නිම්න....
මගෙ ඔලුවත් එක්ක අවුල් වෙලා ගියා...එයා කියනවා එයාට ඇහුනා කියලා...කොහෙන් කොහොම...කවුරුද ඕක කනේ තිබ්බෙ....මොකාද...
නිම්න...කව්ද....මොකාද කියපන්...මොකාද.....මොකාද ඔය බොරුව කනේ තිබ්බෙ.....
මං මගෙන් දුවන්න හදාපු නිම්නව ඇදලා අරන් බිත්තියට හේත්තු කරගත්තා..නිකන් නෙවෙ මගෙන් ගැලවිලා දුවයි කියලම මං රිදෙනවා කියලා දැන දැනම උනත් එයාගෙ උරහිස් වලින් මිරිකලම අල්ලන් බිත්තියට තද කෙරුවා.....
මට තරහට වඩා දැන් ඇඩෙන්න වගේ.....මොකාද මොන යකාද ඕක එයාගෙ කනට යන්න කිව්වෙ...මොන යකාද.....
නිම්න...මට උත්තර දියන්....මට උත්තර දීපන් නිම්න...මොන යකාද උඹගෙ ඔලුවට ඔය බහුබූතෙ දැම්මෙ....උඹට මාව අනාගතෙන් ආව එකෙක් වගේ පේනවද වස්තු....එහෙනම් ඉතින් මට ඔය උගන්නන ඒවට උඹට කලින් උත්තර බදින්න පුලුවන් නෙ.....ආ....
.......
මට උත්තර දීපන් නිම්න.....උඹ කරන්නෙ මගෙ ඇස් මග අරින එක...මගෙ දිහා බලපන් වස්තු.....උඹට මගෙ මූන බැලුවම උඹට හිතෙනවද මං අනාගතෙන් ආවා කියලා...මට උත්තර දීපන් නිම්න.....එහෙම උනා නම්....ඔය උගන්නන උන් අහන හැම දේම අහන්න කලින් අපිට බැරිද උත්තර බදින්න .....බිම බලන්න නෙවෙ නිම්න මට උත්තර දියන්....
නිම්න නෙවෙ මගෙ මූන බලන්නෙ....මම එයාව හෙලෙව්වත් බිත්තියට තදකෙරුවත් එයා නෙවෙ උත්තර බැන්දේ...ඒ වෙනුවට එයා කෙරුවෙම බිම බලන් ඉන්න එක වෙනකොට මම එයාව අතෑරියා...ආය ඒ ගැන ඇහුවෙත් නෑ....මම මොනවත් කිව්වෙත් නෑ...
..ඔයාලා ඉතින් උත්තර දෙන්නෙ කොහොමද ...ඔයාලට බෑනෙ....එහෙම කරන්න බැරි...ඔයා අපේ අම්මට බය හින්දනෙ...ඔයාලට අම්ම ගැහුවලුනෙ.....ඒකනෙ....ඔයාට අපේ අම්මා හරියට ගැහුවලුනෙ....
ඔයා දොර රෙද්දෙන්ද අත පිහිදන්නෙ....?
තේ බීලා කෝප්පෙ ඇද යටට දානවලුනෙ....??
අල්මාරිය ඇරියම රෙදි කන්ද කකුල් ගාවට කඩන් වැටෙනවලුනේද...
.ඇදුම් ගුලි කර කර අල්මාරියට ඔබනවලු....අපෙ අම්මලුනේ ඔයාව හදලා ගත්තෙ....
මම රවගන වගේ නිම්න දිහා බැලුවා.....මෙච්චර වෙලාම බිම බලන් උන්න නිම්න හොරෙක් වගේ දිහා බලලා ආයම අහක බලාගත්තා ඒ විතරක් නෙවෙ ඒකා එකින් එක එකින් එක මගෙ කෙරුවාව කියනකොට මං තරහෙම්ම එයා දිහා රවාගන බලන් උන්නා.....
මට ඒවලින් වැඩක් නෑ නිම්න මං අහන්නෙ....මොකාද ඔයාට ඕක කිව්වෙ.....මොකාද...මට අනිත් දේවල් වලින් වැඩක් නෑ නිම්න...මට අනිත් දේවල් වලින් වැඩක් නෑ වස්තු .....
උදාරයා වත්...රවිදුවා වත් කවදාවත් කටක් හොලවන්නෙ නෑ...කල්පනයගෙ කටට කොච්චර බ්‍රේක් නැති උනත් ඌ කවදාවත් කෙල බිදක් හොලවන්නෙ නෑ කියන්න මං දන්නවා නිම්න....මං අහන්නෙ මොකාද ඔය කතාව කියව්වෙ කියල විතරයි නිම්න...මන් අහන්නෙ එච්චරයි .....මං අහන්නෙ එච්චරයි ...
මගෙ ඇස් වලට කදුලු පිරුනා...එයා මගෙ වැරදි කියනකොට වෙන වෙලාවක් නම් මං නිම්න එක්ක එකට එක කියවන් හරි අඩනකන් විහිලු කරන්න හරි තිබුනා...ඒත් මට එහෙම දැනුන් නෑ....මට දැනුනෙ කවදාවත් එලි නොවෙන්න ඕන රහසක් එක පාරම එලි උනා වගේ මගෙ මූසල හැගීමක් වෙනකොට මම සෑහෙන වෙලා එයා දිහා කදුලු අස්සෙන් බලාගන උන්නා.....
අනූ....
.
එයා ඒකත් හොයාගන....මම පුදුම උනා...එයා කොහොමද මට අනූ කියන්නෙ කියලා ...ඒත්.....දැන් ඒකට හේතුව මම දන්නවා...මං ආවෙ සතුට දෙන්න...මං ආවෙ එයාව සතුටින් තියන්න...බලන් ගියහම අතීතෙත්....වර්තමානෙත් මේකෙ තියෙන්නෙ අමු දුකක් විතරයි ...
කෝ සතුටක්....
කෝ සැනසීමක්....????
මං නෑවිදින් ඉන්නද.....ම්ම්ම්...මං සදහටම නෑවිදින් ඉන්නද නිම්න....මේ අතීතෙ මේ විදිහටම ගෙවෙන්න දීලා...මං නෑවිදින් ඉන්නද ....???මට කියපන් මැනික...උඹට පුලුවන්ද මං නැතුව ඉන්න.....ඊට වඩා නරක නැද්ද නිම්න..මට හංගන ඇත්ත කිව්වා නම්...මට කියපන් නිම්න...කව්ද උඹට ඕක කනේ තිබ්බෙ....
එයා බිම බලාගත්තා...මං නෑවිදින් ඉන්නද අහනකොට එයාව ගැස්සිලා ගියා...අතීතෙ උනත්...මම ඇවිදින් අතීතෙ සැරිසරන මායාවක් උනත්...එයාට බැරි උනා මං නැතුව ඉන්න...
මයුර....මං නිකන්.....වසන්තයක් ගැන හීනෙකින් වත් හිතන්න බැරිව කේඩෑරි වෙලා ගියපු ..බිදුන තටු එක්ක වේදනාවෙන් පියාඹන සමනලයෙක් වෙන්න ඇති....
මේ ඍතුව හරි කටුකයි.....නියන් කාලයක් හා සමානයි....උඹ ඇවිදින් කරන්නෙ...තටු බිදුන සමනලයෙක් උන මට...මලක් වෙලා පැනි පොවන්න හදන එක....ආපිට මාව පන ගස්සවන්න හදන එක....එත්....
ඒත් මේත් කතා එපා.....මට වැල් වටාරම්.....බන දේශනා එපා...හැබැයි මං හොයා ගත්තා....ඔය මොකාද කියලා...මට උත්තර ඕන් නෑ....ඕන විදිහට ක්ලාස් එකට යනවා....තමුසෙ තවම මගෙ ඇත්ත ස්වරූපෙ දැකලා නෑ නිම්න...ආදරේ වගෙමයි මගෙ තරහව.....
ම්..මයුර.....අනේ මයුර එපා...නවතින්න.....නවතින්න....එයා කෙල්ලෙක්....මොනව උනත් එයා කෙල්ලෙක්....එපා මයුර..අනේ ..නවතින්නකො...කල්පන...අනේ...කල්පන....මෙයාව....අනේ...
ඇයි කල්පනට අඩගහන්නෙ....ඌද දැන් මිනිහා....
ම්..මයුර....
අතාරින්න නිම්න....
බෑ....
සැරයක් කිව්වම....මාව අතාරින්න..කැමති නෑ වස්තු නිස්කාරනේ උඹව අඩවන්න.....කරුනාකරලා මාව අතාරිනවා නිම්න.....
මට...බෑ.....අනූ...
එයා උන්නෙ මගෙ ඇගෙ එල්ලීගන...මාව හිරකරගන.....එයා මේක දැනගත්තු විදිහ කාගෙන්ද කොහොමද කියන්න තේරුන මට ඕන උනේ කෙල්ලෙක්ද...කොලු බාගයක්ද නොබලා සධීරට කන පිරෙන්න අමතන්න උනත් මගෙ නිම්න බය වෙලා මාව අල්ලගන ඇගේ එල්ලුනා....
වස්තූ.....
යන්න එපා....මගෙ....මයුර...
ම්න්....යන්නෙ නෑ....බහින්න....
ඔයා...යනවා....
යන්නෙ නෑ ...හැබැයි තව චුට්ටක් එල්ලා උන්නොත් මගෙ කලිසමත් එක්ක උඹව කඩාගන වැටෙනවා...නිකන් නෙවෙ...ජොකත් එක්කම...කමක් නැද්ද.....සිල් බිදුනට ම්ම්ම්ම්ම්ම්
එ..ඒ....මයුර...
ඒ...ඒ..මයුර තමයි....මාව බජිනවජ...බජිනවජ නම් අහනවා.....බැන්දම ඔයිට හපන් නේ.....ආ.....අනික...දවස ගානෙ කොච්චර දේවල් කරන්න තියනද ....ම්ම්ම්...ම්ම්ම්..
අනේ..මයුර එපානෙ.....මගෙ....
ආ..ආ...ඔන්න පටන් ගත්තා....රුදාවල් මතුවෙන්න....ඔක්කොටම කලින් උඹව දොස්තර කෙනෙක් චැනල් කරලා අරන් යන්න ඕනෙ සැරින් සැරේම මතුවෙන ලෙඩ වලට....ආර්තවෙ හැදිලා වගෙ කොයි වෙලෙත් බඩ කැක්කුම.....ඒකත් යටි බඩ...මෙන්සස් වෙනවද....වෙනවා නම් කියපන්...කමනිට කියන්නම් බෑනා කොටහලු වෙලා කියලා මොකද ඔව්වා මට තේරෙන්නෙ නෑනෙ..මට පුලුවන් එකම දෙයයි නාවන්න අර කොටුවක් හදන එකයි...කොස් අත්තක් හොයන් ඇවිත් කැත්තක් එක්ක කොහෙන් හරි තියලා බලන් ඉන්න එකයි...
හැබැයි කමනිට කියන්න ඕනෙ අර කලේ කරවලා ගලේ නොගහා උඹගෙ ඔලුවෙ ගහන්න කියලා ...ඇයි ඉතින් කොයි වෙලෙත් කැක්කුම් නේ....එතකොට ඔය ඔක්කොම කැක්කුම් යන්න යයි ම්ම්ම්.....
ඇයි අනූ....මේ ඇස්වල කදුලු ....
මං කියෙව්වා....ලොකු නිම්නව අවුස්සන්න කියන කතා ඔක්කොම මෙතන ඉන්න නිම්නටත් මං කිව්වා...ඒත්...මම දන්නෙ නෑ...මගෙ කට විතරක් නෙවෙ....ඇසුත් කතා කරනවා කියලා ...
එයා මගෙ ඇගෙන් බැස්සා ...මට රිදෙනවා...පපුව් ඇදුම් කනවා...එයා අවසානෙදි දැනගත්තා කියන හැගීම මාව් නොසෑහෙන්න රිදවනකොට මට සධීරව ගිහින් හමගහන්න හිතුනා.....
අනූ....මේ බලන්න...ඔයා දුක් වෙන්නෙ...මං ඇත්ත දැනගත්ත එකටද...?ඒක....ඒක එච්චර හිතන්න එපා මගෙ මයුර....ඒක සධීරගෙ වරදක් නෙවෙ.....එයාට ඕනෙත්.....ඔයාට ඕන කරන දේමයි....එයාට ඕනෙත්.....අක්කව බේරගන්න....අක්කව පරිස්සම් කරගන්න...එයා....ඇත්තටම ..එයාට ඕනෙ අක්කව දැන්ම අරන් කොහෙ හරි යන්න....ඒකියන්නෙ...ඔයාට තේරෙනවනෙ.....එයාට ඕනෙ අක්කා එක්ක පැනලා යන්න.....
අනූ...අපි.....අපි...ඇත්තටම .....අපි අප්පච්චිට හරි බයයි මයුර...අපි ඒ මනුස්සයට පුදුම බයයි....අක්කා බෑ කියන්නෙ...අක්කා බා කියන්න එකම හේතුව....එකෙක්හෙ වරදට දඩුවම ලැබෙන්නෙ අපි තුන් දෙනාටම හන්දා....ඒකයි එයා කරගන්න දෙයක් නැතුව අක්කට ඇත්ත කිව්වෙ .....
අනුන්ගෙ කතා අහන් ඉන්න එක හොද දෙයක් නෙවෙ අනූ.....ඒත්....මට ඇහුනා...
ඔයා වත්...සධීරා වත්...ඔය කවුරුත් ආවත්.....මොනවත් කරන්න බැරි වේවි නේ අනූ...මොකද....අනාගතේ දැනටමත්...අපි මැරිලා අහවරයිනෙ...
මම එහෙම්ම බිත්තිය දිගේ රූටලා ගිහින් බිම ඉදගත්තා.....හංගන්න දේකුත් නෑ...මට කියන්න දෙකුත් නෑ...මොකුත් නෑ...වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා අහවරයි .....
මයුර...
එයා මගෙ ගාවින් දන ඔබා ගත්තා...බිත්තිය දිගේ රූටගන ඇවිදින් බිම ඉදගත්තු මගෙ ලගට ආව නිම්න මගෙ මූනම අත් දෙකෙන් අල්ල් ගත්තා....ඒ ඇස් වලත් කදුලු බැදිලා...මගෙ නහය පවා බුරුල් වෙලා...මට නවත්තගන්නත් බෑ...ඇස් වලින් කදුලු වැටෙනවා.....
නිම්න.....අපි...දෙන්නත්...පැනලා යමුද...
මට කරන්න දෙයක් නැති උනා...මට අහන්න ඉතුරු දැන් එච්චරයි ...
පැනල ගිහින්....
පැනල ගිහින්...මොනවා කරන්නද...වෙන ගෑනු මිනිස්සු පැනලා ගිහින් පවුල් පන්සල් වෙන්නෙ....ඒ වගෙ...අපි දෙන්නත් එහෙම ජීවත් වෙමු...මට විසි පහයි....ඔයාට...කීයද...දාහතද...කමක් නෑ...දහාටයි කියලා හිතමු....බැරි කමක් නෑනෙ...
මයුරට ඕනෙ අතීතෙ අස්සෙ හිරවෙලා ඉන්නද....
ඔව්...උඹ ජීවත් වෙනවා නම්...මට පුලුවන් වස්තු....උඹ වෙනුවෙන් සදාකාලිකවම මෙ අතීතෙ හිර වෙන්න.....මට කියපන්....අපි පැනලා යමුද....ම්ම්ම්..මං එන්නම් රෑට ගේ ලගට.....ඉන්න හිටින්න තැනක් මං හොයා ගන්නම්.....මට පුලුවන් උඹව බලාගන්න....මට වෙන මොකුත් ඕන් නෑ නිම්න...මට ඕන උඹව ජීවත් කරවන්න...උඹට මගෙ ගාව ඉන්න බය නම්...වස්තු...අ...අපි...වෙන වෙනම...නිදියමු....ඒකට කමක් නෑ...මට උඹ ජීවත් වෙනවා නම්...ඕන ගින්දරකට පනින්න පුලුවන් මගෙ නිම්න....කියපන් මගෙ පන....
අපි...අපි දෙන්නා පැනලා යන්ද....මට වයස තියනව බන්...මට කියපන්කො වස්තු...
අනූ...අනූ...මේ බලන්න...
නෑ...මට මොකුත් අහන්න ඕන් නෑ....මට අහන්න කිසිම දෙයක් නෑ....මං රෑට එනවා....මොනවත් එපා....ගේට් එක ගාවට වරෙන්...එච්චරයි ....ආය මට මොකුත් අහන්න ඕන නෑ....මං කිව්වනෙ...මං කිව්වනෙ.....මං එනවා...මං එනවා කිව්වොත් එනවා එනවමයි....හැබැයි නාවොත් මං ගෙට පනිනවා....පැනල උස්සන් යනවා...
අනූ.....අනේ මගෙ මයුර ... අහන්නකො...අහන්නකො.....මයුර ...අනේ....අහන්න...අහන්න...මගෙ....මයුර...අනූ....අනෙ කල්පන...මේ....බලන්න...කො...අනූ...අනේ.....ඔහොම...කරන්න...එපා...
දැන් උඹට බදින්න ඕනා කිව්වා නෙ.....කිව්වනෙ.....ඇයි එහෙනම් දැන් බෑ කියන්නෙ....ඇයි එහෙනම් දැන් බෑ කියන්නෙ...ඉගන ගන්න ඕන් නෑ....මං උඹට මම දන්න දේවල් උගන්නන්නම්....මට උඹව මරාගන්න බෑ නිම්න....මට...උඹව මරාගන්න බෑ.....සධීරා හරි...ඒකි කියන දේ හරි.....
රෑට වරෙන් නිම්න...මං උඹව අරන් යන්නම්.....මං උඹව අරන් යන්නම්....අනෙ...බෑ නොකියා වරෙන් රත්තරන් .........
අනූ...අ.....අනූ.....
මං හිතන්නෙ මට පිස්සු හැදුනද කොහෙද .....එයා හැමදේම දැනගන කියන එකත් මේ කරදර ගොඩ උඩට වැටුනා විතරයි මට පිස්සු හැදෙන්න ආවද කොහෙද ...එකම දේ...එකම දේ කිය කිය මං පිස්සුවෙන් වගේ කෑ ගහනකොට එයා මාව තද කරලම බදාගන මාව සනසවන්න හැදුවා ..මගෙ පිට දිගෙ අත ගගා මාව නිවන්න හැදුවා.....
ව...වස්තු....මා එක්ක....යන්න වරෙන්....රත්තරන් .....
අනූ....ඔය ඇති අනූ....මොන දේ උනත්.....අවසානෙ වෙලා ඉවරනෙ.....
ඇයි...වස්තු මට මෙහෙම රිදෙන්නෙ....ඇයි මට මේ තරම් රිදවන්නෙ.....
මං ඔහෙ කියෙව්වා...මං එයාගෙන් ඇහැව්වෙ එකම දෙයයි ඇයි මට මෙච්චර රිදවන්නෙ කියන එක වෙනකොට මගෙ නිම්න උත්තර නැතුව මා දිහා බලන් ඉදලා මගෙ කම්මුල එයාගෙ පිට අල්ලෙන් අත ගෑවා....
ඒ ගැන හිතන්න එපා මයුර අනාගතෙන් ආවා උනත්....කොහෙන් ආව උනත්...මයුර ආවෙ...මාව සතුටින් තියන්න නම්....මට ආදරේ කර්න්න නම්.....අවසානය මොකක් උනත් කමක් නෑ...මම සතුටින් උන්න කාලෙකුත් තිබ්බනෙ...මං ආදරේ කරාපු කාලෙකුත් තිබ්බනෙ කියන මතක එක්ක මට හැම දේම දරගන්න පුලුවන් වෙයි අනූ.....
උඹගෙ ආදරේ ළඟ ...හැම වේදනාවක්ම...මට සුලු දෙයක් මයුර.....ඒක නිසා.....ඒ ගැන හිතන්න එපා....අපි වෙනදා වගේ ඉමු අනූ...මට ඔයා ඉන්න එකම සතුටක්....සැනසීමක්....ඉතින්...එතනින් එහා මොනවත් මන් බලාපොරොත්තු වෙන්නෙ නෑ මගෙ මයුර....අතීතෙ වෙනස් කරන්න පුලුවන් කමක් තියනවා නම්....මම ඉල්ලන්නෙ එක දෙයයි අනූ....
මට ලැබුන අප්පච්චිව මිහිපිට කාටත් ලැබෙන්න එපා කියලා .....වෙනස් වෙන්න ඕනෙ අන්න එතනයි.....මගෙ මරනෙ නෙවෙ මයුර...එතන වෙනස් උනා නම්....අනිත් හැම දේම වෙනස් වේවි....
මං ඔහෙ අහන් උන්නා...මොකද මට අහන් ඉන්නවා ඇරුනම වෙන කරන්න කියලා කිසිම දෙයක් ඉතිරි නැති හන්දා ...
එයා කියෙව්වා ...මගෙ කදුලු පිහදැම්මා ...මාව තුරුල් කරගත්තා .....මාව සැනසුවා....අවසානෙදි මං නැගිට්ටා ...නැගිටලා ඇදුම හදාගත්තා ....
නිම්න ....,
අනූ....
මං එයාගෙ අත් දෙකම අල්ල ගත්තා...අල්ලන් මිරිකගත්තා
දන්නවද....වස්තු....ආදරේ කරනවට වඩා අමාරුයි...තව හිතකින් ආදරෙ උපයගන්න එක....මොකද ...සමහර විට....ආයෝජනේ කරන තරමට නෙවෙ වෙන්න පුලුවන් ආපිට හම්බෙන්නෙ....ඒත්....ඒත් දන්නවද.....වේදනාව කොයි තරම් ගැඹුරු උනත්.....මොන තරම් අසීමාන්තික උනත්...මං වාසානාවන්තයි .....මං හරි වාසනාවන්තයි ...උඹ වගේ මනුස්ස හෘද වස්තුවකින් ආදරේ මේ තරම් උපයගන්න ලැබුන එකට...
විස්වාස කරන්න මාව....උඩ ඉන්න තිස්තුන්කෝටිය පිහිට් වෙලා...මොනවා හරි මාර්ගයක් මන් වෙනුවෙන් පාදලා දෙයි.....උඹව බේරගන්න...මං උඹව කොහොම හරි බේරගන්නවා.....සුචිත්‍රම්මා කියනවා අතීතෙ වෙනස් කරන්න බෑමයි කියලා .....නෑ...මං වෙනස් කරනවා...එහෙම බැරි උනෝතින්...මං සදාකාලිකවම මේ අතීතෙ උඹත් එක්ක නවතිනවා...නැවතිලා....උඹ එක්කම මැරිලා...උඹ ලගම මිහිදන් වෙනවා.....මගෙ ආදරෙ ගැන සුලුවෙන් හිතන්න එපා නිම්න....මං උඹට හරි ආදරෙයි ...
එයා හිනා උනා...හිනා වෙලා ලොකු නිම්න වගේම මගෙ ඔලුව අත ගෑවා.....හැබැයි ඊලග තත්පරේදි ඒ මූන ආයම වෙනස් උනා....
ම්හුක්....
හරි...මං හිතන්නෙ හරියටම හරි ....
ඇයි .....
අනූ.....
ඕ....
ඔයාගෙ ඇස් රතු වෙලා තිබ්බෙ ඇයි උදේ.....
මලගෙයක් තිබුනා වස්තු...
කාගෙද....
රවිදුගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ...
ර..වි..දුගෙ.....එයාට කොල්ලෙක් ඉන්නවද අනූ.....
ම්න්....හැබැයි...ඌත්...මං වගෙ වස්තු.....උඹගෙ අප්පච්චි නිසා....මට උඹව නැති උනා වගේම....උඹගෙ අප්පච්චි නිසාම...ඌටත්...ජනත්ව නැති උනා නිම්න.....ලස්සනටම ලියන්න පුලුවන් හුගක් ආදර කතා....උඹගෙ අප්පච්චි මහ පොලවට සමතලා කරනවා...
අනූ.....
දන්නවද.....ආදරෙ කරන එක මොන තරම් අමාරුද කියලා ...මං උඹට පැල් බැදගන ආදරෙ කෙරුවත්....එක තත්පරයක් ...එක මොහොතක් එනවා....නිම්න....උඹ කියන්නෙ...මේ ලෝකෙ.....මොනම කෙරවලවලකවත් ජීවත් වෙන මනුස්සයෙක් නෙවෙ කියලා දන්න තිත්ත ඇත්ත මතක් වෙන මොහොතක්....
මං මෙ වෙනකොටත් මැරිලා හමාරයි නිම්න.....මං මෙ වෙනකොටත් මැරිලා අහවරයි....උඹ කියන්නෙ තනිකරම මාව හෙම්බත් කරන මායාවක්.....
කවදාවත් හිමිවීමක් නැති....මායාවක් කියන ඇත්ත මතක් වෙන වාරයක් ගානෙම මගෙ පපුව පැලිලා ඉවරයි නිම්න.....
ඒත්....මන් තවටත් ආදරෙයි නිම්න....
දවසක් එනවා...අතීතෙට එන මෙ දොරටුව සදාකාලෙටම වැහිලා යන....
දවසක් එනවා...මට කවදාවත් අය උඹ එක්ක ආර්ට් පන්තියෙ ඉදගන්න බැරි වෙන....
දවසක් එනවා...මට කවදාවත් ආයම ලොකු නිම්නට තුරුලු වෙන්න බැරි වෙන...
දවසක් එනවා...මට කවදාවත් උඹගෙ ලෙඩ ලිස්ට් එක වත්.....පිලිවලක් නැති මගෙ වැඩවලට උඹගෙ අම්මට ගහන්නවත් බැරි වෙන...
දවසක් එනවා...ඉටිපන්දම් අහුරක් අරගන ගිහින් මං උඹගෙ සොහොන ලග වැටීගන ඔහේ බලන් ඉන්න.....
අන්න එදාට පුලුවන් නම්...වලෙන් නැගිටලා බලපන්...මගෙ පපුව ගැහෙනවද.....මගෙ හොද සිහිය තියනවද කියලා ...
මං කොච්චර ආදරේ කෙරුවත්...උඹ කියන්නෙ....මට අහිමි වස්තුවක්...මගෙ නිම්න......මට....රිදවන්න එපා නිම්න...අනේ....මට...රිදවන්න එපා බන්......උඹගෙ අප්පච්චි හන්දා ....මායි ඌයි හරියට විදවනවා....නිම්න.....කුලුදුල්ම ආදරේ ...දැනටමත්....මහ පොලවට දිරලා නිම්න.....උඹ දැනටමත්.....මතකයක් විතරයි නිම්න.....
අනූ.....මගෙ...මයුර...


එයා මගෙ ඇගේ එල්ලුනා.....දැන් ඉතින් හංගන්න දෙයක් නැති වෙලේ මන් මගෙ වේදනාව කියනකොට එයා මාව තද කරලම තුරුල් කරගන්නකොට මන් ඔහෙ මලකද වගේ උන්නා.....අවසානෙදි එයා මගෙ කදුලු පිහදල අඩන්න එපා කියලා බැගෑපත් වෙන කොට මට තවත් එ හිත රිදවන්න බැරි කමට මාත් මගෙ කදුලු පිහිදගත්තා....
අනූ...
ම්ම්ම්ම්....
බඩ්ඩක් අහන්නද.....
ම්න්.....
ජනත් කියන්නෙ.....රවිදුගෙ බෝයි නේ
ඉතින්...ඇයි දැන්.....මොකද.....ඌවත් ඕනෙද???
අහන්නකො කියන්න කලින් සැරවෙන්නෙ....ම්හු....ක්....සැර කරන් එන්න එපා....ඇත්තමයි..අනූ මං ඔයාව අපෙ අම්මට කියනවා ආ...
.හා...අම්මෙ..හා...ඔක්කොම වෙනකොට දුවන්නෙ අම්ම ගාවට...අම්මගෙ බිබික්කමනෙ....
ඒ උනාට ඔයා අපෙ අම්මට බයයිනෙ....නිම්න ඒක දන්නවනෙ...අනික...නිම්නට ඒ ඔක්කෝම ඇහුනනෙ.....👉👈....ඔයාට ගැහුවලු නේ...අපේ අක්කත් ඔයාව බය කෙරුවලු නේ.....ඔයා අඩ අඩලු නේ රෙදි නැමුවෙ...
ඇති ආ....නිම්න.....යම්කිසි දෙයක් උනා තමයි...දැන් ඇති...
ඉතින්...නිම්නට....නිම්නට.....ඇහුනනෙ....ඊටත්.....ඔයාගෙ මෙට්ටෙ යට මොනාද තිබ්බලු...අනික...ඔයාගෙ ඇද යටින් එකයිලු තේ බීපු කෝප්ප....
අපෙ අම්මලු ඔයාව ඔහොම හරි හදා ගත්තෙ...ඇත්තද අනෙ ඒ කතාව...????විස්වාස කරන්නත් බෑ.....ඔයා ඔහොමයි කියලා ....බඩුවක් ගත්තොත් ගත්තු තැනලු නේ....?මොනව හරි වැටුනොත් ඒක අහුලන් නෑලු....උඩින් පැන පැන යනවලු නේ....
ඇත්තද අනේ...ඔයා ගේ අතු ගාලා ඩස්පෑන් එකට එන්නෙ නැති වැලි වලට පයින් ගහනව කියන්නෙ....
විස්වාස කරන්නත් බෑ අනූ....ඔයා ඔහොමයි කියලා ...
මං හිතන්නෙ මගෙ වේදනාව එක මොහොතකින් වාශ්ප වෙලා ගියා.....මගෙ මූන ලේ පාට වෙන්න ගත්තා....නෑනා මහ කේලමී වගෙ.....ඔක්කොම කෝප්ප හෝදන ටික මූට ඇහිලා....
උඹ මොකටද ගෑනුන්ගෙ කතා වලට කන දාන්නෙ.....චීත්ත වැඩනෙ ඔව්වා....
ඉ..ඉතින්...බයින්නෙ.....ම්හුක්...බුංජි පුතාට ඇහුනනෙ....
ආ..ආ...ආ...අනේ...අනේ.....බුංජි පුතාට ඇහුනලු.....නෑනලා දෙන්නම මහ චීත්ත දෙකක් වගේ නේ.....ඔක්කොම කියනවා.....අනික ඔය කියනවා වගේ නම් මොකුත් උනෙ නෑ වස්තු...නිකන් බොරු නොකියා ඉදින්...අනික....උඹලගෙ අම්මා මට පුදුම තරම් ආදරෙයි....ඔය ගැහුවා කියන කතාව නම් අමූලික බොරු.....ඒ රත්තරන් මනුස්සයා මට ගහනවා තියා බැනලා වත් නෑ....කට පුරාවටම පුතේ කියාගත්තු ගමන්.....ඕකිගෙ බොරු වස්තු.....
මං ඔලුව කහ කහ වහල දිහා බලන් වහලෙ බැදලා තිබුන මකුනු දැල් ගනින්න ගත්තා....මොකද අරූගෙ මූන ඒ තරම් හොද නෑ...අහිංසකයට බුංජියගෙ ආත්මෙ වැහෙනවා කියන්නෙ...මට කණකොකා අඩනවා වගේ වැඩක් .....
ඒ උනාට...මට ඇහුනනෙ....ඔයාට කුනුහර්ප කියනවා කියලත් අම්මා ගැහුවා කියලා ...ඔයා හරියට ගුටි කනවලු....
මෙ.....මොකීද ඔය බොරු කියන එකී....ගිහින් කුකුල් බෙට්ටක් කටේ උලන්න දත් ටික ඔක්කොම හැලිලා යන්න...අනික...වස්තු...මගෙ මූන බලන් උඹටම කියන්න පුලුවන්ද මං කුනු හර්ප කියනවා කියලා ...බැනෙ...ඒකට තමයි හැදියාව කියන්නෙ හුත්තො....
අ...අ..අනූ....
න්..නෑ.....නෑ...මන් කිව්වෙ...මං කුනු හර්ප කියන්නෙ නෑ කියලා .....ඕවා ඔයාගෙ හිතෙ මගෙ ගැන වැරදි ආකල්ප ඇති කරන්න කියපු එකක්...ඔයා ආය සධීරව ආශ්‍රෙ කරන්න එපා වස්තු හොදද.....
එ.ඒ...උනාට...ඔයා දැන් හුත්තො කියලා කිව්වනෙ...අනූ....හුත්තො කියන්නෙ කුනුහර්පයක්නෙ....හුත් ...භ්භ්...භ්භ්....භ්භ්....භ්භ්...
අනේ...ඇති බන්...මට ගුටි කන්න බෑ...ඒක කුනු කතාවක්.....නෝටි වචනයක්.....මගෙ පුතා ආය ඕක කිව්වොත් මං උඹගෙ කට පුච්චලා මම පෙට්‍රල් හලන් ගිනි තියා ගන්නවා.....
මං අරකගෙ කට මිරිකලම වහල දැම්මා..මොකද මට තව දුරටත් ගුටි කන්න බෑ....ඒ පාරවල් මතක් වෙනකොටත් මගෙ පිට පුපුරු ගහනවා...
ම්හුක්....ඒ උනාට කතා කර කර ඉන්නකොට කට වහන්න එපා වේසයිනෙ අනූ.....ඒක හරි වේසයිනෙ....කතා කර කර ඉන්නකො කට වහන එක වේ....සයිනෙ
ආ....යි....ශ්...අනෙ..නිම්න...උඹ සධීරගෙන් විතරක් නෙවෙ කල්පනයගෙනුත් ඈත් වෙයන් ...උගෙනුත් ඈත් වෙයන් ....
මං මගෙ නලල බිත්තියෙ ගහගත්තා....එකක් නවත්තල ඒක නෝටියි කියලා කට වහන්න හම්බුන් නෑ...මගෙ නිම්නයා වෙන එකක් අල්ලන් මයිනා වගෙ කුනු හර්ප පලන්න ගන්නවා එක්කම මං මගෙ නලල බිත්තියෙ ගහන් කල්පනයගෙනුත් ඈත් වෙන්න කියලා කෑ ගහන්න ගත්තා විතරයි ඒකා ආයම මාව ඇද්දා.....
ම්හුක්...අනූ....
ඒ පාර මොකද බන්....ඇයි....
බයින්නෙ....මෙතන ඉන්නෙ බුංජියනෙ.....මං තාම චූටි නිම්නනෙ....බයිනවා....මොනවත් අහන්න බෑ...සැර වෙනවා...සැරම වෙනවා....මන් ඔයාව කියනවා හැබයි.....
තියන සවුත්තු කමනෙ...වචනයක් අහනකොට සැර වෙන්නෙ....
හරී....චපලයි....
බයිනවා කොයී.....වෙලෙත්.....ම්හුක්...මගෙ...ඔලුව කැක්කුමක් අල්ලන්න එන්නෙ.....
හ්..හා...හා...මගෙ පුතාට සැරවෙන්නෙ නෑ.....මොනාද කියන්නකො....සම්පූරනම අවදානෙ ඔයාට දීලා තියෙන්නෙ ඒ හින්දා කැක්කුම් ගැන කියන්නෙ නැතුව කියන්නකො...මොනාද මගෙ පුතා කියන්න යන්නෙ
ම්හුක්...වචන වලින් හරී....යට රවට්ටනවා...බුංජි පුතාට ප්‍රශ්නයක් ඇවිත්නෙ අනූ....
මොකක්ද කියන්න ඔනෙ...ඉක්මනට කියපන් නැත්තන් ඔය හුරතල් වෙන හැටියට මට කිරි එරෙනවා....
ම්හුක්.....රවිදුගෙ බෝයි ඉන්නෙ
ඉතින්....
ඔයා එයාට අයියා කියලද කියන්නෙ අනූ
ඔව් ඉතින්....අයියට අයියෙ කියනවා....අක්කට අක්කෙ කියනවා.....ඌ අපිට වඩා දෙකක් වැඩිමල්....ඇයි දැන්.....
මගෙ ළඟ උන්න පොඩි නිම්නයා ජනත් අයියට අයියෙ කියලද කතා කරන්නෙ ඇහුවා .....එන පොට හොද නෑ....නිම්නයා ඇස් කරකවන විදිහටම තේරෙනවා ඊලගට අහන්න යන්නෙ එක්කෝ මාව හිරවෙන එකක් ...නැත්තන් මගෙ ලේ කෝප වෙන එකක්.....
මං මොකටත් කියලා දතකට පූට්ටු කරන් නිම්න දිහා බලන් උන්නා...
දැන් මම ඉන්නෙ ...මේ නිම්න ඉන්නෙ...
ඉතින්....
මං කියන්නෙ..චූටි නිම්න ඉන්නෙ...
ඉතින්න්න්න්...
ඒ උනාට...මගෙ ඇත්ත වයස...ඔයාට වඩා ලොකුයිනෙ....ඇයි ඔයාට බැරි මට අයියෙ කියලා කත කරන්න. ...ජනත්ට අයියෙ කියනවා නම්.....මට බැරි ඇයි.....මං අහන්නෙ වයි....?වයි???වයි...ඇත්තටම වයි ...?අද ඉදන් මට අයියෙ කියන්න.....
පිස්සු....විකාරද...අයියෙ????අයියෙ කියන්න.....??මේ මූන බලන්.....ඒ...ඒ..ඒවා මෙතනට අදාල නෑනෙ වස්තු...මට විසිපහයි....උඹට දාහතයි...උඹ තාම ඇච්චෙක්... මං අයියෙ කියන්න ඕන එකාට ගානට අයියෙ කියන්නම්කො.....ආවා මෙතන වයි වයි ගාගන.....
මං..රවා ගත්තා...අරකා කට පුරාවටම ඈනුමක් ඇරියා ...ඈනුම ගියත් හරි....හුරතලේට කරකවන රවුම් ඇස් වල
කදුලු පටලෙකුත් බැදුනා...ආයම කල්පනා කරනවා....රවාගන්නවා...හුකුක් ගානවා ම්හුක් ගානවා ගස්සනවා....
දැන්..මේ....කියන්න ඕන කෙනා කියන්නෙ ලොකු නිම්නටද?
ඔව් ඇයි....මගෙ ලොකු නිම්නට තමයි...මගෙ ලොකු වස්තුවට ...ඇයි ....මොකෝ...
ම්හුක්.....දැන් අහන්නකො..
ඒ පාර මොකද .....???
ඔය මං කිව්වෙ.....බයී.....නවා.....මට ආදරේ නෑ...මට නෙවෙ ආදරෙ ලොකු නිම්නට...මං දන්නවා....මං චූටි හින්දනෙ මෙ ඔක්කොම...සැර වෙනවා හරීයට ..වචනයක් අහන්න බෑනෙ.....
තියන චපල කමනෙ....
සවුත්තුවා...මෙතන උන්නට හිත තියෙන්නෙ ලොකු එකා ගාව ...
යෝ මං නම් අල්ලන් තියෙන්නෙ කොටි වල්ගයක් ....මහ එකා නහින්න හදනවා මං වැඩියෙන් ආදරෙ පොඩි එකාට කියලා පොඩි බේසමා නහින්න හදනවා මං ඌට නෙවෙ ආදරේ මහ එකාට කියලා ...ඇයි මුන් දෙන්නා මුන්ටම ඊරිසියා කරගන්නෙ ...???මන් අහන්නෙ ....වයි...
නෑ...නෑ...මගෙ හිත ඔයා ගාව තියෙන්නෙ....ඔයා ගාව විතරමයි.....චූචි බුංජියට තමයි වැඩි අවදානෙ....දැන් හරිනෙ...
ම්හුක්....ඔයා වැඩිපුරම ආදරේ එතකොට මටනෙ නේද ??ලොකු එක්කෙනාට නෙවෙනෙ...මේ බුංජි පුතාට නේද....ආ.අනු .....මහ එකාට නෙවෙනෙ.....
අපො නෑ...ඒ නාකියට නෙවෙ....මං වැඩියෙම්ම ආදරේ චූචි බුංජියට ...හරිද ..
නාකියා කියන්න එපා ඉතින්.....ඒ ඉන්නෙත් ලොකු වෙච්ච චූචි බුංජියමනේ .. .....ඒ උනාට ඔයා එයාට වඩා ආදරේම මටනේ...
ඔව්...ඔව්....අම්මෙ....උඹට තමයි....දැන් හරිනෙ....මා පුතා එලියට යමු...තව උන්නොත් මට පිස්සු හැදෙනවා...කෝ යමන් අම්මෙ....
අනූ .....
.ඕහ්....ඇයි....ඉතින්...
මාවත් ගමනක් එක්ක යන්නකෝ...ගමනක් වත් එක්ක යන්න කෙනෙක් නෑනෙ ....ම්හුක්....නිම්නට ඇහුනනෙ ...අනූ....ලොකු නාකියව ගමන් එක්ක ගියා කියලා ....
ම්හුක්....සූට් එකකුත් අරන් දුන්නලු....
චූචි බුංජියට මොකුත් නෑ.....
ගමන් එක්ක යන්නෙත් නෑ....ඊටත් නිම්නට ඇහුනනෙ...ඒකව බයික් එකෙත් දාන් යනව කියලා ....අම්මො....හරි ආදරෙයිලු අප්පා....ඉල්ලන්නෙ.මොනාද කන්න අරන් දෙනවලු....
....
චූචි බුංජියට මොකුත් නෑ....පව්.....
මගෙ ඔලුව කැක්කුමයිනෙ අනූ.....ඇයි ඒ.....ඊරිසියාවක් හැදීගන එනවදෝ මන්දා නේ අනූ.....
මේ වම් අතෙ මහපට ඇගිල්ල ගැහෙන්නෙ ඇයි අනූ.....
වම් හක්කත් හිරි වැටීගන එන්නෙ....
.මං හිතන්නෙ ඔයාට අද ලොකු නිම්නයා ගාවට යන්න වෙන එකක් නෑනෙ අනූ...ඇයි ඉතින් මං අසනීපෙන්නෙ....
පපුවත් චුට්ටක් කැක්කුමයි....
මට ඊයෙ ඉදන් වතුර බිව්වම බඩ රිදෙනවා....මං හිතන්නෙ මට වකුගඩු අමාරුවද කොහෙද ....
මට දුවන්න හිතුනා....දුවලා ගිහින් කොමර්ස් එකෙ ඉන්න සධීරට සටපට සත්ත පඩි වෙන්න ඩෑස් දෙක තුනක් කෙලින්න හිතුනා...මං ලොකු නිම්නයට සලකන විදිහ අකුරක් නෑරම පොඩි එකාගෙ කනට තියලා වෙනකොට මහ එකා වගේම මේකත් ඒකා එක්කම ඊරිසියාවෙ පුපුරන්න ගද්දි එකම එකාට සිය විදිහකට ආදරේ කරන මට වහ බොන්න හිතුනා....
.හරි....මේ අහන්නකො...මං මගෙ වස්තුව ගමනක් එක්ක යන්නම්.....හොදද....සූට් එකකුත් අරන් දෙන්නම්...ඒත්...ඔයාට අද මොන ලෙඩ ආවත්....අනූට ඉන්න බෑනෙ වස්තුව.....ජනත් අයියගෙ මල ගෙදරනෙ ....මං යන්න ඕනනෙ....
ම්හුක්...ජනත් අයියගෙ මලගෙදර හින්දද ..නැත්තන්...
නැත්තන් ආය වෙන මොකටද.....
ආරංචි...ආරංචි....චපල උනා කියලා .....
මො..මොකක්.....
හුජු නංගිගෙ කෝපි රහ වැටිලා හින්දනෙ ඔය මාව දාලා යන්න හදන්නෙ...ඕන් නෑ....මට බදින්න ඕන් නෑ...ඔයා යන්න....ඔයා යන්න.....ගමන් ඕනෙත් නෑ...සූට් ඕනෙත් නෑ...
ම්හුක්....උඹට විතරක් නෙවෙ...මටත් චපල වෙන්න් පුලුවන් හරිතේ.....කල්පන අයියෙ...කල්පී...ඔයා කොහෙද...මේ චූචි බුංජියා ඔයාව හොයනවනෙ...කල්පී...බුංජි පුතා එනවෝ....
නි..ම්න.....නිම්න ඔහොම නැවතියන්...ඌට කොල්ලෙක් ඉන්නවා.....නිම්න.....ඌ උදාරයා එක්ක යාලුයි....කිව්වම අහලා නැවතියන්කො...හැබැයි මේ පාර මමයි ගිහින් අම්මට කියන්නෙ....
බුංජියා....වට් කේස්...මොකෝ අවුල අනේ....ඇයි අරූව ඉස්සරහට එලෙව්වෙ.....ඈ බුංජි
ඕන් නෑ....ඔයා මගෙ ගාව ඉන්න කල්පි.....
ඔයා කියනවා නම්...ආය...නොකා නොබී හරි....ආ....නෑ...නෑ...බුංජියො...මාත් සිංගල් ඒකෙක් නෙවෙනෙ මටත් කොල්ලෙක් ඉන්නවනෙ...නේ....මයුරයා.....එක්කො...උඹ පස්සට වරෙන් උඹගෙ බෙල්ලෙ පොට යයි පස්ස හැරි හැරි රවලා බලලා...බුංජියො..මං ආපහු හිටපු තැනට ගිහින් ඔයාගෙ මිනිහව මෙතනට එවන්නද...
ඕන් නෑ කල්පි....අහිංසක හින්දනෙ මට ඔහොම බොරු කරන්නෙ.....අපි දෙන්නා අතර සම්බන්දයක් නෑ.....මං එයගෙ ප්‍රොපෝසල් එකටත් බෑ කිව්වා කියන්න....
මං උන්නෙ ආපහු පන්ති කාමරේ.....නෝට් එකක් ලිය ලිය....සංගීත කාමරේට රිංගුවෙ කොටුවක් පනින්න කියලා හිතාගන උනත් මට සිද්ද උනේ බැනුමකුත් අහන් මගෙ ඉන්න තැනත් නැති කරගන්න වෙනකොට නිම්නයා මාව කල්පනයා ඉන්න තැනට එලවලා මගෙ තැනට කල්පනයව අරන් මට ඇහෙන්න කල්පි කල්පි ගගා නටන්න ගත්තා.....
පොඩි හින්දා අඩවන්නත් බෑ... මුගෙ ඇට්ටර කම හන්දා අඩවන්නෙ නැතුවත් බෑ.....
පොඩ්ඩක් හිටපන්කො...
කල්පනයා...
කිය්පන්...
උඹට මතකද මං ඊයෙ ලියාගන්න දුන්න බඩු ලිස්ට් එක ..මෙයාට ගේන්න කියලා
බඩු ලිස්ට් එක මොන....උඹ මට දුන්න බඩූ ආ....යි....ආ....යි....යා.......ඔව්ව්ව්....
ඉතින්.....කකුල ...ආව්හ්
ඒකෙ තියන ඔක්කොම ලොකු එක්කෙනාට ගනින් පොඩි එක්කෙනා කියලා නම කපපන්...මොකද අපි අතර දැන් මොකුත් සම්බන්දයක් නෑ...හේතු නැතුව සම්බන්ද නවත්තඅන් මොකෙක්ද කල්පන...මාව විහිලුවක් වෙලා සමහර එවුන්ට...මොකටද ....උඹ දන්නවනෙ....අපේ කමනි කියන්නෙ....පොල් කාවයියෙක් උනත් කමක් නෑ....එක හිතක් තියන එකෙක් ගෙදරට ගෙනෙන් කියලා ...මෙතන උන්ට එක හිතක් නෑනෙ...වෙන උන්ගෙ මින්ස්සු එක්ක හුරතල් වෙනවනෙ...ලියපන්...ලොකු නිම්න අර ඉල්ලපු සෙල්ලම්බඩුවත්...
මොකක්ද ඌ....ඉල්ලපු සෙල්ලම්බඩුව
සබන් බෝල පිඹින එකක්...තව ඉල්ලපු හැම ජාතියම ලියපන් සල්ලි මදි උනොත් මං වම් ඇටෙ විකුනල හරි අරන් දෙනවා....ඉන්නෙ එකානෙ...
යෝහ්...මූව අඩවන්න එපා යකො.....නිකන් ඉදු මයුරයා.....ඔය බොරු බුංජියො.....මූ ඔයාව අඩවන්න හදන්නෙ.....
මන් කල්පනයා දිහාව හැරිලා බොරුවක් කියන ගමන් උගෙ කකුලත් පෑගුවා .....බඩු ලිස්ට් එකෙන් පොඩි එක්කෙනාගෙ නම කපන්න කිව්වා විතරයි පොඩි නිම්නයගෙ මූන තනිකරම තිත්ත කැකිරි පන්තියෙ පූසා වගෙ උනා.....කටත් චුට්ටක් වෙව්ලන්න ගත්තා නහයත් පිම්බෙනවා .....අරූ කිව්වා විතරයි අඩවන්න එපා කියලා හැම දේම අම්මට කියන්න හදන අහිංසක බුංජියා ඔලුව ගහගන්නව එක්කම මොකෙක් හරි වෙන දිහාවකට යවාපු රොකට් එකක් ඇවිත් බුංජියගෙ ඔලුවට වැටුනා විතරයි උදේ පාන්දර කන රත් වෙන්න කාපු සැමන් කුමාරයා මම බලන්නත් කලින් කෑ ගැහුවා...
මොකාද යකො කොල කඩලා.රොකට් අරින එකා...ගිහින් අරගනියව්...තොපිට පොත් තියෙන්නෙ කොල ඉරලා රොකට් යවන්නෙ...ගන් ගිහින්.....නිසල් උඹ නේද
මං වෙන්නෙ කොහෙද ...උඹ දැක්කද නෑනෙ.....
අමොර්...අමොර්.....හිච්චි රාජපක්ශ කව්ද.......ඇවිල්ලා රොකට් එක අරන් පලයන්.....චිචී බේබිලා මෙහෙත් ඉන්නවා...මෙහෙ දියන් මයුරයා මෙකෙ සාටකේ ලාන්ජනෙ තියනවද බලන්න
මන් හිමීට ආපහු කල්පනයා එක්ක පුටුව මාරු කරගත්තා...නිම්නගෙ ඔලුවට වැටුන රොකට් එක අරන් කල්පනයට දුන්න මන් පහත් වෙලා ඩෙස්ක් එකට මූන ගහන් හොරාවට අඩන නිම්නයගෙ මූන බැලුවා...
අයිගෝ...අඩනවා.....මෙක අඩනවම තමයි වැඩෙ ...
වස්තු....
ඔයා....මට ආදරේ බොරුවටද....මයුර....
අයියො ලමයො...අවුස්සන්න කිව්වෙ....මං ඌට අරන් දෙන මගුලක් නෑ වස්තු...කෝ...කෝ....බොරූවට ඊරිසියාවෙ පැලෙනවා...උඹලා දෙන්නා ඔය ඊරිසියා කම් කරගන්නෙ.....උඹලටමනෙ වස්තු...
හ්ම්...ඒ...උනාට.....දුක...හිතුනා.....
නිම්න නැගිට්ටා...තමන් එක්කම ඊරිසියා කම් කරපු නිම්න නැගිටලා මා දිහා බලනකොට ඒ මූන පිහදගන්න මං මගෙ ලේන්සුව දුන්නා ...එයාට දුක හිතුනලු...මට ලොකු නිම්නව මතක් උනා...එයත් කිව්වෙ ඕකමයි...අන්.ආදරේ කරන්නෙ එයාටම උනත්.....ඒ.දෙන්නටම බැරි උනා ආදරේ ගාවදි ඒක තේරුම් ගන්න...ඇත්තටම ..ඒක තේරුම් ගන්න බැරි කමත් නෙවෙ.....අම්මගෙන් අක්කගෙන් පිට එයාට ආදරෙ දීපු එකම කෙනා මම විතරක් වෙනකොට ඒ දෙන්නටම බැරි උනා එයා එක්කවත් මාව බෙදා ගන්න...
වස්තු.....
මං හොරාවට නිම්නගෙ අත අල්ල ගත්තා...දැන් තිබුනෙ බකට් සබ්ජෙක්ට් ...සංගීතෙ කරන උන් සංගීතෙට ගිහින්....චිත්‍ර කරන උන් ඒකට නැවතිලා...නාට්‍ය කරන උන් නාට්‍ය වලට ගිහින්..මගෙ නිම්න කරන්නෙ චිත්‍ර...එයාට ලස්සනට අදින්න පුලුවන් .....
ඔයා නොයා බෑනෙ...නේද....
ම්න්...ඔව් වස්තු....උදාරයා තනි වෙනවනෙ...අනික...ඒ පාංශුකුලේට ...ජනත්ගෙ අම්මා අප්පච්චි නෙවෙ....අපියි ඉදගන්නෙ....ඒක ජනත්ගෙ ඉල්ලීමක්....පව්.....
කාටද අනූ පව්....
මගෙයි නිම්නගෙයි අත් දෙක තදින්ම එකට පැටලිලා තිබුනා .....එයා එක්කම ඊරිසියා කම් කරපු අර දග කොල්ලා නෑ....මං ආස නිවුන නිම්න ආයම උන්නෙ...එයා අහනවා කාටද පව් කියලා ...
ජනත් අයියට....
මැරුන මිනිස්සුන්ට පව් කියන්න එපා අනූ....ජීවත් වෙන මිනිස්සුන්ටයි උදව්ව...උපකාර....අනුකම්පාව...ආදරේ ඕනෙ...නැතුව මැරුන අයට නෙවෙ...ජීවත් වෙලා ඉන්නකොට නොදුන්න දේවල් ඇයි අනූ මැරුනම.....
ම්ම්ම්....ඒක ඇත්ත වස්තු....අඩන්න එපා..අන් ආදරෙයි ඔයාට....මට ඔයයි...ඔයයි කියන්නෙ..දෙන්නම එක්කෙනෙක් වස්තු....නැතුව දෙන්නෙක් නෙවෙ...වෙනසකට තියෙන්නෙ....
මට තේරෙනවා අනූ....ඒත්....මගෙ මෝඩකමට වෙන්න ඇති...මට ඊරිසියා හිතුනා..... උඹ දෙන ආදරේ දැක්කම ඒ ඉන්නෙත් මම බව දැන දැනම....මටම මම ඊරිසියා කරන එක
සාදාරන නැද්ද මයුර....?මිනිස්සු ආදරේ ගාවදි කාටද ඊරිසියා නොකරන්නෙ....එහෙම බැලුවම....මම...මා එක්කම ඊරිසියා ගන්න එක සාදරනයි මයුර.....
මගෙ මෝඩ හුරතලේ.....මං උඹට හරි ආදරෙයි වස්තු....මං ඔයාව කොහෙ හරි එක්ක යන්නම්..හොදද...
හ්ම්....මයුර අදත් මාව බස් එක ගාවට දාන්න එනවද...
නෑවිත් බෑනෙ .....මගෙනෙ....මොකක් හරි අල්ලන් ගියොත් කෝ මට කොල්ලෙක්...
එයා හිනා උනා...අදත් මාව බස් එකට දාන්න එනවද අහපු මගෙ පොඩි නිම්න අර කදුලු ඔක්කෝම.මැකිලා යන්න එයා ගාව තිබුන ලස්සනම හිනාව දෙනකොට බිම වැටිලා තිබුන මොනවා හරි ගන්න නැවුන එකා වගේ මං හොරාවට එයාගෙ අත ඉම්බා..නිම්නයා රතූ වෙලා ගියා...
ආදරෙයි වස්තුවට ...!
*
*
*
*
කොල්ලා...උඹ තාම නානවද.....ආ බන් දැන් උඹ යනකොට මිනිය උස්සලත් තියේවි..මේ උඹගෙ ශර්ට් එක මැද්දා...
මං උන්නෙ බාතෲම් එකේ...ඉස්කෝලේ ඇරුනට පස්සෙ එයාව මං බස් එකට ගිහින් ඇරලා එයා යනකන් බලාගන උන්නා...එයා දැනගත්තා.....එයා හැම දෙම දැනගත්තා...හිනා වෙලා උන්නට මොකද මගෙ ඔලුව දැන් ගිනිගත්ත කම්මල වෙලා......එහෙන් අප්පච්චි එලියෙ ඉදන් කෑ ගහනවා...මෙතන මං නානකම්ම.කොමඩ් එක උඩ ඉදන් මා.දිහා බලන් උන්න ලොකු නිම්න ඉන්නවා.....
අනූ....අප්පච්චි කතා කරනවා...ඔය මදිද නෑවා.....අසනීප වෙන්නද.....
මම නෑවා...හැබැයි....නෑවට වඩා කෙරුවෙ කාටත් හොරාවට අඩාපු එක වෙනකොට මගෙ පිටිපස්සෙන් උනන් නිම්න ඇවිදින් ශවර් එක් වැහුවා.....
වස්තු...උඹ දැනගත්තා ඒක...උඹ....හැම දේම දැනගත්තා නිම්න....මොකක් හරිම ක්‍රමයක් තියෙන්න ඕන නිම්න....
අනූ...ඔය ඇති.....ඔයා ගියේ මාව සතුටින් තියන්න මිසක්...මටත් වඩා අඩලා එන්න නෙවෙනෙ....අනික...මම දැනගත්තා උනත්...මට ඔතනින් පනින්න විදිහක් නෑ මයුර...මොකද .....මගෙ පවුලෙ එකෙක් වැරද්දක් කෙරුවොත් .....විදවන්නෙ මුලු පවුලම...හරියටම .....මගෙයි නිම්නගෙයි වැරදි වලට අම්මා විදෙව්වා වගේ....එකම වරද....අපි දෙන්නගෙ අම්මා එයා උන එක.....නාඩ ඉන්න...
ඔය විදිහට මා දිහා බලාගන මගෙ හිතහදන්න එපා නිම්න.....කොච්චර කතා කිව්වත්....උඹ දන්නවා වස්තු මේ හිත හදන්න පුලුවන් හිතක් නෙවෙ කියන්න....කමක් නෑ....මොකක්ම හරි ක්‍රමයක් ඇති....ඒක දන්න එකම කෙනා...උඹගෙ අම්මා.....ක්‍රමයක් නැතිම උනොත්.....මං කවදාවත් එන්නෙ නෑ....මන් සදහටම අතීතෙ හිරවෙනවා...හිර වෙලා...උඹ එක්කම මැරෙනවා.... මේ ලෝකෙ බැරි නම්...මට මලවුන්ගෙ ලෝකෙ හරි උඹ එක්ක ජීවත් වෙන්න පුලුවන්නෙ නේ...
මයුර...!!
ඔය විදිහට මා දිහා බලන් ඉන්න එපා වස්තු...උඹගෙ බැල්මත් මාව අසරන කරනවා...ඔය රැවුල කපාගනින්.....මං ආස නෑ ඔහොම ඉන්නවට.....කොල්ලෙක් උනහම රැවුල එන්න ඕන...ඒත්...උඹ ඔහොම ඉන්නකොට ලස්සනට කඩවසම් කමට වඩා මට දැනෙන්නෙ දුකක්...

...මං එයාගෙ මුන දිහා බලාගන උන්නා...වැවුන කොන්ඩෙයි....වැවුන රැවුලයි දුකින් පිරුන ඇස් දෙකයි එක්ක එයාගෙන් මං දැක්කෙ දුකින් පිරුන නිම්න කෙනෙක් වෙනකොට මන් එයාට මගෙ රේසර් එක දීලා රැවුල කපාගන්න කිව්වා....
..අනූට පුලුවන්ද ..කපන්න.....
.ම්න්....එන්න...ඔහොම දුකෙන් වගේ බලන් ඉන්න එපා වස්තු....මං උඹලා දෙන්නෙක් අතර හිරවෙලා ඉන්නෙ...එහෙනුත් උඹ දුක් වෙනවා..මෙහෙනුත් උඹ දුක් වෙනවා...මං දන්නවා...මොනම ක්‍රමයක් හරි අනිවාර්යයෙන්ම තියනවා....දුක් නොවී ඉන්න....කෝ.....මූන හරවන්න.....
කොල්ලා...
ම්ම්ම්ම්ම්ම්ම්
මලගෙදර හරියට සෙනගලු නේ
ම්ම්ම්ම්...
ඒ උනාට බන්...කොල්ලගෙ අම්මට ගානක් වත් නෑ.....දුකක් නැද්ද මන්දා ...
මං උගෙ අප්පච්චිට බඩු එක අතට දෙනකොට හිනා වෙලා ගත්තා මිසක්.....ලමයා ගැන වචනයක් කිව්වෙ නෑ...
ඒකනෙ ඒයි.....මාත් බලන් උන්නෙ...ඒ ගෑනිට දුකක් වත් නෑ.....මගෙ නම් පපුව පැලිලා මැරෙයි .....අර රවිදුවා විතරයි අඩන්නෙ....
මම උන්නෙ කොන්ඩෙ පීර පීර....තනි සුදු අත් දිග ශර්ට් එකට නිල් ඩෙනිම ඇදපු මං අපායට යන්නත් දාන කලු පාට වේව්ස් බාට දෙක දැම්මා.....අද වරුවෙන් කඩේ වහලා...අම්මයි අප්පච්චියිත් මා එක්කම මලගෙදර යන්න ලෑස්ති වෙන ගමන් උන්නා වගේම රැවුල කපලා.....එදා අරගත්ත අලුත් ඇදුම ඇදන් උන්න නිම්න කන්නාඩි මේසෙට වෙලා අපි තුන් දෙනා දිහා බලාගන උන්නා...
අප්පච්චි දන්නවද...ඇයි ජනත් අයියා එහෙම වෙන්න හේතුව...
කෙල්ලෙක්ගෙ හුටපටයක් හන්දා කියලා ඒ වටෙ උන් කියනව ඇහුනා....මොකද....උඹත් හදන්නෙ ඔය කොහෙ හරි ඉන්න එකියක් හන්දා එල්ලෙන්නද...එල්ලෙනවා නම් මෙහෙ එල්ලෙන්න එපා...ඒකිගෙ ගෙදර ගිහින් එල්ලියන්
චිහ් රොහාන්.....මොනාද ඔය කියන මූසල කතා...මගෙ කොල්ලා ඒ තරම් මෝඩ නෑ.....
ඒක තමයි මම නොකියා කියන්නෙ....මොනව හරි පලහිලව්වක් තියනවා නම් කියපන් කරලා දෙන්නම් කියලා මැරෙන එක නෙවෙනෙ උත්තරෙ....පේනවනෙ.....එතනින් ඒ ජීවිතෙ ඉවරයි.....අපි උඹලව මෙච්චර කල් උස්මහත් කෙරුවෙ කොහෙවත් යන එවුන් හන්දා එල්ලෙන්නද....කොල්ලා...උඹට ඇහෙනවා නේ.....ඉන්නව නම් කියපන්....ඒකිගෙ ගෙදරින් අකමැති නම් පන්නන් වරෙන්....එච්චරයි
මං උන්නෙ නිම්න ලග...අප්පච්චි අදින ගමන් කියන්නෙම ඉන්නවා නම් කියන්න කියලා වෙනකොට මම මගෙ ළඟ උන්න නිම්න දිහා බලල අප්පච්චි දිහාවට හැරුනා....
..අනූ...ඔය මොකක්ද කරන්න හදන්නෙ....
...මාත් බාල්කෙ එල්ලෙනවට වඩා...කියන එක හොද නැද්ද....
..එපා මයුර....මේක විහිලුවක් නෙවෙ.....ඕක කරන්න එපා....උඹගෙ අම්මා බය වෙයි අනූ....මට ආය කවදාවත් උඹගෙ ලගට එන්නවත් බැරි වේවි.....අනූ... අනේ ඕක..කරන්න එපා...අනූ.....එපා.....
.නිම්න මාව නවත්තන්න හදනවා...ඒත් මම නෙවෙ නැවතුනෙ....එයා සැරින් සැරේම මගෙ ඉස්සරහට ඇවිදින් නැවැත්තුවා උනත් මම නෙවෙ නැවතුනේ.....
අප්පච්චි ...
අප්පච්චි උන්නෙ ඩෙනිමෙ කකුල නව නව....අම්මා උන්නෙ පීරපු කොන්ඩෙ ආයාම හද හද...මගෙ නිම්න මේ මොහොත වෙනකනුත් කියනවා එපා කියලා ...ඒත්....නෑ...මං හිතන්නෙ හංගනවට වඩා.....මේක කියන්න ඕන.....අපි හතර දෙනාට.....අප්පච්චි ගෙ උදව්වත් එන්න ඕනෙ.....ජයවර්ධන ලා වගේ උන්ට තව තව මිනිස්සු මහපොලවට පස් කරන්න ඉඩ අරින්න කලින් කියන්න ඕනෙ.....
අප්පච්චි ....
අනූ...එපා..අනූ...මාව...හිර කරාවි...අනූ....
මොකද.....උඹට කවුරු හරි ඉන්නවද....
ඔව්...ඉන්නවා....
ආ....කමනි.....මං කිව්වෙ....මූ පිලිවල වෙනකොටම ලේලි හම්බ වෙලා කියලා ...කොහෙද...මොනා කරන වයස කීයද.....
කෙල්ලෙක් නෙවෙ....
එහෙනම්.....ඇන්ටියෙක්ද....?කියපන්....කව්ද.....
අප්පච්චි ...මම ආදරේ කරන්නෙ කොල්ලෙක්ට කිව්වොත්....ජනත්ගෙ අප්පච්චි වගේම....අප්පච්චි ත් මගෙ බෙල්ලට තොන්ඩුව දානවද.....?????
මයුර....!
ලමයො....
අප්පච්චි ...මං ආදරේ කරන්නෙ....කොල්ලෙක්ට...ජයවර්ධන ගෙ පුතාට....
😒ආය හෙට.....ඈ....
පයිස්සමින් ඉන්ඩෝ....
ආතරෙයි 😘😘😘🥺🥺🥺🥺
මම ජොබී
Nedeesha