WebNovels

Chapter 13 - 13

කමනී.....කමනි....මේසෙ උඩින් මගෙ පර්ස් එක ගේනවා ඒයි .....

අනේ ඒයි සුදු පුතාට බනිස් ගෙඩියකුත් අරන් එනවා ආ....

විකාරද ඔන්න ඕකට බත් ටිකක් අනලා දානවා කමනි ....බල්ලන්ට බනිස් ගිල්ලන්නෙ තියනවනෙ මෙහෙ මහ බැංකුවට වගෙ....

ඒකා හීල් බත් කන්නෙ නෑ රොහාන්.....අරන් එනවා...නැත්තන් තේ එක නෑ ආ...

මෙ ගෑනියෙක් අරගනයි බල්ලෙක් හදාගනයි පුදුම වදයක් තියෙන්නෙ.....

ඔව්..තමුසෙට මාව හම්බ උන හින්දා හොදයි...වෙන ගෑනියෙක් නම් දාලා ගිහිලා ...අරන් එනවා ඒයි ....පව්නෙ....

හ්ම්....හ්ම්....සුදූ බලනවා මගෙ සුදු කෙස් මතුවෙලාද කියලා

ආයිශ්..පටන් අරන් නාකි මගුල් දෙක ලව් කරන්න....කමනි...කට...වහපල්ලකො...

මං උන්නෙ ඇහැරගන.....ඒ නින්දෙම්ම කියෙව්වෙ කල්පනයා...අනිත් උන් දෙන්නම තවම නිදි...

අලුත් දවසක් පටන් අරන්....මුලු රැයක්ම ඇහැරන් ඉන්නවා කියන එක.....ඇත්තටම ඒක මහ වේදනාවක්...වේදනාවක් කියන්නෙ.....ඒක නිකන් ඇහැරන් ඉන්න එක නෙවෙ....වේදනාවට හේතුව කියන්නෙ....මුලු රෑම නිම්න මට වද දුන්න එක.....

මං හෙට ඉදන් නිම්නව දකිනවා.....මං හෙට ඉදන් නිම්න ළඟ ඉන්නවා.....අද වගේ නෙවෙ...මට නිම්නව අල්ලන්න .....තුරුල් කරගන්න...අඩනකොට කදුලු කැට පිහන්න....කොටින්ම...එයාගෙ හෙවනැල්ල ළඟින් උන්නෙ නැති උනත්...මට එයාගෙ හෙවනැල්ල වෙන්න පුලුවන් කියන දේවල් මට සතුටු හිතෙන කාරනා උනත්....මේ වෙනකොට නිම්න නෑ කියන ඇත්ත....කොච්චර තිත්ත උනත් මට පිලිගන්නම සිද්ද උනා 

ඇත්ත...නිම්නගෙ අම්මා කියන කතාව ඇත්ත...අතීතෙ නොවුන සමහරක් දේවල් හෙටින් පස්සෙ වේවි...හැබැයි...කවුරුත් දන්නෙ නැති වේවි...ඒඑ දේවල් අතීතෙ උනාය කියලා ...දන්නෙ අපි හතර දෙනා විතරක් විතරයි කියන එකම මාව රිදවනවා....

ඇයි බන් උන්ව අපිට ආපිට ජීවත් කරවන්න බැරි.....

රෑ දොලොස් වෙනි පැයේදි මං හරි වේදනාවෙන් මුමුනකොට මා එක්කම ඇහැරන් උන්න උදාර දුන්න උත්තරේ එක්ක මට ඉන් එහාට හිතන්න කිසිම දෙයක් නැති උනා.....

මයුරයා...වැලලුනු මිනිස්සු ආපිට ජීවත් කරවන්න පුලුවන් මැජික් එකක් තියනවා නම්.....අද මෙ ලෝකෙ කොහෙවත් මැරුනයි කියලා මිනිස්සු ජාතියක් ඉන්නෙ නැති වෙන්න තිබුනා....මේක...අතීතයට යාමකට වඩා...තනිකරම මායාවක්....උඹ ඉන්නෙ විකාරෙන් ..විකාරෙන් කියන්නෙ...උඹ ඉන්නෙ නිම්න ගැන වේදනාවෙන්....

මට ආය ආයම උදාරගෙ වචන මතක් උනා..ඇත්ත...මං ඉන්නෙ නිම්න ගැන වේදනාවෙන්...උදාර හරි.....අතීතෙට ගිහින් හැම දේම වෙනස් කරන්න පුලුවන් නම්....මේ ලෝකෙ සුසාන කියන ජාතියක් නැති වේවි.....

මං එහෙම්ම බෙල්ල උස්සලා බැලුවා...කල්පනයා ආයම මුනින් අතට හැරිලා නිදි.....උදාරයා නැගිටින්නෙම දොලහට..ඒ උදේටයි දවල්ටයි දෙකම එකට කන්න.....රවිදුවා...ඌට වෙලාවක් නෑ.....එහෙන් අම්මගෙයි අප්පච්චි ගෙයි කියවිල්ල...ඒ දෙන්නා වෙලාවකට හැසිරෙන්නෙ තවම බැදලා නෑ...ළමයි නෑ...අර නාඹර කාලෙ වගේ...වෙලාවකට මට ඕකත් හිසරදයක් ...කොහෙ හරි යනවා නම්....ලස්සන කෑල්ලක් ගැවසෙනවා නම්...මට අප්පච්චි ට අප්පච්චි කියන එක තහනම්...අයියෙ....අයියෙ.....කියපන් කියලා අනිවා....

හැබැයි මං දන්නවා.....මට විස්වාසයි .....අප්පච්චි කවදාවත් මගෙ අම්මට නූල් පටක වැරද්දක් කරලා නෑ....කෙල්ලෙක් දැක්කම කොච්චර මා එක්ක මොනවා කියෙව්වත්....නිකමට චූස් චූස් ගාන්නෙ නෑ.....ඒකට එකම හේතුව....

උඹගෙ අප්පච්චි මෙතන මේ කෙල්ලට චූස් ගෑවොත් ඒක හොද නෑ කොල්ලා.... ටිකක් හිතපන් උඹගෙ අම්මත් මෙහෙම තනියෙන් එලියට යන වෙලාවක මොකෙක් හරි චූස් ගෑවොත් ....???

ඒ අප්පච්චි ගෙ වචන...ඕන මගුලක් කියන්න පුලුවන් ගුටි කන්න බලාගන...ඒත්.....

ඇයි නිම්නට විතරක් එහෙම අප්පච්චි කෙනෙක් හම්බ උනේ...

මං ආයම මුනින් අතට හැරුනා ...මට ඉන්ද යන්නෙ නෑ.....ඇස් පියවන්න හිතෙන්නෙත් නෑ...ඇස් පියෙව්වත් මට මතක් වෙන්නෙ නිම්නගෙ කැලැල් පිරුන සර්වාංගෙ...උඹ කොහොමද බන් ඔච්චර වේදනාවක් ඉහිලුවෙ.....අනේ උඹ කොහොමද බන් ඔය ඇගිලි තලනකොට ඉවසන් උන්නෙ...??

උඹ කියනවා...අතීතෙ වෙනස් වීමක් නෑ කියලා ....එහෙනම්...ඇයි බන් අපිව ආපහු අතීතෙට යවන්නෙ ..????

මං නැගිට්ටා ...මට තවත් නම් ඉන්නම බැරි තැන මං නැගිට්ටා....මොකද මට මගෙ හිත අස්සෙ ප්‍රශ්න කෝටියයි ...මගෙ හිත අස්සෙ වේදනාවෙන් ටොන් එකයි...

ඇදෙන් බැහැපු මං නහය කස කස කෙලින්ම බාතෲම් එකට ගියා...මට කතා කරන්න ඕනෙ.....නිම්නගෙ අම්මට...

නිම්න එක්ක නෙවෙ...නිම්න මහ මුරන්ඩු කොල්ලෙක්...කොච්චර උනත් කියන්නෙ මට පරිස්සමින් කියලා ..මොන මගුලටද...මට ඔනෙ ඒකව පරිස්සම් කරගන්න....මට ඕනෙ ඒකව පරිස්සමින් බලාගන්න.....

උඹ මං එනකන්ද බලන් ඉන්නෙ....?

ඇයි මෙහෙම කරන්නෙ නිම්නගෙ අම්මෙ...??

එයා ආවා..වෙනදා වගේ නෙවෙ ..කටහඩ වෙනුවට එයාගෙ රූපෙ කන්නාඩියෙන් අන්දවගන....

මං එයාගෙන් ඇහුවා ඇයි මෙහෙම කරන්නෙ කියලා .....

අතීතෙ වෙනස් වීමක් නෑ මයුර...ගිහින් බලන්න....සාක්ශි එකතු කරගන්න..මොකද ....හැම මිනිමරුවම නිදැල්ලෙ.....ඔතන ඉන්නෙ...ආත්ම ශරීර ගාතකයො.....ඔව්....මගෙ කොල්ලගෙ මහ එකාට පුලුවන් උනා .....ශරීර ගාතනෙ කරන්න.....ඒත් ....මයුර....අපේ ආත්මෙම ගාතනේ කරාපු උන් වැඩි හරියක්ම උන්නෙ ඔය ඉස්කෝලේ ඇතුලෙ.....

සාක්ශි එකතු කරන්න කියන්නෙ...ඔයාට ඕනෙ මේ හැමෝටම දඩුවම් දෙන්නද...ඇස් දෙකෙන් බලන් ඉදලා....ආපිට ඇවිදින් දඩුවම් දෙන්නද...????

.මේක...අතීතයත් ...වර්තමානයත් අතර දෝලනයක්....මයුර...අතීතෙට ගිහින්...ඇස් දෙකෙන් බලන්...වර්තමානෙට ඇවිදින් දඩුවම් කරපන්...!

ඒ කියන්නෙ.....ඒ කියන්නෙ...අපිට...යන්න එන්න පුලුවන්ද ....??? ඉතින් දෙයියනේ...යන්න එන්න පුලුවන් නම්...ඇයි...අපිට වලක්කන්න බැරි...නවත්තන්න බැරි...

ම්න්...යන්න එන්න පුලුවන් ...නවත්තන්න බැරි එකම හේතුව...මොකද.....ඒ හැම දේම සිද්ද වෙලා අහවර හන්දා....

මගෙ ඔලුව කුරුවල් වෙන්න ආවා.....එයා

කියනවා යන්න එන්න පුලුවන් ලු...ඒ කියන්නෙ....කාල සීමාව මෙච්චරයි කියලා නැවතීමක් නෑ...සාක්ශි එකතු කරන් වර්තමානෙදි දඩුවම් දෙන්නලු...එතකොට ..විභහගෙ...එයා කිව්වෙ විභහගෙත් ලියන්න පුලුවන් කියලා .....

එතකොට විභහගෙ ....ඔයා කිව්වනෙ විභහගෙත් ලියන්න පුලුවන් කියලා ....

හ්ම්...ඒක ආසාවක් ඇති කිරීමක් විතරයි.....උඹලට ඉගන ගන්න බැරි උන් නෙවෙනෙ...මගෙ පුතා එක්ක උඹ විභගෙ ලිව්වත්....වර්තමානෙදි උඹ කොහොමත් අනාගත්තුඑකෙක්....මට ඕන...උඹලට නැති උන උනන්දුව ආපිට ගන්න....ආපිට මහන්සි කරවන්න....සිලබස් වෙනස් උනාට කමක් නෑ...අමාරුවෙන් හරි පාඩම් කරපන්....මොකද මගෙ ළමයි දෙන්නා එක්ක පාඩම් කරන්න බලු බල්ලෙක් ආවෙ නෑ.....

එතකොට ....

ඕනාවට වඩා කල්පනා කරන්න එපා මයුර....කටින් කියලා තේරුම් කරනවට වඩා ලේසියි...ඇස් දෙකෙන් දැකලා...කන්වලින් අහල...තමන්ගෙ හිතට එවෙලෙට හිතෙන දේ කරන එක...මං ඉල්ලන්නෙ එක දෙයයි...සාධාරනයක් විතරයි මයුර....ආපිට ජීවත් වෙන්න අයිතිය නැති උනත්....සමාදානෙන් සැතපෙන්න වත් හේතු හොයලා දියන් මයුර....

මං ඔලුව වැනුවා ...එයා කියනවා හරි....කිව්වත් වගෙ...කටින් තේරුම් කරන කිසිම දෙයක් මං ඉන්න තත්වෙ අනුව කොහොමත් තේරෙන්නෙ නෑ.....ඇස් වලින් බලලා.... කන් වලින් අහලා...එවෙලෙට හිතට දැනෙන දේ කරන්න කියපු දේ කරන කියනකොට මන් ඔලුව වැනුවා....

දෙයක් අහන්න ඕන....

මොක්ක්කද.....

නිම්න කිව්වා...එයාගෙ අප්පච්චි ලියන කිසිම පොතක් ගන්න එපා..කියවන්න එපා කියලා ...ඒක උගුලක් කිව්වා...ඒක දැලක් කිව්වා....

හ්ම්...ඒක ඇත්ත...මිනිහා කරන්නෙ....පොත පිටිපස්සට මිනිහගෙම වන්චාකාරි අකුරු එකතු කරවන එක....පොත ගැන අදහස් දක්වන්න කියලා එඩ්‍රස් එකක් ලියන එක.....

 හෝව් .....ඒක මං හොයා ගන්නම්....මොකද ....ඔයා ඔහොම කියනකොට මට බයයි....තියන කුතුහලෙයි....තියන තරහවයි නැති වෙයි කියලා .....

මං ඉක්මනට නිම්නගෙ අම්මව නැවැත්තුවා...ලගම තියන බුක් ශොප් එකේ පවා ඕකගෙ මල ඉලව් පොත් තියනවා.....අහනවට වඩා හොදයි ඇස් දෙකෙන් බලාගන්න එක...

පුලුවන් නම්...නිම්නට එන්න කියනවද.....

මොකටද...ලමයව???

මං....මං....

ඔව්...මොකද.....හොරගල් අහුලන්නෙ....?

මෙච්චර වෙලාම තිබුන අර සීරියස් කතා බහ ඉවර උනා....එයා යන්න හදන බව තේරුන මං ඉක්මනට නිම්නව එවනවද ඇහුවා...මොකද ....මට ඕනෙ ..එයා එක්ක කිරි කෝපි එකක් බොන්න.....සීනි ඇටයක් නොදාපු කෝපි වෙනුවට....කිරි තේ එකක් කොච්චර රසද කියලා නිම්නට අමතක කරවපු රස ආපිට එයාට දැනෙන්න දෙන්න...

මං සින්ක් එකෙ ගැට්ට කොනිත්තන්න ගත්තා.....මොකවත් නෙවෙ...නිම්නගෙ අම්මා මගෙන් ඇහුවා ඇයි හොරගක් අහුලන්නෙ කියලා .....මගෙ හිතේ කිසි හොරයක් නැති උනත්.....අනේ මන්දා ..මට බය හිතුනා...නිම්න මම එයාට වස්තුව කිව්වා කියලා එයාගෙ අම්මට කියලද කියලා ...එක්කො එයයි මායි අතර එේ මගේ හතර එහෙම මුකුත් සම්බන්ධයක් නැහැ කියලා කියන්නද.....

නිම්නලාගේ අම්මේ එයාගෙයි මගෙයි අතර එහෙම මුකුත් සම්බන්ධයක් නැහැ

සම්බන්ධයක් නැත්නම් මොකද ඉතිං උඹ එයාට වස්තුව කියන්න ගියේ....ඇරත් මං දැන් ඇහුවෙ ඇයි ලමයව අහන්නෙ කියලනෙ...

මට පොලව පලාගෙන යන්න හිතුනා අර ඇම්බැට්ටයා ඒකත් කනේ කියලා...මමත් කලබල උනා වැඩීදෝ මන්දා.....

ආ..ආ..මේ...වස්තුව...ද....වස්තුව.....කිව්වෙ ..මට දුක හිතුනා...ඒකයි....නැතුව වෙන දේකට නෙවෙ....ඇහුවෙ ඇයි කියලා අහන්නෙ.....මට....

ඉතින් තටමන්නෙ නැතුව කියපන්කො...දුක හිතුනම වස්තුව කියනවා...මීට වඩා දුක හිතුන්ත් උඹ මගෙ ලමයට ඔයිට වඩා ඒව කරයිනෙ.....ආ.....හමගහනවා උඹව මං ....මගෙ කොල්ලව මං ඔය කරාබු අටවන් ඉන්න උන්ට කොන්ඩෙ පාටකරන් ඉන්න එවුන්ට දෙන්නෙ නෑ.....

මං තත්පර ගානක් බලගන උන්නා.....එයා දිහා වත් වෙන කොහෙ දිහාවත් නෙවෙ...සින්ක් එකේ ගැට්ට දිහා....එයා කිව්වා එයාගෙ පුතාව...නිම්නව කරාබු දාපු කොන්ඩෙ පාට කරාපු උන්ට දෙන්නෙ නෑ කියලා .....මං එහෙම්ම කන් දෙකේම දාන් උන්න කරා දෙක ගලවලා එහෙම්ම ඩස්ට්බින් එකට දැම්මා.....

නිම්න ජීවත් වෙලා උන්නා නම්....මං නිම්නට ආදරෙ කෙරුවා නම්.....නිම්නව මට දෙනවද නිම්නගෙ අම්මෙ.....??

ඒත්....මයුර කියන්නෙ

මං මොන ජාතියෙ උනත් අපි හැමෝම මිනිස්සු නේ.....නිම්න්ගෙ හදවත වගේම මගෙ හදවත ගලවල එක ළඟ තිබ්බොත්....කාටත් හොයන්න පුලුවන්ද මේක....ඔය මිනිස්සු ලේබල් කරාපු හදවතක් ...මේක සාමාන්‍ය හදවතක් කියලා ....බැදීම් අවංක නම්...හැගීම් අවංක නම්.....ඒක නෙවෙද වටින්නෙ.....නිම්න කියනවා මට නිම්නට ආදරේ කරන්න එපාලු.....

ඒ උඹටම දරාගන්න බැරිවෙයි කියලා ...ඒ කියන්නෙ මයුර දැනටමත් නිම්නට ආදරේ කරන්න පටන් අරන්ද....

නෑ....මං ආදරෙ කරන්න පටන් අරන් නෑ.....ඒත්...නිම්න ගැන මට නොහිතා ඉන්න බෑ.....මට නිම්නව මතක් නොකර ඉන්න බෑ...නිම්න කියනවා...නිම්නට දැන් කෝපි එකක රස අමතකයි කියලා .....නිම්න කියනවා...එයාට කන්න අවසර තිබුනෙ ලුණුයි බතුයි විතරයි කියලා ...නිම්න .....කියනවා....

..මයුර....දන්නවද....උඹ වගේ එකම එකෙක්.....මගෙ ළමයා ගාව උන්නා නම්...අද ඌ හරි ජීවත් වෙනවා මයුර....නිම්න උඹට ආදරේ කරන්න තහංචි දාන්න ඇති .....උඹට උණගෙ හදවතේ වගකීම බාරගන්න පුලුවන් නම්....දවසක ඔය හැගීම් වෙනස් වෙලා ආදරේකට පෙරලුනොත්...ආදරේ කරපන්....හැබැයි පුතේ...හිමීවීමක් නෑ...වේදනාත්මක අවසානයක් එක්ක උඹට ඉතිරි මලකදක ශෝකාලාපයක් විතරයි....

අතීතෙදි වත්....?වර්තමානෙ මන් කොහොම හරි දරාගන්නම්...මං අහන්නෙ.....අතීතෙදි වත්....පැලුන හිතකට ආදරේ පැලැස්තර අලවන්න පුලුවන්ද නිම්නගෙ අම්මෙ.....මනුස්සයෙක් ගේ උනත්....ලෙස් කෙනෙක් උනත්....සංක්‍රාන්තිකයෙක් උනත්....කවදාවත් මනුස්සයෙක්ගෙ වටිනාකම අඩු වෙන්නෙ නෑනෙද නිම්නගෙ අම්මෙ.....??සමහර විට.....එයාට පහසුම තැන ඉදන් ජීවත් වෙන්න ගත්තම.....එයාට ඔයිට වඩා ඒ ජීවිතේ ලස්සන කරගන්න පුලුවන් නෙ....එහෙම නේද.....ඉතින්....මට බැරිද නිම්නගෙ අම්මෙ.....නිම්නට උගන්නන...කාටට්ජ් හොරාවට කැළේ ඇතුලෙ තව පිපෙන හුගක් මල් ජාති තියනවා කියලා බය නැති කරන්න....??

......පරවුන මල්වලට ආය පන කවන්න බෑ මයුර ..ඒත්....පරවෙන බව දැන දැනත්.....උඹට පරවෙන්න නොදී බේර ගන්න බැරි බව දැන දැනත් ආදරේ කරන්න පුලුවනි නම්....ආදරේ දීපන්...ඒ මූනට හිනාවක් දීපන්...ලුනුයි බතුයි කාලා ඌට වේදනා උහුලන්න හයිය මදි එකෙ....ඌව දරාගන්න උඹත් ඉන්නවා කියලා අතීතෙට ගිහින් ඌට කියපන් මයුර.....මට සාදරනයක් නැති උනත් කමක් නෑ...ඌ මැරිලා ගියේ ..ආදරෙ කියන්නෙ මොකක්ද කියන්නවත් නොදැන.....උඹට පුලුවන් ...නම්....මැරෙන්න කලින්....ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා....නිම්නට උගන්නපන්....

එයා යන්න ගියා.....නිම්නට ආදරෙ උගන්නපන් කියපු එයා යන්න ගියා...මම.තනි උනා...විසදන්න...දේවල් කෝටියයි.....පැටලුන නූල් බෝල අහුරයි...මේක නිකන්ම නිකන් අතීතෙට යාමකුත් නෙවෙයි...

මං එහෙම්ම දත් බුරුසුවට සිග්නල් දාගන දත් මදින්න ගන්නවත් එක්කම කල්පනයා දොර කඩන්න හැදුවා.....මං දොර ඇරියා.....

ඒකා චූ කරනවා...සුදු පාට තට්ටමෙන් බාගයක් එලියට පැනලා...තට්ටමට වහපු මදුරුවට පාරක් ගහන ගමන් තට්ම කසපු ඌ අනිත් පාර ඉදගත්තා...

පොඩ්ඩක් ඉදපන් මං යනකන්....මට ගද ආවම දත් මදින්න පුලුවන්ද...

බඩ රිදෙනවා.....ඉක්මනට මැදුකො...රෙද්දෙ රෙවෙයි නැත්තන්....

ශිහ්.....

ඇයි උඹ ඉටිපන්දම් හදුන් කූරුනෙ කන්නෙ...ඔන්න....යන්න යන්නෙ....නහය වහගනින්.....ඊයෙ කොස් ඇට රෑට කෑවෙ...ඔන්න ගියා...ඔන්න.....අනෙ....අම්මෙහ්....සනීපේ....

බ්බ් ..බ්වෑක්....

මට එක පාරම වමනෙට වගේ ආවා...ක්ලපනයට තිබුනෙම මහ වරත්තු කටක්....මේක කොලු ජීවිත....කොල්ලන්ට අපාය උනත් හුරුයි කියනවා....ජොකා ඇරුනම අනිත් හැම දේමාරු කරන් අදින් අපිට මේ ටොයිලට් සීන් එක අදාලම නැති උනත් මේකා ඒක කියපු අසික්කිතේටයි ඇහුන සද්දෙටයි මට වමනෙට වගෙ ආවා....

කල්පන....

ම්ම්ම්...ම්ම්ම්ම්...යන්නෙ නෑ.....මග....හිර වෙලා....

ඒකා තටමනවා....

ඇගිල්ල ගහපන්...පිස්සා.....කාලා ලෑස්ති වෙයන් සැලුන් එකට යන්ඩ...

ම්ම්ම්...අම්මෙහ්....ගියා.....

.

වතුර ගහපන්කො....

මම නහය අකුලවන් ගිහින් වතුර ෆ්ලශ් කරලා වෙට් ටිශූ එකක් නහය ගාවින් තියා ගන්නකොට කල්පනයා ගානක් නැතුව ඵෝන් එක කකා උන්න මිසක් මගෙ කතාවට කන් නොදෙනකොට මං ඒකගෙ අතේ තිබුන ඵෝන් එක ඇදලා ගත්තා....

ඒ...ඒ..මයුරයා.....දීකො...

අහපන්....කැම් එක ඔන් කරන් මීයව යවනවද කාටහරි...මේක අහපන් කල්පනයා....උඹට ඊයෙ මොකද උනේ කියන්න අමතක නෑනෙ...මං කියන්නෙ මෙච්චරයි ..මේක විහිලුවකට ගන්න එපා කල්පන....මං හරි සීරියස් මෙ උඹට කතා කරන්නෙ .....

හරි...කියපන් .....

කල්පන...මේක විහිලුවක් නෙවෙ...අපි ගනු දෙනු කරන්නෙ අමනුස්ස ආත්ම එක්ක මිසක්...හුරතල් සත්තු එක්ක නෙවෙ...ඉල්ලුවෙ උදව්වක්...ඒක සාපෙකට හරවගන්ඩ එපා....

ඔහොම බය කරන්ඩ එපා යකො...වේසයිනෙ...ඇගත් එක්ක හිරිවැටිලා ගියා....එපා බන්....මට ඊයෙ රෑ වෙච්ච දේවල් එක්ක මගෙ ඔලුව අවුල් උනා මයුරයා . .

ඌ අත් හෝදගත්තා....ලැජ්ජාව නැති එකා කියනන්ද ....ඌ මගෙ ගාව ඉන්නකොට උගෙ කම්ෆර්ට් සෝන් එක මම කියන්නද ...නැත්තන් .....මේ බැදීම් වල ගැඹුර කොයි තරම් ද කියන්න අපි කවුරුත් නොදන්නවා කියනන්ද මන්දා කල්පනයා මගෙ ඉසාරහාම කරගන්න දේවක් කරගන නැගිටලා කොමඩ් එකට හාපික් තලියක් හැලුවා ..හලලා අත හෝදගත්තා ...

මිනිහගෙ මූන වෙනස් උනා...

මයුරයා...මට මේක කියපන්.....ජයවර්ධනයා අමු සතා වෙලත්...ඇයි බන් කවුරුත් උගෙන් අහන්නෙ නැත්තෙ කෝ උඹගෙ ගෑනි දරුවො කියලා ...ඇයි බන් ඌව කාටත් සැක හිතෙන්නෙ වත් නැත්තෙ....මූ කොහොමද බන් අර කොල්ලවයි කෙල්ලවයි මරලා තියෙන්නෙ.....??පිට ඉන් නෙවෙ...තමන්ගෙ ලේ....?

මං ලාවට ඔලුව වැනුවා...

කල්පන...සමහරක් කැනහිලුන්ට බැටලු හම පොරවන්න පුලුවන් රෝම කූප මතුවෙන සිදුරට හමේ සිදුර ගානට හිටින නීට් එකටම....ඉතින්...ජයවර්ධන කියන්නෙත් එහෙම එකෙක්.....උගෙ මූඩ් එකයි...උගෙ කතා විලාසෙයි....ඌ ආස්‍රේ කරන මිනිස්සුයි...බැලුවම.....උඹට කියන්න පුලුවන්ද මූ මෙහෙනයි කියලා .....

පොතෙ කවරෙන්...පොත මනින්න එපා කියන්නෙ....මේ හින්දා ඒන්න ඇති මයුර.....මොන දේ කොහොම කිව්වා උනත් ..කතාව මොන තරම් දුක්බර උනත්....මයුරයා....අපි හැමෝම බයයි ...මම අවසානම මොහොත වෙනකම්ම....බෑ කිව්වෙ....බයට මිසක්.....උදව්වක් කරන්න බැරි කමට නෙවෙ...ඒත්....උඹත් සයිඩ් ගහන් කල්පනා කරනකොට ....මෙච්චර කල්..අපි හතර දෙනා කෑවෙ නැත්තෙ මැරුන් විතරනෙ....ඒක කන්න උනත් අපි හතර උන්නෙ එකටනෙ කියලා මං හිත හදාගත්තා.... ගෑනු පෑන්ටියක් හින්දා චාටර් වෙනවට වඩා මේහෙම උදව්වක් වත් කරන එක හිතට හොදයි .. 

මම බලාගන උන්නා....කල්පනයගෙ වචන ඔක්කෝම ගිනි ගින්දර වෙලා....මූ මොකද එක පාරම ගෑනු පෑන්ටියක් ගැන කිව්වෙ.....

මොකද උනේ කියපන්...

නෑ බන්....මට හෙන අවුල් බන්...

මොකද උනේ...ඊට පස්සෙ මොකද කරන්නෙ අපි බලමු...කියපන් ඊයෙ රෑ මොකද උනෙ....

නෑ....බන්....උඹ දන්නවා මයුරයා.....මං ඒකිට වියදම් කෙරුවා.....බොක්කෙම්ම ලව් කෙරුවා....මං මේ කරලා කියවනවා නෙවෙ.....ඒත් බන්...මට ඕකිව අරන් ඕන තැනක යන්න චාන්ස් තිබ්බා...ඒකිම දවස් කීයක් ගෙදර කවුරුත් නෑ කිව්වද...මං කී දවසක් ඕකිව මග ඇරියද කියන්න උඹ දන්නවා...කොලු කම වෙනයි....එහෙමයි කියලා මං ඔය සිපි වැඩ කෙරුවෙ නෑ ..මේ..කල්පනයා ගෑනු සිපෙක් නෙවෙ...

හරි...හරි....කියපන්කො...ඒකිව චී කියලා හිතෙන්න මොකද උනේ.....

නෑ බන්...මම උන්නෙ අවසිහියෙන් ...ඒකත් නයිටියක් පටලවන්...මුන්ගෙ ඔක්කොම වට උනා....උන්ගෙ මහ එකයි...අර අයියා කියන ඇඹලයයි හිතුවෙමන් අරකිගෙ කාමරේට පනින්න ආවා කියලා ...මන් නෑ කිව්වා....මන් ඒකිට කිව්වාබන්...මං ආවෙ ඒකට නෙවෙ....කියන්න කියලා....අපි අතර දැන් මොකුත් නෑ කියන්න කියල...ඒත් මේකි කිව්වෙ මගෙ තුන් හිතකවත් නැති දෙයක් බන්...මං එලියට පැන්නෙ ඒකිගෙ කාමරේ ඉදලා කිව්වා....එතකොට ඇදන් උන්න නයිටිය ඒකිගෙ කිව්වා.....මට නොගහා ඉදීද කියපන්...??මාව නොමරා මරන්න හැදුවෙ ..දුවන් ආවෙ මොන හයියටද කියන්න මං දන්නෙ නෑ....මට කවදාවත් නැතුව ඒකි අද චී කියලා හිතුනා බන්....චීම කියලා හිතුනා...හොල්මන ගහල මැරෙන එක සැපයි...

.

ශිහ් ...ඒකි මහ වේසයිනෙ ....බලන් ගියහම....එව්..හරීම වේසයි ආ....

මං උරහිස් ඇකිලුවා...කට හැකරයා උනත් .....මෝඩ වැඩ කෙරුවා උනත් .සුදු අම්මිගෙ සිහියෙන් නහින්න හැදුවා උනත් කල්පනයා කියන්නෙ ජෙනුයින් කොල්ලෙක් කියන්න අපි කාටවත් ආය කාගෙන් වත් චරිත සහතික ඕනෙ නැති වෙනකොට මං උගෙ කලු වෙලා ගියපු මූන දිහා බලන් ඉදලා අරකිට බැන්න විතරයි වෙනදට දෝනි ගාන ඌත් අද ඒකිට බැන්නා.....ඇත්ත නොකරපු වැරදි වලට මොකාද බැනුම් අහන්න කැමති ...??

නෑ බන්...වෙන උන් වගේ මං මේ ඒකිව බ්ලැක් මේල් කර කර.....ss දදා...නෝන්ඩි කරන්න ගියෙ නෑ...ඒකිට එපා කිව්වා...තොට මාව එපා නම්...මටත් තෝව එපා සංකල්පෙන් මං ඒකිව අතෑරියා...මොකද ...මූදට ඉන්නෙ එක මාලුවද ...නෑනෙ.....මට මේ බූටක් කෑවා කිය කිය තැරි ගැහි ගැහි යන්න ගැට්ටෙ අමාරුව නෑ මයුරයා.....මං එහෙම චිත්තෙකුත් නෙවෙ...ඒකිට මාව එපා කිව්වෙ ඒකිගෙ ඔය විභහගෙ හින්දා නෙවෙ...මමයි වුත්තිට අර ස්පෝකන් ක්ලාස් පන්තියත් හොයල දුන්නෙ.....ඉගන ගන්න ආස එකී නම්....මොන මගුලටද දැම්ම ඉදන් අර මොඩ්ලින් පිස්සුව ගහලා තියෙන්නෙ..ඕකිට වෙන එකක් ලයින් වේගන ආවා.....ඒකයි ඕකි මට පොල්ල තිබ්බෙ....

කව්ද දන්නෙ....ත්‍රිකලා ඇන්ටිගෙ මොඩ්ලින් කරන්න ආසද කියලා ....හ්ම්...හ්ම්.....

ඔච්චර කියවන්න එපා.... ඒකිව අමතක වෙන්න එක්ක අඩියක් ගහපන්...ගේ ඉස්සරහින් මල් වඩමක් තියපන්...එතනින් එහා මොකුත් නෑ...කව්ද දන්නෙ ..උඹගෙ උරුමෙ ඒකි නෙවෙ....කොල්ලෙක්ද කියලා...ම්ම්ම්...ම්ම්ම්....

මං ඒකගෙ ඉනට ඇගිල්ලකින් ඇනලා ඇහැක් ගැහුවා...වෙන මොකුත් නෙවෙ...උගෙ මූන කලු ගහලා.....විසි හතර පැයම පිස්සු නටන උන් සීරියස් වෙන්න ගත්තම ඒක හරි අමාරුයි....උන්ට විතරක් නෙවෙ අපිටත් අමාරුයි....අනික ඒකි මුගෙ සිරා කෑල්ල...අනංගයා වගේ උන්නත් මොකද මූ ඒකිට බොක්කෙන් උන්නා කියන්න අපිත් නොදන්නවා නෙවෙ වෙනකොට කොල්ලට විරහව ඉහට ගහයි කියලා මං ඌව ඇවිස්සුවා...හැබැයි ඌට නම් ආච්චි වැහුනා....

එව් ....පල...මෙතනින්...උදව්ව වෙනයි.....ඒ කියලා ..කොල්ලො ගහන්...ආව්..ආව්....හ්...කන....අනේ...

ඇන්ටි...හ්...යෝ....එහෙම....කියන්නෙ...නෑ.....මං..බොරුවට...කිව්වෙ...

කොල්ලෙක්...එක්ක...යාලු ..වෙන...එක...හොදයි....ම්..මයුරයා...අනේ..කන...යකෝ...

උඹගෙ කට කඩන්නමයි මට හිතෙන්නෙ...පලයන්...ඔය කොන්ඩෙ කපන් වරෙන්.....බලපන් මූනෙ හැටි.....කපපන් ඔය රැවුල....කන් දෙක වටේ සරුව පිත්තල විමානයයි...උඹට කෙල්ලෙක් නෙවෙ.....මොකෙක් වත් හරියයිද...දුවපිය

 මං හිතන්නෙ....මෙතනින් පස්සෙ අපි කාටත් හිතුමනාපෙට කතා කරන්න නම් බැරි වෙවි.....මෙච්චර වෙලාම උගෙ පෙට්ටි කට එහා මෙහාකර කර උන්න කල්පනයගෙ කන මම බලාගන ඉන්නකොට අනිත් අතට කැරකුනා....උගෙ දෝනිව එපා කොල්ලෙක්ව සෙට් කරගනින් කියනවා එක්කම ඒකා කොල්ලො ගහන් නෑ ගාන්න කට ඇරියා විතරයි නිම්නගෙ අම්මා ගියා කියලා කිව්වට ගිහින්ම නැති වෙනකොට අරකගෙ කන අනිත් අතට අඹරලා මගෙත් ඔලුවට ඇන්නා...

ඌව්.....හ්...මට අනින්නෙ...මං මොන බිජ්ජ කෙරුවටද...?ඔහොම අනින්ඩ එපා අප්පා.....උදව් කරන්ඩ කලින් මැරිලා යයි...

කුණු හර්ප පලනවට....උඹගෙ කට පුච්චනවා මං .....මකවනවා මං උඹලව...හිටපියව්කො....මං ගානට හදලා ගන්න....

මං මගෙ ඔලුව අතගානකොට කල්පනයා ඒකගෙ අඹරවාපු කන අත ගෑවා....මගෙයි උගෙයි ඇස් වලින් කදුලු පැන්නා...මං හිතන්නෙ...අපිව ඔය කියන්න වගේ...මකවයි....

ඇන්ටි .....අනේ.....මේ..හ්....නෑ...අනේ..නෑ..නෑ.....නිම්නගෙ ...අම්මෙ....අනිත් පාර එනකොට ....පොඩ්ඩක්...කියලා එන්නකො.....අපි..කොල්ලොනෙ....අනේ..කියපන්කො..මයුරයා...

කොල්ලො උනාට මොකද.....මං අම්මෙක්නෙ...දුවපන් එලියට....දුවපන්...ගිහින් ඔය කාක් කූඩ කපන් වරෙව්.....

ම්ම්ම්හ්...තරහා නැත්තන්..දෙයක් අහන්නද ගහන්නෙ නැත්තන්....නිම්නලාගෙ අම්මියෙ...👉👈

මං ඉක්මනට මගෙ වහගන්න පුලුවන් තැන් වහගත්තා...මූ ගොන් කමට ගොන් කතාවක් ඇහුවොත් අනේ ඉතුරු බාගෙ අවසන් වෙන්නෙ මගෙන්....

 හ්ම්ම්ම්ම්.....

දැන් අපි...යන්නෙ අනාගතේ ඉදන්නෙ.....විභහග කාලෙට....පාඩම් කරනවට වඩා ලේසි නැද්ද...පේපරේ අපිට පන්න ගන්න ඒව්ව්....කන...යෝහ්...අපි..අනාගන්තෙන්....නෙ...අනේ....යෝහ්...මේ...මෙයා...එක්ක . බෑ .....අප්පා.....

ඇයි උඹට පාඩම් කරපුවාම හෙන වදිනවද....උඹලා මේ පාරත් කෙරුවෙ කට්ටි පැනපු එක.....පාඩම් නොකර පේපර පන්නන්න.....අනාගතෙන් නේවෙ..මොකෙන් ගියත්...ලියපියව්....ලියලා පුරුදු වෙයව්....පාඩම් නොකර ඉන්ඩ.....

අරකගෙ කන දැන් ගැලවෙනවා...ඒක ඇත්තනෙ.....ඉතින් ඕක ලිව්වත් වැඩක් නැති ඒකෙ...මහන්සිවෙන්නෙ ඇයි....??එක්කො...එකක් හොයාගන නිම්නට ගිහින් දුන්නා නම්...එයාට ඔච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ....ඒත් ඔව්වා කියලා මාව මරයි....කමක් නෑ...මං එයාට කියල දෙන්නම්කො.....

ආයම ගහන්නෙ නැත්තන් ...නෑ...මොකුත් අහන්න ඕන් නෑ...ගියහම බලාගන්නම්...අනෙ. ..ටෙක්ලා.....

කල්පනයට මේ නිම්නයගෙ අම්මා ගහනවා....අනේ...මයුරයා....මේ නැන්ද කියපන් මට හිටපු ගමන් ෆිට් එක එනවා කියලා ...

අරකා කන අත ගගා එලියට යනකොට නිම්නගෙ අම්මා ඉනට අත් දෙක තියාගන බලාගන ඉදලා මා දිහා බැලුවා...ආයම බනින්නද...?කිව්වත් වගේ අර යකාට හිටපු ගමන් ෆිට් එක එනවා...ඒකනෙ ඕකව නාවන්ඩ යවන්නෙ නැත්තෙත්...

උඹලව මීට කලින් හම්බ උනා නම්...මට එච්චරයි දැන් හිතෙන්නෙ මයුර....උගෙ කොලු කමට ඔහෙ කියෙව්වට...උඹට ඉන්නෙ හොද යාලුවො....මගෙ පුතාට.....මගෙ දුවට....යාලුවො නෑ මයුර....උන්ව හැම තැනින්ම කොන් කෙරුවා...පිලිගන්නවද...උන් මගෙ ළමයි ඉදගත්තු පුටුවකවත් ඉදගත්තෙ නෑ....මොකද...උන් හිතන් උන්නෙ.....මගෙ ලමයිට තියෙන්නෙ බෝ වෙන ලෙඩක් කියලා ...සමහර දෙමව්පියො මගෙ ලමයිව ආස්‍රෙ කරන එක පවා නැවැත්තුවා...මම හැමදේම කියන්නෙ නෑ මයුර...ඒත්.....පුලුවන් නම්....මගෙ ලමයිට ලස්සන මතක එක්ක වත් ඇස් පියාගන්න ලස්සන මතක ටිකක් දීලා ආපිට ඇවිදින් සාදාරනයක් කරපන්...ඒ ඇති.....

එතකොට මට මොකද වෙන්නෙ නිම්නගෙ අම්මෙ....???ඒ කෙරුවම හරිද...ලස්සනම මතක මගෙ පපුවෙ පරිස්සම් කරන්.....ජිවිතාන්තෙ දක්වාම...මලාවු ප්‍රේමවන්තයට ආදරෙ කරන එකද මගෙ ඉරනම.....ඇයි නිම්නගෙ අම්මෙ මම විතරක් විදවන්න ඕනෙ.....?හැමදේකම අවසානෙදි සමාදානෙන් සැතපෙන්න උඹලට පුලුවන් වෙයි....පන පිටින් වලදාපු මගෙ පපුවට මොකද වෙන්නෙ...?

උඹ දැම්ම නිම්නට ආදරේ කරනවද.....?

මට වර්තමානෙට නෑවිදින්...අතීතෙම නැවතිලා ඉන්න බැරි වෙයිද නිම්නගෙ අම්මෙ...

මයුර....ඔය තරම් වේගෙන් තමුන්ව වෙනස් කරගන්න එපා පුතේ...උඹ මගෙ කොලගෙ හිත හදන්න.....උඹව වෙනස් කරගත්තට...අම්මලාට දරුවන්ගෙ ඇත්ත හැගීම් තේරෙනවා

මට දුක...අම්මට තේරුන එක....ඇයි අප්පට නොතේරුනෙ කියලා...මම මාව වෙනස් කරගත්තෙ නෑ....නිම්න ඇවිදින් මාව වෙනස් කෙරුවා....මට දැනීමක් තිබුනත්...ලොකූවට හිතන්න උවමනාවක් නැති දේදුන්නක් කොයි තරම් අහිංසකද කියන්න නිම්න මට ඉගැන්නුවා....මටත් නොදැනි....මං නිම්නට ලන් වෙන්න හදන එක වැරද්දක් විදිහට දකින්න එපා නිම්නගෙ අම්මෙ....යතාර්තෙ දුක උනත්...මට බැරි නෑ....හොද ආදරවන්තයෙක් වෙන්න.....මිනිස්සුන්ගෙ හැගීම් තනිකරම චුයින්ගම් වගෙ....කොයි පැත්තට ඇදෙයිද කියන්න...දන්නෙ කව්ද....

හ්ම්....මොනවද දැන් ඕනෙ.....

නිම්නව...එයා මට මූන දෙන්නෙ නෑ....ඒකෙන් වෙන්නෙ මට රිදෙන එක....වැරද්දක් කෙරුවා මගෙන් හැංගුවා...ඇයි ඒ වස්තුවට නොතෙරෙන්නෙ....හැංගි හැංගි උන්නම මට මීට වඩා රිදෙනවා කියලා ...ගහන්නද...බනින්නද.....

මයුරයා....වරකො.....චූ බරයි....

මට උත්තර දෙන්න....ඇයි එයාට එන්න බැරි...මං.කිව්වනෙ...මට දරාගන්න පුලුවන් කියලා...

අනේ...යකො...වරකො...බොක්ක පැලෙන්න එන්නෙ....මෙතන ගියොත් උඹටමයි අස් කරන්න වෙන්නෙ අනේ ...වරපියකො...අනේ කමනේහ්...මේ මූ ඇතුලෙ පැලවිලා...

එයා බලන් ඉන්නවා....එහෙන් මේ දැන් නැගිටපු තරිදුවා කෑගහනවා....ඌට චූ බර උත්සන්න වෙලා...නිම්න හොරෙක් වගේ හැංගෙනවා.....

මං බනින්නෙ නෑ කියන්න.....මං තරහත් නෑ කියන්න....පුලුවන් නම්...මං එයා එනකන් බලන් ඉන්නවා එන්න කියන්න...

අවසානෙදි මං ඒ ටික කියලා එලියට එන්න ආවා....මොකද කොට රවිදුවා එලියෙ ඉදන් නහින්න හදනවා....

මොන..මගුලද යකො...ඇතුලෙ ඉදන් කෙරුවෙ...කොටහලු උනාද ....පලකො...දැන්වත්....

නෑ...මාසික ආර්තවෙ හැදිලා උන්නෙ...පෑඩ් පැකට් එක උඩ ඇති ඕන නම් එකක් ඇදගනින්...

මූසලයා..අනේ....ට....අනේ...අම්මෙහ්......අනේ..මයුරයා....ඉන්නවා...ඇතුලෙ....ඉන්නවා...අනේ...ඇන්ටි ...ඉන්නවා...හ්.....

එහෙනම්...කට පරිස්සමින් කුනුහර්ප නොකියා පලයන්...අදින් පස්සෙ කුනුහර්ප තහනම්.....

කොට උන්ට තරහ යනවා කියන්නෙ බොරුවට නෙවෙ.....මට සුද්ද සිංහලෙම්ම අමතන්න ගියපු රවිදුවා ආපිට එලියට ආවෙ නිම්නගෙ අම්මගෙන් ඩෑස් පාරකුත් කාගන වෙනකොට ඌ මගෙ දිහාව බලාගන උන්නා...

අනේ...මයුරයා....හුස්ම නොගෙන ඉන්න එක ලේසියි...ඒත්...කුනුහර්ප කියවෙන එක.....ඒක නවත්තගන්න අමාරුයිනෙ...බන්.....පිට නෑ වගේ...ඇදල ඇරියා....පිට ..නෑ... ..වගේ

කරන්න දෙයක් නෑ කොට රවිදු අපි අල්ලන් ඉන්නෙ කොටි වල්ගයක්....හොද කොල්ලා වගේ....චූ දාලාහෝදන් වරෙන්...

කොට....මං.....කියන්නෙ.... නෑ තොට මගෙ....ආහ්හ්...මේක කරන්න බෑ...අනේ.....මගෙ කොට කොයි තැනද බලන්න...එන්න සොදුර...මේ කලිසම පාත් කර ඔය නේත්තරා දෙකෙම්ම දැකගන්න...ධාතු පුත්‍රයා....ඉතින් අවසර....අරයන් අහකට පලයන් ඔය මුඩුම මුහුන.....

මට හිනා ගියා...මං එන්න ආවා...කුනුහර්ප නිසා අසරන වෙන රවිදුවා අවසානෙදි උග් කොට තැන මට බලන්න කියලා කිව්වෙ හරිම ලයාන්විත විදිහට වෙනකොට මීට වඩාඋන්නොත් සින්හල වලට ලයිට් කනු තියන ඌයි මායි දෙන්නම අසරන වෙන බව දැනුන මං ඉක්මනට කුසියට ආවා....

උදාර..ගනින් කොල්ලා ඔය පිගාන....කෝ....පිගන් කීයද.....මමයි...එකයි..දෙකයි....

මගෙ කමනියි....අපේ එකයි....ඔතන...හතරයි.....

මම යනකොට අප්පච්චි මේසෙ ඉදන් පරිප්පු බෙදනවා..අද ඉරිදා.....කඩේ වසා ඇත...උදෙම්ම පාන් පෝරනේට ගියපු අප්පච්චි පාන් ගෙනත් හීනියට කපලා තිබ්නා...වට්ටිය උඩ පාන් පිරෙන්න...පෝරනෙම්ම ගන්න හින්ද අ අඩුයි....ඉස්සර එකසිය විස්සට රාත්තල් දෙකයි.....දැන් ...????

උදාරයා නිදිමතේම.....

කල්පනයා ගිලින්න පටන් අරගන ...අපි පාන් කනකොට කමනිගෙ ලමයා විතරක් පුටුව යට ඉදන් බනිසක් කනවා....ඒ ඔක්කොම තියල මං නිම්නව හොයනවා.....

මට විස්වාසයි .එයා මේ කොතන හරි ඉන්නවා...ඉදන් හොරෙක් වගෙ මගෙ දිහා බලන් ඉන්නවා....

සූකිරී...මේ තේ එක

ඒව්....අම්මෙ...ඒව්....

මං ඉක්මනට අම්මා ගාවට දිව්වා...ඉන්නෙ එක කොල්ලනෙ කියලා ගෙදරදි මට නොකියපු නමක් නැති වෙනකොට වෙනදා වගේම අම්මා මට සූකිරි කියනවා එක්කම මං තිස්ස එලවන මුවා වගේ අම්මා ගාවට දිව්වා...

නිම්නට ඇහුනොත් එහෙම👉👈

මට තේ එපා.....

එහෙනම්?

කිරිකෝපි.....

උඹට කිරි බිව්වම බඩ යනවා නේද....

හෙමින් අනෙ...හෙමින්.....ඇයි ඔහොම කෑ ගහන්නෙ....ගෑනු කෙනෙක් උනහම සංවර වෙන්නකො අම්මෙ.....

මං අම්මගෙ කට වහලා සංවර වෙන්න කියනකොට මේසෙට වෙලා කකා ඉන්න උන් ඔක්කොම කන එක නවත්තලා මගෙ දිහාව බැලුවා...මොකද ...මෙතන ඉන්න ලොකුම වරත්තුවා සම්මානෙ පිටපිටම උස්සන්නෙ මම හින්දා උන්ටත් මොනවා හරි උනා ....

කමනි...මං කිව්වෙ....ඒ දවස්ටිකෙම කොල්ලා වෙනස්.....ආව්...ආව්....ලේලි කෙනෙක් ..බස්සවන්න යන්නෙ 

නෑ අංකල්...මූ කොල්ලෙක් එක්ක සෙට් වෙලා තියෙන්නෙ ....

මට කල්පනයගෙ කට කඩන්න හිතුනා.....අම්මව පැත්තකට කරපු මම කෝපියි.....කිරිපිටියි සිනීයි එකට හාමු කරලා කටේ ඔබාගන පදම ඇතිද බලනකොට පරිප්පු තලියක පාන් කෑල්ල ඔබ ඔබ උන්න කල්පනයා කියාපු කතාව එක්ක මං නිම්නව හෙව්වා....අනේ...අම්මෙ....නෑ...ඒ උනාට මං දන්නවා කොහෙ හරි ඇති කියලා .....

දැන් නම් ඌ කොල්ලෙක් එක්ක ගියත් කමක් නෑ කියලා හිතෙනවා උඹ වගේ නයිටි ඇදන් ගුටි කකා එනවට වඩා....

ආ...ආ.....ආ..කොත්තු රොහාන්.....ඒක නම් ඔලුවටම වැදුනා...මහ කුහකයි.....අනේ...කමනි මේන් මේකට පරිප්පු ටිකක් දාන්න...කල්පනයට ගුටි කාලා මහන්සී.....

ඒක නම්...ලියලා වත් තියාගන්න ඕනා....අප්පච්චි කැමතියි කියලා..පහු වෙනෙකොට උදැල්ල දැම්මොත් පෙන්නන්නවත්.....

දැන් උඹලගෙ ඔය කියන කෝස් එක මාස කීයක් තියනවද....

ඒක දන්නෙ මයුරයා....ඔය පාන් කෑල්ලක් දෙන්න.....

කොහෙද උදාර ඕක තියෙන්නෙ...

ඒක දන්නෙත් මයුරයා තමයි අංකල්....

උඹලා ඔය ඇත්තනේ කියන්නෙ....හැබැයි තොපි බොරු කියලා වෙන මගුල්වල ගිහින් අහුවෙන්ඩ එපා...කොල්ලා....කොහෙද ඔය කියන කෝස් එක කරන්නෙ....සල්ලි ගන්නෙත් නෑලු.....හුස්ම ගන්න හුලනුත් ගනන් කාලෙ නොමිලෙ උගන්නන්ඩ මොකාද ඒ දානපතියා.....

මං උන්නෙ කිරි කෝපි එක කලවම් කරකර.....අප්පච්චි අහනවා කෝස් එක කොහෙද කියලා...මට දැන් බොරු නෑ...මං කියන්නද අප්පච්චි අපි ආපිට අතීතෙට යනවා කියලා ...අපි යන්නෙ මේකට කියලා...මාව දොස්තර කෙනෙක් ගාවට ගෙනියයි.....

ආ කොල්ලා...කොහෙද ඕක තියෙන්නෙ ..පලවෙනි දවසෙ හින්දා උඹාව බාර දීලා වත් එන්ඩ වෙයිනෙ...ඇති මෙච්චර කල් ගිහින් වත් මනුස්සයො වෙන්ඩ හිතුවා...

අප්පච්චි දෙවනි පාරටත් අහනකොට කිරි කෝපි එකේ පෙන මතුවෙලා ඒක ක්‍රීම් එකක් වෙන තරම් හයියෙන්නම් මං කෝපි එක කූරු ගාන්න ගත්තා ..ඇයි....උත්තර කෝ...?මට කරග්න්න දෙයක් නැති වෙනකොට මං වට පිට බැලුවා පාන් ඔතල තිබුන පත්තරේ දැක්ක ගමන් මං දෙයියන්ට පින් දුන්නා...

අප්පච්චි ..ඒක කුරුනෑගල....

කුරුනෑගල ...?කුරුනෑගල කොහෙද නම මොකද....

කුරුනෑගල නිල්වලා...එක

මං බලාගන උදාරයා නලලට අත ගහගන්නකොට කොට රවිදුවා සිවිලිමේ කුස්තූර ගනින්න ගත්තා.....කල්පනයට ෆිට් එකට වගෙ ඇවිදින් තිබුනා....

කුරුනෑගල නිල්වලා එක...?ආ කමනි....මං කිව්වෙ මූ බොරු කරන්නෙ කියලා .....

ඇ..ඇයි ....බොරු වෙන්නෙ කොහෙද

ඔය....ගොතේ...ගොතෙ.....බොරු කියනකොට තොට ගොතත් ගැහෙනවා...නිල්වලා කියන්නෙ ඒජන්සි එකක් හරකො.....ගෙදර ඉදු...ඉන්ග්‍රීසි ඕන් නෑ.....

අනේ අප්පච්චි විකාර නොකියා ඉන්න...ඒකෙ නම නිල්වලා....ඕනනම් නම්බර් එක දෙන්නම්...විස්වාස කරන්නෙම නෑනෙ....මට මේ ලෝකෙන් විස්වාසම ඔය දෙන්නව....ඔය දෙන්නට විස්වාස නැත්තෙම මාව...මගුල....

උඹ කරපුවට උඹව විස්වාස කරන්නෙ කොහොමද ....කඩේට යනව කියලා ගියාට උඹව මතුවෙන්නෙ යාපනෙන්.....ඉතින් විස්වාස කරන්න පුලුවන්ද ?

අනෙ අප්පච්චි බොරුවක් කරනවා නම්...මෙච්චර ගානක් දීලා පාට කරාපු කොන්ඩා කපන් නෑනෙ....නැද්ද උදාර කියපන් ....

ඒකනෙ...අංකල්...එහෙම කරන්නෙ නෑනෙ නේද...

හ්ම්...බලමුකො.....බලමුකො.....මේ අප්පච්චිත් ඔය වයසෙ උන්නා....

හ්ම්...හ්ම්.....එතකොට ඔහේට අවුරුදු පහක ළමයෙක් උන්නා රොහාන්....නිකන් ඉන්නවා ලමයා ආසාවෙන් යන්න හදන දෙට කියවනවා.....උඹ යමං සූකිරි

එව් ..අනේ...අම්මෙ...වදින්නම්....මට ඔය නම නොකියා ඉන්ඩකො....

මම රවාගන කිරි කෝප්පෙත් අරන් නොකාම එලි බැස්සා....අපි වයස විසි පහට පිස්සු කෙලියට අප්පච්චි ට විසි පහේදි මාත් උන්නා...

නිම්න තවමනෑ...උඹත් කට්ටි පැන ඉදින්...බඩ ගියත් කමක් නෑ...මමම බොනවා..මොකද ඔච්චර ගනකම.....මං අච්චර කියලත් ...දන්නවනෙ...මං දැන් බලන් ඉන්නවා කියලා ....

මං උන්නෙ අඹ ගහ යට තිනුන සිමෙන්ති බන්කුව උඩ...එයාට හදාපු කිරි කෝපි එක එහෙම්ම වෙනකොට මගෙ ඇස් හතර වටේම යනව එයාව හොය හොය....කොහෙන් මතුවෙයිද...කොහෙන් මතු වෙයිද ....

සූකිරි කාවද ඔය හොයන්නෙ....

 එව්.....නිමන....

මාව් ගැස්සිලා ගියා මදිවට කනකුත් මොකක්ද උනා....එයා ඇවිල්ලා...අදත්...පරන විදිහටම...ඒ සුදු ඇදුමෙන්ම ...නිකන් නෙවෙ..එය්ය මට කිව්වෙත් සූකිරි කියලා ....ඒ කියන්නෙ ඔක්කොම අහන් ඉදලා

මට සූකිරි කියන්න එපා නිම්න...

එයා හිනා උනා....ඒ මදිවට මටත් මොකක්ද උනා...මොකද ඒක මං කිව්වෙත් මහ ලාමක විදිහට.....අර මීම් එකක් තියෙන්නෙ..මට මුවා කියන්න එපා විජේ...ආන් ඒවගෙ....

හිනා වෙන්න එපා....ඇයි ඔයා නාවෙ.....මෙච්චර කියලත්....ඇයි හැංගෙන්නෙ නිම්න....මන් බලන් ඉන්නවා...ඒක දැන දැනම.....ඇයි හැංගෙන්නෙ.....?

මයුර දන්නවා...අවසානෙදි දවසක් එනවා.....මගෙ මේ හේයාවවත් මයුරට දකින්න බැරි වෙන...සමාදානෙන් සැතපෙන මිනිස්සු ආපිට එන්නෙ නෑ මයුර

ඔය කතාව නවත්තනවා නිම්න.....මොකද ඔච්චර මාව රිදවන්නෙ....?

පපී.....අපි....ඇත්තට මූන දෙන්න ඕනනෙ...

මං එයා දිහා බැලුවා....හරි පරිනත පාටයි ඇගෙ කැලල් නැති දවසක නම්....කිර්ගරුඩෙන් නෙලාපු රූපයක් වගේ ඉන්න ඇති...

නිම්න.....

හ්ම්

හන්ගන්නෙ නැතුව ඇත්ත කියනවද ...මට බොරු කරන්න වත්...මෙතනින් පැනල යන්නවත් එපා.....මට ඔයාව අල්ලන්න බෑ.....ගහන්නත් බෑ.....හැබැයි බනින්න පුලුවන් .මගෙන් පැනලා යන්න එපා....තේරුනාද .....

හ්ම්...

කොතනකදි වත්...sexual abuse වෙලා තියනවද ? වස්තුව බොරු නම් කරන්න එපා......

මං එයාගෙන් අහපු ප්‍රශ්නෙ එක්ක එයා ඇස් දෙක බිමට හරවන් කට තදකරගත්තා ....

මයුර....බිදුනු බිලින්දා කියවලා තියනවද ??පපී....මං බිදුන කෙනෙක්....ආපිට එක්කාසු කරන්න බැරි වෙන්නම.....ඔහොම...දෙයක් උනේ...නැති... උනත්...මගෙ...හිත....උන්...දූශනේ කෙරුවා නිම්න...

මං දත්මිටි කාගන සිමෙන්ති බන්කුව මිරිකගත්තා ....

නිම්න.....දුකට එකම හේතුව මට උඹව උකුලට අරගන හුස්ම හිරවෙන්න තුරුල් කරගන්න බැරි එක...මීට එහා මාව අසරන නොකර...මගෙ ගාවට වරෙන් වස්තුව ...සීනි නැති කෝපි ගිල ගිල ඔය විදින දුක මොකක්ද ....?

මං එයාට මගෙ ගාවට එන්න කිව්වා....ඒත් එයා නෙවෙ හෙල උනෙ....වෙ වෙනුවට කිරි කෝපි එක දිහාබලන් සුවදට ඉව කර කර ඇස් කරකවනවා....

මට මහ වේදනාවයි...මේක තනිකරම දුක්ප්‍රාප්තියක්....කෑලි එකතු කරලා ආපිට හදන්න අමාරු බව දැන දැන වස්තුවෙ ගගා ආදරේ දෙන්න හදන මට විදවන්න තියෙන්නෙ එසෙ මෙසෙ වේදනාවක් බව දැන දැන මං ඒ අහිංසක මූන දිහා බලන් උන්නා....මට ඒ කම්මුල ඉඹින්න හිතුනා....මගෙ වස්තුව කියන්න හිතුනා....ඒත්....ඒක බැරි බව දැනුනම මට හුගක් රිදුනා....

මයුර....අද බොනවද ...නෑ...මං අහගන....අර කට පෙට්ටිය වගෙ තියන කොල්ලා....දෝනියෙක් අල්ලන් උන්නෙ...එයාට කියනවා අඩියක් ගහමු කියලා ...

ඕපදූපෙ මහ ....අහන් උන්නා නම් ඇයි අහන්නෙ.....මං බොනවා තමයි...කොල්ලෙක් උනහම බියර් අඩියක් වත් ගහන්න ඕනනෙ....

කොලු කම මනින්නෙ ඕකෙන්ද....ඇරත් ඔයාට බොන්න බෑනෙ පපි.....හිනා යනවා නේද ?

. විකාර නොකියා දැන් වත් ලගට එනවද .....සුවද ඉව කර කර හොරගල් අහුලන්නෙ...සුවද වගෙ නෙවෙ රස....මෙච්චර ආසාවෙන් ආදරෙන් හදපු එක නාස්ති කරන්නෙ ඇයි මයුර ...ඇරත් ...මගෙ කොලු කම මං ඕකෙන් හරි මනිනවා....ජයවර්ධනයා උගෙ පිරිමි කම මනින්නෙ රැවුලෙන්නෙ.....රැවුල නම් අපෙ බල්ලගෙත් තියෙන්නෙ.....

මං එයාට චුට්ටක් සැර උනා...මට බනින්න හිතකුත් නෑ....බොන එකෙන්ද පිරිමි කම මනින්නෙ අහපු එයාට මං කට වැහෙන්න උත්තරයක් දෙනකොට මං බලාගන එයා කට තද කරන් අම්මගෙ දවල් කුමාරි පාත්තිය දිහා බලන් ඉන්නවා. .. ..

ඔයා මහ මුරන්ඩුවෙක් මල්ලි....

 මොකක් .....මල්ලි...මේ නිම්න ඕන මගුලක් මට මල්ලි නම් කියන්න එපා ආ....

මල්ලිට මල්ලි නොකියා ....

පපී කියන්න.....ආසයි ඔයා එහෙම කියනවට....හැබැයි මේ මයුර පපී වෙන්නෙ නිම්නට විතරයි ....අයියා අයියා ගගා ඔච්චර දගලන්න එපා....වයස කියන්නෙ ඉලක්කමක්.....ඕනම ගහක් කපන්නෙ බිමදාලා....දැන් වත් එනවකො වස්තු ලගට...

එයාගෙ කට ඇරුනා..මං....හිතන්නෙ...එයාට තේරුන් නෑ....ඕනම ගහක් කපන්නෙ බිම දාලා කියන එක....නැත්තන් මූ නොතේරුනා වගෙ ඉන්නවද......

ම්..මයුර....

හිටපන්...දැන් අල්ලන්න බෑනෙ.....ගියහම මං උඹව දාගන්නවා...දාගන....මං උඹව අල්ලන් ඉඹිනවා වරුවක් යනකන්...

ඔයා...හරි හොදයි මයුර.....ඔයා....ඇත්තටම ...හරි....

ප්ලීස් ...එපා ...අඩන්න නම් එපා වස්තුව...මං කෙරුවෙ බොරුවක්...මං උඹට රිදවන්නෙ නෑ......මං.....මහ අවාසනාවන්තයි වගෙ නිම්න.....ඇයි...වස්තු....මගෙ පලවෙනි ආදරේම.....උඹ උනේ.....?

....මං....එන්නද...

...ම්න්....එන්න .....මට...පුලුවන් නිම්නව දරා ගන්න ...මට බනින්න එපා නිම්න .....ආපිට ගියහම මට එක දවසක් වත් ආදරේ කරන්න ඉඩ දීපන් වස්තු....හොදද....

පපීට දුක හිතෙයි....ඒක නිසා....එපා නේද

අනෙ....රෙද්දක් නොකියා ඉදින් වස්තු....මෙච්චර කරන මට ඔහොම කියන් ආවොත් මං උඹව අල්ලන් රේප් කරනවා....

එහෙම කරන්නෙ නෑ කියන්න මං දන්නවා .....මයුර කිව්වත් වගෙ.....නිම්නට මයුර කෙනෙක් හම්බ උනා නම්...මං අදටත් ඉන්නවා මයුර....කමක් නෑ.....ඔයාව දැන් හරි හම්බ උනානෙ...

අපි ආදරෙ කරමු නිම්න...ඉල්ලීමක්....ස්පර්ශයක් නැති උනත්.....ආදරේ කරන්න බැරි කමක් නෑ වස්තු...ප්ලීස් ....අපි ආදරේ කරමු.....වස්තු මට රිදෙන්නෙ උඹ මට උත්තර නොදී ඉන්නකොට ....කියන්න....අපි ආදරේ කරමුද ?

මං එයාගෙන් දෙපාරක් තුන් පාරක්ම ආදරේ කරමු ඇහුවා ...ඒ වෙනුවට උත්තරයක් වත් නොදුන්න එයා එක පාරම මගෙ ලගට එනවත් එක්කම මාව ගැස්සිලා ගියා .....ඇස් දෙකෙන් කදුළු බින්දුවක් වැටුනා එක්කම අර කිරි කෝප්පෙ එක උගුරට හිස් වෙලා ගියා....!

*

*

*

අනේ බන්....මං මෙහෙම කොන්ඩෙ කැපුවම තවත් කොටයි වගේ යකෝ....බලපිය.....මගෙ උස හතරක් වත් නෑ වගේ ....අනේ..නිම්නගෙ අම්මෙ.....ඇයි මේ වේදනා..

ඊටත් බලපන්කො.....මගෙ මුනෙ ළදරු පාට.....මයුරයා....මොන ජාතියෙ කලිසමක්ද බන් මේ ඇදන් ඉන්නෙ.....බෙල් බොටමක් වගෙ.....චිහ්....ඇයි බන් මේ....ඇයි මේ ..මං කිව්වා නිම්නගෙ අම්මෙ ...මාව ආපිට යවපන් මේ කලිසමෙ ෆෝල්ඩර් එක ගහන් එන්නම්...

අනෙ මයුරයා.....මගෙ වට්සැප් එක වැඩ කරන්නෙ නෑ...යෝහ්....ඩේටත් නෑ....ඇයි යකො...පැකේජ් එක දැම්මෙ ඊයෙනෙ .....

මෝඩ මූසලයො....වට්සැප් එක රිලීස් වෙලා නෑ තවම....චුට්ටක් ඉවසපන්කො....වදින්නම්...මට මේ කලිසම එක්ක එපා වෙලාඉන්නකොට උඹ මගුලක් කියනවා....ඊටත් මේ කාලෙ පැකේජ් එක තියනවද ?

වේසයි ආ....හැබැයි .....

මන් උන්නෙ අන්දුන් කුන්දුන් වෙලා...2023 එකපාරම 2008අවසාන මාසවලට ආපස්සට ගිහින් තියෙද්දි අපි හතර දෙනාම උන්නෙ මාදම්පෙ සේනානායකෙ ඉස්සරහා .....

මට මතක මෙච්චරයි ....අපි හතරදෙනාම උන්නෙ නිම්නගෙ ගෙදර ....එයාගෙ අම්මා ළඟ ....පාට කරාපු කොන්ඩා කපනකොට ..ආපහු කලු කරනකොට කල්පනයට දෙපාරක් තුනපාරක්ම ෆිට් එකට එන්න ආවා වගේම රවිදුව තවත් කොටවෙලා ගියා...

පාට කරාපු කොන්ඩෙ බෙල්ල ගාවටම කැපිලා.....කලු වෙලා.....කනේ තිබුන හැම බෙරලියන්තුවක්ම නැති වෙලා ගිය මා දිහා බලන් උන්න නිම්න මගෙන් මූන හංගගත්තා ....

උඹ ආදරේ හංගනවා නිම්න.....!

මං මගෙ අතෙ තිබුන ඔරලෝසුවයි...ඵෝන් එකෙ තිබුන කැලැන්ඩර් එකයි දිහාව බැලුවා ....

මේ දෙදහස් අට.....එයාගෙ අම්මා කැලන්ඩර් එක දෙදහස් අටට පිටු පෙරලලා වෙලාව උදේ හතට තියලා කටුව කැරකෙන්න අර පුංචි යකඩ බොත්තම ආපිට තද කෙරුවා විතරයි මතක.....අපි හතර දෙනාම නිගන්ටයො වගෙ මෙතන .....

මයුරයා....වදින්නම්...මේ....ඕකෙ කැලැන්ඩරේ ආපහු 2023ට පෙරලලා වෙලාව කරකවපන් බන්....මේ කලිසම හදන් එන්න....

අනෙ ඔව් බන්.....මේ ඵෝන් එකෙ චාජරෙත් බැහැලා අඩෙ....ඊටත් මේක වැඩ කරන්නෙත් නෑ බන් මයුරයා...අනෙ බන්...

ඇපල් ප්‍රෝ මැක්ස් තවම රිලීස් වෙලා නෑ සොරි මචන් ...අපිට ඉස්කෝලේ ඇරෙනකම්ම ඉන්න වෙනවා ...නිම්නවයි....නිම්නවයි හොයා ගන්න වෙනවා.....මන් දොලහෙ ආර්ට් එකට යනවා....කැමති එකෙක් මා එක්ක වරෙන්....අනිත් දෙන්නා දොලහ කොමර්ස් එකට යමන්...දැනට ඔච්චරයි ...

මන් එච්චර කිව්වෙ...මොකද මාත් තවම අන්දුන් කුන්දුන් වෙනකොට රාජසිංහ සපත්තු එහෙම නැත්තන් බෝට්ටු සපත්තු ආව මුල් කාලෙත් මේක වෙනකොට එතනින් ගියපු ෆ්‍රිෆෙක්ට් කෙනෙක් අපි හතර දෙනාගෙ කකුල් දිහා බල බල ගිහින් තව එකෙක්ට මොනවදො කියනකොට අපේ මූනු ඇඹුල් වෙලා ගියා...

👉👈🤭එන්නම්....ඈ...

ආතරෙයි සූකිරිලා හැමෝටම

මමජොබී සූකිරියා

Nedeesha

More Chapters