WebNovels

Chapter 43 - 43

යෙවීන් ගෙ දානෙලු....අනේ යක්ස ගෑනියෙ මම මැරිලා නෑ...මම ඉන්නවා....උඹව නම් මම තව ටිකක් ලොකු වෙලා මරලා දානවා...

අම්මා මොකුත් නොකියම පැත්තකට වෙනකොට තාත්තා...

.අවංකවම තාත්තා අම්මව එපා කිව්වා....

අම්මට ගැහැව්වා.....

කරුනෙ කිව්වා...

තාත්තට මාව ඕන උනේ ආදරේටද.....ආදරේට නම්..මම ආදරේ අම්මට බව දන්නවා නම්....ඇයි අම්මවයි මාවයි වෙන් කරලා මේ ගෑනි ගාවට දිව්වෙ ....

.ආදරේ කෙරුවද..... ආදරේ කරලා පස්සට පාවිච්චි කෙරුවද...

අම්මා වදයි කිව්වා....ඒත්....ඒත් අම්මට මල්ලි බබෙක් හම්බෙන්න උන්නා....මේ ගෑනිව බැන්දෙ...අම්මට ළමයි නැති හින්දනෙ...දැන් මේ ගැනිට ළමයි ඉන්නවද???

රෙහාන්...තව බඩු ගන්න තියනවනෙ යමුද?

කොන්දක් නෑ....

මම දත්මිටි කෑවා.....අරකි අම්මා ඉස්සරහම තාත්තගෙ අතකින් අල්ලනකොට ගානක් නෑ වගේ එලවලු තෝරන අම්මගෙ ඇගිලි වෙව්ලන විදිහෙන් අම්ම තවමත් තාත්තට ආදරේ ඇතියි කියන එක මට හිතුනා....

රොවීනා.....

අම්මා ....

.....!!!

.....???

...?????

.නෑ....මගෙ අම්මා එක්ක වචනයක් කතා කරන්න ඕන් නෑ..උඹගෙ මලබත උඹම කාපන්....මට ඕන පිනක් නෑ....ඉන්නකන් මාව අඩවලා අඩවලා....දැන් මොකටද හට්ටි ගනන් උයලා දාන දෙන්න ලෑස්ති වෙන්නෙ????ජීවත් වෙලා ඉන්න කාලෙදිම උන් මගෙ වයස නොහොතා මාව මරාගත්තා . දැන් මොකටද ...

මට ඉවසන්න බැරි උනා....මට ඉවසන්නම බැරි උනා ... මම අම්මගෙ අත තද කරලා අල්ලගත්තා.....අම්මා මාව ඇදින්නෙ නැති උනත් අම්මව අදුනන මම අම්මව අල්ලගත්තා...මම තව දුරටත් අවුරුදු අටක යෙවීන් නෙවෙ. . .මම තව දුරටත් අම්මව රිදවනකන් බලන් ඉන්න යෙවීනුත් නෙවෙ මටත් දැන් රිදිලා රිදිලා තැලිලා තැලිලා ඇති වෙලා ඉන්නෙ...

මම අම්මා කියලා අල්ලගන්නවා එක්කම එයාගෙ ඇස් ලොකු උනා...ඒ ඇස් පුදුමෙන් වගේ බැලුවා....ඒත් ඒ ඇස් වලට වඩා තාත්තගෙ ඇස් ලොකු උනා...අලුත් ගෑනි....නෑ...නෑ..යක්ශනී....අම්මා තාත්තා මැදට ආව යක්ශනී ...ඒකිගෙත් ඇස් ලොකු උනා.....

උඹට දවසක ආයම උසාවියෙ විත්ති කූඩුවට නගින්නම වෙනවා තාත්තෙ.....අනිවාර්යයෙන්ම .. අනිවාර්යයෙන්ම මම උඹව නග්ගලා. .ඔය කසාදෙ කටු නොගෑව්වොත්....මම යෙවීන් නෙවෙ .. ...ගොත ගගහා හරි මම මගෙ අම්මට සාදාරනයක් කරලා දෙන්නම්...

මම ඇස් හීනි කරගන තත්තා දිහා බලලා අම්ම දිහාවට හැරුනා .

එ..එන්න.....

රොවීනා.....මේ...මේ ළමයා කාගෙද....?? මේ ළමයා අම්මා කියන්නෙ....

.එයාට මොකා අම්මා කිව්වත් දැන් මොකටද රෙහාන්?? අනික.....තමුනුත් හොදටම දන්නවනෙ...ඕක පුදුම වෙලා අහන්න දෙයක් නෙවෙනෙ...ළමයෙක් අරන් හදාගන්න බැරි කාටද.....

ශෙහානි පොඩ්ඩක් කට පියවනවද?

කට පියවන්න කට පියවන්න කිය.....ආහ්ව්...ආහ්ව් ....රෙ ...හා ...

.කොල්ලො....කොල්ලෝ...නවත්තපන්....

අනෙ දරුවො...

රෙහා....න්...අනේ....හ්....

රොවීනා...මේ....

අත!!! අත ..තියන්නෙ....න්න්...නෑ මගෙ....අම්මට....හ්...හරි........ආය ...ක්...කියන්නෙ....න්න්...නෑ...ආය...මම....තොට....ක්..කියන්නෙ....නෑ....කඩලා...ද්ද ...දානවා අත ..

එලවලු මල්ල සීසිකඩ ගියා.....වටේ පිටේ උන්න මිනිස්සු කටවල් ඇරන් බලන් උන්නා..අතට මිරිකන් උන්න වැටකොලු කරලෙ මහතම පැත්තෙන් අරකිගෙ රතුපාට කරන් උන්න කට පැලිලා යන්නම කියල දෙක තුනක් වනනකොට තාත්තා මාව ඇදල පැත්තකට දැම්මා වගේම අම්මත් බය උනා. තාත්තා අනිත් පාර අම්මා පැත්තට හැරෙනවා එක්කම ආවේසෙන් උන්න මම වෙව්ලන ගමං තාත්තගෙ ඉස්සරහින් හිටගත්තා ....අපි දෙන්නම එක උස.....

අම්මා මාව පිටිපස්සෙන් ඉදන් අදිනකොට ඊළඟ පාර කතා කරන්න ගියපු තාත්තට මම ඇගිල්ල උරුක් කෙරුවා .....

අර තාත්තා හනසු පිට හනසු කැඩෙනකන් ගැහුවත් මීක් නොගාන මම මාව අසරන කරපු...අම්මව නැති කරපු... ..මගෙ හැම දෙම නැතිකරපු....අම්මවයි මාවයි රැකගන්න බැරි උන මනුස්සයා ගාවදි මම ඇගිල්ල උරුක් කෙරුවා ...අත කඩලා දානවා කියලා මූනටම කියපු මම අම්මා තෝරපු එලවලු මල්ලත් බිම දාලා මම එයාව මාකට් එකෙක් එලියට ඇදන් ආවා....

දරුවො....මාව අතාරින්න...මාව අතාරින්න ලමයො...මාව...

ඇයි....ඇයි...ඇයි...ද්ද්....දුකද.....ත්ත්...තාමත්....ද්දුකද.....ආ...වචනයක්...ක්ක්..කියලා....බැනගන්න...ක්...කට....පන....න්න්...නැද්....

චටාස්!!!!!

.මගෙ කම්මුල හරහම පාරක් වැදුනා...එලියට ආව මම අම්මගෙ අත ගසලා දාලා කෑගහනකොට අම්මා මගෙ කන රත් වෙන්නම ගැහුවා....ඒත් මම නෙවෙ මොකුත් කිව්වෙ ...සාධාරනයි.....සාධාරනයි.....අම්මගෙ කෝනෙන් බලනකොට මම පිට එකෙක්.....අම්මගෙ පැත්තෙන් බලනකොට අම්මා සර්ව සාධාරනයි ....ඒ ඇස් වලට මම පිට එකෙක්....ඒ ඇස් වලට මම එයාගෙ ප්‍රශ්නවලට අත දාන්න ආව එකෙක්.....එහෙව් එකේ ...එ කම්මුල පාර ගැන වරදක් කියන්න බෑ.....එහෙව් එකෙ ඒතරහව ගැන වරදක් කියන්න බෑ...

කම්මුල් පාර කාපු මම අනිත් පාරට අම්මා දිහා බලලා හිනා උනා...හිනා වෙලා වචනයක් කියන්න කට අරින්න කලින් එන්න හැරුනා.....

.හිත කල කිරුන් නෑ.....

හැබැයි සම්පූරනම හිත හිස් වෙලා ගියා... .

හෙළ ජාතික අභිමානේ.....

.එකම සිංදුව...එකම සිංදුව ...හැට පැයකටත් වඩා හෙලජාතික අභිමානෙ යනකොට තවත් පුටු පටවගත්තු ලොරි දෙක තුනක්ම යනකොට ජන්ද රැස්වීම පටන් ගත්තා විතරක් නෙවෙ එක පෙලට රතිඤ්ඤා කරල් පවා පුපුරන්න ගත්තා....

.සුදු වෑන් මුලු පාරම අයිති කරගන්නකොට පොලිස් ආරක්ශාව මැද හිටපු අමාත්‍ය සිල්වා මැති තුමා හයිලක්සරි කැබ් එකකින් යනකොට අනේ ඒකට ජන්දෙ දෙන්න ඉන්න මිනිස්සුන්ව බල්ලො බලලු ගානට දාලා පොලිස් කාරයො එහා මෙහා කෙරුවා ....

මොන මගුලටද....මං අහන්නෙ මොන මගුලටද ??මූට නේ ආරක්ශාවක් දාල බෙරගහන් යන හින්දනෙ මූට අවදානෙ හම්බෙන්නෙ...මූ නිකන් පයින් ගියත් මිනිස්සු ගනන් ගනීද අනේ නෑ....තඹේකට මායිම් කරන් නෑ...මොන මගුලටද. ....

එහා මෙහා යන වාහන රැල දිහා බලපු මම දිනපතා පොල අස්සෙන් රිංගලා එහෙම්ම මහජන බැංකුව ගාවින් මතු වෙලා බෞද්ද මන්දීරෙට ගියා....

කාර්ඩ් ලකුනු කරනවා ....ටික්කා කෙල්ලන්ට දෙන්න නංගි කියලා කොල්ලනට දෙනවා දෙනවා කියනවා..මූවත් මුල්ලකට ඇදන් ගිහින් තුන හතරක් වනන්න තිබ්බා නම් සට පට සත්ත පඩි වෙන්න ආය මීක් නෑ...

.ගොත උනාට මගෙ අත පය හයියයි.නෙ...

.කෝ..දෙනවා.....

ගල් මුසලයා...

මම කාර්ඩ් එක ඉල්ලන් සාක්කුවෙ දාගන ඇතුලට එන්න ආවා.....

මගෙ හිත එක තැනක නෑ...සර් උගන්නනවා...ලියාගන්න කියනවා ..මම ලියන දේවත් මටවත් තේරුන් නෑ....

අවුරුදු දහයක් ගිහින් වත් උන් අම්මව තලන එක අතෑරලා නෑ...

උන් තවම අම්මව බයිට් කරනවා...අම්මටත් කට නැද්ද??අම්මටත් තිබුනා මම උඹලගෙ ගුබ්බෑයම් වලට රිංගන්න එන්නෙ නෑ කියන්න...

මම අනිත් පිටුව පෙරලුවා....කලින් පිටුවෙ මොන මගුලද ලිව්වෙ කියන්න දන්නෙ නැති මම අනිත් පිටුවෙ කුරුටු ගෑවා.....

සැරින්සැරේම ලව්ස්පීකරයක් එකෙන් ඇහෙන ජන්දෙ රැස්වීම එක්ක සමහර වෙලාවට සර් කියන එක ඇහෙන්නෙ නැති උනා වගෙම අද පන්තිත් වේලාසන අරින කතාවක් කියනකොටම මම පොත වහලා බෑග් එකට ඔබාගත්තා.....ඒ තත්පරෙම්ම පන්තිය ඇරුන මම එලියට ආවා.....

මගෙ හිතට මහ මොකක්ද වගේ .මම ආවෙ අම්මව බලන්න...ඒත් වෙච්ච වැඩෙත් එක්ක මට අම්මගෙ මූන බලන්න යන්න බයයි....මාව එලවගනීද....

එක්කො සමාව ගන්න ඕනා.....

කමක් නෑ...අමමගෙ පැත්තෙන් බලනකොට අම්මා සාදාරනයි...අම්ම නොදැන උන්නට මගෙ පැත්තෙන් බලනකොට මම සාදාරනයි....

මම සාමව ගන්න කියලා හිතාගන එන්න හැරෙනවත් එක්කම මෙච්චර වෙලාවක්ම තිබුන සහෝදරවරුනී....සහෝදරවරුනී ගාපු ලව්ස්පීකර් ජර බර ගාන්න ගත්තා....

.දුවපියව්....දුවපියව්....අලි ගහනවා...

අලි ගහනවා.....?ඒ මොන මගුලක්ද...??

මිනිස්සු එකා දෙන්නා එකා දෙන්නා උරුන් පූට්ටු වෙන්න ගත්තා වගේම කඩකාරයො උන්ගෙ කඩවල් වල අදින දොර වහලා දැම්මා.....

.හරියටම හරි ...අනිත් පක්ශෙන් ඇවිත් වගෙ ...

මම වටපිට බැලුවා ස්ටෑන්ඩ් එක දිහාවින් කලු පාට දුමක් නගිනකොට මෙච්චර වෙලා හොදට තිබුන ටවුන් එක තත්පර දෙකෙන් තුනෙන් කඩි ගුලක් ඇවිස්සුනා වගේ උනා....

මිනිස්සු දුවනවා....මුලු ටවුමම ජේවීපි කැරැල්ල කාලෙ වගෙස් උනා ...පක්ශ දෙකේ මිනිස්සු එක එකා කා කොටා ගන්න ගන්නකොට සමහරු පුද්ගලික තරහවල් පිරිම්හන්න ගත්තා....

අම්මා....අනේ...අම්මට....

මට අම්මව මතක් උනා ගෙදර යන්න බස් එකට දුවනවා වෙනුවට මම එලවලු මාර්කට් එකට දුවන්න ගත්තා කරේ තිබුන බෑග් එක ගලවලා අතට අරන් මම මම පුලුවන් තරම් හයියෙන් දිව්වා....පැයකට කලින් අම්මව හම්බ උනේ....අම්මා තාම ඇති....

මටත් පොඩ්ඩක් ඉවසන්න බැරිව එලවලු බෑග් එකටත් පයින් ඇන්නා...අනේ දැන් ඉතින් අම්මා ආයම එලවලු තෝරනවා ඇති...ඒත් දැන් මේ වටේ පිටින් හතර වටින්ම කලබල වෙනකොට අම්මා කොහෙ එලවලු තෝරන්නද...? අම්මා අනේ දුවා ගත්තවත්ද බාප්පා අම්මගෙ තනියට ආවද. . .

අනේ දුවන ගමන් මගෙ හිතට එක එක දේවල් එන්න ගත්තා...

ජන්දෙට ආව ඇමතියව පොලිසිය වටකරන් යනකොට මිනිස්සු ගැන බලන්න බලු බල්ලෙක් නෑ...මහජන නියෝජිතයොලු...ඇයි යකො මහජන නියෝජිතයො පැනලා යන්නෙ...මිනිස්සු මෙතන ගහමරාගන්නකොට ඇයි මුන් තව උන්ගෙ අස්සෙ රිංගන් හැගීගන දුවන්නෙ...

කුඩු කරපියව්.....

අල්ලපියව්.....

ගහපියව්...

ඔන්න ඔන්න.....ඔන්න...වහන්ඩ යන්නෙ...රිංගපියව්....

ආව්හ්....අ...ව්හ්.....

ගල්බාග පාරක්....

හරියටම ඔරලෝසුකනුව ගාවදි මගෙ වෙන එකෙක්ට ගහපු රතුපාට ගල්බාගයක් මගෙ ඔලුවට වැදුනා....රෝයල් ආකෙඩ් එක වැනසෙනවා....ඒ ලයින් එකම යූ ඇන්පී කාරයොද කොහෙද ...ශ්‍රී ලංකා කාරයො රෝයක් ආකෙඩ් එකට රිංගනකොට අනේ ඒ ඉස්සරහ ඉදන් හදුන් කූරු අනම් මනම් විකුනන ළමයින් වඩන් ඉන්න අසරන දෙමල ගෑනු අතේ තිබුන හදුන් කූරු හලාගන ඇදන් උන්න සාරිවලින් අතේ උන්න දරුවව වහගන විලාප තියන් දුවන්න ගත්තා.....

අනේ...අම්.....මේහ්....

වැදුන ගල්බාග පාරට නලල පැත්තෙන් උනුසුමට ලේ එනකොට බින්දුවෙන් බින්දුව වැටුන ලේ මගෙ සුදු ශර්ට් එක බතික් කෙරුවා ...

අම්... මේහ්....

මම කෑ ගැහුවා...මිනිස්සු සීසිකඩ.....කලුපාට දුම් රොටු අහස උසට නගිනකොට මට මතක් උනේ එක දෙයයි...මේක තනිකරම සරෝජා ෆිල්ම් එක වගේ...එල්ටීටීඊ මිනිස්සු කිය කිය දෙමල මිනිස්සු සිංහ මිනිස්සු ගහ මරාගත්තු එක වගේ ..වේළුව අමු අමුවෙ මැරිලා ගියා වගේ සරෝජා තනි උනා වගෙ.....

මාලු මාකට් එකේ මිනිස්සුන්ගෙ මන්නා එලියට එනකොට එලවලු වෙලන්දන්ගෙ යකඩ තරාදි වලින් වදින පාරවල් වල සද්දෙ හතර කොනිම්ම ඇහුනා..හදිසි නීතිය ඇදිරිනීතිය මේ ඔක්කොම.එකට එනකොට එක පෙලට තිබුන රත්තරන් බඩු කඩ සට පට ගාලා වැහීගන වැහීගන යනකොට හැමිල්ටන් ඇල දිගෙ හට්ටි මුට්ටි පාවෙන්න ගත්තා...

යුද්දයක්.....එක තප්පරෙන් හතරකොනම ඇවිලෙන්න ගන්නකොට මම මාකට් එකේ ගහ මරාගන්න උන් අස්සෙ අම්මව හෙව්වා....

අම්මෙ...හ්හ්

මං කෑ ගැහුවා .....

අම්මේ....හ්.....

පොලිස් සයිරන්ස් සද්දෙ හැම.පැත්තෙම්ම ඇහෙනකොට ගිනි ගින්දර ගානට විකුනුනන එලවලු ඒ මේ අත විසික් උනා...

අම්මේහ්.....

මිනිස්සුන්ගෙ විලාප ගෑනුන්ගෙ විලාප....එක එකාගෙ ලේ බින්දු මගෙ සුදු ඇදුම රතුම රතු පාට කරනකොට මම අම්මවයි අර කාලකන්නි ගෑනිවයි වට දැකපු තැනට යනකොට අහම්බෙන් වගේ අම්මගෙ බෑග් එක තියනවා දැක්කා...ඒ වේවැල් බෑග් එක කෑලි වලට කැඩිලා ගිහින් ඒ කියන්නෙ අම්මට මේක ආයම අරගන යන්නවත් වෙලා නෑ.....

අම්මේ...හ්හ්හ්හ්!!!

සලාන්.....

මගෙ පිටට පාරක් වැදුනා මෙච්චර වෙලාම් තුරුල් වෙලා තිබුන පොත් බෑග් එක මගෙ අතින් ඇතෑරිලා යනකොට මගෙ යුනිෆෝම්.එක වත් නොපෙනුන තිරිසන්නු උන් උන්ගෙ පුද්ගලික තරහවල් ඒ මේ අත පාකරනකොට මගෙ පිට මැදටම යකඩ තරාදිපාරක් වැදෙනකොට මම පාර කාගනම හැරිලා බැලුවා...

එක පාරක් නෙවෙ තවත් පාරක්.....

කොහෙන් වදිනවද මොකා ගහනවද වට් හොයන්න බැරි වෙනකොට මගෙ එක ඇහැක් සම්පූරනම නලලෙන් වැටෙන් ලේ බින්දුව්ලින් වැහිලා යනකොට මගෙ පිටට තරාදියකින් ගහපු එකා ඒ තරාදියෙම්ම ටව එකෙක්ට ගහනකොට මම.මගෙ අතින් අතෑරුන බෑග් එක ගන්න දෙකට නැවුනත් එළ පොදියට පොරකන මිනිස්සු හින්දා මාව විසික් වෙලා ගිහින් සිමෙන්ති බැම්මක ඇනුනා.....

නෑ.....නෑ....මට ගැහුවෙ මොකාද...ඌ..ගුටි කන්නම ඕනා..ගැහුවොත් ගහපන්...ඒක මට තාත්තා විතරක් නෙවෙ..බාප්පා...සංධීර් පවා කියපු දෙයක් ....සිමෙන්ති ගැට්ටෙ හැප්පිලා බිම වැටුන මම යුනි ෆෝම් එකබැජ් එක ගැන අමතක කරලා බෑග් එකේ පොත් ටික හලලා ඒකට ගල් තරාදි පුරවගත්තා ...

දැන් ගහපියව්කො.....

පඩි පුරවගත්තු මම අනිත් පාර තරාදියෙන් ගහන එකාව හෙව්වා... ....හේතුවක් ඇතුවත් නැතුවත් ඌ ගහනවා...මුන් වගේ උන් තමා නිස්කාරනේ රන්ඩු අව්ස්සන්නෙ...මුන් තමා නිව්ස් ඕන කමට නැති නිව්ස් මවන්නෙ....

චටස්...

අත දිගෑරලම ගහපු පාරට අරූගෙ පිට මැදට පොල් කැඩුවා වගේ වැදුනා ...

දඩස් ...

චට.පටස්.......

මිනිස්සු ගහ මරාගන්නවා...

එක මනුස්සයෙක් වෙනුවෙන් මිනිස්සු ගහ මරාගන්නවා....

දින්නට පස්සෙ උන්නද මලාද කියලවත් නොබලන එකෙක් වෙනුවෙන් මිනිස්සු මරාගන්නවා.....

ඒ ඔක්කොම අස්සෙන් මම අම්මව හොයනවා.....මගෙ කටහඩ ඃඑන්නෙ නැති වව දැන දැනමත් මම කෑ ගැහුවා මාව විසික් උනා....පාරවල් වැදුනා පොලු පාරවල් පවා වැදුනා...ඒත් මම නෙවෙ නැවතුනෙ .....දාස් ගනන් වලට විකෙනෙන ලොකුම ලොකු කෙසෙල් කැන් පිටින් එක එකාගෙ ඔලු උඩට වදිනකොට පොලිස් ජීව් වල සද්දෙ අහසට වෙඩි තියන සද්දෙ එක්ක මම හතර වටම අම්මව හෙව්වා....

ආ...ව්හ්හ්...අහකට...ප්ප්..පලයන්...කාල...කන්නියො....මගෙ..අම්...මා..නෑ.....

වෙන කාට හරි ගහපු පාරක්ද මටම ගහපු පාරක්ද මන්දා මගෙ මූන පුරවල වදිනකොට පාර කාපු මමත් ඒකව අනිත් අතට තල්ලු කරලා යවන ගමන් මම මිනිස්සු අස්සෙන් රිංගල රිංගලා එලියට ඇවිල්ලා හිටගන්නවත් එක්කම මාව ආයම විසික්වෙලා ගියා....

පොලිස් වාහනවල සද්දෙ...බැරියර්....වතුර බව්සර් මේ තත්පර ගාන ඇතුලත හැම දේම කනපිට හැරුනා...නිකන් සද්දයක් දැම්මත් මන්නයක් එලියට අදින මාලු විකුනන මිනිස්සු විතරක් නෙවෙ ගෑනු පවා මරාගන්නකොට මුස්ලිම් කඩ ඔක්කොම වැහිලා තිබ්බා වගේම අයිශා එකෙ ස්ටේශනරි පැත්ත ගිනිගන්න ගමන් තිබුනා.....

කාලකන්නි....අමු කාලකන්නි.....

අත්වල තිබුන බැන්ඩේජ් ලෙහිලා ගිහිල්ලා...නිල්පාට පොලිස් ජීප් හතර වටින් ආවා උනත් පාර මැද ටයර් පිච්චෙනකොට රතුපාට ගින්දර හන්දම මුලු පාරම.කලු දුමෙන් වැහිලා ගිහින් තිබුනා...

ආව් ..ආව්හ්....මහත්තයා....

පලයව්.....පලයව් ඔක්කොම.....තොපි මොක්කු හින්දද කා කොටා ගන්නෙ...

ඩෝන්.....ඩෝන්....

අහස දිහාවට එක දිගට වෙඩි පත්තු උනා....

සමහරු අතෙ පයේ තිබ්බ ඒවා දාලා දිව්වා....සමහරු ඒ අස්සෙත් තව කඩවලට ගිනි තිබ්බා.....

හාල් සීනි පරිප්පු....පිටි....බිස්කට් ....

ග්‍රෑම් සීයක් දෙසීයක් ගන්න උනත් මිනිස්සු කඹුරලා කඹුරලා සල්ලි ගන්න මැරෙන්න ඕන වෙන තරමට ගනන් හැම දේම පාර පුරාවට විසිරිලා තිබුනා....

පාර වැදුන ගෑනු අසරන ළමයි හූ තියලා අඩනකොට බැරියර් වලට ආව පොලිකාරයන්ගෙ බැට්න් පොලු පාර කාපු සමහරක් උන්ව බලලො බලල්ලු ගානට ජීප් වලට ඇදලා විසි කෙරුවා ....

සාදාරන එකා මොකාද...අසාදාරන එකා මොකාද.....

හොයන්න බෑ...එක පොදියට අහුවෙන උන්ව ඇදලා ජීප්වලට දාගන්නකොට මම තව එකෙක්ට ගහන මනුස්සයෙක්ව මරන්න හදන එයාව දැක්කා....

රොමේන්....

.ඔව්...ඒ උන්නෙ රොබින් කුරුල්ලා

කලු ලෙදර් ජැකට් එක පිච්චිලා.....වෙනදට පිලිවලට ඉන්න එයාව අපිලිවෙල වෙලා ගිහින් විතරක් නෙවෙ අතක් රතු ලේ වලින් වැහිලා තිබ්බා....

එයාට කරදරයක් වෙලා....???

අහකට පලයව්...

එයා කෑ ගහනවා.....

ඒත් එයාටත් වදිනව...පලයව් කියලා කෑ ගහපු එයා එතන උන්න මනුස්සයෙක් ගෙ බෙල්ලෙන්ම අල්ලගන්නකොට මං දැක්කා තව එකෙක් එයාට ගහන්න යකඩ බාර් එකක් අරන් පස්සෙන් යනව...

ර්‍ර්....ර්....රොමේ...න්...

මං කෑ ගැහුවා ...අනෙ එයාට ඇහුන් නෑ.....ඒ කෑ ගහන සද්දෙ එක්ක එයාට මගෙ ගොත ගහන කටහඩ ඇහුන් නෑ ...ඔය පාර වැදුනොත් එයා මැරෙනවා....ඔය පාර වැදුනොත් එයා මැරෙනවමයි.....

ර්.....රො...මේ....න්න්න්

දඩස්!!!!!

ආ....හ්ව්.....

ආහ්....

තැඹිලි ගෙඩි සීසීකඩ ගියා...මගෙ පපුව වේගෙන් ගැහුනා....මගෙ හුස්ම එක දිගට ඉහල පහල ගියා... 

අතට අහු උනේ තැඹිලි වල්ලක්...

කොච්චර රොමේන්...රොමේන් ගාලා කෑ ගැහුවා උනත් එයාට ඇහුන් නැතිවෙනකොට මට කරගන්නම දෙයක් නැති තැන මම අතට අහු උන තැඹිලි වල්ල අරන් දෑත බදලම ගහපු පාර වැදුනෙ අර මිනිහගෙ ඔලුවටයි බෙල්ල පිටිපස්සටයි වෙනකොට ඒකව එතනම වැටුනා බය උන පාරට මගෙ අතේ තිඹුන තැඹිලි වල්ල බිම වැටෙනකොට මාව දැකපු රොමේන් මාව ඇදගන එලියට දිව්වා.....

මම්...මම....මම...එකව...ම්ම්...මැරු...වා....මම...මැර්...මැරුවා.....

මම බය උනා...එවෙලා ආවෙගෙට අත දිගෑරලා ගැහුවට මගක් එනකොට මම බය උනා....මම දුවන්න හැදුවා.....නලලෙන් වැක්කෙරුන ලේ අවසානෙදි කැටි ගැහෙනකොට එයා මාව ඇදගන ඔරලෝසු කනුවත් පහු කරන් ලාෆ් එක පැත්තට දුවනකොට මම ඒ අත ගැසුවා....

මම එයාගෙ අතින් මගෙ අත ගලවගන්න හැදුවා .

ම්ම්..මම...මම....ම්ම්..මැරු....

වරෙන් යකෝ යන්ඩ.....

එයා කෑ ගහනවා...ඒත් බය වෙලා උන්න මම එයාගෙ අත අතෑරලා ඉබාගාතෙ දුවන්න හැදුවා.....මම කෑ ගැහුවා..මම එයාව මැරුවා..මම එයාව මැරුවා....මම එයාව මැරුවා ගගා එකම දිගට කා ගහනකොට එයා මාව උරහිස් දෙකෙම්ම මිරිකලා අල්ල ගත්තා ....

මම...ම්ම්..මම...එයාව....

වහපන් කට ...මේ අහගනින්...මේ අහගනින්.....

ම්ම්..ම්ම....

කිව්වා නේද ...වහගනින් කට....උඹ කාවවත් මැරුවෙත් නෑ...දැක්කෙත් නෑ. හරි ...උඹ දැක්කෙ නෑ...ඇහුනද...ඇහුනද ඒක උඹට...ආ.....??

මේ කලබල අස්සෙ එයා මාව වාහනේකට තදකරගන මම කාවත් මැරුවෙ නෑ කිය කිය මාව හොලවගන හොලවගන යනකොට බය වෙලා උන්න මම එක පාරම ගොලු උනා.....

මම ගොලු උනා...ඒත් මගෙ තොල් හෙලවෙනවා....

.මම.මුමුනනවා...මගෙ ඇස් දෙක එක තැනක නෑ....

ඔලුව හොලව හොලව මම මුමුනනවා...ඒ මිමිනුවෙත් මම එයාව මැරුවා කියන එක වෙනකොට පුපුරන සද්දයක් එනවා එක්කම එයා මාව අත් දෙකෙම්ම බදාගන බිමට නැවුනා....

රීගල් එක....

ෆිල්ම්.හෝල් එකේ ජනෙල් පුපුරන්න ගත්තා...

මේක තනිකරම යාපනේ වගේ.....

නැවීගන ඉදපන්.....

එයා මාව බිමට තද කරන් නැවීගන ඉදපන් ගාන ගමන් බිම දිගෙ ඇදන් ගියා.....ඇදන් ගිහින් මග දුරකදි ආයම මාව නැගිට්‍ටෙව්වා...සුදු කලිසමේ දනහිස නෑ.....ඉරිලා ගිහින්...මඩ පාරවල්..ලේ පාරවල් එක්ක මාව සම්පූරනම වෙනස් වෙලා තිබුනා...

එයා මාව ඇදන් දුවනවා...පොලිස් ජීප්වල සද්ද එකා කාරෙට ඇහෙනකොට මම පැනලා යයි කියලමද කොහෙද මාව තදින් අල්ලන් උන්න එයා වහල තිබුන කඩයක් ගාවට ගිහින් දොරට ගහගන ගහගන ගියා ....

නෙහාන් ...ඇරපන්....ඇරපන් මේක....ඇරපන් යකො....ඉන්නවා නම්..ඇරපන්.....

ක්ක්...ක්...කව්ද...

මේක ඇරපන් හුත්තො...

.

ස්ටේශන් එක ගාව ත්‍රීවිල් පාර්ක් එකෙ ත්‍රීවිල් එකක් එහෙන් පිටිම්ම ගිනි ගන්නවා....මම එහෙන් ඔලුව වන වන මම එයාව මැරුවා මැරුවා ගගා ඔල්වෞඅ වන වන දගලනකොට එයා ගහලා ගහලා අර දොර ඇරගන මාව ඇතුලට තල්ලු කෙරුවා .....

.රොමේන්...මේ ලමයා...

කතා කරන්න වෙලාවක් නෑ...බලපන් කොල්ලට තුවාලද කියලා ....

රොමේන්.....

උදාන කොල්ලගෙ තුවාල බලන්න

අනේ....මල්ලි...මේ අර ළමයා.....

එයාලා කියවනවා...රොමේන්...උදාන...නෙහාන් .ගෑනු කටහඩ.....පාරෙ කාකෝ ගන්න සද්ද....දොරට ගහන සද්ද එක්ක මම ඔලුව වන වන වන කන්දෙක පිහිදනකොට එයාලා මාව වට කරගත්තා

.ලමයට තුවාලයි...ගනින් රෙදි පටියක්....

.මේකා කොහෙද .

මාකර්ට් එකෙන් හොයාගත්තෙ.....

කව්ද රොමේන් මේ

අපි කෑමගන්න ගෙදර කොල්ලා.....

මම...එයාව...ම්ම්...අම්..අමේ...හ්...අම්..අමේ...මම...එයාව....ම්ම්..මැ...රු

නෑ.යකො..නෑ...උඹ කාවත් මැරුවෙ නෑ..දගලන් නතුව ඉදපන්...

එයා කෑගහනව...කාටවත් මාව අල්ලන්න නොදුන්න මම දුවන්න හැදුවා....මම මගෙම ඔලුවට ගහගත්තා ..කොන්ඩෙන් ඇදගත්තා ...තැඹිලි වල්ලෙන් වැදුන පාරත් එක්ක ඒ මිනිහා බිම වැටුන හැටි මට ආය ආයම මතක් වෙනකොට මම පුලුවන් තරන් මට ගහගත්තා .....

මම්..ම්ම...

මම.....

මට කතා කරගන්න බෑ...වචන එන්නෙ නෑ...එහෙන් අම්ම මතක් වෙනවා...අනිත් පැත්තෙනේ මිනිහව මතක් වෙනවා ..ඒ එක්කම කඩේ වහලා තිබුන තහඩු දොරට කවිරු හරි ගහනවා ඇහුනා...

අක්කෙ....පලයන් ඇතුලට ....

එතන උන්න කවුරු හරි පලයන් ඇතුලට කියන ගමන් යකඩ බාර් එකක් ගත්තා...

එකක් නෙවෙ...පිරිමි තුන් දෙනාම යකඩ බාර් තුනක් ගන්නකොට එලියෙ උන්න උන් දොර කඩන්න යන සද්දෙ එක්ක වෙඩි පාරවල් දෙක තුනක් ඇහුනා වගේම බෙරිහන් දෙන සද්දයක් එක්ක වහලා තිබුන එක පාරම මහ සද්දෙන් ඇරුනා....රතු රතු පාට ගින්දර දැල්...කලු පාට දුමාරය....ටයර් පිච්චෙන ගද ...

අපි බලන් උන්නා...මම හුස්ම හිරකරන් බලාගන උන්නා..බයෙ ගැහි ගැහි ගැහි බලගන උන්නා...කර ගද අස්සෙ....පොලිස් සයිරන්ස් සද්දෙ මැද්දෙ මිනිස්සුන්ගෙ විලාප මැද ජරබරාස් ගාන සද්දෙන් දොර ඇරන් කවුරු හරි ඇතුලට ආවා...

යකඩ බාර් එකක්....

මුලු මූන පුරාවටම ලේ.....එයාගෙ ඇස් දෙක තරහවෙන් පුපුරන්න එනවා වගෙම එයාගෙ පස්සෙන් ආව එකෙක්ට එයා අර යකඩ බාර් එකෙම්ම දමලා අතෑරියා වගේම මා දිහා බලලා කෑ ගැහුවා...

යෙවීන්.....!!!

ස්.....ස.....සංධීර්....!!

.👉👈පුතුකියා නිදහාස්ස්ස්ස්ස්!!!!

ම්හුක්...🤭🤭

ජොබියා බුජි...හොදතෝම බුජී...🤭🤭

ආය හෙත එන්නම්ම්.....

ආදරනීයම කාවයි පැන්ඩම් එකෙන් රික්වෙස්ට් තොගයක් ඇවිත් තිබ්බා...අම්කේ.....සීරියල් කිලර් එකක් ලියන්ඩ කියලා....

👉👈ජොබීගෙ ඔන්ගොයින් ටික ඉවර උනාම දෙන්නා.....ම්ම්ම්ම්...🥺🥺🥺

(යෝ ....හ්...ඒ අස්සෙන් මේ ජොබියා ඊයෙ රෑ හිනයක් දැක්කනෙ....සීරියල් කිල කෙනෙක්ව බැදල...යෝහ්...යෝහ් ...ඉතුරු ටික බලා ගන්න බැරි උනානෙ...මේ ලමයට අහැරුනානෙ....අද රෑටවත් ඉතුරු ටික බලන්න ඕනා🤭🤭🤭👉👈😂😂😂)

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters