WebNovels

Chapter 45 - 45

නිම්න....

ඕන් නැහ්.....මං තරහා වෙලා ඉන්නෙ....

මේක ගිහින් දීලා එන්න...කෝ හොද ලමයනෙ...නිම්න පුතා මයුරයා වගේ නෙවෙයි...අම්මා කියන දේ ඔක්කොම අහනව නේ

නෑ...මයුරයා තමයි හොද නිම්නයා හොද නෑ....ඌ නරකයා...මං ලව්වා පොලුත් ගාවගත්තා....ලිපටත් දර දම්ම ගත්තා....ඒ කියල තේ කහට ඩිංගිත්තක් වක්කරලා දුන්නද නෑනෙ....අම්ම ලග නැති දරුවටනෙ මේ වෙනස් කම්

ඇත්තමයි නිමනයා.....ඔයකට මම අල්ලන් පුච්චනවා.....තේ දුන්නෙ නෑලු...අර මයිලො බෝතලේම කාලා.....සුදු පිටි එකත් ගිලලා...ගිලින්න ඕන ජාති ඔක්කොම ගිලලා දුන්නෙ නෑ ගානවා...මයුර ඕකගෙ බොරු අර බලපන් තේ එකයි බාගෙට ගිලපු කැවුමකුයි ඇති.....

බොරු අනූ....ඕක බුංජියගෙ නෙමේනෙ.....චූචි බුංජියට මොකුත් දුන්නෙ නෑ....කාලගෝලයට වගේ වැඩ ගත්තා....

උඹ කාලගෝලයා නම් මගෙ කොල්ලා දික්තලාද....????

..ඔව් .....මං කාලගෝලයා...අනුවා දික්තලා .....අප්පච්චි තමයි දික්පිටියා...නෑ...අප්පච්චි නෙවෙ....කල්පියා....ඌ තමයි දික්පිටියා ....

නේ අනූ.....කල්පියා නේද දික්පිටියා.....මගෙන් උඹව උදුරන් යන්න ආව දික් පිටියා ඌ තමයි .හරියටම අර එදා බුක් ශොප් එකේදි උඹව මගෙන් උදුරන් ගියා වගෙ.....හිතන්න ඇති මට ඔව්වා අමතකයි කියලා ....අපො නෑ....අයියො ....නෑ....කට කා ගන්න ගිය එක මට අමතක නෑ.....

කමනි...අපෙ මිනිහගෙ කේන්දරේ පින්වත් කුමරු කියලා ලියලා තිබ්බට මූ ඇවිත් මහ චපලයෙක්.....

මට හිසරදේට වගේ....අම්මහෙයි නිම්නයගෙයි යුධ හරඹෙ එක්ක මම වේදනාවෙන් ඉන්නෙ මොන හේතුවටද කියන එක පවා මට අමතක වෙන තරමට මට හිසරදේට එනකොට මගෙ නිම්නයා මාව දික්තලා කරන් ඒකා කාලගෝලයා උනා මදිවට මාව දික්තලා කරලා කල්පානයව දික්පිටියා කෙරුවා.....මුගෙ ප්‍රෝඩාව කියන්නෙ අමතක කරල ඇතිකියලා හිතපු කරුනු කාරනා හරී අගේට ආපිට උඩට අදිනකොට කුඩම්මව විතරක් නෙවෙ මාවත් කොටහළු වෙන්න ආවා....

අවුරු සතක් දුකීන මෙහෙවර කල මෙමා....

අවුරුදු සතක් දුකීන මෙහවර කල

මෙමා...

ගත් අනූ මගෙ....උගෙ රූපෙ බෝ අගේ....

ගත් අනූ මගෙ ....උගෙ රූපෙ බෝ අගෙ.....

එයා කෑ ගහනවා....පිස්සු නටනවා....කාලගෝලයා වගෙ දෙකට නැවීගන කෑම කාමරේ පුරාවටම අම්මටයි මටයි පේන්න එක එක විකාර කර කර යනකොට මම අත් දෙකත් බැදගන උලුවැස්සට හේත්තු වෙලා එයාගෙ හිනාව දිහා වගේම හිනාවෙනකොට හීනි වෙන ඇස් දෙක දිහා බලන් උන්නා.....

එක අතකට එයා මේ කරන විකාර මගෙ හිතට සැනසීමක්....

පරිනත නිම්න කියන්නෙ මට නිවීමක් උනත්....සමහර වෙලාවට එයාගෙ කටින් පිට වෙන සමහර වචන කරන්නෙ මාව නොමනරා මරන එක....හුරතල් වෙන්න හදන නිම්න කරන්නෙ මගෙ කට අවුස්සන එක...මගෙ ලේ කෝප කරවන්න හදන එක...ඒත් එයා මේ පිස්සු කර කර විදින්නෙ එයාට අල්පමාත්‍රයකින් වත් විදින්න නොලැබුන "ජීවිතේ"

පොත්වල අකුරු කෙරුවට මොකද...මගෙ නිම්නට බැරි උනා ජීවිතේට අත්පොත් තියන්න...

කොහෙන්දො ආව නිම්න මට ඇවිදින් "ආදරේට....ආදරෙ භාශාවට ....ආදර හැගීම්" වලට අත්පොත් තියනකොට මං එයාගෙ ජීවිතෙ අන්දකාරින් පාට උන අහු මුලු සම්පූරනම පාට කෙරුවා.....දූවිලි බැදිලා මකුනු දැල් බැදුන එයාගෙ ජීව්තෙ මන් මගෙ අත් වලින් ආයම එලි කෙරුවා .....

මට සතුටුයි ...වේදනාවයි දුකයි සතුටයි ඔක්කොම එක නූලෙ අමුනන් ඉන්න මට සුනාමි රැලි තරම් වේදනාවක් දීලා අතරින් පතර පුස් රැලි හා සමානව එවන මේ පුංචි සතුට "සුනාමි රැල්ලක්" කරගන්න තරමට මං මගෙ හිත පදම් කරගන එයාගෙ සතුට දිහා බලන් ඉන්නකොට මටත් නොදැනුවත්ම මගෙ ඇස් අගිස්ස තෙමීගන ගියා වගෙම මං මගෙ අත්දෙක දෙපැත්තට කෙරුවා ....

වස්තු ඇවිත් තුරුලු වෙයන් කියන එක නොකියා කිව්වා උනත් මෙච්චර වෙලාම මාව විහිලුවකට අරන් නට නට උන්න මගෙ කාලගෝලයා දූවගන ඇවිදින් මට තුරුල් උනා....

ඇත්තටම මට උඹව හංගගන්න පුලුවන් උනා නම්....මේ වෙනකොටත් මෙර් ලෝකෙ මොන කෙරවලක වත් උඹ නෑ වස්තු.......හැම දේකම අවසානෙ මටා ආය කවදාවත්ම උඹව දකින්නත් නෑ වස්තු ......

මං එයාව තුරුල් කරගත්තා...වඩාගත්තා..අම්මා ඉන්නවා නොබලම කම්මුලට හාදුවක් තියල මං නිම්නව වඩාගන අත්වලට කිටිකිටියට තුරුල් කරගත්තා.....

අනේ මට කියන්න ඕනෙ මේ කොල්ලව මගෙන් උදුරන් යන්න එපා කියලා .....

ඒත්...මං කියලා මොනව කරන්නද කියලා මං නොමැරි මැරි මැරි මගෙ හිත හදාගන්නවා.....

මං ආදරෙයි නිම්න.....

මගෙ උරහිස උඩ ඔලුව ගහන් පොඩි එකා වගේ ඇගෙ එල්ලීගන උන්න එයාගෙ කනට මං ආදරෙයි කියලා මුමුනනකොට එයා මගෙ දිහා බලලා මගෙ මූන අත් දෙකෙන්ම අල්ලගත්තා...

අනූටත් ආදරෙයි හුගාරියක් .....

ලමයො....ඔහොම ඉදින් ටිකක්

ආය ඇයි....තව මොනාද....

මේ දෙහි ගෙඩිය අරන් යමන්...

දෙහි මොකටද

මේ ගොම්මනෙ බැදුන් අරන් යන්ඩ හොද නෑ මයුර මේක දාගනින් යක්කු පෙරේතයො වහන්නද...

මං උන්නෙ හෙල්මන්ට් එකට තද උන මගෙ තොප්පිය එහා මෙගා කර කර ....නාඩගම් නටලා...නටලා අවසානෙදි කටෙන් ජය ගත්තු මගෙ නිම්නයා උන්නෙ රෝස පාට පොල්ටොපි ගිලලා ගිලලා මතේ ගහලා වගේ මගෙ පිටට හේත්තුවේගන වෙනකොට ගෙයි ඇතුලෙ ඉදන් ආව අම්මා අයම කැවුම් පෙට්ටියට දෙහි ගෙඩියක් දැම්මා...

යක්කු ගහන එක සැපයි මේ පිටිපස්සෙ ඉන්න හොල්මන ගහනවට වඩා....කමනි ඔන්න ඕකට නින්ද ගිහින්ද බලන්න...ඇලීගන ඉන්නවා...

නිම්න...නිම්න.....නිදි නේද...

යෝහ්...නෑ...නෑ....බුංජියා දෑස පියා ගත්තා පමනයි.....ම්හුක්...දෑස පියා ගත් කල මට මැවෙන්නෙ පොල්ටොපිමයි.....ඇයි අම්මේ ඒ ...ඈ....වයි....ම්හුක්...අම්මෙ...

ඒ පාර මොකද ලමයො කොයි වෙලෙත් අම්මෙ හුම්මෙ ගානවා...ඕක ගිහින් දීලා වරෙල්ලකො...කීයෙ ඉදන්ද මං කියන්නෙ....

ඉතින් අම්මට අම්මා නොකියා මං වෙන මොනා කියන්නද....මේ අපේ අනුත් අපෙ අම්මට සුචි අම්මෙ කියන්නෙ.....එතකොට අපේ අම්මා අහනවද මොකද ළමයො කියලා ...මං කිව්වෙ...මං කිව්වේ....හරි නරකයි දැන්...කොයි වෙලෙත් මගෙ හිත පොඩි කරනවා.....චූචි නිම්නනෙ....හුරතලෙයි අවදානෙයිනෙ ඕනෙ...අප්පච්චි කිව්වනෙ බෑනාද පුතෙකි නිවසක හුරතලේට වැඩුන කියලා

පටන් ගත්තා....උඹ අප්පච්චි එක්කයි අර කල්පනයා කොල්ලා එක්කයි තියන ඇයි හොදැයිය නවත්තපන් නිම්න...නැත්තන් මට මූව හදාගන්න බැරි උනා වගෙ උඹවත් හදාගන්න බැරිවෙයි....

බයිනවනෙ ඉතින්....ම්හුක්...චූචි නිම්නගෙ අතක් පන නැති වේගන එන්නෙ ඇයි අම්මෙ....

දතකුත් රිදීගන එන්නෙ.....

ඔලුවත් කැක්කුමක් අල්ලන් එන්නෙ අම්මෙ....ඇයි ඒ....චූචි නිම්නගෙ බඩත් යන්තන් රිදෙනවා....

මං හිතන්නෙ මට ගලගන්ඩෙද කොහෙද .....

අයිඩින් මදිවෙලා වෙන්න බැයිද කමනි.....

එනගමන් TSH එකක් වත් බලවගත්තා නම්....

බඩ රිදෙන්නෙ මට තයිරොයිඩ්ද දන්නෙ නෑනෙ නේ අම්මෙ.....ආ අම්මෙ....

කමනි බෑනත් ගෙට වෙන්නද කොහෙද .....අර ඉතුරු පිටි ටිකෙන් තව කැවුමක් හැදුවා නම් මං අප්පච්චි ට කියන්නම් එන ගමන් වෙද ගෙදරින් බෙහෙත් පැකට් එකක් ගේන්න කියලා ...අපි යනවා තව උන්නොත් කමනිගෙ පොඩි බිබික්කමගෙ දොන්තයට ලෙඩ කෝටියක් මතුවෙයි....නිම්නයා ආවත් හරි අම්මටත් දැන් ටූත්ලස් බොසාව අමතකයි ....නේහ්...

අම්මෝ...නෑ...නේ....අම්ම සුදු පුතාව ජෝ නෑව්වා කියන්ඩ පුතේ...ඔය කවුරුත් ඕන් නෑ...මගෙ පුතා විතරයි අම්මා එක්ක උයන්ඩ එන්නෙ ..නේ....අම්මගෙන් පොල් චුට්ටක් ඉල්ලගන්ඩ එන්නෙ මගෙ පුතා විතරයි නේ....ඕ....දැන් ඉතින් නාකි පප්පෙක්නෙ....දතුත් නෑ....නේ...

එව්....ඔන්න පටන් ගත්තා ..කොල්ලොයි බල්ලොයි ඔක්කොගෙම අම්මා...නිම්නයා අල්ලගනින්.....යන්න...තව උන්නොත් අරකිගෙ මගුලට තමයි මේක දෙන්න වෙන්නෙ.....

පැත්තක උන්න බලු තඩියා දිහා බලපු මං අම්මා ඌට සලකන්නෙ නෑ කිව්වා විතරයි ඒකව අත් දෙකෙන් අල්ලන් හිටගස්සවපු අම්මා කලුවට සුදු පුතා මගෙ පුතා ගගා දොන්ත වදන් කියනවත් එක්කම මං එන්න ආවා.....

අනූ.....

ම්න්.....

මන් උන්නෙ හරියටම මාරවිල හන්දියෙ.. හැන්දෑ ජාමෙ උනත් වාහන මහ පාර බදු අරගන වෙනකොට මට බයික් එක හරවගන්න පැයක් තිස්සෙ සිග්නල් ලයිට් දාගන ඉන්න උනා.....එහාට යනවා මෙහාට යනවා.....රිංගවන්න ඉඩක් නෑ ඉදලා ඉදලා දාගන්න හැදුවා විතරයි හෙනහුරා පාත් උනා වගේ දන්කොටුව පෝසිලේන් එකේ ට්‍රාන්ස්පෝට් රෝසා බස් එක අපේ ඉස්සරහින් නවත්තනකොට මගෙ උරහිසට උඩින් එයාගෙ නිකට තියන් උන්න නිම්න මට මිමිනුවා.....

අද පන්තියෙ මොනවා හරි උනාද අනූ....

ඇති යාන්තන් මං බයික් එක දාගත්තා...එයා අහනවා අද පන්තියෙ මොනව හරි උනාද කියලා ....මං මොනවා කියලා නම් කියන්නද...

මොකුත් නෑ වස්තු වෙනද වගේමයි...අර පිස්සො ටිකත් වෙනදා වගේමයි..... ..එතකොට ...මගෙ චූචි නිමන....මගෙ ලොකු බුංජියගෙ චූචි බුංජියා....අන්න එයත් ඒ වගේමයි.....වෙනසක් උනේ නෑ....

අන් එයාට බොරුවක් කිව්වා....ජයවර්ධනයා කරපු තිරිසන් වැඩේ ඇස් දෙකට දැකපු මං එයාගෙ හිත රිදවන්න බැරි කමට බොරුවක් කිව්වා....ඒත් නිම්න...නිම්නට බැරි උනා ඒක පිලිගන්න...හුරතල් වෙන නිම්නගෙ චරිතෙ මාරු වෙනවා කියන්නෙ මට සෑහෙන්න අමාරු වෙනකොට මං මගෙ ඇස් එයාගෙ හංගගත්තා...ඒත් මං පරාදයි .....මගෙ නිම්න ගාව මං පරාදයි.....

.ඇයි අනූ ඇස් හංගන්නෙ.....ඇයි මට බොරු කියන්නෙ....දන්නවා ඔය කියන්නෙ බොරුවක් කියලා ....උඹයි කිව්වෙ මං මලක් කියලා.....මලක් නම් ඇයි මයුර පෝර වෙනුවට වහදාන්නෙ.....උඹ මගෙන් මොනවා හරි හංගනවා මගෙ මයුර....

මොකුත් නෑ වස්තු...මං උඹගෙන් මොනවා හංගන්නද....

..මට උඹව දැනෙනවා මයුර ....ඇයි පන කියන්න බැරි....

මට ගැලවීමක් නෑ...මට ගැලවීමක් ඇත්තෙම නෑ...මට මේ කැවුම් පෙට්ටිය දීලා දාන්නත් ඕන.....නිම්න එක්ක කතා කරන්නත් ඕන...සෑහෙන දුරකට ඇවිදිනුත් නිම්නගෙ හරස් ප්‍රශ්නවලින් මාව හිර වෙන එක ඉවර නැති වෙද්දි මං මහපාරෙන් මූදුකටුවට හරවලා බයික් එක නැවැත්තුවා.....

අනූ.....

බහින්න....

මන් බයික් එකෙන් බැස්සා...මම විතරක් නෙවෙ මං එයාවත් බැස්සෙව්වා....පැච් වැටුච්ච ඩෙනිමෙ දනිහ එලියට ඇවිදින් තිබුනා..වෙනදා වගේම අපායට ගියත් දාන බාට කුට්ටමයි නිල් ඩෙනිමට මං වැඩියෙම්ම අදින්න ආස හන්දා ඇදන් උන්න සුදු ටී ශර්ට් එකයි ඇදන් උන්න මගෙ මූන වෙනදා වගේ නෙවෙ අද ...ඔහේ මලානික වෙලා තිබුනා...වෙනදට මං නිම්නට මොන තරම් කට කැඩුන කතා කියනවද....ඒත් අද හැම දේම අනිත් පැත්ත ගහලා.....

අනූ.....ඇයි මගෙ අනූ මේ...

මට මහන්සී වස්තු .....මෙතනින් චුට්ටක් ඔලුව තියාගන්නද .....

බයික් එකට හේත්තු වේගන උන්න මගෙ කකුල් මැදින් හිටගත්තු නිම්න ඇයි මේ අහන ගමන් මගෙ නිකටෙන් අල්ලන් මූන උස්සනවත් එක්කම මං එයාගෙ උරහිසට ඔලුව තියාගත්තා...

ඒ කතාව ඇත්ත....මිනිස්සුන්ට අමාරුයි කියලා හිතෙන තැන්වල ඔලුව ගහගන්න උරහිසක් ඕනමයි....හිතක් ඇවිලෙනකොට නිවෙන්න හිතක් ඕනමයි....

මං නිම්නගෙ උරහිස උඩ මගෙ මූන තියාගන ඇස් පියාගත්තා...මගෙ හිත සම්පූරනම ඔත්පල වෙලා....මගෙ හදවත ගැහෙන්නෙත් නැති තරමට ඔත්පල වෙලා...කොටින්ම මං හයියයි...මං ඉවසගන්නම් කිය කිය කාටත් පේන්න හරි හයිය වෙස් මූනක් දාගන රගපාන මට එයා නැති තැන මැශින් වලින් හුස්ම ගන්න තැනටම මාව දුර්වල වෙලා වගෙ දැනුනා..

කොටින්ම නිම්න කියන මගෙ ජීවිතෙ මං දැකපු සුන්දරම හිනාව තියන ඒ අහිංසක පිරිමියගෙ මල කදේ බර දැනටම මගෙ උරහිසට දැනෙන්න ගන්නකොට අද රෑට මට මොනවයින් මොනව වෙයිද මට හිතන්න බැරි උනා ....

නිම්න.....

කියන්න අනූ...ඇයි පන මේ...

මට පොරොන්දුවක් දෙන්න පුලුවන්ද ...

පුලුවන් ....

මොකක්ද කියන්නෙවත් නාහම....

මයුර කියන්නෙ මගෙ පන වෙනකොට ඇයි මං මොනවද කියලා අහලා පොරොන්දු දෙන්නෙ....කියන්න...මගෙ අනූට මොනාද මං පොරොන්දු වෙන්න ඕනෙ....

මං කෙලින් උනා...කෙලින් වෙලා එයාගෙ අත අරගන මමම මගෙ ඔලුවෙ උඩ තියාගත්තා.......

නිම්න...මට මගෙ ජීවිතේ අද වෙනකම්ම මගෙ අම්මගෙ අප්පච්චිට හොද පුතෙක් වෙන්න බැරි උනා.....යාලුවො අතර මාර යාලුවෙක් වෙන්න පුලුවන් උනාට....මට බැරි උනා උඹගෙ අම්මා ඇවිදින් මගෙ ඇස් පාදනකම්ම මගෙ අම්මා අප්පච්චි ගෙ හිත් අස්සෙ හීන බලාගන්න...

මම උඹට උඹගෙ පන උනා...උඹගෙ අනූ උනා....උඹ යන්න යනවා...අද හෙට නැති උනත්.....මගෙ වස්තු කියන මේ වචන් හුරු මගෙ කටට ඒ වචන් ආගන්තුක වෙනවා...මගෙ වස්තු කියලා කතා කරනකොට ඇයි අනූ කියලා උත්තර බදින්න උඹ නැති වෙනවා....

හමු වීම අහම්බයක් උනත්....මගෙ නිම්න....වෙන්වීම ස්තීර උන මේ බැදීමෙ මට අත් වලින් අල්ලන් යන්න එපා මගෙ රත්තරන් කියලා කකුල් ගාව වැද වැටෙන්න බෑ...උඹගෙ මලකදේ බර මගෙ දකුනු උරහෙට වැටෙනකොට ....මට උඹගෙ පෙට්ටිය තදින් අල්ල ගන්න වෙනවා....

රවිදුවට උනා වගේම....උඹගෙ ඉහට ඉහලින් ඇවිලෙන මිනි පහනට මගෙ අත් වලින් තෙල් දාන්න වෙනවා...

මන් කරපු ආදරේට වඩා...මට විදින්න තියන නේ විරහව එක්ක මං ඉන්නෙ දැන් තෙහෙට්ටු වෙලා මගෙ නිම්න...

මං ඉල්ලන්නෙ.මෙච්චරයි .....මං මගෙ අම්මට අප්පච්චි ට...හොද පුතෙක් වෙන දාකට...උඹව මට අහිමි වෙලා ඉදීවි....ඒත්....උඩ ඉන්න දේව සභාවට මං ගැන අනුකම්පාවක් හිතිලා ආයම මට උඹව....මගෙ ඇස් ඉස්සරහට ගේන්න පුලුවන් කමක් තිබුනොත් ....

ඇවිදින් යන්න නෙවෙ...වස්තු ...ඇවිදින් නවතින්න වරෙන් මගෙ නිම්න....ප්‍රේමය ඇතුලෙ විරහවයි ආදරෙයි දෙකම එකට විදින මට....ප්‍රේම ඇතුලේ මේ තරම් දුක් ඉහිලුව මට...උඹගෙ මලක්දේ බර දරන දවසට මං හිතක් පපුවක් නැති එකෙඛා සමානව උන්නොත්...ඒක පුදුමයක් නෙවෙ මගෙ නිම්න...මොකද .....උඹගෙ මයුරත් දැනටම මැරිලා හමාරයි...

පොරොන්දු වෙයන් නිම්න....දවසක.....එනවා...

කියලා ....ඇවිදින් යන්න නෙවෙ.....ඇවිත් නවතින්නම...ඊලග සංසාර කන්නයක් ගැන කතා කරන්න කලින්...මේ සංසාරෙ ගෙවලා අහවර කරන්න මට පොරොන්දු වෙයන් මගෙ නිම්න....

තනිවීම ප්‍රේමයක් කිව්වට කව්ද නිම්න තනිවෙලා ප්‍රේම කරන්න කැමති ....මට අද තනිවෙන්න පුලුවන් උඹගෙ සැනසීම වෙනුවෙන්....ඒත්.....උඹගෙ මයුර නිකමෙක් නොවි ලෝකෙ දිනන දාකට .....මගෙ ළඟින් ඉන්න වරෙන් නිම්න....

මොන නම...මොන තරාතිරම උනත් කාරි නෑ....

..මට පොරොන්දු වෙන්න පුලුවන්ද මගෙ අයියෙ...???

 මේ හිරිහැර ලෝකෙන් පිටවී...

අපි අපිටම පමනක් අයිතී

නැවතුම කොතනක හො හමු වී

විදගමු මේ ආදරේ......

.

.

.. එයා බලාගන උන්නා....කොච්චර කැපුවත් දවසින් වැවෙන මූන පුරාවටම රැවුල් කොට වැවිලා ඒ මූන තවත් අසරන පාටට පේනකොට එයා කොයි වෙලාවෙත් මන් ලව්වා අයියා කියවගන්න දත කෑවත් අද මං එයා මගෙන් අහන්න කලින් අයියෙ කියපන් කියලා කියන්න කලින් මං එයාට අයියෙ කියනකොට ඒ ඇස් ගැස්සිලා ගියා.....

මට පොරොන්දු දෙන්න පුලුවන්ද ....එනවා කියලා ...ඇවිදින් යන්න නැතිව ....ඇවිදින් ඉන්න.....

....මගෙ මයුර.....මගෙ ආදරෙ උඹ.....

මාව ඔහොම රිදවන්න එපා නිම්න........මාව ඔහොම රිදවන්න එපා ....

එයා මගෙ ඇස් වල කදුලු පිහලා අර වැවුන රැවුල් කොට මගෙ මූනෙ ගෑවෙන්නම හාදු තියාල අවසානෙදි මගෙ දිහා බලලා ලාවට හිනා උනා...

........මයුරනිම්න මිසක්....මයුර ගාවින් හිස්තැනක් නෑනෙ නේද අනූ....ඔච්චරම බර කරලා අයියෙ කියන්න එපා රත්තරනේ ...එතකොට පපුව රිදෙනවා...

මංගලිකෝ...මංගලිකා.....

ගෙදර නැද්ද මන්දා අනූ.....උදාරගෙ බයික් එකත් නෑ...අඩුම ගානෙ ජනාලා වත් ඇවිත් නැද්ද මන්දා...

මංගලිකා......

එහෙනම් ගේට් එක ඇරලා යන්නෙ නානෙ වස්තු....මට බහින්න බය අර බලු ජඩයා එයි කියලා ...ඒකගෙ මූනයි දත් ටිකයි දැක්කම පන යන්න එනවා...ලගදි ක්‍රොස් කරන් ආව හන්දා ඕකට මදනෙ ගහලා මිනිස්සු පේන්න බැරිවෙලා ඉන්නවා නම් මගෙ කෑලි ගේන්න වෙයි....

..

පපුවට බර වේදනාවත් ආදරයත් අහිමිවීමෙ බයත් එකට මුහු උන විනාඩි ගානකට පස්සෙ උදාරයලාගෙ ගේට්ටුව ගාව නැවතුන මම එකම දිගට දෙපාරක් තුන් පාරක්ම හෝන් එක ගහලා උදාරයලගෙ අම්මට කතා කරපු මන් ආයම පාරක් හෝන් එකක් ගැහුවා විතරයි එක පාරම ජනෙල් පියනක් ඇරුනා.....

.

ලමිස්සියෙක්ට නිදාගන්නවත් දෙන්නෙ නෑනෙ...මොකාද ඔය අපෙ මංගලිකව හොයන්නෙ.....

අනූ...කුඩම්මා....නේද.....

මේකිට මේ පැය ගානට ඇට පැලවෙලාද වස්තු ඒකිටම ලමිස්සි කියාගන්නවා....

අපි කියලා කියන්න අනූ....මමත් ඒකිට බයයි....මහ යස්ස කටක් තියෙන්නෙ...

ඇත්ත අපිත් එකිට බයයි...හොල්මනක් උන නිම්නයත් ඒකිට බය වෙලා තියනකොට මන් ජනේලෙ.පැත්ත නොබල අහක බලාගන කුඩම්මට කෑ ගැහුවා....කෙල්ලො ලොකු උනහම බලන්න හොද නෑ කියනවනෙ...මේකි මාව දැකලා මොනහරි මගුලක් උනොත් කොයයි මයුර අයියව තමයි අම්මෙ මං දැක්කෙ කියලා ඕකිව කරගහන්න උනොත් අනෙ අම්මෙ...හ්.....බෙල්ලට ගලක් බැදන් මූදෙ පනිනවා...මගෙ බුන්ජියා මාව හම ගහයි....

.

ශ්වේතා....අම්ම කෝ...මං මයුර අයියා මේ කැවුම් පෙට්ටිය ගෙනාවා.....

ආ.....අපේ උදාරයගෙ වලිගෙ.....

කෝ අම්ම කියපන්කො....මෙතන ඉන්න බෑ ඔක්කොටම කලින් කියපන් බල්ලා බැදලද??

නෑ....උගෙ පරස්තාව කතා කරන්න ගියෙ නෑ තාම...ඇයි බදින්නද අපෙ රොකීව

..ඇත්තමයි වස්තු මේකි මගෙ නංගි උනා නම්...රොහාන්ගෙ කොත්තු ගහන තැටි දෙක අරන් කට චප්ප කරනවා...

ඒත් ඔයා කිව්වඑ ඔයාලා මේකිට ආදරෙයි කියලා ....

ඔව්....ඒ මේකිගෙ සැබෑ ගති ලක්ශන එලියට එන්න කලින්....දන ගාන කාලෙ...දැන් නම් බෑ වගේ.....

අරකි ජනේලේ ගාව එල්ලීගන මට උත්තර බදිනකොට මම අහක බලාගන මගෙ නිම්න එක්ක කුටු කුටු ගගා කියවද්දි මං අහගන ගෙට උන ලමිස්සි ආදර ගී මුමුනවා.....මේකිට දැම්මම පෙම් කවි කියන්න ඕනා වෙලා වගේ...හිටපන්...දැන් ඉතින් උඹට කැමරා එල්ලුවා වගේ තමයි...

..ශ්වේතා අම්මා කෝ කියනවකො...මේ කැවුම් එක දීලා අර කෙහෙකන ගේන්න යන්න ඕනා....අපිදන්නෙ නෑ උඹට තමයි අඩුපාඩු වෙන්නෙ .....

..අර පිටිපස්සෙ....අපෙ අයියයි කොට රවිදුවයි මාව නාවන්න කොටුවක් හදනවා.....මයුර අයියෙ...නාන්න බෑනෙ.....

ආ.....නාන්නෙ නැතුව උඹ කුනු වෙන්නද...හෙට හොදට නාපන්....දැම්මම ඔය පැත්තෙන් කරවල ගද එනවා....

.

.උඹලට මාව විහිලුවක්ද මයුර අයියෙ.....අපෙ අප්පච්චිත් කිව්වා දැන් ගස් ගල් ගානෙ බඩ ගන්න එපා කියලා ....යියා කොයි වෙලෙත් බැන බැන යනවා කෑ නොගහා ඉදින් උඹගෙ කට මහනව කියලා....මට එපා වෙලා ඉන්නෙ.....

අරකිගෙ ගෑස් බැස්සා.....හේතුව මොක්කද දන්නෙ නෑ...කොහොම හරි කුඩම්මගෙ අර ටින් බෙලෙක්කෙ සද්දෙ අඩු උනා.....

අනේ මයුර අයියෙ ....

මොකද.....බන්...ඇයි.....

බඩ්ඩක් අහන්න ඕනනෙ....

මොනවද....

අර මැටි කලේ තියෙන්නෙ....

ඉතින්.....

ඒකට මල් දාලා බෙත් දාලා මාව නාවන එක තියෙන්නෙ

ඉතින් බන්..ඉතින්...කියපන්කො.....කෙකර

ගාන්නෙ.....

ඒක ගහන්නෙ මගෙ ඔලුවෙද...

අනේ...අනූ....අරකිට මොකද අර වෙලා තියෙන්නෙ....

මගෙ නිම්නයා අත් දෙකෙම්ම කට වහ ගත්තා.....ඒ මුන හිනාව තද කරන් ඉදලම රතු වෙලා යද්දි මං නිම්නගෙ කනට කෙදිරුවා

මේකිව කවුරු හරි අන්දලාද කොහෙද වස්තු...හොද වැඩේ පොඩි හුප්තිට...අපි ඔව් කියමුද.....

හ්ම්...කියමුද....මට හිනා යනවා ...

නිම්නයා අතින් කටවහන් හිනා වෙනකොට කුඩම්මා කලේ ඔලුවට ගහයි කියලා බයවෙලා අනේ මට නාන්න බෑ.ගගා නහයෙන් අඩනකොට මං අඩන්න උන්න ඇහැට ඇගිල්ලෙන් ඇන්නා.....

කලේ ඔලුවට ගහනවා...කව්ද කිව්වෙ

රවිදුවයියා....ඒකා මෙතනින් මාරු වෙන හැම වෙලාවෙම මට කිව්වා ඔලුවට හෙල්මට් එකක් දාගන ගිහින් නාපන් කලේ ගහන්නෙ මගෙ ඔලුවෙ කියලා ...අනේ මයුරයියේ...ඒක ඇත්තද....

...ඔව්....කලේ ගහන්නෙ උඹගෙ ඔලුවෙ....කට හැකර උන්ට කලේ ඔලුවෙ ගහලා මුට්ටි කර බෙල්ලෙ දානවා...

අනේ....අම්මෙ...නාන්ඩ ඕනෙ නෑ.....නාන්ඩ ඕන් නෑ අම්මෙ....

මංගලිකා .....මේ කැවුම් පෙට්‍ටිය ගෙනාවා...

අරකි මැරෙන හදනවා...අවුස්සන්න ඕන උපරිමේටම අවුස්සලා ආව මායි නිම්නයි කැවුම් එක කුසියෙන් තියලා වල් කොටන උදාරයයි රවිදුවයි ඉන්න තැනට යනකොට මං බලාගන මංගලිකා පොල් කොලයක් ගලවන් ගෙයි ඇතුලට යනවා....අද හරි ලමිස්සිට.....

උදාරයා ...

උඹලා ආවද.....මයුරයා ඔය ඉටිකොලෙ ඇදලා මේ කනුවට තියලා ඇනයක් ගහපන්.....

මං ලා නිල් පාට ඉටිකොලෙ ඇදලා අරන් පරාලෙට තියලා ඇනයක් ගැහුවා.....රවිදුවා කනුවට පස් දදා තද කරනවා...ජනා ඌව වලට වැටෙයි කියලා පස්සෙන් හිටන් ඉන්නවා..ඒ එක මල හෝන්තු දෙකක් ඒ....

මයුර....

ම්න්.....

කල්පනගෙ ඵෝන් එක ඕෆ්.....මොකක් හරි උනාද....

නෑ....උගෙ ඔලුවෙ කැක්කුමයි කිව්වා....නිදි ඇති

ඵෝන් එක ඕෆ් කරන්.....???මං දැන් කීයෙ ඉදන්ද මැසේජ් දාන්නෙ.....තාමත් නෑ...මට ගෙදරට ගිහින් බලන්නත් බෑ.... අම්මා එක්ක අර ආස්මි කඩේට යන්න ඕනෙ...එක කෙල්ලනෙ කියලා අප්පච්චි ඒකිට මගුල් මේසෙ වගේ කෑම.මේසෙ හදනවා...යකො මගෙ රැවුල කපපු දාම අම්මා කොස්සෙන් ගැහුවා...මං හිතන්නෙ අපේ ගෙදර මාවද කොහෙද කානුවෙන් ඇහිදන් ඇවිත් තියෙන්නෙ.....

ඇත්ත කියපන්....ඔලුව කැක්කුමක් වෙන්න බෑ බන් ඕකට ඔලුවෙ කැක්කුම් දාහක් ආවත් මට කතා කරනවා.....උඹලා රන්ඩු උනාද....

නැ බන් පිස්සුද...මං මොකටද රන්ඩු වෙන්නෙ...

එහෙනම් ඇයි බන් මේ ලමයගෙ ඵෝන් එක ඕෆ්.....

සෙනේ.......කල්පියා ආවා...ඔයාගෙ බබා ආවා.....සෙනේ....ඔයාගෙ කල්පි බුංජියා ආවා සෙනෙ

කල්පනයගෙ ඵෝන් එක ඕෆ් හන්දා උදාරයා උන්නෙ නොසෑහෙන්න අවුලෙන් .....හැබැයි ඌට කලපනයා ගැන හිතලා කම්පා වෙන්න හම්බ උනෙ එක විනාඩියයි.....ඔලුව කැක්කුම් හදාගන මැරෙන්න වැටිලා උන්න කල්පනයා කෑ ගහගන අපි දිහාවට එද්දි කල්පනයා නැතිව මූන කලු කරන්‍ උන්න උදාරයගෙ මූන බලන් ඉන්නකොට පාට උනා...

ජනා.....මේ මේක හෙලවෙන්නෙ නෑනෙ අනෙ.....නැත්තන් පාන්දර ජාමෙ ඕකිව නාව නාව ඉන්නකොට පරාලෙ උලුවට වැටුනොතින්

නෑ...ඇති අහකට වෙන්න දැන් ඔය ඇති.....

හැම කුරුල්ලටම කුරුල්ලෙක් උන්නා....උන් උන් උන්ගෙ ලෝකවල ඉදන් කිචි බිචි ගානකොට මායි කල්පනයයි සැරින් සැරේම අපේ මුනු දිහා බැලුවා ...

බබී...

අ.. ආ සෙනේ.....ඇයි අනෙ.....

මොකද ....මොන ලෝකෙද ඉන්නෙ...මං මෙච්චර දේවල් අහනව කියවනවා....ඔයාගෙ සිහිය කොතනද කල්පන....

න්..නෑ....උදාර තාම මගෙ ඇගට හරි නෑ....

ඇත්ත...කල්පනයා උන්නෙ මා එක්ක වෙන ලෝකෙක....ඒ වගේම ඌ උදාරයට කියපු කතාවත් ඇත්ත.....උගෙ ඇගට හරි නෑ කියන්න ඒ මූනෙන් පේනවා...වෙනදා වගේමයි වෙනසක් නෑ කියන්න ඌ කට ගැහුවට කල්පනයගෙ ඇස් තාම මඩ පාටයි...

බබී....

ඇයි.....

ඔයාට උනනෙ.....

න්..නෑ....සෙනෙ....මට ඇති උනක් නෑ.....

නැත්තෙ කොහෙද ...මේ උන තමයි.....ඇයි උන තියන් ආවෙ කල්පන....

ඔයා තරහා වෙයි කියලා හිතුනා....

පිස්සුද දරුවො උඹට.....මං බය වෙලා උන්නෙ ඵෝන් එක ඕෆ් නිසා...නැතුව වෙන මගුලකට නෙවෙ...

අනූ....කල්පනට උන ගැනිලා...එයා ඔහොම ඉන්න කෙනෙක් නෙවෙ....ඒ වගේම ඔයත්... මොනවද මයුර ඔය දෙන්නා අපිට හංගන්නෙ.....????

මොකුත් නෑ බුංජියො...මොනා හංගන්නද...මේ බලපන්කො මයුරයා බුංජියා අපෙන් අහන කතා.....මෙන්න මෙහෙ වරෙන් යන්ඩ අර මංගලිකා තේ ගෙනාවා....

නෑ....උඹලා මොනවා හරි හන්ගනවා මයුරයා....කල්පනයා...කියපන්...මමයි උදාරයයි නොදන්න උඹලා දෙන්න විතරම් දන්නෙ මොනවද.....උඹලට මොකක් හරි උනාද අද.....ආ මයුර....

නෑ බන් පිස්සුද කොටො...මොනා වෙන්නද....

පිස්සු...පිස්සු හැදෙයි ඔහොම යනකොට .....

මායි කල්පනයයි ගිහින් හිමින් සීරුවෙ අගුපිලෙ ඉදගත්තා...ඒත් මගෙ නිම්නවත්....උදාරවත්....ඩිම්පල් කපල් එක වත් අපි දෙන්නා ගාවට ආවෙ නෑ...

උදාරයගෙ අම්මා තේ ගෙනල්ලා.....හයක් ඉන්නවා...ඒත් තේ දාපු කෝප්ප තියෙන්නෙ හතරයි.....

ඒක කාගෙ වරදක්ද.....

උන්ගෙ අම්මට බනින්නද....නැත්තන් ජයවර්ධනයා ඇතුලු සමලිංගිකත්වෙ පිලිකුල් කරන සමස්ත සමාජ ප්‍රජාවගෙම වරදක්ද....නිම්න...ජනත්....නන්දනී....මෙ තුන් කට්ටුවම නැති උනා....මරන පරික්ශනේට ලිය උනෙ සිය දිවි හානි කරගැනීමක් උනත්...කාටත් ජනත් ගෙ පපුව පලලා ඇතුලෙ මොනාද තියෙන්නෙ හොයාගන්න බැරි උනා....

මගෙ නිම්න.....නන්දනී..සුචිත්‍රම්මා.....ආප්ප ලේබලේ නෑඹිලි ලේබලේ අලවන් දුක් විදපු නිම්නලා.....කාටත් රහසින් මහ් පොලවට යට උනා....

මගෙ ඔලුව තවම කකියනවා මයුර.....

මගෙ ලගට ඇවිදින් තේ කෝප්පෙ උගෙ කම්මුලට හේත්තු කරන් උන්න කල්පනයා මුමුනන්න ගත්තා....

අප්පච්චි මා එක්ක රෑ වෙලා එන්නම් කිව්වා....

අප්පච්චියි උඹයි....එතකොට ...අපි...මම....උදාර...

රවිදුවා....අපි උඹගෙ නම් ලිස්ට් එකේ නැද්ද මයුර....එතකොට මෙච්චර කල් අපි උඹ එක්ක උන්නෙ ඇයි ... අප්පච්චි ආවා විතරයි අපි නිකම්මු උනාද.....

..එහෙම නෑ කල්පන...එහෙම නෑ...පිස්සුද උඹට....උඹට සහලවලා උන....විකාර කියවන්නෙ නැතුව ගෙදර ඉදින් ....

නෑ...නෑ...කියපන්...උඹට එක පාරම ආව ගැට්ටෙ අමාරුව මොකක්ද කියපන්කො අපිව හලලා අප්පච්චි එක්ක යන්ඩ.....

මං උන්නෙ මගෙ වැලමිට දනහිස් උඩ ගහගන... ...අර හතර දෙන්නා අරහෙන් කියවනකොට මමයි කල්පනයයි මෙතන කියවගත්තා...කල්පනයට තවම සනීප නෑ.....අනික මේ වේදනාව....මුන්ට කොහොම ඔරොත්තු දෙයිද...යාලුවො යාලුවො කියලා ආවා උනත් අවසානෙදි කල්පනයට වගෙම රවිදුවටත් ඕකම උනොත් මං දන්නවා...ඔතන නන්දනී විතරක් නෙවෙ...මගෙ නිම්න.....සුචිත්‍රම්මා ....නිම්නා...ඔය හතර දෙනාම ඉන්නෙ ඔය ගෙදර....

..මයුරයා....උඹට ඕක තනියෙන් කරන්න බෑ....ඒක තේරුම් ගනින් මයුර

උඹට දැනටම අමාරුයි කල්පන....අනික...ඇයි බන් මගෙ වේදනාවලුත් නිකන් උඹලගෙ කරපිට දාන්නෙ.....

හුත්තො...මේ අහපන්...යකො ඒකට නෙවෙද යාලු කම කියන්නෙ....උඹ සතුටින් ඉන්නකොට එකට කාලා...බීලා පාටි දලා උඹට ඕනම තැන උඹව අතාරින එකද යාලු කම කියන්නෙ...පිස්සෙක්නෙ උඹ.....යකො අහපන්...මෝඩ මූසලයා...බුංජියා උඹගෙ කොල්ලා....ඒත් ඌ අපි හැමෝගෙමනෙ...සුචිත්‍රම්මා උඹගෙ නැන්දම්මා...යකො අපිත් ගැට්ටෙ අමාරුවටද එහෙනම් අම්මෙ කියන්නෙ...මයුරයා...අපි අපෙ කියලා බාරගත්තු හන්දනෙ බන් ඔහොම කරන්නෙ.... පිස්සෙක් වෙන්ඩ එපා...උඹව තනියෙන් යවන්නෙ නෑ...

අනික ඔය රෑ තොට මොකක් හරි උනොත්....රොහාන්ට එතනම මැරෙන්ඩ වෙන්නෙ....කියන.දේ තේරුම් ගනින්...

කල්පනයා කියවගනම යනකොට මම අහගන උන්නා...ඌ කියන කතාව හරි....දවල් ඉදලම මගෙ පපුව ඇදුම් කනවා.....මගෙ නිම්න කිව්වොත්...අනූ...මං ඉන්නෙ මෙතනයි කියලා ...දෙයියනේ පලවෙනි උදලු පාරම මේ අත් වලින් ගහනකොට මගෙ පපුව පුපුරලා යයි... ....

.කල්ප ..නයා...මට....බයයි ...බන්...මට...ද්...දුකයි...බන්.....උදැල්ල...ක්...අරන්...ගිහින්.....එයාවම....උඩට....ග්..ගන්නවා...

කියන්නෙ...මාව...මැරෙන්න...වගෙ...බන්...මට.....රිදෙනවා...අඩාගන්න...ඕනා....මට...ඒ මූන...දිහා...බලන්...අඩන්න...බෑ...මං....මේ දවස.....මෙච්චර ...ඉක්මනට...ප්‍රාර්තනා කෙරුවෙ...නෑ.....ක්..කල්පන...මං...මෙ...දවස...එන්න...එපාමයි....කියලා...ප්‍රාර්තනා කෙරුවත්....ඇයි බන්...මටම...මෙහෙම උනේ...අයියො..ඇයි....බන්....මටම...

මෙහෙම...උනෙ.....මං....හැමදාම ප්‍රාර්තනා කෙරුවෙ...ඒ දවස එන්න එපාමයි කියලා .....ඒත් .අද...එන්න එපා කියපු දවස අදම..උනහම....

....

මයුරයා....අනේ..මයුරයා....අනෙ....

මට ඇඩුනා...මෙච්චර වෙලාම අඩාගන්න බැරිව බැරිව කදුලු සෝ සුසුම් හිරකරන් උන්න මට ඇඩුනා....අපි ආදරෙ කරන්න ගත්තෙ අදක ඊයෙක....ඒත්...අනෙ...වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරපු හැම දේම එකපිට එක පිට වෙනකොට ....මං කොහොම කියලා ඉවසන්නද.....

මයුර...මයුරයා...

අනූ....ඇයි අනූ මේ.....ඇයි.....මේ...කල්පන...ඇයි මගෙ අනූ අඩන්නෙ.....අනූ....මගෙ....මයුර.....ඇයි රත්තරන් උඹ මේ අඩන්නෙ....අනූ....අනේ.වස්තුව කියපන්කො....කල්පන....කතා කරපන්...ඇයි මගෙ කොල්ලා අඩන්නෙ.....ඇයි බන් කතා කරපල්ලකො...

අඩන්න.....හේතුව...අඩන්න එකම හේතුව...එ උඹයි නිම්න...මූ අඩන....හේතුව උඹයි....ඌට මීට එහා අල්ලන් ඉන්න අමාරුයි නිම්න.....

.

මං කල්පනයගෙ උරහිසට වාරු උනා...නෑ....මට ඇඩෙනවත් එක්කම කල්පනයා මාව ඇදලා අරන් බදාගන්නවා එක්කම මගෙ නිම්න බය වෙලා අපි ගාවට ආවා...නිම්න විතරක් නෙවෙ....උදාර...ජනත් රවිදුවා පවා...උන් තුන් දෙනාම උන්නෙ බය වෙලා....

අනූ....ඇයි අනූ මේ...අනූ ඇයි මගෙන් හංගන්නෙ..

මයුරයා.....මීට වඩා තද කරන් උන්නොත් උඹව පුපුරයි...එක්කො අඩපන්...නැත්තන් අහපන්.....

කල්පනයගෙ කතාව හරි....එක්කො අහපන්...එක්කො අඩපන්...මං.ඇස් වල කදුලු පිහදගන නිම්නගෙ අත අල්ලගත්තා....

නිම්න.....

.අනූ....ඇයි මගෙ පන...ඇයි කියන්න..ඔයාගෙ බුංජියට කියන්න ඇයි මේ.....මගෙ කොල්ලා ගහක් ගලක් වගේ උන්නට රිදෙනවා කියන්න දන්නවා...

මන් අහන්නෙ ප්‍රශ්න හතරයි.....ඉන් එහා එක ප්‍රශ්නයක් වත් නෑ...හැබැයි ....උත්තර ඕනා...කෙලින් උත්තර ....වැනිලි බෑ....අපිආදරේ කරන්න අරන් මහ කාලයක් නෑ...හැබැයි මම උඹට පිස්සෙක් වගේ ආදරෙයි...මං උඹට මැරෙන්න තරම් ආදරෙයි... ..මගෙ ආදරේ ගැන හිතලා මේ ප්‍රශ්න වලට උත්තර දියන් නිම්න.....

අහන්න....අහන්නෙ මොනවද...මං.කියන්නම්....

උදාරකල්පන.....රවුදුජනත්.....උන් හතර දෙනාගෙ හුස්ම වැටෙන එක නැවතුනා.....ජනත්ගෙ වැටෙන්න හුස්මක් නැති උනත්.....රවිදුවා හන්දා ඌ මැරිලත් ජීවත් වෙන්න ගත්තා.....රවිදුවගෙ ආදරේ ආපිට ජනත්ට හුස්ම පිම්බා...උන් හතර දෙනාම උන්නෙ ගැහෙන පපුව කොයි වෙලේ නවතීද බලාගන වෙනකොට මං නැගිටලා හිටගත්තා.....හිටගන මොනවත් නොවුන එකා වගෙ කදුලු පිහන් මගෙ නිම්න දිහා බැලුවා....හරියටම මෙතන දැන් උසාවියක් වගේ

පලවෙනි ප්‍රශ්නෙ.....ජයවර්ධනගෙ දුර්වලම තැන මොකක්ද නිම්න.....ඕනම එකෙක්ට දුර්වල කමක් තියනවා...උගෙ දුර්වල කම මොකක්ද නිම්න.....??

අන්දකාර මුලු වලට.....එයා බයයි....එයා පුදුම තරම් බයයි අන්දකාර අහුමුලු වලට...කොටින්ම එයාට හුස්ම හිරවෙනවා.....

දෙක..දෙවනි ප්‍රශ්නෙ.....නන්දනී කොහෙද...එයාට මොකද උනේ දන්නවද.....ඔව්ද නැද්ද....

අප්පච්චි ට එහෙම සම්බන්දයක් තියනවා කියන්න මම වත් අක්කා වත් දන්නෙ නෑ මයුර...ඒත්....අම්මා දන්නවා...එයාට මොකද උනේ ඉන්නෙ කොහෙද ....ජීවත් වෙනවද....මැරුනද කියන්නවත් අපිදන්නෙ නෑ

තුන් වෙනිඑක...මට රිදුනට කමක් නැ...මීට වඩා මට රිදෙන්න තැන් නෑ.....ඔයා කොතනද ඉන්නෙ...මං උඹගෙ මහ එකාගෙ කටින්ම කියනව අහගත්තා...කෑලි කපලා ගෙයි මැද වලලනව කියලා .....උඹ කොතනද ඉන්නෙ නිම්න...

......

එයා බිම බලා ගත්තා...තුන් වෙනි ප්‍රශ්නෙ එක්ක හැමෝගෙම මූනු නිල්.පාට වෙලා යනකොට මගෙ නිම්න බිම බලාගත්තා.....ඒ යටි තොල් වෙව්ලුවා.....ඒත් මම නෙවෙ එයාට මගෙන් ගැලවෙන්න දුන්නෙ...

වස්තු.....උත්තර ඕන....කොතනද.....මගෙ නිම්න ඉන්නෙ....හත් පාට ආදරයක් වැරදිද අහපු මගෙ අහිංසක කොල්ලා කොතනද ඉන්නෙ.....සීනි නැති කෝපි එකක් ඉල්ලපු මගෙ නිම්න කොතනද....

........

බුංජි...ඕකට උත්තර දියන් නිම්න අයියෙ....

වස්තු....මට උත්තර ....ඕනෙ.....

අ...අනූ...ම්..මම...ඉන්නෙ.....මම...

ඉ..ඉන්නෙ....මගෙ...මයුර....ම්..මම...

ඉන්නෙ...ම්..මගෙ...කාමරේම....

තියන...බ්..බුමුතුරුනෙ .....ය්...යට...

මම මගෙ යටි තොල වෙන් වෙන්නම හපාගත්තා...කොටින්ම මාව වැලි ගොඩ උඩ ඉන්දවුනා.....අනූ...මම...ඉන්නෙ...මගෙ කාමරෙ බුමුතුරුනෙ යට....මං හිතන්නෙ නන්දනී නෙවෙ දැන් පටාචාරා .....මමයි දැන් පටාචාරා.....මං හිතන්නෙ නේරන්ජාව ගාවදි පපුව පැලුන කන්ඨක වෙන කවුරුත් නෙවෙ...මමයි දැන් ඒ කන්ඨක........තත්පර ගානක්....විනාඩි ගානක් ...අපි කාගෙවත් හුස්ම වැටුන් නෑ........හදවතට ලේ ගෙනියන නහර වලට විදුලිසැර වැදිලා වගේ වේලිලා ගියා....කොටින්ම නිම්න මගෙ බෙල්ල මිරිකුවා...ම්

ම්....මගෙ...අනූ.......

අවසානම ප්‍රශ්නෙ වගේම....අවසානම...නිවේදනේ.....අදින් පස්සෙ...මමවත්...උදාර....කල්පනලා....මේ කවුරුත් ....ආපිට යන්නෙ නෑ...අවසානම ප්‍රශ්නෙ....

එතකොට ....උඹලා...කවුරුත් අපිට....උදව් කරන්නෙ ...නැද්ද අනූ

.....මං කවදාවත් එහෙම කියන්නෙ නෑ....මං උඹට උදව් කරන්න කැමති උනේ...අනුකම්පාවක් දැනුන තැන.....ඒත් දැන් මගෙ ගාව තියෙන්නෙ ආදරයක්....එල්ලුම් ගස් යන්න බලන් හරි මන් මරනවා.....ගෑවුන ගෑවුන එකාව.මං මරනවා....අංගුලිමාල ගුරුපඩුරට දුන්නෙ ඇගිලි මාලයක් නම්....නවසිය අනූ නවවෙනි ඔලුව කාගෙ උනත්....දාස් වෙනි ඔලුව.....ජයවර්ධනයගෙ....මන් එහෙමයි උඹගෙ අම්මට මගෙ ගුරුපඩුරු දෙන්නෙ....

මන් අහන අවසානම ප්‍රශ්නෙ.....ආදරේට වංචා නොකර.....ඇත්ත කියපන්....මං උඹට උදව් කරනවා..උඩින් පල්ලෙන් නෙවෙ....පලි ගන්න ඕන එක උපරිමේටම කරලා....යුක්තිය ඉශ්ට කරන්නෙ පලිගැනීමකින් නෙවෙ කිව්වට....ඒක පොතට මිසක්....මයුරනිම්න කතාවට අදාල නෑ...කියපන් නිම්න....අතීතෙට යන්න පුලුවන් නම්...අතීතෙ වෙච්ච ලොකුම වරද උඹගෙ අම්මා ජයවර්ධනයා බැදපු එක...මට ඒ අතීතෙ මකලා දාන්න පුලුවන්ද ....???

උඹව මට කොහොමත් නැති වෙනවා.....සාදාරනයක් කරලා...උඹට සැනසීම දුන්නත් මට උඹව නැති වෙනවා.....අතීතෙ මැකුවත් මට උඹව නැතිවෙනවා...හැබැයි උඹ කිව්වා පුරාවෘත මැරෙන් නෑ කියලා ....නිම්න...හැම දේකටම පස්සෙ මට ඒ වැරද්ද හදන්න 

පු|ළු|ව|න්|ද බැ|රි|ද....ම්ම්ම්ම්???

....පුලුවන්....මයුර...

....එහෙනම් එච්චරයි මගෙ නිම්න...කතාව අහවරයි...

කල්පන ගනින් උදැල්ල......!

...👉👈ආයමත් එනකන්...පයිස්සමින් ඉන්ඩෝ...

ආතරෙයි...අහසක් තරම්.....බුංජියලාට

මම ජොබී....

Nedeesha 😘😘😘

More Chapters