WebNovels

Chapter 67 - 67

අම්මා...

මං බලාගන උන්නා...චූටියගෙ නිර්වාන්....නැත්තන් චූටුයගෙ සුදූ බයෙන් බයෙන් උනත් අපි කාටත් කලියෙන් අම්මා කියලා බදාගන්නකොට අනෙ.....කාගෙවත් හිත් බිදීමක් නැතුව අම්මා නිර්වාන්ව බදාගත්තා.....

අම්මලා හරි දක්ශයි ....වේදනාව හනගන්න.....

අම්මා ආව එකම හේතුව චූටියා...දෙයියනේ කියලා ගෙදර වැඩ ටික අහවර උනා විතරයි ...ඒත් අප්පච්චි නැතුවම උනත් ගෙට ගෙවදින්ඩ බලාගන ආව අම්මා.....

අම්මා නිකන් වත් ඇහුවෙ නෑ...අම්මා නිකන් වත් කිව්වෙ නෑ උඹ හන්දයි මගෙ කොල්ලට මෙහෙම උනේ කියලා...මං දන්නවා.....චූටියා අපිට වඩා හොදට උගෙ නිර්වාන් ගැන අම්මට කියලා ඇති...

දෙන්න අම්මා මං ගන්නම්.....

බෑනල හොද වෙනවා....අපි විසිවෙනවා කියන්නෙ නිකන් නෙවෙ....අම්මව අයිති කරගත්තු නිර්වාන් දෙන්න අම්මා කියලා අර බැගේජ් දාන් ආව කරත්තෙ අතට ගන්නකොට මටයි ශෙනිරුටයි එක තත්පරේකට අපිට පිටිපස්සෙන් හැපින්නක් ඉන්නවා කියන්න අමතක උනා....

වට්...න්..නිර්වාන්....

ඒ...ඒ...ඒ...ටානියා.....ටානියා....

ශෙනිරු.....ඒ කව්ද ඒ...නිර්වාන් මොකටද එයාට අම්මා කියන්නෙ.....මාව ගන්න ආවෙ නැති එයා අර කාවද ඔය තරම් බදාගන්නෙ....ඒ පාර.....ඒ පාර මෙ මනුස්සයා වයසක ගෑනු එක්කත් යනවද .....

එහෙනම් ඉතින් අම්මා කියලා කතා කරන්නෙ නෑ නේ ටානියා....සුදු අම්මි කියනවා මිසක්....කට තිබ්බ පලියට වාචාල කම් කියවන්න එපා ටානියා...කොච්චර පොශ් පිට බැස්සත් කට ඇරපු ගමන් ඔක්කොම ඉවරයිනෙ...

ශෙනිරු උන්නෙ කඩාගන බිදගන පිඹගන යන්න ගියපු ටානියව අල්ලගන....හැබැයි ඉතින් අතින් කටින් නෙවෙ....කෙලිම්ම අර කරෙ එල්ලන් උන්න නයිපනික්කි මල්ලෙන්.....

ටානියා ..ඇත්තටම ....අනෝමටම ගැලපෙන ගෑනු පරානයක්.....අච්චර හොදට කතා බහ කරන අම්මටයි නිර්වාන්ටයි කියපු කතාව අහලා මට මේකිට මෙතනම කන පලන්න හිතුනත් මං ඉවසන් උන්නා........

ශෙනිරු මං අහන්නෙ ඒ කව්ද....මාව ගන්න එයි කිය කිය ආන්ටි කී පාරක් කිව්වද.....ඒ වචන උඩ...ඒ විස්වාසෙ උඩ මං මගෙ අම්මිට තාත්තිට වත් කිව්වෙ නෑ...අන්තීමට මට සිද්ද උනෙ මොකක්ද...මං හිතුවෙ.....මං හිතුවෙ වෙන කපල්ස් වගේ....

ඇයි ...අම්මිට තාත්තිට නොකියා අනාගත බෑන එක්කම ගෙදරට ගොඩ බැහැලා සපාසිස් කරන්නද....?නැත්තන්...ඔය කිව්වා වගේ වෙන කපල් වගේ මෙතන ටික් ටොක් නටන්නද.....??

 

මගෙ කටට බ්‍රේක් නැති වේගන ආවා.....කොටින්ම.මගෙ යටි හිත කිව්වෙම අයියෙක් විදිහට චූටියා නැති තැන උගෙ මිනිහව මේ වගෙ කුන්ඩාවාල වලින් බේරපන් කියන එක වෙනකොට මං මගෙ වක්කඩේ ඇරලා කියවනවත් එක්කම ඒකි අර බොරු ඇහි පිහාටු කරකවලා....ඇහි පියන් උඩට කලු පාට ගාපු ඇස් කරකවලා මේ උදේ පාන්දර අමු මස් ගිලපු එකී වගේ රතු පාට උලාගන උන්න කට ඇදකරල බලනවත් එක්කම ඒකි මාව උඩ ඉදන් යටටම ස්කෑන් කරන්න ගත්තා....

ඒ බැල්මෙ තිබුනෙ....නිකන්..මේ....එව්ව්....හරිම ගොඩේ වගේ මහ අමුතු ලයිනක්.....මොන මගුලට මං පොශ් වෙන්නද....මම අදත් දාන් උන්නෙ පොල් ගහ ලකුන බාටදෙකයි....කැම්පස් එකේ කොල්ලෙක්ගෙ කලිසමයි.....කැම්පස් ටී එකයි....ටී එකත් මගෙ නෙවෙද මන්දා....හෝදල වැලේ තියෙන්නෙ මොකක්ද කාගෙද කින්ද මන්ද නොබලා ඇදගන යන කලාවක් තිබුන රූමො ටිකක් එක්ක ඉන්න මගෙන් පෙනුනෙත් කැම්පස් රැඩිකල් පොරකගෙ ලුක් එක වෙනකොට පොලිස් කාරයො අන්තරේ ඉන්න ලහිරු දිහා බලනවා මහ කුජීත බැල්මකින් මගෙ දිහා බලනකොට මං මගෙ වැවුන රැවුල කැසුවා....

අනේ මට මෙ පඩ ලයින් අල්ලන්නෙ නෑ.....මගෙ අම්මා අප්පා මේ බෝඩරෙන් පිට පනින්ඩ කලියෙන් මහ පොලව අස්වද්දපු මිනිස්සු....හේන් වල ඉදන් දුක් විදපු මිනිස්සු....එහෙව් අම්මා අප්පගෙ ළමයි උන අපිට මොන පඩ ලයින්ද... ඇරත්....ශෙනිරු අද වෙනකන් කියලා නෑ...ඔහොම අදින්න එපා බබී...මෙහෙම ඇදපන් බබී කියලා ...මගෙ මිනිහට මාව සැටිස් නම්..ආය මොන ලබ්බද....??

.

.ආ..හ්...ශෙනූ.....මේ අර....අයියා මලෝ දෙන්නගෙන් එක්කෙනෙක් නේද....තවමත් ඒ ඇයි හොදැයි කම්...එහෙම තියනවා.....ඔව්...ඉතින්....මේ වගේ....ෆස්ට් ක්ලාස් මනුස්සයන්ව අතාරින්නෙ මොන මෝඩයද...

ඇත්තට....එතකොට ඔය නංගිත් ෆස්ට් ක්ලාස්ද.....ෆ්ලයිට් එකේ ආවෙ...බිස්නස් ක්ලාස් එකට වෙන් කරපු තැන වෙන්න ඇති...ටානියා....අපි සෙකන්ඩ් හරි ...තර්ඩ් හරි වෙන්න පුලුවන් .....ක්ලාස් එක අදාල නෑ ටානියා...අපි....ඔයාල කියලා වෙනසක් නෑ.....ඉන්නකන් රගලා....අවසානෙදි අඩි හයක් යට...ආය එතකොට ඔය ක්ලාස් බැලිලි නෑ....අපි ඉතින් එදා ඉදන් නිර්ධන පාන්තිකයො ඒකට අවුලක් නෑ....එත් ඉතින්...ඔය නෝනට තියෙන්නෙ මහ පීක්චන් කටක්නෙ....මාලු කටක් වගෙ....එහෙ වික්කෙ මාලුද?

තමුන්.....ශෙනූ...

එයාට මොනවත් කියලා වැඩක් නෑ ටානියා...මොකද.....මගෙ සනාශ් කිව්වෙ ඇත්ත....ඇරත්...මං හැමෝටම ශෙනුත් නෙවෙ....ශෙනිරු ...සෝ....ප්ලීස්....නමම කියන්න...මොකද...මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියන්නෙ...හරිම childish ...ජෙලස් කෙනෙක්....එයාට විතරයි මට ඒ නම කියන්න පුලුවන් .....

හහ්....එතකොට...ඒකත් එහෙමයි...ඒ පලහිලව්ව තාම තියනවා....

.තාම තියනවා කියන්නෙ...පලහිලව්ව නැවතිලා තිබුන් නෑනෙ ටානියා...නේද බබී.....ඇරත්....අර ඉන්නෙ..... සයාශ්ගෙ වගේම...මගෙ ආදරනියම වගේම...මගෙ හුරතල්ම බෝයිෆ්‍රෙන්ඩ්ගෙ...ඉස්සරහට..... වෙන්ඩ

හස්බන්ඩ්ගෙ...අම්මා.....දැම්ම කියලා තියන්නම්..මොකද....වෙඩින් ඉන්විටේශන්ස් දෙනෙ පවුලෙ අයට විතරයි...

මට හිනා යන්නත් ආවා...මොකද...අවුරුදු ගානකට උඩදි වැඩි දුර නොහිතා කටින් පිටවුන වචනයක් හන්දා මේ අන්තීම තත්පරෙ වෙනකනුත් මගෙන් කුනු කතා අහපු ශෙනිරු අරකිට කෑ නොගහා කියවනකොට මං එයාගෙ දිහා හරි ආඩම්බරෙන් බලන් උන්නා..මොකද..මං විට කාලා සරමක් ඇදන් උන්නත්.....ශෙනිරු මම කියන්නෙ එයාගෙ ජීවිතෙ එයාගෙ හදවතේ කොතන කොයි විදිහට.....ඉන්න කෙනාද කියලා අවංකවම කියන බව දැනන් උන්න හන්දා....

ආ.....ඒකයි එහෙනම් මේ ...මල් උස්සන් දුවාපු කාරනාව...ඒ පලහිලව්වත් තාම තියනවා...මේ කිසිම දෙයක් ගැන අනෝමා ආන්ටි දන්නෙ නැතිව ඇති....දැනන් උන්නත් ..නැතත්.....දැනටමත්..මගෙ අම්මියි තාත්තියි ඩේට් ෆික්ස් කරලා තියෙන්නෙ....

ඇත්තට...ලොකුද දන්නෙ නෑ.....ෆික්ස් කරපු ඩේට් එක නේ.....

ටානියා...මං දෙයක් කියන්නද...ලොකු අම්මා කියන විදිහට ඌ කවදත් වැඩකරපු නැති මිනිහා කියන්ඩ ඔයා දන්නවා....ඊටත්.....ඌයි..මායි හෙව්වෙ....මොන අපායකට වැටුනත්....ඕන දුකක් විදන් ඉන්න පුලුවන් මිනිස්සු මිසක්....අවුරුදු ගානක් එකට ජීවත් වෙලා...චූටි අඩුපාඩුවක් දැක්ක තැන එපා කියලා එලියට විසි කරන ගෑනු පරානයක් නෙවෙ...ඔයාව ඌට ගැලපෙන්නෙ නෑ ටානියා...මොකද.....ඌව ලබාගන්න තරම් ඔයා තත්වෙක නෑ...මං මේ හරි වැදගත් විදිහට ඔයාට කතා කරලා මෙතනින් යන්න කියන එක මේ කියන්නෙ.....

මො..මොකක්.....මම තත්වෙක නෑ....ශෙනිරු...මං හිතන්නෙ ඔයා දැන් විහිලු කරන්න දන්නවා වගෙ ....තත්වයක් නෑ කියන්නෙ....ඔයා හිතන්නෙ මං දුප්පත් කියලද....

හ්ම්....සයාශ් ගාවින් තිබ්බම....ටානියා....ඔයා හැම අතිම්ම දුප්පත්....මිනිහෙක්ගෙ ජීවිතෙ වසන්තෙට අයිතිවාසිකම් කියන්න පුලුවන් ...උගෙ ජීවිතේ ඉඩෝර කාලෙදිත් ලගින්ම උන්න මිනිස්සුන්ට විතරයි...ඌට උගෙ ජීවිතෙ පලවෙනි පාරට අම්මෙක් හම්බෙලා තියෙන්නෙ.....ඒ සතුට නැති නොකර...ඔයා යන්න...මං මේ වැදගත් විදිහට ඔයාට කතා කරන්නෙ...ඔයා ඌට එක අංශු මාත්‍රෙකින් වත් ආදරයක් තියනව නම්...උගෙ සතුට දිය නොකර යන්න.....

...මං මේක ආන්ටි එක්ක කතා කරගන්නම් ශෙනිරු.....

මට හිනාවක් ගියා....වැඩක් නෑ... වැඩක් නෑ.....නිර්වාන්ගෙ අම්මයි....ටානියයි කියන්න දෙන්නම කියන සිංහලක් නොතේරෙන ගෑනු වෙනකොට මම තවමත් මගෙ අම්මගෙ වැඩ වලට එහා මෙහා යන නිර්වාන් දිහා බලාගන ඉදලා අවසානෙදි ටානියා දිහා බැලුවා.....අවසානෙදි මගෙ ශෙනිරු දිහා බැලුවා...

සෙනූ.....එයාට මෙතනින් හයර් එකට තියන වාහනේක හරි යන්න කියන්න...ඒත් බැරි නම්.....ඉකම්න් .lk එකට වත් දාන්න තියෙන්නෙ.....

මං එන්න ආවා....එතනින් එහා එතන එකම එක තත්පරේකට වත් නැවතුන් නැති මං මෙච්චර වෙලාම මාවම හිරකරන් උන්න මං කෙලින්ම අම්මා ගාවට දිව්වා.....

අම්මා....හ්හ්...

අනෙ මං දිව්වා....චූටියා තවමත් ලයින් එකේ ඉන්නවද නැද්ද කියන්න මං දන්නෙ නෑ...මං දිව්වා.....අවුරුදු ගානකට පස්සෙ අම්මව දැකපු මට ඇඩුනා....හැමදාම ඵෝන් එකෙන් දකින අම්මට වඩා මගෙ ඇස් ඉස්සරහා උනන් අම්මා මං දැකපු අම්මගෙන් බාගයක් වත් නැති උනා...ඉස්සර ඉනනටත් පහලින් තිබුන තනි කරලට ගෙතුවමත් අතක සයිස් මහතට තියන තද කලු කොන්ඩෙ අද ගස් දෙකතුනකට සීමා වෙලා ඒකත් උරහිස ගාවට වගෙම නලල දෙපැත්තෙම තට්ටෙ වගේ පෑදිලා තියනකොට අනේ මට හීල්ලුනා....

අම්මේ...

මං අම්මව බදාගත්තා...කිටි කිටියට තුරුල් කරගත්තා....අම්මා ලන්කාවෙන් යනකොට අම්මගෙ ඉන ගාවට වගේ උසට උන්න මං අද අම්මගෙ උසටත් වඩා උසින් ඉන්නකොට අනේ මන් අම්මව තුරුලු කර ගත්තා...

..චූටියා....

චූටියා....හොදින් අම්මෙ....ඌට කරදරයක් නෑ...ඌ සනීපෙන්...ඌ බලන් ඉන්නෙ අම්මා එනකන්....

අම්මා ගාව රට සුවදයි...නිර්වාන්ගෙ කැබ් එකේ පිටිපස්සට බෑග් ටික දාපු මට කතා කරන්න දේවල් දහසකුත් ගොඩ ගැහෙනකොට මං අම්මා එක්ක පිටිපස්සෙන් නගිනකොට මගෙ සෙනූ ගිහින් ඉස්සරහින් ඉදගත්තා....

ආය යන්න එපානෙ...අම්මෙ....

මං කිව්වෙ එච්චරයි .....අම්මගෙ උරහිසට ඔලුව තියාගත්තු මං අම්මගෙන් ඉල්ලුවෙ එක දෙයයි...ආයම යන්න එපා කියන එක වෙනකොට අම්මා මගෙ ඔලුව ඉඹගත්තා...ඒත් ඒ ඇස් වල දුකක් තිබුනා.....වෙන මොකුත් නෙවෙ.....ඉස්පිරිතාලෙ ඇදක් උඩ උන්න චූටියාව මතක් වෙලා වෙනකොට මං අම්මගෙ සුදු උනත් කෙට්ටු වෙලා තිබුන අත හිමින් අත ගෑවා...

අම්මත් ආව එකේ...දැන් ඉතින් චූටියව කොහොමත් ඉක්මනට සනීප වේවි අම්මෙ....

 ************

Nirvan pov.....

බබා.....අම්මව ගත්තා.....අපි එන ගමන්....මගෙ ළමයා ඔයා හොදින් නේද.....

මං තනි අතින් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ශෙනිරුවගෙ ඵෝන් එකෙන් මැසේජ් එකක් දැම්මා... ඒ එක්කම මගෙ කොල්ලගෙන් මට රිප්ලයි එකක් එක්ක හාර්ට් ඉමෝජියක් ආවා...

පරිස්සම්න් එන්න සුදූ....චූටියා බලන් ඉන්නවා...❤

අනේ මන්දා...මගෙ හිත පිස්සු නටනවා...

කාටත් කලියෙන් අම්මව බදාගත්තෙ මං .....

කාටත් කලියෙන් අම්මෙ කියාගෙන දිව්වෙ මං...මට සතුටුයි .....මං හොයාපු අමව මට අනෝමා කියන ගෑනු චරිතෙ ඇතුලෙදි කවදාවත් දැල්දාලවත් හොයන්න බැරි වෙනකොට ...තමන්ගෙ පුතා අසනීප වෙන්න එකම හේතුවත් මං බව දැන දැන ඒ අම්මා මාව තුරුලු කරගත්තා...මගෙ අම්මා වගෙ සෝබනේට වදින නොවදින හානට දෙන හාදු නොතිය පපු කුහරෙට දැනෙන්නම හාදු තිබ්බා.....

මට සතුටුයි.....හිත අස්සෙ වේදනාව තිබුනා උනත්...හදිසියෙ වැහැපු වසනත වැස්සත් එක්ක මගෙ හිතේ මැලවුන මල් ආපිට පන ගහනකොට මං සැරින් සැරෙම පස්සෙ කන්නාඩියෙන් අම්මගෙ උරහිස උඩ ඔලුව ගහන් ඉන්න සනාශ් දිහා හරි ඊරිසියාවෙන් බලන් උන්නා....

දැන් ඉතින් අම්මගෙ උකුලට ඔලුව ගහන්න මාත් ඉන්නවා.....

අම්මා....මෙහෙන්....

මෙ වෙලාවෙ යන්න දෙනවද නිරූ.....ආ පුතේ....

යන්න පුලුවන් ....ඩැඩාගෙ නම හින්දා ....

නිරූ.....මගෙ චූටියා කියනවා වගේම අම්මා මට අනේ කහටක් නැතුව නිරූ පුත් කියනකොට අරූට ශෙනූ කිව්වා.....මොන මෝඩයද දෙයියනෙ මෙහෙම නැන්දම්මෙක්ව නැති කරගන්නෙ.....මොන මෝඩයද මෙහෙම පවුලක් නැති කරගන්නෙ.....

මම ඉස්සරහිම්ම යනකොට අම්මා වගේම අරුන් දෙන්නත් පිටිපස්සෙන් ආවා වගෙම මං එහෙම්ම ගිහින් මගෙ සයාශ් ඉන්න කාමරේ දොර ඇරියා...

බබා අපි ආවා.....!!!

මගෙ සතුට මගෙ හිනාව...මේ හැම දේම එක පාරම ලැමිනේට් වෙලා ගියා...මගෙ හැම හිනාවක්ම එක පාරම මිදිලා ගියා...ඇද උඩ උන්න මගෙ සයාශ්ව දැකපු අම්මගෙ හිනාව එක පාරම හිදිලා යනකොට මගෙ හිනාවට මීට එහා පන ගහන්න බැරි උනා...

මං එලියට උනා...මොකද ....මගෙ අම්මට මගෙ මූන දිහා බලලා වචනයක් කතා කරන්න විනාඩි පහක් නැති උනාට...මේ අම්මට තමන්ගෙ දරුවො වෙනුවෙන් මරු කටින් උනත් ආපිට හැරිලා එන්න හයියක් තිබුනා...

.උඹ අවුලෙන්ද.....

.මමයි ශෙනිරුවයි උන්නෙ එලියෙ...අම්මගෙ ඉකිය ඇහෙන වාරයක් ගානෙම මගෙ හිත මටම දොස් කිව්වා...අම්මෙක්ව අඩවන එක ගෙවලා ඉවර කරන්න බැරි පවක් වෙනකොට මං නිකල් වැට මිරිකන් ශෙනිරුවා කියපු දේට උත්තර බදිනවා වෙනුවට ඔලුව හොලවනවා එක්කම ශෙනිරුගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා....

නිර්වානයා....

ම්න්....

ලොකු අම්මා...

අරකි ගැන අහන්න වෙන්න ඇති...ආන්ස්වර් කරපන්...මං නෑ කියපන්....

මටත් ගනන් උස්සන් ආවොත් මාත් කට පියන් ඉන්නෙ නෑ නිර්වානයා...උඹගෙ අම්මා එක්ක අපිට දැන් කොහොමත් බැදීමක් නෑ...ලොකු අප්පච්චිව අයින් කරපු දා ඉදන්...අප්පච්චි ලොකු අම්ම එක්ක ඇයි හොදයි කම් වලට සීමා දැම්මා....අනික...අරකා එක්ක ඉදලම මගෙත් කට දැන් වාචාල වෙලා.....

ඕන මගුලක් කියපන් කියලා ඔලුව වනපු මං එලිය දිහා බලාගන උන්නා...අරූ කෝල් එක ආන්ස්වර් කෙරුවා...

ලොකු අම්මා කියන්න....

ශෙනූ....කෝ අපේ එකා.....උගෙ ඵෝන් එක වහන් ඇයි අහපන්....

බැටරි නැති හන්දා ....

මං ඕකට කිව්වෙ ටානිදුවව ගන්න යන්න නේද...මූ කාව ගන්නද මල් අරන් ගිහින් තියෙන්නෙ.....

ආ....ඒකි ඒටිකය කේලම කනේ තියල නේ....ඒකිගෙම්ම අහගන්න එපැයි ලොකු අම්මා...ඇරත්...අපේ එකාට ඒකිව නයාට අදුකොල වගේ වෙන්කොට ඌ යයිද....

ශෙනිරූ...මට ඒවලින් වැඩක් නෑ..මං ඇහුවෙ කියන්න කරපුන්දේ නොකරන්න හේතුව....මූටත් දැන් මහ එකාට වගේ සිංහල තේරෙන්නෙ නැද්ද කොහෙද...

හේතුව ඉතින්..ඌ එකිට කැමති නෑ....ඒක අදක ඊයෙක ඉදන් කියන කතාවක් බීප්...බීප්....බීප්....

කට් කෙරුවනෙ බන්....

ඕන මගුලක්

මට මහ කලකිරීමක් දැනුනා....එක තත්පරේකට හරි අර අම්මා සනසවපු හිත මට ජාතකේ දීපු අම්මම කුඩු පට්ටම් කරල දානකොට මං මගෙ නලල මිරිකගත්තා....

මම හිතන්නෙ...මං අම්මගෙ ළමයෙක් නෙවෙද කොහෙද ශෙනිරු ... අම්මලාට බෑ ඔහොම කරන්න...මට දැන් මේ වෙච්ච කෙරිච්ච දේවල් එක්ක.....ඔලුවට විකාර හිතෙන්න ගන්නවා....

උඹගෙ අම්මට සිංහල උගන්නනවට වඩා හොදයි හෙලුවෙන් ඉදන් පොල් පරාලයක් උඩ රූට්ටන එක නැත්තන් හරකෙක් අල්ලන් ඌට සමාගම් ගිණුමක් හදන්න උගන්නන එක....උඹගෙ අම්මට බන් ඔලුව තියෙන්නෙ බෙල්ලෙ පාලුවට ...

මං ඔහේ උන්නා....ශෙනිරුවට කොහොමත් අම්මව දිරෙව්වෙම නෑ....අප්පච්චිගෙන් අයින් වෙලා ඩැඩා කියන මනුස්සයව ගෙට ගෙනාව දා ඉදන් ශෙනිරුවට අම්මව පේන්නම බෑ....

සමහර කරුම එන්නෙ.....අම්මා අප්පා වෙලා කියලා අහලා තිබ්බට මගෙ අම්මම ඇවිත් ඒක මට තේරුම් කරලා යනකන් මට මොකුත් හිතා ගන්න බැරි උනා...

උඹ ඔව්වා හිතන්න එපා ....මොනවා උනත් ඇමතියා උඹට පන ඇරන් ආදරෙයිනෙ ....

හ්ම්.....ඇමතියා පන ඇරන් ආදරෙයි....ඒත් ...

වැඩක් නෑ ඔය ගැන කතා කරලා.....මං ඒ මනුස්සයට දැන් වචනෙකින් වත් මොකුත් කියන්න යන්නෙ නෑ ශෙනිරු..මගෙන් කුනු කතා අහන් උනත්....ඒ මනුස්සයා මගෙන් ඉල්ලුවෙ නියම අයිතිය.....ඒක තේරුම් ගන්න මට කල් ගියා....අම්මගෙ වැඩ එක්ක වගේම....ඒ මනුස්සයා සංජනට සංජනගෙ අම්මට කරපු දේවල් එක්ක ආව තරහට මං සෑහෙන්න පලි ගත්තා...තරහව පිට කෙරුවා.....

මං නිකල් වැට අත් දෙකෙන් මිරිකගන ඔහේ කියෙව්වා....සමහර දේවල් තේරුම් ගන්න කාලයක් යනවා කියන්නෙ කට වචනෙට නෙවෙ කියන එක තේරුම් ගන්නත් මට කාලයක් ගියා....

මොන දේ උනත් ...ඇහේ මුනෙ තියන් හදපු අප්පච්චි මාව අත ඇරියෙ මටවත් හිතාගන්න බැරි විදිහට වෙනකොට ...අප්පච්චි කියන මනුස්සයට මගෙ මූනවත් මතකද කියන්න මට හිතන්න අමාරු උනා.....

ශෙනිරු මට ඵෝන් එක දීපන්....

මං ශෙනිරුවගෙන් ඵෝන් එක ඉල්ලගත්තා.....අර අම්මලා පුතාලා තවම කියවනවා...අඩාගන ආව උනත්....දැන් නම් අරුන් දෙන්නගෙ කටවල් වල සද්දෙ එක්ක මං කාමරේ පැත්ත බලනකොට ශෙනිරුවත් මා දිහා බලලා උරහිස් ඇකිලුවා....

.සක්කිලි පඩි අරන් වගෙ...අපෙ එකාගෙ පෙට්ටි කටේ සද්දෙ බලපන්.....මං බයේ උන්නෙ මූ අරකිට මොන කුනු හර්පයක් තලයිද කියලා...

ඒකි මොනවද කිව්වෙ.....?

උඹලගෙ අම්මා එක්ක කතා කරගන්නම් කියන්නෙ....

පිස්සු.....ඒකිව කරගහන්න මං බෝතල් පත්තරකාරයෙක් වගෙ පේනවද...?

උඹාලගෙ අම්මට සල්ලි කිව්වොත් ආය ...උඹව යකඩ වලට හරි විකුනයි...මොනවා උනත් ඕකි ඉස්සරහට මහ වාතයක් වෙනවා නිර්වානයා.....

ම්න් මං චූටියව එක්කන් ගෙදර යනවා...

අඩුපාඩු මැදම....

සර්ව සම්පූරන වෙනකන් උන්නොත්....ගේ විතරක් සර්ව සම්පූර්න වෙයි ...අම්මා හන්දා මං මිනිමරුවෙක් වෙලා ඉදී.....

......මන්දා බන්....උඹට අපි එක්ක යන්නවත් එන්න බෑනෙ.....

අවුරුද්දක් දෙකක් ගියහම බලන්නම්....

බලපන්...මෙහෙ නම් ඉන්ඩ එපා...අනික උඹගෙ අම්මා ඔය විකාර කියෙව්වට...සුරේන් අංකල් කියන්නෙ ඒ තරම් මන්දබුද්දික ඩයල් එකක් නෙවෙනෙ....දෙයක් කිව්වම එක පාරයි...ආය ඥන් පඥන් නෑ.....උඹ අංකල්ට කියලා බලපන්.....සංජනයවත් පිලිවලක් කරයිනෙ.....

මට දැන් අම්මා ගැන බයක් නෑ ශෙනිරු ...මට බය....එයාගෙ අවසානම තැන මොකක් වෙයිද කියන්න....එයාට සංජනගෙ ඩැඩාව ඕනා කිව්වා...ඒ මනුස්සයව අයිති අරගත්තා....දැන් ඒ පාර අර හෝන්තුවට මාව කරගස්සවන්න යනවා.....ඒක ඉතින් උඩ ඉන්න දෙවියො ස්වර්ග ආසනේ දෙන්නම් කියලා මට ඒකිව බැදපන් කිව්වත් වෙන දෙයක් නෙවෙ...ඒත් බන්...ප්‍රශ්න වැලක අවසානෙ....හිත බිදෙන උත්තරයක් උනත්....හිත සැනසෙන උත්තරයක් උනත්...අවසානෙ මොන දේවෙලා තියෙයිද කියන්න හිතනකොට මට එයාගෙ අවසානෙ බයයි .....

හ්ම්ම්...උඹට මං දෙයක් කියන්න ද නිර්වාන්....?මන්දා...මං මේ උඹට කියන්නෙ.....මගෙ හිතට දැනුන දේ...කතාවක් පින්තූරයක් ෆ්‍රේම් එක ඇතුලෙ ඉදන් බලනවට වඩා.....ෆ්‍රේම් එකෙන් පිට ඉදන් බලනකොට...නොසෑහෙන්න දේවල් දකින්න පුලුවන් ...මං උඹට මේ කියන්නෙ.....මට දැනෙන දේ....හරී.....

සාක්කුවට අත් දෙක දාගන ඉන්න ශෙනිරුවා කියන දේවල් අහන් උන්න මම ලාවට මගෙ ඔලුව උඩපහතට කෙරුවා...

උඹගෙ අම්මව වැටුන් නෑ බන්...

.එහෙනම්.....

සංජනයා තල්ලු කරලා.....සංජනයම වැට්ටුවා.....මොකද....වැටුනා නම්....උඹගෙ අම්මා මේ වෙනකොටත් ඇදේ....සංජනයා කියන්නෙ.....නිකන් මේ ආතක් පාතක් නැති ඩයල් එකක් නෙවෙ නිර්වානයා....ඌ අවිත් ඉන්ටර්ලිජන්ඩ් පොරක්...උඹගෙ අම්මා....උගෙ අම්මගෙ ගෙදර ආවා....ඒක ඌ ඉවසුවා...හැබැයි බන්....උගෙ අම්මගෙ දේවල් කඩලා පොඩි කරලා දානකොට ඌ ඉවසුවෙ නෑ...හැබැයි....අංකල් සුරේන් හන්දා ඌට ඉවසන්න සිද්ද උනා.....නිකන් හිතපන්.....මං මේ කියන්නෙ...නිකමට....

තමුන්ගෙ අම්මගෙ මිනිමරුවා....උඹගෙ අම්මා බව දැන දැන....ඌ කොහොමද ගානක් නැතුව උඹගෙ අම්ම එක්කම උඹගෙ ගෙදර මොකුත් නොවුන ගානට ජීවත් උනේ.....

උඹට වඩා...ඌ...උඹගෙ අම්මා ගැන දැන් දන්නවා....ඌ ඇවිත්...උඹගෙ අම්මගෙ හැම වීක් පොයින්ට් එකක්ම අල්ලන් ඉවරයි.....ඌ උඹගෙ ගෙදරට ආවෙ...හේතු තියාගන නිර්වාන්...

මං ශෙනිරුගෙ ඵෝන් එක මිරිකගත්තා....වෙන මොකටවත් නෙවෙ....ඌ කියන වචනයක් වචනයක් ගානෙම හරි හින්දා.....

උගෙ අම්මගෙ මිනිමරුවා...උඹගෙ අම්මා....සාක්කි ඇතා...නැතා....ඒ වෙන කවුරුත් නෙවෙ...නිර්වානයා...උඹගෙ අම්මා....ඕක යටගහන්න එකම හේතුව.....සල්ලි....උඹට හිතෙන්නෙ නැද්ද...මිනිමැරුම....සියදිවි හානි කරගැනීමකට හැරවුනා කියලා ....????

ශෙ....නිරුවා....

හොදට හිතපන් නිර්වාන්.....සංජනගෙ අම්මා කියන්නෙ මොලෙ නැති ගෑනියෙක් නෙවෙ....ලොකු අම්මා වගේ කපටි මොලේ තියන ගෑනියක් නෙවෙ...උගත් ගෑනියක්.....උඹලා දෙන්නව එදා අවසානෙටම දැකපු සංජනගෙ අම්මා මොනවද කිව්වෙ කියලා හොදට මතක් කරපන් නිර්වාන්....

මං මගෙ නලල මිරිකගත්තා...එදා උදේ මං උන්නෙ සංජනගෙ රූම් එකෙ....ඌට උදව් කර කර...ඒ වෙලාවෙ ආව උගෙ අම්මා නිසා මට මාරු වෙන්න බැරි උනත්....ඒ මනුස්සයා හරි අහිංසක විදිහට හිනා වෙලා ඇහුවෙ.....

ශෙනිරු ...ඒ...ඒයා

උඹ කිව්ව විදිහට.....එයා ඇහුවෙ...උඹලගෙ අම්මට අංකල් සුරේන්ව දීලා හමාරයි...ඒත්...සංජනයට එතනින් අයින් වෙන්න උදව් කරන්න කියලා...එහෙමනෙ....

ඔව්...

උඹ චුට්ටක් හිතපන්....අංකල් සුරේන් ගෙ කිසි කෙයාරින් එකක් නැති සංජනය උගෙ අම්ම පට්ටටෙම ආදරෙ කෙරුවා...උඹගෙන් උදව් ඉල්ලුවෙ....උඹත් ඇවිත් අංකල් සුරේන්ගෙ ළමයෙක් හන්දා.....හරි...උඹගෙන් උදව් ඉල්ලුවෙ...උඹලා දෙන්නා එක වයසෙ හන්දා...සංජනගෙ හිත හදන්න පුලුවන් වෙයි කියන්න හිතලා උඹට කතා කරන්න අවස්තාව දුන්න වෙන්න පුලුවන් .....

මං ඉදගත්තා.....මොකද....හිටගන උන්නොත් මට කලන්තෙ අල්ලයි කියලා හිතුන හන්දා...ශෙනිර්‍ය්වා කොරිඩෝව දිගේම එහාට මෙහාට ගියා....ඌට තියෙන්නෙ උගෙ තාත්‍තගෙ ගමන ...බර අඩි....ජගත් අංකල්ගෙ බර අඩි තියන ගමන ....මම වගේම කොයි වෙලෙත් කලු පොරවන ශෙනිරුවගෙ හැඩ තල දිහා බලන් උන්න මං එදා වෙච්ච කෙරිච්ච දේවල් හැම එකම කල්පනා කරන්න ගත්තා...

ඇත්තටම ඒ අම්මා මගෙ අත් අල්ලන් කිව්වේ....සංජනට උදව් කරන්න කියලා.....

.නිර්වානයා...සංජනගෙ අම්මට....මැරෙන්න හිතේ කොනකවත් අදහසක් තිබුන් නෑ...

ශෙනි....රු...

හ්ම්ම්.....උගෙ අම්මා....සංජනයට පන ඇරලා...එහෙව් අම්මලා...කවදාවත් දරුවො තනි කරන්නෙ නෑ....උඹට හිතෙන් නැද්ද ...අංකල් සුරේන්ට ඩිවෝර්ස් එක දීලා...සංජනයගෙ අම්මට සංජනයව අරගන වෙන කොහෙ හරි යන්න ඕනා උනා කියලා....???

එහෙනම්..මොනම් මොන මගුලටද බන්...ස්ලැබ් එකෙන් පනින්නෙ.....???

කව්ද කියන්නෙ....එයා පැන්නමයි කියලා ....සමහර විට...තල්ලු කරා වෙන්නත් පුලුවන් .....උඹගෙ අම්මා එදා උදෙත් උඹව බලන්න ආවා....උඹ නොදන්නවා උනාට....

උඹ කියන්නෙ.....

නිර්වානයා...අමතක කරන්න එපා...මං ඇවිත්...ඉනටර්ලිජන්ඩ් ඔසිසර් කේනෙක්ගෙ පුතෙක්....උඹ නොදන්න දේවල් හුගක්...සංජන දන්නවා....ඌ.ඉන්නෙ....උගෙ ප්ලෑන් එකෙ...අවසාන ස්ටෙප් එකේ නම්....උඹට...ඌ කියාපු වචනත් මතක් කරගනින්...

මං නැගිට්ටා....නැගිටලා කෙලිම්ම බැලුවෙ...මැච් ශෙඩූල් එක දිහා.....

මට හුස්මක් පිට උනා...මට ෆයිට් කරන්න තියෙන්නෙ.....සංජනගෙ ක්ලබ් එකේ එකෙක් එක්ක...ඊට ලගින්ම සංජන සිංහවංශ....

මං යටි තොල විකා ගත්තා.....නිකන් නෙවෙ...වෙන් වෙලා යනතැටම....පලවෙනි දවසෙ තරහවට ගහගත්තු අපෙ තරහව ටිකකට හරි නිවුන්ත්...උගෙ අම්මගෙ මරනෙත් එක්ක ඒ හැම තරහවක්ම ආයම අලුත් උනා.....

ඌ මට වචන දුන්නා...දවසක...එකම.රිංග් එකක් ඇතුලත.....ඩැඩාගෙ ඇස් ඉස්සරහම ඌ මා එක්ක හිටගන්නවා කියලා...මේ තාක් කාලෙකට ඌ විදපු හැම වේදනාවකම වාඩුව ඌ ගන්නවා.....කිව්වා....උගෙ අම්මගෙ හුස්මට ඌ ලන්සුව තිබ්බෙ මගෙ හුස්ම.....

මං දන්නවා.....ඔතනින් එලියට එන්නෙ එකයි....යහතින් එලියට එන්නෙ එකයි......

සංජනගෙ වචන වලට මං ඔලුව නැවුවා....මට සිද්ද උනා....මට ඔලුව නවන්න සිද්ද උනා...මොකද...ඕනම මිනිහෙක්ට කියන්න කතාවක් තියනවා....කවුරුත් නොදන්න තමාම විතරක් දන්න කතාව අස්සෙ...තමුන් තරන් අසරන වෙන එකෙක් නැත්තටම නැති වෙනකොට මට එදා උගෙ කතාවෙ දුශ්ටයා වෙන්න සිද්ද උනා...

" නිර්වාන්....ඩැඩා හිතන් ඉන්නෙ....මට වඩා...හොදම කෙනා උඹ කියලා....දවසක...මං ඒ මතේ බිදලා දානවා.....මට රකින්න දෙයක් නෑ...මටයි කියලා කෙනෙක් නෑ...උඹගෙ අම්මා...මගෙ අම්මව මරලා දැම්මා.....ඩැඩා...අපිව අතරමන් කෙරුවා....මිනිහෙක්ට අසරන වෙන්න පුලුවන් හොදම තැන...ආය කවදාවත් නැගිටින්න බැරි එකම තැන....තමුන් පන වගෙ ආදරෙ කරන මිනිස්සුන්ගෙ අහිමිවීම....ඒකත් ඇස් පනාපිට.....උඹ මගෙ අම්මගෙ වන්දිය ගෙවපන්.....දින්නොත්...උඹ.....මම දින්නොත්...මම...දෙකෙන් එකයි...දෙකම.....බෑ...."

මං නැගිට්‍ටා...මං එදා හා කිව්වා...මං එදා සංජනගෙ අත උඩින් මගෙ අත තිබ්බා...

නිර්වාන්...

ශෙනිරුවා ඇවිත් මගෙ උරහිස උඩින් අත තිබ්බා...මගෙ ඇස් දෙක මේ වෙනකොටත් කදුලු නැතිවම ගින්දර වගේ රතු වෙලා තිබුනා....

.අමතක කරන්න එපා.....මිනිස්සු ...හේතු නැතුව ආදරේ කෙරුවට...ජීවත් වෙන්න හේතු හොයනවා...උඹට ජීවත් වෙන්න තියන එකම හේතුව....අර කාමරෙ ඉන්නවා.....

උඹගෙ කතාවට උඹ සතුටුදායක අවසානයක් දීලා ඉවර කරන්න බලාපොරොත්තු උනානම්...ඒ සතුටු දායක අවසානෙ දීලා ඉවරකරපන්...මොකද....මිනිස්සු බලන් ඉන්නවා....උඹලා එක්කම ඉඩෝරෙට අහු වෙලා....අවසානෙදි....උඹල එක්කම වසන්තෙට ඇවිදන් යන්න....

අනුන්ගෙ පව් කරගනවට වඩා....කරාපු පවු උන්ට ගෙවන්න දීපන්.....උගෙ තරහව පිරිමහන විදිහටම...උඹ උඹගෙ වේදනාව පිට දාපන්....ඒ ඇති...මොනවා උනත් ....උඹලා....සහෝදරයො....

මං ඔලුව වැනුවා....නහර පෑදිලා ගල් ගැහුන අත් දෙක දිහා බලන් උන්න මං ඇහෙන නෑහෙන ගානට ම්න් ගාලා ඇතුලට යන්න හදලත් ආපිට ශෙනිර්‍ය් දිහා බැලුවා.....ඌ මින්ට් ටොපියක් අරගන කටෙ ඔබාගන මොනවා හරි කල්පනා කරනවා....

ශෙනිරු....

හ්ම්....

මම නොදන්න.....උඹ හංගන දේ මොනවද.....

මට උඹගෙන් හන්ගන්න දේවල් නෑ.....හැබැයි...අංකල් සුරේන්...අප්පච්චිගෙ කෑම්ප් එකට ගිහින්....

ඒ මොකටද.....??

උඹ දන්නවනෙ....අංකල් කලින් කෝච් කෙනෙක් කියලා....ඒ හන්දා ගියාද... කියන්න දන්නෙ නෑ...

ම්න්...

මං කිව්වෙ....උඹට නිට්ටාවටම පිලිගන්න පුලුවන් උත්තරයක් නෙවෙ නිර්වාන්...හැබැයි...මට උඹට කියන්න තියෙන්නෙ...අල්ලන් ඉදපන් කියලා ...

ම්න්....

මං එන්න හැරුනා...අරූ කලිසමට අත දාලා තවත් ටොපියක් ගන්න හදනකොට සාක්කුවෙන් වැටුන සිගරට් එක ආපිට හරි කලබලෙන් වගෙ හංගන් කාමරේ දිහාව බලලා ලාවට ඔලුවා වැනුවා...හරියටම ඇති යන්තන් කියන්න

සිංහයා උනත් බලු වෙන තැන් තියනවනෙ බන්...

සනාශයට බය වෙච්ච ඌ සිගරට් එක හංගගන ආයම ටොපිය ලොවනකොට හිත අස්සෙ පඹ ගාලක් හිරකරගන උන්න මං හිමින් සැරේ දොර ඇරියා.....මගෙ එකා අම්මා ගාව හුරතල් වෙනවා....

නිරූ...නි...නිරූ...මේ....අම්මියා....!

🙂එන්නම් ඈ....

🙂ආයම එනකන් ...පයිස්සමින්....ඉන්ඩෝ.....

ජොබී පුතුකියත්...ආතරෙයි.....

මම

Nedeesha.....

More Chapters