රොබින් කුරුල්ලා .....
රොබින් කුරුල්ලා දිහා බලපු මන් කෙලිම්ම ගෙදර දිව්වා ....අසනීපෙන් ඉන්න සංධීර්ව මතක් උන මම එක තත්පරයක් වත් නහස්ති නොකරම කෙලිම්ම ගෙදර දිව්වා...මට ඕනෙ කැද ටිකක්....සහලවලා උන අරන් උන්න එයා වෙනුවෙන් පෙනඩෝල් පෙත්තක් ..කතා කරගන්න බැරි මාව තනි අතෙන් උස්සන් දුවපු එයා වෙනුවෙන් දැන් හයියක්.....
අ....අම්මෙ.....අම්...මේහ්....
ගරාජ් එකේ උන්න තාත්තා එතන නෑ...අනිවාර්යයෙන්ම කුස්සියෙ...අනිවාර්යයෙන්ම බත් කනවා ඇති ....
අම්මෙ...
මං දිව්වා . .මං කෑ ගහන්ම කුස්සියට දිව්වා...
ලමයො....
අ..අම්මෙ....
ආ කොල්ලො උඹ ගියෙ බත් දෙන්නද කවලා එන්ඩද
මට ඕන කරන දේ කියාගන්න හම්බුන් නෑ බත් කන ගමන් උන්න තාත්තා මැදින් පැන්නා ....වෙලා ගිහින් ...ඇත්ත....මට එක පාරට දෙපාරක් ගිහින් එන්න වෙලාව...
තාත්තා අනාගත්තු බත් කටක් කටේ ඔබා ගන්න ගමන් ආයම අම්මා දිහා බලලා බත් පිගාන දික් කෙරුවා ...
සුදූ මේකට හොදි ටිකක් දාන්න....
අම්..මෙ...
අම්මා තාත්තගෙ බත් එකට හොදි බෙදලා දෙනකන් සින්ක් එකේ ටැප් එකට අත් දෙක තියලා වතුර බීපු මම ටී ශර්ට් අතෙන් කට පිහා ගන්න ගිහින් ආයම සංධීර් ගාවට යන්න තියන හින්දා තෙත කට තාත්තගෙ ටී ශර්ට් පිටෙ අතුල්ලලා අම්මා ගාවින් ගිහින් හිටගත්තා
මොකද ?
අම්මෙ...ක්ක්....කැද ට්ට්..ටිකක් හදලා ද්ද්....දෙන්නකො ....
කැද??මෙවෙලේ කැද.....කාටද ...ඔයාටද?
න්න්...නෑ....ස්ස්...සංධීර්ට ....
...
.....
අම්මගෙ අතෙ තිබුන හනස්ස බිමට වැටුනා....කැද ටිකක් හදලා ඉල්ලනකොට කාටද කැද කියලා අහපු අම්මගෙ තුන් හිතම මගෙ උත්තරෙත් එක්ක ඇවිලෙනකොට දවල් බතවත් නොගිලපු අම්මා හවස වඩියට ඉදි ආප්ප තම්බන්න පිට්ටු ගොට්ට හිරකරන්ඩ හිතාගන ලිප තියපු උනුවතුර මුට්ටිය වටේ නගින ගින්දර දලු තව උස් කරන්න හිතාගන ලිපට ඔබන්න අතට ගත්තු හනස්ස බිම වැටෙනකොට තාත්තා .....
මං පනමෙන් ආදරේ කරන ගෑනු පරානෙගෙ ප්‍රේමවන්තයා කටට දාගන්න ගියපු බත් පිඩ ආපිට පිගානට දාලා අම්මා දිහා බැලුවා ....
සංධීර් ...
අම්මට සංධීර්ව දැන් ඉදන් පේන්න ගන්නවා ඇත්තෙ රාක්සයෙක් වගේ වෙන්න පුලුවන් .....කොච්චර කොහොම පොරොන්දු උනත්....අම්මට හිතෙනවාම ඇත්තෙ සංධීර් කොයිම මොහොතෙ හරි මාව අරන් ගිහින් අනිත් අම්මට දෙයි කියලා වෙන්න පුලුවන් ...
අවංකවම අම්මා මෙතනදි බැන්නොත් මං අම්මා එක්ක එක දශමෙකින් වත් තරහා ගන්නෙ නෑ....මොකද අම්මා දැන් ඉදන් ජීවත් වෙන්නෙ හිතේ බය එක්ක...කොයි වෙලාවෙද....කොයි වෙලාවෙද...කොයි වෙලාවෙද අම්මගෙන් මාව කවුරු හරි ඇදන් යන්න එන්නෙ කියන සැකෙන් වෙන්න ඇති...
සංධීර්ට ....ඇයි සංධීර්ට මොකද ....
අම්මගෙ කටහඩ තදයි.....මන් තාත්තා දිහා බැලුවා ...මට අම්මව රිදවන්න හිත හදාගන්නම බැරි තැන තදවචන පිට උන කටට උඩින් තිබුන අසරන ඇස් දෙක දිහා බලපු මම..මට මගෙ අම්මව බාප්පව සංධීර්ව මතක් උනා කියන වේදනාත්මක වචන අම්මගෙ ඔලුවට දාලා ඒ පපුව රිදවන්න හිතුන් නැතිවෙනකොට මං ඒක රහසක් විදිහට තියා ගන්න ගමන් පුරුදු විදිහටම සංධීර්ට බනින්න ගත්තා ...
ම්ම්..මුස්..ප්පේන්තුවා.....ව්ව්...වැස්සෙ ත්තෙමිලා....උ..උන හදාගන....
ඉතින්.....
ඉ..ඉතින්...ක්ක්....කියන්නෙ...ව්...වමනෙ....ද්ද්...දානවා...
සුදු ඔන්න ඔහෙ හදලා දෙන්න ඒ මනුස්සයා නෙ පිහිටට උන්නෙ....
හොද වෙලාවට.....ඇති යාන්තන් හිත සැනසෙන වචනයක් පිට උනා .....ඒත්....ඒත් මම දැක්කා...තාත්තගෙ කටින් ඒ වචන පිටවෙන්න කලියෙන් අම්මට ඇස් වලින් මොනවා හරි කියනවා.....එක්කො...තාත්තා කියන්න ඇත්තෙ.....කියන්න හැදුවෙ ....හදල නොදුන්නොත්...මම මොකක් හරි හිතාවි කියලා වෙන්න ඇති.....
මම දන්නවා අනිවාර්යයෙන්ම මම මේ කැද එක දීලා ගෙදර එනකම්ම අම්මගෙ ඇස් වලට සැනසීමක් නැතිව යාවි.....
මගෙ අම්මා පව්....
අම්මෙ...මං ඇත්ත දන්නවා අම්මෙ.....
මගෙ යටි හිත එහෙන් කියවනවා...මම වෙනසක් නොකර උන්නා..හරියටම සංධීර් මොකූත්ම මගෙ කනේ තියල නැති ගානට මම තාත්තා ගාවින් ඉදගන කට ඇරියා....
ඒ...ඒ..මිනිහට...ග්ග්..ගෑනු....ද්ද්...දරුවො...න්..නැද්ද...ද්දන්නෙ නෑනෙ.....
.....
ඒ මිනිහට ඉන්නෙත් වෙලහට උඹගෙ අම්මා වගේ ගෑනියෙක් වෙන්න ඇති...කෝ ආගගාපන් අනුන්ගෙ ගෑනු හොයනවා..උඹටත් තව අවුරුදු දෙක තුනකින් ගෑනියෙක් හොයන්ඩ එපැයිනෙ...
ඊව්....ම්ම්...ම්...මට නම්...එ...එපා.....ග්...ගෑනු....
තාත්තා අනපු බත් ගුලිය මගෙ කටට දාන ගමන් අම්මා දිහා බලලා සංධීර්ගෙ ගෑනිත් අපේ අම්මා වගේ වෙන්න ඇති කිව්වා විතරක් අම්මා මහ සද්දෙන් පොල්කටුවක් තැලුවා...හරියටම තාත්තගෙ කට තලනවා වගේ...ඒ අස්සෙන් මටත් ගෑනු හියන්න ඕනලු....අනේ අම්මෙ...මට නම් එපා...ගෑනු ගත්තම හරී වදේ....
දැන් ඒ මනුස්සයට අසනීපයි කියලා ඔයා කොහොමද දන්නෙ??ඒ ගේ තියෙන්නෙ කොහෙද...ඔයා කෑම දෙන්න ගිය ගේ තියෙන්නෙ කොහෙද .....
මගෙ කටේ තිබුන බත් එක මම එක හක්කකින් අනිත් පැත්තට මාරු කරනකොට අම්මා පොල්කටු හැන්ද තිබුන අත ඉනේ ගහන් මගෙන් ප්‍රශ්න කරන්න ගන්නකොට මම අර ලෙඩින් උන්න සංධීර්ව පාවා.දෙන්න ගත්තා....
මට සමාවෙන්න නලුවො.....
න්න්..නෑ....එ..එයා...ගෙ ව්ව්...වාහනේ හම්බුනා.....මගින්...න්..නවත්තලා...ක්ක්..කැම..එකක්...ගෙනත් දෙන්න ..පුලුවන්ද අහනකොටම.....එ..එයාට....ව්....වමනෙ...ය්ය්...යන්න ගත්තා....
කෝ....ආගාපන්.....උඹ කැද ගෙනිච්චට කමක් නෑ....වැඩි හිත හොද කම පෙන්නන්ඩ කියලා අර බෙහෙත් එහෙම අරන් යනවා නෙවෙ...
න්න්....භ්...න්න්....
කට පියන් කාපන්....
මම හිත උන්නෙ උන පෙති ටික ගෙනියන්න.....එත්...තාත්තා ඊට කලින් මගෙ හිත කියෙව්වා....තාත්තා ඊට කලින් මම කරන්න හිතන් ඉන්න දේ එහෙම් පිටිම්ම එලියට දැම්මා...
මම බලන් උන්නා....අම්මගෙ ඇස් දෙක තිබුනෙ ලිපේ ඉදෙන කැද එක ගාව උනත් එයාගෙ කල්පනාව තිබුනෙ වෙන කොහෙද ඈතක...
අම්ම හිතනවද දන්නෙ නෑ...අම්මටත් හුනුවටේ කතාවට පන දෙන්න වෙයි කියලා ...මාව මැදින් හිටගස්සවලා අම්මලා දෙන්නටම දෙපැත්තට අදින්න වෙයි කියලා හිතනවද දන්නෙ නෑ.....
ඒත්...මම හිතන්නෙ නෑ...ආය කවදාවත් හුනුවටෙ කතාවකට පන ගහයි කියලා .....මොකද ....මාව මැදින් හිට ගැස්සුවත්...
මගෙ අම්මලා දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් බෑ මාව දෙපැත්තට අදින්න...
ඒකට එකම හේතුව මොකක්ද.....
වයස දහ අටක් උන යෙවීන් සංජාන උන මට හයිය තියන හන්දද.....???
නෑ...අවංකයෙම්ම නෑ.....
ඒ අම්මටවත්...මේ අම්මටවත් මට රිදවන්න හිතක් නැති හන්දා...අම්මල දෙන්නම දෙපැත්තට වෙලා බලාගන ඉදීවි හුස්ම හිරකරගනම.....
ඒත්....ඇත්තටම එහෙම දවසක් ආවොතින් .....
මම අම්මා දිහා බලලා තාත්තා දිහා බැලුවා.....එයා කරගැට දාපු අතින් බත් කටක් අනලා මගෙ දිහාවට ලන් කරනකොට මම තවමත් බත් කට තිබුන කට පෙන්නනකොට ඒක තාත්තා කටේ බා ගත්තා ...
ඇත්තටම එහෙම දවසක් ආවොතින් මට කරන්න ඉතිරි එකම එක දෙයයි...මගෙ අත් දෙක දෙපැත්තට දික් කරන්න විතරමයි...මොකද මට දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න බෑ...
ආ....මේක....ලුනු මදි නම් චූට්ටක් දාගන්න....
ම්ම්ම්....
අරගන දුවන්නෙ නෑ...හැලෙයි තේරුනාද...
ම්ම්ම්ම්ම්....
පාර බලාගන යමන් උඩ බලන් යන්නෙ නැතුව....මේ මූ එදා අර හන්දියෙ ජගතගෙ ත්‍රීවිල් එකට ඇනලලු මට
අ...අ....මං යනවා...
මම හැරෙන තැපෑලෙන් එලියට ආවා.....එදා ත්‍රීවිල් එකට ඇනපු එක කවුරු හරි බේසමෙක් තාත්තගෙ කනේ තියලා ...තාත්තා තව තව මොනවදෝ කියන්න කට ගන්නවා එක්කම මම කැද එක අරන් එක හුස්මට සංධීර්ව හොයන් ආවා.....
කැහ්.....කැහ්....කැහ්....
කැහැ කැහැ ඉන්නවා බෙහෙත් පෙත්තක් ගන්න ගියා නම් මොකද වෙන්නෙ...ගෑනි ඉන්නෙ නමටද දන්නෙ නෑ...මේ නලුවා මෙච්චර අපිලිවල වෙලා ඉන්නෙ ගෑනි වෙන්න ඇති ඔක්කොම පයට කරලා දෙන්නෙ....අර කතාවකත් තියෙන්නෙ සාරංගයට ගෑනි අලන් අම්බානෙක බනිනවා...." තොට උදේටත් බත් තම්බ්ලා...ඇදුමෙ ඉදන් ලෑස්ති කරලා දීලා...රෑටත් බත් තම්බලා ...තොගෙ ජංගියේ ඉම්ම ලගට ගෙනත් දීලා තෝත් එක්ක හැමිනිලා...හැමිනිලා...මට එපා වෙලා " තියෙන්නෙ කියලා ....සමහර විට නලුවගෙ ගෑනිටත් එහෙමද දන්නෙ නෑ...
ස්ස්.....සංධීර් ....ස්ස්...සංදීර් .....
මම කලින් පාර වගේම අන්දකාර ගුහාව මැදින් එයාගෙ කහින සද්දෙ අහන් කාමරේට ආවා...ඒ එනකොටත් ඔලුවෙ ඉදන් වහන් කැහැ නිදි .....
ස්ස්..සංධීර් .....
ම්ම්....ක්..කැහ්.....යෙ...යෙ....ඔ..ඔයාද.....
යෙ..යෙ....තමා....නැගිටින්න....න්න්..නැගිටින්න...නැගිටලා...ම්ම්..මේ කැද එක බොන්න.....
ම්ම්...එපා....කට තිත්තයි....
ය්ය්..යෝහ්....ස්ස්...සංධීර්.....ඔයත්....ස්ස් සාරංගයා...ව්ව්..වෙන්න එ. ....පා....ආ....න්න්..නැගිටින්ඩ....ල්..
ලමයො....නැගිටලා...ම්...මේන්..මේක බීලා හිටින්ඩ...
මම ආයම එයාගෙ ලොකු ඇදට නැග්ගා ලොකුම ලොකු ඇදක් තියාගන එයා පනුවෙක් වගෙ ගුලිවෙලා නිදියන් ඉන්නකොට මම අත් දෙකෙම්ම අර රෙදි ටික ඇදලා වෙන පැත්තකට එයා කෙදිරි ගගා ගුලි උනා....
යෙ..වින්...එපා....ඔයා ගෙදර යන්න...කැහ්.....උන...බ්..බෝවෙයි ...
ම්ම්..මොකක්ද.....මොක..ක්ද....ඔයා...ක්කිවෙ....හරියට...ක්ක්..කියන්න....." යෙවීන් එපා...ග්ග්..ගෙදර යන්නද....නැත්තන්...යෙවීන් එපා.ගෙදර...ය්ය්..යන්නද.....ක්ක්..කොතනටද....ත්ත්..තිත....එ .එන්න...ඕනා....ස්ස්...සංධීර් ...
මම් කියෙව්වා ...ගොත ගගහා උනත් මම කියවනකොට එයා කාට හරි ජඩයා ගගා බැන්නා...කාටද දන්නෙ නැ...ගුලි වෙන්න ගුලිවෙන්න මම එයාව ඇදල ගන්න හන්දමද කොහෙද මගෙ කරදරේ ඉවසන්නම බැරි තැන වෙන්න ඇති නැගිටලා ඉදගන්නකොට මම ඉක්මනට කැද එක අතට දීලා හැන්දක් ගේන්න කුසියට දිව්වා.....
..ය්ය්...යෝ.....හ්....බ්බ් බියර්....ට් ටිනුයි.....ස් සිගරට් ...ක්ක්..කොටයි....ස්ස්..සින්ක්...එකෙන්...එකයි....සංධීර්.....ක්ක්..කොහෙද ලමයෝ....හ්හ්..හැදි.....තියෙන්නෙ....
මම බැන්නා....මම බැන බැන හැදි හෙව්වා.....කනාමැදිරි එලියක් වගේ ලයිට් එකකින් විතරක් කුසිය එලිය වෙනකොට මම ලුනු මදිවෙයි කියලා හිතාගන ලුනු කුඩු එකත් උස්සන් ආපහු යනකොට සංධීර් කැද එක දිහා බලන් පිලිකුල් භාවානාව කරන ගමං උන්නා....
.ආ...ම්ම්..මෙක..ඕක දිහා බලන් ඉන්නෙ නැතුව...බ්බ්..බොන්න.....ස්ස්...සංධීර්....ප්..පවුලක්...ප්ප්...පන්සලක්...උ..උනාම...ත්ත්....තරහ....වෙනවා....ත්ත...මයි...එ උනාට....ඔයාගෙ...න්න්..නැන්දා.....දැන...ගන්න...එපැයිනෙ....ඔයා...අ...අසනීපයි කියලා.....
කැහ්...කැහ්.....
ය්..යෝ.....පිට උගුරෙ....යවා...ගත්තා නේද....
මම අර ලෙඩින් උන්න සංධීර්ගෙ පිටට ඩෑස් දෙක තුනක් දෙනකොට එයාගෙ කටේ තිබුන කැද උගුරක් කැස්සත් එක්ක එලියට වසික්කා වෙනකොට එයා මාව පස්සට තල්ලු කරලා මා දිහා රවාගන බලාගන උන්නා....
යෙවීන්....කොහෙන්ද ඔච්චර කියවන්න ඉගන ගත්තෙ....
ඇහිබැම හීනි කරගන ඇස් අකුලන් එයා මගෙන් අහනවා මම කොහෙන්ද කියවන්න ඉගන ගත්තෙ කියලා ....අවංකවම ....මට සතුටුයි...මම ඉන්නෙ පිට දාගන්න බැරි සතුටකින්...මටයි කියල යාලුවෙක් නැති වෙනකොට පොඩි කාලෙදි මාව වඩාගන දුවපු...මගෙ හිත හදන්න බොරු කියපු මේ අරුම පුදුම මනුස්සයා මට මගෙ හිතට ආයමත් සතුටක් අරන් අහම්බෙන් උනත් හම්බවෙනකොට අවංකවම මම හරි සතුටින් උන්නා. .....මට එයා ගාව ඉන්නකොට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගත්තා.....
.ස්ස්...සංධීර් ...
ම්න්....
එයාගෙ ඇදේ එයා ගාවම එරමිනියා ඔතාගන ඉදන් උන්න මම එයාට හරි හිමින් මුමුනනකොට එයා මගෙ දිහාවත් නොබලා ම්න් ගෑවා.....ම්න්...ම්න්....වැඩිය කතා නොකරන එයා....අදටත් ම්න් ගානවා ..
.ම්ම්..මට....හ්..හරි....ස්...සතුටුයි.....ස්....සංධීර් .....මට.....හ්..හුගා....ක්...ස්ස්...සතුටුයි...න්න්..නලුවො....
මගෙ කටහඩ බර උනා.... සතුට එක්ක සතුටට සංවේදි වෙලා ගියපු මගෙ ඇස් වලට කදුලු උනන්න ගන්නකොට එයා කැද එක පැත්තකින් තියලා මගෙ දිහා බැලුවා ...
ඇබිත්තම...ඇයි ඉතින් මේ....
ම්ම්..මේ..හ්..හැම..දේම.....හ්හ්..හීනයක්....වගේ....ස්ස්...සංධීර් .....
පන්ඩිත වෙලා...
ඇබිත්තම කිව්ව එයා ඊලග පාර මගෙ කොන්ඩෙ අවුල් කරලා පන්ඩිත වෙලා කියන ගමන් හිනා වෙනකොට මම එයාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කෙරුවා ....වෙන මොකටවත් නෙවෙ.... මට අහන්න තියන දේවල් හුගක් අහන්න තියන හින්දා .....
ස්ස්..සංධීර් ...ක්ක්..කෝ..ඔයාගෙ..කච... කචේ.....ගෙ නොම්බරේ....
....???
..ය්ය්..යෝ...ඔයාගෙ.....බැදල.. ඉ..ඉන්න...න්න්..නැන්දගෙ...
මම ඔලුව කස සංධීර්ගෙ ගෑනු සතාගෙ නම්බර් එක් හෙව්වා...මොනවා උනත් තමන්ගෙ මනුස්සයට ලෙඩක් දුකක් හැදුනම මෙහෙම අසරන වෙලා ඉන්න දෙන්නෙ මොන හිතකින්ද .....
...
ස්ස්..සංධීර් ...
ම්න්න්න්....
ක්ක්...කෝ...අනෙ....
ක්ක්...කොල්ලො...කැහ්...
යෝ....කැස්ස නෙ...ක්ක්..කියන දේ නම් අහන්නෙ ...න්න්...නෑ
ම්ම්..මට කැහ්....මට..ඇති....ග්ග්...ගෑනියෙක් නෑ කොල්ලො.....
ලෙඩින් උන්න සංධීර් කෑ ගැහුවා ...එයාට ඇති ගෑනියෙක් නෑ කිව්වා
ස්ස්...සංධීර් ඔයාට එ..එක ග්ග්...ගෑනියෙක්....ක්ක්..කියලද ...න්න්..නැත්තෙ න්න්...
කටවහපන් ...මං උඹගෙ බාප්පා නෙවෙ ....
බාප්පා .....මගෙ මූන සම්පූරනම වෙනස් උනා....
යෙ ...යෙ .....
....
ඇබිත්තම...
....
එයාට ඒක දැනුනා අනෙ බාප්පට මාව අදුන ගන්න පුලුවන් උනා නම්.....ඇත්තටම බාප්පා මාවත් අරන් ඉස්සර කෙල්ලො බලන්න ගියානෙ.....
ස්ස් ...සංධීර් .....
මං සංධීර්ගෙ අත් දෙක අල්ලගත්තා ....අල්ලන් එයාගෙ දිහා බැලුවා ....
ඇ...ඇයි ස්ස්...සංධීර් ..ක්ක්...කාටත් නොකියන්නෙ ....ඔයා ඉන්නවා ක්ක්...කියලා ....ර්ර්....රොමේන්ලා.....
මැරුන මිනිහෙක් විදිහට ජීවත් වෙන තාක්....මට සැනසීමක් තියේවි ....ඔය කතාව නවත්තන්න යෙවීන් ...ආය ආය අහන්න තියා ගන්නවත් ....දැනෙන්න තියන්නවත් එපා...මං ඔයාගෙ අම්මට පොරොන්දුවක් උනා.....පොරොන්දු තියෙන්නෙ රකින්න...සමහර මිනි වලවල් ආයම හෑරුවම වෙන්නෙ වටේ උන් ලෙඩ වෙන එක...
.එයා මට එතනින් එහා කතා කරන්න දුන්නෙ නෑ...එයා බාප්පා රොබින් කුරුල්ලා ගැන කියන්න දුන්නෙ නෑ...
ස්..සංධීර් .....
ම්න්....
මට...ම්ම්..මේකට...ව්ව්..වත්...උත්තර...ද්ද්...දෙන්න....
මොනවටද ම්ම්ම්....
ඔ..ඔයා....ඔයාව...ග්ග්.....ග්ග්.....ගිනි....
මම දැන් පනපිටින් ඉන්නවනෙ....ම්ම්ම්ම්...ඒ ගැන කතා නොකර ඉමු....
ඇයි...ඒ.....
මම එයාගෙ කලවෙක තිබුන රෝසම රෝස පාට හරිය උඩින් ඇගිල්ල තියලා තද කරලා එයා දිහා බලනකොට එයා ගානක් නැතුව කකුල දිහා බලන් උන්නා....මම තවත් චුට්ටක් ඒ කැලල ගාව තද කෙරුවා ....
මට ඕක දැන් දැනෙන්නෙ නෑ යෙවීන්...
....
හැබැයි...මතකෙ රිදෙනවා.....
ම්ම්..මතකේ....ර්...රිදෙනවා...න්න්...නම්...ඇ...ඇයි ම්ම්..මට ක්ක්..කියලා....හිත...
නෑ...මට හිත නිදහස් කරගන්න ඕන් නෑ යෙවීන්....ඒක...ඒ මතකෙ.....ඒ වේදනාව එහෙම්ම තිබ්බ දෙන්.....කියලා දැම්මොත්...ඒක ඉවර වෙනවා.....
ස්ස්....සංධීර් .....
මම තවත් ටිකක් එයාට ලන් උනා ...අනේ මන්දා.. ..එයා මහ අමුතු වෙලා.....වෙනස් වෙලා.....හිතේ වේදනාවක් තියන මිනිස්සු කරන්නෙ ඒක කියලා නිදහස් වෙන එක උනත්...සංධීර් කරන්නෙ එක තියාගන තව පැසවන්න දෙන එක....ඇයි ඒ.....ඇයි ඒ....ඇයි එයාට බැරි...
අවුරුදු දහයක්...මේ හැම දේම වෙලා....අවුරුදු දහයක් යෙවීන්...නිදා ගන්න යන හැම වෙලේම ප්‍රාර්තනා කෙරුවා ...ඒක ඇත්තක් වෙන්න එපා.....ඒක ඇත්තක් වෙන්න එපා කියලා ...ඒත්..මොන කරුමෙට හරි.....ඇත්තක් වෙලා තිබුනා...හැබැයි...මොන පිනකට හරි...ඒක ආයම බොරුවක් වෙලා තියනවා...කමක් නෑ.....දැන් ඉතින් ඔයා ඉන්නවනෙ.....
ඇ..ඇයි....ඔ..ඔයා....
ම්න්...නෑ...මම නෑ.....
ඇ ඇයි...මේ...ඉන්නෙ...මේ...ඉන්නෙ...ඔයා....මේ...ඉන්..නේ...
මම් කෑගැහුවා...දැගලුවා....එයා ජීවත් වෙන්න හදන්නෙම මැරුන කෙනෙක් විදිහට වෙනකොට එයා කැමති උනේ නෑ....එයාට ඕනා උනේ තවත් මේ අන්දකාරෙ හිර වෙන්න වෙනකොට එයා අවසානෙදි කෑ ගහන මගෙ කට අතින් වැහුවා....
ශ්ශ් .....ශැන් ඇති.....දැන් ඔයා ගෙදර යන්න .....ප්‍රවේසමෙන්.....
ස්ස් .සංධීර් ...බ්බ්..බෑ....ඇයි...න්න්..නලිවො...මාව එලවගන්න...හ්..හදන්නෙ....
මම යන්න බෑ කියලා උරහිස් ගැසුවා....යන්න බෑ කියලා ආපහු එයා ගාවට ලන් උනා....
යෙවීන්...මොකෙක් වෙන්නද ඕනා කිව්වෙ....පෙරකදෝරුවෙක්ද..
ම්ම්ම්ම්....
දන්නෙ නැද්ද යට තියන ෆයිල් එකක්...ආයම උඩට ගන්න පුලුවන් කියලා...ම්ම්ම්.....වලලපු මිනිය පවා ආයම කපන්න බලන් වලලපු තැන් තියනවා යෙවීන්.....ඒක හින්දා....ප්‍රවේසමෙන් .ම්ම්ම්...
ක්ක්..කාගෙන්ද ..ක්කාගෙන්ද ..ම්ම්..මං ප්‍රවේසන් වෙන්න ඕනා....
එයා මට ප්‍රවේසම් වෙන්න කිව්වා....එයා මට යන්න කිව්වා...වලලපු මිනි පවා ආයම උඩට ගන්න කපන්න බලන් වලලපු තැන් තියනවා කිව්වා.....එයාගෙ අසනීපෙන් තිබුන මූන තවත් සුදු මැලි වෙලා තියනකොට මම කාගෙන්ද ප්‍රවේසම් වෙන්න ඕනෙ කියලා අහනකොට එයා එයාගෙ කකුලෙ තිබුන කැලල උඩ ඇගිලිල්ලකින් රටාවක් ඇන්දා ..
කාගෙන් උනත් ...හැමෝගෙම්ම.....විශේශෙම්ම ....කාලයක් තිස්සෙ අතුරුදහන් වෙලා ඉදලා ආයම එලි බැස්ස උන්ගෙන්.....
ස් සංධී....ර්
ම්න් ..දැන් හොද ලමයා වගේ ගෙදර යන්න
බ්බ්...බෑ....මට...බ්බ්..බෑ...මට බෑ ක්..කිව්වොත්....බ්බ්..බැම තමයි.....ඇ..ඇයි....මං...යන්නෙ...මම...මොකටද....ය්ය්...යන්නෙ.....මටෝන්....න්...නෑ.....
මුරන්ඩුයි ....
.එයා පිස්සෙක් වගේ කෑ ගහන මාදිහා බලල ඔලුවෙ ඉදන් පොරවගන ගුලි උනා මං තනි උනා....ඇයි යකො....මෙච්චර කාලෙකට.පස්සෙ හම්බවෙලා ආයම බුදියන්න දෙන්න පුලුවන්ද ....
ස්ස්....සංධීර්....
මම රෙද්ද අස්සට ඔලුව දැම්මා....එයා පනුවෙක් වගේ ඇකිලිලා ඉන්නවා...මීක් ගාන්නෙ නෑ....මම අතකුත් දැම්මා...කකුලකුත් ඔබාගත්ත ...අවසානෙදි සහලවලා උන ගැනිලා ඉන්න සංදීර්ගෙ බෙඩ් ශීට් එක අස්සට මම රිංගගත්තා.....
.උන බෝ කරගන්න තමයි....
ක්ක්...කමක්...නෑ....
එයා ඇස් පියා ගත්තා උන බෝකරගන්න තමයි කියපු එයා ඇස් පියාගන ආයම සද්දයක් නොකර ඉන්නකොට මම එක කකුලක් එලියට දැම්මා ..ආයම අතක්....මේ බෙඩ් ශීට්බෙක අස්සෙ ගදයි.....
පට්ටා සිගරට් ගදයි.....
.ස්ස්...සංධීර් .....
ම්න්...
ග්ග්..ගදයිනෙ...
මොනවද....
.ම්ම්..මේ .ගෙදර...ප්ප්..පොඩ්ඩක් ....
ජනේලයක්....වත් ඇරලා....දාලා...ම්ම්..මනුස්සයෙක්.....ව්....වගේ ඉන්නකො.....ස්ස්...සංදීර් ...
....
ක්ක්..කන්....ඇහෙන්නෙ...න්න්..නෑ...ඌ....රෙක්....ව්ව්....වෙලා....ස්ස්...සංධීර් ඔයා....ග්ග්...ගෑනු...ගනීද....ඉතින්.....
මම ඇදෙන් බැස්සා.....බැහැලා ඔලුවෙ ඉදන් වහන් ඉන්න එයා දිහා බැලුවා.....
ඔයා හුගාක් වෙනස් වෙලා සංධීර් ...ඔයා හුගාක් වෙනස් වෙලා.....
එයා දිහා බලපු මම එයා හුගාක් වෙනස් වෙලා කියලා හිතින් හිතන ගමන් මුලු ගෙදරම ජනෙල් පියන් ඇරියා.....ඇරලා ජනෙල් තිර දිහා බැලුවා... ..
මගෙ ඇගෙ හිරිගඩු පිපුනා .....
ඇයි තාත්තෙ අම්මට එහෙම කෙරුවෙ ...
ජනෙල් තිරයක් දකිනකොටම මතක් උනේ අම්මා තාත්තගෙ රන්ඩු දරන්න බැරි තැන ජනෙල් තිර අස්සෙ හැංගුන මාව වෙනකොට මම ජනෙල් තිර දිහා නොබලා උන්නා.....
වෙලාවකට ඔයා හරි සංධීර්....පරන මතක මතකම විතරක් උන දෙන්.....අතීතෙ අතීතෙමයි.....වේදනයි...
අති මගුලෙ බඩුවකුත් නෑ....ඒ උනාට පිස්සන් කොටුව වගේ.
ඇදන් උන්න උන්න ටී ශර්ට් එක ගලවලා දාපු මම ඩසට්බින් එක අරන් සාලෙ තිබ්බ කොල කෑලි ගුලි කර කර දාන්න ගත්තා . .
ජන්දෙ කොල විතරමයි....ඇයි වදේ ජන්දෙ ඉල්ලන්නවත්ද.... ..
සිගරට් එහෙන් ....හිටපන්කො...උඹට පොවවන්නම්
තිබුන සිගරට් කොට ඔක්කොම දාපු මම වැදි ගුහාව කොනක ඉදන් අතුගාන්න ගත්තා...එයාගෙන් මීක් සද්දයක් නෑ.....එයා ආවෙවත් නෑ....මම ජනෙල් ග්රී වලට කොස්ස දදා එහෙන් පිහනකොට ජන්දලාරයන්ගෙ වාහනේක සද්දෙ ඇහුනා...
පෙරටම යමු ලංකා....ලංකා...
අදුරු වලාපට අතරින් ...
මම ජනෙලෙන් බෙල්ල දාලා බැලුවා...සාටක කාරයන්ගෙ වාහන එහෙන් යනවා මෙහෙන් යනවා....තව දවස් කීයද...හැමදාම ජන්ද රැස්වීම්.....සමහරක් පක්ශ වල උන් නම් රැස්වීමට ගෙන්න ගන්න හින්දා සල්ලිත් දෙනවලු.....රැලි රැලි ඉවරයක් නෑ.....පිට්ටනිවල තනකොල නෑ...ඇයි මිනිස්සුන්ගෙ පයට පෑගිලා පෑගිලා...
කගේද මේ බලවේගේ...
අතුගාන එක පැත්තට දාපු මම පපරෙ බෑන්ඩ් එකක් එක්ක එන ජන්ද පෙළපාලිය බලන්ඩ ජනෙල් ග්‍රීල් එක දිගේ උඩට බඩගාන්න ගත්තා
අම්මටම සිරි....සිල්වා...නේද අර මල්මාලයක් දාගන යන්නෙ.....
සුදුම සුදු සරම වගේම පුපුරල යන්න සයිස් තිබ්බ බඩ එක්ක මල්මාලයක් කරේ දාගන යන සිල්වා වගේම ඒ මිනිහගෙ පස්සෙන් යන අනිත් මිනිස්සු දිහා මම බලන් උන්නා... ..
ඒ මිනිහා ආයම ඇමතියෙක් උනෝතින් ඔය පස්සෙන් ආව මිනිස්සු ගැන මතක හිටීවිද.....
ඒ මිනිහා ඇමති උනෝතින් ...ඔය දෙන්නම් කියපු දේවල් දෙයිද...
.උදා ගම්මානය කියලා එකක් හැදුවලු....බිත්ති හතරකට ඇස්බැස්ටෝ වහල ගහපු ගෙයක් එක්ක පොඩි ටොයිලට් එකක් ....මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ඕකද.....??
අනේ මන්දා ....ඉස්සර පාන් බාගයක් කාපු අපිට දැන් පාන් බාගයක් කන එකත් හීනයක් වෙලා....අපිට කිව්වට....මගෙ අම්මා තාත්තා හින්දා මම කොහොම හරි කනවා.....කොස් ඇට තම්බන් කාලා දවස ගෙවා ගත්තා ...ඇල්වතුර බීලා ජීවත් උනා.....අහල පහල ගහකින් කඩාගන්න කොස් ගෙඩියක් තම්බන් කාලා දවස් අච්චර ගානක් ගානක් උන්නා ගගා හැමදාම සිරසෙ දානවා...
ඇයි මුන්ට බැරි ඒ මිනිස්සුන්ට කන්න දෙන්න....
එක අතකට ඒ මිනිස්සුත් වැරදි ජීවත් වෙන්න අමාරු බව දැන දැන උන් ළමයි හදනවා පෝලිමක්...
..ඒත් ඉතින්.....ඒ මිනිස්සුන්ටත් මොනවා කියන්නද ...ඒ කොහොම උනත් අසරා වෙන්නෙ අර ළමයි.....
.....මිනිස්සු හතර වටිම්ම අසරනයි.....
මම ග්‍රීල් එකෙන් රූට්ටලා පහලට බැස්සා...බැහැලා ආයම අතුගාන්න ගත්තා.....කාමර තුනයි....එකක් එයා නිදා ගන්න එක....අනික නිකන් තියන එකක්...ඒක නම් අතුගාන දෙයක් නැති හින්දම මම අතු නොගා ඇවිදින් අනිත් කාමරේ දොර ඇරියා...හැබැයි ..දොර අරිනවට වඩා වේගෙන් ඒ දොර වැහුනා.....
දඩාස් ....!!!
.අස් කරන්න ඕන් නෑ.....!!!
ස්ස් සංධීර් ....
මගෙ ඇගත් එක්ක හිරි වැටුනා.... .....මගෙ පිටිපස්සෙන් උන්නෙ සංධීර් .....එයා නැගිටලා.....කොන්ඩෙම අවුල් වෙලා....තැනින් තැන තිබුන සුදුකෙස් ගස් වගේම උන ගතිය හින්දා මැල උන මූන ඒත් ඒ ඇස්වල තිබුන නපුරු කම.....එයා ඒ දොර වහලා දලා ලොක් කරලා යතුර අතට ගත්තා. හරියටම මම එයාගෙ දෙයක් හොරෙන් ගන්න ගියා වගෙ....ඇයි ඒ ....
අස් කරන්න ඕන් නෑ යෙවින් .....
එයා ආයම මගෙ දිහා බලලා මුලු ගේම දොහා බැලුවා...බලල ඇස් හීනි කරගත්තා .....එකම එක තතපරයයි අර ජනෙක් පියන් වහගන වහගන වහගන ගියා. ගිහින් ආයම ලයිට් නිවලා දැම්මා.....ආයමත් අන්දකාර ගුහාවක්...
.එයා වචනයක් කතා නොකර ගිහින් ටීවි එක දැම්මා...
ස්ස්..ස්සංධීර්.....
ම්න්....
අර.....අර...ම්ම්..මනුස්සයා....න්න්..නැති....උනා....
දැක්කා...
ද්...දැක්කා.....
ම්න්....
ක්ක්..කොහොමද .....
අරන් යනවා දැක්කා....
එයා ටීවි එක දිහා බලාගන ආයම අර පැද්දෙන පුටුවෙ ඉදගන ඉස්සරහට පස්සට පැද්දෙන්න ගත්තා...එයාට ගානක් නෑ....අර මනුස්සයා මැරුනා කිව්වම අනේ අපොයි...පව් කිව්වෙ වත් නෑ....එයා ගානක් නැතුව ඔහේ පැද්දි පැද්දි ටීවි එක බලන ගමන් ආයම බෙල්ල හරවලා මාදිහා බැලලා ඇහිබැමක් උඩ ඇරියා.... හරියටම මොකද කියලා අහන්න වගෙ.....
.....
ප්ප්..පව්....ස්ස්...සංධීර් ....
ම්න්...පව්....ම්ම්ම්ම්.....
ඒ මනුස්සයගෙ....
ගෙදර මිනිස්සු නම් පව්...
.....
හෙට අනිද්දා ක්ලාස්ද...
ඔ....ඔ...ඔව්...අප්පා....
එයා හෙට අනිද්දා ක්ලාස්ද කියලා ඇහුවා.....හැබැයි මම ඔව් අප්පා ගාන එක ගානක් නැතුව කිව්වා උනත් මගෙ හිත යටින් මම තදියම් වෙවී උන්නා....වෙන මොකටවත් නෙවෙ....මට අම්මව බලන්න පුලුවන් ...මාව අදුනගත්තෙ නැති උනත්...මට අම්මා දිහා බාප්පා දිහා බලන් ඉදලා එන්න පුලුවන් ....
මම එහෙන් අම්මා බාප්පා ගැන හිතනකොට ටීවි එක දිහා බලන් උන්න සංධීර්ට කෝල් එකක් ආවා...කෝල් එක එනවත් එක්කම මම ඩිස්ප්ලේ එක් දිහා බැලුවා ..නමක් නෑ.....නමක් වෙනුවට$$$&*$ දාගන උන්නා.....
මහත්තයා...
"මහත්තයා....."ඒක ගෑනු කටහඩක් ...නෑ නෑ කිව්වට සංධීර්ගෙ ගෑනි වත්ද...??.මහත්තයා කියන කටහඩ ඕනවටත් වඩා මට පැහැදිලිව ඇහුනා වහෙම මා දිහා බලපු සංධීර් ඉක්මනට වොලියුම් එක අඩු කරල ඉදන් උන්න තැනින් නැගිටලා වෙන තැනකට ගියා වගේම එයාගෙ මෙ අමුතු හැසිරීම එක්ක මට එයා ඇයි මෙහෙම වෙනස්....කාටද කතා කරන්නෙ කියලා බලන්න මමත් අතු ගාන එකා වගේ කොස්ස ඒ මේ අත දදා හොරාවට බිත්තියට මුවා වෙලා ඉදන් කන්දීගන උන්නා
මරන පරීක්ශන කරන්න අවසර දුන්නෙ නැතිනම්.....මල්ශාලාවට යන්න...එතනදි ගිහින් බලන්න...ඔතන කලබල කරන්න එපා.....මං එන්නම්.....ම්න්...
එයා මැරුන කෙනෙක් විදිහටම නම් ඉන්නෙ....කොහොමද මේ දේවල් කරන්නෙ.....???..
මම බලාගන උන්නා...එයා ඔලුව කැසුවා ...ඉනට අත තියාගත්තා ....කටකොනකින් හිනා උනා.....ආයම කියෙව්වා ...හැබැයි කුටු කුටු ගගා.....
.....
...දන්නවා.....මොකද මම නොදන්නෙ ම්ම්ම්.....එයාට කරන්න හොදයි කියන දේ මොකක්ද.... ඔයාට පුලුවන් එයා ගැන බලාගන්න.....දවස් හයක්...කාමර මාරු කරන් ඉදලා ...හත්වෙනි දවසෙ පහලින් ගන්නත් පුලුවන් ....
....
ම්න්...ඕන දෙයක්....පන පිටින්....උන්නත්...එකයි.....පොඩ්ඩක් ඉන්න...
යෙවීන්...මොකද ඔතන කරන්නෙ ආහ්හ්???????
....
🙂ජොබීත නිදහාස් .....
ආයම එන්නාම්...
මම
Ferdeesha ❤️💚😘 ....