.....මං බලාගන උන්නා...මෙච්චර වෙලාම වැලි නාපු මගෙ බයිසකලෙ පැදපු අප්පච්චි පස්ස පාරෙ දුවපු අවසානෙදි පුතාට ජෝ තිබහයි රොහාන් ගගා අප්පච්චි ලව්වා වතුර අද්ද ගන්න හදන මගෙ දිහාව මන් බලාගන උන්නා....
අනූ...ඔයා පොඩි කාලෙත් අම්මටයි අප්පච්චිටයි නම කියලද කතා කරලා තියෙන්නෙ....
ඒ...වගේ.....
අර බලන්නකො....ඔයා නැගගත්ට්ගට පැදගන්න බෑනෙ...වයස ගියාට ඇග හැදිලා නැද්ද කොහෙද
මං හිතන්නෙ මගෙ ඇගේ හයියනර පඩත්තර කටට උරාගනද කොහෙද ...කැද බීලා වගේ ඒක පැදගන්නත් බෑ...යසයි හිච්චි ගස් බල්ලා...
පව් අනූ.....ඔයා ඔය බනින්නෙ ඔයාටමනෙ....ඒ උනාට හරි හුරතල් පොඩි මූනක් ඔයාට තියෙන්නෙ....ගිහින් වඩාගන්න හිතෙනවා...
මං හිනා උනා...හැබැයි ඊලග තත්පරේදි මම රැව්වා....මොකද එයා කිව්වා එයාට මාව වඩාගන්න හිතෙනවා කියලා ...අ හිතන්නෙ මම නිම්නට හපන් උනා.....එයාලා එයාලටම ඊරිසියා කරගන්නවා වගේම මමත් මගෙ පොඩි මයුරට ඊරිසියා කරන්න ගත්ත හන්දා නිම්නව කෙනිත්තුවා...
ඌව්...හ්..ඇයි...
ඕන් නෑ ඕකව වඩා ගන්න...මොකටද...
මගෙ..දෙවියනේ මයුර ඒ ඉන්නෙත් ඔයා...
ඒකට කමක් නෑ.....එපා කිව්වනෙ....ඒක හන්දා...එපා.....හොදද.....මමත් එදා ඔයාට හෙන පඩි ටෝක්.එකක් දුන්නා තමයි....ඒත්...ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් පිලිතුර දාර්ශනිකයි කියන එකෙ තේරුම මට දැන් තේරුනේ වස්තු...ඒක නිසා....එපා....ඌට උගෙ පාඩුවෙ ඉන්න දියන්.....
මට ලැජ්ජා හිතුනා....පොඩි එකා වගෙ රන්ඩු කරන්න හැදුවා....ඇත්තටම ආදරේ ගාවදි මිනිස්සු මොන තරම් ලෝබද.....මොන දේ බෙදා හදා ගන්න කැමති උනත්...ආදරේ ගවදි...නෑ....ආදරේ ගාවදි කවුරුත් ආදරේ බෙදා ගන්න කැමති නෑ...ඇහුවොත් මිනිස්සු කියනවා...මචන් පන උනත් දෙනවා.....හැබැයි ආදරේදි ඕක වෙනස් වෙනවා.....
මම ආයම තාප්පෙට හේත්තු වෙලා අර බීක්කු බීක්කු අස්සෙන් බලාගන උන්නා....අම්මයි අප්පච්චි එදත් අද වගේමයි...වෙනසකට තියෙන්නෙ අම්මා හෙන ළාබාල පාටයි.....අප්පච්චි ත් එහෙමයි.....
මං තාම බයිසිකලේ උඩ....අප්පච්චි වතුර ගේන්න ගියා ගියාමයි තාමත් නෑ...
සුදු මහත්තයා.....එන්න බයි කවන්න.....
මම එබිකම් කෙරුවා...අම්මා.....ඇතුලට ගියපු අම්මා ආයම එනවා...ප්ලාස්ටික් පිගානක් උස්සගන....මෙවෙලෙ.....මේ එකොලහටත් නැතුව බත්???
ඔයාට බයි කවන්න යන්නෙ...අර බලන්නකො අනූ....ඔයා තාම අතින් කන්නෙ නෑ...මං හිතන්නෙ ඔයාව හදන්නෙ හරි හුරතලේට වගේ....මායි අපේ අක්කයි නර්සරි යන්න ගත්ත දා ඉදන් අතින් කන්නෙ.....
එපානෙ.....උදෙත් කෑවනෙ...
කොහෙද උදෙ කෑවෙ....උදේ කෑවෙ නෑ....නැගිට්ටෙන් දැන්...කාලා බේත් බොන්න ඕනා...
එපා.....නේ...මට දැන් උන හොදයිනෙ....අනේ...අප්පච්චි ...එපානෙ....හ්...එපා....කි...යන්නකො.....එපානෙ...අප්පා...එපා....හ්...
මට මගෙ ලග උන්න නිම්නට උත්තර බදින්න බැරි උනා...මොකද මිදුලෙ උන්න මං අනිත් පාර බත් කන්න බෑ කියලා නහින්න හැඩුවා...
රොහාන්...ඔය ලමයගෙ වතුර එක රත් වෙලා ඇති නම් අරන් එන්න.....චුට්ටක් රත් උනාම ඇති
උනුවතුරද...ආ....අම්මෙ.....ලමයට බොන්නද....උනුවතුරද බොන්න දෙන්නෙ.....?
ඔව්..ඔව්.....ලමයට තමයි.....කූල් වතුර ගිලලා ගිලලා ඔය හදන් තියෙන්නෙ.....
බයිනවා.....රොහාන්...ලමයට බයිනවනේ...
මගෙ බයිසිකලේ පැදලා..මාව අඩවලා....අප්පච්චි කියන්නත් එපා කියපු අප්පච්චි අනිත් පාර ආයම එලියට ආවෙ බෙලෙක් කෝප්පෙකුත් අරගන වෙනකොට තවම බයිසිකලේ උඩ ඉන්න මගෙ ගාවට ආව අම්මා බත් කටක් කටට ලන් කෙරුවා විතරයි මං අහක බලාගත්තා...
.කෝ...ඉතින්...මේ බෝංචිත් තියනවා....අලත් දාලා තියෙන්නෙ .....මේ..බිත්තර කහ මදත් තියනවා...හොද ලමයනෙ...අම්මට වැඩ තියනවා මයුර.....අප්පච්චි ආපහු යන්න ඕනෙ..කෝ..හොද පුතානෙ ...ආගපල්ලකො...
එපානෙ.....කට තිත්තයිනෙ...අම්මෙ....අප්පච්චි ....එපානෙ....බත්...මට..එපානෙ...එ..පා...නේ...
එපා කියල බේත් බොන්නෙ කොහොමද ....හැමදාම ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නෙ...දැක්කනෙ බේත් ගන්න ගියහම දොස්තර බැන්නා වයසට කෝ බර කියලා....කෝ....අප්පච්චි ගෙ හොද කොල්ලනෙ...ඔන්න.....කමනී...අපේ..
.ළමයා ආගානවලු....
ආ..ගාන්නෙ...නෑලූ....අප්පච්චි ...ළමයා...ආගන්නෙ....නෑලූ.....
ආගාපල්ලා...අප්පා....හොද පුතානෙ....
අප්පච්චිට....
හරි...අප්පච්චි කටයි...සුදු පුතාට කටයි.....
එතකොට .....සුදු පුතාගෙ බේත් අප්පච්චිත් බොනවද අම්මෙ...ආ.....
ඔව්..ඔව්....එදා ඉදන් උඹගෙ බේත් බාගෙට බාගයක් බිව්වෙ මම තමයි...කෝ...ආගපන්...ආගපන්....ලමයො...කෝ...අප්පච්චි කවන්නඩ එහෙනම්....
හ්ම්ම්....
අප්පච්චි කවන්ඩද.....
වඩාගන්නකො.....කකුල් කැක්කුමයිනෙ.....දනිස් දෙක කැඩෙන්න එන්නෙ
අර...බලන්න...ඔයාලගෙ අප්පච්චි ඔයාව වඩාගත්තා...මගෙ..අම්මෙ...අනූ....මං හිතුවෙ නෑ.....ඔයා චූටි කාලෙ මෙහෙමයි කියලා .....දනිස් කැක්කුමලු ...මන් හිතන්නෙ ඔයාට හොදටම උන....උන ආවම තමයි ඔහොම කැක්කුම් අල්ලන්නෙ.....
මගෙ නිම්න හිමීට කුටු කුටු ගානවා....ඒත් මගෙ ඇස් තිබුනෙ උන ගැනිලා උන්න මගෙ දිහාවට.....කකුල් කැක්කුමයි.....අරහෙ කැකුමයි ගගා කෙදිරි ගගා උන්න මගෙ දිහාවට...
අප්පච්චි මාව වඩා ගත්තා...වඩාගන්නවද අහපු සැනින්ම අප්පච්චි මාව වඩා ගන්නකොට කට තිබ්බ පලියට කියෙව්වට මට සහලවලා උනද කොහෙද මම අප්පච්චි ගෙ උරහිසට ඔලුව ගහගද්දි අප්පච්චි කෙරුවෙ මගෙ පිට දිගේ අත ගාපු එක...මගෙ පුතා කාල බෙහෙත් බොමු කියපු එක...අප්පච්චි නොකෑවොත් මාත් කන එකක් නැති වේවි කියන බයට අම්මගෙ බත් ගුලි වලට අප්පච්චි ත් කට ඇරපු එක....
මට එකයි....අප්පච්චි ට එකයි......මං හිතන්නෙ..මට වයස දහයකට වත් කිට්ටු ඇති.....උදාරගෙ නංගිගෙ වයසෙ...උදාරයා බනිනවා උන්ගෙ අම්මා අප්පච්චි නංගිව හුරතල් කරනවා කියලා ..ඒත්....අපේ ඒ වයසෙදිත් අම්මා අප්පච්චි කරලා තියෙන්නෙ අපිව හුරතල් කරපු එක...
අප්..අප්ච්....
එලියට දාන්න එපා.... ගිලින්ඩ...ගිලින්ඩ...
එපා...බ්බ්.....
එලියට දාන්න නෙ හදන්නෙ...හොද ලමයනෙ....උඹට සහලවලා උන ලමයො....කෝ අප්පච්චි ගෙ හොද පුතානෙ....එක කටක් වත් කාපන්කො.....දැන් කී දවසක් හරි හමන් කෑමක් නැද්ද....
බ්වෑ...ක්
දැම්මා......ආ..හරි...හරි.....
කමනි ඔය රෙදි කෑල්ලක් තෙමලා ගේනවා....ගින්දර වගේ උන....ඇග තලාගන්නවා....ඉවරයක් නෑ චුට්ටක් ඔලුව උස්සන් එනකොට නැටිල්ල පටන් ගන්නව
ඕ.....හ්....යන්න දේකුත් නෑ අප්පා ලමයට.......ආ කමනි..... ගෙවන වාට්ටුවට වත් අරන් යන්ද...හවස් වෙනකන් තියාගන්නෙ කොහොමද ...උනෙ බහින්නෙම නෑනෙ.....කී දවසක්ද....කී පාරක් ලේ ගත්තද දැන්.....ඔහොම ලේ ගන්න..කීපරක් කටු අනින්නඩද....ඔන්න්න් ඔය ඇදුමක් දාන් ලෑස්ති වෙනවා සුදු කඩ කෙරිල්ල පැත්තක දාල බේත් ගේන්ඩ යන්ඩ
බත් කටක් කන්න ඇති ..දෙකක් කන්න ඇති...කට තිත්තයි ගගා උන්න මං වමනෙ දැම්මා...නිකන් නෙවෙ...අප්පච්චි ගෙ උරහෙන් එකයි....එක පාරක් දෙපාරක් දාපු මට ඊලගට යන්න දෙයක් නැති උනා...නිම්න කිව්වත් වගේ මම නිකන් ඇටකටු ගොඩක් වගෙ....
මාව බස්සවපු අප්පච්චි මගෙ පිට අත ගගා....යන්න දෙයක් නෑ කිය කිය දුක් උනා මිසක් අඩුම ගානෙ මම ඇගේ හලාපු වමනෙ එක ගැනවත් බැලුවෙ නෑ.....
මම එහෙමම බිම ඉදගත්තා.....සහලවලා උන අරන් හෝන්දු මාන්දු වෙලා උන්න මගෙ කටත් වැහිලා ගියා වගෙම අම්මගෙ අප්පච්චි ගෙ කටවල් විතරක් ඇහෙනකොට මම එහෙම්ම තාප්පෙ ගාව බිම ඉදගත්තා....
මයුර.....අනූ...ඇයි...අනූ....මේ....ඇයි...මේ..ඔයා අඩන්නෙ...ඇයි .අනූ...කියන්නකො....මොකක්ද ඔයාට එක පාරටම උනේ....
නිම්න බය උනා...එයා මාව හොලව හොලව අහනව ඇයි මං අඩන්නෙ කියලා ...මට මගෙ කට බිත්තියක උලා ගන්න හිතුනා.....
චටාස් ....
ද්...දෙවියනේ...මයුර ..අනේ.....ඇයි මයුර මේ....
ප්‍රශ්නෙ ඇහුවෙ නිම්න උනත්...මං උත්තර දුන්නෙ මටමයි....කම්මුල් පාරවල්...එකක්..දෙකක් නෙවෙ තුනහතරක්ම මම පිට පිට මටම ගහගත්තා.....
නිම්න....දන්නවද...වස්තු.....මම..මහ.....
නපුරු.....මනුස්සයෙක්...ආත්මාර්තකාමී මනුස්සයෙක් නිම්න....මම උඹව මට නැති වෙයි කියන බයට මගෙ අම්මට අප්පච්චිට නොකියපු කතාවක් නෑ...
උඹ දන්නවද...මං මේ රත්තරන් මනුස්සන්ගෙ මූනටම කිව්වා.....උඹලා අසාර්තක මිනිස්සු කියලා ...නිකන් නෙවෙ...නිම්න...මං කිව්වෙ උඹලා දෙමව්පියො විදිහට හරි අසාර්තක මිනිස්සු කියලා.....මං මොන තරම් අසමජ්ජාතියෙක්ද නිම්න...කට තිබ්බ පලියට මං මොකක්ද වස්තු ඒ කියලා තියෙන්නෙ...
මං එදා කියෙව්වා ..මං එදා නොසෑහෙන්න කියෙව්වා....කියවපු එවා මොනවද වත් මතක හිටින්නෙ නැති වෙන්න මං ඔහේ කියෙව්ව...ඒත්....ඔක්කොමත් හරි...ඇයි නිම්න මං ඒ තරම් අසමජ්ජාති කතාවක් කිව්වෙ...
..එයා මගෙ දිහා බලාගන උන්නා...මොකද මෙතනදි එයත් නිරුත්තරයි....වමනෙ දදා අඩන මමයි....මට වඩා බය වෙලා අඩන්න ඔන්න මෙන්න උන්න අම්මගෙයි අප්පච්චි ගෙ කට හඩයි ඇහෙන වාරයක් වාරයක් ගානෙම හිත ගිනි ගන්නකොට අනේ මාවත් අරගන අම්මයි අප්පච්චි යන්න ගියා....
ඇත්ත....මෙ මුලු ලෝකෙම මිනිස්සුන්ට එක පාර හරි අවස්තාවක් දෙන්න ඕනෙ...ආපිට අතීතෙට යන්න...මුල මතක නැති මම වගේ එවුන්ට අනිවාර්යයෙන්ම අවස්තාවක් දෙන්න ඕනෙ උඹගෙ අම්මා අප්පච්චි උඹව කොහොමද හැදුවෙ බලන්න....ඉබේ කරදඩු උස් උනේ නෑ කියලා පෙන්නන්න...හුලගින් ලොකු උනේ.නෑ කියලා පෙන්නන්න....නැත්තන් හැම දේම කටින් ජය අරගන කරගන්න මම වගෙ උන්ට වෙන්නෙ හැමදාම අම්මා අප්පච්චි ගාවට ගිහින් ඔයාලා මොනවද අපි වෙනුවෙන් කෙරුවෙ අහන්න....
මගෙ හිතට මාරම වේදනාවයි නිම්න.....මගෙ පපුවට පුදුම වේදනාවයි...මං මහ නිකමෙක් නිම්න.....මේ පර්ස් එක ඇතුලෙ තියෙන්නෙ තවමත් අම්මා අප්පච්චි හම්බකරන සල්ලි.....
මං දන්නෙ.පොඩ්ඩ බැරි වෙනකොට කෑගහන්න විතරයි...රන්ඩු කරන්න තරහා ගන්න විතරයි ....අම්මා කියනකන්ම ඉන්නවා වැඩක් කරන්න...අප්පච්චි කිව්වොත් ඇරුනම මගෙ අත්වලට පන නෑ මේසයක් පිහන්ඩ...
ඒ ඔක්කොමත් තියන් මම අම්මටයි අප්පච්චිටයි කිව්වෙ මොකක්ද වස්තු...දෙමව්පියො විදිහට...එයාලා සීයට දාහක් සාර්තකයි....පුතා විදිහට...?????මම සාර්තකද නිම්න.....???.නෑ...මන් කොතනකවත් සාර්තක නෑ වස්තු....මට උඹලගෙ දුක වේදනාව තේරුනා...හැබැයි....මට මගෙ අම්ම අප්පච්චි ගෙ දුක තේරුම් ගන්න බැරි උනා....
සමහර විට...අපි වගේ ගුනමකු දරුවො නිසා වෙන්න ඇති වස්තු හැමදාම ටීවි එකේ නිව්ස් වලට අසරන උන අම්මා අප්පච්චි ලාව පෙන්නන්නෙ... මහ මන්දීර වල සැප ගනන් දරුවො තමන්ගෙ අම්මා අප්පලාව බලු කූඩුවල දාලයි කියලා හැමදාම නිව්ස්වලට පෙන්නන්නෙ....ඒකයි කවදාවත් මහලු මඩම් අඩු වෙන්නෙ නැත්තෙ.....මට හරි වේදනාවයි නිම්න...මගෙ පපුවට පුදුම තරන් වේදනාවයි...
..එයා අහගන උන්නා...අවසානෙදි ලොකු නිම්න වගේම එයත් මගෙ ඔලුව අතගෑවා....අඩන්න එපා මගෙ අනූ කිව්වා.......ඇත්තටම ..මේ ලෝකෙ හැමෝටම එකම අවස්තාවක් ලැබෙන්න ඕනෙ මුල අමතක වෙන්න කලින් අතීතෙට ගිහින් බලලා එන්න.....
අම්මයි අප්පච්චි අසනීප උන මාව අරන් යන්න ගිහින් සෑහෙන්න වෙලාවකට පස්සෙ මම නැගිට්ටා.....නැගිටලා එයාවත් නැගිට්ටෙව්වා...
එයාගෙ ඇගත් රස්නෙයි.....තුවාල වේදනාවට වෙන්න ඇති.....මං දැන් උඩ ඉන්න දෙවියන්ගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි....මගෙ අප්පච්චි කිව්වා වගෙ....අතීතෙට ගිහින්..ආපිට අතීතෙ මකන්න පුලුවන් වෙන්න කියන එක විතරයි...
වස්තු.....
ම්ම්ම්ම්
මං එයාගෙ අත අල්ලගත්තා.....ඇතුල් පාර නිසා කාත් කවුරුත් නැති වෙනකොට මම මගෙ නිම්නව අතින් අල්ල ගත්තා...මට අහන්න ඕනෙ දවසක මම ආපිට අතීතෙට නාවොත් මොකද කරන්නෙ කියලා ...ඒත්...මට අහන්න හයියක් නැති කමට කට පියාගත්තා...ආපිට අතීතෙ මකන්න පුලුවන් කමක් ලැබුනොත්...මමවත්....කල්පනවත්...මේ කවුරුත් මේ අතීතෙට එන්නෙ නෑ...කරන්න තියන එකම දේ..ජයවර්ධනයව දඩයම් කරලා.....සදහටම අතීතෙ මකලා දාන එක.....
කවදාවත් සුචිත්‍රම්මගෙ ජීවිතේට ජයවර්ධන කෙනෙක් ආවෙ නෑ කියන්නෙ....නිම්න වත්...නිම්නා වත් දුක් විදින්නෙ නැ කියන එක.....
මගෙ නිම්නට ටොයිලට් පේලියක් අස්සෙ සිහි නැතිවෙනකම්ම උන්ගෙ අඩත්තේට්ටම් වලට ලක් වෙන්න ඕන කමක් නෑ කියන එක...
උන් මගෙ කොල්ලව නිරුවත් කරලා අසරන කරන්නෙ නෑ කියන එක.....
හැබැයි...එ කියලා ...මට ඒ ගනුදෙනුව ලේසියෙට අතාරින්නත් බෑ...අතීතෙ වෙනස් කරන්න පුලුවන් කමක් ලැබුනත්...මට උන්ව නිස්කාරනේ අතාරින්න බෑ...මොකද...මේ වෙනස් කිරීම් හැම එකම වෙන්නෙ පමාවෙලා...ඒ වෙනකොටත් මගෙ නිම්න මේ වේදනා හැම එකක්ම උහුලල ඉවරයි....
මං මෙ අතින් අල්ලගත්තොත් රිදේවිද වස්තු...
පාරෙ අයිනට කරපු එයාගෙ අත අල්ලගත්තු මං එයා දිහා බලලා මේ අත රිදේවිද ඇහුව....ඒ වෙනුවට එය දුන්නෙ ලස්සන හිනාවක් විතරක් වෙනකොට මම කෙරුවෙ එයාට නොරිදෙන්න ඒ අත හිමීට අල්ල ගත්තු එක...
සමහරුන්ට ප්‍රේමනීය නගර තියනවා....නුවර...කුරුනෑගල වැව රවුම....මං හිතන්නෙ...ප්‍රේම කරන මිනිස්සුන්ගෙ ලිස්ට් එකෙ ඉහලිම්ම තියෙන්නෙ ඔය නගර දෙක වෙන්න ඇති.....
මම එයාගෙ මුන දිහා බැලුවා...මීට තත්පර ගානට කලින් මාව සනසවපු එයාගෙ මූන චූට්ටක් රතු වෙලා තිබුනා...මං හිතන්නෙ එයාට ලැජ්ජා හිතෙන්න ඇති....
ඒ කම්මුල් රෝස වෙලා.....අතීතෙදි හම්බුන එයාගෙයි...එයාට අනුව අනාගතෙන් ආව මගෙයි අත් දෙක එකට පැටලිලා තිබුනා...ඒක හරි ආදරනීයයි...
හිතට සැනසීමයි....යන්නෙ කොහෙද නොදැන නිච්චියක් නැතිව ගියත් මම එයා එක්ක මේ තියන අඩියක් අඩියක් පාසාම ප්‍රේමනීය මතක එකතු කරගත්තා.....
ඉතින් අනිත්.මිනිස්සුන්ට වගෙම දැන් මටත් ප්‍රේමනීය නගරයක් තියනවා...වැව රවුමක් නොතිබ්බට මොකද මෙ නගරය පුරාවටම මයුරනිම්නගෙ ප්‍රේමයෙ සුවද ගහ කොල පවා උරා ගනීවි....
එයා හිනා වෙනවා...හේතුව දන්නෙ නෑ....ඒත් එයා ලාවට හිනා වෙනවා.....අගල් පුරාවටම කැලෑ මල් පිපිලා...කාගෙවත් අවධානයක් නොලැබෙන පුංචි පුංචි කැලෑ මල් අහුරු ගනන් පිපිලා...මල් පොකුරකට එකතු කරගත්තෙ නැති උනාට අගල් ගානෙ එක යායට ගඳ පාන මල් පොකුරු ගනන් පිපිලා.....
මිනිස්සුන්ගෙ කිසි අවධානයක්...ප්‍රසන්සාවක් නොලැබුනත් ඒ මල් හැමදාම පිපෙනවා....හරියටම මගෙ නිම්නලා වගෙ....මල්පොකුරක් අස්සට එකතු වෙන්නෙ හැමදාමත් සම්මත මල් ජාති වෙනකොට අගල් ගානෙ පිපෙන කැලෑ මල් හැමදාම තනි උනා...ඒත්..... ඒ මල්වල තනි රකින්න...හිත හදන්න එන බඹරු ඇවිදින්
සමනල්ලු ඇවිදින් දුකින් ඉන්න ඒ මල් වලටත් හිනාවක්.දීලා ගියා....ඒ වෙනමොකුත් කියලා නෙවෙ....හරි ලස්සන රහසක් කියලා ....
මල්පොකුරට අයිති නොවුනට මොකද...ඔයත් හරි ලස්සන මලක් කියලා....
හරියටම මගෙ නිම්න වගේ....තමන් කව්ද කියන්න අදුනගන මුලු ලෝකෙම්ම කොන් වෙලා තනියම පිපෙන්න සිද්ද උන නිම්නල වගේ....
නිම්න කියන්නෙ මුලු ලෝකෙම්ම ප්‍රතික්ශේප උන මලක් නම්... මන් ඇවිදින් ඒ මලේ මුනට හිනාවක් ගේන කනට රහස් කොදුරලා එයාව සතුටින් තියන්න එන බඹරෙක්.....
අනූ....
මං එහෙම්ම නමක් නොදන්න පුංචි නිල්පාට මලක් කඩාගන එයාගෙ කන උඩින් රැන්දෙව්වා.....
මලක් එක්ක මලක්...ඒ මල් දෙකම හිනා වෙනවා....
මෙ ලෝකෙ හැමෝගෙම්ම ප්‍රතික්ශේප උන මල් ගාව තමයි ලස්සනම හිනාව තියෙන්නෙ කියන්න මට ඒ මල් දෙකම කියලා දුන්නා....
දන්නවද.....මේ මල වගේමයි....ඔයත් මට හරි විශේශයි නිම්න.....පොකුරකට එකතු නොවුනට මොකද..සමහර කැලෑ මල් තියනවා.....කැලෑවෙම ඉපදිලා...කැලෑ ඇතුලෙම පරවෙලා යනවා උනත්....අර පොකුරට එකතු වෙන හැම මලකටම වඩා මිලකන්න බැරි තරම් වටින.....
.උඹ මලක් මගෙ නිම්න.....කැලෑමලක් උනත්...මිල කරන්න බැරි අමිල වස්තුවක්.....
උඹත් එක්ක අතින් අල්ලන් යන එක පවා මට මහ මෙරක් තරම් නිම්න...
උඹ ඇත්ත දන්නවා...හන්ගන්න දෙයක් නෑ.....දන්නවද ....මේ නගරේ..මේ..මගතොට...තව අවුරුදු ගානකටත් මෙහෙමම තියේවි.....මෙ පිපෙන මල්....අදත් ....හෙටත්...තව ඉස්සරහටත් පිපේවි....
මං හිතන්නෙ නෑ....මම ඇරෙන්න මේක කාටවත් ප්‍රේමනීය නගරයක් වෙයි කියලා ..මොකද...මිනිස්සු ප්‍රේමනීය නගර කියලා නම් දෙන හැම තැනම හරි ප්‍රසිද්දයි....ප්‍රේමනීයයි කියලා අදුන්නන ආදරේ සංඛේතෙ සමහර ලකුනු හරි ප්‍රසිද්දයි...ඒත්...ඒ කවුරුත් දන්නෙ නෑ වස්තු.. ..අප්‍රසිද්ද කතා වස්තු අස්සෙ තිබුන ප්‍රේම කතා ඔය ඔක්කෝටම වඩා හරි ආදරනීයයි කියලා .....හරියටම ..මයුරනිම්න වගේ...
කාටත් මහා විශේශයක් නොවුන මේ නගරේ මට විශේශයි නිම්න....කාටවත් මහා ලොකු විශේශයක් නැති මේ මග තොට මට හරි විශේශයි නිම්න.....
අද වගේම...හෙටත් මේ මල් පිපේවි....දවසක උඹයි මායි ඇවිදපු පාරෙ මං තනියෙන් යාවි.....මේ මතක මගෙ හිතේ ශේශ කරලා.....උඹ යන්න යාවි...
මං දන්නවා නිම්න.....දරාගන්න තැන් ගොඩයි....ඉවසලා...ඉවසලා..බැරිම තැන වෙන්න ඇති වස්තු විසුවියස් පවා පුපුරන්න ඇත්තෙ.....
නොදන්නවා උනාට....ඉඩෝරෙ දරාගන උනට...පතොක් ගසුත් ඇස් වලට හොරාවට මැරෙන දවස් ඇතිනෙ නේද ....
මට මෙච්චරයි ඔයාට කියන්න ඕනෙ....
මං ඔයාට හරි ආදරෙයි මගෙ නිම්න....අහිමි උනා උනත්....හිමි කරගන්න පින් මදි උනත්....මයුර කියන්නෙ...මොන තරම් අසාර්තක චරිතයක් ද කියන්න උගන්නන්න ආව උඹට මාව ආදරනිය මනුස්සයෙක් කරපු උඹට...හත් පාට ආදරයක් පිලිකුලක් නෙවෙ කියන්න උගන්නපු උඹට..මං හරි ආදරෙයි මගෙ නිම්න....
මෙච්චර කල්...සමහර දේවල් දිහා මං බලල තියෙන්නෙ ඇස් දෙක රෙදි කඩකින් වහගන...ස්තූතියි මට ජීවිතේ ඉගැන්නුවට.....
උඹ නැති දාක....ජීවත් වෙන්න මට ආදරනියම මතක විතරක් නෙවෙ....ප්‍රේමනීය නගරයක් මවලා දුන්නට......
මං උඹට ආදරෙයි.....
මං උඹට නොසෑහෙන්න ආදරෙයි.....
එදා වගේම...අදත් කියන්නම්....මම..උඹට හැමදාමත් ආදරෙයි නිම්න....පෙරහන් කඩදාසියක් තියලා ආදරේ කරන්නෙ කියපු මම හැමදාමත් එකම වගේම උඹට ආදරෙයි.....අපිට අපිව මග ඇරුනට කාරි නෑ රත්තරන් ....විදින්න තියන දුක්ඛ ප්‍රාප්තියෙන් උඹ සදහටම නිදහස් වෙනවා නම්.....
මට අහිමි උනාට කමක් නෑ....මොන පිනෙන් හරි....හැම දේම වෙනස් කරන්න පුලුවන් උනොත්..මං ප්‍රාර්තනා කරන්නෙ...හොද අප්පච්චි කෙනෙක්ට ජාතක වෙන්න කියලා ...සංසාර කන්න කොහෙන් කොහොම කෙලවර වෙයිද කියන්න දන්නෙ නෑ වස්තු....ඒත්....මන් ප්‍රාර්තනා කරනවා....බොල් වී වෙනුවට....හොද වී වපුරන්න පින් ලැබෙන්න කියලා..


සඳ සේ දවසක නුඹ බැස යාවී.....
කළුවර අහසට දුක තියලා....
හමුවුන තැන්වල.....මල් සුපිපේවි.....
හමුවන වෙන අය ගැන හිතලා....
අනූ.....කවුරු හරි දකීද ....
නෑ...වස්තු....අනික මං හිතන්නෙ නෑ ඔයාලගෙ අර මහ එකා මේ ජූස් බාර් අස්සෙ රිංගයි කියලා ...ඒක නිසා බය නොවී ඉන්න....
........
බය නොවී ඉන්න දරුවො...මං....ඉන්නවනේ.....මොනවා
හරි උනොත් මං බලාගන්නම්....
මමයි එයයි උන්නෙ ජූස් බාර් එකෙ....අත් දෙක අල්ලන් හුගාක් දුර යන්න ආස උනත් ඉන්ටර්වල් එකෙන් පස්සෙ පන්තියට යාගන්නත් ඕන හන්දා වගේම මාව කෙසේ වෙතත් ජයවර්ධනයගෙන් එයාව බේරගන්න ඕන නිසා මං වැඩිය කොහෙවත් නොයා එයාව එක්කන් ජූස් බාර් එකට ආවා.....
ආව වෙලේ ඉදන් මගෙ නිම්න කෙරුවෙ හැංගුන එක...මනුස්සයෙක් එනකොටත් එයා කෙරුවෙ හැංගුන එක.....පාරෙ වාහනේක හෝන් සද්දෙට පවා ගැස්සිලා ගිය එක....
මොනාද වස්තු බොන්න ඕනෙ.....
මේ..ක....
ලෙමන්....නැ..නෑ....ලෙමන් එකයි...ඔරේන්ජ් එකයි එපා....ටිකක් බර දෙයක් ගන්න.....
මෙනූ එක දිහා ඇස් දෙක ලොකූ කරන් බලන් උන්න එයා අනේ එතන තියන අඩූම එක පෙන්නුවා.....ලෙමන් එකක් හැටයි...දොඩම් එකක් අසූවයි....අනෙ අම්මෙ...දැන්....දෙහි ගෙඩියක් හොයන්න චීන කන්නාඩි ගේන්න ඕනා...පෙරේදා අම්මගෙන් පොලේ එකා දෙහි ගෙඩි හතරටම දෙසීයක් අරන් තිබ්බා....ඒත් අපිට දෙහි ගෙඩි හතරක් ඇතිද....
මේක...එහෙනම්....
අන්නාසි...අන්නාසි එපා වස්තු....කැස්ස ඒවි....
එයා ආයම මූන ඔබාගත්තා...ඇවකාඩො තියනවා.....දිවුල්.තියනවා....ගාන එකසිය විස්සයි....අයිස්ක්‍රීමුත් උඩින් දානවා...සුචි අම්මට කියන්න ඕනෙ අඩුවට කාලා බීලා යන්න අපි හැමෝටම ෆැමිලි වීසා එකක් දෙන්න කියලා ....
මේක ඉතින් ගෝඨාගෙ කලේ නෙවෙනෙ...මහි අයියගෙ කාලෙනේ.....හිටන් ආවට පස්සෙ ඉදන් තමයි සුන්දර සිරි බරිනිට අම්මට සිරි වෙන්නම හරි ගියේ....හිටන් ආවා...දින සීයෙන් රට හදනවා කිව්වා....යකෝ...අපේ ගමේ උන් මහි අයියා පැරදිලා හිටන් ආව කිව්වම හන්දි හන්දි ගානෙ රතින්ඥ්ඥා වැල් වැල් පත්තු කෙරුවා.....අවසානෙදි පොලවෙන් මතු ඌ තාත්ත කෙරුවෙ දහයට දොයියපු එක....ඒ යකාගෙ කාලෙ පුපුරපු පාස්කු බෝම්බෙට තාම සාදාරනයක් හොයනවා...හිටන්ගෙ පාලන කාලෙ නීරස වේගන එන කාලෙ ගෝඨා ආව...අපි හිතුවා ආරක්ශක ලේඛම් හන්දා මිලිටරි සිස්ටම් එකට වත් රටහදයි කියලා .....ගඩාපි පාලනෙ..ගඩාපි පාලනෙ ගගා ගඩාපියට බැන්නට මොකද...ගඩාපියත් ඇවිත් උගෙ රට හදපු එකෙක් කියනවා...
අපි පව්...ඇත්තටම හැමදාම රැවටුනේ පොතට කලින් පොතෙ කවරෙට....හිටන් ඇවිත් කරපු ලබ්බක් නැති උනා.....අවසානෙදි අත්සන් කරපු පෑන පෙට්ටියට දාපු පලියට අපි ගෝඨව අම්මට සිරිවෙලා තාත්තට වෙරි වෙන්න වර්නනා කරලා..කරලා අවසානෙදි දොඹෙන් යන්න කෑවා....
ඉස්සර අප්පච්චිගෙ කඩේට ඇවිත් බඩ පිරෙන්න කාලා යන මිනිස්සු අද ඇවිත් ලෙවකනවා...සතියෙ හැමදාම සෙනසුරාදා කියන්නෙ කොත්තු ගහලම අප්පච්ව්හිගෙ අත් වලට වෙනම තෙල් ගාන්න ඕන.දවසක් උනත්....සම්පූරනම කොත්තුව අරන් ගිය උන් අද කොත්තු කාලක් ඉල්ලනවා...උනුත් සරනයි.....කොත්තුව ගහන්න තැටි රත්කරන අප්පච්චිත් අසරනයි....
අප්පච්චි පව්....සුචිත්‍රම්මා මගෙ ඔලුව හිල් වෙන්න ටොකු ඇන්නත් කමක් නෑ කියන්න ඕනෙ මට උගන්නන්න කියලා ....අවංකවම මට සැප දීලා වැඩී...අපි ඇවිදින් මධ්‍යම පාන්තික මිනිස්සු....බ්‍රෑන්ඩඩ් අදින්න ආසවක් තිබුනත්....එ සල්ලි වලට තව දහසකුත් දේවල් පවුල වෙනුවෙන් කරන්න වෙන මිනිස්සු ...අලුත් සපත්තු දෙකක් ගන්න අවුරුද්දක්ම ඉවර වෙනකන් ඉන්න ඕන මිනිස්සු...එහෙම පවුලකට මං වගේ කොල්ලෙක් කියන්නෙ... අර කියන්නා වගේ....මට බූවල්ලකට හුජ්ජ කරලා ගහලත් මදි...
මං හිතන්නෙ මේක වෙන්න ඇති මට මගෙ ජීවිතෙ හදාගන්න ලැබුන ලොකුම ටර්නින් පොයින්ට් එක...දෛවය උනත් මිනිස්සුන්‍ට දෙන්නෙ එක අවස්ථාවයි...හරියටම මගෙ නිම්න කිව්වා වගේ....භූතයා උන්න මැජික් පහන උනත් හම්බ උනේ ඇලඩින්‍ට විතරයි ...
වස්තු...ඔයාට ඇවකාඩො අරන් දෙන්නද...???
හිත ඇතුලෙ සුනාමි රැලි ගහනකොට මං මෙනු එක අස්සෙ අතරමන් වෙලා උන්න මගෙ නිම්නගෙන් ඇවකාඩො එකක් අරන් දෙන්නද අහනකොට අනේ එයා අවසානෙදි හරි අහිංසක විදිහට හිනා වෙලා හා කිව්වා.....
අයියෙ ඇවකාඩො එකයි...දිවුල් එකයි....
මල්ලි අයිස්ක්‍රීම් නැතුවද....නැත්තන්
දෙකටම දාන්න...
අනේ අනූ එකකට ඇති....මට එපා හුගක් ගනන්නෙ....
මෝඩ වස්තුවක්...
එයා පව්.....ජයවර්ධනයා මගෙ කොල්ලව තලලා...තලලා කාලා.....ඇවකාඩො එකයි දිවුල් එකයි ගේනකන් මට තිබුනෙ එයා එක්ක රහස් මුමුනන්න වෙනකොට වටපිට බලපු මං හිමීට එයාගෙ අත අල්ලගත්තා...සමහර වෙලාවට තුවාල අත අතගාන විදිහට යාප්පුවෙන් ඒ අත අත ගගා....හොරෙක් වගේ හාදු තිබ්බා...
මේක ඉතින් මගෙ ආදරෙ...
අවුරුදු ගානක් පරන සංස්කෘතියක් එක්ක දාර රාමුවක් ගහගත්තු මිනිස්සු ඉන්න සමාජෙක ආදරේ කියන්නෙ ප්‍රසිද්දියෙ කරන්න තහනම් කරපු විශයක් වෙනකොට මට සිද්ද උනේ මිනිස්සු පිලිකුල් කරලා හංවඩු ගහන මාතෘකාවකට පන ඇරල ආදරේ කෙරුවත් හැංගිගන ආදරේ කරන්න....
මිනිස්සුන්ගෙ තරම කියන්නෙ..ප්‍රසිද්දියෙ හාදුවක් දුන්නොතින් ඒක ලැජ්ජයි...හිරිකිතයි....සංස්කෘතිය අනුව පිලිකුල් ..ඒ උනාට කෝච්ච ස්ටේශන් එකකට යන්න බෑ බුලත් කෙල පාරවල් එක්ක හුජ්ජ ගද.....පොදු ලැට් එකකට යන්න බෑ....ලිංගිකත්වෙ කියන මාතෘකාව මැජික් එකක් උන පිරිමින්ගෙ අසහනෙ බිත්ති පුරාවට.....කක්කුස්සි බිත්ති වල කුනුහර්ප දැක්කම ඉබේම ගෑනු බඩ වෙනවා.....උන්ගෙ කුතුහලෙ අවසානෙදි අසහනයක් වෙලා කුරුටු ගී වෙලා තිබුනා....
මන්දා...මිනිස්සු පිලිකුල්.කරන්න ඕනෙ මොකක්ද නැද්ද කියන්න කවදා තේරුම් ගනීද කියලා ....
අනූ.....
ම්ම්ම්...වස්තූ....
ඇයි රවිදුයි උදාරයි නාවෙ....කල්පිය විතරනෙ ආවෙ....
ඇයි දුකද උන් නැතුව...ම්ම්ම්
ඊරිසියාව
ඔව්...මගෙනෙ....
කියන්නකො....
උදාරලාගෙ කුඩම්මා ගෙට වෙලා....
කුඩම්මා.....??උදාරට කුඩම්මෙක් ඉන්නවද...ඇරත්...කුඩම්මා...ගෙට...වෙ...ලා
නංගි...නංගි....ඒකිට අපි කියන්නෙ කුඩම්මා කියලා ....ඒකි ලොකු වෙලා....පොඩි එකියක්....මං හිතන්නෙ පාටි බාට් මොකුත් ගන්නෙ නෑ...නිකන් නාවලා කෑම මේසෙ හදලා ගනී...ඔව්වා එහෙම ප්‍රසිද්ද කරන්නෙ නෑනෙ වස්තු ....
ඒ උනාට සමහර අය පාටි ගන්නවා නේ...අපෙ අක්කවත් නාවලා කෑම මේසෙ හැදුවා විතරයි ...
මොකක්ද නිම්න ඕකෙ ප්‍රසිද්ද කරන්න තියෙන්නෙ....මේ ලමය කොටහලු උනා කියලා ගමටම කියලා ප්‍රසිද්ද කරලා ඊලග මාසෙ ඉදන් පෑඩ් පැකට් එක පත්තර පිටුවක ඔතන් අරන් එනවා....දැන් ඔතනින් මිනිස්සු ලැජ්ජා වෙන්න ඕන කාරනාව මොකක්ද නිම්න...අනික ගෑනු කෙනෙක්ට මෙන්සස් වෙනවා කියන එක මැජික් නෙවෙ....ලංකාවෙ ඔය සංස්කෘති හන්දා දවස් ගනන් ගෙට කරන් උන්නට වෙන රටවල එවෙලෙ නාවනවා වස්තු...ඔය මගුල් හන්දා තමයි වස්තු එෆ් බී එකේ ඔය පැඩ් මෑන්ලා හෑලි ලියන්නෙ...
මොකො අපෙ අම්මට ඕක වෙන්නෙ නැතුවද...ඒ කියලා නෑ...අම්මා වැඩ කරනවා...ඉදලා හිටලා අප්පච්චි කෝපි එකක් හදලා දෙනවා....මාත් හදලා තියනවා...ඒ කියලා අපි ගිහින් ඕක හෑලි ලියන්නෙ නෑ...අඩුම ගානෙගෑනුවත් හෑලි ලියන්නෙ නෑ.....එෆ් බී එකෙ වැටෙන හෑල්ලට අම්මට සිරි වෙන මානුශීය කමෙන්ට් වැටෙනවා ඒ උනාට ක්ලාස් එකක....ඔය කොහෙ හරි සමුළුවක ප්‍රසිද්දියෙ ප්‍රජනනේ ගැන උගන්නපල්ලකො.....හූ සද්ද විතරයි .....ඒකයි නිම්න මං කියන්නෙ....කීබෝර්ඩ් එකේ තියන මනුස්ස කම යතාර්තෙන් හුගාක් දුරයි....
මල්ලි...ජූස් දෙක....
ජූස් බාර් එකේ අයියා කෙරවලේ උන්න අපි දෙන්නට කතා කරනකොට සෙල්ෆ් සර්ස්වීස් හන්දා මම ගිහින් ජූස් දෙක අරන් එයා ගාවට ආවා....
මෙන්න...මගෙ වස්තුවගෙ ඇවකාඩො එක...
මං එයාට එයාගෙ ජූස් එක ලන් කරනකොට අනේ.....මේකා හැන්දෙන් නැතිව කට තියලා අයිස්ක්‍රීම් කන්න ගිහින් නහයෙ ඉදන් වද්ද ගන්නකොට මං ඒ හුරතල් මූන දිහා බලන් හිනා වෙලා මගෙ දිවුල් එකත් එයාගෙ දිහාවට තල්ලු කෙරුවා ...
ආ...ඔයත් මේකෙන් චුට්ටක් බීලා බලන්න...
කිව්වා විතරයි ...මං හිතන්නෙ මගෙ චූචි බුංජියා බලන් ඉදලා තියෙන්නෙ මගෙන් වචනෙ පනිනකන්ද කොහෙද...
කමක් නැද අනූ...චූචි...බුංජියා...මේකෙන් චූච්චක්...රහ....බැලුවට...
කපටි හුරතලේ උඹ...හා....බීලා බලන්නකො.....
මං එයාගෙ එකෙන් චුට්ටක් බොනකොට එයා මගෙ එකෙන් බිව්වා...මිනිහා කෙරුවෙ බොනවට වඩා අයිස්ක්‍රීම් කාපු එක....
නිම්න....වචනයෙ පරිසමාප්තියෙන්ම හරි අහිංසක චරිතයක්.....හරි නිවුන චරිතයක් .....
කොටින්ම නිම්න කියන්නෙ ....චිත්‍රයක් ...නිකන් නෙවෙ හුස්ම ගන්න චිත්‍රයක් ...ඩාවින්චි .....පිකාසො....
රෆායල් මෙ සිත්තරු ඔක්කෝම එකට එකතු වෙලා අවුරුදු ගානක් තිස්සෙ දශමෙන් දශමෙ පාට තවරපු පන කවාපු හරි සුන්දර සජීවී චිත්‍රයක්...
ඒ ඇස් හිනා වෙනවා...හොරාවට පැනලා ආවට මොකද...එයා මගෙ ගාවදි සැනසීමෙන් උන්නා කියන්න ඒ ඇස් කියනකොට මම මේසෙ හරහා එයාගෙ කට කොන වැදුන අයිස්ක්‍රීම් බිදුව මගෙ ඇගිලි තුඩුවලින් පිහදැම්මා ....අනේ එයට ලැජ්ජා හිතුනා...එයා අත් දෙකෙම්ම.මූන වහන් හිනා උනා....
නිම්න....මට ලැබුන අමිලම වස්තුව!!!

සඳ සේ බැස නොයා
මගෙ ලොවෙ හිදින්නම්....
කදුලෙ දුක දරා...
ඔබ නමින් හිදින්නම්.....
ඇතිද....ම්ම්ම්
ඇති....දැන් ඔයා බොන්න....අනූ....චූචි බුංජියගෙ දත් හිරි වැටුනෙ ඇයි අනූ....
උඹගෙ දත් හිරි වැටෙන්නෙ නැතිවෙයිද...දෙකේම තියන ටික කෑවම.....කපටි බුංජියා...චූචි බුංජියා නෙවෙ...කපටි බුංජියා....
මම මගෙ දිවුල් එක අතට ගන්නකොට එයා හිනහ වෙවීම එයාගෙ ඇවකාඩො එක අතට ගත්තා...හැබැයි එයාගෙ මූනෙ තිබුන ඇස් වල තිබුන හැම හිනාවක්ම අතුරු දහන් වෙලා ගියා....
වස්තු...නිම්න....
අ..අනූ..අනේ..අනූ...අප්....අප්
එච්චරයි ..අනේ මගෙ කොල්ලා කිව්වෙ එච්චරයි එයා අතේ තිබුන අලිගැට පේර එකත් ඇගේ හලාගනම පුටු පෙරලන්.මේසෙ යටට රිංගුවා....මං එහෙම්ම පිටිපස්ස හැරිලා බැලුවා....
එයා හරි.....කිව්වත් වගෙ ජයවර්ධනයා...නිකන් නෙවෙ...අර ගැට පිච්ච අමුනපු උගෙ පෙම්බරා එක්ක....මගෙ නිම්න මෙසෙ යට හැංගෙනකොට මමත් මගෙ මූන වහන් කරගත්තා
ජයේ.....අනේ..ඇයි ජයේ මෙච්චර කියලත් මාව තේරුම් නොගන්නෙ...
කරුනාකරලා පොඩ්ඩක් පාඩුවෙ ඉදින් යකො...උඹට ඕනෙ.මාව ලැජ්ජා කරන්නද...මිනිස්සු ඉස්සරහ මාව.ලැජ්ජා කරන්නද...සාරි ඇදගත්තු පිම්පියෙක් එක්ක ඉදලා.ලැජ්ජා වෙන්නද....????
...ජයවර්ධන....උඹ හින්දයි මට මෙහෙම උනේ...උඹ හින්දයි මං වෙනස් උනේ.....උඹ හින්දයි.....මම මටම මෙහෙම කරගත්තෙ...ඇයි....ඇයි...උඹ මාව දැන් මෙහෙම.එලවගන්නෙ....
හ්..හරි...හරි...සුදු...මේ අහන්න.....ගිහින් වාඩි වෙන්න...මං බොන්න දෙයක් අරන් එන්නම්....ප්ලීස් ....මිනිස්සු ඉස්සරහා මාව ලැජ්ජා කරන්න එපා...
ඔව්...උඹට බය ඇති අර ගෑනි දැනගනී කියලා ...උඹට දැන් දරු පවුලක් ඉන්නවා...උඹ හන්දා මගෙ ආත්මෙ පවා වෙනස් කරගත්තු මට මොනවද ඉතුරු ජයේ...මිනිස්සුන්ගෙ පිලිකුල විතරද....ආ..ජයේ...
අපි හිමිට කතා කරමු....ප්ලීස් .....ගිහින් අර අතන කෙරවලෙන් ඉදගන්න...ප්ලීස් .....උඹව මාව කවුරුත් දකිනවටවත් මං කැමති නෑ...ගිහින් ඉදගනින්...ප්ලීස් ...මට ආදරේ නම්...යමන් මැනික...යමන්කො.....
.යන්නම්.....අපි..කතා කරමු..ජයෙ...ප්ලීස් .....උඹ කොච්චර බැන්නත්....අවසානෙදි මැනික කිව්වම එක පාරට නිවෙන තැනට වැටෙන්නම මං.හරි අසරනයි ජයෙ.....ප්ලීස් ....
යන්න..මං බොන්න මොනවහරි අරන් එන්නම්.....
👉👈...ජයේ.....හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ඛ්ඛ්
ආයාම කොටසකින් එනකන්...පයිස්සමින් ඉන්ඩෝ...
මම ජොබී....
Nedeesha 😘❤️