WebNovels

Chapter 24 - 24

ජයවර්ධනයා ගෙ මූන වක ගැහිලා ගියා....මොකද මං ඒකගෙ මූනට කෙරුවෙ එසේ මෙසේ අපහස නෙවෙ.....නාකින්ට යට කරල ඇන්දම ගූ හැත්තෑවයි කිව්වා....

කකුල් දෙක බීඩි බට දෙකක් වගේ කිව්වා..කොක්කු නඩු දායි කියලා කිව්වා...අවසානෙදි මෙච්චර දේවල් කියලා කියලා .....මෙච්චර පඩත්තර කතා කියලා අවසානෙදි මම ඒකව ශෙප් කරගන්න ඔයා මගෙ අප්පච්චි වගේ කිව්වා...

ඒක නිකන් හරියටම කාට හරි මැසේජ් එකකින් අම්බානෙක බැනලා...බැනලා...බැනලා...ශේප් කරගන්න අවසානෙට ඉමෝජියක් දානවා වගෙ වැඩක් ....කුනු හර්ප පලලා..පලලා....මලක් දානව වගේ වැඩක්....

ඔය ළමයා මෙහෙ....

අංකල් පොතක් ගන්න ආවෙ...

අනූ...අපි යමුකො...

ජයවර්ධනයා බුක් ශොප් එක ඉස්සරහා උන්න මගෙන් අහනවා ඇයි මෙහෙ කියලා ....

අපරාදෙ මට කියන්න තිබ්බෙ මලක් ගහන්ඩ සවුකොල කෑල්ලක් අරන් යන්න ආවා කියලා ...මූට නම් මාන්දමද මන්දා....

එහෙන් නිම්න යමු යමු ගගා කෙදිරි ගානවා....මම යයිද ...අපො...පිස්සු...මං නම් යයි. .....මට ඕනෙ මූ එක්ක එල්ලෙන්න.....මූ හින්දයි මට නිම්න නැති උනෙ....මූ හින්දයි අම්මා නැති උනේ...මූ හින්දමයි නිම්නා නැති උනේ...එතනම මරන තුනක්....තව නොදන්න කතා කීයක් නම් ඇතිද ....

මිනි මරුවා නිදැල්ලෙ.....මම නිකන් අතාරින්න...අනේ...අනේ...මගෙ නිම්න...වස්තුව....උඹගෙ මිනිහා කූඩැල්ලා වගේ....එල්ලි එල්ලි යන්නෙ...

ජයවර්ධනයා ඇතුලට ගියා...නිකන් නෙවෙ...මටත් ඒ පස්සෙන් එන්න කියලා සිගන්ල් එකක් දෙනගමන්.....එහෙන් නිම්න මාව අදිනවා මට යන්න එපා කියනවා....මෙච්චර වෙලාම හොදට උන්න නිම්න බය වෙලා....අර බෙල්ට් එක දැක්ක විතරයි නිම්න බය වෙලා මාව දාලා මගෙන් පැනලා යන්න හදනවා....

අනූ...මාව එක්ක...යන්න....මාව මෙතනින් කොහෙට හරි එක්ක යන්න.....මට..අනේ...මං හරි බයයි අනූ .....මට..හරි...බයයි....මයුර...අනේ....එක්ක යන්න...නැත්ත...න්..මට යන්න...දෙන්න.....

එයා එකම මාව හොලවනවා..එයාව එක්ක යන්නලු...නැත්තන් එයාට යන්න දෙන්නලු.....පොත් සාප්පුව අස්සට ගියපු ජයවර්ධනයා මං බලාගන නවල් පේලිය දිගේ එහා මෙහා යන ගමන් විනිවිද පේන වීදුරුව හරහා මා දිහාවත් බලනවා....

වස්තු.....නිම්න.....මේ අහන්න...

අනෙ...අනූ

ශ්ශ්...මේ අහන්න...ඔයාට මං ඉන්නකොටත් බයද මගෙ නිම්න...මම ඉන්නකොටත්.....ඔයා මගෙ ලගට ආවෙ මාව විස්වාස හින්දා නෙවෙද මගෙ නිම්න...?? මම ඔයාලට සාදාරනයක් කරාවි කියන විශ්වාසෙ උඩ නෙවෙද උඹලා මාව තෝරගත්තෙ...

සධීරා උඹලා හැමෝවම ගෙන්නුව එක වෙනම කතාවක්...ඒත්....උඹලා තුන් දෙනාගෙම තේරිම මේ මයුර...උඹගෙ අනූ.....

උඹගෙ අනූ වෙන්න කලින් උඹ මාව ඒ තරමට විස්වාස කෙරුවා නම්...දැන් අපි අතර බැදීමක් තියන එකේ...බැරි.....දැන් මාව ඊටත් වඩා විස්වාස කරපන් මගෙ නිම්න.....විහිලු කරන වෙලාවට ඉන්න මයුර නෙවෙ අනිත් වෙලාවට ඉන්නෙ....තේරුනාද....ම්ම්ම්...වස්තුට පුලුවන් මගෙ ළඟ ඉන්න...මාව විස්වාස නම්....මගෙ ළඟ ඉදපන් නිම්න....අවිස්වාස නම්.....දාලා යමන්...හැබැයි වස්තු.....දාලා යන්න කලින් මේකත් මතක තියාගනින්.....බැදීම් පවතින්නෙම විස්වාසෙ උඩ....

 මං මාව අදින එයාගෙ පැත්ත හැරිලා හිමීට මිමිනුවා...මං දන්නවා...මගෙ වචන සැර ඇති .....මම නෙවෙයි ඒ වද හිංසනවලට මූන දුන්නෙ.....ගිනිපෙරෙල්ලෙන් බැටකාපු මනුස්සයා කනාමැදිරි එලියටත් බයයි කියන්නෙ නිකන් නෙවෙ...ඒ මිනිහගෙ හේයාවක් දැක්කත් ඇති මගෙ නිම්න නොසෑහෙන්න බය උනා.....

එයාගෙ පෙම්වතා විදිහට මට එයාව ආරක්ශා කරන්න ඕනෙ.....හැබැයි.....ආරක්ශා කරන එකම නෙවෙ මේ සම්බන්දෙ තේරුම ..එයාගෙයි මගෙයි අතර තියන බැදීමෙ තේරුම ආරක්ශා කරන එකම නෙවෙ...අසීමාන්තිකව ආදරේ කරන එකම විතරක් නෙවෙ.....සාධාරනයක්....මලාවු හැම ආත්මෙකටම සාධාරනයක්....

සමාදානෙන් සැතපෙන්න බලන් දුක් විදින එයාලට සාධාරනයක් වෙනකොට මං නිම්නගෙ කදුලු පිරුන ඇස් දෙක දිහාව බැලුව...

මාව විස්වාස කරන්න.....මට ආදරෙයි නේද.....

හුගක්...මයුර...මං...ආදරෙයි....හුගක්.....

එහෙනම් විස්වාස කරන්න.....මේක කාටුන් එකක් වත්...ඇක්ශන් ෆිල්ම් එකක් වත් මොකුත් නෙවෙ...වැරදුන ශොට් එක කට් කියලා ආය ගන්න බෑ...එක පාරයි.....ඔයාට තේරෙනවා නේද වස්තු.....

මාව විස්වාස කරන්න.....මේකෙ තේරුම හැමදාම ඉස්කෝලේ ගිහින් මගෙ හිත රිදවගන්න එක නෙවෙ වස්තු.....

මට උදව්කරනවා කියන්නෙ.....මාව නැති වෙන්න ඉක්මන් වෙනවා කියන එක නෙවෙද අනූ...

මම කට පියාගත්තා.....මේ ඔක්කොම අස්සෙන් එයා මගෙ රිදෙනම තැන බලලා කිනිස්ස බැස්සුවා....මං දන්නෙ නෑ මං මොනවද කියන්න ඕනෙ කියලා ...එක අතකට එයා කියන කතාව ඇත්ත....මං එයාට උදව් කරනවා කියන්නෙ මේ හැම දේකම අවසානෙට මං ලන් වෙනවා කියන එක.....

එයා මගෙන් යන්න යනවා කියන එක....මට එතනදි නොමැරි මැරෙන්න උනත්....සිද්ද වෙනවා අමාරුවෙන් හරි මේ හිත ගල් කරගන්න....කමක් නෑ....කව්ද දන්නෙ....අර කියනවනෙ නොහිතන තැන්වලදි ප්‍රාතිහාර්‍ය සිද්ද වෙනවා කියලා ....

මං තත්පර ගානක් බිම බලන් ඉදලා ආපහු මගෙ ඉස්සරහා ඉන්න වැඩිමල් නිම්න දිහා බැලුවා ....ඇස්වල කදුලු බැදිලා....රැවුලත් චුට්ටක් වැවිලා.....අර හුරතල් නිම්න ගාව තියන සතුටෙන් එක අංශුමාත්‍රයක් වත් නෑ....වේදානව විතරමයි.....

එයා කිව්වා හරි....දවසකුත් එයා මට කිව්වා ... එයාට මාව දාලා යන්න බැරි වේවි....මාවත් අරන් යන්න හිතේවි කියලා ..මොකද ...ඒ තරන් මගෙ නිම්න මට ඇබ්බැහි වෙලා ...ලෝබ කම් කරන්න අරගන.....ඒ තරමට නිම්න මට ආදරේ කරන්න අරගන.....

මං හිනා උනා...පපුව පසාරු කරාපු කිනිස්ස එහෙම්මයි....වේදනාව මනින්න නම් ඩෙල් ඒකක මදි වෙයි ...ඒත් මං හිනා උනා...මොකුත් නොදැනුන ගානට උන්නා ..නිම්න මිරිකුවෙම මගෙ වේදනා නිල උනත්..මං හැගීම් පිට නොදා නිම්න දිහාව බැලුවා.....

ඒත්....මලාවුන්ටත් සැනසීමක් ඕනෙ නේද ....වස්තු ...සාධාරනයක් ඕන නේද වස්තු නැත්තන් ..කොහොමද මම ලියන්නෙ.....මගෙ නිම්න සමාදානයේ සැතපේවා කියලා ...ජීවත් උනා හෝ නැතා...උඹ මගෙ මනුස්සයා නිම්න.....මට ඕනෙ සමාදානයක් දෙන්න....හිත ගත මරල දැම්මට ..මට බෑ උඹගෙ ආත්මෙත් මරලා දාන්න.....මම උඹගෙ මිනිහා විදිහට...මගෙ මිනිහගෙ ආත්මෙත් මරලා දාන්න දෙන්න බෑ නිම්න.....

..... ඒත්...ජීවත් වෙලා ඉන්න කාලෙ නොදුන්න මල්....මැරුනට පස්සෙ මොකටද අනූ.....ජීවත් වෙලා ඉන්න කාලෙ නොදුන්න සැනසීම...මැරුනට පස්සෙ මොකද...උන් මගෙ ආත්මෙත් බාගෙට මරලා අහවරයි අනූ . ..ඒත් මයුර කියපු කතාව ඇත්ත....මම...මයුරගෙ මනුස්සයා....මයුර..මගෙ මනුස්සයා....එහෙමයි අපි අපිට නම් දෙන්නෙ... ...ඔයාගෙ කතාව හරි .....මට අනූව විස්වාසයි ....

වස්තුගෙ උපන්දිනෙ කවදද.....?

ඇයි.....

කියන්න...මට ඔයාට තෑග්ගක් දෙන්න ඕනෙ....

....තෑග්ගක්.....මට..කවදාවත් ....තැගි....හම්බවෙලා නෑනෙ....අනික...මගෙ උපන්දිනෙ ආය අහන්නෙ.....උඹට දැන් මගෙ උපන්දිනෙ මතක නැද්ද....???

ඔයා මට කලින් කියල නෑ....නිකන් නටන්න එපා කන පලනවා..මට කියන්න.....මේ පාර දෙන්නම්...කවදාවත් නැති වෙන්නෙ නැති තෑග්ගක්...මං ඔයාට ආදරෙයි නිම්න.....මගෙ ගාව ඉන්න...විදවන එකම පාර්ශවෙ උඹලා විතරක් වෙන්න ඕන නෑනෙ...ඒකෙන් වෙන්නෙ මගෙ සැනසීම නැති වෙන එකනෙ වස්තු....

...මං උපන්දිනෙ කියලා තියනවා...බොරුව නොදා ඉදපන් බෙල්ල කඩන්න කලින්...කමක් නෑ....මට දැනගන්න පුලුවන්ද ..අනූ....මගෙ....තෑග්ග...

තෑග්ගද...මාව.....මාව.....අරන් යන්න....මං වැරද්දක් කෙරුවා ...ඔයාට අසීමාන්තිකව ආදරේ කරලා....ඔයාට ආදරේ කරන්න උගන්නල...මං ඔයාගෙ සමහර සීමා බින්දා...මං දන්නවා.....මට උඹව තේරෙනවා..බයකුත් නෑ...දුකකුත් නෑ.....අරන් යන්න..වචන දුන්නෙ ඇත්තටම...මං ආදරෙයි ඒක නිසා...දැන් මට මේක කරන්න දෙන්න....

මන් එයාගෙ කට වහල දැම්මා.....බයක් නෑ කියපු කතාව ඇත්ත....මට එයා එක්ක යන්න බයක් නෑ කියපු කතාව සහතික ඇත්ත .....ඒත්..දුක නෑ කියන්නෙ...

අවංකවම ඒක බොරු...මට දුකක් නෑ කියන්නෙ කොහොමද ...අම්මා..අප්පච්චි .....ටූත්ලස් .....කල්පනයලා.....මේ හැම දේම අතෑරෙනවා.....මට දුකයි...

මන්දා..මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...බැදීම් කියන්නෙම මහ වේදනාවක්....ගිලිහෙනකොට...

ගිලිහෙන්න ලන් වෙනකොට ...ඇත්තටම බැදීම් වේදනාවක්...බැදීම් අස්සෙ තියෙන්නෙම අප්‍රමාන වේදනාවක්....

ඔයා මොකක්ද කරන්න හදන්නෙ අනූ...

මගෙ පිටිපස්සෙන් උන්න නිම්න උරහිසට උඩින් බෙල්ල දාගන මොකද කරන්නෙ අහනකොට මං එහෙම්ම කල්පනයට මැසේජ් එකක් දැම්මා...

ඇයි කල්පනව අනූ....

ඕනා.....හේතුව කියන්නම්...හැබැයි ඔයා ඊරිසියාවෙ පුපුරන්නෙ නැතිව ඉන්න ඕනා තේරුනාද නිම්න...

විකාරද මං මොකටද මල්ලි ඊරිසියාකාරකම් කරන්නෙ...මාව පොඩි එකෙක් ගානට දාන්න එපා..

ඔන්න පටන් ගත්තා..මං කිව්වෙ ඔයාට ඊරිසියා කාරකම් කරන්න එපා කියලනෙ කිව්වෙ...ඇයි ඔය මල්ලි කෑල්ලක් ඔබාගත්තෙ?පොඩි එකෙක් ගානට දාන්න එපා කියන්නෙ කාටද එහෙනම් අවදානෙ ඕන වේගන එනකොට ඔලුව කැක්කුමයි පුක කැක්කුමයි බඩ කැක්කුමයි ගාන්නෙ...

ඒ මම නෙවෙ....ඔයාට කල්පනව ඇයි කියලනෙ මං ඇහුවෙ...

ජයවර්ධනයා එහාට යනවා මෙහාට යනවා..පොතක් අතට ගන්නවා...ආය තියනවා...කල්පනයට බුක් ශොප් එකට එන්න කියලා අනිත් අතට මං උදාරට මැසෙජ් එකක් දැම්මා...මොකද කල්පනයට එන්ඩ කිව්වට බෑනෙ...අයිතිකාරයටත් කියන්න එපැයිනෙ....

"උදාර කල්පනයව ටිකක් දීපන්...."

ඇයි අනූ කල්පනව ඉල්ලන්නෙ....ඊටත් උදාරගෙන් අහන්නෙ...ඇයි?

"අරගනින්"

උදාරගෙන් කල්පනයව ටිකක් ඉල්ලපු මට ඊලග තත්පරේදිම උදාරගෙන් මට උත්තර එනකොට මගෙ පිටිපස්සෙ උන්න නිම්නයා ආයම අහනවා...ආයම අහනව ඇයි කල්පනව කියලා ...ඊරිසියා නෑ කිය කිය මා එක්ක තැපිල්ලුවට මොකද අර ඇස් දෙක පුපුරන්න එනවා....චුචි බුංජියා කියලා නෑ..මහ එකත් එකම බෝට්ටුවෙ තමයි...ඒකම අහනවා...ඒකම අහනවා....දැන් මං උදාරයගෙන් උගෙ නිල නොලත් මිනිහව ඉල්ලන්න එකම හේතුව කල්පනයව මගෙ තාවකාලික පෙම්වතා කරගන්න කියල කිව්වොත් මේකා නටන් නැතුව ඉදීද.....???

දැන් ඔයාට හේතුව දැනගන්නම ඕනෙද....

ඔව්....අපි අතර රහස් තියෙන්නෙ බෑනෙ මයුර.....මම මනුස්සයා....ඔයත් මගෙ මනුස්සයා...එහෙමනෙ මල්ලි ඔයා මට කිව්වෙ.....

මං අහාක් බලාගත්තා..මේවට තමයි මට නගින්නෙ....හිතලම මල්ලි කියනවා...හිතලම මල්ලි කියනවා....කමක් නෑ...ඕන ගහක් කපන්නෙ බිම දාලනෙ....

හරි..මං හෙතු දෙන්නම්....හැබැයි නහයෙන් ඇඩිලි...තරහ වීම්.....දාලා යෑම්...ඊරිසියාවෙන් පිපිරීම්...අම්මට කියනවා ගගා යැයි යැයි ගෑම්...මේ මොකුත් බෑ....එකටම තේරුම් ගන්න...මේ හැම දේම කරන්නෙ ඔයාලා නිසා..හරිනෙ....වැරදි වැටහීම් බෑ...අවසානෙදි පිට පුපුරන්න ඇදල අරින්න බෑ...ගැහුවෙ හදාගන්නනෙ මල්ලි කියන්න බෑ.....

හ්ම්....හ්ම්....ගහන් නෑ...

හරි...මං දැන් ටික වෙලාවකට....කල්පනයව මගෙ කොල්ලා කරගන්නවා...මං උදාරයගෙන් ඇහුවෙ...මම උනත් මගෙ මිනිහව කාටත් දෙන්න කැමති නෑනෙ...ඉතින් ඒ වගේ තමයි ඌත්.....වැඩි ආරක්ශාවට අහන එක හොදයිනෙ....

ඒ මොන මගුලටද.....??????විකාර නටන්න එපා මයුර

කියන්න කලින් නටනවනෙ...ඕකනෙ කියන්නෙ අයියෙ උඹ ඊරිසියයි වස්තු.....

අපො නෑ....ගන්න ගන්න...මං නිකන් එහෙම කිව්වේ..ඔයා කැමති උනාට කල්පන කැමති නැතිව ඇතිනෙ නේද...මොකද එයාට උදාර ඉන්නවනෙ.....මං දන්නව...උදාර උනත් එහෙම ආවට ගියාට කල්පනව දෙන එකක් නෑනෙ.....මොනවා උනත්..ඒ දෙන්නට දෙන්නා....ෆීලින්ග්ස් හන්ගනවා...කල්පන ඔය කෙල්ලෙක්ට රැවටුනාට මල්ලි ඌ ඇවිත් බයි කොල්ලෙක්.....ඔයාට තේරෙනවනෙ....ඔය ක්‍රමේ හරියන් නෑ....රවිදුව කොහොමත් ගැලපෙන්නෙ නෑ මල්ලි....එයා කොටයි.....ඔයාට හරියන්නෙ....ඔයාට වඩා අගලක් දෙකක් වත් උස කෙනෙක්....සම උස හරියන්නෙත් නෑ මල්ලි.....

මම මීක් නොකියා අහන් උන්නා..හරිම අගෙයි මහ පගයගෙ පැහැදිලි කිරිල්ල නම්...තත්පරේට හැතැක්ම ගානක් දුර කරුනු කාරනා කියලා....කියලා..මට ගැලපෙන්නෙ නැති දේවල් ..සහා ගැලෙපනෙ දේ පවා කියලා අහක බලාගත්තා...

ඉතින් මා දයාබර සහෝදර සහෝදරියනෙ....මේකට නෙවෙද ඊරිසියාව කියන්නෙ.....???

හ්ම්...බලමුකො වස්තු.....කල්පනව දෙනවා නම්...එහෙමයි...නැත්තන් ඉතින් ඒත් එහෙමයි...යාලුවෙක්ට උදව්වක් ඕන වෙලාවකදි කරන්න බරි උදව් පස්සෙ මොකටද...ඒ කියලා මේ මයුරයා නිකන් අතාරින්නෙත් නෑ....ඝනයෙක්ගෙන් හරි උදව් ගන්නවා....වැල යන අතට මැස්සා ගහලා..නාකියෙක් හරි අරන් එනවා...

මං මොකටත් කියලා අඩියක් විතර පස්සට උනා....මූව විස්වාස නෑ....අත දිගෑරලා ගැහුවොත් අවසානෙදි මට සමාදානෙන් සැතපෙන්න වෙනවා.....අනික....කල්පනයා දැනටමත් මග වෙන්න ඇති....ඌ එනකන් මේකව පොඩ්ඩක් ඇවිස්සුවට මොකද.....මගෙනෙ ඉතින්...

න්..නාකියෙක්...හරි...මයුර....විකාරද. ...අපි කල්පනා කරලා බලමු....අනික ඔයාට කාව හරි ඕනමයි කියලා නෑනෙ...වෙන විදිහකට හරි උදව්කරන්න පුලුවන්නෙ ....ඔය වැඩෙ හරියන්නෙ නෑ..අනික.....අනික දැන් මේ...

.

නෑ...මේක තමයි හරිම ක්‍රමේ...

මං කියන්නෙ...ඔයාගෙ වැඩි හොදට නැතුව ඊරිසියාවට නෙවෙ මල්ලි....උදාර කල්පනව දෙන්නෙ නෑ....ඊටත් ඔය දෙන්නා ගැලපෙන්නෙ නෑ....රවිදු කොටයි ඒ කියලා නාකියෙක්...මම මේ ඔයාට වැරද්දක් කියනව නෙවෙ මල්ලි...අහන්නකො.....

මයුරයා...

අරූ ආවා වස්තු.....ඔයා එනවද අපි එක්ක...බය නම් මෙතන ඉන්න..

..ආවා..නේද....මේ උදාර පුදුම මිනිහෙක්නෙ...මගෙ දතක් කැක්කුමයි...නෑ...මං එනවා....මං බය නෑ...මට ඔයාව විස්වාසයි මල්ලි...ඇයි මං බය...බැදීම් තියෙන්නෙ විස්වාසෙ උඩනෙ...

ඇයි බන් උඹ ඔච්චර කපටි....මං ඔය ටික හිතින් හිතුවා විතරයි ..කටින් අහන්න ගියොත් මගෙ දත් ගේන්න වෙනවා.....

කල්පන වරෙන්කො

කියපන් මොකක්ද කේස් එක....ගහන්ඩද....බනින්ඩද...මරන්ඩද ...ඔතනින් කෝකද....

ඔය මොකුත් නෙවෙ...ඇතුලෙ ජයවර්ධනයා ඉන්නවා.....

ම්ම්ම්..පාන්කිරිත්තා ඉන්නවද.....හරි ඉතින් මොකක්ද වෙන්න ඕනෙ

උඹට සිද්ද වෙනවා මගෙ කොල්ලා වෙන්න....

මොකක්...උඹගෙ....

ම්න්.....මේක කරන්නම වෙනව බන්...මෙච්චරයි වෙන්න ඕනෙ..මං මුලින් ඇතුලට යන්නම්.....

ජයවර්ධනයා දකින්න කලින් කල්පනයව පැත්තකට ඇදන් ගියපු මම වෙන්න ඕන දේවල් ඒ ටු ඉසෙඩ් ඌට කියල දෙනකොට මිනිහා ෆුල් සීරියපිට හැම දේම අහන් උන්නා..කරන්න දෙයක් නෑ..නෙවෙ...මේක තමයි අපිට කරන්න පුලුවන් හොදම දේ වෙනකොට කල්පනයා කැමති උනා...හැබැයි...මට පිටිපස්සෙන් ආව කරගදත් එක්ක ඇයි අපිට තව ක්‍රමයක් හිතන්න බැරි උනෙ කියන එක මෙවෙලෙ යටි හිත තව පාරක් මට මතක් කරලා දුන්නා...මොකද...ඒ තරමට ලොකු එකාගෙ මූන කලු ගහලා.....

ආදරෙයි කියලා දන්නවා...මෙච්චර ආදරෙයි කියලා දන්නෙ නෑනෙ.....

 මයුරයා...ලොකු බුංජියගෙ මූන...කලු ගහලා....

ඔයා මොනවා හරි කිව්වද කල්පන මල්ලි....

අ..ආ...න්..නෑන්නෑ....අයියෙ...මේ හැමදෙම කරන්නෙ...අපේ එකාගෙයි අයියගෙයි ආදරේ නාමෙන්නෙ කියලා කිව්වෙ.....

.....හ්ම්....ඒක ඇත්ත....වස්තු මට ඵෝන් එක ටිකක් දෙන්න....උදාර මගෙන් පනිවිඩයක් ඇහුවා ...

මොකටද .....ඌ මොකටද ඔයාගෙන් පනිවිඩ අහන්නෙ මං ඉන්නකොට ...

.ඔයා නිම්න නෙවෙනෙ මල්ලි.....ඔයා මයුරනෙ.....ඵෝන් එක දෙන්න....අන්ලොක් කරලා...

පාස්වර්ඩ් එකට තියෙන්නෙ මගෙ උපන්දිනෙ.....

....

ඇයි අමතකද අයියට....

ඔයා මට උපන්දිනෙ කියල නෑ මල්ලි වංචා කරන්න එපා....බෙල්ල ගලවන්න කලින් උපන්දිනෙ කියානවා....

මට වංචා කරලා මොන බිබික්කම ගන්නද...මනුස්සයගෙ උපන්දිනෙ...මතකයිනෙ...ඇරගන්න....

වරෙන් කල්පනයා යන්න....

අනෙ බන්...චූචි බුංජියා වගේ නෙවෙ අරකා...පුපුරනවනෙ....එක්කො ඒක ඇරලා දියන්කො...

ඕන් නෑ....අමතකේ..අමතකෙ.....ඔය ඇරගත්තු දෙන්....ඇරත් මොනාද උදාරයා එක්ක පනිවිඩ....

එක්කො ඕන් නෑ තමයි...කොලේ වහල මොනවා කරනවද කව්ද දන්නෙ...උඹ යමන් මන් එන්නම්.....

ම්න්.....වස්තු....ඇරගත්තද...

නෑ .....ඇයි අරින්නද....??

මීටත් වඩා උන්නොත් මහ එකාගෙන් ගුටි කන්න වෙයි කියන බයට මං හැරෙන තැපෑලෙන් පොත් සාප්පුව දිහාවට දිව්වා..පිටපතෙ හැටියට බොසා ඇම ගිලින්නම ඕනෙ....

මාත් දුක කියන්නම ඕනෙ....

....ම්ම් බලමු ජයවරධන ...මේ පාර....ඔයාද....අපිද....

ප්‍රශ්න පත්තර පොත් ගොඩෙ ඉන්න ජයවර්ධන දිහා තත්පර ගානක් බලන් උන්න මං ඊලග තත්පරේදි දොර ඇරන් ඇතුලට ගියා....කෙලින්ම නවල් ගාව.....

පොතක් ගන්නද....

ම්ම්...පොතක් ගන්න නම් තමයි...

ඔයාටද....නැතිනම්...

මට නෙවෙ .....හැබැයි...මට හුගාක් වටින කෙනෙක්ට....

හුගා...ක්...වටින කෙනෙක්...කිව්වෙ..නම්....කොල්ලා කාට හරි ආදරේ කරනවා වගෙ.....

මං හිනා උනා....අතෙ තිබුනෙත්..ජයවධනයගෙ ගැටපිච්ච පොත වෙනකොට මං තෙල් නැතිව හිමිට හිමීට බෝලෙ බස්සවන්න ගත්තා ...

අංකල් ...මේ පොත ....මේක අංකල්ගෙ නේ.....ගැට පිච්ච... .මේක කොහොමද අංකල්...

ඕක කොහොමද ...කොහොමද මන් ඔයාට උත්තරයක් දෙන්නෙ....පොත රහයි...කතාව ආදරනීයයි....හැබැයි....ආදරනීය හදවතක් තියන ප්‍රේමවන්තයෙක් කියෙව්වොත් මිසක්.....

මං පොතෙ පිටු දිගාරින්න ගත්තා ....මගෙ ඉස්සරහා ජයවර්ධනයා .....ඒකා ඉන්නවා..මොකූත් කියන්නෙ නෑ...හැබැයි....මායි පොතයි අතරෙ තියන ගනුදෙනුව දිහා හරි ඕනෑ කමින් බලන් උන්නා.....පොත නොකියෙව්වට මොකද ...කවුරු ගැනද ලියලා තියෙන්නෙ කියන්න දන්න මං පොතේ අවසානම පිටුව නිකමට පෙරලුවා.....

කතාව අවසානයි....

හැබැයි ශෝකාන්‍තෙකින්.....ප්‍රේමවන්තයට සදහටම ප්‍රේමය අතෑරුනා ..කියලා ලියවිලා තිබුනා

හැබැයි දිගම දිග හිස්තැනක අවසානෙදි පිටුව යටින්ම මෙහෙමත් තිබුනා....

අත් වලින් විතරයි....

හිත්වලින් එකට හැමදාමත් බැදිලා....

මයුර....

අංකල් ....මේක ශෝකාන්තයක් කිව්වට.....ශෝකාන්තයක්ම නෙවෙයි....

මේකෙ කොතනකදිවත් ලියවිලා නෑ....පෙම්වතා-පෙම්වතාව අතෑරියා කියලා ....

පෙම්වතා -පෙම්වතී....එහෙමයි

නෑ අංකල් ....මේක පිරිමි ආත්ම දෙකක් එක්ක ගනුදෙනුවක්...මුලින්ම ඒ දෙන්නම පිරිමි....කතාවෙ හැටියට ගැටපිච්ච අමුනන කෙනා...ඇත්තටම සංක්‍රාන්තික ආත්මයක් ආරූඪ කරවන් තියෙන්නෙ..... පෙම්වතාව හිමි කරගැනීමෙ අරමුණින්....

මං ජයවර්ධන දිහා බලාගන උන්නා.....පොත අතට ගත්තා විතරයි මම....හැබැයි පොතගැන විචාරෙ දිගාරිනකොට ජයවර්ධන මහත්තයගෙ මූන පුක වීමෙ සම්බාවිතාව එන්න එන්න වැඩි වෙන්න පටන් ගත්තා .....

මගෙ කටින් පිට වෙන වචනයක් ගානෙම ඒමූනෙ භාව ප්‍රකාශන එන්න එන්නම වෙනස් වෙන්න ගත්තා.....කල්පන එලියෙ. ඒත් මගෙ නිම්න ආයක මගෙ පිටිපස්සෙ.....

මයුර...කව්ද ඔතනින් වැරදි.....මොන කෙනාද.....???

පිරිමි කෙනා....මං කියන්නෙ...දෙන්නම පිරිමි....එතනින්....ගෑනු ආත්මයක් ආරුඩ කරගත්තු කෙනා නෙවෙ අනිත් කෙනා...මෙතනදි මේ නිර්මලා කියන චරිතෙ අරන් යන කෙනා ඇත්තටම පිරිමිකම මරලා දැම්මෙ....එයා නිසා...එයාට තියන ආදරේ නිසා....අංකල් කතාවෙ හැටියට මෙකෙ ආදිප්ත්‍ය වැඩි හරියක් හසුරවන කෙනාගෙ ගෙදරින් ආව බලපෑම් නිසයි අරයා ගෑනු කෙනෙක් වෙන්න හිතා ගත්තෙ...එහෙම නේ... 

ගෙදරින් කියනවා කසාද බදින්න කියලා ..ඒත් මේකෙ සමන් ගෙ චරිතෙ තියන කෙනා හරි ආත්මාර්තකාමී ...එක්කො නොබැද ඉන්න ඕනෙ.....මෙතනදි ආත්ම කීයකට වංචා වෙනවද....පෙම්වතා උනත් තමන්ගෙ සර්වාංගෙම වෙනස් කරගන්නෙ අර සමන් ට තියන ආදරේ නිසා...ඒත් ..එච්චර කැපකිරීම් කරපු නිර්මලාව අතෑරියා....සමහර විට අංකල්...මෙතන මේ සමන් ආදරෙ කෙරුවෙ සමලිංගිකයෙක්ට මිසක්...සංක්‍රාන්තික ලින්ගිකයෙක්ට නෙවෙ වෙන්න ඇති ඒකයි එහෙම කරන්න ඇත්තෙ නේ.....

එක තත්පරේට මයුර ඔච්චර කියෙව්වද.....සමලිංගික වෙනයි....සංක්‍රාන්තික ලිංගික වෙනයි...සමහරවිට සමන්ගෙ පැත්තෙන් ඒක හරි ඇති.....

එතකොට අංකල් කියන්නෙ එයා වෙනස් නොවුනා නම්.....සමන් ගෙදරට විරුද්ද වෙලා හරි දර්ශනව...මං කියන්නෙ පහු කාලෙක නිර්මලා උන එයා එක්ක ජීවත් වෙයිද....?????

අංකල් ඇහුවා මෙච්චර ඉක්මනට කියේවද කියලා ....නෑ....මට එච්චර වේගෙන් කියවන්න බෑ අංකල්...හැබැයි.....රතුපාටින් ලියවෙන අකුරු තියනවනෙ සමහර පොත් වල...බැලූ බැල්මට හැම අකුරුම ලියවිලා තියෙන්නෙ කලු පාටින් උනත්....අංකල්....ලියන මනුස්සයා අනුව...සමහර විට හිතේ තියන හැහීම් එක්ක ලියවෙන සමහර වචන රතුවට ලියවෙනවා...ඒ කියන්නෙ.....

ඒවට තමයි කියන්නෙ අඩවන වචන කියලා ...ඒකනෙ මයුරට කියන්න ඕනා උනෙ....බර කරන වචන.....පපුවට අනින වචන .....ඒවට තමයි රතුවට ලියවෙන වචන කියන්නෙ...එහෙමනෙ....

ම්ම්...ඇත්තටම ....ඔව්....

මයුර මොනවද ඒලෙවල් වලට කෙරුවෙ....

කලා...

ඇත්තටම මන් හිතුවෙ නෑ මයුරගෙ කැරැක්ටර් එක මේ වගේ කියලා ....

ඒකනෙ අංකල් පිට කවරෙන් මනින්න එපා කියන්නෙ.....මං හිතන්නෙ ...මට ඕනම කරන පොත හම්බ උනා අංකල්....මට මං වෙනුවෙන් කිසිම කෙනෙක්ව තවත් නිර්මලා කෙනෙක් කරන්න බෑ...වගේම...මට සමන් කෙනෙක් ඒ වෙන්නත් බෑ.....මට ඕනෙක මගෙ කතාව ඇතුලෙ දර්ශන දර්ශන විදිහටම ඉන්න...ලෑලි පපුව...ලෑලි පපුවම වෙන්න...නැතුව...පිහි තල වලින් කපලා...සිලිකන් ඔබ්බලා..හැගීම් කියන නාමයක් නැති තිසරුන්ට පන ගස්සවන ශරීරකූඩුව එක්ක ආත්මෙ නැති කරගත්තු කෙනෙක් මට එපා අංකල්.....

ඒ..කියන්නෙ...මයුර ආදරේ කරන්නෙ....

මං හිතන්නෙ....ජයවර්ධනයා මගෙ පුන්නක්කු හැලියට හොම්බ ඔබා ගත්තා.....මට නිම්ගෙ උනුසුමත් දැනෙනවා.....එ හුස්ම හරි කලබලෙන් වැටෙන්නෙ ..එයා බය වෙලා....මාව මිරිකගන .ඒත් මාව දාලා යන්නෙත් නැතුව මං කියන හැම වචනෙම අහන් උන්නා....

අනූ...එයා දැනගත්තා....එයාට තේරුනා...ඒ ඇස් වෙනස් උනා...එයාදැන් ඔයාගෙ පස්සෙ පන්නනවා....ඔයාව අල්ලගන්නවා....ඒකට....එයා පාවිච්චි කරන්නෙ....හොදම තුරුම්පුවක්....බලන්න.....ඔයාට ඔතනින් පොත් ගොඩක්ම එයාගෙ ගානෙ අරන් දෙනවා...

මගෙ නිම්න හරි...ජයවර්ධනගෙ මූන වෙනස් උනා.....ඒ ඇස් දිලිසෙන්න ගත්තා...හරියටම ...මිනිහගෙ ඇමට අහම්බෙන් තව දඩයමක් අහු උනා වගෙ .....මං බලන් උන්නා....මිනිහා උගෙ නම තියන පොත් පේලිය දිහාව බලන් ඉදලා මා දිහා බැලුවා.....

ඒ කියන්නෙ පුතා ආදරෙ කරන්නෙ....

දර්ශන කෙනෙක්ට ...හැබැයි...නිර්මලා කෙනෙක් වෙන තත්වෙට මන් කවදාවත් එයාව අසරන කරන්නෙ නෑ අංකල්...මේ පොත එයාට....මේ..පොත...මගෙ පෙම්වතාට....මන්දා...මං ඇයි අංකල්ට මේ දේවල් කියන්නෙ කියලා....

නෑ....ඔයා කියන්න....මට පුලුවන් අහන් ඉන්න....

. ඕක...උගුලක් අනූ...ඕක...උගුලක්...

අංකල්....එහෙම ආදරයක් දැනෙන එක වැරදි නෑනේද අංකල්.....එහෙම ආදරයක් කරන එක පාපයක් නෙවෙනේ ද...මන් අහන්නෙ....ජීවිතෙන් වන්දි ගෙවෙන වෙන තැනට ඒ ආදරේ දරුනු සහගත වත් ..පිලිකුල් සහගත වත් නෑනෙද අංකල්....ආදරේ කියන්නෙ...ආදරේටනෙ....නේද...

ම්ම්ම්...අහගන්න ඕන වචනෙ මං හිමීට ඒ ජේදෙ අස්සට රිංගෙව්වා...එදා සධීරට බැනපු මිනිහමද මේ ඉන්නෙ කියල හිතන්න බැරි තරමට මිනිහා වෙනස් උනා...ඒ මූනෙ හිනාවක් ඇදුනා...ඒක හරි ගුප්තයි .....ඒ වගෙම කපටියි.....මන් ඇහුවෙ මිනිහගෙන් ප්‍රශ්නයක්...තත්පර ගානක් බලන් උන්න මිනිහා අඩියෙන් අඩිය මගෙ ළඟ ආව...ඇවිදින් නිම්න කිව්වා වගේම මගෙ අතට මිනිහම ලියපු පොත් අහුරක් තිබ්බා ...

ඒ ඇස්..මගෙ ඇස් එක්ක එකට බැදිලා තිබුනා.....

ජයවර්ධන්ගෙ පැත්තෙන් මං උගෙ ගොදුරක්....

හැබැයි...මගෙ පැත්තෙන්.....ඌ මගෙ දඩයමක්.....

නෑ...ආදරයක් කවදාවත් පාපයක් වෙන්නෙ නෑ පුතා....සිපගන්න දර්ශන කොටු කරලා වැහුවට...ගහ මරාගන්න දර්ශන හැමදාම විකාශය උනා මයුර.....මිනිස්සු හැමදාම මිනිස්සුන්ට දුන්නෙම වැරදි පනිවිඩ...ආදරේ කරන එක පාපයක් නෙවෙයි..හැබැයි....මිනී මරන එක....අන්න ඒක පාපයක්...ආදරෙ කරන්න බය වෙන්නෙ මොකටද...සම විශම මේ මොන තැනත් තියෙන්නෙ ආදරෙමයි....

එහෙනම්...ඇයි අපිව මැරුවෙ අනූ...සිපගන්න දර්ශන වහපු එකම මිනිහා තමයි ඔය ඉන්නෙ.....ආදරේ කරන එක පාපයක් නෙවෙ නම්...ඇයි අනූ ආදරෙ විදින්නත් කලින් මාව මැරුවෙ....ආදරේ විද විද උන්න...ලස්සනම කාර්තු වල කෙරවල වෙනකන් අත් පටලවන් යන්න උන්න අක්කව මැරුවෙ ඇයි මයුර...මේ මොකුත් නොකරපු මගෙ අම්මව මැරුවෙ ඇයි මයුර.....ඔය මිනිහා උඹව අල්ලන්න හදන්නෙ අනූ...උඹලව අල්ලන්න හදන්නෙ මගෙ අනූ.....

...

මං යටි තො හපාගන නිමනගෙ සීතල වගේම වෙව්ලන කටහඩ අහන් උන්නා...ඇත්ත.....ඌ කියනවා නම්...ආදරෙ කරන එක පාපයක් නෙවෙ කියලා .....ඇයි ඌ මගෙ නිම්නව මරලා දැම්මෙ...

ඒත්....අංකල්....අම්මා කෙසේ වෙතත්....අප්පච්චි දැනගත්තොත්.මාව මරාවි....

ඇයි...මොකටද....ආදරෙ කියන්නෙ ආදරෙටනෙ.....

ඒත් ඒක එයාලගෙ ඇස් වලට පිලිකුලක් අංකල්...අනේ මං එයාට හරි ආදරෙයි අංකල්...මේ පොත අස්සෙ ආදරේ ගැන ලියවිලා තියන විදිහ දැක්කම මට මතක් වෙන්නෙම එයාව අංකල්....ඒත්....ෆැන්ටසියෙන් යතාර්තෙ කොච්චර දුරද අංකල්....මාව වත් ..එයාව වත් තේරුම් ගන්න කවුරුත් නෑ...අංකල්.....

දරුවො....ඇයි මේ....ඕක අඩන්න දෙයක් නෙවෙ දරුවො.....ඕක අඩන්න දෙයක් නෙවෙ.....අනික හැගීම් වලට සීමා දාන්න බෑ..නීති පනවන්න බෑ....ආදරෙ ආදර්‍ර්මයි....කවුරු නැත්ත..මන් ඉන්නවා...ඕනම කරදරේකදි මට කියන්න.....ආදරේ කරන කෙනා කව්ද කියන එක වැදගත් නෑ ලමයො.....නවතින්න ඕනෙ දැනෙන තැන...අනික කව්ද සම්මත අසම්මත රාමු ඇලෙව්වේ...මිනිස්සුමනෙ මයුර....

අදරේ කරන්න...ඒක වරදක් නෙවෙ මයුර.....

බිම බලාගන කියවපු මං හොරාවට මාවම කොනිත්තගත්තා...නැත්තන් කෝ මට කදුලු.....???

කිඹුල් කදුලු වලට ඉකිගහන්න ගත්තු මං මගෙ දුක කිය කිය ජයවරදනට මාව අල්ලන්න හිමි හිමීට පාර කපන්න ගත්තා....මිනිහා කොයි තරම් සංවේදි උනාද කියනව නම්...ඕනම.දුකක කරදරේකදි මට මිනිහට කතා කරන්න පවා කිව්වා....ඉතින් බලන්න මේ ආදරේ....ම්ම්ම්ම්.....

කෝ...නාඩා ඉන්න.....ආදරෙ කරන එක වරදක් නෙවෙ මයුර....

ඒත්...අංකල් වගෙ නෙවෙනෙ හැම කෙනාම....මගෙ අප්පච්චි ත් අංකල් වගේ හිතුවා නම්...හැම අප්පච්චිම ඔහොම නෑනෙ අංකල්...මගෙ අප්පච්චි මාව නොමරා මරාවි අංකල්...කොටින්ම මාව මරල හංගාවි.....අහු උනොත් කියන්නෙ...අංකල්...අඩුමගානෙ මං කිව්වොතින් මන් ආදර්‍ර් කරන්නෙ මගෙම ජාතියෙ කෙනෙක්ට කිව්වොත් ...මං දන්නෙ නෑ අංකල් .....අඩුම ගානෙ..මට මම කව්ද කියලා කියන්නවත් නිදහසක් නෑ අංකල්...මං කාට කියනන්ද....මාව ගහලම මරයි....මරලා ගගක මූදක දායි.....

මං ජයවර්ධනයගෙ මූන දිහාව බැලුවා....වැදුනා.....ඒක ඔලුවටම වැදුනා.....මිනහට ඒක නම්.....හිස් මුදුනටම වැදුනා..... මරලා හංගයි කියපු එක නම් ඌට ලෙසටම වැදුනා වගේම ඌ මගෙන් උගෙ ඇස් හැංගුවා ...

මයුර මේ පොත් ගත්තෙ...

මගෙ බෝයිට අංකල්....එයත් එනවා කිව්වා ....ආ අර කියනකොටම එන්නෙ....අරයා අංකල් ....

අන්න එනවා...අනූ මං චුට්ටක් එලියට ගිහින් එන්නද....නිම්නගෙ දකුනු කකුල හිරි වැටීගන එන්නෙ .....

ඔලුවත් කැක්කුමයි....

මේ රස්නෙටද මන්දා අනූ මගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ.....

හරි....ඔක්කොම එකම රාමුවට ආවා....කියපු විදිහටම මගෙ ෆේක් බෝයි ෆ්‍රෙන්ඩ් කරලියට එනකොට මගෙ ඇත්ත එකාට දොන්තයව වැහිලා මදිවට කැක්කුම් ඉහට ගහන්න පටන් අරන් තිබ්බා ....ඔලුවෙ කැක්කුමලු....දකුනු කකුල පන නෑලු....මම දැන් මූව අතින් අල්ලන් ලගට ගත්තම තමයි වැඩෙ තියෙන්නෙ...

බබා...

සුදූ....මං එන්න පරක්කුද....

නෑ....බබා මේ ඉන්නෙ අපි අලුතින් ගත්තු ගෙදර අයිති අංකල්....ජයවර්ධන ....මේ පොත් ඔක්කොම ලියලා තියෙන්නෙ එයා...

අනේ....ඇත්තටම ...හලෝ අංකල්.....

බබා කිව්වා....ම්හ්....මටවත් බබා කිව්වෙ නෑ...අරුත් මහ සවුත්තුවෙක් .....සුදූලු...ඇත්තමයි අනූ මං ගහනවා උඹට එහෙන් මෙහෙන් අල්ලන්න හැදුවොත්...උදාර තාම නෑනෙ.....

අනූ....මගෙ පපුව රිදෙනවනෙ....

මං....හිතන්නෙ මට හාර්ට් ඇටෑක් එකක්...අවසානෙ ලගයි මගෙ.....

මගෙ...අත පය සීත වෙන්නෙ ඇයි අනූ....

අල්ල ගත්තා නේද ....අනෙ. .අතෑරපිය මගෙ කොල්ලගෙ අත.....මෙච්චර තාත්වික වෙන්න ඕන් නෑ මල්ලි....අතාරිනවා.....පිස්සුද ....ඔය මිනිහා බලන් ඉන්නෙ....

මයුරයා...අපි අත් දෙක අල්ලගන්නම ඕනෙද ....

ම්ම්ම්ම්...තව ටිකක් මගෙ ඇගට හේත්තු වෙයන්කො...ලාදුරු හැදුන එකා වගෙ ඈතින් ඉන්නෙ

මං බොටමද එතකොට ....ලගට එන්න පුලුවන් ....තොගෙ චූචි බුංජියා මගෙ බෙල්ල කඩනවා කියලා ආවෙ....

ම්න් උඹ බොටම් ....එයා එහෙම කරන්නෙ නෑ බය නොවී ඉදුකො....මූ අපි දිහා බලපු ගමන් උඹ ඇස් පොඩ්ඩක් නටවපන්....ඕවරැක්ටින් දගලානා වෙන්න එපා හැබැයි....ලාවට පොඩ්ඩක් ඇස් වලින් මොනවා හරි ලයිනක් අල්ලපන්

මට...කලන්තෙට වගෙ....අනු මාව අල්ල ගන්න....

ඔය අත අතෑරපන් මල්ලි....තවම අහක බලන්නෙ ඉන්නෙ.....ඔච්චර ඇලීගන ඉන්නෙ මොකද ....මහ වේසයිනෙ....අසහනෙ වගෙ

හැබැයි....ඔයිට එහා තාත්වීක වෙන්න ගියොත්...බලපන් උඹගෙ ඉහට උඩින් මොකක්ද තියෙන්නෙ කියලා ....

මගෙ සීමාව පන්නවන්න එපා මල්ලි...මං මේ හොදින් කියන්නෙ.....උදාරට නම් කිසිම උවමානවක් නෑ...තවම නෑනෙ.....අහකට වෙයන් මයුර ඒ මනුස්සයා තවම අහක බලන් ඉන්නෙ.....

ශිහ්.....ඇස්වලින් බලන කැත...

උඹ මා දිහාවත් ඔහොම බලන්නෙ නෑ මල්ලි....

මහ චපලයෙක්....

මට හිතුනා යකඩ කෑලි අටවන් ඉන්නකොට ප්ලෙ බෝයි කෙනෙක් වෙන්න ඇති කියලා ....

මාත් අහු උනානෙ....

අපරාදෙ ....

මායි උදාරයි ගැලපෙනවද මල්ලි.....?

මල කන්දොස්කිරියාවයි...මගෙ ප්ලෑන් එක ජයවර්ධනයගෙ හිතට උපරිම ප්‍රීතියක් ගේන විදිහට වැඩ කරනකොට මගෙ නිම්නයා මිශන් එකෙන් පිට පැනලා ඩෙගා නටන්න අරන් තිබ්බා මූ මාව කොනිති ගහනවා....බනිනවා....තාත්වීක වේගන එනකොට අරූ ඩෙගා නටනවා අත් අල්ලන්න එපාලු ලන් වෙන්න එපාලු.... ඒ අස්සෙන් උදාරයි ඌයි ගැලපෙනවද ත් ඇහුවා...

වැඩි සෙල්ලම් දැම්මොත් මොකද වෙන්නෙ කියලා කියපු මගෙ නිම්නයා ඉහට උඩින් තියෙන්නෙ මොකක්ද කියලා බලන්න කියපු නිසාම මං නිකමට වගෙ උඩ බැලුවා මට සිහි නැති වෙන්න ආවා....

මහාවංශෙ....පෙට්ටිය පිටින් ඔලුවට වැටුනොත් මැරෙනවා...කොටස් පහකට කඩලා හින්දා හොදයි....ඒත් හාර්ඩ් කවර් නෙ ඔලු ගේන්න වෙනවා...මේකා කිව්වත් වගෙ ඕක අතාරියිද ...වැහෙන චරිතෙ අනුව තමයි දොන්ත නිම්නයා ඕකම අතාරියි....මහ එකා නම් එකක් අතාරියි...

නිම්නයා කව්කචර් එක වගෙ කියොගනම ඉන්නකොට මං කුලියට ගත්තු මගෙ පෙම්වතාව ලගට කරන් බොරූවට කුටු කුටු ගාන්න ගත්තා වගේම මෙච්චර වෙලාම පැත්තක් බලන් උන්න ජයවර්ධනයා ආයම හැරුනා ...

.මේකත් කියවලා බලන්නකො....මේකත් ලස්සනයි

ගන්න බබා.....

කමක් නැද්ද සුදූ...අංකල්...කමක්..නැද්ද...

කමක් නෑ ලමයො... මයුර ලමයව මන් කොහොමත් අදුනනවනෙ.....ඉතින්...මං නම් කියන්නෙ මයුරට ඕනම දේකදි දෙන්නා එකට ඉන්න කියලා ....මොනවා හරි උවමනාවක් තිබුනොත් ඔය පිටිපස්සෙන් නම්බර් එකක් ඇති...අනිවාර්යයෙන්ම කතා කරන්න මයුර . ..බය වෙන්න නෙවෙ....අපි අපි වෙනුවෙන්ම පෙනී ඉන්න ඕනා පුතා ....ආදරෙ කියන්නෙ වරදක් නෙවෙ කියලා අපි උගන්නන්න ඕනෙ....තේරුනාද

ඇහෙනවනෙ...ඔය කියන්නෙ...එකට ඉදපන් මල්ලි...උදව් කරන්නම්ලු....බන්දව ගනින්...මට කොහොමත් ගැලපෙන්නෙ අර පච්ච සිරාව....

පපුවෙ ඇම්මක් යනව දැන් කීයෙ ඉදන්ද කියන්නෙ.... අහන් නෑනෙ...

උදාර ලව්වා අත ගාව ගත්තා නම්...හරියයි නේද මයුර මල්ලි.....

මාව දැන් නලියනවා ....ඔක්කොම පැත්තක දාලා මට මහ එකාව කොහෙ හරි මුල්ලකට ඇදන් ගිහින් ඒකගෙ රිදෙන ඔක්කොම අතගාලා එන්න හිතුනා...ඊටත් කීපාරක් මට මල්ලි කිව්වද.....උදාරයා ලාව්වා අතගාවගන්ඩ ....මං කියන්නෙ නෑ ඉතින්...

අංකල්....

මං එක අතකින් කල්පනයව අල්ලන් අනිත් අතින් පොත් ටිකත් තුරුල් කරන් උන්න මං වෙන පැත්තකට යන්න හදාපු ජයවර්ධනයව ආය නැවැත්තුවා

කියන්න පුතා ...ඇයි...

පොඩි ...පනිවිඩයක් .....ඇත්තටම ඒක මගෙ උවනාවකට වඩා මෙයාගෙ ආසාවක්....

මොකක්ද මයුර...

අංකල් මමත් හිතන් ඉන්නෙ පොතක් ලියන්න.....

මමයි අංකල් කිව්වෙ.....සුදූට ලස්සනට ලියන්න පුලුවන් ....මගෙ බල කිරිල්ලමයි අංකල් හැකියාව තියනවා නම් එයාගෙ පාර්ට්නර් විදිහට මං උදව් නොකර කොහොමද නේද අංකල්

ඒක ඇත්ත....

අම්මෙ ඔව්...සුදූට ලියන්න පුලුවන් මැල්ලුම් තමයි....මහ වේසයි මල්ලි ඇත්තමයි....හැකියාව තියනවා....වනචර කම් කරන්න....දැක්කනෙ අර මෙට්ටෙ යට තිබ්බ රෙදි කෑලි ගොඩ....මටවත් තිබුන් නෑ ඔච්චර ...

මං හිතුවෙ නෑ....

ඇස් පනාපිටම මෙහෙම හැසිරෙනවනෙ...

උදාරට කියන්න ඕනෙ මට රත්තරන් කියලා කතා කරන්න කියලා ....මං එයාට මගෙ පන කියනවා...එහෙම හොදයි නේ මල්ලි

. මන් මගෙ කකුලෙ ඇගිලි දහයෙම්ම මහ පොලව මිරිකගත්තා මගෙ යටි හිත කුනුහර්ප පලනවා...මගෙ පන නෙවෙ....මගෙ වාසුදේවන් කියලා කියපන් කියලා කියන්න හිතුනත් මං ඉන්නෙ හොදම හරියෙ නිසා ඉවසගන උන්නා...

මොකක්ද මයුර කාරනාව ...

අංකල් ...ප්ලොට් එකක් තියනවා...අංකල්ට දුන්නොත් ලියන්න පුලුවන්ද

ඉතින් මයුරම ලියමුකො.....

ඒක තමයි මාත් කියන්නෙ....සුදූම ලියන්නකො...

බෑ බබා.....ලියන එක වෙඩි වගෙ ලියන්න හැමෝටම බෑ....අංකල්ලා මේ ෆීල්ඩ් එකෙ ප්‍රවීනයො

එහෙම දෙයක් නෑ මයුර ...පලවෙනි වැඩේ කියලා නෑ ලියන එක ගින්දර වගෙ තිබුනොත් පුතා.....මාකට් එක හොදයි...මොකක්ද ප්ලොට් එක නමක් තියනවද ...

.

මෙහෙයි අංකල් මං අංකල්ට කෙටියෙන් කියන්නම්....අංකල් අඩුපාඩු බලන්න...

ම්ම්ම්ම්....දැන් නම් බෑ පුතා දවසක මේ ළමයා එක්කම එන්නකො මගෙ ගෙදරට ....ආවම අපි කතා කරමු....

හා අංකල්

එතකොට නමක්.....

මෙහෙමයි අංකල් කතාව ටිකක් සංකීර්නයි....දුක්බරයි...රහස් විමානයයි....මගෙ භූත පෙම්වතා කියලා දැම්මත් කමක් නෑ...

අනෙ අම්මගෙ රෙද්ද ...හෙන වේසයි වෙන නමක් තිබුන් නැද්ද මල්ලි....ඕකට දාපන් බැට්ටි කැවුම් කියලා ....

මං හිතන්නෙ මං හිතන්නෙ නැතුව වැරද්දක් කරගත්තා කියලා ...ජයවර්ධනයා ගෙ මූනත් පොඩ්ඩක් තවත් වෙනස් වෙලා යද්දි මගෙ ළඟ උන්න අයියා කාරයා මට අලුත් නමක් දුන්නා....බැට්ටි කැවුම්....ඒ මොන මගුලක්ද....කමක් නෑ...ගෙදර යනකන් ඉවසමු....බැට්ටි කැවුම් මං අද පස්ස දොරෙන් බස්සන්නම්.....

මගෙ භූත පෙම්වතා ....ඒ නමට වඩා....

නෑ නෑ....අංකල් මන් නිකන් මේ කටට ආවට කිව්වෙ...අංකල් ලස්සන නමක් දෙන්න....

ගියාද....

නෑ....නෑ....ඔහොම ඉදින්....ඌ ඈත ඉදන් බලන් ඉන්නෙ....ශේප් එකෙ මගෙ කොන්ඩෙ පොඩ්ඩක් හදපන්.....ඉන් එහා මොකුත් කරන්න එපා...

තව චුට්ටක් ලගට එන්නද...

ඔව්..ඔව්....ගිහින් බලපන්කො....ඔන්න මල්ලි..මං මුලින්ම warning දුන්නා ආ....ආය ඥන් පඥනන් ගාන්න එපා.....

වරෙන්.....දැන් හිමීට හදපන්....මගෙ දිහා බලන් ලාවට හිනා වෙයන්...හිනා වෙන්න කියන්නෙ විරිත්තන්ඩ නෙවෙ කල්පනයා....ආදරෙන්....ආදරෙන්...එලුවො කොස් කොල දිහා බලනවා වගෙ නැතුව බලපන්.....ඌ ඵොන් එක අල්ලන් ඉන්නෙ...

හිටපන්කො ඔය කොන්ඩෙ මං බූ ගාන්න ..මට උදව් එපා....ඇති මේ උදව් කෙරිල්ල ..මල්ලි අහකට පලයන් ඔය ඇති...මයුරනිම්න නෙවෙ...මේක මයුරාල්පන වගේ දැන්....මට දික්කසාදෙ දියන් මල්ලි.....

.හොරාවට ඵොටෝ ගන්නවද ..

එ ..වගෙ ...හිටපන් ...මූන පෙන්නෙ නැති වෙන්න අනිත් පැත්ත බලපන්...ලගට..ලගට ... වර.....

මං එක්කො උඹගෙ උරහිසට ඔලුව ගහගන්නද මයුරයා...

ම්න්.....ගහගනින්.....

කතාවට නමක් දෙන්නම් ආයම අපුට හම්බෙමු කියලා ගියපු ජයවර්ධනයා වෙන පොත් රාක්ක ගොඩක් අස්සෙ ඉදන් හිමින් සීරුවෙ අපි දෙන්නව පින්තුර ගන්නකොට මගෙ නිම්නයා ආයම නහින්න ගත්තා.....වර්නින් දුන්නලු....ඒකා මොනවා කියනවද මන්දා...උදව් එපා කතාවකුත් කියනව ලාවට ඇහුනා....දික්කසාදෙත් ඉල්ලුවා.....අපි දෙන්නට නමකුත් දුන්නා...මයුරාල්පන..දාරාල්පන වලට වඩා ලස්සනයි හැබැයි.....

ජයවර්ධන හොර හොරාවට අපි දෙන්නගෙ පින්තූර ගන්න ගත්තා...නම්නගෙන් සද්දයක් නැති උනා....රගපෑමට උපරිම සාදාරනයක් කරන කල්පනයා තවත් චූට්ටක් ලගට ඇවිත් මගෙ උරහිසට ඔලුව ගහගත්තා වගෙම.මාත් තව චුට්ටක් ඌව ළගට ගත්තා විතරක් මතක....අපි දෙන්නගෙ ඔලුවට හෙන ගැහුව වගේ උනා..

අනෙ...අම්.....මෙහ්.....ක්..කල්ප..නයා....

ටෞ...කන්.....න....මයුර.....යාහ්....මොකක්ද...යකො...වැටු...නෙ..මගෙ...ඔලුව.....

.....ඇම්ඩී ගුනසේන මහා සිංහල ශබ්දකෝශෙ...!

😂 සිංහල ශබ්ධකෝශෙ දැකලා තියනව නේත ලමයි...පන්සිය පනස්ජාතක පොත සයිස්මයි...රැස්ට් ඉන් පීස්...."ම්‍යුරාල්පන....."

ආයම එන්නම් අනේ....

ආතරෙයි.....අහසතරම්.....

මම ජොබී

Nedeesha ❤😘

More Chapters