WebNovels

Chapter 65 - 65

ස්වීනී...

දෙවනි පාරටත් නිර්වාන්ගෙ අම්මා කතා කෙරුවා ....

ආන්ටි ඉන්න මං යන්නම්....මට එයා එක්ක කතා කරන්න ඕනා....

නිර්වාන් ශෙනිරුගෙ අම්මා ඇතුලට යන එක නැවැත්තුවා...හැබැයි...මාව ඇතුලට එක්ක ගියා .....ශෙනිරුගෙ අම්මා මගෙන් මොනවා හරි අහයි කියලද දන්නෙ නෑ...

අම්මා....

නිර්වාන්...

මම ගියේ නිර්වාන්ගෙ පිටිපස්සෙන් ....මට ඒ ගෑනු මනුස්සයගෙ මූන අවුරුදු ගානකින් දකින්න හම්බ උනේ නෑ....ඒකට එකම හේතුව....මේ අවුරුදු ගානටම මං නිර්වාන්ගෙනුත් හැංගෙන්න හැදුවා ....මට මාව පවා හොයා ගන්න බැරිව යනකොට මං එයාගෙ අම්මව කොහොම කියලා නම් හොයා ගන්නද ....

හ්..හායි ...ඇ...න්ටි ..

නිර්වාන්ගෙ පිටිපස්සෙන් ඉදන් මං හිමින් සැරේ බෙල්ල දාලා ඒ පැලන්තියට ගැලපෙන විදිහට හායි කිව්වා...අපි වගෙ කට පුරා නැන්දෙ කියන්න බෑනෙ...අනික....ඇමති තුමී කෙනෙක් නෙ....පුදුමයි ගාර්ඩ් එක නෑ.....ලැජ්ජා ඇති ...

හ්ම්....හායි.....නිර්වාන්...මොකද මේ මහ පාන්දර.....කොහෙද යන්නෙ....

වෙන ගමනක් ගියා නම්.මං ඔයාව බලන්න මෙවෙලෙ එන්නෙ නෑනෙ අම්මා...මං ආවෙ ඔයාව බලන්න.....

එලියෙ ස්විනී ආන්ටි ඉන්නවද

ම්න්....ඉන්නවා....ඔයාගෙ කකුලට කොහොමද

අමාරුවක් නෑ ....

ම්න්....ම්ම්ම්....

පුදුම තරන් නීරසයි හරි සීතලයි .....මේ ඉන්නෙ අම්මයි පුතයි කියලා මන් දන්න නිසාහොදයි.....නැත්තන් පිටින් බලන ඕනම එකෙක්ට හිතෙන්නෙ මේ ඉන්නෙ පිටස්තරයො දෙන්නෙක් කියලා...නන්නාදුන දෙන්නෙක් කියලා ...නිර්වාන්ගෙ අම්මට එක ඉදිකටු තුඩක තරම් වත් තමන්ගෙ ළමයා මේමහ පාන්දර ආවා කියලා ගානක් නෑ...

නිර්වාන් මට අර ඵෝන් එක අරන් දෙන්න.....ඩැඩාට කෝල් එකක් අරන් බලන්න...ඒ මිනිහා තාම අර පරනගෑනුගෙ ගෙදරද බලන්න....

අම්මා.....ඇත්තටම ...අම්මට මොකක්ද වෙලා තියෙන්නෙ....???පරන ගෑනිගෙ ගෙදර.....මොනවද ඔයා ඔය කතා කරන විදිහ.....අම්මා...ඒක සංජනගෙ අම්මගෙ ගෙදර.....ඩැඩා කියන මනුස්සයගෙ ලීගල් වයිෆ්ගෙ ගෙදර....එතකොට...අම්මා...අම්මා.....අඩුම ගානෙ....අම්මටයි ඩැඩාටයි මැරේජ් සෙටිෆිකේට් එකක් වත් තියනවද .....මේ මුලු රටේම මිනිස්සු දන්නෙ අම්මයි ඩැඩයි එකට ජීවත් වෙනවා කියන එකයි...මම ඇවිත් ඇමතියගෙ මිස්ටේක් එකක් කියන එකයි විතරයි අම්මා....දැන් වත් දෙයියන්ගෙ නාමෙට ඔය බහුබූතෙ අතෑරපන්.....

නිර්වා...න්

මං නිර්වාන්ගෙ අතින් අල්ල ගත්තා....අනේ එපා නිර්වාන් කියන්න හැදුවා ...ඒත්...මට බැරි උනා...එයා මගෙ අතත් ගසලා දැම්මා...මට ඕන උනේ මේ අසනීප ගානෙත් ඒ දෙන්න ලා කොටා ගන්න හදන එක නවත්තන්න....ඒත්...නිර්වාන්ගෙ අම්මට තිබුනෙම මහ අකාරුනික ගල් හිතක්...ඒ මනුස්සයට ඕන ලෝකෙ පෙරලුනත් අර ඇමතියව විතරක් වෙනකොට මෙච්චර ලොකු වෙලත් තමන්ගෙ දරුවා කියන දේ අහන එක නෙවෙ.....

නිර්වාන්....මම උඹගෙ අම්මා...ඉඹ එන්ඩ ඕන් නෑ...මට කරන්න ඕනෙ නැත්තෙ මොනවද උගන්නන්න...ඉඹ කරන්න ඕනෙ මම කියන එක.....රටේ ලෝකෙ මිනිස්සු මොන දේ කිව්වත්....ඒ ඉන්නෙ උඹගෙ ඩැඩා...

ඔව්....අවසානෙදි මටත් මේ මගුලවල් ඉවසලා බැරිම තැන මං ඒ මනුස්සයව මගෙ ඩැඩා කියලා පිලිගත්තා ...හැබැයි.....රටෙ ලෝකෙ මිනිස්සු ...අඩටත්.....සංජනට විතරයි....සුරේන් ඇමතිතුමාගෙ පුතා කියන්නෙ....මට ඇමති තුමාහෙ නම ගාවන්නෙ ඔහේ මගෙ අම්මා හන්දා...මිනිස්සුන්ගෙ ඔලුවල තියෙන්නෙ.....අනෝමගෙයි සුරේන්ගෙයි කියලා....නැතුව ඔහේගෙ නම නැතුව මේ මිනිස්සු කවදාවත් මට කෙලිම්ම සුරේන්ගෙ පුතා කම දුන්නෙ නෑ..මට ඕනෙත් නෑ...මට මිනිස්සුන්ගෙ මගුල් දැන් වැඩක් නෑ....මොකද උඹලා හින්දා මං නාඩගමක් වෙලා අහවරයි.....

අනික...මොන දේ උනත්....අම්මට අයිතියක් නෑ.....සංජනගෙ අම්මගෙ දේවල් පොඩි පට්ටම් කරන්ඩ....ඒ ගෑනිව මරාගත්තා මදිවට....

නිර්වාන් ඇති ....අනේ ඔය ඇති...දැන් ඇති නිර්වාන්....දැන් ඇති.....

මං නිර්වාන්ව හෙලෙව්වා...ඇති කිව්වා...වෙන මොකටවත් නෙවෙ.....නිර්වාන්ගෙ අම්මගෙ මූනෙ කිසිම ලෙඩ පාටක් නැති හන්දා ...ඒ මූනෙ තිබුනෙ ලෝකෙ පෙරලලා හරි ඇමතියව තමුන්ගෙ පැත්තට ගන්න ඕන වගෙ හැගීමක් වෙනකොට මං නිර්වාන්ව හෙලෙව්වා.....ඒත් නිර්වාන් නෙවෙ නැවතුනෙ.....

අම්මා.....දන්නවද...අම්මා...දන්නවද.....අම්මා ඔය කරපු දේට...බොහෝම ඉක්මනට වන්දි ගෙවන්න ඉන්නෙ කව්ද කියලා...???

නෑ...අම්මට ගානක්නෑ...අම්මට ගානක් නෑ...අම්මට ඕනෙ...අර ඇමතියගෙ පස්සෙ එල්ලීගන ඉන්ඩ...මං කියන්නද....එක්කො...උඹලා දෙන්නම බලු බල්ලෙක් නැති දූපතකට පලයල්ලා....එතකොට ඔය මිනිහා මොනවා හරි වෙච්ච ගමන් ආයම පරන ගෙදර දුවන්නෙත් නෑ....බීගන ඇවිත් සංජන ගෙ අම්මගෙ නමකියලා අඩන්නෙත් නෑ....උඹට මං උන්නද මලාද හොයන්න වෙලාවක් නෑ...උඹ මං කරන්නෙ මොනවද දන්නෙ නෑ.....

ලොකූ...ලොකූ...පුතේ ඇති ඔය....

නෑ....නෑ....ආන්ටි....මේවා මං කියලා....යන්නම යනවා...ආය එන්නෙ නෑ...ආය නම්..මරනෙට වත් එන්නෙ නැස්...අම්ම හොස්පිට්ල් කිව්වා විතරයි මං ආවෙ පන කඩාගන...නිකමට ඇහුවෙ නෑ.....පුතෙ ඇයි උඹ මේ පාන්දර කියලා...උඹට කොහොමද ඇහුවෙ නෑ...ආන්ටිම දන්නවා මේ අම්මා කියන මනුස්සය මාව දැක්කෙ හත් අවුරුද්දකට පස්සෙ කියලා...මගෙ පුතේ කියලා ලගට ගත්තෙ නෑ...මට ඕනෙත් නෑ.....හරි...මට කොහොමත්....ඕන් නෑ...හැබැයි ..මට දුකයි....මට දුකයි.....අර මිනිහා ගැන හොයන්ඩ තියන පිස්සුවෙන් එක දශමයක් හරි...මං ගැන තිබුනා නම් කියලා....

මට පුදුම අසරන කමක් දැනුනා....මට නිර්වාන්ව ඇදලා අරන් පපුවට තුරුලු කරන්...අඩන්න එපා බන් මගෙ නිරූ....උඹගෙ චූටියා උඹට ඉන්නවා ..උඹට අම්මගෙ ආදරෙ ට හරියන්ඩ මං මගෙ ආදරේ ගමකට දෙන්නම් බන් කියලා.කෑ ගහල කියන්න තරන් වේදනාවක් දැනුනා....ඒත්.....මේ වේදනාව පිට දාන්න නොදුන්නොත්....එතනත් අසරන වෙන්නෙ නිර්වාන් හන්දා මන් මාවම පාලනේ කරගන හිත තද කරගන උන්නා.....

මං ආවෙ අම්මව බලන්ඩ....හැබැයි...අම්මා ලෙඩ ගානෙ ඉදගනත් හොයන්නෙ...අර මනුස්සයා ගැන නම්...මට ආය බලන්න අහන්න දෙයක් නෑ.....මං මෙච්චර කල් මේ ප්‍රශ්නෙ මගෙ හිතින් හිත හිත විදෙව්වා.....මොකද....ඒකට එකම හේතුව...අම්මා කියන්නෙ මගෙ ඉස්සරහා මට නෑකමක් නැති ගෑනියෙක් විදිහට හැසිරෙන හන්දා...

ලොකූ....අනේ ඇති පුතේ...

න්..නෑ.....නෑ....අදින් පස්සෙ.....ලොකුවෙක්..නෑ...කොහොමත්...දැන්....මට ඔයාලා එක්ක ලේ බැදීමක් නෑනෙ....ආන්ටි....නේ....මං.....නමට අබේසේකර කෙනෙක්....ඒත්..දුවන්නෙ සිංහවංශ ඇමති තුමාගෙ ලේ....ඇරත්.....මෙ අම්මා කියන මනුස්සයා....අප්පච්චිව ඩිවෝර්ස් කෙරුවා...මට දැන් අප්පච්චි කියල කතා කරන්න ඒ මනුස්සයා නැති එකේ...ආන්ටිලාටත් ....මං දැන් කිසිම නෑ කමක් නැති මනුස්සයෙක්.....

ලොකූ.....දැන් ඇති ඔය....හිතේ තියන ආවේගෙට උඹට අපේ නෑ කම්කඩන්න කිව්වෙ නෑනෙ....අනික.....අනෝමක්කා....මට අක්කට මොකුත් කියන්න බෑ...මට අයිතියක් නෑ...හැබැයි...මේ ළමයා ගැන දැන් වත් බලන්ඩ...නැත්තන් ඔය පිස්සුව ඉහට ගහළා මැරිලා යනකන් හොයන්න බැරිවෙයි.....

මං ඇහුවෙ මගෙ මනුස්සයා ගැන....මුගෙ මහ එකා ගැන....ඌ තාම අර ගෑනි පස්සෙ වැටීගන නහිනකොට මම ඒ මිනිහා ගැන හොයන එක වැරද්දක්ද ස්වීනි???ඒකි මැරිලත් අපිට සැනසීමක් නෑ.....ඒකි මැරිලත් මූව ගෙන්න ගන්නවා....ඒකි මැරිලත් මූ පිස්සා වගේ දුවනවා...

ඇත්තටම නිර්වන්ගෙ අම්මට මොලෙ නෑ....කොටලා පෙව්වත් තේරුම් ගන්න මොලේ කලදක් නෑ...නිර්වාන්ගෙ අම්මට තියෙන්නෙ බෙහෙත් නැති උමතුවක්...නිර්වාන්ගෙ අම්මට තියෙන්නෙ....බෙහෙත් නැති පිස්සුවක්.....තවමත් අර මැරුන මනුස්සයට හෙන ඉල්ලනවා....තවමත් අර මනුස්සයට සාප කරනවා....කකුල නෙවෙ කැඩෙන්න තිබුනෙ ඇත්තටම....මටත් එක්ක පව් පිරෙනවා....දැන්....

ඇහෙනවනෙ ආන්ටි.....මං මේවට මොකුත් කියන්නෙ නෑ.....මෙන්න මේ මනුස්සයව psychiatrist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් කරවන්න තියෙන්නෙ....මෙයාගෙ මේ වැඩ හන්දා කවදා හරි මාව මැරිලා යනවා....මැරෙනවා නම් ඒකත් එකක්....

නිර්වාන්.....!

මං කෑගැහුවා...අම්මා උන්න කියලා බැලුවෙ නෑ මන් කෑ ගැහුවා.....හැබැයි තිබුන තත්වෙ අනුව නිර්වාන්ට වත්...එයාගෙ අම්මට වත් ඒක ගානක් නැති වෙනකොට නිර්වාන් කෙලින්ම එයාගෙ අම්මා කියන කිසිම හිතක් පපුවක් නැති ගෑනිගෙ මූනට එබුනා....

අම්ම දන්නවද...මං මෙච්චර කාලෙකට....අම්මගෙ ඔය වෙනස් කම් අස්සෙ....එක දෙයක් තට්ට තනීයම මගෙ මේ පපුවෙන් කල්පනා කෙරුවා...අවුරුදු විස්ස පනින්න උනා.....අවුරුදු විසි හතර වෙන්න ආවා...මට අදයි....ඒ ප්‍රශ්නෙට හරිම උත්තරේ ආවෙ.....මං මෙච්චර කාලෙකට තට්ට තනීයම කල්පනා කෙරුවා.....අම්මා කියන ගෑනු පරානෙ.....ඇත්තටම මගෙ අම්මමද... කියලා...මට හැමදාම ඔයාගෙ මේ වැඩ හින්දා හිතට කලකිරීමක් මිසක් සතුටක් දැනුන තැනක් නෑ.අම්මෙ....හැබැයි.....දැන් මට විශ්වාසයි.....තමුන් කියන්නෙ...මාව මේ ලෝකෙට ගෙනාව අම්මා නම් නෙවෙකියලා.....

නිර්වාන්....කට වහපන්....

කෑ...ගහලා තේරුමක් නෑ...මට දැන් ඔයා මගෙ අම්මා කියලා දැනෙන්නෙ වත් නෑ...ඔයා නොදන්නවා උනාට...මට මගෙ ජීවිතේ හුගාක් දේවල් ඔයා හින්දා නැති උනා...කොටින්ම.....මට...අවුරුදු සීයක් ජීවත් වෙන්න ආයුශ තිබුනත්..මට පනහක් වත් ජීවත් වෙන්නෙ නැති මටත් වඩා බර පොරොන්දුවකට මං දැන් යට වෙලා ඉන්නෙ...ස්තූතියි.....අම්මෙක් විදිහට මට දුන්න හැම දේටම....කවදාවත් මං සෙල්ලම් කරන්න බලන්න ආවෙ නැති ඔයා...දවසක එන්නම ඕනෙ....හැබැයි ...ඒ එනදාට...අනිවාර්යයෙන්ම මල්ශාලාවෙ තියන ලොකුම මල්වඩම අරන් එන්න...ස්තූතිය අනෝමා නෝනා...මට දුන්න හැම දේටම....

මගෙ පපුවට හෙන ගැහුවා

නිර්වා ඒමොකක්ද දෙයියනේ ඒ කියපු කතාව....

මොන මගුලක්ද දෙයියනේ ඒ කිව්වෙ....මොන ජාතියෙ පොරොන්දුවක්ද...මොන ජාතියෙ කාට උන පොරොන්දුවක්ද දෙයියනේ ඒක.....

මගෙ පපුව ඇදුම් කන්න ගත්තා...සනාශ්ලා යනවා කියනකොට දැනුන වේදනාවට වඩා මහාබර වේදනාවක් මගෙ පපුකුහරෙට දැන්නෙන්න ගත්තා...ස්තූතිය අනෝමා නෝනා දුන්න හැමදේටම ස්තූතියි කියපු නිර්වාන් යන්න හැරුනා...නිකන් නෙවෙ මගෙ අතත් කිටිකියට මිරිකගන...

නිර්වාන්...ඔහොම නවතිනවා....තමුන් කතා කරල ඉවර උනාට මං තවම පටන් ගත්තෙ නෑ....

මට අහන්න දෙයක් නෑ මිසිස් චන්‍ද්‍රසේකර.....ද...නැත්තන්...මිනිස්ටර් සුරේන්ගෙ වාසගමින් කතා කරන්නද.....

උඹට ඕන එක උඹ කියපන්....හැබැයි...දැන් මං මේ කියන එක හොදට අහගනින්.....හෙට පාන්දර ටානියා දූ ලන්කාවට එනවා.....

මට අදාල නෑ...එකි ආවත් එකයි...නාවත් එකයි....

උඹට අදාල නෑ වෙන්නෙ කොහොමද...??උඹට තමයි අදාල වෙන්නෙම.....

ඇයි..මං ඒකිගෙ මිනිහද.....මට අදාල වෙන්න....

දැන් නෙවෙ...හැබැයි...මේ අවුරුද්ද ඇතුලත තමුන්ගෙයි ටානියගෙයි මැරේජ් එක සිද්ද වෙනවා නිර්වාන්...

මං දන්නෙ නෑ..මං තව දුරටත් හුස්ම ගන්නවද කියලා වත්....මං දන්නෙ නෑ මීට කලින් ගැහුන හදවත ගැහෙනවද කියන්නවත් මං දන්නෙ නෑ...මගෙ ඇසුත් එක්ක බොද වේගන ආවා...හරියටම ....එක තත්පරේකට මේ ලෝකෙ වෙන කිසිම දෙයක් මට ඇහෙන්නෙ නෑ වගේ දැනුනා.....

ඇයි....ඒකි අවුරුදු ගානක් එක ගෙදර තියන් පවුල් කාපු එකා නැද්ද...

නිර්වාන්...සම්බන්දකම් ඇතිවෙනවා...නැති වෙනවා....

ඔව්....එ තමුන්ට ....ඒතමුන්ට....සම්බන්දකම්වල ගානක් නැත්තෙ තමුන්ට.....මට නෙවෙ.....අවුරුදු තුනක් විතර ඒ රටේ පවුල් කාපු එකීව මට කර ගස්සන්ඩ මොලෙ නරක් වේගන එනවද

නිර්වාන්...මං උඹගෙ අම්මා.....අනික.....මං උඹට කලින් ඉදන් කියලා තියනවනෙ.....උඹ කවද හරි මැරි කරන්න ඕනෙ ටානියව විතරයි .....

මට ඇති අම්මෙක් නෑ...මගෙ අවුරුදු විසිහතරටම අම්මෙක් උන්නෙත් නෑ....ඉස්සරහටත් නෑ....තමුන්ගෙ පොලිටික වලට මාව විකුනන්න හදන් නැතුව ඉන්නව නම් මං බොහෝම කැමතියි ..අනිත් කාරනාව මිසිස් ප්‍රේමචන්ද්‍ර මං දැනටමත්.....එන්ගේජ් වෙලා ඉවරයි....

මොකක්...නිර්වාන්.....නිර්වාන් ඔහොම නැවතියන්...නිර්වාන්.....උඹ මොකීව බැන්දත්....කසාද කඩන් හරි බදින්න ඕනෙ ටානියව....

නිර්වාන් මාව ඇදගන වගෙ එලියට ආවා.....එයා මොනවද කියනවා..මට ඇහෙන් නෑ...මුලු වටපිටාවම මගෙ ඇස් වලට බොද වෙනව ඇරුනම මට වෙන කිසිම දෙයක් ඇහෙන්නෙත් නැතුව ගියා විතරක් නෙවෙ....මගෙ කකුල් පවා පන නැතුව ගියා...එක දිගට ඇහුනෙ මගෙ පපුවට උහුලන්න අමාරුම අමාරුම වචන වෙනකොට මං දෙතුන් පාරක්ම මගෙ පපුවට ගහගත්තා....ඒත් තරහෙන් ඉන්න නිර්වාන්‍ට මේ කිසිම දෙයක් දැනුන් නෑ....එයා කෙරුවෙ බැන බැනම ඇදන් යන එක වෙනකොට මගෙ පපුවට කටු ඇනෙන්නාක් හා සමාන වේදනාවක් එක්ක ඒ වට පිටාවම සම්පූර්ණයෙන්ම සුදූ පාටින් බොද වෙලා ගියා වගේම මගෙ කකුල් වල තිබුන අවසාන පනත් නැත්තටම නැති වෙලා ගියා.....

චූටී....හ්!!!!!!

චූටි...

චූටි...හ්...මගෙ සයාශ්...

වස්තුව.....

ටීක්....

ටීක්...

ටීක්...

ටීක්...

ලබ් ඩබ්...

ලබ්...ඩබ්.....

රත්තරන් ...ඇස් ...අරින්නෙ...නැද්ද....මගෙ....වස්තුවෙ.....

උඹගෙ....නිරූ....බලාගන....ඉන්නවා...

මගෙ.....චූටී...

ලබ් ඩබ්.....

ලබ්....ඩබ්....

ලබ් ..ඩබ්...

ඩොක්ටර්....මගෙ.....සයාශ්ට.....

චූටී ...මගෙ...චූටි පුතේ....මේ ලොකු නැන්දා....උඹගෙ...සුතර්මා...මගෙ....රත්තරනේ....ඇස් ඇරලා නැන්දා දිහා බලපන්කො....රත්තරන්...

හාර්ට් ඇටෑක් එකක්ලු.....

අනේ...මගෙ කොල්ලට එහෙම එන්න තරම් ලෙඩක් තිබුන් නෑ....මගෙ කොල්ලට...එහෙම....වෙන්න තරන්...දෙයක් තිබුන් නෑ...චූටි....පුතේ ඇස් ඇරපන්කො.....අනෙ...ඇස් ඇරපන්කො.....රත්තරන් .....

සුධර්මා...ලමයට නින්ද ගිහින් තියෙන්නෙ...අඩන්න එපා...කොල්ලා නැගිටියි.....කිව්වනෙ...

මේ හැම ඇඩුම් විලාපයක්ම මගෙ කන් දෙකට ඇහෙ දේවල්.....මේ හැම වේදනාත්මක කතා බහක්ම මගෙ කන් දෙකට ඇහෙන දේවල්.....ලොකු නැන්දා අඩ අඩ ණැගිටින්න කියන එක...නිර්වාන්...රත්තරන් ගගා කනට කොදුරන එක....මේ හැම දෙයක්ම කනට ඇහුනත් මට ඇස් ඇරගන්න කතා කරගන්න මේ මොකුත්ම බැරිව යනකොට පියවිලා තිබුන මගෙ ඇස් වලින් කදුලු කැට විතරක් මගෙ මූනත් එක්කම පුච්චගන වගෙ පහලට ගියා.....

චූටි...මගෙ....රත්තරන් ...දැන් දොයියෑවා ....ඇති ..බන්....උඹගෙ...නිරූට....පාලුයි...සයාශ් .....අනේ....මං ..දැක්කෙ...නෑ....මගෙ....චූටි...අනෙ....රත්තරන් ..මං ...උඹව දැක්කෙ...නෑ....උඹ අමාරුවෙන් හුස්ම අල්ලන එක මං දැක්කෙ නෑ මගෙ .....රත්තරන් .....මට...සමාව වත්....ඉල්ලන්න පුලුවන්ද බන්...මේ...හැම....දේම උනේ...මම...හන්දා....කියලා මගෙ හිතම මට කියනකොට...මට සමාව වත් ඉල්ලන්න...පුලුවන්ද....රත්තරන් ...

නිර්වාන්ගෙ ඇගිලි තුඩු මගෙ හිස කෙස් පුරාවටම එහා මෙහා ගියා...එයා දැක්කෙ නෑ කියනවා...මං අමාරුවෙන් හුස්ම ගන්න එක දැක්කෙ නෑලු.....ඇත්ත....එයා කොහෙ දකින්නද.....එයා උන්නෙ මේ ලෝකෙ නෙවෙ...වෙනකොට එයා මව කොහෙ දකින්නද.....

නිර්වාන් ඉකිගහනවා....නැකිටපන්කො....ගගා අඩනවා.....ඒත්...මට නැගිටගන්නවත් පනක් නෑ...ඇගිල්ලක් හොලවන්න වත් පනක් නෑ.....ප්‍රශ්න එන්න ගියහම එන්නෙ එකපිට වෙනකොට ...නිර්වාන් එයාගෙ අම්මා ඉස්සරහා කියපු කතා....එයාගෙ අම්මා එයාට කියපු කතා මගෙ පපුව උඩ ටොන් ගනන් බර ගල් තිබ්බා හා සමානව වේදනා දෙනකොට එයා කාටද පොරොන්දු උනා කිව්වෙ කියලා මට හිතන්න බැරි උනා....

අවුරුදු සීයක් ජීවත් වෙන්න තියන එක ආවුරුදු පනහක් වත් ජීවත් වෙන්න බැරි වෙයි කිව්වා.... .....කවදාවත් සෙල්ලම් කරනවා බලන්න ආවෙ නැති උඹට මල් වඩමක් අරන් එන්න වෙයි කිව්වා....

අනේ...දෙයියනේ...මොනවද මේ කතා.....මොනවද මෙ කතාවල තේරුම්....

ඒ ගෑනි කරපුවට ....වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ එයාට කිව්වා...

මං අමාරුවෙන් හුස්ම ගත්තා.....එහෙන් ටානියා ඇවිල්ලලු...මට තියන එකම සැනසීම.....නිර්වාන් කවදාවත් මාව අතාරින්නෙ නෑ කියන විශ්වාසෙ විතරක් උනත්. .....මගෙ පපුවට එක පාරම ලොකු දේවල් දරන්න බැරි වෙන ලෙඩක් තිබුනා...

චූටි...

මගෙ....වස්තුව....අනේ...මට....උඹ නැතුව.....හරි...පාලුයි.....රත්තරන් .....උඹගෙ ලොකු නැන්දත් ආව.....ලොකු මාමත් ආවා...අනේ....ඒ මිනිස්සු මට උඹව දුන්නෙ බලාගන්න බන්.....මට උඹව දුන්නෙ පරිස්සම් කරන්න චූටි ...නැගිටපන්කො....රත්තරන් ...

මට උඹ නැතුව ආය තනි වෙන්න බෑ සයාශ් ..... මට උඹ නැතුව...හුස්මක් වත් ගන්න බෑ....බන්.....

නිර්වාන් කියවනවා.....නිර්වාන් අඩනවා...මන් නැතුව හුස්මක් වත් ගන්න බෑ කියලා අඩන නිර්වාන් මගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහ පිහ මගෙ මූන ඉම්බා.....

නිරූ...ගෙ.....චූචියා....නැතුව....නිරූ....කොහොම....ඉන්නද....කියපන්කො.....මට....

ඉන්නෙත්....උඹ...විතරයි.....උඹත් ලෙඩ ගානෙ...ඇදට වැටුනම.....මට...කෝ....රත්තරන් ..

හයියක්.....මාව...මේ තරම් අසරන කරන්න එපා...සයාශ්.....මාව...මේ තරම් ....අසරන...කරන්න...එපා...බන්.....

.තත්පර විනාඩි වෙන්න ඇති.....

විනාඩි පැය වෙන්න ඇති.....

මට සෑහෙන වෙලාවක් යනකන් මගෙ ඇස් අරගන්න බැරුව ඉදලා ඉදලා...මං හරි අමාරුවෙන් මගෙ ඇස් පියන් ඇරගත්තා උනත්.....මං ආයම ඒ සැනින් ඇස් වහගත්තා...ආයම හිමින් හිමින් ඇස් ඇරියා....

නිරූ...

මං දැක්කෙ.....සුදුපාට ගාපු සිවිලිම....තනි සුදුපාට බිත්ති....එහෙම්ම මං දැක්කෙ....මගෙ අතක්....අත් දෙකෙම්ම අල්ලන් ඇදට ඔලුව ගහන් නින්ද ගිහින් උන්න මගෙ නිර්වාන් වෙනකොට මං හරි හිමීට නිර්වානගෙ ඔලුව අත ගෑවා උනත්...ඒ සැනින් නිර්වාන්ට මාව දැනුනා....

ච්...චූටි.....

අනේ....නෑ.....ඒ නින්දෙන්...එයා කෙදිරි ගෑවෙ නින්දෙන්.....

මං ඉදගන්න හැදුවා...හරි අමාරුවෙන්...මොනවද මන්දා පපුව පුරාවටම වයර් වගයක් අමුනලා....මොනවද කියන්න දන්නෙ ඉතින් දොස්තරලම තමයි.....බීප් බීප්...ටීක්....ටීක්...ගගා මැශින් වගයක් වැඩ කරනවා.....මගෙ හදවත ලබ් ඩබ් ගගා ගැහෙන වාරයක් පාසාම අර කොල ඉර උඩු අතට පහල අතට යනවා....ඔය ඉර තනි ඉරක් වෙලා ගිය දාට....මේ හැම සෙල්ලමම අහවරයි....

මං නිර්වාන් දිහාව බැලුවා....කට්ට කලු පාටට තිබුන අහසට නිල් පාට වෙලා....බාගෙට ඇරලා තිබුන සිනීදු ජනෙල් තිර වලින් මං අහස දැක්කා.....හෝරා ගානක් පුරාවටම අඩාපු නිර්වාගෙ ඇස් වල තිබුන ශේශ කදුලු අස්සෙ තියන දුක කොයි තරම්ද කියනවා නම්....ඒ කදුළු වලටත් ඒ ඇස් දාලා යන්නද බෑ කියලා කියන්නද මන්දා ඒ ඇස් කොන් හරි තදින් අල්ලන් උන්නා....

මගෙ හිත පඹගාලක පැටලිලා.....දරාගැන්මෙ අවසානෙ මගෙ හදවත මාව මරන්න හදපු එක වෙනකොට කාලෙකට කලින් උඩුහුලගට ගහගන ගියපු රොඩ්ඩක් ආයමත් නිර්වාන්ගෙයි මගෙයි මැදට වැටෙන්න හදනවා.....

ගෑනු අඩනවා....දරාගන්න පුලුවන් උනත්....බැරි උනත්.....යකඩ ගෑනුත් අඩනවා.....පිරිමි අඩන්නෙ නෑ...අඩන්නෙ නැත්තෙ නෑ....උන්ගෙ ඇස් ලේසියකට අඩවන්නත් බෑ....නිර්වාන් කියන්නෙ ප්‍රේමය නම්....සයාශ් කියන්නෙ ඒ ප්‍රේමය වදින ගාථාව කියලා මමම ද කොහෙද නිර්වාන්ගෙ කනකට කරපු දවසක් තිබුනා....

නිර්වාන්...උඹ කියන්නෙ කන්ථක වගේ....කන්ථකගෙ හදවත පැලුනෙ එක පාරක් උනත්...එදා උන්න කන්ථකලම අද උන්නා නම්...උඹ වෙන්න ගියා මුල්ම තැන ඉන්නෙ...උඹගෙ හදවත මං උඹව අදුනගත්ත දා ඉදන් පැලි පැලි යනවා...ලේ නහර වැල් එලියට එනවා...රතුම රතුලේ කැටි ගැහි ගැහි හැලි හැලි යනවා.....ඒත්...කාටත් බැරි උනා...පැලුන හදවතට පැලැස්තරයක් අලවලා අටවලා යනවා වෙනුවට....තදින් මැහුමක් දාල ආය පැලෙන්නෙ නැතිව යන්න හා කරන්න....

අඩුම ගානෙ මටවත් බැරි උනා....

නිරූ....

මං මිමිනුවා.....වේදනාවෙ තරම ගීසාවල තියන පිරමීඩෙකටත් වඩා බර වෙනකොට මං නිර්වාන්ගෙ ඇස් කොන් වල තිබුන කදුලු බින්දුව ඇගිලි තුඩට අරන් ඒ ඇස් වලින් ඒ කදුලු අහක් කරලා දැම්මා.....

එපා....මට ඕනෙ මගෙ නිර්වාන්ගෙ ඇස් වල හිනාව මිසක්.....කදුලක් නෙවෙ....

.නිරූ.....

මං හිමීට ඒ ඔලුව අතගෑවා...ඒචුට්ටකිම්ම එයා කෙදිරි ගාගන වගේ නැගිට්ටා...හැබැයි මං ඇහැරිලා ඉන්නවා දැක්කා විතරයි නිර්වාන්ට නිකන්...මරනෙන් නැගිටපු මනුස්සයෙක් දැක්කා හා සමානව නිර්වාන් මා දිහා බලන් ඉදලා එකපාරම මාව ඇදලා අරන් තුරුලු කරගත්තා...

මගෙ චූටී...මගෙ...වස්තුව....උඹට...සනීපද...මගෙ.....චූටි....නිරූ...චූ...චියට...සනීපද....වස්තුව....

නිරූ.....

මං නිර්වාන්ගෙ පිට අත ගෑවා...ඔය හදන්නෙ ආයම අඩන්න.....ඔය හදන්නෙ ආයම දුක කියන්න....පෑරුන තුවාල ආය ආය තවත් පාර පාර පැලැස්තර් ගහන ආදරයක් මොකටද...

නිර්වාන්...මට...දැන් සනීපයි....

උඹ මට බොරු කරනවා පන...මට කියපන්...කොතනද රිදෙන්නෙ...මෙතන...මෙතන.....මෙතනද...මං අත ගාන්නම්.....

මං නිර්වාන්ගෙ අත් දෙකම අල්ල ගත්තා....අල්ලන් හාදුවක් තිබ්බා...

උඹ ඔහොම වෙන්න එපා මගෙ නිර්වාන්...මං ආදරේ...ගලක් වගේ ඉන්න උඹට....නැතුව....කඩන් වැටිලා අඩන උඹට නෙවෙ....මං...හොදින්...මගෙ...අයියෙ...

මං නිර්වාන්ව ඉන්දව ගත්තා...ඇස් ඇරපු තත්පරේම ඩොක්ටර් කෙනෙක් හොයන් එන්න දුවපු නිර්වාන්ව මං මගෙ ඇදෙන් ඉන්දව ගත්තා විතරක් නෙවෙ....ඒ පපුවට ගුලි වෙන මං එයාව අද මගෙ පපුවට තුරුලු කරගත්තා....

නිරූ...මං ..සනීපෙන් ..නිරූ....

ඒත්..මං අසනීපෙන් චූටි...මං හින්දයි....මං...භ්භ්

ශ්ශ්.....කවුරුත් කවුරු හින්දා වත් අසනීප උනේ නෑ නිරූ....උඹ මාව දන්න කාලෙ ඉදන් මං...මෙහෙමයිනෙ....ඉතින්....ඒකට.....ඇයි මගෙ නිර්වාන් වරද පටවගන්නෙ....

මට...උඹ දිහා...එක පාරක්.....වත්...හැරිලා බලන්න ...බැරිව...ගියා....රත්තරන් ..අනේ..උඹව...ඇදගනම....වැටුනා...සයාශ්....උඹ...ඇදගන....වැටුනා උනත්....අනේ..මං...උඹ...ළඟ...නොමැරි...මැරුනා...චූටි...

අනේ..නිර්වාන්....

මට කතා කරගන්න වචන නෑ....නිර්වාන් කියවනවා...උනු කදුලු ඇවිදින් මාව තෙමනවා....වැටුන මගෙ ළඟ නොමැරි මැරුනා කියපු නිර්වාන් එක පාරම නැගිටලා මගෙ ගාවින් ඉදගත්තා....මගෙ මුන අත් දෙකෙම්ම අල්ල ගත්තා

දන්නවද.....රත්තරන් ....උඹට...මං කොයි තරම් ආදරේ කරනවද කියන්න.....මං තේරුම් ගත්තෙ අද....එපා සයාශ් මේ ඇස් වහන්න....අහසක් උනත් ...හදක් නැතිව තනිවෙන දවස් එනවා....එපා.....පන...උඹ නම්...හදක් වෙන්න...මොකද...අහසක්....උනත්...මට බෑ....බන්.....හදක් නැති අමාවකක් එක....කට්ට කලුවරක තනිවෙන්න...

සයාශ් .....මිනිස්සුන්ට ..ආදරේ කරන්න..හේතු...ඕන නැති උනාට...මිනිස්සුන්ට ..ජීවත් වෙන්න හේතු නැතුව බෑ ....මගෙ චූටි....මින්ස්සුන්ට....ජීවත් වෙන්න ...හේතු නැතුව ගියොත්....මං ...කොහොමද ....රත්තරන් ජිවත් වෙන්නෙ...තරහා කාරයෙක්ට.....පලි ගන්න හේතුවම ඇති...ජීවත් වෙන්න.....අනේ...උඹගෙ නිර්වාන්ට....මට තියන එකම හේතුව...උඹ....යි...චූටි.....

මං නිර්වාන්ගෙ ඇස් වලින් වැටෙන්න ඔන්න මෙන්න තිබුන කදුලු කැයෙ ඇගිලි වලින් අල්ල ගත්තා...

උඹට....ජීවත් වෙන්න තියන එකම හේතුව මම...නම්...ඒ හේතුවම...අඩන්න....ඉස්සර කරගන්න...එපා...මගෙ නිරූ....අපිට...තව ජීවත් වෙන්න හුගාක් කල් තියනවා....අපිට එකට වයසට යන්න හුගාක් කල් තියනවා...දවස්ක් ....ඒවි...නිරූ....උඹයි...මායි....හිර වෙවි...නිදියන ...ඇදම....අපි වැහැරුන දවසක....හත් ගුනයක් විතර ලොකුවට පේන...ඒ දවසෙදි ..උඹයි...මායි.....ජීවිතේ...අවසානම....කාලෙ ඉදීවි.....මේ මස...හම....එල්ලෙවි....රැලි වැටේවි.....ඒත්....කවදාවත් කවුරුත් කියලා නෑනෙ...හදවතක්....රැලි වැටෙනවා කියලා ...හදවතක්...මහලු...වෙනවා කියලා....ඉර බහින හැන්දෑවක..දම්පාට....අහස...බලන්න...අපි...දෙන්නම...එකට....වයසට....යමු.....

මං අවසානෙදි පන්ඩිත කතා හුගාක්...කියවලා...කියවලා නවත්තනවා එක්කම නිර්වාන් මගෙ නලලට හාදුවක් තියලා එලියට යනවත් එක්කම මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා....

ලොකූ ගෙන්....

හෙ..ලෝ....

ච්ච්...චූටියා....චූටියා....මං...මග...උඹට කොහොමද චූටි.....කැම් එක ඔන් කරපන්...මට උඹව බලන්න...ඕක..ආන්ස්වර්...කරපන්කො.....

සනාශ් මං හොදින්...

සනාශ් කතා කරනවට වඩා හති දානවා...ඌ කතා කරනවට වඩා....අඩන්න හදනවා....වයර් ගොඩක් අටවන් ඉන්න මා දිහා බලලා ඕකගෙ පන යනවා....

චූටි...අනේ ඕක ඔන් කරපන්..මේ උඹගෙ ළමයත් ඉන්නවා.....

පලිගුවා...අනේ...ලොකූ...මං ඌව දාල ඇවිත් තියෙන්නෙ....

ඒ ඇටිච්චි උඹවමයි හොයන්නෙ....පව්...ඌ අඩනවා.....කෙදිරි ගානවා....අනේ මේ ඌව බලන්න හරි ඔය කැම් එක ඔන් කරපන් මල්ලි.....

මගෙ හිත මෙලෙක් උනා...තිබුන හදිස්සියට අනේමන් ඇවිදින් උන්නෙ කික්කිවත් අමතක කරලා වෙනකොට ....සනාශ් මාව ගානට මෙල්ල කරගත්තා....මන් කැම් එක ඔන් කෙරුවා...

ලොකූ.....

ලොකූ...කික්කි...කෝ...ලොකූ....

ලොකූ...මං...හොදින්...

ලොකූ...කතා..කරනවකො.....

සනාශ්....මාව...ඔහොම...මහන්සි...කරවන්න..එපා....ලොකූ...කතා...කරපන්කො....අයියෙ...

තත්පර ගානක්.....ඔව්...මං හිතන්නෙ...තත්පර විනාඩි වෙන්න ඇති.....මං කොච්චර කතා කෙරුවත්.....එයා කෙරුවෙ මා දිහා හුස්ම හිරකරන් බලන් උන්න එක....ඇස් පිල්ලමක් වත් නොගෙන බලාගන උන්න එක...තවත් තත්පර ගානක් ගියා.....සනාශ් හුස්මක් ගත්තා..... ඇස් පිල්ලමක් වත් නොගහා මා දිහා බලාගන උන්න ඒ ඇස් වලින් කදුලු වැල් පේලියක්ම මං බලාගන ඉන්නකොට කම්මුල් හෝදන් පහලට ගලාගන ගියා.....

..මං...කවදාවත් ....උඹව....ඔහොම...

දකින්න...හිතුවෙ...නෑ.....මගෙ....මල්ලි.....මං...එනකන්...පරිස්සමින්...ඉදින්...

හෙට....උදේට.....අම්මා.....ඒවි....මං...උඹට....ආදරෙයි....චූටි....බුදු....සරනයි.....

.හෙලෝ....ල්..ලොකූ.....ලොකූ....

අම්මා.....අම්මා.....එනවලු...අම්මත්...??

සෑට...දික්කා පුතා එක්ක එන්නා....ම්

ආදරෙයි අනේ...පරිස්සමින්....ඉන්ඩෝ...

මම ජොබී....

Nedeesha....

❤❤

More Chapters