WebNovels

Chapter 28 - 28

උඹ මොනවද කියන්නෙ....ආ...කියපන්.....උඹ දැන් මොනවද කියන්නෙ.....උඹ මොන මගුලක්ද දැන් කියවන්නෙ කියපන් යකො..!

කියපු දේ උඹට ඇහුනා.....එහෙමනේ නේද....උඹට ඇහුනෙ මොකක්ද...අන්න ඒක තමයි...අන්න ඒක තමයි මං උඹට දැන් කිව්වෙ..ඇහුන් නැති උනානම්...උඹට ඔච්චර තරහා යන්නෙ නෑනෙ....ආ.....

උඹට....මම.....

නිර්වාන් ...අතෑරපන් ඕකව...ඕකව අතෑරලා වරෙන් නිර්වාන් යන්න...මූ මොන මගුල කිව්වා උනත් වැඩක් නෑ.....අත ඇරලා...වරෙන්කො...කිව්වම...අහලා....ඔන්න ඕකව අතෑරපන් නිර්වාන් ...අතෑරලා වරෙන් යන්ඩ කිව්වම අහලා....

මං සංජනගෙ ටිශර්ට් එකේ බෙල්ල මුලින් අල්ල ගත්තා ...ඌත් උන්නෙ තරහෙන්.....මම දින්නා නිර්වාන් කිව්වට ඌ ගාව කිසිම සතුටක් තිබ්බෙ නෑ වගේම...මාව දැකපු වාරයක් ගානෙම ඌ උන්නෙත් නයාට අදු කොල ගානට උනා.....ඇත්තටම ...ඌට මාව දකින කොට නයාට අදුකොල ගානම තමයි....ඌ ඒ තරම් වෛරයි!

ශෙනිරු කෑ ගහනවා...අතාරින්න කියනවා...මගෙ අත් අරූගෙ බෙල්ලෙන් ගලවගන්න හදනවා ඒත් මම නෙවෙ අතෑරියෙ...මට ඕනෙ ඌට ගහන්න...ඒ වගේම මං දන්නවා ඌට ඕනෙ මට ගහගන්න...අපි දෙන්නම උන්නෙ පුද්ගලික තරහවක් පිට...අපි දෙන්නම උන්නෙ දෙන්නට දෙන්නව මරාගන්න පුලුවන් නම්...මෙතනම මරාගන...කොටා ගන්න පුලුවන් නම් කෑලි ගැලවෙන්න කොටාගන....

ඔව්.....මට උඹ කියපු එක ඇහුනා..මට උඹ කියපු අසික්කිත කතාව හොදටම ඇහුනා.... ඒ හින්ද තමයි යකො මට තරහා.....හැබැයි...උඹට අයිතියක් නෑ...මට කොහෙවත් යන එවුන් මගෙ අප්පා කරවන්න....හරි....කරුනාකරලා ....උඹ උඹගෙ සිමාවෙ ඉදපන්.....උඹ උඹගෙ සීමාවෙ ඉදින්....මම පැරදුනා..උඹ දින්නා...කතාව ඉවරයි.....එතනින් ඉවරයි...හැබැයි අනවශ්‍ය දේවල් උඩට ඇදලා අරන්...නටන්න එපා .

මම නටන්නෙ නෑ.....කව්ද කියන්නෙ මම නටනවා කියලා උඹට පේන්නෙ මම නටනවා වගේද...?? උඹ කිව්ව දේ හරි...ඇත්ත...මට අයිතියක් නැතුව ඇති.... උඹගෙ අප්පා ඇමතියා කරවන්න, හැබැයි...උබ හන්දා....උඹලා හන්දා...මගෙ ගේ අස්සත් දැන් ගිනි ගොඩක්...දන්නවද ඒක....?උඹ දන්නවද.....ඒක උඹ දන්නවද කියපන්....ආ නිර්වාන් ...මං අහන්නෙ...උඹ දන්නවද....නැද්ද..නැත්තන්....තොපි දැනගනත් නොදන්නවා වගේ ඉන්නවද කියපයව්

.සංජන...අතෑරපන්.....කරුනාකරලා අතෑරපන් ඌව....අතෑරපන් යකො උඹට කියන සිංහල තේරෙන්නෙ නැද්ද....ආ...මූව අතැරපන් ...

මෙච්චර වෙලාම මම උන්නෙ ඇමති පුතාව වානෙ කබඩ් එකට තද කරන් වෙනකොට ඊලග තත්පරේදි ඌ මාව අරගන අනිත් වානෙ කබඩ් එකට ගැහුවා....ගැහුවා කියන්නෙ ඌ මගෙ ඔලුව වදින්නම මාව ගැහුවා.....

ඌ වෙව්ලනවා...මමත් වෙව්ලනවා...අපි දෙන්නට දෙන්නා උන්නෙ පුදුමාකාර තරහවකින් වෙනකොට මේ ඉන්න විදිහට දෙන්නගෙන් එකෙක් මැරෙයි කියලද කොහෙද ශෙනිරුවා අපි දෙන්නවම ගලවන්න හැදුවා....මාව ඇදගනයන්න හැදුවා....ඒත් අරූ නෙවෙ මාව ඇතෑරියෙ ....ඌ තනිකරම ගොදුරක් ඔතා ගත්තු පිඹුරෙක් හා සමානවම මාව ඔතාගන මිරිකගන උන්නා....

ශෙනිරු ...මං හිතන්නෙ...උඹ පැත්තකට වෙලා උන්නොත්....මූට වගේම මට ලේසි වෙයි...උඹව..මෙතනට අදාල නෑ...උඹව මෙතනට අදාලම නෑ...

අදාල නෑ...අදාල නෑ වෙන්නෙ කොහොමද යකො....කොහෙවත් යන එකෙක් ඇවිත් මගෙ එකාට ගහනකොට උඹ කියන්නෙ මට අදාල නෑ කියලද....???.

ශෙනිරුවා කෑ ගැහුවා...මාව අල්ලන් උන්න සංජනගෙ අත මගෙ බෙල්ලෙන් ගලවගන්න දගලන ශෙනිරුවා ඊලග පාර ඌට දාලා යන්න කියනවත් එක්කම ඌ කෑ ගැහුවා වගේම සංජනයා ඌ දිහා බැලුවා.....

අමතක කරන්න එපා.....උඹගෙ අයියා මූ වගේම....මුගෙ අයියත්....එතකොට ..මං කියලා ....උඹත්...මට ලේ නෑකමක් නැති උනත් ලාවට හරි නෑකමක් තියන එකෙක් කියන්න එහෙනම් අමතක කරන්න එපා ශෙනිරු ....

කට....ව| හ|ප|න්...!!!

මම කෑ....ගැහුවා.....අරූව අත් දෙකෙම්ම තල්ලුකරන් ගිහින් එතනම තිබුන බිත්තියකට ගහපු මං උගෙ මූන පුරවලා ගහපු පාරට මන් බලාගන නාස් පුඩුවකින් ලේ පැන්නා.....උගෙ නාස් පොල්ල කැඩුනා....එතනින් එහා තනිකරම ඇහුනෙ වානෙ කබඩ් දඩ බඩ ගාන සද්ද...අත පයවල ඇරගන්න බැරි හිරි ඇරවුන සද්ද වෙනකොට සංජනයි මායි ගහගත්තා ... හිත් අස්සෙ ගොජ ගොජ ගාන තරහව පිපිරුන ලාව කන්දක් වගේ ගොඩ දානකොට හොද තැන් නරක තැන් නොබලම ඌ මම ගහගත්තා ....

මගෙ පාරවල් හා සමානවම උගෙත් පාරවල් පුදුම තරම් හයිය වෙනකොට ඌ මගෙ ඔලුව දහපාරකට වඩා වානෙ කබඩ් එකකට එක දිගට ගහගන ගහන ගියා....

ඒ පාරවල් වලට මගෙ ඔලුවම හෙළ උනා....හිතේ වේදනවට තවත් වේදනාවක් එකතු වෙනකොට මට ඒක දරා ගන්න බැරි උනා....

එක පාරකුත් ඌ ගහපු පාරට මට නිකන් කලන්තෙට ආවා වගේම මට දැන්ටමත් ඌව බොද වෙලා වගේ පෙන්න ගද්දි මාව බේර ගන්න ඕනාවට ශෙනිරුවා උගෙ පිට කොන්ද මැදටම එතනම තිබුන කොස්සක් අරගන දෑත බදලම ගැහුවා .....ගහපු පාරෙ සැරට කොහු කොස්ස දෙකට කඩලා ගියා..... .....

අව්හ්...!

මං..මං..කවද...ද....යකො....උඹගෙ....

ම...ල්ල..ලි...උනෙ.....ආ...කියපන්...

මං හති ඇරියා...හති ඇර ඇර එක අතකට හිටගන ඉන්න බැරි මං උගුරෙන් වගේ කෑ ගැහුවා....පැලුන නලලෙන් ලේ වැල් වැල් උකුවට පහලට ගලනකොට වැදුන පාරෙ සැරටම ඌ කොන්ද අල්ලන් දෙකට නැවීගන උන්න ඌ හුස්ම ඇල්ලුවා...

ඌ මගෙ අයියා කිව්වා....මුලින්ම ඌ මට ඇමති තාත්තා ලව්වා චාන්ස් එකක් අරන් දෙන්නම් කියලා මගෙ ලේ කෝප කරවපු එකා ශෙනිරුවගෙ අයියා මම කියනවත් එකම මගෙ අයියා ඌ කිව්වා.....

ඇමති තාත්තා .....

ඇමති තාත්තා ....

මගෙ ඔලුව අස්සෙ ඇමති තාත්තා කියන වචනෙ වවුල්ලු තොගයක් එක පාරම කන් අඩී බීරි කරන් යන්න කෑ ගහනවා හා සමාන සද්දෙකින් ඇහෙන්න ගත්තා ...මම මගෙ කොන්ඩෙන් ඇදගත්තා .....

ඇමතියා මගෙ තාත්තා .....

ඕව් ඒක ඇත්තයි...!!

මම ජීවිතේ පිලිගන්න අකමැති....ඉවක් බවක් නැතුවම වෛර කරන ඇත්ත ඒකයි....

මිනිස්ටර්ගෙ පුතා එනවා..මිනිස්ටර්ගෙ පුතා එනවා කිය කිය අම්මා මගෙ ඔලුව කකා කිව්වෙ වෙන කොහෙවත් යන මිනිස්ටර් කෙනෙක් ගැන උනත්....ඒත්...ඇත්තටම ආව මිනිස්ටර්ගෙ පුතා වෙන කවුරුත් නෙවෙ....

වෙන කවුරුත් නෙවෙ....මගෙ අම්මගෙ අනියම්...නෑ...මට එච්චර ලස්සන නම් වලින් කතා කරන්න ඕන් නෑ....අනියම් ගාන්නෙ මොකටද....කෙලිම්ම හොර මිනිහා කියලා ඇග මයිල් කෙලින් වෙන සිංහලෙන් කියලා ඇරියම මොකද....

අම්මගෙ හොර මිනිහගෙ පුතා වෙච්ච සංජන...!!

එතනත් බොරුව...එතනත් බොරුව...අම්ම මගෙ ජීව්තේ පුරාවටම මට කෙරුවෙම වංචාවක්....අම්මා මගෙ ජීවිතෙ පුරාවටම මට දුන්නෙ ඇස් වලට කදුලක්...

ඇයි.....?? දෙවියනේ ඇයි....

මං උන්නෙ බිම දන ඔබාගන.....ගහගත්තු විනාඩි ගානෙ අපි දෙන්නා එකෙක් මැරුනත් කමක් නෑ කියලා ගහගත්තා ....මට වේදනාවයි...පිලිගන්න අකමැති ඇත්ත මගෙ මූන ඇස් ඉස්සරහට හම්බෙනකොට මට හරි වෙදනාවයි....

අම්මා මට කෙරුවෙ බොරුවක්...අවසානම තත්පරේ වෙනකම්ම කිව්වෙ වෙන මිනිස්ටර් කෙනෙක්ගෙ නමක්....මොකද ...අම්මා දන්නවා මන් හොයන්න යන්නෙ නෑ...අඩුම ගානෙ අහන්නවත් යන්නෙනෑ..මට හම්බෙන ප්‍රතිවාදියා මොකා උනත් ගියා ගැහුවා ආවා කියන්න අවුරුදු ගානක් මගෙ ගාව ජීවත් වෙන මගෙ අම්මා දැනන් උන්නා....හැබැයි....එයා මෙතනදි කිව්වා නම්..මේ එන්නෙ ඇමතියගෙ පුතා කියලා ...එයා දන්නවා..එයා අනිවාර්යයෙන්ම දන්නවා මං මාව මැරුවත් යන්නෙ නෑ කියලා ...

නිර්වානයා.....

මට...එක.....තත්...පරය....ක්..දිය...න්...

ශෙ...නිරු.....පුලුවන් ...නම්.....පුලුවන් ...නම්...කැහ්....කැහ්...කැහ්...

නිර්වාන් ....නිර්වාන් ....

මං..හොදින්....මං....හො...දින්...

මන් උන්නෙ බිම දන ඔබාගන..අරූ ගහපු පාරවල් වලට මගෙ යටි තොල් පැලිලා ගිහින් තිබුනා.....මම විතරක් වීරයෙක් වෙන්නෙ කොහොමද ...ඌත් මම වගේම එකෙක් වෙනකොට ...

කතා කරන වචනයක් වචනයක් පාසාම කටට අමු ලේ රස දැනෙනවත් එක්කම මෙච්චර වෙලාම අමාරුවෙන් වගේ එල්ලි එල්ලි තිබුන හක්කෙ දතක් ලේ කැටියක් එක්ක ගැලවිලා කිලිටි පාට වෙලා ගියපු ටයිල් පොලවට වැටෙනවත් එක්කම ශෙනිරුවා මා දිහාවට දුවන් ආවා..ඒත් මං එයාව නැවැත්තුවා....

මං...හොදින්.....පුලුවන් ...නම්...

මගෙ

ස...යා....ශ්...ට...ක්...කියපන්....ඇ..ඇග

...තලාග...න්නෙ..නැතුව....ගෙ...දර.....ඉ....න්න කියලා...කැහ්...කැහ්...

ඌ ඉන්නෙ ගෙදර.....ඌ ඉන්නෙ ගෙදර නිර්වාන් ....ඌ...දෙයියන්ගෙ නාමෙට ඕක නවත්තපියව් යකො.....

දඩ බඩාන්...

මං ඇස් දෙක පියා ගත්තා .....මම උන්නෙ කොහොම අමාරුවෙන් උනත් මං හිතුවෙ එයා ගැන....මාත් එක්ක තරහා වෙලා ගියපු සයාශ් ගැන වෙනකොට කැහ කැහැ උන්න මාව වගේම කොන්ද කෙලින් කරගන්න බැරිව උන්න සංජන දිහා බලන් උන්න ශෙනිරුවා එතන තිබුන යකඩ පුටුවක් අරන් උගෙ තරහව වාවන්න බැරි කමට වානෙ අල්මාරි පියනක් හිල් වෙනක්ගම්ම ගැහුවා....

..ශෙනිරු ...උඹ...පලයන්....මං...එන්නම්...මට...කතා...කරන්න....දෙයක් තියනවා...

සංජන දිහා බලපු මං ශෙනිරුවට එලියට යන්න කිව්වා...මට කතා කරන්න ඕනෙ...මට මෙ කාලකන්නි හැගීමෙන් එලියට එන්න ඕනෙ..මම ඌට වෛරකරනවා හා සමානවම ඌත් මට වෛර කරනවා කියන්න දන්න මම අවසානෙදි ඌත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වා....

ශෙනිරු එලියට ගියා....

මට කතා කරන්න දෙයක් නෑ...මට...මට ඕනෙ එක දෙයයි....මට...මට ඕනෙ 

උඹව මරන්න නිර්වාන් ..මට ඕනෙ...උඹව මරලා දාන්න...එතකොට ...

එතකොට වත්...ඩැඩා මාව බලයි...මං ගැන හොයයි....මගෙ මමා ගැන බලයි.....මන් උඹට වෛර කරනවා නිර්වාන් ..මම උඹට....උඹගෙ සතුටට....උඹගෙ අම්මට.....මගෙ ජීවිතෙ අවසානම හුස්ම වැටෙන තත්පරේ වෙනකන් මං තොපි දෙන්නටම වෛර කරනවා යකො...

මං තොපි දෙන්නට.....වෛරකරනවා නිර්වාන් ...ඇයි...ඇයි කියපන්...ඇයි කියපන් ...මමත්...ඩැඩාගෙ නම්....ඇයි කියපන් ...ඩැඩා උඹ ගැන විතරක් බලන්නෙ....ඇයි කියපන්...මගෙ මමාව අඩව අඩව තොගෙ අම්මා පස්සෙ යන්නෙ...ඇයි කියපන්...ඇයි...

ඌට ඉන්නෙ තෝ විතරද....එතකොට මම...මම...ඇයි....මගෙ මමාටයි මටයි විතරක් වෙනස් කම්.....කතා කරපන්...මම උගෙ බව දැනදැනම....ඇයි...ඇයි කියපන්...ඇයි කියපන් යකො...මගෙ ඩැඩා තොට විතරක් ආදරේ කරන්නෙ...ඇයි කියපන් ...?ඇයි ඒ ආදරේ මට නොදී තොටම විතරක් හම්බුනේ...කියපන්....මට කියපන් නිර්වාන් ....

මම අහන් උන්නා ශෙනිරුවා එලියට ගියත් එක්කම මාත් එක්ක කතා කරන්න දෙයක් නෑ කිව්ව සංජන කොන්දට අත තියාගනම නැගිටලා හිටගත්තා උනත් ඌව ආයම අනිත් අතට ගියා.....මම දන ඔබාගන බලන් උන්නා....

කතා කරන්න දෙයක් නෑය කියපු සංජන මගෙන් අහපු ප්‍රශ්න මම මගෙම්ම ඇහුවා...ඌත් ඇමතියගෙ කියන එක බව දැන දැන ඇයි ඌට නැතුව මට විතරක් ආදරේ කරන්න ඇහුවා.....?උගෙ අම්මව අඩව අඩව ඇයි ඇමතියා මගෙ අම්මා පස්සෙ විතරක් එන්නෙ ඇහුවා....?

මට දෙන්න උත්තර තියනවද.....

මට දෙන්න උත්තර තියනවද දෙයියනේ....?

උගෙ තරහව සාදාරනයි ...මාව මරන්න ඕනා කියලා හිතෙන එක සාදාරනයි....නහුතෙටම තරහා යන මම කොන්ද අල්ලගන කෑ ගහගගා මට ඇගිල්ල දික් කරන සංජන දිහා බලාගන ඔහේ උන්නා...මට නෙවෙ....ඌටයි අද කතා කරන්න තියෙන්නෙ.....

ඇයි නිර්වාන් ...ඇයි...මං අහන්නෙ...ඇයි...උඹලා අපේ ජීවිතවලට ආවෙ.....ඇයි...කියප....න්...නිර්වාන් ....

දන්නවද....මගෙ ගෙදර හැමදාම අපායක්....මගෙ අම්මා අඩන්නෙ නැති දවසක් නෑ.....ඒ ඔක්කොටම හේතුව...උඹයි අම්මයි....උඹයි අම්මයි...උඹයි උඹගෙ අම්මයි විතරක් වෙනකොට .....උඹව ඈත තියා දකින වාරයක් ගානෙම...මට උඹව මරන්න හිතුනා ....උඹ හිනාවෙනව දැක්කත් ඇති...මට උඹගෙ හිනාව නැත්තටම නැති කරන්න ඕනා උනා...කොටිම්ම.....මගෙ ජීවිතේ අපායක් කරපු උඹ කවදාවත් හිනා වෙන්න නරකයි නිර්වාන් .....මාව මගෙ අම්මව අඩව අඩව උඹයි උඹගෙ අම්මයි කොහොමද හිනා වෙන්නෙ නිර්වාන් .....

ඌ මගෙ කොලර් එකෙන් ඇදලා අල්ලන් මාව ආයම බිත්තියකට ගැහුවා...මං ඒත් උන්නා...මන් නෙවෙ අතක් පයක් ඉස්සුවෙ....මම ඌ මාව මැරුවත් මම නෙවෙ ඌට අතක් තිබ්බෙ....

මං ඌට අවස්තාව දුන්නා....මම ඌට තරහව පිරිමහන්න අවස්තාව දුන්නා...මොකද...නොකියා නොකියා උන්නට මං උගෙ තරහව අස්සෙ තියන වේදනාව මේ වචන එක්ක තේරුම් ගත්තා.. ඌට මාව මරන්න ඕනා කිව්වා....කොටිම්ම උඹගෙ වේදනාව නැති වෙනවා නම්.....මාව මරපන් කියන්න හරි මං කට හදාගත්තා .....

මම නොකරපු දෙයක් නෑ....යකො...මං නොකරපු දෙයක් නෑ.....තාත්ත්ගෙ ආදරෙ මගෙ පැත්තට හරවගන්න මම නොකරපු දෙයක් නෑ....

මට උඹව දකිනකොට තරහයි නිර්වාන් ....මට....උඹගෙ නම ඇහෙන වාරයක් ගානෙම හරි තරහයි ....කන්නාඩියෙන් මගෙ මූන බලන වරයක් ගානෙම තාත්තගෙන් කියලා ඇවිත් තියෙන්නෙ මේ උසයි පාටයි විතරයි කියලා දකිනකොට මට හරි තරහයි නිර්වාන් .....

යකො...මං කසාද ගෑනිගෙ දරුවා....එතකොට ...උඹ...උඹ...උඹ ඇවිත් හොර ගෑනිගෙ දරුවා....එහෙම එකේ.... ඇයි නිර්වාන් මගෙ තාත්තා උඹ ගැන විතරක් හිතන්නෙ....??

එක්කො.... ඌට කියපන්..අපේ අම්මව අරගන යන්න කියලා .....එතකොට.....ඒක...මටයි...මගෙ...අප්පච්චි ටයි සැනසීමයි...

එහෙමද ආස....යකො...ඒ ඉන්නෙ මගෙ තාත්තා ....ඌ ආදරේ ඇරෙන්න සල්ලි දුන්නත් ඌව අයිති මට...මගෙ අම්මට...නැතුව තොට වත් තොගෙ අම්මටවත් නෙවෙ...එහෙම එකේ.....එහෙම එකේ...

මං ඔලුව ගහගත්තා ....සංජන වේදනාවෙන් කියවන හැම වචනයක්ම අහන් උන්න මං උගෙ මූන වත් නොබලා අම්මව අරගන යන්න කියනවත් එක්කම ඌ මගෙ බෙල්ලෙන් ඇල්ලුවා..ඌට පුලුවන් කමක් තිබ්බා නම් ඌ මගෙ බෙල්ල මෙතනම කඩලා දානවා...ඒ තරම් තරහවක්...ඒ තරම් වෛරයක් ඒ තරම් වේදනාවක් මං ඒ ඇස් වලින් දැක්කා....

හුස්ම හිර වුන මම දැගලුවා..උ මාව බිම දාගන මගෙ බෙල්ල මිරිකගනම උන්නා...මට දැනෙනවා..මගෙ ඇගේම ලේ මුනට එකතු වෙලා මූන නිල් පාට වෙලා සීතල වෙලා යනවා...

මං අතපය ගැහුවා...දැගලුවා

..අවසානෙදි මං ඇගේම හයිය අරන් තලු කරලා දාලා පපුව අල්ලන් හුස්ම ගත්තා.....එහෙන් අම්මා ඉවරයක් නැතුවම කෝල් ගන්නවා.....මගෙ හිතේ තියන තරහව පිලිකුල එන්න එන්නම ඉහවහ යනකොට අන් ඒ තරහවත් මගෙම්ම පිරිමහන් මගෙ නලල එතන තිබුන බිත්තියෙ ගහගත්තා ..ඌ එහෙන් උගෙ තාත්තා ඉල්ලනවා.....අම්මා මෙහෙන් උගෙ තාත්තගෙ හීනෙ මගෙන් බලන්න හදනවා.....

උඹ පැරදුනා කියල වෙන්න ඇති ඔය ගන්නෙ...

හැබැයි.....උඹ පැරදුන එක මගෙ තාත්තාට දැනුනට...මම දිනපු එක...ඒක දැනෙන්නෙ නෑ නිර්වාන් .....

දන්නවද...මට උඹව මරන්න හිතෙන්න හේතු ගේන්නෙම උඹගෙ අම්මා...මගෙ තාත්තා .....පොඩි කාලෙ ඉදම්ම මන් උත්සහ කෙරුවා .....තාත්තාගෙ මුනට මගෙ නමින් හිනාවක් ගේන්න...මගෙ අම්මා උඹගෙ අම්මගෙ අහලකින් තියන්න බැරි තරම් පපුව හොද ගෑනියෙක් නිර්වාන් ...අද වෙනකනුත් ...මගෙ අම්මා අඩනවා ඇර....ඇයි උඹ අපිට මෙහෙම කරන්නෙ අහන්නෙ නෑ නිර්වාන් ...උඹගෙ අම්මා පැන පැන උඹව අරහෙ මෙහෙ අරන් යන්න එකම හේතුව මගෙ තාත්තා කියන එක දැනගත්ත දා ඉදන් මං පිස්සෙක් වගේ...යකො මං පිස්සෙක් ගානට නොකා නොබී..මේ...අත පය...පදන් වෙනකන් වැලි කොට්ටා වලට පවා ගැහුවා නිර්වාන් ...සුදු පටියෙ ඉදන් කලු පටිය අදින තාක් මං පිස්සෙක් වගේ නොකා නොබී තාත්තගෙ ආසාව වෙනුවෙන් නැහුනා..යකො මං ඇඩුවා..මේ අතපය හොලව ගන්න බැරිව මං බඩ ගෑවා..මට පුරුදු නෑ...මට රිදෙනවා.....

මම ඉහිලුවා ...තාත්තගෙ ආදරේ මගෙ පැත්තට ගන්න...තාත්තෙ මං තාත්තගෙ හීනෙ ඇත්තක් කරන්නම් කියලා කියන්න මම බලන් උන්නා....

උඹ දන්නවද....උඹ දිනපු හැමදවසකම ඔය මිනිහා උන්නෙ හිනා වෙලා....උඹ දිනපු හැමදවසකම ඔය මිනිහා හැසිරුනෙමේ ලෝකෙ එකෙක් නෙවෙ ගානට..මං මේඇස් වලින් දැක්කා...ඌ උඹ හින්දා සතුටුන් ඉන්නවා මං මේ ඇස් වලින් දැක්කා...

ඒත් ඒ හිනාව...ඒ සතුට කවදාවත් මම දිනපු දා තිබුන් නෑ....ඌට මගෙ මෙඩ්ල් එකක් අතට අරන් බලන්න උවමනාවක් නෑ...මං ගත්තු මෙඩ්ල් එකක් මෙඩ්ල් එකක් ගානෙම ඌ ගාවට අරන් ගිහින් කියනවා....ඩැඩා....මං දින්නා..ඩැඩා...මං දින්නා.....ඩැඩා.....මං ෆස්ට් ප්ලේස් ආවා....

උඹ දන්නවද මම පන ඇරගන පින්සේන්ඩු වෙවී ආදරේ හොයන මිනිහා....මගෙ තාත්තා උන ඒ මිනිහා මට දෙන උත්තරේ.....

කීයක් ඕනෙද.....

මගෙන් අහන්නෙ උඹට කීයක් ඕනෙද ...ඕකද යකො මට ඕනෙ....

මං යන්නෙ මාව තුරුල් කරගනී කියන බලාපොරොත්තුවෙන් ....මං දුවන්නෙ මට සතුටුයු පුතේ කියයි කියන බලාපොරොත්තු වෙන්....ඒත්....එ වෙනුවට ඌ මට දෙන්නෙ මොකක්ද...

සල්ලි බන්ඩල් එකක්...ඕන දෙයක් අරගනින් කියලා .....

නිර්වාන් ....ඌට තිබුනා...ඒ සල්ලි වලින් උගෙම අත් වලින් මට මොනවා හරි දෙන්න...

මට ඒ ඕන්නෙත් නෑ....මට ඒ ඕනෙත් නෑ...ඌට තිබුනා මාව එකපාරක් තුරුල් කරන්...මට හරි සතුටුයි පුතේ කියන්න.....

කවදාවත් මං ඒ වචනෙ අද වෙනකන් අහල නෑ...උඹට මගෙ තාත්තා ආදරෙයි....

උඹට...මගෙ තාත්තා ආදරෙයි නිර්වාන් ....උඹට ආදරේ කරන්න තාත්තල දෙන්නයි.....

කතාවක් තියනවා...කසාද ගෑනිට අවංක නැති මිනිහා...හොර ගෑනිට පට්ට අවංකයි කියලා ...

කසාද ගෑනිව අඩව අඩව...ඌ යන්නෙ හොර ගෑනි පස්සෙ....

මම දින්නෙ නෑ නිර්වාන් .... උන් මට දිනුම දුන්නෙ තාත්තගෙ නමට.....

මගෙ තාත්තා බලන් උන්නෙ උඹව ටීම් එකට සිලෙක්ට් වෙනකන්....

මම දින්නත්...දැන් මට සතුටක් නෑ නිර්වාන් .....මොකද..මං ආදරේ ඉල්ල ඉල්ල කට පුරාවටම තාත්තා කියන මිනිහා දිනුම බලාපොරොත්තු උනෙ මගෙන් නෙවෙ...උඹගෙන්...

එකම අංශුමාත්‍රයක් වත් ආදරේ නැති මිනිහෙක් පස්සෙ ආදරෙ ඉල්ල ඉල්ල වැද වැටෙන එකත් එක්තරා ජාතියෙ පවක් නිර්වාන් ...

මට...දැන්..හරි...මහන්සී....නිර්...වාන්....මට...දැ.....න්..හරීම...මහන්සී.....අවුරුදු ගානක්....එකම..දිගට ..ආදරෙ....ඉල්ල...

ඉල්ල...ගිහින්....මට...දැන්...මහන්සී....

මට රිදෙනවා....

මට නොලැබන..ආදරේ....උඹට..දෙනකොට ...මට.....රිදෙනවා...නිර්වාන් ...

මොන...තරම් ...රිදෙව්වත්...මං...මගෙ....තාත්තට..හරි...ආදරෙයි....නිර්වා.....න්..

මට...මගෙ...තාත්තව..දීපන්...

නිර්..වාන්...

මට..උඹ සතුටින් ඉන්නව බලන්න බෑ නිර්වාන් ...ඇයි....උඹ විතරක් ...හිනා වෙන්නෙ.....

මට....රිදෙනවා....මට.....උඹ ගැන හොයලා ....බලනකොට ...මාව....මග අරිනකොට මට හරියට රිදෙනවා නිර්වාන් ....

මම ඔහෙ අහන් උන්නා....ආවේසෙන් කියවපු සංජන ඇස්වල කදුලු පුරවන්.....අඩ අඩ කියවනකොට මම ඔහේ අහන් උන්නා...මගෙ ඇස් වලට කදුලු ඉනුවා...මගෙ අම්මා කියන්නෙ පවුලක් අවුලන ගැනියෙක් වෙනකොට මම මගෙ ඉස්සරහා අඩ අඩ තාත්තව ඉල්ලන සංජන දිහා කදුලු පුරවන් බලාගන උන්නා...

මට ඇමතියව මරන්න හිතුනා...කොයි තරම් පව්කාර සිතුවිල්ලක් උනත් මට උන් දෙන්නව මරලා දාන්න හිතුනා....

ඇමතියගෙ ආදරේ වෙනුවෙන් අම්මා මගෙ හීන මගෙන් උදුරන් ඇමතියගෙ හීන හැබෑ කරනකොට ...

තාත්තෙක්ගෙ ආදරේ වෙනුවෙන් තවත් පුතෙක් නොවිදිනා දුක් විදලා තිබුනා....

ඌයි මායි නයි වෛරයි...ඒත්..අපි දෙන්නම හොයන්නෙ ආදරේ....ජීවිතේ.....ඒත්..අපි දෙන්නටම නොලැබෙන්නෙත්...ඒ දේ...

මගෙ ගාවට ආව ඇමතියට ඊයෙත් මං කෑ ගැහුවා...උඹගෙ හීන උඹගෙ දරුවා ලව්වා බලාගනින් කියලා කෑ ගැහුවා.....

ඌ වෙනුවෙන් උගෙ එක දරුවෙක් නහිනකොට ඌ කෙරුවෙ හොර ගෑනිගෙ ළමයා පස්සෙ පන්නපු එක.....

මං පපුව පුරවලා හුස්මක් ගත්තා ...මගෙ ඇස් වල කදුලු ....ඒ ඇස්වල කදුලු ....මං දන්නව...සංජන කවදාවත් මට යහතින් ඉන්න ඉඩ දෙන්නෙ නෑ....එක්කො ඌ..නැත්තන් මං....අපි දෙන්නටම ජීවත් වෙන්න අයිතියක් නෑ....

මන් නැගිට්ටා ...හිටගන්න බැරි උනත්..මගෙ ඔලුව කැරකුනත් මං හිටගත්තා ...

සංජන....උඹට...මොකක්ද...ඕනෙ...ඕන...දේ.....කරපන්.....

මං සංජන දිහා බලන් උගෙන් මොකක්ද ඕනෙ අහනකොට ඌ බිම තිබුන දෙකට කැඩුන කොහු මිටවල් දෙක අතට ගත්තා .....අරන් ඒක දිහා බලන් උන්නා...

ආපිට...මැච් එක තියන්න ඕනෙ කිව්වා නේද....

තියමු...නිර්වාන් .....

උඹ...ඉල්ලපු...විදිහටම ....හැබැයි....

කිසිම ...ජජ්...බෝර්ඩ් ...එකක්....නෑ...

ගෝල්ඩ් ස්ප්‍රේ කරපු...මෙඩ්ල්....එකක්...නෑ...

මෙතනදි....පරදින...එකාට...විතරයි ...

හැම...දේම...ලැබෙන්නෙ...

මං...හිතන...හැටියට....උඹටත්...මට..

වගේම.....කවදාවත් ..හරියට නින්ද යන්න නැතුව ඇතිනෙ.....

මං බලාගන උන්නා.....මගෙ ඵෝන් එක එකම දිගට වයිබ්‍රේට් වෙනවා.....

සංජනගෙ අඩපු ඇස් දෙක රතු වෙලා ආයම අර කදුලු හිදිලා තිබ්බා...එ වෙනුවට තිබ්බෙ තනිකරම තරහවක්...වෛරයක් පලිගැනීමක් විතරක් වෙනකොට කවදාවත් මට ජීවිතේ සතුටක් දෙන්නෙ නැහැයි කියපු එයා අර කොහු මිට අත ගෑවා.....

ඌ කිව්වා..අපි දෙන්නා ආයම පටන් ගමු කියලා ....කිසිම ජජ් බෝර්ඩ් එකක්.නැතුව.......

නිර්වාන් ...මැරෙන්නෙ..මොකාද.....ඉතුරු වෙන්නෙ...මොකාද...කියන්න...මං...

දන්නෙ.....නෑ....හැබැයි....උඹයි...මායි..දෙන්නම...ජීවත්...වෙන්නත්....බෑ.....

ඌට ඕනෙ මාව මරන්න....තාත්තගෙ ආදරෙ හිගා කාපු ඒත් කවදාවත් ඒ ආදරේ නොලැබුන...සංජන මගෙ දිහා බලාගන උන්නා....

නිර්වාන් ....උඹ....මගෙ...තාත්තා ..ගෙ....

අච්චුවක්...නිර්වාන් ....ඒත්...මට.....බෑ.....මගෙ...තාත්තා ව....

මාව මරපන්....උඹට...වගේම...මට...සැනසීමක්...තියෙයි...මට...කාගෙවත් ...හීන...

වෙනුවෙන් ....නැහෙන්න ඕනෙත්..නෑ....අදින් පස්සෙ ...උඹට....ආදරේ....ඉල්ලලා....

හිගන්න....ඕනෙත්..නෑ...

උඹට...පුලුවන්ද ...මට....ආපහු...මගෙ..තාත්තව දීලා...සදහටම යන්න...

මම ඔලුව වැනුවා....තාත්තව ඉල්ලලා අඩන සංජන ගැන මට ඇති උනෙ තනිකරම වේදනාවක් විතරක් වෙනකොට මම ඉවරයක් නැතුවම වයිබ්‍රේට් වෙන ඵෝන් එක දිහා බලලා ඵෝන් එක ආන්ස්වර් කෙරුවා .....

හෙලිඔ නිර්වාන් ...උඹ මොන ලෝකෙද ඉන්නෙ.නිර්වාන් ..ආ...උඹ මොකක්

ශ්ශ්........මට...උඹලා.....හැමෝම..

මරලා..දාන්න ඕනෙ....හැබැයි....ඊට වඩා...ලේසියි...මං...මැරෙන එක.....

නිර්වාන්..හෙලෝ....

බීප්....බීප්....බිප්....

අම්මගෙ කෝල් එකට උත්තර දීපු මං ඊලග පාර ඵෝන් එක එහෙම්ම බිමට අතැරලා සංජන දිහා බැලුවා.....

එතනින් එහාට ඇහුනෙ තනිකරම කොහු මිටවල් වැදෙන සද්දෙ විතරයි .....එතනින් එහාට ඇහුනෙ තනිකරම වානෙ අල්මාරි වල සද්දෙ විතරයි ...පලවෙනි දෙවනි පාර ගහපු මං අනිත් පාර හිතලම කොහු මිට අතෑරියා ...ඇස්වල කදුලු පුරවන් උන්න සංජන මට ගහන්න ඕනා හැම.විදිහටම ගැහුවා...

වදින පාරක් පාරක් ගානෙම දැනෙන වේදනාව උපරිම වෙනකොට මම කෙරුවෙ ඒ හැම වේදනාවක්ම දත් මිටි කාගන ඉවසගන උන්න්න් එක වෙනකොට ඌ කකුල දිගෑරලා පයින් ඇනපු පාරත් එක්ක මාව විසික් වෙලා ගියා....ආයම නැගිට ගන්නවත් ඇගේ බැරි වෙනතරමටම....

https://www.youtube.com/watch?v=-R7EBNQ--jE

උඹ...මැරියන් ..නිර්වාන් ....

මේ ඔක්කොටම හේතුව.......උඹ...මගෙ තාත්තගෙම...රූපෙ...අරන්...ඉපදුන...එක...

මට...සමාවෙයන්.....නි....ර්වාන්.....ජීවත්...වෙන්න...පුලුවන් .....දෙන්නගෙන්...

එකෙක්ට...විතරයි ....මම..හිරේ...යාවි....හැබැයි.....මට...ඒකත්...සැනසීමයි.....

මොකද ...උඹ.....ඉන්න...තාක්...කල්.....

උඹටවත්...මටවත්....සැන්සීමක්...නෑ..

නිර්...වාන්.....

මම බලාගන උන්නා...ඇස් කොන් වලින් කදුලු කැට උනුසුමට ගලාගන යනකොට නැගිටගන්නවා තියා හුස්ම ගන්නවත් පනක් නැතුව උන්න මං හති ඇර ඇර කියවන සංජන දිහා බලන් උන්නා.....

ඌ කියෙව්වා ....

මට මැරියන් කිව්වා.....

කදුලු පිරුන ඇස් වලට කොහු මිට තද උන අත ඉස්සෙනවා.විතරයි මං දැක්කෙ.....වේදනාව දැනුනෙ කොතනටද කියන්නවත් මට තේරුන් නෑ.....ඇරිලා තිබුන ඇස් දෙක වැහෙනවත් එක්කම...මට නමක් මිමිනුනා...

....ස...යා....ශ්.......

..............

 ...............

Sayash pov..

සයාශයා...ගනින් ඔය පොල් අත්ත.....

මං ඕනාවට එපාවට බිම තිබ්බ පොල් අත්ත දුන්නා....එය එක්ක තරහා උන මම අපහු ඉස්කෝලෙට ආවා...නිකන් නෙවෙ.....තිබුන තරහවටම ඵෝන් එකත් ඕෆ් කරලා ගෙදර දාලා...සැලලිහිනියගෙ වැඩෙම ඵෝන් එක කනේ ගහන් ඩිපූටියට දෙහි කපපු එක වෙනකොට මං ගිහින් තනකොල ගොඩෙ ඉදගත්තා ....

ම්හුක්...මදැයි....කුලුජුල් ආතරේ...

නිර්වාන් ...නිර්වාන් ....උඹ....නම්...මහ....හොද....නෑ...අනේ.....හොද නෑනෙ....චූචියා...හරි...ආදරෙයිනෙ....නිරූ...

මං අහස දිහා බැලුවා...රෑ වෙලා....නවයත් පහු වෙලා.....

අහස දිහා බලපු මට කිඹුහුමක් ගියා...

යෝ.....නිරුත් නැතුව ඉන්නකොට මොකා මතක් කරනවද මන්දා...

ම්හුක්...අප්පච්චි ....බාල..බෑනා..නැතුව

...දරු පැටියට හරි වේදනාවයිනේ...යෝ...මුරන්ඩු කමට මෙහෙ ආවා වගේ නෙවෙ අනේ.....තරහා වෙලා ඉදලා යාලු උනාම ඔය මිනිහා මගෙන් පලි ගනීතෝ...

දන්නෙ නෑ...

චින්තකගෙ දරු පැටියගෙ හදවත ආතරේ හින්දා තුවාල වෙලා අප්පච්චි ....

ඇත්තමයි ...ඇත්තමයි...මෙ නිර්වානයට බැරි උනානෙ අපේ සැලාගෙ ඵෝන් එකට වත් කෝල් එකක් අරන්

ලමයො,ඵෝන් එක ඔන් කරන්නකො කියලා කියන්න...

එහෙමත් නැත්තන් ලමයො.... මන් කට අරින්නම් බයි කටක් කවන්නම් කියන්න.....

තියන අහන්කාර කම.....

බිම ඉදගන උන්න මන් ප්ලෑශර් එලියෙන් හවුස් හදන ලොකු පන්තියෙ අයියලා දිහාව බලන් ඉදලා බිම තිබ්බ තනකොලයක් ගලවන් ඉස්සරහා දත් දෙකට හිරකරන් හපන්න ගත්තා ..

එව්ව්....තූ...තූ...බලු බෙටිත් දානවා ඇති මෙ උඩ.....

මන් ආපහු ඒක එලියට දැම්මා....මං ආපහු ඒක කෙලගැහුව.....සැල ලිහිනියගෙ පිහාටුවක් වත් හොයන්න නැති තැන අවසානෙදි මං ඉදන් උන්න තැනින් නැගිට්ටා...නැගිටලා හිටගත්තා ...එහෙම්ම ඉදන් වට පිටාවට ඇස් කැරකෙව්වා.....

අර ඉන්නේහ්...

ලොකූ....

සනාශ්...

ගහක් අස්සෙ රිංගන් ඵෝන් එක කනෙ ගහන් උන්න සැලාගෙ පෙදේ දැකපු මන් උ ගාවට දිව්වා...

ආ....දැන් උඹ ඵෝන් එක ඕෆ් කරන් නේ ශෙනිරු ....හරි..හරි...ඔහොම යන්...

මං මේ මැසේජ් කරන අවසානම පාර....

මගෙන් ආයම වදයක් නැ.....

මිනිස්සු ගාව බලෙන් ඉන්නෙ මොකටද ශෙනිරු...

ලොකූ.....

දවල් ගියාගියාමයි....එතනින් පස්සෙ උඹ නිකමට වත් මං ගැන හෙව්වද.....බොරු ආදරේ....බොරු...ආදරේ උඹගෙ....උඹත් එකයි උඹෙ අනිකත් එකයි....ලැජ්ජා නැති බිජ්ජො දෙන්නා.....

ලොකුවා...

පොඩ්ඩක් ඉදපන් චූටියා..මම මෙ සම්බම්දෙ ඉවර කරලා එන්නම්.....

අපේ එකා බනිනවා...අපේ එකා ඉවරයක් නැතුවම බනිනවා...ඌ සම්බන්දෙ නවත්තන්න හදනවා....

අනේ..මූ නවත්තන සම්බන්දෙ...

ඇත්තමයි ශෙනිරු ...ඇයි...බන්...මෙහෙම කරන්නෙ.....ඇයි....උඹට බැරි.....එක විනාඩියකට හරි අරගන්න...බබී....මම....ගන්නම් කියලා ...මං...බලන්...ඉන්නවනෙ....ඇයි..මට.....

මට...උඹ..නැතුව....ඉන්න..බෑනේ....සෙනූ.....බබී...හරි...ආදරෙයිනෙ....

ආ...ආ...ආ.....දැන් මූ සම්බන්දෙ ඉවර කරනවා කිව්වා නේ....ඒ මැසෙජ් එක ඩිලිවරි වෙන්නත් කලින් මූ ආයම ඌව ඕනෙ කිව්වා නෙ ...

ආ...ආ..හරිම අගෙයි...හරිම අගෙයි ආ...චින්තකගෙ වැඩිමල් පුතුනුවන්ගෙ ප්‍රේම පාරමිතාව නම්...බොහෝම.අගෙයි..ආ...ප්‍රීතී ප්‍රීතී ..ආය...

පාරමිතා...නුපුරමු..අප..දෙදෙනා....මතු..මතු...සංසාරෙ!

සෙනූ....බබිට...තරහා ගියානෙ ඉතින්.....ම්හුක්...ඉක්මනට එන්නකො අයියෝ.....ඔන්ලයින් ආව ගමන් මැසේජ් එකක් දාන්න බබී ආදරෙයි ...සෙනූ....ආතරෙයි...අහසක් තරම් ...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මියා....මගෙ ඩිපූටි.....!

එව්...ඉම්බා නේත.....

අමෝර්...අමොර් ...නූතන සාජහන්.....පිච්චමල්බිසව්තමෝ !

ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ....ඈ...

මෙච්චර වෙලාම ගහක් අස්සෙ රිංගන් කියන්න පුලුවන් හැම වදුරු

කුනුහර්පයක් ම කියපු ලොකුවා අනිත්පාර ආදරෙයි කියලා උම්මා එකකුත් දීලා මගෙ පැත්ත හැරෙනකොට මනුස්සයා එක්ක නිස්කාරනේ තරහ උන මං කදුලු පුරවගත්තු පූසා වගෙ බලන් උන්නා....

ආදරේ හරි බරයි චින්තක....

ලොකුවා....උඹ කියවලා ඉවර නම් ඕක ටිකක් දියන්....

ඇයි කෝ උඹේ එක...

ගෙදර

ගෙදර ...මොන මගුලටද ගෙදර දාලා ආවෙ...මේ වැඩිය මැසේජ් කරන්නෙ නෑ..ආ...ඩේටා නෑ...ඇයි වදේ...ලොකු නැන්දා රුපියල් සීයක් දෙන්නම් කියලා පොල් ගාව ගත්තා ඒකත් නෑ....

යෝ.....දීපන් ඕක...ඕකෙ කවදද ඩේටා තිබුනේ.....ඇහුවොත් ඥැහ්.....ඥැහ්....ඒකට මොකද මිනිහා විදුහලේ දෙවනි සිස්ස නායක!

ඵෝන් එක ඉල්ලගත්තු මන් අරූට කෝ චෝක් එකක් දාන් මගෙ තරහ උන නිර්වාන්ට කොටන්න ගත්තා ....

නිරූ...✔️

ම්හුක්...මේ...චූචි....ඔයාගෙ චූචියා✔️

ආ...ආ...එයත් ඕෆ් ලයින් නේත...හරිම අගෙයි..මගෙ හෙඩ් පොපිට් අයියේ...හරිම අගෙයි....උඹ කරාටි ගහගන්න ගියාද..නැත්තන් රටෙනුත් ගියාද....ඈ.....

නිරූ....✔️

ඔන්ලයින් එන්නකො...✔️

ඔයාගෙ ලමයට හරි පාලුයිනෙ...✔️

ඇත්තමයි නිරූ...ඇයි අනේ...ඔයා ඔහොම✔️

ගියා ගියාමයිනේහ්✔️

මාව මතක නෑනෙ....✔️

ඇයි යකො ඔන්ලයින් වරකෝ✔️

අනෙ මිනියෝ.....හ්✔️

ඔන්න නිරූ...දැන් නම් මට තරහා යාගන අනේ එන්නෙ..ඈ...✔️

මං සට සට ගාලා එක දිගට මැසේජ් පන්සීයක් විතර යැව්වා එයා නෑ...එයා ඔන්ලයින් ඇවිල්ලා තියෙන්නෙ දවල්...එතනින් පස්සෙ නෑ..කොච්චර කටකාරකමට බැන්නා උනත් මට මහ අමුත්තක් දැනෙන්න ගත්තා ...මට මහ වේදනාත්මක හැගීමක් දැනෙන්න ගත්තා ...

මගෙ...නිරූ....ඔයා හොදින් නේද අයියෙ.....තවම ගෙදර ආවෙ නැද්ද ....ඔයාගෙ ඵෝන් එකෙ බැටරි නැද්ද.....

චූටිට හරි පාලුයි මගෙ නිර්වාන් .....

ඉන්න තැනකින් ඉක්මනට ගෙදර එන්න...පරිස්සමට හොදද....

මහන්සි නම් ආව ගමන් දොයියන්න...අනෙ..හැබැයි මං ගෙදර ආව කියලා වත් මැසෙජ් එකක් දාන්න ඒ හොදටම ඇති .....

මං එයාට ආයමත් මැසේජ් ගොඩක් දැම්මා...ඒත් ඒ එකක් වත් ඩිලිවරි උනෙ නෑ.....

මැසේජ් ටික දිහා බලන් උන්න මං ආයම මැසෙජ් එකක් දැම්මා ....ඒ විතරක් නෙවෙ...පින්තූරෙකුත් යැව්වා ...

"මං උඹට හරි ආදරෙයි මගෙ නපුරු නිර්වාන් ඇයිද කියන්න දන්නෙ නෑ....මගෙ පපුව අද හරියට ඇදුම් කනවා ...කොහෙ උන්නත්.. ..චූටිගෙ නිර්වාන් පරිස්සමින් .....එච්චරයි මට ඕනෙ...."

චූචියා ආතරෙයි මගෙ නිරූ....

නපුරු නිර්වාන්ට ඵොටො එකකුත් යවපු මං සැලලිහිනිය ළඟ පාත නැති හන්දා ඵෝන් එක සාක්කුවෙ දාගත්තා ....හැබැයි ඒ එක්කම සාක්කුවෙ දාගත්තු ඵෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා ...

Senu❤️😘

ඩිපූටියගෙන්....මූ ඔන්ලයින් ඇවිල්ලා.....ළඟ පාත සැලා නැති හින්දම මං ඵෝන් එක ආන්ස්වර් කෙරුවා මොකද ඌ ගාවම මගෙ නිර්වානුත් ඉන්න බව මං දන්න හන්දා ....

මං ඩිපූටියගෙන් ආව කෝල් එක ආන්ස්වර් කෙරුවා ....

හැබැයි මට අඩුම ගානෙ හෙලෝ කියලා කියන්නවත් හම්බුන් නෑ....එහා පැත්තෙ උන්න ඩිපූටියා හෙලෝ කියන්නවත් ඉඩක් නොතියම කියපු දේ එක්ක මගෙ අතින් ඵෝන් එක බිමට අතෑරුනා ...මාව එහෙම්ම බිම ඉන්ද උනා....

න්...නෑ....

අනෙ....නෑ...

ඒක...වෙන්න.....බෑ.....

අනෙ.....නිර්වා...න්!!!

වෙරි ගුත් මෝනිම් තූයු.....

ආයම එන්නම්...

පයිස්සමින් ඉන්ඩො

ආතරෙයි....

මම,

ජොබී ඇල්බස් ඩම්බල්ඩො!

Nedeesha

More Chapters