WebNovels

Chapter 26 - 26

මම නිම්නනව කෙනිත්තුවා...මේකා ඉදල ඉදලා අහපු කතාව එක්ක මට මොකක්ද වෙලා ගියා.....

කෙල්ල උදාරයා වගේමයි නේ අනූ...

ම්න්..... කට තමයි ඕකිගෙ අවුල...

මම හිමීට මිමිනුවා....මොකද උදාර දන්නෙත් නෑ නිම්න මෙතන කියන්න...

දැන් ඉතින් මේකිගෙ පන්ති බාර මිසුයි...මේකිගෙ මුලු පන්තියමයි දන්නවා අපිට ඇට කැසිල්ල කියලා .....එන තරහට ගහන්ඩ හිතෙනවා වරුවක් අඩන්ඩ..කොහෙද මේකිට ගැහුවම පිට රටින් අන එනවනෙ මගෙ බත් කාර්ඩ් එක කපන්ඩ කියලා...

ඌයි.....හ්හ්...අනි..න්නෙ.....

අනින්නෙ...අනින්ඩ නෙවෙ.....උඹට...

අරූ අරකිට එහෙන් අනිනවා මෙහෙන් අනිනවා...ඇත්ත...දැන් ඉතින් අපිටත් මේකිව එක්ක එන්න ගිහින් හමාරයි ...

මයුරයා....

ම්ම්ම්...

උඹට මොන යකෙක්ද බන් වැහුනෙ.....

මොකක්...??

උඹට මොකද උනේ කියලා ඇහුවෙ.....මේ මට බබී...බබී ගාලා මැසේජ් දාලා තියෙන්නෙ....සාංකාව වගේද

බබී බබී ගාලා...කෝ...කොහෙ....කොයි වෙලේ.....

මේ බලපන්...බබී ඔයා බුක් ශොප් එකට එන්නෙ නැද්ද.....

පරිස්සමින් එන්න මං බලන් ඉන්නවා බබී...හෙමින් එන්න....පාරෙ වාහන.....හෙල්මන්ට් එක දාගන එන්න බබී...මයුර....හාල්ද උඹට...

කොයි වෙලේද මන් ...මේ.....ම....ගු...හ්ම්ම්ම්....

උදාරයා මගෙන් අහනවා මොන යකෙක්ද වැහිලා උන්නෙ කියලා ...ඌ අහපු විදිහට මට එක පාර මීටර් උනෙත් නැති වෙනකොට මැසේජ් පෙන්න පෙන්න අහනකොට මට මෙතන හාල් කැවුන එකා මොකාද කියන්න ගානට තිතට මීටර් උනා.....නිම්නයා....වෙන කවුරුත් නෙවෙ.....මගෙ නිම්නයා ....මූ දික්කසාදෙ ඉල්ලලා තියෙන්නෙ තව මාලුවෙක්ට දැල එලලා...

මං එහෙම්ම මගෙ ඵෝන් එකෙ චැට් එක බැලුවා...මොකුත් නෑ.....ඒවා ගානට ඩිලීට් කරලා.....

මට දැන් කන්වලින් දුම් පිට වෙනවා...බබී...බබී.....පලි ගන්නව කියලා මෙහෙමත්...

මං එහෙම්ම මේ ඔක්කොම කරලා දැන් මීයා වගෙ ඉන්න නිම්නයා දිහා බැලුවා....

අර..අර....මොකූත් දන්නෙ නෑ..බබා.....ඇස් කරකවනවා..කොන්ඩෙ හදනවා.....වැවිලා තියන රැවුල අත ගානවා....වරකො අද එලියට ගිහින් අඥූ...මගෙ අතන කැක්කුමයි මෙතන කැක්කුමයි ගාගන...

මට මූන දෙන්නෙ නැත්තෙ තියන හොර කමටනෙ....ඔහොම්ම ඉදපන්...ඔහොම්ම ඉදපන්....ඇස් කරකව කරකව ඔහොම ඉදපන්කො.....

උදාරයා ....

ම්ම්ම්

වරෙන්කො ටිකක්....

මං උදාරට අඩගහගන එහෙම්ම එලියට ආවා....මොකද මං දන්නවා අරූ දැන් වරුවකට වත් එන්නෙ නෑ කියලා ....

කියපන්...ඇයි...මොකක්ද කේස් එක....ආය වලියක්ද

නෑ...නෑ.....වලියක් නෙවෙ.....උඹ ගාව කීයක් වත් නැද්ද ඉල්ලගන්න....

කීයක්වත් කියන්නෙ....උඹට කීයක්ද ඕනෙ.....

මං ඔලුව කැසුවා....කසලා හිමීට දොර රෙද්ද ඈත් කරලා නිම්න ඉන්නවද බැලුවා....මෑන් ඉන්නවා...පොඩි එකී ලියන පොතට බෙල්ල ඔබාගන බලන් ඉන්නවා..මං ඒ එක්කම උදාර දිහා බලලා කටට ඇගිල්ල තියලා සද්ද කරන්න එපා කියලා කිව්වා...

ශ්ශ්.....

ඇයි....

බුංජියා ඉන්නවා...

න්..නිම්න....

ඔව්...අර ඉන්නෙ...ඔය මැසේජ් එව්වෙ ඕකා..මං නෙවෙ...බුක් ශොප් එකට ගිය වෙලෙ ජයවර්ධනයා ආවා.....එවෙලෙ සින් සින් ගාලා මොලේට ආව ප්ලෑන් එකට මං කල්පනයව ගෙන්න ගත්තා...ඒකයිමන් උඹගෙන් ඇහුවෙ...ඒකට ඔය...ඒ තරහවට...ඔය.....

මිනිහා මොකද කියන්නෙ....

ඌ කියන්නෙ බය නැතුව ආදරෙ කරන්න කියලා...ආදරේ කරන එක වැරද්දක් නෙවෙ කියලා ....

එහෙනම් ලබ්බටද....මට මෙතන කටට එන ඒවා කියන්ඩ බෑ..අරකිට ඇහුනොත් කටින් පිට වෙන කුනුහර්පෙකට ඒකිට දහයක් දෙන්ඩ වෙනවා...නිම්නගෙ අම්මට හපන් ඒකි

කියලා වැඩක් නෑ....කාටද උදාරයා උගෙ ජෝක් ගැන කියන්නෙ....

උඹ දැන් මොකක්ද කරන්න හදන්නෙ....

දවසක් බලලා....මම යනවා....හැබැයි...ඒක ආවට ගියාට යන්නත් බෑ බන්....මොකක් හරි මාස්ටර් ප්ලෑන් එකක් ඔලුවෙ තියන් යන්න ඕනෙ...කොහොමත් ඌ දැන් දැනගත්තා මායි කල්පනයයි කපල් එකක් කියලා ...කොහොමත් ...ඕකා...අද හෙටම...අද හෙටම මට කතා කරන්නෙ නැද්ද බලපන්....අනිවාර්යයෙන්ම මට කතා කරනවා...නිම්නගෙ අම්මා කියපු හැටියට උන්ට කොහෙ හරි පොට් එකක් තියනවා උදාර...නිකන් කදවුරක් වගෙ...ඒකෙදි කරන්නෙ බ්‍රේන් වොශ් කිරීමක් කියලයි අම්මා කිව්වෙ.....

මූ මාර පොරනෙ.....

හ්ම්...තව දෙයක්.....අපිට සිද්ද වෙනවා මුගෙ අර ට්‍රාන්ස්ජෙන්ඩර් කෑල්ලව හොයා ගන්න...මොකද .....ඕනම හයිරන්කාරයෙක් ගාව වීක් පොයින්ට් එකක් තියනවමයි....ඌ ඇවිත්....තනිකරම ආදා ටයිප්...මොල ගෙනාව නැවක්....වචන දෙනවා ආය...අහන් ඉන්න එකාට අම්මට සිරි ආය මූ තරම් පොරක් නෑ කියලා හිතෙන තරමට....

මේක එක පැත්තකින් විසදන්න පුලුවන් කාරනාවක් නෙවෙ මයුර....මෙතනදි...නිම්න...අම්මා....අක්කා...මේ තුන්දෙනා ඉල්ලන්නෙ....ඒ තුන් දෙනාට විතරක් නෙවෙ සාදාරනෙ.....ඕක කදවුරක් නම්....මුන් ඒ වගෙ ළමයි ඒම් කරලා අරන් ගිහින් තියනවා නම්...අපිට සිද්ද වෙනවා මුගෙ පොට් එක හොයන්න.....

ම්න්..දෙවනියට...අපිට සිද්ද වෙනවා...කොහෙ.කොහෙ ලමයිද මූට කතා කෙරුවෙ කියලා හොයලා බලන්න...මොකද .....ඒකෙ පිටිපස්ස කවරෙ තියෙන්නෙ..තනිකරම මනෝ උපදේශන සෙවයක් වගේ....හෙන බයිලා ගොඩයි....ඉතින් උඹ පොඩ්ඩක් හිතපන් උදාර...අපි ඉන්නෙ තවමත් බාගෙට පරිණාමය උන මිනිස්සු ජාතියක් විදිහට.....මේ වගේ මාතෘකා මේ ලන්කාවට හරි අමුතුයි ....සීයට සීයක් කියන්න බෑ....හැබැයි...සීයක් ගත්තොත්...එකෙම එකෙක්..සුභවාදි මතයක් දරන එකෙක් ඉන්න පුලුවන් ඉතිරි අනූ නව දෙනාම ඉන්නෙ අර ඊයා කියන මතේ උඩනෙ...ඒකට වයස් බේදයක් නෑ....

උඹ හිතපන් ජයවර්ධන වගේ තව අම්මා තාත්තාල කීයක් ඇතිද.....නිම්නලා වගේ තව ලමයි කීයක් ඇතිද.....පොඩ්ඩක් හිතපන් උදාර...නිම්නගෙ වත් .නිම්නාගෙ වත්.....ස්වරූපෙ ප්‍රතික්ශේප කරන්නෙ මුලින්ම ගෙදරින්....ඒකත්....සමලිංගික ආදරයක් තිබුන තමන්ගෙම තාත්තා .....අවසානෙදි මරල දාන තැනට ඒ මිනිහගෙ ඔලුව විකෘති උනා කියන්නෙ....මේ මිනිස්සු හිතන්නෙ බන්.....ජීවිතේ කියන්නෙ...ඉපදෙනවා ....ඉගන ගන්නවා..කසාද බදිනවා.....ලමයෙ හදනවා..ඔන්න ඔච්චරයි .....කසාද බදින්නෙ වතුර උගුරක් නැති වෙයි කියන බයට 

බැදලා නැත්තන් බදිනකම්ම අහනවා...බැන්දම ගෑනි බඩ වෙනකම්ම අහනවා.....උඹට කියන්න...මේ මිනිස්සු කරන්නෙ...තමනගෙ ජීවිත කාලෙන් සීයට අනූ නවයක්ම....තව මිනිස්සු ජීවත් වෙන හැටි බලන් ඉන්න එක....ඒවට ඇගිලි ගහන එක...ඔක්කොටම කලින් දාගන්නවා..අර දෙදාස් පන්සියගානක් පරන ඉතිහාසෙ...අම්මගෙ....රෙද්ද යකො ..උදාරයා...ඉතිහාසෙ ඉතිහාසෙට අයිති අපි යන්න ඕනෙ ඉස්සරහට මේ ලෝකෙ සම විශම දෙකම ඉන්න ඕනෙ...මට තේරෙන්නෙ නෑ.....තමන්ගෙම ගෑනි දරුවො මරන්ඩ මූ හිත කොහොම හදා ගත්තද කියන්ඩ

.

උඹ හිතන්නෙ...මේක ජයවරධන තනියෙන් ගහන ගේමක් කියලද...???

නෑ...මං හිතන්නෙ නෑ.....හැබැයි....ඔය කල්ලියට....එකෙක් නෑර නිම්නගෙ ක්ලාස් එකේ උන් උදව් දෙන්න ඇති....අදටත් උන් ජයවර්ධනයට සපෝර්ට් කියන්නෙ...උන්ගෙ බොන්ඩ් එක බලපන්....

දීමනා දෙනවා ඇති....

අනිවාර්යයෙන්ම ......

කාමරෙන් එලියට ආව මං උදාරයත් එක්ක හොරාවට පිටිපස්ස පැත්තට ගිහින් උන්ගෙ අම්මගෙ යාලුවෙක් එවලා තිබුන මැලබරෝන් සිගරට් එකක් උරවන්න ගත්තා...කල්පනා කරන්න ජාති ගොඩයි...නිම්න ළඟ ඉදන් හුරතල් වෙවී උන්නට මොකද .....මගෙ ඔලුව අස්සෙ වැඩ කෙරුවෙ වෙනනම ප්‍රශ්න කාන්දරාවක් .... ....මූ තව කාව බිලි අරන්ද....තව කාව බිලිගන්න පස්සෙ පන්නනවද...මගෙ ඔලුව අස්සෙ ප්‍රශන් කෝටියක් කැරකුනා...

උඹ සල්ලි ඉල්ලුවෙ.....

නිම්නට ඇදුමක් අරන් දෙන්න.....අතේ සතපහක් නෑ බන්....අප්පච්චි කිව්වත් වගෙ....ඔය බෑන්ඩ් කෙරුවාව හරියන්නෙ නෑ උදාරයා...මොකද මිනිස්සුන්ට ශෝ බලනවා තියා කන්ඩවත් සල්ලි නෑ....ආතල් එකට කරගන යනවා ඇරෙන්න.....ජිවිතේ ගැටගහගන්න ඔය කෙරුවාව හරියන්නෙ නෑ.....

.....ඕක ඒ කාලෙ ඉදම්ම අපේ ගෙවල් වල මිනිස්සු කටවල් කඩාගන තේරුම් කෙරෙව්වා බන්...අපි තේරුම් ගත්තෙ නැති එක මිසක්...නිම්නගෙ අම්මා හරි...අපි නිකන් කාලකන්නි වෙලා....බලමු...හැමදේම.අහවර උනාට...පස්සෙ.....

අපි..ආයම....ඒලෙවල් කරමු...හැමදේම අහවර උනාට පස්සෙ.....මන්දා උදාරයා.....මට නන්නත්තාර වෙන්න බෑ...ඒකෙන් වෙන්නෙ...මොන දේ කෙරුවත්....නිම්න ඉන්න තැනක ඉදන් වත් සැනසීමක් නැතිව යන එක....මට එයාට තව වේදනා දෙන්න බෑ උදාර...

ජීවත් වෙලා ඉන්නකන් සැනසීමක් ලැබුන් නැති එයාට...මෙතනිනුත් පස්සෙ සැනසීමක් දෙන්නෙ නෑ කියන්නෙ....මචන්..මං ප්‍රේමවන්තයෙක් විදිහට අසාර්තකයි කියන එක...

මිනිස්සු ආදරෙදි හොයන්නෙ සැනසීම විතරයි උදාර....දුකේදිත් ළඟින් ඉන්න....කදුලෙදිත් දරාගන්න ළඟින් ඉන්න පොරොන්දු උනාට මොකද ...මං හිතන්නෙ..මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් ආදරේ අස්සෙදි වේදනාව කදුලු දුක ප්‍රාර්තනා කරන්නෙ නෑ....ප්‍රාර්තනා කරන්නෙ....සතුටයි...සැනසීමයි විතරයි ...

නිම්න කරන්නෙ..ටිකෙන්..ටික...මගෙ හිත හදන එක....මගෙන් අහනවා.....මලගිය ඇත්තො කියවලා තියනවද කියලා .....

නොරිකො කියනවලු.....දෙවොදෙරාට යන්න එපා කියලා .....දෙවොන්දෙරා කියනවලු බැ කියලා .....නොරිකො කියනවලු...ඇදුම් වලයි...සිරුරෙ සුවදයි ඉතිරි කරලා යන්න කියලා .....

බලපන්...නිම්න මට කරන අපරාදෙ .....කොහේවත් නැති නොරිකො කෙනෙක් ගෙනත්...නොරිකො වගේ මටත් දරාගන්න හැටි උගන්නන හදනවා උදාර...

මං සුදු පාට පුලුන් කැටි ඉතිරි උන නිල් අහස දිහාව බලාගන දුම් වලාවක් යැව්වා.....

මට ඕනෙ මොන කට්ට කාලා හරි දරාගන්න...එයාට සැනසීමෙන් යන්න දෙන්න...ඒ කිව්වත්...මට ඒක කරගන්න හරි අමාරුයි උදාර.....මට පුදුම තරන් අමාරුයි....දවසින් දවස ගෙවෙනවා.....දවසින් දවස....එයාලගෙ වේදනාවලට අපේ අතින් සාධාරන ඉශ්ට වෙනවා කියන්නෙ...

කතාවෙ අවසන් පිටුවලට මං ලගයි කියන එක බන්.....

මේ කතාවෙ පිදුම ලිව්වෙ.....අද ඊයෙක වගේ උදාර.....

මට මේවා...උඹලා එක්ක කිව්වට...මට ඒ ඇස් දිහා බලන් කියන්න හරි මාරුයි බන්..මගෙ පපු කැහුතු නෑ වගේ.....නිම්න ඉස්සරහා....ජෝකර්...වගේ...කියෙව්වට....මගෙ...පපුව....දැනටමත්...නෑ වගේ උදාරයා.....

මචන්...උඹට අපි ඉන්නවනෙ...බන්..අපි හැමෝම උඹට ඉන්නවනේ....මගෙ කාර්ඩ් එක අරන් පලයන්....ක්‍රෙඩිට් එක අප්පච්චි ගල් කෙරුවා...ඩෙබිට් එකේ කියක් හරි ඇති ..උඹට ඕන එකක් අරන් දියන්.....

මට උඹට අඩන්න එපා කියන්න අමාරුයි මයුරයා....උඹට ආදරේ නොකර ඉදින් කියන්න කොහොමත් අමාරුයි.....මං.කියන්නෙ මෙච්චරයි ....අවසානෙ....උගෙ කොල්ලා හැටියට...උඹට එක සැනසීමක් හරි ඉතුරු වෙනවා... නිම්නට සාදාරනයක් කරලා උඹ උඹගෙ ආදරේට දෙන්න පුලුවන් ලොකුම වටිනාකම දුන්නා කියලා හරි උඹට හිත හදාගන්න පුලුවන් .....

එච්චරයි තමයි...මට කොහොමත් තියන එකම සැනසීම.....මගෙ සුසානෙට දුරද...ලගද....කියන්න මං දන්නෙ නෑ උදාර...ඒත්...දවසක....කාගෙ හරි කරක් උඩින් මාත් යනකන්....මමත් එයාගෙ ගාවට යනකන්.... මං ඒ ආදරෙ මගෙ හිත අස්සෙ සදහටම පරිස්සම් කරනවා උදාර.....

එකම ආදරයක් මත්තෙ නහින මිනිස්සු දැක්කම ජෝක් එකක් වගේ දකින එක මොනතරම් පව්ද කියන්න මට දැන් තේරෙනවා ....කටට ආවට ..මූදෙ ඉන්න එක මාලුවද....එක මාලුවද අහ අහ කියෙව්වට.....සමහර මිනිස්සු මිනිස්සුන්ට ඇබ්බැහි වෙන තරම අනුව...උන්ට අනුව මහ මුහුදට ඉන්නෙ එක මාලුවයි කියන්න...අද මම අත් විදිනවා උදාර....

මං කවදාවත් ....නාස්ති වෙන්නෙ කාලකන්නි වෙන්නෙ නෑ...එයාට වේදනා දෙන කිසිම දෙයක් කරනෙ නෑ...එයා ගාවට යනකන් ....එයාගෙ අනූව මන් පරිස්සමින් බලාගන්නවා....

අවසානම දුම් උගුරත් ඇදලා සිගරට් කොටෙ බිමට දාලා පයින් පාගපු මං ඇස් වලට උනාපු කදුලු බින්දු දෙක තුන ඇස් වලින් අයින් කරලා දැම්මා.....

වස්තු....

අනූ...කොහෙද ගියෙ....

එන්න යන්.....

මං උදාරලාගෙ සාලෙ ඇතුලෙ එහා මෙහා සක්මන් කර කර උන්න එයාගෙ අතින් අල්ලගත්තා.....

...අනූ.....

වස්තු ...

ඇයි....

මොනවද.....

මටත් නොකියා තනියෙන් ගිහින් කල්පනා කරලා....තනියෙන් දුක් වෙලා ආව දේ මොකක්ද අනූ.....

 මොකුත් නෑ වස්තු.....මං....

සිගරට් එකක් බිව්වා...කමක් නෑ...මං ඒකට මොකුත් කියන්නෙ නෑ...ඒත්...මං දන්න වැඩි හරියක්ම මිනිස්සු කල්පනා කරන්න ...දුක් වෙන්න ඕන උනහමයි සිගරට් බොන්නෙ...මටත් හොරෙන් ගිහින් කල්පනා කරලා එන්න මොනවද අනූ තිබුනෙ.....

මං බිම බලගත්තා....එයා මෝඩයෙක් නෙවෙ....සුවද මොකක්ද කියලා දැනුන ගමං නාහා ඉන්න...ඒත්.....නිමන මට බැන්නෙ නෑ....ඒ වෙනුවට කෙරුවෙ මගෙ ඔලුව අත ගාපු එක...එයාට නොකිය මොනවද මං කල්පනා කෙරුවෙ කියලා අහපු එක....හෙල්මන්‍ට් එක අතට අරගනත් ඔලුවට දාන්න ගියපු මම ආපිට නැවතුනා නැවතිලා මගෙන් හේතු අහන නිම්න දිහා බැලුවා....

ඔය රැවුල කපමු වස්තු...ලෙඩ පාටයි....

...අනූ ආස නැද්ද....

ආස නෑ නෙවෙ...එත්...මූන ඇදිල ගිහින් වගෙ...මට ඕනෙ ඔයාගෙ මුන හැම වෙලේම එලිය වෙලා තියනවා දකින්න.....

.....ඔයා දන්නෙ නැද්ද....හදට උනත්...එලිය දෙන්නෙ ඉර කියලා ...මම උඹගෙ දුරුතු හද නම්....ඉර මැලවුන දාක කොහෙන්ද හදට එලිය මගෙ මයුර....

මට හිනා ගියා...මං හිනා උනා...හැබැයි බලෙන් වගෙ.....ඇත්ත...මං මැල උනහම එයා කොහොමද දිලිසන්නෙ....මං එයාගෙ අත අල්ලගත්තා.....

සමාවෙන්න....මන් හින්දා හිත අව්ල ගන්න උනාට..මං හිනා වෙන්නම්.....මගෙ වස්තුත් හිනා වෙනවද.....මට ඕනෙ ඔයාගෙ සතුටයි...හිනහවයි .....සැනසීමයි..... විතරයි.....

වස්තු.....මගෙ නිම්න.....උඹව....හිමි උනත්....හිමි වෙලා අහිමි උනත්.....උඹව මගෙම කරන්...ළඟින් තියන්....ජීවත් වෙන්න මං වාසනාවන්ත නොවුනත්....උඹව මට මුනගස්සවපු...මේ ජීවිතේට...මං ආදරෙයි නිම්න....මතක හරි බරයිලු වස්තු.....මට ඕනෙ....බරම මතක...මං....උඹට හොරාවට ....හිතුවෙ උඹ ගැන....මං....උඹට හොරාවට....අඩන්න හේතුවත් ..උඹ....කදුලු වලට තහංචි දාන්න එපා නිම්න.....එව්වා ඔහෙ ගලාගන ගියාවෙ.....දවසක....මේ ඇස් තේරුම් ගනීවි...ඒ දවස තේරුම් ගන්නකන්...ඇස් වලට ඔන්න ඔහෙ නැහෙන්න දීපන්.....

.....

මං එයාගෙ අත අරගන පිට අල්ල හරි සීරුවට පිරි මැද්දා.....පිරිමැදලා හාදුවක් තිබ්බා....ඒ විතරක් නෙවෙ.....එයාගෙ අත අරගන මං මගෙ පපුවට තුරුල් කරගත්තා.....එයා මා දිහා බලන් ඉදලා හරි අහිංසක විදිහට හිනා උනා....

අනූව තුරුල් කරගන්නද ...

ම්න්...

එන්න....

මාව තුරුල් කරගන්නද අහපු නිම්න මාව ලගට අරගන මං හිතන්නෙ...මාව නිවුනා....අර හිතට දැනුන හැම වේදනාවක්ම එක තත්පරේකින් නැති වෙලා ගියා ..මගෙ නිම්න ඇවිදින් මාව තුරුලු කරගන මගෙ දුක උරා ගත්තා.....

අනූ....ජීවිතේ කිසිම දවසක.....ආදරේට මැරෙන්න දෙන්න එපා...ඇයි දන්නවද.....ආදරෙ මැරෙන්න පටන් ගත්තම....ජීවත් වෙන්න අමාරු වෙනවා....

...මං මෙ ආදරෙට කවදාවත් මැරෙන දෙන්නෙ නෑ මගෙ නිම්න...ප්‍රේමනීය සමුගැනීම් හරි සුන්දරයි.....කවදාවත් අමතක වීමක් නෑ....මගෙ වස්තුව ඔයා...මට ඉන්න වටිනම වස්තුව ඔයා.....ඔයා ඒක කවමදාවත් අමතක කරන්න එපා....සීනි නැති කෝපි එකක් ඉල්ලල...මගෙ ඉවසීම් සීමාව පරික්ශා කරපු ඔයාට මං අසිමාන්තිකව ඇබ්බැහි වෙලා.....එන්න යන්....මං ඔයාට පොරොන්දු උනා.....

...ම්ම්ම්...එපා...අපි ගෙදර යන්...

 ගෙදර මොකටද ....මන් කිව්වනෙ....මම් ඔයාට ඇදුමක් අරන් දෙන්නම් කියලා ....

ම්ම්ම්....ඔව්...ඒත්...මට අනූගෙ ඇදුම් හොදයි....

පන්ඩිතයා.....බොරුවට වචන නාස්ති නොකර නැගපන් වස්තු.....උඹව මං කොහොමත් අල්ල ගන්න උන්නෙ.....නැගපන්කො....නැගපන්කො...

...ඇයි....මං අහන්නෙ.....වයි...

මං හිතන්නෙ අපි දෙන්නම ආයම ට්‍රැක් එකට වැටුනා...මං ආසම මේ ට්‍රැක් එකට...අපි දෙන්නම හැගීම්බර වෙනවා කියන්නෙ...ප්‍රේමනීයයි වගේම.....අර තව ඉස්සරහට මට විදින්න තියන ප්‍රේමයේ කේදවාචකේ මතක් වෙනවා...එයා ඇස් කැරකෙව්වා...වයි..වයි ගගා මාව මිරිකල වගේ තුරුලු කරගත්තා.....මන් ආස මේ නිම්නට.....හැම ජාතියෙම්ම සංකලනෙට....බොරු ලෙඩ ගන්න...අවදානෙ ඕනාවටත් වඩා ඉල්ලන.....දෙපාරක් නොහිත මට ඇදලා අරින මේ නිම්නට.... ....එයා මාව තුරුල් කරගත්තා ...මගෙ උරහිස උඩට නිකට තියාගන මගෙන් බේරෙන්න මාව හොර හොරාවට ඉඹින්න ගත්තා....

ඇයි අහන්නෙ.....අර මොකද උඹ උදාරයට බබී බබී ගාලා තියෙන්නෙ.....

....මේ..අනූ...මේ....අපි සමාදාන උනානේ....අනේ....පරන දේවල් ආය එපා...හාද.....

...ආ..ආ..හා..කො...හා...හා...ඒ උනාට.....උඹ මොකද බබී බබී ගාන්න ගියේ..... ....කියපන් බෙල්ල කඩන්න කලින්...

....ම්හුක්....අනූ....නිම්නගෙ වම් දත කැක්කුම අල්ලන් එන්නෙ ...

ඔන්න පටන් ගත්තා....ඔන්න පටන් ගත්තා.....මිනිහට හොරාවට පිට ගිහින් මදිවට තව හොර ලෙඩත් කියනවා....

බයිනවා.....ඔන්න...බයි..නවා...චූචි බුංජියනෙ මේ ඉන්නෙ....අනූ....ලොකු අයියා නෙවෙනෙ....

අනූ...චූචි බුංජියගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ ඇයි...අනූ.....ඒ...ඇයි...ඒ....

ම්හුක්...මං පිට ගියෙ නෑ අප්පා...

ඔහොම පද හදන්න එපා අනූ....හරි වේසයි අනේ ඔයා.....

මහ සවුත්තුයිනෙ...

සවුත්තුවා.....ම්හුක්.....

අනූ....

ආදරෙයි හාද.....ආදරෙයි....ගොඩාක්...හාද....අනූ.....

ආදරෙයි....ආදරෙයි මගෙ පිස්සු හොල්මනට....උඹ මහ හුරතලයක් මගෙ නිම්න.....මමත් උඹට මහ හුගාක් ආදරෙයි.....

මෙච්චර වෙලාම හොර ලෙඩ ගත්තු මගෙ නිම්න අවසානෙදි ආයම මගෙ පිටට හේත්තු වෙලා ඉදන් මට ආදරෙයි කියලා දෙපාරක් තුන්පාරක්ම මූනලා අත් දෙකෙම්ම මාව බදාගත්තා....මට ඕනෙ මෙච්චරයි ....මට ඕනෙ මේ දේ විතරමයි...මට එයාගෙ එක ස්පර්ශෙකුත් ඇති.....නිවෙන්න....මට එයාගෙ එක හාදුවකුත් ඇති මගෙ හිත හදා ගන්න....

නිම්න කියන්නෙ හරි පුදුම මනුස්සයෙක්.....මට රිදෙන හැම වෙලෙම මාව හරි අපූරුවට නිවන මගෙ නිම්න කියන්නෙම මැජික් එකක්.....වියලිලා ගිහින් තනි උන නිම්නයක් උනත් මොකද...මං ඒ නිම්නෙ ආපහු කොලපාටින් අස්වැද්දුවා....ආදරේ වැපිරුවා... නිම්නෙකට ඉහලින් පෑයුව දේදුන්නක ලස්සන මොන තරම්ද කියන්න මගෙ ආදරේ මට හරි සීරුවට ඉගැන්නුවා.....

නිම්න....උඹ වස්තුවක්..හැබැයි...නිකම්ම නිකන් වස්තුවක් නෙවෙ.....ආදරබර වස්තුවක්...සැනසීමක් නැති ඇබ්බැහියක් උනත් මොකද....උඹ ඇවිදින් මයුරට ආදරබර වස්තුවක් මගෙ නිම්න....

දෙතොල් මී විත හාදු....

පෙම් වදන් දහසකදු

උණුහුම්ම පපුතුරෙ

තුරුලෙ සැගවෙන මියුරු

අහිමි ඒ සත් පාට

මගෙ නොවූ මගෙ පෙම

අතඇර බලා වුණි

හදින් ගිලිහෙනු නොදී

දුරක සැගවෙන අයුරු...

(නිම්නගෙ මයුර.....)

පුංචි හාදු ගොඩක් මැද.....පුංචි රන්ඩු ගොඩක් මැද...කාත් කවුරුත් නොදකින මගෙ ආදරනීය ප්‍රේම වන්තයා එක්ක මගේම...අපේම ආදර ලෝකෙක ගිලිලා උන්න මම එයාවත් එක්ක තිලකවර්ධන එකට ආවා......මට ඕනෙ එයාට කැමති ඇදුමක් ගන්න කියන්න....එයාම ඇදලා හැඩ බල බල...අනූ මේක ලස්සනද අහන්න....

ඒ අත අල්ලන් මිනිස්සු අස්සෙ හැප්පි හැප්පි ඇදුම් තෝරන්න වරම් නැති උනාට මොකද..මට පුලුවන් එයත් එක්කම ෆිටෝන් රූම් එකට රිංගන්න...කාටත් හොරාවට එයා එක්ක එක තත්පරේකට රෝමාන්තික වෙන්න...කාටත් හොරාවට එයාගෙ කම්මුලකට හාදුවක් තියන්න....කොටින්ම මට පුලුවන් මිනිස්සු ගැන වද නොවී.....එයාගෙයි මගෙයි ආදරෙ විතරක් පිරුන ලෝකෙ මොන තරම් රසයිද කියන්න කලබලයක් නැතිවම හරි හිමීට විදින්න....

හැබැයි...එකම වරදයි තියෙන්නෙ...මගෙ අත එයාගෙ අත එක්ක පැටලිලා තියන බව දන්නෙ මමම විතරක් වෙනකොට ....මම හින වෙන්නෙ එයා එක්ක බව දන්නෙ මමම විතරක් වෙනකොට ....මේ ආදර කතාව ඇස් පනාපිට නොදකින මිනිස්සු මාව පිස්සෙක් කියලා හංවඩු ගහාවි....

..ඒත් කාරි නෑ...මං හදාගත්තු ලෝකෙ ඇතුලෙ....එයයි මායි සතුටින් නම්.....

එන්න...

අනූ හෙල්මන්ට් එක....

මෙතනින් තියල යන්...නැත්තන් ඕක ගල්ටික් වෙලා තියේවි...

මං එයාගෙ අත අතාරින්නෙ නැතිවම ඒ අත අල්ලගනම හෙල්මට් එක දීලා ටෝකන් එකක් ඉල්ලන් එහෙම්ම තිලකවර්ධනේට ඇතුල් උනා...

අත් දිග සුදු ශර්ට් එකට කලු කලිසම ඇදපු කොල්ලො විමානයයි...කිරි කොක්කු වගේ ....හැබැයි එකක් තියනවා....සර් මොකක්ද බලන්නෙ..මිස් මොකක්ද බලන්නෙ ගගා වාත වෙන්න එන්නෙ නෑ.....පලවෙනි තට්ටුව කැශියර් පෝලිම...සෙරෙප්පු....ගෑනු අයිටම්....ලමයි බමයි රවට්ටන අඩුම කුඩුම....උඩ එක ගෑනු ඇදුම්....ඊටත් උඩ එක පිරිමි...

ඕෆ් සීසන් කියලා නෑ....මිනිස්සු ඉන්නවා...ආය ගමකට.....මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නත් බෑ...සල්ලි නැත්තන් මුන් ඇදුම් ගන්නෙ කොහොමද ....ජොකෙක් ගන්නත් දැන් දාහක් වත් ඕනා.....මං කියන්නෙ හොද ජොකෙක්....සමහර ජොක්කු තියනවා ඇදුන නූලක් එහෙම විහිලුවට වත් ඇද්දොත් ඉන ඉතුරු වෙන්න ඉතුරු ඔක්කොම ගලවන් වැටෙනවා....

අනූ....

යන්න....ගිහින්....ඔයාට ....ඕනම එකක් බලන්න.....

මොනාද අනූ මං ගන්න ඕනෙ....

ජොකෙක් උනත් කමක් නෑ...මොකද...මගෙ ජොක්කු ඔය ඩිකියට ඔරොත්තු දෙන්නෙ නෑනෙ වස්තු...

අනේ..අනූ....කට පියවපන්.....සවුත්තු කටක් තියෙන්නෙ....සවුත්තුවා...

ඇත්තනෙ වස්තු ....මේ....න්...තරම.....

ඇත්තමයි.....

.හා ..හා....පුපුරන්නෙ නැතුව ගිහින් ඕන එක්ක ගනින්...ඇත්තමයි....ඇත්තමයි ගගා ඉදල ගිහින් අම්මට කියන්න නේ හදන්නෙ....

මං නිම්නයව එලෙව්වා....එලෙව්වා කියන්නෙ මටත් පස්සෙන් යන්න සිද්ද උනා.....මං ඉතින් කීකරි මනුස්සයා වගෙ එයා තෝරන්නෙ මොකක්ද....ලස්සනයි වස්තු කිව්වා...මොකද මට බය හිතුනා මූත් අපේ කමනිලා වගෙ හැට පැයක් ඇවිදලා.....ඇවිදලා අවසානෙදි ඇජුම් ඥෑනෙ රොහාන් ගායි කියලා ....

අනූ...මෙ.....අම්මෙ...එක ගනන්.....එපා...එපා....

 ගනින් බන්...

එපා අනූ....මේකෙ ගනන් බලන්නකො....හාරදාස් පන්සීයක්....

පන්දහට පන්සීයනෙ අඩු .. ..පන්දහක් නෙවෙනෙ .....ගනින් වස්තු....

එපා...එපා...අනේ...ඒක රත්තරන් ද...මෙ...මේක...

.ඒකත් ලස්සනයි.....හැබැයිනේ....

මොකක්ද අනූ...අහක බලන් ඈනුම් ඇර ඇර ලස්සනයි කියන්නෙ....හරියට බලලා කියන්නකො.....ඊටත් ඒක කැත පාටයිනෙ...

කට රිදෙනවා බන්....කැත පාටයි නම් අහන්නෙ....ආ වස්තු....දැන් පැය දෙකක් පහු උනා....උබ තාම ජංගියක් වත් අරන් නෑනෙ....එක්ක ගන්නව....එක තියනවා...වෙන එකක්.ගන්නව....ආයම ඒක තියලා අර කලින්.ගත්තු එකම ගන්නවා....අවසානෙදි කැරකිලා...කැරකිලා කලු ගොඩටම එනවා....නිම්න කලු නම් ගන්න එපා....ආ...

එහෙනම් එකක් තෝරලා දියන්කො.....

මග මැරිලා වගේ ඉන්නෙ....

චුට්ටක් වත් උදව් කරන්නෙ නෑනෙ...

කස කස ඉන්නවා...

උදාරයගෙ නංගිගෙ රචනාව හරි...

.අම්මො...අම්මො.....හෝව්...හොව්.....මං තෝරන්නම්.....අහකට පලයන්....

මං ඉක්මනටම පුපුරන්න ඔන්න මෙන්න තිබ්බ බෝම්බෙ නිශ්ක්‍රිය කරලා දැම්මා...නැත්තන් කනක් ඇහෙන්න නෑ.....

කෝ...මෙහෙ එන්න.....මේකයි....මේකයි...

නිලුයි...සුදුයි....

...ම්න්.....ඔයාට ලස්සනම සුදුපාට.....මේ හිනාවට ගැලපෙන්නෙ සුදු පාට...

එහෙනම් ඇයි නිල් ශර්ට් එකත්.....එකක් ඇති අනූ....අනෙ....හොද දරුවනෙ....

ආසාවෙන් අරන් දෙන එක එපා කියන්න එපා වස්තු.....මට මේ වගෙ දෙයක් ඇරුනම...වෙන මොනවද කරන්න පුලුවන් ...මේක අදින්න...මට බලන්න ඕනෙ.....

ඔයා හරි මුරන්ඩුයි මගෙ අනූ.....

...ම්න්....නිම්න හරි....ඔයාගෙ ආදරේ ගාවදි මං හරි මුරන්ඩුයි....

එනවද.....

.ම්න්.....

ඔහොම ඉන්න.....බොත්‍තම් දාන්න එපා...ඔහොම තියන්න..මේකට අකයි බ්ලූ ඩෙනිමක් ඇන්දා නම්....හරි....

මම උන්නෙ එයා එක්ක ෆිටෝන් රූම් එක ඇතුලෙ.....මමම තෝරපු ඇදුම් වල මමම හැඩ බැලුවා ...මමම අඩු පාඩු හැදුවා ....එයාට තිබුනෙ ඔහේ ඉන්න ....පුංචි හාදුවක් බෙල්ල පාමුල නවතපු මං එයින් එහා එක හාදුවක් වත් නොතියම මං මගෙ නිම්නව හැඩ කෙරුවා ....

එයා සුදු පාටට හරි පින් පාටයි...

මට ලෝබයි.....

ඇස් පිල්ලම් ගහන්න අමතක තරමට මට ලෝබයි....ඒ වගේම අනිත් පැත්තෙන් පුදුමාකාර තරම් වේදනාවයි

අනූ...මං ලස්සනයිද ....

ඇදුම් දෙකම අන්දවලා හැඩ බලපු මන් නිල් පාට ශර්ට් එක ඇදන් උන්න එයා දිහා බලාගම උන්නා....මං මගෙ ඇස් වලින් මතක පිටපත් කෙරුවා....

එයා අහනවා එයා ලස්සන්ද කියලා ....මං ඒ මූන අත ගෑවා....කොන්ඩෙ හැදුවා ....මට කට පන නෑ උඹ හරි ලස්සනයි කියලා කියන්න...මගෙ තොල් ලාවට වෙව්ලනවා....

අනූ....

උඹ...හරි ල..ස්සනයි...මගෙ...රත්තරනෙ...ඇයි....උඹව උදුරගත්තෙ ...මගෙ නිම්න....මට හම්බෙන්නත්....කලින්....ඇයි....රත්තරන් උඹ පර උනේ...

මං මිමිනුවා....එයාව අත ගගා....එයාගෙ අඩුපාඩු හද හද මං මිමිනුවා ....

සුදු පාට ඇන්දම පින් පාටට පෙනුන මගෙ මයුර නිල් පාට ඇන්දම කඩවසම් පෙනුමට උන්නා . එයා හැරි හැරි එයාගෙම හැඩ බලනකොට මං මගෙ ඉස්සරහා ඉන්න මේ දුරුතු හද දිහා බලාගන උන්නා...

නිම්න උඹ තනිකරම හදක් වස්තුව ....

කරුමෙට මං එන්න කලියෙන් අහසින් කඩන් වැටුන.....මන්දා ...මගෙ නිම්න....උඹ නැති දාට මගෙ ලෝකෙම අන්දකාර වෙයි නිම්න.....

වස්තු ...

ම්ම්ම්..

හිනා වෙන්න...

අලුත් ඇදුමෙ සුවදට ඉව අල්ල අල්ල උන්න එයාට මං හිනා වෙන්න කිව්වා...ඒ එක්කම පින්තූරයක් වැදුනා.....

නුඹ සදක් වෙලා පායා.....

මට එලිය වුණු වගයි...

නුඹ සදක් සේම බැස යයි.....

මට ඉතිරි කලුවරයි....

ඔය දෙකම ගම්මු....

එපා...එකක් ඇති...

දෙකම ගන්න....මට ඔයාගෙ සුවද තැවරුන එක ඇදුමකින් ජීවත් වෙන්න බැරි වේවි...පුලුවන් නම් ....හැම ඇදුමෙම සුවද ඉතිරි කරලා යන්න මගෙ නිම්න ....කවදාවත් මැකෙන්නෙ නැති වෙන්න.....මට ඒ සුවද ඉතිරි කරන්න මගෙ නිම්න.....

එයා මා දිහා බලාගන උන්නා.....නිල් වගේම සුදු ශර්ට් එක අතෙ තියන් උන්න එයා ඒ දෙක දිහාව බලලා මගෙ දිහා බැලුවා ...

මාව,මේතරම් හැඩකරන්නෙ...මට හරි හැටි මිනී ඇදුමක් වත් තිබුන් නැති හින්දද මගෙ අනූ.....

නි...ම්න...

.....උඹ ඇවිදින් මට සම්පතක් මගෙ මයුර .....ජීවිතෙ කිසිම තැනකදි...ප්‍රතම ප්‍රේමය වත් වින්ද නැති උඹගෙ කතාවෙ කුලුදුල්ම පිදුම ලිය උනෙ මං වෙනුවෙන්....එහෙව් උඹට....උපනූපන් ...ජාති....ජාතිත්....පින් මගෙ මයුර...

මං වෙනුවෙන් පිදුම ලියාපු උඹට...මං ස්තූතිය ලියන දාට....හරි ආදරනීය ස්තූතියක් ලියන්නම් මගෙ මයුර...

ස්තූතියි ....මට දෙන ආදරේට ....

ස්තූතියි මාව දරා ගත්තට....මගෙ කදුළු වේදනා විතරක් නෙවෙ ....නිම්න කියන මනුස්සයව පිලිකුල් නොකර සමසිතින් ඉහිලුවට....

රත්තරන් .....මගෙ මයුර...උඹට ස්තූතියි මගෙ අනූ.....කදුලු සෝ සුම් වේදනාවන්වලට වඩා.....ආදරය කියන ප්‍රභලම හැගීම කොයි තරම් බරයිද කියන්න මට ඉගැන්නුවට...

මයුර.....උඹ කියන්නෙම නිම්නට හම්බ උන වටිනාම හමු වීම...උඹව ලැබීම....මං ලබාපු ලොකුම භාග්‍යක් මගෙ මයුර.....

උඹ ගැන...මට කවදාවත් නිර්වචන නැති වේවි මගෙ මයුර....

...මයුරනිම්න කියන්නෙ ආදර කතාවකට වඩා පුරාවෘතයක් නේද මගෙ වස්තු...

...කිසිදාක....නොමියෙන....

මං නිම්නගෙ උරහිස් වල එල්ලිලා එයාව තුරුල් කරගත්තා ....හාදු තිබ්බා.....තැනක් නොතැනක් නොබලා මං එයාට හාදු තිබ්බා හාදුවකට එහා ගැඹුරට කිමිදෙන්නෙ නැහැයි කියලා පොරොන්දු දුන්න මං නිම්නගෙ පපුවෙන් සැනසුනා....කෙල් බිදක් වැදුන කලු ලප ඩිංගක් පන ගහනකොට මගෙ පරිනත ප්‍රේමවන්තයව රතු උනා...මං අවසානෙදි කාගෙවත් කිල්ලට අහු නොවෙන්න තිර රෙදි එකට එකතු කරලා එ පපුව වහලා දැම්මා...

ඔය දෙක විතරද ඕනෙ වස්තු ..

අනෙ ඇති...මීට වඩා එපා...කෙලින්ම....වහාම බැහැපන් අනූ පහලට....මේ ඇති....තවත් බලනවා....තවත් බලනවා....

ජොකෙක් එපාද...

එපා...වරෙන් යන්න මං සිවිල් පිට ඉන්නම්.....

හුලන් වදින්නද....

අනූ....හ්!

තවත් මොනවා හරි ඕනද අහපු මාව එයා අත් ගොබෙන් ඇදගන ආපහු පඩි බහින්න ගත්තා....එයා මැරෙන්න හදනව...තව මොකුත් එපා කියනවා....ඒත් මගෙ හිත මට මේ මදි කියනවා...එයා උන්නෙ ඕනාවටත් වඩා සතුටකින් වෙනකොට මං බලාගන ඒ සතුට ඇස් වලිනුත් උතුරනවා....

වස්තු....චුට්ටක් ඉන්න.....

ඇයි අනූ...කෝල් එක කාගෙන්ද.....

 කල්පනයගෙන්...ඇයි දන්නෙ නෑ.....

කල්පනයගෙන් කෝල් එක එනකොට එයයි මමයි උන්නෙ පඩිපෙලේ මැදක හරියෙ වගේම මං කෝල් එක ආන්ස්වර් කෙරුවා .....

හෙලෝ....කල්පනයා...කියපන්...රවිදුගෙ.....

අනූ....ඇයි...අනූ....

.....දෙ...යියනේ....ඇයි...බන්....ඒ....

අනූ....මොකක්ද අනූ...වෙලා තියෙන්නෙ....

මේ එනවා..දැම්ම එනවා.....අරූටත් මං කියාගනම මෙහෙම්ම එනවා ඉදපන්....රවිදුවව බලපන්....

අනූ....ඇයි...අනූ.....

කලපනගෙන් කෝල් එකත් හරි..මගෙ මූනෙ තිබුන සතුටත් හරි....ඒ හැම දේම හොරු අරන් ගියා වගේ උනා....තත්පර ගානකට මාව කරකවලා අතෑරියා වගේ උනා....එහෙන් මගෙ නිම්න බය වෙලා .....

..මයුර....ඇයි...අනූ...රවිදුට මොකද.....

කියන්නකො දරුවො.....ඇයි...රවිදුට මොකද

වස්තු...ව්..වස්තු...ජනත්...අයියා.....උගෙ...අයියා....suicide කරගන...ලු...ජනත්...අයියා...

එල්ලිලාලු...මං යන්න ඕනෙ.....මම...මම ...යන්න ඕනෙ.....

අනූ....අනු...ඔහොම නවතින්න..අනු....

යන්න එපා...ඔහොම නැවතියන්...මයුර....උඹට කරදරයක් ..වේවි....අනූ.....නැවතියන්...

❤උඩ තිබුන ආදරනීය කවිය දුන්න ruu නංගිට.ස්තූතියි ගොඩාක්....

❤දෙවනියට..... 3k followers දුන්න ආදරනීය පාඨක ඔයාලා හැමෝටම ස්තූතියි හදවතිම්ම.....yizhan වෙනුවෙන් අකුරු කරන ආදරෙට..ඒ මහන්සියය දුන්න ආදරේට ස්තූතියි හදවතිම්ම...

ආයම කොටසකින්...හෙට එනකන්...පයිස්සමින් ඉන්ඩෝ....

මම ජොබී....

ආතරෙයි.....

Nedeesha ❤❤❤

More Chapters