WebNovels

Chapter 33 - 33

මං ආපිට උඩට දිව්වා....

නිම්නගෙ මූනෙන් එකයි හුනු...ඔලුවෙන් එකයි හුනු.....හුනු කොට්ටෙ ගසලා තියෙන්නෙ නිම්නගෙ ඇගට ගහලා වගේ...

මයුරයා....පොඩ්ඩක් ඉදු .....මයුරයා...බුංජියා පනිවිඩයක් කියන්න කිව්වා...

ඇදන් උන්න සුදු කලිසමත් පොඩ්ඩක් උස්සගත්තු මං පඩි පෙල නැග්ගෙම පඩියක් ඇර ඇර....බහිනකොට නම් පඩි දෙකක් තුනක් නෙවෙ දහයක් ඇර ඇර බැස්සත් නගිනකොට බෑ..අමාරුයි...කලිසමේ ගොල්පිය ගාවින් හිර වෙනවා...

මගෙ පස්සෙන් එන කල්පනයා කෑ ගැහුවා.....බුංජියා පනිවිඩයක් කියන්න කිව්වා ගගා මූ නගින පඩියක් ගානෙම කෑ ගැහුවා උනත් හිතේ තියන ආවේගෙ වාශ්ප වෙයි කියන බයට මං නවතින්නෙම නැතිව දිව්වා උනත් දිවීමෙ කුසලතාව ඕනාවටත් වඩා තිබුන, ඉස්සෙක් වගෙ පැනීමෙ හැකියාව අතේ අරන් ඉපදුන කල්පනයා තරගෙට කලියෙන් හති වැටුන බයිසන් හරකෙක් හා සමානව හති ලාගන ඇවිදින් මාව අල්ල ගත්තා....

පොඩ්...ප්..පොඩ්ඩක්...හිටු...හුත්තො...

හති..යකො...හති..දනිස්වල සෙවල නෑ වගේ...අම්මට කියන්න ඕනෙ තුන් වේලම බන්ඩක්කයි වම්බටුයි ගිල්ලන්න කියලා.....බු..බුංජි පුතා තොට පනිවිඩයම් කියන්න කිව්වා ...

මොනවද....

අපි දෙන්නම උන්නෙ අපේ පන්තියට අඩි දෙක තුනක් දුරින්..... පඩිපෙල මුලම තිබුනෙ අපේ පන්තිය..කියන එකක් කනේ තිබ්බා වගේ ඇහෙනකොට මන් අහගන පස්ස පේලියෙ ඉන්න එවුන් මොනවට හරි හිනා වෙනවා....

මට කියපන් නිම්න මොනවද කිව්වෙ...

ගහන එක...ගහන..එක දීලා අතාරින්න කිව්වා...ඇට ගැල වෙන්න..සද බොද වෙන්න...එච්චරයි ඌ කිව්වෙ.....තව....මොකුත් නෑ....

මං කල්පනයා දිහා ඇස් හීනි කරලා බැලුවා..මොකද මලාටවත් නිම්න ඔහොම කියන් නෑ.....

බොරු නොකියා ඉදපන්....

බොරු තමයි....යකො...අරහෙ ඉන්න බුංජියා යකෙක් උනාට මෙතන ඉන්නෙ දැන් ඉපදුන නොදරු පැංචෙක්.....ඒකා කිව්වා වැඩිය ගහන්න එපා කියලා ...ඒ උනාට ...මයුරයා...ඌ අත තිබ්බෙ මගෙ බුංජි....නෑ..නෑ..අපේ...බුංජි....ඕහ්....ඉතින්...හරි.....උඹගෙ බුංජියට...ගහන එක ගහ....ඇට කොස් ඇට වෙන්න....

අරුන් ඇයි හිනා වෙන්නෙ.....??

මං කල්පනයගෙ රේඩියෝව අහන් ඉදලා ආයම පන්තිය පැත්තට කන දැම්මා.....

අරකටත් ගාපන්.....ගාලා පිහපන්...දැන් බලන්න බැරි යෑ...අලුත් මනාල ජෝඩුව අද කලිසන් නැතුව යන හැටි....

නිසලයා.....ඔන්න ඕකෙන් අරූගෙ පුටුවටත් ගාපිය...මට පේන්න බෑ ඔය හතරැස් කට තියන එකාව.....මුන් අනුරුද්දෙ කොහොම උන්නද මන්දා...සාප මොන මගුලට මෙහෙට ආවද.....උගෙ වාසගම මොකක්ද බන් කිවේ....

කල්දේරා....

අමොර්...අමොර්...කල්දේරම.....එයි දැන් වරෙන්කො.....වරෙන්කො...

නිසලයා අරූ ගිහින් උගෙ අම්මට කියයිද දන්නෙ නෑ....ගෑනු ලමයනෙ ඔක්කොම ගිහින් අම්මට කියන්නෙ සමනලයා...පිම්පියා...ඔක්කොටම ගිහින් අම්මගෙ කනේ තියනවා...හිටුකො...අනිත් දවසෙ මුගෙ මේසෙ උඩින් මල්වඩමක් තියනවා....මං අපෙ අම්මටත් මූ ගැන කිව්වා අම්මා කිව්වා මුන් පව් ගෙවන්න ඉපදුන උන් කියලා ...ඇත්ත තමයි...

අම්මට කිව්වත් මොකද ...ස්ටාෆ් එකේ එකෙක් වත් උගෙ අම්මව ගනන් ගන්නෙ නෑනෙ....සුචිත්‍රා මැඩම් මොනවා හරි කියන් ආවොත් කියනවා....අත්වැරද්දක් කියලා ....ඊටත් වඩා මොනවා හරි දේසනා කරන්න ආවොත් අනේ මැඩම් ඔය සමනලයව හදා ගන්න කියනවා.....ඊ....අප්පිරියයි මට ඒ හුත්තගෙ මූන දකිනකොටත්....ඊටත් අර ඌ ගාවම ඉන්න එකා...සදුදට සාහිත්‍ය කවේට සින්දුවක් කියන්නම් කියපු එකා...ඒ අනිකා...

මට පෙන්න බෑ.....මගෙ ඇස් වලට පේන්ඩ බෑ.... ඌ ඉන්නෙම මහ අයියා ලයින් එකෙන්.....ඉදුකො...ඉදුකො....ඕකගෙත් ගෑස් බස්සලා ගන්නම්.....උඹට කියන්න ඉදුනිලා කිව්වා ඔවුන්ට එදා ස්ලැබ් එක උඩදි අඩ අඩ දුන්න ගැහුවා කියලා ....

ඇත්තටම ඇයි බන් මයුරයා මුන් ..මුන් නම් රෙද්දෙ පිහන්න ඕන උන් අම්මපා...අපේ රෙදි කෑලි වල වත් මෙහෙම පගයි නැතුව ඇති..මහ වේසයි ඈ....ඇත්තටම මුන් බන් මොන ජාතියෙද ..කොල්ලො...ළමයි....කිසිම අප්ඩේට් එකක් නෑ...අවංකවම.....ඊටත් අඩ අඩ දිව්වෙ අපිද ඉදුනිලාද කියකො...ම්ම්ම්..හරිම අගෙයි.....නිව්ස් එක මාරු කරන අයුරු නම් ඈ.....ඊටත්.....මොනාද බන් මුන්ගෙ අම්මලා මුන්ගෙ ඔලුවලට දාන කුනු....???පව් කාරයි කිව්වලු...මුන්ගෙ ගොබ්බ හැසිරීම ගැන අහන්න දෙයක් නැ මයුරයා...ගෙවල් වල ඉදම්මයි මුන් විසබීජ ගේන්නෙ....

මං උන්නෙ දත්මිටි කාගන....මගෙ නිම්නට පව්කාරයි කියපු කතා හරි අමාරුවෙන් ඉවසගන.....ඒ විතරක් නෙවෙ මං අහම්බෙන් වගෙ නිම්නවත් දැක්කා....හෙමින් ගහන්න කියලා කල්පනයා අතේ පනිවිඩ එවාපු මගෙ නිම්නයා එනවා....එහෙන් පිහ පිහ මෙහෙන් පිහ පිහ හිටපන්...මං අද හෙමින්ම ගහන්නම්....උඹට පව් කාරයි කියපු එකාගෙ ගෙදරට මල් වඩමක් ගිහින් නොතිබ්නොත්...මං උඹගෙ මයුර නෙවෙයි නිම්න.....

මං යටි තොල හපාගන බලාගන උන්නා....

අපි තුන් දෙනාගෙ පුටුවලට මොනවා හරි ගාපු උන් මගෙ නිම්නට වගේම කල්පනයට..මට.....සුචිත්‍රා මැඩම්ට හැමෝටම බනිනකොට මං කල්පනයා දිහාව හැරිලා බැලුවා....

මං සැමන් කුමාරව බලා ගන්නම්...මාරු කරපන් පුටු තුන....මාරු කරලා පාඩුවෙ ඉදපන්.....

ඇයි සැමන් කුමාර....ඌ අර පොතට එබිගන පොත කනවනෙ.....ඌව එපා අර නිසලයට ගහපිය...

ඒක තමයි....උගෙ එකම වරද...අහිංසක උන්ව පාගනකොට ඇස් කන් වහන් ඉදලා....උන් උන්ව රැකගන්න කට ඇරපුවාම නම් ලියන එක.....

කල්පනයා...කල්පනයා...ඔය දියවන්නාවෙ ඉන්න උන් . ....එතකොට ..ඔය රජයෙ නිලදාරි කියලා යටින් ගේම ගහන හැම පගයම එන්නෙ මෙ වයස පහු කරලා ..බලපන්....නිම්නට ගහනකොට ඔය සැමන් කුමාරයගෙ ඇස් තිබුනෙ වැහිලා....උගෙ විතරක් නෙවෙ...මුලු පන්තියෙම....එතකොට ...දැන් බලපන්...අපි ගිහින් වනන්න ගත්තම මුන් කරන්නෙ උන්ට ගහන්න ගත්තා කියලා අඩන එක.....

ඉල්ලන් ටින්කිරි පුකේ ගාගන්නවා...කියන්නෙ ඕකට තමයි.....පාඩුවෙ ඉන්නකොට ගහලා...අපි ගහන්න ගත්තම නහින්න හදනවා.....මයුරයා.....කියවල තියනව නේ....ක්ශේක්ස්පියර්ගෙ ශෝකාන්ත හතරක් පොත....

ම්න්....කියවලා තියනවා...මේ ඒකාලෙනෙ....අද ඉදන් ලියන්න පටන් ගනින්...සැමන්කුමාරගේ ජීවිතේම ශෝකාන්තයක් පොත....පලයන් ඇතුලට..මං සැමන් කුමාරව අල්ලගන්නම්.....මොකුත් කියන්න කරන්න එපා...නොදන්න එකා වගෙ පලයන් .....

මං කල්පනයව ඇතුලට තල්ලු කෙරුවා...කල්පනයා එනවත් එක්කම මෙච්චර වෙලා කියව කියව උන්න උන් මීයො වගෙ අදාල තැන් තැන් වලට ගිහින් ඉදගන්නකොට පන්තිය අස්සෙන් ඇහුන කම්මුල් පාර එක්ක මුලු පන්තියම මීක් නැතුව ගියා ..ඒත් සැමන් කුමාර විතරක් යටි ගිරියෙන් බෙරිගන් දුන්නා...

ම්....මයු....ර....ඇ...ඇයි....

ඇයි අහන්නෙද....ඇයි අහන්නෙ...වට පිට බලලා ඇයි කියලා හොයා ගන්කො...ම්ම්ම්.....බලපන්...බලපන්...

මේක උඹගෙ පන්තියනෙ....ඇයි කියලා හොයපන් .....උඹ මොනිටර්නෙ...පන්තියෙ පලවෙනියා උනෙ සැමන් කුමාරනෙ....බලපන්...ඇස් කන් කට පුක...ඔක්කොම ඇරලා....ගුටි කන්න හේතුව හොයාගනින්.....

අරූ කම්මුල අල්ලගන වටපිට බැලුවා...මං ගැහුවෙ තාම සැමන්කුමාරගෙ කම්මුලට විතරයි...ඒත් ඒ පාරෙ වේදනාව පන්තියෙන් බාගෙකට දැනිලා තිබුනා ..කයිවාරු ගහපු උන්ව සුදු වෙලා ගිහින් තිබුනා ...කෙල්ලො උන්ගෙ මල් මල් ලේන්සු හපාගන අනේ හුනේ ..පනේ ගාන්න ගත්තා ...ඒකිලා දන්නෙ ඔච්චරයි ....අනේ පනේ තනෙ වැනේ වගෙ තමයි...ඔක්කොටම හූ මිටි දිදී බලන් ඉදලා...අවසානෙදි අනේ හුනේ ගානවා...

මයුර ඔයා ඇයි මට ගහන්නෙ..මොන..හේතුවටද මට....ග් .....ගහන්නෙ .....මං...කරපු වැරද්ද මොකක්ද මයුර...

ගහන්නෙ පලවෙනි හේතුව ....උඹ වගෙ පෙන්දෙක් පන්ති නායකයා උන එක....උඹට කරන්න බැරි "මොකෙ පනිටර් කම්" බාර ගත්තු එක...

ගනින් කොලයක් ..අරන් ලියපන් මුලින්ම මගෙ නම....

...ඇ...ඇයි.....මං....ඔයාගෙ නම...

ඇයි අහන්නෙ මං උඹගෙ කනට ගැහුවනෙ ....ගනින් ගනින් ..කෝ...ගන් කොලයක් ....අරන් ලියපිය ....ලියපිය මගෙ වාසගම එක්කම නම.....

අ..අනේ...මයුර ..ඔයා වැරද්දක් කෙරුවෙ නෑනෙ....මයුර....

ආ..ආ...ආ..හරි වේසයි සැමනෝ...මයුරයා උඹගෙ කන් බෙරේ හිල් වෙන්න ගහලත් උඹ කියනවනෙ මයුර වැරද්දක් කෙරුවෙ නෑ කියලා.....ආ බන්...උඹට රිදුන් නැද්ද .....ආ සැමන් කුමාර...ඒකෙන් වැඩක් නෑ....ගනින් උඹගෙ අර පුස්කොල පොත අරන් ලියපන් රතු පෑනෙන් මයුරයා කනට ගැහුවා කියලා .....පස්සෙ..හේතුව දාපන්...උඹ වගේ ලන්තෑරුමෙක් පන්ති නායක කම බාර ගත්ත වරද.....අන්න ඒක තමයි මුල්ම පාරට හේතුව.....

ඇහුනනෙ...සැමන් කුමාර...කො...ලිය ලිය...බෙල් එකත් ගැහුවා...ලියපන් ඉතින්.....

මං අරකව හෙලෙව්වා...කෙල්ලො ටික හූල්ලනවා..අනේ...සමන් කුමාර පව් කියනවා...එතකොට නිම්න....නිම්නට ගහනකොට ඒකිලාගෙ කටේ හොරිද නිම්නත් පව් කියන්න....ඊ ගානව...ළඟින් ගියත්....ඊ...ගානවා...හරිම බිබික්කම් සවාන් ටිකක් තමයි....ඊ...තමයි...ඊ...

මයුර...මට ...ඒක වැදුන් නෑ වගේ ඉන්නම්...ඕන නෑ මයුර ...මම ඒක අමතක කරන්නම්.....

අඩේ...අඩේ...සැමන්....ඕකනෙ බැරි ..දැන් ඕකම නිම්න අතින් උනා නම් තෝ කලාපෙටත් කෝල්....ඉසුරුපායටත් කෝල් කරලා කියනවනෙ... බෙදනකොට හැමෝටම එකම හැන්ද අරන් බෙදපන් සමන්.....මට වෙන හැන්දක් එපා...ඒක හින්දා ලියපන්...ලියපන්.....කෝ ලියපන් මන් උඹට ගැහුව එක ලියපන්.....

සමන් කුමාර බය වෙලා...ඌට කාගෙන් වත් පිහිටක් නෑ...අඩුම ගානෙ පන්තියෙ උන්න මදාවියන්ගෙන් වත්...ගහපු පාර ඌට වැදුන් නෑ වගේ ඉන්නම් කියපු සමනා ආයම ඉදගන්න යනකොට මං ඒකව ඇදලා අරන් ඌ ලව්වා මගෙ නම ලියෙව්වා...

රතු පෑන ගත්තු සමන් කුමාර මගෙ නම ලිව්වා...ලියලා මා දිහා බැලුවා විතරයි මගෙන් දෙවනි කම්මුල් පාරත් වැදුනා....මං බලාගන හැංගිලා උන්න නිම්නයා ආපිට දුවනවා...කිව්වත් වගේ මු අම්මට කියන්න දුවනවද...ඔක්කොම ගිහින් අම්මටනෙ කියන්නෙ.....අනේ මගෙ හුරතල් මගුල...හෙමින් දුවපිය ...වැටුනොත් එහෙම මං උඹගෙ කකුල් වලටත් උම්ම දෙයි...උඹ ගාව ඒ තරම් පිස්සෙක් බන් මම...

..ඇ...ඇයි...මයුර.....ඇයි...මට

ඒ මයුර....උඹ මොකටද ...සමන් කුමාරට ගහන්නෙ.....

නිසල්...ඒක මයුරයයි සැමනයි බලාගනින්....ඉල්ලන් ටින්කිරි පුකේ උලාගන හත්පොලේ ගාන් වන කරගෙන්නෙ නැතුව කන පාත් කරලා නැට්ට්ට අකුලන් පලයන්කො උඹගෙ පුටුවට...අනික මට ආරන්චියක් ආවා උඹට මාව පේන්න බෑ කියලා....ඉතින් ඉඹ හිතනවද උඹ වගේ ඔටු ලබ්බෙක්ව මට පේන්න පුලුවන් කියලා ...නෑ...යකෝ..නෑ...මටත් උඹව පඩේකට වටින් නෑ...ගිහින් ඉදගන්...පල පල....පල...ඔය හුනු කොට්‍ටෙත් දිලා පලකො....අනික මොකාගෙ අම්මද බොල කිව්වෙ නිමන්ගෙ පව්කාර කම කියල...මොකාගෙ අම්මද ඒ....එතකොට එ අම්ම දන්නෙ නැද්ද ඒ අම්මගෙ පුතා ඇවිත් ඔක්කොටම වඩා අංග විකල මන්දමානසීක ගොබ්බ ඩයල් එකක් කියලා...???

කල්පනයා නිසලව අල්ලගත්තා..ඌට පෙට්ටි කටා කියපු එක.....මට බැනපු එක....නිම්නට බැනපු එක...හුනු කොට්ටෙන් ගහපු එක...නැන්දම්මට බැනපු එකට..මේ ඔක්කෝම ගියෙ නිසලගෙ එකවුන්ට් එකට වෙනකොට මාරු කරාපු පුටුවෙ ගිහින් නිසලයා අපූරුවට වාඩි වෙනකොට මං ආයම සැමනා දිහා බැලුවා....

දෙවනියට දාපන් තවත් තරු ලකුනක්....උඹ පලවෙනි පාර කෑවෙ උඹ නායක කම ගත්තු වරදට මගෙන් ගුටි කෑව කියන හේතුව....

දෙවනි එක...උඹට පන්තිය පාලනෙ කරගන්න බැරි උන එකට උඹ මගෙන් ගුටි කෑවා කියන වරද.....හරි...කෝ...ලියපන්...ලියපන්...තව ශොට් එකක් ඉතුරුයි ..බලපන්...උඹගෙ හුරතල් මුන රතු වෙලා...අප්පට සිරි....කට ගාවත් චූට්ටක් පැලිලා...ඕකට අමුවෙන් සර්ජිකල් ටිකක් දැම්මම හරි...කෝ....හොද එකානෙ..ලියපන්.....තුන් වෙනි එක ගහන්න කලින් ලියපන්...ලියපන්.....උඹට මං ගහන හේතුව තේරෙනවනෙ...කෝ...ලියපන්.....උඹට බැරි උනා හුනුකොට්ටෙන් සෙල්ලම් කරන එක නවත්තන්න..ඒක අවුලක් නෑ කියමුකො...ඒ උනාට උඹට බැරි උනා එකම ලමයෙක්ව අල්ලන් උන් සෙල්ලම් කරනකොට ඒක නවත්තන්න...ඉතින් කියකො...තොට නායක කම දුන්ට උන්ටයි...ගත්ත තොටයි නෙවෙද ගහන්න ඕනෙ...ම්ම්ම්...කෝ...ලියපන්..ලියපන්.....

මං මේ හදන්නෙ...මේ ගොන් කම් ඉස්කෝලෙම්ම නවත්තන්න..මොකද....තව ඉස්සරහට තොපි වගේ එවුන් ජන්දෙ ඉල්ලන්න ගත්තොත් සුන්දර සිරිබරිනිට අම්මටම සිරි වෙලා...අපිට වෙරි වෙනව.....ලියපන් සමන් කුමාර....ලියපන්.....

මං සමනගෙ උරහිසකින් අල්ලන් ඌට මාව පාවා දෙන්න කිය කිය ලිව්වට කොලේ ලියෙව්වෙ උගෙම දුර්වල කම් ගැන ලියවපු එක වෙනකොට පන දීලා හරි පට්ටම රැකගන්න ජාතියෙ එකෙක් උන සැමනා පෑන පැත්තකට දාලා මගෙ දිහා බලලා අවසානෙදි මුලු පන්තියම දිහා බැලුවා...කෑවෙ ඩෑස් දෙකයි....සැමනට ගණ දෙවි නුවණ පහල උනා.....මිනිහට වැටහුනා මොකටද මු ගුටි කන්නෙ කියලා......නැ...මං කියන්නෙ ඇත්‍ත...මුන් වගෙ උන් ජන්දෙ ඉල්ලුවොත්....අපිට වෙන්නෙ තවත් හොම්බෙන් යන්න..අදුරු වලාපට අතරින් නැගිටින්න ගිහින් නැගිට්‍ට පාර තාම ඉදගන්න බෑ....

මයුර...මට විනාඩියක්..දෙන්න පුලුවන්ද ...

ම්න්..දෙන්නම්...තුන් වෙනි පාර කන්න කලින් විනාඩියක් දෙන්නම්...මොකද මරන දන්ඩනේ දුන්න එවුන්ටත් අවසන් කැමත්ත කියන්න වෙලාවක් දෙනවනෙ.....ගනින්කො විනාඩිය....

මං බලාගන උන්නා...මගෙන් විනාඩියක් ඉල්ලපු සැමනා මුලු පන්තියම දිහා බැලුවා....මිනිහට ඇඩෙන්න ඔන්න මෙන්න...ලැජ්ජාව....එකක්...අනික උගෙ පට්ටම තව එකක්....නිසලා ඉදගත්තා ඉදගත්තමයි තාම නැගිට්ටෙ නෑ.....පුටු මාරු කරාපු කල්පනයා අනෙ...උගෙ පාඩුවෙ පුටුවට වෙලා සන්දර්ශනෙ නරඹන ගමන් උන්නා.....

කව්ද නිම්නට හුනු කොට්ටෙන් ගැහුවෙ.....??? මොකාද...එනවා ඉස්සරහට....නැත්තන් මං තමුසෙලා ඔක්කෝවම අරන් යනවා වයිස් ගාවට.....

කියපල්ලා...මොකාද පටන් ගත්තෙ හුනු කොට්ට සෙල්ලම....තොපි හින්දා මමයි ගුටි කෑවෙ...කියපියව්...මොකාද නිම්නට හුනු කොට්ටෙන් ගහපු පරයා...නැකිටපියව්....තොපි හින්දා මට වෙන්නෙත් ඔෆිස් ගානෙ යන්න...තොපි හින්දා මට වෙන්නෙත් නිස්කාරනේ ගුටි කන්න.....ඔය සමන්දිනි....උඹගෙ කොල්ලට කියපන් පාඩුවෙ ඉන්න කියලා ...හරි....උඹලට පාන්දර ඇවිත් මේක අස්සෙ මගුල් නටන්න දීලා ඒකටත් මට අද හෙටම ඔෆිස් යන්න වෙයි....කියපියව්...මොකාද පටන් ගත්තෙ හුනුකොට්ට නාඩගම...

ම්ම්.....සමනගෙ ගට...යකො...කව්ද සමන්දිනී...පාන්දර පාන්දරට ඇවිත් කොටුත් පනිනව..හැබැයි හොයන්නෙ අනුන්ගෙ රෙද්දෙ තුත්තිරි....පුදුම අසහනයක් නෙ තියෙන්නෙ ...ඕකට බේත් ගන්න අවශ්‍යයි.....

පස්සට වෙලා උන්න මම ඩෑස් දෙකෙන් පන ආව සැමන් කුමාරගෙ ගට දිහා බලන් ඉන්නකොට කොහෙන්දෝ ආව පොල්කාවයියෙක් හරි වැරද්ද කියවන්න ගත්තා...

ඒ උනාට සමන් මයුරට අයිතියක් නෑ උඹට ගහන්න...නිම්නට ගහපු එකා හොයන්න කලින් උඹට ගහපු එකට ඇක්ශන් එකක් ගනින්....උඹ නායකයනෙ....නේ.....උඹට ගහන්න බෑනෙ එහෙම...

ඇත්තට...මූ නායකයද...එහෙනම් ඇයි තොපි මූ කියන දේ නාහන්නෙ.....ඇහුනද සැමන් කුමාර උන් දන්නවා උඹ නායකයා කියලා ඒ උනාට බලපන්....එකෙක් අහන් නෑ උඹ කියන කිසිම දෙයක්....තව විනාඩි පහෙන් සර් එයි...උඹ ගුටි කාපු එකට හේතු දෙන්න ගියොත්.....උඹටමයි ලැජ්ජාව...ම්ම්ම්...ලැජ්ජා වෙලා බැජ ගලවගන්නවද...නැත්තන්...ගොනෙක් නොවී පන්තිය බලාගන්නවද....තීරනේ උඹගෙ අතේ....ම්ම්ම්ම්ම්ම්ම්ම්...එක කොල්ලයි...ළමයි හතලිහයි...ලජ්ජයිනෙ සැමන්..ඈ...ලැජ්ජයිනෙ...උඹ නායකයද...එකෙක් තැලෙනකොට උඹට පුලුවන්ද පාඩම් කරන්න .....ඉද්දකින් අඩේ...ඉද්දකින්...මං උඹට විනාඩියක් දෙන්නම්...මොකද තව විනාඩි තුනයි ඉතුරු....එන්න කියපන් උන්ට...නැත්තන් ..උඹ ගුටි කාපන්...පලවෙනි ශොට වගේ නෙවෙ....තුන් වෙනි එක...කන පැලෙයි ආ.....

ඊලගට ඔය කට දාපු කාවයියට මං මේ කියන්නෙ.....ගොට්ට අල්ලනකොට හොදට අත්දෙක වකුටු කරලා අල්ලපන් නැත්තන් ඔය ඇගිලි කරු අස්සෙන් එලියට බේරෙයි ...ගුටි කෑවෙ උඹ නෙවෙනෙ...ඌනෙ....පාඩුවෙ ඉදින්...

අහකින් කටදාපු කාවයියටත් වචනයක් දෙකක් කියපු මං සමන් කුමාරයගෙ කම්මුල පිට අල්ලෙන් අත ගෑවා.....ඉදගන උන්න නිසලයටත් මොකක් හරි තේරිලා එහාට මෙහාට ඇබරි ඇබරි නැගිටින්න හැදුවා වගෙම එක තත්පරේකින් උන දේ තේරිලා උගෙ මුන බලාගන ඉන්නකොට ඇකිලිලා ගියා විතරයි මාවත් තල්ලු කරාපු සමන් කුමාරයා බෝර්ඩ් එක ගාවට ගිහින් හුනු කූරක් අරන් එකින් එකාගෙ නම් ලියන්න ගත්තා....

බලන්න නයනී...මූ ගහන්නෙ මොකාද...ගහන්නෙ කාටද කියල හොදටම දැන දැනනෙ මේ මොකුත් නොදන්න එකා වගේ මූන ඔබාගන පාඩම් කරලා තියෙන්නෙ....

එ...ඒ... සමන් කුමාර උඹට පිස්සුද...මං කොහෙද නිම්නට ගැහුවෙ....

ඇයි ඇයි නිසලා උඹනෙ මුලින්ම ගැහුවෙ...නේ....නිකන් මාරු නොවී ඉදපන්.....

කොහෙද හුත්තො මං ගැහුවෙ තොපි දැක්කද.....ඇරත් කොට්ටෙට හුනු ගෑවෙ මොකාද.....උඹනෙ.....

ම්ම්ම්..නායිස්....හරිම....අගෙයි...ඩෑස් දෙකයි.....බලපන් මයුරයා.....අපේ පන්තිනායක උතුමානන්ගෙ අකුරු වල හයිය.....බලපන් එකාට එකා පාවා දීගන්න අපූරුව.....හැබැයි මුන් හෙන චාටර් ...මුන්ට තියෙන්නෙ වෙනම මානසීක මට්ටමක්.....උන් උන් නිම්නට රිදවන්නෙ ආතල් එකට මිසක්.....වෙන දේකට නෙවෙ...ඇරත් මුන් ඔය සේම් සෙක්ස් ලව් කියන මාතෘකාව මොන තරම් ගැඹුරුද කියන්න දන්න එවුනුත් නෙවෙ මයුරයා....කොල්ලො කොල්ලො සීන් එක කියන වචන ටික එලියට අරන් නිම්නට ගහන උන් ඉන්නෙ....

මෙච්චර වෙලාම ඉදගන උන්න කල්පනයා ආයම මා ගාවට ආවා....ඇවිදින් එකාට එකා පාවා දෙන හැටි බලාගන උන්නා ....සමන් කුමාර එකම දිගට නම් ලියන් යනකොට සින්හල ගුරාට බය උන උන් ටික එකාට එකා...එකාට එකා පාවා දීගන්නකොට මොන හේතුවට හරි එලියට දුවාපු මගෙ නිම්න ආයම ඇවිදින් බිත්තියක් මුල්ලෙ හැංගීගන් බලන් උන්නා....මං සමන් කුමාර ගාවට ගියා....

උන්ට සමාව ගන්න කියපන්....නැත්තන් හුනු කොට්ට පාරකන්න කියපන්..එතකොට දෙපැත්තම සමානයි...චැප්ටර් එක ක්ලෝස්...හැබැයි....අහු මුලු ගානෙ ඉදාලා ආයාම එහෙන් මෙහෙන් ඇනිලි....කෙටිලි බෑ...එහෙම උනොත්....ගැහුවොත්.....මරනවා...කිපන්...ඇවිත් නිම්නගෙන් සමාව ගන්න කියලා ....උඹ දන්නව මේක වැරද්දක් කියන්න....ගන්න කියපන් සමාව...උඹට බැරි නම්...මම කියන්නම්...කෝකද ලේසි...උඹ මොනිටර් ..මං නිකම්ම නිකන් එකෙක්.....හැබැයි...උඹට කන්‍ට්‍රෝල් නැති උන්...මට කන්ට්‍රෝල් වෙනවා කියන්නෙ...ඊලග ටර්ම් එකේදි ඔය බැජ් එක මගෙ වෙන්නත් පුලුවන් සමන්...එහෙම උනොත්...හිට්ලර් ආවා වගේ තමයි ආ...

ම්ම්.....මං කියන්නම් මයුර...මං කියන්නම්...මං කියන්නම්...ඔයා කලබල නොවී ඉන්නකො.....

බැජ නැති වෙයි කියලා කිව්වා විතරයි සමන් කුමාර අතේ තිබුන හුනු කෑල්ල මේසෙ උඩට වීසි කෙරුවා වගේම මං එලියෙ හැංගිලා උන්න නිම්නව ඇදලා ගත්තා....

අ.....අනේ..මයුර.....

මෙන්න මෙහෙ වරෙන් වස්තු...වැරද්ද කෙරුවෙ උන්.....මොන මගුලටද හැංගෙන්නෙ...ම්ම්ම්....

මන්..ගිහින් අම්මට කියන්නද.....අම්මනෙ....විනය බාර...

පුක පුපුරන්න කන්න ආසද මගෙ නිම්නටත් ම්ම්ම්... වරෙන් .....උන් කෙරුවෙ වැරද්දක්...සමාව ගන්න ඕනෙ උන්..නැතුව පැනලා යන්න ඕනෙ උඹ නෙවෙ...උන් අනිවාර්යයෙන්ම සමාව ගන්න ඕනෙ...නැත්තන් හුනු කොට්ට පාර දෙන්න ඕනෙ...සමාව දෙන්න දෙන්න කියලා කියපු පලියට ඔක්කොටම සමාව දෙන්න එපා නිම්න....තැලෙන්නෙ උඹ...උන් උඹගෙ ඔලුවට අත හෝදනවා....

මට...මේවා හුරු නෑ මයුර....එයාලා එක පැත්තක්...මං තනියම...මං හරි උනත් හැමදාම වැරදි...

නෑ බුංජියා...ඔය හතලිහත් හරි....අපි දෙන්නත් හරි...බය නොවි ඉන්න....මූයි මායි ඉන්නවනේ.....මේ පාර ඔයා තනි වෙන්නෙ නෑ....බුංජියා මුගෙ පනනේ.....

මගෙ නිම්න බය වෙලා පස්ස ගහන්න හැදුවා...ඒත් මම නෙවෙ අතෑරියෙ...මම නෙවෙ යන්න දුන්නෙ....බැජ නැතිවෙනවා කිව්ව විතරයි පෙන්දා වගේ දෙකට නැවීගන උන්න සමන් කුමාර රිට වගේ කෙලින් වෙලා පන්තිය ඉස්සරහ හිටගත්තා ...

උඹලා නිම්නගෙන් සමාව ගන්න ඕනා.....

ඇයි...මොන..මගුල කෙරුවටද...හිතලා කරපු මගුලක් නෑනෙ සමන්...

උඹලා හිතලා කෙරුවෙ....නෑ කියන්ඩ එපා නිපුන....උඹලා හිතලා කෙරුවෙ....සමාව ගන්න එක තොපිට ඔය තරම්ම අමාරුද යකො.....සමාව ගනියව්....තොපි හින්දා මට මගෙ නම කැත කරගන්න බෑ...නිසල්....ගනින් සමාව...

කිව්වනෙ සමන්...එක අත් වැරදීමක්....

ඒක...

ඇති සමන් කුමාර.....ඌ කියනවනෙ අත් වැරදීමක් කියලා ...හරි...ඒක අත්වැරදීමක්...එහෙමනෙ.....ගිහින් ඉදගනින්...කල්පනයා...යමන් පිටිපස්සට...සමාව ඕන් නෑ....උඹලා අහල තියනවනෙ දතට දත ඇහැට ඇහ කියන වචන ටික ...නේ....හරි.....සමාව ගන්න බැරි එක....පුලුවන් එක...උඅගෙ අතේනෙ තියෙන්නෙ...ඩැන් අහන්න එපා.....නිම්නට මොනවා හරි උනහම ඇයි මට රිදෙන්නෙ කියලා .....උඹලා ඕන රෙද්දක් හිතපල්ලා...මට අදාල නෑ....රිදෙන්නෙත් නෑ...හැබැයි...නිම්න... කියන්නෙ මගෙ...

අනේ..මයුර ...

නිම්න බය උනා...මගෙ කටින් මොනවා හරි එලි බහී කියලා බය උනා.....මට කෑ ගහලා කියන්න ඕනා උනා...යකො තොපි මේ රිදවන්නෙ මගෙ අහිංසක කොල්ලට කියලා.....ඒත්...ඒකෙන් වෙන්නෙ එයාව තව රිදෙන එක වෙනකොට මම මගෙ වචන මාරු කෙරුවා...

නිම්න කියන්නෙ..මගෙ හොදම යාලුවා...

ඇහුනනෙ.....නිම්න කියන්නෙ..මයුරයගෙ විතරක් නෙවෙ...මේ කල්පනයගෙත් හොදම යාලුවා...සැමන් කුමාර....ඔයා ආයමත් කලින් වගේම මොකූත් නොදැක්ක විදිහටම පොත කන්න බබී.....

මම හිනා උනා.....කල්පනයා උන්නෙ නිසලයට පිටිපස්සෙන් වෙනකොට මුලු පන්තියම ඉහලට ඇදගත්තු මොහොතක නිසලගෙ මූනට පාම්පිටි ඇතිල්ලුවා වගේ උනා....

මම අතේ තිබුන හුනු කොට්ටෙන් උගෙ මූනෙන් හුනු වලාවක් විසි වෙන්න දමලා ගැහුවා...එහෙන් මම ගහනකොට එඒ කොට්ටෙම්ම කල්පනයත් ගැහුවා...තත්පර ගානක් ඇතුලත පන්තියෙන් බාගෙකම මූන සුදු වෙලා එලියට දුවනකොට මායි සැමනයි නිම්නයි පෙට්ටි කිකිලියො ටිකයි විතරක් ඉතිරි උනා....

දැන් ඔය නංගිලත් පාඩුවෙ වැඩක් කරගන්න....හැම එකටම අනී..හුනී ගගා ලේන්සු කන්න තියා ගන්න එපා....තව් අවුරු තුන හතරකින් අම්මලා වෙනවනෙ....තමුන්ට වෙනවට අකමැති දේවල් අනිත් මින්ස්සුන්ට වෙනවා දකිනකොට ලේන්සු කොන කකා හිනා වෙව් බලන් ඉන්න එපා..මොකද ඔය ගොබ්බ මොරාල් එකෙන්ම එලි බැස්සොත් උඹලගෙ ලමයිනුත් උඹලා වගේම ලින් මැඩියො වෙයි...එච්චරයි ....කල්පනයා...ගනින් මේ බෑග් එක.....

මයුර....

ම්ම්.....

සිංහල සර් එනවනෙ...

ම්ම්ම්...ඉතින්...දැන් මොකක්ද මගෙ වස්තුට වෙන්න ඕනෙ.....

අනේ මයුර වස්තු කියන්න එපානෙ...සර් ඇහුවොත් කෝ ළමයි කියලා ....

ඇයි....වස්තුවට වස්තුව නොකියා මං මොනවා කියන්නද...හැබැයි වෙලාවකට වස්තුව කියන එකත් අපරාදෙ ...උඹ ඇවිදින් මහ පරමානු බෝම්බයක් වස්තු...අනික....ළමයි කෝ කියන එකට උත්තර බදින එක....අපේ වැඩක් නෙවෙ...ඔයා ඒ ගැන හිතන්න එපා...ඔයා හිතන්න ඕනෙ...ඔයාගෙ මේ...කොල්ලා ගැනයි.....පාඩම් වැඩගැනයි....හොදද ....

මායි නිම්නයි උන්නෙ ආයම අපේ පුටුවල ඉදගන .....කාටත් හොරාවට අත් වල පුංචි ඇගිලි පටලවගන....අපේ පුටුවලට ගම් උලාපු උන්ගෙ කලිසමේ පුක හරිය පුටුවටම ඇලිලා ගිහින් ඉරිලා යනකොට කරකියා ගන්න දෙයක් නැතිව උන් බෑග් අරන් උන්ගෙ මැස්සො බීපු ලෑතර පුකවල් වහන් ගෙවල්වලටම දිව්වයි කියන ආරංචිය මටයි කල්පනයටයි ගෙනාවෙ පුදුමාකාර සතුටක් වෙනකොට මගෙ නිම්න විතරක් බය වෙලා උන්නා.....

ආයුබෝවන් ....

ආයුබෝවන් සර් ..

කෝ මෙ පන්තියෙ අනිත් උන්....

කිව්වා වගේම සින්හල ඇදුරා ආවා...නිසලා එක්ක තව හතර පස්දෙනෙක්ම පන්තියෙන් මිසින් වෙනකොට ඉතුරු උන් තවමත් ඇස් වලට ගියපු හුනු පිහ පිහ හරී අමාරුවෙන් ආයිබොවන්ඩ කියලා ඉදගත්තා....පුරුදු විදිහටම කල්පනයා පන්තිය වෙනුවෙන් කට ඇරියා...

සර්....ප්‍රශනයක් අහන්ඩද ...

අහපන්...උඹ හැමදාම අහන්නෙ මගෙ ලේ පිච්චෙන ප්‍රශ්නයක්නෙ..කමක් නෑ...අහපන්කො...මොකක්ද...කෝ මේ අනිත් උන්...කැන්ටින් කැන්ටින් ගානෙ ගිහින්ද උදෙම්ම...මං උඹලට කියල් තියනව පන්තිය පටන් ගන්න කලින් පිට් එක අල්ලන වෙව්ලන උන්ට කාලා බීලා රීලා ඉන්ඩ කියලා...බලපියව් දැන් පීරියඩ් එකෙන් විනාඩි පහක් මෙතනම ඉවරයි....කල්පනයා...අහන්න තියන එක අහපන්...උඹ හැමදාම පීරියඩ් එක පටන් ගත්තම කතාවට අල්ලන් බාගයක් කියවනවා....

සර්....පෙට්‍රල් ශෙඩ් වල...අර එතකොට ....බූමිතෙල් කරත්තවල පන්දම අතේ තියන් දුවන ඩයල් එකව දැකලා තියනවද.....

අනේ.....මයුර....

ම්ම්ම්...

කල්පන අදත් කුනු කතා කියන්නද කොහෙද යන්නෙ...එපා කියන්නකො....මට ගෙදර ගියහම කල්පනව මතක් වෙනවා....

ඇත්තට....මාව මතක් වෙන්නෙ නෑ එතකොට ....ම්ම්ම්....මාව....උඹට දැන් මතක් වෙන්නෙ...කල්පනයව...ඔව් ඉතින් උඹ මගෙ නෙවෙ කල්පනයගෙ බුංජියනෙ....

අනේ...එහෙම නෙවෙ...මං...කල්පනගෙ නෙවෙ....

එහෙනම්....කාගෙද ම්ම්ම්ම්.....කාගෙද...

කාගෙද...කල්පනයගෙ නෙවෙ නම්...කාගෙද ම්ම්ම්ම්ම්ම්....

අනේ.....ඔහොම..බලන්න..එපා.....මයුර....මගෙ බඩ රිදීගන එනවනෙ....මං කාගෙද කියන්න ඔයා දන්නවා...

කපටියා මගෙ...උඹ මගෙනෙ නේද...

හ්ම්...මයුරගෙ...

ආදරෙයි වස්තුට....

අනේ...මයුර...හිමින්...ඇහේවිනේ

ඇහුන දෙන්.....මගෙනෙ.....මගෙනෙ...මගෙ....නේ.මගෙ...විතරමයිනෙ....හිතුනොත් ඔෆිස් එකෙමයික් එක අරන් කෑ ගහනව උඹ මගෙ කියලා ....දන්නවනෙ කිව්වොත් කරනව මන්.....

අරහෙන් කල්පනයා අදත් රෙදි නැති වෙන කතාවක් අහන්න යනවත් එක්කම මගෙ බුංජියව දැම්මම රතු වෙලා තිබුනා.....

ඒ මූන අහිංසකයි...හිනා වෙනකොට හරි සාරසොභාවයි....එයා දන්නෙ නෑ...එයා ලොකු වෙනකොට මීටත් වඩා හුගාක් ලස්සනයි කියලා ...ඒත් මං දන්නවා....එයාගෙ රූපෙ කියන්නෙම නිවීමක් කියලා .....අර හැම තැනම කියන ලස්සනයි කියන සාමාන්‍ය සම්මත වචනවලට එහායින් මං නිම්නව දක්කා...එයාට තිබුනෙ ලස්සන රූපයක් කියනවාට වඩා....හිත නිවෙන රූපයක් කිව්වොත් හරි....

කොච්චර තැලිලා....බිදිලා ...කැඩිලා උන්නත්...නිම්නට තිබුනෙ එක තත්පරේකට හිත නිවෙන රූපයක්....

දැන් පන්තියෙ ලමයු අඩු එකට ඒක සම්බන්ද වෙන්නෙ කොහොමද කියපන්...

සන්බන්දයි...සර්...සම්බන්දයි...

කියන්නකො...ඒ ලෝගො එකෙන් මොනවද කියන්නෙ කියලා.....

මම ඉස්සරහට හැරුනා....පාඩුවෙ එයාගෙ මුන දිහාව බලාගන මනෝපාරක් ගහන් උන්න මගෙ කල්පනාව කල්පනයයි සිංහල ගුරයි බිදලා දානකොට මං කල්පනයා මේ මොනවද කියන්න හදන්නෙ අහන් උන්නා....

මං දන්නෙ නෑ කල්පන....කියන එක ඉක්මනට කියපන්.....උඹලා දෙන්නා සදුදට දැන් සින්දුව කියන්න ලෑස්තිනෙ.....සදුදා නෑවිදින් ඉන්නවා නෙවෙ සදුදට කලාපෙනුත් එනවා.....

අයිගෝ...ඒකට හිතෙ කිසි කහටක් තියා ගන්න එපා සර්.....මායි මයුරයයි දැනටමත් සින්දුවක් තෝරන් තියෙන්නෙ .....ඕන එකක් කියලා කිව්වනෙ....ආදරෙ ගැන එකක් උනත් අවුලක් නෑනෙ...සාහිත්‍ය ගැන කියනකොට ආදරේ ගැන නොකිය බෑනෙ සර් .....සාහිත්‍ය ඇතුලෙ තියෙන්නෙම ආදරේ ගැනනෙ .ඒක හින්දා සර් හිතා ගන්නකො ගානට වැඩේ උනාය කියලා ...මං සර්ගෙන් අහපු ප්‍රශ්නෙටත්.....සර් අපෙන් අහපු ප්‍රශෙන්ටත් උත්තරේ....ඒ ලෝගො එකෙ තියනව සර්...

මොකක්ද කියපන් බලන්ඩ...

පන්දම් අල්ලන උන්ට දුවන්න වෙන්නෙ හෙලුවෙන්.....ඔය අඩූ උන් තුන් හතර දෙනාම ගෙවල් වලට දිව්වෙ හෙලුවෙන් සර් .....මීට වඩා ප්‍රශ්න අහන්න එපා සර්.... උගන්නන්න...අම්මෝ...ඉතින් සර්ටත් ඕපයක්.කිව්වොත් නේ.....කන්න ඕනෙත් නෑ....

කල්පනයා....උඹ මගෙන් කනව කොල්ලා...දිගෑරපියව් පොත්....ඔය ඉගන ගන්න උන් ඉගන ගනියව්...නැති උන් නිකන් ඉදපියව්...නිම්න.....

ස්..සර්...

කල්පනයගෙ කතා අහන් උන්න සිංහලා සර් අනිත් පාර වයින් උනා...නිකන් නෙවෙ .මගෙ නිම්නටත් කෑගැහු...අනේ එයා කොච්චර බය උනාද කියනවා නම් හොරාවට පටලන් උන්න මගෙ අතත් ගලවන් එක පාරම හිටගත්තා....

උඹට සින්දු කියන්න පුලුවන් නේද....

ප්..පුලුවන් ..සර්....

හ්ම්...ඔය උන් දෙන්නා එක්ක තමුනුත් යනව....මේකෙ වැඩක් කරන්න එකෙක් නෑ...සමන් කුමාර කතාවක් කරපන්...හැබැයි ලමයිට තේරුම් ගන්න පුලුවන් මාතෘකාවක්...ඔක්කොගෙම බුද්දි මට්‍ටම උඹගෙ වගේ නෑ....

හ්..හා..සර්...

කෝ මේකෙ නටන එවුන්...සමන්දිනි....කෝ සමන්දිනී...ඒකිත් නැද්ද...

සර්....ඉන්නවා....

නැටුමක් පුලුවන්ද.....

මොකටද සර්.....

මොකටද අහන්නෙ නටන්නනෙ....සින්දුව තෝරන් පුරුදු වෙයල්ලා....

සර්...මේ හදිසියෙ.....

ඇයි සැමන්දිනී.....සිනිදු නැතිද.....නටන්න සින්දුවක් නැතිනම්...අට්ටා පිටිය ගග දෙපස එකට නටනවා...

කල්පනයා...

නෑ...සර්....ඉතින්....මෙච්චර සින්දු තියනකොට සින්දු නැ වගෙ ඇබරෙන්නෙ ...අවදානෙ ඉල්ලන්නනෙ....නටන්න නම් කොච්චර සින්දු තියනවද....මෝල් ගස් නැටුම්.....කුලු නැටුම් ඔය තියෙන්නෙ....

හා..හා...ඒක උන් බලාගනී.....උඹ ඉදින්...කෝ....පෙරේදා නවත්තපු තැනින් පටන් ගමු.....

අනේ....මයුර....කල්පනගෙ කට ඇයි....ඒ....එහෙම.....

ආ ..ඒක ගනන් ගන්න එපා වස්තු.....උගෙ කට ඔහොමයි....

සර් උගන්නන්න පටන් ගන්නකොට මමත් මේ පාරවත් ඒ ලෙවල් ගොඩ දාගන්න පරන සිලබස් උනත් කමක් නෑය කියල හිතාගන පොතට එබුනත්....මගෙ ළඟ ළඟ නිම්න වස්තුව හොරා වගේ මගෙ කකුලට ඇන්නා.....මං එයා දිහා බැලුවා...

ඇයි.....

මොකක්ද අනේ අට්ටාපිටිය කවිය.....

දන්නෙ නැද්ද.....

නෑනෙ.....

කැකුලු මල නිසා තලපන් පිපෙන්න කියලා කියන්නෙ.....

අහල නැ.....

මායි නිම්නයි මුමුනවා...එහෙන් සර් උගන්නනවා.....පුටුවෙ කකුල් දෙකෙන් ඉදන් උගන්නන එක අහන් ඉන්න කල්පනයා සර්ගෙන් ඉවරයක් නැති ප්‍රශ්න අහලා ගුරාව ලෙඩ කරවනකොට මම එයාට හිමීට සින්දුව මුමුනන්න ගත්තා....මගෙ නිම්නයගෙ මූන බලන් ඉන්නකොට රතු වෙලා ගියා....

අට්ටා පිටිය ගග දෙපස බුරුත නැමී

පැංචාවියක් දිය කෙලිනා සැටි දුටිමී

පිපුන මලක් නම් තළලා මිස නොයමී

කැකුලු මල නිසා නොතළා යන්ට යමී...

වනන්තරෙ වැසි නැත ගස් මුල්වලට

නිරන්තරේ හිමි වුනෙ දුකමය හිමි උන අපට

පිපුණු මලක් නම් නොදෙමිය තලන්නට

කැකුලු මල නිසා තලපන් පිපෙන්නට.....

මන් හිනා උනා...අරකගෙ මූන රතු උනා...අතින් කට වහගත්තා....වට පිට බලන ගමන් මගෙ දිහාවට ලන් උනා...

මහ සවුත්තුයිනේ අනේ.....චිහ්.....චපල කමනෙ...

ම්ම්.....අපිත් තලමුද පිපෙන්න.....

නිකන්.....ඉන්න..මයුර..හරි සවුත්තුයි....නිම්නගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ...එපා මට කරදර කරන්න...

අතකුත් එක්ක පන නෑවගෙ...ඇයි මයුර ඒ...

ඇග හීතල වෙන ගතියත් ආවම කියපන් වස්තු....උඹ නම්...බුංජියෙක්ම තමයි.....අවදානෙ .....පිස්සු වස්තුවක් උඹ....

මයුරයා....

ම්න්....

අපි අරක කියමුද...බුංජිටත් පුලුවන් ඇති...

මොකක්ද ....?

මේ ජීවනයෙ...ඒක පටන් ගන්න කියමු.....දෑත දෑත බැද ඈ.....ලන්වි....එතනින්.....මුලින් එපා.....බුංජි.....පුලුවන්ද .....???...ශේප් එකෙ ගමු බලන්න....හයිපිච් යන්නෙ නෑනෙ ....ඔයාටත් ලේසියි....ලෝ පිච් එකට යන්නෙත් නැතුව ගන්න.....අනික අම්මා ගැනනෙ .....ඒක නිසා ඒක සෙට්....බුංජි ගමු බලන්න....

මැදින්ද කල්පන පටන් ගන්න ඕනෙ...

ඔව්....යෙස් ...මැදින් මුලට යමු....මයුරයා ....යෝ...මේකා දිහා බලන් උඹ භාවනා කරනවද ...ඔහොම ගියොත් කියන්න වෙන්නෙ මේ ජීවනයේ නෙවෙ....කුමරියක පා සලඹ....ඒකෙනුත් උකුල ලැම හස....මලවි කරලිය.....ඇයි ඉතින් බුංජියගෙ....ආ.....නෑ.....නෑ...නෑ...

corry....corry...යසයි...අනුන්ගෙ කෑලිවල අගපසග බලන්න යනවට....ඒ අස්සෙන් මගෙ සෙනේවත් මතක් වෙනවා.....බුංජියො....ගනින් මගෙ පන.....

අපි තුන්දෙනා උන්නෙ සංගීත කාමරේ අස්සෙ.....සිංහල පීරියඩ් දෙකෙන් පස්සෙ තිබුනෙ ඉංග්‍රීසි ....ඒත් ඉංග්‍රීසි උගන්නන මිස්ට බබා හම්වෙලා ප්‍රසූත නිවාඩු අරන් ඒ වෙනුවට උගන්නන්න උන් සරුත් අද සික් ලීව්දාලා එහෙන් පිටින්ම පීරියඩ් දෙක හිස් වෙලා යද්දි අපි තුන් දෙනා සින්දුව ප්‍රැක්ටිස් වෙන්න සංගීත කාමරේට ආවා...ඒත්....ඇත්තම කියනවා නම්.....සංගීත ටීචර් චම්පා මිස් පොඩි පන්තියකට උගන්නන්න පන්තියට ගිහින් බව දැන..දැනම...මම ආවෙ කොටුවක් පනින්න වෙනකොට මේ මොකුත් වැටහෙන්නෙ නැති කල්පනයා දමාගන මගෙ කොල්ලට සින්දුව කියන්න ගගා කියවද්දි මං බොක්ස් ගිටාර් එකට බර වෙලා මගෙ නිම්න දිහා බලාගන උන්නා...

කල්පනයා හිමීට ගිටාර් එක ප්ලේ කරන්න ගත්තා.....කියපු විදිහටම නිම්නත් මැදින් පටන් ගත්තා....මගක් වෙනකන් ගිටාර් එක ප්ලේ කරන් ආව මට මෙතනින් එහා යන්න බැරි උනා....

මොකද ...මං දැනන් උන්නෙ නෑ.....නිම්නට මේ තරම් ලස්සනට සින්දු කියන්න පුලුවන් කියලා .....එයා ඇසුත් වහන් සින්දුව කියනකොට මං කෙරුවෙ කල්පනයට විතරක් ගිටාර් එක ගහන්න දීලා මගෙ නිම්න දිහා බලන් උන්නා....

මං එයාව හරි පරිස්සමින් විදින්න ගත්තා...

සුවද හාදු දුනි සතපාලා...

යහනාවෙ මා හොවා....//

පින්සාර ඇයගෙ තුරුලෙ

සැනසෙ රජුන් පවා...

ඒ දරුවෙකුගෙ

පණ වැනි උත්තම...අම්මාගෙ

ආදරයයි....මේ..ජීවනයේ....

ඒ සින්දුවට පන තිබුනා ....මගෙ නිම්න ඒ සින්දුවට හුස්ම පිම්බා...එයා අම්මට හරි ආදරෙයි කියන්න ඒ සින්දුව කියන විදිහෙම්ම මට තේරුම් යනකොට එයා ඒ සින්දුව හරි හැගීම්බරව කියන විදිහ මං අහගන උන්නා.....

.....යෝ....බුංජී.....බුංජී....සයින් එකක් වත් දියල්ලා....

ඒක හොදද කල්පන....

ආය ඉතින්....බුංජි නොදන්නවා උනාට මිල්ටන් මහත්තයත් වලෙන් නැගිටලා ඇවිත් අහන් උන්නා....

....කල්පන විහිලු කරනවා.....

ඇත්ත ඇත්ත නිම්න ...සිරාවටම ඔයාට සින්දු කියන්න පුලුවන් ...නැද්ද නිම්නයා.....කියපන්කො....වොකල් ටිකක් තව චුට්ටක් පොලිශ් කරලා ගත්තොත්....බුංජියා එලකොල්ලෙක් හරක් හොරෙක්නෙ...

...

.....

හරි හරි ...උඹලා දෙන්නා ඇස් වලින් පෙම් කෙලින්න හදන්නෙ...මේ කල්පනයා කැපෙන්නම්...ඔය කොටුවක් පැනගන්න ඕන උන් පැනපියව්කො එහෙනම්.....

...

වෙරලු මල්....වෙරලු මල්.....වෙරලු මල්!!!

ම්ම්...ම්.මයුර .. ...ඇ...ඇයි මේ.....

බය වෙන්න එපා මෝඩයො මං අතින් විතරනෙ ඇල්ලුවෙ....අපො ඔහොම බය වෙලා හරියනවද ...

අවසානම මොහොතෙදි කල්පනයට තේරුනා...මං ඉන්නෙ කොටුවක් පනින්න බලාගන කියලා ..සංගීත කාමරේ instrument තියන කාමරේ මුල්ලෙ තිබුන පුටුවෙ ඉදන් උන්න මං මගෙ නිම්නගෙ අතින් ඇල්ලුවා විතරයි ඒකා මැරෙන්න හැදුවා ...

එන්න...

ඇයි...

මෝඩ කොල්ලෙක්නෙ...වස්තු ලගට වරෙන්කො ගව්වක් දුරින් ඉන්නෙ....ඒකට මොකද ආදරෙයිලු....

මං අතින් අල්ලන්න හදන වාරයක් ගානෙම නිම්න කෙරුවෙ මගෙන් හැංගෙන එක වෙනකොට අවසානෙදි මං එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දීලා ආයම ගිටාර් එක අරන් වෙන සින්දුවකට තාල අල්ලන්න යනකොට එයා හොරා වගෙ හෙමින් හෙමින් මගෙ ලගට ආවා....ඒත් මං නෙවෙ දැන් මිනිහව ගනන් ගන්නෙ ...

ම්හුක්...

.....

නිම්නගෙ සින්දුව ලස්සනයි කියලා කල්පන විතරයි කිව්වෙ.....ඔයා කිව්වෙ නෑනෙ.....

....

එයා මට හරි ලස්සනට සින්දු කියනවා කිව්වනෙ.....

......

ම්හුක්.....මයුර ...

...

නිම්නගෙ ඔලුව කැක්කුමයිනෙ...ඇයි ඒ...

.....

මගෙ දකුනු හක්කෙ පුරස්චාර්වක දතත් කැක්කුමයි.....ඇයි ඒ....

...

ගනන් ගන්නෙ නෑනෙ.....ඉතිම්....

....

ම්හූ...ක්.....ඇගපත සීතල වේගන එන්නෙ.....මං හිතන්නෙ . මට කොලරාව වගෙ.....

.....

දකුනු ඇහෙ කනිනිකාවත් කැක්කුමයි...

......

වම් පෙනහැල්ලට ඕටූ මදි වගෙ...

.......

අනික.....ලගකදි ඉදන්....මට CO2 ත් වැඩියෙන් යනවා....මාව දියවෙන්න වගේ යන්නෙ මයුර.....අස්තිත් පොඩ්ඩක් දිරලා වගේ....

වන්ශොට් ගාවට එක්ක යන්නද.....ම්ම්ම්ම්

මයු.....ම්හු...ම්හූ..ක්....සවු....ත්තුවො...එපා අනෙ....කවුරු හරි ඒවි....මගෙ යටි බඩ නලියනවා මයුර...අනේ....එපානෙ..

මහ මෝඩයි වස්තු උඹ...පිස්සු කොල්ලා මගෙ...චුට්ටක් ඔහොම ඉදගනින් මගෙ නිම්න...මං උඹට මොකුත් කරන්නෙ නෑ.....

මෙච්චර වෙලාම අවදානෙ ඉල්ල ඉල්ල උන්න නිම්නයව මං ඇදලා අරන් මගෙ උකුල උඩ ඉන්දවගන්නවත් එක්කම ඒකගෙ හොර ලෙඩ ඔක්කෝම වාශ්ප වෙලා ගියා.....මූන රතු උනා.....එකම හාදුවක් තිබ්බා විතරයි නිම්නව දිය වුන් නැති ටික විතරයි .....

ඇත්තටම ...උඹට හරි ලස්සනට සින්දු කියන්න පුලුවන් වස්තු.....මගෙ හින්දා ....කල්පනයා වර්නනා කරන එක ආඩම්බරේට අහන් උන්නා මිසක් ...මට බැරි උනා ඔයාට කමෙන්ට් එකක් දෙන්න....

ම්ම්ම්..කොහොමද කියන්නෙ . ...ඒ සින්දුව ඇතුලෙ රස තිබුනා....ශබ්ධ රසට....අර්ථ රසය....ඒ විතරක් නෙවෙ....අම්මා ගැන කියනකොට ...මේ මූනෙ භාව ප්‍රකාශ හරි ලස්සනට තිබුනා ....අම්මා කියන වචනෙ උඹගෙන් පිට වෙනකොට ඒ වචන වලට පන තිබුනා නිම්න....ඒ සින්දුව පිරිලා තිබුනා....අවංකවම ...හරි ආදරනීයයි වස්තු....

මං එයාව ඉන්දවන් උන්නෙ හරහට... එයා අහන් උන්නා මං කියන වචනයක් නෑරම අහන් උන්නා...මන්දා නිම්න මගෙ ළඟ ඉන්නකොට මං උන්නෙ පිරිලා....කිසිම හිස්කමක් මට දැනෙන්නෙ නැති තරමට මං නිම්නගෙන් පිරුනා.....

ස්තූතියි .....මගෙ මයුර...

ස්තූතියි ...ඒ මොකටද...??.

මීට කලින් මං වෙනුවෙන් කවුරුත් ඔය විදිහට කෑ ගහලා....තරහා අරගන නෑ අනූ..... කවදාවත් ..කිසිම තැනක මාව ප්‍රසංසා කරලා නෑ....මට පුදුම හිතුනා...ඔයා කොහොමද මං වෙනුවෙන් මෙහෙම තරහ ගන්නෙ කියලා...

මට පුදුම හිතුනා අනූ උන් හතලිහක් ඉස්සරහ උඹ කොහොමද මොනිටර්ගෙ කනට ගැහුවෙ.....

අනූ...මං හිතන්නෙ.....මං හොයන් තියෙනෙ...මාව හිමිවෙන්නම ඕන කෙනා....එහෙම නේද ....මන් හරි නේද....අපි එහෙම කෙනෙක්ට නේද ආදරේ කරන්න ඕනෙ.....කොන්දේසි විරහිතවම ආදරේ කරන කෙනෙක්ව නේද

අපි බලාපොරොත්තු වෙන්නෙ අනූ... 

මට කියන්න ...මට ලැබුනෙ.....මාව තේරුම් ගන්න පුලුවන් එකම කෙනාට නේද...

මාව ගැස්සිලා ගියා...එයා මට එකපාරම අනූ කිව්වා....එයා වෙනුවෙන් කවදාවත් කවුරුත් ඔය විදිහට කෑගහලා නෑ කියපු එයා මට අනූ කියනකොට මට මගෙ ලොකු නිම්නව මතක් උනා....එයත් මට කියන්නෙ අනූ කියලා ...ඊටත් එයාගෙ මේ නිවුන වචන....

වස්තූ.....

ම්ම්ම්...

ඔයා මට කිව්වෙ අනූ කියලද නිම්න.....

ඔව්....ඇයි...ඔයා ආස නැද්ද...ඔයාගෙ නම අනුශ්කනෙ.....අනික ..කලුතොටආරච්චි ...මට කලූ කියන්න බෑනෙ....එක්කො...කලූ කියන්නද....

මගෙ ඇස් කෙවෙන්න ගත්තා....ඇයි ඒ...ඇයි දෙයියනේ මෙයා මෙහෙම.....

මං හිතන්නෙ මං එයාට මීට එහා වචනයක්වත් කියන්න දුන්නෙ නැතිව ඇති ..මං කරපු එකම දේ මං එයාව අත් දෙකෙම්ම තුරුලු ගත්තු එක...

ඇත්ත...මගෙ පන කියන්නෙ මලක් නම්....මං උයන්පල්ලෙක්.....නටුවෙන් කඩනවා වෙනුවට....උඹව හැමදාම පරිස්සමින් රකින මනුස්සයෙක් නිම්න මම...මට ඕනෙ ඔයාගෙ සතුට....

මට ඕනෙ ඔයාගෙ හිනහව....

ඔයාගෙ සැනසීම....

මං මිමිනුවා.....එයා මා දිහා බලගන ඉදලා ඉදලා මගෙ ඔලුව අතගෑවා...අනෙ ලොකු නිම්න වගේමයි...

ඔයා මට හාදු තියනවා වගේ...මටත් පුලුවන්ද අනූ හාදු තියන්න..... .

මගෙ ඇස් කැක්කුම් කරන්න ගත්තා .....එයා ඇහුවා එයාට මාව ඉඹින්න පුලුවන්ද කියලා ...ඔව් නොකියා මන් වෙන මොනවා කියලා නම් කියන්නද...

වස්තුවට ඇතියි කියලා හිතෙන තරමක්....

මම මිමිනුවා.....එයා හිනා උනා...අනේ ඒ හිනාව පුදුම තරම් අහිංසකයි....මිනිස්සු නවතින්නම ඕන හිතක් නිවෙන තැන කියන්නෙ මේකයි...

මගෙ නිම්න...මගෙ ආදරේ පරිසමාප්තිය ...මගෙ සතුට කදුල ..වේදනාව සැනසීම මේ හැම දේම උන මගෙ නිම්න....අවසානෙදි එයා මගෙ නලලට හාදුවක් තියන කොට ඉබේටම මගෙ ඇස් පිය උනා....

එක දවසක අපි නුපුරුදු

සුවඳක හිත හිමිහිට බැදුනා....

මට හරි සැනසීමක් දැනෙනවා මගෙ මයුර...සමහර විට...මගෙ සතුට කියන්නෙ...මං ඔයාට ආදරේ කරන්න කැමති උන එකයි.....ඔයා ආදරේ කරන්න මාව තෝරගත්තු එකයි වෙන්න ඇති.....එතන...සතුටයි....සැනසීමයි දෙකම තියනවා.....

එයා උන්නෙ මගෙ උකුල උඩ ඉදගන මගෙ කර වටේ අත පටලවගන.....දිග කකුල් වලින් පොලවෙ ඉරි ඇද ඇද...

එ මූන දිගැටියි...යටි තොලට පහලින් පුංචි ලපයක් තියනවා....

මං එයාගෙ බෙල්ල ගාවට ආයම පුංචි වගේම ආදරෙ පිරුන හාදුවක් තිබ්බා.....

මං මේ අත බලලා සාත්තරයක් කියන්නම්.....

ම්ම්ම්...මොකක්ද අනූ....ඔයාට සාත්තර කියන්න පුලුවන්ද ...

ම්න්.....පුලුවන් ....

කියන්නකො බලන්න එහෙනම්....

මං නිම්නගෙ අත අරගත්තා...අරගන ඒ රේඛා දිහා බලාගන ඉදලා ජීවන රේඛාව හෙව්වා....තවම හැදීගන එනගමන්ද....නැතිනම්....එතනින් එහා ආයුශ නැහැයි කියනවද...

මට ඒ මූසල දවස ගැන හිතන්නවත් ඕන නෑ...

තත්පර ගානක් විතර අත දිහා බලන් උන්න මම ඒ අතේ ඇගිලි ආපිට ඇතුලට නැව්වා.....

මේ අත...වාසනාවන්ත අතක් මහත්තයා...මේක....එහෙම කාටවත් පෙන්නන්ඩ හොද අතක නෙවෙ තමා...යේක...පුංචි මහත්තයා ඇවිදින්...බොක්කෙ තියන දේ පවා දෙනවා තමයි....ඉත ඔදයි.....ශරි....අහින්සකයි.....ම්ම්ම්ම්.....

අනූ.....

මට හිනා ගියා..මට බැරි උනා දෙමල විදිහට කතා කරන්න....ඒත් මම සාත්තර කියන එක නැවැත්තුවෙ නෑ.....

ඇත්තටම මේ අත වාසනාවන්ත අතක් නිම්න.....දවසක...ඔයයි මායි බදිනවා.....අපි මීටත් වඩා හුගාක් ආදරෙ කරනවා...කොටින්ම.....ඔයා මීටත් වඩා...හරි දග කොල්ලෙක් වෙනවා මගෙ ගාවදි .....සතුට විතරයි.....දුකක් නෑ.....මං ඔයාව හැමදාම සතුටින් තියනවා...

නිම්න....ඇත්තටම මං දවසක ඔයාව මගෙ හස්බන්ඩ් කරගන්නවා...මං දවසක...ඇත්තටම ඔයාව බදිනවා...

ඔය....ඇත්තමද...අනූ....

ඇත්තක්.....ඒක ස්තීරයි...මම තමයි කවදා හරිඔයාගෙ ආදරනීයම මහත්තයා වෙන්නෙ.....HUBBY AND....HUSBAND .....

....!!!

....

........

මං උන්නෙ එයා දිහා ඇස් පිල්ලමක් වත් නොගහාම බලාගන.....එයයි මායි උන්නෙ අපි අතර කෙස් ගහක් වත් රිංගවන්න බැරි තරම් ළඟින්.....

තතපරයක් දෙකක්....තත්පර ගානක් ඇතුලත එයයි මායි අතර තිබුන ආදරනීය සුහද සමාගම එක පාරම අහවර උනා....

දැන් තියෙන්නෙ නිහඩ කමක් විතරයි ....හුස්ම ගන්න සද්දෙ විතරයි....ආපිට හුස්ම පාත දාන සද්දෙ විතරයි....

මං එයාට කිව්වා දවසක මං ඔයාව බදිනවා කියලා.....එයා හිනා උනා...පුදුම උනා....ඔය ඇත්තමද ඇහුවා...ඒත්.....

අනපේක්ෂිතව එයා නිහඩ උනා....

එයා ඔහේ ඉන්නවා...

මන්දා...දැන් මගෙ පපුව බරයි...මේ නිහඩ කම කියන්නෙ මට වේදනාවක්.....ඒ හිනාව අතුරුදහන් උනා...එක ඊටත් වඩා මට බයයි....

මයුර....

එයා අවසානෙදි මගෙ දිහා බලලා කතා කෙරුවා...මේ වෙනකොට මගෙ උගුර කට පව වේලිලා ගිහින් තිබුනා.....

ම්න්.....

ඔයාගෙ...සාත්තරෙට බලලා කියන්න පුලුවන්ද ...මන් කවදා හරි සතුටින් ඉන්නවද කියලා...

.....නිම්න....

එයා නැගිට්ටා ....නැගිටලා හිටගත්තා....ඒ මූන වෙනස්.....ඒ ඇස් මගෙ දිහා බලන් උන්නෙ මාව අද දැක්ක ගානට.....ඒ විතරක් නෙවෙ...ඇස් අස්සෙ වේදනාව වෑස්සෙනවා....

මයුර.....ඔයා....අනාගතෙන් ආව කෙනෙක් නේද...තිහේ කනිසම පහු වෙනකොට මගෙ ජීවිත කාර්තුව සදහටම අවසානයි ...එහෙම නේද....

න්න්.....නිම්න.....නිම්න.....වස්තූ.....

.....

නිම්න නවතින්න...නිම්න...මොනාද ඔය කියන බහුබූත පිස්සුද...නිම්න නවතිනවා.....කිව්වම.අහලා නැවතියන්...නිම්න!!

මට...හැම දේම ඇහිලා ඉවරයි....අනූ........මාව...ඇත්තටම බදිනවද....???????

🥺ආයම එනකම්....පයිස්සමින් ඉන්න මගෙ රන්කදවල් ටික...

ආදරෙයි අනේ...

.

මම ජොබී

NEDEESHA ...

More Chapters