WebNovels

Chapter 5 - 05

න්...න්..නිම්න...

මට ගොත ගැහුනා....වෙන මොකටවත් නෙවෙ මීට තත්පර ගානකට උඩදි උඹ කොල්ලො ගහනවද අහපු මගෙ යාලුවො මම මේ කොල්ලව බදාගන බිම වැටීගන ඉන්නව දැක්කොත් අනිවාර්යයෙන්ම යාලුවා කියන්න නොබල උන් උන් අතරම මට ලේබලයක් අලවන හන්දා....

මගෙ වයසෙ උන්නෙ....උන්ට වත් දැන් ඕවා මැජික් වගේ නැතිව ඇති කියලා මං ඇහුවට මොකද...උන් ගත්තු කටටම ඇහුවෙ මට දැන් කොල්ලො ගහන්න ඕනෙද කියලා ....

මචන් උඹට කොල්ලෙක්ට ආදරේ කරන්න ඕනෙද ඇහුවෙ නෑ.....

හැබැයි උන් ඇහුවෙ ඇදේදි වෙන මගුලක්.....එතකොට උන් හැමෝම රිලේශන්ශිප් එකක මේන් පොයින්ට් එක විදිහට දකින්නෙ ආදරේ නෙවෙ.....සෙක්ස් පැත්තද....ආදරෙ කියන්නෙ එතකොට කලවා පූට්ටුවෙ තියන ලිංග නිමිත්තද?

ආදරේ වෙනුවට උන්ට එක වෙන්නෙ රාගෙද.....???

යාලුවො තමයි.....හැබැයි මට එතනදි කලකිරුනා....

මට එහෙම ආදරයක් එපා...හැබැයි....මං කාගෙන් වත් අහන්නෙ නෑ....උඹට ඕනෙ ඒක කරන්නද කියලා ...මට එහෙම අහන්න හයියකුත් නෑ.....

නිම්න අහපු ප්‍රශ්න එක්ක මට දැනුනෙ එක දෙයයි...නිම්න කියන්නෙ ඒ වගේ ආදරයක් ගාව නැවතුන හරි ,නවතින්න බලන් ඉන්න කෙනෙක් හරි කියලා ...ඒක එයාගෙ කැමැත්ත....එතනින් එහා කාටත් මොකුත් කියන්න බෑ..

ඕකම මං තව කෙනෙක්ගෙන් ඇහුවොත් උන් කියයි....සමලිංගිකත්වෙ කියන්නෙ මානසික ලෙඩක් කියලා කවුන්සිලින් යන්න කියයි....

සමහරු සාප කරයි....

සමහරු අහයි උඹල පෙරපව් ගෙවනවා කියලා....

සමහරු කියයි මේවා දෙමව්පියන්ගෙත් කරුම කියලා...

ෆේස්බුක් පේජ් එකක නිකමට දැම්මොත් ඒ පෝස්ට් එක පවා ස්ක්‍රින් ශොට් අරන් වෙන පේජ් කාරයො පවා ආතල් ගනී...

මට බය හිතුනා...මගෙම උන් මට ඇගිල්ලක් දික් කරයි කියලා ....

මට විතරක් නෙවෙ...නිම්නටත්,

උන් කරන ඕන විහිලුවක් ඉවසන්න පුලුවන් හැබැයි....ඇස් රතු වෙන විහිලුවක් ගාව මට ඉවසන්න බැරි බව දන්න නිසා මන් ඉක්මනට මගෙ ඇගෙන් නිම්නව අහක් කරපු මං තිස්තුන්දාහෙන් වැදුන එකා වගේ දනි පනි ගාලා නැගිටගත්තා ...

මොකද තල්ලු කරන්නෙ මගෙ ඇගේ හොරි නෑ....

මං දන්නවා.. හොරි නෑ කියන්න

ඒ උනාට මට ඔයාව මේ මඩ නාගන තවත් බදන් ඉන්න බෑනෙ නිම්න....තුරුල් වෙන්න ඔච්චර ආසද.....

ලෑලි බොඩියටද ආසද අහන්නෙ?? අනික....තව දෙයක් මයුර මට අයියෙ කියලා කතා කරන්න....නම කියන්නෙ මොකද.....?

මොන....මගුලට? අවුරුදු හතයි වැඩිමල්...අයියා හුයියා ගගා මට ඈලි මෑලි වෙන්න බෑ.....අනික කොල්ලො.....මම කිව්වෙ ඔයාගෙ නම මිසක් වෙන නමක් කිව්වෙ නෑනෙ...ඔන්න නිම්න වෙනුවට මහින්ද මහත්තයා කියලා කතා කෙරුවා නම් තරහා ගියත් සාදාරනයි...

ඒකා මට රවන්න ගත්තා ... වෙලහට මහීගෙ පැත්තෙ වෙන්න ඇති....මමයි මඩ නෑවෙ ඒකව බේරන්න ගිහින්...ඒ ගුනේ වත් නෑ...මොන මගුලට රවනවද මන්දා...උඹ රව රව රගන්නෙ හොද රැවිලි ඔස්තාර් කෙනෙක් එක්ක තමයි කියන්නත් කට කොයියෑවත් මට උඹට වඩා හොදට රවන්න පුලුවන් කියන්න පොඩි සීතල බැල්මක් දාපු මන්

මම මගෙ ලෙදර් ජැකට්න් එකේ තිබුන මඩ පාර පිහ පිහ මගෙ සපත්තු දිහා බැලුවා.....

මට හීල්ලුනා....ඕන මගුලක් ඉවසන්න පුලුවන් ....මගෙ බෙල්ල පාගන් ගියත් මට ඉවසන්න පුලුවන් ..... හදවත ගලවලා අරන් මිරිකලා පෙන්නුවත් බලන් ඉන්න පුලුවන් .....

ඒත් මං අකමතිම දේ සපත්තු පාගන එක....සපත්තුව ජරා වෙන එක....මට මැරෙන්න හිතුනා.....කැන්වස් දෙකෙන් එකයි මඩ .....

ආ...යිශ්....යා...හ්හ්...

මොකද ....

මොකද අහන්නෙ....සපත්තුවෙ මඩ....

........ඉතින් ගෙදර ගිහින් හෝදගන්න....

ඔව් කියනකන්නෙ මං උන්නෙ...ස්තූතියි උපදේසනේට...

මට මලෙ මල...ආව මෙතන කරන්න ඕන දේ කියන්න...හිතුවද දන්නෙ නෑ ගෙදර ගිහින් හෝදන්න කියන එක එයා නොකිව්වා නම් මං මේක මඩ පිටිම්ම අල්මාරියෙ දානව කියලා ...

සපත්තු දෙක තනකොල ගොඩේ අතුල්ල අතුල්ල උන්න මං අවසානෙදි එයා දිහා බැලුවා...ආය රවනවා නේද...මොන බිජ්ජට රවනවද මන්දා....මං දැන් මුගෙ ඇස් ගලවලා අතට දෙනවා

ඔයා මොකද අර වැස්සෙ නාගන ගස් ගල් අස්සෙ උන්නෙ.....ඊටත් තුන්මන් හන්දිය ගාව..සුදුත් ඇදන්...ප්‍රෙශර් කාරෙක් දැක්කා නම් ඌට නගිනවා.....

.......මොනවද....නගින්නෙ....?

ප්‍රෙශර් ඉතින් ආය වෙන මොනවද....හැබැයි ඉතින් වැහි සීතලට වෙන වෙන ඒවත් නගින්න පුලුවන් ..ඒත් ඔය මුන දැක්කම මං හිතන් නෑ නගී කියලා.....අහන කැත විතරක් උපාසකයා වගේ ඉදන් ,

මං අප්පච්චි එක්ක යනකොට අහම්බෙන් වගේ දැක්කෙ.....ඔය නයි මල්ල අස්සට පෑන් පොත් විතරක් නෙවෙ...කුඩේකුත් ඔබාගන්න....නැත්තන් ඔය ඔලුව පෙගුනම ඊලග දවසට ලියන්න දේවල් නැතිව යයි.....හැමදාම හත් පාට ගගා හත් පොලේ ගාගන්න වෙයි

........මයුර.....

ම්න්....

මගෙ මූන දැක්කම කාටත් නගින්න ඕන් නෑ.... අදාල එකාට නැග්ගම ඇති...මහ සවුත්තු කටක්...

ඔව් මං මුලිම්ම කිව්වනෙ...සිංහලට වඩා මං දන්නෙ කුනුහර්ප...ආය කියලා තියන කොට නිකන් බබා හුකුන් වෙන්න එපා...ම්ම්ම්ම්...

මං මගෙ සපත්තුව දහ අතේ හරවනකොට ඒකට හරීයට හිතේ අමාරුව හැදිලා තිබ්බා.....ඒ මූන දැක්කම නගින් නෑ කිව්වම....ඇත්තනෙ.....වයස උනත් තියෙන්නෙ හරි ලාමක මූනක්...ඒකනෙ මාත් රැවටුනෙ...ඒ උනාට මූ මහ පඩියා...ඇහුවොත් අහන්නෙ දිවට විතරක් නෙවෙ වෙන ඒවටත් සමනල ගැට වැටෙන ප්‍රශ්න...

ඒ උනාට...ඔයා තවමත් හිතන්නෙ ඒක වැරද්දක් කියලද මයුර ....???

මොකක්ද....

එයා ආයම ඇහුවා.....ඒක වැරද්දක්ද කියලා ...මට දැන් ඒක වැරද්දක් කියන්නත් බෑ....වැරද්දක් නැතිඋනත් නෑ කියන්නත් බෑ...කව්ද දන්නෙ මූට මා එක්ක යාලුවෙන්න ඕනා කියලා හිතුනොත්..අනේ අම්මෙ..අපෙ අප්පච්චි බලන් ඉන්නෙ මං ලස්සන කෑල්ලක් බස්සනකන්..කමනි බලන් ඉන්නෙ පඩි පෙල් වගේ මුනුබුර්‍රො තොගයක් නලවන්න....

ඔයා දන්නවා...ඔයා නොදන්නවා නෙවෙනෙ...

ම්න්....මට එහෙම ඒක වැරදි කියන්න බෑ නිම්න....ඒක මිනිස්සු දකින විදිහ අනුවනෙ...

මං අහන්නෙ ඔයා....අනිත් මිනිස්සු ගැන අහන්න කලින් ඔයා.....

මමද....ඇත්තම කියනවා නම් නිම්න...මට ඔයා ඔය කතාව අහනකන්...කිසිම හොද හැගීමක් ඔය සම්බන්දව තිබුන් නෑ...හැබැයි....ඔයා කිව්වට පස්සෙ මන් ඒ ගැන බැලුවා....මිනිස්සු හොයන්නෙ ආදරේ නම්...දැනෙන තැන නැවතුනාම හරි....එච්චරයි ....මට ඉන් එහා මේ ගැන විචාර කියන්න දන්නෙ නෑ..මොකද මං ඒලෙවල් අනාගත්තා...බෑන්ඩ් පිස්සුව ගහලා...සිංහල වලට ලයිට් කනුවක්...!

ඒකියන්නෙ ඔයා කැමතියි.....එහෙමනෙ....

ඔව්....ඒ..එ...හෝව්.....කැමැතී කියන්නෙ..මං කැමති නෑ....

එ කියන්නෙ තමුන් කැමති නෑ???

මේ මොන කුන්ඩාවලයක්ද දෙයියනේ.....මේකට මං කිව්වෙ අනිත් උන් ගැන මට අවුලක් නෑ කියලා මිසක්....මට ඕන කතාවක් නෙවෙනෙ...මේකා මෙ වහින අස්සෙ මගුලක් අහනවා එහෙන් මගෙ දනිස් පොල් කට්ට කකියනවා...එලියට ආවොත් මේ නිම්නයා මාව කනවා ගෙදර ගියොත් නානකාමරේ ඉන්න හොල්මන මාව කනවා...

කැමති නෑ කියන්නෙ නිම්න...මං කැමති නෑ.....දෙයියනේ..කොල්ලෙක් එක්ක මං මොන මගු....නෑ මන් කියන්නෙ....මට කොල්ලෙක් එපා....ඉතින්....මට කොල්ලෙක් දැනෙන්නෙ නෑනෙ.....මට දැනෙන්නෙ කෙල්ලෙක්....හැබැයි..මට තාම කෙල්ලෙකුත් නෑ....

කෙල්ලෙකුත් නැති නම්.....එපා කියන්නෙ.....

නිම්න...තමුසෙත් හරියටම කෑල්ලක් නැති බව දැන දැන කපල් සිම් දික් කරන හච් එකේ උන් වගේනෙ .....මං කියන්නෙ.....එහෙම මිනිස්සු උන්නට ආදරෙ කෙරුවට අව්ලක් නෑ...හැබැයි මට එහෙම එකෙක් එපා...මොකද මන් කැමති නෑ.....මට එපා....ඔයාට තේරෙනවනෙ...මට....එ පා....!

ඒක තමයි මාත් කියන්නෙ....කෙල්ලෙකුත් නැතිනම්.....කොල්ලෙක්ට අකමැතියි කියන්නෙ...තමුසෙත් ඒකට කැමති නෑ...

මට එකපාර අර කුනුහර්ප පලන හාමුදුරුවන්ගෙ මීම් එක මතක් උනා...මුගෙ වයස ගියාට මොලේ වැඩිලා නෑ...පිරමීඩ කාරයෙක්ද මන්දා ...එකම එක අහ අහ මගෙ ඔලුව කනවා....මූ බූටක් වත් කාලදො??අපිලගෙ ජාතිය....අපිලගෙ ආගම....අම්මට හමන්නන් දාලා කෑගහන හාමුදුරුවො මතක් උනා....

මං සාක්කුවට අත් දෙක දාන් අහක බලාගත්තා.....උදාරයලා පිස්සන්ට හැතැප්ම නෑ වගේ නටනකොට සමහරු සින්දුවෙ වචන අනුව නටන්න ගත්තා.....

මයුර.....

......

දෙයක් අහන්නද...

මං නෙවෙ මීක් ගෑවෙ...මේකා අහිංසක මූන දැම්මට රවනවා..අනික බනිනවා....හත්පාට ආදරේක ඇති වැරද්ද අහන්න ගියපු මට අප්පච්චිගෙන් වැදුන තසිම් පාර හන්දා ඔලුවත් ගෙඩි ගැහුනා...ඊටත් නානකොට ආව එකී හන්දා මගෙ කොන්දත් ඇනුනා....ඒ අස්සෙන් මේකා ආයම මොනවද අහන්න හදනවා...

ම්න්....අහන්න...මගෙ ලේ පුච්චන දෙයක් නැතුව ඕන දෙයක්....ඊට කලින් මට කියන්න ඔයා පිරමීඩ කාරයෙක් හරි ඉන්ශුවරන්ස් කාරයෙක් හරි ඔය දෙකෙන් මොකෙක් හරිද කියලා...ඒත් නැත්තන් මාලිමාවෙ එකෙක්.....???

...ඔය කවුරුත් නෙවෙ ...මං....ලියන කෙනෙක්.....

ම්න්...

ඒකා ලියන කෙනෙක් කියන්නෙ...මැල්ලුන්ද දන්නෙ නෑ...ඔව්වා අහන්නත් බෑ....මොකද ඇස් අහින්සක පාට උනාට මූට හරියට තරහා යනවා...

හරි...ඔයාට මොනවද දැනගන්න ඕන...කියන්න.....දන්න දෙයක් නම්....උත්තර දෙන්නම්....නොදන්න දෙයක් නම්....මට ඉතින් දෙන්න උත්තර නෑ...හැබැයි එකම එක අහ අහ...මාවත් කොල්ලෙක් හොයාගන්න තැනට මගෙ ඔලුව කන්න එපා.....

එයා ලාවට වගේ හිනා උනා.....තවමත් උදෙ ඇදන් උන්න ඇදුමමයි...නයි මල්ල උරහිසේ මයි...මොනවා උනත්...නිම්නගෙ ඇස් දෙක මගෙ දිහාව බලන වාරයක්...වාරයක් ගානෙම...මහ අමුතු කතාවක් කිව්වා....

අනික...නිම්නට ඉක්මනට තරහා යනවා....හැබැයි....හරි ඉක්මනට නිවෙනවා....නිකන් සෝඩා බෝතලයක් වගේ...මට ඉතින් තියෙන්නෙ මතක් කර කර පලි ගන්න පුරුද්දක්.....

මයුර.....ඔයා අකමැති ඇති....ඒත්..කවදාවත් හිතන්නෙ නෑනේද....එහෙම මිනිස්සුන්ට තියෙන්නෙ මානසීක ලෙඩක් කියලා ....නැත්තන් ...එහෙම අයව ඔයා පිලිකුල් කරනවද...නැත්තන් ....වෛර කරනවද.....

...පිස්සුද මොකට එහෙම හිතනවද...ඒක මිනිස්සුන්ට දැනෙන හැගීම් නෙ...අනික....මොකට මං පිලිකුල් කරන්නද...වෛර කරන්න හේතු මොනවද....මෙහෙමයි නිමන....මං අකමැතියි කියන්නෙ....මට එහෙම දැනෙන්නෙ නැති නිසා...ඒත්....මනුස්සයෙ තව කෙනෙක්ට ආදරේ කරනවා දැකලා හෑලි දාන්න වත්..වෛර කරන්නවත් තරම් මට එහෙම ට්‍රැක් අවුට් ගතියක් නෑ...මිනිස්සුන්ගෙ තේරිම් වෙනස්...එච්චරයි ....

ඇති යන්තන්...එයා ඇහුවෙ මට මූනම පාත් වෙන ප්‍රශ්නයක් නෙවෙ.....මං බලාගන එයා දාන් උන්න නයි මල්ල ඒ උරහිසෙන් මේ උරහිසට මාරු කරනවා.....

අවසානෙදි එයා මීක් නොගා ස්ටේජ් එකෙ නටන කෙල්ලො දිහා බලන් උන්නා....යන සින්දුවෙ හැටියට වදින ප්ලෑශර් පාරට ඇස් නිලන් කාර වෙලා යන්න එනවා....අරකිලා කොහොම නටනවද මන්දා....ඊටත්‍ යන සින්දුව...

ඔයා නිසා මගේ සින මැකී ගියා දෙන්

ඔයා ලැබෙන්නෙ නැතිනම් තනිකඩ බෙන්ටෙන්....

අපරාදෙ ...

මට අපරාදෙ කියලා කියවුනා.....මෙච්චර වෙලාම නිකන් කිසිම හැගීමක් නැති එකෙක් වගේ ස්ටේජ් එක දිහාව බලන් උන්න එයා එකපාරම මා දිහා බැලුවා...

ඇයි.....

වැස්සෙ නාගන බලන්න ආවට....සෙට් නෑ.....

.....මාත් ..ආස නෑ මෙව්වා බලන්න...ඒත්.....මාව ගෙදරින් එලෙවනවනෙ.....මට ඕනෙ පාඩුවෙ ඉන්න...ලියන්න.....ආදරේ ගැන ලියන්න...මිනිස්සු ගැන ලියන්න...ඒත්....මන්දා...

මොකට.....??

.....

මොකාද එලෙව්වෙ...??

.......මයුර..පිරිමි උනහම...මෙව්වා බලන්නම ඕනෙද....ගෙට වෙලා පොතක් පතක් බලන් ඉන්න එකෙන් වෙන්නෙ පිරිමි කම නැති වෙන එකද.....?නැත්තන් ..පාඩුවෙ ඉන්න එකෙන් වෙන්නෙ.....පිරිමි නෝන්ජල් වෙන එකද.....???

මො...මොකක්....??ඇයි.....මියුසිකල් එකක් බලන්න ආව කියල ළඟ තියන ලබ්බ දික් වෙනවද...කොච්චර කෙරුවත් සෙන්ටිමීටර් පහලවයි....විකාර...මොකාද ඔය ගොබ්බ කතාව කියපු එකා....ඇරත්...හැම මිනිහම මේවට ආස නෑ...මිනිස්සුන්ගෙ කැමති අකමැති කම් වෙනයි...මොන හරකද එහෙම කතාවක් ඔලුවට එබුවෙ?

හ්....හෙමින්.....මිනිස්සු .....හිතයි ..ඔයාට පිස්සු කියලා...

නෑ..මං කියන්නෙ.....මොකාද එහෙම කිව්වෙ....??

......

මං හිතන්නෙ මගෙ ඇස් ගෙඩි දෙක එලියට පනින්න ආවා.....එයා මගෙන් අහනවා....පිරිමි උනහම මියුසිකල් එකක් බලන්නම ඔනෙද කියලා ..ගෙදරට වෙලා පොතක් පතක් බලපුවාම පිරිමි කම නැති වෙනවද කියල....යකො....කියන කරන ඒවලින් කකුල් මැද තියන එක මනින එකා මොකාද.....??මිනිස්සුන්ගෙ ආසාවන් වෙනස්....කියන කරන දේවල් වලින් මිනිස්සුන්ගෙ ලින්ගෙ වෙනස් කරන්න හදන්නෙ මොකාද...?

නිම්න....මොකාද ඔයාව එලෙව්වෙ.....

එයා මීක් නෑ....එයා මීක් නෑ.....එයාව එලෙව්වා කියල එයා උන්නෙ හරි අපහසුවෙ වගෙ...අවසානෙදි එයා මගෙ දිහාව බැලුවා...ඒ ඇස් රතු වෙලා....ආයමත් රවාගන.....

අප්පච්චි .....

ඔයාව එලෙව්වෙ අප්පච්චි .....???

මයුර...ඔයාගෙ දරුවෙක්...කවදා හරි.....ආදරෙ කරන්න තෝරගන්නෙ..එයාගෙම වර්ගෙ කෙනෙක් උනොත් ඔයා මොකද කරන්නෙ මයුර.....ඔයාගෙ යාලුවොන්ට ඔයා කිව්වොත්...ඔයා ආදරේ කරන්නෙ ඔයාගෙම ජාතියෙ අයට කියලා ..එයාලත් ඔයාට විහිලු කරයිද මයුර ...ඇයි ඒ.....මිනිස්සු ඇයි..ඒ....ඇත්තටම ...උන් ඇයි එහෙම....

මට හිතාගන්න බැරි උනා එයාට එකපාරම මොනවා උනාද කියලා ....මට හිතාගන්න බැරි උනා එයා අහන මොන ප්‍රශ්නෙට මං උත්තර දෙන්න ඕනද කියලා ...එයා මගෙන් අහනවා මගෙ දරුවෙක් එහෙම උනොත් කියලා ...

මාව නිකන් කරකවලා අතෑරියා ....අප්පච්චි ගැහුවෙ මට තසිමෙන්...මං දැන් කියනවා මට ඒක ප්‍රශ්නයක් නෑ.....ඒක මිනිස්සුන්ගෙ කැමැත්ත කියලා ....ඒත්....ඒකම මගෙ ලමයෙක් ඇහුවොත්....මගෙ ළමයෙක් මට කිව්වොත් අප්පච්චි මං ආදරෙ කරන්නෙත් මගෙ ජාතියෙම කෙනෙක්ට කියලා ....

එදාට මන් මොකක් කරයිද ...නිම්න ඉස්සරහා මං කිව්වා ඒක මිනිස්සුන්ගෙ අයිතිය....ආදරේ කියන්නෙ ආදරේට කියලා .....මං නිම්න ගාව කියපුවම මගෙ දරුවෙක් ඉස්සරහ කියයිද.....???

ඔයාට උත්තර නෑ මයුර.....අම්මා අප්පච්චි බුදු වේවා කියලා කිව්වත්...සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්ට අම්මා අප්පච්චි පට්ටම දුන්නෙ අපියි...බිහිකරපු ගුන තිබ්බට.....දරුවෙක් වෙලා ලගට එන අපියි අම්මා අප්පච්චි ලේබල් එක දෙන්නෙ....ඒත්....ඒකෙන් කියන්නෙ නෑ...අම්මා අප්පච්චිට පුලුවන් කියලා ලමයිගෙ හැගීම් මුලින් උදුරලා...වෙන හැගීමක් හිටවන්න පුලුවන් කියලා ...ඒක වැරදි...ඒක වේදනාවක් ...

තමන්ගෙ ආසාවන් වෙනුවෙන් ළමයි හදන එක මහ අසාධාරනයි මයුර....බනකට ගියත් කියන්නෙ දරුවො දෙමව්පියන්ට සලකන්න ඕන විදිහ.....ඇයි මයුර කොහෙවත් දෙමව්පියො දරුවන්ට සලකන්න ඕන විදිහ බනට කියන්නෙ නැත්තෙ.....?

......

ඔයාට උත්තර නෑ...ඔයාට උත්තර නෑ කියන්නෙ....ඔයා කරන්නෙ අසාධාරනයක් කියන එක ...මයුර.....මිනිස්සුන්ගෙ හැගීම් මුදුන් මුලත් එක්කම කඩලා ගන්නකොට රිදෙනවා....

තත්පර ගානක්....මන්දා නිම්න මගෙ කනට ගැහුවා වගෙ වැඩක් කෙරුවෙ...මට දැන් කියන්න බෑ...නිම්න මගෙ දරුවෙක්ට නම් මං ඉඩ දෙනවා කියලා ...මොකද මට නිම්නගෙ හිත හදන්න මටම බොරු කරන්න බෑ.....අවංකවම ....මං සමහර විට අකමැති වෙයි...මගෙ අප්පච්චි මට ගැහුවා වගේම මාත් ගහයි...ඒත් ඒක වැරදි ...ඇත්ත.....ඇයි දරුවන්ට සලකන්න ඕන විදිහ ගැන බනට කියන්නෙ නැත්තෙ.....?

මගෙ ඔලුවත් එක්ක කුරුවල් වෙලා....එයා යාලුවො ගැන අහනවා...මං එයා ඉස්සරහා මෙහෙම හරි වචන ගැට ගැහුවා ඒත් උන්ගෙන් මට ලැබුන උත්තර ....????

නිම්න.....මට ඔයා අහපු දේවල් වලින් එක ප්‍රශෙන්කට උත්තර දෙන්න අමාරුයි.....මං තවම අප්පච්චි කෙනෙක් උනේ නැති නිසා....

මං අහන්නෙ...ඔයා එතනදි මොකද කරන්නෙ ..... .??බනිනව ....ගහනවා....කොන් කරනවා.....පවුලෙන් නෙරපනවද...???

....නෑ...අද ඉන්න මම නෙවෙ....අප්පච්චි කෙනෙක් උනදාට ඉන්නෙ හැබැයි...මං හිතනව නිම්න...මං එදාට....මගෙ ලමයිගෙ සතුට ගැන හිතයි කියලා ....

ම්ම්...ඒ වචන...ඒ විදිහටම තියන්න මයුර...අඩුම ගානෙ අපහස නොකර ඉන්න තැනට වත්...හැදෙන්න....

මං නිම්නගෙ මූන දිහාව බලාගන උන්නා .....එයාව සුදු මැලි වෙලා....ඉන්නෙත් කැමැත්තකින් නෙවෙ කියපු නිම්න්ට හිටපු ගමන් තරහා ගියා...එයා සමහර වෙලාවට තර්ජනෙ නොකර තර්ජනෙ කරනවා...

මං ඉස්සරහා බලාගත්තා මා එක්ක ආව මගෙ උන්ට මාව අමතක වෙන තරමට සිහි නැති වෙලා ...ඊටත් මට මේ ශෝ එක මහ නීරස බවක් දැනෙන්න ගත්තා ...මට එහා පැත්තෙ උන්න නිම්න ඉන්නම් වාලෙ උන්නා...

මයුර ....

ම්න්....

මට වෙලාව කියන්න පුලුවන්ද ?

නවයහා මාරයි...

මං යන්න ඕනෙ....මං...දහය වෙනකොට ගෙදර ඉන්න ඕනෙ....

එ මොකටද.....දහය වෙනකොට ...

ඒක රූල් එකක්....ඒක....මගෙ ගෙදර තියන ....නරකම රූල් එකක්...ඒක...මගෙ ගෙදර තියන එපාම කරපු රූල් එකක්.....එලවනකොට යන්නයි වෙලාවට එන්නයි....

ඔයාට තිස් එකයි...

වයස ඉලක්කමක් විතරයි ....

මං එයා දිහා බලන් උන්නා.....කිව්වට විස්වාස කරන්න නිම්න දත්මිටි කනවා....දහය වෙනකොට ගෙදර ඉන්න එක රූල් එකක්...ඒක එපා කරපු රූල් එකක් එකක් කියපු එයා මං බලාගන අතත් මිට මොලවන් දත් මිටිකනවා...

මට සැනසීමක් නෑ...,

නිම්න....

එයා හැරුනා...මා එක්ක උන්න එයා මාවත් දාලා එක පාරම හැරුනා.....එයා යන්න හදන්නෙ....ආවෙ කා එක්කද...කොහොම යනවද මං දන්නෙ නෑ.....ඒ එක්කම මාත් හැරුනා...හැබැයි එයා ඉස්සරහට තියාපු අඩිය එක පාරම ආපිට පස්සට ගත්තා ...

නිමන.....

ඔයාට....අර අතන ඉන්න කෙල්ලව පේනවද.....

කොර...කොහෙ....අර නටන එකීද.....

නෑ....

එහෙනම්.....

එහෙනම්...අර මොනවද ගිලින එකීද.....

නෑ....මයුර....අර අතන ඉන්නෙ....

කෝ...එතන ඉන්නෙ කොල්ලෙක්නෙ...

නෑ.....එයා ගෑනු ළමයෙක්.....

මො.....

මං මගෙ ඔලුව චුට්ටක් දෙපැත්තට වැනුවා ...කලු පාට හූඩි එකක් ඇදලා වොශ් කරපු පැච් ඩෙනිමට සුදු ස්නිකර්ස් දෙකක් දාන් උන්න කොල්ලව පෙන්නපු නිම්න කිව්වා ඒ ඉන්නෙ කෙල්ලෙක් කියලා ....

කෙල්ලෙක් නම් කෝ පපුවක්...

කෝ කොන්ඩයක්.....??ඒකි කොලු බාගයක් ....

ඒකි....කෙල්ලෙක්ද...

හ්ම්..

කොල්ලෙක්....වගේ....

ඇයි....එහෙම උන්නා කියලා වැරදිද.....

න්..නෑ...නෑ...අපො නෑ....ඒක එයාගෙ කැමැත්තනෙ...එයාට ඕන විදිහකට උන්න දෙන් .....

මං එයාව දන්නවා...

ඔයා දන්නවා.....???ඔයාගෙ යාලුවෙක්ද.....

මං නිම්න දිහාව බලලා ආපිට කෙල්ල දිහා බලන් ඒ ඔයාගෙ යාලුවෙක්ද අහනකොට නිම්න මට උත්තරයක් නොදීකෙල්ල දිහාව බලන් උන්නා..මේ ඉන්නෙ එයාගෙ කෙල්ලද.....

මේ ඉන්නෙ ඔයාගෙ කෙල්ලද???

විකාරද....ඔලුව වැදුනද...?

......

මුගෙ ගනකම බලපල්ලකො....මං ඇහුව එකට ඩෝන් යන්න ඕනද...නෑ නම් නෑ කියපන්...නගරන් වගේ නහින්නෙ ඇයි...වෙලාවකට දාන කලර්ස් තමයි අල්ලන්නෙ නැත්තෙ...වරකො ආය කෝපි ඉල්ලන් ඥීනි ඥැතුව ඤෝපි එකක් ගාන්...

එයා හරි හොද කෙනෙක්...එයා...හරි...ආදරනීය චරිතයක් ....ඒත්...එයාව....කාටත් තේරුම් ගන්න බැරි උනා.....එයාව...විතරක් නෙවෙ ..එයාලා...කාවවත්ම.......

එයා ආයම කියෙව්වා ....ආයම කියෙව්වා .....එයා කිවනවා මං අහගන උන්නා...මොනවා කියවනවද කියන්න මට සද්දෙ එක්ක පහු පහු වෙනකොට ඇහුනෙත් නැති වෙනකොට එක පාරම ඒ කෙල්ල අපි ඉන්න පැත්ත බැලුවා.....ඒකි මාව දැක්කා...මං ඒකි දිහාව බලන් ඉන්න එක ඒකි දැක්කා මදිවට ....මගෙ පැත්තට එන්න ගත්තා...

නිම්න...

....

නිමන එයා එනවා....නිම්න මං මොකක්ද කියන්න ඕන...

.......

ඇයි.....මොකක්ද බ්‍රෝ වෙන්න ඕනෙ...

අම්මට..සිරි නිම්න...ඒකි...අහනවා මොකක්ද වෙන්න ඕනෙ කියලා .....ඒ..අසෙන් එන්නෙත් මේ පැත්තට ....ඒකි ඔයාගෙ යාලුවෙක් කිව්වනෙ.....

කෙල්ල මගෙන් අහනවා මොකක්ද බ්‍රෝ වෙන්න ඕනෙ කියලා ...අඩෙ මුන් දිහා බැලුවත් මුන්ට තරහ යනවනෙ.....

මං පුලුවන් තරන් මගෙ ළඟ උන්න නිම්නට කතා කෙරුවා....උගෙනුත් සද්දයක් නැතිම තැන මං නිම්න දිහා බැලුවා.....ඒකා නෑ....මිසින්.....හරි ශෝක් වෙරි ගුට් වෙරි බියුටි පුල් උඹ කරපු දේ.....උඹව අදහන්න වටිනවා නිම්න....දෙබර කූඩෙට ගල ගහලා උඹ මිසින් උනා...

මොකද....බ්‍රෝ...

ආ...නෑ..නැ...මොකුත් නෑ...එහෙම මොකුත් නෑ...න්..නං.....

මං ඉක්මනට කට වහගත්තා .....ඒකි ඉන්නෙ කොල්ලෙක් වගෙ...මං නංගි කියන්නද මල්ලි කියන්නද....නංගි කියලා කනට ගැහුවොත් මං ඒකිට ආපිට ගහන්ඩද... බෑනෙ....

කන්න වගේ බලන් උන්නෙ එහෙනම්.....

ආ..නෑ..මේ නිම්න කිව්වා ඔයා එයාගෙ යාලුවෙක් කියලා...ඒකයි බලන් උන්නෙ .හැබැයි...ඔයා ඔය කිව්ව විදිහට කන්න නම් බලන් උන්නෙ නෑ.....

ඇත්තටම ..ඒකි කොලු බාගයක්...කටහඩ....කෙල්ලට තිබුනෙ මෘදුත් නැති...ගොරෝසුත් නැති ඒ දෙකටම මැද කටහඩක්....කොන්ඩ කට් එකක් කපපු ඒකි තනි කනට කරාබුවක් දාලා ඇහිබැමෙත් ඉරක් ගහලා මදිවට බෙල්ල වටේට යකඩ දම්වැල් කෝටියක් දාගන උන්නා.....අතෙත් එම්බාර්ක් එකෙ පටියක් තිබ්බා....

නිම්න...??

ඔව්...එයා මේ මෙතන දැන් උන්නා....මං හිතන්නෙ වඩයක් ගන්න යන්න ඇති...එයා කිව්වා ඔයා යාලුවෙක් කියලා ..ඔයාව හොදටම දන්න කෙනෙක් කියලා .....ඒකයි බලන් උන්නෙ ..නැතුව වෙන දෙයක් නෑ....

කෙල්ල මා දිහා ඇස් යටින් වගේ බලාගන උන්නා....නිම්න එයාව දන්නවා කිව්වා කියපුවාම ඒකි තවත්‍ රවන්න ගත්තා...ඒ මොන මගුලටද....අවසානෙදි ඒකි අතේ බැදන් උන්න ඔරලෝසුව දිහා බැලුවා...

තමුසෙත් නිම්නට විහිලු කරපු එකෙක්ද...????එහෙම එකෙක් නම් කියනවා....මට එවුන්ව පේන්න බෑ....සක්කිලි පක්කු...

ම්..මම....ඒමොකටද...මම එයාට විහිලු කරලා නෑ....හේතු නැතුව විහිලු කරන්ඩ මන් ජෝකර්ද...නෑනෙ....නංගි නේ...

ම්ම්ම්...තමුන් කියන්නෙ නිම්න මෙතන උන්නා කියලද...මෙවෙලෙ...?වෙන්න බෑ මචන්....

මං නංගි කිව්වා...ඒකි මට මචන් කිව්වා...නිම්නට විහිලු කෙරුවද ඇහුවා....ඒකි එච්චරයි කිව්වෙ ආය වචනයක් වත් නොකිය යන්න ගියා...මේ වෙලෙ එයා මෙතන ඉන්න විදිහක් නෑ කියන්නෙ....වෙලාව දහයට කාලනෙ...සමහර විට ඒකිත් දන්නවා ඇතිනෙ නිම්න ඔය කියාපු රූල්ස් ගැන...

මයුරයා...

මයුරයා....

මොකද යකො මේ තනි පංගලමෙ ඉදන් කරන්නෙ....

උඹ ආවෙ ශෝ එක බලන්න නෙවෙද....?

මං උන්නෙ තවමත් ඔරලෝසුව දිහා බලාගන වෙනකොට මගෙ පිටිපස්සෙන් ආව උදාරයා පිට මැද්දටම ගහන ගමන් තනි පංගලමෙ මොකද කරන්නෙ අහනකොට මං වටපිට බැලුවා....

මං උන්නෙ තනියම...නටන උන් මගෙන් හත් ගව්වක් දුර..මෙච්චර වෙලාම මා එක්ක උන්න නිම්නත් පැදුරටත් හොරාවට යන්න ගිහිල්ලා....මේ ලෝකෙ ඉක්මනිම්ම වාශ්ප වෙන දේ නිම්නයද කොහෙද....පොර ටෝක්ස් දෙනවා මිසින් වෙනවා....

නෑ බන් මගෙ යාලුවෙක් හම්බ උනා...ඌ එක්ක උන්නෙ...

අලුත් යාලුවෙක්ද...ම්ම්ම්..ම්ම්ම්...මයුරයා...අපි නොදන්න...අලුත් ..යාලුවා...මොකාද...

පිස්සුද තොපිට....අප්පච්චි ගෙ කඩේට ආව අයියා කෙනෙක්...

ම්ම්...ඇත්තදූ...උඹ අහපු කතාව එක්ක...මෙ තනි පංගලමෙ අයියල එක්ක කතා කර කර උන්නා කියනකොට....හිතෙන්නෙ වෙන වෙන එව්වනේ....

කටවහපන් කල්පනයා....ඌට ඉන්න ඕන යාලුවො අපි විතරද...වෙන උන් ඉන්න බැරිද.....?

මං කල්පනයව අලුවෙලා යන්න රැව්වා...මං හිතුව වගෙම අහපු එක ප්‍රශ්නයක් නිසා මුන් මාව දැනටම නෝන්ඩි කරන් යනකොට මගෙ පැත්තට එකම එකෙක් හරි උන්න එක ගැන මං සතුටු උනා...කල්පනය මාව අවුස්සන්න විහිලු කරනවත් එක්කම ඌ ලගම උන්න සසන්ක කල්පනට සැර උනා....

.හරි..හරි....ඉතින්...මූට මීට කලින් අපි ඇරුනම වෙන් උන් ඉදල තියනවද....ඇරත්.....මූ කවදාවත් නැතුව අහපු එක එක්ක..මට හිතුන දේ මං කිව්වෙ....

ඔව්....මං කොල්ලෙක් හම්බෙන්ඩ ආවෙ...උඹට පුකද ඉතින්.....නෑනෙ...මගෙන් මොකුත් නාහ ඉදපන්....

ඒව්....මං කිව්වෙ උදාරයා මූ කොලු කාරයෙක් කියලා ..නැත්තන් යකො.....අපි හැමෝටම දෙක දෙක ඉන්නකොට මුූට විතරක් එකක් වත් නැතුව යන්නෙ කොහොමද ....

තොපිට වගේ දෙක දෙක බැලන්ස් කරන්න මට ගාය නැති නිසා...නිකන් කුනු හර්ප නාහා ඉදින් සැරයක් කිව්වම...

හරි..හරි...දැන් සීරියස් ....මචන් ....හරිද...උඹට ඇත්තටම ඉන්නෙ කොල්ලෙක්ද කියපන්කො.....

...මට කල්පනගෙ කට ඉරන්න හිතුනා....අරුන් ඔච්චර මූට කට වහන්න කියනකොට කල්පනයා විතරක් ඒකම ආය උඩට අදින්න ගත්තා...ආයම උඩට ඇද ඇද මගෙන් ඒකම අහන්න ගත්තා...

කල්පනයා...උඹ යටට ඇදන් ඉන්නෙ ජොකෙක්ද...නැත්තන් පෑන්ටියක්ද කියපන්...එකම එක අහන්නෙ...මොනාද බන් චීත්තෙ වගේනෙ...

නැ...නෑ..මං අහන්නෙ....උඹට ඉන්නෙ එහෙම එකක්ද කියලා ...හේතු නැතුව උඹ මොකුත් අහන එකෙක් නෙවෙනෙ මයුරයා....ආ..නැද්ද කියපන් උදාරයා....

මං කල්පනයගෙන් යටට ඇදන් ඉන්න එක ඇහුවා...මොකද...නිමන්ගෙ ප්‍රශ්නයි...කල්පනයගෙ හැසිරීමයි මට හිසරදයක් වේගන එනකොට මට ඒකගෙ මූන කට සමතලා කරන්න හිතුනත් ඉවසන් උන්න මට අවසානෙදි කල්පනට උත්තර බදින්න හිතුනා...

ඔව්....මට කොල්ලෙක් ඉන්නෙ....උඹලට කොල්ල ගැන කියන්න කලිනුයි මං උඹලගෙන් ඇහුවෙ...උඹලා ඒ ගැන මොකද හිතන්නෙ කියලා ...

ඒ..ඒ..පිස්සුද යකො....උඹට..ඒ...මේ මූ කොලුකාරයෙක්නෙ...පිස්සුද උඹට කොල්ලො ගහන්න යන්න...

දැන් උඹලට තියන එකම ප්‍රශ්නෙ ඒකද.....????

නෑ...නෑ..ඒ උනාට නෝන්ඩිනෙ බන්...කොල්ලො ගහන එක...අපිටත් එක්ක ලැජ්ජයි හුත්තො..කොලුකාරයෙක් එක්ක ඉන්නෙ කියන්න...

මං ලාවට ඔලුව වැනුවා...නිම්න අහපු දේට මට උත්තර මගෙ උන්ගෙම්ම ලැබෙනකොට අනිත් උන් මෙ කියන්නෙ ඇත්තද බොරුවක්ද හිතා ගන්න මගෙ මූන දිහා බලන් ඉන්නකොට කල්පනයා විතරක් මට කට කැඩුන විහිලු කරන්න ගත්තා

ඕකට බේත් ගනින් මයුරයා....ඕක ලෙඩක්...උඹට කෙල්ලෙක් ඕන නම් කියපන්...දම්මල දෙන්නම්.....ලැජ්ජා නැති වැඩ කරන්ඩ එපා...ලැජ්ජයිනෙ යකො....කටක් ඇරලා කියන්නෙ කොහොමද තෝ ලොල්ලෙක් කියලා.....ඉදකින්.....අඩේ...

කල්පන...මං ඒක කිව්වෙ....

මාව රත් උනා...මට කියන්න ගිය දේ සම්පූරන කරන්න බැරි උනා...උදාරට පිටිපස්සෙන් කල්පන දිහාව කන්ඩ වගේ බලන් උන්න නිම්නව දැකපු මට කර කියා ගන්ඩ දෙයක් නැති උනා....

නිම්න එක්ක කතා කරන්නත් බෑ..මේ අහපු වචනෙට දෙකට මුන් මට මෙහෙම පද හැදුවා නම්....මං දැන් නිම්න එක්ක කතා කෙරුවොත් උන් කරන්නෙ නිම්නටත් ලැජ්ජ හිතෙන දෙයක් කියන එක හන්දා මං උන් හැමෝවම දාලා ගෙදර එන්න හැරුනා....හැබැයි...යාලුවා කියල නොබලා මං කල්පනයටත් හොද දෙකක් කිව්වා.....

කල්පනයා...මං ඇහුවෙ...මට අහන්න ඕනයි කියලා හිතපු ප්‍රශ්නයක්...හැබැයි ඒකෙන් කියන්නෙ නෑ...මං කොල්ලො ගහන එකෙක් කියලා ..හැබැයි...තේරුම් ගනින්...එහෙම මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා....හැබැයි උන්ට තියන එකම රස්සාව මුල්ලකට වෙලා ඇර ඇර ඉන්න එකත් නෙවෙ.....උඹ ඒකට කැමති නැති උනාට කමක් නෑ.....හැබැයි ..එහෙම මිනිස්සුන්ට අපහස නොකර ඉදපන්....උඹට මං කියන එකේ බරපතල කම තේරෙයි...උඹගෙ ළමයෙක් ඇවිත් අප්පච්චි ..මන් අදරේ කොල්ලෙක්ට කියලා කිව්ව දාට...ඒක හින්දා....හැම වෙලෙම ඔය ලැට් කට අරිඩ කලින් දෙපාරක් හිතපන්...හරි...ආය...මගෙ කනට ඇහෙන්ඩ පදයක් හදපන්....යාලුව කියලා බලන්නෙ නෑ....ගහනවා තොගෙ දත් ටික යටි බඩෙ හිටින්න ...

ඒ..ඒ..මයුරයා...නැවතියන්...මූ විහිලුවක් බන් කෙරුවෙ....ඔහොම ඉදපන්....උඹ එහෙම නෑ කියන්ඩ අපි නොදන්නව නෙවෙ.....ඒ මයුරයා...

..අනේ.....අම්...මාහ්...

මං නෙවෙ නැවතුනේ...කල්පනයගෙන් හැකර කට වැහෙන්න කියපු මං කෙලින්ම එන්න එනකොට උදාර මගෙ පස්සෙන් ආවා වගේම අඩි පහ දහයක් යනවත් එක්කම කල්පනයා බෙරිහන් දෙන සද්දෙ ඇහුනා....

කල්පනයා.....

කල්පනයා...

අ..අඩේ....ද්....දත...අඩේ....දත....ක්...කැඩුනද ...බලපන්...

උඩ බලන්ද යකො ඇවිදින්නෙ

කල්පනයා උන්නෙ බිම...ඒකව උස්සලා පොලවෙ ගහලා වගෙ මූනින් දලා වැටිල මදිවට ඒකගෙ මූන ගලක ඇනිලා තිබුනා...

කල්පන...

ම්..මයුරයා....අ..අඩේ...මගෙ ...ද්...ද...

උදාරයා ඔන්න ඔය ලේන්සුව දීපන්...මුගෙ කටට තද කරන්න....උඹ කටවපහන්කො ක්ලපනයා උඩ බලන්ද ඇවිදින්නෙ.....

ආ...ව්හ් ... ....අනෙ ..බ...න්.....ද්....

කොච්චර උනත් මං වැටීගන උන්න කල්පන ගාවට ගිහින් ඒකව උස්සනකොට උගෙ කට ලේම ලේ පාට වෙලා තිබ්බා....

ඒකගෙ යටි තොල පුපුරලා මදිවට ඉස්සරහම දත ගැලවිලා යන තරමට කට රතුම රතුවෙලා තියනකොට මං බලාගන ඒකට සාත්තු කරන මා දිහාව තවත් කෙනෙක් ඈත ඉදන් බලන් උන්නා.....

නිම්න.....!!..

එහෙනම්.....අපි කැපුනා....මයුරයා හෙට කීයටද බන් එන්න ඕනෙ....දානයක් හන්දා උදෙම්ම එන්න ඕනෙද ....

මං උන්නෙ වෙන ලෝකෙක....දත කඩාගන්න් හදපු කල්පනයා නැවතුනෙ යටි තොලටත් මැහුම්ක් ගස්සන් වෙනකොට දොලහා වෙන්නත් කලින් ආපහු ගෙදර ආව මගෙන් උදාර හෙට එන වෙලාව අහනවා....ඒත් මං උන්නෙ මගෙ කරේ තිබුන මස්කටු පෙන්ඩන්ට් එක දිහාව බලාගන....

ඒකි කොහොම මේක අදුනන්නෙ...අනුන්ගෙ දේවල් ගන්න ලැජ්ජ නැද්ද අහන්නෙ....යකො ගෙදර වික්කෙ බඩුත් එක්කමනෙ.....එහෙම උනහම මේ ඕන එකක් අපේ නේන්නම්...

මං මස් කටුව දිහා බැලුවා ...බයික් එක ගන්න ආව තැනදි ඒ කෙල්ලව ආයම මට හම්බුනා....හම්බුනා කියන්නෙ නොන්ඩි කොට කොට උඩ බලන් ගියපු මාව කෙල්ලගෙ ඇගෙ හැප්පුනා ... අහම්බෙන් වගේ එලියට ආව මගෙ කරෙ තිබුන කලු පටි මාලෙයි පෙන්ඩන්ට් එකයි දැකලා ඒකි හැසිරුනෙ මං රත්තරන් බඩු සාප්පුවක් කඩාපු එකෙක් ගානට වෙනකොට ඒකි මේක ඉල්ලුවත් මගෙත් තියන ඕන් නැති කමට මං ඒක නොදී උන්නා.....

ඇයි මේක ඔනෙ ඇහුවට හේතු කිව්වෙත් නෑ....

කමක් නෑ ආය දවසක හම්බ උනොත් දෙනවා.....

යකො මයුරයා....

අ..ආ...ඔ....

මොන සිහියෙන්ද උඹ ඉන්නෙ මං දැන් කීයෙ ඉදන් අහනවද තොපෙ ගෙදරට කීයටද එන්න ඕනෙ කියලා ...අනික කිරි අම්මා දාන දෙන්නෙ උදෙම්ම...

උඹලා අටට විතර වරෙල්ලා ....

උදාරයා යන්න ගියා....වෙලාව එකොලහ මාරයි..අප්පච්චි ගෙ බයික් එක නෑ.....අම්මා විතරද තනියෙන් ගෙදර ...

තවමත් ගේට්ටුව ගාව උන්න මට මෙච්චර වෙලාම අමතක වෙලා නොතිබුනත්...යාලුවො ගව ඉන්නකොට ඒක යට ගිහින් තිබුනට. ගෙයි ගේට්ටුව ගාවට ආව මට හීනියට දාඩිය දාන්න ගත්තා .....

අපරාදෙ ...මට උදාරයා එක්ක උගෙ ගෙදර යන්න තිබ්බෙ...ඒත්.....අම්ම අප්පච්චි ඉන්නකොටත් එහෙ එන්නෙ...

ඌ හිතයි මට ඌ ගැන හැගීමක් පහල වෙලා කියලා ....මං නිකන් කලේ අස්සට ඔලුව ඔබාගත්තු එලවා වගේ...ගෙදර යන්නත් බෑ...පිට ඉන්නත් බෑ....

සමහර විට ඒක මගෙ මනස් ගාතයක් වෙන්න ඇති...නානකොට බලන්න ආව එකියක් නම්....මොනවා හරි අල්ලන්න එපැයිනෙ.....අන්දකාර නිසා දැක්කෙ නැද්ද දන්නෙ නෑ....අනිත් පාර ආවොත් හිටපන්කො.....උඹට මමත් බබෙක් දීලා යවනවා....

පන්ඩිත කයිවාරු හිත හිත ගියා ගියා උනත් ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම හුලගට ගහන් ඇවිත් මල් පැලේක හිර වෙලා තිබුන ශොපින් උර්‍රෙ හෙලවෙනවත් එක්කම මං බෙරිහන් දුන්නා නිකන් නෙවෙ..

ඒකත් මං කාටත් බබ්බු දෙන්නෙ නෑ කියලා .....

ඒ...ව්....මං..කාටත්...බබ්බු...දෙ..න්නෙ...නෑ...අනේ....අම්ම්...මේ.....හ්

අම්මෙහ්.....කමනී...මේ..දොර...අරින්නකො.....මං එලියෙ.....

දොර ගාව උන්න මං මගෙ අංගජාතකේ අතින් වහන් දොරට තඩි බෑවා...මොකද..මට හිතුනා කොහෙන් හරි ඇවිත් ඒකි අනිත් පාර ඒක ගලවන් යයි කියලා...

අම්මෙ.....මේ කොල්ලා එලියෙ.....දොර ඇරපන්කො කමනී...

මං.ආයම ඇන්නා....ඒ එක්කම දොර ඇරියා.....

මොකද මයුර උඹ දොරවල් කන්න හදන්නෙ....

ඇයි අනේ කන ඇහෙන්නෙ නැද්ද එලියෙ ඉදන් කී පාරක් කතා කෙරුවද මගුල.....

දොර ඇරියා විතරයි මං අම්මවත් තල්ලු කරන් ගෙට රිංගනකොට අම්මා දොර වැහුවා.....

අම්...මේ....

ඇයි බන්...ඇයි....උඹගෙ වැඩේම අම්මෙ හුම්මෙ ගානවා...ඇයි....

සාලෙට ආව මට ඇයි හෙදර ආවෙ හිතුනා...අප්පච්චිත් නැති වෙලේ කමනි කන්ජර්නින් බලනවා....ඇයි අම්මෙ මගෙන් පලිගන්නෙ......

මං උන්නෙ හිටගත්තු තැන.....නරක නන් එනවා.....අර ගෑනි හුස්ම අල්ලනවා..අනේ ගෑනි දන්නෙ නෑ....ඒකිට වඩා මගෙ හුස්ම හිර වෙන්න එනවා....

පිටිපස්සෙන් අත තියනවා....ඒ එක්කම මගෙ පිටිපස්සෙන් උන්න කමනිත් මගෙ අතට තට්ටු කෙරුවා විතරයි මං හූ තිබ්බා.....

අනේ....අප්ප....ච්චීහ්.....ඔය....ලබ්බ...

වහපියව්........කෝ

යෝ.....කොල්ලො..මං උඹගෙ අම්මා....රෑට රෑට රවුම් ගහන්ඩ බය නෑ උඹට .....කට වහපන්...කන්දොස්කිරියාව .....බලපිය තෝ රිමෝර්ට් එකෙන් ගැහුවෙ ටීවි එකටනේ....අර බලපන් ඉරක් ගියා

මං මීයා වගේ උන්නා....බය උන පාරට ලබ්බ වහපියව් කියලා මං කරලා තියෙන්නෙ ටී වි එක වහනවා වෙනුවට ටීවි එකට රිමෝර්ට් එකෙන් ගහපු එක....ගහපු පාරට ටීවි එක මැදින්ම ඉරක් ගියා.....

ඇයි අනේ අප්පච්චි නැති වෙලේ මේ මගුල් බලන්නෙ...විකාරද ඔයාට.....ඇයි යකො.....පපුවෙ අමාරුවත් හැදෙනවා..අනික සීයත් මැරුනෙ ලගදි.....විකාරද මන්දා....

ටීවි එකත් කාලා වතුර බීපු මං මෙතන උන්නොත් මට බැනුම් අහන්න වෙන හන්දා අම්මට බැන බැනම මං කාමරේට යන්න ගිහින් ආයම නැවතුනා .....

අප්පච්චි කෝ....?

අම්ම උන්නෙ ට්‍රැක් කිටි එකක් පිටින්....අනිවාර්යයෙන්ම කපල් එක ජිම් එකට යන්න ඇති...ගමේම උන්ට පාන් පිටි ගිල්ලවලා ගිල්ලවලා.....රෑට රෑට කමනියයි රොහානුයි හති දාන වලව්වට දුවනවා....

ෆාමසියට ගියා අප්පච්චි ගෙ විටමින් එක ඉවර වෙලා....

අප්පච්චි ට ඒවට නම් වියදම් කරන්න සල්ලි තියනවා මං කීයක් හරි ඉල්ලුවම දිව බුරියට එනවා..එයාට කියන්න...වෙන කාව හරි හොයා ගන්න කියලා මං වෙන තැනක් හොයාගන්නවා.....සතයක් දෙන්නෙ නෑ...පුදුම ලෝබයෙක්.....මසුරු සිටානො.....

මං එන්න හැරුනා...මෙවෙලෙ ෆාමසිය වහලා තිබුනත් පස්ස දොරෙන් බෙහෙත් දෙන තට්ටයට බැන බැන මං එන්න හැරෙනකොට රොහාන්ට බැනපු හන්දා සාලෙ උන්න අම්මට තද උනා.....

මසුරු සිටානො හින්දනෙ හැම් මාසෙම උඹගෙ පොතට කුට්ටියක් දාන්නෙ...මේ මයුර....උඹ මගෙන් කනවා ආඩපාලි කියන් ඇවිල්ලා....

රිදෙනවා ඇති සිටු කුමාරිට ...

මං තවත් නොකියම එන්න ආවා....හැබැයි...අපරාදෙ අම්මා එක්ක තරහ උනෙ කියලත් හිතුනා...බාතෲම් එකට යන කොරිඩෝව ගාවින් මං මගෙ කාමරේට ගියෙ නෑ පියෑඹුව වෙනකොට යන යාමටම මං මගෙ කාමරෙ දොර ඇරන් ඇතුලට ආවා....

දෙ...වි.....ය....නේ......

මම මගෙ අත් දෙකෙම්ම කට වහගත්තා...

මුලු අල්මාරියෙම රෙදි එලියට ඇදලා සීසීකඩ වෙලා...

අයන් කරලා පිලිවලට නවලා තිබ්බ හැම ඇදුමක්ම ගුලි කරලා ගුලි කරලා පොඩි කරලා තිබ්බා...

අම්මා...අ...අ..ම්...මා...

මං කාමරේ ඉදම්ම රෙදි ගොඩ දිහාව බලාගන අම්මා ගාලා කෑ ගැහුවත් මොකද මගෙ කට හඩ මටත් හොරාවට නැතුව ගිහින් තිබුනා

මාව ගොලුවෙලා.....

දෙවියනේ....කෝ මගෙ කටහඩ....

කෝ..මගෙ...කට..හඩ.....

අනේ...අම්....මා.....

මට කෑගහන්න පුලුවන් ..ඒකත්...යටි හිතින් විතරයි ......කතා කරගන්නත් බැරිව ගියපු මං කාමරේට තියපු අඩිය ආපිට පස්සට ගත්තා විතරයි 

මගෙම කරුමෙට එක පාරම කාමරේ දොර වැහිලා ගියා....

දඩාස්...!!!

ඒ එක්කම බිම තිබ්බ හැම ඇදුමක්ම මගෙ මූනට ආවා....හරියටම කවුරු හරි මගෙ මූනට රෙදි වලින් දමල ගහන්නා හා සමානවම.....ගුලි උන ඩෙනිම් මගෙ මූනටම වදිනකොට මං මගෙ මූන වහගගන්න හැදුවා උනත් මට මගෙ මූනවත් වහගන්න බැරි උනා වගේම මුලු අල්මාරියෙම රෙදි පියාඹන මූනිස්සම් වගේ මගෙ දිහාවට එන්න ගත්තා මං දොර කඩන් එලියට යන්න හැදුවා.....

අනේ එත් මට බැරි උනා...

මට දොර අගුල කරකව ගන්නවත් බැරි උන....

ඒ එක්කම්ම මගෙ තට්ටම පුපුරන්න පාරක් වැදුනා...

"උඹට ඇදුමක් ගත්තම නමන්න බැරිද...???"

.

🙂හායිම්....ගුඩ්ම්...

ආයම කොටසකින් එනකන්...පයිස්සමින් ඉන්ඩෝ...

මම....ජොබීහ්හ්

Nedeesha ....

More Chapters