.....අප්පච්චි ගියා විතරයි මම මගෙ කන්‍යාබාවය ගැන නොසෑහෙන්න දුක් වෙවි මගෙ මනුස්සයා දිහා බැලුවා....
අප්පච්චිගෙ මේ වැඩවලින් වෙන්නෙ තවත් රෙදි කෑල්ලක් මෙට්ටෙ යටට එකතු වෙන එක වස්තු...
.
.... අප්පච්චි ඇයි අනූ එහෙම දෙයක් එක පාරම කිව්වෙ....සමහර විට ඔයා ලිංගික ජීවිතේ ගැන හිතලා ආයම විභහගෙ අනාගනී කියලද.....??
....ම්ම්ම්...නැත්තන් අනාරක්ෂිත ගැබ්ගැනීමක් ඇති වෙයි කියලද....
..ම්...මොකක්....අනාරක්ෂිත මොකක්...ඔයා හිතුවට මට බබ්බු හිටිනවා කියලා .....මේ මල්ලි මේ.. කැත විහිලු නම් කරන් එන්න එපා හොදේ.....
...අනේ මන්දා....වෙන්වෙලා නිදියන එකෙන් පවුල් අවුල් වෙයිද මන්දා වස්තු...
එක්කො මන් ගිහින් අම්මට කියන්නද ඒයි.....දෙන්නා දෙමහල්ලො අතර හිස්තැන් තිබ්බම යක්කු පෙරේතයො රිංගනවා කියලා .....
නිම්න...
..ඕ...අම්මා....
උඹ මෙහෙමද ලමයො බෝංචි කපන්නෙ.....දික් අතට කපපන්...කොහෙද ඒ පාර මාරු උනේ...මෙහෙ ඇවිත් මේ හොද්ද ඒදලා ලිපේ තියපන් අපෙ එකා බෝංචි පෙරේතයා.....
....ඔන්න ඉතින්...අනේ අනූ මං ආස අමු මිරිස් කපනවා වගේ ඇදේට කපන්න...ඇරත් කොහොම කැපුවත් හපලනෙ කන්නෙ....අනික උඹගෙ දත් නැද්ද මල්ලි....කියපන් ගිහින් මට ඕන විදිහට කපන්න දෙන්න කියලා ...ඕකනෙ බැරි උයන්න ගත්තම නැන්දම්මා එනවා මගෙ පුතා ආස ඔහොම නෙවෙ මෙහෙම ගාන්න.....
හරියටම හරි ...පලහිලව්ව කතා කරන් විනාඩි කීයද...සාම්ප්‍රදායික නැන්දම්මා බෑනා වලි පටන් ගන්න නේද හදන්නෙ....
බාගෙට කපාපු බෝංචි කරල අතේ තියන් උන්න මහ නිම්නයා මට බැන බැන ඉන්න ගමන් අර බෝංචි කරල එක පාරම දෙකට මැදින් කඩලා දැම්මා...ඒ කඩපු විදිහට මගෙ ඇටෙ ඉදම්ම හිරි වැටිලා ගියා..වෙනමොකටවත් නෙවෙ...නිම්නයා ඒක කැඩුවෙම මා දිහා බලාගන...හරියටම උඹ අම්මට ගිහින් නොකිව්වොත්....උඹවත් බෝංචි කඩන්නා වගේ කඩනවා කියලා වගේ ලයිනකින්...
වස්තු...අම්මා කියන ඒවා ගනන් ගන්න එපා වස්තු....ඒ අම්මනෙ...අනික අද පලවෙනි රෑනෙ.....අදට විතරක් අම්මා කියන විදිහට කපමු...ඈ....
මං හිමීට මුනුමුනු ගෑවා...ඒත් මහ නිම්නයා එ විදිහමයි...කිසි වෙනසක් නෑ...
දැන් එතකොට ගිහින් අම්මට කියන්න බෑ...අමාරුයි...උඹට අම්මද ලොකු මමද.....??
ඒ..ඒ..වස්තු.මේ මොකද මේ....??
මගෙ පුතා ආස මෙහෙම කන්න මගෙ පුතා ආස මෙහෙම බොන්න ගගා අම්මම පුතාගෙ වැඩ කරනව නම් මම මොකටද අනූ...??තේ හදන්න අහනකොට කිව්වා පුතා ආස එයාගෙ අතින් බොන්න කියලා ...මං ඒකත් ඉවසුවා...සීනි දාන්න හදනකොට කිව්වා පුතා ආස මෙහෙම බොන්න කියලා .....
.මාව නිකන් අන්දුන් කුන්දුන් වෙලා ගියා....යකො මං බැදලා තියෙන්නෙ බැටලු හම පොරවන් උන්න නරියෙද මන්දා.....මුගෙ ඇති අහිංසක කමක් නෑනෙ...තනිකරම කට නිකන් බ්ලෙන්ඩර් එකක් වගේ....කියෝගනම ඉන්නවා.....මාව කොනිත්ත කොනිත්ත කුසිය දිහාවට තල්ලු කරනවා...
මං හිතන්නෙ...කසාද ජීවිතේ කටුක බාවය මට පලවෙනි තත්පරෙම්ම දැනුනද කොහෙද ..සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි වලි අපේ කුසිය පැත්තෙනුත් ඇහෙන්න වැඩි කල් යන්නෙ නෑ කියන්න ලකුනු පහල වෙනකොට හෙට අනිද්දා එන විභහගෙට පාඩම් කර කර උන්න මං පරන සිලබස් සිංහල පොතත් තුරුල් කරන් නිම්නයා දිහා බැලුවා.
වස්තු.....උඹයි අම්මයි දෙන්නෙක්නෙ...එකෙක් නෙවෙනෙ...මට එකෙක්ගෙ පැත්ත ගන්න නම් බෑ නිම්න...මට අම්මත් ඕනෙ...උඹත් ඕනෙ...උඹලා උඹලා ඕන තරම් කාගනිල්ලා...හැබැයි මගෙ ගාවට නම් හ්ඥේ...අඥූ...හුඥේ...අඥූ....අපි වෙන කොහෙ හරි ගිහින් ලුණුයි බතුයි කාලා ජීවත් වෙමු කියන් එන්න එපා...මොකද අපේ අම්මත් අප්පච්චි එක්ක ඇවිත් තිබුනෙ පොලුයි බතුයි කමුයි කියලා ...ඒ උනාට එදා රෑට කොත්තුවක් ඉල්ලලා...අප්පච්චි ගාව අම්මට කොත්තුවක් ගන්නවත් සල්ලි තිබ්බා...උඹගෙ මිනිහට වෙන්නෙ වම් ඇටෙ ගලවලා විකුනන්න තමයි...අනේ...ඒක නිසා.....උඹලගෙ වලි අපිට ගේන්න එපා....
නිම්නයට සැර උන මං පොත දිහා බලන් ඉදගන්න හදනවා එක්කම මං බලාගන ඒකා පිට අල්ලෙන් ඇස් පිහනවා..ඒමොකෝ ඒ.....
අපෙ අම්මා දන්නවා නම් මං මෙහෙ දුක් විදිනවා කියලා ..ඇත්තමයි අනූ....ඇත්තමයි.....මාව එක මොහොතක් මේ ගෙදර තියන් නෑ....ඇත්තමයි මල්ලි...ඔයාට බෑ ගිහින් කියන්න....බෝංචි කරලකට මැරෙන්න හදනවා....
...ආ.ආ....ඔය පටන් ගත්තෙ අම්මගෙ ගෙදර ගාටන්න...අපරාදෙ ..මට තිබුනෙ මුලතිව් පැත්තෙන් කසාදයක් කරගන්න...එහෙම උනා නම් එක්කො රන්ඩු කරන්නෙ නෑ...නැත්තන් ගිහින් එන්නෙ නෑ....අනෙ වස්තු පාඩම් කරන්න දියන්කො....ටර්ම් ටෙස්ට් ලගයිනෙ....අනික මේවා නිකන් දෙමල පත්තරෙ වගේ...මෙලෝ බිජ්ජක් මට තේර්‍ර්න්නෙ නෑ.....කවි මතකත් නෑ...මොකද සුචී උන්නා කියලා පේපරයක් වත් පන්නලා දෙනවද.....
නිම්න...ඔය අපේ එකා එක්ක මුකුලුවට වැටුනම කව්ද මේවා ඒදන්නෙ.....
මේ එනවා අම්මා....
අනූ...නැගිටපන්....ගිහින් කියපන්...මට ඕන විදිහට මං උයයි කියලා ..නැගිටපන් මල්ලි....
...මධුසමේ හීනයක් කරලා ගියපු අප්පච්චි හන්දා මානසීකව වැටිලා දනහිස් තුවාල කරන් උන්න මගෙ ඔලුවට ඊලගට බෝංචි ප්‍රශ්නෙකුත් මතු උනා....මගෙ ළඟ උන්න නිම්නයා මාව අතින් ඇද ඇද කුසියට එක්ක යනන්න හදනකොට මම පුටුවෙන් නැගිටලා පොත පැත්තකින් තිබ්බා ..
වරෙන් යන්න...ඒකො මගෙ මිනිහා...නැත්තන් රොහාන්ගෙ පවුල....
අම්මෙ.....මෙ මේ .....
නිම්න....අනේ පුතෙ ඔය ලිපෙ තියන සැමන් එකේ ලුණු බලලා මදිනම් ටිකක් දාපන්....ඔය ළමයා..මෙක ඔය ලමයගෙම ගේ කියලා හිතාගන වැඩකරන්න....අපේ නම් කිසි අකමැත්තක් නෑ.....
...ලුණු ඇති අම්මා...මීට වඩා ඕනෙ නෑ.....අප්පච්චි ට ප්‍රෙශර්නේ.....ලුනු හොදත් නෑ...අනික ඔයත් සීනි කනවා වැඩී අම්මා...ඔව්වා අඩු කරගන්න.....අනික මං අපෙ එක්කෙනාටත් කිව්වා ඔය අහුමුලු ගානෙ රිංග රිංග සිගරට් බොන එක නවත්තන්න කියලා .....
අපිට ලෙඩ වැඩි උනේ අරකා හන්දා.....ඕකව හදන්න බැරි නම් මකන්න ලමයො...අපි නම් මොනවත් කියයිද බලන්න...එකානෙ..එකානෙ කියලා අපේ එක්කෙනත් ඔය හැදුවෙ පුතන්ඩියව .....ඔය....ඔය පෙනේවද.....කියනකොටත් මෙතන....මයුර උඹ මොකද කුසියෙ කරන්නෙ....අප්පච්චි දැන් කිව්වෙ උඹට පාඩම් කරන්න කියල නේද ආ....
මේ..මෙ..කමනි....මේ බෝංචි එක....නිම්නට ඕන..මේ....අනේ...අම්මෙ....
මොකද උඹ තෙපර බාන්නෙ.....නිම්න.....මෙන්න මෙ බෝංචි එක ඔය ලමයා කපන්න ගත්ත විදිහට කපන්න..මුන්ට මදි උනේ තව මෙච්චරයි මෝසතරේට කප කප ගිල්ලන්න දත් නැති බබානෙ....කපන විදිහට කාපන්...
මාව නිකන් එක පාරම වෙන ග්‍රහලෝකෙකට ගිහින් දැම්මා වගේ...
ඇයි යකො මං මේ හේතු නැතුව බැනුම් අහන්නෙ....මං අහන්නෙ...වයි...වයි....
මගෙ ළඟ ඉන්නකම්ම යකාට ඇදන් උන්න නිම්නයා කුසියෙ උලුවැස්ස පනිනවත් එක්කම නැන්දම්මා කෙනෙක් බලාපොරොත්තු වෙනම ජාතියෙ ලේලි කෙනෙක්ගෙ මේල් වර්ශන් එකට මාරු උනා විතරක් නෙවෙ....ඒකා මටත් වඩා අම්මා අප්පච්චි ගැන කරදර වෙන්න ගත්තා....ලුණු හොද නෑ..සීනි හොද නෑ ගාපු නිම්නයා අර සැමන් හොද්ද කූරූ ගානකොට මං බලාගන පර්චස් හැටේ හැටේ සයිස් පුකත් පොල් කටු හැන්ද කැරකෙන වේගෙටම කැරකෙන්න ගත්තා.....
දික් කරගන එහාටත් යනවා...මෙහාටත් යනවා....ඒ දික්කරගන ඉන්න විදිහට කුසියෙ ඉඩත් මදි.....
..ඒයි ඔයාගෙ තේ එක නිවෙනවා...හදනකම්ම කියවනවා තේ එකක් හදපන් හදපන් ගගා...හැදුවට පස්සෙ අපි පස්ස පාරෙ යන්න ඕනෙ බීපන් බීපන් ගගා.....තේ එක බිලා කෝප්පෙ හෝදන්න මල්ලි....මෙහෙ අතට පයට වැඩකාරයො නෑනෙ.....
තේ....තේ නෙවෙ මට වහ දීපන් කියලා කියන්න හිතුනත් මන් කට පියාගන අතට දීපු තේ එක අරන් ගොනා වගේ බොන්න ගත්තා.....අපෙ කමනි එක පාරයි කිව්වෙ මේක ඔයාගෙ ගේ වගෙ හිතා ගන්න කියලා ..මූ කෙලින්ම ගෘහමූලිකයා උනානෙ...නෑ කෙලින්ම අම්මා උනා....
නැන්දම්මගෙයි බෑන පොඩ්ඩගෙයි කිචි බිචිය කුසිය පුරාවට යනකොට පිට එකා උන මම තේ බීපු කෝප්පෙ සබන් දාලා හෝදලා රාක්කෙනුත් නවලා වැඩකට නැති බෝංචි එකක් වෙනුවෙන් බැනුම් අහගන ආයම සාලෙට ආවා..ඇවිදින් සෝෆාවට කඩන් වැටුනා.....
මේක හරියන්නෙ නෑ...මේක මහ විසාල කරදරයක් උනානෙ...උයනවට වඩා කියවිල්ලනෙ...මම දැන් එකම පිටුව කී පාරක් කියෙව්වද....ඒත් මතක නෑ.....
මොකද උඹගෙ මූන පුකවෙලා.....ආ කොල්ලා....හරිනම් උඹ සන්තෝසෙන් ඉන්න එපැයිනෙ....
මෙච්චර වෙලා කොහෙට හරි වෙලා මොකක හරි කූරු ගග උන්න අප්පච්චි ආපහු සාලෙට එනකොට පොතත් අතේ තියන් උන්න මගෙ මූන අප්පච්චි කිව්වා වගේම පුක වෙලා තිබුනා....කොටින්ම නයා මැරුන අහිකුන්ටකයා වගෙ වෙලා තිබුනා...
අප්පච්චි ....පොඩි උදව්වක් කරන්නකො
සල්ලි නම් ඉල්ලන්ඩ එපා...
යෝ...රොහාන් හැම එකටම සල්ලි ඉස්සර කරගන්න එපා අනෙ
නැතුව බෑනෙ...දැන් හැමතැනටම මුල සල්ලි තමයි....කියපන් ඒ පාර මොකක්ද.....උඹට නිදියගන්න කාමරේට රිංගන්න ඕනා කියලා කියන්න එපා...
නෑ අනේ....නෑ...
එහෙනම්....
අප්පච්චි ...නිම්නලාගෙ අම්මා එහෙම දැන් මෙ පලහිලව්ව කතා කරගන්න එනවනෙ.....
ඉතින්....
ඒ ආවාහම කියනවද...ලමයා තාම ඉගන ගන්න හන්දා ඉක්මන් නොවී ඉමු කියලා .....
මන් ඒක කිව්වෙම කනටත් ණෑහෙන ගානට..කුසිය දිහාවට එබිකම් කර කර....ඇයි කොහෙන් කොයිවෙලේ මතුවෙයිද කව්ද දන්නෙ...ඕක ඇහුනොත් මගෙ පිට පුපුරන්න ගහයි....
එකපාරම උඹට මොකද උනේ.....ඇයි දැන් මැරෙන්න හැදුවනෙ අපි උඹලගෙ සතුට ගැන හිතන්නෙ නෑ....අපි කරන්නෙත් අපේ දෙමව්පියො අපිට කරපු ටිකමයි.....අපි අසාර්තකයි ....අරකයි මේකයි ගගා...
මම මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇදගත්තා...අප්පච්චි ඔක්කොටම හපන්.....එකම දේ....එකම දේ...ආය ආයම මට මතක් කර කර මානසීකව වට්ටවනකොට මම අඩන්න ඔන්න මෙන්න වගේ මූනකින් අප්පච්චි දිහා බැලුවා...
.අනෙ....අප්පච්චි ....අප්පච්චිගෙ කොල්ලා අරූගෙ අහිංසක කමට රැවටිලා.....උ දැම්මම අම්මා එක්ක මරාගන්න යනවා....
ආ...ආ...ආ..නැදම්මා.....වලි....ඇයි කෝ උඹගෙ ආදරෙ පෑල දොරින් පැනල ගියාද.....
නෑ..අප්පච්චි ....ඒක පැනල යන්නෙ නෑ...ඒත් ..ඇයි රොහාන් උන් හැම වෙලේම අම්මගෙ ගෙදර යන්න හදන්නෙ....නැත්තන් අම්මවද ලොකු මාවද ලොකු අහ අහ මැරෙන්න හදන්නෙ...
ආ...ඔව්වා හිතන්න එපා....ඔව්වා උන් උප්පත්තියෙම්ම අරන් එන ඒවා.....උන්ට අපිව පේන්නෙ ඥානකතා මල්ලිල වගේ ඒකනෙ ඔලුවම කන්නෙ....උඹගෙ අම්මත් ඔහොම්මමයි.....අපේ අම්මා මොනව හරි කිව්ව ගමන් ලෑස්ති වෙනවා
මහ ගෙදර යන්න...
ඒත් එහෙම ඕන් නෑනෙ රොහාන්.....
අපි එහෙම ඕන නෑ කිව්වට උන්ට එහෙම ඕනනෙ.....තවත් සහන ඉස්සරහට හම්බෙයි පුතේ.....දැන් ඉතින් බැදගත්තු බෙරේ ගහපන්....උඹට පේනවනෙ...දැන් පවුල් කනවා කියන්නෙ ගරිල්ලා සටනක් කියලා ...උඹට මේ අප්පච්චි වගේ සාර්තකව පවුල් කන්න ඕනා නම්...හැම වෙලේම මතක තියා ගනින්.....උන් තමයි හැම දේම දන්නෙ.....
දෙක උන්ට තමයි වැඩිපුරම හිත රිදෙන්නෙ.....තුන...උඹගෙ නිම්නයා ගාව රුපියල් සීයක් තියනවා...උඹ ගාව දෙසීයක් තියනවා...එතකොට මුලු ගෙදරටම තියෙන්නෙ උඹ ගාව තියන ඔය දෙසීය විතරයි...වෙන සල්ලි නෑ...
අනෙ අප්පච්චි
පොඩ්ඩක් ඉදින්...මං මගෙ එකම පුතාට සාර්තකව පවුල් කන හැටි උගන්නනවා.....අනික....උඹගෙ පැත්තෙ නෑදෑයො එක්ක අඩියක් ගැහුවොත් ඒක වැරදි ...උන් ඔක්කෝම බේබද්දො....හැබැයි...උබ නිම්නයගෙ පැත්තෙ උන් එක්ක අඩියක් ගැහුවොත්...උන් හොද උන්. .අමද්‍යපයි.....
කොයි වෙලාවක වත්....බිත්තිය පැත්ත ඉල්ලන්ඩ බෑ.....එයාට නිදිමත ආවා කියන්නෙ උඹටත් නිදාගන්න කාලෙ ආව කියන එක....දෙන්නෙ උනුවතුරට සීනි කලවම් කරලද....බීපන්....නිතරම වගේ ඔයා එදා වගේම අදත් ලස්සනයි කියපන්.....ඉස්සරට වඩා ආදරෙයි කියපන්.....වැඩි අවදානෙ හැම වේලාවෙම දීපන්....ඕක තමයි....පවුල් කන එකේ රහස.....දැන් ඉතින් ඉවසන් ඉදපන්.....
හැබැයි ඕනාවට වඩා වර්නනා කරන්නත් එපා.....එතකොට උන් දන්නවා මොකක් හරි ජඩ වැඩක් කරන්න යන්නයි ඔය වර්නනාව කියලා ...බීලා ආවොත් මගින් පේරකොලයක් කාලා ගෙදර ඇවිත් බීපු නැති එකා වගෙ ඉදපන්.....
හැබැයි...එකක්...උඹ බොන්න තෝරගන්න ඕනෙ...ගෙදර රොටි පුච්චන්නෙ නැති දවසක්..මොකද ...උඹත් නැත්තන් උඹගෙ අප්පච්චි වගේ...නාගසලන් වෙන්න ගසලා....ගසලා...ඇවිත් හොකරෙට බොකරෙට රොටිය අල්ලන් ලුනුමිරිස් ටික කාලා රොටිය හෝදලා පිගන් රාක්කෙන් වනයි....
මම දැන් නයා මැරුන අහිකුන්ටකයට හපන්.....පුදුම උපදෙස් මාලාවක් ඒක....සාර්තක පවුල් ජීවිතේකට අත්වැලක් උනාට ඒක අස්සෙ තනිකරම තිබ්බෙ පුරුස හිංසනේ....එහෙට හැරුනා...මෙහෙට හැරුනා....එහෙන් විභහගෙ...අනිත් පැත්තෙන් ජයවර්ධනයා....කසාද ජීවිතේ...අයියෝ..මාගෙ....යෞවන කාලෙ...මෙහෙමද.....පසුවන්නෙ.....!!!
කොල්ලා.....
ම්න්...අප්පච්චි .....
මෙච්චර වෙලාම කුසියෙන් ඇහුන කිචිබිචිය නැවතුනා...දැන් ඇහෙන්නෙ පිගන් බඩු සද්දෙ...මං හිතන්නෙ අපිඅද කෑම මේසෙ වගෙ කන්න යන්නෙ...නැත්තන් බත් බෙදන් ඇවිත් කකුල් කරේ තියන් ටීවි එක දිහා බලන් ටීවි එක කකානෙ බත් කන්නෙ....ම්ම්ම්...මගෙ මනුස්සයා හරි වැදගත් විදිහට ඔක්කොම කරයි වගේ.....
සෑහෙන වෙලාවකට පස්සෙ කොල්ලා.කියලා කතා කරපු මම අප්පච්චි දිහාව බැලුවා....අප්පච්චි උන්නෙ ඈත තියන කුසිය දිහා බලාගන....මේක සීයගෙ ගෙදර ...පරන වලව් ටයිප්...හැතැම්ම බාගයක් තියනවා කුසියට .....මැද මිදුලක් තියනවා....අප්පච්චිගෙ අප්පච්චිගෙයි අම්මගෙයි පින්තූර පදාසයක්ම සාලෙ බිත්තියක් බලහත්කාරෙන් වගේ අල්ලන් උන්නා...
.හැබැයි හරියටම බැලුවොත් එතන නිකන් කතාවක් වගේ තිබුනා...මුල්ම පින්තූර වල උන්නෙ සීයයි ආච්චියි...දැන් ඉන්න කෙල්ලන්ට බුරිය පේන්න ඇන්දම ටිපර් වෙන ඒකාලෙ ආච්චිලාගෙ ගවුම් අල්ලි දෙකක් දුරට තියන්න බෑ ඒ තරන් හිරයි කොටයි....සීයා ඇදන් උන්නෙ බෙල්බොටම් කලිසමක්ම්...දනිහගාවට වෙනකම්ම හිර වෙලා දනිහ ගාවින් මලක් වගේ ..තනිකරම ඩිස්කො කාරයෙක් වගේ.....ආච්චිගෙ කොන්ඩෙ උරහිස ගාවට රෝසි කට්.....කොන්ඩෙට පීත්තපටියකුත් බැදලා.....අර මාලිනී ඵෝන්සේකාගෙ තරූන කාලෙ වගේ...
ඊට පස්සෙ මගුල් ඵොටො එක....එතනින් පස්සෙ ආච්චිගෙ ඇදුම් වල චුට්ට චූට්ට වෙනස් කම් තිබුනා...බබ්බු හම්බෙන්න ඉන්න ගවුම් ඇදන් උන්න ඒවා තිබ්බා...අප්පච්චි ගෙ අයියව වඩන් ඉන්න පින්තූරෙදි ආච්චි වෙනස් වෙලා තිබුනා...අර මුල්ම රූප වල වගේ කෙට්ටු නෑ...මහතයි.....අප්පච්චි හම්බෙන්න ඉන්න පින්තූරෙ...ආච්චි ඊටත් වඩා මහතයි....මූනත් මහතයි.....අප්පච්චි හම්බුනාට පස්සෙ....එතන ඉදන් උන්නෙම සීයටවඩා රාත්තල් ගානක් බර තරබාරු ගෑනියෙක්...ඒත් සීයගෙ හිනාවයි....ආච්චිගෙ හිනාවයි මුල තිබ්බ විදිහමයි.....අවසානම කාලෙ තිබුනෙ ආච්චිගෙ අබලන් පින්තූර..ඒත් ආච්චි උන්නෙ හිනා වෙලා...සීයා උන්නෙත් එහෙමයි...ඊට පස්සෙ තිබුනෙ සීයගෙ තනි පින්තූර....හැබැයි එතකොට ආච්චි නෑ....හිනාවත් නෑ...මොකුත් නෑ...
අප්පච්චි ....
ම්ම්ම්...
සීයයි ආච්චියි සතුටින් උන්නද.....
......වෙලාවකට ඔව් කියන්න පුලුවන් ...වෙලාවකට නෑ කියන්න පුලුවම් මයුර.....කොහොම උනත්.....කසාදෙක සීයට අනූවක්ම සතුට බැලන්ස් කරන කෙනා වෙන්න ඕනෙ පිරිමියා....දරුවො වදලා...අපිව අප්පච්චි කරන සතුට ගේන්නෙ අම්ම උනත්....ගෑනු කසදෙකෙනින් පස්සෙ වෙනස් වෙනවා.....කනට දාන කරාබුවෙන් පස්සෙ උන් මැරෙන තාක් බර උස්සන් ඉන්නවා....කරාබුව දාන එකත් වේදනවක්...ඊට පස්සෙ එවුන් ගෙට වෙනවා...ඕකත් මහ කරුමයක්නෙ...අවුරුදු පනහ හතලිස් පහ වෙනකම්ම ගෑනු ඔව්වත් උස්සන් ඉන්නවා.....ලමයි හදනවා...අර.ලස්සනට තියන ඇග කැත වෙනවා.....දෙගුනෙකින් වයසට යනවා....
අන්න එතකොටයි අපි උන්ට වැඩියෙම්ම ආදරේ කරන්න ඕනෙ...උන් අවදානෙ ඉල්ලනවා...උන් හරි බයයි අපිට උන්ව මග ඇරෙයි කියලා ....උඹට ඕනෙ හැමදාම හිනා වෙලා ඇහැරිලා...හිනා වෙලා නිදාගන්න නම්....ආදරෙ කරපන්.....හංග හංග ආදරෙ කරන්න එපා මයුර....ඒක මහ අපරාදයක් ...උඹ දන්නවා....පිරිමින්ගෙ ලෝකෙ අස්සෙ උන් සම්මත රූල් ටිකක් හදන් ඉන්නවා.....ප්‍රසිද්දියෙ ආදරෙයි කියන් නෑ....ආදරේ දෙන්නෙ හංගලා ...ලමයි නිදා ගත්තම ලගට ගිහින් ඔලුව අත ගාලා.....ඉඹලා මං උඹට ආදරෙයි පුතේ කියනවා.....ඒක වැරදි.....
මං උඹව නිදියන් ඉන්නකොට අනන්තවත් ඉඹලා තියනව....හැබැයි ආදරෙයි කියලා නෑ...මං.කවදාවත් උඹට ආදරෙයි කියන්න නිදියනකන් බලන් ඉදලා නෑ.....අප්පච්චි උඹට ආදරෙයි කියලා මූනටම කියනවා....මට ඕනෙ උඹ දැනගන්න...උඹගෙ අප්පච්චි උඹට ආදරෙයි කියන එක උඹ දන්නවා කියන්න...උඹගෙ අම්මට මං අදටත් එදා වගේම ඉස්සර වගේම අදත් ලස්සනයි කියනවා...උඹ ඉස්සරහත් මන් උඹගෙ අම්මව ඉඹිනවා...අම්මට ආදරෙයි කියලා කියනවා..එකක්..උඹ දකින්න ඕන උඹගෙ අම්මා අප්පච්චි ආදරෙන් ඉන්නවා කියන එක...තව දෙයක්...උඹ ඉගනගන්න ඕනෙ....ආදරේ කරන්න හාදුවක් තියන්න නෙවෙයි බය වෙන්න ඕනෙ ලැජ්ජා වෙන්න ඕනෙ....අපරාද කරන්නයි බය වෙන්න ඕනෙ කියන එක...
උඹගෙ අම්මා..මම...අතර පුංචි පුංචි රන්ඩු
නොතිබ්බා නෙවෙ...ඒත්.....අපි ඒවා එක්ක ඇදට ගියෙ නෑ මයුර.....විනාඩියයි දෙකයි...ඔක්කොම අහවරයි .....උඹගෙ අම්මා ඇවිත් හරි පුදුම ගෑනියෙක් මයුර....මං මගෙ ජීවිතේ ගෑනියෙක්ව වර්නනා කෙරුවා නම්.....ඒ උඹගෙ අම්මව විතරයි....මට ඕනෙ....උඹගෙ අම්මා හන්දා මං සතුටින් උන්න වගේ...උඹත් සතුටින් ඉන්න.....
ලෝකෙ වෙනස් වෙනවා...මිනිස්සු වෙච්ච අපි කරන්න ඕන ලෝකෙ එක්ක ඉස්සරහට යන එක මිසක් සම්ම්ත අසම්මත.....ඉතිහාසෙ ගැන හොය හොය එල්ලෙන එක නෙවෙ....උඹගෙ කතාව ඇත්ත.....කල්පනයගෙ කතාව ඇත්ත...මට බැරි උනා මගෙ ඇස් අරින්න...ඇත්ත මයුර...මිනිස්සු ආදරෙ අස්සෙන් හොයන්නෙ සැනසීම.....
මං උඹගෙන් අහන්නෙ....උඹගෙ ආදරේ ඇතුලෙ සැනසීමයි ...නිවීමයි තියනවද මයුර.....?
මම අප්පච්චි දිහා බලාගන උන්නා.....මෙච්චර වෙලාම කියවපු අප්පච්චි මගෙන් ඇහුවෙ මට රිදෙනම ප්‍රශෙන් වෙනකොට මං අතේ තියන් උන්න් පොත වහලා දැම්මා...
ඔය දෙකම නෑ අප්පච්චි .....වේදනාවයි....ගින්දරයි විතරයි තියෙන්නෙ...ඒත්...මගෙ ආදරෙ අස්සෙ...එයා දැන් වත් සැනසීමයි නිවීමයි හොයා ගත්ත එකම මට ඇති අප්පච්චි ..මට නැති උනත්.....එයා සතුටින් නම්....මට ඒ ඇති අප්පච්චි ...නිම්න හිනා වෙනකොටත් මට රිදෙනවා ....එයා මට ආදරෙයි කියනකොටත් මට රිදෙනවා....ඒත්.....එයා මගෙ හිනාව බලලා නිවෙනව....මං එයාට ආදරෙයි කියන වාරයක් ගානෙ සැනසෙනවා...මට ඒ ඇති අප්පච්චි .....එයාගෙ ලෝකෙට ආපිට එයා යනකොට දුකකින් වේදනාවකින් නෙවෙ....සතුටකින් යනවා නම්....ඒ ඇති මට....
එතකොට උඹට....උඹට මොකද වෙන්නෙ....හැමදාම විදවන්නද.....පිච්චෙන්නද....
තනිවෙන්නද මයුර....
විරහවත් එක්තරා ප්‍රේමයක් කියනවනෙ අප්පච්චි ....මගෙ හිත හයියයි.....අපි පිරිමිනෙ...
පිරිමි හිතුත් පුපුරනවා මයුර....
.ම්ම්ම්..දන්නව....ඒත්.....මාව වැටුනොත් අල්ලගන්න අප්පච්චි ඉන්නවා කියන්න මං දන්නවනෙ....ඒ ඇති අප්පච්චි මට....අයිති කරගන්න බැරි උනාට....ආදරේ කරන්න අයිතිය තියනවනේ අප්පච්චි ....අප්පච්චි ...මං උත්සහ කරන්නෙ එකම දෙයයි.....ප්‍රේමය කියන්නෙ මොකක්ද කියන්න හරියටම තේරුම් ගන්න.....තේරුම් අරගන ආදරෙ කරන්න...මොකද.....නිම්නගෙ ජීවිතෙ එකම බලාපොරොත්තුව.....හිස්තැනක් නැතුවම පිටාරගලන ප්‍රේමයක් විතරයි.....
මන් කතාව නැවැත්තුවා.....මෙච්චර වෙලාම අහන් උන්න අප්පච්චි අවසානෙදි මගෙ පිටට තට්ටු කරලා එයාටත් වඩා බර හුස්මක් පාතට දාලා මගෙ ළඟින් නැගිට්ටා.....
උඹල දෙන්නටම අම්මයි අප්පච්චි ඉන්නවා මයුර...ඒක අමතක කරන්න එපා....
මං හිනා උනා....අප්පච්චි අවසානෙදි මගෙ ඔලුව අතගාලා අම්මයි අප්පච්චි අපි දෙන්නටම ඉන්නවා කියනකොට මගෙ ඇස් වල කදුලු පිරුනා....
අප්පච්චි....අම්මා කන්න එන්න කිව්වා.....
....මායි අප්පච්චි උන්නෙ අපේ කතාවෙ අවසානෙ වෙනකොට මෙච්චර වෙලාම කිචිබිචි ගගා උන්න නැන්දම්මගෙ අලුත් පුතා පද්ද පද්ද ඇවිත් අප්පච්චිට කන්න එන්න කිව්වා කියන ගමං මාදිහ බැලුවා...දැන් එයා මගෙනුත් අහයි නේ ඒයි ඔයාටත් බත් බෙදන්නද කියලා ....අම්මත් ඔහොමනෙ.....
මල්ලි....බත් බෙදන්නද....
එව්...විතරක් ...වස්තු උඹට කියලා තියනවා මල්ලි කියන්න එපා කියලා ...ඇයි යකො.....උඹට ඇහුනද අම්ම අප්පච්චිට අයියෙ කියනවා...නෑනෙ...මල්ලිලා එක්ක පවුල් කන්නෙ නෑ....
.....අම්මා ඉතින් කියන්නෙ නෑ....එහෙනම්...මාත් ඒයි කියන්නද...හැම වෙලේම අනූ ගාන්න බෑනෙ ...අපි දැන් පවුල් කාරයොනෙ...
...මං අහක බලාගත්තා ...පවුල් කාරයොනෙ කියනකොට ටිකක් ලැජ්ජ හිතුනා....එයා කිව්වත් වගේ...අප්පච්චි දැනගනීනෙ...අපි එහෙම කෙරුවා කියලා ...අම්මත් ඔව්වා කල්පනා කරනවා ඇති.....චිහ්....මං හෙන වල් කියලා හිතනවා ඇතිනෙ....
.ඒයි...මේ....
.මොකද...ඒපාර...
ඔයත් අප්පච්චි වගේ සරමක්ද රෑට අදින්නෙ....
...ප්..පිස්සු...විකාරද.....මං නිදියන්නෙ හෙලුවෙන්...මං රෑට ඇදුම් අදින් නෑ...ඊටත් මට දැන් ඉතින් කාමරෙ තහනම් එකේ සාලෙට ඇවිත් සරන් ඇදන් නිදාගත්තොත් සරම හොයන්න රාජ්‍ය බුද්ධිඅංශෙට වත් එන්න කියන්න වෙනව.....නිකන් ඉදින් වස්තු.....සරම කරේ හිටියි...
එක්කො මං අහන්නද අනූ...ඔයාව කාමරෙට ගන්නද කියලා ....තනියෙන් නිදියන්න බෑ මල්ලි....සීතලයිනෙ....
සීතල නම් ගිනිතියාගනින්...හොරා වගෙ කියෝ කියෝ වැඩේ දෙන්න නේද උඹ ඔය හදන්නෙ....
ම්හුක්....කල්පියා කිව්වනෙ සාර්තක පවුල් ජීවිතයක් ගෙනියන්න නම්...අඛණ්ඩ ලිංගික ක්‍රියාකාරකම් කරන්න ඕනෙ කියලා....මට බයයි ඒයි...පවුල අසාර්තක වෙයි කියලා ...ඒකයි....අනික...මට මේකකුත් දුන්නා.....රෝස පාට එකක්....චූචි බුංජියගෙ පවුල කඩාකප්පල් වෙයි කියලනෙ මේ ඔක්කොම .....ම්හුක්...මෙතන ඉන්නෙ ලොකු නිම්න නම් ඔව්වා තේරුම් ගන්න තිබ්බා මෙතන ඉන්නෙ චූචි බුංජියනෙ අනූ....පුංචී දේටත් බයවෙනවනෙ ඉතින්
මම කටට අත තියාගත්තා.....මෙච්චර වෙලාම මහ නිම්නයා වැහිලා උන්න එකා එකපාරම චූචි බුංජියා උනා.....කල්පනයා මගෙ නොදරුවගෙ ඔලුව කාලා මදිවට අතට කොන්ඩම් එකකුත් දීල එවලා...
ඔන්න ඕක මෙන්න මෙහාට දියන් වස්තු....උඹ කල්පනයගෙන් ඒ ගැන ඉගනගන්න හිතන්නවත් එපා...මං උගන්නන්නම්...කොටින්ම උඹ කල්පනයගෙන් ඈත් වෙලාම ඉදපන් වස්තු....නරක මිත්‍ර ආස්‍රෙ එපා....
එ කියන්නෙ අද මොකුත් නෑ...අපි දෙන්න අතරෙ....අද මොකුත්ම සිදුවෙන්නෙ නෑද අනූ...යෝහ්....මං අපෙ පිට්ටනියෙ අයටත් කිව්වා ජනාගෙ වෙල්කම් පාටිය ඉවර වෙලා ඉක්මනට යන්න ඕනෙ මගෙ හනීමූන් එක කියලා
....මො..මොකක්.....පිට්ටනියෙ උන්ටත් කිව්වා.....මොන මෝඩයෙක්ද වස්තු උඹ...ඊටත් අද මොකුත් කරලා මං හෙට ඉස්කෝලෙ යන්නෙ කොහොමද ....ඔලුව එකතැනක තියන් පාඩම් කරන්න බැරි වෙයි....කරපු කියපුවා මතක් වෙයි....ඊට පස්සෙ එතන ඉන්න නිම්නයව උස්සන් කොහෙට්ව් හරි යන්න හිතුනොත්...උඹ එකගයිද....එකගයි නම්.....මංගල ශොට් එක අද දෙන්නම්....
...ආ...ආ...හරි සෝක්....වෙරි බියුටිපුල් මහ පගයා කියපු කතාව.....ඇත්තමයි අනූ....මහ වේසයි ආ...මහම වේසයිනෙ...
මහ සවුත්තුවෙක්.....
චපලයි අනේ හරියට ....
මෙහෙත් ගහලා එහෙත් ගහන්න...මම තමයි එතනත් ඉන්නෙ....ඒ උනාට ඒ ඉන්නෙ පාසල් සිස්සයෙක්....වලත්තකම් කරන්න එපා අනූ.....
අනු මේ...ඇත්තමයි ඔව්වට නම් එන්න එපා ආ..මන් අපෙ අම්මට කියනවා...
ඇයි වදේ...මේ මොන වලත්තකමක්ද...
යෝ....දැන් මගෙ හිසරදෙ වගෙ.....සැක හිතීගන එන්නෙ.....
ම්හුක්....පවුල් කන්න අමාරුයි අප්පා....
ඇත්තමයි අනූ....ඒ නිම්නට අතක් වත් තියල තිබ්බොත්...මං නරකයි කියන්න එපා....
මගෙ හිත කැක්කුමයි....
ම්හුක්....අනූ....චූචි බුංජියගෙ දකුනු තට්ටම කැක්කුමයිනෙ....
මගෙ ඔලුව වම් පැත්තෙ කැක්කුමක් අල්ලන් එන්නෙ ඇයි අනූ.....
චූචි බුංජියට හිතෙනවනෙ අනූ..උඹ චපලවෙයි කියලා .....
ඇයි අනූ ඒ.....චූචි බුංජියට එහෙම හිතෙන්නෙ...සැක හිතීගන එන්නෙ ඇයි අනූ....වයි.....??මං අහන්නෙ වයි???
මගෙ අතපයත් සීතලයි වගෙ....
වම් අත වෙව්ලන්නෙ ඇයි අනූ
මං හිතන්නෙ මට මීමැස්මොරේට එන්න භ්භ්භ්....භ්භ්....භ්භ්...භ්භ්...ම්ම්ම්හ්හ්ක්..නරකයා ලෙඩ කිය කිය ඉන්නකොට උම්මියක් දුන්නා...මහ නරකයි ඒයි...
පිස්සු හොල්මනක් මහ....මං උඹලා දෙන්නගෙන් එකෙක්ට වත් ගහන් නෑ.....
එතකොට මේක...මේකට මොකද වෙන්නෙ.....??ඇයි අනෙ ගහන් නෑ කියන්නෙ මට ගහන්නකො??කල්පි මේකක් අරන් දුන්නෙ ගහන්නමයිනෙ.....ලැජ්ජයිනෙ .....අනික අපෙ පිට්ටනියෙ අය මට අතට අත දීලා සුභත් පැතුවා...අනික මං දැන් කසාද බැදපු උන්ගෙ සංගමේට සල්ලිත් ගෙව්වා...එච්චරත් කරලා....ඇයි යකො ගහපන්කො...ම්හුක්...මං දැන් මැරීඩ් ඇසෝසියේසන් එකේ මෙම්බර් කෙනෙක්...මන් හිතන්නෙ වැඩිකල් නොයා මට ඩිවෝර්ස් ඇසෝසියේසන් එකට හරි ආදර සබධතා බිදවැටීමෙ සංසදේට බැදෙන්න වෙයි කියලා ....එතනටත් සල්ලි ගෙවන්න එපැයි කොහෙ තිය්ස්න සල්ලිද අනූ.....
ම්හුක්.....හිත රිදුනා.....රත්තරනේ...හිත රිදුනා රත්තරනේ.....මා හැඩුවා...රත්තරනෙ.....මා හැඩුවා...රත්තරනෙ....මා හැරදා....ඔබ ගියදා....මා හැඩුවා...රත්තරනෙ...
අරූ කියවනවා....අඩි හප්පනවා....මේකට මොකද වෙන්නෙ ගගා අතෙ තියන ඩියුරෙක්ස් එක වන වන මාව කන්න හදනවා...ඒ අස්සෙන් උන්ට තියන සංගම් ගොඩ කියපු බුංජියට අවසානෙදි කිංසිලි පීරිස්වත් වැහිලා විරහ ගී කියන්න ගත්තා
.ඉක්කෙ වස්තු....ඕක නවත්තපන් අප්පචිට ඇහුනොත්.....මොනා හිතයිද....
මොනා හිතන්නද මං කියනවා මං කරගහන් තියෙන්නෙ නගින් නැති එකෙක්ව කියලා ....
දෙයියනෙ නිම්නයා...!!
ඇත්තනෙ....අලුතෙන් බැදපු උන් එතනට ඇවිත් කියපුවා කරපුවා කියනකොට මං කොන්වෙනවනෙ . ...හැබැයි අනෙ මගෙත් හිත වෙනස් උනොත්...ඔන්න කියන්න එපා කාමයෙවරදවා හැසිරුනා කියලා . ...ම්හුක්...උඹට ඒ වේදනාව දැනෙන් නෑනෙ...ප්‍රතම ලිංගික අත්දැකීමවත් නැතුව මැරිලා ගියහම වේදනයිනෙ....
පුක පලනවා එහෙනම්....ඇයි යකො...හිටපන්කො....උඹ ඔය කියවන්නෙ කනකන්නෙ.....කෑවම බලපන්කො.....මගෙන් කෑවොත් පිටයයිද කියලා .....
ම්හුක්...
ඒ පාර මොකද බන් .....ආය නහයෙන් අඩන්නෙ.... .එක්කො මාවත් එක්ක යමන්කො වස්තු.....අඩුම ගානෙ හොරෙන් වත් බලන් ඉන්න.....
අපි දෙන්නම උන්නෙ මගෙ කාමරේ ඇතුලෙ....ඒකගෙ කටේ තියන්න බැරි බෝංචි හොද්ද කාපු මගෙ පිත පැලෙන්න ආවා....කිචි බිචි ගගා ඉව්වට මොකද මගෙ බෝංචි එකට නැන්දම්මයි බෑනයි මාරුවෙන් මාරුවට ලුනු දාලා ඒක තනිකරම ලුනු ලේවායක් කරන් තිබුනා.....
චූචි බුංජියා වැහුන නිම්නයා මගෙ ඇදුම්.ඔක්කොම ඇදලා ඇද උඩ දාගන ඒකට වෙල්කම් පාටියට යන්න ඇදුමක් නෑ කිය කිය නහයෙන් අඩනකොට මම මාවත් එක්ක යන්න කිය කිය නහයෙන් ඇඩුවා ..කිව්වත් වගෙ මූට ලයින් අල්ලන උන් ඉන්නවද කව්ද දන්නෙ...
අනූ...මේ එකකවත් දිලිසෙන ගල් නෑනෙ අනෙ.....මාව කැපිලා පේන්න එපැයි...අනික අද ජනාගෙ වෙල්කම් එක විතරක් නෙවෙ....ඇන්ටි කෙනෙක්ගෙ ඩෙත් ඇනිවර්සරි එකත් තියනවා...අවුරුදු ගානකට පස්සෙ ඒ ඇන්ටිගෙ ගෙදර අය මේ පාර දානයක් දීලා.....එයාගෙ කන්දත් සුද්ද කරලා ගියා.....මෙච්චර කල් එයාගෙ දරුවො අමතක කරලනෙ උන්නෙ...අද මතක් වෙලා.....ඒවත් සමරන්න එපැයි...
මං ගාව තියෙන්නෙ ඔච්චර තමයි ඉතින්....උඹලගෙ පාටියට අපිවත් එක්ක ගියොත් මොකක් හරි කරලා ගේමක් ගහලා දෙන්න පුලුවන් .....
පිස්සුද අනේ....ඔයාව කොහෙ එක්ක යන්නද....අනික කපුටු සාත්තරෙ මදිවෙයි...ගානටනෙ හදන්නෙ....ඒ අස්සෙන් මගෙ පිලිගැනීම් ගීතය නෑ....යෝහ්....මගෙ ඔලුව ගිනිගත්තු කම්මල වගෙ....අනූ...මගෙ පිලිගැනීම් ගීතෙ නෑනෙ....
මං එකක් ලියලා දුන්නොත් මාව එක්ක යනවද ....
අනූ.....හ්
දැන් එකක් ලියලා දෙන්නම්.....අනික අපිට බෑන්ඩ් එකකුත් තියනවනෙ වස්තු....එක්ක යමන්කො.....මිනිහා ගායකයෙක් කිව්වම උඹටත් ආඩම්බරයිනෙ...
මන් නිකන් අම්මා පස්සෙ යන්න හදන පොඩි එකාවගෙ නිම්නයට මාව එක්ක යන්න කිය කිය මුමුනකොට මාව තඹේකටවත් ගනන් නොගත්ත ඒකා දික් කරගෙන කාමරේ පුරාවටම එහා මෙහා කැරකුනා..අඩුම මං කියන එක නෙවෙ කනකට ගත්තෙ.....
හරි හිටපන්කො....මං අද ඕකට ඇවිල්ලමයි නවතින්නෙ.....
හරි ඕන් නෑ....උඹ යන දිහාවක පල .....එන වෙලාවක වර හැබැයි නිම්න මාව ඇහැරවන්න එපා...මට පාඩුවෙ නිදියන්න දීපන්...මං හිතන් උන්නෙ අද මොනවා හරි දෙයක් කරන්න.....මොනා උනත් හනිමූන් එකනෙ කියලා .....නෑ මොකුත් ඕන් නෑ....ගිහින් ඕන එකෙක් එක්ක ඉදලා ඕන වෙලාවක වර....මට මොකද....ආය මගෙන් මොකුත් ඉල්ලන්න එන්න එපා හරි...
මන් මුනින් අතට හැරුනා.....යම පල වර මට මොකද කියපු මං තරහෙන් වගේ අනිත් අතට පෙරලෙනවත් එක්කම අරකා තියන ඔක්කොම පැත්තකට දාලා වෙඩිල්ල වගේ මගෙ ගාවට ආවා....
...ම්හුක්...අනූ....ඒනම් බුංජිට පොරොන්දු වෙන්න....කියන දේ අහන් ඉන්නවා කියලා ...මිනිවලවල් පාගන්නෙ නෑ...ඒවා උඩින් පනින්නෙ නෑ කියලා ....
ම්න්....
...හැබැයි....වැඩිය කෝඩියල් බොන්නත් බෑ හාද අනේ...කපුටුසාත්තරේ ගනන්නෙ අනූ...අනික..ඔයාලා ආරාධිත අමුත්තොත් නෙවෙනෙ....කියන දේ අහන් ඉන්න ඕනා හා නේද....
ම්න්....
එහෙනන් අපි ඒක කරනවා කියලා කියන්න....
ම්න්...
ම්හුක්..කටින් කියන්නකො....චූචි බුංජියට ඒක කරනවා කියලා කියන්න....අඛන්ඩිවම හැබැයි ඈ.....
දැක්කනෙ.... ගහනවා කිව්වොත් මගෙ බුංජියා ඕනම එකක් කරයි.....!!!
අනූ.....අම්මා බනීද අනේ....
පොඩ්ඩක් ඉදින්කො වස්තු...මං ගාව ගල් අල්ලපුව නෑනෙ.....අම්මා බාතෲම් එකේ...අප්පච්චි ටීවි බලනවා....
මාව එක්ක යන්න පොරොන්දු උනා විතරයි මං නිකන් ගිනිකසෙන් ගුටි කාපු එකා වගේ නැති උන පිලිගැනීම් ගීතෙට පිලිගැනීම් ගීතෙකුත් ලියලා දුන්න මම අනිත් පාර අම්මගෙ අල්මාරිය අව්ස්ස අව්ස්ස මං ගල් අල්ලපු සාරි ජැකට් එකක් හෙව්වා...මං එනකන් නිම්නයා දොර ගාව ඉදන් හොරගල් ඇහින්දා....
අනූ...හරිද .....වතුර සද්දෙ නැවතුනා....අම්මා එයිද මන්දා....
හරි....හරි...හම්බුනා...මේක අරන් දුවපිය...
ඊයෙ පෙරේදා මහපු අලුත්ම කලු පාට සාරි ජැකට් එක හොරකන් කරගත්තු මං නිම්නයා එක්ක කාමරේට දිව්වා....මගෙ ඩෙනිමයි....කලු ලෙදර් ජැකට් එකයි..ඒකට උඩින් සාරි ජැකට් එක ඇන්දෙව්ව මම දිලිසන නිම්නය දිහා බලන් උන්නා.....ම්ම්ම්....දිලිසනවා...
අම්මගෙ ජැකට් එකයි මගෙ ජැකට් එකයි දෙකම කලු හින්දා දෙකෙන් එකක් වත් හරියටම හොයන්න බැරි වෙනකොට මම එයාගෙ සම්පූරනම කොන්ඩෙත් ජෙල් කරලා මුලු ගෙදරම උදවිය නින්දට යනකන් බලන් උන්නා.....කොටිම්ම අප්පච්චි ට පේන්න ගිහින් සෙටියට වැටිලා ඔලුවෙ ඉදන් පොරවගත්තා....
ඒත් පාටියට යන්න ලක ලෑස්ති උන අනිත් උන් තුන්දෙනා සැරින් සැරේම මට මැසේජ් එව්වා....අවසානෙදි දෙයියන්ටමගෙ දුක තේරිලාද කොහෙද අපේ ගෙදර අදර වේලාසන ලයිට් නිවුනා.....!!!!
අම්මට සිරි....ම....මයුරයා....අර බලපන්කො.....අර....සෙනෙ.....අර වම්පැත්තෙ කෙරවලේ තියන වල ගාව බලහන්...
අපි තුන් දෙනාම උන්නෙ පිට්ටනියෙ...නිම්නයා අපිව හංගපු තැන....ජනත් අයියා උන්නෙ ෆුල් සූට් එක ගහල...එයාව පිලිගන්න එනකන් මිනි පිට්ටනියෙ එලියෙ හිටගන.....
මලවුන්ගෙ ලෝකෙ.....මිනි කදුවලින් නැගිටපු මලගිය පරාන දැක්ක මුල්ම තත්පරේදි අපි තුන් දෙනාට හීන් දාඩිය දැම්මත් සැරින් සැරේට අපි ගාවට ආව නිම්න...ජනා වගේම සුචිත්‍රම්මා නිසා අපි තුන් දෙනා පොඩ්ඩක් හරි බය නැති කරගත්තා....
මිනිපිට්ටනියට ඇවිදුනුත් පෙම් කෙලින උදාරයයි කල්පනයයි එක මුල්ලකට වෙලා තුරුල් වේගන එබිගන ඉන්නකොට මලගිය පෙම්වත්තු දිහා බලන් උන්න මායි කොට රවිදුවයි එක මුල්ලක හැංගිලා බලන් උන්නා.....සමහරු උන්ගෙ සොහොන් කොත් උඩ...සමහරු ඒ තාප්පෙ උඩ...අඩු වයසින් මැරුන පොඩි උන් උන්ගෙ මිනිපෙට්ටි වලට දාල වලලපු සෙල්ලම් ටෙඩියො සෙල්ලම් බඩු උස්සන් හතර වටේම දුවනකොට අලුත ඉපදුන කිරි දරුවන්ව වගේම ප්‍රසූතියෙ මැරුන අම්මලා තමුන්ගෙ දරුවො වඩන් නලව නලව උන්නා...
මේක හරි අමුතුයි මයුර.....මං කවදාවත් හිතුවෙ නෑ....මේක මේ වගේ කියලා .....සමහරක් දුකින්...සමහරක් සතුටින් මයුර....ඇයි ඒ.....අර බලපන්...අර...අතන ඉන්න වයසක අම්මා....ඒ මූනෙ කිසි සතුටක් නෑ.....ඊටත්.....ඒ සොහොන් කොත හරි පරනයි...
මගෙ ලගට වෙලා උස මදි හන්දා ඇගිලි තුඩුවලින් ඉස්සීගන උරහිස් වල එල්ලීගන උන්න රවිදු සොහොන් කොත් ගාවට වෙලා ඉන්න එක එක කෙනාව පෙන්න පෙන්න මගෙන් එක එක ඒවා අහනකොට මං ඒ දිහා බලාගන උන්නා....
ඇත්ත .....සමහරුන්ගෙ මූනවල් වල වේදනාව පිරිලා...සමහරු හිනා වෙනවා..
රවිදුවා.....උඹ අහල තියනවද .. ..මිනිස්සුන්ට මැරුනත් සැනසීමක් නෑ කියලා .....හොදට බලපන්.....ඔය වේදනාවෙන් ඉන්න හැම කෙනාටම පිටිපස්සෙන් තියන සොහොන් කොත බලපන්....ඒ හැම එකා ගරා වැටිලා....ඒ කදු බලපන්.....ඔක්කොම මහපොලවට සමතලා වෙලා ගිහිල්ලා...උන්ගෙ දුකට එකම හේතුව.....කිසිම සිහි කිරීමක් නෑ.....පිනක් දීමක් නැ... ...මතක් කිරීමක් නෑ.....ඉතින් කෝ රවිදු උන්ට මැරිලත් සැනසීමක්......ජනත්ගෙ මූනෙ හිනාව....මගෙ නිම්නගෙ මූනට හිනාවක් එන්න එකම හේතුව ඇයි හිතලා බලපන්.....
හුස්ම ගියෙ ආසාදරන හේතු උඩ උනත්.....අපි ඉන්නවා පින් අනුමෝදන් කරන්න...ඒ සොහොන් කොත පිරිසිදු කරන්න....ඒ නමක් මතක් කරල ආයම හොද තැනක ඉපදෙන්න කියන්න අපි ඉන්නව...ඒ නමින් බුදුන් ගාව මලක් පහනක් පූජා කරන්න අපි ඉන්නවා...ඒත්.....ඒ ආත්ම මලවුන්ගෙ ලෝකෙත් සදහටම තනිවෙලා රවිදු...ඒ වේදනාවට හේතුව ඒකයි රවිදු...ඕක මට සුචිත්‍රම්මා කියල දුන්නෙ....එයාලගෙ සතුටට සැනසීමට හේතුව අපි එයාලට සාදාරනයක් කරන එක රවිදු...
.....
අපි හතර දෙනා බලාගන උන්නා...තවත් කන්දක් උඩින් කසාද බදින්නත්කලින් මැරුන කෙල්ලෙක් ඇවිදන් යන් හැටි මම බලාගන් උන්නා...ඒකිගෙ මගුල් ඇදුම දිරන්න පටන් අරන්.....ඒත් ඒ මූනෙ හිනාවක් තිබුනා....ඒකට එකම හේතුව සොහොන උඩ තිබුන අලුත්ම රතු රෝස මල් පොකුර.....
සමහර විට ඒක තියන්න ඇත්තෙ කෙල්ලෙගෙ කොල්ලා වෙ ඇති....
"නිරශා සදනි මෙනවිය"
නිවන් සුව ලැබේවා

මයුරයා...මයුරයා .....පටන් ගත්තා...පටන් ගත්තා...අන්න බුංජියා එනවා....
කෝ මගෙ ජනා.....කෝ බන්.....අර මල්මාලෙ තියන් ඉන්නෙ ජනත්ට දන්නද....
අම්මටම සිරිම...මල්මාලත් දානවා.....අන්න අන්න බුංජියා කොලයක් අර එනවා.....
මෙච්චර වෙලා අනුන්ගෙ දේවල් බල බල උන්න අපි ඉක්මනට මගෙ නිම්නය දිහාවට හැරුනා .....ඇත්ත.....මෑන් ජනාගෙ මිනිකන්ද උඩ හිටගන මන් ලියලා දීපු පිලිගැනීම් ගීතෙ අතේ අතියාගන අම්මගෙ සාරි ජැකට් එකේ ගල් අත ගගා මලවුන්ගෙ පෙරහැ එක්ක සොහොනගනාවට එන ජනත් අයියා දිහා බැලුවා.....
මයුර....කව්ද පිලිගැනීම් ගීතෙ ලිව්වෙ...
මන් උදාරයා ..අනේ මන්දා හිතට එන එක ලියල දුන්නා.....
පව්නෙ බන් අපි විසිල් පාරක් වත් ගහලා අපේ බුංජියට සප් එක දෙමුද සෙනේ....
උඹට ඕනෙ මෙතන මැරෙන්නද....කටවහන් ඉදින් බබා. .අන්න පටන් ගන්න යන්නෙ...අරූ දැම්මම කන්ද උඩ ඉදන් දෙපැත්තට වැනෙනවා....
රවිදුවා ...අන්න මිනහට මල්මාලෙත් දැම්මා....අත්පුඩියක් වත් ගහකො...නැත්තන් හරි වේසයිනෙ....
ඇත්ත...අරුන්ගෙ කතාව ඇත්ත.....ජනාගෙ කරට මල්මාලයක් වැටුනා....ඒ එක්කම මගෙ නිම්නයා දෙපැත්තට වැනි වැනි පිලිගැනීම් ගීය කියන්න පටන් ගත්තා.....
සුවද කුසුම් පොකුරු නෙලා
ගෙලපලදාලා....
ආසිරි පිනි දිය ගල්වා ගත
දෝවාලා.....
සුභ මොහොතින් මේ සොහොනෙ
දිවි අරඹන්නා
"ජනත් කුමරුන් "පිලිගමු ගීත ගයාලා.....
පිලි ගමු පිලි ගමු පිලීගමූ
ජනත් කුමරුන්ව පිලීගමූ
උස් කුලමල නැති යටහත් කම් නැති
බේද භින්න නැති
අපේ කනත්තට
සාදරයෙන් අපි ඔබ පිලිගමු!!!
🤭👉👈....පිලිගැනීම් ගීය දුන්නෙ.....සෙනුම් පුතුකියා...
ආය හෙට ඈ.....පයිස්සමින් ඉන්ඩෝ
ආතරෙයි....
මම ජොබී බුංජියා
Nedeesha