WebNovels

Chapter 3 - 03

අනේ...අප්.....පච්චි.....හ්....

මට කෑ ගැස්සුනා.....මාව විසි උනා කියන්නෙ මාව උඩින් ගිහින් වගේ විසික් කෙරුවෙ.....බයික් එක පැත්තක....මම පැත්තක...විසි වෙලා ගිය පාරට මාව අඩි ගානක් බිම දිගෙ ඇදිලා ගියා. ...

ඒ තරම් හුලග...ඒ තරම් වේගෙකින් ගේට්ටු පියන හයියෙන් වැහුනා....

කොල්ලො.....

මගෙ...කොන්ද...මගෙ...කොන්ද...

අම්ම්හෙ.....

නැගිටු....නැගිටු...නැගිටපන්....උඹගෙ මූනත් වැදුනද.....

මං එනකන් ගෙයි ඉස්තෝප්පුවෙ උන්න අප්පච්චි මාව වැටෙනවත් එක්කම ආයමත් නාගන මගෙ දිහාවට දුවන් ආවා....බයික් එක කොහෙවත්...මම කොහෙවත්.....මගෙ හෙල්මන්‍ට් එක කොහෙවත්....

අප්පච්චි ...

නැගිටපන්....නැගිටපන්.....

මං නැගිට්ටා ..වීසි වෙලා ගියපු මං අප්පච්චි ගෙ අත් වාරුවෙන් නැගිට්ටා...මගෙ කොන්ද නෑ වගේ.....

මම එතනම හිටන් ඉන්නකොට අප්පච්චි ගිහින් හෙල්මන්‍ට් එක අහුලන් ඇවිත් එහෙම්ම බයික් එකත් කෙලින් කරගත්තා .....

පුදුමයි.....මෙච්චර වෙලාම හිර වෙලා තිබුන රෝදෙ ආයම කැරකෙන්න ගත්තා වගේම මං අප්පච්චි පස්සෙන් නොන්ඩි කොට කොට අප්පච්චි පස්සෙන්ම වැට මායිම පැනලා ගෙයි වත්තට ඇතුල් උනා.....

පුදුම වැස්සක්නෙ...

වහින පාටක් වත් තිබ්බෙ නෑනෙ....

දබරේරයි ගෙවල් අයිතිකාර මනුස්සයයි නාගන ආව මායි අප්පච්චි දිහාව බලන් වැස්සට ගතු කියනකොට එන්නත් කලින් හොම්බෙන් ගියපු මං ගිහින් එතනම තිබුන පුටුවෙ ඉදගත්තා....

චුට්ටක් ඔහොම්ම ඉදින් ...උඹගෙ කොන්දත් ඇනුනද කොල්ලො....

මෙ..තුනටිය හරිය අප්පච්චි ....

ඔලුව...ඔලුවෙ පිටිපස්ස.....

නෑ.....ඇනුනද මන්දා.....මට මතකත් නෑ අප්පච්චි ....ඒක ගේට්ටුවක්ද නැත්තන් වෙන මොකක් හරිද අනෙ.... මලකඩ ගුහාවක්...ඒ උනාට ඒක ආව වේගෙ...

නැගිටින්න හදාපු මං ආපහු තෙත පිටින්ම ඉදගන්නකොට අප්පච්චි දබරේරයි ගෙදර අයිතිකාරයා එක්කයි ආපහු ගෙට ගියා...

වහිනවා...අම්බානෙට වහිනවා.....

මුන් මේ ගෙදරට උදැල්ලක් දාලා නෑ වගේ කාලෙකට....වල් බෝවෙලා.....මූසල වෙලා ...

වහින වැස්ස මැදම මං වත්ත පිටියෙ තිබුන තනකොල ගස් දිහාව බලන් උන්නා...ගෙයි ඉස්සරහම අඹ ගහක්....ගිරා අඹද කොහෙද ......එක අත්තක ඔන්චිල්ලාවක් බැදලා... වහින වැස්සයි...හුලගයි එක්ක අඹ අත්තෙ ගැටගහලා තියන ඔන්චිල්ලාවෙ යකඩ දැම්වැල් චිරි...ස්.....චිරි...ස් ගගා මහ දුක හිතෙන විදිහට අඩ අඩ එහාට මෙහාට පැද්දෙන හැටි බලන් උන්න ...හරියටම මේ අඹ අත්තෙ මහ ටොන් ගානක දුකක් එල්ලා තියනවා වගේ එහාටත් මෙහාටත් පැද්දෙන වාරයක් ගානෙ මක්කද මන්දා දුක හිතෙන කතාවක් කියවන්න හදන හැටි බලාගන උන්න මං මගෙ කොල්ලො දෙතුන් දෙනාට කිරි අම්මා දානයක් කියලා රව්වටලා හරි මෙහෙට ගෙන්නවන් සුද්ධ බුද්ද කරලා දාන්න හිතාගන හිමින් සීරුවෙ නැගිටලා කොර ගගහම ගේ ඇතුලට ගියා...

.පරන සුවදයි.....මහ අමුතු සුවදයි.....

ඇත්තටම මං මෙ සුවදට ආසයි....සෑහෙන කාලෙකට නෑරපු ගෙදරක් ඇරපුවාම සමහර මිනිස්සු කියන්නෙ පරන ගදයි කියලා උනත් මට දැනුනෙම ඒක සුවදක් විදිහට වෙනකොට මං සාලෙ පුරාවටම ඇස් කැරකෙව්වා....පැද්දෙන හාන්සි පුටුවක්....ග්‍රැම ෆෝන් එකක්...ආදි කාලෙ සයිබෝට්ටුවක්....වට්නොට් එකක්.....වීදුරු දාන කබඩ් එකක්....අටසිය ගනන් වල රෝයල් aesthetic එකට හදාපු මල් වැටුන ලා නිලට හුරු සෝෆාවක්.....මේක ඉංග්‍රීසි පැටන් එකට හදාපු ගෙයක්... උඩට නගින තරප්පු පේලිය පැත්තකින් පුංචි දොරක් තිබුනා..හරියටම හැරිපෝර්ට් ගෙ තරප්පු පේලිය යට තිබුන කාමරේ වගේ....

තනිම සුදුපාට ගාපු ත‍රප්පු පේලිය ගාවට ගියපු මං උඩ තට්ටුවට ගියපු

අප්පච්චිලාගෙ කටහඩ කන දාලා ආපහු අර තරප්පු පේලිය යට තිබුන පුංචි කාමරේට එබිකම් කරන්න හැදුවා....

ආව්හ්...අ...ආහ්ක්

අද නම් මට අපලද මන්දා.....වහල තිබුන දොර අරිනවත් එක්කම මගෙ ඇගිල්ලක් දොරේ තිබුන පුංචි ඇනේකට අහුවෙලා හිල් වෙලා ගියා...

ආයි...ශ්.....මගුල.....

වැටුනා මදිවට ඇගිල්ලත් හිල් කරගත්තු මං මගෙ ඇගිල්ල කටේ ඔබාගන්නත් කලින්ම ඇගිල්ලෙන් පිට ඇනපු ලේ බින්දු දෙක තුනක්ම එලලා තිබුන පරන පාට පාට මැරුන බුම තුරුනට වැටිලා

බුම තුරුනෙ උඩ නැතිවෙලා ගියා මං ඇගිල්ල කටේ ඔබාගනම කාමරේට එබුනා.....

ඇදක්...!

කාමරේ ඇදක් තිබුනා...

පරනකාලෙ පින්තූර....

පැනි පාට කොල...

තීන්ත බෝතලයක්...

තීන්ත පෑනක්....

මුලු කාමරේටම තිබුනෙ එච්චරයි ...

ඒ ඇරුනම කාමරේ පුරාවටම තිබුනෙ හිස් බවක්.

ඇදක් තිබුනත්...අර පුංචි බිත්ති පිරෙන්න පින්තූර තිබුනත් මට මහ හිස්බවක් වගේම මට කියාගන්න නොතේරෙන හැගීමක් දැනුනා....මින්ස්සුන්ට සමහර වෙලාවල්වලට දැනෙන හැගීම් වචන කරන්න මහ උභ්භතෝකෝටික හැගීම් එනවා වගේ මට ත් මගෙ හැගීම් වචන කරන්න තේරුමක් නැති උනා..

මං කාමරේ පුරාවටම එහා මෙහා ගියා බිත්ති පුරාවටම තිබුන පින්තූර අතගගා ඒ දිහාව බලන් උන්නා....පරන කාලෙ විදිහට ඇදපු පින්තූර දිහා බල බල මං එහෙම්ම ගිහින් අර ඇද උඩින් ඉදගන බිම තිබුන පැනි පාට කොලයක් අතට ගත්තා.......

මොකුත් නෑ හිස්....ලියාපු දෙයක් නෑ....තින්ත කුප්පිය හැලුන පාර එහෙම්මයි... තීන්ත පෑන වැටුන තැනමයි.....මං එහෙම්ම ඇදේ ඉදගනම තීන්ත පෑනයි තීන්ත කුප්පියයි අතට අරගත්තා...

මේක සමහර විට අර මනුස්සයගෙ වෙන්න ඇති....සෑහෙන කාලෙකින් අස් කරලා නැතුව ඇති ..අනික පේන්නෙ නැද්ද ඒ මිනිහත් කිසි පිලිවලක් නෑ...පැනිපාට රැවුලක් තියෙන්නෙ...ඇදන් ඉන්නෙත් මහ අපිලිවලට...උරහිසෙ නයිමල්ලක් වගේ බෑග් එකක් එල්ලන් බෝතල් පතුල් කන්නාඩි දෙකකුත් අටවගන.....මිනිහා කලාකාරයෙක්ද දන්නෙ නෑ....සාමාන්‍යෙන් කලාව කරන උන්ට තමයි මේ අමුතු පෙනුම තියෙන්නෙ....අපිලිවලත් කලාවක් විදිහට දකින්නෙ....

මං අතේ තිබුන හිස් තීන්ත බෝතලෙයි තීන්ත පැනයි අරන් ඇද උඩින් තිබ්බා වගේම කොට්‍ටෙ උඩ තිබුන දූවිලි කාන්තරාව පිහන්න කොට්ටෙ අතට ගන්නකොට කොට්‍ට උරේ අස්සෙ තිබිලා මොකක් හරි වැටුනා.....

කලු පටියක් ...

ඇත්තටම ඒක මාලයක්...කලුපටි මාලයක්...ලී පෙන්ඩන්ට් එකක් එක්ක....

පුංචි මස් කටුවක්.....ඇබිති මස්කටු පෙන්ඩන්ට් එකක්...හුරුබුහුටියි 

කාගෙද මේක.....?

කාගෙ උනත් මොකද....මේක ඕන් නැති හන්දනෙ වීසි කරලා තියෙන්නෙ ඇරත්.....මේ ම්නුස්සයා දැන් ගේ විකුනනවා කියන්නෙත් මේ බඩු මූට්ටු එක්කනෙ....

අතට ගත්තු පුංචි මස්කටු මාලෙ මං එහෙම්ම කරේ දාගන තියන දේවල් අදින්න කරන්න හදනවත් එක්කම මට කමරේට එපිටින් සද්දයක් ඇහුනා...වැස්සෙ සද්දෙද.....

නෑ....වැස්ස නම්...චර චුරු ගාන්න එපැයි....වයලීන් සද්දයක් වගේ...

ඒකත් මහ දුක හිතෙන අදෝනාවක්....

මං ඉදන් උන්න ඇදෙන් නැගිටලා ඒ පුංචි කාමරෙන් එලියට ආවා....වැස්ස අඩු කරලා...වයලීන් සද්දයක් කියලා රැවටිලා ආවට මොකද සද්දෙ එන්නෙ සාලෙ කොනක තිබුන ග්‍රැමෆෝන් එකෙන්....

මේ මේක දැම්මෙ මොකාද .....?

ගැමෆෝන් එක ගාවට ගියපු මන් කැරකෙන තැටිය දිහාව බලාගන උන්නා...මොකාද මේක දැම්මෙ...මොජ යකාද මේ සාලෙ දැන් උන්නෙ...?

එ...ඒක වැඩ කරනවා නේද ලමයො...?

මාව ගැස්සිලා ගියා.....මහ වැසි නැතුව ඇද හැලෙන මද වැස්සයි....වට පිටාවෙ තියන වැහි අන්දකාර ගතියයි.....සැරින් සැරේ ගොරවන සද්දෙයි එක්ක මං විතරක් මේ පහල තට්ටුවෙ නැවතිලා ඉන්නකොට පිටිපස්සෙන් ආව කටහඩත් එක්ක මාව ගැස්සිලා ගියා.....මගෙ කොදු නාරටිය දිගේ හිරියක් ගියා .

අ..අංකල් ...ඔයාද මේක දැම්මෙ...

ඔව් ...ම්..මං තමයි....වැඩ කරනවද කියලා බලන්න දැම්මෙ....වැඩනෙ...

ඒක තමයි මාත් බැලුවා මොන යකාද මේක දැම්මෙ කියලා ....අප්පච්චි උඩද අංකල් ...

....ඔව් ...උඩ...උඩ....

පැනි පාට රැවුල තිබුන ගෙවල් අයිතිකාර මනුස්සයා වයස උනාට මොකද පඩිපෙල දිගෙ පහලට ආවෙ දුවගන.....අප්පච්චි උඩ කියලා මට උඩ තට්ටුව පෙන්නනකොට මං තරප්පු පේලිය දිගේ උඩට දුවනවත් එක්කම මං බලාගන මිනිහා අර වැඩ කර කර තිබුන ග්‍රැමෆෝන් එක වහලා දාලා ඇදන් උන්න ශර්ට් අතෙන් මූන පිහදගන්නවා...

මේ වැස්සෙ මිනිහට ග්‍රීස්මෙද???

අප්පච්චි ...

අප්පච්චි ඔයා කොහෙද ...

උඩට දුවන් ආව මං නගින පඩියක් පඩියක් පාසාම අප්පච්චිට කතා කෙරුවා 

ඒත් අප්පච්චිගෙන් නෙවෙ සද්දයක් ඇහුනෙ....වෙලහට දබරේරගෙ බොරු කාන්දරාවකට අහුවෙලා ඇති.....

මෙන්න තියනවා කාමරෙ.....මේ තියෙන්නෙ ....

මේ ගෙදරට පය ගහපු පලවෙනි පාරම ඉදන් මේ කාමරෙ මගෙ හිත හොරකම් කෙරුවා ...මුලු කාමරේටම තිබුනෙ තිර දාපු ඇදයි....කැටයම් කපාපු අල්මාරියයි....පොත් මේසෙකුයි විතරයි ....ජනෙල් පියන් ඇරපු ගමන් පේන්නෙ මහ වැව.....ඕලු මල් වලින් වැහුන වැව.....

පිටිපස්සට පේන්නෙ කොලම කොල පාට වෙල් යාය...

ගිටාර් එකක් අතේ තියාගන පාඩුවෙ සින්දුවක් කියන්න කියාපු පොට් එක වෙනකොට මං කෙලින්ම ගිහින් කාමරෙ දොර ඇරියා ....

සුවදයි ....,

කට්ටකුමංජල් සාම්බ්‍රානි සුවදයි.....

මේ කාමරේට දුම් අල්ලලවත්ද...?

සමහර විට පරන සුවද යන්න දුම් ඇල්ලුවද දන්නෙ නෑ...

දබරේරගෙ වචන වලට අහු උන අප්පච්චිට ආය මේ පැත්තට වත් එන්න වෙලාවක් නැති වෙනකොට මං කෙරුවෙ ගිහින් ජනෙල් පියන් දෙක ඇරපු එක.....

ඇති යාන්තන්....

වැස්ස පායලා.....

මං ජනෙල් කූරු අල්ලන් වැහි දිය පොගවාපු ඕලු මල් දිහාව බලන් උන්නා....ගිරා අඹ ගහ ඉහල අහස අල්ලන්න හදනකොට මං බලාගන අර ඔන්චිල්ලාව හිමි හිමීට ඉස්සරහට පස්සට පැද්දෙනවා....ඉස්සරහට තල්ලු වෙන වාරයක් ගානෙම අර යකඩ දම්වැල ඇඩුවා....පස්සට තල්ලු වෙන වාරයක් ගානෙමත් ඒ යකඩ දම්වැල ඇඩුවා....

හුලන් පාරට වෙන්න ඇති.....

තත්පර ගානක් බලන් උන්න මං අවසානෙදි ජනෙල් පියන් දෙක වහලා දාලා එහෙම්ම අල්මාරිය දිහාවට හැරුනා....මේ කාමරෙ ඉන් නිදියෑවෙ කව්ද දන්නෙ නෑ.... අර මේ ළඟදි රට ගියා කියපු පුතාද දන්නෙ නෑ.....

වෙන්න ඇතිනෙ ...

වෙන්න ඇතිනේ නෙවෙ....එහෙම තමයිද කොහෙද නැත්තන් කොහොමද මේ අල්මාරියට පිරිමි ටීශර්ට් එකක්....

අල්මාරි පියන් ඇරපු මට මේ කාමරෙ කාගෙද කාගෙද කිය කිය හිතාපු ප්‍රශ්නෙට උත්තරයක් හම්බ උනා....

මුලු අල්මාරියටම ඉතිරි වෙලා ගියපු තනි සුදු පාට පිරිමි ටී ශර්ට් එක මගෙ ප්‍රශ්නවලට උත්තර දෙන කොට මං එහෙම්ම අත දිගෑරලා අර පිරිමි ශර්ට් එක අතට අරන් දිගෑරලා බැලුවා ....කොල්ලා කොයි තරම් එකෙක්ද කියලා හොයා ගන්න...

වැස්ස මදිවට ඒ අස්සෙන් කරන්ට් එකත් යන්නද කොහෙද ....

මං උන්නෙ අර ටී ශර්ට් එක මගෙ ඇගේ ගානට තියන් අයිතිකාරයගෙ රට ගියපු පුතාගෙ සර්වාංගෙ තරම කිර කිර වෙනකොට කාමරෙ දාලා තිබුන මලානික පාට ලයිට් එක හෙමි හෙමින් ගැස්සෙන්න ගත්තා විතරක් නෙවෙ...මං වහලා දාපු ජනෙල් පියනත් ආපහු ඇරුනා...

කරන්ට් එක යන්නද මන්දා.....

කොල්ලා පොඩි එකෙක්ද කොහෙද ...මේ ...එකගෙ උරහිස් මට වඩා පොඩී....

ලයිට් එක එක දිගටම ගැස්සෙනවා.....කුරුමියෙක් රිංගලා වගේ චර චර ගාන සද්දෙකුත් එන ගමන් ඇගට කරන් උන්න ටීශර්ට් කේ උරහිස් මගෙ උරහිස් ගාවට තියලා බැලුවා විතරයි මෙච්චර වෙලාම ගැහි ගැහි තිබුන ලයිට් එක මහ සද්දෙට පුපුරලා ගියා.....

මේකා මේ ගේ බඩු මූට්ටු එක්ක දෙන්න හැදුවට මොකද ඔක්කොම බඩු කඩන් වැටෙනවනෙ ...

මං පුපුරලා ගියපු ලයිට් එක දිහාව බලන් ඉදලා ස්විච් එකෙනුත් ලයිට් එක නිවලා හුලන් පාරට ඇරුන ජනෙල් පියන වහන්න ගියා විතරයි මෙච්චර වෙලාම ගෙයි වගතුග හොය හොය උන්න අප්පච්චි යන්න ලැහැස්ති වෙලාද කොහෙ මට කතා කෙරුවා

කොල්ලො.....

මේ එනවා අප්පච්චි ...මේ එනවා ඔයා කොහෙද....

මම අතෙ තිබුන තනි සුදු ටී ශර්ට් එක ගුලි කරලා ආපිට අල්මාරිය අස්සටවීසි කරන ගමන් එලිය ආවා....

මට බෑ ආයම ඕක නම නම ඉන්න....

මොකද කියන්නෙ ලමයො උඹ...මේක හොදද. ...?

ලී වලින් කැටයම් කපාපු ගරාදි වැට උඩ ඇගිලි එහා මෙහා යව යව උන්න අප්පච්චි මගෙන් ගේ හොදයිද ඇහුවා ...

ගේ නම් හොදයි අප්පච්චි ....හැබැයි අපිට අලුතිම්ම ලයිට් අනම් මනම් නම් දාගන්න වෙයි අප්පච්චි දාලා තියෙනකොට ලයිට් පුපුරනව....

ඒ මේ කාලයක් තිස්සෙ වහලා තිබ්බ හින්දා වෙන්න ඇති ඔක්කොමත් හොදයි....මුන් සතියක් ඇතුලත දහයක් ගෙවන්ඩ කියනවනෙ බන්....

කුලි දිදී උන්නත් අප්පච්චි අපි අවුරුදු කීයක් යනකන් කුලිදෙන්නද.....ඇරත්....අලුතිම්ම ඉඩම් අරගන ඕවල ගෙවල් හදන්ස්කොට මාත් වයසට ගිහින් ඉදී අප්පච්චි ....පර්චස් එකක්ම්ම් දැන් කීයද...පහෙන් මෙහා ගන්න අමාරුයිනෙ අප්පච්චි ....

මං තෙත් ගැහුන ඇදුම ගස ගස අරක මේක කියනකොට අප්පච්චිත් මං කියන කියන එකට ලාවට ඔලුව වනන්න ගත්තා වගේම ආයම මොනවා හරි අහන්න ගියා උනත් අප්පච්චිට ඒක අහන්න බැරි උනා දබරේරා කතා කරලා අප්පච්චි පහලට ගියා ඒ එක්කම මගෙ කියල හිතාගන උන්න කාමරේන් ආයම සද්දයක් ඇහුනා....

මගුල ආයම ඇරිලා....

ජනෙල් පියන...එලිය බලන්නයි කියලා ඇරපු ජනෙල් පියන් මං ආයම වැහුවත් එකක් ආයම ඇරිලා තිබුනා මං එහෙම්ම ජනෙල් පියන වහලා දැම්මා.....

"ඕක තදට වහපන්"

තදට තමයි අනෙ වැහුවෙ...මේ ලබ්බෙ සරනේරු ගෙවිලද කොහෙද...මූ ලක්ශ හතලිහකට ගේ දෙන්නම් කිව්වට මොකද මේකෙ...

මං කියවන් කියවන් ගියා...ඇරපු ජනෙල් පියන වහනකොට ඕක තදට වහපන් කියලා මට කවුරු හරි සැර කෙරුවා වගේම මං ඒකට උත්තර බැන්දා...හැබැයි ඒ අප්පච්චි නෙවෙ කියන්න දැනුන ගමන්ම මං ආපිට හැරිලා බැලුවා.....

කෝ...අප්පච්චි ....ඒ ඔයාද.....මට බැනලා ගියෙ...ඈ අප්පච්චි ඔයාද ඒ

මං කාමරේ උන්න තැන ඉදම්ම අප්පච්චි ඔයාද මට බැනලා ගියේ අහලා ඒ චුට්ටකිම්ම බැනපු එකා අප්පච්චි නෙවෙ උනත් බැනපු එකා පහලට යන අඩි සද්දෙ ඇහිලා මං ඉක්මනට කාමරෙන් එලියට දුවලා තරප්පු පේලියට බෙල්ල දානකොට බැහැපු එකා වෙඩිල්ල වගෙ බැහැලා තිබුනා....

අනිවාර්යයෙන්ම නාකි මිනිහා වෙන්න ඇති....ඌට දුක ඇති මේක බඩුත් එක්ක විකුනන්න...සල්ලි දුන්නා උනත් මේක උගෙ කියන හැගීම තියන හින්දා වෙන්න ඇති මට බනින්න ඇත්තෙ...ඒ උනාට ඌට වටින් නෑනෙ මට බන් බොලන් ඥන් පඥන් ගාන්න.....අපි පිනට ගේ ඉල්ලුවෙ නෑනෙ...ඕක තදට වහපන්ලු....උගෙ ගෙදර තියන අඩු පාඩු කියන්නෙ නෑ.....

හිතට ආව තරහවත් එක්කම මං අර ජනෙල් පියන ඇගේම හයිය දාලා දඩාස් ගාලා වැහුවා විතරයි ආයම මට බැන්නා.....ආයම තරප්පු පේලිය සද්ද උනා.....

" කඩපන්...කඩපන්...ඔක්කොම කඩලා කාලා වතුර බීපන්"

දබරේරා....

මට මාරයා නැග්ගා...තරප්පු පේලිය දිහාවට ඇහැ දානකොට මං දැක්කෙ දබරේරා ඇදන් ආව සුදු කමිසෙ අගලක් විතර වෙනකොට මට මාරයා නැග්ගා....

බැන බැන දුවන්නෙ.... ඔහොම ඉදපියකො ....බැනලා ඉදපියකො..කොදිච්චිය හැදිච්ච එකා වගේ දුවන්නෙ....

අප්පච්චි ...

මං පහලට ආවා....ජනෙල් පියන් වල සරනේරු අතට එන තරම් තදින් කාමරේ දොර වහපු මං තරප්පු පේලිය දිගේ පහලට දුවන් ආවා විතරයි දබරේරට බැන්න හින්දදො මන්දා බිමට බහින්න පඩි දෙක තුනක් තියලා මගෙ කකුල එක පාරම හොකරෙට ගියා.... මට සද්දෙටම කුනු හර්පයක් කියවෙන්ඩ ගියා.....

අනෙ...ටෞ....ක්...ම්ම්ම්...

මං ඉක්මනට මගෙ කට තද කරගත්තා...මොකද අම්මයි අප්පච්චි හිතන් ඉන්නෙ මං ඇවිත් උඹ බන් බොලං වර පල කියනවා ඇරුනම මේ ලෝකෙ වෙන කිසිම කුනුහර්පයක් දන්නෙ නෑය කියලා...මගෙ යාලුවන්ගෙ අම්මා අප්පච්චි ලාගෙ ඇස් වලට මං තරම් හොද එකෙක් නැති උනා ..මං කොයි තරම් හොදද කියල හිතන් ඉන්නවා නම් උන් ඕන අපායක යන්න අවසර ගන්න මගෙ නම පාවා දුන්නා ...ඒත්....මං තරම් නරියෙක් මේ ගම් තුලානකවත් නෑය කියන්න උන් සහසුද්දෙම්ම දැනන් උන්නා...

උඹට සිහි නැද්ද බන්...

මං කියන්න ගියෙ මොන ජාතියෙ කුනුහර්පයක්ද මොන ජාතියෙ වචනයක්ද කියන්න හිතාගන්න බැරිව ගිය අප්පච්චි අරුන් දෙන්නව දාලා මගෙ ගාවට ඇවිදින් කොර ගගහා පහලට බැහැපු මගෙන් සිහි නැද්ද ඇහුවා....

සිහි නැත්තෙ කොහෙද...මේ තියෙන්නෙ සිහි නේන්නම්...ඒත් ඔව්වා කටින් කියන්න පුලුවන්ද...???

කකුල පොඩ්ඩක් පැත්තට ගියා අප්පච්චි .....

" ඔහොම යනකොට තව ඒවා යයි...".

දබරේරා මහත්තයා...මොනවා හරි මිමිනුවද.....?

මම....?

ඔව්.....මෙතන දබරේරා කියන්න ඉන්නෙ මහත්තයා විතරනෙ....වෙන කවුරුත් නෑනෙ

අප්පච්චියි මායි අතරෙ කතාව ගියේ...ඒත් මැද්දෙන් පැන්නෙ දබරේරා...ඉන්නෙත් හත් ගව්වක් දුර ඒ උනාට කන තියෙන්නෙ මෙතන ...කාමරෙ ඇතුලෙත් දාපු ටෝකට ටිකක් ගේමෙන් උන්න මං අනිත් පාර හීනි නූලෙන් දබරේරට ගේම කෝල් කරපු මං රවන්න ගත්තා....

මං මොකුත් කිව්වෙ නෑ ලමයො....මං කතා කර කර උන්නෙ මේ ජයවර්ධන මහත්තයා එක්ක.....

උඹට පිස්සුද බන්....වැටුන වෙලේ ඔලුව ඇනුනද...

ඉතින් අප්පච්චි ඕකා නෙවෙද දැන් මගෙ තව ඒවා පැත්තට යයි කිව්වෙ...ඇරත් මූ කාමරේ ඉද්දිත් මට හෙන ලයිනක් ඇල්ලුවා....

.මයුර කටවහපන් බහුබූත නොකියා උඹට අර ඇබ දෙක කනේ ඔබම් ඉදලා මොලේ හොද නැති වෙලා....

මං ඔලුව කැසුවා....අප්පච්චිත් දබරේරගෙ පැත්ත ගත්තා.....ජයවර්ධනයත් දබරේරගෙ පැත්ත..... ජයවර්ධනයා නම් ඒ පැත්ත ගන්න ඇත්තෙ මේ ගේ විකුනලා දුන්න හන්දා වෙන්න ඇති ....

මං එලියට බැස්සා...

අප්පච්චි ජයවර්ධන එක්කයි දබරේරා එක්කයි ඉස්තෝප්පුවට ගිහින් ගනන් හිලව් කතා කරනකොට මං කෙලිම්ම එලියට බැස්සා....බැහැලා ඉස්සරහා වත්ත පුරාව විපරන් කෙරුවා .....

මරු හැබැයි....හොදට ඉඩ තියනවා.....හදට ගියත් බෝගන් විලා අත්තක් ගේන කමනිට අර බුලත් කොලේට නැට්ට ගහපු ඇන්තූරියම් වගාවක් දාන්න පුලුවන් ....

ම්ම්ම්...මෙතනින් ලෑලි බංකුවකුත් ආවා නම්.....

සාක්කුවට අත් දෙක දාගත්තු මං වැස්සට තෙත බරියම් උන තනකොල පාග පාග ගිහින් ගිරා අඹ ගහ වටෙ කැරකි කැරකි ලැලි බංකුවක් අටවන්න තැනක් හොය හොය ගිහින් අවසානෙදි නාලා ඉන්න එකේ තව අමුතුවෙන් නාන්න දෙයක් නෑනෙ කියලා හිතාගන අර ඔන්චිල්ලාවෙ ඉදන් චුට්ටක් ඉස්සරහටයි පස්සටයි යනකොට මං බලාගන දබරේරා එක පාරක් මා දිහාව බලලා ආපහු අප්පච්චි දිහාව බැලුවා.. 

ලබ්බ බලනවද දන්නෙ නෑ....

"ඌටත් ලබ්බක් තියනවා ඕකෙන් බැහැපන් ඕක මගෙ"

මො....

මං වෙඩිල්ල පිටිපස්ස හැරුනා ...දබරේරා ඉන්නවා...සාක්කුවට අත් දෙක දාගන මා දිහාව බලාගන...මූට නම් මා එක්ක මොකක් හරි ඇරියස් එකක් තියනවද මන්දා...ගනන් හිලව් කතා කරන එක පැත්තකද දාලා ඔන්චිල්ලාව මගෙ කියලා මා එක්ක අන්කරේට එන්නෙ.....

දබරේරා මහත්තයා.....

මට මල පැන්නා....

ලමයො....

ඔච්චරම ආස නම් ගලවන් ගෙදර යන්න...

ඔන්චිල්ලාව උඩ ඉදන් උන්න මා දිහා බලන් ඉන්න දබරේරට මං මේක ගලවන් ගෙදර යමං කිව්වා...ආය මේගේ දුන්නත් එකයි නැතත් එකයි.....

මොකක්....?

මොකක් කියන්නෙ....මෙ ඔන්චිල්ලාව....දැන් කිව්වෙ මේකෙන් බැහැපන් මේක ඔහෙගෙ කියලා...ඇරත් කාමරේ ඉන්නකොටත් ජනේලෙ වහද්දි කිව්වා කාපන් කාපන් ඔක්කොම කාලා වතුර බීපන් කියලා ...

මොනවද ලමයො මෙ කියවන්නෙ...

ආ...උඹ බබා.....නෑ...මං අහන්නෙ මහත්තයා බබාද කියලා ...

මං අරකට උඹ කිව්වා..කියන්න ඕන ටික කුටු කුටු ගගා කියවලා මූනට අහනකොට නෑ මම ඥෙමෙ ගාන දබරේරගෙන් උඹ බබාද අහනවත් එක්කම එතනට ජයවර්ධනයත් ආවා..ඒ ඇවිදින් දබරේරගෙ උරහිසට අතක් තිබ්බා...

පුංචි උන් එක්ක සෙල්ලම් කරන්න එපා දබරේරා...දැන් කාලෙ ඉන්න පොඩි උන්ට තරහා යනවා නොසෑහෙන්න....උන්ව හදන්න.....බෙල්ට් එකක් අතට ගන්නම වෙනවා....විශේශෙම්ම එකට එක කියන උන්ව...හමගහලත් මදි...

මං ඇස් හීනි කෙරුවා...ජයවර්ධනයා මගෙ දිහා බලන් උන්නෙ මේ ලෝකෙ ඉන්න නසරානිම එකා දිහාව බලන් ඉන්නවා හා සමාන වෙනකොට ඒකා මට මහ අවකැපෙන කතාවක් කිව්වා...බෙල්ට් එකක් ගන්න...මට ගහන්න...මූ දැන් ඔය නොකියා කියන්නෙ ඒකනෙ...

ජයවර්ධන මහත්තයා.....අපිඅතර දැන් තියෙන්නෙ.....ගනුදෙනුවක්....ම්ම්ම්..

මගෙ කට ගැන...මගෙ අම්මා අප්පච්චි බලාගනී....ඔයාට මේ ගනු දෙනුව සතුටුදායි විදිහට අවසන් කරන්න ඕනෙ නම්....ඔයාට පුලුවන් මෙන්න මෙයාට කියන්න.....දෙයක් කියන්න තියන්න නම් හුචු හුචු නොගා මූනට කියන්න කියලා...අනිත් එක....ඔයා බෙල්ට් එකක් ගැන කිව්ව නේ...මට හරි දුකයි තමුන්ගෙ ළමයි ගැන.....

මං එන්න හැරුනා.....ආය ඒකගෙ මුන වත් බැලුවෙ නෑ ....මට මල පැන්නා.....කට කැඩෙන්න බැන්නත්...ඔය ඉදලා හිටලා පොඩි තසිමකින් ගැහුවත් කවදාවත් ඔහොම නම් ගහන්නෙ නැති බව දන්න බව දන්න මට මල් පැනලා කෙලිම්ම බයික් එක ගාවට ආවා.....

අනේ අප්පච්චි මේ ලබ්බෙ ගේ ඕනෙ නෑ .....

ඒ පාර මොකද...

නෑ මොකුත් නෑ...මූසල පාටයි....මේ මගුල ඕන් නෑ.....මීට වඩා හොද ගෙයක් හම්බෙයි.....ආය දබරේරගෙ බ්‍රෝකර් වැඩ ඕනෙත් නෑ...යමු යන්න....

උඹට පිස්සුද...තිස්පහකට දෙන්නම් කිව්වා...මීට එහා නම් අඩුවට හොයන්න තහඩු ගහපු මඩු තමයි ගන්න වෙන්නෙ...කටවහන් නැගපන්....ඒ මිනිහ උඹට කියලා නෑ උඹ කොයි වෙලෙත් ඉන්නෙ අවසිහියෙන්.... උඹට තියෙන්නෙ ඵෝන් එකෙ සිහිය විතරයි නැගපන් කටවහන් ආයම වැස්ස අල්ලන්න කලියෙන් යාගන්න .....

මගෙ මූන කොරහක් උනා....දබරේරගෙ මූනට වඩා මට අයිතිකාරයගෙ මුනෙ බැල්ම ඇල්ලුවෙ නැති වෙනකොට මට මලම පැනලා මේ ගේ ඕනෙත් නෑ කියල මං අප්පච්චි අතෙේ තිබුන හොද හෙල්මන්‍ට් එක අරගන ඔලුවෙ ඔබාගන්නකොට මොන මගුල උනත් අවසානෙදි බැනුම අහලා නවතින්නෙ ඵෝන් එකෙන් වෙනකොට මං ඉන් එහා මොකුත් නාහා බයික් එකට නැග්ගා....

අප්පච්චි ...මං හවසට ශෝ එක බලන්ඩ යනවා....

යන දිහාවක යමන්....හැබැයි හෙට ඇවිදින් උඹගෙ එවුන් එක්ක මේ වත්ත පිටිය සුද්ද කරනවා නම් විතරයි.....

ආ..ආ...අප්පච්චි ...

උඹලට ඇවිදින්න යන්න පුලුවන් නම් මේවා කරන්ඩ බැරිද...උඹට හෙට වත්ත සුද්ද කරන්ඩ බැරි නම්...උඹගෙ ගමනුත් නෑ...

මං මගෙ මූන ඔබා ගත්තා.. රෑ ගමනට අවසර හම්බෙන්නෙ හෙට වත්ත සුද්ද කරන්න ආවොත් විතරයි කියනකොට මං වට්සැප් ගෲප් එකට ගිහින් අපේ ගෙදර හෙට කිරි අම්මා දානයක් තියනවා කියලා හැමෝම වරෙල්ලා කියලා මැසේජ් එකක් දාලා ඵෝන් එක සාක්කුවෙ ඔබාගන අප්පච්චි ගෙ උරහිස උඩින් මං මගෙ උරහිස දැම්මා.....

ආ අප්පච්චි ....

කියපන්....

ඔය ඔතින් දබරේටත් කීයක් හරි ඇතිනෙ....ඔය දෙන විදිහට අඩුම දෙකක් වත්.....

ඇති....දෙකක් තුනක්...

ඔව්...ඒක තමයි ඒකා අර නාකියට ගොට්ට අල්ලගන ඉන්නෙ...ඌම කිව්වා ජනේලෙ හයියෙන් වහපන් කියල අනිත් පාර කියනවා ඔක්කොම කාපන් කියලා ....මාන්දමද මන්දා....පිස්සට පිස්සු..... පිස්සු හුත්තෙක් මහ...ඊටත් ඒ ගෙදර වයරින් කරන්න වෙනවා.....මූට තිහකට දෙන්න කියන්න...අර ලිදට මෝටරයක් දාන්න වෙනවා...බඩු එක්ක දෙන්නම් ගගා යැයි යැයි ගෑවට මොකද ඒ ගෙදර ඔක්කොම කැඩිලා බිදිලා මූ මො බඩු ගැනද දන්නෙ නෑ කිව්වෙ ...

උඹගෙ කට කකියන්නෙ නැද්ද.....

අහස කලු කරලා.....මියුසිකල් ශෝ අද දොඹෙන් යයිද මන්දා.....පායලා තිබ්බට මොකද ආයමත් වැහි පොද ගහනවා...මේ පාරත් නාන්න වෙයි කියල අප්පච්චි ආයම ලෑල්ලට පාගලා යනකොට 

අප්පච්චි එක්ක දබරේර්ට බැන බැන උන්න මං ආයම ඵෝන් එක අතට අරගන දාපු මැසේජ් වලට රිප්ලයි ඇවිත්ද බලන්න හදද්දි අහම්බෙන් වගේ තුන්මන් හන්දියෙ දොඹ ගහ හරියෙ උන්න පුරුදු මූනත් තහඩුවක් මං දැක්කා....

මේ අර පන්ඩිතයා.....අති පන්ඩිත හත් පාට මහාචාර්ය ..වැස්සෙ නාගන.....මූ මොකද වැස්සෙ නාගන මෙතනට වෙලා කරන්නෙ.....

ඒකව පහු උනා....මං ඒකා දිහා බලාගන යනකොට මං බලාගන ඒකත් මා දිහා බලාගන උන්නා...නිකන් නෙවෙ රවාගන.....

මොන මගුලට රවනවද...මං මක්ක කෙරුවටද....අපරාදෙ කෑ ගහන්න තිබ්බෙ බලන් ඉදපන් වැහැල ඉවර උනහම හත්පාට දේදුන්නක් පායයි කියලා....පිස්සු විකාර අහල මගෙත් ඔලුව කනවා...ඒ මගුල් අහන්න ගිහින් නිකරුනෙ තසිම් පාරකුත් කෑවා.....

අප්පච්චි ....

ආය මොකද බන්...කටවහපන්කො...

නෑ.....අම්මට අන්දවපු අර සැලුන් කාරයා...ඌ බැදලා ඉන්නෙ මිනිහෙක්ද...

හුලන් ලාර හෝ ගානවා.....වැහි පොද අහන්දා ඇස් වැහෙනවා...එ අස්සෙ මං සැරින් සැරේම අප්පච්චි හුප්පච්චි ගානකොට වැහි සීතලට අතුත් හිරි වැටිලා තිබුන අප්පච්චි මට ආයම කෑ ගැහුවා......එතනින් එහා මං ආයාම වචනයක් නාහා නිකමට වගෙ පන්ඩිත පප්පා ඉන්නවද බැලුවා.....

මිසින්...මෑන් නෑ.....මං හිතන්නෙ ගෙවල් ඔය පැත්තෙ වෙන්න ඇති......

චුටි කාලෙ අපි වැස්සෙ නානකොට

බුදු අම්මො කියපු නැන්දා මාමලට

ආච්චි පුංචිලට මමපා පප්පලට

ආයුබොවන් වැන්දා සන්තො.....!!!

මම උන්නෙ බාතෲම් එකේ...අම්මයි අප්පච්චි තවම කඩේ....එක දා වැහි වගේ වහින්නඩ ගත්තු පිම්ම ආයම එකම දිගට වහින්න ගත්තා...ගෙරෙව්වා....කන් අඩි පුපුරන්න හෙන පිපිරුවා...

කරන්ට් එක යයිදෝ...යයිදො...

එහෙන් මගෙ යටි හිත මාව බය කරවනවා... යකෙක් ගාව උනත් පොඩි හරි දුර්වල කමක් තියනවා කියනවා වගේම මාත් අන්දකාරෙටයි හොල්මන් කතා වලටයි අම්බානෙට බය උනා....දවල් වෙලාවක නම් මෙලෝ යකෙක්ට බය නැති උනත් මොකද මගෙ කරුමෙට මට ඒ හැම මගුලක්ම ආයම රෑට රෑටත් මතක් වෙන්න ගත්තා ....

ඉතින්...අම්මා අප්පච්චි නැති වැහිදවසක් කියන්නෙම මට බඩ බුරුල් වෙන දවසක්...ගෙට ගොඩ වෙන්නත් කලින් මොකටත් කියලා මං ඉටිපන්දම් වන්ඩල් එකක් ලගට කරන් නාගන්න ආවා..එහෙන් වහිනවා ගොරවනවා...අම්මලා එන්න කලියෙන් කරන්ට් යයි කියන බය අනිත් පැත්තෙන් මාව තලනකොට මං මගෙ හිතෙ බය යන්නත් එක්කම බාතෲම් එකේ ඉන්න හූනන්ට මුල්ලෙ ඉන්න මකුනන්ට දහ අට දන මියුසිකල් එකක් පෙන්නන්න ගත්තා.....

ශැම්පු අහුරක් අතට අරගත්තු මන් ඒක ඔලුවට හලාගන අතුල්ල අතුල්ල වැස්සෙ නානකොට කියන සින්දුව කිය කිය නාන ගමන් මගෙ මූනට තත්පරයක් ඇතුලත සබන් උලාගත්තා...මොකද ....

ඇස් පියාගන සබන් උලන තත්පරෙ තමයි වැඩියෙම්ම වැහුන ඇස් පියන් අස්සට යක්කු වැඩියෙම්ම එන්නෙ...

ගොරවනවා...ගොරවනවා...ඉවරය නෑ...ඔලුව කස කස උන්න මං අනිත් පාර ශැම්පු ටික හේදෙන්න කියලා ශවර් එකට ඔලුව අල්ලනවත් එක්කම බාතෲම් එකේ පරන ග්‍රීල් දෙදරවගන හෙනයක් පිපිරුවා.....

අම්මටම..සිරි....උනා...නෙ....

වතුර ඉවර උනා.....

මගුලයි.....

ම ඇස් දෙක ඇරගන්න බෑ.....අත් දෙකෙම්ම මූනෙ තිබුන ශැම්පු පෙන අයින් කරගත්තු මං අමාරුවෙන් ඇස් ඇරන් වතුර නැවතුන ශවර් එකට තට්ටුවක් දාන්න හැදුවා විතරයි ගැස්සි ගැස්සි තිබුන ලයිට් එකත් එක්කම මුලු ගෙදරම කරන්ට් ගියා....

.හරි...යටම...හරි....මගුල...වතුරත්....නෑ.....කරන්ටුත්...නෑ....අම්මත්...නෑ....අප්පච්චි ..ත්...නෑ...

අන්දකාරෙ උන්න මං ශැම්පු පෙන ගිහින් දැවිල්ල ගත්තු ඇස් ඇරගන්නත් බැරිව වහගන්නත් බැරිව පුලුවන් තරන් ටැප් එක වහ වහ වතුර ගන්න හැදුවා.....සැරින් සැරෙම විදුලි කොට කොට හතර වට විතරක් එලිය කර කර යනකොට මහවැස්සෙම බල්ලා උඩ බුරන්න ගත්තා...

අම්මා.....

අප්පච්චි ....

බාතෲම් එකේ උන්න මං අම්මා අප්පච්චි ආවයි හිතාගන බාතෲම් එකේ ඉදම්ම කෑ ගැහුවා.... 

ඒත් නැ.....වැස්සෙ සද්දෙ විතරයි...

ගොරවන සද්දෙ විතරයි ...

මට එහාට යාගන්නත් බෑ...මෙහාට යාගන්නත් බෑ...බිම පුරාවටම ශැම්පු පෙනයි වතුරයි...ලෙස්සලා ගිහින් වැටුනොත් කොහෙ ගිහින් ඔලුව ඇනෙයිද කියලා හිතන්න බැරි බයටම මං ශවර් එක අල්ලන් ඒක හොලව හොලව අම්මට ආයම කතා කෙරුවා...ඒ අස්සෙන් අර හුත්තිගෙ පුතා ආයම උඩ බුරන්න ගත්තා... ඌ හින්දම තවත් බල්ලො කුලප්පුවෙලා උඩ බුරන්න ගත්තා විතරයි මං ඇතුලෙ ඉදන් බල්ලට කුනුහර්ප පලන්න ගත්තා....

ටූත්ලස් කට වහපිය ඇත්තමයි මං ආවොත් ඉරනවා තොගෙ කට ආ...

මගු...ල...

ඇස් දනවා...

මට ඇස් ඇරගත්තත් දැවිල්ල හන්දා ඇස් ඇරන් ඉන්න බැරි උනා.....කරන්න දෙයක් නැතිම කමට මං බිත්ති අල්ල අල්ල හිමින් හිමින් සින්ක් එක ගාවට අඩිය තියනකොට මං අහගන බාතෲම් එකේ දොර ඇරුනා.....

අප්පච්චි .....මේ ඔයාද...අප්පච්චි ...මගෙ ...තුවාය..දෙන්නකො...මං හෙලුවෙන් ඉන්නෙ .....මේ මගුලෙ වතුර ඉවර උනා... ටැන්කියට වතුර ගැහුවෙ නැද්ද අනේ....කරන්ට් ගියා මදිවට වතුරත් නෑ..මගුල...

ඇරුන දොරෙන් ඇතුලට ආව අඩි සද්දෙ එක්ක මං අප්පච්චි මට ටවල් එක දෙන්න ගගා පුලුවන් තරම් ආඩ පාලි කියනකොට මං අහගන අප්පච්ව්හිගෙ කකුල බිම තිබුන වතුරට වැදිලා චස්.....චස්....චස්....ගානවා....

අප්පච්චි ...දෙන්නකො.....

මන් දෙවනි පාරටත් ඉල්ලුවා...

ඒත් අඩි සද්දෙ විතරයි...අප්පච්චි නෑ...ඒ තියා වෙනදා වගේ නානකොට තොට තුවාය අරන් යන්න බැරිද කියලා අහල බැන්නෙත් නෑ.....

අ...අප්ප්...පච්....චී....ම්..මෙ.ඔයා...නේද...

චස්.....චස්...චස්....චස්.....

අඩි සද්දෙ විතරයි .....අප්පච්චි නෑ....

මගෙ ඇස් වල තිබුන දැවිල්ල ගතිය ඉබේම වාශ්ප උනාද කොහෙද.....

අප්පච්චි .....

මං ආයම පාරක් කතා කෙරුවා....එහෙන් බල්ලො තවම උඩ බුරනවා....

අප්...ප....ච්....චී....

මන් අඩියෙන් අඩිය පස්සට ගියා.....අඩි සද්දෙ එන්න එන්නලග ලගටම එනකොට මං කෙරුවෙ බිත්ති අල්ලන් අඩියෙන් අඩිය පස්සට ගියපු එක...

අප්....ප...

මට කතා කරගන්න බැරි උනා.....මගෙ පස්සෙන් පන්නන අඩි සද්දෙ ඇරුනම වෙන මොකුත් නැති වෙනකොට බය උන පාරට පපුව ගැහෙන්න ගත්තා විතරයි මගෙ කටේ කෙල හිදුනා....

අප්...ප...ච්චි..අ....අනේ....

මං....මිමිනුවා...අඩි පාර නැවතුනා.....

තත්පරයක් ...දෙකක්.....තුනක්....

කට්ට කලුවරයි...මායි විතරයි ...

මං තව අඩියක් ගියා....

මගෙ පපුව ගැහෙනවා..බයවෙලා ඉන්න තරමට මගෙ පපුව කොච්චර වේගෙන් ගැහෙනව කිව්වොත් මට හිතුනා මගෙ පපුව පුපුරයි කියලා .....

.ගොරවනවා....සැරින්...සැරේම ගොරවනවා...

මං තවත් අඩියක් පස්සට ගියා....ඒ එක්කම මං අහගන මගෙ පිටිපස්සෙ තිබුන කරාමෙ ඉබේම ඇරෙනවා...

කර...ස්....

කර.....ස්....

ක්..කව්ද.....ඔ..ඔතන.....මොකා...ද...ඉ...ඉන්නෙ...කියපන්....

මට දැනුනා...අඩි සද්දෙ මගෙ පස්සෙන් පන්නල...පන්නලා....අවසානෙදි නැවතිලා තියෙන්නෙ මගෙ පිටිපස්සෙන් කියන්න මට දැනුනා.....

තදට තියන කරාමෙ ඇරෙන වාරයක් පාසාම සද්දෙ උනා....තවමත් සද්දෙ වෙනවා...වතුර නැති කරාමෙ අස්සෙන් වතුර නැතිවෙනකොට එන සද්දෙ පවා එනකොට මන් හිටපු තැනම ගල් ගැහිලා උන්න වගේම මං අහගන ආයම වතුර අඩියක් තියනවා....

චරස්...

මගෙ හුස්ම නවතින්න එන්නෙ.....

චරස්....

මගෙ පපුව පුපුරන්න එන්නෙ....

එච්චරයි මගෙ කොදු නාරටිය දිගේ දැනුන සීතලම සීතල අත් පාර එක්ක මට සිහි විකල් වෙන්න ආවා...මං යට ගිරියෙන් බෙරිහන් දීගන පස්සට පැන්නා....මාව කාගෙ හරි සීතල ඇගක හැප්පුනා....

අනේ.....අප්....ප....ච්....චී....හ්හ්හ්!

🙂ආය කොටසකින් එන්නා...ම්

🙂ඊලග වස්සානෙත් එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩෝ

මම ජොබී.....

ආතරෙයි.....

Nedeesha 😘🥺💐

More Chapters