WebNovels

Chapter 30 - 30

ගියා නේ.....

ඌ ආවෙ මෙතනට මේ ශෝක වෙන්න බලන් නෙවෙ බන්....උගෙ තැන පෙන්නන්න...එකයි ඌ දෙපාරක් තුන්පාරක්ම අපි මොකද කරන්නෙ...අපි මොකද කරන්නෙ ඇහුවෙ.....ඌට තිබුනනෙ ජනත් අයියා ගැන අහන්න...ඌ කියෙව්වෙ උගෙ පම්පෝරිය ගැන....

අනෙ මයුරයා ඕකා හෙඩ් ෆ්‍රිෆෙක්ට් කම ඉල්ලලා පිනාට නොදුන්නෙ පුක විතරනෙ....කව්ද දන්නෙ ඕකත් දුන්නද කියලා...මට නම් අරංහම්ම චරිතයක් මතකනෙ උගෙ රිපොර්ට් කාර්ඩ් එකයි අපේ ඒවයි එකට තිය තිය ඒ ලකුනු බල බල හෙන අමුතු වින්දනයක් ඕකා ඒකාලෙත් ගත්තෙ...

අති පන්ඩිත...සියල්ල දත්....ඒත් ඌව දිරවපු එකෙක් උන්නද කියපන් පන්තියෙ ..ඇහුවොත් කියන්නෙ ඌ ආස තනියෙන් ඉන්න කියලා ....ඌ ආස තනියෙන් ඉන්න මගුලක් නෙවෙ...ඌව කාටත් දිරවන්නෙ නැති නිසා ඌව තනිකෙරුවා මිසක්කා....

තනියෙන් ඉන්නවා කියන එකයි තනිකරනවා කියන එකෙයි තේරුම නොදන්න ගෝතයා....ආවා මෙතන කප්පන මොකඥ කරන්නෙ ගාන් ගෝතයා.....ගෝත රෙද්දා...මයුරයා මතකකෙ උඹට මූ මගෙන් ප්‍රමේයන් කට පාඩම් ගන්නකොට උඹ හොරාවට කියලා දුන්න කියලා උඹවයි මාවයි පාවා දුන්නා...දෙන්න හිතයි ඕකගෙ දත් බඩට යන්න.....

..ඌ හොද එකෙක් නෙවේද අනූ...බුංජියගෙන් උදව්වක් ඕනෙද....බය කරන්න වගේ.....සුලු සුලු පැකේජ් තියනවනෙ මාගාව....

ඒ..ඒමේ..මේ ගුටි දෙන්නෙ ඉදපන් පාඩ්වෙ සුලුසුලු පැකේජ් ....උඹ වහාම කල්පනයගෙන් ඈත් වෙන්ඩ ඕනා ආ....

. ආ...ආ....ඇයි ඒ....අන් කල්පනගෙන් අයින් වෙන්න ඕන.....වයි...?? වයි...මායි කල්පනයි යලුවො...උඹට උදාර එක්ක යාලු වෙන්න හොද නම් ඇයි මට බැරි ....අනික කල්පන කිව්වා...බුංජියයි එයයි එක පැත්තෙ....අපි යටවෙන සංගමේ කියලා...

මං නලලට අත ගහගත්තා....අරූ මගෙ ලදරුවගෙ ඔලුව කාලා....කල්පනයා කිව්වලු ඒ දෙන්නා යටවෙන සංගමේ කියලා...මරු දෙන්නා එකට එකතු වෙලා තියෙන්නෙ....

අනෙ එක්කො උඹ ගිහින් මට පරිනත නිම්නයව දීපන්..උඹ මගෙ ලේ පුච්චනවා වස්තු...

හැබැයි මං මේ ටික මගෙ හිතින් විතරයි කිව්වෙ...කටින් කිව්වෙ නෑ...වෙන මොකටවත් නෙවෙ..මොකද මේකා එක මොහොතකට විතර මම කරාපු වැරද්ද අමතක කරලා ඉන්න මොහොතක මට දෙබර කූඩෙට ගල් ගහන්න බැරි හන්දා මං කටවහන්.මගෙ කකුල් උඩ ඉන්න නිම්නයගෙ කතාව අහන් උන්නා....

අනූ...

...ම්ම්....කියන්න...මොනාද මගෙ බුංජියට ඕනෙ...

ම්හුක්....

අවදානෙ සම්පූරනම උඹට දීලා තියෙන්නෙ වස්තු...එහෙන් මෙහෙන් රිදෙනවා නම් කියන්න එපා...හෙට උදෙම්ම හන්දියෙ වන්ශොට් ගාවට එක්ක යන්නම්...

ඔය පේනවනෙ...පේනවනෙ.....වචනයක් කතා කරන්න බෑනෙ.....වචනයක් කතා කරන්න බෑනෙ...හරි අමාරුයි....හරී අමාරුයි...මං කියන දෙයක් අහන් ඉන්න හරී...අමාරුයි....කල්පන කියපු කතාව ඇත්ත.....කල්පනයා කියපු කතාව සහතිකේටම ඇත්ත...ගෙදර මිනිහා කසාද මිනිහට වඩා හොර ගෑනුන්ට පට්ටා අවංකයි කියලා කියපු කතාව ඇත්ත...

නැත්තන්...ඉතින් මං නැති ටිකට අර කොහෙවත් යන මාර දූතියෙක්ට සුදු නංගි කියයිද.....

හුජු නංගි....මටවත් කියන්නෙ නෑ...පුදුම ආදරයක් එවෙලෙ තිබුනෙ....

බලන්න ඕනෙ හිතෙ තිබ්බ ආදරේ ඇස් දෙකෙ තිබුන අපූරුව.....

මාත් ආවනෙ...

මේක හරියන්නෙ නෑ මයුර...දීපන් මට දික්කසාදෙ...මම නැති ටික වෙලාවට වෙන ගැනු හුරතල් කරනවා...මම වචනයක් කිව්වොත් මුන දෙක වෙනවා..

මම වචනයක් ඇහුවොත් කට පියන් ඉන්න කියනවා...අරක කියනවා මේක කියනවා...

ඔය තරම්ම ඒකිව ඕනෙ නම්..මොකටද මාව...

ඔයා.....ට...මාව..එපා...නම්....කලින්....

කියන්න...ට....තිබුනා...

මම කියන්නෙ...වටින් නෑනෙ...

නෑ...මේක කොහොමත් කරගන යන්න පුලුවන් දෙයක් නෙවෙ...මීට වඩා දේවල් වෙන්න කලින්...අපි දික්කසාද වෙමු...පවුල් සමත මන්ඩලේට දැම්මොත්...මාත් කියන්නම්...ස්වාමි පුරුසයගෙ නොමනා හැසිරීම් හින්දයි මේ තීරනේට ආවෙ කියලා ....එහෙම හොදයිනෙ ...නේ...

මාව දැන් භ්‍රමනය වෙනවා වගේ....මගෙ කකුල් උඩ ඉදගන කට එහාට මෙහාට කර කර බනින බුංජියගෙ බෙල්ලෙ නහරත් දෙපැත්තෙන් ඉලිප්පිලා තිබුනා වගෙම උත්තරයක් දෙන්න නොදීම ඌම බැනලා ...ඌම තීරනේ කරලා එහෙම හොදයිනෙ නේද ඇහුවා....

දැන් මට හා කියන්නත් බෑ....හා කියන්න කොහොමත් බෑ...හා කිව්වොත් කියනවා ඔව්....ඔව්....මං හිතුවා...මං හිතුවා...මට මෙහෙම කරයි කියලා මං හිතුවා යැයි යැයි ගානවා....

බැරිවෙලාවත් මං කිව්වොත්...වස්තු....ඔයාට කැමති දෙයක් කරන්න කියලා....ඔව්..ඔව්...තමුසෙට දැන් මගෙන් වැඩක් නෑනෙ....ඒකනෙ මට ඕන දෙයක් කරගන්න කියන්නෙ...මට වඩා දැන් ලොකු වෙන ගෑනුනෙ .....එකනෙ ඔහොම කරන්නෙ....යැයි...යැයි...ඔහොම කියනවා....

බැරි වෙලාවත් මං දෙන්න බෑ කිව්වොත්.....ඒකටත් මං වැරදි කාරයා වෙනවා...මොකද ....කමනි නිසා අප්පච්චි හිරවෙන හැටි මං දකිනවනෙ...අනේ..දෙයියනේ...ඇයි අසරන මට තවත් කමනියෙක් දුන්නෙ....

.වස්තු.....මේ අහන්නකො....

නෑ ..අහන්න දෙයක් නෑ.....

....ම්ම්ම්.....හරි.....ඔයාට මට කියන්න දේකුත් නෑ....දැන් මේ දික්කසාදෙ ඉල්ලන්නෙ පොඩි නිම්නනෙ....හරි....මට පොඩි නිම්නට දික්කසාදෙ දෙන්න පුලුවන් .....හැබැයි...ලොකු නිම්නට බෑ.....ඔයාට තෙරෙනවනෙ....ලොකු නිම්නට මං හුගක් ආදරෙයි....පනත් හරි...එයත් හරි....ඉතින්....ඔයා ඔච්චර ඉල්ලන එකේ....මං දෙන්නම්.....

.....ම්.....හ්....ක්....

...දැන් මගෙ කකුල් දෙක උඩින් බහින්න...මොකද...මං කැමති නෑ මගෙ මනුස්සය්ගෙ හිත රිදවන්න...පව්...අන් ආස නෑ එයාගෙ ඇස් අඩවන්න...මං ආස නෑ එයා තනියෙන් කල්පනා කර කර විදවනවා දකින්න...මට ඕනෙ එයාව සතුටින් තියන්න...හැමදාම හිනාවෙන් පුරවන්න.....ඒ වගේ ඇස් දෙකකට කදුලු උනන එකත් අපරාදෙ...

මම හිමීට මිමිනුවා...මං බලාගන මගෙ කකුල් උඩ ඉන්න එයාගෙ මූන වෙනස් වෙනවා..... හුරතල් වෙන්න ඕන කමට එහා මෙහා කරකව කරකව තිබ්බ ඇස් දෙක එක තැන නතර උනා....

....අනූ...ඔය තරම්ම මට ආදරෙයිද....

.....ම්න්...මං ආදරෙයි හුගක් නිම්නට....ආසනෑ...ඔයා දුකින් ඉන්නවා බලන්න.....මට ඕනෙ....ඔයාට දුක කියන්නෙ මොකක්ද කියන්න අමතක කරවන්න...වේදනාව කියන වචනෙ ඔයාට ආගන්තුක කරවන්න....මට ඕනෙ...ඔයා ඉපදුනෙ සතුට කියන හැගීම විතරක් විදින්න කියලා ඒත්තු ගන්නන්න.....

.....ඔයා පව් අනූ....

ඇයි.....

මට ...විතරයිද අනූ...සතුට උරුම.....එතකොට ..මගෙ අනූට...අවසානෙ...දුකක් බව දැන දැනම.....කොහොමද මයුර ...උඹ ඔය තරම් ආදරේ කරන්නෙ....

මට...උඹ ගැන දුකයි මගෙ අනූ...රවිදු ගැන දුකයි ....රවිදු බලාපොරොත්තු වෙනවා....ජනත් එයි කියලා ....රවිදු හිත හදාගත්තා....ජනත්ට ආදරෙ කරන්න ඕනයි කියලා ....ඒත් ....අවසානෙදි .....දුකක් මිසක්...සතුටක් ගෑවිලා වත් නෑ...

ජනත්ට බැනලා තේරුමක් නෑ....අනූ.....සියදිවි හානි කරගැනීම සාදාරනී කරනය කරන්න කොහොමටත් බෑ....ඒත් ...එක තැනක් එනවා.....ඉවසලා.....ඉවසලා.....ඉවසන්න අමාරුම තැනක් එන....හිත හදාගන්න හදලා...හදලා...අවසානෙදි අනේ මට බෑමයි හිතෙන...

ජනත්ට උනේ ඒක....

...වස්තු....

මං නිම්නග් අතින් අල්ල ගත්තා...එයා උන්නෙ බිම බලාගන.....මෙතන තව දුරටත් හුරතල් කෙනෙක් උන්නෙ නෑ.....ඒ වෙනුවට උන්නෙ...මගෙන් සීනි නැති කෝපි එකක් ඉල්ලපු අර අහිංසක නිම්න වෙනකොට එයා හරි හිමීට මුමුනනවා....

කල්පනයි උදාරයි උන් දෙන්නගෙ ලෝකෙක...උන් දෙන්නගෙ ලෝකෙක කිව්වත්...උන් දෙන්නා උන්නෙ ආදරේ කරනවද කියලා හොයන්නත් අමාරු විදිහට....

රවිදු උන්නෙ කැරම් බොර්ඩ් එකෙ රෙඩාව අතේ තියාගන ඒක එහා මෙහා හරව හරව.....උගෙ කල්පනාව හරි ඈතයි.....මුලු මලගෙදරටම දුක් වෙන කෙනෙක් උන්නා නම්...එ රවිදු විතරයි....ජනත් අයියගෙ පවුලෙන් කියලා කිසිම කෙනෙක්ගෙ ඇස් වලින් කදුලක් වැටුන් නෑ...

ජනත්....එයා...එයා මොකද කරන්නෙ නිම්න....එයාට.....එයාට දැන් මොනව හිතෙයිද නිම්න....රවිදුවා ආදරෙයි කිව්වට පස්සෙ ඌට මොනවා හිතෙයිද වස්තු....

ඌට ජීවත් වෙන්න හිතේවි.....ඒත්....ඌ පරක්කු වැඩියි නිම්න...ඌට එක පැයක්...දෙකක්...අනේ...බන්...නිම්න...ඌට තිබුනා වස්තු...මුගෙ උත්තරේ අහන්නවත්...එහෙම උනානන්ම්....රවිදුවා හරි ඌට ඉන්නවනෙ කියන වචන උඩ ඌට ජීවත් වෙන්න හිත හයිය කරගන්න තිබුනා....

මං එයාගෙ අත මගෙ අතට තදින්ම පටලවගත්තා..... ...ඔහේ ඉනන් රවිදුව දක්කම හිතට දැනෙන්නෙ පුදුම වේදනාවක් වෙනකොට මං මගෙ නිම්න එක්ක ජනත් අයිය ගැන...ඒ මරනෙ සාධාරන අසාදාරන කම් කියවන්න ගත්තා.....

...ඒත් ....දෛවය ලිය වෙලා තිබුනෙම...මේ විදිහට නම්...සක්කරයගෙ පුතා ..වයිමා ආවත්...ඕක වෙනස් කරන්න බැරි වේවි...හරියටම ...මගෙ අවසාන දවසෙ ...අවසානම හුස්මට හෝරා දෙක තුනක් තියලා....අක්කගෙ ගෑනු ළමයා කිව්වා එයාගෙ ගෙදර එන්න කියලා .....මට එන්නමයි කිව්වා....මොකද....අනූ..මං හරි ආසයි...අර ජාඩි මාලු කන්න....

එදා....එයාගෙ අම්මා ඒවා බැදලා තිබුන....

අනූ දනන්වා මගෙ ගෙදර තත්වෙ...මගෙ අප්පච්චි කියන මනුස්සයා මොන තරම් තිරිසන් වෙලාද කියනවා නම්....මම...වගේම අක්කා...අපි ජීවත් උනේම ආත්මෙ මුලින් උදුරලා දාපු හිස් බොග විදිහට.....ඒ අන ඇරුනාම..වෙන අනක් නෑ.....නැති නම්....අවුරුදු තිස් එකක් තිහක් යනකනුත්...ඇයි අනූ මට බැරි උනෙ රස්සාවකට යන්න....

ඒ හැමදේම නැති උනා....උසස් පෙල කරපු දවසෙ ඉදන්....අපි ගෙදර වහල්ලු උනා.....කෑම බීම තීරනෙ කරන්නෙ එයා....මහ ලොකු දේවල් නෑ....

මගෙ අප්පච්චි ....ඇත්තටම ...මනුස්ස වෙස් ගත්ත යක්ශයෙක් කිව්වා නම්....හරි මයුර.....එයා විස්වාස කෙරුවා..කෑමෙන් බීමෙන් පවා මටයි අක්කටයි හැදිලා තියන මේ ලෙසෙ තව උඩු දුවනවා කියලා .....

ඇත්තටම .....මයුර...එදා මං සධීරා එක්ක ගියා නම්....සමහර විට.....මේ දේවල් ටිකක් හරි වෙනස් වෙන්න තිබුනා...ඒත්....අනූ...

කරන්න දෙයක් නෑ...ඒ වෙනකොටත්....දෛවය ලියවිලා අහවරයිනෙ.....

මගෙ මාරයා....අප්පච්චි කියන කෙනා කියලා ලියලා අහවරයිනෙ අනූ....

ඉතින්....ජනත්ට උනෙත් මේකම යි...සියදිවි හානි කර ගැනීම....සම්මත කරන්නම බැරි උනත්....එයාගෙ අවසානෙ...මේක නම්....මේ විදිහට නම්....අපිට උහුලනවා ඇර කරන්න දෙයක් නෑ මගෙ මයුර....

එයා ඒවි....එයා ඉන්නෙ...තවමත් එයාගෙ ළඟ.....එයාට...අවසානම තත්පරේදි..ඒ නහයට හුස්ම පිඹින්න ඕන කියලා කෑගැහුවා....අඩන රවිදු දිහා බල බල..ආයම ජීවත් වෙන්න ඕන කිය කිය කෑ ගැහුවා....

ඒත්.....අනූ....හැම දේම.....වෙලා ඉවරයි....කමාවක් වත්....තිත් පේලියක් වත් නෙවෙ....තනි තිතයි ඒ කතාව අහවරයි අනූ.....

මගෙ අනූ දන්නවද.....මලවුන් අඩනවා...තමන්ගෙ මලකද බදන් අඩන එවුන් දිහා බලබල අඩනවා....දාලා යන්න එපා කියලා එයාලා එහෙන් අඩනකොට....අනිත් පැත්තෙන් මලාවු ආත්ම අඩනවා..දාලා යන්න බෑය කියලා .....

ඒක හරි වේදනාවයි මගෙ අනූ...ජනත් බලන් උන්නා....නන්නාදුනන මිනිස්සු අතින් එයා නිර්වස්ත්‍ර වෙන හැටි...නාවන හැටි....මෙච්චර කල් ඕනමයි කියලා තිබුන සර්වාංග කොටස් ගලවලා ඒ වෙනුවට ලී කුඩු ඔබන හැටි...මේ හැම දේම එයා ඇස් දෙකන් බලන් ඉන්නවා...බලන් අඩනවා.......

මැරිලත් සැනසීමක් නෑ ...

මගෙ අනු අහලා තියනවා ඔය වචන....ඇත්ත...සමහරක්ට මැරිලත් සැනසීමක් නෑ අනූ....

මං ඔහේ අහගන උන්නා...මට අහනවා තියා මට හුස්ම අල්ලන්නවත් නිනව්වක් නෑ.....මගෙ නිම්න කියවනවා.....එයා කියවලා..කියවලා අවසානෙදි මගෙ ඔලුව අත ගෑවා.....

 හිතන්න එපා අනු....මිනිස්සු විස්වාස කරනවා...දවසක හැම දේම හරියයි කියලා .....ඒ අදවස කවදා උදා වෙයිද කියන්න මං දන්නෙ නෑ.....ඒත්...මං විස්වාස කරනවා...දවසක අනූටත් හිනා වෙන්න පුලුවන් වෙයි කියලා ...

මං ආස මගෙ මයුර නෑ හංග හංග දුක් විදිනවට....මගෙන් කදුලු හංගනවට...මට ඔනෙත් මගෙ මයුර හිනා වෙලා ඉන්න එක බලන්න විතරයි .....

අනූට පුලුවන් ...රවිදුට උදව් කරන්න....ඒත් ....එයාට කියන්න...මේක....මිරිගුවක් කියලා...මොන තරම් ආදරෙන් බැදුනත් ...අවසානය අහිමිවීමක් විතරයි කියලා එයාට උගන්නන්න මගෙ අනූ...

මම නෙවෙ නිම්න දිහා බැලුවෙ...මොකද .....නිම්නගෙ හැම වචනයක්ම මටත් අදාලයි.....නිම්න කියන හැම දෙම මටත් අදාලයි...මොන තරම් ආදරෙන් බැදුනත්....අවසානය අහිමිවීමක් විතරයි ...ඒ වචන...නිම්නගෙන් පිට උන ඒ වචන....මාව පුදුම විදිහට රිදෙව්වා...ඒත් මම නෙවෙ වචනයක් කියෙව්වෙ....

මම කෙරුවෙ එයාගෙ අත මගෙ අතට තදකරන් උන්න එක විතරයි.....

මයුරනිම්න.....

රවිදුජනත්....

පිටින් බලනකොට ඒක හරි ලස්සන කතාවක් ගොතන්න පුලුවන් නම් දෙකක්...ඒත්...කතාව පුරාවටම තියෙන්නෙ වේදනාව විතරයි .....දුකයි වේදනාවයි අනිවාර්ය අහිමිවීමයි රතු අකුරින් ලියවෙච්ච මේ ආදර කතාවෙ

ප්‍රධාන චරිත දෙක ඌත්...මමත් උනාට.....දෛවය කෙරුවෙ...මේන් කැරැක්ටර් දෙක අතට දීලා ආපිට උදුරාපු එක...

එක බෝට්ටුවට වැටිලා....එකට හබල් ගාමු කිව්වත් ..උඩුගම් බලා පීනලා තේරුමක් නැති කතාවල අපි හති හලාගන හබල් ගානවා.....ඒත්...ඒ කියල....අතර මැද නැවතිලත් බෑ....ගිහිනුත් බෑ...නොගිහිනුත් බැ....

ඌයි මායි ඉන්නෙ වැට උඩ....එහාටත් නෑ..මෙහාටත් නෑ....

අනූ.....

 මට හුස්මක් පිට උනා.....එයාගෙ වචනත් එක්ක උපරිමේට හිත රිදව ගත්තු මම තවමත් මගෙ උකුලෙ ඉදන් උන්න නිම්න දිහා බැලුවා...

වස්තු ....මං....චුට්ටක් උඹට තුරුල් වෙන්නද මගෙ නිම්න...

මං මිමිනුවා.....මට එයාට උත්තර දෙනවට වඩා කරන්න ඕන උන එකම දේ එයාට තුරුල් වෙන එක වෙනකොට මන් ගහක් කපල දැම්මා වගේ එයාගෙ පපුවට ඔලුව ගහගත්තා...

වස්තු .....

ම්ම්...

 

 

මං..අහලා තියනවා කතාවක්...ලෝකෙට ආදරෙයි ..සාමෙයි බෙදන මිනිස්සු ඇවිදින්...හිත් නිවනවා කියලා ....ඒ පිනෙන්ම...උන්...සංසාරෙ කෙරවලක නිවෙනවා කියනවා.....

මට...දැනගන්න ඕන එක දෙයයි.....මගෙ නිම්න.....සංසාරෙ...කොතනම හරි තැනක...මං නිවෙනවද....මාව නිවෙයිද...ආදරේ කරන්නෙ මිරිගුවකට බව නොදන්නවා නෙවෙ...නිම්න...ඒත්....උඹට බැරිද රත්තරන් ...මාව තනි නොකර ඉන්න....

මාව දාලා නොයා ඉන්න...

මට තනි වෙන්න හරි...බයයි...නිම්න...උඹ...නැති හෙටක්....මට හිතන්න හරි අමාරුයි නිම්න...

මෙච්චර කාලෙකට මගෙ..සතුටට...හිනාවට....සැනසීමට....

අයිතිවාසිකම් කිව්වෙම.....අම්මයි අප්පච්චි වගේම..සහෝදරකම් වලට වඩා ගන බැදීම් තිබුන මගෙ යාලුවොයි විතරයි නිම්න...ඒත්.....

නිම්න කියන චරිතෙ...

නිම්න කියන රූපෙ.....

නිම්න කියන පිරිමියා...

හත් පාට ආදරයක් වැරදිද අහ අහ මගෙන් සීනි නැති කෝපි එකක් ඉල්ලපු ඒ ආදරනීයම මනුස්සයා මගෙ මෙන්න මෙතන ජීවත් වෙන්න පටන් ගත්ත දා ඉදන්...මගෙ සතුටට....සැනසීමට...නිවනට....මේ හැම දේටම....පිටිපස්සෙන් ඉන්නෙ....ආදරෙ පුරවගත්තු ඇස් දෙකක් තියන උඹ මගෙ නිම්න ...

මං හැම වෙලේම කියනවා නිම්න....අයිති කරගන්න බැරි උනත්....ආදරෙ කරන්න ලැබුන එකම...මට ලොකු භාග්‍යක් .....වස්තු....

අතිශයෝක්තියක් වත්....ප්‍රමානය ඉක්මවා වර්නනාවක් වත් නෙවෙයි....මගෙ අම්මා කියන විදිහට...මේ ලෝකෙ....අම්මා දැකපු...සෙනෙහෙවන්තම පපුව තිබ්බෙ....අම්මගෙ අප්පච්චිට ලු.....පස්සෙ..මගෙ අප්පච්චිටලු.....අම්මට නිවෙන්න පුලුවන් හොදම තැන....අප්පච්චිගෙ පපුවලු...මං දන්නෙ නෑ...එයා..ඒ කතාව කිව්වෙ....සීයටද...අප්පච්චිටද කියලා ....ඒත්....හරියටම බැලුවොත් ..ඒ පිරිමි දෙන්නම....අප්පච්චි ලා නිම්න...

නිම්න...මටත්...අද උඹට කියන්න තියෙන්නෙ...ඔච්චරයි .....නිම්න...මගෙ...

අප්පච්චි ට...පස්සෙ....මං දැකපු ...සෙනෙහෙවන්තම....පිරිමියා උඹ...උඹ හරි අහිංසකයි...හුරතල් වෙන්නයි...මගෙ ආදරේ ලබන්නයි පෙරේතකම් කෙරුවට....මොකද.....උඹ මාව පපුවට තුරුල් කරගන්න එක තත්පරේම ඇති....නිම්න..මාව නිවෙන්න.....

මට රිදෙනවා...

දවසින් දවස.....ගෙවෙනවා....

දවසින් දවස...සිද්දි එකතු වෙනවා....

එකට එකතු වෙන හැම සිද්දියක්ම...අපි කොනකින් පටන් අරන් විසදන්න ගන්නකොට...ආයමත් දවස් යනවා....

දවසක් එනවා...එදාට..මගෙ උකුල හිස් වෙනවා....

දවසක් එනවා...එදාට මගෙ අත හිස් වෙනවා....

දවසක් එනවා....අනූ....නිම්නගෙ ඔලුව කැක්කුමක් අල්ලන්න එන්නෙ කියන අර හුරතල් වචන මගෙ කන් ඇතුලෙ මතකයක් විතරක් වෙනවා....

නිම්න...මට බයයි..දවසක...අවසාන තත්පරේදි....මට අංගොඩ ඇදක් උඩ නවතින්න වෙයි කියලා ...

හරිනම්...ප්‍රේමය එල්ලා මරලා දාන්න ඕනා නිම්න.....හොදට ඉන්න මිනිස්සුන්ගෙ පපු මේ තරමට අවුලනවට.....

මට තනි වෙන්න බෑ කියලා මං ඉකිගහලා...කෑ ගහලා...ඇඩුවත් මොකද ....දවසක...උඹ සදහටම යන්න යනවා මගෙ මැනික.....

මට කියපන්...මගෙ නිම්න....මටම දරාගන්න අමාරු තැන....

අනේ බන්...මන් රවිදුට කොහොම කියලා දෙන්නද මගෙ නිම්න.....

මම..සමනලයෙක් නිම්න...සමනල කන්ද පෙනි පෙනි...මැරිලා යන්න සිද්ද වෙන...

උඹ පලයන් නිම්න....යන්න කලින්...අනේ...රත්තරන් මට උගන්නපන්...මීටත් වඩා දරාගන්න කොහොමද කියන්න....

දවසක....මට තුරුල් වෙන්න මේ පපුවත්.....ඔලුව තියා ගන්න මේ උරහිසත් නැතිව යාවි...කමක් නෑ...මගෙ වස්තු...මතක තියාගනින්...මෙ මයුර..උඹට හැමදාම ...කොන්දේසි විරහිතවම ආදරෙයි.....

මං එයාගෙ පපුවට මූන තියා ගත්තා .....නින්දක් කියන දෙ අහලක වත් නැති මගෙ හදවත අමු සුසානාක් වෙලා තියනකොට ...මගෙ හදවතට අමතරව.....තවත් හදවතක් අස්සෙ අරලිය මක් පිපෙන හැටි මං බලාගන එයාට තුරුල් උනා....

ඔව්...ඒ හිත ..වෙන කාගෙවත් නෙවෙ...රවිදුගෙ...සොහොන් කොත් ළඟ තනි රකින අරලිය...උගෙ පපුව සුසානක් වෙලා හමාරයි.......

මගෙ අනූ....චුට්ටක් නිදා ගන්න....

..මං ඔලුව හෙලෙව්වා....මට නිදාගන්න නින්ද අහලකවත් නෑ.....මට එයා ගාවම ඉන්නත් බෑ.....අනිත් උන් තුන් දෙනාව තියලා හරි..මට හෙට ඉස්කෝලේ යන්න වෙනවා...මොකද ...මගෙ නිම්නට..අදරෙයි කියපු දාට පස්සෙ මං එයාව දකිනවා මයි...

මං උන්නෙ හිර වෙලා....එකම මනුස්සයෙක්ගෙ අතීතෙයි....වර්තමානෙයි අතර හැගීම් ගොඩක් එක්ක හිර වෙලා....

වස්තු.....

කියන්න අනූ....

..මං....ඔයාට ආදරෙයි කිව්වා.....

අනූ මට ඒක කිව්වා...

...මට පුලුවන්ද එයාට හාදුවක් තියන්න....මං ...මං පොරොන්දු වෙනවා....හාදුවක් විතරයි වස්තු.....එයින් එහා මං මොනවත්ම කරන්නෙ නෑ.....ඒ ඉන්නෙත්...උඹමයි.....ඒත්...මං දෙපාරක්ම ආදරෙන් බැදුනා....ඒත්...එකම මනුස්සයා එක්ක...මට...ඕන උඹව හරි ආදරෙන් බලාගන්න මගෙ නිම්න....මට ඕනෙ.....බයෙ මුලු ගැහිලා ඉන්න උඹව හිනස්සන්න....

මං හරි ආසයි...මගෙන් පිටවෙන සමහර වචන වලට උඹ අත් දෙකෙම්ම කටවහන් හිනා වෙනව බලන්න.....එතකොට නිම්නගෙ ඇස් හීනි වෙනවා...

ඒ හිනාව ආශිර්වාදයක් වස්තු...මට පුලුවන්ද ...නිම්න....උඹට හාදුවක් තියන .....උනුසුම් වගේම....හෘදයාංගමව උඹව වැලදගන්න.....

මං එයා දිහා බලාගන උන්නා...එයාගෙ ඇස් දිලිසනවා....එයා මගෙ ඔලුව අතගෑවා....පරිනත නිම්න හරි ආදරනීයයි.....මෘදුයි...හද එලිය වගෙ සෞම්‍යයි....

අනූගෙ අම්ම හරි...හැබැයි.....අම්මට කියන්න වෙනවා....තව වචනයක් දෙකක් එකතු කරන්න කියලා ....සෙනෙහෙවන්තම පපු තිබුනෙ...ඒ අප්පච්චි ලාට විතරක් නෙවෙ....මගෙ අනූටත්...තියනවා එහෙම හිතක්.....නිදාගන්න මගෙ අනූ .....මහපාන්දරටත් කිට්ටුයි.....එයාව ගේන්න තව වෙලා යාවි...

ඇහැරන් ඉන්නවා කියන්නෙ.....ඔයා හිතන එක.....මට රිදෙනවා.....ඔයා වේදනාවෙන් ඉන්නකොට .....

දන්නවා...යතාර්තෙ වේදනාවයි කියලා ...ඒත් ...මට ඕනෙ.....කදුලු නැති...හිනහ මතක ඉතිරි කරන්න....

 ම්න්... මං.මෙහෙම තුරුල් වෙලාම නිදියන්නද වස්තු....

...හා.....ආදරෙයි ඔයාට....හීන වලදි මාව දකින්න....මන් ආසයි අනූගෙ හීන අස්සට රිංගලත් ආදරේ කරන්න.....

ආදරෙයි වස්තුට.....මන් කැමතියි....මගෙ හැම හීනෙකම උඹ ඉන්නවට...හැබැයි.....මං..හරි කැමතියි නිම්න....ඒ හීනෙදි.....උඹ සදහටම මගෙම වෙනවට...අතර මැද වෙන් වීම් නැති...උඹගෙ මගෙ...ලස්සන පවුලක් එක්ක...හිනාව විතරක් පිරුන ආදර කතාවක් දකින්න.....සත්තයි ....වස්තු ...මට ඕනෙ ...ඒ හීනෙන් කවදාවත් ඇහැරෙන් නැතුව ඉන්න.....

මං ලාවට හිනා උනා.....එයාගෙ පපුවට ඔලුව තියා ගත්තා ..නින්ද නැති උනත්.....මට ඇස් පියාගන්න ඕනා උනා...කල්පනයට දැනටමත් ප්ලාස්ටික් පුටුවෙ බෙලි කඩාගන නින්ද යාගන එනකොට මං බලාග උදාරයා උගෙ බෙල්ල උලුක් වෙයි කියලද කොහෙද කල්පනයව උගෙ උරහිසට ගන්නවා.....

එහෙන්...රවිදුවා තනියෙන් හූල්ලනවා...

එහෙම බලන් ගියහම...උඹලා හරි වාසනාවන්තයි කල්පන......

Nimna bov...

.....වෙලාව දොලහෙ කනිසම පහු උනා ව්තරයි .... අවසානෙදි එයාට මගෙ පපුව මැදම නින්ද ගියා ...වස්තු ...වස්තු....කිය කිය නොසෑහෙන්න කියවපු...මගෙ ළාබාල ප්‍රේමවන්තයට අවසානෙදි මාවත් උකුලෙ තියාගනම නින්ද ගියා....

ඒත්.....ඒ ඇස් අඩනවා....

නින්ද ගියා කිව්වට මොකද....ඒ ඇස් හීනෙනුත් අඩනවා....

අඩන්න එපා මගෙ පන.....අනෙ උඹව දාලා යන්නෙ හිතකින් නෙවෙ මම කියලා ක්ෑ ගහලා අඩන්න ඕන උනත්...මං උන්නෙ අඩාගන්න බැරිව...

මයුර.....

ඇත්තටම ...උඹ වචනවල පරිසමාප්තියෙන්ම ආදරෙනීය වස්තුවක් මයුර.....

මාව ලැබීම නෙවෙ....මට උඹව ලැබීම භාග්‍යක් මගෙ මයුර....

...වස් ...තු...යන්න එපා....ද්...දා...ලා....යන්න...එපා.....

නි....ම්..න....අනෙ...ය....න්න...එපා.....මාව්...දාලා...යන්න....එපා....මගෙ....

රත්...තරන්...

..අනූ.....මැනික.....

එයා අඩනවා...ඒ ඇස් පිහාටු අස්සෙන් කදුලු කැට බෙරෙනවා....එයාගෙ හීනවලට මන් එන්නම් කිව්වට මොකද....ඒ හීනත් කේරුවෙ මගෙ අහිංසකයව අඩවාපු එක වෙනකොට මන් ඒ ඇස් වලින් පහලට ගලන කදුලු හරි සීරුවට පිහදලා එයාගෙ නලලට හාදුවක් තිබ්බා....

මම...කොහොම කියලා...නම්...උඹව දාලා යන්නද අනූ.....

මැරුනට මොකද...මටත් රිදෙනවා අනූ...නොසෑහෙන්න...උඹ මගෙන් ඇහුවා....සංසාරෙ කොතනක හරි....උඹ නිවෙනවද කියලා .....

මං ප්‍රාර්තනා කරන්නෙත් එච්චරයි වස්තුව....මෙච්චර මට ආදරෙ දෙන උඹව....සංසරෙ කෙලවරක නිවෙන්නම ඕන.....මං ආදරෙයි මගෙ මයුර....

මං නැගිට්ටා...මෙච්චර වෙලාම එයාව තුරුල් කරන් උන්න මම හිමීට එයාගෙ ඈත් උනා...අනෙ....ඔලුව කඩා වැටෙනවා....එත් මම යන්න ඕනෙ....මලවුන්ගෙ හෝරාව ලගයි.....ජනත් තනියෙන්...ඒ හිත මං හදන්න ඕනෙ....එහෙන් රවිදු.....

මෙහෙන් මගෙ මයුර...මොනවා කරන්නද...අපි හැමෝගෙම දෛවය කරන්නෙ අපිට රිදවන එක...

තනි රකින්න ආව කොල්ලො කුරුට්ටො වැටුන වැටුන තැන් වල නිදි කිරනකොට ජනත් වෙනුවෙන් එකම කදුලක් වත් එලි නොදාපු...ජනත්ගෙ මිනිමරුව උන උගෙ අප්පච්චි ව වගේම අම්මව පහුකරන් එන්න ආව මම ටිකකට නැවතිලා ඒ මූනු දිහා බලාගන උන්නා.....

ඒ මූනවල් අස්සෙ කිසිම හැගීමක් තිබුන් නෑ...සුදුමැලි පාට ඇරුනම...මෙලෝ දෙයක් තිබුන් නැ....මගෙ අප්පච්චි කියන මිනිහගෙ වචන වලින් ඔලුව නරක් කරගත්තු ජනත්ගෙ අප්පච්චි හැසිරිලා තියෙන්නෙ ජනත් ලෙඩෙක් ගානට...

ඒ මුන දිහා බලන් උන්න මට ජනත් කියපු දේවල් එකින් එක...එකින් එක මතක් වෙන්න ගත්තා ...

මගෙ අප්පච්චි කියන...නෑ...ඇත්තටම ....මට තව දුරටත් මිනිමරුවෙක්ට අප්පච්චි කියන්න උවමනාවක් නෑ....අමු අමුවෙම මගෙ පපුවට කිනිස්ස බස්සවපු මිනිහෙක්ට මන් තවත් මොනවට අප්පච්චි කියන්නද....

මං ඇඩුවා....වැන්දා.....පිහිපාරවල් කාගන....ලේ....නාගන....පඩි පෙල දිගෙ වැටි වැටි අම්මව හොයන් දිව්වා...අනේ...අප්පච්චි .....මාව අතෑරපන්.....මාව...අතෑරපන්....ගගා දුවපු මට ලැබුන එකම උත්තරෙත්....ජනත්ගෙ අප්පච්චි ගෙ වචනමයි.....

උඹ මැරියන් ..... අමු අමුවට මාව මරන වාරයක් ගානෙම ඒ කටින් පිට උනේ ඒ වචන විතරයි ..සදාචරෙට පටහැනියි කිය කිය අත් වල ලේ ගාවගන මිනිමරුවෙක් උනේ මව ජාතක කරපු අප්පච්චි මයි....

අද...ඒ තැන ඉන්නෙ...ජනත්ගෙ අප්පච්චි .....ආදරේ කරපු වරදට...සදාචාරෙ ට පිටින් ගියපු වරදට දුන්න එකම දඩුවම මරනීය දන්ඩනය විතරක් වෙනකොට ....හුස්ම යන්නත් කලින්ම මාව වලදැම්මා...

මගෙ හුස්ම තියනකොටම මාව වල දැම්මා.....ඇස් වල කදුලු ඇස් කොන් වලින් ගලන හැටි පෙනි පෙනිම...හුස්ම ඇරගන්න බැරිව අත පය ගහන හැටි දැකම...ඌ මාව වලදැම්මා...හරියටම .....බෙල්ලට තොන්ඩුව දාගත්තු ජනත් අත පය ගගහා හුස්ම යවාගන්න දගලන හැටි දැක දැක...ඒ අප්පච්චි උලුවැස්සට හේත්‍තුවීගන බලන් උන්නා වගෙ...

දවස ගානෙම මුනටම කිව්වෙ උඹ මැරියන් උඹ මැරියන් කියලමලු....

දවස ගානෙම කිව්වෙ උඹව ලැජ්ජාවක් කියලලු...ලෙඩෙක් කියලලු.....වදාපු අප්පම මූනට කෙල.ගැහුවලු...උඹ පිරිමියෙක්ද...පොන්නයෙක්ද ඇහුවලු.....

ජීවත් වෙලා ලැජ්ජ කරනවට වඩා...උඹ මැරෙන එක නම්බුයි කිව්ව මදිවට....ඒ මුනටම කිව්වලු උඹව ජාතක කරපු එකම කියලා මුනටම කියනකොට...ඌ එල්ලෙන්න කලින්ම උගෙ පපුව පැලුනලු.....

මං එන්න ආව.....තව දුරටත් එ හැගීම් විරහිත මුනවල් තිබුන අලුගෝසුවො දිහා බලන් ඉන්න බැරි කමට මං එන්න ආවා...

සුදු කොඩි එල්ලන්න කපාපු සුදු රැලි තැන් තැන්වල ගොඩගහලා තියනකොට ...ජනත් නැති මලගෙදර ගේට්ටුවෙන් මම එලියට ආවා....

ඒක...ඒතරම්ම වරදක්ද...

ආදරෙ කරන එක...තමුන්ගෙම ජාතියෙ කෙනෙක්ට ආදරෙ කරන එක...ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන තරම් වරදක්ද...

....ගෙවල් වල...අගුපිල් වල...කඩ පිලවල් වල සැපට ගුලිවෙලා නිදියන් උන්න බල්ලො පාර දිගෙ ඇවිදන් එන මාව දැකලා උඩ බුරන්න ගන්නකොට මං ඔහේ එන්න ආවා...උන් තවත් නර බිල්ලක් ගත්තා ..

ඊලග බිල්ල....

මයුර....

කල්පන.....

ඉස්සරහට තියන අඩියක්...අඩියක් පාසාම මග් ඇස් වලින් කදුලු වැටුනා...යන්න එපා වස්තු.....යන්න එපා...වස්තු.....මාව දාලා යන්න එප වස්තු ගගා අඩන හැටි මතක් වෙන වාරයක් ගානෙම මාව පිච්චුනා....

අනෙ...මට නොයා ඉන්න විදිහක් ඇත්තෙම නැද්ද...

මට....එයාව අත අරින්නෙ නැතිව...එයා එක්කම..ඉන්න විදිහක් ඇත්තෙම නැද්ද...

උඹට විතරක් නෙවෙ....මගෙ...මයුර...අනෙ...මටත්...උඹ නැතුව බෑ.....වස්තුව.....

මට ඉකි ගැහුනා...මං ඇඩුවා...කෑ ගහලම ඇඩුවා.....ඒත්....මගෙ වේදනාව අහන්න උන්නෙ මලවුන් විතරක්ම වෙනකොට මාව පහු කරගන හර්ස් එකක් ගියා .....

ඇත්දල එක්ක පිත්තලපහන් පටවපු සිරිපුරෙ බඩු අදින හර්ස් එක.....

ජනත්ගෙ මලකද ලග තනි රකින්න ඇත් දල දෙකක් යන්න යනවා.....

එයා යන්න යාවි....දවසගානෙම....ආව ගියපු පාරෙ...එයා යන්න යාවි... හැබැයි....සදහටම...ආපහු නොඑන්නම.....යාම මිසක්...ආපිට ඒමක් නැතිවම.....

උඹට කර උඩින් යන්නවත් වාසනාව තිබ්බට...මට මිනි ඇදුමක හැඩ බලන්නවත් වාසනව ඉතුරු නොකරම පන පිටින්ම මාව වහලා දැම්මා ජනත්...

ජනත්....

..න්...නිම්න....එයාලා.....මාව....

අන්දවන්න....යන්නෙ.....

පාර පුරාවටම අඩ අඩ ආව මම උන්නෙ සිරිපුරේ ඇතුලෙ.....ඒ යනකොටත් එයාව නාවලා කරලා....විදින්න ඕන ඔක්කොම විදලා...කපන්න කොටන්න ඕන ඔක්කොම කොටලා....යකඩ ඇද උඩ දාගන කකුල් වලට ඉටි කොල ඔතන හැටි එයා යකඩ ඇද කෙරවලේම ඉදන් බලාගන ඉන්නකොට මං ගිහින් එයාගෙ උරහිසට අත තිබ්බා.....

...එයාලා...මාව නෑව්වා.....

මටත් වඩා පරිස්සමට රැවුල කැපුවා...

අර අතන ඉන්න වයසක කෙනා.....අර බීගන ඉන්න කෙනා රැවුල කපපු කොල්ලට මෙහෙම කිව්වා...කැපුම් පාරවල් හිටින්නෙ නැතිව ඕකගෙ රැවුල පරිස්සමට කපපන්...නැත්තන් හෙට උදෙට වෙනකොට කැපුන තැන්වලින් ෆෝමලින් එලි බහීවි කිව්වා....

එයාලා මගෙ කට මැහැව්වා...ඇසුත් මැහැව්වා....

කියන්න ලැජ්ජයි...නිම්න..මට ...මල පහවෙලා තිබුනා.....එයාලා මාව හේදුවා.....හෝදවනකොට එයාලා ඒක දැක්කා....ඒත්...අර වයසක මනුස්සයා ....බිගන උනත්...මට බැන...බැන...පිහදැම්මා.....මට...බැන්නා...උඹලා...නිස්කාරනේ මැරෙනව කියලා ....

ඒක ලැජ්ජා වෙන්න කාරනාවක් නෙවෙ...ජනත්....අවසාන හුස්ම..නාස් පුඩුවලින් එලි බහිනකොට .....කාට කාටත්...මලමුත්‍ර පහ වෙනවා....මොකද....ඒක වේදනාවක්...එයා හේතු නොදැන ඔයාට බනින්නෙ...ඒක හිතන්න එපා.....

ඔයාටත්.....එහෙම උනාද නිම්න.....

ම්න්...මට...පන යන්න කලින්ම...මොකද...මට වැදුන පිහිපාරවල් වලට...මැරෙන්න කලින්ම දැනුන මරන බයට.....මට ඇගේම

එපා...නිම්න...මැරුනත්...මොකද...මට...රිදෙනවා....

අපි දෙන්නම උන්නෙ යකඩ ඇද උඩ.....හරියටම නිර්වස්ත්‍ර ජනත් ඉස්සරහා...නාවලා.කරලා...කොන්ඩා රැවුල් කපලා..කැපුම් කෙටුම් මහල.....විදින්න ඕන ඔක්කොම විදලා අවසාන වත් පිළිවෙත් වලට කිට්‍ටු වෙලා තිබුන ජනත් ඉස්සරහා...එයයි මායි බලාගන උන්නා.....එතනම මහන මැශින් එකක් තියාගන තව කෙනෙක් සට සට ගාලා මිනි ඇදුම මහනවා...එක පලුවයි....පිට නෑ...කකුල් වලට ඉටිකොල ඔතාපු මනුස්සයා අවසානෙදි එයාගෙ කකුල් වලට මේස් ඇන්දුවා...අන්දවලා මහපට ඇගිලි දෙක ගැට ගැහුවා....ඔය කොහොම ගැටගැහුවත්...තව දවස් දෙකතුනක් යනකොට ඔය මැහුම් කැඩෙනව.....වැහුන ඇස් ඇරෙනවා...මැහුම් කඩාගන කට ඇරෙනවා.....මිනිය ඉදිමිලා පෙට්ටි පුපුරනවා....

එයාලා මට කෝට් කිට් එකක් අන්දවන්න යන්නෙ....

හ්ම්ම්ම්....

නිම්න...

.

ම්ම්ම්ම්...

මං වෙනුවෙන් අඩන්නෙ කව්ද.....නිම්න...

ජනත්ගෙ හිතට මතක් උනෙ කාවද...කවුරු නැතත්....මෙයා අඩයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නේද.....

මගෙ....රවිදු...එයා...තවම...අඩනවද....නිම්න....මගෙ...රවිදු..අනේ....මගෙ කොල්ලා හුගක් අඩනවද.....තවම අඩනවද....???

ඇදුම ලෑස්තියි.....

කොල්ලා...අල්ලපන් මේකව පෙට්ටියට දාන්න.....නිස්කාරනෙ මැරෙනවා....පව්....බලපන්...තිහක් වත් නැතුව ඇති....

කෙල්ලෙක් හින්දා වෙන්න ඇති....

කෙල්ලෙක් හින්දා...යකො...එකියක් තරහා උනා කියලා වැලදාගන්නවද.....මේ සතියට මේ කීවෙනි එකද.....එක්කො බෙල්ල තියලා...නැත්තන් වහ බීලා.....පව්...මොනා උනත් ලස්සන කොල්ලෙක්.....

අපි....කියලා බෑ..බන්.....උන්ගෙ හිතට එවෙලෙ එන වේදනාවෙ තරම දන්නෙ උන්නෙ...කෝ....අල්ලපන් පෙට්ටියට දාන්න.....ඔය කෝට් එකට මලක් ගහපන්...කොල්ලා බැදලා නෑ...

එයාගෙ මලකද ඉස්සරහ ඉදගන උන්න මම ජනත් දිහා බැලුවා.....ඒ ඇස් වලින් කදුලු කැට හෝ හෝ ගාලා පහලට වැටෙනකොට දෙන්නෙක් ඇවිදින් පෙට්‍ටියට බස්සවපු මලකදට පිට පලු නැති...සාක්කු නැති.....මිනී ඇදුම අන්දවලා මලකුත් ගැහුවා...මොකද....කොල්ලා තාම බැදලා නෑ......

ජනත්....

මට....ජීවත්...වෙන්න...ඕන....නිම්න..

අනේ..මාව...මරාගත්තට.....මට.....ජීවත්..වෙන්න....ඕනෙ...මගෙ...රවිදු...කවුරු ...නැතත්....ඌ වත්...මාව...පිලි...ගනී...නේද නිම්න...

ඒ උරහිස් ගැස්සුනා...එයා අඩනවා....එයාට ජීවත් වෙන්න ඕන ගගා අඩනවා.....

පෙට්‍ටියෙ උන්න එයාගෙ මූන ෆෝමලීන් සැරට දැම්මම කලු ගැහීගන එනකොට මනුස්සයෙක් ඇවිදින් කාටත් උලන මේකප් පෙට්ටිය අරන් යන්තමට පව්ඩර් ටිකක් උලලා කොන්ඩෙ පීරලා සෙන්‍ට් බෝතලයක්ම හලලා ඒක පෙට්ටියෙ පැත්තකින් තියනකොට සර්ව සම්පූරන උන ජනත් ලගට ගිය මං අඩන ජනත් දිහා බැලුවා.....

නාඩා...ඉදින්...ජනත්.....උඹට මැරෙන්නම උනාද බන් ආදරෙයි කියලා අහගන්න.....‍රවිදුවා....උඹට ආදරෙයි කිව්වා....උඹට ..උගෙන් අහනකන්වත්...ඉන්න බැරි උනාද ජනත්....

.....මට...එතකන්...වත්...ඉන්න...බැරි...උනා..නෙවෙ.....නි..ම්න....උන්ට...

එතකන්...වත්...මාව...තියා...ගන්න..බැරි...උනා...අනෙ....මාව...උන්...මරා..

ගත්තා....අමු...අමුවට.....මරා..ගත්තා...මට කියපන්...නිම්න....ප්‍රාර්තන මට ආදරෙයි කිව්වද.....

හ්ම්....පුලුවන් නම්...එකත්...ආදර නිකම්ම නිකන් කතාවක් නොකර.....මයුරනිම්න වගෙ පුරාවෘතයක් කරපන් ජනත්....

නිර්මලප්‍රාරතන....!

🥺.....ආයම එනකන්...පයිස්සමින්..ඉන්ඩ

ආතරෙයි....

ජොබි

Nedeesha ....

More Chapters