මං දන්නෙ නෑ.....මට කෑගහන්නද ....කෑගහලා උඩ පනින්නද....නටන්නද කියලා .....
නිකටට තියාපු හාදුවත් එයා දිව්වෙ තනිකරම මුල් වතාවට කුරුලු කූඩුවෙන් ඉගිලිලා යන කුරුලු පැටියෙක් හා සමානව ...
ඒ තරම් සතුටකින් . .ඒ තරම් නිදහසකින්....
අහස තවම අලුත් උනාට මොකද ....පැටියා පැටියගෙ තටු ගැන විස්වාස කරනවා වගේම මග දුරක් ගියපු එයා...එයාවම විස්වාස කරලා නිම්න මයුරගෙ කියලා කෑ ගහනකොට මම පොද වැස්සෙ තෙමි තෙමි බලන් උන්නා....
මං දන්නෙ නෑ..මේක මට අනුව මෙවෙලෙ දකින්න පුලුවන් සුන්දරම වගේම රෝමාන්තිකම හැගීමක් වෙනකොට මං මගෙ හාදුව වැහි වතුරට හෝදන් යාවි කියන බයට අත තියාගත්තා...මොකද මට ඒ තරමටම ඒ හාදුව වටිනවා.....
නිම්න මයුරගෙ.....
ඒ වචනම මට ඇති....ඒ වචනම මට ඇති දවසක මතක් කර කර හරි අඩන ඇස් වලින්ම හිනා වෙන්න.....
පරිස්සමින් මගෙ වස්තු ...
මාව පහු කරන් යන බස් එක අස්සෙ අවසානම ශීට් එකෙ ජනේලෙ අයිනෙ උන්න එයාට මන් අත වැනුවා...එයාට ඇහුන් නෑ...හැබැයි මන් දන්නවා....එයාට අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති....මං එයාට පරිස්සමින් කියනවා.....
බිම තිබුන හබරල කොලෙ එහෙම්මමයි....දැන් ඉතින් වැහි වතුරට ඕක ඉහිලුවා කියලා තේරුමකුත් නෑ...මොකද දැනටමත් මම තෙමිලා ඉවරයි....ඒත්...මම එයා එක්ක තෙමි නොතෙමී ආව මතක මේ හබරල කොලේ එක්ක තියනවා.....
දවසක...
දවසක...
මාත් මේ හබරල කොලේ වගේ වේවි...අවසානම තත්පරේදි....ඒ අත් වලින් මාව අත අරීවි.....
මට මාවත් අත ඇරේවි...ඒත්.....මතක විතරක් මට ඉතිරි වේවි.....
මම බිම තිබුන හබර කොලෙ ඇහිදගත්තා.....ඇහිදන් ආපහු ඉහල ගත්තා....
කමක් නෑ....මට පුලුවන් උඹට ආදරේ ගැන උගන්නල වත් යවන්න ...
නිම්න...උඹ ඇවිදින් මගෙ හද ගැස්ම වගෙ නිම්න.....මගෙ ඇහැට පේන්නෙ නෑ...ඒත් ...මාව ජීවත් කරවනවා..දවසක...මගෙ ඇස් වලින් උඹ යන්නම යාවි...ඒත්...මං දන්නවා...උඹ මාව ජීවත් කරාවි මගෙ නිම්න...
මං දන්නෙ මෙච්චරයි ...
නිම්න...උඹගෙ මයුර උඹට කොන්දේසි විරහිතවම ආදරෙයි.....
උඹ ඇහුවා.....විසිරුන මල් පෙති ආපහු කවදාවත් එකතු කරන්න බෑ කියලා අහල තියනවද කියලා ....ඒත්...,
උඹ ඇහුවෙ නෑ මගෙ රත්තරන් ...විසිරුන මල් පෙති පරිස්සම් කරපු මනුස්සයෙක් ගැන අහලා තියනවද කියලා.....
උඹ ඇහුවා නම්...උඹට මේ ලෝකෙ අහන්න පුලුවන් හිත නිවනම උත්තර්‍ර් අහන්න තිබුනා මගෙ නිම්න....
උඹ කිව්වා උඹ දැනටමත් බිදුනු බිලින්දෙක් කියලා ..ඒත් උඹ දන්නෙ නෑ වස්තු.... උඹගෙ මයුරට ජප්පන්ටත් වඩා හොදට කින්ට්සුගී කලාව පුලුවන් කියලා .....මට පුලුවන් බිදුනු උඹව ආයම එකට එකතු කරන්න...වේදනාත්මක පිපිරුම් පාරවල් වලට රන් ආලේප කරන්න විතරක් නෙවෙ...ආදරේ සුවද බෙදන මල් වලට පිපෙන්න ඉඩදෙන්න පුලුන් මගෙ නිම්න....
මට කියන්න පුලුවන් මෙච්චරයි ....
මට උඹට දෙන්න පුලුවන් එකම පොරොන්දුවත් මෙච්චරයි ....
උඹ ඇහුවෙ මගෙන් කවදාවත් දාල යන්නෙ නෑ නේද කියලා ....ඉතින්...උඹ මෙතන නැති උනත්...අහගනින් මගෙ නිම්න.....
මං උඹට දුන්නෙ මගෙ ලග තිබුන හැම සන්තකේම වෙනකොට ...ඉතින්...තව හිතකට දෙන්න කොහෙන්ද වස්තු තව ආදරෙක අංශුමාත්‍රයක් වත්.....??
මං උඹට හරි ආදරෙයි මගෙ නිම්න....
මං උඹට හරි ආදරෙයි....!
මගෙ මූනට හිනාවක් ඇදුනා....වැස්සෙන් ප්‍රවේසන් වෙන්න නෙවෙ...මට ඕනෙ මගෙ නිම්නගෙ හාදුව ප්‍රවේසම් කරගන්න වෙනකොට හබරල කොලෙ ඉහලවගත්තු මං එයත් එක්ක ආපු පාරෙම ආයමත් තනියෙන් යනගමන් උන්නා....
හැබැයි ...නිකම්ම නෙවෙ...නිම්නගෙ සදාකාලික ප්‍රේමවන්තයා විදිහට!!!

තව ඉඩක් නෑ හිතේ....
නුඹට දුන්නා තරම්....!

මයුරයා....
ආ..ආ.....ගොයියා හබරලේකුත් උස්සන් එන අපූරුව බලකො...අපි මෙහෙ වේලෙන්ඩ මුන් මෙහෙ පෙම් කෙලින්ඩ.....අපෙ ඉහට උඩින් තමයි නියන් කාක්කෙක්වත් පියාඹන්නෙ නැත්තෙ...මං හිතන්නෙ අරකි බූට් තිබ්බා මදිවට මට පොලුත් ගහනවද කොහෙද ග්‍රහයො නීච වෙලා මාව පච වෙලා යන්න....කොහෙද ...යාලුවො කියලා අපතයො ජාතියක් ඉන්නවා...නිකන් වත් එකෙක් හොයලා දෙන්නෙ නෑනෙ....තනිකඩයි කියලා උඹලා නොදන්නවා නෙවෙනෙ...
මොකද උනේ මයුර.....
මම උන්නෙ ඉස්කෝලේ ගේට් එක ගාව....මහ වැහි වස්සවපු අහසම දැන් හිමි හිමීට ඉකි බිදින්න ගත්තා...දැනෙන නොදැනෙන ගානට පොද වැස්ස වැටුනට මොකද වැහි මන්දාරම එහෙම්මයි.....මං එනවා දැකපු රවිදුවා වෙන සිහියක ඉදන් මයුරයා ගෑවට මොකද කල්පනයා උගෙ තනි කම ගැන කියවන්න ගත්තා..හැබැයි ඌ ඒක කිව්වේ මටවත් රවිදුවටවත් නෙවෙ....කෙලින්ම උදාරයට ඇහෙන්න...ඌ දිහාව බලාගන....එහෙනම් ඉතින් හෙට අනිද්දා පහු උනහම අපිට ආපහු ප්‍රේම දඩයම් ටිකක් බලාගන්න පුලුවන් වේවි....
මම කල්පනයගෙ ඈඩියාව අහන් ඉදලා උදාර දිහාව බැලුවා...ඌ අහනව මොකද උනේ කියලා ....
මොනවා වෙන්නද...වෙන්න පුලුවන් හොදම එක උනා කියන්නෙ නැතුව....
මචන්....
යෝ...කියපියකො.....උඹත් නිකන් ස්වප්නා එකේ සුරාජ් රාටි වගේ...දෙයක් කියන්න ගත්තම දීන්...දීන්...තනන...නන...දූම්...දූම්...තනනන..ඩින්ක...ඩින්ක...තක තක ගගා මූනු තුනම දිහා බලනවා..වැහි පිට වැහි වතුර කාගන අපි උඹ එනකන් මේ බලන් ඉදන් කරන්නෙ උඹගෙ පව් ගෙවන එක...කියපන් ඕක ඉක්මනට....
මචන් නිම්න...මට කැමතීයි කිව්වා...
නෑ.....
ම්න්....ඇත්ත.....එයා...මට කැමතියි කිව්වා.....
යෝ.....චූචි බුංජියා...
පාර්ටි...පාර්ටි....යා.....!!!
පටියක් වත් දීපිය....මෙ වැහි නාගන පව් ගෙවනවට....කියපන් කල්පනයා....ඉල්ලපන් උදාරයා පාටියක්.....
කොල්ලට හරි ....ගියා...අපෙ එකාට හරි ගියා ..උදාරයා....අනේ...මටත් ඔහොම්ම හරි යනවා නම්......නුඹ ලැබුනා නම්...නෑ..මේ...ලෙඩ දුක්..කසාය නොව...මම...අද බොන්නෙ..සරුවත්...හුත්තො...සරුවත්...
අනේ...උදාර.....කල්පනයටත් හරි සතුටුයි යකො......චූචි බුංජියා.....මොනා උනත් උඹ...හරි වාසනාවන්තයි කොල්ලා....අපෙ එකා ආය....බොක්ක සිරා කොල්ලෙක්....බුංජියෝ.....!!!
බෙල්ල ....බෙල්ල යකො.....බෙල්ල...බෙල්ල තියපියව්....රවිදුවා...බැහු...මගෙ බෙල්ල කැඩෙයි....
පාටි දීපිය....මේ වේලෙන වේලිල්ලට....මට අක්කො බබා පස්සෙ යන්න තිබ්බ වෙලාව මේ උඹට කැප කෙරුවෙ....
හ්ම්...හ්ම්.....අපි දිහාවත් දෙයියො බලනවා නම්...අපිත් සතුටුයි දෙයියනේ.......තනිකඩ කොල්ලටත් විදපන්....මල්සරා...දැන් නම් කොල්ලෙක් උනත් කමක් නෑ..වට බඩුවක් නොවි...නේද උදාර....
ම්ම්ම්ම්.....
මට හින යන්න ආවා...අරූ වටින් ගොඩින් උදාරයට අල්ලන ලයින දැක දැක උදාරයත් නොතේරෙන ගානට ඉන්නව දැක දැක මට හිනා යන්න ආවා....මොනා උනත් උන්ට සතුටුයි...
මගෙ බෙල්ලෙ එල්ලුන උන් තුන් දෙනා මාව බාගෙට මර මර මගෙන් පාටි ඉල්ලනවා.....එහෙන් කලප්නයා කියනව මගෙ නිම්න වාසනවන්තයි කියලා ....ඌ ඒක කිව්වෙ හොද හිතින් උනත්....ඒ වචන ඇවිදින් මගෙ හිත හෙලෙව්වා....
කල්පන....
කියපන්....මොකද කේස් එක...ආය කව්ද උඹෙන් ගේම ඉල්ලුවෙ...ඔය ඉන්න එකෙට එන්ඩ කියපිය මයුරයා..මේ පාර ගහන් නෑ...වම් ඇටෙ ගලවගත්තා ගිහින් අයිඵෝන් එක අරගන ආවා..කියපන්..ඇයි...මොකො...වට් කේස්..ගේමද.....කිය කිය.....
මං හිනා උනා...මං තවම ඌට කිව්වෙ එක වචනයයි....හැබැයි මට උගෙන් වචන දාහක් විතර ආපිට හම්බ උනා....
උඹ ඔය කියන තරමටම....මගෙ නිම්න වාසනාවන්තද බන්.....???
ඒ...ඒ..මයුරයා...මේ අහපන්...මේ අහපන්....
මං....දන්නවා.....මං ඇහුවෙ උඹලට උත්තර නැති ප්‍රශ්නයක්....ඒත්....උඹලට පුලුවන් නම්...අපි දෙන්නට වාසනාව ප්‍රාර්තනා කරපල්ලා...මං ඉල්ලන්නෙ එච්චරයි කල්පන....
උදාර ...අපි හතර දෙනාම හැදුනෙ එකට...
රවිදුවා...උඹ දන්නවා...මේක මගෙ පලවෙනිම....ආදරේ....
ඒ...වගේම...මගෙ..ජීවිතේ....අවසානම....ආදරය...මට...උඹලට වගෙ...අනාගතෙ මේ මේ විදිහට ජීවත් වෙනවා කියලා හීන මවන්න අයිතියක් නෑ බන්....දවසක් ඒවි.....උඹලා...හැමෝම....උඹලට අයිති උන් එක්ක කූඩු වේවි....ෆුල් සූට් අදින උන්...එහෙමයි...නිලමෙට අදින උන් එහෙමයි.....
හැබැයි...අමතක කරන්ඩ එපා බන්..මේ මයුරයටත් කාඩ් එකක් දීලා යමල්ලා.....මට ඔය පෝරු නැගිලි වත්...අත්පැන්.....වත්.....මගුල් කෑම මොකුත් කැප නෑ බන්....
මට ..ඕන....මෙච්චරයි ...ගෙවන..අද දවස...සතුටින් ඉන්ඩ....උඹලා..ඔය කියන තරම්...මගෙ නිමන....වාසනාවන්තයි...නම්.....මට...
ඕනෙ....මෙච්චරයි ...උඹලට පුලුවන් ....මටත්.....වාසනාව....ප්‍රාර්තනා ...කරන්න....ඒ ඇති....කල්පනයා...
.යෝ...මෙහෙ වර...මෙහෙ වර තෝව ටිකක් බදාගන්න.....මගෙ එකා...අපි ඉන්නවනෙ........
කියපල්ලකො අඩෙ පිට්ටු ගිලලා වගේ ඉන්නෙ....මුන්ට අපි ඉන්නවනේ.....අනික...චූචි බුංජියා අඔඉ හැමෝගෙමනෙ....මං කියන්නෙ..උඹගෙ උනාට...අපිත් ආසයිනෙ ඌත් සතුටින් ඉන්නවා දකින්ඩ...අනික...උඹ අපිට ශුවර් එකා බන්.....අනම් මනම් වානා..සජිත් තමයි ඕනා වගේ...උඹ ඌට බොක්කෙ ලව් කියන්න අපි නොදන්නවා නෙවෙ මයුරයා...ඒකනෙ.අපි මේ හාල් වෙවි ඉන්නෙ...
...උඹට අපි ඉන්නවා මයුර...දන්නවා..අවසානෙ දුකක් වෙයි කියලා ...අඩන්න ඕන තරම් අඩපන්.....උඹව බදාගන්න අපි ඉන්නවා...
ඕන රෑක...කෝල් එකක් ගහපන්.....උඹ කිව්වොත්....මචන්..උදාරයා..මට දුකයි....මට අඩන්න ඕනා...කියලා ...කියපන්...අපි උඹ වෙනුවෙන් අහන් ඉන්නවා....
ගහන්ඩ ඕනා නම්....ඒකටත් අපි එන එකේ...උඹට අපි තනි වෙන්ඩ දෙන්නෙ නෑ මයුරයා...නේ රවිදුවා කොට එකා තමයි...හැබැයි හිත හොද එකා....පන ඉල්ලපන්..පන උනත් දෙනවා ඈ....ආය මෙව්වා...බීලා ඉන්නකොට කියන ළපටි කතා නෙවෙ.....උඹලා හැදුනෙ අපේ අත්වල හුත්තො.....ආය.....බුංජියා මොකද...උඹ මොකද...
මට දුක හිතුනා...උන් තුන් දෙනාම මගෙ ඇගේ එල්ලීගන මගෙ හිත හදනකොට මට දුක හිතුනා...මොනවා උනත් අවසානෙදි මගෙ කදුලු පිහන්න විතරක් නෙවෙ..පන ඉල්ලුවොත් පන උනත් දෙන්න මට හොද යාලුවො ටිකක් ඉන්න එකට මට අවංකවම සැනසීමක් දැනුනා.....
මයුරයා.....
ම්ම්ම්...
මං උන්නෙ අපි හතර දෙනාගෙම ඵෝන් එකෙ කැලැන්ඩර් එක මාරු කරන ගමන්.....
උඹට සෙනසුරාදා වැඩක්ද ...
නෑ...ඇයි...අප්පච්චිගෙ කඩේට යන එක විතරයි.....ඇයි....
ම්ම්ම්...ම්ම්ම්ම්...නෑ...
ඇයි ඇයි...ඇයි කියපන් මොකද කේස් එක.....
නිකන්...නිකන් පකො...නිකන්.....
මට හොරාවට කුටුකුටු ගාපු උන් තුන්දෙනාගෙන් උදාරයා මගෙන් ඇහුව සෙනසුරාදා මොකක් හරි වැඩක් තියනවද කියලා ..ඒ පාර මොන කොන්තරත් එකකටද මන්දා....
මේ බන්....
ඇයි යකො.ඇයි....තොපිට අද ගෙදර යන්න ඕනෙ නැද්ද....රවිදුවා...කෝ බොල මේකෙ සෙටින්ස්.....
ආ...මං ආසාවට ලැන්වේජ් මාරු කෙරුවා බන්...මටත් හොයාගන්න බෑනෙ.....
ඔය දාගන හැමිනිලා තියෙන්නෙ...
අරුන් දෙන්නගෙම ඵෝන් දෙකෙ වෙලාව දවස හදපු මට රවිදුවගෙ ඵෝන් එක ගත්තු ගමන් මඥ්ඥන් වෙලා ගියා...ඒක සැම්සුන් වත් ....ඇපල් වත්...රෙඩිමි වත්....වාවෙ වත්...නොකියා වත් මේ මොකුත් නෙවෙ...සුනාමි සහනාධාරෙට හම්බුන ඵොන් එකක් වගේ ජාතියෙ නම ලාවා.....මට එ මගුලෙ මෙලෝපන් දෙයක් බැරි වෙනකොට ලැන්වේජ් මාරු කරන් උන්න රවිදුවගෙ මූන කූඥ්ඥෙ වෙනුවට වල්ගෙ අහු කරගත්තු වදුරා වෙලා තිබුනා අරුන් දෙන්නා ආයම කුටු කුටු ගාන්න ගත්තා.....මුන්දෙන්නා බදින්නවත් දෝ.....
ආ මයුරයා.....
ම්ම්ම්....
උඹගෙ ලොකු බුංජියා ..උඹට වඩා උසයි නේද ...
ම්න්..මහ උසක් නෑ අඩෙ..අගලක් දෙකක්...ඇයි දැන් උඹලට මගෙ එකාගෙ උස....
නිකන්..නිකන්.....කමක් නෑ..ඕන ගහක් කපන්නෙ බිම දාලනෙ...නේ උදාර
මම්ම්ම්ම්ම්....
..ඉවරද....උඹලගෙ කෙදිරිලි...යන්ද ....රවිදුවා ගන් මේක ආය නම් දන්නෙ නැති ලබ්බවල් වලට අනින්ඩ යන්ඩ එපා.....වරෙල්ලා යන්න...

සුළන් කුරුල්ලො....
හෙමින් ඉගිල්ලි....
මල් සුවදකි...අරගන...එන්නෙ...
ආදර උයනෙ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නෙ....
සිහින පොතෙ පිටුවක් පෙරලී අද
මොනවද...එහි ලියවී....ඇත්තෙ...
"ආදරේ..."
"ආදරෙ....."
අනූ...
....ම්ම්ම්...කියනන් වස්තු...
මගෙ අනූ අද වෙනදට වඩා...සතුටින්...ඇයි කියන්න පුලුවන්ද ...?
මං උන්නෙ ආයම වර්තමානෙ....මගෙ කාමරෙ...මගෙ ඇද උඩ....ඇද වියනට හේත්තු වීගන....මගෙ මතක අස්සෙ දුවන්නෙ නිම්න විතරක් ම වෙනකොට ආව වෙලේ ඉදම්ම ගිටාර් එක බදාගන ආදර සින්දු මුමුන මුනුන උන්න අගෙ මූනෙ තිබුන භාව ප්‍රකාශන අදුනගත්තු මගෙ පරිනත නිම්න මං ඉන්නෙ සතුටින් කිව්වා....
වස්තු ...
මාව මොකක්ද වෙලා ගියා...එයා උන්නෙ මගෙ ලගම.....මගෙ උරහිසට ඔලුව තියාගන.....සුලන් කුරුල්ලා එක්ක තාලෙ අල්ල අල්ල උන්නා මිසක්....පොඩි නිම්නගෙ ලෝකෙ පාවි පාවි උන්නා මිසක්...මට මගෙ නිම්නගෙන් මගෙ වස්තුට කොහොමද අහන්නවත් බැරි උනා.....
අනූ...මං මෙතනින් ඔලුව තියාගන්නද....?...
වස්තු...
මට හිතාගන්න බැරි උනා මං මොනවද එයාට කියන්න ඕනෙ කියලා .....එයා මගෙ උකුලට තට්ටුවක් දාලා මෙතනින් ඔලුව තියාගන්නද ඇහුවා....ඇයි මට බැරි උනෙ වස්තු ඔයා මං එනකන් බලන් උන්නද කියලා වත් අහන්න...
ඇයි මට එයා නිසාම එයාවමමග ඇරුනෙ දෙයියනේ...
එයා මගෙන් උත්තරයක් නැතිවම මගෙ උකුලට ඔලුව තියා ගත්තා ....

වෙන වෙලාවක නම් මම එයාගෙ ඔලුව අත ගාන්න ගියා ..එයාව රතු වෙනකම්ම හාදු තියන්න ගියා...ඒත්..අද...
අවංකවම මට මගෙ නිම්නට මූන දෙන්න බැරි උනා...
එයාගෙම අතීත රූපෙ මගෙ නිකටට තියාපු හාදුවෙ උනුසුම තවමත් මාව එ ආදරේට තදින්ම ඇද බැද ගන්නකොට මේ නිම්නව මට මගෑරුනා කියන දරන්න අමාරුම චෝදනාවෙ නඩුව මගෙ හෘද සාක්ශිය අහන්න ගන්නකොට චූදිතයා උන මට යන එනමන් නැති උනා ....
අනූ...
එයා මට කතා කරනවා..ඒත් මම එයාගෙන් මූන හැංගුවා....නිම්න බලන් ඉන්නවා..මමම ඒ පොරොන්දු අවසානෙදි බිදල දැම්මා....
ඊරිසියා කාරකම් කරනකොට ලගට අරගන හුරතල් කර කර ආදරෙන් දෙන්නම එක්කෙනෙක් වස්තු ගගා ආදරෙන් තේරුම් කරාපු මටම මේ හැගීම් තෙරුම් ගන්න බැරිවෙනකොට අනෙ මං පරිනත නිම්නගෙන් මගෙ මූන හැංගුවා...
අනෙ මගෙ වස්තු.....මම පඹ ගාලක පැටලිලා....
අනූ....ඇයි අනූ.....ඇයි මගෙන් මූන හංගන්නෙ....
ඔයාට මං මෙහෙම ඉන්න එක කරදරයක්ද ....?
නැත්තන් ..මං ඇවිදින් ඔයාගෙ නිදහස නැති කෙරුවද.....ඒත් නැති නම්...මගෙ අනූට මහන්සිද.....??

මගෙ උකුලෙ උන්න එයා එකපාරම නැගිට්ටා .....අනෙ එයා මං ගැන වද වෙනවා ....මහන්සිද අහනවා....
මයුර...
න්..නිමන...මට සමාවෙන්න ....මං...ඔයාට වංචාවක් කෙරුවා ....මමම....දීපු පොරොන්දු ....අනෙ වස්තු මමම බින්දා....මගෙ නිම්න....දාලා යන්න එපා...මන්...මන්...නවත්තන්නම්...මං එයාට කියන්නම්....මං එයාගෙන්....සමාවත් ඉල්ලන්නම්...මේක නවත්තමු කියන්න එපා රත්තරන් ....අනෙ මගෙ අතින්....නිම්න...මට පිස්සු හැදෙන්න එනවා....මාව පිස්සෙක් වෙන්න....එනවා....නිම්...න....
මං මගෙ කොන්ඩෙන් ඇදගත්තා ....මේ නිම්න ඉස්සරහා ඒ නිම්නව අතාරින්නම් කිව්වත්....එයා ඇහැව්වා මන් එයාව අතාරින්නෙ නෑනේද කියලා .....එයා ඇහැව්වා එයාව අඩවන්නෙ නෑනේද කියලා ...මෙතනදි....මේ නිම්න....
මට පිස්සු හැදෙන්න එන්නෙ.....
අනූ.....
දාලා යනවා කියන්න එපා....වස්තු.....මගෙ අතින්....වැරද්දක් උනා...නවත්තමු කියන්න හදන්න එපා....වස්තු....මං...වැරදි හදා...ගන්නම්....නිම්න...අනෙ බන්...
මගෙ අනූ අඩනවා...
අනූ....කෝ....මේ බලන්න....
මම අඩනවා නෙවෙ දෙයියනෙ මට ඇඩෙනවා...මං එයාට කිව්වා...මන් එයාට කිව්වා...එයාට විතරයි මං ආදරේ කරන්නෙ කියලා ....මං මේ මොකක්ද කරගත්තෙ දෙයියනෙ....ඇයි මට බැරි උනෙ...ඇයි...මට බැරි උනේ...
මට ඇඩුනා...හාදුවක් දුන්න තැන අර දැනුන ආත්මීය සතුට මෙතනදි මැරිලා ගියා ...නිම්නගෙ ඇස් ගාව.....මට මාවම නැති උනා වගෙ දැනුනා....
අනූ...කැමති නැද්ද ටිකක් තුරුල් වෙන්න....අනූට විතරක් නෙවෙයි ...අනූගෙ වස්තුටත් පුලුවන් තුරුලු කරගන්න.....
ම්..මාව....දාලා නම් යන්න එපා.....වස්තු.....අනෙ.....
මං කොහොමද ලමයො ඔයාව දාලා යන්නෙ ...මතක නැද්ද මං විවාහකයි කියලා ලිව්වා....බැදීම් තියෙද්දි කොහොමද දාලා යන්නෙ....ඇරත්....මගෙ අනූ වැරද්දක් කෙරුවෙ නෑ....
වස්තූ...
මං ඇස්වල කදුලු පුරවන් එයා දිහා බලන් උන්නා...එයා මගෙ කදුලු පිහනව....ඔලුව අතගානවා...අඩන්න එපා කිය කිය මාව සනසවන ගමං මාව තුරුලු කරගත්තා.....
අනූ...දවසක්....ඔයාමනෙ කිව්වෙ.....මේක.....මාත් එක්කම බැදුන තුන්කොන් ප්‍රේමයක් කියලා ...ඉතින් ඇයි මං තරහා ගන්නෙ මට අනූව දැනෙනවා...වෙනදට වඩා...අද ඇස් වලින් සතුටක් පේනකොට මට අනූව දැනෙනවා....මං දන්නවා...අනූට අද ආදරෙයි කියන්න ඇති.....
මං ඇයි තරහා ගන්නෙ ...
ඒත්..මට...රිදෙනවා වස්තු.....මං ...
ශ්ශ්....අහන්නකො...අනුම නේද කිව්වෙ....ආදරේ අසීමාන්තිකයි කියලා ...දන්නවද...මං උඹ නිසා ආදරෙ විදිනවා මගෙ අනූ.. තුරුල් වෙලා නිදාගන්න එක...පුංචි පුංචි හාදු වැහිවලට තෙමෙන එක.... කොයි තරම් රෝමාන්තිකද කියන්න.....මං පහු වෙලා හරි උඹ නිසා විදිනව මගෙ අනූ....
ඒත්....මගෙ අතීතෙ ඇතුලෙදි...මං ආදරයක් ....අනුකම්පාවක්.....අවධානයක් කරුනාවක්...මේ කිසිම දෙයක්....නොලැබුන කෙනෙක් අනූ.....
ඉතින්...උඹ මට ආදරෙයි කියනකොට ...මමත් ආපිට ආදරෙයි කිව්වා....
ඇයි දුක් වෙන්නෙ...මේක වංචාවක් නෙවෙ...මේක....නිම්න එක්කම බැදුන තුන්කොන් ප්‍රේමයක් නෙමගෙ අනු....
උඹ හරි පිරිසිදු මනුස්සයෙක් මගෙ මයුර
උඹ ආදරෙ කරන්න පටන් ගන්නකොටම මට කිව්වා.....ආදරේ අසීමාන්තිකයි ....ඒ වගේම ආදරේ හරි ගැඹුරුයි ...ඒත්...කවදාවත් ...හාදුවකින් පිට මං උඹව විදීමක් වත්....රිදවිමක් වත් කර්න්නෙ නෑ කියලා ....එච්චර පරිස්සම් කරන ආදරයක් දාලා යන්නෙ කව්ද මගෙ අනූ...නාඩා ඉන්න...අයියා ආදරෙයි නෙ....
විහිලුවට ගන්න එපා වස්තු....ආස නෑ අයියා මල්ලි කියනවට....ඔයා මට සමාව දෙනවද....
... වැරද්දක් නොකර මං කාටද සමාව දෙන්න ඕනෙ....මට ඔයා ඉන්නවා....ඒ වගේම.....එතන ඉන්න මටත් ආදරෙ ඕනා....ඉතින්..මං ඔයාව බෙදාගන්නෙ...මා එක්කමනෙ...මං මගෙ ඊරිසියා කාර හිත හදාගත්තා ....
මගෙ පිස්සු කොල්ලා...ආදරෙයි වස්තු.....දවසක් ඇහුවා නේද.....විසිරුන මල් පෙති දෝතටන් ගන්න බෑ කියලා අහල තියනවද කියලා
හ්ම්ම්ම්..
. ඇයි වස්තු..එදාම නෑහුවෙ.....විසිරුණු මල් පෙති පරිස්සම් කරපු මනුස්සයෙක් ගැන අහල තියනවද කියලා .....උඹ විසිරුනත්...බිදුනත් කාරි නෑ මගෙ නිම්න....මං උඹව පරිස්සම් කරන්නම්..ආදරේ කරන්නම්...දාලා යන්න එපා...
මගෙ අනූ...පිස්සු කොල්ලෙක් ....
..කාගෙද ඉතින්....මේ නාකි හොලමනෙගෙ නේන්නම්.....කොහෙද ...ඔය මාරු වෙන්නෙ....අනේ වස්තු...සනීපයි...තුරුල් කරන් ඉදපන්කො චුට්ටකට...හැමදාම මට තුරුල් වෙලාම නිදිය නිදිය ඉදපන්...මාව පොඩ්ඩක් හුරතල් කරන්න බෑ උඹට...
මං හිනා උනා...එහෙම්ම එයාගෙ නිකටටත් හදුවක් තිබ්බා....මෙච්චර කල්ම මම කෙරුවෙ එයාගෙ හිතට පැලැස්තර අලවපු එක වෙනකොට මගෙ නිම්න අද මගෙ හිතට පැලැස්තර අලවලා මාව තුරුල් කරගන්න කොට මං එයාට හරි ආදරෙන් තුරුල් උනා...මං ඒ සුවදට ලෝබ උනා...ඒ උනුහුමත් එක්ක මං අසීමාන්තිකව ආදරෙන් බැදුනා...
මං ජීවිතෙ ප්‍රාර්තනා කරන්නෙ එක දෙයයි..... අනේ ..ඒ දවස එපා එන්න .
....
වස්තු....
...ඊහ්....ක්..කොහෙද ඔය අල්ලන්නෙ...
...ආ....ඉතින්....චුට්ටක් ඇල්ලුවම මොකද ....
අනෙ ඔය අත අහකට ගනින්කො අනූ...උඹ හරි වේසයි මල්ලි...
ආ...ආ...මිනිහට කතා කරන ලස්සන .අනෙ අයියෙ උඹ කල්පනයව ආශ්‍රෙ නොකර ඉදපන්...කුනුහර්ප පුරුදු වෙලා.....අනික සිගාලෝවාදෙ තියනවා ස්වාමිපුරුෂයව තෘප්තිමත් කරන්න කියලා
ඒකෙ කියලා නෑ කුක්කු අල්ලන්න කියලා ...අත ගනින්කො අනූ....නිම්නගෙ බඩ රිදීගන එන්නෙ...
මට ඉතින් ස්පර්ශ කරන්න විතරනෙ පුලුවන් .....ඔන්න ඔහෙ බඩ රිදුනට කමක් නෑ...ඉවසන් ඉදපන්....මං මැරෙන්නෙත් වර්ජින් පිට එකෙ පොඩි සහනයක්වත් දීපන්කො....මං තාම අත විතරයි තිබ්බෙ.....කට තිබ්බෙත් නෑ.....අනික අපි කසාද බැදපු මිනිස්සු වස්තු.....එහෙම බැලුවම උන් මීට වඩා වේස වෙනවනෙ.....කොයි වෙලාවෙත් කැක්කුම....ඇත්තටම ඇයි වස්තු ඔයා කොයිවෙලෙත් කැක්කුම් අමාරුකම් කියන්නෙ...
චිහ්....මහ සවුත්තු කටක්....ඒකට කියන්නෙ සෘංගාරය කියලා ආදරෙයි රාගෙයි දෙකම එකට එකතු උනහම මිනිස්සු විදින්නෙ සෘංගාර රසය මයුර...
අපරාදෙ නේ වස්තු මං කට වරද්දව ගත්තා .....මං වැඩි හොද තැන ගන්න ගියානෙ....පේනවනෙ මගෙ නිම්නයගෙ සයිස් එක...මේ...න්...සයිස් එක...
අනෙ..අනු අහකට පලයන් ....අනෙ යමන්කො අනූ.....උඹ මාව ලෙඩ කරවනවා...
සමාවෙන්න .....මං චුට්ටක් පිට පැන්නා නේද ....මං කොල්ලෙක් වස්තු.....උඹත් කොල්ලෙක්....විදිනවා නම්....නිදහස අනන්තයි...
මං ආදරෙයි නිම්නට.....මට ඔයාව ලෙඩ කරවා නම්...ලෙඩ කරන්න ඕනෙ ආදරෙන් විතරයි වස්තු.... ඉන් එහා මොකුත් මං බලාපොරොත්තු වෙන්නෙ නෑ...සමාවෙන්න ....ආය කරන් නෑ.....
මන් උන්නෙ තවමත් මගෙ පරිනත නිම්නට තුරුලු වෙලා...ඒ මදිවට මවෙ අසමජ්ජාති අතක් නිම්නට යට බඩේ අමාරුවක් හදවන තැනට අසන්වර වෙලා තියන කොට ....මලගිය තනපුඩු වලට මගෙ ඇගිලි හුස්ම කවලා තිබුනා....සමහර තැන්වලදි මගෙ හැගීම් උපරිමයි. .විදින්න පුලුවන් කම ඕනාවටත් වඩා වැඩියි....ඒත්.....මට හිත හදාගන්න බැරි උනා.....හැගීම් නම් මොනවද ...මට බැරි කමක් නැතිද තනියෙන්ම මාව සනසවගන්න...මට හැගීම් වලට වඩා...මගෙ බැදීම් උතුම් වෙනකන් මම අකීකරු කම් කරපු අත එලියට අරගන එයාගෙ බෙල්ලට හාදුවක් තියලා එයාගෙන් සමාව ඉල්ලනවා එක්කම මගෙ නිම්නගෙ ඇස් වෙනස් උනා....
අනූ.....මට...මලගිය ප්‍රානකාරයෙක් විදිහට සලකන එක නවත්තනවද ....
නෑ...මේකට කියන්නෙ පරිස්සම කියලා ...උඹ මට මා එක්කම හුස්ම ගන්න මනුස්සයෙක් මගෙ නිම්න ...පිලිකුලක් බයක් නෙවෙ...
දන්නවා....මගෙ අනූට ඕනෙ ආදරෙ කරන්න ..නිකන් නෙවෙ...පෙරහන් කඩදාසියක් තියලා අදරේ කරන්න....
මිනිහා ගැන ඔච්චර දුක නම්...ඉතින් .....සහනාධාරයක් දුන්නත් කමක් නෑ.....
යෝ..අනූ....ම්හුක්....
ඒපාර මොකද...ම්හුක්..හුකුක් ගාන්නෙ.....
ඔන්න ...ඔන්න පටන් ගත්තා...ඇස් කරකවන්න.....
.... ම්හුක්....බඩ රිදෙන්න එන්නෙ...ඇයි අනූ.....
. දොන්තයව වැහීගන නේද එනෙ.....වල් වැදීගන එන්න පටන් ගත්තා විතරයි..ආත්ම මාරු උනානෙ ....යෝ...වස්තු...මිනිහා පව්නෙ.....
ම්හුක්....ඇයි අනූ...නිම්නගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ.....
පටන් ගත්තා...ඔන්න පටන් ගත්තා කැක්කුම් අල්ලන්න...දැන් ඉතින්.....සහනාධාර වාශ්ප වෙන්න යන්නෙ.....වරෙන්...වරෙන් එහෙනම් තුරුල් කරගන්න...ඔය නහයෙන් අඩන්නෙ තුරුල් කරගන්න කියලනෙ. .. ..අවදානෙ...අවදානෙ ඉල්ලන්නෙ.....අවදානෙ.....
එයා හිනා උනා...අසමජ්ජාති අත ආයමත් ටී ශර්ට් එක අස්සෙන් උඩුගම්බලා පීනන් ගිහින් නවතින්න ඕනම තැන නවතිනවා එක්කම මගෙ නිම්නයට කැක්කුම් ගහන්න ගත්තා ...ඉතින් මට සිද්ද උනා පරිනත මයුර වෙලා හුරතල් වෙන්න අවදානෙ ඉල්ලන මගෙ චූචි බුංජියව හුරතල් කරන්න.....
අනූ...
ම්ම්ම්...
කව්ද ඔය....
මොනවද .....
ඔය..මැසේජ් එවන්නෙ....
මගෙ එක්ස් එක වස්තු බබෙක් හම්බ වෙන්න උන්නා.. ...ඒකිට බබා හම්බෙලා...බබාගෙ මූන මගෙ වගේ කියලා එවලා .....බලන්න ඉතින් නේ....එහෙම උනහම මං ඒ ලමයගෙ බාප්පද වෙන්නෙ වස්තු.....
කපටි නිම්නයා උන්නෙ මගෙ අත උඩ.....මගෙ සර්වාංගෙන් බාගයම ඒ අඩු බඩු වලින් යට කරගන... උදාරයටයි කල්පනයටයි මොන යක්කු වැහිලද මන්දා සැරින් සැරේම මගෙ සර්වාංගෙ එක එක ප්‍රදේශවල සයිස් එක අහ අහ එවනකොට මගෙ ඇගේ උන්න චුචි බුන්ජියත් බෙල්ල දදා ඕපෙ හොයනවත් එක්කම මං ඒකව අවුස්සන්න හිතාගන බොරුවක් අතෑරියා විතරයි මිනිහා මීක් නැති උනා...මීක් නැති උනා කියන්නෙ මගෙ ඇගෙන් බැහැලා බිත්තිය ගාවට රෝල් උනා...මුනත් වහ ගත්තා...
ම්හුක්....රවටනවා...හරි සවුත්තුයි....
මං ඕක නම්...අපෙ අම්මට කියනවා.....
අරකා කියවනවා ....මාව අම්මට කියනවලු...දන්නෙ එච්චරයි ....අම්මට කියන්න තමයි දන්නෙ....ඒ චුට්ටකින් ආයම මැසේජ් එකක් ආව....ඒ කල්පනයගෙන්...
මයුරයා....චූචි බුංජියගෙ ඉන කීයද.....
ඇයි දැන් උඹට මගෙ කොල්ලගෙ ඉන.....
කියකො.....
අරකා මගෙ චූචි බුංජියගෙ ඉන අහනවා..දැන් ඉතින් ඕක අහන්න ගෑස් බලන්න එපැයිනෙ.....
වස්තු...
මෙහෙ ඇති වස්තුවෙක් නෑ....
එහෙනම් මේ පුක උඩ දාන් ඉන්නෙ මොකාගෙ වස්තුද කල්පනයගෙද ම්ම්ම්...
ම්හුක්.....නෑ...මං මගෙ වස්තු...
හා.....උඹගෙ වස්තුගෙ ඉන කීයද ....
ඔයා නිම්නට සූට් එකක් අරන් දෙන්නද යන්නෙ අනූ.....මේ නිම්නට...මේ අනූගෙ වස්තුට.....අයි...අයි....
කෝලම....අපො නැ මට පිස්සු නෑ.....උඹට සූට් අරන් දෙන්න මගෙ ඒවා ඇදපන්
ඒවා මගින් හැලෙනවනෙ...
ඉන කීයද .....ඉතින්...
තිස් ගනන්....
තිස් කීයද ඉතින්...
දන්නෙ නෑ....ඔයා වස්තුට සූට් එකක් ආන් දෙන්නද යන්නෙ අයියො....
ම්හුක්...අලුත් කාසමක්....
අනූ....
ගනන් ගන්නෙ නෑනෙ මාව....
අනූ....ඇයි අනූ නිම්නගෙ ඇහැක් රිදීගන එන්නෙ.....?
ඔලුවත් චුට්ටක් කැක්කුමයි වගෙ
අතකුත් වෙව්ලනවනෙ....
වමනෙටත් වගෙ...
බඩත් ....කැක්කුමයි...වගෙ අනූ....ඇයි ඒ...
මං හිතන්නෙ මට සත්තිය නෑ.....
නැගිටලා ඇදගනින්කො එහෙනම් හන්දියෙ වන්ශොට්ගෙන් බෙහෙත් ටිකක් අරන් දෙන්ඩ කොයි වෙලෙත් කැක්කුම...කොයි වෙලෙත් කැක්කුම....කෝ.....මෙහෙ පැත්තට හැරියන් බොරුව නොකර ...
තරහ වෙලා ඉන්නෙ .....
එහෙනම් ඉතින් කොහෙවත් එක්ක යන්නෙ නෑ...
න්..නැ...නෑ....යාලුයිනෙ.....යාලුයිනෙ...මේ ඉන්නෙ චූටි නිම්නනෙ....යාලුයිනෙ....අනෙ...ගමබ එක්ක යන්නකො.....එක්ක යන්නකො....පාලුයිනෙ....කවුරුත් බලන්නවත් එන්නෙ නෑනෙ.....
එයා උන්නෙ බිත්තිය පැත්ත හැරීගන .....අරහෙ කැක්කුමයි මෙහෙ කැක්කුමයි ගාලා තරහ උන කපටි නිම්නයට කොහෙ වත් එක්ක යන්නෙ නෑ කිව්වා විතරයි මෑන් වෙඩිල්ල වගෙ හැරුන ...
වස්තු ...
ම්ම්ම්ම්ම්...ඇයි.....ඕ...ඇයි...අනූ....චූචි නිම්නට ඇහෙනවා....
කෝලම මගෙ....දෙයක් අහන්න....
වැදගත් දෙයක්ද...
ම්න්....
කියන්න අනූ...මොකක්ද ..
එක තත්පරයක් යන්න නෑ....නිම්න වෙනස් උනා...මෙච්චර වෙලාම හුරතල් උන නිම්නට මොනවා උනාද හොයන්න බැරි උනා...දැන් ආයමත් ඉන්නෙ අර පරිනත නිම්න වෙනකොට මං ඇදෙන් නැගිටලා ඉදගත්තා
වස්තු...ජයවර්ධන අවසානෙටම ලියපු පොත මොකක්ද ?
.....ගැට පිච්ච..
ඒක ඔයා කියවලා තියනවද වස්‍තු....??
....නෑ....මට...ඒකෙ කවරෙ වත්...දකින්න....
කමක් නෑ....මං ඒක හොයා ගන්නම්.....
....අනූ....ඒක....ඒකෙ...තියෙන්නෙ...
මං ඒක හොයාගන්නම් වස්තු කමක් නෑ....ඔයාට කැමති ඇදුමක් ඇදගන්න මං ඔයාව කොහෙ හරි ඇවිදින්න එක්ක යන්නම්...
අනූ.....අප්පච්චි ..සමලිංගික කෙනෙක්....එයා....ගෙ...සම්බන්දෙ තිබුනෙ...ට්‍රාන්ස් වෙච්ච ගෑනු...කෙනෙක් ගාව.....ඔ..ඔයා එයාව....ද...කින්න....ඇති...නේද ..මටවත් ...කාටවත් ...ඒ පොත දකින්න බැරි...උනා.....ඊට කලින්...එයා
ඇති...මං කිව්වනෙ....ඇති...මං හොයා ගන්නම්...ඔය කතාව ඇති නවත්තමු හොදද .....මං කැමති නෑ.....ඕනාවට වඩා ඇස් කදුලු බොනවට...මගෙ වස්තු කවදාවත් මැරුන් නෑ...කාටවත් මරන්නත් බෑ...ඔයා ජීවත් වෙනවා....ආය ඕක කියන්න එපා...ඔයාට කැමති ඇදුමක් ඇදගන්න...මං ඔයාව එලියට එක්ක යන්නම්...
මං එයාගෙ කටට අත තිබ්බා...මොකද මට අහන්න හයියක් තිබුන් නෑ ඒක කියවන්න කලින් අර තිරිසනා එයාලව මරලා දැම්මා කියන කතාව ආය ආයම අහන්න ....
එයාගෙ අම්ම කිව්වා එයාලා දන්නෙ නෑ කියලා ....ඒත්...මගෙ නිම්න දන්නවා...සමහර විට....එයා දැනන් උන්නත්.....දැනන් උන්නෙ නෑ වගේ ඉන්න ඇති...
එයාට මගෙ ඇදුමක් ඇදගන්න කියපු මං එහෙම්ම මූන හෝද ගන්න ආවා ...
පොතෙ නම ගැට පිච්චලු...ඔව්..ඔව්...ඕකට ගැට පිච්චෙම තමයි ලියන්න ඕනෙ..... කොහොමත් මං අර දැකපු එකාගෙත් ඔලුවෙ මල් තිබුනනෙ.....ඌ දෙමලියක් එක්කද දන්නෙ නෑ යාලු උනෙ....ඌ පොත් ගහනවා....උගෙ ගෑනි දරුවන්ව මරලා....හිටපන්කො...හිටපන්කො...
අනූ...මේක අදින්නද....
මං උන්නෙ ඵෝන් එක කනේ ගහගන.....ටවුන් එකේම තිබුන බුක් ශොප් එකට කෝල් එකක් ගත්තු මං පොතෙ නම කියලා පොත අහනවත් එක්කම මගෙ ඇදුමක් උස්සන් ආව එයා මේක හොදද ඇහුවා ..මගෙ වස්තු මොක ඇන්දත් ලස්සනයි.....
අපි දෙන්නම එක වගේ අදිමුකො අනූ.... .
හා...හැබැයි කලු තමයි.....
හ්ම්ම්ම්ම්.....අනූ....අපි කොහෙද යන්නෙ කියන්නකො.....
බුක් ශොප් එකට.....ගිහිල්ලා....එතනින් එහාට...ඔයා ආස ඕන තැනකට.....
....ඉස්සො වඩ කන්න එක්ක යන්නකො....අනූ...මේක උරහිස් වලින් එල්ලෙනවනෙ.....
මගෙ කලුපාට ට්ී ශර්ට් එක ඇදපු එයා එයාව ඉස්සො වඩ කන්න එක්ක යන්න කිව්වා...ඇත්තටම මං හිතුවෙ එයාලොකු ලොකු දේවල් ඉල්ලයි ලොකු දේවල් කියයි කියලා ...ඒත්.....නිම්න කිව්වෙ එයාව ඉස්සොවඩ කන්න එක්ක යන්න කියලා .....
.. මගෙ උරහිස් පලල්නෙ වස්තු ඒකයි....ඒක එච්චර ගානක් නෑ.....මෙහෙ එන්න කොන්ඩෙ හදන්න... ම්ම්ම්.....හරි...කලිසම..ඉන...හරිද
බාච්චු කකුල්....ඇයි අනූ මෙච්චර බාච්චුවට අදින්නෙ.... කෑලි බෑලි එල්ලෙනවා...
එහෙම තමයි.....ඔන්න..දැන් හරි.....ෆර්ෆියුම් චුට්ටකුත් ගැහුවම.....ඔක්කොම හරි...!
මං ලස්සනයිද අනූ....
මට පවු කියලා හිතුනා. ..මං ලව්වම අඩු පාඩු හදවගත්තු එයා අවසානෙදි එලියටත් ඇවිදින් අනූ මං ලස්සනයිද අහනකොට අවංකවම මට දුක හිතුනා....
මගෙ වස්තු තමයි...ලස්සනම...ඇස් වහක් වදින්න එපා....උඹ හරි ලස්සනයි මගෙ නිම්න...උඹ අවංකවම හරි ලස්සනයි මගෙ නිම්න...
....ඔයාට පුලුවන්ද ..ඔයාගෙයි...මගෙයි....
පින්තූරයක් ගන්න අනූ.....එත්....මාව....
නෑ.. මට පුලුවන් ....එන්න...මගෙ වස්තුවව තමයි ලස්සනටම පේන්නෙ...
මන්දා...ඇයි දෙවියනේ මගෙ දෛවය මේ තරමටම මාව රිදවන්නෙ.....එයා හරිආසාවෙන් මගෙ ඇදුම ඇදලා මම ලස්සනයිද අහල...අවසානෙදි අපි දෙන්නගෙ පින්තූරයක් ගන්න පුලුවන් අහලා එයාම අවසානෙදි නැවතුනා උනත් මං එයාව ලගට ඇදලා ගත්තා.....
හිනා වෙන්න ඉතින්.....වස්තු දන්නවද.....පින්තූර කියන්නෙ ලස්සනම මතක...ආදරනීයම මතක...දුක හෝ සතුට හෝ වේවා...ඒ මොහොත ආය ආයම මතක් කරලා දෙන්න පින්තූරෙකට පුලුවන් .....ඉතින්..මට...ඕනෙත් ආදරනීයම මතක හුගක් එකතු කරගන්න....මට ඔයා ගාව තියන ලස්සනම හිනාව දෙන්න මගෙ නිම්න...
...ලස්සනම හිනාව...මං...මගෙ ලස්සනම හිනාව දුන්නොතින්..මාව පෙනේවිද අනූ...ඔයා ගාවින් මාව පෙනේවි නේද...
නැතුව... ලස්සනම මිනිස්සු ගාව ඉන්න ඕනෙ ආදරනීයම මිනිස්සු ..ඉතින් ඔයා මගෙ ගාව ඉන්නවා...බොරු නම්.මේ බලන්න....මේ පේන්නෙ....කෝ....ඉතින්...හිනා වෙන්න.....ඔන්න..එකයි..දෙකයි...තුනයි....චීස්.....!!!!
..චීස්.....!!

මං ඔයාව මෙහෙම තුරුල් කරගන්නද...
ඇයි අහන්නෙ...ඔයාට අවසර තියනවනෙ වස්තු.....
.මන් මෙතනින් නිකටත් තියා ගන්නද.....
මං ආසයි ඒකට.....
අනූට කවදාවත් මාව අමතක වෙන්නෙ නෑනේද....
වස්තු දන්නවද....නිම්න කියන්නෙ මගෙ හද ගැස්ම....ඉතින්....පෙනුන් නැතුවට හදවත හැහෙනව වගේ තමයි...මං කවදාවත් තනි වෙන්නෙ නෑ....මොකද ඔයා මගෙ ලග ජීවත් වෙනවා...ඉතින් ...කොහෙ අමතක වෙන්නද ඔයාව.....
හ්ම්...මං ආසයි ...මං ආසයි ඔයත් එක්ක මෙහෙම යන්න.....අවසානයක් නොපෙනන දුරකට යන්න....කවදාවත් අවසනායක නැති පාරක දිගටම දිගටම යන්න...ඒත්...එහෙම හිතෙන හැම වෙලාවකම...මට බය හිතෙනවා මගෙ අනූ.....
මොනවා ගැනද.....
එයයි මමයි උන්නෙ යන ගමන්....අප්පච්චි නැති හින්දා අවසරයක් නැතුවම ගමටම සද්දෙ ඇහෙන ලොකු බයික් එකෙ පිටිපස්ස උස්සපු ශීට් එකේ උන්න එයා හරියටම බැලුවොත් ඉන්නෙ මගෙ කර උඩ වගේ....ඒක ඒ බයික් වල හැටි....
මාව අත් දෙකෙම්ම බදාගන විතරක් නෙවෙ...මගෙ උරහිසක් උඩ නිකට තියාගත්තුන් මගෙ නිම්න ඉවරයක් නැතිවම කියවනවා මං අහන් උන්නා....එයාව කවදාවත් අමතක කරන්නෙ නෑනෙද අහපු මගෙ නිම්න අවසානෙදි මා එක්ක කවදාවත් අවසානයක් පේන්නෙ නැති දුරක මේ විදිහටම යන්න ආසයි කියලා ඊලග තත්පරේදිම එයා බයයි කිව්වා....ඇයි එයා බය...මං දෙපාරක් තුන් පාරක්ම ඇහුවා...ඇතුල් පාරෙ ආව මං මහ පාරට දාන තැන නැවතිලා වාහන අඩු වෙනකන් බලාගන ඉදලා එහෙම්ම බයික් එක මහ පාරට දැම්මා...
ආ වස්තු.....ඇයි ඔයා බය.....ම්ම්ම්ම්ම්ම්
මං ආයමත් ඒ ප්‍රශ්නෙ ඇහුවා...නිම්න නෙවෙ උත්තර දුන්නෙ.....අවසානෙදි මට මගෙ බෙල්ල ගාවට සීතලක් එක්ක මද උනුසුමක් දැනුනා...එයා හාදුවක් තියලා...
..මට බයයි අනූ....දවසක...මට...අතඇරගන්න බැරි...උනෝතින්.....දවසින් දවස..මං උඹට.....ඇබ්බැහි වෙවී....ආදරේ...කරන ප්‍රමානෙ වැඩි....වෙනවා.....අනූ...මට...බයයි...
අනූ....මගෙ..යටි හිත දරුනු වෙයි කියලා .....
මාව අරන් යන්න.....කමක් නෑ...මට පුලුවන් නිම්න එක්ක යන්න එන්න..... ....ඔය තරමට හිත රිදවගන්න එපා වස්තු....දැන් ඒ මොකුත් නොහිත මගෙ චූචි බුංජියා බහින්නකො....
චූචි බුංජියා .....කව්ද..අනූ ඒ නම දැම්මෙ...
කල්පනයා....ඌ උඹට ලයින් ආ.....ඇස් ගලවනවා උඹගෙ..බැහැපන් බිබික්කම වගෙ තවත් ඇලීගන ඉන්නවා....
හ්..හා...ඉතින්....මහ....සවුත්තු කොල්ලෙ....අ....අනූ.....අර.....අ..අර.....අර..අනූ...
මෙච්චර වෙලාම මා එක්ක කියව කියව ආව නිම්නගෙ කලවෙට තට්ටුවක් දාපු මන් බැහැපන් කියන්වත් එක්කම බහින්න ගියපු එයා අනිත් පාර මගෙ උරහිස් මිරිකලම අල්ලගන අනූ .අනේ....අර අර ගානවත් එක්කම මං හැරිලා බැලුවා....
ජයවර්ධනයා.....
අනූ.....එයා ඒන්නෙ ඔයා ගාවට....
ආව දෙන්...මට පුකද...ඌට ගිය රටද....නෑනෙ.....ඕකා උඹගෙ අප්පච්චි කියලා හිත මෙලෙක් කරගන්න නම් එපා නිම්න....
..අනූ...මට...
ඔයාට බය නම් ඇස් පියාගන්න....ඒත්.කොහෙවත් නොයා මගෙ ගාවම ඉන්න.....මොකද ඒකා දන්නෙ නෑනෙ
..අනූ...එයා..අදත්...දාන් ඉන්නෙ..අර...දුඹුරු..පාට...බෙල්....ට්..
එක...මාව...බේරගන්න...මයුර...අනේ...බේර...ගන්න.....මයුර....අනේ.....මාව...පෙනෙයි....මාව....පෙනේ....වි....
මයුර.....ඒ ..බෙල්ට්..එක....ඒ.....බෙල්....ට්...එක...අනේ...අනූ.....
බේරගන්න....අනූ...පින්. .සිද්ද....වෙයි.....
එයා බය උනා....එයා අදටත් බය වෙනවා...මගෙ දිහාවට එන ජයවර්ධනයගෙ ඉනෙ තිබුන බෙල්ට් එක දැකපු ඒයා තවටත් බයවෙනවා කියන්නෙ...මූ මොන තරම් තිරිසන් වෙන්න ඇතිද...එයා මාව මිරිකන් අනේ බෙල්ට් එක ගගා මාව මිරිකගන මූන හංගගන්නව එක්කම මන් එයාවත් උස්සගනම බයික් එකෙන් බැස්සා....දැන් එයා ඉන්නෙ මගෙ පිටේ එල්ලීගන...ජයවර්ධනයා උන්නෙ අතේ දුරක...ඉනේ තිබුන දුඹුරු පාට බෙල්ට් එක දිහාව බලන් උන්න මං ඌට වචනයක් වත් කියන්න ඉඩක් නොතියම යට කරන් උන්න කිඹුලා මාර්ක් සුදු ටී ශර්ට් එක ඇදල උඩින් දැම්මා....දැන් පේන්නෙ නෑ.....
ලමයො....තමුන්....
නෑ....අංකල් බඩ තියන නාකි උන් යටකරල ඇන්දම ගූ හැත්තෑවයි... ඒකයි.....ආය යට කරන්න එපා පට්‍ට කැතයි.....ලබ්බට කෝට්ටක් ගහල වගේ.....ඒකයි...අනික අංකල්ගෙ කකුල් බීඩි බට වගේ...කොක්කු අපහස නඩු දායි
ත්...මුන්...
සමාවෙන්න....මට නිකන් අංකල් මගෙ අප්පච්චි වගෙ ඒකයි අහන්නෙ බලන්නෙ නැතුව ඔහේ වක්කඩේ කැඩුවා වගේ කියවන් ගිහින් ඇදල දැම්මෙ.....සමාවෙන්න...හොදද....
🦚ආයාම කොටසකින්.එනකන් පයිස්සමින්.ඉන්ඩො
ආතරෙයි
මම
ජොබි
Nedeesha ❤