් ...මන්...උඹගෙන් පිරි මැහුවෙ....අම්මගෙ තරහව සයාශ් ...අම්මත්.....ඔය වගේම ....අප්පච්චිව ඇස් ඇරලා තියලා රැවැට්ටුවා චූටි...

මට...මතක් උනේම ....අම්මව ....මගෙ ජීවිතේ....ඇතුලෙ මං විනාස වෙලා ඉවරයි චූටි....ලගින්ම උන්න අම්මම වංචා කරපු හැටි දැකපු මට.....එක තත්පරේකදි මගෙ ඔලුවම විකාර උනා සයාශ් . .....

පිටින් ලස්සනට පෙනුනට මගෙ ගෙයි ඇතුලෙ ගිනි ගොඩක් ....මට බය හිතුනා ..අප්පච්චිට උන දේම මට වෙයි කියලා .....මට බය හිතුනා චූටි.....අම්මා....අප්පච්චිව රවටපු හැටි මතක් වෙනකොට මගෙ ඔලුවම ගිනි ගත්තා ...අනේ මං උඹට හිතකින් නෙවෙ ගැහුවෙ මගෙ සයාශ් .......

ගිනිපෙරෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එලියටත් බයයි....කියන්න වගේ.....අනේ....සයාශ් ...මං....හරි....බයයි සයාශ් .....මං දන්නවා...කවද හරි....දවසක...මට පිස්සු හැදෙයි........උඹව මට නැති වෙයි....උඹ මට වෛර කරයි.....චූටි....මං පොඩ්ඩ බැරි වෙනකොට සැක කරයි......මං උඹව මගෙ ඇස් වල තියන් පරිස්සම්.කෙරුවත් ...උඹව වැඩි පුරම අඩවන එකා මම වෙයි සයාශ් ....මට...හරි..බයයි....චූටි.....එක්කො..මාව දාලා පලයන්...මං.....මහ පිස්සෙක් ...

මන් අහගනම උන්නා...ඒ වචන වලට මගෙ පපුව කෑලි වලට පුපුරලා යන්න ආවා උනත් ගුටි කාගන උන්න මං එයා දිහා නොබලා වීදුරුවෙන් ඈත බලන් උන්නා....

අන්දකාර අහස නිල් පාට වෙලා....අලුත් දවසක් පටන් අරන් තිබුනා...හැබැයි ඒ දවස මටවත් නිර්වාන්ටවත් අදාල උනේ නෑ.....

එයා කියනව එක්කො එයාව දාලා යන්න කියලා ....

එයා පව්..........මගෙ නිර්වාන් නොසැහෙන්න පව්...එයාම කියනවා.....මම කවදහරි වැඩි පුරම වෛරකරන කෙනත් එයා වෙයිලු.....අර ගෑනි කාලා....අර ගෑනි මගෙ නිර්වාන්ව කාලා.....එයාගෙ හිත අස්සෙ කරකෙන්නෙ එයාගෙ අප්පච්චිව අම්මා රවටපු විදිහ වෙනකොට එයා බයවෙල උන්නා.....

සයාශ් ......මං.....මගෙ..ජීවිතේ.....

ආදරයක් ..ලැබෙන්නෙ නැති තැනකයි...උඹව හොයා ගත්තෙ ....අම්මගෙ....හැසිරීම එක්ක...අප්පච්චි පවා....දැන්..දැන්..මාව මග අරින තැනකදි මට උඹව හම්බ උනෙ......

සයාශ් ..මට....දැන්....මම....උඹට ආදරෙයි කියලා කියන්න කෙනෙක්....ඉන්නවා නම්.....ඒ උඹ විතරයි ....චූටි...මට...දැන්...ආදරෙයි...කියන..වචනෙ..අහන්න....කෙනෙක්...

ඉන්නවා...නම්...ඒ උඹ විතරයි ......සයාශ් ....

නිර්වාන් ....මම...අම්මා....නෙවෙ....නිර්වාන් .....මං....අම්මා.නෙවෙ...මං....චූටිනෙ....මං....කවදාවත් ....රවට්ටන්නෙ....නෑ...නිර්වාන් ...දාලා...යන්නෙත්...නෑ....

මං එයාගෙ මූන අත ගෑවා...ඊයෙට වඩා අද ඒ මූන රතු ගහලා ඉදිමිලා තියනකොට මට හරි වේදනාවක් දැනුනා....එයාට දැන් ආදරෙයි කියන වචනෙ කියන්න ඉතුරු කියනවත් එක්කම මං බලාගන ඒ ඇස්වලින් කදුලු කැට පෝලිමක් කඩාගන වැටුනා .....

මට.....හරි ....වේදනාවයි...චූටි.....මං .

හිතන්නෙ....නෑ....මට.....වැඩි කාලයක්...සෙල්ලම් කරන්න.....වැඩක් නෑ ඒ කතාවෙන් .....මට...සමාවෙයන් චූටි.....මට....හරි ...වේදනාවයි...දැන්...

පපුව උඩ ගල් ගොඩක් ගහලා වගෙ සයාශ් .....

නිර්වාන් ....මං....අම්මා...නෙවෙ....නිර්වාන් ....අනෙ ඔහොම කරගන්න එපා...අයියෙ.....එපානේ....චූටි ඉන්නවනෙ...චූටි....ඉන්නවනේ.....

එයා දෙවනි පාරටත් සමාව ඉල්ලුවා ....දෙවනි පාරටත් සමාව ඉල්ලපු එයා අනිත් පාර පපුවට බරයි කියන ගමන් ගහගන්නවත් එක්කම මං එයාගෙ අතේ එල්ලුනා....එපා කිව්ව...කෑගැහුවා......අවසානෙදි එයා අර කදුලු පිටිම්ම හිනා උනා...

මෙච්චර ..රිදවලත්....තවම...ආදරෙයිද.....සයාශ් ....

අනේ ගොඩක් .....ආදරෙයිනෙ...

ම්න්...සයාශ් ......තරහා ගිය දාක..මාව අතෑරපන්....චූටි....ඒත්....කලකිරුනු..

දවසක....නම්...කවදාවත් මාව අතාරින්න එපා සයාශ් .....තරහා ගිහින් අතෑරියත්.....තරහව නිවුනම උඹ මගෙ ලගට ඒවි...ඒත්....කලකිරුනුදාක.....උඹ.....මාව...ආයම...කවදාවත් ....හොයන්...එන්නෙ...නැති....වේවි....සයාශ් ....එහෙම...කරන්න...එපා....චූටි.....මොකද ....

දැක්ක....පලවෙනි ...දවසෙම්ම....

මං උඹට ඇබ්බැහි වෙලා ලමයො...

මං එයාගෙ ඔලුව අත ගෑවා....චූටි චුටි උම්මා ගොඩාක් දුන්නා.......ගුටි කාපු පාරට මගෙ යටි තොලත් එක්ක පැලිලා ගිහින් තියෙද්දි එයා ගාව උන්න මාව තවත් ලගට ඇදලා ගත්තු එයා අනිත් පාර මේ උදේ පාන්දර හාදුවක් තිබ්බා.....නිකන් නෙවෙ...යටි තොලෙන් මතු උන ලේ බින්දුවත් වාශ්ප වෙලා යන්නම...

වතුරෙ නටන්නෙ නැතුව දත් මදින්න...

ම්හුක්.....එපානෙ....දත් මදින්න...අනෙ...නිරූ......

දැන් ඩොක්ටර් එනවා .....

ඉතින් මාව බලන්න නෙවෙනෙ අනෙ.....ඔයාවනෙ බලන්නෙ....

කට තලාගන උන්න මං ලොකු බ්‍රශ් එකකින් දත් මදින්න බැරි හන්දම නහයෙන් අඩලා අඩලා සිග්නල් ජූනියර් බ්‍රශ් එකක් ගෙන්නන් මගෙ හා දත් දෙක මැද මැද උනු වතුරට කකුල් දෙක අල්ල අල්ල උන්නා....එයා නම් අඩු බඩු කැඩුනත්.....ඇගපත තැලුනත් කොහොම හරි අර සේලයින් බෝතලේ එල්ලන් හෝදගන්න ඕන තැන් වරුවක් තිස්සෙ හෝදගන තාමත් දියබරියා වගෙ වතුරෙ උන්න මා දිහා බලල එක පාරක් රැව්වා විතරක් මං නිකන් විදුලි ආදා වගෙ වතුරෙන් එලියට ආවා....

ම්හුක්.....නිරූ......

.........

මේ ආන්නකො අනේ....බඩ්ඩක් කියන්න තියනවනෙ...

..........

මං හොරා වගෙ ඉදන් නිර්වාන්ගෙ ඵෝන් එක කූරු ගාන්න ගත්තා ...කූරු ගගා ඉදලා අවසානෙදි මම මගෙ වට්සැප් එකට රිංගලා අර චැට්ටික.....වගෙම පපුව පැලෙන් දුකෙන් උනත් නලුවගෙ ඵොටො එකා ඩිලීට් කරන්න හැදුවා ....

ඩිලීට් කරන්නෙ නෑ ආ.....

අනේ.....

අනේ ගාන්නෙ මොනවද ...තියපන්....

ඔය...ආයම යකාට ඇදන්...මේක මහ මගුලක් උනානෙ.....ඇයි යකො....මගෙ කටත් රිදෙනවා...හිටපන්කො....උඹ එක්ක මං යාලු උනාට බැනපු වදන් පපුවෙ තියනවා ඈ...නිහඩව උන්නට...හිටපන්කො.....

මං ඔලුව කහ කහ ඇද උඩ ඉදගත්තා ...එයා නම් ආයම අර උද්දච්ච ගතියෙන් ඉන්නකොට මෙච්චර ගුටිකාල බැනුම් අහලත් උන්න මං ඊලග පාර නාට්ටියක රගපාන්න ඉන්නවා කියන්න කට හදාගන එයා දිහා බැලුවා...

නිරූ........මේ....

ම්න්...

බඩුවක් කියන්නද.....

ම්න්...

බනින්නෙ නැ....ගහන් නෑ කෑ ගහන්නෙ නෑ කියන්න....චූචියව අඩවන් නෑ කියන්න....

ම්න්.....

කෝ...ඉතින්...කියන්නකො....නිරූගෙ චූචිව අඩවන්නෙ නෑ කියලා...කියන්නකො..අනේ........ම්හුක්....

සයාශ් කියනවා නම් කියපන් නැත්තන් කට වහපන්....

එයා ආයම මට සැර කෙරුවා ......ඇඩුවෙ මූමද කියලා හිතන්න බැරි වෙන්න ආයමත් මහ අහංකාර මූනක් මවාගන උන්න නිර්වානයා උනත් නොකියා නොකියා මගෙන් තරහා පිරිමහන ගමන් උන්නා....

ආ...ආ...හරිම...අගෙයි...හරිම අගෙයි...ආ.....චින්තකගෙ බාල බෑනනුවන්ගෙ වෙස්මාරු කිරීමෙ නිපුනතාවය නම් හරිම අගෙයි...ආ...ප්‍රීතී.....නිර්වාන් ....ප්‍රීති.....

හරි....මං කියන්නම්....

මං රවාගත්තා ...රවාගන ගස්සගත්තා.....නිර්වානයා මට ආයම පුප්පනකොට මං ගස්සන් පද්දන් නිර්වානයගෙ වට්සැප් එකට රිංගුවා....රිංගන් උඩට පහලට රිටුවා...ඒ විතරක් නෙවෙ...ඩීසන්ට් පිට ඉන්න නිර්වානයගෙ වට්සැප් එකේ ස්ටේටස් වලට මං එක එක විකාරත් දැම්මා....

"ම්හුක්...."

දැන් මොනවද කියන්න තියෙන්නෙ....

මන් රවාගන ඵෝන් එකට අනිනකොට නිර්වාන් මගෙ අතෙන් ඵෝන් එක අරන් මම දාපු ස්ටෙටස් එක දිහා බලලා ලාවට ඔලුව වැනුවා...

මං දැන් පකයෙක්ද..ම්ම්...

ඔව්...ඔයත් මට වේසකම කිව්වෙ...

චූටී...

මට නාට්ටියකට රගපාන්න එන්න කිව්වා.....

ඕන් නෑ....

අනේ.....

එයා ගත්තු කටටම එපා කිව්වා...ගත්තු කටටම එපා කියපු නිර්වාන් අනිත් අතට අර ස්ටේටස් එකත් ඩිලීට් කරලා දලා ඵෝන් එක පැත්තකට දානකොට මගෙ මූන තනිකරම තිත්ත කැකිරි පන්තියෙ පූසා වගේ වෙනකොට මං නිර්වාන් දිහවට ලන් උනා....

ඕන් නෑ කියන්නෙ....ඕන් නැ කියන්නෙ මොනාද.....මේ නිර්වාන් මන් නාට්ටි සර්ට පොරොන්දු උනා අනෙ .....

........

නිරූ.....අහන්ද ඉන්නෙ... ආ...කන ඇහුනද...නිරූ.......මං සර්ට පොරොන්දු උනා....අනික...ඒකෙ ප්‍රදාන නලුව මං අනේ....අනෙ මන් ඔයාට සින්දුවක් කියලා පෙන්නුවොත් ......ඈ..නිරු...හැප්පි...හැප්පි...හෑපි.....නැත්තන්....im a coconut ....ඒක....අනේ...ම්හුක්......

......

ඇයි අම්මේ කන් ඇහෙන් නෑනෙ.....ඇත්තමයි...ඇත්තමයි නිරූ....මට මේ හොදම නලුවා සම්මානෙ ගන්න තියන අවස්තාව නැති කෙරුවොත් නම් මං මරාගන මැරෙනවා ආ....

ම්න්.....මැරියන් ....

ආ...ආ...ආ....හරිම අගෙයි....හරිම...අගෙයි........මන්ත්‍රී පුතුනුවන්ගෙ උත්තර බැදිල්ල නම්....හරිම අගෙයි...ආ......සුතර්මා.....සුතර්මා ...නොදරු පැටියා ගුටිත් කාගන මේ මිනිහා පස්සෙ දුවන්නෙ....වසී ගුරුකමක් වත් කරලතෝ.....මන්දා.......ප්‍රීතී.....ප්‍රීතී...ආය....

මේකනෙ යකො ආතරෙ ...ආතරෙ මන්තිරේ සදළු තල එලි වෙලා කියන්න විදිහක් නෑ අද.....

මං ආයම රවා ගත්තා .....ආයම රවාගත්තා ....කොච්චර ඇහුවත් එපාම කියපු නිර්වාන් අනිත් පාර ඇස් දෙක හීනි කරන් ඉදලා ඉදලා එක පාරම මා දිහා බලලා ඵෝන් එක මගෙ දිහාවට හැරෙව්වා

සයාශ් ...මුත් එනවද දැන්?මෙන්න මේ සෙවලයා?

හී.....සෙවලයලූ........යෝ...මේ....

සාක්‍ය අයියද....මේ මෙයා නලුවෙක් නිරූ.....මං හරි ආස නලුවෙක් අනෙ සාක්‍ය කියන්නෙ.....සාක්‍ය...ආසිංසන...

සෙවලයා කියන්න එපා අනේ....සාක්‍යනෙ

ඇයි මොකද තමුසෙගෙ දත් දෙක මැද හිඩසක්ද නමවත් කියාගන්න බැරි.....හරියට නම කියපන් සයාශ්.....සෙවලයට සෙවලයා නොකියා මොකා කියන්නද...උඹගෙ නාට්ටි කෙරුවාව ඕන් නෑ...ආය අහන්න එපා....

කොයි වෙලෙත් බනිනවා...//////මොකක්ද නිර්වාන් වෙලා තියෙන්නෙ....ආ...හැම එකටම එපා....එපා...එපා...ඔව් ඉතින් මන් වේසකමේ යන එකානෙ.....මං වේසාවෙක්නෙ..... නේ.....

........

මං ඉතින් වේසාවෙක්නෙ...ඒකනෙ ඔච්චර බනින්නෙ.....

......

අනිත් උන් කරපු වැරදි වලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ මටනෙ දැන්.....මොනවා.කරන්නද...මගෙ වේසකමනෙ....ඒකනෙ.....

සයාශ් ...ඇති ආ...ඕක...

ආ...අ..ආ..ගහන්න වෙන්න ඇති අත උස්සන්නෙ....ගහපන්....ගහපන්....ගහන්නනෙ අත ඉස්සුවෙ....අපෙ අප්පච්චි අපිව හැදුවෙ උඹට ගහන්නනෙ....ඇති කියන්නෙ.....ඇත්තනෙ මං කියන්නෙ...මන් ඉතින්....වේස.....ම්හුක්....නෝටියා....

අනේ...ඔයා....නම්....යන්නම් නේ...නිරූ.......

එපා...

අනේහ්.....

ආදරෙයි .....මගෙ ලමයට....

ගොඩක්.....

මන් එකම දෙ ආය ආය කිව්වා..එයා බැනපුවා මතක් කර කර එයාව එපා කරවන්න ගත්තා ....මුලින් මුලින් කට පියාගන උන්න එයා අවසානෙදි මට කෑ ගහලා අනිත් පාර ආයම අත උස්සනවත් එක්කම මං කුඩික්කි කට එහා මෙහා කර කර කියවනවත් එක්කම එය ඇදලා අරන් මගෙ යටි තොලට උම්මියක් තියන ගමන් ආදරෙයි කියනවත් එක්කම කැබින් එකේ දොර ඇරුනා.....මට කර කියා ගන්න දෙයක් නැති උනා....කොටිම්ම මගෙ උගුර කට පවා වේලිලා යනකොට බය උන මං ඇදෙන් බිමටම පැන්නා...

ච්ච්...ච්...ච්....චූටි අයි...යෙ...

චූටි........!!!!

😌චූචී...ගෞරවයෙන්...බුදුසරනයි.....

ඒනම්....ආයම එනකම්...පයිස්සමින්...ඉන්ඩෝ.......

ආදරෙයි....ලමයො...අහස තරමට

මම

ජොබි.මු.කා....හ...කැකුලා...ආ....(හතු කැරියා නෙවෙ😒😒😒)

Nedeesha ....

More Chapters