WebNovels

Chapter 44 - 44

සංධීර්...???....

ස්ස්...ස්.....සංධීර්....ස්ස්.....සංධීර්.....

මම දිව්වා...දගල දගල උන්න මම් කඩාගන බිදගන ලේ නාගන උන්න සංධීර් ගාවට දිව්වා.... මම දිව්වා නෙවෙ ඇගේ එල්ලුනා.....

ස්ස්...සංධීර්...ම...මං...ම්ම්..මැ....රුවා....ම්...මැරුවා....මැ....ම්ම්..මැරුවා...මම්...මං.....ම්...මැරුවා...

ශ්ශ්...ශ්ශ්....යෙවීන්...යෙවීන්....කෝ...හොද...ලමයනෙ....කියන දේ අහන්න....කියන...දෙ...අහන්නකො....

යෙවීන්....සංධීර්....??

යෙ...යෙවීන්.....

තත්පර ගානකට මේ හැම දේම ගල්ගැහිලා ගියා..මම උන්නෙ සංධීර්ගෙ ඇගේ එල්ලීගන....සංධීර් උන්නෙ දගලන මාව බදාගන.....මම මම මැරුවා ගගා එකම දිගට ජප කරනකොට සංධීර් නෑනෑ ගගා මගෙ හිත හැදුවා...එයයි මායි ඒ විදිහට ඉන්නකොට අපි දෙන්නා වටේ උන්න හතර දෙනාටම කට උත්තර නැති වෙලා තිබුනා....විශේශෙම්ම අම්මට....අම්මට සතුටද...දුකද... නැත්තන් ...සතුට දුක වේදනාව තුනම එකට ඇවිදින් දරාගන්න බැරිවද කොහෙද කලන්තේ දානකොට සංධීර් එයා ඇදන් උන්න උඩ ඇදුම ගලවලා මගෙ තුවාල උන නලල පිහ දැම්මා.....

සංධීර් .....සංධීර් ....ඒකියන්නෙ....උඹ ඉන්නවා.....

........

.එතකොට ....මේ..ඉන්නෙ.....මේ..ඉන්නෙ...මගෙ...

ලමයව හොස්ප්ටිල් එකට අරන් යන්න ඕනා....පැත්තට වෙන්න.....

සංධීර් නෙවෙ මූනක් බැලුවෙ අනිත් හැමෝම උන්නෙ පුදුමෙ දරාගන්න බැරිව උනත් සංධීර්ට එයාලව හම්බුනා කියලා කිසිම සතුටක් තිබුන් නෑ .....මම උන්නෙ විකාරෙන් වෙනකොට මට අම්මා බාප්පා ගාවට දුවා ගන්න ඕනා උනත් ඒකට හයියක් තිබුන් නෑ....

.සංධීර්....

.කතා කරන්න දෙයක් තියනවා නම්....මෙතනින් ගියාට පස්සෙ...

එයා නපුරුයි ....එයා පුදුමාකාර විදිහට නපුරු වෙලා....සිහිය නැතිව වැටුන අම්මට බාප්පා වතුර ගාලා ගාලා පියවි සිහියට ගත්තු වෙලාවෙ ඉදන් අම්මා අඩනවා....එයා මග් අත පය අතගානවා..මට ගහපු කම්මුල අත ගගා සමාව ඉල්ලන්වා...අම්මා දන්නෙ නෑ කියල කියනවා.....අම්මාට විස්වාස කරන්න බැරිවද කොහෙද සිය පාරකට වඩා සංදීර්ගෙන් මේ මගෙ පුතාද කිය කිය අත් එකතු කර කරෝම වැන්දා.....

අනේ....මේ ඉන්නෙ...මේඉන්නෙ මගෙ පුතාද...මේ ඉන්නෙ මගෙ...පුතාද.....සංධීර්....වදින්නම්....අනේ නෙහාන්...මෙ ඉන්නෙ...මගෙ දරුවද අහපන් මල්ලී....පින් අයිති වෙයි....පින් අයිති වෙයි අනේ ..පින් අයිති වෙයි.....

.

අම්මගෙ කදුලු මැද....සංධීර්ගෙ දරදඬු අත්වලට හිර උන මම බාප්පගෙ සුදුමැලි මුන් දිහා බලන් ඉන්නකොට එතනින් පස්සෙ මට උනේ මොකක්ද එයාල කියන්නෙ මොනවා ගැන්ද කියන්න ගානක් නැති උනා....ඒත් මටත් නොදැනිම මගෙ කටින් අම්මෙ කියලා කෙදිරි ගෑවුනා.....

..

....

.....

.....

සංධීර්....ඒ ඉන්නෙ අපෙ කොල්ලා නම්...උඹ අපේ එකා නම්....ඇයි කියපන් නිකමට ..නිකමට අපි ගාවට ආවෙ නැත්තෙ...

.....

යකෝ...

නෙහාන්....ප්ලීස්.....

අතෑරපන්....අතෑරපන් උදාන...මේ...මේ....මට තොට බනින්ඩ වචන නෑ....කියපන් රොමේන්...කට ඇරලා මේ හුත්තට කියපන්...අවුරුදු දහයක් .....අවුරුදු දහයක්....මුන් වෙනුවෙන් අඩපු අපිට මෙහෙම කරලා මදි කියපන්....අරූ...අරූ අපිටත් හොරෙන් ලොකු වෙලා...තෝ...අපිටත් නොකියම වයසට ගිහිල්ලා.....

......

ඇයි...ඇයි සංධීරයා ....ඇයි ...ඇයි කියපන්...

සංධීර්....මගෙ ලමයට .....

සංධීර්....මගෙ කොල්ලා.....

ඇම්බියුලන්ස් සද්දෙ ....කනක් ඇහෙන්න නැති තරමට ඇම්බියුලන්ස් සද්දෙ....ඉවරයක් නැතුවම ලෙඩ්ඩුගේන සද්දෙ ....මේ වෙනකොටත් සමහර ටීවි චැනල් වලින් ඇවිත් තිබුනා...නර්ස්ලාගෙ ඇටෙන්ඩන්ලගෙ....දොස්තරලගෙ කකුල් වලට රෝද හයිකරල වගේ...

උනුසුම් තත්වයක්....

හදිසි තත්වයක්...

ඇදිරි නීතියක්.....

මගෙ ඇස් දෙක වැහිලා තිබුනෙ .ඒත් ඉවරයක් නැතිවම ඇහෙන කටහඩවල් මාව හතර වටිම්ම තෙහෙට්ටු කරන්න ගත්තා ...

සංධීර් ඇයි මෙහෙම කෙරුවෙ .....බාප්පගෙ තරහව කලකිරීම වේදනාව පිරුන කටහඩ ....

අම්මට සමා වෙයන් මගෙ රත්තරන් ...අම්මා මගෙ පුතාව ඇදින්නෙ නෑ....අම්මගෙ වස්තුවව අම්මා ඇදින්නෙ නැතුවයි රත්තරනේ ම්මා ගැහුවෙ...මට කියපන්...මගෙ පුතාට දුක හිතුනද.....අම්මට බනිනකොට මගෙ පුතාට තරහා ගියාද ....යෙවීන්.....අම්මගෙ.....රන්කද ...

පියාගන උන්න ඇස් පියන් වලින් කදුලු කැට කඩා වැටුනා ගහපු කම්මුල් පාරට අම්මා සියපාරකට වඩා සමාව ඉල්ලුවා ....

අවුරුදු දහයක් .....

අවුරුදු දහයක දුක කදුලු ...අවුරුදු දහයක වේදනාව ...අවුරුදු දහයක හැගීම්....ඒ චෝදනා සාදාරනයි ....ඒත්.....සංධීර් හැංගුන හේතුව දන්නෙ සංධීර් ...බාප්පා සංධීර්ව කන්න හැදුවත් එයා නෙවෙ උත්තර දෙන්නෙ.....අම්මා.....බාප්පා ....රොමේන් උදාන විතරක් නෙව් අනිත් අම්මා තාත්තත් ඇදිවත පිටින් ඇවිදින් තියනකොට මට ඇස් ඇරලා බලන්න බය හිතුනා සතුටු වෙන්නම ඕන වෙලාවක මම උන්නෙ වේදනාවෙන් ... 

..යෙවීන් .....මගෙ පුතා ඇස් ඇරලා බාප්පා දිහා බලපන් යෙවීන් ....

.ගොරහැඩි අතක් මගෙ මූන පුරාවටම ගියා ඉකි ගගන ගෑනු කටහඩවල් දෙකක් සැරින් සැරෙ මගෙ පුතා කියනකොට බාප්පා ඇස් ඇරපන් කියලා අතගාන ඇස් මං තවත් තද කෙරුවා ..

මං අසරනයි ....

මං ඇස් ඇරලා කාටද එකටම අම්මෙ කියන්නෙ.... ...

මෙච්චර කල් හදාගත්තු අම්මට අම්මෙ කිව්වොත්..අර අම්මට වේදනාවක් දැනේවි ...

...

මෙච්චර කල් අඩපු අම්මට අම්මෙ කිව්වොත්.....මෙච්චර කල් බලාගත්තු අම්මට වේදනාවක් දැනේවි උනහපුලු අම්මට පවා උගෙ පැටියා මැනිකක් වෙනකොට ...ගොත ගැහුවත් මගෙ අම්මට මං සංසාරයක් .....එහෙම උනහන මං කොහොමද දෙයියනෙ එක අම්මෙක් දිහා තත්පරේ කටවත් අනිත් අම්මව රිදව රිදව බලන්නෙ...

මට ඒක කරන්න බෑ .. අනෙ කිසිම තැනක තත්පරේකට වත් මාව අත ඇරපු නැති මගෙ පලවෙනිම ආදරේට මට රිදවන්න බෑ ..... 

යෙවීන්....

මගෙ පුතා....

අම්මගෙ වස්තුව...

මම ඇස් ඇරියා....මූනු ගොඩක් හතර පැත්තෙන් වටවෙනකොට අම්මලා දෙන්නට මැදින් උන්න මට කාටද කතා කරන්නෙ හිතාගන්න බැරි තැන මම බාප්පට කතා කෙරුවා .....

බ්බ්....බාප්පෙ.....

.එච්චරයි කියන්න හම්බුනෙ....බාප්පට පිස්සු හැදුනා....බාප්පට ඉවසීම කියන දේ නැතුව ගියා.....අනිත් උන්වත් තල්ලු කරන් ආව බාප්පා මට තුවාල වෙලා...මම ඉන්නෙ අසනීපෙන්...ඔය මොකුත් බැලුවෙ ණෑ...මගෙ ඇට කටු කුඩු වෙන තැනටම මාව මිරිකගත්තා

බාප්පගෙ කොල්ලා..උඹ ඉන්නවා ....උඹ ඉන්නවා.....ඒ ඇති....ඒ ඇති...ඒහොදටම ඇති ...ඒ හොදටොම ඇති.....

එයා ඉඹිනවා....මාව මිරික ගන්නවා....මට රිදුනා...ඒ තද අත පයට අහුවෙනකොට මගෙ තුවාල මට වේදනා දුන්නා ...ඒත් මම මට මග ඇරුන ආදරේ වේදනාව අස්සෙම්ම විදිනකොට සංධීර්ව දඩු අඩුවට අහුවෙලා .....

මොනවා උනත්...අපිට අපිව හම්බුනා....මොනවා උනත්....අපි අපිවම ආය අල්ල ගත්තා ....රොබින් කුරුල්ලයි යහපතයි මැද මීයා වගෙ ඉන්න සංධීර් දිහා බලපු මට හිනාවක් යනකොට බාප්පා මගෙ ඔලුව අත ගෑවා....

මූ ඉස්පිරිතාල නැකතෙ ඉපදිලාද මන්දා ..කොයි වෙලෙත් ඇදක් උඩ.....

පරන බාප්පා!!

මෙච්චර වෙලාම අඩපු බාප්පා ඉක්මනට කදුලු පිහන් මගෙ කම්මුල මිරිකනකොට මං හිනා උනා...බාප්පා සංධීර් ගාවට දිව්වා ....මං අම්මලා දෙන්නා මැද තනිවෙනකොට අනෙ මගෙ තාත්තා මජන් ඇදුම පිටින්... මගෙ අම්මා ගෙදර උන්න ඇදුම් පිටින්....ඒ හිත්වල මොන බයක් තියෙන්න ඇතිද ටවුම ගිනි ගන්නවා කියන එක ඇහෙනකොට දකිනකොට මාව මතක් වෙනකොට ඇදි වත පිටින් දුවන් එන්න ඇති ...ඇදිරි නීති පිට ඇදිරිනීති දැම්මත් දුවන් එන්න ඇති.....

අම්මගෙ වස්තුව ...

ඒ කතා කෙරුවෙ කලින් අම්මා.....

අනිත් අම්මා කතා නොකෙරුවත්....මගෙ අත අල්ලන් උන්නා ...එයා අනිත් අම්මා දිහා බලන් උන්නා ...මට දෙන්නවම ඕනා.....මට මගෙ අම්මලා දෙන්නවම ඕනා...අමාරුම තැනදි පවා මාවම ඉල්ලපු අම්මලා දෙන්නම ඕන....

අම්මෙක්ට දරුවෙක් කියන්නෙත් දරුවෙක්ට අම්මෙක් කියන්නෙත් සංසාරයක් වෙනකොට කොහෙද එතන අත ඇරීමක්.....

යෙවීන්.....නලලෙ තුවාලෙ එක්කයි ඔලුවට වැදුන පාරක් හින්දයි අද නවතින්න වෙනවා ...කෝ මේ පැත්ත බලන්න.....

මගෙ ඇස් දෙකට චුටි ටෝර්ච් එකක් ගහලා බලපු රොබින් කුරුල්ලා අද ඉන්න වෙනව කියනකොට මං හිනා වෙලා ඔලුව වැනුවා උනත් මගෙ හිනාව එක තත්පරෙන් මැරිලා ගියා....අර මනුස්සයා ...

උ..උද්...දාන.....

ඔව්...කියන්න.....මොනවත් අමාරුවක්ද...

මාව බල බල උන්න උදානගෙ අත් දෙකෙම්ම මම අල්ලගත්තා ....මට බයයි....මට නොසෑහෙන්න බයයි....මගෙ අතින් මනුස්සයෙක් මැරිලා නම් මං බයයි හිතේ ආවේගෙට රොමේන්ට කරදරයක් වෙයි කියන බයට ගැහුවත් මට දැන් බයයි....

අ..අර..ම්ම්...මනු...ස්ස්....සයා....

ආ...ඌට පොඩි කලන්තයක් ....වෙන මොකුත් නෑ.... යෝ...බොසා...බයවෙලානෙ ...නැද්ද උදාන සංධීරයගෙ ..ඇබිත්තමා ඇම්ඩා වෙලා....ආ....ඇදලා ඇරියා තැඹිලි වල්ලෙන්....

සට පට සත්ත පඩි වෙන්න එහෙම නේන්නම් බාප්පා කොල්ලව හැදුවෙ...

මං ප්‍රශ්නෙ ඇහුවෙ උදානගෙන් උත්තර දුන්නෙ අහක උන්න රොබින් කුරුල්ලයි අපේ බාප්පයි.....සංධීරයගෙ ඇබිත්තමා....අනේ ඒ නම.....කාලෙකට පස්සෙ රොබින් කුරුල්ලා කියනකොට මං බලාගන සංධීර්ගෙ නපුරු මූනෙ හොයාගන්න හරි අමාරු හිනාවක් නොවී හිනාවක් උන...හිනාවක් කියන්නවත් බැරි ඇහැට නොපෙනන හිනාවක් මතු උනා

උඹට මොනවද රෑට කන්න ඕනෙ...

ඒඅපෙ තාත්තා .....අම්මා උන්නෙ අම්මා එක්ක කතා කර කර...ඒ අත් හතර කිටිකිටියට පැටලිලා තිබුනා මං දන්නවා රොවීනම්මා අම්මට පින් දෙනවා ඇති මාව බලාගත්තට....බාප්පා නම් නලුවා ආයම අතුරුදහන් වෙයි කියලමද කොහෙද සංධීර්ගෙ බෙල්ල මුලින් අල්ලන් ඉන්නකොට අනෙ මං කාලෙකට පස්සෙ සංධීර් බාප්පලා එක්ක ඉන්නකොට තියන සැහැල්ලු මූනෙන් ඉන්නවා අහම්බෙන් දැක්කා ...

.ත්ත්...තාත්තෙ 

මොනවද ඕනෙ.....

මජන් පිටින් උන්න තාත්තට මාව අල්ලන්න බැරි හින්දා ස්රින් සැරෙම මගෙ තුවාල දිහා බලන තාත්තගෙ ඇස් දෙක සිය පාරකට වඩා උඹට රිදෙනවද ඇහුවා ...කටින් නාහන්නෙ මම ඔව් කිව්වොත් දරාගන්න බැරි නිසාමයි කියලා දන්න හින්දම මගෙ දිහා එහා මෙහා වෙවී බකන තාත්තගෙ අතකින් මන් අල්ල ගත්තා ....

ම්ම්...මට....ර්‍ර්....රිදෙන්...න්නෑ....ත්ත්...තාත්තෙ...

ඊයෙ එක පාරක් වෙනුවට හනසු පාර දහයක් ගහපු තාත්තගෙ මූන මැලවිලා තිබ්බා .... මොකද තාත්තා මට සීයක් ගැහුවත් ගහන්නෙ මැරෙන්න නෙවෙ....තුවාල වෙන්න වත් මාව එක තැන් වෙන්නවත් නෙවෙයි..ඒත් පිට එකෙක්ගෙන් පාරක් වැදුනොත් වැදෙන්නෙ මැරෙන්න ඔත්පල වෙන්න තුවාල වෙන්න හින්දා මගෙ තාත්තගෙ පිරිමි හිත හෙල්ලිලා තිබුනා . 

මට රිදෙන්නෙ නෑ තාත්තේ කියලා ගොත ගහපු මම හිනා වෙනකොට තාත්තා අවසානෙදි පපුව පිරෙන්නම ලොකු හුස්මක් ගත්තා ...මන් ගොත ගගහා පරාටා ඉල්ලුවා .....

ප්ප්...පරා...ටා...

පරාටා විතරද ...

න්න්..නෑ....බ්බ්...බිත්..තර ...ර්‍ර්...රොටි ...යකුත්...ඕන...ක්ක්...කපලා හොදි....ද්දාන් එන්න.....

එකෙක්ට නෙවෙ දෙතුන් දෙනෙක්ට ඇනලා අම්බානෙට කාලා උන්න මට ඇගට පන නැති ගතියක් දැනුනා...බඩගින්නක් දනුනා....අම්මගෙන් කම්මුල් පාර කාලා බඩගින්නෙම ගියා මිසක් කන්නවත් හම්බුන් නැති උනා වගේම ඇගෙන් ලේ ගියහින්දමද කොහෙද මාව ඔතෑනි උනා.....

අම්මගෙ වස්තුව ....

මං අම්මා එක්ක කතා කෙරුවා ...හිනා උනා තුරුල් උනා.....අම්මයි තාත්තයි ඇදුම් වගේම අනිත් දේවල් ගේන්න යනකොට මං අනිත් අම්මා ගාව තනි උනා....සංධීර් තාම ඉන්නවා ....එයාලට අද එලිවෙනකන් වත් කත කරලා ඉවර කරන්න බැරි වේවි...මගෙ අම්මටත් එහෙම්ම වේවි.....

අ..අඩ...න්න්..න ....එ..එපානෙ....අ...ම්මෙ.....ම්ම්..මං...ඉ..ඉනවනෙ....

.මං අම්මගෙ කදුලු පිහ දැම්මා අම්මා මගෙ අත් දෙක අල්ලන් අත් දෙකටම හාදු තියලා මා දිහා බලාගන උන්නා

අම්මට....සමා වෙන්න....යෙවීන්....අම්මට.....සමා....වෙන්න...

ඇ..ඇයි....අනේ...අ..අඩන්න එපානෙ...මං...ත්ත්...තරහා....න්න්...නෑනෙ.....

උඹ හුගාක් ලොකු වෙලා මගෙ යෙවීන්....අම්මට උඹව මග ඇරුනා ....අනෙ උඹ මෙච්චර ලස්සන උනේ කොහොම මගෙ යෙවීන්.......

අම්මා අඩනවා...එයා අහනවා...මම කොහොමද ලස්සන උනේ කියලා ...මාව මග ඇරුන ගගා අම්මා අඩනවා.....අවසානෙදි කොච්චර කිව්වත් ගලන කදුලු නවත්තන්න අමාරු බැරිවෙනකොට මම අම්මට අඩන්න දීලා බලන් උන්නා...

ස්ස්.....සංධීර් .....

මම ඈතින් උන්න සංධීර්ට අඩගැහුවා...එයාගෙ අතක් තුවාල වෙලා තිබ්බා...ඒකටවත් බෙහෙත් දාගන නැතුව එයා බාප්පගෙ දඩු අඩුවට හිරවෙලා ඉන්නකොට මට දුක හිතුනා...

ඇයි....

ය්ය්...යන්න....එපා....ඔ..ඔයාට....ත්ත්....තුවාලයි...

මම එයාට යන්න එපා කිව්වා....එයාගෙ අත තුවාල වෙලා....තුවාලෙ කට ඇරිලා....

උඹලා දෙන්නා අවුරුදු දහයකට පස්සෙ ආයමත් ඉස්පිරිතාලෙ ලගින්නද හදන්නෙ.....

බාප්පා මගෙ පිටට ගැහුවා....ම්හුක්...යෝහ්.....ලෙඩ කොල්ලට ගහනවනෙ.....

ඇත්ත ..අවුරුදු දහයකට කලිනුත් අපි දෙන්නම එකම ඇදක උන්නා...දෛවය කියන දේ නම් මහ පුදුමාකරයි කිසිම හැගීමක් එකම වෙලාවක වත් පැහැදිලිව දකින්න බැරි සංධීර් උන්නෙ වෙන ලෝකෙක...එයාට බාප්පා...රොබින් කුරුල්ලා යහපතා මොනවා ඇහුවත් කිව්වත් එයා මොකුත් නොකියා මහ අමුතු හිනාවක් දුන්නා....

සංධීර් .....උඹ කොහෙද උන්නෙ...ඒකවත් කියපන් සංධීර් ....ඒකවත් කියපන්.....උඹ අවුරුදු දහයක් උන්නෙ කොහෙද කියපන්.....අඩුම ගානෙ....මේවට බෙහෙත් කරගත්තෙ කොහෙන්ද කියපන්.....

බාප්පා සංධීර්ගෙ අත්වල තිබුන තුවල කැලැල් අත ගගා කොහෙද උන්නෙ මේවට බෙහෙත් කෙරුවෙ කොහෙන්ද අහනකොට සංධීර් කෙරුවෙ අත ඇදලා ගත්තු එක වෙනකොට මම අහගන ඉසිපිරිතාලෙ පුරාවටම ඇම්බියුලන්ස් ස්ද්දෙ තවමත් එක දිගටම ඇහෙනවා....

කාලකන්නියා...කොච්චර කෙරුවත් තවත් කඹුරගන්න තවත් ඉල්ලනවා...

ඇම්බියුලන්ස් සද්දෙ ඇහෙනකොට බාප්පා දත්මිටි කෑවා....සංධීර් මොකුත් නොකිය බලන් ඉදල බාප්පා දිහාවට හැරුනා.....

අවුරුදු කීයක් අරූ ඇතුලෙ උන්නද.....

හතයි...

ම්න්.....

ඇයි.....දැන් උඹට ඒක...අනේ මේ...මෙන්න වැන්දා...පාඩුවෙ ඉදපන්...හරි.....

ම්න්...ඵෝන් එක තියනවද.....?

ඔව්....ඇයි....කෝල් එකක් ගන්නද....

නෑ....

එයා බාප්පගෙන් ඵෝන් එක ඉල්ලන් මගෙ ඇදෙන් ඉදගන සිරස නිව්ස් බලන්න ගත්තා... ..

මෙන්න දැන් ලැබුන විශේශ පුවතක්.....

බ්‍රේකින් නිව්ස් ඉවරයක් නෑ....අච්චර ගානකට තුවාල....මෙච්චර ගානකට තුවාල කියනකොට සංධීර් ඇස් හීනිකරන් බලන් උන්නා වගෙම සිල්වගෙ මූන දානකොටම බාප්පට ඵෝන් එක දුන්නා....හරියටම මූ තාම ඉන්නවනෙ කියලා.කියන්න වගේ....

දැන් උඹ කොහෙද ඉන්නෙ කියපන් සංධීර් ....

මොනවා ඇහුවත් හොරගල් අහුකන සංධීර් දිහා බලපු රොබින් කුරුල්ලා එයා කොහෙද ඉන්නෙ ඇහුවා....සංධීරයා නෙවෙ උත්තර දෙන්නෙ...ඔව් ඉතින් ගෙදර තියන තැන කියන්න බැනෙ...බූත බංගලාවක්...ඌරු වලක්නෙ.....වතුර උගුරක් බොන්න වත් මිනිස්සුන්ට එන්න කියන්න පුලුවන්ද බෑනෙ....අනේ මන්දා මේ සංධීර් නම්...

එ...එයා...ඉ..ඉ..ඉන්නෙ....අ...පේ..ග්ග්..

ගෙවල්...ගාවමනෙ...

ඉදල ඉදලා බැරිම තැන...අරුන් තුන් දෙනාගෙත් ඉවසීම පනින්න ඔන්න මෙන්න තියනකොට මම සංධීර් ඉන්නෙ අපෙව් ගෙවල් ගාව කියනකොට රොබින් කුරුල්ලගෙ ඇස් ලොකු උනා...හරියටම යකො ලගම ඉදලත් හොයා ගන්න බැරි උනානෙ වගේ කියන්න වගේ ...හැබැයි....සංධීරයා නම් මං දිහාවට අලු වෙලා යන බැල්මක් දැම්මා හරියටම තොට ලෙඩ තිබුන් නැත්තම් මැරෙන්න ගහනවා කියන්න වගෙ ...අනේ මං බය වෙයි...මට ගුටිකාලා හොදට පුරුදුයි.....අනික මාත් දැන් ගහන්න දන්නවා.....

දැන් කව්ද ඇබිත්තමා ගාව ඉන්නෙ.....උඹම ඉදින් සංදීරයා ..මොකද උඹටත් තුවාලනෙ...නේ...උඹට හිටපු තැන උන්නෙ කොහෙද කියලා කියන්නත් හරි අමාරුයිනෙ...

රොබිනා බනිනවා..කොහෙන් ගියත් කතාවට ඇදිලා එන්නෙ ඒක.....ඇත්තනෙ...ඕක හංගන්න ඕනද...නෑනෙ...

රොමේන්.....

පිට්ටු ගිලලා උන්න සංධීර් කට ඇරියා...කට ඇරලා මගෙ ගාව උන්න අම්මා දිහා බැලුවා..හරියටම ගෑනු ලමයිට එ කතාව ඇහෙන්න හොද දෙයක් නෙවෙ කියන්නද කොහෙද ....අම්මා අහක බලාගත්තා ... බාප්පා සංධීර්ගෙ කට දිහා බලන් උන්නා.....අනේ ඉතින් යහපතා නම් හැමදාම තැම්පතානෙ...අපේ බාප්පට තමා මෙතනින් වැඩි පුරම මූලග්ගින්න එන්න....සංධීරුත් එහෙමයි...ඒත් අපේ තාත්තව ඒ මැදින් තිබ්බොත්...අනේ මන්දා ...මමත් පොඩ්ඩක් හරිබරි ගැහුනා...මොකද මටත් නොකියපු කතාවක්නෙ මේ කියන්න යන්නෙ

නෙහාන්....මම දැන් මැරුන මිනිහෙක්...මම ලෝකෙටම මැරුන මනුස්සයෙක්....වහපු මිනිකදු ආය ආය හාරන්න එපා...වෙච්ච දේවල් වෙලා ඉවරයි...මම...එක පාරක් මැරුන මට ආය ආයම මැරෙන්න බෑ...මොකද..මං දැන් මැරිලා ඉවරයි...ඇත්ත මැරුනා කිව්වට මම ජීවත් වෙනවා.....සංධීර් වගේ නෙවෙ...මම ජීවත් වෙනවා...සමකාමි විදිහට...මට මේ ජීවිතේ...හුදකලාව හොදයි...

මම බලන් උන්නා....බාප්පා....රොමේන් හැමෝම.බලන් උන්නා.....එයාගෙ හුදකලාව හොදයිලු....එයා සාමකාමීව ජීවත් වෙනවලු....නැන්දා ගැනත් කියයිද දන්නෙ නෑ...

වයසක මිනිස්සු සැදෑ සමේ ගෙවන්නෙ කොහොමත් හරි සාමකාමිවනෙ හැබැයි අපේ බාප්පගෙ සැදෑ සමේ ගැන නම් මට දුකයි....කොයිවෙලෙත් කෙළ්ලො ගැන දුක්වෙනවනෙ...

දැන් කියන්නෙ.....උඹට අපිත් වදයක්...එහෙමනෙ.....නේ ...ඒකනෙ...

අපිට උඹව දැක්කම පපුව පැලෙන්න ආවත් උඹට ගානක් උනේ නැත්තෙ.....ඔන්න ඕකට තමා රොමේනයා කියන්නෙ අපිටත් දුවන්නෙ එසේමෙසෙ ඉත්තෑවෝ නෙවෙ කියලා ....අපිත් උඹට වදයක්නෙ...නේ හා...ආ.....

ඒ...ක්..කනෙ....ස්...සංධීර්.....අ..අපිත්....ද්..දැන්...ව්ව්...වදයක්..නේ...නේ...

බාප්පා එක දිගටම කියවනකොට මාත් ඉක්මනට බාප්පගෙ පැත්තට කතා කෙරුවා....එයාලා එච්චර සතුටු වෙනකොට සංදීර් හිනාවක් වත් උනේ නෑ.....ඉතින් බාප්පා සාදාරන නැද්ද.....???

මම දැන් කොතනකවත් එහෙම කිව්වද නෙහාන්...ම්ම්.....මං කොතනකවත් කිව්වද.. මට වදයක් කියල....?? ඔප්පු කරන්න පුලුවන් එහෙම කිව්වා නම්....

එ...ඒකනෙ...බ්බ්...බාප්පෙ....ස්ස්...සංධීර්.....එ.....එහෙම....ක්ක්....

තෝ කටවහපිය.....

ඌ...ව්ව්හ්...

මම ගුටි කෑවා.....දෙපැත්තටම කතා කරන්න ගියපු මට තුවාල දෙපිටින් යන්න මම ගුටි කෑවා ...ඒ කොහොම උනත් අවසානම තත්පරේදි අපි හැම දෙනාගෙම මූනට අර නැති වෙලා ගියපු හිනාව ආය මතුවෙනකොට මම බාප්පට තුරුල් උනා..මට පුදුම සැනසීමක් දැනුනා ....

සුදු පුතා... .

ම්ම්.....

දැන් ඇදිරිනීතිය දාලා...අම්මටයි...තාත්තටයි එන්න එපානෙද පව්නෙ පුතේ ..

සෑහෙන්න වෙලාවකට පස්සෙ අම්මා මා එක්ක කතා කෙරුවා....ඇත්ත ...ඇදිරිනීතිය...අම්මලාට එන්න කියන එක පව්. ..මම හාය කියන්න ඔලුව වැනුවා.... තවම කලබල...

නැතිවෙච්ච යාලුකම් වලට පනගැස්සුන එයාලා තුන්දෙනාම උන්නෙ බැල්කනි එකෙ බර කතාවක.....කොච්චර කලබල තිබුනත්....රොබින් කුරුල්ලටයි යහපතාටයි දෙන්නටම ඉන්න කිසි ගේමක් නැතුව අවසර තියනකොට ඇටෙන්ඩන්ලා එනකොට අපේ බාප්පා ඔලුව අල්ලගන කෙදිරි ගෑවා....නලුවට නම් කොහොමත් බෙහෙත් දාලා තිබුනා...බාප්පා විතරක් සැරින් සැරේම කෙදිරි ගෑවා....

අම්...මෙ.....

ඒ දිහා බලන් උන්න මම සෑහෙන්න වෙලාවක් ඉදල අම්මගෙ අත් දෙක අල්ලගන අත් දෙක පපුවට තුරුල් කරගත්තා....

කියන්න රත්තරන් .....

එ..එපා....ත්ත්...තාත්තා....එක්ක...කතා ක්ක්...කරන්න.....අම්මට....ත්ත්...තවමත් ...ර්...රිදවනවා.....අනික....ම්ම්..මම....ඉ..

ඉන්නවා...ක්ක්..කියල...තාත්තට...කියන්න...එ..පා...අම්...මෙ...මටත්.....ස්ස්...සංධීර්...වගේ...මේ...ව්...ව්දිහටම...ජ්ජ්...ජීවත්.....වෙන්න්...ද්ද්...දෙන්න.....

මම අම්මගෙ අත් දෙකට හාදුවක් තිබ්බා...මට සංධීර්ගෙ කතාව හරියි කියලා හිතුනා...මැරුන මිනිස්සුන්ට සැනසීමෙන් ජීවත් වෙන්න දීලා මේ විදිහටම ඉන්න එක සැනසීමයි....මොකද ..තාත්තා දැනගත්තොත් මම දන්නව..අවුරුදු දහ අට පිරුනත් ..එයා ඇවිත් අයිතිය ගැන කතා කරන්න ගනි.....එකෙන් වෙන්නෙ මගෙ තාත්තා නිස්කාරනෙ රන්ඩුවලට පැටලෙන එක....මගෙ අම්මගෙ පපුවෙ ගින්දර ඇවිලෙන එක...

අනික තාත්තට ළමයි ඇති....අර ගෑනියි මගෙ අම්මගෙ පවුල කෑවෙ.....මම කවදා හරි තාත්තා ඉස්සරහට ගිහින් හිටගන්නවා...හැබැයි නිකන් නෙවෙ....කවදා හරි සංධීර් වගේ කලු ලෝගුවක් දාන්...නඩුවක් නැත්තන් මම නඩුවක් මවලා හරි ඔය කසාදෙ කටු ගානවා....

🙂ජොබීත් නිදහාස්... 

ආයම එන්නා....ම්

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters