WebNovels

Chapter 43 - 43

දුවපිය....කි...ව්වනෙ...අම්මෙ.....අම්මෙ.....තී විල් එකේ...ඉන්න....මිනියා...පුතාට...දුවපිය...කිව්වනෙ...අම්මෙ....හ්.....

මයුරයා වර වර.....ඕකා ඊලගට කුනුහර්පයක් කියයි...අම්මා කට පුච්චනකන් මං කුනුහර්ප කිව්වා....වරෙන් ඉක්මනට.....යෝ....මේ පොඩ් ගස් බල්ලා කොහෙ මායන් වෙනවද කේලන් කිය කිය....

එහෙන් පොඩි කල්පනයා අම්මා ගාවට දුවන කොට මම මෙහෙන් නිම්නව ඇදන් ලොකු කල්පන ගාවට දිව්වා....

කල්පනයයි+ කල්පනයයි කියන්නෙ තනිකරම යුද්දයක්..දෙවනි ලෝක යුද්දෙ වගේ.....මං කියලා වෙනසකුත් නෑ....

කොහෙටද මල්ලි...

අයියෙ මාදම්පෙට.....බුංජි ගෙදර කොහෙද...

මාදම්පෙ...නෙවෙ...මහවැව....

ආ...ඔව්..ඔව්..හරි..මහවැව....පිටිපස්ස පාර...

කල්පනයා එහා කෙරවලේ....මම මෙහා කෙරවලේ....මගෙ නිම්න මැද්දෙ....මගෙයි කල්පනයගෙයි මූනු කෙසේ වෙතත්...අනේ.මගෙ නිම්නගෙ මූන දෙක වෙලා...ඒ ඇස් ලොකු වෙලා...එයා බය වෙලා....එයා ඉන්නෙ අම්බානෙකටම බය වෙලා.....

අනූ.....අපිව දකිද....

ඒකද වස්තු අපි දැන් මෙතන හිතන්න ඕනෙ...අපිව දකීද කියන එකද...නැත්තන්....ඔය තිරිසනා අර ගෑනිට මොනවා කරයි කියන එකද....

..උඹ දැක්කද මයුරයා....ඔය පඩත්තරයා ගැට පිච්චෙගෙ වීදුරුවට මොනවා හරි දානවා.....උඹ දෑහින්ම දැක්කද....

ඔව්..ඔව්...ඉතින් ආය.....බොරු කියලා ගෙන්න ගන්න මට කැහියාව නෑනෙ කල්පනයා....

කැහියාව තිබ්බා නැතා...දැන් නම් මයුරයා...කල්පනයට නැගලා තියෙන්නෙ.....අපෙ සෙනේට වත් බස්සගන්න බැරි ගානට...ඕක නිසයි අපිට බුංජියා නැති උනේ....ඕකා නිසයි අපෙ කොටාට ජනා නැති උනේ.....තව දවස් දෙක තුනකින් ඕකා අපි දෙන්නටත් ඕකගෙ සමත මන්ඩලේට දාලා ඔලුව හදාගන්න කතා කරයි....අන්න එදාට තමයි ඔය ජයේට වැරදි මිනිහා එක්කයි මේ හැප්පෙන්නෙ කියලා තේරෙන්නෙ...ඔයා බය වෙන්න එපා බුංජියො....මූයි මායි ගානට වැඩේ හැඩ්ල් කරන් යන්නම්.....

මං කල්පනයා දිහාව බැලුවා...ඌ උන්නෙ ත්‍රීවිල් එකට වඩා හයියෙන් යන්න වගෙ....ඉදගන උන්නෙත් බාගෙට....කගෙ වැලකින් හරි උස්සන් ආව ටී ශර්ට් එක මගෙ දිහාවට දාන ගමන් කියවනකොට මම ජයවර්ධනයගෙ කටින් පැනපු තවත් වචනයක් හින්දා හිත අස්සෙන් නොසෑහෙන්න විදවන ගමන් උන්නා...

"කෑලි කපලා ගෙයි මැද වලලනවා..."

මගෙ හිත හෙලවිලාම ගියා.....උගෙ කටින් ඒ වචනෙ පැන්නත් ඇති...මගෙ පපුව හෙලවිලාම යන්න ගියා.....කිව්වත් වගෙ....ඒක එහෙම උනෝතින්...මාව මැරෙයි....මගෙ පපුව පැලිලා මාව එතන මැරේවි.....

මං නිම්නගෙ අතින් අල්ල ගත්තා...දැනුන වේදනාව...බය එක්ක මම මගෙ ගාව බයෙන් බයෙන් ගැහි ගැහි උන්න නිම්නගෙ අත අරගන මගෙ අත්වලට තද කරගත්තා...

අනේ...එහෙම වෙන්න එපා....නිම්න...අනේ...ඒක වෙන්න එපා....

කල්පනයා පිස්සට හැතැප්ම නෑ වගේ බනිනවා....ජයවර්ධනයට වැහි නැති හෙන ඉල්ලනවා.....ඒත් මගෙ හිත තිබුනෙ නිම්න ගාවට...

මයුරයා.....ආ බන්....

ම්ම්ම්....

උඹ මං කියන ඒවා අහන්ද ඉන්නෙ....

ම්න්....

මට දැන් අර පොඩි පඩත්තරයව හම්බ උනා වගේ උඹටත් පොඩි මයුරයව හම්බ උනාද...

නෑ.....

මං නෑ කිව්වා.....මොකද කල්පනයා වගේම නිම්න ඉස්සරහා මාත් පටි රෝල් කරගත්තු හන්දා මං නෑ කියනවා එක්කම මගෙ ගාව ඉදගන උන්න නිම්න මා දිහා බලලා කල්පන දිහාවට හැරුනා....

මොන බොරුද...මෙයාට එයාව හම්බ උනා කල්පි...මෙයා ඔය ලැජ්ජාවට කියන්නෙ නෑ...මෙයා අප්පච්චි එක්ක බයිසිකලේකට අඩලා වැලි නාලා ඉන්නෙ ඔය....

යැයි..යැයි....ඔක්කොම කේලන් කියනව නේ.....

ඉතින්....චූචි බුංජියා දැක්කනෙ අනූ...චූචි බුංජියා දැක්කනෙ...අනූ....යට..භ්භ්...භ්භ්....

නැ...නෑ...එච්චර දුර යන්න ඕන නෑ වස්තු....මගින් නැවතුනාම ඇති...නැත්තන් මේක මහ විසාල කරදරයක් වෙනවා....

මං ඉක්මනට නිම්නගෙ කට වහලා දැම්මා....බය වෙලා උන්නත් මොකද කල්පනයගෙ බ්‍රේක් නැති කටට පින් අයිති වෙන්න මගෙ නිම්නගෙ මූනට යන්තන් හිනා රැල්ලක් ඇවිදින් තිබුනා වගෙම එයා මොන හේතුවට හරි අර හුරතල් නිම්න උනා....

අපි ඉන්න තත්වෙ අනුව....මගෙ පපුවෙ හැගීම් අනුව මේක විහිලු කරන වෙලාවක් නෙවෙ උනත් මගෙ නිම්න මොන හේතුවට හරි හරි අමාරුවෙන් හිනා වෙන ගමන් කල්පනයට තවත් කට කැඩුන කතාවක් කියන්න පොටක් පාදවනකොට මං කොල්ලගෙ කට මගෙ අතින් වහලා දැම්මා....

හැබැයි....මං පරක්කු වැඩී.....කල්පනයා කියන්නෙ තනිකරම ඉස්සෙක්....ඕකගෙ කට තනිකරම මෝලක්....පන උනත් දෙයි....හැබැයි....මුගෙ කට හන්දා පටි රෝල් වෙන එකේ සීමාවක් නැති වෙනකොට පන එපා කියලා දුවන්න හිතුන වාර අනන්තයි....

ආ...ආ....චූචි බුංජියා මොනාද දැක්කෙ....මයුරයා...අත ගනින් ලමයගෙ කටින්....ඔයා කියන්න බුංජියො...මොනාද ඔයා දැක්කෙ..මූ ගෙදරට ඉන්නෙ ජොකා පිටින් කියලද....

ඔ..ඔව්නෙ...ඔයා කොහොමද ...ඒක....

කල්පන ඇති.....

උඹ ඉදින්කො මුදුනා නොවි...උඹ කියන්නෙ මොකාද...උඹ ගැන අකුරක් නෑරම දැනගන්න අයිතියක්...පූර්න අයිතියක් අපෙ චූචි බුංජියට තියනවා...ඒක නිසා...කට පුක වහන් ඉදින්.....ඔයා දැක්කෙ මූ ගෙදරට ජොකා පිටින් ඉන්න එක නම්....ඒක ඇවිත් උගෙ ජීවන චක්‍රෙ අනිවාර්යය කරුණක්.....ඌට කම්ෆර්ටබල්ම ඇදුම ජොකා.....මුගෙ ආසම ජොකා....ck එකේ නේවි බ්ලු එක...අනික...මූට මුගෙ ගෙදර ඇරුනම වෙන.කොහෙවත් බුදියන්න බෑ බුංජියො....

කල්පන...ඇති....ඕක නවත්තපිය....වස්තු මුගෙ කෙබ්බ....

කමක් නෑ...ඔයා කියන්න කල්පි...

ඒකනෙ....ඇහෙනවනෙ...බුංජිට දැනගන්න ඕනලු.....උඹ රෑට බුදියන්නෙම හෙලුවෙන් කියලා අපේ බුංජියට කියන්නම ඕනලු...මූට දෙවනියට පහසුම ඇදුම උපන් ඇදුම......රාබු වගෙ සුදු ගල් දෙක එලියෙ දාන් රෝස මීයා වන වන එහා මෙහා යන එක තරම් ඌට වෙන සැපක් ඇත්තෙම නෑ....ඇට කූට්ටම එලියෙ දාන් හුලන් වැදි වැදි බුදියන තරන් ඌට වෙන සැපක් නෑ...

මගෙ කන් දෙක රතු උනා...කමකට නැති කල්පනයා මගෙ චරිතෙ හොදිත් එක්ක අනාගන කන තරමට කනකොට මං බලාගන මගෙ නිම්නයා මූන රතු කරන් ජීවිතෙ පලවෙනි පාරට මාව දැකපු එකා වගේ බලන් ඉන්නවා...

මොකද...ඔයාට ලැජ්ජද දැන්....ඌ හරි...මම ඔහොම තමයි නිදියන්නෙ...මං පිලිගන්න බෑ කියන්නෙ නෑනෙ...ඒ උනාට වස්තු...මේ ලෝකෙ කොල්ලන්ගෙන් සීයට අනූවක්වත් හෙලුවෙන් නිදියන්න පුරුදු උන එවුන් ඉන්නවා....ඒක ඇවිත් මගෙ තියන දසවලත්ත කම නෙවෙ.....මිනිස්සු ඇද උඩට වැටෙන්නෙ මුලු දවසක්ම පවුල් බර ඇදලයි.....වටේ ඉන්න මිනිස්සුන්ගෙ ප්‍රශ්න අහලයි...උන්ගෙ ප්‍රශ්න වලට විසදුම් දෙන්න අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගනයි...තව එකි මෙකි නොකී ප්‍රශ්න ගොඩක් එක්ක හෙම්බත් වෙලා දවසෙ අවසාන පැය ගානට ඇස් පියාගන්න වැටෙන්න ඔතනට.....

ඒ පැය ගානට වත් මිනිස්සුන්ට නිදහස් වෙන්න අයිතියක් නැද්ද වස්තු...මං අහන්නෙ....සමහර දවස් තියනවා.....මට ඇදන් ඉන්න ජොකත් බරයි වගෙ දැනෙන....මිනිස්සු අඩන්න එන්නෙ ඔතනට දුක කියන්න එන්නෙ ඔතනට.....සුන්දර හීන දකින්න එන්නෙ ඔතනට....කොල්ලෙක් උනහම වැලක් බලලා අතේ පාරක් ගහලා කොලු හැගීම් පිට කරගන්න එන්නෙ ඔතනට...කොටින්ම නිම්න....මිනිස්සුන්ට නිදාගන්න ටික වත් සැනසීමෙන් නිදාගන්න ඕනෙ...සමාවෙයන් වස්තු....මං නිදාගන්නෙ ඔහොම...අරූ ඕක කියනකොට මට පොඩ්ඩක් ලැජ්ජා හිතුනා තමයි...ඒත්....මගෙ විදිහ ඕක.....ඒකට මගෙ වලත්ත කම කියන්ඩ එපා....මට සැහැල්ලුයි...මිනිස්සුන්ට ඕනෙ කොහොම.හරි සැහැල්ලුවෙන් නිදාගන්න.....

දැන් කියන්න එපා කවුරු හරි කාමරේට ආවොත් ඔයාව ඔහොම දැක්කොත් එතකොට මොකද කියන්නෙ...අරකද මේකද යැයියැයි ගගා....ඒකට තමයි නිම්න ලොක් එකක් තියෙන්නෙ..දෙවනි කාරනාව...ඇතුලට එනඑකා දැනගන්න ඕනෙ...ටොක්...ටොක් ගාලා තට්ටුවක් දාලා එන්න...එතනදි හෙලුවෙන් නිදියපු මම නෙවෙ දස වලත්ත ඔය තට්‍ටුව නොදා එන පඩත්තරයා ..හරියටම උඹගෙ කල්පියා වගේ...ඕකා තරම් මගෙ ජුන්ඩා කිරි දරුවා කාලෙදි අපෙ අම්මවත් දකින්න නැතුව ඇති....

හරි ඉතින්.....අපි හතර දෙනාම දවසක් සෙන්ට් මීටර් පහලවද කියලා බැලුවනෙ...ඕකට කියන්නෙ ඇවිත් කුතුහලේ කියලා බුංජියො...ඔව්වා හිතට ගන්න එපා....උඹගෙ මිනිහා හෙලුවෙන් ගම වටේ දිව්වත් ඌ ඇවිත් පෙරාපු රත්තරන් වගේ පිරිසිදු මිනිහා....කෙල්ලො ගොඩක් මැද මූව අවුරුද්දක් තිබ්බත්...මූට තියෙන්නෙ එකම හිතයි.....ආය සක්කරයගෙ පුතා වයිමා ආවත් බුංජියා නම් හිතේ ඉන්නෙ බුංජියම තමයි...

මායි කල්පනයයි කියවල...කියවලා අවසානම තත්පරේදි පපුව පිරෙන්න හුස්මක් අරගන මගෙ චූචි බුංජියා දිහා බැලුවා...කොල්ලව රතු වෙලා...එයා උන්නෙ හරියටම අපි මේ කියන කතා ඇත්තමද කියලා විශ්වාස කරන්න බැරි රූපෙකින් වෙනකොට එයා අර ඇබිති කටත් චූට්ටක් විතර ඇරගන මා දිහා වගේම කල්පනයා දිහාත් බලලා හරි බර හුස්මක් ගත්තා...

මාත්....දවසක හෙලුවෙන් නිදියලා බලන්නම් නේ අනූ එහෙනම්....බුංජියත්...දවසක නිදියාල බලන්නද....??

මං කල්පනයා දිහා බැලුවා...හරියටම එයා ඒක ඇහුවෙ ඒක තනිකරම බරපතලම පාපයක් .....ඒත් එයාට ඒ පාප කාරි ක්‍රියාව කරන්න ඕනා එහෙම හැගීමකින් වෙනකොට කල්පනයා උරහිස් ඇකිලුවා....

ඇයි...ඔයා කවදාවත් එහෙම නිදියලා නැද්ද....

ම්ම්ම්.....අප්පච්චි මරයි මාව.....දොර වහන්න බෑනෙ...දොර වහන්න තහනම්.....එයාට හිතුන වෙලාවක ඇවිදින්.....අපි නිදිද බලලා යනවා....අනික...ඔයා...අර කිව්වෙ...කොල්ලෙක් උනහම...අර..මෙ...මයුර ඔයාට තේරෙනව මන් තටමන්නෙ මොකක් කියන්නද කියලා .....

...සම්භාව්‍ය විදිහට කියන්නම්..ඔයාට ලැජ්ජයිනෙ...ස්වයංවින්දනය ....මට කියන්න එපා...ඔයාගෙ අවුරුදු දහ අටටම කවදාවත් වැඩුන පිරිමි ළමයෙක් විදිහට ඕක කරල නෑ කියලා ...

ඒක...ලෙඩක්....නෙවෙද....මං..අහන්නෙ..ඒක...පාපයක්.....

මයුරයා...අර නාකියා මොකෙක්ද බන්.....දෙයියන්ගෙ නාමෙට බුංජියො....මේ අහපන් මයුරයගෙ වස්තුව....උඹ කොල්ලෙක්...ඔය වගේ අහිංසක වෙන්න එපා රත්තරන් ....උඹ මනුස්සයෙක් මිසක් ජයවර්ධනයගෙ හියුමන් ෆාම් එකේ ඉන්න සතෙක් නෙවෙ....උඹ රොබෝ කෙනෙක් නෙවෙ.....උඹ ලේ ඇට මස් නහර වලින් හැදුන හැගීම් දැනීම් තියන මනුස්සයෙක්...ස්වයංවින්දනය පාපයක් නම්...තව ගෑනියෙක්ව ඒකට හවුල් කරන් ළමයි බෝ කරන එක අන්තරීය පාප කර්මයක් උගෙ තියරිය අනුව....අවංකවම...මට තේරෙන්නෙ නෑ නිම්න....

මං දන්නෙ මෙච්චරයි නිම්න....උඹ මේ අවුරුදු දහ අටටම දැකලා තියෙන්නෙ ඒ ලෝකෙන් අබ ඇටයක් තරම් ප්‍රමානයක් කියන්න විතරයි ...උඹ අහසෙන් දැකලා තියෙන්නෙ අබ ඇටයක් තරම් විතරයි ....නිම්න...මයුරයගෙ වස්තුවෙ මේ අහපන්.....මේ අහස හරි විසාලයි නිම්න...පියාඹන්න තටු හයිය නම්....මොකා බැන්නත් පියාඹපන්...මහ වැහි වලට තෙමියන්.....හුලි හුලගට අහුවෙයන්...මං කියන්නෙ...උඹ චූට්ටකට නැති කුරුල්ලෙක් වෙයන් නිම්න....අහස දිනන්න නම් රාජාලියෙක් වෙන්න ඕන නැ...මොකද රාජාලියගෙ ගමන පැහැදිලී.....ඌට ගහන්න බලු බල්ලෙක් නෑ කියන්න ඌ දන්නවා...හැබැයි නිම්න...ඇගිලි පුරුකක් සයිස් ඇබිති කුරුල්ලෙක්ට අහස දිනනව කියන්නෙ...උගෙ මොරාල් එක අර රාජාලියට වඩා සෑහෙන්න ලොකුයි....

මේ කල්පනයා වෙලාවකට කියවනවා අවුස්සනවා තමයි...හැබැයි නිම්න...මං උඹට පට්ටම ආදරෙයි...මයුරයා වගේම...අපි ඔක්කොම උඹගෙ අහිංසක කමට ආය අම්මට සිරි වෙන්නම ආදරෙයි....හැබැයි....මේ කියන එක අහගනින්...ඕනාවට වඩා අහිංසක වෙන්න එපා නිම්න...උන් පන්න පන්න පලි ගන්නෙ අහිංසක උන්ගෙන්මයි.....බැන්නොත් බැනපන්...දන්න සුද්ද සින්හල මොකක්ද....ඒකෙම්ම බැනපන්...ගැහුවොත් ගහපන්.....උඹට ගැහුවොත් අපි මරනවා...හැබැයි...පුලුවන් නම්.....රාජාලියෙක් නොවි චූටි කුරුල්ලෙක් වෙයන්...මේ අහස හරි විසාලයි නිම්න...

තටු ලොකු කුරුල්ලන්ට වගෙ නෙවෙ.....වැස්ස අව්ව...හුලි හුලන් පන්න පන්න පලිගන්නෙම ඇබිති කුරුල්ලන්ගෙන්...හැබැයි නිම්න ....ඔය හැම කඩයිමම පන්නන ඔය චූට් කුරුල්ලට අහස කියන්නෙ මහ දෙයක් නෙවෙ වෙනවා ...මට...මූට...අපි හැමෝටම ඕනෙ උඹ ඒ ජාතියෙ හැම දේටම ඔරොත්තු දෙන කොල්ලෙක් වෙන්න නිම්න.....

නිම්න කියන්නෙ පුංචි කුරුල්ලෙක් නම්...මයුර කියන්නෙ රාජාලියෙක්...උඹට පුලුවන් තරන් දුරට ඔය තටු ගහලා අහසට පියාඹපන් නිම්න....බැරිම තැනකදි වැටෙන්න ආවොත් බය නැතුව වැටියන්..මොකද....උඹව අල්ල ගන්න මූ ඉන්නවා....ඒක ඌටත් වඩා අපි දන්නවා...මූ මගෙ යාලුවා නිසා මූව වර්නනා කරනවා නෙවෙ....උඹට හරියන්නෙම මයුරයා වගෙ කොල්ලෙක් නිම්න....මූ උඹට පන ඇරලා ආදරෙයි ...හැබැයි...නැ ඕන නෑ...වැඩි කතා ඕන් නෑ රත්තරන් .....උඹට ඕන මගුලකට අපි ඉන්නවා...ආදරෙයි උඹට....මූ මැරුවත් කාරි නෑ...මං නම්.උඹට හරි ආදරෙයි බුංජියො.....

මගෙ ඇස් පුපුරු ගහන්න ආවා....ජයවර්ධනයා අවුලපු ගින්න තනිකරම ලැව් ගින්නක් වගෙ පැතිරි පැතිරි යනකොට කල්පනයා කෙරුවෙලැව් ගින්නට ඉහලින් භූමිතෙල් වැස්සක් වස්සවපු එක....අරූ දුන්න වෙදනාවට හපන් උනා කල්පනයගෙ මේ ප්‍රසංසාව...උගෙ හැගීම්....උගෙ වචන....උගෙ ආදරේ.....

මේ ලෝකෙම දිනුවත්..දිනපු දාට දාහක් දෙනා ප්‍රසංසා කෙරුවත්...නන්නාදුනන මූනු දාහක් සුභ පැතුවත්....තිරෙන් පිටිපස්සෙ ඉන්න අම්මා අප්පච්චි .....යාලුවො කියලා මට ඇරලා කියන්න පුලුවන් නිකම්ම වැලදගැනීම් වෙනුවට හෘදයාංගමව වැලදගන්න මිනිස්සු ප්‍රසංසා කරනකොට කොහොමත් ඇස් වලට දරා ගන්න අමාරුයි....කොහොමත් හිත් වලට දරාගන්න අමාරුයි...

කල්පන කෙරුවෙත් ඒක....අම්මා අප්පච්චි ඇරුනම මගෙ ජීවිතේ මට හෘදයාංගම වැලදගැනීමක් දුන්න මිනිස්සු කොට්ටාසයක් උන්නා නම්.....ඒ ගෞරවනීය ස්තූතියි යන්න ඕන උන් තුන්දෙනයි උන්නෙ...ඒ කල්පනයා කියන සුන්දරම වගේම ආදරනීය හර්ද වස්තුවක් අයිති යාලුව ඉන්න මගෙ රස්තියාදු කාර නඩෙට...

මම නිම්න දිහාවත් කල්පන දිහාවත් බලන් උන්නා...මගෙ ජීවිතෙ මගෙ හර්ද වස්තුවෙන් පිට දාන ආදරේට උරුමකම් කියන්න පුලුවන් මේ අපූරු මිනිස්සු දෙන්නා දිහා මන් කදුලු බැදුන ඇස් වලින් බලාගන උන්නා...

අහම්බෙන් වගේ අතීතෙට යන්න අවස්තාවක් ලැබුන මට...තවත් වරමක් ලැබුනොතින් ..මං උඩ ඉන්න දේව සභාවෙන් ඉල්ලන්නෙ මෙච්චරයි ....

මේ ලෝකෙ හැම මනුස්ස පරානෙකටම ලැබෙන්න ඕනෙ නිම්න වගේ අහිංසක හර්දවස්තුවක් අයිති අහිංසක ආදරේකුයි....කල්පනයා වගෙ ඕනම නරකාදියකට පය ගහන්න දෙපාරක් නොහිතන යාලුවෙකුයි....උන් යාලුවො නෙවෙ...උන් තනිකරම මේ සංසාර කන්න සරු කරන්න එවාපු ආශිර්වාද!!!

මං බිම බලාගත්තා...මොකද මට අඩන්න බෑ.....ඇස් පුපුරු ගැහුවට මොකදමට අඩනව තියා හිතන්නවත් බෑ....මට ඌට ස්තූතියි කියන්න බෑ...මට ඕනෙ උඹට පින් මචන් කියලා එකගෙ හුස්ම හිරවෙනකන් බදාගන්න...ඒත් මට ඒමොනවත් කරගන්න දැන් වාරුවක් නැති වෙලාවක නිම්න මගෙ හදවත ගලවල අතට ගත්තා....

නිකන් නෙවෙ...ඌ මගෙ පන ගහන හදවත නහර වැල් එක්කම එලියට ඇදලා ගත්තා..අමු අමුවෙම මාව මරලා දාන්න හැදුවා ...

මෙච්චර වෙලාම කල්පනයා කියපු හැම වචනයක් ගානෙම අහන් උන්න නිම්න කෙලින්ම කිරි කලේට ගොම බින්දුවක් දැම්මා....

නිම්න....උඹ තනිකරම අපරාද කාරයෙක් නිම්න.....තනිකරම ආත්ම ගාතකයෙක් ....උඹව දාන්න හිර ගෙවල් හතක් හැදුවත් මදි නිම්න.....

මං අර හිරකරගත්තු කදුලු තනිකරම ඇස් ගැටි වලින් සුනාමි ගැහුවා.....මෙච්චර වෙලාම කල්පනයගේ කටින් පිට උන හැම වචනයක්ම දැහැනට සම වැදිලා වගෙ අහන් උන්න නිම්න මාව උස්සලා පොලවෙ ගැහුවා.....

කොටින්ම කල්පනයගෙ කතාව අස්සෙ උපමා කරපු නිම්න කියන අර පුංචි කුරුල්ලා කෙරුවෙ රාජාලියෙක් උන මගෙ තටු මුලින්ම කපලා දාපු එක...

මං නිම්න දිහා කන්න වගේ බලාගන උන්නා....නිම්නගෙ අත් පැටලුනෙ කල්පනයා එක්ක වෙනකොට ඊරිසියා කරන්න නෙවෙ මට හිතුනා මහ පාරට පැනලා කන්ටේනර් එකක් එනකන් බලන් ඉදලා පත්තරයක් වෙලා යන්න මැදින් හිටගන්න.....

....ඔයා කියන විදිහට....මම ඔය වගේ පුංචි කුරුල්ලෙක් උනෝතින්.....මට මැරෙන්න වෙන එකක් නෑනේද කල්පන...ඔයා කියන විදිහට ඕනම හැල හැප්පීමකට බය නැතුව මූන දුන්නොත් මට මැරෙන්න වෙන එකක් නෑනේද කල්පන....කල්පන...මට හැමදාම මයුර එක්ක ආදරෙ කරන්න පුලුවන් නේද....???

මං හිතන්නෙ දුරුතු සඳ අහසින් කඩන් වැටුන් නෑ.....වැටෙන්න කලින්ම අහසින් බාගෙකදි පිපිරිලා අලුවෙලා ගියා...

නිම්න උඹ මගෙ හදවත පලලා ලුණු මිරිස් හැදුවා....!!!!

මයුරයා.....

ත්‍රීවිල් එකට මේක දීපන් කල්පන...

උඹ හොදින්ද කියපන් මයුර.....උඹට හිටන් ඉන්නවත් පන නෑ වගේ..උඹ සනීපෙන්ද ඉන්නෙ කියපන්....

කල්පන..අගෙ පපුව හිරකරනවා බන්.....

මේ...මේ.....මයුරයා...නැගු...නැගු...ආපිට නැගු ඔය ත්‍රී වීල් එකට අර හුත්තිගෙ පුතා මොන මගුල කෙරුවත් දැන් වෙලා ඉවරයි....හැබැයි අතීතෙට ඇවිදින් උන්ට සාධාරනයක් කරන ගමං උඹට මැරිලා යන්න අවසර දුන්නෙ කව්ද...නැගපන්...නැගපන්...උඹ පලයන් මං බලන්නම්....බුංජියා....මෙන්න මේකව දාගනින් ඔය ටුක් එකට රොහානයගෙ පපුව පැලෙයි ...යම යම මං බලාගන්නම්

නෑ...නෑ.....කල්පන...මං...මං හොදින් බන්...ඒත්....ඒත්

ඒත් මේත් මොනාද.....

එයාට කියපන් බන් ඔහොම වචන කියන්න එපා කියලා මං මනුස්සයෙක් කල්පන....මට රිදෙනවනෙ බන්.....මට රිදෙනව බන් හරියට....ඌට කියපන්කො බන් ඔහොම කතා අහන්නෙ හිතක් පපුව නැතුවද කියලා ...

ආපු ත්‍රීවිල් එක ආපිට යන්න යනකොට ගෙදරට මග දුරක් තියලා බැහැ.ගත්තු මං නිම්නව කල්පනට පාවා දුන්නා...මට රිදවපු නිම්නව මං කල්පනට පවා දුන්නා....රිදෙන තරම කොයි තරම්ද කියනව නම් මට එක මොහොතකට

".ජුදාස් " කෙනෙක් වෙන්න සිද්ද උනා....

නිම්න බලාගන උන්නා.... කල්පනට වචන නැති උනා...නිම්නගෙ ඇස් වල වේදනාව පිරිලා....ජයවර්ධනයා මට දැනටම ඌට නොදැනුවත්ම හරි හින්ට් එකක් දීලා තිබුනා....

අනූ....

එපා වස්තු....උඹ හදන්නෙ මාව බදාගන මගෙන් සමාව ඉල්ලන්න නම්.....මම උඹගෙන් සමාව ඉල්ලනවා මට උඹට සමාව දෙන්න බැරි එකට...මගෙන් සමාවක් නෑ නිම්න...මං උඹට සමාව දෙන්නෙ නෑ....එච්චරයි ....උඹ මට රිදවල ඇයි සමාව ඉල්ලන්නෙ....මෙච්චර ආදරේ කරන මට ඔහොම.කරන්ඩ එපා නිම්න...මං වෙස්සන්තර නෙවෙ බන් හදවත්ත් ගලවලා දන් දෙන්න....

......ඇති මයුරයා....පොඩි එකා ඇහුවෙ උගෙ පැත්තෙන් සාදාරන කතාවක් නෙ...රිදෙනවා...උඹට ආය වේදනා නාශක ලොරියකට යට උනත් වේදනාව නැති කරන්න බැරි තරම් රිදෙනවා...ඒකියලා...මේකව අඩවන්න එපා බන්.....ඌත් පව්...උඹත් පව්....උඹලගෙ මේ ට්‍රැජඩිය බලන අපි ඔක්කොටම වඩා පව්....

නිම්න...

අ....අනූ....

සමාව බලාපොරොත්තු වෙන්න එපා....මාව බදාගනින්...මට ආදරෙයි කියලා හාදුවක් තියපන්....මට දැන් උඹගෙන් ඕන කරන එකම දේ ඔච්චරයි නිම්න....

අ..අනූ...

ඇයි...මං උඹට රූම් එකකට යන්න එන්න කිව්වද....නෑනෙ...මං කිව්වෙ මාව බදාගනින්....මට ආදරෙයි කියපන්....මට කලිසම ගලවන් උඹගෙ ඇග උඩ නැගන් හැමනෙන්න ඕන නෑ නිම්න.....මම උඹගෙන් බලාපොරොත්තු වෙන එකම වේදනා නාශකේ ඕක....ඔන්න ඔච්චරයි .....මගෙ හිත හත් පොලකට නෙවෙ....දැන් ඉතින් බිදෙන්න තැන් නෑ...මාව උඹගෙ ඇස් ඉස්සරහම මැරෙ...භ්භ්භ්.....

ඇති...මීට වඩා එපා අනූ....මං ආදරෙයි ...අනේ අනූ....මං උඹට හරි ආදරෙයි මගෙ අනූ...අහස පොලව සාක්කියි...අහස පොලව පහ උනත් මේ ආදරෙ....නෑ....අනූ...නෑ...කවදාවත් නැති වෙන්නෙ නෑ.....ආදරෙයි ...

එයා මාව තුරුල් කරගත්තා...මට ආදරෙයි කිව්වා...එක හාදුවක් ඉල්ලපු මට හාදු කෝටියක් විතර දීපු නිම්න මට වේදනාවට පෙනඩෝල් පෙත්තක් දුන්නා.....

ආදරෙයි ...රිදවන්න එපා....ආදරෙ ඇතුලෙ විදවීම සම්මත කාරනාවක්....ඒත් විරහව අස්සෙ තියෙන්නෙත් ආදරේ කිය කිය මාව නොමර මරවන්න එපා නිම්න...

හරි..හරි...දෙන්නා දෙමහල්ලො සමාදාන උනා නම් යමුද...එව්....වේසයි ආ...මෙතන කල්පනයා තට්ට තනියම බව දැන දැන ගස් ගල් ගානෙ රිංගන් කටවල් කා ගන්නවනෙ....කොහෙද ..අපේ සෙනෙත් නෑනෙ....සෙනෙ උන්නා නම් මාත් ඌව වඩාගන හරි කට කවෝ ගන්නවා...අපිට කොහෙද පූසො මාලු.....වරෙව්...වරෙව්...ජයවර්ධනයා ගැට පිච්චෙට මොනා කරනවද දන්නෙ නෑ....දහ අටදන එකක් යනවා නම්....ඔන්න...අම්මාපා...මං නම් බලනව මුරයා....මේ ටිකෙ වැලක් වත් බලාගන්න විදිහක් නෑ සෙනේ එලිවෙනකම්ම ඵෝන් එකෙන් කුටු කුටු ගගා මල් කඩනවා.....

හිත් බිදීම් වේදනා ඔක්කොම වාශ්ප වෙන්න කියලා එතනම තිබුන මහා රූස්ස ගහ පිටිපස්සට නිම්නයව ඇදන් ගියපු මට මගෙ හාදුව මීට එහා ගෙනියන්න බැරි උනා....මෙතනදි තනිකඩයා උන කල්පනයා නාහෙන් අඩ අඩ කියවනකොට මං නිම්නගෙ කම්මුලටත් හාදුවක් තියලා නැවතීම් තිතක් නැතිව කමාවකින් මගෙ හාදුව අවසාන කරලා ඊ ගාවට ආවා...

නිම්න උන්නෙ මගෙ අත අල්ලගන....හරියටම බැලුවොත් අපි තුන්දෙනාම හිටන් ඉන්නෙ මගෙ ලොකු නිම්නව දෙතුන් පාරක්ම හම්බ උන මේ ගහ යට....

වස්තු.....

අනූ

ගේට් එකෙන් ගියොත් අහුවෙනවා....පිටිපස්සෙන් ගිහින් යන්න පාරක් තියනවනේද.....

මම නිම්න දිහා බලලා ගෙදරට යන්න පිටිපස්ස පාරක් තියනව නේද අහනවත් එක්කම එයා මට එතනම තිබුන අතුරු පාර පෙන්නුවා....

මේ ඒපාර....පැනි පාට ගහපු බෑග් එකක් කරේ එල්ලන් ගියපු පාර....නොහිතන තැන්වලදි මතු වෙලා....නොහිතන වෙලාවලදි අතුරුදහන් උන පාර...

කල්පනයා....මෙතනින් යන්....

මං නිම්නව එක අතකින් අල්ලන් පාර මාරු උනා...මෙතන ඉදන් තියෙන්නෙ තාරවත් නොදාපු සුදු වැල්ල තියන අඩිපාරක් වෙනකොට පාර දෙපැත්තෙම එරඩු ගස් වැටක් ගැහුවා හා සමනවම වැවිලා තිබුනා....

චූචි බුංජියට බෝලයක් පුම්බන්න මේකක් කඩලා දෙන්ඩද

එපා මෝඩයො ඔව්වල කිරි හැලුනම කහට යන්නෙ නෑ

කහට යන්නෙ නැත්තන් ක්ලෝරෙක්ස් ටිකක් දානවනෙ.....නිකන් ඉදු මයුරයා.....ආ බුංජි මේක පිඹින්න අනෙ...මෙන්න මෙහෙම බෙල්ලෙන් චූ....ට්ටියක් කැඩුවා...පූහ්...ගාලා පිඹින්න....

මට එපා කියන්න බැරි උනා....එරඩු කොලයක් කඩාගන බෝල පුම්බන කල්පනයා දිහා එයා බලන් උන්නෙ නොදරුවෙක් ගානට වෙනකොට මං මෙච්චර වෙලාම අල්ලන් උන්න එයාගෙ අත අතෑරලා කල්පනයා එක්ක එරඩු බෝල අරින්න දුන්නා...

එයා හිනා වෙනවා...එයාට බෝල පුම්බගන්න බැරි වෙනකොට කල්පනයා යවන බෝල වලට අත ඇල්ලුවා....බිදෙන්න නොදි ඈතට පාවෙලා යන්න කටින් පිම්ඹා....

මං එයාගෙ හිනාව දිහා වේදනාව මුහු උන ලෝභකමකින් බලන් ඉදලා අවසානෙදි එරඩු කොලයල් කඩාගන එයාගෙ දිහාවට දික් කෙරුවා

අනූ.....

අදට විතරයි .....ඔව්වල කහට....

එයා හිනා වෙලා මගෙ අතෙ තිබුන එරඩු කොලෙ බෙල්ල හරියට පිඹිනවත් එක්කම අනෙ එයාගෙ මූනට හිනාවක් ගේන ගමන් එරඩු කිරි බෝල වරුසාවක් විතර පාවෙලා ගියා ....මගෙ කුලුදුල්ම ආදරෙ....."නිම්න"

උඹ නැති දාකට...මං මේ මුලු ලෝකෙටම ආගන්තුකයෙක් වෙයි නිම්න.....

අනූ...අප්පච්චි ගෙ කාර් එක ඉස්සරහමයි.....

ඔයා හිතන්නෙ කොහෙ ඇති කියලද වස්තු.....උඩට යන්න නම් නැතුව ඇති

ඔය සාතන් උඩ උන්නොත් නම් අපිව දකිනවා ශුවර් ශොට් මයුරයා....

අපි තුන්දෙනාම උන්නෙ නිම්නගෙ ගෙදර පිටීම පස්සෙ තිබුන දැන් පාවිච්චි නොකරන ටොයිලට් එකක් ගාව වෙනකොට ගෙයි ඉස්සරහම නවත්තලා තිබුන ජයවර්ධනයගෙ කර් එක දිහා බලන් හොර ගල් අහුලන්න ගත්තා.....යන්න පුලුවන් ..අනේ නිම්නව අහු උනෝතින් ....මට ඒවත් කල්පනා වෙනකොට මම ඇස් හීනි කරන් එයාලගෙ වත්ත පිටිය පුරාවටම ඇස් කැරකෙව්වා...

හෙන මූසල පාටයි....තනිකරම පාලු සුසානක් වගෙ....පාසි බැදුන බිත්ති.....එක්ක අන්දකාර උන දර මඩුවක්.....

මං හිතන්නෙ අප්පච්චි ඇත්තෙ ලියන කාමරේ...එයාට පොතක් ගැන නේද කිව්වෙ..අනිවාර්යයෙන්ම ඔය පොත පෙන්නන්න එක්ක එන්න ඇත්තෙ.....

පොත පෙන්නම ආවට...ඕකා පොතෙ මොන පිටුව පෙරලයිද කව්ද දන්නෙ බුංජියො...මෝඩ මූසලයා ...මට පේන්නම බෑ ආ.....ඉන්නෙත් නිකන් බයිසිකල් හැඩල් එකක් ගිලලා වගේ...හෙන ලොන්ත පූස් ඩයල් එකක්....හොද වෙලාවට බුංජියො ඔයාලා සුචී වගේ ලස්සන උනෙ මූට තියන මුඩුම මූන උනා නම්..අයියො සංසාරෙ හෝතඹයි එලවන්න කුකුල් කූඩු වලට එල්ලන්න පින්තූර ගහන්න තමයි වෙන්නෙ ...ඒ තරම් මුගෙ මූන කැතයි...ඒඑ...විතරක් බේසම

මායි නිම්නයි දුවාගන්න පාරක් හොයනකොට කල්පනයා ජයවර්ධනයට බලු බැනුම් බනින්න ගත්තා ...

අනූ...දර මඩුව ගාව පේන්නෙ නෑ...එතනින් යන්

කල්පනයා වරෙන්.... ...

දර මඩුව ගාවින් යන් කියනවත් එක්කම මම කල්පනයවත් ඇදගන අමුක ඩුමුක නටන කැරපොත්තා වගේ කොදු කඩාගන දෙකට නැවීගන අහු මුලු වලින් රිංගගන නිම්න පිටිපස්සෙම ජයවර්ධනයා ගෙ කන්තෝරු කාමරේ ගාවට ගෑටුවා....

හිතුවා හරි...නිම්න හිතුවා සීයට දහ දාහක් හරි...ජයවර්ධනයා ඉන්නවා.....නිකන් නෙවෙ ගැටපිච්චෙත් ඉන්නවා....

හැබැයි සිහියෙන් ඉන්නෙ ජයවර්ධනයා විතරයි....

මයුරයා...ගැට පිච්චෙට මොක්ක හරි අසනීපයක්ද බන්.....

.මං කිව්වෙ උඹට මූ එයාගෙ වීදුරුවට මොනව හරි දැම්මා....

මුන් මෙතනත් කරන්නෙ රන්ඩු කරන එකද කොහෙද...තියන අවාසනාවට මේකා ඔක්කොම ජනෙල් වහලනෙ..මූසලයා....එක්ක වත් ඇරලා නෑ...මුන් දෙන්න කටින් කට යනව වගෙ මයුරයා.....

ඇත්ත.....කල්පනයා කියපු කතාව සහතික ඇත්ත...අපේ අවසානාවට අපිට සිද්ද උනේ වොලියුම් නැතිවම ෆිල්ම් එක බලන්න.....කිව්වා වගේම ජයවර්ධනයා ගැට පිච්ච මල එක්ක කටින් කට යනවා....මෙතනදි ගෑනි කෑ ගැහුවත් උන්නෙ හරි අමාරුවෙන් වෙනකොට ජයවර්ධණයගෙ මූනෙ තිබුනෙ මහ කුරිරු හිනාවක්.....

කියන්නෙ මොනවද මොන හේතුවටද රන්ඩුවෙන්නෙ හොයා ගන්න බැරි අපි තුන් දෙනා උන්නෙ කටවල් දිහා බලාගන පුලුවන් තරම් ජනෙල් පියන් වලට කන් තද කරගන උනත් අවාසනාවෙ තරම කියන්නෙ මොන කරුමෙකට හරි උන්ව දකින්න මිසක් අපිට කතා කරගන්න එක ඇහුනෙ නැති උනා...ඇහුනත් ඇහුනෙ අපහැදිලි වේදනාත්මක විලාපයක් එක්ක ගොරනාඩුවක් විතරක් වෙනකොට නිම්න මගෙ දිහා බලලා ආයම ජයාවර්ධනයා දිහා බැලුවා.....

මෙච්චර වෙලාම පුටුවෙ ඉදන් උන්න ගැට පිච්ච මල නැගිට්ටා එයා ඉකි ගහනවා....ඒක අර උස් පහත් වෙන පපුවෙන් තේරුම් ගන්න පුලුවන් වෙනකොට එයාගෙ අතෙ තනි සුදු පාට කොල වගයක් තිබුනා.....

අනූ... ජනෙල් පියන චූට්ටක් ඇරගන්න පුලුවන් මේකෙන්.....

නියනක්....එයාට මේක කොහෙන් මේක හම්බ උනාද මන්දා...එයා මගෙ අතට නියනක් තද කරනකොට මම දෙකට නැවීගන සරනේරුවෙ ඇන බුරුල් කරන්න ගත්තා ...මූ නේ කාමරෙ සවුන්ඩ්ෆෲප් කරලද මන්දා කාලකන්නියා ...

උඹට මේ පොත් අස්සෙ විතරද ආදරේට සාදාරනයක් කරන්න පුලුවන් ජයෙ....

කතා කරපන්....උත්තර දීපන් .....උත්තර දීපන් ...උඹ මට හිත හදාගන යන්න දෙන්නෙත් නෑ....මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න ඉඩක් දෙන්නෙත් නෑ .....උඹට ඕනෙ මුලු ලෝකෙටම පේන්න යහපත් මිනිහෙක්...යහපත් අප්පච්චි කෙනෙක් වගේ රගපාන ගමන් මගෙ රහසින් පව් කරන්න.....උඹට ඕනෙ අපේ ආදර කතාවත් අකුරු කරලා ඒකෙනුත් හම්බ කරන් කන්න....උඹට දුකක් නෑ...උඹට හිතක් පපුවකුත් නෑ...කරුනාකරලා මට මෙ සම්බන්දෙ නවත්තලා අලුත් ජීවිතයක් පටන්.ගන්න දීපන් ජයේ....මට හැමදාම උඹගෙ හොර ගෑනි වෙන්න බෑ...උඹට මාව ඕනා නම් ඔය ගෑනිවත් උඹගෙන් නිදහස් කරලා එක්කො මා ගාවට වරෙන්

උඹ ඔය කරන්නෙ හැමෝගෙම්ම පලිගන්න හිතන් අපිවත් රිදවන එක....උඹ පලි ගන්න ඕන අපෙන් නෙවෙ...උඹගෙ ඔලුවට විස පුරවාපු උඹගෙ මහ එකාගෙන්....

යකො...අපිට ආදරෙ කරන්න අයිතියක් නැද්ද.....

බලපන්...ජයේ...මගෙ දිහා බලපන්...ලෑලි පපුවට සිලිකන් ඔබාගන සාරි පටලවන් ගෑනු වත්සුන උලන් උන්නට මගෙ හැගීම් බොරු නෙවෙනෙ ජයේ...යකො...මේ පපුව ඇතුලෙත් තියෙන්නෙ හිතක්...

උඹට වරු ගනන් සිලිකන් තන් පොඩි කර කර මාව තලන කොට ඔය සම්මත නීති එකක් වත් නෑ.....උඹ මගෙ තන පටිවල හක් එක ගලවන තැන ඉදම්ම වෙව්ලන කම්ම කියන්නෙ එකම වචනයයි....නන්දනී මං උඹට ආදර්‍යි කියලා ....කෝ

මං අහන්නෙ කෝ....

කොහෙද උඹගෙ ආදරෙ....උඹට මාව අරන් ඇදට නගිනකන් මාත් එක්කම මගෙ ඇදුම් ගලවනවා...වැඩේ ඉවර උනහම ආදරෙත් නෑ.....ඇදුම් ඇදගන්න උදව්විලිත් නෑ මොකුත් නෑ....එකතු වෙලා ගලවපු ඇදුම හැමනිලා අහවර වෙනකොට මම තනියෙන් ඇද ගන්න ඕනෙ...උඹ එතනින් එහා හැසිරෙන්නෙ මාව නොදන්න ගානට

මට කියපන...මට කියපන් ඇයි ඒ....එක්කො මාව තියාගනින්....නැත්තන් අර ලමයිගෙ අම්මව....උඹ කරන්නෙ අපි දෙන්නටම වංචාවක් ජයවර්ධන....තූහ්.....පිරිමි ඔක්කොම එකයි...තොපි ඔක්කොම එකයි.....එපා උඹ මේක ලියන්ඩ....උඹට ඕන මින්ස්සුන්ගෙ හැගීම් වලින් හම්බකරන් කන්න...තිරිසනා....

දෙවියනට ස්තූතියි වන්ත වෙන්න.....ලාවට ඇහෙනවා...නූලට ඇහෙනවා.....ගැට පිච්ච මල අර කොල වන වන කෑ ගහනව...එයාට දැන් වත් එයාගෙ පාඩුවෙ ජීවත් වෙන්න ඉඩ ඉල්ල ඉල්ල එයා රන්ඩු වෙනවා....මටවත් කල්පනටවත් නිම්නට වත් හුස්ම ගන්න එක පවා අමතක වෙලා ගියා....

කරපු ආදරෙ තනිකරම රැවටීමක් වේදනාවක් වංචාවක් විතරයි කියන දේ ටිකෙන්.ටික කතා කරගන යනකොට නන්දනීගෙ / ගැටපිච්චගෙ කටහඩත් එන්නම.උස් උනා වගේම අතේ තිබුන උගෙ කතා ලියපු කොල ටික දෙකට මැදින්ම ඉරපු එයා ඒ ඔක්කොම දමලා ගැහුවෙ ජයවර්ධනයගෙ මූනටම වෙනකොට ඒකා මෙච්චර වෙලාම එයාට කියවන්න දීලා බලන් ඉදල අනිත් පාර නන්දනීගෙ කෙහෙ වල්ලෙන් අල්ල ගත්තා....

.

හැම පිරිමියාම එකද.....

ජයෙ...ඌයි...අතෑරපන්....ජයෙ..මෙගෙ කොන්ඩෙ...

අතාරින්ඩ....මට කියපන්....හැම පිරිමියම එක වෙන්න තෝ මට හොරෙන් තව කීයක් එක්ක හැමනෙන්ද.ගියාද කියපන් නන්දනී.....උඹට මෙච්චර කල්.මගෙ හොර ගෑනි වෙන්ඩ පුලුවන් ...දැන් තමයි අමාරු කම් ඔක්කොම...කියපන්...මොකාද....මොකාද...මට හොරෙන් තොට හම්බ උන පරයා මොකාද කියපන් නන්දනී.....මං මරලා.දානවා..කියපන්.....මොකාද ඒ....

මාව....අතෑ...රපන්....ජයෙ...උඹට පවුල් කන්ඩයි...මං උඹ මත්තෙ නැහි නැහි දුක් විදින්නයිද උඹට ඕන....නැ....මං.මෙච්චර කල් මෝඩ උනා... මං මෙච්චර කල් මෝඩ උනා....උඹ මාව රවට්‍ට රවට්ට තියාගත්තට අදින් පස්සෙ නෑ.....උඹ....උඹගෙ දරු පවුල එක්ක ඉදපන්....මම..මගෙ ජීවිතෙ මට ඕන ලෙනා එක්ක ගෙවා ගන්නම්....

කටවහපිය පරට්ටි ...තොට මොකාවද රහ වැටුනෙ යකො....

මයුරයා...මූට තියෙන්නෙ වෙනමම ලෙවල් එකක පිස්සුවක් බන්...

ඌට තියෙන්නෙ ලිංගික ඊරිසියාව කල්පනයා....මූට රැවුලයි කැදයි දෙකම ඕනෙ....ගෑනිවත් ඕනෙ අරකත් ඕනෙ...මූට තියෙන්නෙ ලිංගික ඊරිසියාව ...නන්දනීට යන්න නොදෙන එකම හේතුව මෙච්චර කල් ඌ විදපු සැප තව එකෙක් විදියි කියන ඊරිසියාව ඒ කුහක කම තියෙන්නෙ...මූ මානසීක.ලෙඩෙක් කල්පනයා...

එතනින් එහා නිම්න උන්නෙ බිම ඉදගන අත් දෙකෙම්ම කන් දෙක වහගන.....තමන්ගෙ අප්පච්චි කියන මනුස්සයා....තමුන්ව නීති රැහැන් වලින් තුවල වෙලා ලේ වැක්කෙරෙනකම්ම ගැටහගහන මනුස්සයා කියන්නෙ තනිකරම තිරිසන් කුලේක එකෙක් කියන්න ඇස් පනාපිට දැකපු නිම්නට මේ දේවල් බලන්න තවත් හයියක් නැතිව ගිහින් අත් දෙකෙම්ම.කන් දෙක වහන් ඉදන් ඉන්නකොට මායි කල්පනයයි බලාගන උන්නා....

අරූට ආවෙස වෙලා.....නන්දනීගෙ ගැටපිච්ච මල් වැල අරූගෙ අතින් පොඩි පට්ටම් වෙවී බිමට වැටෙනකොට නන්දනී ඒ දරඩු අත් වලින් ගැලවෙන්න දැගලුවා....

අතෑ...රපන්.....ජයෙ....මාව...අතෑරපන්

අතාරින්ඩ...උඹව...මම.....කියපිය...මං.නැති තැන තවත් කව්ද තොගෙ ඇදට නගින්නෙ...කියපන්...මං උඹව මරලා දානවා...නන්දනී...කියපන්.....එලි පිට නොවුනත් මං තොගෙ මොකාද කියන්න තෝ දන්නවා..කියපන්.....මොකාද....තොට මොකාවද රහ වැටුනෙ

මගෙ ඇදට නැග්ග එකෙක් නෑ ජයෙ.....දෙයියන්ගෙ නාමෙට මාව අතෑරපන්.....මට තවත් උඹගෙ හොර ගෑනි වෙන්න බෑ ජයේ....මුලින්ම උඹගෙ අම්මලා අප්පලා ඇවිදින් මාව ලැජ්ජ කරලා කරලා ගියා.....එතකොට උඹගෙ ඔය තරහව කොහෙද තිබුනෙ.....ආ...කතා කරපන්.....උඹ හරි ලස්සනට කසාදෙකුත් කරගන දරුවොත් හදාගන උඹ රටෙ මිනිස්සුන්ට ඔප්පු කෙරුවා උඹ ඇවිදින් දෙමව්පියන්ගෙ කීමට පිටින් නොයන සුවච කීකරු දරුවෙක් කියලා .....එතකොට මම.....කියපන්....එතකොට උඹ හින්දා ලැජ්ජා උන මම...උන් මොනවද මං ගැන කියන්නෙ...උඹගෙ අම්මා අප්පා කියපු විදිහටම මම මානසීක අසහන කාරයෙක්...පව් කාරයෙක්...මානසික ලෙඩෙක් පිම්පියෙක් පොන්නයෙක්...කරුමෙට හිටපු එකෙක්....ජයෙ..ඒකද මට උඹගෙන් ලැබෙන ජීවිතේ.....නෑ...නෑ....ඇයි....ඇයි මං තවත් උඹ මත්තෙ නැහි නැහි දුක් විදින්නෙ.....උඹට පුලුවන් රටේ ලෝකෙ මිනිස්සුන්ට වගේම අර අහිංසක ගෑනිට බොරු නොකර හොදට ජීවත් වෙන්න...

ඒ වහෙම මටත් පුලුවන් හොදට ජීවත් වෙන්න....මට උඹ මත්තෙ නැහෙන්න ඕන් නෑ...අතෑරපන්....අතෑරපන් මාව...කිව්වම..අහලා...අතෑරපන් යකො.....

මායි කල්පනයයි බලාගන උන්නා...ජයරත්නයා අර ගෑනිව මරාගන කන්න හදනවා....අලුතින් ජීවිතයක් පටන් ගන්න දෙන්න කිව්වා විතරයි ජයරත්නයට මාරයා ආවේස් උනා.....මෙතනින් එහා ඇහුනෙම අඩන දොඩන විලාප තියන සද්දෙ විතරක්ම වෙනකොට මම නිම්න දිහා බැලුවා....එයා බය වෙලා...එයා උන්නෙ ගල් වෙලා...

කල්පනයා...එක්කො අරකට ගිහින් ගහමුද....???

තේරුමක් වෙන එකක් නෑ බන්....අපිට මැදට පනින්න බෑ...අපේ අතින් ඌ මැරුම් කන්නෙත් නෑ....මැරුම් කෑවනම් ඌ අර යස අගේට ජීවත් වෙන්නෙ නෑ මයුර.....අපිට තියෙන්නෙ වෙන දේ බලන් ඉන්න...මොකද උඹ වත් මමවත් අතීතෙ කොටස් කාරයො නෙවෙ....මකන්න පුලුවන් උනොත් මුලු අතීතෙම පටන් ගැම්මෙන්ම මකනව මිසක්.....මැදින් එඩිට් කරන්න වාසනාවක් අපිට දීලා නෑ මයුරයා...

එතකොට මෙතනදි මැරෙන්නෙ කව්ද කල්පන...???????

මං ජයවර්ධනයා එක්ක මරාගන්න නන්දනී දිහා බලාගන මෙතනින් මැරෙන්නෙ කව්ද කියන එක අහනකොටම නන්දනී අත දිගෑරලම ජයරත්නයට කම්මුල් පාරක් ගැහුවා....අපි තුන් දෙනාම ගැස්සිලා වගෙ බලන් උන්නා....නන්දනීව වැනෙනවා...මං.හිතන්නෙ අරූ දාපුවා දැන්ඩ්ජ කොහෙද හරියටම වැඩ කරන්නෙ.....

න...න...න්දනී...

ඔව්...නන්දනී.....මේ....මෙ.අවුරුදු ගානක් තිස්සෙ මම විදවපු හැම වේදනාවටම මම උඹට ගහන පලවෙනි වගේම.....අවසා...නම.....කම්මුල්...පාර.....ජ..යෙ....උඹ...අදත්..ලැජ්ජා නැතුව මගෙ ඇගට නගින්න හැදුවෙ....හැමදාම මං උඹගෙ වචන වලට රැවටිලා උඹට යට වෙනවා...අවසානෙදි මට ඉතුරු වෙන්නෙ ඇගේ වේදනාවයි හිතේ වේදනාවයි උඹගෙ පාහර වචනයි විතරයි .....අහකට යමන්...අදින් පස්සෙ උඹගෙ මගෙ බැදීම් සදහටම අහවරයි.....

නන්දනී...උඹ මාව දාලා ....යනව..ද...නන්දනී.....

පුදුමයි....පුදුමෙනුත් පුදුමයි.....තිරිසන් ආත්මයක් තිබුන ජයරත්නයා සැලන්ඩර් උනා...නන්දනී ඌව දාලා යනවා කිව්වා විතරයි ...උගෙ හැම ගෑස් එකක්ම බලන් ඉන්නකොටබැහැල ගියා....

ඔය හුත්තිගෙ පුතාව ඕන් නෑ ගැට පිච්චෙ...අනේ ඉක්මනට ඔතනින් පලයන් ...උඹට මොකක් හරි කරන්න කලින් පලයන්...කොල්ලෙක් නැත්තන් අපි හරි දාලා දෙන්නම්....ඔතනින් පල අඩේ..පල.....යෝ මයුරයා...අරකි ලත වෙනවා...අරූ කිඹුල් කදුලු හැලුවොත්.මේකි අහුවෙනවා...බුංජියො.....අර බලපිය..අර බලකො නාකි.පඩත්තරයගෙ කෙරුවාව

මට ඔව්වා බලන්න බෑ කල්පන....මේ ඉන්නෙ.මගෙ අප්පච්චි කියන්න මට ලැජ්ජයි.....මගෙ අම්මටත් දස වද දිදි.....අම්මවයි මේ ගෑනිවයි විතරක් නෙවෙ තමන් වත් රවට්ට ගන්න මේ මිනිහ මගෙ අප්පච්චි කියන්න ලැජ්ජයි කල්පන....

කල්පනයා නියපොතු කකා කියවනකොට මගෙ නිම්න කපලා.දාපු ගහක්.වගේ අගුපිලෙ වැටිලා ඉදගන ඔලුව බදාගත්තා....එහෙන් නන්දනි යන්න යනවා....ගෑස් බැහැපු ජයවර්ධනයා ඌව අතාරින්න එපා ගගා නහිනවා...

නන්දු...යන්න එපා....මැනික....මං....උඹට ආදරෙයි ..මට උඹව වෙන් කාටත් දෙන්න බෑ....නන්දු....

එහෙනම් උඹ මගෙනුයි අර අහිංසක.ගෑනිගෙනුයි කෙනෙක්.තෝරගනින්.....උඹ ඒ ගෑනිව තියන් ඉන්නෙ ලෝකෙට හොද මූන පෙන්නගන්න.....මා එක්ක දහ අටසන්නිය නටන්න...ඇයි...මං තවත් උඹ හින්දා කාලකන්නි වෙන්නෙ....

ජයේ...මේ හැමදේම අල්ලන් ඉදලා..දරාගන ඉඩදලා....මට මහන්සී....උඹ...අදත් වෙනදා වගේම...මාව මත් කරලා....එහෙම නේද.......කමක්.නෑ....මං අද උඹගෙ වචන වලට නැවෙන්නෙ නෑ...අදින් පස්සෙ මන් උඹව සදහටම අමතක කරනවා...උඹට පුලුවන් හොද මිනිහෙක් අර අහිංසක දරුවන්ට හොද අප්පච්චි කෙනෙක් වෙන්න..

එත..කොට උඹ...උඹට මොකද වෙන්නෙ...උඹට පුලුවන්ද මාව අමතක කරලා වෙන එකෙක් එක්ක යන්න...

උඹට පුලුවන් නම්...ඇයි මට බැරි...?????මේක..මේ හැමදේම අදින් ඉවරයි.....

ඉවරයි.....හැම දේම ඉවරයි....අදින් පස්සෙ.හැම දේම ඉවරයි...එහෙමයි නන්දනී කිව්වෙ....ජයවර්ධනයට හොද අප්පච්චි කෙනෙක් වෙන්න කියලා වැනි වැනි වගේ කියපු නන්දනී හැම දේටම තිත තියලා එයා දිහා දුකෙන් වගේ බලන් ඉන්න ජයවරධනයගෙ අතට මොකක් හරි දුන්නා...මුදුවක්...ඒක.මුදුවක්...මං හිතන්නෙ ඒක මූ දාපු එකක්...එයා ඒක ගලවලා අරකගෙ අතට මිටිමොලවලා යන්න හැරුනා....

අරු බලාගන උන්නා...

හැබැයි නන්දනී වගේම කල්පනගෙ මගෙ ඇස් පුදුමාකාර විදිහට පව් කරලා තිබුනා...මේ.හැම දේටම තිත තියලා යන්න හැරුන නන්දනීට දොර අගුලවත් ඇරගන්න බැරි උනා....

මෙච්චර වෙලාම නන්දනි....නන්දනී මාව දාලා යන්න එපා ගගා වැද වැටුන ජයවර්ධනයා ඒ තත්පර ගාන ඇතුලත මොන ලෝකෙකින් හරි පොල්ලක් හොයන් තිබුනා....

එක පොලු පාරයි....

මෙච්චර වෙලාම කට පියන් උන්න කල්පනයා මම පවා නන්දනී ගාලා කෑ ගැහුවා...ජයවර්ධනයා දෑත බදලම නන්දනීගෙ ඔලුව පිටිපස්සට ගැහුවෙ එක පොලු පාරයි....නන්දනීගෙන් ඇහුන විලාපෙය මහ වැව් පතුලෙ මඩ පවා දෙදුරුම් කන්න ඇති...ඒ තරම් හයියෙන් ඒකි විලාප තිබ්බා....

එක පොලු පාර දෙක උනා...දෙක තුන උනා....ජයවර්ධනයට සාතන්ගෙ ආත්මෙ ආරූඪ වෙනකොට අනේ ඒකි දැගලුවා....ගැට පිච්චි මල් වල සුදු පාට රත ගැහුවා...මල් පෙති බලන් ඉන්නකොට තැලිලා මැරිලා.ගියා....නන්දනීගෙ ලා නිල් සාරිය උඩ ‍රතු තිත් මතු උනා.....පනදීගන කරාපු ආදරයක් අවසානෙදි ප්‍රසංසාවක් වෙනුවට නමනින්දාවට ලක් උනා.....

අනෙ....අම්.....මා.....හ්....!!!

උඹට මගෙ වෙන්න බැරි...නම්...වෙන...කාගෙවත් වෙන්න බෑ.....නන්දනී.....උඹට...මෙච්චර කල්...ඉදලා...දැන්ද....ඉවසන්න...බැරි...

උනෙ.....උඹට...මගෙ...වෙන්න...බැරි..නම්.....වෙන..කාගෙවත්.වෙන්න...තියා....

හුස්මක් වත් ..ගන්න...මං...ඉඩ තියන්..නෑ....

ක්...ක්..කල්..පන...

ම්....මැරුවා...බන්..දෙයියනේ.....මයුරයා...අනේ...ඒකිව...මැරුවා....යකො.....එකක්...දෙකක්...නෙවෙ....මයුරයා....අයියො...යකො...ඔලු...කට්‍ට.....කුඩු....උනා..බ්බ්...වැ...මට...ව්..වමනෙට...වගෙ...ම්..මයුරයා....න...න්දනීව..මු....මැරුවා....බන්.....මැරුවා...!!!

🥺ගුඩ්ම්.....

ආයම කොටසකින් එනකන් පයිස්සම්න් ඉන්න රත්තරනේ.....

මම ජොබී

Nedeesha ❤❤....

More Chapters