WebNovels

Chapter 7 - 07

මං ආපහු හැරිලා බැලුවා...

ජයවර්ධනයා අර කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලන් යක්ශනී උඹ ආයමත් මාව කන්න ආවද අහනකොට කොලු ටයිප් එකෙන් උන්නත් මේ ඉන්නෙ කෙල්ලෙක්නෙ දන්න මං ආපිට එතනට ගියා....

අත ගන්නවා අයිසෙ ...ලැජ්ජ නැද්ද ගෑනුන්ට අත උස්සන්ඩ....

ගෑනු.....මේකි කොලු බාගයක්....මේකිට ගෑනියෙක් කියන්ඩද පිරිමියෙක් කියන්ඩද කියලා අහලා බලනවා....තාමත් එනවා...තාමත් එතනවා....උඹට තියෙන්නෙ ලෙඩක්..මං එදත් කිව්වනෙ...ඕකට ගිහින් බෙහෙත් ගනින්....

"මේකි" දැනටමත් අංකල් මෙයාට මේකි කියලා ඉවරනෙ...ඒකියන්නෙ අංකල්ගෙ හිත දන්නවනෙ මේ ඉන්නෙ කෙල්ලෙක් කියලා...ලැජ්ජ නැති වැඩ කරන්ඩ එපා...මෙතන ඉන්නෙත් කොල්ලො රෑනක්...පිරිමි කමටත් එක්ක ලැජ්ජයි....

මන් ජයවර්ධනයගෙ අත ඇදලා ගත්තා....මට ඒකගෙ ගේත් එපා උනා...ඒත්...වෙලාවෙ හැටියට මෙයිට වඩා අඩුවට ගන්න ගෙවල් හොයන්න නම් හද්ද දොටට යන්ඩ වෙනවා.....වතුර නැති කරන්ට් නැති මෙලෝ හත්දානයක් නැති තැනකට ගිහින් වනගත වෙන්ඩ වෙනවා....

මං කෙල්ල දිහා බැලුවා....ඒකි ඉන්නවා ගලිසා වගේ.....ජයවර්ධනයා කෙල්ලෙගෙ බෙල්ලෙන් අල්ලපු පාරට බෙල්ල රතු වෙලා තිබ්බත් ඒකි නෙවෙ මීක් කිව්වෙ....ඒකි නෙවෙ...ආය බෙල්ල අත ගෑවෙ...ඒ වෙනුවට ඒකි කෙරුවෙ එක දෙයයි...

අඩියක් පස්සට වෙලා උන්න කෙල්ල මාවත් තල්ලු කරන් ජයවර්ධනයා ගාවට ආවා...

පිරිමින්ට තරහ යනවා මං අනන්තවත් දකිනවා...අප්පච්චිට තරහා යනවා...මං අනන්තවත් දකිනවා....මට තරහා යනවා...මං අනන්තවත් දකිනවා...ඒත්...මං හිතන්නෙ නෑ..මේ ලෝකෙ...ගැහැනියකගෙ තරහවක් ගාව පිරිමින්ගෙ තරහව දූවිල්ලක් තරම් වත් වෙයි කියලා ...

ඒ කෙල්ලගෙ ඇස් රතු උනා..හරියටම ...ජයවර්ධනයගෙ කටින් වැරදි වචනයක් කිය උනා වගේ...

ඒකි මාවත් තල්ලු කෙරුවා ...තල්ලු කරන් ගිහින් මිනිහගෙ රැලි වැටුන මැදි වයස් ඇස් දෙක දිහාව බලන් උන්නා.....

මට ලෙඩක් කියලද කියන්නෙ...???මට ලෙඩක්.....මං ආදරේ කරපු එකද ලෙඩේ...??උඹ නොදුන්න ආදරේ දුන්න එක....එහෙම නැත්තන්...උඹට වඩා මං හොයලා බලපු එක.....

උඹත් ලියනවා...මං උඹගෙ පොත් එකක් නෑරම කියවලා තියනවා....උඹගෙ එක පොතක තියනවා..... " ආදරෙ කියන්නෙ රෝගයක් නොවෙ" කියලා...එතකොට...මට කියපන්...එහෙම ලියපු උඹ...කොහොමද ..මට දැන් ලෙඩක් කියන්නෙ...

මට තේරුම් ගන්න බෑ....ඇත්තටම ...මට මේ සංවාදෙ තේරුම් ගන්න බෑ.....අරූ කියනවා කෙල්ලට ලෙඩක් කියලා .....කෙල්ල කියනවා උඹම පොතක ලියලා තියනවලු....ආදරේ කියන්නෙ රෝගයක් නෙවෙ කියලා ....

කෙල්ල අහන්නෙ " නිම්නා" කියලා කෙනෙක්...නිකන් නෙවෙ....අයිතියකුත් දීලා...මගෙ නිම්නා.....

අරූ කියනවා...කෑලි කපලා ගගේ මූදෙ දැම්මත් දෙන්නෙ නෑ කියලා .....

මං මගෙ ඔලුව චුට්ටක් ගැසුවා...හරියටම .....එකට එක පැටලිලා තියන දේවල් හරි ගස්සගන්න වගේ...

මට එක පාරම නිම්නව මතක් උනා...

නිම්න....නිම්..නා???

දෙයියනේ....නිම්නා...කියන්නෙ....නිම්නගෙ...කවුරු...හරි.....???

නිම්න මට මේ කෙල්ලව පෙන්නල කිව්වෙ එක දෙයයි.....

නිම්න කිව්වෙ....එයාලාව කාටත් තේරුම් ගන්න බැරි උනා කියලා ....

මේ කෙල්ලයි...නිම්නා කියන කෙල්ලයි.....හත්පාට ආදරෙක ඇති වැරද්ද මොකක්ද අහ අහ මගෙ ඔලුව කන්න හදපු නිම්නයි.....

විස්වාස කරන්න මගෙ ඔලුව එකපාරම කුරුවල් වෙන්න ආවා.....

කෙල්ලො- කෙල්ලො.....

මට එච්චරයි එක පාරම හිතට ආවෙ.....

කෝ උඹට උත්තර ...උඹමනෙ...පිටු ගනන් අර පොතෙ ලියලා තිබ්බෙ...ආදරේ පදනම කියන්නෙ...ආත්මෙක ස්පර්ශයක් මිසක්...ඉන් එහා රාගයක් ගැන බම්බුවක් නෑ කියලා ...උඹ එහෙම ලියලා තිබුනනෙ...

ඒක පොතක්...ඒක...පොතක්....පොතෙන් එහා...මොකුත් නෑ....ඒක මගෙ රස්සාව...මං උඹලට එදත් කිව්වා..ඒක...මගෙ...රස්සාව.....

කෙල්ල ආය අහනවා...පිටු පුරාවටම උඹ ලියල තිබුන දෙවල් මෙහෙමයිනෙ ගගා කෙල්ල ආයම කියවනවා....ඒකිට තරහා ගිහින්..ඒ යටි තොල් වෙව්ලනවා.....ඒ ඇගිලි එකට මිට මෙලවිලා.....අරකා කියනවා ඒක රස්සාවලු.....

පොත් ලියන එක උගෙ රස්සාවලු...

මොකක්ද...හැගීම් අකුරු කරලා විකුනන් කන එක.....??උඹ පොත අස්සෙ හරි ආදරනීය චරිතයක්නෙ....උඹ පොත ඇතුලෙදි...ආදරෙ ගැන අකුරු කෝටි ගනන් ලියලා තිබුනනෙ...උඹම ලියලා තිබ්බා...එක අත්තෙ කුරුල්ලන්ගෙ ආදරේ කියන්නෙත්...ආදරේමයි කියලා ..එහෙම ලියපු උඹම.....පොතෙන් පිට...ඇයි එහෙම කරන්නෙ...

එහෙම කරන්නෙ...යකො මං ඒකිගෙ තාත්තා.....උඹ කියන්නෙ....මෙච්චර උගන්නලා...උස් මහත්කරලා....මං ඒකිව....කෙල්ලෙක්ටද දෙන්න කියලද.....??

මම හිතන්නෙ මට තේරුනා...නිම්න කියපු දේ.....මෙතන් කෙල්ල නිම්නා කියන කෙල්ලව අහ අහ කියන දේ ....මෙ හැම දේම දැන් තේරුනා....මේ කෙල්ල...අරකෙල්ලට ආදරේ කරනවා.....ඒ කෙල්ල මේ මිනිහගෙ දුව...මේකා පොත් ලියනවා..හැබැයි...ඌම ලියපුවා...ඌම පිලිගන්නෙ නැති සිද්දියක් මෙතන යන්නෙ කියන්න මට තේරුම් ගියා...

අනුන්ගෙ කතා මට අදාල නෑ...ඒත්....මගෙ හිත කිව්වෙ ජයවර්ධනයා කෙල්ලට දමලා අතාරියි කියලා ...ඉතින් මං යන්නෙ කොහොමද ....?????

මං කෙල්ල දිහා බැලුවා...කෙල්ලා ආයම කියවනවා....වචන කෝටියක් කිව්වත්...කෙල්ල කිව්වෙ එකම කතාව...පාරවල් දහයකින් ආවත්...අවසානෙදි මතු උනෙ එකම හන්දියක් ගාව.....

ඒ..හත්පාට ආදර හන්දිය ගාව.....!

ඒ උනාට උඹගෙ පොත් අස්සෙ උන්ට හැමදාම සතුටුදායක අවසානයක් දුන්නනෙ...ඒ උනාට.....ඒ උනාට....උඹ.....උඹගෙ අකුරු අස්සෙ....උන්ට සාධාරනයක් කෙරුවනෙ...එහෙම...ලියපු...උඹ....ඇයි.....ඇත්තටම ...ඇයි...අංකල්.....ඒකිව මගෙන් හංගන්නෙ මට ඒකිව බලාගන්න බැරි කමක් නෑනෙ....මට මොනවද නැත්තෙ කියපන්...

ෆැන්ටසිය වෙනයි.....රියැලිටිය වෙනයි.... උඹ හිතුවද ...පොත ලියන මමයි...පොතෙන් පිට මමයි එකයි කියලා ....උඹ හිතුවද....ෆැන්ටසියක් ගේන මමයි...රියැලිටියක ඉන්න මමයි...එකයි කියලා ....මං උන්ගෙ තාත්තා ...උන් කරන්ඩ ඕනෙ මොනවද....කියන්ඩ ඕනෙ මොනවද....තීරනේ කරන්නෙ...මම....උඹට තේරුනාද....මං කිව්වනෙ.....ගගක මූදක දැම්මත්...මම...දෙන්නෙ...නෑ....

උඹ අහනවා...උඹ ගාව මොනවද නැත්තෙ කියලා .....මං අමුතුවෙන් කියන්න ඕනෙද...උඹ ගාව නැතිදේ මොකක්ද කියලා..

මොනවද අයිසෙ තමුසෙ ඔය අහන්නෙ.....??? මේ කෙල්ල මෙච්චර අහනවා....තමුසෙ මොනවද.ඔය දීපු උත්තරේ.....අනික ඕයි ආදරෙ කරන්නෙ කකුල් මැද බලලද ???

මට මලඇන්නා...අනුන්ගෙ කතා...අනුන්ගෙ ප්‍රශ්න.....මේ මොකටවත් අතදාන්න මට අයිතියක් නෑ ..ඒත්....පිරිමි දෙකක් මැද තනි කෙල්ල.....මේකා අවසානෙදි කියපු කතාව එක්ක මට මරන්න හිතුනා....තියෙන්නෙත් මහ සවුත්තු කටක් කියලා මට කිව්වෙත් එකෙක් දෙන්නෙක් නොවෙනකොට මට බනිනවත් එක්කම ජයවර්ධනයා මාව අලු වෙන්න රැව්වා.....

ඉතින්...මං බයවෙයිද .....???

..මට නැති දේ මොකක්ද කියන්න මං නොදන්නව නෙවෙ ....කිව්වත් වගේ....ආදරේ මනින්නෙ කකුල් මැදින්ද .....???

එතකොට ...උඹ පොත් අස්සෙ මවන ආදරේ වෙනස්ද....???උඹ....ලියලා තිබුනා.....හත් පාට ආදරයක් කියන්නෙත්...ආදරයක් ....ප්‍රේමනීය මිනිස්සුන්ට...හමුවෙන්න ඕන තවත් ප්‍රේමනීය හිතක්මයි කියලා ...ඉතින්...මගෙ හිත ප්‍රේමනීය නැද්ද....මට කියපන්.....මට උත්තර දීපන්....උඹගෙ.....කතාවක්...ඉවර වෙජ හැමතැනම...සුඛාන්තයක් තිබ්බා...ඇයි...මගෙ කතාව විතරක් ...දුඛාන්තයක් කෙරුවෙ....මට උත්තර දීපන්....???

ලමයො....ඉය යතුර ගත්තා නම්...තමුන්ට පුලුවන් සුද්ද කරන්ඩ...මෙතනට වෙලා මේකිගෙයි මගෙයි කට දිහා බලන් ඉදලා අනුන්ගෙ මගුල් වලට කට දාන එකට වඩා ගේ සුද්ද කරන එක ලොකු නැද්ද....මුන් එකෙක්ව වත් දෙමව්පියො හරියට හදලා නැති වැරද්ද.....මගෙ උනා නම්....හම ගහලා නවතින්නෙ ...

හරියටම ...මගෙ නිම්නව හම ගැහුවා වගේද....????...නැත්තන්...කිව්වත් ..වගේ.....කෑලි කපලා...ගගක...මූදකවත් දැම්මද .....?????

දැන් මේක නවත්තන්න.....

මං අර කෙල්ලව නැවැත්තුවා.....මොකද....ජයවර්ධනයා කෙල්ලට ගහන්න උරුම්පූට්ටු උනා....එන්න එන්න ගිනි පූටකේ ගහනවා..මට මෙතන මුන්ගෙ වලි බේරන්නයි...වතු සුද්දකරන්නයි..දෙකක් පුලුවන්ද ...???

මචන්...අහපන්...බන්....මං....අහන්නෙ එක දෙයයි...මං අහන්නෙ....එක දෙයයි....

අපිට කතා කරන්න වෙලාවක් එයි..මං විස්වාස කරනවා.....මට ඔයාව තේරෙනවා.....

විහිලු කතා..කියන්න ...එපා..මචන්....හැමෝම...කිව්වෙ..නම්...අපිව තෙරෙනවා...කියලා ...හැබැයි...බලන් ගියහම...තේරුම්..ගත්තු එකෙක් නෑ.....

මං කිව්වනෙ....අපිට කතා කරන්න...වෙලාව එනවා...ප්ලීස් ....ඔයා විතරයි මෙතන ගෑනු ලමයෙක්ට ඉන්නෙ.....ඔයාට තේරෙනවනෙ.....මේ මනුස්සයගෙ කට එක්ක...

මං හිමීට මිමිනුවා....කොලු වේසෙන් උන්න කෙල්ලව සංසුන් කරගන්න මට කතා කරන්න සිද්ද උනෙත් හරි අමාරුවෙන් වගේ කොටින්ම බයෙන් වගේ....මං දන්නෙ නෑ...එයා කැමති නැති උනොත්....එයාට තව දුරටත් කෙල්ල කියනවට....මං ඒක හිතන්නත් ඕනෙ...ඒත්...මෙතන මේ කටින් මට යෑම තවත් දුර ගියෝතින්. ..මට උන්නෙත්....ජයවර්ධනගෙ මොලේ තියන යාලුවොම නිසා මං කෙල්ලව ආපිට හැරෙව්ව.....

අපිට කතා කරන්න වෙලාවක් ඒවි කියපු මන් එයාව ආපිට හරවලා යවලා ජයවර්ධන දිහා බැලුවා....ඒකා මට මොනවා හරි කියන්න කට ඇරියා විතරයි මං ඒකට කලින් ඉස්සර උනා....

ලැජ්ජ නැද්ද...???තමන්ට දුවෙක් ඉන්නවා නම්....තවත් කාගෙ හරි දුවෙක් තමයි ඒ උන්නෙත්....මොනවද ඔය අහන කතා...

මේ ලමයො...තමුන්ට මේක අදාල නෑ...අදාල නෑ වගේම....කියපු කාරනා තේරුම් ගන්නත් බෑ.....

ඒ කෙල්ල කියපු දේ නොතේරෙන්න මගෙ මොලෙ අඩුකමක් නෑ අංකල්.....මට තේරුන එකම දේ...ඒ කෙල්ල තමන්ගෙ දුවට ආදරෙ කරලා..ඒවගේම එ කෙල්ල ඇහුවෙ ප්‍රශ්න දෙකයි.....එකක්....කෝ ඒ කෙල්ලගෙ නිම්නා...අනික... තමුන් ඔය පොත්වල අකුරු කෙරුවෙ බොරුවක්ද අහලා...

අංකල්....මට ඔය දේවල් ගැන මහා තේරුමක් නෑ.....හැබැයි ...ලියන එක ඔයාගෙ රස්සාව නම්...හමබ්කරන් කන එකට වංචා කරන්න එපා.....දෙක මං ඔයාගෙ පොත් කියවල නෑ...හැබැයි...දන්න විදිහට .....ඔයා හැම ආදරේකටම සාධාරනයක් කරලා තියනවා..හැබැයි.....තමුන්ගෙ ඇත්ත ජීවිතේදි එක මානසික ලෙඩක් කියලා හංවඩු ගහනවා....

මෙච්චර කියන්න තියෙන්නෙ...රැවුල තිබ්බ පලියට මිනිස්සු පිරිමි වෙන්නෙ නෑ...රැවුල නම්...ඔය පූසන්ගෙ බල්ලන්ගෙත් වැවෙනවා....එකෙක් වෙජිටේරියන් උන පලියට...මුලු ලෝකෙම වෙජිටේරියන් වෙන්න ඕන කියලා තියරියකුත් නෑ....

එක්කො ඔයා ඔය ලිවිල්ල නවත්තන්න...නැත්තන් ..ඒ කෙල්ල හොයන ඔයාගෙ දුව කොහෙද කියන්න...මට රන්ඩු වෙන්න ඕන නෑ..කියවන්න ඕනෙත් නෑ...මොකද ..අංකල් මගෙ තාත්තටත් වඩා වයසයි...හරි.....මේ කතාව මෙතනින් ඉවරයි....

මං එන්න හැරුනා....ජයවර්ධන ගෙ මූන කලු ගැහුවා....ඒ මුන තරහෙවෙන් පුපුරන්න ආවා....මිනිහා මහ ට්‍රැඩිශනල් මිනිහෙක්....වයසට ගිහින් තියෙන්නෙ අකලෙට...වයසට ගිහින් තියෙන්නෙ බෙල්ලෙ රාමුවක් එක්ක....

තමුන්ට අදාල නැති දේකට කට දාලා තරහ ගියේ....තමුනුත් ඒ ජාතියෙ ලෙඩෙක්ද...??

ඒකව දාලා එන්න ආව මං ආයම හැරුනා.....මට මූට අත මිටමොලවලා නහය බහින්න ගහන්න හිතුනා උනත්...ගේ ගන්නකන් මට ඉවසන්න සිද්ද උනා....

ලෙඩ්ඩු ගැන ලියන උඹ.....??අංකල්.....ඔහේට මහ සවුත්තු කටක් තියෙන්නෙ ...

මම එන්න ආවා..මොකද ..මගෙ ලේ කෝප වෙන්න ගත්තා.....එහෙන් හොල්මන් පන්නනවා...අනිත් පැත්තෙන් මේ කෙල්ලෙක් හින්දා නිකන් ප්‍රශ්නයක් වැටුනා... නිම්න ඇවිත් තවත් මගුලක් ඔලුවට දැම්මා...හැබැයි.....මට දැනෙන්නෙ මෙච්චරයි....මේ කතා තුනම ගෙතිලා තියෙන්නෙ...එක තැනකින්ද කියලා...

මයුරයා...මේ බන්...මෙ ඇන්තූරියම් ....මේ මගුල් කොහෙටද දාන්නෙ.....මැරිලත් එක්ක....අල්ලා විසී කරමුද....

මං එනවත් එක්කම කල්පනයා ඉනට අත් දෙක තියන් ඇන්තූරියම් ගස් ගොඩ දිහා බලන් මේව කොහෙටද දාන්නෙ අහනකොට මං අතේ තිබුන යතුර උදාරයට වීසි කෙරුවා ....

උදාරයා ඕක ඇරපන් බන්....

ආ මයුරයා.....මේ මගුල් වීසි කරනවද.....

අපරාදෙ කල්පන.....වතුර දැම්මොත් හැබැයි....පන ගහයිනෙ...කහ ගහලනෙ තියෙන්නෙ...මැලවිලා අව්වට...අපරාදෙ මල් ටික.....ලොකු මල් හැදෙන්නෙ.....

ඔන්න...ඔන්න මල් කුමාරිට රිදෙන්න ගත්තා....රවිදුවා...මේ බලපන් මෙ මැරිලා....

නෑ...ඔය මැලවිලා...අපරාදෙ ...විසි කරන එක....වතුර දැම්මොත් හරියයි....

විසි කැත්ත අතේ තියන් උන්න රවිදු මල් අපරාදෙ කියනව...සුද්ද කරන්න ගත්තොත් මල්පෝච්චි එක්කම සුද්ද කරන්න වෙන බව දන්න කල්පනයා මල් ටික මැරිලා ගගා එහෙන් කියවනවා...

උන් ඔකොම මැද මං අර කෙල්ලගෙයි....ජයවර්ධනයයි අතර හිර වෙලා ඉන්නකොට මං බලාගන උඩ තිබුන මගෙ කියලා අයිතිවාසිකම් තියන කාමරේ ජනෙල් පියන හිමීට ඇරෙනවා....

උදාරයා වෙන්න ඇති.....ඌනෙ දැන් ඇතුලට ගියෙ...

ආ.....මයුරයා...මේ ටික...වීසි කරන්නද.....

හා....වීසි කර.....අනෙ...අම්.....ආව්හ්...යකො....

මට කට පියවන්න හම්බුන් නෑ....අරකාගෙ කරච්චලෙ ඉවරෙකුත් නෑ.... අහන්නෙම අර මල් ටික විසි කරන්නද කියල වෙනකොට ජයවර්ධනයා එක්ක තිබුන තරහට මං හා කියලා කියලා කියන්න හදනවා එක්කම මගෙ ඔලුවටම අඹ ගෙඩියක් වැටුනා...අඹ නැති අඹ ගහෙ....කොහෙන්ද අඹ...????

මං හිස් මුදුන අල්ල ගත්තා....හිස් මුදුන අල්ලන් මං ගහ උඩ බැලුවා..... බැලුවා...පරට්ට ලේනෙක් .....

ජඩයෝ....කන්ඩ බැරි..නම්..නොකා...හිටුකො.....ඇයි..යකො...

ඔලුවට වැටුන අඹ කොටෙයි...අත්ත උඩ දුවාපු ලේනටයි බැනපු මං ඔලුව අත ගගා ආපිට හැරෙනවත් එක්කම මගෙ කාමරේ ජනෙල් පට්ටම දැකපු මාව එක පාරම ගැස්සුනා....

කවුරුහරි උන්නා.....

මං දැකපු විදිහ හරි .නම්...එතන කවුරු හරි උනා .....හැබැයි ඒ එක්කම....නැති උනා...

මගෙ ඇගත් එක්ක් මොකක්ද උනා ඊයෙ රෑ මතක් උන මගෙ ඇගත් එක්ක මොකක්ද වෙලා ගියා..... මෙච්චර වෙලාම හුලගක්වත් නැතුව ගල් ගැහිලා වගේ තිබුන අඹ අතුත් හිමින් හිමින් වැනෙන්න ගන්නකොට බය වෙලා වගේ උන්න මං ජනෙල් පට්ටමින් ඇස් දෙක අහක් කරගන්න බැරිව මං ගල් ගැහුනා....

මයුරයා මේ බන්...මේ හරිය බලන් සුද්ද කරපන් බට ලයිනක් යනවා.....

කෝ උදාරයා...මයුරයා උදාරයට අඩ ගහපන්..... මේ කොටෙ අල්ලගන්ඩ.....ඇයි යකො අපි වැඩකරන්ඩ තෝ හිටන් ඉන්ඩ සුපිරින්ටන්ද ....මෙන්න මේක අල්ලන්ඩ වරෙන්....

ජනෙල් පියන් දෙකම ඇරිලා.... සුදු පාට සිනිදු ජනෙල් තිර ලාවට එහාටත් වැනෙනවා...මෙහාටත් වැනෙනවා...මෙච්චර වෙලාම නොතිබුන හුලන්...රැල්ලක් දැන් කොහෙන්ද .....??

මං හැරෙනවත් එක්කම ජනෙල් පට්ටම උඩ උන්න කවුරුම හරි එතනින් දෙවනි පාරටත් නැගිට්‍ටා....මං ඒක හොදටම දැක්කා.....!!!

මයුරයා...

අඩෙ මයුරයා...

අරුන් කියවනවා...එක එක ඒවා අහනවා...උඩට ගියපු උදාරයා තවම නෑ.....ඒ උන්නෙ උදාරයා නෙවෙ....මොකද ....ඌ උන්නෙ ටී ශර්ට් එක ගලවලා.....

අනේ..දෙයියනේ...ආයමත්...ඒ ගෑනි ...නම්....වෙන්න එපා...

උදාරයට කරදරය වත්....නෑ...නෑ...එහෙම වෙන්නෙ බෑ...ඌ හොදින්....ඌ හොදටම හොදින්...

මගෙ කන් දෙකත් එක්ක හිරි වැටුනා.....ජනෙල් පියන් දෙක ලාවට ඇරෙනවා.....ආපහු වැහෙනවා....ආයම ඇරෙනවා.....ආපහු වැහෙනවා...ජනෙල් තිර එලියට එනවා...ආපහු ඇතුලට යනවා.....නමක් නොදන්න....රූපයක් නොදැක...අමනුස්ස පරානෙකින් බැට කාපු මාව හිටපු තැනම ගල් වෙලා ගියා වගේම....එක පාරම ජනෙල් තිරේ ගිහින් මොහක හරි පැටලුනා...හැබැයි...ඒ පැටලුන දේ....සම්පූරනම මනුස්ස රූපෙක හැඩ ගන්නවත් එක්කම මං මගෙ ඇස් දෙක වහගත්තා ...

ඔව්...මං ඒක තුන් වෙනි පාරටත් දැක්කා....!!!

අනේ..දෙවියනේ...මේ කව්ද ....ඇරත්...මේ ගෙදර ....

යන යන තැන මගෙ පස්සෙන් පන්නන්නෙ කව්ද....

මොකක්ද ඒ...

ඒ මොකක්ද ......

කව්ද එතන උන්නෙ...

මගෙ යටි හිත ඉවරයක් නැතුවන උත්තර නැති මගෙන් ප්‍රශ්න කරනවා...

කව්ද ඒ කව්ද ඒ ගගා අහ අහ මටම වද දෙනවා.....

දෙයියනෙ මං කොහොමද දන්නෙ....??

හිටගත්තු තැනම හිටන් ඇස් පියන් උන්න මගෙ ඔලුවත් එක්ක කකියන්න ගත්තා ....

ඒ ගෑනි මගෙ පස්සෙන් පන්නවද.....ඒ ගෑනි .....තවමත් මගෙ පස්සෙන් පන්නනවද...??? මං කියන විදිහට වැඩකරපන් කියපු ගෑනි...මෙතනටත් ආවද....????

අනෙ දෙයියනෙ....ඒ යකා මොකීද...????

"උඹ තවමත් මෙතනට වෙලා ගල් ගැහිලා වගෙ බලන් ඉන්නෙ....අරකා ඔක්කොම මල් ගස් උදුරනකන්ද.....?"

 දෙ...යියනෙ.....

හරි....

මං හිතුවා...හරි!!

කන ගාවින් දැනුන සීතලත් එක්ක මාව ගැස්සුනා...මාව ගැස්සිලා ගියා...උරහිස උඩට දැනුන සීතලත් එක්ක මාව හිරි වැටිලා ගල් කනුවක් වෙලා ගියා...

ඒ කටහඩමයි....!!!

මන් හිතුවා වගේම ...ඒ ගෑනිමයි...මං හිතුවා වගේම ආයමත් ඇවිදින්....ජනෙල් පට්ටම ගාව ඉදන් බලන් උන්නෙත්....ඒ ගෑනිමයි...ද??

'මට පේන්නෙ කාපු පාරවල් මතක නෑ වගෙ...අරකා පිස්සට හැතැප්ම නෑ වගෙ විසි ගහනවා.....මං උඹට දැම්ම කියන්නම්....ඕකගෙ අතින්....එක මල් ගහක් හරි කැපුනොත්....."

 අනෙ එහෙම කරන්න එපා....උන්ට මොකුත් කරන්න එපා...මොකුත් කරන්න එපා...

 මං මිමිනුවා... ගල් ගැහිලා බය වෙලා උන්න මං හරි අමාරුවෙන් මගෙ තොල්පට හෙලෙව්වා ...

අනේ එහෙම කරන්න එපා...මොකුත් කරන්න එපා ගගා මුමුනපු මං නිකමට වගේ විසි ගහන කල්පනයා දිහා බලනකොට සත්තයි..මට හොල්මන් මන්දීරයක්ම පෙනුනා...මට තුන් මුනින් දාඩිය දැම්මා...

ඌ කෝල් එකක.....ඌ මල් කඩනවා....කිව්වත් වගේ ..තනි අතින් විසි ගහන ඌ පිස්සට හැතැප්ම නෑ වගෙ විසි ගහනකොට මාව සීතල උනා ....මේ ගෑනි ඔතනට ගියොත් මට ගහපුවල අනික ගහන්නෙ....

නෑ නෑ දෝනි...කොහෙවත් යන්නෙ නෑ.....මේ මයුර අයියලාගෙ ගෙදර ...උදාරත් ඉන්නවා රවිදුවත් ඉන්නවා ...ඕ.....ඉතින්....ඔහොම සැක කරන්න එපා සුදු අම්මි.....

මේ මයුරයා තරහා නැතුව හූවක් තියපන්..... හූවක් කියපන් ...දෝනි පිලිගන්නෙ නෑ බන් උඹලගෙ ගෙදර මේ කුනකට කරගැහුවා කියලා ....සදූ...දෝනි.....රන්ඩු වෙන්ඩ එපා.....ටිපිටිප් පෙරේතිට මං හවසට ටිපිටිප් ගොඩාරියක් ගෙනත් දෙන්නම්....

" මං දැන් ඕකගෙ ලගට ගියොත් දෝනිට ඇහෙන්ඩ හූ කියවෙන්ඩ ගගනවා.....අර බලපන්....අර බලපන් .....රෝස පැලෙ අයිනෙන් ගියේ ....ගල් ගැහිලා වගෙ බලන් ඉන්නෙ.....කියපිය..... ඕවා පරිස්සමින් කියලා ...."

ක්....ක්..ක්.....කල්...පන....ඔය...රෝස...ගහ...බලාගන....ඒක.කැපෙයි....

ඒක මැරිලා බන්.....මේ පේන්නෙ නැද්ද....කියන්න දෝනි.....අහන් ඉන්නෙ....නෑ....අනේම මේ මැරුන රෝස ගහගක්....ඒක මැරිලා...මූ ඒක තියන්නලු....

ඒක මැරිලා නෑ යකො ඕක තියපන් කල්....ප...

මගෙ කටේ කෙල හිදුනා...මගෙ කටෙ තිබුන අවසානම කෙල බින්දුවත් හිදෙන්න ආවා....අරකා ඒකගෙ දෝනියගෙ සිහියෙන් විසි කැත්ත වැනුවා...රෝස පැලෙ වීසි වෙලා ගියා...මොකටත් කියලා මං ඇස් දෙකයි කන්දෙකයි වහගත්තා.....

අනේ....අම්...මේහ්...දෝ.....නී....හ්හ්

සමාවෙයන් කල්පන...මං උඹට කිව්වා...මං උඹට කිව්වා.....උඹට මන් කිව්ව බන්....

මන් දිව්වා........විසි ගගහා උන්න අත උස්සගන කෑගහන ඉදගත්තු කල්පනයා ගාවට මං දිව්වා...

කල්පන...කල්පන....

අ..අනෙ...ආ....අනෙ...ම්....මයු...රයා...මගෙ....අ..අත..අනේ...අම්මෙ..බන්...අත...අනිත්...අතට ගියා...අත..අනිත්...අතට...අනේ යකො.....හෙ..මින්...හුත්තො...හෙ...මින්...

" මං කිව්වනෙ.....ඕකා ඔය බොරුවට කෑ ගහන්නෙ..මං පොඩි තට්ටුවක් දැම්මා විතරයි .....ඔච්චර හයියෙන් ඇන්නෙත් නෑ"

මගෙ කට දැන් කොකියනවා ....බය පැත්තක දාපු මගෙ කට දැන් කොකියනවා.....විසි කැත්ත අල්ලන් උන්න අත උස්සන් කෑගහගන වැටුන කල්පනයා අත අල්ලන් කෑ ගහනකොට මං කොල්ලව උස්සන්න හැදුවා. ..ඌ එහෙන් කෑ ගැහනවා හෙමින් හෙමින් ගගා...අනිත් පැත්තෙන් අර ගෑනි කියනවා ගැහුවෙ හෙමින් කියලා....යකො....ගැහුවෙ හෙමින් උනත්....යක්කු ගහනකොට දරා ගන්නෙ කොහොමද .....

උදාරයා.....උදාර ...අඩෙ වරෙන්.....උදාරයා ....

අනේ..මයුර...යා..අනේ....හෙමින්...හෙමින්.....අනේ...හුත්....හෙමින්..යකො....උරහිස පැන්නා...අනේ...බන්...පැන්නා....

පැනලා නෑ.....පැනලා නෑ කල්පන...අත අත මෙහාට දාපන්...බය වෙන්ඩ එපා යකො අත කන්නෙ නෑ...

ඒක තමයි...පැනලා නෑ....ඔය බොරු...පැන්නා නම් ඔහොම ඉදී...කිව්වනෙ...ඕකට...නුවර එලි ගිහින් ගෙනාව රෝස පැලෙ....මුගෙ බොරුව.....

කල්පනයා....මේ මොකද....

මේ මූ තනි අතින් විසි ගහලා අත උලුක් අරන් බන්....අල්ලගනින් ඔහෙන්..මේ යකා අත හොලවන්නෙ නෑ...

මට මාරයා...මට දැන් හොල්මනගෙ හොම්බ කට සමතලා කරන්න තරම් තරහව.....අරු අත පැනලා කියලා කෑගනකොට අරකි නෑ උගෙ බොරු ගගා මගෙ කනට කොදුරන්න ගත්තා...

හරි...ඉදගනින්....ඉදගනින්...උඹලත්න්කරගන්න දේවල් බන්..මොන ලබ්බටද තනි අතින් විසි ගහන්න ගියෙ....

දෝනි හුරතල් කරන්න ගිහින්....සැකෙ...සැකෙ....මූ එක පාරක් කිව්වා...අපි මයුරයාලාගෙ ආවා කියලා ....ඒකි ආය ආය ගත්තා..දැන් හරිනෙ .....දෝනිට අවංක වෙන්න ගිහින් කරගත්තා...අත පැනල නම් නෑ බන්...මූට අත පැන්නා නම් ඉන්ඩ බෑ....

කල්පනයා...උඹ තාම ඔය පලහිලව්ව නවත්තන්නෙ නැද්ද කියපන්...උඹ නම් ඔය සදුනියා හින්දා හොද අඩව්වක් අල්ලනවා ආ....පිස්සු...මයුරයා බලපන් සිද්දාලේප ටිකක් වත් තියනවද කියලා ...

කල්පනයාගෙ මූන සුදු වෙලා...උදාරයි රවිදුයි දෙන්නම එකතු වෙලා අරූව වත්තන් කරගන ගිහින් සාලෙ තිබුන කවිච්චියෙන් ඉන්දවලා අත එහා මෙහා කර කර බලනකොට මන් සිද්දාලේප එකක් හොයන් එන්න ගියා.....

හැබැයි නිකන් නෙවෙ...මගෙ පස්සෙන් පන්න එකාව හොයා ගන්න බැරි හන් හතර වටටම රවාගන....

මං උඩට දිව්වා..... කෙලින්ම මගෙ කාමරේට....එදා විදිහමයි...දොර වැහිලා...

මං ගිහින් කෙලින්ම දොර ඇරියා .....

දොර විතරයි මං හිතන්නෙ ඒ විදිහට තිබුනෙ...

එදා වහල ගියපු අල්මාරි පියන් දෙක ඇරලා දාලා තිබුනා.....

ඇද උඩ ගුලි ගහපු තවත් මොකක් හරි තිබ්බා.....

සුදු පාට ටී ශර්ට් එක...

මම ඒ දිහා බලාගනම උන්නා..මම දන්නවා...අනිවාර්යයෙන්ම ඔය ගෑනි දැන් මගෙ පස්සෙන් එනවා....

මං හිතුවා හරි.....

මට දැනුන හරි....

දොරට පිටුපාලා උන්න මගෙ කන් දෙක ලාවට වගේ හෙළ වුනා.....

මං අඩවන් කරන් ආව දොර ක්‍රීස් ගාන සද්දෙත් එක්ක ඇරෙන කොට මං හිටපු තැනම හිටන් උන්නා.....

ආපහු වැහුනා...

දැන්.....ඒ ගෑනියි.....

මමයි.....විතරයි

ටකස්.....

ටකස්.....

ටකස්....

මම නෙවෙ හිටපු තැනින් හෙළ වුනෙ.....

මම නෙවෙ....හිටපු තැනින් එක අඩියක් වත් හෙළ වුනේ.....

ලී ගහපු පොලවට අඩිය වදිනවාරයක් පාසාම මගෙ හදවත් ගැහෙනවා...

ටකස්...

.ටකස්....

ඒකගෙ අත පැනලා නෑ...

අත පැන්නා...හෝ....නැතා....ඔයාට.....අයිතියක් නෑ...රිදවන්න...

මම මිමිනුවා...බැනගන්න ඕන කමයි....තරහවයි..බයයි.....මට තේරුම් ගන්න බෑ...මං මෙතනින් මොන හැගීමද දැන් එලියට දාන්න ඕනෙ කියලා ....

අර ටී ශර්ට් එක තවම ගුලි ගහලා...නවලා දාපන්....

දාන්නම්....දාන්න කලින්...මට අහන්න දෙයක් තියනවා...

අහන දෙයක් අහපන්.....ඊට කලින් මං කිව්ව දේ කරලා...නමපන් ටී ශර්ට් එක....හදපන් ඇද රෙද්ද...පස්සෙ අහපන් අහන්න ඕන එක....

මම කට පියා ගත්තා...මේ කතාව කිව්වෙ මගෙ අම්මා උනානම්...මං නටාගන යනවා උනත්....මං නෙවෙ මීක් ගෑවෙ...මං ගිහින් ටී ශර්ට් එක අරන් ගසලා මැදින් ඉර හිටින්න නවනවා එක්කම මගෙ අතේ තිබුන ටී ශර්ට් එක ආයම අර ගෑනි ඉදිරුවා..මොන රෙද්දක්ද යකො මේක....

මොන...

බලපිය....බලපිය මෙකෙ ඉර කොහෙද තියෙන්නෙ ....ඉරවල් සීයක් විතර ගහනවා...

 ඒකි ආය මැරෙන්ඩ හැදුවා ..ඒකෙ ඉර වෙන කොහෙවත් මං නැවුවොත් ඉර වෙන කොහෙවත් .....මං ආයම බලලා ඉරි උඩ තියලා නැමුවා..නවලා අල්මාරියට දාලා දොර වහලා ඇද රෙද්දත් හැදුවා...

හරි ..මං අහන්නෙ මෙච්චරයි ....මං දැන් තමුන් කිව්ව දේ කෙරුවා ...

වයසට ගරු කරපන් ලමයො...මං උඹ්ගෙ අම්මටත් වඩා වැඩිමල්....සවත්තු කටක් මහ.....

මාව පුපුරන්න ඔන්න මෙන්න....මාව පුපුරන්න ඔන්න මෙන්න....මං කොහොමද දෙයියනේ හොල්මනකට ඇන්ටි කියන්නෙ...?????

ඔයා කියලා කතා කරන්න බැරිද.....

ඇයි කටේ හොරිද උඹගෙ....අයියට අයියෙ කියන්ඩ බෑ....අක්කට අක්කෙ කියන්ඩ බෑ....

හ්..හරි.....ඇ..ඇන්ටි....මේකයි.....මෙකයි...මං අහන්නෙ....මෙච්චරයි ...මොන...මගුලටද..ඇන්ටි...මගෙ පස්සෙ පන්නන්නෙ.....නාගන්ඩ නෑ...කන්ඩ නෑ...නිදියන්ඩ නෑ.....නාගන්ඩ ගියොත් එකියක්....එලියට ආවොත් තව එකෙක්....දෙයියන්ගෙ නාමෙට.....මං මොන ලබ්බද කෙරුවෙ මගෙ පස්සෙ එන්ඩ.....කී දෙනක් මගෙ පස්සෙ එනවද....කී දෙනෙක් නම්...මාව කන්ඩ හදනවද.....

මං කියවලා කියවලා කට පියාගත්තා..හැබැයි වැඩි හොදට කියලා මම මගෙ කොන්ද අකුලගත්තා....මොකද ඔය ගෑනිට තරහා යනවා නොසෑහෙන්න........ගහන ගැහිලි වලට පෙනහලු එනවා එලියට....

උදව් කරපන්....

මො.....

කන ඇහුනනෙ.....ඉල්ලන්නෙ උදව්වක්....හොයන්නෙ සාධාරනයක්.....එච්චරයි .....එතනින් එහා මොකුත් නෑ....

ඉ..ඉතින්...ඇයි දෙයියනෙ...මාවම....මාවම...මොකටද....මාවම...මොන...ලබ්බටද...

එක...උඹගෙ නොසැලකිල්ල....දෙක.....උඹට ඕන නැති මගුලක් නැති කම...තුන...උඹගෙ තියන ඇම්බැට්ට ගතිය.....

උඹගෙ නොසැලකිල්ලෙන් උඹ ලේ හලාගත්තා.....

උඹගෙ නොසැලකිල්ලෙන් උඹ අනුන්ගෙ දේවල් අතපත ගෑවා... ඉතින්.....තුන් වෙනි එක.....උඹ එන්නෙ මගෙම ගෙදරට.....එහෙම කරපු උඹට ඇයි බැරි අපිට උදව් කරන්න....

මං මගෙ කොන්ඩෙ අත්දෙකෙම්ම ඇදගත්තා....කූඥ්ඥෙ වීසින්කරලා කොටේ අස්සට නැට්ට දාපු වදුරට වෙච්ච දේට හපන් දෙයක් මට උනේ....අනේ මං.කාගෙ මගුල්ද අප්පා අතපත ගාන්න ගියෙ....ඇරත්....මොන...මගුලටද අප්පා....අපි මේ ගෙදර ගන්නෙ....

හරියන් නෑ....මේ ගෙදර තනිකරම හොල්මන් විමානයක්....ඒ හින්දයි අරකා මේක බඩුත් එක්කම ඇගේ ගහන්ඩ හදන්නෙ.....ඒක හන්දයි මූ අපේ ඇගේ ගහලා මාරු වෙන්ඩ යන්නෙ....හිටපන්...මං අදම අප්පච්චිට කියනවා.....මේක ඕන් නෑ කියලා ....

මොකද.....මහ එකාගෙ කනට තියන්ඩද.....

අ...අයියො....න්..නෑ....ඇ..න්.....ටී...ප්..පිස්...සුද.....

උඹ ගාව තියන ගොරකා මදි මාව තම්බන්ඩ.....

 මං අහක බලාගත්තා .ඉනට අත් දෙක තියන් උන්න මං අහක බලාගත්තා...

හරි ...මට මේක කියන්ඩ...උදව් කරනවා කියන්නෙ...පලි ගන්නව කියන එකද...නෑනෙ.....මට බෑ...ඔන්න.මං දැම්ම කිව්වා....මට පලිගන්න නම් බෑ....හිතෙ ඇති මාවත් තම්බන්ඩ...මං ඕන තරම් ෆිල්ම් බලලා තියනවා ඒවලත් ඔහොමයි.....උදව් ඉල්ලන්ඩ ගාගන එන්නෙ.....ඒ උනාට කරන්නෙ පලි ගන්න එක.....

දවල්ටද? බලන්නෙ...?

අදාල නෑනෙ....මං අහන්නෙ....උදව් කරන්ඩ කියලා අවසානෙදි පලි ගනින් කියලා මගෙ ඔලුව කන්නෙ නෑනෙ...

........

නෑනේද.....?

.....

නෑනේ ..ද .....මට බෑ ආ.....පලිගන්ඩ....

සලාන්...!!!!

න්න්..නෑ...ඕනනම්...පලිගන්නත්....ප්..ප්..පුලුවන් .....අප්පච්චිට ඉන්නෙ මෙච්චරයි ....මනුස්...ඇන්ටි ..අනේ.....බය නොකර ඉදපල්ලකො.....

මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා....උදව් කරන එකයි...පලි ගන්න එකයි දෙකක් නේද අහපු ගෑනිගෙන් මීක් සද්දයක් නැතුව යනකොට මාත් පොඩ්ඩක් එකම එක අහ අහ සද්දෙ වැඩි කෙරුවා විතරයි මේසෙ උඩ තිබුන මල් වාස් එක කුඩු වෙලා ගියා...මං එයාට හා කිව්වා....ගෑනි මාව බය කරන් මගෙන් උත්තරේ ගත්තා.....

එහෙනම්...තමුනුත්...මෙහෙන් යන්නෙ නෑනෙද...

....

යන්නෙ නෑනේද.....

යන්නෙ.....නෑ.....නේ...ද...

සලාන්...!

.ඔව්...හැබැයි...නොයා ඉන්නත්...පුලුවන් .....

මං අඩන්න ඔන්න මෙන්න...ගෑනිගෙ වචන දෙකටම නැවුන මම අඩන්න ඔන්න මෙන්න...

හ්..හරී.....මගෙ...පස්සෙන්...කීයක්....විතර...එනවද....කියලා...වත්....කියප...ල්..ලකො...අනේ....

කීයක් කියලද...හිතන්නෙ.....

ඔයයි...අර..නානකොට බලන් ඉන්න එකියි.....

අක්කා...අක්ක කියපිය ගහන්ඩ කලින්.....

අ....අක්කා....අක්කා....අනේ...මෙ..මෙයා...එක්ක...බෑ....ඒයි .අනේ...අප්පච්චි ගහනවනේ...එකම කොල්ලට.....

ගහන්ඩ කලින් කිව්වට මොකද....මං ගුටි කෑවා....මං දැන් ඊයෙ ඉදන් ගුටි කනවා....ඊයෙ ඉදන් ගුටි කනවා...අවසානෙදි එයා ආයම මට ගහපු තැන අත ගෑවා.....මට පුදුම හිතුනා..පිටට ගහපු එයාම ආයම අත ගෑවා...

ඒක...හරි...අසාධරනයි...පුතෙ...උඹගෙ පැත්තෙන් උදව්වක්...ඉල්ලුවත්....මං අහන්නෙ පලියක්...මට කියපන්.....උඹට....පුලුවන් නේද....උදව් කරන්න....

ඒ කටහඩ වෙනස් උනා....මට ගහපු එයාම අනිත් පාර මට පුතේ කිව්වා...ගහපු පිටම අත ගෑවා....මගෙන් ඉල්ලන්නෙ උදව්වක් උනත්...ඒක පලියක් කියපු එයා මගෙන් හරි වේදනාත්මක විදිහට පුලුනේද උදව් කරන්න අහනකොට මං බිම බලාගත්තා.....

මං....උඹට සතියක් දෙන්නම්.....හරියටම සතියයි.....එ සතිය ඇතුලත....උඹගෙ හිත....වෙනස් උනොත්.....එහෙමයි....නැතිනම්....උඹලටත්...මේ ගෙදර සැනසීම නැති වෙයි...අන්න ඒක මතක තියාගනින්...උඹට නැවිදින් ඉන්නත් බෑ.....නිකන් ඉන්නත් බැ...හරියටම ...සතියයි....කල්පනා කරලා බලපන්....උඹ අපිට උදව් කරනවද....නැතිනම්....ඒක උඹට බාරයි.....

දෙයක් අහන්නම්....?

සතියක් කල් දෙන්නම්....සතියක් කල් දෙන්නම්....ඒ වචන අහන් ඉදලා ඉදලා අවසානෙදි මං මට වදදුන්න අනිත් ප්‍රශ්නෙ ඇහුවා...

නිම්නා කියන්නෙ කව්ද...ඔයා නොදන්නවා නෙවෙ.....ඔයා මේ ගෙදර අයිතිකාරයවත් නොදන්නව නෙවෙ...ඔයා නිම්නගෙ කව්ද...නැත්තන්...ඔයාද..නිම්නා.....??

එයා කෝ....අර ගෑනු ලමයා හොයන... නිම්නා කොහෙද ...එයා අහන්නෙ එයාගෙ නිම්නව....

අසරන කෙල්ල.....තවම හොයනවා...හ්ම්ම්ම්.....හොදට හිතලා බලපන්.....උත්තර ලැබෙයි....

මට..... .කියන්න...නම්...එපා...නිම්.....නා...නෑ...අනේ...එහෙම කියන්න එපා...අර මනුස්සයා..කිව්වෙ.....නිම්නව...යැව්වා කියලා ....

රට....හහ්.....ඔව්.....රට.....රට.....යැව්වා...රටම....යැව්වා.....අසමජ්ජා...තියා....මගෙ....දරුවා...මගෙ..දරුවව.....

රටම....යැව්වා...

 මාව ගැස්සිලා ගියා....මගෙ දරුවා...එයා කිව්වෙ...එයාගෙ දරුවා කියලා ...එතකොට....ඒ කෙල්ල.....අර නාකියගෙත්...දුවනම්....මේ ගෑනු කෙනාගෙත්....දුව...නම්...මේ...ඉන්නෙ....

මං අත් දෙකෙම්ම කට වහගත්තා....මොකද මට මෙවෙලෙ කරන්න පුලුවන් එකම දේ මේක නිසා.....නිම්නා වගේම...මෙයා....ජයවර්ධනයගෙ.....පවුල...දෙයියනේ....

කල්පනා කරන්න එපා....නිම්නා මා ගාව...මා.....එක්ක.....උඹ නොදන්න කතාව මං දිහාරින්නම්....හැබැයි....උඹගෙ උත්තර උඩ.....එතකන් මං උඹට සතියක් දෙන්නම්....ලාච්චුවෙ ඇති සිද්දාලේප එක...අරකට උලපන්......එවුන්ට කියපන්...මගෙ මල් ගස් පරිස්සමින් කියලා...මන් අඩු කඩනවා ඔවුන්ගෙ....හ්ම්...දැන් පලයන්...

කල්පන...උදාර මේක...ගා..පන්....

මෙච්චර වෙලා උඹ මොන මගුලද කෙරුවෙ මයුරයා...සිද්දාලේප හැදුවද උඹ...රොහාන් අංකල් කතා කෙරුවා.....අන්න බත් අරන් යන්ඩ උඹට එන්ඩ කිව්වා....

පහලට ආව මම උන්නෙ සුදු මැලි ගැහිලා....නිම්න කියන්නෙ ජයවර්ධන ගෙ දුව...එතකොට මේ ගෑනු කෙනා...

මයුරයා.....මයුරයා....

ඔ..ඕහ්...ඇ...ඇයි....

මොන සිහියෙන්ද ඉන්නෙ බන්....දාඩියත් දාලා..උඩට ගිය වෙලෙ උඹ හොල්මනක් වත් දැක්කද?

ම්..මට....යතුර දියන් උදාර....මං ගිහින් අරන් එන්නම්....උඹලා ඕන එකක් සුද්ද කරපන්....හැබැයි මල් පැල පරිස්සම් කරලා...

මගෙ ඔලුවම විකාරයි....මගෙ ඔලුවම විකාරෙනුත් විකාරයි....අනෙ අර කෙල්ල හොයන්නෙ....

දෙයියනෙ....එතකොට බාතෲම් එකට රින්ගුවෙ....නිම්නද....

මට පිස්සු හැදෙයි....මෙහෙම ගියොත් නම් මට පිස්සු තද වෙයි...

මේ මොකක්ද බන් මේ....yes no...yes...no.....

පොඩි එකෙක්ගෙ ගේම් එකක් ද කොහෙද .....

බලපන් ඕක අර කාසියෙ බූතයගෙ ගේම් එකද කියලා

අනෙ මෙ නිකන් ඉදපියව්...තොපිට කාසි බූතයොනෙ මදි උනෙ.....මයුරයා ....මට පෝර්ක් එකක් ගෙනෙන්....

අරුන් කියවනවා...මේසෙ උඩ තිබුන උදාරගෙ බයික් එකෙ යතුර ගත්තු මං අවසිහියෙන් වගෙ ඇවිදින් බයික් එකට නැග්ගා.....එකපාරම මගෙ බයික් එක බර උනා....

කෝ උඹගෙ හෙල්මන්ට් එක.....යමන් දාගනින්....මං උඹව කනවා කිව්වෙ නෑනෙ....

....

හෙමින් යමං....හෙමින්....ඉගිල්ලෙන්ඩ යන්නෙ නැතුව....තේරුනාද උඹට....

ම්න්....

ම්න් ගාන්නෙ...පිට පුපුරන්ඩ කන්ඩ ආසද.....හෙමින් ගිහින් වරෙන්....අර කෙල්ලව දැක්කොත් කියපන්....ආය මෙහෙ එන්ඩ එපා කියලා ....මේකි මෙහෙ අඩනවා.....මගෙ පපුව පිච්චෙනවා ...හ්ම්....ගිහින් වරෙන්කො....අරූට ඌරුමස් ගේන්ඩ කිව්වනෙ ....ගේන්නෙහෙම නෑ...සෙම හැදෙන්ඩද?

ම්න්.....

අප්පච්චි ...

විනාඩියක් දියන් කොල්ලා.....මේක ගහලා එන්නම්...

මන් දන්නෙ නෑ....මන් ආවෙ කොහොමද කියලා ....වෙනදට ලෑල්ලට අල්ලන ඇස්ලේටරෙ අද මග හිරවෙලා ...කොටින්ම කියනවා නම් ඔලුව කුරුවල් උන මට වැටෙනකන් බොන්න හිතුනා....

මට නිකන් උන ගන්ඩ වගෙ.....ඇගම පන නෑ වගෙ.....හෝන්දු මාන්දුව වගෙ වෙනකොට මන් ගිහින් එහෙම්ම අප්පච්චි ගෙ කැරකෙන පුටුවෙන් වාඩි උනා විතරයි මං එයාව දැක්කා....

නිම්න....

ඒ එයා....අදත් ඇවිල්ලා...එයා ලියනවා.....වෙනදා වගේම ...

නිම්න...

හෝන්දු මාන්දුවෙන් උන්න මම කඩාගන බිදගන ගිහින් නිම්න ගාවින් හිටගන්නවා එක්කම එයා ලියන ගමන්ම මා දිහා බැලුවා .....

කොහෙද උන්නෙ....මට කෝපි එකක්දෙන්න පුලුවන්ද ....සීනි නැතිව....

නිම්න.....මට....මට.....නිම්න මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා...

ම්ම්ම්....අහන්න මොනවද ....?

ඇත්ත කියන්න....බොරු කරන්න එපා නිම්න....බොරු නම් කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා මගෙ ඔලුව ගිනි අරන් ඉන්නෙ....

බොරු කියන්ඩත්....ඔයා ඇහුවෙ නෑනෙ මල්ලි....

නිම්න ....නිම්නා කියන්නෙ ඔයාගෙ කව්ද ....ඔයාගෙ යාලුවා....ඒ කෙල්ල නිම්නගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද???

එයා තත්පර ගානක් බලන් උන්නා....ඇස් පිල්ලමක් වත් නොගහම ..

එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි කිව්වොත්....ඇයි මොකද .....හංවඩු ගහන්ඩද .....?...බෙහෙත් ගේන්ඩ අරන්‍ යන්ඩ. .....??නැත්තන් පිලිකුල් කරන්ඩද ...??

න්...නෑ.....නෑ....නෑ දෙයියනෙ නෑ නිම්න නෑ...මගෙ ඔලුව ගිනි අරන්....නිම්නා....ඉන්නවා.....නිම්නා.....මට කලන්තෙට වගෙ ...නිම්න....මගෙ.....ඔලුව පුපුරන්න වගෙ.....නිම්නා.....එයා...

හ්ම්....එහෙම වෙන්ම එපැයිනෙ ....අඩගහපුවාම....නෑවිදින් කොහොමද ....එන්ඩම එපැයිනෙ....මයුර ....එහෙම නේද ...??

මන් මගෙ නලල මිරිකගත්තා ....එයාගෙ යාලුවා නිම්නගෙ කෙල්ලද ඇහුවා විතරයි එයා මා දිහා බැලුවෙම ඇස් රතුකරගන වෙනකොට නිම්නා ඉන්නවා ගගා අවසිහියෙන් කියපු මා දිහා බලපු එයා කට කොනින් හිනා උනා ...අඩගහපුවාම එන්නම එපැයිනෙ නේ කියලා කියපු එයා කට කොනින් හිනා වෙන ගමන් මගෙ දිහාවට කොලයක් දික් කෙරුවා ....

ඔව්...නිම්නට නිම්නා සම්බන්දයි තමයි...මේක අදුනනවද මයුර...

ම්..මේක.....

හ්ම්.....

වැනි වැනි වගෙ උන්න මං කොලේ දිහා බැලුවා ....යෙස් නෝ..යෙස්...නෝ.....

දෙවියනෙ...මෙ... මේක...

අර.....

මං එහෙම්ම නිම්න දිහා බැලුවා .....

මයුර...

අපි..

ටිකක්...සෙල්ලම් කරලා බලමුද.....Charli charli are you here??

එච්චරයි මට ඇහුනෙ....හෝන්දු මාන්දු වෙවීඋන්න මාව නිම්නගෙ ඇග උඩටම ඇදගන වැටුනා...!!!

🦚...ආයම කොටසකින් එන්නාම්

🦚හෙට අරලිය මල් පිපෙනකන්...පරිස්සමින් ඉන්ඩො...

ආතරෙයි ...

මම

ජොබී

Nedeesha 😘😘😘

More Chapters