WebNovels

Chapter 44 - 44

මගෙ ඉහ මොල පවා රත් උනා....කොටින්ම මං නිම්නගෙ ඇස් කට නහය මූන මේ ඔක්කොම හංගගත්තා...

මට බය හිතුනා...මට බය හිතුනා කියන්නෙ නිම්නගෙ සිහිය නරක් වේවි කියලා මට බය හිතුනා...කල්පනයගෙ මූන තනිකරම සුදු මැලි උනා විතරක් නෙවෙ ඌට වමනෙට පවා ආවා.....

මරුවා....දෙවියනෙ මෙච්චර වෙලාම කියව කියව උන්න නන්දනී.....

මයුරයා...අපේ ඇස් මේ තරම් පව් කරල තියනවද මයුර...අනේ බන්...කතා කරලා යන්න ගිය ගෑනිට නේ බන් අරූ ගැහුවෙ...එකක් නෙවෙ...බන්...යකො..එක පාරක් නෙවෙ.....ඔලුව කුඩු වෙන්නම දෙතුන් පාරක්ම ගැහුවා මයුරයා....

නිම්නව හංගන් උන්න මන් ආයාම පාරක් බෙල්ල හරවලා ඒ දිහා බැලුවා....සුදෝ සුදුවට සුවද ගහපු ගැටපිච්ච මල් සීසිකඩ ගිහින්...නිකන් නෙවෙ...ඒ මල් වල සුදු පාට හොරු අරන් ගිහින්....ඒ මල් රතුම රතු වෙලා....අනේ ඒ මල් පන අදිනවා...පොලු පාර පිට පිට වැදිලා ඒ මල් වල පෙති ගැලවිලා ගියා.....ජීවිතෙ කිසම දවසක මං දැකලා තිබුන් නෑ මලක් පන අදිනවා.....

ජීවිතෙ කිසිම දවසක මං දැකලා තිබුන් නෑ මලකින් ලේ ගලනවා...ඒත් මං දැක්කා...මම අමු අමුවෙම මලක් පන අදින හැටි මේ ඇස් වලින් දැක්කා...

මලක් මැරෙන හැටි මේ ඇස් වලින් දැක්කා..

නන්දනී එතනමයි...කපලා දාපු ගහක් හා සමානව නන්දනී කාමරේ මැද ඉද්දි මෙ තත්පරෙ වෙනකම්ම පොල්ල අතේ තියන් උන්න ජයවර්ධනයගෙ අතින් පොල්ල වැටුනා...

න්.....න..න්දනී....ම්..මැනිකෙ....අනේ.....නන්..දනී...මැනිකෙ.....මැනිකෙ...

අනේ...යකො .....දෙයියනෙ මං මොකක්ද මැනිකෙ මෙ කෙරුවෙ.....මං..මං ..මොකක්ද ...මැනිකෙ මේ කෙරුවෙ.....

නෑ...නෑ....උඹට මොකුත් උනේ නෑ...උඹ බොරු කරනවා.....

උඹ හදන්නෙ මගෙන් ගැලවිලා යන්න...උඹ හදන්නෙ මාව දලා වෙන එකෙක් ලගට යන්න....

නැගිටපන්....නන්දනි.....

නැගිටපන්....උත්තර දියන් .....තො මොකා ගාවටද මාව අතෑරලා යන්නෙ....කියපන්...

නන්දනී.....ඇස් ඇරපන්.....මට සමාවෙයන් .....මට සමාවෙයන් ....මැනිකෙ....අනෙ...මට සමාව දියන්.....මට සමාව දීලා ඇස් ඇරපන්...රත්තරනේ...මං...මෙච්චර අපරාදයක්.කරන්න හිතුවෙ නෑ...අනේ...මැනිකෙ..මං වැරදි.....මට ඹගෙ පැත්‍ත කවදාවත් ගන්න බැරි උනා...

නන්දනී....මට උඹ අසරන වෙන.හැටි බලන් ඉන්නවා ඇර...මට උඹ.වෙනුවෙන් වචනයක් කියන්න බැරි උනා.....රත්තරන් ...නැගිටපන්....මගෙ වස්තුවෙ...නන්දනී....

නැගිටපන්කො....

අහපන්.....මැනික....මං උඹට තව මල් වැලක් අරන් දෙන්නම්....

අනේ.....නන්දනී....නැගිටපන්...

රත්තරනේ ...මන්...උඹ කියන ඕන එකක් කරන්නම්....මං....සුචිත්‍රව අයින් කරන්නම්.....මට සමාවෙයන්.....මට සමාව දීලා නැගිටපන් නන්දනී.....

මට බෑ...මට උඹ වෙන එකෙක්ගෙ වෙනව බලන්ඩ බෑ....මට උඹ වෙන එකෙක්ගෙ වෙන එක කොහොමත් බලන් ඉන්ඩ බෑ....නැගිටපන්....නැගිටපන්...නන්දනී....නැගිටපන්.....මට උඹව වෙන එකෙක්ට දෙනවා තියා හිතන්නවත් බෑ යකො....නැගිටපන් නන්දනී...

මම වගෙම කල්පනයා බලගන උන්නා....මෙච්චර වෙලාම අප්පගෙ හපන් කම් වලි ඇස් හංගන් උන්න නිම්නත් අවසානෙදි ජනේලෙ ගාවට ආවා...මීට තත්පර ගානකට කලින් මාරා වේසෙන් ගහගන ගහගන ගියපු ජයවර්ධනයා අවසානෙදි ලේ විලක් මැද සදහටම ඇස් පියා ගත්තු නන්දනීව හොලව හොලව කෑ ගහන්න ගත්තා....

කොටින්ම ජයවර්ධනා අමු පිස්සෙක් උනා....එක විනාඩියක් ඇතුලත ඌ අමු පිස්සෙක් උනා... ආදරේ වෙනුවෙන් අසීමාන්තිකව වේදනා උහුලපු නන්දනිට අඩුම ගානෙ මැරන මොහොතෙ හිතට එන අවසානම සිතුවිල්ලට මොකක්ද කියලා හිතන්නවත් පිනක් නැතිව ගියා....

එයා යන්න ගියා...ගැට පිච්ච සුවද සදහටම මැකිලා ගියා...

ජයවර්ධනයා අඩනවා...වෙලාවකට බනිනවා..... වෙලාවකට ඌටම ගහගන්නවා.....

අපි බලාගන උන්නා....ලේ විලක් මැද සදාකාලිකවම නින්දට ගියපු නන්දනී ළඟ වැටීගන උන්න ජවර්ධනයා අවසානෙදි නන්දනීව උස්සලා උගෙ උකුල උඩට ගන්නව එක්කම එයාගෙ ඕලුව පිටිපස්සෙන් මොනව මොනවදො සුදු පාටට බිමට වැටෙනවා එක්කම.මෙච්චර වෙලාම ඔක්කාරෙ කර කර උන්න කල්පනයට වමනෙ යන්න ගත්තා මගෙ නිම්න බිත්තිය දිගෙ රූටගන ගිහින් බිම ඉදගත්තා...ඉදගන ඔලුව බදාගත්තා.....

අනූ....අප්පච්චි ....අනූ...අප්පච්චි ...

එයාව...මරලා...දැම්මා....අප්පච්චි ..ගෙ..

ආදරේ බිදක් වෙනුවෙන්...විදින්න ඕන හැම දුකක්ම විදපු එයාට ...අවසානෙදි අප්පච්චි ...නිදහස දුන්නා....ඒක....මේ වගේ...නිදහසක් කියලා දන්නවා නම්...එයා කවදාවත් අප්පච්චි ට මේ තරම් ආදරෙ කරන්නෙ නෑ....අනූ...

මට උත්තර නෑ...මට එයාගෙ හිත හදන්න වචනත් නෑ....කල්පනයා වමනෙ හලනවා ඉවරයක් නෑ...එහෙන් නන්දනී...මෙතනින් මගෙ නිම්න.....ඊලග පාරට උගෙ අත් හැරෙන්නෙ මගෙ නිම්නලා දිහාවට කියන්න දන්න මගෙ පපුවෙන් ඇම්මක් ගියා ...

අනූ....ඔයා ආවෙ අනාගතෙන් නේද...

අම්මා අප්පච්චි ට වදින අත් දෙක...දෙයියො බුදුන්ට වදින අත් දෙක එකතු කරලා කියන්නම්...මගෙන් මොකුත් අහන්න නම් එපා...වස්තු... .....මාවත් මෙතනම මැරිලා යයි නිම්න....මගෙ අම්මා අප්පච්චි පව් බන්.....උන්ට ඉන්නෙ මං විතරයි ..අනේ....නිම්න.....මට.....මට ඔහොම කරන්න් එපා නිම්න.....

මන්...ඒක...නාහ කොහොමද ....මයුර.....මට කියන්න...අප්පච්චි ...මාවත්...මරන්නෙ...මේ විදිහටද මයුර ...මම...දැනටමත් මැරිලා අහවර උනත්....මට....මරන බය දැනෙනවා මයුර.....මාව....මාව...මරයි...මයුර....

ඔයිට නරක නැද්ද නිම්න මට උඹගෙ අත් වලින්ම වහ පෙව්වා නම්...????මගෙ වස්තු .....අනේ...ඇයි බන්....

මම ඔහේ ඉදගත්තා .... පැලෙන්න දෙයක් නැති පපුවෙන් ලේ විද්දවනකොට මං ඔහේ ඉදගත්තා.....නන්දනීගෙ මරනෙ...නිම්නගෙ වචන එකතු වෙලා මගෙ මලගම කරන වෙලාවක මං ඉදගත්තා....

කමරෙ ඇතුලෙන් ඇහුනෙ ජයවර්ධනයගෙ විලාපෙ විතරයි ...උගෙ පාපොච්චාරනෙ විතරයි....ඌ මනස්තාපනේ වෙනවා...ඒත්.....උගෙ පව් අහලා ඌට පව් කමා කරන්න බලු බල්ලෙක් නැති තැන ඌ වෙනුවෙන් පටාචාරාවක් උන නන්දනීගෙ තවමත් උනුහුම් මලකද බදාගන ආය නැගිටපන් ගගා අඩන හැටි අපි අහන් උන්නා.....

නන්දනී යන්න ගියා ...සමලිංගික ආදරේ පිලිකුල් කරන.....මනුස්ස කම බින්දුවටම වැටුන...අවුරුදු ගානක් තිස්සෙ පට්ට ගහන ප්‍රෞඩ ඉතිහාසේ ඔලුව උඩ තියන් ඉන්න රාමුවලට කොටු උන මිනිස්සු විතරක් ඉන්න රටක අහිංසක ආදරයක් සදහටම ඇස් පියා ගත්තා.....

ඒකත් අපේ ඇස් පනාපිට ....එක හිතක් මත්තෙම නැහීගන උන්න නන්දනී කියන චරිතෙට කාන්තා දූශන මිනි මැරුම් ලවක් දෙවක් නැතුවම සිද්ද වෙන රටෙ.....ඒ වෙනුවෙන් අදටත් කිසිම නීතියක් ක්‍රියාත්මක නොවෙන මේ රටේ....සේයා වගේ මල් කැකුලු යුක්තියක් නැතුවම මහපොලවට පස් වෙලා ගිය මේ රට්....බස් අස්සෙ අමු අමුවට දූශනෙ වෙන ළමයි ඉන්න මේ රටෙ.....සාධාරනයක් නැතුව කිසිම කෙනෙක්ගෙන් මරනෙට වත් අවධානයක් නැතිව අකාලෙ පරවෙන ගෑනු පරාන ඉන්න මේ රටෙ මිනිස්සුන්ගෙ පකේ නීතිය හරියටම ක්‍රියා කෙරෙව්වෙ අහිංසක ආදර කතාවලට වෙනකොට නන්දනී කියන චරිතෙ මෘගයෙක්ට අන්ත විදිහට අපේ ඇස් පනා පිට මැරුම් කෑවා...

ජයවර්ධනයා අඩ අඩ මනස්තාපනේ වෙනවා...මට සමා වෙයන්....උඹ නූල්පටක් නැතුව අත් වැද වැද මිනිස්සු ගාව දනින් වැටි වැටි පිහිටක් ඉල්ලපු වෙලෙ ජනෙල් පටින් අස්සෙන් බලන් උන්න ඇර උඹගෙ ගාවට නෑවිදින් හැංගුනාට සමාවෙයන් මැනිකේ ගගා අර මොල කෑලි හැලෙන මල කද බදාගන ඌ හූ තිබ්බා....

නන්දනීට ඔව්වා ඇහෙනවද.....

දැනෙනවද....

ජීවත් වෙලා ඉන්න කාලෙ නොදුන්න ආදරේ අවදානෙ....ගරු කිරීම මොකුත්ම නොදී තිරිසනෙක්ට වඩා අන්තෙට දාලා කතා කරපු ...මුලු සමාජයක්ම එකතු වෙලා පිලිකුල් කරපු එයාට දැන් මෙ මනස්තාපනේ ඇහෙනවද.....නෑ...

මේ මොකුත්ම නෑ....

නෑ දෙයියනෙ...මේ මොකුත්ම ඇහෙන් නෑ.....ජීවත් වෙලා ඉන්න කාලෙදි නොදුම්ම ගුණ කථන මැරුනම මොන මගුලටද...??????

මං කියන්නෙ මල් වඩම් අනවශ්‍යයි...!

මං නිම්නගෙ අත මගෙ අතට කිටි කිටියට තද කරගත්තු මං ආත්මයක් නැති එකෙක් හා සමානව ඉන්නකොට මෙච්චර වෙලාම වමනෙ හලාපු කල්පනයා අපි ගාවින් ඉදගත්තා....ඌව බලාගන ඉන්නකොට මැලවිල ගියා....

මයුරයා....

උඹගෙ ඔලුව කකියනවද.....

මං කල්පනයගෙ රතු උන ඇස් දිහා බලාගන උඹට ඔලුව කැක්කුමද අහනකොට ඌ නෑ කියලා කියන්න ඔලුව දෙපැත්තට වන වන මගෙ ලග උන්න නිම්නගෙ ඔලුව අතගෑවා....

ඌට නිම්නව මතක් උනා....ඒ විතරක් නෙවෙ....ඌ මට මගෙ ආදරනීයම නිම්නගෙ වේදනාත්මක නික්මයාම මතක් කෙරුවා ....ජයවර්ධනයා නිම්නවත් සදහටම මගෙන් උදුරන් හමාරයි කියලා මට මතක් කරන ගමන් මගෙ ළඟ උන්න නිම්නගෙ ඔලුව අතගානකොට මම බලාගනෞන්නා...

උඹ ඇහුවෙ මගෙන් ඔලුව රිදෙනවද කියලද මයුර.....

රිදෙනවා...හැබැයි ඔලුව නෙවෙ.....මෙන්න මෙතන...මගෙ...පපුව....මාව රිදවනවා මයුර... එයා යන්න ගියා.....එයා යන්නම යන්න ගියා...ඌ දැන් සමාව ඉල්ලනවා...ආයම එන්න කියනවා.....ආදරෙයි කියනවා...මට හිතාගන්න බැරි ඒක ආදරයක්ද නැත්තන් උඹ කිව්වත් වගෙ ලිංගික ඊරිසියාවක්ද කියලා ...මිනිස්සු කියනවා මයුර අතීතෙ කියන්නෙ අතීතෙට....අතීතෙම එල්ලිලා නොයිද අලුත් පිටුවක් පෙරලන්න කියලා ...ඒත්...මං හිතනවා..එක පිටුවට මන් අලුතෙන් පිටු දාහක් පෙරලුවත්.....සමාජ සම්මත අස්සෙ අසම්මතයි කියලා හංවඩු ගැහුනත්....එකම හදවතක් මත්තෙ අප්‍රමානව වේදනා උහුලපු උන් කිලිටියි කියලා හංවඩු ගහපු නොකිලිටි ප්‍රේමයක් අපේ ඇස් පනාපිට මැරුන හැටි මගෙ ජීවිතෙ මරන මංචකේදි වත් මට අමතක කරන්න බැරි වේවි මයුර....

නිල් අහස කලු වෙලා තිබුනා. .අහසටත් මේ අපරාදෙ දැනිලද කොහෙද කොහෙන්දො ආව වැහිමන්දාරමක් ගහලා තිබුනා...වහින්න නෙවෙ...එත් ඉර ගිහින් වලාකුලු ගොඩක් අස්සෙ හැගීලා තිබුනා.....

ඔය ඇස් පියන් උන්න ඇති මැනිකෙ ....ඇස් ඇරලා...ආයම මට ජයේ කියපන්....නන්දනී...උඹ මං වෙනුවෙන් උඹගෙ හැම දේම වෙනස් කරගත්තා...මං ගුන මකු උනා....උඹට වගේම මිනිස්සු මටත් ගොම ගහයි කියන බයට ලැජ්ජාවට මම උඹව පාවා දුන්නා මැනිකෙ...

උඹ ඒත් දරාගත්තා....උඹ ඒත් අඩුවක් නොකර මට ආදරේ දුන්නා....එහෙම කරපු උඹව මං වෙන කාටත් දෙන්නෙ කොහොමද කියපන් නන්දනී.....

හරියටම හෝරාවක් ගෙවෙන්න ඇති...ජයවර්ධනයාගෙ ඇඩුම් විලාප...හීල්ලුම් සාප කිරීම් මේ ඔක්කෝම හොරාවක් ඇතුලෙ වෙන්න ඇති .....අවසානෙදි ඒ හැම දේම නැති වෙලා යනකොට අපි ආයම ජනේලෙ ගාවට ලන් උනා...ජයවර්ධනයා මෙච්චර වෙලාම බදාගන උන්න නන්දනීව උස්ස ගත්තා....

මූ මොකක්ද කරන්න හදන්නෙ...මම බලාගන උන්නා....නිම්න උන්නෙ බලන් උන්නත් හොද සිහියකින් නෙවෙ කියන්න එ ඇස් වලින් මට පේනකොට මන් එයාව ඉන්දෙව්වා...

...එපා වස්තු...එපා....මේ මොකුත් දිහා උඹ බලන්න එපා රත්තරන් ....

අනූ....ම්..මට...බයයි..අනූ....අනේ..මාව..හංගපන්...මයුර....ම්..මේක...තනිකරම ....පෝරකේ...වගෙ.....මාව....මාව..අනේ...මට...බයයි...මයුර...මාව...හංගපන්කො...

ක්..කල්පන..අනේ..මාව...හංගපල්ලා...මං..බයයි...අනූ.....මට...මැරෙන්න...බයයිනෙ....

නිම්න අඩනවා..එ ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා...අනෙ එයාව හංගන්න ගගා අඩනකොට මම කල්පනයා අසරන වෙච්ච විදිහ දන්නෙ උඩ ඉන්න දෙවියො විතරක්ම වෙනකොට නන්දනීගෙ මලකද උස්සගත්තු ජයවර්දනයා වත්ත කෙරවලටම ගියා.....

මූඑතන වලලන්නද කොහෙද බන් යන්නෙ මයුරයා

හොදට තැන මතක තියාගනින් කල්පන....

මැරෙන්න බෑ...මාව හංගන්න ගගා ඉකි ගහපු නිම්නව තුරුල් කරන් නෑ රත්තරන් මගෙ වස්තුව මං මරන්න දෙන්නෙ නෑ නෑ ගගා ඒ හිත හද හද කල්පනයට තැන හොදට මතක තියාගන්න කිව්වා....

අනූ.....

මින් එහා වචනයක් වත් කියන්න එපා මගෙ නිම්න.....මං උඹව මගෙන් උදුරගන්න කාටත් ඉඩ තියන්නෙ නෑ මගෙ වස්තු.....

ජයවර්ධනයා පොලව කොටනවා.....තමන් පන දෙන්න තරම් ආදරේ කරාපු ගැට පිච්ච කුමාරි අවසානෙදි බල්ලෙක් බලලෙක් ගානට මහ පොලව බදාගන ඉන්නකොට අපි තුන් දෙනාම එ දිහා පුදුමාකාර වේදනාවකින් බලාගන උන්නා...

අසීමාන්තිකව ආදරේ කරපු වරදට මුලු ලෝකයක් එකතු වෙලා දුන්න අපූරු තෑග්ග...මරනය....

සම්මතයි අසම්මතයි කියලා මිනිස්සුම හදාපු රාමු ඇතුලෙ මිනිස්සු අතින්ම මලගම් ගියපු ප්‍රේමය...

ගැට පිච්ච මල් වැලක් හිස කෙස් වල අමුනන් හරි අහිංසක විදිහට මමත් ඕකෙන් චුට්ටක් රස බලන්නම් කියපු අහිංසකී...

තමන්ගෙ හිත කෑලි සවලකි අහුලන්න තරමට බිදුනත් අපිට උන දේ ඒ දරුවන්ට වෙන්න දෙන්න එපා ජයේ කියලා අනුන් ගැනත් හිතපු අසීමාන්තිකව ආදරේ කරලත්...එක බිදුවක් තරන් ඒ ආදරෙට සාදාරනයක් නොවුන අහිංසකී....

නන්දනී...අනේ උඹ පව්.....

ජයවර්ධනයට හුස්මක් ගන්නවත් මතකයක් නැති උනා....ඌ ඇගේම හයියන් එකට් එකතු කරන් මිනි වල කැපුවා ....

එයාව...වලලන්න යන්නෙ....එයාව....මෙතන වලලන්න....යන්නෙ අනූ...

එපා වස්තුව බලන්න.....මං කැමති නෑ උඹගෙ ඇස් අඩනවා බලන්න...

මන් කොච්චර....මාව බේරගන්න කිව්වත්.....දැනටමත් ඒ හැම දේම වෙලා අහවරයි නේද මගෙ මයුර......මම කියන්නෙ අතීතේ වේදනා මිසක්...අනාගතේ සතුට කියන්න මොකක්ද කියන්න විදින්න පිනක් නැති කෙනෙක් නේද....

මයුරනිම්නගෙ කවදාවත් එකතුවක් නැද්ද මගෙ මයුර .....

බුංජි...

න්න්..නෑ..කල්පන.....මට තේරෙනවා...මට...තේරෙනවා.....මම හිතන්නෙ...මට මයුර වගේ ආදරනීයම පිරිමි පරානයක් මුනිච්චි වෙලා...ජීවිතේ කියන්නෙ විදින්න මිසක්...විදවන්න ඕන තැනක් නෙවෙ කියන එක අත් දැකීමෙන් විදින්න පින් නැතුව ඇති..... ඒ වගේම...කල්පනලා වගෙ....මාව හදවතිම්ම පිලිගත්තු යාලුවො ගොඩක් මැද...දුක බය වේදනාව අමතක කරලා මගෙ පාසල් කාර්තුවම සුන්දර කරගන්න මම පින් කරලා මදි ඇති ....

උඹ මොකක්ද කියන්න හදන්නෙ වස්තු.....

මං මොනවා කියලා නම් කියන්නද අනූ...මගෙ මලගමට හිත හදාගන්නවා ඇරෙන්න....

වචන වලින් මාව මරවන්නෙ ඇයි නිම්න....කල්පනයා...මේකට කියපන්....මාව ඔහොම නොමරා මරන්න එපා කියලා ....අනේ කියලා දියන් බන්...මට තියෙන්නෙ ගල් හිතක් නෙවෙ කියලා ....ඇයි නිම්න ඔහොම කරන්නෙ.....????

මං අහක බලාගත්තා...එක පැත්තකින් එක අත්තක වහපු කුරුල්ලෙක්...කාලයක් සමලිංගිකයෙක්....කාලයක් ඌ හන්දම සංක්‍රාන්තිකයෙක් උන නන්දනීව...නන්දනව මහ පොලොව යට සදහටම හංගන්න හදන අලුගෝසුවෙක් උන ජයවර්ධන අපේ හිත් පොඩි කරනකොට නිම්න ගැහුවෙම මගෙ මාරක නිල වලට වෙනකොට මං බැරිම තැන කල්පනයට කිව්වා ...ඒත් ඌත් අසරනයි....

මාත් අසරනයි ....

මගෙ අසරනයා....අනේ මගෙ අහිංසකයා අපි කාටත් වඩා අසරනයි.....

චස්.....

තවත් උදලු පාරක් එක්ක තවත් පස් පිඩැල්ලක් එලියට වීසි උනා.....ලේ වලින් නෑවුන ගැට පිච්ච මල් කාමරේ පුරාවටම තැන් තැන් වල මැරිලා ගිහින් තිබුන වෙලාවක ජයවර්ධනයා නන්දනීව අතට ගත්තා....

ඒ අතපය කඩා වැටෙනව.....ආදරේ කියන්නෙ දේවත්වෙන් අදහාපු නන්දනගෙ ලෑලි පපුව පලලා ඇතුලට සිලිකන් පුරවලා නන්දනී කියන ගෑනු ආත්මෙ ආරූඪ අරන් ආදරේ වෙනුවෙන් දරන්න පුලුවන් හැම වේදනාවක්ම...හැම පීඩාව හැම නින්දාවක්ම උහුලපු දරාගත්තු නන්දනී මේ නරකාදියෙන් සදහටම නිදහස් උනා.....ඒ තමන් අසීමාන්තිකව ආදරෙ කරපු මනුස්ස පරානෙ අතින්...ඒකත් අවාසනාවන්ත විදිහට.....

එයාව දාලා වැහුවා අනූ...

මට එච්චරයි මග් නිම්නගෙ කටහඩින් ඇහුනෙ...මගෙ ඇස් මේ වෙනකොට ගොරකා ලෙලි වගෙ රතු පාට වෙලා ඇති....මං එහෙම්ම නිම්න දිහා බැලුවා...

මට ඔයාගෙ ඩයරි එක දෙන්න පුලුවන්ද ....

අනූ...

මට ඔයාගෙ ඩයරි එක දෙන්න පුලුවන්ද නිම්න.....

මං එයාගෙන් එයාගෙ ඩයරි එක ඉල්ලුවා...ජයවර්ධනයා තවම වලගාව ...ඌ ඔතනින් පැය ගානකට එන්නෙ නැති බව දන්න මගෙ නිම්න ගෙට දුවනකොට මෙච්චර වෙලාම කෙලින් කටින් උන්න මාව වීසි වෙලා යනවා එක්කම කල්පනයා මාව අත් දෙකෙම්ම අල්ලගත්තා ...

එ..එ...මයුරයා....මයුර...යා....

.එ..එයා....මේ....වත්තෙ...කොහෙ..හරි...මුල්ලක...ඇති.....කල්පන.....මගෙ...

කොල්ලා...අනේ...මගෙ...කොල්ලා...මේ...වත්තෙ...මොන...මුල්ලෙද....ඉන්නෙ...

හොයප....න්...කල්පන...

දෙයියන්ගෙ...නාමෙට...අනේ...හුත්තො...කෙලින් වෙයන්කො.....මයුරයා..මගෙ එකා....අනෙ....ඇයි බන්...බුංජියට මෙහෙම අපරාදයක් කෙරුවෙ.....මට අර පොල්ලෙම්ම ගිහින් මූට මැරෙනකම්ම ගහන්න ඕන මයුරයා...

මම උන්නෙ කල්පනට වාරු වෙලා වෙනකොට ඩයරිය ගේන්න ගියපු එයා ආයම එනවා එක්කම මං ආයම කල්පනයගෙ අත් වලින් අහකට වෙලා හිටගන්නකොටම එයා මගෙ ගාවට ඇවිදින් මගෙ අතට ඩයරි එක දුන්නා.....

මේ.අත.....තවම රිදෙනවා නේ.....වස්තු....

අරහෙන් මිනිය වලලන ජයවරදනයා දිහාව බලන් උන්න මං එයාගෙ අත අල්ලන් මේ අත තවම රිදෙනව නේද අහනකොට අනේ මගෙ අහිංසකයා හරි අහිංසක විදිහට හිනා උනා....

නිම්න....මගෙ වස්තුව...දෙයක් කියන්නද රත්තරන් උඹට...

මං නිමන්ගෙ තුවාල අත අරගන මගෙ පපුවට තුරුල් කරගත්තා.....හරියටම මගෙ හදවතටම මං ඒ අත තද කරගත්තා.....ආදරේ කරන්න ගත්ත දා ඉදම්ම ආදරේට වඩා විරහව විදවන මගෙ පපුව හති අරින එක පවා ඒ අත්වලට දැනෙන්න ඇති....එක තත්පරයක් හිනා උනොත් සංසාරයක් පුරාවටම කදුලු හලන්න හෙතුවක් තිබුන මම මගෙ ජීවිතේ මට අහබෙන් මුන ගැහුන මගෙ පලවෙනි වගේම...අවසානම ආදරේගෙ අත මගෙ පපුවට තුරුල් කරන් ඒ මූන දිහා බලන් උන්නා...

වස්තු ....හමු වීම අහම්බකාරක වෙන්න පුලුවන් ...ඒත් ..වෙන්වීම.....ඒක කවදාවත් ...අහම්බකාරක වෙන්නෙ නෑ රත්තරන් ....මට උඹව හම්බ උනා...හැබැයි....මට උඹව හමබ උනේම අහිමි වෙලා....මට පින් නෑ නිම්න.....අපි සැරයටියෙන් යන කාලෙ වෙනකම්ම එකට ඉමු කියන්න මට පින නෑ රත්තරන් .....මං ඉල්ලන්නෙ එකම දෙයයි....ඊලග පාර.....කවදාවත් මාව දාලා යනනෙ නැති වෙන්න මගෙ ලගට වරෙන් නිම්න.... අඩලා වැලපිලා...හූල්ලලා හරි මහන්සී නිම්න....උඹ එක්ක හිනා වෙන්න ආසයි වස්තු.....

මට කියන්න ඕනෙ.මෙච්චරයි ....මගෙ ජීවිතේ මම දැකපු...සුන්දරම හිනාව තිබුනෙ උඹට මගෙ නිම්න...මේ තාක් ගෙවුන ජීවිත කාර්තුව ඇතුලෙ මං දැකපු අහිංසකම කෙනා උඹයි මගෙ නිම්න...ප්‍රාර්තනා කරන්නෙ මෙච්චරයි ...සංසාරෙ මොනම තැනක හරි.....මේ මයුරට...නිම්නව හිමි වෙන්නම ඕන !!!මේ මයුරට මේ නිම්න එක්ක "ජිවතේ" කියන පොත අස්සෙ ලස්සන කතා ලියන්න පින් ලැබෙන්නම ඕනෙ....

නිම්න....ආදරෙයි ...අසීමාන්තිකව ...

මගෙ පලවෙනි ආදරේ වගෙම...අවසානම ආදරෙ උණ උඹට.....මං අසීමාන්තිකව ආදරෙයි ....මගෙ ජීවිතෙ නිම්න නැති දවස් කියන්නෙ...කඩාගන වැටෙන දවස් වේවි....ඒත්.....මං දරාගන්නම්....ජීවන රේඛාව හැතැම්ම කීයක් ද කියන්න දන්නෙ නෑ රත්තරන් .....උඹ නැතුව මං හුස්ම ගන්න පුරුදු වෙන්නම්...මේ ඇස් වලින් ගලන කදුලු දවසක සදහටම නවතීවි මගෙ නිම්න.....ඒ දවස වෙනකොට උඹගෙ මයුර උඹ නැතුව උඹ එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා කියන්න දැනගනින් ........

අනූ...

මන් ආදරෙයි උඹට....මං හැමදාම ආදරෙයි උඹට.....හැම දේම මං හරිගස්සවන්නම් ...මේ හැම වේදනාවකටම මං කමාවක් නැතිව සදහටම තිතත් තියන්නම්.....නිම්න.....රත්තරන් ...මගෙ පන...මගෙ වස්තුව...මයුරගෙ හැමදේම...උඹ කියන්නෙ...කල්පාන්තෙක දැකපු ආදරනීයම හීනයක් මගෙ නිම්න.....

සමුගැනීම අද හෙටක නොවුනත්..දවසක.....මට වඩා අඩියක් හරි උඹ ඉස්සරහින් තියලා මගෙන් යන්න යාවි....එතකන්...අපි ආදරේ කරමු.....හිනා වෙමු....වේදනා මැද උනත් සැනසීමක් හොයාගමු.....උඹව මට හිමි කරගන්න පින් මදි උනත්....උඹව මුනගස්සවපු මේ දෛවයට මං ස්තූතියි කියනවා....උඹව හිමි වීමත්....හිමිව අහිමිව යාමත්... ආදරේ ඇතුලත මෙච්චර වේදනා උහුලපු මට දරාගැනීම කියන්නෙ දැන් මහ දෙයක් නෙවෙ මගෙ නිම්න....ඉතින්...මෙච්චරයි මං කියන්නෙ....නිම්න වෙනුවෙන් මයුරගෙ ආදරේ පරිමාව මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ...මේ ආදරෙ අසිමාන්තිකයි...ආයම දවසක මම උඹම ප්‍රාර්තනා කරනවා...ඉපදීමක් තිබුනොතින් ...ඉපදෙන හැම සංසාරෙකම උඹව මගෙම වෙන්න කියලා මං හැමෝගෙම්ම නියතව්වරන ඉල්ලනවා......

මේ ආදරේ පසුවදන මොන තරම් ඛේදාන්තයක් උනත්.....මගෙ නිම්න...මේ මයුරට උඹට හරි ආදරෙයි .....!!!!

කොල්ලා.....උඹ කන්නෙ නැද්ද....

මම උන්නෙ ඇස් රතු කරගන....නිම්නගෙ ඩයරි එක කොට්ටෙ යට...අම්මා උදාරයලගෙ කුඩම්මට කැවුම් පුච්චන්න ගෙදර නැවතුනෙ දැන් නැතුවම බැරි බෑනවත් එක්කම වෙනකොට මිනිමැරුමක් ඇස් පනාපිට දැකපු මම ආව වෙලෙ ඉදන් කෙරුවෙ ලූණු කපපු එක.....

ඇස් අඩනවා...ළූනු වල සැරටද.....නැත්තන් ගැට පිච්ච මලක් ඇස් පනා පිට මැරුන හේතුවටද...අප්පච්චි අම්මා.මාව හදපු හැටි දැකපු හන්දද.....ඒත් නැත්තන්...මගෙ චූටි නිම්නව ආය බලන්න යන්නෙ නෑ කියලා ගත්තු තීරනේ හන්දද....මට මේ ඇස් අඩන්නෙ මොන හේතුවටද කියන්න හොයන්න බැරි වෙද්දි වෙනදට නාහෙන් අඩ අඩ ළූනු ගෙඩියක් ලියන මං අද ළූනු බේසමක්ම සුද්ද කෙරුවා.....ලික්ස් ගෝනියක්ම කැපුවා....

කෝ....ආගාපන්.....මොකද උඹ මෙ ගිනි කසෙන් ගුටි කාපු එකා වගේ ආව වෙලේ ඉදන් වැඩ කරන්නෙ.....ආ...පවුලක් උන හින්දා වෙන්න ඇති....කෝ කෝ...ආගාපන් ආගපන්....උඹලා පවුල් පන්සල් උනාට මගෙ සුදූට උඹ තාම කිරි බොන නොදරුවා...අවුරුදු හයකුත් කිරි බීපු උඹව අම්මට පේන්නෙ තාම ඒ කාලෙ උන්න දොන්ත බිබික්කම වගෙ...කෝ ඉතින් ආගපන්කො.....ආය කන්න නොදුන්නා කියලා මගෙ ඔලුව කයි...උඹගෙ අම්මට මගෙ ඔලුව අමෘතෙ වගෙ...

මං අතට ගත්තු ලීක්ස් ගහ කට්න් බෝර්ඩ් එකට තියන් අප්පච්චි දිහා බලන් උන්නා.....මං නොකා නොබි වැඩකරන හැටි බලන් උන්න අප්පච්චි අනේ මගෙ ගාවට බත් එකක් බෙදන් ඇවිත් කටටත් වඩා ලොකු බත් ගුලියක් කටට ලන් කරන් මං අවුරුදු හයක් විතර අම්මගෙන් කිරි බිව්වා කියනකොට බයිසිකලේ ට වැලි නාපු මාව මතක් උනා..මගෙ අප්පච්චි මගෙ වමනෙ නාගන මාව උස්සන් දුවපු හටි මතක් උනා..බත් කටක් කවාගන්න මට කියපු හුරතල් කතා මතක් උනා....

කෝ....ඉතින්..ආගපල්ලකො...මොකද උඹට අර චූටි කාලෙ වගේ වඩාගනද කවන්න ඕනෙ.....

අප්පච්චි අඩන්න උන්න ඇහැට ඇගිල්ලෙන් ඇන්නා....මෙච්චර වෙලාම ඉකිගහන්න මග බලන් උන්න මට අවසානෙදි ඉකි ගැහුනා.....

මගෙ...රත්තරන් ...අප්පච්චි ...අනේ...මට..සමාවෙයන්...අප්පච්චි ....

කොල්ලො.....ලමයො....මේ...මොකද...නැගිටපන්....

මං ඒ කකුල් බදාගත්තා...ඔයාල දෙමව්පියො විදිහට අසාර්තකයි කියපු මම ඒ කකුල් ගාව වැද වැටුනා...අන් අප්පච්චි මට සමාවෙන්න ගගා සිය දහස් වතාවක් මං සමාව.ඉල්ලුවා ....

මට සමාවෙන්න අප්පච්චි .....අනේ..මට...සමාවෙන්න මගෙ අප්පච්චි ....

කෝ...නැගිටපන්...උඹට මං සමාව දීලා ඉවරයි මගෙ කොල්ලා.....කෝ...නැගිටපන්...උඹ මොනවා කිව්වත් ..අප්පච්චි ආදරෙයි උඹට....

මං ඒ හැම දේම ඇස් වලින් දැක්කා අප්පච්චි ....අම්මා අප්පච්චි මට බත් කටක් කවාගන්න විදපු දුක....මන් මේ හැම දේම දැක්කා...මගෙ අප්පච්චි ...එහෙව්.....කරපු උඹලට මං.මොන සහගහන කතාවක්ද කිව්වෙ අප්පච්චි ...

උඹ දැක්කා නම්....ඇති මයුර....උඹගෙ අම්මා අප්පච්චි උඹව හදපු හැටි දැක්කා නම්....ඇති....ඉන් එහා මොකුත් එපා පුතෙ....කිව්වත් වගෙ...මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම අතීතෙට යන්න අවස්තාවක් දෙන්න ඕන මයුර....එතකොට ....උන් අම්මා අප්පච්චිගෙන් ඔයාලා අපි වෙනුවෙන් මොනවද කෙරුවෙ කියලා කවදාවත් අහන එකක් නෑ....කෝ ඔය ඇස් වල කදුලු පිහිදගන ආ ගාපන්...උඹගෙ කරදඩු කොච්චර ලොකු උනත්...උඹගෙ අම්මා අප්පච්චි ගෙ ඇස්වලට....උඹ තවමත් අර නිල් පාට පැනල් රෙද්දෙ ඔතාපු නොදරුවා මයුර....ආගපන්...අප්පච්චි ආදරෙයි නෙ...

මං....ආ ගෑවා...නිකම්ම නිකන්බත් කටක් වෙනුවට එතන තිබුනෙ අප්පගෙ ආදරෙත් හාමු උන බත් කටවල් වෙනකොට මං එකම බත් ඇටයක් ඉතිරි නොවෙන්න කාලා ගිහින් සුද්ද කරාපු මුලු ලීස් ගෝනියම හේදුවා ....

මට නන්දනී මතක් වෙනවා.....සැරින් සැරේම නිම්නව මතක් වෙනවා.....

අප්පච්චි ....

ම්ම්ම්.....

රෑට ගමනක් යමු...ද...

කොහෙ....

අපි අලුතින් ගත්තු...නිම්නගෙ ගෙදර...

රෑ මොකටද.....

........දැන් යන්න බැරි හන්දා.....අප්පච්චි ....අපි...ඒක ඇස් වලිම්ම දැක්කා....ඌ...අපෙ ඇස් පනාපිටම...ඌට ආදරේ කරපු මනුස්සයව තිරිසනෙක් ගානට මරල දැම්මා අපි බලන් උන්නා අප්පච්චි ....ඌ කිව්වා.....ඌ එයාට කිව්වා.....අප්පච්චි ...ඌ එයාට කිව්වා....නිම්නව....කෑලි කපලා ගෙයි මැද වලදැම්මත්.....අනේ....අප්පච්චි ....අප්පච්චි ...ඌ....මගෙ නිම්නව.....ඔය ගෙදර

මයුර...මයුර.....කොල්ලො...කොල්ලො.......අයියො නැගිටපල්ලකො....

මාව...මැරෙන්න...වගෙ...අප්පච්චි ...මාව....මැරෙන්න වගේ....

නැගිටපන්....නැගිටපන්...හොද කොල්ලනෙ.....උඹලටඕක නේන්නම් මං කිව්වෙ ඔව්ව හරියන දේවල් නෙවෙ කියලා ...ඒත් උගෙ මූන දකිනකොට ඒකගෙ ඒ ඇස් දකිනකොට මං මොකද කියන්නෙ කියපන්.....හොද එකානෙ නැගිටපන්...මයුර....මගෙ පුතානෙ...නැගිටපන්කො....

අප්පච්චිගෙ කකුල් අල්ල අල්ල වැද වැටුන මාව අනිත් පාර සර්වාංගෙම පන නැතුව ඇදගන වැටුනා....කපාපු ලීස් බේසම සීසිකඩ විසි උනා...අනිත් උන් ගාව ගලිසා වගේ උන්නත් මොකද කල්පනයා ගාව අඩ මානෙට වැටුනත් මොකද නන්දනී වගේම කෲර විදිහට මැරිලා ගිය එය ඔය ගෙයි ඇතුලෙ ඉන්නවා කියන්න ආය ආයම මතක් වෙනකොට මාව අප්පච්චි ගාව කපපු ගහක් හා සමානව කඩාගන වැටුනා....

අප්පච්චි ...මට ආය යන්න බැ....මට ඒ අහිංසකයා විදවනව බලන්න බෑ....අප්පච්චි මාව මිනි මරුවෙක් වෙයි.....අනේ අප්පච්චි වදින්නම්....ඕකව ....ඕකව....

ඌට හැමදාම හැංගෙන්න පුලුවන්ද මයුර....ආ...කරන්න පුලුවන් හැම දහදුරාවක්ම කරලා ඕකට හැමදාම හැංගෙන්න පුලුවන්ද ....රටේ නීතිය ගැන කතා නොකර ඉදින්.....ඒ උනාට මිනිස්සු නීතිය අතට ගත්ත දාට ඔය එකෙක්ට වත් හැරෙන්න වේවි...මං කිව්වනෙ....උඹට අප්පච්චි ඉන්නවා.....එච්චරයි ...

මගෙ මුලු මූනම වතුරෙන් පෙගිලා තිබුන.....අප්පච්චි මගෙ මුනට වතුර ගාලා ගාලා ආයම මාව ඉන්දෙව්වා ....මං පොඩි නිම්නගෙන් ඉල්ලන් ආව ඩයරිය ලොකු නම්නට හොරාවට කඩේට අරගන ඇවිදින් ලාච්චුවක හැංගුව වගෙම ආයම ඒ පොත අතට අරන් මන් අප්පච්චි ගෙ අත් දෙක උඩින් තිබ්බා...

මේ මොකක්ද...

අප්පච්චි ...මේක...නිම්නගෙ ඩයරි එක...අනුන්ගෙ ඩයරි බෙදාගන කියවන්න හොද නෑ....

අනුන්ගෙ නෙවෙ ඌ ඉතින් උඹෙනෙ.....උඹ ඉතින් මගෙනෙ..... එහෙම බැලුවම....බෑනා පුතයි...උඹයි දෙකම මගෙ....බෑනාද පුතෙකි....නිවසක හුරතලේට හැදුන....ඉතින් කියෙව්වට පව් පිරෙන්නෙ නෑ....ගනින් ඔය කන්නාඩි දෙක....පරිස්සමින් ගනින්....රේ බෑන් එකෙන් ගෙනාවෙ විස්සක් දීලා.....ඕකට මොකක් හරි උනොත් කමනි ඇස් ගලවයි මගෙ...ඇස් වලට වඩා උඹගෙ අම්මට දැන් විස්ස වටිනවා....ඉස්සර නම් කොහොමද කිව්වෙ...සුදූ.....මට කවදා හරි ඔයාගෙ වගේම ඇස් තියන පුතෙක් ඕනෙ කියලා ... ඇස් තියන පුතෙක් ඔය දීලා තියෙන්නෙ.....ඒකට දැන්.....සූකිරියත් එකයි....අම්මත් එකයි...ගනින් ඕක.....

මන් අප්පච්චි ගෙ මූන දිහා තත්පර ගානක් බලාගන උන්නා.....අප්පච්චි ඒක හිතලා කිව්වද.....නැත්තන් හිතන්නෙ නැතිව කිව්වද කියන්න මන්දන්නෙ නෑ...මොන දේ උනත් අප්පච්චි හදන්නෙ මොන මාර්ගෙකින් හරි මගෙ තුවාල හිත සනීප කරන්න කියලා දන්න මං අප්පච්චිට කන්නඩි කුට්ටම අතට දීලා ඉහිරුන ලීස් ටික ඔක්කෝම අතුගාල දාලා මීක් නොගා ගිහින් අනිත් වැඩ කරන්න ගත්තා...

වෙනදට එහෙමද...නැ....කොල්ලා අරක කරපන්...මේක කරපන්...ගගා ඇගිල්ලෙන් ඇන ඇන සිය පාරක් කියන්න ඕනෙ ඒත් ඒ හැම දේම නැවතුනා....රෑට කොත්තුවට ගහන පරාටෙ හදන්න පිටි එක පවා මං අනන්න ගත්තා...තෙල් ගාපු පුංචි පුංචි පිටි ගුලි පදම් කරලා කරල පැත්තකින් තියපු මං අප්පච්චි ට කරන්න වැඩක් ඉතිරි නොකර වැඩ කරනකොට මං බලාගන නිම්නගෙ ඩයරියෙ පිටු අප්පච්චි බොද කරන්න අරන් තිබුනා....

දන්නෙ නෑ...ඒ ඩයරියෙ මොනවා තියනවද කියලා ...ඒත් අප්පච්චි සැරින් සැරේම පොත වහ වහ ඇස් පිහ දැම්මා...මට හයිය නෑ...කියවගන්න වත් මට හයිය නෑ.....

කොල්ලා...

.....

කොල්ලා.....

අප්පච්චි මේ පිටි එක අනනවා....

ඇත්තටම මං උන්නෙ තුන් මුලහට හදන එලවලු රොටිය හදන ගමන්...අප්පච්චි එහෙන් කෑ ගහනවා...මට අප්පච්චි ගාවට යන්නවත් හිතක් නැ.....මට මගෙ සසරම කලකිරිලා ගියා වෙනදට වක්කඩේ කැඩුවා වගෙ කියවන කල්පනයගෙ කට ඉබ්බො දැම්මා වගේ වැහිලා ගියා උගෙ ඇස් ගින්දර වගෙ රතු වෙලා....වමනෙ ගිහින්ම ඌට ඔලුව කැක්කුම ඇල්ලුවා...අඩුම ගානෙ ඌට අද උගෙ සෙනේවත් මතක නැති වෙලා කෙලින්ම ගෙදර ගියා...

කොල්ලා....ආ...මේ මොකද මේ.....යෝහ්....ඕක තුන් මුලහට ඔතපන් බලපිය මේක ගෙම්බෙක් වගේ....

කොහෙමද....

ලෙහපන්....මෙච්චර පිටි ගුලියක් ගන්නෙ නෑ හරකා....දැන් පිටි ගනන්...බලාගන්...

අප්පච්චි මගෙ ඔලුවට ඇන්නා...ඇත්ත කිව්වත් වගේ ඒක තනිකරම ගෙම්බෙක් වගේ....අත්දෙක හෝද ගත්තු අප්පච්චි මං ගුලි ගහපු එලවලු රොටිය ආපහු ලෙහලා ආයම ඔතන්න ගත්තා.....

උඹ ගෙදර පලයන්....

අප්පච්චි ....

කොහොමත් අද වේලාසන වහනවා....දොලහා එක දෙක වෙනකන් ඉන්නෙ නෑ....අම්මට කියපන් අටට වහනවා කියලා ....

මං අප්පච්චි දිහා බලන් උන්නා....එක රොටියක් හදාපු එයා ආයම පිටි ගුලියක් අරන් අතින් පදම් කර කර මට ගෙදර යන්න කිව්වා...

අප්පච්චි කමක් නෑ මං ඉන්නම්

නෑ නෑ...යමන් හැමදාම යන්න කියන්නෙ නෑ...අද යමන්කො....යන ගමන් අර කබඩ් එකේ ඇති කඩපුන්නැති පොල්ටොපි පැකට් එකක් අරන් යමන්.....රෑට බත් කන්න එපා කියපන්...මං චීස් කොත්තුවක් අරන් එන්නම්...

අප්පච්චි

මං අප්පච්චිගෙ අතින් ඇල්ලුවා...මෙච්චර වෙලාම නිම්නගෙ ඩයරිය කියවලා මගෙ ගාවට ආව අප්පච්චි මට අරක අරන් ගෙදර යමන් මේක අරන් ගෙදර යමන් කියලා මගෙන් මූන හංග හංග මාව එලවගන්නකොට මම අප්පච්චිගෙ අත් දෙකම අල්ල ගත්තා ....

අප්පච්චි මට හොරාවට යන්නද හදන්නෙ අප්පච්චි ...

උඹ කිව්වා වගේ....ඌ ජීවත් වෙන්න සුදුසු මනුස්සයෙක් නෙවෙ මයුර.....දරු කැක්කුම කියන එක ගෑවිලා වත් නැති තිරිසන්නුන්ව මේ ලෝකෙ තියාගන පව් පුරවගන්නවට වඩා හොදයි මරලා දාන එක.....මන්දා....ඒ පිටු අස්සෙ තිබුනෙ රුපියලට දෙකට ගන්න පුලුවන් හීන..ආසාවන්.....බලාපොරොත්තු ...උඹ පොඩි කාලෙ ඉදන් මගෙයි අම්මගෙනුයි ගැලෙව්වේ එසේ මෙසේ දත් නෙවෙ.....එත්...අපිට ඉන්නෙ උඹ විතරයි ..එකා යකානෙ කියලා අපිට නොලැබුන දේවල් අපි උඹට දීලා උඹ හිනා වෙන හැටි අපි බලන් උන්නා...

උඹ දන්නවද ..උඹට මුලින්ම රෝද තුනෙ බයිසිකල් එකක් ගෙනාව දා මගෙ පර්ස් එකේ සල්ලි සතපහක් නැති උනා...උඹගෙ අප්පච්චිට අද ඔය දෙහහ තුන්දහ පැයට හොයන්න පුලුවන් උනාට....ඉස්සර ඒ ගාන හොයන්න දවස් දෙක තුන යනවා...ඒකාලෙ හැටියට ඒකත් අපිට මහ ගානක් මයුර....පාන්දරම නැගිටන් උඹගෙ අම්මා මම උඹව ඇහැරෙන්නෙ නැතුව වැඩ කරගන්නකොට ඔය එක බලු බල්ලෙක් ආවෙ නෑ අපිට උදව් වෙන්න...

දන්නවද...උඹගෙ අම්මා මං එක්ක ආව දා ඉදන් ලිප් ගානෙ ලැගන් බත් තැම්බුවා...බත් පැකට් හැදුවා...මං පාරක්.පාරක් ගානෙ තියන් ඔව්වා වික්කා...අන්තීම තඹ සතෙත් වියදම් කරලා උඹට රොද තුනෙ බයිසිකලේ ගෙනත් දුන්න දා උඹ බුදියෑවෙ මගෙ ගාවවත් උඹගෙ අම්මා ගාව වත් නෙවෙ මයුර...උඹ ගිහින් බුදියෑවෙ බයිසිකලේ එක්ක...නොදරුවා...උඹට නින්ද ගියා...උඹ උන්නෙ මොන සන්තෝසෙකින්ද....ඒ හිනාව ඇති ....අතේ සතේ නැති උනා...උඹගෙ හිනාව ඇති...

ඌ මහ ලොකු උගතෙක් වෙන්න ඇති...ඒත් ඌට බැරි වෙලා හොද අප්පච්චි කෙනෙක් වෙන්න.....මට උඹත් එකයි...උඹගෙ අර දසවලත්ත කොල්ලොත් එකයි උඹගෙ නිම්නත් එකයි මයුර.....පව්...මට මින් එහා කියන්න දෙයක් නෑ.....ඒ කොල්ලා ඉල්ලා තියෙන්නෙ ආදරෙ කරුනාව විතරයි ....යමන්...පව්...මං එන්නම්...

..මට උඹ ගැන ආඩම්බර් මයුර ....මට...උඹ ගැන හරි ආඩම්බරයි...වැරදි තියනවා...ඒවා කොලු කම්...ඒත්..මට ආඩම්බරයි....උඹට අප්පච්චි වගේ හොද හිතක් තියනවා....උඹ ඌට ආදරේ කරන්නෙ....ආපිට මොකුත්ම ලැබෙන්නෙ නැති බව දැනගන කියන එකම ඇති...මට ආඩම්බර වෙන්න...මගෙ පුතා හොද හිතක් තියන කොල්ලෙක් කියන්න මට ආඩම්බරයි ...

යමන්...මං එන්නම්....උඹට යන්න ඕනෙ කොහෙද .....මට කියපන්.....අප්පච්චි ඉන්නවා....උඹට රිදෙනකොට අපිටත් රිදෙනවා ....

මන් උඹ එක්ක යන්න එන්නම්.....දැන් යමන්....

මං කදුලු පිරුන ඇස් වලින් අප්පච්චි දිහා බලාගන ඉදල ඉදලා අවසානෙදි මං අප්පච්චිව බදාගත්තා...ජාති ජාතිත් උඹ මගෙම වෙයන් අප්පච්චි ....

කබඩ් එකේ තිබුන පොල් ටොපි පැකට් එක අරගත්තු මන් ආපහු ගෙදර ආවා...වෙලාව හැන්දෑවෙ හතර කිට්ටු කරල ඇති....වෙනදා වගේමයි...පාරෙ වාහන එහෙ යනවා මෙහෙ යනවා.....

මන් ආයම උන්නෙ මීට හෝරා ගානකට උඩදි අතීතෙ උන්න පොඩි නිම්න එක්ක අත් පටලවන් ගියපු ඒ ප්‍රේමනීය නගරෙ...ඒත් මගෙ මූනෙ හිනාව මැරිලා තිබුනා...එදා පිපුන මල්ම අදත් අගල් පුරාවටම පිපිලා තිබුනා.....තව දුරටත් ඒ මල් මට ලස්සනයි කියල කියන්න බැරි උනා......ආදරේ වෙනුවට සතුට වෙනුවට මට දැන් තිබුනෙ වේදනාවක් වගේම විරහවක් විතරයි ...

අම්මා...අම්මා.....

වෙනදට විනාඩි පහක් දහයක් ඇතුලත ගෙදරට යන මම අද වරුවක් ගියා ගෙදරට යන්න.....යන යාමට බයික් එක අගුවට දාපු මං වෙනදා වගෙම අම්මට කතා කරගන ඇතුලට යනකොට මගෙ නිම්නයා තාච්චිය ගාවට වෙලා තාච්චියෙ තියන කැවුමකට ඉරට්ටෙකින් අනින ගමන් අම්මට කෑ ගැහුවා....මහ අම්මන්ඩි වගේ මූ කලිසමට උඩින් රෙද්දකුත් පටලන්.....මං හිතන්නෙ පිටි හැලෙයි කියලා වෙන්න ඇති...අපරාදෙ අම්මගෙ චීත්තයක් අන්දවන්න තිබ්බෙ....

අම්මෙ...මේ මෙකට තෙල් ගහන්ඩද....කමනී...කැවුමට තෙල් ගහන්ඩදෝ....

කැවුම මැදට ඉරට්ටයක් ගහන් උන්න එයා අනිත් පාර කැවුමට තෙල්.ගහන්නද අහනකොට මං බලාගන කැවුමෙන් දත් මදින්න පුලුවන් තරමට මූන කරවෙලා තිබ්බා...කුඩම්මගෙ පාටිය අද පාන් වාටි වෙයි වගේ...

වස්තු කෝ අම්මා.....

අර ඇතුලෙ මොනාදො ගේන්න ගියා.....අනූ...මේ චූචි බුංජියා කැවුම් බැද්දා....මේ...අයි..අයි.....මේ....

කුඩම්මගෙ පාටියට.....

ගෙම්බෙක් වගේ....අරක නිකන් ගල් බාග වගේ....අර අරක නිකන් අජන්ත බ්ලොක් ගලක් වගේ...

මේ අනූ මේ...ඇත්තමයි ගහනවා තෙල් තාච්චියෙන්.....ඇත්තමයි අනේ...කිසිම නෑනෙ.....කිසිම ඇගයිමක් නෑනෙ...හරි වේසයි ඈ...හරිම වේසයි...

හා..හා...බැදපන්කො...බැදපන්කො....

ඔයාටත් එකක් දෙන්නද.....

එපා මං අගුරු වලින් දත් මදින් නෑ...

එච්චරයි මං කිව්වෙ.....මීට එහා කියෙව්වොත් ඕකා තෙල් තාච්චියෙන් ගහයි කියන බයට මං අම්මව හොයන් ඇතුලට යනකොට අම්මා පට්ට පෙට්ටියක් ඇතුලට පත්තරයක් දාලා කැවුම් වගයක් අඩුක් කරනවා...

අම්මා....

මයුර මේක ගිහින් දීලා එන්න යමුද.....

කමනි අර අතනත් කැවුම් තියනවනෙ...ඒ වලින් නම් දත් මදින්න තමයි වෙන්නෙ....අරූ ඔක්කොම අගුරු කරලා.....තෙල් ගහන්නද අහ අහ හිටු කියලා තෙල් ගහනවා....

ඕ...හ්...ඒ එක කරච්චලයක්...ඒකට ඔය ඉතුරු වෙච්ච පිටි ටික දුන්නෙ....බලපන් ඔය තාච්චිය දැන් ඇගට වට්ටගන්නවා.....ලිප් කටේ ඉන්නෙ ගිහින්...මොනව හරි කියනකොට බයින්න එපානෙ අම්මෙ චූචි නිම්නනෙ ඉන්නෙ ගගා දැන් වරුවක ඉදන් කැවුම් පුච්චනවා....

මං අතෙ තිබ්බ පොල්ටොපි එක දිහා බලලා අම්මා අතට දෙනකොටම අම්මා ඒක අරන් හැංගුවා

ඇයි හංගන්නෙ...අප්පච්චි එයාට දෙන්න කිව්වෙ....

ඕන් නෑ....මදිද ඔය සීනි ගිල්ලා..අමු කැවුම් ගිලලා ගිලලා ඉන්නෙ ..ඕන් නෑ....මොනවත් කියන්න බෑ චූචි නිම්නනෙ ඉන්නෙ ගගා ඔක්කොම කටේ ඔබා ගන්නවා...

අනූ......

ඔන්න එනවා...ඔන්න එනවා....ඕක හංගල මේක ගිහින් දියන්.....ඕක දැකලා නොදුන්නොත් ඔලුව කැක්කුමයිනෙ අම්මෙ...බඩ කැල්කුමයිනෙ අම්මෙ...අතක් රිදෙනවනෙ අම්මෙ ගාග මායම් කර කර කැවුම් ගිල්ල වගෙ ඕකත් කාලා දායි....ඌට උදේ ඉදන් පොඩි දොන්තයෙක් වැහිලා මගෙ හිස රදේ....එහෙන් අර සින්දුවක් පුරුදු වෙලා....ඕක දාලා මේක ගිහින් ඕකවත් එක්ක ගිහින් හරි මේක ගිහින් දියන් මයුර

මට හිනා ගියා.....හිත රිදිලා..රිදිලා උන්න මට නිම්නගෙ හපන් කම් ගැන කියපු අම්මා හිස රදේ කිය කිය එහා මෙහා වෙනකොට මගෙ හිතට අම්මා අප්පච්චි හන්දා සැනසීමක් දැනුනා....එයාට නොලැබුන සතුට සැනසීම සතුට මගෙ අම්මා අප්පච්චි ගෙන් ලැබෙන හන්දා මට සැනසීමක් දැනුනා ...

අනූ....ඔයා මට මොනා හරි ගෙනාවත.....මේ චූචි නිම්නට යම් කිසි දෙයක් ගෙනාවත අනූ...ම්හුක්....අම්මෙ...බඩ ගින්නක් ඒගන එන්නෙ ඇයි අම්මෙ....චූචි බුංජියට බඩ ගින්නක් ඒගන එන්නෙ ඇයි.....මං අහන්නෙ වයි.....චූචි නිම්නට මොනව හරි පැනි රස ජාතියක සුවද දැනෙන්නෙ ඇයි අම්මෙ.....

නිම්නයා....අත කඩනවා මං දැන් ආ දුවපිය ඔතනින් අහකට...

යෝ....බයිනවා....ආයමත් බයිනවා.....ඉන්නෙ චූචි බුංජියා බව දැන දැන බයී....නවා...මේ පපුව ඇතුලෙ විස්කි බ්‍රැන්ඩි...ගල්...අරක්කු...සෝඩා....!!

ම්හුක්....දැන් තමයි එලවන්නෙ... .නිම්න පුතා මයුරයා වගේ නෙවෙ...නිම්න පුතා අම්මට හරි ආදරෙයි...මගෙ පුතා අම්මා කියන දේ අහනවා කියලා මං ලව්වා වත්තකම පොල් ගාවගත්තා...එතකොට නම් මාව එලෙව්වෙ නෑ...

අම්මල පුතාල... ඔක්කෝම එකයි.....මහ....චපලයි.....මං යනවා අප්පච්චි ගාවට.....අප්පච්චි ....මේ චූචි බුංජියා එනවා....අප්පච්චි ...

🥺ආයම කොටසකින් එන්නාම්...

පයිස්සමින් ඉන්ඩෝ....

ඇබී මමාව රෑ වෙල දෙන්නාම්....

ආතරෙයි

❤️❤️❤️❤️

LVE YOU

More Chapters