WebNovels

Chapter 16 - 16

ව...ව්...අනේ...තව එක පාරක්.....

මගෙ ඇස් දෙකත් එක්ක ලොකු උනා...අඩන්න ඕන කියනවනෙ කිරි එරෙන්න....එයා මට ආදරෙයි කිව්වා...මයුරට ආදරෙයි කිව්වා....නිකන් නෙවෙ..මගෙ කියලත් කිව්වා.....

මටබෑ...එක පාරයි කියන්නෙ...

ඔහොම මුරන්ඩුකම් කරන්න එපා...මගෙ නිම්න...එක පාරක්....ප්ලීස්....තව එකපාරක්....මට උඹවබදාගන්නවත් බෑ....උඹ ආදරෙයි කියලා කිව්වම මට උඹව ඇදලා අරන් හාදුවක් වත් තියන්න බෑ....අනේ...මගෙ හිත හැදෙන්න එක වතාවක් මට ආදරෙයි කියපන් වස්තු....

බෝම්බයක්....ඒක මහ බෝම්බයක්....

එයා ගත්තු කටටම මට බෑ කිව්වා.....එයාව ඉඹින්නද.....අල්ලන්නද.....තුරුල් කරගන්නද....මට අහන්න විතරයි පුලුවන් .එයාට මට ගහන්න කරන්න පුලුවන් උනත්...මට එයාව් අල්ලන්නවත් බැරි වෙනකොට මං බලන් උන්නා...තව එක පාරක් ආදරෙයි කියයි කියලා .....

අපෝ නෑ...තාමත් අර මූන දික් කරන්මයි....මං කවදාවත් දැකලා තිබුන් නෑ කිසිම කෙනෙක් තමන්ටම ඊරිසියා කරගන්නවා.....

මං එයා දිහා බලාගන උන්නා..කටත් උල් කරගන රවාගන ඉන්නවා...එයා මට ආදරෙයි කිව්වෙ හරියටම මං පොඩි නිම්නට එයාට වඩා ආදරෙ කරයි කියලා බයෙ වගේ .....

දැන් මේ සින්දුව අහන්න ඕනෙත් නැද්ද ඔයාට එතකොට ....

මං දන්නවා දැන් ඉතින් හෙට ඉදන් හරි ආසාවෙන් ඉස්කෝලෙ යයි.....

මගෙන් කොහොමද කියල වත් ඇහුවෙ නෑ...තාමත්....

මට පාලුද කියලා වත් ඇහුවෙ නෑ තාමත්...

මම මොකද කෙරුවෙ කියලා ඇහුවෙ නෑ තාමත්....

මගෙ ඔලුවත් චුට්ටක් රිදීගන එනවා.....ඒව වත් අහන්නෙ නෑ....

. මං මගෙ යටි තොල් පෙරලගත්තා..මේක මහ කපටි ගුහාවක්....බුම්බන් ඉන්න එයාම දැන් එයා එක්ක තරහා අරන් තරහා ගන්න හේතු කියනවා....මං උඹට ආදරෙ කෙරුවත්.....පොඩි නිම්නට ආදරේ කෙරුවත්....ඒ දෙන්නම උඹයි වස්තු කියලා කියන්න ඕන උනත්.....මුමුනන එයා ගාවට ලන් උන මං එයා කියපුදේවල් එකින් එක් අහන්න් ගත්තා.....නැත්තන් මේක අද එලිවෙනකම්ම ඔහොම්ම ඉදීවි...

මගෙ වස්තු...මයුරගෙ නිම්න...මට කියන්න...මගෙ නිම්න හොදින්ද.....ම්ම්ම්ම්....හොදින් නේද මගෙ අයියා පන....ම්ම්...ඔන්න අයියත් කිව්වා.....

ම්හ්...ක්....ඔය ඉතින් මං අහන්න කියපු නිසානෙ නැත්තන් මාව මතක තිබුන් නෑනෙ.....අයියා කියන්නෙ ඔය නක්කලේට.....

. නක්කලට නෙවෙ...ආදරේටනෙ...හරි...හරි.....

එහෙම නෙවෙ....අම්මගෙන් අහන්නකො..මං ආව ගමන් ඇහුවෙ කෝ මගෙ නිම්න කියලා....නිකම්ම නිම්න කියලා ඇහුවෙ නෑ...මගෙ නිම්න කියලමයි ඇහුවෙ...බොරු නම් අහල බලන්න....

ඔය ඇත්තමද....ඔයා එහෙමද ඇහුවෙ.....? ඔයාගෙ නිම්න කෝ කියලද.....???එයා....මොනවා හිතුවද දන්නෙ නෑ...එයා දැනගනී අපි යාලුයි කියලා.....

මං එයා දිහාව හැරිලා බැලුවා...මට හිනා යන්න ආවා උනත්...එයාගෙ මූනෙ තිබුන හැගීම් දැකපු මට ඇත්තටම මං හිනා වෙන්නද. ....නැතිනම්....අඩන්නද හිතුනා....පොඩි එකෙක් වගෙ....අම්මා දැනගනීලු අපි යාලුයි කියලා .....අනෙ උඹ ඔහොම කියන්න එපා රත්තරන් රිදෙන්නෙ මට...මං ඒ ඇස් දිහා බැලුවා ...ඒ ඇස් මොනවා කියනවද කියන්න මං වත් දන්නෙ නෑ...එයාම තනියෙන් කියවනවා.....මගෙ නිම්න කියලද ඇහුවෙ කිය කිය එයාම ඒක කියවනවා....ඒක නිකන් එයාට හරි පුදුමයක් වගේ...

ජීවිතේ පලවෙනි පාරට එයාට කෙනෙක් ඇත්තක් කිවා වගේ...

ජීවිතේ පලවෙනි පාරට එයාට කෙනෙක් වටිනා කමක් දීලා කතා කෙරුවා වගේ එයා හැසිරුනේ....

මට එකපාරම පොඩි නිම්නව මතක් උනා....

ඇත්ත...එයාට මුලු පන්තියම එකතු වෙලා නම් පට බැන්දා....නිම්න කියන නම කියන්නෙ නැතිම තරම් ....ඒයි...ඕයි...එහාටත් නැති මෙහාටත් නැති එකා...ගුරුවරු කතා කෙරුවෙ එහෙම....මං ඔය පැය අට ඉවසපු ඉවසිල්ල දන්නෙ මම විතරක් වෙනකොට මං එයාගෙ ලගට තවත් චුට්ටක් ලන් උනා.....

වස්තු...

...ඔයා..ඇත්තටමද එහෙම ඇහුවෙ.....නැත්තන් ...ඔයා මට බොරු කියනවද...මගෙ නිම්න කිව්වද.....??

ම්න්....මගෙ කියලා තමයි ඇහුවෙ....මගෙ නෙ.....ඊලග පාර අහන්නෙ...මගෙ වස්තු කෝ කියලා ...ඒ උනාට අම්ම දන්නවා මං ඔයාට එහෙම කතා කරනවා කියලා ...ඒ මදිවට...ඔයාට කියන්න....මං අද පොඩි නිම්නටත් එහෙම කතා කෙරුවා.....එයා බය උනා....ඒත්....මට ඕනෙ....එයාට එහෙම කතා කරන්න....දවසකට වස්තු කියන්න.....දවසකට බබා කියන්න....ආදරේ....වැඩීම වෙන වෙලාවට....මගෙ වස්තු කඳ කියන්න.....මට ඕනෙ මැරීගන නිම්නට ආදරේ කරන්න...

වස්තු කිව්වා???

 ම්න්.....මට නොකියා ඉන්න බැරි උනා...මට නිකන් පිස්සු හැදෙන්න වගේ ආවා...අල්ලන්න බැරි නිම්නව අල්ලන්න පුලුවන් කියලා දැනෙන කොට මට පිස්සු හැදෙන්න ආවා වස්තු.....

වස්තු...මට කියන්න ඔයා ආස මොනවද .....ඔයා යන්න ආස තැන් මොනවද ...තව...කරන්න ආස මොනවද ...මට ඔයාව යාලු කරගන්න ඕනෙ ...මට ඔයාට ආදරෙයි කියන්න ඕනෙ.....මට ඔයාව මගෙ ළඟින් තියාගන්න ඕනෙ...කියන්න....මං ගිහින් එයාගෙන් කොහොමද අහන්න ඕනෙ .....ඔයාට කිව්වා වගෙ අපි ආදරේ කරමුද අහන්නද.....නැත්තන්....මම ඔයාට ආදරෙයි වස්තු කියලා කියන්නද...????

......

නිම්න.....වස්තු.....කියන්නකො.....මං එයාව කොහොමද යාලු කරගන්න ඕනෙ...???මට එයාව යාලු කරගන්න ඕනෙ....මට එයා එක්ක ආදරෙ කරන්න ඕනෙ....මට එයාගෙ මූනට හිනාවක් දෙන්න ඕනෙ නිම්න.....මට එයාව අඩවන්න නම් බෑ....අඩවනෙ මොකාද මං ඒකගෙ ඇස් උගුල්ලනවා.....මට කියන්න...මං එයාගෙන් ගිහින් අහන්නෙ කොහොමද ...එයා බය වෙයිද....

මම නිකන් පිස්සෙ වගෙ.....

පිස්සට හැතැප්ම නෑ වගේ....කියවගනම ඉන්නවා....අවසානෙදි කියවලා...කියවලා...මං එයා දිහාව හැරිකා බැලුවා....

එයා ආයම හොම්බ දික් කරගන.....එයාව යාලු කරගන්න හැටි මං එයාගෙම්ම අහනකොට මේ කොල්ලා ආයම මූන එල්ල ගත්තා .....අහක බලාගත්තා....තනියෙන් කුටු කුටු ගගා එතන තිබුන තනකොල ගස් පාගන්න ගත්තා...මට පේන්නෙ ආයම තරහා ගිහින් වගේ....

මටත් වස්තු කියනවා...එයාවත් ඕනෙ.....මාවත් ඕනෙ...මහ චපලයෙක්.....

මහ සවුත්තුවෙක්....

බොරුව....මාව රවට්ටනවා....ඉතින් මොකටද අපේ අම්මගෙන් මාව අහන්නෙ....එයා එක්කම ඉන්න එපැයිනෙ...ඇයි ආවෙ...වස්තුත් කියලා ඒ හදිස්සියට....දැන් එයා ලස්සන ඇති..මං නාකියිනෙ....අනික මං මැරිලත් එක්කනෙ....අල්ලන්නත් බෑනෙ...ඉඹිනවත් කිව්වා ...

නිම්න...

ඇයි....එයාව යාලු කරගන්න මගෙන් අහන්නෙ ඇයි.....

වස්තූ...

එයාට කරදර කරන්න එපා....එයාට බෝයි කෙනෙක් ඉන්නවා...පිස්සුද....

.මේ කොල්ලා මට බොරු කියන තරම් .....මේකට සහලවලම ඊරිසියාව ගහලා.....මට පව් කියලා හිතුනා....තත්පර ගානක් යනකන් මම මීක් නොගා එයාදිහාව බලන් උන්නා....

මට පිස්සු නේද පපී....මා එක්කම ඊරිසියා කම් කරන තරමට ...මට පිස්සු නේද....ඒකනෙ ඔයා ඔය විදිහට මා දිහ බලන් ඉන්නෙ...

මයුර දන්නවද...මට කවදාවත් කිසිම කෙනෙක් ඔය විදිහට කතා කරල් නෑ කියන්න...

කාලයක් තිබුනා.....මට මගෙ නම කියලා කතා කරපු...කාලයක් තිබුනා...ගුරුවරු මට ප්‍රසංසා කරපු...ඒත්...දාහතර වෙනි උපන්දිනෙන් පස්සෙ.....මට මාව නැති උනා මයුර.....

නිම්න කියන නම...අහන්න මේ කන්වලට බැරි උනා...ගුරුවරුන්ට පුලුවන්ද මයුර ඔහොම පලි ගන්න.....

මයුර දැක්කද....මයුර ..දැක්කද ...පස්සෙ කෙනා ලියුවා...හෝ....නැතා...ලෑල්ල මැකිලා යනවා...

මයුරට ඇහුනද ...මගෙ නම ලකුනු කරනවා....

මයුර....දැක්කද.....උන්...කවුරුත් මට...කිසිම...යාලුවෙක්...ලන් වෙන්නෙ දෙන්නෙ නෑ...

ම්..මයුර...දැක්....

මගෙ නිම්න.....ඇති....ඇති වස්‍තු...

මං මගෙ කන්දෙක වහගත්තා...මොකද.....නිම්න හුස්මක් කටක් ගන්නෙ නැතුව මයුර දැක්කද...මයුර....දැක්කද කිය කිය එයා එකම දිගට කියවන් යනකොට මට දරා ගන්න බැරි උනා....මොකද මං ඒ හැම දේම ඇහැට දැක්කා...කනට ඇහුවා......

මයුරට අමාරුද...මයුරට...වේදනාවයිද ....මයුරට....එක දවසට....ඔච්චර වේදනාව නම්.....හිතලා බලන්න...මයුරගෙ නිම්නට....මොන වේදනාවක් තිබුනද කියලා....

අවුරුදු දාහතරෙ...ඉදන්....තිස් එක වෙනකන්..... මම...මොන...වේදනාවක්....නම්....වින්දද ....හිතන්න.....මයුර ..

....

පපීට....රිදවන්නෙ ඇයි වස්තු උඹ.....මට...රිදෙනවා නිම්න.....මං ඇහෙන් දැක්කා...මං...කනින් ඇහුවා...උඹ එක්කම...ඊරිසියා කම් කරන්න එපා මගෙ නිම්න.....මං උඹට ආදරේ කරන්න පටන් අරන්...

මම...උඹට....අසීමාන්තිකව ආදරේ කරන්න පටන් අරන්.....උඹ..මගෙ පොඩි නිම්න එක්ක ඔය තරම්ම ඊසියා කම් කරන්න එපා නිම්න...දැන් ඉදන්...මම හැම තත්පරේම උඹට ඉන්නවා....ඒත්...ආපිට අතීතේට ගියහම.....මගෙ වස්තු....උඹ හරි තනී මැනික...

...මට...මා එක්කම ඊරිසියා ඇයි දන්නවද මයුර...මයුරගෙ ඇස් වල...ආදරෙ තියනවා.....

මයුර කියනවා....මේ ආදරේ....අසීමාන්තිකයි කියලා ....මයුර කියනවා...මේ ආදරේ අහේතුකයි කියලා.....

මාව හිමි වීමත්.....හිමිව සදහටම අහිමිවීම යෑමත්...උඹ සමසිතින් දරාගන්න හැටි බලන් ඉන්න එක...මට වේදනාවක් මයුර ....

එක පැත්තකින් මම....අනිත් පැත්තෙනුත් මම.....එක තැනක.....උඹගෙ වචන වලින් පොඩි නිම්න...අනිත් පැත්තෙන්....උඹට වඩා..හත් අවුරුදු වැඩිමල් නිම්න.....

එක පැත්තකින් හුස්ම වැටෙන නිම්න...අනිත් පැත්තෙන්...ජායාවක් විතරක් උන....හුස්ම නොවැටෙන සීතල නිම්න....

ශරීරයක්.....

ආත්මයක්....

ඒත්...දෙකම අකාලෙම ඝාතනය උන.....

උඹගෙ ඔය අසීමාන්තික ආදරේ...මාත් එක්කම ගෙතෙන තුන් කොන් ප්‍රේමයක් මගෙ මයුර....මට...මට...සමාවෙන්න...මයුර.....උඹ...ආපිට..මටම..... වස්තු...කියලා ....කතා...කරනකොට...ආපිට...හුස්ම...වැටෙන්නෙ...නැති...

මටම....හරි ....

 ශ්ශ්...නිම්නට ආදරෙයි...මගෙ වස්තු කඳ කියන්නෙ...මේ නිම්නටනෙ........

..පපී...මට...සමාවෙන්න....ඊරිසියා...හිතුනා..මට...මා එක්කම.....

මට පව් කියලා හිතුනා.....එයා එයා එක්කම ඊරිසියයි කියලා දහපාරක් විතර කියන්කොට මං එයාව නැවැත්තුවා.......

මං ..හාදුවකින් එහා කිසිම ගැඹුරක් බලාපොරොත්තු වෙන්නෙ නෑ නිම්න....අසීමාන්තික ආදරයක් එක්ක...මට ඕනෙ උඹගෙ මූනට හිනාවක් ගේන්න...වේදනාව ගැන නොහිතා...අපි ආදරේ කරමු මගෙ වස්‍තු....හොදද.....

හ්ම්.... හ්ම්ම්ම්ම්ම් ඒ උනාට....යාලු වෙන්න අහන්න යන්න එපා...එයාට කොල්ලෙක් ඉන්නෙවා....

අම්මෙ හා....තව මොනාද එපා....උඹ මහ කපටියෙක් වස්තු....කියන්න.....ඔයා ආස මොනවද...මට ඕනෙ ඔයාව ළඟ තියන් කටින් කට කවන්න....

ම්ම්ම්.....ඔයා...ඇත්තටම ඔව්වා අරන් යනවද මයුර...

.නැතුව....බොරුවට අහන්නෙ මොකටද...ඔන්න...ආයම කුක්කු පේනවා.....කාට පේන්නද එලියෙ දාගන ඉන්නෙ....මට පේන්නද....

මහ වල් කටක්...සවුත්තු කතාවක්මයි...ඇයි....මයුර ඒ....

සම්බන්දෙ ගැඹුරු වෙන්න ...ගැඹුරු වෙන්න....බාසාව...අසභ්‍ය වෙනවා....වස්තු අහල නැද්ද....කමක් නෑ...ඉති....න්..මගෙනෙ.....කියන්න....මගෙ නිම්න ආස මොනවටද....අම්මා කිව්වා....නිම්න පොල් සම්බෝල වලටයි...මාලු ඇඹුල්තියල් වලටයි ආසයි කියලා හුගක්.....

පහු කාලෙක...ඒ කෑම...හීන උනා මයුර...දන්නවද...අප්පච්චි ගාවට ගිහින්....අප්පච්චි ...මං....වැඩිපුරම.....කැමති....පිරිමි ලමයිට කියපු මටයි....අප්පච්චි ....මං...ගෑනු ලමයෙක්ට...ආදරෙයි කියපු.....නිම්නටයි...එදා...ඉදන්.....අවසානම දවස..වෙනකන්...කන්න දුන්නෙ....ලුණුයි බතුයි....කියන්න.....

නිම්න....අප්පච්චි තනි නෑ...ඉන්නවා...කල්ලියක්ම.....එයාලා...හරියටම ...පිරිමීඩ කාරයො වගෙ...එක තැනකට එකතුවෙනවා....ඊලග ගොදුර හොයනවා.....නිම්න...අප්පච්චි ගෙ ....පොතෙ...අවසානම පිටුවෙ.....ලියලා තියනවා.....

නිදහසේ ආදරේ කරන්න.....

ආදරේ කියන්නෙ....විදීමක්...මිසක....විදවීමක් නෙවෙ කියලා ....

අවසානෙදි අප්පච්චි නම්බර් එකක් ලියනවා....කියවන අයට අදහස් කියන්න.....

අප්පච්චි එඩ්‍රස් එකක් දෙනවා.....සමරුවක් අරගන්න....අප්පච්චි එක්ක පැයක් කතා කරන්න...මයුර දන්නවද...අපි වගෙ අයට...ඔය වගෙ කතා ලියන අය කියන්නෙ...මාර චරිත....අර අපි කියන්නෙ...මාර පොරක් කියලා ....අපි යනවා....ගිහින් එයා එක්ක අපෙ ආදර කතාවත් කියනවා.....ඇත්තටම ....එයාගෙ පොත් අස්සෙ තියන අකුරු වලින් කරන්නෙ...මේ හැංහිලා ඉන්න අපි වගේ අයව එලියට ගන්න එක....

අවසානෙදි ...එයාලා කරන්නෙ...එක පාපයක් කියන්න උගන්නන පටන් ගන්න එක.....හොදින්....නරකි...න්....අවසානෙ....මරනෙකින්...

සමලිංගික අදරේ පාපයක් කියන වචනෙත් එක්ක හෙමින් හෙමින් උන් අපේ ආත්මෙ මරන්න ගත්තා...බ්‍රේන් වොශ් එකක් වගේ....නිකන් නෙවෙ....ශාරිරීක දඩුවම් එක්ක...

කෑම බීම සීමා උනා...මයුර විස්වාස කරනවධ්....අවසානෙදි මට...කුකුල් මස් වල රහ අමතක උනා කිව්වම....මාලු කෑල්ලක...

ඒවා කෑවම...අපිට තෙලේ ගහනවා කිව්වා.....

තොපිට තෙලේ වැඩී කිය කිය....අප්පච්චි මටයි නිම්නටයි ලුනුයි බතුයි ගිල්ල ගිල්ල....අපි ඉස්සරහා...අපිට නැති දේවල් රස කරනකොට අපි බලන් උන්නා මයුර....ඒ අතීතෙ...මහ වේදනාවක්.....මයුර....ඒක වේදනාවක්.....

මිනිස්සු ලිව්වට....මිනිස්සු කතා අස්සෙදි....මරු ගගා හෑලි ලිව්වට.....යතාර්තෙ අස්සෙදි...මේක අමු පාපයක් විදිහට හන්වඩු ගහනවා මයුර...

මයුර දන්නවද....සුදොම්ගොමෝරා විනාශෙ ගැන....

ඒක ඇත්තටම ....බයිබල් එකෙ තියෙන්නෙ....

හත්පාට අදරේ තහනම්....ඒක පාපයක් කියලා හන්වඩු ගැහුවට....අපි වගෙ මිමිස්සු....ආදරේට හරි ආදරෙයි මගෙ මයුර.....

මං...ජීවිතේ...විදින්න.....හීන....මැව්වා....

ආදරේ....කරන්න.....ආස උනා....

දවසක....ඔය හිරගෙදරින් නිදහස් වෙලා...උන් මරපු මගෙ ආත්මෙ ආයම හොයා ගන්න හිතුවා.....ඒත්...අවසානාවකට...

මගෙ අවසාන හුස්ම ඒ ගේ ඇතුලෙදිම යන්න ගියා මයුර....

මයුර...පුලුවන් නම්....මං ඉල්ලපු සින්දුව කියනවද.....

මයුර කිව්වා...හරි....මයුර හින්දා...නිම්නට.....ප්‍රතම වසන්තෙ ඇවිදින්...

ඇයි නිම්න.....ඔයිට....වඩා..නරක....නැද්ද...

වස්තු...මාව...මරන....එක.....ඔච්චරත් දේවල්....කියනකොට ඇයි උඹට නොහිතුනෙ...මගෙ පපුවට රිදෙනවා කියන්න...මට ඔහොම...රිදවන්න එපා...නිම්න....අනේ....වස්තු...මෙතනි.වැඩි පුරම රිදෙන්නෙ මට බව දැන....දැන.....ඔහොම.....රිදවන්න එපා බන් මාව....

මගෙ උරහිස් ගැස්සුනා....අවසානෙදි ඒ ගේ ඇතුලෙදිම හුසම් ගියා මයුර කියනකොට ....මගෙ හුස්ම මෙතන ගියා....අල්ලන්නද...තුරුල් කරගන්නද.....ඒ කට මිරිකන්නද...

මට මොකුත් කරන්න විදිහක් නෑ....

වස්තු....උඹට බැරිද නිම්න...ආපිට හුස්ම ගන්න...

එයාගෙ වේදනාව අහන් ඉදලා....ඉදලා අවසානෙදි මං එයා දිහා බලලා ආපිට හුස්ම ගන්න බැරිද අහනකොට එයා කදුලු පුරවන් හිනා වෙලා මං එයා වෙනුවෙන් සින්දුව කියනකන් බලන් උන්නා....

මට....ඇහෙන්න....තව එක පාරක් ආදරෙයි කියන්න.....

 ආදරෙයි මගෙ මයුරට ...

ආදරෙයි නම්.....මට ඒ ඇති....ඔයා තමයි මගෙ හරිත නිම්නය.....හැමදාම මල් පිපෙන්න...ප්‍රතම වසතෙට පස්සෙ මං...මගෙ ගානෙ තව සින්දුවක් කියන්ම.....වස්තු අහන් ඉන්නවද....

මයුර කියන ඕන දෙයක්...

මම අවසානෙදි වේදනාව පාගගන හිනා උනා....හැබැයි ඊලග තත්පරේදි මම මූන අකුලව ගත්තා...උකුල උඩ තිබුන බොක්ස් ගිටාර් එකට බර දීලා එයා දිහා රවාගන බලන් උන්නා...එයා ඇයි අහන්න් උරහිස් ඇකිලුවා....

මම වස්තු කියනවා....මට මයුර කියනවා....ඒක අසාදාරන නැද්ද වස්තු...මටත් ඕනා ඔයාගෙන් නමක් අහන්න....

ඇත්තටම ද....?.ඔයාටත්.....ඕනද.....මං...හිතුවෙ...ඔයා...අකමැති වෙයි කියලා.....

පිස්සු....සුදාප්පච්චි නැතුව....සුදුතාත්ති නැතුව...ඕන එකක්...හොදද...

පපී.....එක??ඒක හොද නැද්ද....??

ම්ම්ම්....හ් ඒක එපානෙ....වෙන එකක්....අපි දැන් ආදරේ කරනවනෙ වස්තු.....ඔය ආදරෙට ඕන තරම් නම් තියෙන්නෙ.....

සුදූ....කියන්නද....නිම්නට ඇහෙනවනෙ....මයුරගෙ අප්පච්චි අම්මට සුදූ කියලා කතා කරනවා....

එව්...ඒක උඹගෙ නැන්දම්මගෙ නමනෙ බන්.....වෙන එකක්...වෙන එකක්.....

.මට...එහෙම...කියන්න...ලැජ්ජයිනෙ මයුර...මේක....පලවෙනි...වතාවනෙ.... මයුරගෙ සම්පූරනම නම...මොකක්ද...

 මං ලාවට ඔලුව වැනුවා....මදැයි.....මං ආදරේ කරන මගෙ හොල්මන....එයා දහ අතේ කල්පනා කරනවා...ඇයි බන්...යෝදයො.....රත්තරන් .....පන...පැටියා.....ඔය තියෙන්නෙත් එව්වනෙ...ඇයි මේකාට ඕකක් කියාගන්න බැරි... වට පිට බලනවා ඉවරයක් නෑ...ඒ අස්සෙන් කමනිගෙ සුදු පුතා ගේ අස්සෙන් ඉදන් එලියට ඇවිත් මම ඉන්න දිහාව බලලා ඒකගෙ වල්ගෙ පහත් කරගත්තා...මගෙ නිම්න ඒකා දිහාව බලන් ඉන්නවා....ඉදලා...ඉදලා....ටූත්ලස් කියයිදෝ....

මගෙ නමද....ම්ම්ම්....මයුර අනුශ්ක කලුතොටආරච්චි...

කලූ කියන්නද?

මාව බල්ලෙක් වගේ පේනවද බන්.....?? ආ වස්තු....ඒකට ..අර පොඩි නිම්නට කිව්වා නම්....

කොයි වෙලෙත් පොඩි නිම්න...පොඩි නිම්න....මට දැන් මාවත් පෙන්නන්න බැරි වෙනවා...මයුර....එපානෙ....නිම්නට දුකයිනෙ...මම උනාට.....නිම්න...ගිහින්....එයාව ඉඹී කියලා...මට...දුකයිනෙ.....තුරුල් කරගනී...කියලා....ඊරිසියයිනෙ...මං....මෝඩයි.....තමයි...ඒත්....මට....ආදරේ ලැබුනෙ...මයුරගෙන් විතරක්ම....හින්දා...මං එක්ක වත්...මට මයුරව බේදාගන්න බෑමගෙ මයුර....

මං හුස්මක් ගත්තා...එයා හරියට වද වෙනවා....ඒ ඉන්නෙත් එයා උනත්....එයා කියනවා..එයා එක්ක වත් මාව බෙදාගන්න බෑ කියලා ...මං අවසානෙදි ලොකු හුස්මක් අරගන....ඒ ආසාවත් නිම්න නිසාම අතෑරියා.....

මං බලන් උන්නා...ඒ නිම්නව තුරුල් කරගන්න ..වරුවක් හරි හාදු තියන්න.....

ඒත්....මේ නිම්න....දැනටම අඩන්න හදනවා....එක අතකට.....එහෙම බැලුවම...මං චපලයි වගේ තමයි.....අතීතේ ජීවත් වෙන එයාට ඕනෙ රැකවරනෙ....එයා වෙනුවෙන් කෙනෙක් ....මාත් එක්ක ඉන්න නිම්නට ඕනෙ ආදරේ.....

ඉතින්...මං මගෙ හදවත දෙකට පැලුවා ....පොඩි නිම්නට සතුටයි රැකවරනෙයි දෙන්න මගෙ හදවතින් එක බාගයයි....ලොකු නිම්නව පිරිලා යන්න සෙනෙහසයි ආදරෙයි පිරුන අනිත් බාගයයි.....

 නෑ...මං එයාව ඉඹින් නෑ.....මං එයාව සතුටින් තියන්නම්.....එයාව පරිස්සම් කරන්නම්...ඒ ඇස්වල කදුලු පිහදලා.....මං එයාව බලා ගන්නම්.....

එතකොට .....මගෙ ලොකු නිම්නව ආදරෙන් පුරවන්නම් සෙනෙහසින් පුරවන්නම්...මට...අල්ලන්න බැරි උනාට කමක් නෑ...මාව අල්ලන්න පුලුවන් නේද.....වස්තුට පුලුවන්නෙ...මට හාදුවක් තියන්න.....

මං අවසානෙදි හිනා උනා....එයා මා දිහා බලාගන ඉන්නවා....

මං....අනූ කියලා කතා කරන්නද.....?

 අනූ....ම්න්..හා...ඉතින්...වස්තුගෙ අනූ....සින්දුව කියන්නද....

අවසානෙදි මගෙ පපුවට සැනසීමක් දැනුනා...එයා මට නමක් දුන්නා....අනූ කිව්වා.....ඉතින්...මං එයාගෙ අනූ.....!!!

මං ගිටර් එක අරගන එකපාරක් නිකන් ඔහේ තාලයක් ඇතුව තත් වලට රිදවලා....රිදවලා....අවසානෙදි එයා මගෙන් ඉල්ලපු සින්දුව හරී...හිමීට කියන්න ගත්තා...කිසි කලබලයක් නැතිවම.....එයා අහන් ඉන්නවා...මගෙන් ඇස් අහකට අරගන්නෙ නැතුවම අහන් ඉන්නවා.....

මේ....ප්‍රතම වසන්තයයි.....

ලස්සනයි....

 තව එකක් කියන්නද....

එයා හරී...හිමීට ලස්සනයි කිව්වා....මං බලාගන...මේ සින්දුව ඉවර වෙනතාක්ම එයා උන්නෙ මගෙ දිහාව බලාගන....

මොකක්ද...

ලස්සන එකක්...හැබැයි....කොන්දේසියක් එක්ක.....

මොකක්ද.....

වස්තුට බැරිද...මගෙ උරහිස උඩ තියන පාලුව මකන්න...

මං එයා දිහා බලාගන උන්නා...මං ඇහුවා .එයාට බැරිද මගෙ උරහිස උඩ තියන පාලුව මකන්න කියලා ...මං නොකියා කිව්වා.....එයාට මගෙ ලගට ඇවිදින් තුරුලු වෙන්න කියලා ....සීතල උනත් මොකද...ආදරේ ළඟදි...හිමත් දියවෙනකොට .....

. අනූ කියන්නෙ...මට....තුරුලු වෙන්න කියලද....

ම්න්.....මගෙනෙ...ආදරේ කරන මිනිස්සු....ප්‍රේමයෙන් වෙලෙනවා.....මට ඕනෙ...ගෙවෙනෙ හැමතත්පරයක්ම.....නම්න එක්ක ප්‍රේමයෙන් වෙලෙන්න....මං උඹට ආදරෙ කරන්නෙ....පෙරහන් කඩදාසියක් තියලා රොඩු බොඩු නොයා ආදරේ විතරකින්ම උඹව පිරෙන විදිහට නිම්න.....දුරුතු සද අහසින් වැටුනට කාරි නෑ....පුලුවන් නම්.... ඒ හදට කියපන් නිම්න....මගෙ උරහිස් උඩට වැටෙන්න කියලා.....

එයා හිනා උනා....එයා හරි ලස්සනය හිනා උනා...අවසානෙදි මගෙ උරහිසට එයාගෙ බර දැනෙනකොට මමත් එයා එක්කම හිනා උනා....

මොකද....අපි අසීමාන්තිකව ආදරෙ කරනවා.....

නිම්න..මයුරත් එක්ක ආදරෙන් බැදෙනවා.....!

මූනට ආව හිනාවත් එක්කම මං කසුන් කල්හාරගෙ සදමිතුරිට අඩගහනකොට ....කිව්වට විස්වාස කරන්න...මගෙ වස්තුත් මා එක්කම තාල ඇල්ලුවා...!!!

මට මමම වී ඉන්න

ලෝකෙන් ඉඩක් නොදෙන

ඈතට වෙලා...අපිම....අපි වී ඉතින්...

නවලොවට...මුල් අනු දෙන්න....

මිල නොවන පෙම් කවිය පබදින්න.....

පිනි වැස්ස වස්සන්න....

මද්දහන තෙත් වෙන්න ආදරය දලු ලන්න

මිහිකත මතින්.....

සිහිනෙ....සනහා....කිරනින්....දැවෙනා....!

සූකිරි ...තාම ආව ඇදුම පිටින් නේද....ඇයි කොල්ලො ගිහින් නාගනින්කො....මටත් මේවා අස් කරලා උඹලට කන්ඩ බොන්ඩ දීලා නිදාගන්ඩ යන්න.....

මගෙ මූන දෙක උනා.....මෙච්චර වෙලාම අප්පච්චි ව කාපු අම්මා අනිත් පාර ගේ අතු ගගා ඇවිදින් එය එක්ක පෙම් කෙල කෙල උන්න මට සූකිරි කියනවත් එක්කම මට ගිටාර් එක ඔලුවෙ ගහගන්න හිතුනා.....

...අන්න...සූකිරිට නාන්නලු....

කට පියන් ඉන්නවද....

ඉතින්..මම නෙවෙනෙ කියන්නෙ.....සූකිරිට අම්මනෙ කියන්නෙ....මමත් අනූ නොකියා සූකිරි කියනන්ද....

දත් නැතුව ඉන්න ආසද වස්තුට.....උඹව මම හපනවා...අල්ලගන....

එයා මගෙ ළඟ ඉදන් කුටු කුටු ගානකොට මමත් එයාට කුටු කුටු ගගා බනිනා ගත්තා වගේම අම්මගෙන් ගුටි කාපු අප්පච්චිත් මං බලාගන කොහෙ හරි යන්න ලෑස්ති වෙලා එහා මෙහා යනවා.....

ඒඑක නලුවෙක්...ඒ...

ම්ම්ම්....රොහාන් දහම් කරුනු සාකාච්චා කරන්න යන්න වගේ.....යමන්කෝ....යමන්කෝ.....

එන්න එන්න නලු කම වැඩි වෙනවා...ජෙල් නානවා...සෙන්‍ට් නානවා......මගෙ ඇදුනුත් අදිනවා....ඔච්චර හැඩ වෙලා යන එකේ...අම්මගෙ ඔලුවට විසක් පිරෙව්වා නම්...හරි...

ආ කොල්ලා.....උඹට මෙ හිල් කලිසන් විසි කරන්න බැරිද ...මෙට්ටෙ යට ගහන් ඉන්නෙ....සත්තු සරපයිත් රිංගනවා දැන්

ඒ..ඒ...ඒ...අම්.....මෙහ්...අම්මේ....හ්

අප්පච්චි දිහා බලාගන අප්පච්චිට බාල්දි දාන්න බලන් උන්න මාව රත් උනා...අප්පච්චි ට වගේම එයාටත් බැන බැන උන්න මම කරන්ට වැදුන එකා වගේ එකපාරම නැගිට්ටා ..මගෙ කරුමෙටම අම්මා කාමරේ අස් අරලා ...

.ඒ මදිවට මෙට්ටෙ යටත් ඇදලා තිබුනා...එහෙන් අප්පච්චි ...මෙහෙන් මගෙ නිම්න.....අනිත් පැත්තෙන් කලිසමයි මායි අතර තියන අන්‍යොන්‍ය සම්බන්දෙ ගැන හාන් කවිසියක්වත් නොදන්න අම්මා...

මොන....මගුලද...අනේ...ඔයා...කරන්නෙ...මෙට්ටෙ අස්සෙ අදින්න ගියෙ ඇයි.....

මෙට්ටෙ අස්සෙ අදින්න ගියෙ ඇයි ගාන්නෙ...උඹ නිකන් වත් ඇද රෙද්දක් වත් මාරු කරනවද .....අරුන් එනවා පෙරලෙනවා න් උඹත් එනවා පෙරලෙනවා ගුහාව වගෙ ඕක ඔබ ඔබ හිටපන්...කලිසන් කෑලියි පරන කොට්ට උරයි ඔක්කොම මෙට්ටෙ යට .....

අනෙ අම්මෙ වදින්නම් .....ඔච්චර හයියෙන් කෑ නොගහ ඉන්ඩකො....

අම්මා ගමටම ඇහෙන්න කෑගහලා බනින්න ගන්නවත් එක්කම මං අප්පච්චි දකින්න කලින් බිම තිබුන කලිසම අරන් හංග ගන්න හැදුවා උනත් අප්පච්චි ඒක දැක්කා...දැක්කා මදිවට අප්පච්චි මා දිහාත් බලලා අම්මා දිහාවත් බලලා මහා කැත විදිහට හිනා උනා වගේම අම්මා යනවත් එක්කම මහා කඩප්පුලි කතාවක් කිව්වා ...

ම්ම්ම්....කොල්ලා....මං බැලුවා මොකද මේ උඹ කාමරෙ අස්සෙ වෙරලු මල් සුවද කියලා

අනෙ අප්පච්චි මේහ්.....

මං දිව්වා.....ගුලිකරගත්තු කලු කලිසමත් අරන් මං පස්ස නොබලා කාමරේට දිව්වා ...

ඒ.....ලැජ්ජයි යකො.....අප්පච්චිත්....දැනගත්තා ....

එහෙන් නිම්නත් උන්නා...

අනෙ ...අප්පච්චි කොල්ලා දුරාචාරෙ යනවනෙ...

මොන මගුල කරන්නද ඉතින්...හතරෙ කනිසමට හතු නැගිටිනවනෙ...

මන් උන්නෙ කාමරෙ ඇතුලෙ...කලු කලිසම අතෙ...අප්පච්චිට මූන දෙන්නත් බෑ....මට නිම්න එක්ක කතා කරන්නත් ගට නෑ....

එයා මං ගැන මොනවා හිතුවද දන්නෙ නෑ...මං මහ වලෙක් කියලා හිතයි...ඇරත්...මං ළඟ විතරද මේ හෝදපු නැති කලිසමක් තියෙන්නෙ .....කල්පනයගෙත් ඇද යට තියනවා....උදාරයගෙ.....ඇයි කොට රවිදුවගෙ ....ඊටත්....දොස්තරලත් කියලනෙ තියෙන්නෙ මාසෙකට එක පාරක් වත්.....යෝහ්...මයුර .. ...උඹ උඹටම හේතු සාදක කියා ගත්තට වැඩක් නෑ....

අප්පච්චියි උඹගෙ වස්තුයි දැනගත්තා උඹ අත් ටැක්ටර් පදිනවා කියලා ...

මං ආපහු මෙට්ටෙ උස්සලා කලිසම මෙට්ටෙ ඇතුලට වීසි කරලා ඇද උඩට පැනලා මගෙ මුන හංග ගත්තා .....

යෝ....හ්...මයුරයට ලැජ්ජා හිතිලා....අප්පච්චිත් දැනගත්තා එකා යකාගෙ හපන් කම්...

අනූ...ඒ කලිසම මොකක්ද.....?

මට දැනෙනවා....මගෙ කන් ගිනි ගන්නවා වගෙ....මට දැනෙනවා. .මාව ලෝදිය හැලියකට වැටිලා දිය වෙලා යනවා වගෙ....කොට්ටෙ අස්සට මූන ඔබන් උන්න මගෙ කන ගාවින් ඇහුන එයාගෙ කටහඩත් එක්ක මට වහ කන්න හිතුනා....දන්නෙම නෑ වගෙ අහන ලස්සන....

අනූ...

ඇයි ඔය මූන ඔබාගන....

මං ඇහුවෙ ඉතින් කලිසම මොකක්ද කියලනෙ....

මේකා මට වදදෙනවා.....මාව එහෙන් කූරු ගානවා මෙහෙන් කූරු ගානවා..... ඒ විතරක් නෙවෙ මුනින් අතට උන්න මාව හොලවන්නත් පටන් ගත්තා .....

මොකක්ද කියන්න දන්නෙම නෑ.....උඹ බබා...

නැති හින්දනෙ අහන්නෙ....

ආ...එහෙමද.....දන්නෙ නෑ.....හැබැයි කියලා දුන්නට පස්සෙ මට තියෙන්නෙ සවුත්තු කටක් කියන්න එපා ආ....

........

ඕක උඩ මිලියන ගානක මගෙ බබ්බු ඉන්නවා....මෙහෙම උන්නට මං අප්පච්චි කෙනෙක් බය වෙන්න එපා අදින් පස්සෙ මට කලිසන් කෑලි ඕන නෑ...මගෙ නිම්න ඉන්නවනෙ ....නේ....ම්ම්ම්ම්ම්ම්.....අතටත් නිවාඩුවක් දීලා දාමු.....

...ඒ....මයුර....ඔයාට.....චිහ්...

ඇයි.....චිහ් කියන්නෙ....අර සින්දුවකුත් තියෙන්නෙ ...මුල හරිය මතක නෑ....

...එ...එර්...එපා...මට අහන්න ඕන් නෑ.....එපා මයුර.....එපා...මගෙ බඩ රිදෙයි.....

නෑ.නෑ.හෝව්.....උඹටත් මගෙ කට අවුස්සගන්නකන් හරි අමාරුවක් තිබ්බනෙ ....නේ..... අහපන්....අහපන් .....දැන් ඉතින් අහපන්...නුඹ නාඩන් පුතෙ ..නුඹට හෙටක් ඇතේ...හිතෙ හයිය අතට අරන් ගහපන් පුතෙ අතෙ!!! කියලා සින්දුවකුත් තියෙන්නෙ ....

මගෙ නිම්නයව සුදු මැලි උනා. ..බඩ රිදෙයි බඩ රිදෙයි ගගා උන්න එයා අත් වලින් කන්දෙකත් වහන් උන්නත් මගෙ සවුත්තු කටට මොකෙක්වත් පදිරි නැති වෙද්දි මං ඒකව අවුස්සන්න බලාගනම කුනුහර්ප සින්දුව කියනවත් එක්කම එයාව ලැජ්ජාවටම සුදු මැලි උනා.....

මොකද ම්ම්ම්ම්...දැන් ඉතින් රෙදි කෑලි මොකටද ....පස්සෙ දොරෙන් අස්සට යන්න තමා තියෙන්නෙ ...

මට පව් කියලා හිතුනා නිම්නව පුපුරන්න ඔන්න මෙන්න.....සුදු මැලි මූන රතූ උනා....මන් උඹට හරි ආදරෙයි නිම්න.....මන් විහිලුවක් වත් කරන්නෙ උඹ අමතක නොකරන ඔය වේදනාව අමතක කරන්න මගෙ නිම්න ...

අ..නු.....ඔයා.....නම්...

ඒ වචන වල ඇත්තක් නෑ වස්තු....මං බොරුවට එහෙම කිව්වෙ .....ඒ වචන හිස් වචන විතරයි....මට ඕනෙ උඹට ආදරේ කරන්න විතරයි .....මට ඕන උනෙ උඹට විහිලුවක් කරලා හිනස්සවන්න විතරයි ...රතු වෙනකොට මගෙනිම්න ලස්සනයි.....

අනූ.....ඔයාට අපරාදෙ කියලා හිතෙන් නැද්ද ....

නාන්න යන්න ලෑස්ති උන මම ඇදන් උන්න ටී ශර්ට් එක ගලවලා ඇදවිට්ටමට හේත්තු උනා... එයාගෙ මූන ආයම කලු ගැහුවා ...එයා මගෙන් අහනවා අපරාදෙ කියලා හිතෙන් නැද්ද කියලා ....

මොනවද ...මොනවටද අපරාදෙ හිතෙන්නෙ නැත්තෙ....

මයුර....ඔයා.....ඔයා මනුස්සයෙක් ....හැගීම් තියනව.....ආසාවන් එනවා .....දැනීම් තියනවා....මම.....මම කියන්නෙ මේ ලෝකෙත් නැති කෙනෙක්.....

මන් පව් කියලා හිතෙන්නෙම නැද්ද නිම්න...වස්තු...මන් පව් කියලා හිතෙන්නෙම නැද්ද ....කොලු කමට කියවන එක වෙනයි.....ඇත්ත හැගීමුයි දෙකක්.....මං උඹට ආදරෙයි ....ඒකට මාගල් වගෙ හෑලි ලියන්න මං දන්නෙ නෑ වස්තු...මං කිව්වනෙ....මන් උඹට ආදරෙ දෙන්නෙ....පෙරහන් කඩදාසියක් තියලා කියලා ....මිනිස්සු ආදරේ වෙනුවෙන් අසීමාන්තිකව කැපකරනවා මගෙ නිම්න....උඹ දුක් වෙන්නෙ ...මගෙ හැගීම් ගැන නම්.....ආදරෙ ළඟ...රාගයත් මෙල්ල කරන්න පුලුවන් හිතක් මගෙ ළඟ තියෙන්නෙ වස්තු.....

මං උඹට ආදරෙයි. ඒක අසීමාන්තිකයි....එතනින් එහා හිතන්න එපා....මං නාගන එන්නම්....රෑට ගමනක් යන්න තියනවා...

ඇයි...පාඩම් කරන්න.....

අනෙ මේ...ඔව්වට නම් එන්න එපා වස්තු...පිස්සු නම්...කෙලින්න එපා.....හෙන ගහන්න අර මාස්ටර් ගයිඩ් එකේ අවුරුදු දහයක පරන පේපර්ස් පොත් තියෙන්නෙ....ගත්තා...බැලුවා....සින් සින් ගාලා ලිව්වා...ඉවරයි.....මං නාගන්න යනවා...රවාගන උන්නට වැඩක් නෑ...මේ මයුරයා කිව්වොත් කිව්වා.....

.....හ්ම්.....හා.....මං විස්වාස කරන්නම්කො.....මයුරයගෙ හපන් කම්....

මයුරයා ....යෝ...මේක...මහ...වේදනාවක්.....හුත්...ආව්හ්..අම්මෙ....හ්....නෑ...මේක....හරී... වේදනාවක්..මගෙ.....මිත්‍රයෝ.....අනෙ....අනින්ඩ එපා...අප්පා.....ගෙදර ඉදනුත් කී පාරක් ඇන්නද....

ඔව්...අප්පා...අනේ...නිම්නලාගෙ..අම්මෙ....ඔලුවටම...අනින්න...එපා...මාව...තවත්...කොටවෙයිනෙ...

මං උන්නෙ නාගන කාමරේට එනගමන් ...ඒ එනකොට මගෙ කාමරෙන් එකයි සද්දෙ.....සලෙ උන්න උදාරයා මොකාද එකා වගේ පොත් මිටියක් තියන් නයා මැරුන අහිකුන්ටකයා වගේ ඉන්නකොට මං අහගන කාමරෙ අස්සෙන් කල්පනයයි රවිදුවයි නහයෙන් අඩනවා...

වෙලාව කීයද....අටහ මාරයි...මේ රෑට කන වෙලේ මුන් මොකද මෙහෙ කරන්නෙ....???

උදාරයා....ඇයි බන් මේ.....

කාමරෙට යන්න ගියපු මං සාලෙ උන්න උදාරයා ගාවට ගිහින් ඇයි බන් මේ කියලා අහනකොට ඌ මාස්ටර් ගයිඩ් ඉකෝන් පොතක් බදාගන මා දිහා බලලා හුස්මක් ගත්තා....

මීට වඩා...හොද නැද්ද් බන්....උඹලගෙ නැන්දම්මට....හරකෙක් අල්ලන් ඌට අවකලනෙ උගන්නන්න කිව්වා නම්....අනේ...මේවා....කරන්න...බෑ...හුත්....හ්න්.හ්හ්...නෑ..නෑ...හූනා..කියල...

කියන්න ගියේ...මේවා කරන්න බෑ....හූනො කියලා කියන්න ගියෙ ..නිම්නගෙ ..අම්මෙ.....මං...මූට කියන්න...ගියෙ...හැබැයි...උනන්දු උනොත්...බැරි කමකුත් නෑ කියල නිම්නගෙ...අම්මෙ....අනෙ...ඇන්ටි.....

අනේ...අප්පච්චි ...උදරයා කම්මුතුයි.....

මොනාද බන් අමු කාලා වගේ කියවන්නෙ...

පොත බදාගන උන්න උදාරයා කියන්න ගිය කුනුහර්පෙ ගිලගන වෙන බහුබූත කියන්න ගන්නවත් එක්කම මං පාන අගංචලන හින්දම නිකමට වගෙ පස්ස හැරිලා බැලුවා....මගෙ මූන පුක උනා.....

නැන්දම්මා...ඉනට අත් දෙක තියාගන මගෙ කටින් ඊලග කුනු හර්පෙ පනිනකන් බලන් ඉන්නවා....

අරකා ගිහින් අම්මව එක්ක ඇවිත් ..අනේ...මගෙ කපටි නිම්නයො.....මං උඹව අල්ලගන්නම්....යෝහ්....කමනී...කමනි...කොල්ලො...ටික අද කන්නයි යන්නෙ.....ඇඩ්‍රස් නැති වෙන්න....

මොකද උඹගෙ මූන දෙක උනේ....මං කිව්වනෙ...පාඩම් කරන්ඩ ඕනෙ කියලා නේ.....

ඉතින් ...අපිට....ඉන්ඩිවිජුවල් පාඩම් කරන්ඩ පුලුවන්නෙ.....ඇයි මුන්වත් ඇදන් ආවෙ . ..පව්නෙ...ඇරත්...මං කිව්වනෙ...අද පාඩම් කරන්න බෑ....අපිට දහයට කලින් ගමනක් යන්න තියනවා කියලා ..අමතක උනාද නිම්නගෙ අම්මෙ....

එයාගෙ අම්මා ඉනට අත් දෙක තියාගන බලන් ඉන්නකොට මන් අද අපිට පාඩම් කරන්න බෑ කියලා ඒකට හේතුවක් දුන්නා....

ඒකට හෙට යමල්ලා...හෙට පෝය...ඉස්කෝලෙ නෑ....

..පිස්සු....ද ....හැටිද...හෙට කොහෙද පෝය වෙන්නෙ.....මාසෙට පෝයවල් දහයක් එනවද.....

මෙහෙ නෙවෙ...එහෙට....හෙට නිවාඩු ...යන තැනක...හෙට උදේ...දැන් පාඩම් ...පාඩම්.....කෝ..කෝ...දුවපන්...ගිහින් ඇදුමක් දාගනින්.....

මං හිතන්නෙ අපිට බේරුමක් නෑ....අපිට හතර දෙනාට ගැලවීමක් නෑ...අපිට පෝය නැති උනත් ...පොඩි නිම්නලාට පෝය කියපු මගෙ නැන්දම්මා මාව කාමරෙට එලවන්න හදන්වත් එක්කම කල්පනයා එලියට ආවා.....උගෙ පස්සෙන් රවිදුවත් ආවා....

මොකද දැන්..මං කිව්වෙ පාඩම් කරන්ඩ ලෑස්ති වෙන්ඩ කියලා නෙ....

...යෝ....හ්...බැ කිව්වෙ කව්ද අප්පා....බෑ...කිව්වෙ කව්ද...ඒත්...තාම..වේලාසන වැඩි නැද්ද නිම්නගෙ අම්මෙ..මට අනුපමා බලන්න ඕනෙ.....රාජ් සාට අද රස්සාව නැති වෙනවා...

පාඩම් කරන්නම්...හැබැයි...කාලා ඈ....කෑමෙන් පස්සෙ.....හාද නිම්නගෙ අම්මියෙ.....

මං බලගන උන්නා....වැඩි ආරක්ශාවටත් එක්ක මම මගෙත් පිට අකුලගත්තා.....පාඩම් කරන්න කියලා කුදලන් ආව උන් එක එක හේතු කියන්න ගත්තා ...රවිදුව අනුපමා බලලා මිසක් පාඩම් කරන්නෙ නෑ කියනකොට කල්පනයා රෑට කාලා කිව්වා...ඔය අල්ලපනල්ලෙ මන් කාමරේට රිංගුවා වගේම මේ ඔක්කොම කරාපු සූත්තර කිටියා ඇද.උඩට වෙලා මොකූත්ම නොදන්න එකා වගේ.වට පිට බල බල මාව මග අරිනවා.....

උඹ වැඩිය කපටි නෑ.....වස්තු.....

කමනී.....මේ...ගම් බිත්තරද.....කොටු බිත්තරද කමනී....මට කොටු බිත්තර කන්න බෑ...

මේ...කල්පනයා...දෙන දේ කාපිය ගුටි නොකා.....උඹලා එනවා කියලා කියන්නෙත් නෑ....මට උයලා විසේ යනවා...

මේවා...මේ කිය කිය එන්න පුලුවන් ගමන් නෙවෙ කමනී....රොහාන් අංකල්....ඔන්න ඔය හාල්මැස්සෙක් දෙන්නෙක් මේකට දාන්න...ලෝබ කමට ගැනලා දෙකක් දාන්න එපා...

මං උන්නෙ බත් එක අත ගගා.....රෑට වේලපු හාල්මැස්සො තෙල් දාලා....බිත්තර තම්බලා....ඔච්චරයි ..අම්මගෙ පුතාට විතරක්...වෙන සැලකිලි..... අපි හතර පස් දෙනාම උන්නෙ කෑම මේසෙ...එහෙන් අර හොල්මන් අම්මයි පුතයි..අපි හතර දෙනාට දෙන්න ප්‍රශ්නපත්තරයක් හදනකොට අපි හතර දෙනා මෙහෙට වෙලා බොරූ දේවල්.කිය කිය ඒක මග ඇර...මග ඇර.....ටැග් ගැහෙන ගත්තා....

ආ.....රොහාන්...ඇයි...ඔයාල...අපේ.....

මයුරයව විතරක් හැදුවෙ ....දැන්...බලන්න.....උදාරයට....

නංගියෙක් ඉන්නවා...එතකොට....රවිදුවට....අක්කෙකුයි...අයියෙකුයි..දෙන්නෙක් ඉන්නවා....මටත් ඇම්බැට්ටයෙක් වගේ...මල්ලියෙක් ඉන්නවා....ඇයි...මූට විතරක් වෙනස් කමක්.....

වෙලාව නවයි මාරටත් කිට්ටුයි....අපි හතර දෙනාව එව්වෙ ව්නාඩි විස්සෙන් වරෙව් කියලා උනත්....ගියොත් විභහගෙකට මූන දෙන්න වෙන හින්දා අපි හතර දෙනා මෙතන ඉදන් කාලෙ කන්න ගත්තා ...

ඇත්තටම අප්පච්චි ...ඇයි මං විතරක් ...තව හදන්න තිබ්බනෙ.....

හාල්මැස්සෙක් කටෙ ඔබාගත්තු මම මෙච්චර කාලෙකට අහන්න බැරි උන වැදගත් ප්‍රශ්නයක් අප්පච්චි ගෙන් අහනකොට අප්පච්චි අම්මා දිහා බලලා එකටම ආරක්ශාව තදයිද කියලා තහවුරු කරගත්තා .....

උඹ විතරක් ඇයි අහන්නෙ....උඹ ඉපදුන දා ඉදම්ම.....රෑ එලි වෙනකම්ම ඇඩුවා...ඊට පස්සෙ උඹව නිදි කරවන්ඩ එලි වෙනකම්ම අපි කතන්දර කිව්වා ...උඹව අමාරුවෙ බුදි කරවගත්තු දාකට වැඩේට එන්ටර් වේගන එනකොටම උඹලගෙ අම්මා කොටන් ඉරනවා වගෙ ගොරව ගොරව බුදි...ඉතින් ..එච්චරත් වද දීපු උඹම අහනවද කෝ තොට තව මල්ලිලා නංගිලා කියලා ???

මං හිතන්නෙ.....අපි ඒ ප්‍රශ්නෙ ඇහුවෙ අපරාදෙ වගෙ....

ඒ උනාට....ඉතින්.....දැන් මං නිදියන එකෙ.....දැන් උනත් ගෙනාවත් වරදක් නෑ.....අප්පච්චි ...වෙච්ච වැරදි හදාගන්නත් එපැයිනෙ....

කොල්ලා...කටවහන් කාපන් බහුබූත නොකියා .....එකා යකා මදිද.....තව කියවන්නෙ.....

එ...කමනි...කිව්වත් වගෙ...මූ දැන් බුදියන එකෙ....අපිට ඕනා නම්...

රොහාන් මේ...මගෙන් පිහිපාර නොකා ඉන්නවද.....දැන් ඉතින් අපි උගෙ ළමයි බලන්න ඕන කාලෙ....

කැහ්....කැහ්.....

කැහ්....කැහ්....

කැහ්....කැහ්.....

කැහ්...කැහ්...

අම්මගෙ වචන ඇහුනා විතරයි ...කකා උන්න අපි හතරදෙනාටම පිට උගුරෙ ගියා වගේම උන් තුන් දෙනාම මා දිහා බැලුවා ....මට මොකටත් කියලා දොර දිහාව බැලුනා.....මං හිතුවා හරි ...අම්මගෙ බෑන පොඩ්ඩ ඉන්නවා...ඒ විතරක් නෙවෙ මගෙ සදාදරනීය නැන්දම්මත් ඉන්නවා ...

මට....ළමයි...හදන්න වෙන්නෙ නෑ.....අම්මෙ....අම්මගෙ කොල්ලා යාලුවෙලා ඉන්නෙ කොල්ලෙක් එක්කමයි.....

කොල්ලා .....උඹට මම....!

කෝ...කෝ.....ඉදගන බුදි නේද ...නැකිටපියව් ....ඵෝන් ඔබනකම්ම මුන්ට 

ළමයි හැදිලි අහවරයි....ඒ සතුටු සාමිචි ඔක්කොම අහවරයි ...මේසෙ උන්න අපි හතර දෙනා පොත් අතේ තියාගන නිදා වැටෙනවා....

නිම්නලගෙ...අම්මෙ.....

.....අදට....මේ පාඩම් කෙරුවා.....ඇති නෑ...නෑ...පාඩම් කරමු....පාඩම් කරමු.....යෝ...හ්....අනෙ....මයුරයා.....නැන්දම්ම රවනවා.....

කල්පනයා සැලලිහිනිය තියන් නහයෙන් අඩනවා...කොට රවිදුවා සමාගම් ගානක් අල්ලන් අඩ අඩ හදනවා.....ඒ අස්සෙන් උදාරයා පොත දිහා බලාගන ඉන්නවා ඒත් ඌ මෙලෝ..මගුලක් කියවන්නෙ නෑ....

හොල්මන් ප්‍රේම වන්තයගෙන් වත් උදව්වක් නැති මට මගෙ මූන දැන් අර පන්ජාර විජ්ජු...නඩන්න කුංජූ කියන පොඩි එකීගෙ වගෙ වෙලා.....

මගෙ නැන්දම්මා මං ලව්වා...කවි පාඩම් කරවනවා..කරවනව....මට එක ලබ්බක්...මතක හිටින් නෑ....සැලලිහිනිය වෙනුවට සැලලිහිනි කොවුල් නම් කියවෙනවා.....එහෙන් නිදා වැටෙනවා...

.එන්න එන්නම මගෙ මූනත් දැන් ඇඹුල් උනා මදිවට නිදා වැටෙන හින්දමද කොහදො මට අර ටාරෙ සමින්පර් එකෙ ඉශාන්ට වගෙ පොතේ අකුරු අනිත් අතට පේන්න ගන්නවා වගේම පාඩම් කරන එක නෙවෙ කියවෙන්නෙ...

හරියටම අර ...පන්ජාර විජ්ජු...නඩන්න කුංජූ එක වගෙ.....පොඩි කෙල්ල වගේ මාත් කියන්නෙම පංජාර විජ්ජු කුංජු නන්ජූ කියළ අනිත් පැත්තටමයි....

අනේ.....නිම්නගෙ...අම්මෙ....දැන්...මේ....ඇති...!!!

බැරිම තැන ඩෑස් පිට ඩෑස් කාලා උන්න මං දැන් ඇති කිව්වා.....

උඹලගෙ උනන්දුවක් ඇත්තෙම නෑ...එකෙක් වත් වැඩ බැරි උන් ඉන්නවද ..නෑ.....උඹලට පොතක් පතක් බලාගන්න කිව්වම බොහෝ අමාරුයි...අතේ තියන ඵෝන් එක කන්ඩ කිව්ව නම්....අපූරුවට කයි...

බලපන්.....පැය කීයද.....පැයදෙකයි...ඒකෙනුත්...කල්පයා පැයක් විතර උන්නෙ ටොයිලට් එකේ....රවිදුවට කොයි වෙලෙත් වතුර තිබහව...අනිත් එකා....රවිදුවා...උ මේ ලෝකෙ නෙවෙ.....

අනිකා...උඹ...එක කවියක් පාඩම් කරන්න පැය දෙකක් යනවා...

අපි හතර දෙනා නෙවෙ මීක් කිව්වෙ....අඩි රූල අතෙ තියන් උන්න නිම්නගෙ අම්මා අපි හතර දෙනාටම බනිනකොට මන්.බලාගන මගෙ නිම්නයා ඒ ඔක්කොටම ඔව් ගගා ඕලුව වනනවා....

...ඇත්තටම අපි...හතර දෙනාටම...අද හරි මහන්සී නිමනගෙ අම්මෙ....ඒකයි...මේ...ඒත් .....හෙට ඉදන්...අපි...පාඩම් කරනවා...

මං හිමීට මිමිනුවා...

නිම්නගෙ අම්මා අතේ තිබුන රූල ආපිට මේසෙට දාල ම දිහාව බැලුවා.....මා දිහා විතරක් නෙවෙ...අපි හතර දෙනා දිහාම.....

මයුර....උදාර...කල්පන.....රවිදු.....හෙට.....කරන්න වැඩක් තියනවා....

මොකක්ද නිම්නගෙ අම්මෙ.....

.හෙට...මේ අවට තියන හැම බුක් ශොප් එකකටම යන්න ඕන....

ගිහින්.....

කරන්න තියෙන්නෙ මෙච්චරයි ...ජයවර්ධන නමින් ලිය උන.. හැම පොතකම...පිටිම පස්සෙ තියන පිටුව ඉරලා දාපල්ලා...එතනින් එහාට...වෙන්න ඕන මොනවද...කියන්න මං කියන්නම්.....

මේ ලෝකෙට...තව නිම්න කෙනෙක්..නිම්නා කෙනෙක් ඕන් නෑ........ඒ වගේ ආදරෙ කතා තව දුරටත් මහ පොලවට පස් වෙන්න ඕන් නෑ... තව දුරටත්...උන් කාටවත් අපරාද කරන්න මන් ඉඩ තියන්නෙ නෑ

දැන් ඉතින්....හොදට නිදාගනිල්ලා.....

🦚ආයම එනකන්....පයිස්සමින් ඉන්ඩෝ...

🦚ආතරෙයි....

මම ජොබී.....

Nedeesha .....

More Chapters