WebNovels

Chapter 12 - 12

මයුර.....

මයුර...

මයුරයා....න්..නැගිටපන්කො....අ..අඩේ...න්...නැගිටු..කෝ....අනේ...තොපි ඔක්කොටම...සි..හිය ...නෑ...මේ.....මුන්...ටික...බ්..අනේ.....අම්මෙ....හ්...කල්පනයා...කම්මුතුයි...

කල්පනගෙ අත මගෙ කම්මුල් වලට වදිනවා....මං හිතන්නෙ.....මුලින්ම කල්පනට විතරයි හරි සිහිය ආපිට ඇවිදින් තිබුනෙ.....

ඒකා මැරෙන්න හදනවා...නැගිටපන් ගගා මාව මරන්න හදනවා....සිහිය ආවා උනත්...නිම්නව මතක් වෙන වාරයක් වාරයක් පාසාම මට මගෙ ඔලුව ගිහින් බිත්තියක කොහෙ හරි ගහගන්න හිතෙනවා.....

අ..අනේ....ම්..මයුරයා....අඩේ නැගිටපන්....දෙයියො...අනේ...හුත්තෝ...බේසි.....ආව්...හ්...ආ....ව්ව්හ්..අනේ...අමෙ...කට..කට....භ්භ්භ්...භ්භ්....

වක්කඩේ වගේ....කුනුහර්ප කියන්නෙ මොකද.....කඩනවා මං දැන් උඹගෙ කට..

මන් නෙවෙඇහැක් ඇරියෙ....හොල්මන් යක්කු කුනුහර්ප වලට බයයි කියන කතාව විස්වාස කරපු කල්පනයත් දිගට හරහට කුණු හර්ප පලන්න ගත්තා විතරයි නිම්නගෙ අම්මා ඒකගෙ පෙට්ටි කට අතින් මිරිකගන බජින්න ගත්තා...අරූ මැරෙන්න හැදුවා....ඒඑක්කම මං නැගිට්ටා...

ම්..ම්..මයුර..යා...අනේ...මේ....දොර...ඇරපිය....මේ දොර...ඇරපන්.....අඩේ..අනේ.වදින්නම්...බන්..මට බෑ...අනේ...මටනම්...බෑ...යකො....මං අරකිව..සදහටම අමතක කරන්න...හිත හදාගත්තා...උනත්....ඒව්...ඒව්...කන...කන....අනේ...අම්ම්....මේහ්...සදුනිකා.....හ්

මම උන්නෙ බිම බලාගන.....නිම්නව දකින්වත් එක්කම කඩාගන වැටුන මම ආය නෙවෙ නිම්න දිහා බැලුවෙ වත්....කල්පනයගෙන් මීක් සද්දයක් නැති උනා....කොටිම්ම ඌ ඇවිත් මගෙ ඇගේ ඇලීගන වගේ ඉදගන්නකොට අන්දුන් කුන්දුන් උන රවිදුවා නැගිටලා ඇස් ඇරලා බැලුවත් අපි ඉස්සරහා ඉන්න තුන් දෙනාව දැක්කා විතරයි ඌට ආයම කලන්තෙ දැම්මා...උදාරයා ඇහැරුනත් ඌ මේ ලෝකෙ එකෙක් නෙවෙ...තනිකරම මන්දබුද්දික එකෙක් ගානට වහල දිහා බලන් කටත් ඇරන් උන්නා.....

මුලු කම්මරේ පුරාවටම මීක් සද්දයක් නැති උනා...කල්පනයා නෙවෙ හුස්මක් ගත්තෙ....බය උන පාරට ඌට ආපිට ගෙදර යන් කියන වචනෙ කියන්න පවා බය හිතිලා....

මන් උන්නෙ වේදනාවෙන්....මං උන්නෙ තරහවෙන්...මං උන්නෙ මා එක්ක...නිම්න එක්ක දෙන්නම තරහවෙන්.....බිම බලාගන ඉදලා...ඉදල....බිම බලාගන ඉන්න එකෙත් සිමාව පන්නල ගියපු මං අවසානෙදි කෙලින්ම නිම්න දිහා බැලුවා.....

ඒ ඇස් වල කදුලු පිරිලා .....එයා බලන් උන්නෙත් මගෙ දිහා....අම්මා...නිම්නා ඉන්නවා කියලා නෑ....එයා ඇස් වල කදුලු පුරවන් බලන් උන්නෙ මගෙ දිහා....

අනේ..නිම්න...මං උඹ එක්ක තරහා ගන්නද .....උඹ එක්ක එකතු වෙලා අඩන්නද.....මට කියපන් නිම්න.....

ඒ මුන...ඒ ඇස් මේ හැම දේම දැක දැකමට බනින්න වත් හිත හදාගන්න බැරි උනා...ඇයි උඹ මාව රැවැට්ටුවෙ නිම්න අහන්නවත් මට බැරි උනා...

ඒත් මාව වෙව්ලනවා හැමදාම ඇවිදින් මගෙන්ම විතරක් උඹ සීනි නැති කෝපි එකක් ඉල්ලනකොට මට හිතන්න තිබුනා කියලා හිතන්නවත් මට බැරි උනා.....

හැමදාම පැනි පාට මල්ල කරේ එල්ලගන....සුදුම ඇදගන ගස් ගල් අස්සෙ ඉන්නකොට මට හිතන්න තිබුනා කියලා හිතන්නවත් මට බැරි උනා...

එදා මියුසිකල් එක ළඟදි....උඹ හුලගටත් වඩා වේගෙන් අතුරුදහන් වෙලා...ආපිට දිය යට හන්ගාපු රබර් බෝලයක් උඩ මතුවෙනවා වගෙ මතු උන හැටි කොහොමද කියලා හිතන්න තිබුනා කියලා හිතන්නවත් මට බැරි උනා.....

නිම්න...කොටින්ම උඹ මාව රැවැට්ටුවා කියන්න මගෙ හිත මේ දැන් උනත් පිලිගන්න කැමති නැති උනා...

මං ඒ මූන දිහා දත් මිටි කාගන බලන් උන්නා...කොටින්ම....මේ ඉන්නෙ ආත්මයක් විතරයි ...කියන එක මම හිතන්නවත් කැමති නැති වෙනකොට එයාගෙ අම්මා....නිවුන් සහෝදරි....නිම්නා....මේ දෙන්නම විතරක් නෙවෙ...මගෙ උන් ටිකත් බලන් බලන් ඉන්නකොට මං කෙලින්ම නිම්න ගාවට බඩ ගාලා ඒ උරහිස් වලින් මිරිකලම අල්ල ගත්තා.....

හැබැයි...

තව දුරටත් මට ඒ උරහිස් අල්ලන්න පුලුවන් කමක් තිබුන් නෑ.....

මගෙ අත් ඔහේ පාතට වැටුනා.....

පොල් ලෙලි කරත්තයක් ලෙලි ගහලා රත ගහපු අත් වල අල්ල මගෙ අත් වලින් පිරිමැදපු මටම....මට මේ උරහිස් වළට අතගහන උරුමෙ නැති වෙලා තිබුනා....

මං ආය ඇල්ලුවා.....

මට වේදනාවයි...අල්ලන්න නෙවෙ...මට අල්ලලා එයාව ඇදලා අරන් කිටි කිටියටම තුරුල් කරගන...නිම්න...මට උඹ එක්ක නෙවෙ..මා එක්කයි දැන් තරහා කියලා කියා ගන්න ඕනා උනත්....ඒක කරගන්න බැරි වෙනකොට මට තරහා ගියා....

එක පාරක්....දෙපාරක් ....

නෑ...දහ දොලොස් වතාවක් මං හුස්මක් නොගෙම මගෙ ඉස්සරහා ඉන්න නිම්නගෙ උරහිස් උඩට මගෙ අත තියන්න හැදුවා.....

මට බෑ....

මට බෑ දෙයියනේ.....

දැන් මට බෑ...මමම අල්ලපු අත් දැන් මට අල්ලගන්න බෑ.....

නෑ...නිම්න...නෑ...අනේ...උඹව මරන්න බෑ....උඹට මැරෙන්න බෑ.....

උඹගෙ අම්මා කිව්වා....උඹගෙ අම්මා කිව්වා...උඹ එනකන් බලන් ඉන්නවා කියලා ...එහෙම කියපු උඹ...කොහොමද යකො මැරෙන්නෙ.....

මං නහිනවා..ඒ උරහිස් උඩට අත් තියන්න මං පුලුවන් තරම් නහිනවා.....කවුරුත් මාව නැවැත්තුවෙත් නෑ...වේදනාව මටම දරාගන මටම තනියෙන් තේරුම් යනකන් ඒ හැමෝම බලන් ඉන්නකොට අවසානෙදි මං හති වැටිලා ඔහේ ඒ මූන ගාව දන ඔබාගන උන්නා....

ඇස්වල...කදුලු පුරවන් ඉන්නවා ඇරුනම.....උඹට මං වෙනුවෙන්....කියන්න දෙයක් ඇත්තෙම නැද්ද නිම්න...????

මම එයා එක්ක තරහ පිරිමහන්න හැදුවත්....පරිනත මූනෙ තියන මෙට්‍රික ටොන් ගානක් බර වේදනාව..අසරන කම දැක දැක තරහව පිරිමහන්න බැරි කමට ඇස්වල කදුලු පුරවන් ඉන්නව ඇරුනම කියන්න දෙයක් නැද්ද අහනකොට මං බලාගන එයා ලාවට වගේ හිනා වෙනවා..

මං උඹගෙ පපුව රිදවන්න බැරි කමට මං බයිසෙක්ශුවල් එකෙක් කිව්වා..උඹගෙ වේදනාවෙ තරම මනින මීටරෙ කටුව උස් වෙන්න...උස් වෙන්න තව ටිකක් වෙලා ගියා නම්...මං කෙලින්ම මමත් උඹ වගේ ගේ එකෙක් කියනවා.....මම උඹ වෙනුවෙන් මාවම උනත් මාකට් කරන තැනට වෙනස් උනා නිම්න....

මගෙ ගෙදර ගෙන්නලා නවත්තගන්න තැනට මං නැවුනා නිම්න.....

මම බලාගන ඉන්නවා....එයාගෙන් උත්තරයක් ලැබෙනකන්....වෙන කාගෙන් වත් නෙවෙ...මට දැන් ගනුදෙනුව තියෙන්නෙ එයා එක්ක විතරක් වෙනකොට මං මගෙ අත් වල ඇගිලි කිටි කිටියට මිට මොලවන් බලාගන ඉන්නවා....

මයුර....අහලා තියනවද සින්දුවක් තියනවා...විසිරුන මල්පෙති දෝතට ගන්න බැරී කියලා ...අනිත් තේරුම් කෙසේවෙතත්.....මලක...පෙති ඉහිරුනාම...ආයම...අරගන තේරුමක් නෑ කියලා නේද ඒ කියන්නෙ.....

එයා කතා කෙරුවා .....සෑහෙන්න වෙලා මගෙ දිහාව කදුලු පුරවන් බලන් ඉදල...ඉදලා එයා කතා කරනකොට මං ආයම අර අත අල්ලන්න ගියා....ඒක.....ඇත්තටම නිරායාසයෙන් සිද්ද උන දෙයක් උනත්....මට ඒ අත අල්ලන්න වරම් නැති උනා...

..අතීතෙට යෑමක් මිසක්....අතීතෙ වෙනස් කිරීමක් වෙන්නෙ නෑ මයුර.....ඔයාව මහන්සි වැටෙන එක විතරයි ඔය වෙන්නෙ...මාව අල්ලන්න හැදුවට...යතාර්තෙදි...මං රූපයක් විතරයි මයුර.....

නැ...නෑ...ඒක වෙන්න බෑ...ඇයි වෙනස් කරන්න බැරි...නෑ...ඒක වෙන්න බෑනෙ...එහෙම නේද නිම්නගෙ අම්මෙ...ආ..අම්මා.....ඒක බොරු නේද...අතීතෙට යන්න පුලුවන් නම්.....ඇයි වෙනස් කරන්න බැරි.....ඒක....ඒක බැරි කමක්.....නෑ...අපිට උත්සහ කරලා බලන්න පුලුවන් .....නේද අම්මා.....????....බ්..බෑ...කියන්න..එපා....

පුලුවන් .....නේද

එයා අතීතෙට යෑමක් මිසක්...අතීතෙ වෙනස් වීමක් වෙන්නෙ නෑ කියනවත් එක්කම මං කලබල උනා...මට එහෙම ඕන නෑ....මට එහෙම ඕනෙම නෑ...මට ඕනෙ ආපහු නිම්නව ජීවත් කරවන්න....කොටින්ම...මට ඕනෙ...ආපහු නිම්නගෙ අක්කව.....අම්මව...මේ හැමෝවම ජීවත් කරවන්න වෙනකොට මෙච්චර කල් ගෑනු ගෑනු පරානෙ ගගා උන්න මං එයාගෙ අම්මට අම්මෙ කියලම කතා කෙරුවා ....මට ඔනෙ මේ අතීතෙ වෙනස් කරන්න....ආපහු නිමන්ව ජීවත් කරවන්න...

ඒත්...මට ඒ අම්මගෙන් වත්....අක්කගෙන් වත් නිම්නගෙන් වත් කිසිම උත්තරයක් ලැබුන් නෑ ...නිම්නගෙ ඇස් වල කදුලු බින්දු පහලට වැටුනත්....තව දුරටත් මට ඒ කදුලු බින්දු පිහන්න වත් පුලුවන් කමක් නැති වෙනකොට මං කදුලු දිහා පුදුමාකාර වේදනාවකින් බලාගන උන්නා....

ඇයි...නිම්න....ඇයි ...බැරි.....මට ඉතිරි එතකොට ...මතක විතරද ..ආ...වස්තුවෙ...මට....ඉතිරි .....

මතක....විතරද...

මයුර....මට...වස්තුවෙ කියන්න හෙතුව...???

මට.....වස්තුවක් හින්දා...මට....උඹව....වස්තුවක්...

කියල....ඉහලින්ම තියන්න...ඕන...හින්දා....මගෙ...වචන ගැන..හිතනවට වඩා...ඇයි උඹට බැරි මට හරි උත්තරයක් දෙන්න....මට ඉතිරි මතක විතරද එතකොට ??

හ්ම්.....මතක එක්ක.....තිරෙන් පිටිපස්සෙ හන්ගන.....කොහොඹවලට ත් වඩා.....තිත්ත කාඩියක්.....තිත්ත යතාර්තයක් ...තිරෙන් ඉස්සරහා ලැබෙන පුස් ප්‍රසංසා වගෙ නෙවෙ....යතාර්තෙ ඇතුලෙ තනිකරම තියෙන්නෙ මූනට වදින කෙල පාරවල් කියන්න උගන්නන මතකයක්.....

මට හුස්මක් පිට උනා...

...මට මින් එහා කිසිම දෙයක් කියා ගන්න බැරි උනා...අතීතෙට යන්න පුලුවන් ...ඒත්.....වෙනස් කරන්න බැරි නම්...යන එකෙ පලේ මොකක්ද...

අතීතෙ වෙනස් කරන්න බැරි නම්.....ඇයි අපිට මෙක ෆැන්ටසි එකක් කරන්න බැරි නිම්න....වස්තුවෙ.....යතාර්තෙ තිත්තයි නම්...අපිට පුලුවන් නේද...ෆැන්ටසි අස්සෙන් හරි සැනසීම හොයන්න....මං...කියන්නෙ....මට ඕනෙ...මම විදපු ...උඹ නොවිදපු...සැනසීම...අපිට ෆැන්ටසි එකකින් හරි විදින්න පුලුවන් නේද...නිම්න....?

මං ආයම ඇහුවා...ආය ආයම ඇහුවා....ආය ආයම ඇහුවා..... අර අඩන්න ඕන කියනවනෙ කිරි එරෙන්න....මට ඕනෙත් පරක්කු වෙලා හරි කිරිබිදක් එරවගන්න වෙනකොට මං ආය ආයම ඒක ඇහුවා...ආයමත් ඇහුවා...ඒත්...නිම්නගෙ උත්තරේ ඒකමයි.....අංශුමාත්‍රයක වෙනසක් නැ....

මයුර.....යතාර්තෙදි කවදාවත් කොතනකදි වත්....ඔරලෝසුවෙ කටුව ඉස්සරහට යනවා මිසක්ක....ආපස්සට නොගියපු හන්දා...ඒක තිත්තයි....යතාර්තෙ හරි වේදනාවයි....කරන්න තියෙන්නෙ බලන් ඉන්න...ගිහින්...ආපිට අපිට සාදාරනයක් කරන්න...අතීතෙදි අසරන උන අපි කාටත්...සමාදානෙන් සැතපෙන්න බැරි උනා මයුර....

අවසානම වචන පේලිය මගෙ පපුව පිපිරෙව්වා...එයා කිව්වා.....අතීතෙදි අසරන උන එයාලා කාටවත් සමාදානෙන් සැතපෙන්න බැරි උනාය කියලා ....

නිම්න ...ඉල්ලන්නෙ උදව්වක්ද....

මයු...ර

වස්තුවෙ. ..උඹ ඉල්ලන්නෙ අතීතෙට ගිහින් මට ඒ තිත්ත කාඩිය බොන්න කියලා නම්...මං බොන්නම්...කට කකාරවන ඒ තිත්ත ඇත්ත මං බලන් ඉන්නම්....හැබැයි....යතාර්තෙදි .....

උදව්ව කියන වචනෙ තේරුම වෙනස් වෙයි...

මං නැගිට්ටා නිම්න ගාව දන ඔබාගන උන්න මං නැගිට්ටා ..මේ වෙනකොටත් මෙතනනින් පැනල යන්න බලන් උන්න උදාරයයි කල්පනයයි බිම දිගේ බඩගාගන දොර ලගට යනකොට උදාරයා විතරක් නිම්න දිහා බලාගන කියන දේ ඉල්ලන උදව්ව තේරුම් ගන්න බැරිව උන්නා.....

නිම්න.....

මං දෙවනි තව පාරක් කතා කෙරුවා...කතා කරලා කෙලින්ම දොර ඇරන් එලියට යනවත් එක්කම කල්පනයයි රවිදුවයි මාව පෙරලන් එලියට දුවන්න හැදුවත් උන් දෙන්නගෙ තිබුන හදිස්සියට පඩි පෙල දිගෙ දුවන්න ගිහින් කකුල් පැටලිලා වැටුනා...වැටුනා කියන්නෙ උඩ ඉදන් බිමටම උන්ව පඩිපෙල උඩ රෝල් උනා.....

එ...ම්..මයුරයා....ම්..මං යනවා....මට.....බ්..බැ යකො.....මට.....නම්..බෑ....මට.....නම්...කතා කරන්ඩත් එපා.....

මයුර....

මගෙ පිටිපස්සෙන් උන්නෙ නිම්න.....

උදාර ඉතිරි වෙන්න අනිත් උන් දෙන්නම දිව්වෙ ආව බයික් පවා අමතක කරලා වෙනකොට මං බලාගන පහලම ජනෙල් පිය්ස්නකින් නිම්නා එලියට යනවා....උන්ට අද ආපිට පයින්ම එන්න වෙනවා.....

මට ඔයාව බලන්න ඕනෙ...

........

මං ආපිට පිටිපස්සට හැරුනා. ..අත්වල රතු ගතිය තවම තිබුනත්... මට ඒ අත් අල්ලන්න බැරි වෙනකොට මං නිම්නට මට එයාව බලන්න ඕන කියල එතනම තිබුන අනිත් කාමරේට ගියා...ගිහින් එයා ඇතුලට ආවත් එක්ක මන් දොර වැහුවා ...

මේක....නිම්නාගෙ කාමරේ.....

මං දන්නෙනෑ....

මයුර තරහින්....

ඇයි මාව ඔය තරමට රැවැට්ටුවෙ නිම්න...??සීනි නැති කෝපි ඉල්ල ඉල්ල...වරු ගනන් ලිය ලිය උඹ මාව ඔය තරමට රැවැට්‍ටුවෙ කොහොම නිම්න.....??

....මයුරට රිදෙයි කියලා .....මයුර බයවෙයි කියලා ....

එතකොට දැන් මට රිදෙන්නෙ නැද්ද....මගෙ ඇස් දිහා බලපන් නිම්න....උඹට මේ ඇස්වල වේදනාවක් ඇරුනම වෙන පේන දෙයක් තියනවද ....???ඇයි උඹ මාව ඔහොම රැවැට්ටුවෙ නිම්න...උඹ දන්නවද .....මං උඹව මගෙ ගාවින් තියා ගන්නපවා හිත හදාගත්තා .....

ම...යුර....

ඔව්.....ඔව් නිම්න .....උඹ කිව්වා උඹට ආදරේ කරන්න හම්බ උනෙ නෑ කියලා .....උඹගෙ අප්පච්චි උඹව රිදවන තරම දැකපුවාම මට හිතුනා උඹව අරන් මගෙ ගෙදර මගෙ ළඟ තියාගන්න නිම්න....උඹව රිදවපු උන්ට පේන්න උඹව හැමදාම සතුටින් තියන්න ඕනා කියලා හිතුවා....අම්මෙක් නැති උඹට අම්මෙක් දෙන්න හිතුවා...අප්පච්චි කෙනෙක් උන්නත් ...අප්පෙක් වෙනුවට ඉන්නෙ නරුමයෙක්නෙ හිතලා...උඹට අප්පච්චි කෙනෙක් දෙන්න හිතුවා.....කොටින්ම...නිම්න...මට උඹ තනිවෙළා නෑ.....උඹ වගේ හැගීම් තියන මිනිස්සු උඹ විතරක් නෙවෙ ඉන්නෙ තව උන් ඉන්නවා කියලා ...

උඹගෙ තැලුන හිත හදන්න මටත් උඹ වගේම එක අත්තෙ වහන හදන කුරුල්ලෙක් වෙන තැනට මං මගෙ හිත නම්ම ගත්තා නිම්න...

එච්චර දේවල් කරලා...වස්තුවෙ කියලා මගෙ කටින් පනින තැනටමත් මං වෙනස් උනහම.....

උඹ කියන මනුස්සයා ....තව දුරටත් මේ ලෝකෙ නැහැයි කියලා කියන ඇත්ත කොච්චර බරද....වේදනාවද කියන්ඩ උඹ දන්නවද නිම්න...???

උඹ මාව රැවැට්ටුවා නිම්න...සමාව....උඹ මාව රිදෙව්වා....

මයුර....දන්නවද.....මට හිතුනා..දවසක...මයුර ඔහොම දුක් වෙවි කියලා ...දන්නෙ නෑ...මයුර ඒක නිකන් හාස්කමක් වගේ....මයුර බිම තිබුන මගෙ තීන්ත කුප්පිය අරගන්නකොට ....බිම තිබුන මගෙ මාලෙ ගන්නකොට ....මං හිතුවා.මයුර ඒක වීසී කරාවි කියලා ...ඒත්.....මයුර එහෙම කෙරුවෙ නෑ...

මගෙයි කියන දේකට වටිනාකමක් දුන්න කෙනෙක් උනා...නම්..ඒ මයුර...

මගෙ ජීවිතෙ කිසිම දවසක....මං පව් කියලා කියන්න කෙනෙක් වත්...තනි වෙච්ච වෙලාවක පස්සහැරිලා බලනකොට මං වෙනුවෙන් උන්න කෙනෙක් නෑ මයුර....අම්මා...අක්කා....ඇරුනම...අපිට අපි විතරයි .....

මයුර දන්නවද ...මේක...ගෙයක් නෙවෙ.....වදකාගාරයක් කියන්න...

මං මීක් නොගා අහන් උන්නා...එයයි මායි විතරයි .....තවමත් ඒ බෙල්ලෙන් පහල දම්පාට පාරවල්...

නිම්න...මට....පුලුවන්ද .....පෙන්නන්න.....හැබැයි...අපහසුවක් නැත්තන්....විතරක් ....

මට කතාව අහන්න ඕනෙ...හැබැයි.....ඒ සර්වාංගෙම තිබුන හැම කැලැලක් දිහාම බලාගන...

මං බලන් උන්නා....මං දන්නෙ නෑ...එයා ඇදුම් ගලවයිද නැද්ද කියලා ...ඒත් මං බලන් උන්නා...

අවසානෙදි නිම්න ඇදුම් එකින් එක එකින් එක ගලවලා දැම්මා....කිව්වට විස්වාස කරනවද...නිම්න මගෙ ඉස්සරහා අමු හෙලිවෙන් හිටගත්තා කියලා ....

නි..ම්....බ්...බ්වෑක්.....

මට ඔක්කාරෙට ආවා...ඒක නිකන්....ලේ.දැකපුවාම මිනිස්සුන්ට කැරකිල්ලට එනවා වගේ.....නෙලුම් බට්ටයක් උඩ තියන සිදුරු දැක්කම පවා කැරකිල්ලට වමනෙට එනවා...ඒක එක්තරා පෝබියාවක්...

මට දැන් උනෙත් ඒකමයි.....නිම්නව මට අල්ලන්න තැනක් තිබුන් නෑ...

නිම්නගෙ ඇගේ මට නිකැලල් තැනක් හොයාගන්න තිබුන් නෑ...

මං කටට අත තියාගත්තා...මට ඔක්කාරෙට වගේ.....ඇස් වල කදුලු එහෙන්....මේ හැම දේම දිහා බලන් ඉන්න නිම්න අනිත් පැත්තෙන්...

මගෙ ..වස්තුවෙ...

මාව දැන ගැස්සුනා....මම අහල තියනවා....මම දැකලා තියනවා..විශමලින්ගිකයො සංවාසෙ යෙදෙන්න කලින් අල්ලන අඩව්වල තරම මං දැකලා තියනවා...ගෑනු පරාන ඇවිදින් පිරිමි පරානෙ ගාව දන ඔබාගන මිනිහව තෘප්තිමත් කරන හැටි මං මගෙ ඇස් වලින් දැකලා තියනව වගේම...පිරිමියෙක් විදිහට ...කොල්ලෙක් විදිහට මමත් මගෙ හැගීම් ඕන තරම් මගෙ ඇද රෙද්ද උඩ හලලා ඇද යට තියන කාටවත් හෝදන්න නොදෙන කලිසම් කොටෙන් පිහදන් තියනවා....

අද මං නිම්න ගාව දනගහන් ඉන්නෙත් ඒ විදිහටනමයි...

නිම්නගෙ මලානික උන පිරිමිකම පන අදිනව කිව්වොත්....විස්වාස කරනවද....

මගෙ මූන ඉස්සරහා නිම්න ඉන්නවා.....

මගෙ පපුව නෑ.....කොටින්ම මගෙ පපුව උඩට ඇසිඩ් හැලුවා වගේ...මම දනගහන් ඉන්නෙ මේ මොන මගුලක් කරන්නවත් නෙවෙ.....මං දනගහන් ඉන්නෙ ජීවිතේ එකම එක "මානුශීය හැගීමක් හන්දා" මිනිස්සුන්ගෙම විදින්න පුලුවන් උපරිමඅඩත්තේටම් විදපු.....දරන්න පුලුවන් හැම වේදනාවක්ම උහුලපු නිරුවතක් ගාව වෙනකොට මං ඒනිල් ගැහුන කලවෙට අත තියන්න හැදුවත්...මගෙ අත එහා පැත්තෙ මතු උනා මන් මගෙ කොන්ඩෙන් ඇදගන කෑ ගැහුවා...

නිම්න....එපා..අනේ...එපා...බන්.....ඔහොම.කරන්න එපා...මට අල්ලන්න දියන් වස්තුවෙ...නිමන....අනෙ...ඇයි මේ...ඇයි....කියපන්...නිම්න...

එයා බලාගන ඉන්නවා....මට හොයන්න බැරි උනා....මට හොයාගන්නම බැරු උනා එයාගෙ සර්වාංගෙ කැලැලක් නැති තැනක්.....මට හොයා ගන්න බැරු උනා එයාව මට අල්ලන්න පුලුවන් තැනක්.....

මට එයාව තුරුල් කරගන්න ඕනා උනා...මට එයාව තූරුල් කරන් ඒ කැලැල් කාගෙ ඇස් වලිනුත් වහන්න ඕනා උනා...ඒත් මට බැරි උනා...මට එයාව අල්ලන්නවත් බැරි උනා...

නිම්න උන්නා....අඩුම ගානෙ කකුල් මැදවත් මගෙන් හංහන්න උවමනාවක් තිබුන් නෑ....

මයුර....

දන්නවද....මේ....හැම කැලලක් පිටිපස්සෙම කතාවක් තියනවා කියන්න...මං ආදරේ කියන වචනෙ විතරයි දැනන් උන්නෙ ආදරේ කරන්න මට උන් කාලයක් දුන්නෙ නෑ කියන්න ...

මයුර විස්වාස කරනවද...ආදරෙ කරන්න හදපු වරදටයි මට මෙහෙම උනේ කියන්න.....

මයුර දන්නවද....මං ඇයි හැමදාම සීනි නැති කෝපි ඉල්ලුවෙ කියන්න...

මයුර...මේ ගෙදර ....රස දේවල් වල භුක්තිය තිබුනෙ අප්පච්චිට විතරයි....

සීනි හැන්දක් කලවම් කරපු කෝපි එකක් මම.අවසානෙටම බිව්වෙ..මම කියන මනුස්සයා කව්ද කියන්න මම හරියටම අදුන ගන්න කලින් මයුර.....මං ආදරේ කරන්න ඕන මගෙම ජාතියෙ කෙනෙක්ට කියලා තේරුම් ගන්න කලින්.....මට සීනි දාපු කෝපි වල රහ බලන්න පුලුවන් උනා...ඒත්....

මම දැනන් උන්නෙ නෑ...මයුර....මම මාවම මගෙ අප්පච්චි ගාව පාවා දීලා කරගත්තෙ මගෙ මිනිවල කපා ගත්තයි කියන එක.....

මයුර...දන්නවද...මට....වෙලාවකට....මයුර එක්ක ඊරිසියයි...මන් අහන් ඉන්නවා...තනියම හිනා වෙනවා....මයුරගෙ අප්පච්චි ..මයුරට කියන දේවල් මං බලාගන හිනා වෙනවා...

මයුරට අප්පච්චි විස්වාසයි....ඒකයි...මයුර ගිහින් අප්පච්චි ගාව එදන් එක වීදුරුවෙන් උනත් බියර් උගුරක් බීලා බලන්නෙ.....

ඒත්....මට...වැරදුනා...

මයුර....මං මාවම පාවා දුන්නා....අප්පච්චි ...මට....ආදරේ...හිතෙන්නෙ....කොල්ලෙක්ටමනෙ..කියපු වචනෙ එක්ක.....මගෙ කම්මුලට වැදුන කම්මුල් පාර අවසානෙදි මාව නතර කෙරුවෙ සාපයක් වැදුන එකෙක් කරලා.....

මයුර දන්නවද....සමලිංගික ආදරයක් ගැන එයාලා හිතන්නෙම අපිට අශුද්ද ආත්ම වැහිලා කියන ගානට කියලා .....හිත ගත කට බඩ සතුටු කරන්න පුලුවන් දාහක් කෑම වර්ග තිබුනත්...මායි නිම්නයි කෑවෙ ලුනුයි බතුයි කියන්න ....මයුර පිලිගන්නවද ....

මං කරාපු එකම වරද...ලියපු එක.....ලස්සන ආදර කතා හංගලා ගොතපු එක...ඒ අත් වලට පෑන අල්ලන්න බැරි වෙන්න මන් ලව්වා හැමදාම කරත්ත ගනන් පොල් ලෙලි ගැස්සෙව්වා.....මේ මුලු ගෙදරම ලෑලි බිම මන් මගෙ අත් වලින් ඇතිල්ලුවා....

ගෙයින් පිට ගිහින් කියන්නත් බෑ.....ගෙයි ඇතුලෙදි ඒ නීතියට පිටින් යන්නත් බෑ...

ඒත්....ඒ ආදරෙ කියන්නෙ තනිකරම පිලිකුලක්...සාපයක්....මූසල.කමක් කියලා හංවඩුගහපු...උඹ සමලින්ගිකයා කියලා දෙනෝ දහක් ඉස්සරහා ගරහපු ඒ මනුස්සයමත් ඒ වගේ කතා ලිය ලිය.....ආදරෙ කොයි තරම් උත්තරීතරද කියලා පිට මිනිස්සුන්ට ඉගැන්නුවා...

දේදුන්නක් මොන තරම් ලස්සන දැකපු අපේ ඇස් අමු අමුවෙ ගලවන්න හදාපු ඒ මනුස්සයම....පිටස්තර ලෝකෙට දේදුන්න කියන්නෙත් අදරේ පුරවගත්තු හිතකට හිතක් යාකාරපු පාලමක් කියන්න හරි ප්‍රේමාන්ව්තව ඉගැන්නුවා.....

මයුර.....මයුරට බෑ...අතීතෙ වෙනස් කරන්න....ඒත්....මයුරට පුලුවන් .....අනාගතේ හදන්න...

මයුරට බෑ.....මට ආයම පන දෙන්න...

ඒත් මයුරට පුලුවන් තවත් නිම්න කෙනෙක්ව මරනෙන් බේර්ගන්න....

මීටත් වඩා මට අහන්න හයිය නෑ....මං...උඹව තුරුලු කරගන්නද මගෙ වස්තුවෙ...?

මං උන්නෙ නොමැරි මැරි මැරි....ඒ කකුල් ඇගිලි ඉදිමිලා...නිල් පාට පාරවල් තුවාල කැලැල්...පිටිපස්සෙන් තිබුනෙ අහන්න බැරි කතාවක් වෙනකොට මං එයාගෙ මූන දිහා බලාගන එයාව තුරුල් කරගන්නද අහනවත් එක්කම එයා හිනා උනා....මට එයාව අල්ලන්න බැරි උනාට මොකද ...එයා මගෙ කදුලු පිහදැම්මා....

නාඩා ඉන්න ....දන්නවද ...අඩලා....අඩලම.....මට අඩන එක එපා උනා ...කොච්චර ගැහුවත්.....හම ගැහුවත්.....මෙ ඇගිලි අල්ලන් තැලුවත්.....උන් කියන විදිහට සමලිංගික ආදරේට අරක් ගත්තු යක්ශයව එලවලා දාන්න බැරි තැන ....උන් තීරනයක් ගත්තා .....

එපා නිම්න.....එපා බන්....ඔය ඇති. .

මයුර....දවසක මීට වඩා අඩන්නෙ නැතිවෙන්න මට ඕනෙ.....දන්නවද .....මට මුල්ම පාරට ආදරෙන් කතාකරපු එකම මනුස්සයා මයුර....

මන් නැගිට්ටා....නැගිටලා මන් ඇදන් උන්න ජැකට් එක ගලවලා එයාගෙ හෙලුව වහලා දැම්මා....මට තුරුල් කරගන්න බැරි උනාට මොකද එයාට පුලුවන් උනා මගෙ ජැකට් එක ඇදගන්න...

මේක මටද....

ම්න්....මට රිදෙනව උඹව ඔහොම දකිනකොට .....

මයුරගෙ සුවද හැමතැනම.....මයුර මන් ජීවත් වෙලා උන්න කෙනෙක් නම්....මයුර

මන් උඹට දෙන්න පුලුවන් ලස්සනම ජීවිතෙ දෙනවා.....මන් මීටත් වඩා වෙනස් වෙනවා.....කොටින්ම.....මන් උඹට ආදරේ කරන තැනටම මාවම මං මම විහින්ම වෙනස් කරන්න ගියා නිම්න.....

උඹ මාව කියලා වෙනස් කරවන එක අස්සෙ නෙවෙ ....මන් උඹ උඹ වෙනුවෙන් මමම හිතලා වෙනස් වෙන එකයි ආදරේ කියන්නෙ නිම්න ....මගෙ අප්පච්චි නහර කාරයෙක්....වෙනස් උනෙ අම්මා හන්දා....එහෙම අප්පගෙ පුතා උන මට ඇයි කාටත් හොරාවට පරවෙන්න හදන නිදිකුම්බා මලකට ආදරේ කරන්න බැරි නිම්න...

පපී.....

....????

ඔයා වෙනස් වෙලා...

මාව ගැස්සිලා ගියා...එයා මගෙන් අහන්න හදපු දේවත් සම්පූරන කරන්න ඉඩක් නොදී....මන් එයාට ආදරේ කරන්න පවා පටන් ගන්නවා කියලා එයා දිහා බලනකොට එයා හරි අහිංසක විදිහට හිනා වෙලා මට පපී කිව්වා....

පපී....කිව්වෙ.

ඔයාගෙ මාලෙ...තියෙන්නෙ මොකක්ද ....

මං මගෙ බෙල්ලෙ තිබුන එයාගෙ මාලෙ දිහාව බැලුවා .....මට දුක හිතුනා....එයා කිව්වා මේක අයිතිකාරයටත් ඒක හුගාක් වටිනවා ඇති කියලා ....ඉතින් මේ එයානෙ දෙයියනෙ.....

නිම්න....

හ්ම්.....

ප්‍රශ්න දෙකක් තියනවා....

අහන්න ...

අම්මා කිව්වා .....ඔයා එනකන් බලන් ඉන්නවා කියලා ....මං විස්වාස කරන්නෙ කොහොමද නිම්න....උඹ නෑ කියලා .....උඹ නැති නම්....ඇයි අම්මා බලන් ඉන්නෙ මගෙ නිම්න.....?

මන් එයා දිහාව බලාගන උන්නා.....එයා හරී ලොකූ හුස්මක් ගත්තා...ඒක මට දැනුනා....එයා ඇත්තටම ජීවත් උනානම්....මෙහෙම ලොකු හුස්මක් ගනී කියලා...

එයා....දන්නෙ නෑ....එදා මං මැරුන බව.....මම දන්නෙ නෑ...මං එනකන් බලන් උන්න අම්මා එදා මැරුන බව....මං ඉන්නෙ මලවුන්ගෙ ලෝකෙ අම්මා ගාව උනත්....එයා තවමත් බලන් ඉන්නවා මං එනකන් ...

........ඇයි....නිම්න....මේ ලෝකෙ....මේ දේවල් මෙහෙම වෙන්නෙ...

මයුර හිතනවට වඩා....මේ ලෝකෙ කෲරයි...දෙවනි ප්‍රශ්නෙ....

චාර්ලි....චාර්ලි...මං හිතන් උන්නෙ.....එ නිම්න කියලා .....අම්මව ගෙන්නුවෙ.....නිම්න කියලා...අක්කව ගෙන්නුවෙ....නිම්න කියලා ...ඒත්.....

අක්කගෙ ගෑනු ළමයා...එයාට ඔප්පු කරගන්න බෑ...ඒත්..එයා විස්වාස කරනවා...අපිට මොනව හරි උනා කියලා ...

එතකො....ඒ...එයා.....

හ්ම්....

මං මගෙ නලල අත් දෙකෙම්ම මිරිකගත්තා....එතකොට එයාලව ගෙන්නලා තියෙන්නෙ...එයාගෙ අක්කාගෙ ගෑනු ළමයා.....

තව එක දෙයක් අහන්නද....

අහන්න....

ඔයාට පුලුවන්ද මගෙ ඇගට ඇතුල් වෙන්න....

........

පුලුවන් නම් ..එනවද...මට ..මට පුලුවන් වස්තුවව දරාගන්න....හැගීම් වලට..වයසක් නෑනෙ.....නිම්න...මට ඕනෙ.....කිරි කෝපි එකක් මොන තරම් රසද කියලා නිම්නට දැනෙන්න දෙන්න....ලුනුයි බතුයි නෙවෙ .....ඔයා ආසම කෑම රස ආයම ඔයාට දැනෙන්න දෙන්න....මට...ඕනෙ...ඔයා...විදපු.....

ශ්ශ්.....නාඩා ඉන්න.....ඇයි මේ.....මට මේ වචනත් ඇති මයුර......මට...මේ වචනත් ඇති.....මං ඉල්ලන්නෙ එකම දෙයයි...ආපිට අතීතෙට ගියත්....උඹට මතක අමතක නෑ මයුර ...මම ඇදින්නෙ නැති උනත්.....මාව උඹ අදුනනවා....පුලුවන් නම්...මං වෙනුවෙන් කිසිම වෙලාවක...ඔය හිතට ආදරයක් දැනෙන්න නොදී ඉදින් මගෙ මයුර.....

මොකද.....මට.....අවසානෙදි ....ලෝබ හිතේවි...හුස්ම යන මොහොතෙදි.....

උඹට මතක එක්ක විදවන්න වේවි...මේ යතාර්තෙ ඇතුලෙ.....

පරිස්සමින් ..මං කියන්නෙ එච්චරයි ...ජයවර්ධන කියන්නෙ.....හිටලර් ගෙ තවත් පුනරුප්පත්තියක්....කවදාවත් ඒ පොත් කියවන්න එපා මයුර ....ඒවා තනිකරම උගුල්.....

එක වර්ගෙ කුරුල්ලො හොයන්න දාපු උගුල් මයුර...

කියවන කියවන...උන්ව හොය හොය මරන...ගාතකයෙක් මයුර....

එයා මට ආදරේ කරන්න එපා කිව්වා..නිකන් නෙවෙ.....මගෙ මයුර කිව්වා.....

මං ඒ කම්මුල් අල්ලන්න බැරි බව දැන දැනම මම අත් දෙක දෙපැත්තට තිබ්බා.....

නිම්න....මට අතීතෙ ආපිට වෙනස් කරන්න බැරි උනත්...අනාගතේදි උන්ව කටු ඉඹුලට නග්ගන්න පුලුවන් නේද.. ...???

උඹ දන්නවද වස්තුවෙ ...උඹ අදටත් මේ මොහොතෙත් ජීවත් උනා නම්....උඹ තරම් වාසනාවන්ත කොල්ලෙක් මේ කොහෙවත් නැති වේවි නිම්න ..මට තිබුනා...ආදරේට පවා ආදරෙ අමතක වෙන්න උඹට ආදරේ කරන්න.....

මගෙ ඇස් වලින් කදුබින්දු දෙක තුනක් එලියට පනිනකොට මම බලාගන ඒ ඇස්වලටත් කදුලු උනනවා.....

මගෙ දුරුතු හද පායන්නත් කලින්ම උඹ අහසින් කඩන් වැටිලා මගෙ නිම්න....

අනේ....මයුරයා....මෙ දොර ඇරපන්.....

මයුර....

අනේ....යකො...අනේ..අක්කෙ.....දැන්...නම්...ඇති....අක්කෙ.....මීට...වඩා...නම්...බෑ...මයුරයා...අනේ...කමනියෝ.....මේ.දොර ඇරපියව්කො....

.

කල්ප...න...මොන...මගුලද...කොල්ලො....උඹ...පාන්දර කරන්නෙ....බලපන්...දෙකයි වෙලාව....ඊටත්...මොකක්ද බොල ඇදන් ඉන්නෙ....මල් නයිටියක් නේද....?

අනේ...අ..අංකල්....මට..සරමක්...දීපන්කො....

මර නින්දක උන්න මං ගැස්සිලා ඇහැරුනා.....මම උන්නෙ නින්දක උපරිම තැන....බාගෙට ඇරුන ජනේලෙයි.....මේසෙ උඩ තිබුන හිස් කිරි කෝපි විදුරුවයි මට නිම්නව මතක් කරනකොට මං කැලැන්ඩර් එක දිහාව බැලුවා....අද ඉරිදා...හෙට සදුදා.....වෙලාව පාන්දර දෙකයි.....කල්පනයා හූ තියනවා....

මං එහෙම්ම ඇදන් බැහැලා අතපත ගාලා කලිසම හොයා ගත්තා..මොකද මං නිදියන්නෙම හෙලුවෙන්....

කල්පනයා....මොකද උනෙ කියකො....කමනි...ඔය වතුර එකක් ගේනවාකො...මෙ මූව සීතල වෙලා.....

අනේ...මයු.....කැහ්...කැහ්.....

ආ...මේ...අනික...උඹලට මොකද යකො වෙලා තියෙන්නෙ.....මේ රෑ ජාමෙ නයිටි ඇදන් මගුල් නටනවද....රූකඩ නටන්න ගියාද තොපි...

කලිසමපටලව ගත්තු මං සාලෙට දිව්වා...දෙයියනෙ...රවිදුවගෙ ඔලුව.....උගෙ මූන....උගෙ මූනෙන් එකයි දැලි....ඊටත් මූ ඇදන් ඉන්නෙ නයිටියක්.....

මං එහෙම්ම අප්පච්චි ගාව ඉන්න කල්පනය දිහා බැලුවා....ඌත් නයිටියක්....උගෙ කොන්ඩෙ පොල් ගස් බැදලා වගේ කොන්ඩා දෙකක් ගැටගහල මදිවට මූනට මිනී එම්බාම් එකක් ගහලා වගේ ...

මට හිතා ගන්න බැරි උනා ඇයි මේ කියලා ....

මුන්ටත්...උඹයි අර කොල්ලයි වගේ හා කියලා කියන්න කට පන තිබ්බා නම්...ඔහොම වෙන්නෙ නෑනෙ...අරූට නම්...උගෙ මාමන්ඩියත් අල්ලන් ගැහුවා....තව ටිකෙන් අනිකත් එයි...ඌට නම් මොකුත් කෙරුවෙ නෑ...ඒත් මං උගෙ සරම කැඩුවා උන්ගෙ අප්පච්චි ඉස්සරහා...

 මං හිතන්නෙ මට වග උත්තර ඕන නෑ....නිම්නගෙ අක්කා..අනේ දෙයියනේ නිම්නග් අක්කා මුන් දෙන්නට වැහිලා...අරකගෙ සරම ගලවලා....

කල්පන...කල්පනයා...කොල්ලො....

අ...ආව්හ්....ආව්...අනෙ....අම්මෙ හෙමින්...යකො....ව්....මට්ට සුජියා ගහපු අත

මොකක්....මට්ට සුජියා....තෝ මේ රෑ අරකිගෙ කාමරේට බඩගාන්න ගියාද කියපිය...අත අනිත් අතට හරවන්ඩ....

අයියො...මයුරයා....අනෙ මං කැමති....මං කැමතී බන්...මන් නිදියන් යකො උන්නෙ ....ඇස් ඇරෙනකොට උන්නෙ අරකිලාගෙ මිදුලෙ....නිකන් නෙවෙ....මේ නයිටියකුත් ඇදන් සින්දු කිය කිය....මට්ටා සුජියා හිතලා තියෙන්නෙ....

අනෙ යකෝ....මං ඒකිගෙ කාමරෙට රින්ගන්න ගියෙ නෑ....

එලෝ....එලෝ....ගැහුවෙ.....අනෙ...අම්මෙ.....කොස්සෙන්....යකෝ.....ගැහුවෙ....

මං එනවා....අනෙ....මගුල...මාත්....කැමතී.....මයුරයා....අනේ...බේරගනින් යකෝ...

මොනාද බන් උඹලා ඔය කියවන්නෙ තොපිලට පිස්සුද...???

මං නෙවෙ වචනයක් කතා කෙරුවෙ මගෙ ගාව වැටීගන උන්ව බේරගන්න ගගා රවිදුවා අඩනකොට මං අහගන මිදුලෙන් බයික් එකක් නවත්තන සද්දයක් ආවාවගේම ඒ ටිකකිම්ම ආත බූත උන උදාරයත් ආවා...

මේක ....කරන්ඩ බෑ....මයුර.....මොන මගුලද කරන්න ඕනෙ කියපන්....කරන්නම්...

උදාරයා එහෙම්ම බිම ඉදගන ඔලුව බදගන්නකොට මේ මෙලෝ මගුලක් නොතේරෙන අම්මයි අප්පච්චි අපිට බැන බැන යන්න ගියා වගේම මමත් උන් ගාවින්ම ඉදගත්තා ....

අද ඉරිදා .....

හැම දේම හොදින් වෙන්න කියලා හිතාගන උදේට ගිහින් කොන්ඩෙ කපන් එමු.....

අන්‍ර්‍ර්.....බන්....කොන්ඩේ...ආ.....නෑ....නෑ....කපමු....බෙල්ල මුලින්...හරි...කපමු.....සදුනිකා...පරට්ටි..හ්හ්...

යන්න කලින්...අඩියක් ගහලා යන්න බැරිද උදාරයා....ආය පොඩි උන් උනාහම...බොන්නවත් බෑනෙ....හිතේ වේදනාව යන්න වත් ....

ම්න්.....

ඔලුව අල්ලන් උන්න උදාරයා යන්න කලින් අඩියක් ගහමුද අහනකොට මං ඌ දිහා බලලා හූ මිටි තියලා කාමරේට යන්න නැගිටිනකොට උන් තුන්දෙනත් මගෙ පස්සෙම්ම ඇවිත් හරස් අතට මගෙම ඇදට වැටෙනකොට ඇද පත්තෙ හරියෙන් දිගා උන මන් ගෙදර කියාපු බොරුව මතක් කෙරුවෙ 

අපි හතර දෙනාම ඉංග්‍රිසි කතා කරවන පුහුනු කදවුරකට යනවා.....

ඔන්න ඔච්චරයි ....හෙටින් පස්සෙ කන විදල කරාබු දාපු කන් නෑ....!

අනෙ බන්....අපි හෙන ගොබ්බයො....වගෙ ඉදී නේ..

කල්පනයගෙ ඈඩියාව ආයමත් ඇහෙනකොට කල්පනා කරන එක පැත්තට දාපු මං ඇස් පියා ගන්නවත් එක්කම ඇරිලා තිබුන ජනෙල් පියන වැහිලා ගියා....ඒ එක්කම ටූත්ලස් උඩ බිරුවා.....

ඒනම් ....ආයම කොටසකින් එනකම්....පයිස්සමින් ඉන්ඩෝ....

මයුර නිම්නට තෑග්ගක් හම්බ උනානෙ ප්‍රභාවි නංගි....ස්තූතියි ඔයාගෙ ආදරනීය තෑග්ගට😘😘😘🥺🥺🥺

පයිස්සමින් ඉන්ඩෝ.....

මම ජොබී...

ආතරෙයි ....!!

Nedeesha

More Chapters