WebNovels

Chapter 5 - 05

මං සයිකලෙන් බිමට බැස්සා..සීට් එකේ ඉදගනම මහපොලවට කකුල ගහන්න පුලුවන් උනත් මං සීට් එකෙනුත් පොල්ලට බැහැල පොල්ලෙ අඩමානෙට ඉදගන එක කකුලක් පොලවට තියලා අනික පැඩල් එක උඩින් තියාගන දූවිලි වලා රොද මැදින් මතු උන මේ නන්නාදුනන මහත්තුරු දිහා බලාගන උන්නා...

මල්ලි නවරත්න ගුරු ගෙදර කොහෙද අහනවා...

බාගෙ වෙලාවට මේ අලුතෙන් එනවයි කියපු ගුරාවත්ද ...ඒත් එනවා කිව්වෙ එකයිනෙ.....එකට දෙකක් මක්කටද....

නෑයෙක් නම් වෙන්ඩත් බෑ...

මහත්තයලා ගුරු ගෙදට්ටද.....

ඔව්....කිව්වෙ නම් කඩේ ගාවින් බැහැලා අස්සට කියලා...

ගල්පොත්තක්ද මොකක්ද තියනවා කිව්වා නේ ...??මෙතන ඉදන් පයින් යන දුරද නැත්තන් වීල් එකක යන්ඩ වෙයිද.....

මං උන්නෙ අහසින් බිමට වැටුනටත් වඩා හපන් ගානට....දෙන්නා මාරුවෙන් මාරුවට කියවගන්නවා....වෙලාවකට මගෙ මූන දිහා බලනවා....වෙලාවකට ආයම දෙන්නට දෙන්නගෙ මූන බලාගන්නවා...පයින් යන දුරද .....වීල් එකක යන්න වෙයිද අහනවා....

මෙහෙ කව්ද මහත්තයො වීල් වල යන්නෙ...බඩ දරු අම්මත් ගාටන්නෙ පයින්නෙ කියන්ඩ කට ආවත් මහන්සියටම දාහෙටම රතෙ රත ගහලා තිබුන ඒ මහත්තුරුන්ගෙ මූනු දිහා බලාගන කියන්ඩත් මොකක්ද වගේ හිතෙනකොට මං කෙරුවෙ බයිසිකල් පොල්ලෙනුත් බැහැලා කැහපට කවාගන උන්න සරම ලෙහාදාලා පිලිවලට හිටගත්ත එක...

නවරත්න ගුරු ගෙදට්ට නම් යන්ඩ ඕන ඉස්සරහ පාරින් හැරිලා.....හැබැයි මහත්තයො වීල් නම් යන්නෙ නෑ....පයින් තමයි ගමන.....මේවයි කව්ද මහත්තයො වීල්වල යන්නෙ...

මේවත් උස්සගන...අපරාදෙ අප්පච්චි එන්ඩ අහනකොට එපාය කිව්වෙ...වීල් නෑ කියන්නෙ හෙට උදෙම්ම මට ආයම ගාටන්ඩ වෙන්නෙ පයින්ද...

මල්ලි හදන්නෙ හෙට උදෙම්ම කොලඹ යන්නද....ඇයි කිව්වනෙ නිවාඩු ගත්තය කියලා....

තුනයි....මේ ගමන් මහන්සිය එක්ක මට ස්ටේශන් එකට ගිහිනුත් නිදියන වෙන්නෙ...පියුම් මේක මාර දුශ්කරයි වගේ...එලුවන්කුලමට හා යකියන්ඩ තිබ්බෙ ...අනික පුත්තලම් කොලඹ බසුත් ඕන තරම් තියනවා.....දැන් ඉතින් මොනවා කරන්නද...බෑ කියන්නද....

මං බලාගන උන්නා...ආයමත් දෙන්නට දෙන්නා කියවගන්නවා....ඩෙනිම් කලිසමට තද නිලට හුරු ශර්ට් එකක් ඇදන් පයට කොස්පට්ටා ජාතියෙසෙරෙප්පු දෙකක් දාගන උන්න මහත්තයට ඩෙනිමක් ඇදන් සුදට හුරු කමිසෙ ඇදන් උන්න මහත්තයා චර චුරු ගානවා....එලුවන්කුලමට ඉල්ලන්න තිබුනා කියනවා....

එක විනාඩියයි...බස් එකෙන් බැහැලා තත්පර කියද.....නිල්පාට ශර්ට් එක ඇදන් උන්න මහත්තයා ජාතියේම කොස්පට්ට සෙරෙප්පු දෙකක් දාගන උන්න මහත්තයගෙ කකුල් දුඹුරු පාට වෙලා තිබුනා...

මං එහෙම්ම මගෙ කකුල් දිහා බැලුවා....

මගෙ කකුල් වගේ මඩ පාට නෙවෙ...ඒ මහත්තුරුන්ට තිබුනෙම තිරිවාන පාට සර්වාංග....යටිපතුලෙ ඉදම්ම රෝසාපාටයි....කකුලෙ නියපොතු පවා රෝසපාටයි...මොනවා උනත් හොද සැපට හැදුන තැන්වල මහත්තුරු දෙන්නෙක් ...

අපිට වගෙ අකලට වතුර ඇගට නොවැටි දවස ගානෙම නාගන්ඩ වතුර ඇති...බොන ටිකට පෙරාපු රත්තරන් ටික වගෙ වතුර ඇති....

මනුස්ස පුලුටක් නැති පාර දෙපැත්ත බල බල දෙන්නට දෙන්නා හිමිට හිමීට කුටු කුටු ගාගන්නකොට මට ඉබේටම බයිසිකල් හැඩල් එක මිරිකුනා....උපරිම දෙදොහක් ඉදී...ඉර එලිය වැටෙන්ඩත් කලින් ආපිට කොළඹ රටට යයි....බාගෙ වෙලාවට වත් මේ ඉන්නෙ ගුරු තැන නම්.....මේ කෙලිය දැන් කී වංගියක් උනාද...

මහත්තුරු ගුරු ගෙදට්ට යනවද ...යනවා නම් මට පුලුවන් පාර පෙන්නන්ඩ...

ඒ කියන්නෙ පයින් යන්ඩ වෙන්නෙ...

මහත්තයා දෙන්ඩකො ඕක....බර නම් මේන් මේකෙ පිටිපස්සෙ තියාගන්ඩ පුලුවන් ...ඔය මහත්තයගෙ බෑග් එක ඉස්සරහින් තියන්ඩ.

කමක් නෑ දෙකක් ගෙනියන්ඩ බෑ ඔයාට...බරයි....

කාරි නෑ මහත්තයා ...මේ බර මොකක්ද....දෙන්ඩ...

මට පව් කියලා හිතුනා.... ආව මෝඩ කම කියන හැගීම ඒ දෙන්නගෙම මූනුවලින් ඕනාවටත් වඩා කැපිලා පේන්න තියනකොට නොදන්න පාරක නොදන්න ගමක අතරමන් කරලා යන්නත් මගෙ හිත ඉඩක් නොදෙන යාමෙක මං කාරි නෑ කිව්වා....ඇත්තටම හුස්ම රැකගන්න අල්ලන අඩව් වල හැටියට නටන තොයිලෙ හැටියට මේ දේවල් මොනවද....

දන්න දා ඉදන් මට දැනුන එකම බර ජීවිතේ බර විතරයි...උදේ ඉදන් රෑ වෙනකන් මහමෙරුව ඉහෙ තියාගන හුස්ම අල්ලන එක තරම් මන් වෙන බරක් මේ වෙනකන් උහුලලා නැති එකේ කොහොම කියලා මේ බර ගනන් ගන්නද.....

*

*

මහත්තයා ....තරහා නොවී පය ඉක්මන් කරමුද...මෙව්වා ටැග් ගැහෙන්ඩ ඕන තැන් නෙවෙ මහත්තයො...මල ඉරබැහන් එන හැන්දෑ යාමෙ...

දැකපු ගමන් දාලා දුවන්න හිතුනත්.....ඉරබැහන් යන වෙලාවට පුදුම ලස්සනයිනෙ .....

සිගන්ල් නෑ...අප්පච්චි බලන් ඇති .....මල්ලි මෙහෙට සිග්නල් අඩුද....?

අවසානෙදි අර බෑග් දෙකේ බර දිරාපු පන අදින සයිකල් කට්ට උඩ නැවතුනා ....බස් එකෙන් බැහැපු විනාඩියෙම මූන නරක් කරගත්තා උනත් මොකද....වේලුම් කාපු තනකොල යාන්ගෙ මැදින් වැටුන ගුරු පාර දිගෙ හිමින් හිමින් ගම්තුලානට වදින්න වදින්න කොලඹ මහත්තුරු දෙන්නගෙ ඇස් මල ඉර හන්ද පාට උන ආකාස බලෙන්ම අල්ලගත්තා....

ආවෙ මොකටද.....මොනවද විස්තර ...ගුරු ගෙදට්ට යන කාරනාව මක්කද ..අඩුම ගානෙ නම වයස වත් කියන්ඩ ඒ මහත්තුරුන්ට බැරි තරමට උන් උන්ට රාජකාරි තිබුනා...

එක්කො මං වගේ මනුස්සයෙක්ට මොකට කියනවද හිතලද....

ඒත් නැත්තන් මේ වේලුම් කාපු හතර දිග්බාගෙ හැන්දෑ ආකාසෙ හන්දා තැඹිල්ල ගහන් එන හන්දා ඒ පාටට වශී වෙලාද....

මන්දා.....අර සුදු කමිසෙ ඇදන් උන්න මහත්තයා කිව්වෙම කොළඹට වඩා දාහෙන් සම්පතයි වගේ කියලා.....බලන බලන අත කොන්ක්‍රීට් තට්ටු දැකලා දැකලම ඇති වෙලා තිබුනෙ කිය කිය අතේ තිබුන " ඵෝන් " එකත් උස්සන් සිග්නල් කනු හෙව්වා.

මගෙ දිහා බලල මල්ලි මෙහෙට්ට සිග්නල් නැද්ද අහනවා .....

ලියුම් කඩදහියකින් වචන ගනුදෙනු කරන මං වගේ එකෙක් කොහෙ කියලා ඔය සිගනල් ගැන කියන්නද .....මේ ජීවිතෙ කිසිම දාක ඵෝන් එකක් අතින් අල්ලලා නැති මං කොහොම ඒ ගැන කියන්නද.....මං උරහිස් ඇකිලුවා...

සිග්නල්.....මට ඔය ගැන හරි තේරුමක් නෑ මහත්තයො.....අපි වගෙ උන් ගනුදෙනු කරන්නෙ හූවකින්....එක්කො ලියුන් කඩදහියකින්...ගුරුගෙදට්ට නම් ඇති ....මහත්තයා එ ඈයන්ගෙ සහෝදරයොද...?නවරත්න ලොකු මහත්තයා ඉස්කෝලේ මුල් ගුරු තැන....ඒ නෝනා මහත්තයත් ඒ ඉස්කොලෙමයි....මහත්තයලගෙ මුනු කවරදාකවත් මං ඔය ගෙවල් අහ තියනවා දැකලත් නෑ හැබැයි....

නෑදෑයො...මං නම් නෙවෙ...මෙයත් නෙවෙ.....හැබැයි මෙයා නන් නවතින්ඩ ආවෙ....මෙහෙ ඉස්කෝලේ පුරප්පාඩුවකට.....නෑකමකට නෙවෙ...ගුරුකමකට....මේ ඉස්කෝලෙ නාට්‍යහා රංගකලාවට පුරප්පාඩුයිලු...

අර සුදු කමිසෙ ඇදන් උන්න මහත්තයා අනිත්පාර මගෙ සයිකලෙ හැඩල් එකට අත තිබ්බා ..කොටින්ම ඒ මහත්තයගෙ අතත් මගෙ අතත් අතර තිබුනෙ කෙස් ගහක දුර ....මන්දා.....අකල් වහින දා අකුනු කොටන්නා හා සමානව මගෙ පපුවෙන් එකපාරම මක්කටද මන්දා පිපිරුමක් ගියා ,හේතු නෑ ...අහේතුකයි...සහේතුක ව මිසක්...අහේතුක පිපිරුම් ගැස්සුම් තියනවද ???

මං අපි දෙන්නගෙ අත් දෙක දිහා බැලුවා.....ඒ අත ඇත්දල පාටද ...තිරිවාන පාටද ..කිරිපාටද......නැත්තන් ඒ මහතතයම පින් පාටද???

මට හිතන්න හරි අමාරුයි ...ඒ පාටට නමක් දෙන්න තේරෙන්නෙත් නැ ...මොන හේතුවටද කියන්න මන්දන්නෙ නෑ....සුදු වස්තරේ හන්දමද මන්දා මට ඒ මහත්තයව හරි පින්පාටට පෙනුනා...අනිත් මහත්තය නරකයි කියනවා නෙවෙ....

අනේ ඒ මහත්තුරුන්ව දෙයියො බුදුන්ම රකින්ඩ ඕන.....

ඒ අත ගාවම තිබුන නහරපෑදුන මගෙ දිහා බලපු මට මහ මොකක්ද වගේ දැනුනා...කවදාවත් නැතුව මට මගෙ අත හංගන්න හිතුනා.....දහවන්ගියක් සන්ලයිට් පොත්ත දාලා ඇතිල්ලුවත් කරුමෙට වත් මගෙ අතේ බේත් සැර සිනි ගද ඉතිරි වෙලා ඒ මහත්තයට දැනෙයිදෝ කියලා මට බයක් දැනෙනවා එක්කම මං මගෙ අත අහකට ගත්තා උනත් අනෙ මන්දා රාස්න් දෙයියො.....අහකට කැපෙන්ඩ ගිය සයිකල් හැඩල් එක එක පාරම ඒ මහත්තයා අල්ලගත්තා මදිවට මගෙ මුන දිහාවත් බලලා මා එක්ක හිනා උනා....

කවදාවත් නැතුව මාව මලකදකට වඩා අන්තෙට හීතල වෙලා ගියා ...

.ඒ හිනාව.....

එහෙව් හිනාවක් මෙ ගම් තුලාන් හතකවත් නැතුව ඇති ....

උදේ හවා දකින ඉර හද වගෙ විස්වාසයි ...එහෙව් හිනාවක් නන් මේ අහලගම් හතක නැතුවඇති....

ඒත් එකපාරම මක්කටද මන්දා මගෙ හිත ගැස්සිලා ගියා.....එක කම්මුලක් වල ගැහෙනවා මදිවට හිනාවෙනකොට ඇස් පවා හීන් වෙලා යන මේ හිනාව එක්කම මට හැමරෑකම දුප්පත් මගෙ පාලු කපන්න එන අනූ අටයි දශම අටේ දහය කනිසමේ පිපෙන සියපත මතක් උනා.....

මගෙ පපුවෙන් මටවත් නොතේරෙන හැගීම් ගොන්නක් එක්ක හුස්මක් පිටවෙලා ගියා 

"උඹගෙ හිනාවත් මේ වගේම හරි පින්සාර ඇති මහත්තයො"

මල ඉරබැහැන් යනවා ....

තව හූ බාගෙක දුරින් ගල්පොත්ත හන්දිය මුනිච්චි වෙනවා....

ඒ එක්කම තවම මලකදෙ රස්නෙවත් ගුරුපාරෙන් අහක් නොවුන පියදාස මාමගෙ කම්මුතු තැන අහුවෙනවා .....

අර හිනාව දිහා බලන් ඉදල හිතට මක්කද කරගත්ත මං තැඹිලිපාට අහස දිහාව බැලුවා...මඩේලැගන් තිත්තයෙක් දෙන්නෙක් අල්ලගත්ත කොක් හාමි කෙනෙක් ඉරමලගෙමේදි අහසට නැගලා.....

නිල් කමිසෙ ඇදන් උන්න මහත්තයා යන ගමන්ම වේලුම් කාපු තනකොල ගහක් ගලවන් ඒ මහත්තයටම අයිති ලෝකෙක තනිවෙනකොට මේ ගුරුපාරෙ ඒ මහත්තුරුන්ට සමාන්තරව ආව මගෙ ගාවට ඇවිදින් නතර උන අර සුදු කමිස මහත්තයා අතේ තිබුන ගඩොල් බාගයක් තරම් මහත ඵෝන් එක කලිසම් සාක්කුවෙ ඔබාගන ඉස්සරහින් යන මහත්තයා දිහා බලාගන අවසානෙදි ආව කාරිය කිව්වා....

ගුරු පුරප්පාඩුවක්ලු.....නාට්‍ය හා රංගකලාවලු...

තත්පර ගානක් අහස දිහා බලන් උන්න මට ඒ මහත්තයගෙ වචන වලට උත්තර නොබැද හිස් වෙන්න දෙන එක මහ පව්වැඩක් වගෙ දැනෙනවත් එක්කම මං ඒ මහත්තයා දිහා බැලුවා....

තවම නමක් ගමක් වත් කිව්වෙ නෑ.....ආව කාරනාව විතරක් කිව්වා...ඔක්කොටම වඩා හුලන් රැල්ලත් එක්ක මට ඒ මහත්තයා ගාවින් හිත නිවෙන හරි නිස්කලන්ක පුසුඹක් කාන්දුවෙනව දැනුනා...

මක්කද ජාතිය මන්දා....ගාන නම් සැර ඇති මගෙ යටි හිත සුවද ගැන විචාර ලියනවා...සාරංශ කරන නෑ...වැල්වටාරම් අර සුවද ගැන පද ලියනවා.....

නාට්‍ය හා රංගකලාව කියලද මහත්තයා කිව්වෙ.....

ඔව්...පොඩි පන්තියකට තවත් විශයක් උගන්නනවා....මෙහෙ ඉස්කෝලවලට ඒ ගුරුවරු හිගයි ලු.....

.හිගයි නෙවෙ මෙහෙ උන්ට අමුතුවෙන් රගපාන්ඩ දෙයක් උගන්නන්ඩ දෙයක් නෑ මහත්තයො...උන්ට රගපානවට වඩා නහින්ඩ කාරනා තියනවා....ඇරත්....උපන්දා ඉදම්ම මේ වේලුම් කාපු මහපොලව එක්ක ඔට්ටු වෙන උන් ඉල්ලන දේවල් වලට වඩා ලැබුන දේවල් වලින් හිත හදාගන සතුටින් ඉන්නවා වගෙ ජීවත් වෙන එකම හොයන්න බැරි රගපෑමක් මහත්තයා ....

මේව්වැයි උන්ට රගපාන්ඩ උගන්නන්ඩ අමුතුවෙන් නහින්ට ඕන නෑ...ජීවිතේ කියන්නෙත් රගපෑමක්....අවසානෙදි ඇස් පියන් වැහුන ගමන් වේදිකාවම අන්දකාරයි.....වෙනසකට තියෙන්නෙ නාට්ටියක් උනත් අහවර වෙන්නෙ සතුටින්....කාට කාටත් සාධාරණයක් කරලා...ඒත් මේකෙ එහෙම නෑ මහත්තයො...."සාධාරනෙට" මකුනුදැල් බැදිලා...සමහර කාරනා පාවිච්චි නොකරකොටත් මකුනුදැල් බදිනවා.....අපේ ජීවිතත් ඒ වගේ ....ආසාධාරනෙ විතරයි හම්පඩ ගැහෙනකම්ම පාවිච්චි වෙන්නෙ...නොකරපු පව් වලට වන්දි ගෙවාගන යන්න සතුටක් කියන වචනෙ තේරුමවත් නොදැන...එහෙව් ජීවිත කතාවලට මොන රගපෑම්ද මහත්තයා.....?

පුදුම බර වචන මේවා.....විශ්වාසයි වයස තිහක් වත් නැතුව ඇති ...ඒ තරමට මෙ ජීවිත බරද?මං අහන්නෙ මේ වයසට ලපට් හිතකට ඔරොත්තු නොදෙන තරමට කරන්ගැට්ටි වචන එලි බහින්න....

මෙච්චර වෙලාම එක දිගට කියවගන ගියපු මං මගෙ මූන හරවලා එයාගෙ දිහා බැලුවා.....එයා මගෙ දිහ බලාගන ඉන්නවා....අර හිනාව...

ඒ හිනාවට වෙච්ච කෙරුන දෙයක් නෑ.....

ඒ හිනාව මේ වෙනකොට මූනෙන් අතුරුදහන් වෙලා ගිහින් ...ඒත් එයාගෙ කටහඩ.....එයා හරි නිවුන විදිහට මා එක්ක කතා කරනවා...

මගෙ ජීවිතෙ අම්මා අප්පා ඇරුනම මේ විදිහට නිවුන කටහඩකින් කතා කරනවා අහන්න මට පින් තිබුන් නෑ....ඒත්...අද්....

නන්නාදුන මෙ මහත්තයා කිසි බැදීමක් නැතුවම මට ලෙන්ගතුකම් පානව...

මක්කද මන්දා...ඒ කටහඩ මට ඇහෙනකොටත් සංසාරගත බැදීමක හගීමක් ගෙනාව.....වචන අස්සෙ හිඩැස් තිය තිය නිවුන විදිහට කතා කරනවා.....

ඒ ඇස් දිහා බලපු මට එකපාරම කටහඩ විතරක් අහන්න පින් තිබුන එයාවත් මතක් උනා...

සියපත්....මහත්තයො මට උඹත් මතක් වෙනවා.....!

වයස කීයද.....

එයා මගෙන් වයස අහනවා...මෙ දෙවනි පාර....

ඇත්තටම මට මගෙ වයස පවා අමතකයි.....අද වගේම හෙටත් කොහොම හරි හුස්ම ගන්න ඕනා කියන කාරනාව විතරක් මතක මට මගෙ වයස පවා අමතක වෙලා ගිහින්....

මන්දා මහත්තයො.....මට මගෙ වයස මතක නෑ.....මතක නෑ නෙවෙ....මට වයස ගැන එහෙම ලොකුවට හිතන්ඩ කාලයක් නෑ...

ම්ම්ම්...තිහකට අඩු මිසක් වැඩි නෑ.....අනිවාර්යයෙන්ම මට මල්ලි වෙන්නෙ වෙන්න ඕන....

මට හිනාවක් යන්න ආවා...ඊට වඩා දුක හිතුනා...නෑයො පවා නෑකම් නොකියන ගමේම උන් හම්පඩ ගැහෙනකන් බෙනේ බෙනෙ ගාන...උප්පැන්නෙ නම උප්පැන්නෙට විතරක්ම සීමා වෙලා ගියපු මට එයා කට පුරා මල්ලි කිව්ව....

මොන නෑකමක්ද....

මොන බැදීමක්ද....අහසට පොලව වගේ....

ඒ මහත්තයා කොලොම්තොටෙන්....

මං ඇවිත් මේ නියන් කාටක මහපොලවෙ.....

මං අසූ හයෙ මහත්තයො....

අසූ හයේ.....යන්තන් දහනවයයි.....මට මල්ලි...මං කිව්වෙ...මං ....කියන්න පුලුවන්ද මං කීයෙදකියලා...?

එයා එකපාරම මගෙ ඉස්සරහින් හිටගත්තා...රෑ බෝවෙගන එන යාමෙ...මංකඩ කිට්ටු කරන් මහත්තයා මක්ක කරනවද....ගමෙ හැටි නොදැන මහත්තයා ලත උනාට මට ඇහැක්ද මෙහෙම ටැග් ගැහෙන්නඩ....

මහත්තයා ....තව ඉස්සරහා ගල්පොත්ත හන්දිය....මංකඩ....මේවා කොලොඹ රට නෙවෙ...සතා සීපාවා රජකරන ගම්බිම් මහත්තයො.....මංකඩ ගාව අවේලාව අකැපයි....පය ඉක්මන් කරමු....

මං හැත්තෑ හයෙ....

මං හිතන්නෙ මට විස්වාස කරන්න බැරි උනා....එයා හැත්තෑ හයෙ කිව්වා....විස්වාස කරනවද...නැද්ද මන්දා මේවා සතා සීපවා රජකරන තැන් කියනවත් එක්කම මගෙ වචනවලට කීකරු උන මේ කොලඹ මහත්තයා ටික වෙලාවකින් මං හැත්තෑ හයෙ කියලා ආයම අර පුරුදු විදිහටම හිනා වෙනවත් එක්කම මුලු ඉලුක් යාන්ගෙම විතරක් නෙවෙ එයාගෙ කෙහෙ රැලි පවා හොලවාගන හුලන් රැල්ලක් ඇදිලා ගියා...

මොකක්ද අර ගල්පොත්ත හන්දියෙ කතාව.....

තවමත් කතාව එයාගෙත් මගෙත් අතර විතරයි ....අර මහත්තයා උන්නෙ තවමත් වෙන කල්පනාවක.....අඩුම ගානෙ තව දුරද කියලා අහන්නවත් හැරුන් නෑ.....ජාතක කරපු කොල දලු ඇස් පනා පිට මලගම් ගියත් දරාගන නොමැරි මැරි උන්න අඩමානෙට හුස්ම ගන්න ගහක් දැක්කොත් ගහ දිහා බලාගන ඉන්න.....ආකාසෙට නැගපු කොකෙක් දිහා බලන්න නවතින්න ඇර ඒ මහත්තයට වෙන කතා බහක් තිබුනෙම නෑ...එක්කො කොලඹ රටට වඩා මෙහෙ වෙනස් හන්දා වෙන්න ඇති.....

ඇරත් බිම්කරුවල වැටීගන එනකොට හුලන් රැල්ල අත් දෙකෙම්ම බදාගන එන මූසල හැගීම එක්ක මක්කද වෙනවා යනව අපිට උනත්...

එයා මගෙන් ගල්පොත්ත හන්දියෙ කතාව අහනවා.....

ඒ එක්කම හිදීගන වැව් යාන්ගෙ පටන් ගත්තා.....ඇස් මානෙන් ගල්පොත්ත හන්දිය ත් පියදාස මාමා හුස්ම ඇරපු තැනත් තිබුනා....ඒ ඔක්කොටම මැදින් තියලා මං එක තත්පරේකට නැවතුනා....ඒ එක්කම අර අනිත් මහත්තයත් නැවතුනා.....නැවතිලා මා දිහා බැලුවා...

..මං දන්නෙ නෑ...ඔය මහත්තයා කී දොහක් මේ ගම්තුලානෙ ඉදීද කියලා....ඉන්න දිහ අතේ ඇගිලිගානට අඩු උනත්.....මහත්තයො මං උඹල රකිනවා....

මක්කටවත් නෙවෙ....අච්චර දුර ඉදන් මෙවුන්ගෙ ඇස් පාදන්ඩ ආව උඹලව අපිට දෙයියො බුදුන් වගේ....

ගල්පොත්ත හන්දිය ඕක.....ඕන් ඔතනම මංකඩ....ඒකදන්තයා මාරු වෙන්නෙම ඔතනින්....ඒකා වසවර්තියා....දැන් ලේ කුයිලෙට නාහෙ පුරුදු කොරාන....හිතු මනාපෙට අල්ලා පොලෙ ගහනවා අහවරක් නෑ....මහත්තයා.....පනට ආදරෙ නම්....මේන් දෙයියො බුදුන් වදින අත් එකතු කෙරුවා....ඔය පන කෙන්ද රැකගනින්....

ඒකා මාරුවෙන හෝරාවෙ මේ හතර මායිමෙ ඉන්ඩ එපා.....කරුමයක් පඩිසන් දීලා වත් මුනිච්චො උනොතින් ඇදිවතින් අඩක් වත් ගලවලා දුවපල්ලා....මක්කට වත් නෙවෙ....ඒකා ඇදුමෙ තියන කුයිලෙට නවතිනවා....උඹලව පොලේ ගහන්ඩ තියන ආවේගෙම්ම ඇදුම තලා දානවා...

ගුරුගෙදර නම් නාගන්ඩ වතුර ඩිංග කොහොම හරි තියේ....ඒ හන්දා මේ අහ නාවට කාරි නෑ....

.......එතකොට ඔයාල ....ඔයාලා නාගන්නෙ....

මේ වැවෙන්...

වැවෙන්...ම්...මේකෙන්.....මේක හිදිලනෙ...

..........දේදුන්නක් දැකපු කාලයක් මතක නැතුව කොහොමද හිදුන තැන් පිරෙන්නෙ මහත්තයො....වරම් තියන පෙති හතෙ මලක් වත් කොහෙ හරි පිපුනොතින් මං ඔය හතම ගලවලා ඉල්ලන්නෙ වතුර මහත්තයො...

මං ආයම පය ඉක්මන් කෙරුවා...කියාපු වචන හන්දමද කොහෙද ගල්පොත්ත හන්දිය...මංකඩ හරිය මාත් එක්කම හරි හරියට පහු කරාන ආව ඒ මහත්තුරු මක්ක මක්කවත් දොඩවන් ගිහින් ආයම කටවල් වහගන උන් උන් උන්ගෙම ලොකවල නැවතුනා.....

මලගෙදරක්ද...

එකක් නෙවෙ දෙකක්.....

මොනවා වෙලාද....

එකක් කොටි ගහල....එකක් අලි ගහල.....

අන්තරාව වැඩිම හරිය පහු උනා විතරයි ආයමත් ගොම්මනේම පා ගමන් වේගෙ බාලවෙලා යද්දි එයා අර ඈතින් පේන කොඩිවැල් පෙන්නලා මරනයක්ද අහනකොට...

මන් බරක් පතලක් නැතිවම මරනෙට හේතුවකියලා දැම්මා.....එයා ආයම මගෙ දිහා බලාගන උන්නා...ඒ චුට්ටකින්ම ආමි එකෙ වතුර බවුසරෙ ඇස් කට පොට්ට වෙන තරන් දූවිලි අවුස්සන් අපිව පහු කරන් ගියා.....

ඔය තරම්ම ගානක් නැතිව යන තරමට මේ මරන ඔයාලාට සාමාන්‍ය ද...?

හුස්ම ඉහල පහල වැටෙන එක මොන තරන් සාමාන්‍යද....මේ මරනත් එහෙමයි මහත්තයො....මාසෙට අනිවාර්යයෙන්ම කොඩිවැලක් ඇදෙනවමයි.....තව රෑ බෝවෙන්ඩ හදපාන මැද සද්ද බද්ද ඇහේවි....එකක් අලි වෙඩි ...අනික කොටි වෙඩි....තව ඩින්ග දුරකින් මායින් ගම්මාන.....දෙතිස් දත් මැද ඉන්න දිව වගේ මේ ජීවිත....

.....හදත් පායන් එන්ඩ හදන්නෙ...මෙහාට හදපායනකොට ලස්සන ඇති.....ඉර බැහැන් ගියා විතරනෙ....ඒත් හරි ලස්සනයි...දිරාපු ගහට උඩින් නගින හද පුදුම ලස්සනයි....

...........

මට ඔයාගෙ නම කිව්වෙ නෑ.....

එයා හරි....ඉර බැහැන් ගිහින් හුස්මක් කටක් ගන්න හම්බුනෙ නෑ....හිදුන වැව.....දිරාපු ගස් කද...මෙ ඔක්කොටම ඉහලින් කලුවර දෙබෑකරන් පුරහද පායනවා.....

ඒ අස්සෙන් එයා මගෙ නම අහනව....මන් මක්ක කියන්නද...ගමේම උන් පට්‍ට ගහන බෙනේ කියන්නද.....නැත්තන් උප්පැනෙටත් අමතක නම කියන්නද...

මං කලාත්ම.....අරයා පියුම්...

කලාත්ම...?

හ්ම්....ඒක අමුතුයි .....තව දෙකක් තියනවා.....ඒත් මං ආස කලාත්ම කියන්න...මං කවදාවත් ඒ නම කාගෙන්වත් අහල නෑ....

මන්දා මට කියාගන්න දෙයක් දන්නෙත් නෑ...එයාගෙ නම කලාත්මලු....

කෙසේ නම් කියන්නද සහෘදය මේ පින් හිනාව අයිති පරානෙම එක්තරා ගනයෙ කලාවක් බව??

ගමේම උන් මට කියන්නෙ බෙනේ කියලා ....

බෙනෙ...

ඒක මගෙ අප්පොච්චගෙ නම මහත්තයො....ඒකලගෙ නමෙ අවසානෙ බෙනරගම....ගමම කියන්නෙ බෙනෙ කියලා.....

.........ගමම කියන්නෙ බෙනෙ කියලා.....එතකොට ...ගමටම අමතක නමක් නැද්ද බෙනේ.....හ්ම්ම්?

මං එයා දිහා බැලුවා...පියගැට පෙල් නැගන් එන පුරහදට හාදු තියාන යන වලාපටලයක් පවා අපෙ කතා අහන්න නැවතුනාද මන්දා...ගමටම අමතක නමක් නැද්ද බෙනේ කියපු එයා අවසානෙදි හරි දිග හුස්මක් එක්ක මගෙ දිහා බලාගන ඉදල මාව පහු කරන් හද දිහාව බැලුවා...

මන්දාරම් ...මන්දාරම් යසෝද බෙනරගම.....

මං මගෙ නම කිව්වා...අඩුම ගානෙ මටවත් මගෙ නම ඇහුනද මන්දා.....මන්දාරම් යසෝද බෙනරගම කියනවත් එක්කම ප්‍රේමිය අහස් ගැබෙ පායපු හදේම අනුරුවක් මගෙ ඇගිලි තුඩක දුරක ඉදන් හිනා උනා...

මන්දාරම් .....මන්දාරම් ...ඒක හරි ලස්සන නමක්....යසෝදට වඩා මන්දාරම හරි ලස්සනයි...අහසට ලෙන්ගතුයි....මන්දාරම් අදුර මන්දාරම් ආකස....මේ හැමදේම පුදුමාකාර ලස්සනයි...මන්දාරම් ආකාසෙන් හිරිපොද වැටෙන තරම් සුන්දර දෙයක් මං දැකලම නෑ මන්දාරම්....වැවට ඉහලින් හදපායලා....මන් මේ තාක් දුරට දැක්කෙ කොලොම්තොටටයි සෙන්කඩගලටයි පායන හදේ ලස්සන විතරයි ....

හැබැයි...මට හිතෙනව මන්දාරම එක්ක බැදුන අහසට පායන හද ලස්සනයි කියලා....මං ඔයා වෙනුවෙන් සින්දුවක් දෙන්නද.....මන්දාරම් අදුරමැදින්....හිරිපොද වැහිවැටෙන වෙලේ...මා හා ඇවිදන් යන්නට....ඔබ සිටියා නම්....!!!

මං උන්නෙ මේ ලෝකෙ නෙවෙ.....මට තේරෙන්නෙ නෑ මට මක්ක උනාද කියලා.....

සියපත් කවදාවත් නැතිතරමට මට උඹව ලගින්ම දැනෙනව වගේ මහත්තයො...අනේ ඉක්මනට දහයෙ කනිසම ලබනවා නම්....කියන්න නොතේරෙන කැක්කුම මට සුව කරගන්න තිබුනා....

මං උන්නෙ ගොලු වෙලා...

මගෙන් නම අහපු කලාත්ම මහත්තයා අනිත් පාර කියවන් ගියෙ මං හීන හතක් ඇතුලදි වත් නොහිතපු කතා අහුරක් වෙනකොට එතනින් එහා මගෙ වචන මැරිලා ගියා.....

ඔයා වෙනුවෙන් සින්දුවක් දෙන්නද කියපු එයාම මගෙ ඇස් දිහා බලාගන මන්දාරම් අදුර මැදින් සින්දුව කියලා හිනාවේගනම පියුම් මහත්තයා දිහාට දිව්වා...

මගෙ වේගෙ එන්න එන්නම බාල උනා....

මන්දාරම් ..

ම්...මහත්තයො....

තව දුරද.....

තව ඩිංගිත්ත දුරයි මහත්තයො....ගුරු ගෙදරින් දන්නෙ නැතුවද නැත්තන් එක්ක යන්ඩ එනවානෙ.....

කියන්න වෙලාවක් තිබුන් නෑ....තිබහවයි...මන්දාරම්ගෙ ගෙ ගෙදර මේ ලගද.....?කලගෙඩියකින් සීතල වතුර ටිකක් බොන්න ආසාවක් ආවා...ගම්වල වතුර හරි රහයි....ක්ලෝරින් වතුර වගේ නෙවෙ...

මගෙ පපුවත් එක්ක පිච්චිල ගියා.....කලගෙඩියකින් හීතල වතුරටිකක් බොන්න ආස හිතුනා කියනවත් එක්කම මට ඒ මූන බලන්නත් මොකක්ද වගෙ දැනුනා.....

කොහොම නම් කියන්නද...හීතල වතුර උගුරක් අපිටත් හීනයක් කියලා...ගෙදර දැක දැක ඒත් කොහොම යන්නද...හීතල වෙනුවට එන්නෙම මඩරහ....

මන්දාරම්ට පින්...!

මගෙ ඇස් දාර තෙමීගන ගියා...මූනට මුනිච්චි උනෝතින් කෙලපාරක් ගහනවා මිසක මේ මිනිකපන්නට කවුරුන්ද මීට කලියෙන් පින් දුන්නෙ....?

..කලාත්ම...උඹගෙන් මක්කද මට දැනෙනව...මක්කදයි කියන්න මටවත් තේරෙන්නෙ නෑ...!

*

*

*

මහත්තයො....

මං උන්නෙ නවරත්න ගුරු ගෙදරට අඩි දහය දොලහක දුරින්....ඉස්සරහම දාල තිබුන කහ ලයිට් එලියෙන් මුලු ඉස්තෝප්පු කෑල්ලම පාට වෙලා තිබුනා...කොහෙන්ද ඉදන් කොහෙට්ටද යන කනාමැදිරියෙක් ඇවිදින් මගෙ උරහෙට වහනවත් එක්කම මං සයිකලෙ නවත්තලා මගෙ ඉස්සරහින් උන්න පියුම් මහත්තයට වගේම කලාත්ම මහත්තයට කතා කෙරුවා.....

දෙල් ගහේ වහලා උන්න මාවවුලෙක් දෙල් මලකුත් වට්ටවගන අහසට නගිනකොට ඒකගෙ තටු සද්දෙ මැදින් වන්ඩිල්ලො අඩනවා ඇහුනා....කලාත්ම මගෙ දිහාවට හැරුනා.....

මන්දාරම් එන්නෙ නෑ....

මං ඔලුව වැනුවා....නෑ කියපු මං අඩියක් තවත් පස්සට ගත්තා.....

.තත්පර ගානක් බිම බලාගන උන්න මං හරි හිත බරින් මගෙ ඔලුව ඉස්සුව....නම ඇහුවට මහත්තයට බැරි උනා මං මක්කද කරන්නෙ අහන්න.....මං මිනි කපන එකෙක් කිව්ව ගමන්...පුරුදු කෙලපාරම බිමට වදී....

මේ හිත පිරෙන්ඩ කෙල පාරවල් බර උහුලලා.තියන එකේ.තව එක කෙල පාරක බර මක්කද.....?

මන්දාරම්....ඇයි මේ.....මෙච්චර ආව එකේ ඇයි මේ කඩුල්ලටත් මෙහායින් නැවතිලා....

එයා මගෙ ගාවට ආවා...එයා විතරක් නෙවෙ....තවමත් ලැගේජ් එක උඩ තිබුන බෑග් එක ගන්ඩ පියුම් මහත්තයත් ආවා....

මහත්තයො,පුලුවන් නම් කාරනාවක් කියනම් වහන් කොරනවද.....

......

ගුරු ගෙදට්ට එන මග...ඉස් ඉස්සරෝම මුනිච්චි උනේ මාව බව හන්ගනවද.....?

මන්දාරම්?

මං අහක බලාගත්තා....හිත ඇදුම් කනවා.....පුරුදු වේදනාව උනත්....අවසානෙදි උහුලලම ද කොහෙද තුවාල වේදනාව ගානක් නැති තරමට පදම් උනත්...කවදාවත් නැතුව මට පින් දුන්න මනුස්සයට මං වරදක් කෙරුවා.කියන හැගීම.මාව රිදවන්න ගත්තා ....බීපු වතුර උගුරත් කල හතක් පිරෙන්න වමනෙ කරයි හිතුනා....

අපි මිනී කපන උන් මහත්තයො...මං ....මගෙ අප්පා.....මෙ ගම විතරක් නෙවෙ...අහල ගම් හතකත් කුලියට මිනි කපන උන්.....උඹලා ඉස් ඉසරෝම ගමට පහ ගහපු දා....මක්කට මාව මුනිච්චි උනාද කියලා මගෙ හිත මටම සාප තියනවා...මං එම්බාම් කරන එකෙක්....එහෙව් මාව මුනිච්චි උනාය කිව්වොත් ගුරු ගෙදර ඈයො මාව ගස් බදි හත් දොහක්....

.........බෙහෙත් ගැල්වුම් කරු....එහෙමයි නම එන්නෙ....ලස්සන නමක් තියනවා ඒකට....මිනි කපන්නා නෙවෙ මන්දාරම් බෙහෙත් ගැල්වුම් කරුවෙක්....

මහත්තයො....

මාව ගැස්සිලා ගියා...මෙ එන මගට වචන දෙක තුනකට වඩා කතා නොකරපු පියුම් මහත්තයා එකපාරම ඒකට නම්බු දීලා කතා කරනවා එක්කම මාව හීතල වෙලා ගියා...මගෙම කරුමෙට මගෙ පය පාමුලම නවරත්න මුල් ගුරාගෙ තැපැල් නයින්ටිය නැවතුනා.....!

මහත්තයා ...දෙයියන්ට ඔප්පු වෙන්ඩ...මේකවද මහත්තයලට ඉස් ඉස්සරෝම මූනට මුලිච්චි උනේ...!!!

මං හිතුව හරි....කෙල පාරවල් තුනයි!!

නයින්ටියෙන් බහින්ඩවත් සිහිය නැති ගුරා පියුම් මහත්තයට කියන්ඩ ගත්ත කාරනාවත් පැත්තක තියල මට දෙහි කපන්ඩ ගන්නකොටම මං කලාත්ම මහත්තයා දිහා බලලා ලාවට හිනා උනා...හරියටම දැන් ඉතින් හන්ගන්ඩ දෙයක් නෑ මහත්තයො කියන්න වගේ....

පියුම් මහත්තයා....මේන් රෙදි බෑග් එක...

මහත්තයා ....මොකාද බොල මහත්තයා....මහත්තයා නොකියා බේබි හාමුය කියාපිය....මේ ඉන්නෙ මහත්තුරු නෙවෙ.....වලව් ඇත්තො බොල.....මූනට මුනිච්චි උනා මදිවට තො තව නම කියලා මහත්තයා ගානවා....කතා කොරපිය ගරු නම්බු එක්ක...මේකට කොහෙ ආව හයිරමක්ද නම කියන්ඩ....

මං හිතන්නෙ මගෙ කොන්ද නැවුනා.....අහසට නැගපු මා වවුලෙක් අඩාගන වගේ යන්න යනකොට මගෙ දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලාගන උන්න කලාත්ම මහත්තයා අත් දෙක පිටිපස්සට බැදගන අර ගහපු කෙල පාර කොස්පට්ට දාපු සෙරෙප්පුවෙන් පාගලා දානවත් එක්කම වලව් ඇත්තන්ගෙ මූනට පස්ස හරවලා එන්න බැරි කමට මං බයිසිකලෙ පස්සෙන් පස්සට අරගත්තා...

බේබි හාමු...සමාවෙන්ඩ ඕන...නොදන්න කමට අඩු කුලෙ එකාය පට බැදුන මං මේ උත්තයන්ට නම කිව්වා....

මෙහෙ ඇති හාමුවෙක් නෑ කියන්ඩ නවරත්න ගුරුට මං වැටකඩුල්ල පන්නඩ කලියෙම්ම මතක් කරලා දෙන්ඩ කැමතියි....පියුම්....අයියන්ඩි...

මගපෙන්නපු කොලුවට කීයක් හරි මිටමොලවපන්!මනක්ඩ පහු කොරාන පරිස්සම් කරන් ආවෙ ඒකා මිසක් නවරත්න ගුරු උඹල නෙවෙනෙ!!

👉👈වලව්වෙ හාමු...හැත්තෑ හයේ🙂🙂🙂...

THANK YOU

More Chapters