අම්මා එනවලු...
මං සතුටු වෙන්නද.....නැත්තන් දුක් වෙන්නද.....එකම වෙලාවෙ පපුවට හැහීම් දෙකක් දැනෙනකොට...මට සිද්ද උනා මගෙ හර්ද වස්තුව ගලවලා අතට අරගන තරාදියක් උඩ තියලා කිරලා බලන්න...
මොන හැගීමද පහලට වැටෙන්නෙ...
මොන හැගීමද ඉහලට යන්නෙ.....
කියන්න සන්තෝසයි.....මගෙ ඇස් පනාපිට....දුක කියන තරාදි පඩිය දාපු පැත්ත බලාගන ඉන්නකොට යට ගිහින් ...සන්තෝසය කියන හැගීම කුරුලු පිහාටුවක් තරමටවත් බරක් නැතිව ඉහලට ගියා...
"අම්මා එනවා....."මේ වචනටික....මගෙ හිතට අප්‍රමාන සතුටක් ගෙනාවා....මේ තාක් දුරට ...ඒත් ...ලෙඩ ඇද කියන්නෙ...මට කා එක්කවත් හුවමාරු කරගන්න බැරි ඇදක් වෙනකොට .....ගිනිගහන කාන්තාරෙ නරදුක් විදපු අම්මා ස්වාසෙත් නැතුව කඩාගන බිදගන මෙහෙ එන්නෙ මාව බදාගන මගෙ චූටි මගෙ පුතා දැන් ගොඩාක් ලොකු වෙලා කියනන්වත්...මගෙ පුතා උඹ ලස්සන වෙලා කියන්නවත් ....මං උඹලා දෙන්නව එක්කන් අරහෙ යනවා...මෙහෙ යනවා කියන්න වත් නෙවෙ.....අම්මා එන ඒමට එන්නෙ බට ගොඩක් මැද ඉන්න මාව තුරුලු කරගන කදුලු දිය කරන්න කියලා දැනෙනකොට....." වේදනාව...දුක" කියන තරාදි පඩිය පහලට බර වෙන එක අහන්න දෙයක්ද....
චූටි.....මැනික.....
මං නිර්වාන් දිහා බැලුවා...අතේ තිබුන ඵෝන් එක පැත්තට වැටෙනකොට මං වෙනදටත් වඩා මට ආදරෙන් කතා කරන මගෙ නිර්වාන් දිහාව බැලුවා....
නිරූ.....
කෝ ඕක දෙන්නකො....පැත්තකින් තියමු.....තව චුට්ටකින් ඩොක්ටර් එයි ...ඒත් මගෙ කොල්ලව මෙහෙම උස්සන් යන්න බෑනෙ....මෙහෙම්ම ඉදන් මූන හෝදමු.....හොදද....
නිරූ....
මේ...අයියා මේකකුත් ගෙනාව...ලැජ්ජ වෙන්න එපා...උඹ මගෙනෙ වස්තුව...මං උඹගෙ දැකපුන් නැති දෙයක් නෑනෙ.....ඇරත්...මං උඹව කවදාවත් අහක දාන්නෙ නෑනෙ.....හොදද...
නිර්...වාන්.....
මගෙ යටි තොල් වෙව්ලන්න ගත්තා....නිර්වාන්ට නෙවෙ මං කියන දෙයක් ඇහෙන්නෙ...අතින් කටින් උර උර එල්ලන් ආව නිර්වාන් මට ඇදෙන් බහින්න බැරි හන්දා චූ බරක් ආවොත් ලැජ්ජා වෙන්න එපා...අයියා මෙකක් ගෙනාවා...මේකක් ගෙනාව...අනික මන් උඹව දැකලා තියනවා...මං කවදාවත් උඹව අහක දාන්නෙ නෑ කිය කිය කියවන්කොට...ඒ වචනම මාව නොසෑහෙන්න අසරන කෙරුවා.....නිකන් නෙවෙ ...මාව අවසානම බින්දුවට ඇදලා දැම්මා.....ඒ ආදරේ ගාවදි .....එයා මං වෙනුවෙන් නහින නැහිල්ල ගාවදි මට කරකියා ගන්න දෙයක් නැති වෙනකොට මං නිර්වාන්ව මගෙ කේඩෑරි අතෙන් ඇදලම අල්ල ගත්තා.....
සුදූ.....
මං හිතන්නෙ.....මං මගෙ ජීවිතේ පලවෙනි පාරට වෙන්න ඇති නිර්වාන්ට සුදූ කිව්වෙ....ඒක මගෙ කටට හුරු මදි....ඒත් මම මට පුලුවන් තරන් ඒ අකුරු දෙකට ආදරේ කැව්වා....මං පුලුවන් තරන් ඒ පන නැති අකුරු වලට හැගීම් පෙව්වා...
චූටි....
සුදූ...චුට්ටක්..මෙතනින් ඉදගන්නවද....
මං නිර්වාගෙ අතල්ලගනම ඇස් වලින් මගෙ ඇඩෙ හිඩැස් තියන තැන පෙන්නනකොට නිර්වාන් ඇවිදින් මගෙ ගාවින් ඉදගත්තා...නිකන් නෙවෙ....මගෙ නලලට හාදුවක් තියාගනම....
කියන්න.....වස්තුව ....මොනවද ඕනෙ...බඩගිනිද.....නැත්තන්...නිදි මතද.....
මට ඔහොම සලකන්න එපා...සුදු...මට හිතෙනවා මං සදාකාලික ලෙඩෙක් කියලා....ඒහැගීම.....මේ පපුවට බරයි...නිර්වාන්.....කටු ගනනින පුලුවන් පපුවක් අස්සෙ තියන හදවතක්...අඩ්ඩඩ්ඩාවට.....වැඩ කරනකොට...ඒක කොහොමද කියන්න..මට වඩා.....හැමදාම....මේ පපු එක්ක වැඩ කරන්න ඉගන ගන්න උඹ දන්නවා...සුදු.....ඔය හැසිරීම් මට..බරයි....ඉස්සර වගේ...ඉදපන්...මට ඒ ඇති ....හුස්මක් කටක් නැතුව දුවන එකෙන් වෙන්නෙ....බලන් ඉන්න මට මහන්සි හැදෙන එක.....
මං කතා කෙරුවා ....වෙනදා වගෙ නෙවෙ...වෙන්දා වගේ බීරමක් තලන්නා වගේ නෙවේ....අද මට කතා කරන්න මහ මහන්සියක් දැනුනා....මට නිදා ගන්න ඕනා උනා....ඒත්....ආදරෙ වැඩියෙම්ම දෙන මිනිස්සු ළඟ ඉන්නකොට මං කොහොම කියලා නම් නිදා ගන්නද.....
චූටි....
යන්න එපා.....ළඟින් ඉන්න.....අරක...මේක....ගේන්න..කියලා....මාව දාලා ...යනකොට...මට...පාලුයි..සුදු.....මට ආදරේ නෑ වගේ දැනෙනවා.....
මං මගෙ ලගින් උන්න නිර්වාන්ගෙ උන්න නිර්වාන්ගෙ අත් ගොබේට මූන හේත්තු කරගන යන්න එපාය කියනකොට නිර්වාන් ඇස් පිල්ලමක් වත් නොගහම මගෙ දිහා බලාගන උන්නා....අවසානෙදි අහක බලන් කතා කෙරුවා.....
උඹට ඇති අසනීපයක් නෑ චූටි.....ඇරත්.....ආදර්‍රෙ කරනවා කියන්නෙ...විසිහතරපැයම මං උඹ ළඟ ඉන්නවා කියන එක නෙවෙනෙ ලමයො...ම්ම්ම්.....මං යන්න ඕනා...මං වැඩ කරන්න ඕනෙ....උඹගෙ සුදූ.....උඹ වෙනුවෙන්...මන් වෙනුවෙන්....එතකොට..උඹයි මායි...අපි දෙන්නම වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ...ඒකත්....උඹගෙ සුදූ.....සුදූගෙ චූටිට ආදරේ පෙන්නන විදිහක් නෙවෙද...
මං හිනා උනා ..නිර්වාන්ට බෑ කවදාවත් ප්‍රශස්ත නලුවෙක් වෙන්න....එ තියා....නිකන් සාමාන්‍ය නලුවෙක් වෙන්න.....නිර්වාන්ට ...ඕඩියන්ස් එකත් එක්ක අයිකන්ටෑක් තියා ගන්න අමාරුයි....නිර්වාන්ට බෑ.....හිතෙ හැගීම් හංගන්...කටින් පිට වෙන වචන වලට හැගීම් කවලා...අහන් ඉන්න බලන් ඉන්න මනුස්සයට ඒක දැනෙන්න දෙන්න....
නිර්වාන් කිව්වෙ බොරුවක්...නිර්වාන් කිව්වා විසිහතර පැයම ඉන්න බෑ කියලා....ඉතින්.....ඇයි ඉතින් ඕක ඇස් දෙක දිහා බලාගන නොකිව්වෙ....මගෙ නිරූ මෝඩයා...එයාට නලුවෙක් වෙන්න බැ....හැබැයි...නලුවෙක්ගෙ හස්බන්ඩ් කෙනෙක් වෙන්න පුලුවන් .....
සුදූ .....
මං නිර්වාන්ගෙ අත අතගෑවා.....ඒ ඇස් තවම අහක බලන්....ඒත්....මං බලාගන කදුලු කැට නලියනවා...
සුදූ...පිටපතෙන් පිට පැනලා....අපිට ඕන ඩ්‍රාමා එක රගාපන්න හැදුවොත් .....ලියපු එකා පව් සුදූ.....නිස්කාරනේ...බොරු කියල...පව් පුරවගන්න එපා...විසිහතර පැයම නෙවෙ.....තුන්සියහැටපස් දවසෙ විසිහතර පැය උනත්...මගෙ තනි රකින මිනිහෙක් මට ඉන්නෙ කියන්න මං නොදැන නෙවෙ....මගෙ ළඟ ඉන්න කිව්වෙ .....
නිර්වාන් මා දිහාව බැලුවා.....ඒ ඇහිබැම එකට රැලි වෙලා...ඒ ඇස් අස්සෙ තරහවක් එක්ක වේදනාවක් තියනකොට මං ලාවට හිනා උනා....ඒත්...ආපිට මට හිනාවක් නම්...ලැබුනෙ නෑ.....
මගෙ අම්මා කියන්නෙ...සතුට උදුරගන්න ආව අම්මා වේසෙන් ආව මගෙ වෛරක්කාරයෙක් චූටි.....මට.....ඒ ඇරෙන්න අම්මා ගැන මීට වඩා දෙයක් කියන්න බෑ...චූටි....
ඒ ගැන අමතක කරමුද....
.අමතක කරන්නෙ කොහොමද....මේ යටි හිත කියන්නෙ.....උඹ අසනීප උනේ අම්මා හින්දා කියලා කියනකොට.....මගෙ යටි හිත තනිකරම උසාවියක් චූටි.....මේ හිත අස්සෙ මිනිමැරුම් නඩුවක් යනවා.....තවමත්.....ඒ උඩම....තවත් නඩුවක් වැටෙනකොට...මං...කොහෙ අමතක කරන්නද කියපන් මගෙ චූටි...
මං හුස්මක් ගත්තා....ඇත්ත...මොන උසාවියෙන් නඩු ඇහුවත්....විසි හතර පැයම හර්ද සක්කිය නඩු අහන යටි හිතෙන් බේරුමක් නැති වෙනකොට දැනෙන හැගීම මොකක්ද කියන්න දන්න මං නිර්වාන්ගෙ අත් ගොබෙන් ඇද්දා....
.......?
මාව තුරුල්...කරගන්න පුලුවන්ද....දෙයක් තියනවා...සුදූට කියන්න
මං එච්චරයි ඇහුවෙ ....නිර්වාන් මාව ඒ හයිය අත් වලින් මාව තුරුලු කරගත්තා....වෙනදා වගේ කිටි කිටියට නැති උනත්....ඒ උනුහුම වෙනදා වගේම වෙනකොට මං නිර්වාන් ගාවින් එදා ඉදම්ම ආව අර වැනිලා සුවද සුවද විලවුමට ඉව ඇල්ලුවා....මුලු බෙල්ලම ඒ සුවදයි .....ඇදුමත් ඒ සුවදයි ..නිර්වාන් ගාවින් ඈත් වෙලා ගෙදර එන හැමදාකම ඒ සුවද මගෙ ගාව ශේශ උනා....ඒ හැගීම වෙනමම ලෙවල් එකක් වෙනකොට අදත් මං පුරුදු විදිහටම ඒ සුවද ඉවකරන් තත්පර ගානක් ඉදල කතා කරන්න ගත්තා....
සුදූ.....මං කියන්නෙ...මොනවද...අහන්...ඉන්නවද....
ම්න්....හැමදාමත්.....
දෙයක් කියන්නද....
කියන්න.....
මං නිර්වාන්ගෙ උරහිස උඩ මගෙ ඔලුව තියාගත්තා....තියාගන මගෙ අත් වලිනුත් මං නිර්වාන්ව තුරුලු කරගත්තා...
දන්නවද....සුදූ....මං හරි වාසනාවන්තයි...විහිලුවට ආදරේ කරන මිනිස්සු අහුරක් මැදින් .....ආදරේට විහිලුවක් කරන උඹගෙ ආදරේ ලබන්න...මං පුදුම තරම් වාසනාවන්තයි....නිර්වාන්...ජීවිතේ...මොන ප්‍රශ්න ආවත්....මට...නිවෙන්න පුලුවන් ...තවත් නිර්වානයක් නම්....ඒ උඹ විතරයි....මගෙ...සුදූ.....
මිනිස්සු....කියනවා....දෙයක්...නැති වෙන්නම....ඕනෙලු.....අගෙ...වැඩියෙන්...
දැනෙන්න.....ඒත්...මට....උඹව...වත්.....
උඹට....මාවවත්...කවදාවත්...නැතිවෙන්න දෙන්න...එපා...සුදූ....මට....ඒ අගේ...උඹ නැතිව...මොකටද...ඉර බැහැන් යන හැන්දෑවක.....දම්පාට අහසෙ...සීනි පුලුන්...පාට...වලාකුලු...වල....තනි...මං...
දකිනවට...වඩා...උඹ...එක්ක...දකිනකොට...ඊටත්...වඩා...ලස්සනයි...කියන්න...
උගන්නන්න...මගෙ...ගාවින් ඉදින් සුදූ
සයාශ්...මගෙ චූටි....
මට...මහන්සී සුදූ...නිදාගන්න....ඕනෙ.....
නිර්වාන්ගෙ යටි තොල් ලාවට වෙව්ලනවා.....මෙච්චර වෙලාම ඒ උරහිස් වලට වාරු වෙලා උන්න මන් ඒ මූන දිහා බලාගන මට මහන්සී නිදාගන්න ඕනායි කියනකොටම දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.....
ඩොක්ටර්...එන්න ඇතුලට....
*
*
*
Sanash pov....
සනාශ්..බබී...ඔය ඇති සනාශ් .....කිව්වන්.....අර අපේ එකා කියන්නෙ....මේකට ලොකු අමාරුවක් නෑකියලා.....කෝ...හොද කොල්ලනෙ.....නැගිටපන්කො....සනාශ්...පව්නෙ බන්...මල්ලිට....උඹ අඩනකොට චූටියව ඇහැරෙනවනෙ...
ම්..මට...මගෙ...මල්ලි...ගාව...ඉන්න...දීපන්.....ශෙනිරු...මං..මූව...කවදාවත්..මෙහෙම...දැකලා...නෑ...උඹල..හදන්නෙ...මාව...රවට්ටන්න.....මූට...අමාරුවක්...නැත්තන්....ඇයි....ඔච්චර...මූට...ක්ලිනික්...එන්න...
කියන්නෙ...ඇයි....ඔච්චර..මූට.....ච්..චූටියා...අනේ...උඹ...නැතුව...මට...සාංකාව....බන්....
බබී...සනාශ් ...ඔහොම අඩන්න එපා සනාශ් කියන දේ අහපන්කො....මේ මූනත් එක්ක රතු වෙලා බන්....අනේ....උඹත් දැන් අසනීප වෙනවා...එහෙන් අම්මත් එනවලු.....උඹලා දෙන්නම අසනීප උනහම.....අපි කොහොමද උත්තර බදින්නෙ . වරෙන්කො...බබී.....ඌට නින්ද ගිහින් වස්තුවෙ.....
මං දන්නෙ නෑ....මං අර බත්තලන්ගුන්ඩුවෙ ඉදන් කොහොම මොන සිහියෙන් ආවද කියලා.....මං එතන ඉදම්ම මෙතනට වෙනකන් යැදපු නැති දෙවියෙක් නෑ...ජීවිතේට කෝවිලකට නොගිහින් තිබුන මම...එන මග තිබුන කෝවිල් වලට පවා ගියා.....ගිහින් දෙවියන්ට මගෙ දුක කිව්වා...අම්මගෙ කිරිකදුලු බෙදාගන බීපු..එකට අඩාපු ..එකට හිනා උන මගෙ අනිත් පලුව මගෙ මල්ලිව සනීප කරන්න කියලා මං නොදන්න දෙවියො පවා යැද්දා ....
මේ එන මග දිගට කොයිතරම් නම් දේවල් කිය කිය ශෙනිරු මගෙ කදුලු නවත්තන්න හැදුවද...නිකන් කිව්වා...ආදරෙන් කිව්වා....තුරුලු කරන් කිව්වා.....අවසානෙදි මට බැනලා කිව්වා....ඒත්....මට ඒ වචන අද හිස් වචන උනා.....ශෙනිරුගෙ ආදරේ ගාවදි කාටත් හොරාවට දිය වෙන මට අද ඒ වචන ගාව දිය වෙන්න බැරි උනා...ලේ වලට ලේ කකියනවා කියන්නෙ නිකන් නෙවෙ....
..චූටි...මගෙ..මල්ලි....මේ...අයියා...ආවා.....මගෙ...චූටි...මං උඹගෙ...නිර්වානයව....මරනවා..අද...ඌ...මොකටද...බන්...මං එන්න කලින්...උඹව නිදි...කෙරෙව්වෙ.....ඌ...දන්නෙ නැද්ද....චූටි....මමයි ...උඹයි...නිදාගන්නෙ...එක ඇදේ...එක...ළඟ...කියලා....
මං මිමිනුවා...ඉකිගැහුවා....මේක මහ මූසල හැගීමක්...සුදු මැලිවෙලා ගිහින් තිබුන ඒ මූන දැක්කම මට මතක ඇති කාලෙක ඉදන් ඌයි මායි කියපු කරාපුවා හරියටම චිත්‍රපටියක් වගේ ආපිට මගෙ ඇස් ඉස්සරහා මැවිලා පෙනකොට උගෙ හිනා වෙන ඇස් දෙක අද යට බැහැල තියන විදිහ දැක්කම මට වාවන්න බැරිව ගියා.....
බබී.....
මං උන්නෙ මගෙ චූටියගෙ ඇදට ඔලුව ගහගන....රැයක් එලිවෙනකන් නිදිමරාපු නිර්වාන් මහන්සි කියලා නොබලා ආපිට ගෙදර ගියෙ චූටියගෙ අඩුම කුඩුම ගේන්න වෙනකොට අනේ..මොන දෙයියන්ගෙ බැල්ම වැටිලා හරි ශෙනිරුගෙ අක්කත් ඇවිත් මගෙ චූටියව බලලා මගෙ ඔලුවත් අතගාලා මල්ලි ඉක්මනය සනීප වෙයි කියලා කියපු වචන වලට පස්සෙ මට සැනසීමක් දැනුනා....මට හුස්ම ටිකක් වැටුනා...
.බබී....මේක බීලා ඉන්න....
මන් හිමින් සැරෙ ඔලුව ඉස්සුවා...ශෙනිරු නිකන් නෙවෙ...අතෙ නෙස්ටී එකක් තියාගන....මුලු කාමරෙත් එක්කම කිරි තේ සුවදයි....
එන්න එලියට...මල්ලි නිදිනෙ....එයාට නිදාගන්න දෙන්න.....අනික.....සුදු කිව්වනෙ.....බය වෙන්න එපා කියලා.....
ශෙනිරු මගෙ ඔලුව අත ගගා එයාගෙ අක්කා කියාපු දේවල් රිපීට් කරනකොට මං වයර් ගොඩක් අමුනන් උන්න මගෙ මල්ලිව ඇද රෙද්දෙන් පෙරෙව්වා....අම්මා එනවා ඇති.....හැබැයි ..ඒ එන පැය හතරටම පුලුවන් තරන් අඩාවි....ඇස් ගෙඩි පුපුරනකන් අඩාවි....
.උඹ සනීප වෙන්න ඕනා රත්තරන් .....උඹගෙ නිර්වාන් පව් චූටි.....ඒ මනුස්සයගෙ ඇස් වලින් පන ගිහින්...උඹ මං වෙනුවෙන් නැති උනත් ..අම්මා අප්පච්චි වෙනුවෙන් වගේම....උඹගෙ නිරූ වෙනුවෙන් සනීප වෙයන් මගෙ මල්ලි....ඌ උඹව පරිස්සම් කරන්න විදිහටම උගෙ ආදරේ තරම් පිට ඉන්න අපිත් දකිනවා සනාශ්.....උඹ දන්නවද....ඌ සියවතාවක් විතර මගෙ අත් දෙක අල්ලලා කිව්වෙ එක දෙයයි...මගෙ....ලමයව බලා ගන්ඩ කියලා ....උඹ...ගෙ සුදූ....උඹව ඇරුනම....වෙන එකෙක්ව අල්ලන්නෙවත් නැති ..උඹගෙ සුදූ ...මාව සිය වතාවක් අතින් අල්ලලා....මට කිව්වෙ එක දෙයයි...."චූටියගෙ සුදූ එනකන්....ඇස් වගෙ පරිස්සම් කරගන්න" කියලා
මං අවසානෙදි එලියට ආවා....ශෙනිරු බැල්කනි එකේ....ආයමත් රෑ බෝවෙලා....අම්ම බහින්නෙ පහටලු.....අම්මව එක්ක යන්න ඉන්නෙත් අපි තුන්දෙනා.....ලොකු නැන්දා චූටියා ගාව ඉදී...අම්මා එන්නෙ අවුරුදු ගානකට පස්සෙ....ඒත්....සතුටකින් නෙවෙ...
බබී...ආ මේක....සෙනූ නිව්වා....
ශෙනිරු මාව ලගට ඇදලා ගත්තා....මන් චූටියට රහස් මුමුනනකන් ශෙනිරු කරලා තියෙන්නෙ ප්ලාස්ටික් කප් එකෙ තිබුන කිරි තේ එක නිවාපු එක.....
රෑ බෝ උනා කියලා නෑ ...තාමත් වාහන එකා කාරෙට.....ඇම්බියුලන්ස් එකක් ඉදලා හිටල අඩාගන ඇතුලට එනකොට ඒ හැම වෙලේම මං මගෙ හිතින් ප්‍රාර්තනා කෙරුවෙ එක දෙයයි....ඇතුලෙ ඉන්න කෙනා කවුරු උනත් ඉක්මනින් සුව වෙන්න කියලා.....මොකද....ඒ පුංචි ප්‍රාර්තනාවත් ඇති...නවතින්න හදන හදවතක් ආපිට පන ගහන්න.....
මං එහෙම්ම ශෙනිරු නිවාපු කිරි තේ එකෙන් උගුරක් බිව්වා....රෑ අහස පුරාවටම තරු කැට පායලා....හරියටම මල් වට්ටියක් වගෙ . .
තරුවක් වත් මහපොලවට කඩාගන වැටෙනවා නම්.....,
මට එහෙම හිතුනා ...වෙන මොනවටවත් නෙවෙ.....කඩාගෙන වැටෙන පරාර්තකාමියගෙන් ඉල්ලීමක් ඉල්ලන්න....
මගෙ චූටිටට විතරක් නෙවෙ...මේ මුලු ලෝකෙම සුවපත් කරන්න කියන්න...
නිර්වාන්ගෙ අම්මව ගෙදර අරන් ගිහිල්ලා.....
මගෙ හිතට කේන්තීයි....මේ හැම දේටම මුල ඒ ගෑනි....ඒ ගෑනි වැටුන් නැත්තන් නිර්වානයා මෙහෙ එන්නෙ නෑ....එහෙම නාවානම්....තාමත්....මේ දැනුත් මගෙ මල්ලි නිර්වාන් ගාව ඉන්න ගියා...
සෙනූ.....
කියන්න බබී....
ප්‍රාර්තනා කරපන් සෙනූ...මොන හේතුව උඩ ආවා උනත් ඉස් ඉස්සරෝම.....මගෙ අම්මව ..උඹයි නිර්වානුයි දකින මුල්ම දවසෙ....අර යකින්නත් එයාපෝර්ට් එකෙ ඉදලා මුනිච්චි වෙන්න නම් එපාය කියලා...
මං දත්මිටි කාගන සිල්වර් පාට ගරාදි වැටට පාරක් ගැහුවා...
බබී.....
ඒකියි...අර ගෑනියි හින්දයි මේ ඔක්කොම...
බබී...මේ අහන්න.....
කතාව ඇත්ත...සෙනූ....මං මොනවා අහන්නද.....
..ඒකිව මුනිච්චි උනා නැතා....අපේ එකාගෙ හිතෙ.....චූටියගෙ තැන ගන්න ස්වර්ගෙන් දේව දූතයො ආවත් බෑ සනාශ් ....උඹට වඩා...මං අපේ එකා ගැන දන්නෙ....ඒකා..චූටියට පන ඇරලා...ඉස්කෝලේ යන කාලෙ ..ඌ නාව දාට...මං උඹ ගැන නොබලා ඌ ගැන බැලුවෙ බබී .....
ඌ චපලයෙක් නෙවෙ..... ඇරත්....ටානියා...ඔය කැනඩා වල ඉන්නකොට ලිවින්ටුගෙදර් උන්න එකියක්.....ඌත් ඉන්නකොට තව ස්පෙයාර් වීල් කීයක් නම් තිබ්බද බබී.. අපි නොදන්නවා නෙවෙනෙ.....ඒකි නන් ට්‍රැඩිශනල් පොරක් කියල පෙන්නන්න දැගලුවට...කොල්ලොන්ගෙත් එක පොයින්ට් එකක් තියනවනෙ බබා....කොච්චර නිදහසෙ හැදෙන්න උන්ගෙ තටු ලෙහල අහසට යැව්වත්.....ඒකි ආපිට මහපොලවට එන්නෙ පිහාටු නැතුව නම්...ආය හැරිලා වත් නොබලන...
ඒකි කොහොම උන්නත් අපේ එකාට ගානක් නෑ බබී.....ඇරත්....උන්ගෙ අම්මා කොච්චර නැටුවත් ඌ ගනන් ගනීද මේකිව නෑනෙ.....
ටානියා ගාව ගොම කලයක් තියලා..මූට ඔය දෙකෙන් එකක් තෝර ගන්න කිව්වොත් මූකරන්නෙ ගොම කලෙ ඔලුවෙ හලාගන්න එක මිසක්...ඔය ටානියව ලන් කරගන්න එක නෙවෙ...බය නොවී ඉදපන්...
මං ඇස් දෙක හීනි කරගන මගෙ මනුස්සයා කියන ඒවා අහන් ඉදලා...ඉදලා....අවසානෙදි බාගෙට නිවිගෙන එන කිරි තේ එකෙන් උගුරක් බොන ගමන් ශෙනිරු දිහ බැලුවා.....
ඒ අපෙ මස්සිනානෙ.....ඌ ගැන චරිත සහතික ඕන් නෑ ශෙනිරු.....ඌ අපේ එකාට පන ඇරලා කියලා මං කොහොමත් දන්නවා.....
ඔව්...ඉතින් දන්නවා නම්...ඇයි අඩි හප්පන්නෙ...
උඹ හිතුවද....අවුරුදු ගානක් ගියා කියලා මට අමතක වෙයි කියලා....
බබී.....සනාශ්...??මේක ඉස්පිරිතාලෙ සනාශ්...බොරුවට ඔලුව් නම් කන්න එපා...
ඔලුව කන්න උබ ඥාන කතා මල්ලි නෙව්නෙ සෙනූ...මතකයිනෙ....ඉස්කෝලෙ යනකාලෙ...උඹලා දෙන්නා ඒකිගෙ ගෙදරට ගිය වෙලේ....උඹ ඒකිට බබා කිව්වා...
ස්....ස්..සනාශ්...
....
සනාශ් ...ඔය වැඩේ නම් කරන්න එපා....මල්ලිත් අසනීපෙන්.....අපි ඉන්නෙත් ඉස්පිරිතාලෙ ...නිකන් නැති ප්‍රශ්න මවන් මෙතන නටන්න එපා
මං දැන් මොකුත් කිව්වෙ නෑනෙ සෙනූ....ඇයි මේ නටන්නෙ බොරුවට?
නටන්නෙ නෑ....තමුසෙල මහ කපටි ජාතියක් බබී.....හැමදේම මතක තියන් ඉදලා පලි ගන්නවා...
එහෙම තමයි....උඹ මගෙ නම්....මගෙන් එහා...ආය වෙන කාටවත් ඔය බැල්මවත් වැටෙනවට මං කැමති නෑ ශෙනිරු....ආදරේ කරනකොට මිනිස්සු හදවත තව එකෙක්ට ගලවලා දෙන්න තරම් ඔලුව නැවුවත්....තමන් ආදරේ කරන එකාගෙ ඇගට වෙන එකෙක්ගෙ හෙවනැල්ලක් වත් වැටෙන්න දෙන්න කැමති නෑ සෙනූ.....එක තමයි ආදරේ කියන්නෙ...
මං මිමිනුවා.....තව දුරටත් පොඩි උන් වගෙ එල්ලි එල්ලි රන්ඩු වෙන්න හිතක් නැති වෙනකොට මං මිමිනුවා ....ඒ එක්කම ශෙනිරු මාව ලගට ඇදලා ගත්තා ...ඒ ගත්තු ගැනිල්ලට මගෙ අතෙ තිබුන කිරි එක බිම පුරාවටම ඉහිරිලා ගියා...
බබී.....අනුන්ගෙ හෙවනැලි...මගෙ ඇගට වැටෙන්නෙ ....උඹ මට දෙන ආදරේ හිඩැසක් තිබ්බොතින් මිසක්.....වෙන කොහෙන්වත් නෙවෙයි ... උඹට මං දෙන ආදරෙයි ....මුරන්ඩු උනත්....උඹගෙ හිත ඇතුලෙ මට තියන ආදරෙයි බැලුවම....උඹම කියපන් මැනික.....වෙන උන්ගෙ හෙවනැලි කොහෙන් කියලා වැටෙන්නද?....
මෝඩ කොල්ලො....මං උඹට ආදරෙයි සනාශ් ...මිනිස්සු ආදරෙ කරනවා මැරෙන තුරාවටම.....හැබැයි ..මිනිස්සු ....මේක තමයි ආදරේ කියන වචනෙ තේරුම ඇත්තටම තේරුම් අරන් ආදරෙ කරන්නෙ...ජීවිතේටම එකම පාරයි...ඒක තේරුම් ගත්ත මිනිස්සු විතරයි සනාශ් හැමදාම ආදරෙන් නිවෙන්නෙ.....
ශෙනිරු මාව තුරුලු කරගත්තා.....නලලට වගේම යටි තොලට හොයන්නවත් බැරි පුංචි හාදුවක් තියනකොට මං මගෙ පෙට්ටි හිනාව දැම්මා....ඒත්...වෙනදා තරම් නැතිව....වෙනදට මං කොයි තරම් අරකගෙන් බැනුම් අහනවද.....චුට්ටකට හුරතල් උනත් ඌ මට කොච්චර නම් ආඩපාලි කියනවද..... පිච්චමල්බිසව්තමො ගගා උගෙම හදාගත්තු විකාර වචන ගොඩක් එක්ක උ මාව කොච්චර මඩවනවද ...
මං දන්නෙ එක දෙයයි ..... ඌ නැතුව ගෙවෙන ජීවිතේ හරි නීරසයි...
ශෙනිරුවා .....
.උඹ ආවද.....මෙ මල්.....මේවා මොකටද මේ....
මං උන්නෙ ශෙනිරුගෙ උරහිසට ඔලුව ගහන් නිදි කිර කිර....නිර්වාන් ගිය මොහොතෙ ඉදන් මගෙ රස්සාව සැරින් සැරේම චූටියා ගාවට යන එක...ඌ හුස්ම ගන්නවද බලන එක...මගෙ හිතට කොයි තරම් බයද කියනවා නම්...අර බීප්බීප් ගාන මැශින් එකෙ කොල ඉර ඉහල පහල ගියා උනත් උගෙ නහය ගාවට මගෙ ඇගිල්ලක් තියලා ඌ හුස්ම අල්ලනවද බලනකන් මගෙ හිත ගැහුනා...උගෙ පපුව උස් පහත් වෙනවද බලනකන් මගෙ හිත ගැහුනා.....
නිර්වාන් ඇවිදින්...නිකන් නෙවෙ...උගෙ අතේ ලොකු මල්පොකුරකුත් තිබුනා.....ඇදුම වෙනස් වෙලා...කොන්ඩෙ වෙනස් වෙලා....ඒත්...උගෙ ඇස් දෙක ඉදිමිලා ගිනියම් රතු ගහලා....මුලු තොල්පටම වේලිලා ගිහින් ....
මට පව් කියලා හිතුනා...ඇත්තටම ...ඉස්කෝලේ යන කාලෙ....ඒ ඉස්කෝලෙටම උන්න ලස්සනම කොල්ලා....නිර්වාන්...කඩවසම්ම කොල්ලා නිර්වාන්.....ඒත් අද ඒ කඩවසම් කම හේදිලා ගිහිල්ලා....
නිර්වාන්ව දැක්කම මට එකම දෙයයි හිතුනෙ... එකම එක දෙයයි...මිනිස්සු ජීවත් වෙන්නෙ නෑ...මිනිස්සු ජීවත් වෙනවා නෙවෙ.....මිනිස්සු ජීවත් වෙන්න හීන දකිනවා.....උන් අවසානම දවස වෙනකන් කරන්නෙ හීන දකින එක...
නිර්වාන්ගෙ අතෙ ලොකු මල්පොකුරයි...ඌ මේ රෑ ඔව්වා කොහෙන් කොහොම ගත්තද මන්දා.....ලා නිල් පාට ලිලැක් පොකුරකුත් තිබුනා....
නිර්වාන්...මේ මල්.....
සෑහෙන වෙලාවක් මල් එක දිහා බලන් ඉදලා මං මේ මල් කාටද අහනකොට එයා එතන තිබුන අර පුංචි ලිලැක් පොකුර එයා අරගන ලොකු මල් එක මගෙ දිහාවට දික් කෙරුවා.....
මේක...මගෙ....චූටිට ...මේක.....අම්මට.....මං හිතන්නෙ නෑ සනාශ්...මං කරාපු දේවල් අනුව.....මම අම්මට මේක දෙන්න සුදුසුයි කියලා.....
මං නැගිට්ටා....නිර්වාන් මගෙ දිහාවට දික් කරන් උන්න මල් එක මං ආපිට නිර්වාන් දිහාවටම තල්ලු කෙරුවා.....
නිර්වාන්....දෙමව්පියො කරපු වැරදි වලට...දරුවො වන්දි ගෙවන්න ඕන් නෑනෙ....ඇරත්....උඹගෙ අතින් මේ තාක් වෙනකන් චූටියට කවදාවත් අබමල් රේනුවම තරම් වරදක් උනෙත් නෑ.....ඌව බලාගත්තු හැටි....මම දැක්කා.....ඇරත්...අපි කාටත් වඩා.....ඌ දන්නවා.....මේක...මගෙ අම්මට දෙන්න තහනමක් නෑ නිර්වාන් ....උඹම..මේක දීපන්.....
නිර්වාන් අහක් බලාගත්තා.....ඌට ඇඩෙන්න වගේ ඇති . ...අපි කවුරුත් මෙහෙම දෙයක් හිතුවෙ නෑ....අපි හැමෝම බලන් උන්නෙ...අම්මා එලියට එනකොට දූවල ගිහින් බදාගන්න .ඌයි මායි ඔට්‍ටු ඇල්ලුවෙ අම්මගෙ ඇද බෙදාගන්න....ඒත්...අද මට ඔට්ටු අල්ලනවත් .අම්මව බෙදාගන්න ඕන කමක් වත් තිබුන් නෑ...
මගෙ චූටි.....උඹගෙ සුදූ ගිහින්.....අම්මව එක්ක එනකන් පරිස්සමින් ඉදපන් රත්තරන් හොදද....
ම්හ්හ්..නිරූ...චූ..චියට....පෙන්නන්න...හාද...සුතූ....ගෙ....චූචියට...පෙන්නන්න....හාත....
ම්න්...පෙන්නන්නම්...චූචියට...ලොකු මාමා පහල...නැන්දව තියන්න බෑනෙ...මං එනකන් පරිස්සමින්.....
මං දොරකොඩට වෙලා බලාගන උන්නා...මට ලෝබ හිතුනා.....උන් දෙන්න මැදට ගිහින් චූටියා අම්මව එක්ක එන්න යන්න යන්නෙ කියලා උන්ගෙ ආදර ලෝකෙ බිදින්න මට ලෝබ හිතුනා.....නිර්වාන් චූටියව ගනින්න බැරි තරම් ඉම්බා...ලක්ශ කෝටි වාරයක් පරිස්සමින් ඉන්න කිව්වා....අවසානෙදි අරන් ආව මල් එකෙත් සුවද බලන්න දුන්න නිර්වාන් මගෙ මල්ලිව පොරවලා එන්න හැරුනා....
සෙනූ.....
ම්ම්..බබී...
තාම නෑනෙ.....මේ චූටියත් බලන් ඉන්නවනේ.....චූටියා...මෙ.....තාම නෑනෙ....
අපි එන්න ආවා.....අපි තුදෙනාම උන්නෙ චූටියා එක්ක ගෲප් කෝල් එකක වෙනකොට ඉස්පිරිතාලෙ ඉදන් ඉන්න චූටියට අම්මව එන හැටි පෙන්නන්න ඕනා හන්දා අපි තුන් දෙනාම ඌට කෝල් එකෙන් හතර වටම පෙන්නුවා....
ලොකූ.....චුට්ටක් අර පැත්තට අල්ලපන්කො...
කෝ..කොර පැත්තට.....
අර...එහා පැත්තට...
මං ආයම ඌ කියන විදිහට ඵෝන් එක හැරෙව්වා...ඌ එහෙ ඉදන් අනදෙනකොට අපි තුන් දෙනා කෙරුවෙ ඵෝන් එක එහාට මෙහාට අල්ලපු එක....
පහට බහිනාව කිව්වට...දැන් හයහ මාරත් පහු වෙලා....ඔය කිව්වට...බැහපු ගමන් එන්නත් බෑනෙ....කොච්චර වැඩ තියනවද...
මං වටපිට බැලුවා....මිනිස්සු අඩනවා...සමහරු සතුටට අඩනවා....සමහරු දුකට අඩනවා....
සමහර උන් දාලා යන්න එපා කියන්න වගේ යන්න යන කෙනාව මිරිකගන බදාගන ඉන්නවා...ඒත්...මොනවා කරන්නද....යන්න ආව එක ආපහු හැරිල්ලක් නැතිවම යන්න සිද්ද වෙනකොට .....
හීන පොදි බැදන් කී දහක් නම් මෙතනින් පිට වෙනවද.....සමහර වෙලාවට...සමහර සමුදිම්...සදහටම දුන්න සමුදීම් උනා....
කැම් එක අල්ලන් උන්න මං නිර්වාන් දිහාවට හැරුනා.....අතේ මල් පොකුර තියාගන උන්න නිර්වාන්ගෙ ඵෝන් එකෙ චාර්ජර් එක බැහැලා අවසානෙදි ඵෝන් එකත් ඕෆ් වෙන්න ඔන්න මෙන්න තිබුනත් මේ වෙනකොටත් නිර්වා ගෙ අම්මා කියන ගෑනු පරානෙ ඒ කොල්ලගෙ ඔලුව බාගෙට කන ගමන් අර උඩැක්කියව එක්ක එන්න එයාපොර්ට් යමන් කියන වාරයක් ගානෙම නිර්වාන් ඒකිව එක්ක එන්න යන්නෙ නෑ කියලා අඩි බිම ගැහුවා.....
ඌ නම් පුදුම කරුමයක් ගෙවන්නෙ...ඌ නම්...පුදුම කරුමයක් මේ ගෙවන්නෙ....
චූටි...අයියගෙ ඵෝන් එක ඕෆ් වෙයි හොදද වස්තුව.....
මං ආයම ඇස් කැරකෙව්වා....ඌ ලයින් එකේ උන්න චූටියට ඵෝන් එක ඕෆ් වෙයි කියනවත් එක්කම ඵෝන් එක ඕෆ් වෙලා ගියා වගේම මගෙ ගාව උන්න ශෙනිර්‍ය් මගෙ අතට තට්ටු කෙරුවා....
බබී...අර...අරඑන්නෙ...අර එන්නෙ...අරයා නේ...
කෝ.....
අර....අර සුදු...කලිසමක්....ඇදන්...අර....ලමයො...
ලොකූ....කෝ....කෝ.....අම්මා...කෝ.....
අනේ....චූටියා....අර...අර...අර....එන්නෙ...අම්මා...එනවා..චූටියා...අම්මා එනවා...අම්මෙ...අම්මෙ..මං..මෙහෙ...!!!
අම්මෙ...මේ..චූටියත්....ඉන්නවා....අම්..මේ.....
මං කෑ ගැහුවා....ඇත්ත.....කකුල ලොකු සුදු කලිසමකට අලිගැට පේර කොල පාට බ්ල්වුස් එකක් ඇදන් අම්මා එනවා...මගෙ සෙනූ අදුනගන.....මං කෑ.ගැහුවා....මට දුවාගන්න ඕනා උනා....ඈතින් එන අම්මව දැක්කම මට ඉවසුම් නැතිව ගියා...අවුරුදු ගානක්...අනේ...අම්මව දැක්කෙ අවුරුදු ගානකින් වෙනකොට මං උඩ පැන්නා...ලයින් එකේ උන්න චූටියත් අම්මෙ ගානකොට අනේ දොර පහු කෙරුවා විතරයි මන් අත් දෙකත් උස්සන් අම්මා ගාවට දුවනකොට කවුරු හරි එකියක්.පිස්සු හැදිලා වගේ කොන්ඩෙත් කඩාගන මගෙ අම්මවත් තල්ලු කරන් එලියට දිව්වා...
නිර්...වාන්...මං..දන්...නවා...මං...දන්නවා..ඔයා...මාව...ගන්න...එනවා...කියලා....
මං නැවතුනා....අම්මව බදාගන්න දුවාපු මං නැවතුනා.....
ටානියා....පිස්සුවෙන් වගේ දුවලා තියෙන්නෙ ටානියා...මේකිත් මේ වෙලාවටම ආවද...
ලොකූ...
ලොකූ.....මොකද උනේ...මට පේන්නෙ නෑනෙ.....
මට කර කියාගන්න දෙයක් නැතිඋනා...මේකිව දැක්කොත් චූටියට තවත් අසනීප වෙයි කියන බයට මං ඵෝන් එක සාක්කුවෙ දාගන අතෙ මල් පොකුර තියන් බලන් උන්න නිර්වාන් දිහාව රවාගාන දත්මිටිකාගන බලාගන උන්නා...
නිර්...වාන්..අනේ..මේ...මල්...එකක්...මේ..මල්....
තමුන්ට ගෙනාව මලක් නෑ....අනික...මං තමුන්ව එක්ක යන්න ආවෙත් නෑ....
එහෙනම්.....මේක....මේවා....කාටද ගෙනාවෙ.....ආ නිර්වාන්...මේවා.....එහෙනම්...ඔයා මොකද මෙතන කරන්නෙ...උත්තර දෙන්න නිර්වාන්...
.......මං හිතන්නෙ මං ඔයාට උත්තර දෙන්න බැදිලා නෑ...මේ මල් එක ගෙනාවෙ..මට හුගාක් වටින කෙනෙක්ට.....සෝ.....ප්ලීස්....නාඩගමක් නොවී...අහකට වෙන්න.....
අම්මා අපි ගාවට එන්න අඩි පහ දහයයි....මම වගේම ශෙනිරු උන්නෙ අර නාඩගම් කරත්තෙ නිර්වාන්ගෙ අතේ තිබුන මල් එක උදුරන්න හදන දිහාව බලාගන වෙනකොට වට පිටාවෙ උන්න මිනිස්සු දිහා බල බල ඒකිට කටඇතුලෙන් බැනපු නිර්වාන් ඒකිවත් හප්පන් අපිවත් පාස් කරන් කෙලින්ම ඉස්සරහට ගියා....
" අම්මා...."
🌼ආයම කොටසකින් එන්නා....ම්
පයිස්සමින් ඉන්ඩෝ....
ආතරෙයි හැමෝටම....
මම
ජොබී
Nedeesha