WebNovels

Chapter 31 - 31

.....ජනත්.....අපි යන්න ඕනෙ...

...අපරාදෙ.....මට අපරාදෙ හිතෙනවා නිම්න...මට ඉක්මන් වෙන්න තිබුනා නම්...හිතෙනවා...

මං කොහොමද ඒ මුන බලන්නෙ නිම්න.....මට දැන්...මරන වේදනාවට වඩා...අහිමිවීමෙ වේදනාව දැනෙනවා....ආදරේ මොන තරම් සුන්දරද...ආදරනීයද.....කියලා දැනෙන්නත් කලිම්ම...මට විරහව දැනෙනවා නිම්න....

විදින්නත් කලියෙන්..මට විදවීම දැනෙනවා.....ඇයි...නිම්න.....මෙහෙම අවසානයක්....

උඹටත්..මටත්...මෙහෙම අවසානයක් ඇයි නිම්න...

එයාගෙ මලකදේ වැඩකටයුතු හැම එකම අහවර උනා....අත් දෙක එකට එකතු කරලා ඇගිලි එකට එක හිරකෙරෙව්වා.....හැමදේම අවසානයි.....පීරපු කොන්ඩෙ....කපපු රැවුල...ඒ ඇස් තදින්ම පියවිලා....කටත් තදින්ම පියවිලා...මගෙ ළඟ ඉන්න ජනත් කියවනවා...එයාට මලවුන්ගෙ ලෝකෙ තවම ආගන්තුකයි....ඒත්...එකම හේතුවයි තියෙන්නෙ හිතේ සැනසීමකය....

ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට වඩා....මලවුන් හොදයි කියලා හිතෙන එක...

මං ජනත්ගෙ අත උඩින් අත තිබ්බා....

මීට එහා අඩලා පලක් නෑ ජනත්....අවසානෙ මේ විදිහ නම්.....මේ විදිහමයි.....ගෙනාව ආයුශ මෙච්චර නම්...මෙච්චරමයි.....ඝාතකයා කව්ද කියන්න අදාල නැතිව ඇති...වෙලාව ආවහම යන්න ඕනමයි ජනත්.....

විදින්න කලින් විදවන එක....ඔව්...ඒක වේදනාවක්..ආදරේ රහම තැන් අදුනන්න කලින්.....රස නහර මැරිලා යන එක වේදනාවක්.....ඒත්...ජනත් දන්නවද.....එලි නොදාන සමහර තැන් වල..ආදරේ තියනවා උතුරන්න.....දකින්නෙ නැති තැන්වල...ආදරෙ තියනවා පිටාර ගලන්න.....

මේ ලෝකෙට අපි අසම්මතයි ජනත්...ආදරේ කරන එක....ජීවත් වෙන එක.....අපිට අනුව අසම්මතයි....ඒක...උඹවත්..මමවත් කරාපු වරදක් නෙවෙ ජනත්....ඒක...ඒ දඩුවම අපිට දුන්නෙ...ඊටත් වඩා තුජ්ජ තිරිසන් මිනිස්සු වෙන්න පුලුවන් .ඒත්....උන්ගෙ ලෝක ධර්මතාව අනුව...උන්ගෙ.....නීතිරීති අනුව.....ආදරේ කරන එක අසම්මතයි...ප්‍රාන ඝාතනය සම්මතයි....

ඉතින් ඔච්චරයි ජනත්.....

හ්ම්...

පෙට්ටිය වහන්න යන්නෙ...මාව අරන් යන්න යන්නෙ...ඒත්....හර්ස් එක ගේට්ටුවෙන් ඇතුලට ගන්නකොට වත් මං වෙනුවෙන් කදුලක් හලන්න කවුරුත් නෑ කියන එක මතක් වෙනකොට ....ඒ හිත් වල මට තියන තැන...මන් ගැන තියන පිලිකුල කොයි තරම්ද හිතෙනවා නිම්න.....අප්පච්චි ට.....සැනසීමක් දැනෙයි...කුඩම්මටත්....සැනසීමක් දැනේවි...මොකද.....මං නැති අඩුව පුරවන්න..කුඩම්මට පුලුවන්නෙ කුඩම්මගෙ පුතාව ලගට ගන්න..සමහර විට අප්පච්චි හොයන ඒ තාන්න මාන්න...ඒ ආඩම්බර කාර කම්....ඒ පුතාට ගෙනත් දෙන්න පුලුවන් වේවි.....

 මාව ගැස්සිලා ගියා.....එයා කිව්වෙ කුඩම්මා කියලා...එතකොට ...ඒ ඉන්නෙ ජනත්ගෙ අම්මා නෙවෙද....අම්මා කෝ...මට අනූවත් ඒ වගක් කිව්වෙ නෑ....

ජනත්...ඒ ඉන්නෙ ඔයාගෙ අම්මා නෙවෙද....මං හිතුවෙ .....ඒ ඉන්නෙ...අම්මා කියලා ...

...අම්මෙක්ට පුලුවන්ද නිම්න....දරුවො මරාගන්න....නිම්නගෙ අම්මා...නිම්නලාට ආදරේ නිසා නෙවෙද....මොන දුක ඉවසන් හරි නිම්නලාව පරිස්සම් කෙරුවෙ...මගෙ අම්මා නැති උනෙ මට තුන වසරෙන්.....අම්මගෙ මලකද සාලෙ තියනකොට ...හැමෝම කතා උනේ....හැමෝම අප්පච්චි ගෙ ඔලුවට දැම්මෙ.....මට යන කලදසාව මොකක්ද...මට යන කලදාසාව මොකක්ද....දරුවට අම්මෙක් ඕනෙ නැද්ද...උඹටත් මහ ලොකු වයසක් නෑනේද....ඔය වගේ කතා.....

මම උන්නෙ අම්මගෙ පෙට්ටිය ගාව පුටුවක් තියාගන අම්මා දිහාව බලාගන...ඒ හැමෝටම තිබුනෙ මං ගැන වේදනාවක්...ඒකයි එයාලා අප්පච්චිට අම්මගෙ මලගමෙ උනුසුම යන්න කලින් තව කසාදයක් පංගරාත්තු කරන්න හැදුවෙ...හැබැයි...මට යන කලදසාව මොකක්ද කිය කිය නැහෙන්ඩ හදපු කවුරුත් ...අම්මගෙ මලකද ගාව නොකා නොබී අඩපු මට බත් ගුලියක් කැව්වෙ නෑ නිම්න....ඔය තරම්ම මං ගැන වද වෙනවා නම්.....ඇයි නිම්න...පොඩි දරුවෙක් උන මගෙ කදුලු කාටත් පිහන්න බැරි උනේ....

උන් හැමෝම කෙරුවෙ.....අම්මා නැති අඩුව පුරවන්න කුඩම්මෙක් ගෙනත් මගෙ ජීවිතේ අපායක් කරපු එක....

නිම්න....අම්මගෙ තැන.....කවදාවත් ..අම්මගෙ තැන.....අම්මට ඇරුනම..වෙන කාටවත්ම ගන්න බෑ නිම්න...මට යන කලදසාව ගැන හිතලා ගෑනියෙක් ගෙනාවට මොකද.....අවසානෙදි ...මට ගිය කලදසාව ...උඹගෙ මගෙ ඇස් ඉස්සරහා තියනවා නිම්න.....

මගෙ හැගීම් අසම්මත ඇති.....උන් රාමු කරපු සීමාවෙන් පිට පනින්න ඇති...ඒත්....රාමු බිදගන ගිහින් හරි මං හෙව්වෙ...මට නොලැබෙන ආදරේ.....සෙනහස..... මං නොවින්ද සතුට ...ඒත්...මට යන කලදසාව කියලා උන් මට මොකක්ද නිම්න කෙරුවෙ....

මගෙ ජීවිතේ අපායක් කරපු එක...

නිම්න හරි....මං කියන්නෙ.....කියන දේට වඩා...හංගපු දේවල් වැඩි මනුස්සයෙක්...

සත්තුන්ට ආගමක් තිබුනා නම්.....අනිවාර්යයෙන්ම ඒ ආගමේ යක්ශයගෙ තැන ගන්නෙ මිනිස්සු වගේම....මේ ලෝකෙන් වද වෙලා යන්න ඕන එකම ජාතියත්....මිනිස්සුමයි නිම්න...

. මම සද්ද නැතුව අහන් උන්නා..මොකද ...මැදින් පනින්නවත්මට හිතක් නැති නිසා....හැමෝටම තියනවා නොකිව්ව කතාවක්.....ජනත්ට...මට ..අපි හැමෝටම තියනවා මරනයත් එක්ක වැලලුන කවුරුත් නොදන්න කතාවක්...එයාව අරන් යන්න හැම දේම ලෑස්ති කෙරුවා....

ශ්‍රී සිරිපුර අවමංගල්‍ය අධ්‍යක්ශකවරු

මූදුකටුව

මාරවිල....

ඔය නම ලියවුන තනි කලු හර්ස් එක ආවා.....එයාට අරන් දීලා තිබුනෙ වටිනා පෙට්ටියක්...මං හිතන්නෙ...දෙකක තුනක විතර තනි කලු එකක්...මල්වඩම් දුසිමයි.....ඉටි රෙදි පුරවලා හදාපු පෙට්ටිය ඇතුලෙ මල් පොකුරු කෝටියයි...ඒ විත්රක්ද ...සුවද විලවුන්...මෙ හැම දේම...ඒත්.....එයාගෙ පන යනකන් අප්පච්චියි කියන මිනිහා බලන් උන්නලු.....ජීවත් වෙලා ඉන්නකොට නොදුන්න මල්...මැරුනම මොකටද...

කොල්ලා...වරෙන් දාන්න.....

බීගන උන්න මනුස්සයට වෙරි උනත් මොකද සිහි කල්පනාව තිබුනා ...මමයි ජනතුයි බලන් උන්නා.....එක මනුස්සයව කර ගහන්න හය හත් දෙනෙක්ම එකතු උනා...එත්....මං හිතන්නෙ...අද ඒ පෙට්ටිය බර උනෙ නැති උනා....එයාගෙ බර විතරයි ...මොකද .....ජනත්ගෙ කතාව අහන් උන්න ...ජනත්ව අරගන යන්න ආව අනිත් මලගිය ප්‍රානකාරයො එයාගෙ මලකද බෙදාගන්න දාදු දාන එක නවත්තලා තිබුනා....එවුන් ඒ ආත්මෙ ඩැහැගන්න හදන එවුන් එයාට සැනසීමෙන් ඉන්න දීලා මුලු මුලුවලට වෙලා ඔහේ බලාගන උන්නා...

මොකද ...ජනත්ගෙ වචන....ඒ වේදනාව...මලවුන්ට පවා බර උනා.....

පෙට්ටිය දාගත්තා....ඩ්‍රයිවර්ගෙ තනියට වගේම...ඉතිරි සුමේ කරන්න තවත් කොල්ලෙක් දෙන්නෙක් නැග්ගා...එයයි මායි උන්නෙ එයාගෙ පෙට්ටිය ළඟ වාඩි වෙලා...මෙච්චර වෙලාම කියවපු ජනත් කැටයම් කපාපු...සුදු පාට නූල් වගේ එල්ලෙන බෝල අත පත ගගා ඉදලා එහෙම්ම එයාගෙම පෙට්ටියට ඔලුව ගහගත්තා...මලාට මොකද.....මගෙත් පපුව හෝස් ගාලා ගියා.....

නිම්න....

ම්ම්ම්...

මං...හිතන්නෙ....අදම මාව වලදමාවි...

...

මට උදව්වක් කරන්න පුලුවන්ද ...මට මේක...එයාට කියන්න හයිය නෑ.....මගෙ පපුව රිදෙනවා.....

මොකක්ද ජනත්....

අයියෙ....පුලුවන් නම්...මගෙ පාංශුකුලේට...එයාලට ඉදගන්න කියනවද.....ජීවත් වෙලා ඉන්නකන්.....සැනසීමක් නොදුන්න උන්ට...වඩා...උන්..මට සැනසීමක් දුන්නා.....

....ජනත් රවිදුට ආදරෙයි...ඒක එහෙමයි නේද....

හුගක්.....මං....ආදරෙයි හුගක්.....මට කියා ගන්න බැරි උනා අයියෙ.....මගෙ ආදරෙ කියාගන්න කලින්...මම...මාව් අදුනගත්ත වරදට...මට යන්න උනා.....

හරියටම ..මට වගේම..ආදරේ කරන්න කලින්.....අපි අපිවම අදුනගත්ත වරදට අපි දඩුවම් වින්දා....

ජනත්....දෙයක් කියන්නම්...එයා ඔයා එනකන් බලන් ඉන්නවා...එයා....මොන වේදනාව උහුලන්න බලන් හරි...එයාගෙ තීරනෙ.....ජනත්ට ආදරේ කරන එක කියලා ...මගෙ මයුරට කියලා තිබුනා.....මං ඔයාට කියන්නෙ මෙච්චරයි .....ඔයා අවසානෙ මොකක්ද කියනන් දන්නවා....එහෙම නේද .....ඔයා දන්නවා...දවසක් එනවා...අපිට යන්න වෙනවා.....පින් අනුමෝදම් කරන්න කරන්න.....මේ වේදනාවලින් අපි සදහටම නිදහස් වෙනවා....

ඒත්...මොන තරම් ආදරේ උනත්....එයා නැතුව බෑමයි කියලා හිතුනත්...කවදාවත් ඒ සිතුවිල්ල යතාර්තයක් කරන්න එපා ජනත්....මොකද ....අපි වහ වැටෙනවා.....අපි ඒ ආදරේට ලෝබ වෙනවා...එයාව නැතුවම බැරි වෙනවා....බැල්ම වැටෙනවා...අවසානෙදි ආදරේම....වහක් වෙලා...එයාලව ලෙඩ වෙනවා...අවසානෙදි ....අපේ ප්‍රාර්තනා යතාර්තයක් වෙනවා...හැබැයි ...අපේ ප්‍රාර්තනාවෙ..යතාර්තෙ....එයාගෙ හුස්මෙ අවසානෙ ජනත්.....

අයිති කරගන්න එකම නෙවෙ ආදරේ...ඒත්...අයිතියක් නැති නම්...ඇයි ආදරේ කරන්නෙ....ඔය විදිහට හිතෙන්න පුලුවන් ඒත්...අපිට සිද්ද වෙනවා...ගෙවෙන හැම තත්පරේම යතාර්තෙ මතක් කරගන්න...ආදරනීය මතක එක්ක සුන්දරතම මතක එයාලට ඉතිරිකරන්න...ආදරනීයම වගේම සුන්දරම මතකයක් ආත්මයක් විදිහට.....එයාලගෙන් නිදහස් වෙන්න...ඒකයි...උඹටත්...මටත් දෙන්න පුලුවන් ආදරේ ...

මම එයාගෙ ඔලුව අත ගෑවා...මොකද....ජනත් කියන්නෙත් මට වඩා වයසින් බාලයි...මගෙ අනූට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...විසි හතක ලස්සන කොල්ලෙක්...හිනාවෙනකොට වල ගැහෙනවා...ඒක ඇත්තයි...එත්....තව දුරටත් ..එයාව මනුස්ස ලෝකෙට අයිති නෑ...

මගෙ මයුරයි රවිදුයි එක බෝට්ටුවෙ වෙනකොට ..මායි ජනතුයි එකබෝට්ටුවට වැටුනා....මහ ලොකුවට යතාර්තෙ ගැන දේශනා දුන්නට මොකද...මයුර නැති දවසක්.....මම කොතනකවත් ප්‍රාර්තනා කරන්නෙ නෑ....වස්තු...කියලා පටන් ගත්තම....එයා කියන්නෙම එයාට මං නැතිව ජීවත් වෙන්න බැරි බව....එවෙලෙට...අනූ...අනූ ගගා...හිත හැදුවට මොකද.....මගෙ පපුව ඇතුලෙ ඇවිලෙන හින්දර වල තරම මම විතරයි දන්නෙ ....

ජනත්ට පුලුවන්ද හුරතල් වෙන්න ....

මන් පෙට්ටියට ඔලුව ගහන් රවිදු ගැන කල්පනා කරන ජනත්ගෙන් හුරතල් වෙන්න පුලුවන්ද ඇහුවා...මං දන්නවා...ඒ මුන දැක්කම...එයාට තියෙන්නෙත් මගෙ මයුරට තියන ලක්ශන....උදාරට තියන ලක්ශන.....ලේසියකට හුරතල් කරන්න බැරි....හුරතල් වෙයි කියලා හිතන්න අමාරු රෙඛා...ඒ මූනෙ භාව ප්‍රකාශ හැදිලා තියෙන්නෙම නිසොල්මනෙ ඉන්න....තරහා ගන්න...රවාගන්න...නිසලව නිහඩ තියන වතුරක ඇගිලි තුඩකින් අදින ඉරක් හා සමානව හීනිම හීනි හිනා රැල්ලක් දෙන්න.....එත් කරන්න දෙයක් නෑ....

මම උනත් කතාව අඩු...පොතක් පෑනක් අස්සෙ ජීවත් උන හරි අහිංසක චරිතයක් ....වයස තිස් දෙකක මනුස්සයෙක් නොදරුවෙක් හා සමානව හුරතල් වෙනව කියන එක...ඇත්තටම . ගැලපෙනව මදි.....ඒත්....මට ඕනෙ මූනට හිනාවක් ගේන්න..මං කියන කරන වැඩ නිසා එයාගෙ මූන රතු වෙනවා දකින්න...මාත් නිහඩයි ..එයත් නිහඩයි නම්..මේ බැදීම අස්සෙ තියෙන්නෙ ගැඹුරු ආදරයක් එක්ක හරි ගුප්ත බවක්....නිහැඩියාවක්....

කොටින්ම...සැරින් සැරේටම...මම දවසක යන්න යනවා කියන කාරනාව හැම තත්පරේම මතක් වෙන තරමට මනසට සංසුන් බවක්...

මං ජනත්ගෙ අත උඩින් අත තිබ්බා...

ඔයාට හුරතල් වෙලා පුරුදු නැතිව ඇති ...කරලා පුරුදු නැතිව ඇති ඒත්....මතක තියා ගන්න ජනත්....අපි එයාලා වෙනුවෙන් මේ එකතු කරන්නෙ මතක ඇල්බම් එකක්....දුක අඩූවෙන්ම එක්කාහු කරාපු....සතුට ආදරේ වැඩියෙන් එක්කහු කරාපු ඇල්බම් එකක්...ඉතින් ..ඔයාට වෙනවා එයාව හුරතල් කරන්න.....එක්කො...එයා ගාව ඔයාට චුට්ටක් හුරතල් වෙන්න...කරදර කරන්න...මොකද .....සමහර කරදර කිරීම් අස්සෙ...එයාලා අප්‍රමාන සතුටක් විදිනවා...හරියටම මගෙ මයුර වගේ.....හුස්මක් නොගෙනම මං කියවන තැන..මං තරහා වෙවී හැංගෙන තැන ..එයා කරන්නෙ හොර හොරාවට එබිකම් කර කර මාව හොයන එක....බැන්නට මොකද....ඒ ඇස් හිනා වෙනවා....

.වයසත් එක්ක....ඔයාට හුරතල් වෙන්න අමාරු ඇති ..ඒත්.....ආදරේ ගාවදි ....කරන්න බැරි දේවල් පවා කරනවා.....වෙන්නෙ නැහැමයි කියලා ලියවුන දේවල්...ප්‍රාතිහාර්‍යක් වෙලා හරි වෙනවා ජනත්....ඔයාට ඒක කරන්නම වෙනවා...මොකද...මං එයා ගාවදි...එයා වෙනුවෙන් චරිත තුනක් රගපානවා.....මං එතනින් ආසම....එයාගෙන් වැඩි ආදරයක් හොයන පොඩි නිම්නගෙ චරිතෙට මොකද ...එතනදි...මයුරගෙ හැසිරීම හරි පරිනතයි...මගෙ පරිනත චරිතෙ ගාවදි මයුර හරි කීකරුයි...ඒක ඇවිත් හැගීම් ගොඩක මතක ගොඩක එකතුවක්...

 ජනත් දන්නවද.....

ආදරේ කරන්න

ආදරනිය වැලදගැනීමක් ප්‍රමානවත්... හෘදයාංගමව වැලදගැනීමක් එක්ක හාදුවක් ...ඇත්තටම ඕනාවටත් වඩා ප්‍රමානවත්...ඔයාට පුලුවන් ....ඔයාට දැනටමත් එයා එක්ක ආදරනීයම මතක තියනවා...එහෙම නේද ජනත්...

අපි උන්නෙ එයාලගෙ ගෙදරට හැරෙන වංගුව ගාවදි....මම එනකම්ම මග දිගට මට උඩු බුරාපු බල්ලො...ආයම පාරක් උඩු බුරන්න ගත්තා...කෑරලෙක් ඉවරයක් නැතිවම අඩ අඩා....එහාටත් පියෑඹුවා...මෙහාටත් පියෑඹුවා......එයාව අරගන..එයාම යන ගමනෙදි මං ජනත්ගෙ හිත පුලුවන් තරමට හදන්න හැදුවා.....

ඒ මූන චුට්ටම චුට්ටක් පාට උනා....තෙත් වෙලා තිබුන ඇස් වලට හීනි හිනාවක් ආවා....

එයා එක්ක....ආදරනීයම මතක තියනවද කියලද ඔයා මගෙන් ඇහුවෙ...

ඔව්...එයාගෙ මූනට ආදරෙයි නොකිය.....

හිතේ ආදරෙ හංගන් ....ඒකපාර්ශවීයව ආදරෙ කරන කාලෙ ගැන මං ඇහුවෙ...මං දන්නවා..මිනිස්සු....ආදරේ ප්‍රකාශ කරන්න කලින් පුදුමාකාර තරම් ආදරනියයි....මං හිතනවා...ජනත් ගාව....එහෙම මතක නොසෑහෙන්න ඇති...

එයා හිනා උනා....එයාගෙ මුනට හිනා රැල්ලක් මතු උනා....එක කම්මුලක් වල ගැහුනා......

ඔව්...තියනවා....එයාගෙ මූනට ආදරෙයි නොකිය.....මම එයාට රහසින් ආදරෙ කරපු කාලෙ.....මගෙ..ගාව ඒ මතක අදටත් හරි පරිස්සම් අයියෙ....

එයා හුරුබුහුටියි.....හුරතල් ...හිනාව ලස්සනයි ..මූන පිරිලා....එයා කොච්චර වත් ....දුක් වෙනවා එයාගෙ ඇගිලි ගැන...ඒත් ..මං එයාගෙ ඒ හුරුබුහුටි අත් වලට ආසයි....මං...එයාට..හරි ආදරෙයි අයියෙ ....හරියටම ....මයුරනිම්නට ආදරේ තරමට...පටන් ගැන්මම...කදුලක් උනාට...මොකද....මං මේ විරහවටත් ආදරෙයි අයියෙ.....

වේදනාවයි...අහිමිවීම ස්තීරයි.....ඒත්....මං ...මං උත්සහා කරනවා...නිම්න කිව්වා වගේම....මේ මතක ඇල්බම් එක...ආදරනීයම මතක වලින් විතරක් පුරවන්න...මොකද.....රවිදු ගාවදි...මං හැමදාමත්...අසීමාන්තිකව නිවුන.....මගෙ තැලුන හිත...හැමදාමත් එයා ගාවදි සුව උනා....ඒකපාර්ශවීක උනත්.....එයා මට පුදුම හයියක් උනා...

මොන තරම් වේදනාත්මක ඛේදාන්තයක් උනත්....මං එයාට ආදරෙයි...අවසානෙට කලින්...මං ඉස්සර උනා.....

ඒ ගැන හිතන්න එපා....ම්ම් ඔයා නොදන්නවා උනාට...හැබැයි...දැන් තව කපල් එකක් ඉන්නවා.....

තව කපල් එකක්.....ක්..කවුද....තව කවුද නිම්න.....

අර පෙට්ටි කට තියන දසවලත්ත කොල්ලයි....ඇග පුරාවටම පච්ච උලාගන ඉන්න අනිත් කොල්ලයි....

උදාරයි කල්පනයයි....

හ්ම්...මොන දේ උනත්...මට සන්තෝසයි....ඒ මිනිස්සු හරි ආදරනීයයි මල්ලි.....එකම අවුල..මගෙ මනුස්සයා කැමති නෑ...අර දසවලත්ත කොල්ලා එක්ක මං කතාවට වැටෙනවට....ඒත්....මං ඒ කොල්ලට කැමතියි....ඒ කොල්ලට පුලුවන් ...හිනාවෙන්...හිනාවෙන්.....

කියන්න ඕන එක කියලා දාන්න....මයුර කැමති නැති උනාට මට කරන්න දෙයක් නෑ....එයා කියපු විදිහට අපි දෙන්නම.....බොටම් සංගමෙ...ජනත්ට පුලුවන් ..ඕනා නම්...අපෙ පැත්තට එන්න....

ඒ....ඒ...හ්...බෑ....ඕන නම්..අර කොට බෝලෙව ගන්න.....මට බෑ....

මෙච්චර වෙලා මං උඹගෙ හිත හදපු නම්බුව වත් තියපන් මල්ලි...

ඒ උනාට.....මට බොටම් සංගමේය එන්න බෑ අයියෙ...

නම කැත හින්දද ....නිකන් නෙවෙ...එක්සත් බොටම් සංගමෙ...සිංහල නම නිසා නම් අකමැති...අපි ඉංග්ලිශ් නමක් දාගමු...united bottom association UBA!

ස්..සොරි ....සොරි...අයියෙ....

උඹ මහ මදාවියෙක් ජනත්....හෙන වේස කොල්ලෙක්.....

න්..නිම්න අයියෙ.....

බැහැපන් අපි ආවා ...බැහැපන්..හිත හැදුවටත් පාඩුයි....මං උඹව අපේ අම්මට කියනවා.....

අයියෙ..මං අලුතෙන්නෙ මැරුනෙ.....

ඇයි උඹ හිතුවද අපි දෙපාරක් තුන්පාරක් ට්‍රෑල් බලල මැරුනා කියලා .....බැහැපිය

හ්..හෙමින් අයියෙ...තල්ලු කරන්න එපා...වැටෙයි

වැටුනට උඹට රිදෙන් නෑ..මෝඩ මූසලයා.....මට කියන්න අමතක උනා...අලුතෙන් මැරුන අයට වෙල්කම් පාටි එකක් තියනවා අලුත් පිට්ටනියෙ .....රැග් එකකුත් තියනවා....ලෑස්ති වෙලා එනවා..... 

හ්..හරි...අයියෙ.... සීනියර්සලද...රැග් කරන්නෙ...

ඔව්.....ඉතින්...හුගක් කාලෙකට කලින් මැරුන අය තමයි.....ඇයි...අහන්නෙ නෑවිත් ඉන්නද....???

න්..නෑ..අයියෙ...මං එන්නම එපැයිනෙ.....මට කියනවද...ඔයා දැන් කොයි නිම්නද කියලා.....

ම්හුක්....හොයා ගනින් මං කව්ද කියලා..මං යනවා මගෙ අනූ ගාවට.....අනූ.....බුංජියගෙ දතක් කකියනවනෙ...!!

Mayura pov...

මයුරයා....

ම්ම්ම්.....

දැන් නම් මේ ලගලු බන්....

ම්න්...

චටාස්....

මං මගෙ කලවෙ උඩට වහපු මදුරුවට ගැහුවා මදිවට ඒකව අඹරලා දැම්මා.... වෙනමොකටවත් නෙවෙ...ලෙ බින්දුවක් වෙනුවෙන් ඒ මූසලයා මගෙ කන ළඟ ඉදන් වරුවක් තිස්සෙ කූන් කූන් ගෑවා ....

මං දන්නෙ නෑමට කොච්චර වෙලා නින්ද ගියාද කියලා...හැබයි ඒ ඇහැරෙනකොට මගෙ කකුල හිස් වෙලා තිබුනා.....අරකා මාව බුදි කරවලා මාරු වෙලා තිබුනා.....

මීට පැයකට කලින් ආව හර්ස් එක දැකපු රවිදුවා දෙපාරක් විතර ආයම සිහි නැති උනා ....ඌ හිතුවෙ ජනත්ව ගේනවා කියලා ...ඒත්...බෑවෙ ඇත්දල උනත්....ඌට වාවන්නෙ නැති උනා....මන්දා....ඌ කොහොම දරා ගනීද කියලා .....මම...උදාර....කල්පනයා...අපි උගෙ හිත හදන්න නොකියපු දෙයජ් නෑ.....අපි ඒ කදුලු නවත්තන්න නොකියපු කතාවක් නෑ....

මයුරයා ...

ම්න්....

බුංජියා කෝ...

දන්නෙ නෑ...ඕකා මාව බුදි කරලා කොහෙ ගියාද කියලා .....ආව දෙන් මන් එනකන් බලන් ඉන්නෙ අනූ මගෙ බඩ රිදෙනවා පුක රිදෙනවා කියපු දෙන් පුක පුපුරන්න ගහන්නෙ...

යෝ ..හ්...හෙමින්...හෙමින්.....ඔය කොහෙ හරි උඹගෙ නැන්දම්ම ඉදි...බුංජිය වගේ නෙවෙ.....නැන්දම්මා ගහන්න ගත්තම ඒවා ආත්ම ගානකට වේදනා දෙනවා.....නෙ සෙනේ.....

මගෙ මුන ඇඹුල් උනා....මගෙ ළඟ උන්න කල්පනයා උදාරයට නමක් දලා...උගෙ නම උදාර සිනෙත් උනාට...මූ කිව්වෙ සෙනෙ කියලා...එහෙම කිව්වම මට මතක් උනේම යස් බොස් එකේ උන්න සෙනෙරත්ව...සෙනේ....ඒකත් සෙනෙ කියලන් කියන්නෙ.....

රවිදුට කොහොමද උදාර...

ඌට නින්ද ගිහින්....ඒත්.....ඌ තව විනාඩියෙන් දෙකෙන් ඇහැරේවි....මන්ද මයුර...උන් කොහොම ඇස් පියන් නිදියනවද කියලා ...මහ එකා බුදි....උගෙ අම්මත් බුදි.....

අම්ම නෙවෙනෙ බන්....කුඩම්මනෙ....අම්මා අම්මා කියලා කතා කෙරුවට...අම්මා නෙවෙනෙ...ඒකයි දුක නැත්තෙ.....අපරාදෙ මං ඔය ගෑනිට ඇන්ටි කිව්වෙ....

අනිත් පාර මං වගේ කුඩම්මෙ කියලා කතා කරපන්...මං නම් අර පහනට තෙල් අරගන්න ගිය වෙලෙ කුඩම්මෙ කියලමයි කතා කෙරුවෙ....උඹ දන්නවනෙ මයුරයා...මේ කල්පනයට..දිරවන්නෙ නෑ කියන්නෙ...ආය....දිරවන්නෙම නෑ...දැක්කනෙ....උතුම් පැතුමා වාශ්ප උන ඉක්මන...මට කොහොමත් කුඩම්මගෙ මූන පේන්න බෑ....දත් ඇන්ද දැක්කම කියන්න පුලුවන් වත්තක පොල් එක පාර ගන්න පුලුවන් කියලා...

බබා.....

නෑ සෙනේ...මං කියන්නෙ ඉතින්....

ඇති ඕක...

ඒ උනාට සෙනේ.....න්..නැ...හරි...හරි...උදාර...යෝ...රවනවා...පැයක් වත් ගියෙ නෑනෙ...ඒ උනාට මං ඔයාගෙ උනා කියලා පරන පුරුදු එක පාරම අතාරින්න බෑනෙ...නැද්ද මයුරයා...දැන් බුංජියා ඉන්නෙ...ආ..ආ...ආ....උදා...ර.....රවන්ඩ...නම්...එන්න....යෝ....මේක කරන්ඩ බෑ අප්පා.....අපි දෙන්නත් මේක නවත්තමුද...බුංජියගෙ කතාව හරි...අපි උඹලට කැමැත්ත දුන්නම ඇට පැලවෙනවා...උඹලට මාන්නෙ ඉහට ගහනවා.....වේසයි අප්පා...එක්කො අපි ආයම....නෑ මොකුත් නෑ...මං යනවා යන්න බුංජියෝ....ඔයා කොහෙදෝ...

හෙමින් පලයන් පොලව දෙදරනවා.....

කල්පනයා මාරු උනා....හුස්මක් නොගෙන කියවපු කල්පනයා මාරු උනා විතරක් මං වෙඩි කාපු මුවා වගෙ ඉක්මනට පුටුවෙන් නැගිට්ටා .... ..මොකද කල්පනයා දුන්න හැම නිදහසට කරුනකම නිර්මාතෘ වෙන කවුරුත් නෙවෙ මගෙ නොදරු මිනිහා කියන්න ඕනාවටත් වඩා සාක්ශි තියනකොට උදාරයගෙ උදහසට ලක් වෙන්න බැරි කමට මං නැගිට්ටා .....

උඹට හිතෙන්නෙ නැද්ද මයුර...උඹගෙ බුංජියවයි.....කල්පනවයි ඈත් කරලා තිබ්බොත් හොදයි කියලා ....

හිතෙනවා...ඕක මට හිතෙන්නෙ අද ඊයෙක නෙවෙ...ඒත්....උන් ඔක්කොම එක පැත්තෙ....පොඩ්ඩක් හිතපන්....ඔය ගොඩට අර කොට මගුකත් එකතු උනහම...

හිසරදයක් වෙයි.....ඇත්තමයි...මට මේ විනඩි පහට ඔලුව රදෙ වගේ...ඇයි උන් විනාඩියෙන් විනාඩියට උන්ගෙ චරිත ලක්ශන මාරු කරන්නෙ මයුර...ඇරත්.....උනඩුක පුච්චෙ වේදනා ගැන මං මීට කලින් අහල නෑ.....

ඇයි කලපනයා කිව්වද උඹට උගෙ උනඩුක පුච්චෙ වේදනාවයි කියලා ....

ඔව්.....ඒක ගැන අහල අහක බලාගත්තම...මං ඌ ගැන කෙයාර් කරන්නෙ නෑ කියලා තවත් පැයක් තරහා උනා...ඇරත්...ඇයි ඌ මොන හරි වෙච්ච ගමං සම්බන්දෙ නවත්තමු කියන්නෙ.....

ඇරත්...පැයෙන් පැයට ...ඇනිවර්සරි ගන්න ඕනෙද ...??happy first hour anniversary කියලා ජාතියක් තියනවද මයුර?

උදාරයගෙ මුන මොකක්ද වෙලා ගිය....මට කියන්න දේවලුත් නෑ..මොකද....ඔය හැම ගතිගුනයක්ම මගෙ බුංජියටත් තියානවා...ඌ සම්බන්දෙ

නවත්තන්න හදනවලුම්...අරක..කොයි වෙලෙත් මගෙන් දික්කසාදෙ ඉල්ලනව වගේ තමයි...

මට උඹගෙ දුක දැනෙනවා පුතා..!

මං මූන දෙල් උන උදාරයා ගාවට ගිහින් පිටට තට්ටුවක් දාලා ඌව සනසනවත් එක්කම ගේට් එක දිහාවට වාහන ලාම්පු එලියක් වැදුනා....ඉදගන උන්න උදාර නැගිට්ටා . ...බොරු කියන්න ඕන නෑ....මට දැනුනා මගෙ යටි බඩේ ඉදම්ම සීතල වෙලා යනවා.....

හර්ස් එක...

තනි කලු පාට මිනි කාර් එක...තනි රකින්න ඇවිදින් නිදා වැටි වැටි උන්න කොල්ලො කුරුට්ටො එක පාරම එහා මෙහා උනා...මිනි කාර් එක දැක්ක විතරයි උන්ට පන ආවද මන්දා....

මයුර...යා....

ආව...නේද.....බන්.....

හ්ම්...

රවිදුවා...දැක්කොත්....අනේ මන්දා බන්...

අඹ ගහ යට තිබුන හට් එකෙ උන්න උදාරයි මායි දෙන්නම හර්ස් එක ගාවට ගියා වෙන ගෙවල් වල වගෙ නෙවෙ....ඇඩුම් ඉකි ගැහීම් මේ මොකුත් නෑ.....අඩුම ගානෙ.....ජනත්ගෙ අප්පච්චි කියන නරුමය වත් ආවෙ නෑ....

හර්ස් එකේ දොරවල් ඇරුනා...පිටිපස්සෙ දොර ඇරුනා....මං හිතන්නෙ...මේක වෙන්න ඇති මගෙ ජීවිතේට දැකපු සාමකාමීම මලගෙදර...

අනූ....

මාව ගැස්සිලා ගියා...මෙච්චර වෙලාම අන්තරස් දාන වෙලා උන්න මගෙ බුංජියා ඇවිදින් එක පාරම මගෙ වැලමිටෙ එල්ලුනා.....

අනූ බුංජියා ආවනෙ.....

මම නෙවෙ මීක් කිව්වෙ...මට නිම්න එක්ක රන්ඩු කරන්න වෙලාවක් නෑ.....එයා මගෙ අතේ එල්ලීගන බුංජියා ආවනෙ කිව්වත්...මම නෙවෙ එයා දිහා බැලුවෙ....

උදාර...

ඉස්සරහින් අහකට වෙන්න කල්පන.....ඉස්සරහම ඉන්න හොද නෑ.....

අරූ තවම නිදි සෙනෙ.....

නැගිටිවී....මන්දා....එතනින් පස්සෙ.....එතනින් පස්සෙ මොනවා වෙයිද කියන්න මං දන්නෙ නෑ කල්පන.....

මං එයාගෙ හිත හැදුවා අනූ....එයාට පුලුවන් වෙවි....රවිදුව සනසවන්න....මොකද .....රවිදු ගාව එයා ඉදීවි....ඉතින්...මෙතන තියෙන්නෙ...ලි කුඩු පුරවාපු...ඉටිකොල පටලවාපු නිකන් හිස් බොගයක් විතරයි...

...

මං මගෙ වැලමිටෙ එල්ලිලා ඉන්න නිම්න දිහා බැලුවා...මට එහා පැත්තෙන් කලපන උදාර කපල් එක...එයා කියනවා එයා ජනත්ගෙ හිත හැදුවලු...මෙතන තියෙන්නෙ හිස් බොගයක් කියලා ...ඒක එයාලා දන්නවා..ඒත් ...ජීවත් වෙලා ඉන්න අපිට මේක තවමත් සම්පූරන මනුස්සයෙක් වෙච්ච කොට....අරකා කොහොම නම් ඉවසයිද.....

මල්ලි ඕක තව චුට්ටක් පස්සට ගන්න...ලග වැඩීයි...

අපි හතර දෙනාම උන්නෙ සාලෙ...රතුපාටට හුරු කාපට් එකක් උඩ පෙට්ටිය තියන ස්ටෑන්ඩ් දෙක තියාපු කොල්ලට ඒක ආයම එහා මෙහා කරන සිද්ද උනා.....ඇත් දල දෙකයි...පිත්තල පහනයි.....පිත්තල මල්පෝච්චියි.....ඔක්කොටම වඩා ඒ මල් වඩම් වලින් එන සුවදට පපුව රිදෙනවා...

..අනූ.....හුස්ම ගන්න එපා...එයාලා ඒක අරින්න යන්නෙ.....සැරයි.....තුන්පාරකට පෙට්‍ටිය අරීවි....හුස්ම ගන්න එපා ෆෝමලීන් සැර වදීවි...

මගෙ නිම්න ආයම කියනවා...එයා කියනවා මට හුස්ම අල්ලන්න එපා කියලා ..... කලු සමනලයක් කොහෙන්දො ඉදන් පියාඹගන ඇවිදින් පහනක් ඇවිලෙන ජනත් අයියගෙ පින්තූරෙට උඩින් තනි සුදු ගාපු බිත්තියෙ වැහුවා.....ඒ එක්කම එයාව දාලා තිබුන පෙට්ටිය හිමි හීමීට....කඩින් කඩ.....තුන් පාරකට ඇරියා....අවසානම පාරට සම්පූරනම අරිනවත් එක්කම මාව ගිහින් බිත්තියට හේත්තු උනා....

ජන.....ත්....

මට මිමිනුනා...උදාරට කල්පනට වචන නැති උනා...කල්පනයගෙ ඇස් ඇඩුවා....උදරයා මාව මිරිකගත්තා....

ව...ස්තු.....ජනත්...අයියා....

....දුක් වෙන්න එපා අනූ....ජනත් ඔතන නෑ....එයා ඉන්නෙ නිදාගන ඉන්න රවිදු ගාව....මගෙ අනූ දුක් වෙන්න එපා.....

එයා මගෙ අත ගානවා.....ජනත්ගෙ කාමරෙ බාල්කෙ තවමත් තොන්ඩුව එල්ලෙනවා...ඒ තොන්ඩුව තවමත් ඒ විදිහටම එල්ලෙනවා.....අපි කවුරුත් ඒක ගලවන්න තිය අල්ලන්නවත් හිතුවෙ නෑ....මොකද ..දවසක...ජනත්ව මේ තැනට ඇදපු කෙනාට අපි ඒ තොන්ඩුව ඉතිරි කෙරුවා.....

ඌ තවමත් ලස්සනයි මයුරයා....

උගෙ...වල ගැහෙන කම්මුල් දැන් ගල් වෙලා.....ඇති නේ බන්...

එක....පාරක්.....ඌ...අපිට කතා කෙරුවා නම්.....

මේ ලෝකෙ හැම නින්ද වකින්ම....අපවාදෙකිම්ම.....හැමවේදනාවකින්ම නිදහස් වෙලා සදාකාලික නින්දකට ගියපු ජනත් අයියා දිහාව බලාගන.....උදාරයි...කල්පනයි මුමුනවා...ඒ මුන දිහා බලන් උන්න මම නෙවෙ කටක් ඇරියෙ....මට ජනත් වෙනුවට පේන්නෙ මගෙ නිම්නව.....ජනත් වෙනුවට මම දකින්නෙ මගෙ නිම්නව.....මගෙ වැලමිටෙ එල්ලිලා ඉන්න නිම්න මොනවා කියනවද කියන්නවත් මට ඇහෙන්නෙ නැති වෙනකොට මං හිමින් හිමින් ජනත් අයියා ගාවට ලන් වෙලා ලාවට කලු ගහන් එන ඒ මුන දිහාව බලාගන ඉදලා...ඉදලා...කම්මුලක් පිට අල්ලෙන් අත ගෑවා.....

කල්පන හරි .....වල ගැහෙන කම්මුල් ගල් වෙලා...සීතල වෙලා ගිහින්....වෙනදට එයා ගාවින් එන වැනිලා සුවද මාරු වෙලා ඒ වෙනුවට ඵෝමලීන් සැර මැකෙන්න වූඩො එකේ සැර ෆර්ෆියු එකක් ගහලා....ඒත්...ඒ සුවද පාගගන ෆෝමලීන් සැර ඉහට ගගහා.....ඉහට ගගගා තව දුරටත් ජනත් අයියා අපි අතර නැති බව මතක් කර කර දෙනකොට ....පවුලෙ උන් අතෑරපු ජනත් අයියා වටේට අපි තුන් හතර දෙනා වට වෙලා බලාගන උන්නා...

එයා..හරි...ලස්ස්නයි...නේ....උදාර....

ඒ හිනාව....තවමත් මූනෙ තියනවා නේ කල්පන.....

මයුර....එයාගෙ ටයි එක ඇදුමට ගැල්පෙනවද...මලකුත් ගහලා...මගෙ ජනත්ට වෙඩින් එකක්ද මයුර...

වෙන්දටත් වඩා අද ලස්සනයි බන්...චුට්ටක් කලු වෙලා...හෙට වෙනකොට නම්...හරි පාට එයි නේද කල්පනයො....

කෝ...මේ කනේ කරාබුවක් තිබ්බනෙ....ඒක දාන්න අමතක වෙලාද....කන හිස් කරපුවාම මූනත් එක්ක පාලුයි...මං බැන්නට...එයාට ඒක ලස්සනයි...

උදාර....කනේ කරාබුව තියනවද.....මයුරයා....කරාබුවක් තියනවා නම් දියන්...

මේ ෆර්ෆියුම් එක හරියන්නෙ නෑ....සැර වැඩියි...එයා ආස වැනිලා එකට විතරයි .....මේක අයින් කරපන් කල්පන...පිස්සු....

ජනත් ගාවට වෙලා බලාගන උන්න අපි තුන් හතර දෙනාව ඩිම් වෙලා ගියා...රවිදු ...ඒ ඇවිදින් උන්නෙ රවිදු....බඩු ගෙනාව හර්ස් එක දැකලා බයවෙලා පිටපිටම දෙපාරක් කලන්තෙ දාපු...ආය ආයම හෙම්බත් වෙනකම්ම අඩාපු රවිදු....

ඌ කියවනවා....කියවගනම ඉන්නවා....අපෙන් ප්‍රශ්න අහනව....හැබැයි .....ආපිට උත්තර බලාපොරොත්තු වෙන්නෙ නෑ....එහාට යනවා..මෙහාට යනවා....ඌ මිනිය වටේ කැරකෙනවා...කකුල් ගාව තිබුන වූඩො ෆර්ෆියුම් එක අතට ගත්තු ඌ ඒක හරි නෑ කියලා පැත්තකට දැම්ම විතරක් නෙවෙ....මගෙනුයි රවිදුවගෙනුයි කරාබුත් ඉල්ලුවා....

ඉස්කෝලේ යනකොට ගලවලා යන...ආයම ඇවිදින් දාගන්න කඩුක්කම.මගෙ කනෙ තවමත් ඉතිරි වෙලා තියනකොට මගෙ දිහා බලන් කරාබුව ඉල්ලපු රවිදු දිහා බලපු මං කනේ තිබුන කරාබුව ගලවලා උගෙ අතට මිටිමොලවනකොට උදාරත් උගෙ කරාබුව ගලවලා රවිදුවගෙ අතෙ තියනකොට ඌ ගිහින් කරාබු දෙක දාලා හැඩ බැලුවා....

දැන් ලස්සනයි.....නැත්තන් මුලු මූනම පාලුයි...

රවිදුවා කියවනවා...එ ඇස්වලන් ආය කදුලු වැටුන් නෑ...හැබැයි...උගෙ වචන අපිව රිදෙව්වා...

ඌ බලාගන උන්නා....සුදු පාට මේස් දාපු අත පය අතගෑවා....

එය යන්න යන්නෙ මයුර...

එයා ....යන්න හදන්නෙ....ආය...කවදාවත් ..මේ ගෙදරදි...මට එයාව දකින්න වෙන්නෙ නෑ මයුර....

කල්පනයා....දැන් ඉතින්...අපි කාටත් හදිසියට රීලෝර්ඩ් එකක් දාගන්න වත්.....කෙනෙක් නැති කරලා එයා යන්න හදනෙ....මට කියපල්ලා...කවදටත් වඩා...එයා හරි ලස්සනයි නේ.....දැන් ඉතින්....උඹලට...අපිට....ආයම.....අයියෙ කියලා...කතා කරන්න...හදිසි ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලගන්න.....මේ මොනවටවත්.....ජනත් නෑ....

මොනවා...උනත්...ඌ අපිව....බලාගත්තා.....උදාරයා.....

ඌ වෙලාවකට....අපිට....අප්පච්චි කෙනෙක් වගේ උනා මයුරයා.....

කල්පන....මට කියපන්....එයා....යන තැනක සතුටින් ඉදීනේද බන්.....?

රවිදු....ඔතනින් පැත්තකට වෙනවා....මෙ පාන්දර බහුබූත කියවනවා...මැරුන එක මැරිලා ඉවරයි ඕක අත ගගා අසනීප වෙන්නද....

මොකටද...???මැරුන එකා මැරිලා ඉවරද නැත්තන්....උඹලා ඌව මැරෙන්න ඇරලා බලාගන උන්නද ලොකු අප්පච්චි ???

අපි උන්නෙ ඇවිලි ඇවිලි...ඇස් වලින් කදුලු වැට්‍ටෙව්වෙ නැති උනත් ..උගෙ වචනවලින් ඌ අපේ පපු පහුරු ගෑවා...මගෙ වැලමිටේ එල්ලීගන උන්න මගෙ නිම්න පවා මගෙ අත් ගොබේට මූන ගහන් ඉන්නකොට මෙච්චර වෙලාම කාමරේට වෙලා මොකුත් නොවුන එකෙක්වගේ උන්න රවිදුගෙ මාමා....ජනත් අයියගෙ අප්පච්චි ..ඊටත් වඩා හරිම නම උන ජනත් අයියගෙ මිනිමරුවා ඇවිදින් රවිදුට එහාට වෙන්න කියලා සැර කරනවත් එක්කම ජනත් දිහා බලාගන උන්න රවිදුවා ඒකා දිහා බැලුව බැලිල්ලට අපිවත් ගැස්සිලා ගියා....

ඒ ඇස් වල තිබුනෙ වේදනාවක්....ඒ ඇස් වල තිබුනෙ තරහවක්...ඒ ඇස් වල තිබුනෙ තනිකරම පලිගැනීමක් විතරක් වෙනකොට ඌ කෙලින්ම උගෙ මාමට උඹලා ඌ මැරෙනකන් බලන් උන්නා නේද අහනකොට මිනිහව මොකක්ද වෙලා යන හැටි අපි හැමෝම දැක්කා...

මං කිව්වෙ උඹට ඔතනින් අහකට වෙන්න කියලා ...අනික....ඌ මැරුනෙ විහින්.....උඹ වැලපුනා කියලා පන එනවද....

නෑ...පන එන්නෙ නෑ...අපි වැලපෙන වැලපෙන ගානෙ පන ආවා නම්...අද මේ ලෝකෙ හැම පිට්‍ටනියක්ම හිස් වෙන්න ගියානෙ ලොකු අප්පච්චි ...ඇරත්...ජනත් මැරුනෙ විහින්ද...විහින්ද...නැත්තන්....මට සැකයි.....ජනත්ගෙ අතට කවුරු හරි ලනුවක් දීලා එල්ලියන් කියල බලකෙරුවද කියලා ..මොකද .....මට දෙයක් කියන්න තියනවා කියපු ඌට හවස මැරෙන්න තරම් හේතු තිබුන් නෑ ලොකු අප්පච්චි ....

දැන් උඹ කියන්නෙ මම මූට එල්ලෙන්න කිව්වද කියලද...මේ රවිදු මේ....මලගේ අස්සෙ හන්දා මං.ඉවසනව නැත්තන්

නැත්තන්.....ඇයි...නැත්තන්....උඹයි කුඩම්මයි දෙන්නම එකතු වෙලා මටත් කඹයක් දෙනවද.....මතක තියා ගනින් ලොකු අප්පච්චි ...ඌ එල්ලුනෙ...මුදුන් ලීයෙ.....උඹලා කාටත් වගතුවක් නෑ....උඹලා..කාටත්....

ඇති රවිදු....ඕක නවත්තපන්....මේකෙන් වෙන්න ජනත් අයියට සැනසීමක් නැති වෙන එක....ඌ කැමති නෑ උඹ දුකින් ඉන්නවට.....

මන් ගිහින් රවිදුව අල්ලගත්තා....වේදනාවෙන් උන්න රවිදුවා මෙතන තව මොනව කියයිද ජියන්න නොදන්න මම ඌව අල්ලගන සන්සු කරවනකොට ජනත්ගෙ ඝාතකයා ආපහු කුසිය පැත්තට ගියා. .අපි හතර පස් දෙනා ආයම තනි උනා....රවිදුවා ජනත් අයියගෙ කාමරෙට ගිහින් ෆර්ෆියුම් එක ගෙනාවා....

එයා කැමති නෑ බන් වෙන ඒවට....ඔලුව කැක්කුම අල්ලනවා එයාගෙ සැර සුවදවල්වලට.....

නලලට සිද්දාලේප ටිකක් ගෑවා නම්...හරි යයි නේ බන්....කොහෙද ..මුන් මගෙ සැනසීම නැති කරනවා....පව්.....එයාට සැනසීමක් නෑනෙ.....

.රවිදුවා.....වරෙන්කො...අපි ගිහින් ඉදගමු....

උඹලා යමල්ල බන්...මං එයා එක්ක ඉන්නම්...පව්....තනියම....එයා ගාව කවුරුත් නෑ...මං ඉන්නම් බන්...අනික මේ ලයිට් එලියට මෙරුවොත් එනවා....කොල අත්තක් වත් එල්ලන්ඩ එක පකෙක් නෑනෙ.....මූනට වැටුනොත් එහෙම.....

එහෙනම්..අපිත් උඹ එක්කම ඉන්නම්.....

එලියට යන්න හදපු අපි ඔක්කොම ආයම නැවතුනා.....පුරුදු විදිහටම මගෙ පොඩි නිම්න ආයම මගෙ කකුල් දෙක උඩ ඉදගන්නකොට ...කල්පන ගාව උදාර නැවතුනා....රවිදුවා විතරක් ජනත් අයියා ගාව හිටගන පත්තර පිටුවක් අරන් එයාගෙ මූනට මෙරුවො වැටෙයි කියලා පවන් ගහ ගහ ඔහේ බලාගන ඉදලා අවසානෙදි ඔලුව අත ගාන්න ගත්තා...

ඒ ඇස් වලින් අවසානෙදි කදුලු වැටුනා....උගෙ උරහිස් එකම දිගට ගැස්සෙන්න ගත්තා.....අතේ තිබුන පත්තර පිටුව අතින් බිමට වැටෙනකොට රවිදුවා ඒ අත් දෙක අල්ලන් ජනත් අයියගෙ උනුහුමක් නැති පපුවට මූන ඔබාගත්තා...

මට උඹ නැතුව පාලුයි...ජනත්....

ඇයි ..වස්තුවෙ....උඹ මගෙන් උත්තරයක් නාහාම යන්න ගියෙ ...

ජනත්...මං...උඹට ආදරෙයි...මං....උඹට....ආදරෙයි ..අයියෙ...මං..දන්නවා....උන්....උඹව මරාගත්තා.......

ඉතින්....සදාචාරෙ රැකීමට....ජීවිතේට තිත තියාපු උඹට....සුභ ගමන් මගෙ වස්තුව...මං එනකන්...පරිස්සමින් ඉදපන්...රත්තරන් .......

රවිදුව ඇඩුවා මදිවට අපිවත් ඇඩෙව්වා.....අවසානෙදි ඌ කෙලින් උනා...කදුලු පිහදගත්තා...නලලට හාදුවක් තිබ්බා.....අපි දිහාවට හැරුනා.....

...එයාගෙ....පාංශු කුලේට...අපි හතර දෙනා විතරක් ඇති ...වෙන කවුරුත් ඕන නෑ බන් .....

මට මහන්සී...එයා මගෙ ගාව ඉන්නවා...හරියටම ...මයුර ගාව.....උගෙ බුංජියා ඉන්නවා වගේ...මං තනිවෙලා නෑ බන්...මෙච්චර කාලෙකට..මං උන්නෙ තනිකඩවනෙ....මං...උඹලා තුන් හතර දෙනාටම කියනවා...තව දුරටත් මං තනිකඩ නෑ බන්.....මං.....ජනත්ගෙ කොල්ලා....!!

උඹලා...මයුරයා වෙනුවෙන් ෆුල් සූට් හෙව්වා වගේ...මං වෙනුවෙනුත් ෆුල් සූට් එකක් හොයපන් කල්පනයා...

මං...එයාට ආදරෙයි....උඹලා හැමෝම මගෙ ආදරේට සාක්ශියි ...!....මයුර කිව්වා හරි ....ආදර කතා මැරුනත් පුරාවෘත මැරෙන්නෙ නෑ බන්....මයුරනිම්න වගේම....ජනත්රවිදු කියන්නෙත්...පුරාවෘතයක්...උඹලා හතර දෙනාටම ශිප් නේම් තියන එකේ...මටයි ජනත් අයිටයිත් නමක් දියල්ලා මයුරයා....

එයා...තව පැය ගානකින් යන්නම යන්න යාවි.....

මම..එයා නැතුව...එයා එක්ක ජිවත් වෙන්න පටන් ගනීවි.....හරියටම ..මයුර උඹ වගේ. .....අපිට පුලුවන් බන්....ඔය බෝට්ටුව හබල් ගාන්න.....

මං ..එයා එක්ක ටිකක් තනිවෙන්නම්...උඹලා නිදාගනිල්ලා.....

පෙම් කවක් ලියූ නුඹ

සිත් අහසෙ...

එය මකා දමා ගිය හැටි රහසෙ....

🥺ආයම එනකන්...පයිස්සමින් ඉන්ඩෝ....

🥺 කොට රවිදුවට සිප් නේම් එකක් දීපල්ලෝ....!

චූචි බුංජියට තෑගි දෙකක් හම්බුනානෙ. ස්තූතියි නිශි නංගා🥺🥺😘❤️❤️ ආතරෙඋඉ...

ඒනම් පයිස්සමින් ඉන්ඩෝ

ආතරෙයි ...සංසාරයක් පුරාවටම !

මං ජොබී...

Nedeesha ...

More Chapters