WebNovels

Chapter 11 - 11

අනෙ බුදු හාමුදුරුවනෙ ....මට ඇයි මෙහෙම ඇඩෙන්නෙ ...

මට ඉකිගැහුනා.....කලාත්ම කියන්නෙම මගෙ සියපත් මහත්තයා කියලා දැනගත්ත තත්පරේම මගෙ පපුවට දරන්න බැරි සතුටටම පපුව පුපුරලා ගියා...

මෙ ජීවිතෙ ඇතුලෙ කිසිම දවසක සතුට කියන දේ වචනයක්ම උන මට කිසිම දවසක ඒ වචනෙට පන ගහලා තිබුනෑ.....ආස කරන ජාති කෝටි ප්‍රකෝටි ගනන් ඇබිත්තන් කාලෙ හිත අස්සෙ තිබුනත් කරදඩු උස්වෙන්න වෙන්න ආස දේවල් හිතේ තියාගන ලැබුන දේවල් වලින් හුස්ම ගන්න පුරුදු උන මගෙ ඇස් තනිකරම මේ වැව් බැදි රටේ හැම වැවකම තියන වතුර කදටත් වඩා කදුලු හලනවා....

මං හිතන්නෙ මගෙ ඇස් ඉපදිලා තියෙන්නෙ අඩන්නමයි....මගෙ හිත ඉපදිලා තියෙන්නෙ බිදෙන්නමයි.....

ඒත්...සියපත් මහත්තයො....කලාත්ම හාමු.....උඹත් කෙරුවෙ මාව අඩවපු එක.....අඩවන එක.....මේ තාක් කාලෙකය වේදනාවට අඩාපු මං දැනන් උන්නෙ වේදනාවට ගලන කදුලු වල ලුණු රහ විතරයි මහත්තයො.....

ඒත් ....

ඒත් උඹට පින්සිද්ද වෙන්න මං අද සතුටු කදුලු වල රහ බැලුවා.....කිව්වට විස්වාස කරාපන් ආකාස මහත්තයො ඒවල ලුනු රස මැරිලා තිබුනා....මේ තාක් කල් අඩපු මගෙ ඇස් වලින් ගලපු ලුනු රහ කදුලු වල සැර දරන්න බැරුව පපුවට කලියෙන් ඇස් ගෙඩිත් පුපුරන්න ආවා....ඒත් අද...

අද....

අද අඩන ඇසුත් මගෙ නිවෙනවා මහත්තයො....උඹලට ජාති ජාතිත් පින් සියපත් ...උඹලට කල්පකාලාන්තරේකට පින් .....මෙ සන්සාරෙ පුරාවටම උඹලා නිවෙන්න ඕන...දුකක් වේදනාවක් ලෙඩක් නම් හැදෙන්න එපා...මං කරපු අල්පමාත්‍රික පිනක් තිබුනා නම්...අනෙ උඹලා දුප්පත් මගෙ මූනට හිනාව ගෙනාව කාරනාවටම සසර දුකින් මිදෙන්න ඕන....

මං ඇඩුවා....ඉකිගහලම අඩපු මගෙ උරහිස් ඇට පවා ගැස්සුනා මුලු මැදිරියම නිහඩ වෙලාගියා...ඒත් තට්‍ට තනි මගෙ පාලුව මකන්න අද සියපත් මහත්තයගෙ ආදරෙ ඉතුරු උනා...

මං ඒ කාර්ඩ් එක දිහ බලාගන උන්නා....ඒ අකුරු දිහාව බලාගන උන්නා ....කටහඩට පන ඇරන් ආදරෙ කරගන උන්න මම ඒ අකුරු දිහ බලාගන ඉදලා ඉදලා ඒ අකුරු පපුවට තුරුලු කරගත්තා .....

ආය ආයමත්....කට පාඩන් වෙන තරමට මං ඒ අකුරු කියෙව්වා....ඒ අකුරු මගෙ ඇගිලි තුඩින් අත ගෑවා...

පුදුමෙක මහත කියන්නෙ.....ගොරෝසු ඇගිලි තුඩුවලින් අකුරු අතගාපු මට සියපත්මහත්තයව දැනුනා.....මගෙ කදුලු කැටවලින් බොදවෙලා මැකිලා යයි කියන බයටම කදුලු වලින් පවා පරිස්සම් කරපු ඒ අකුරු වලින් මට මහත්තයා ගාවින් එන පුසුඹ දැනුනා...

ආකසගෙ මන්දාරම්.....

සියපත්ගෙ යශෝධ...

ඊටත් වඩා දැනෙන්නෙම මන්දාරම් ආකාස කියනකොට...

ආයමත් වතාවක් චීරන් ජයතු

ආදරෙයි අහසට ලැගුම් ගත්ත මන්දාරමට හතර කුටීර ප්‍රේමයෙන් උතුරන්න...

මගෙ ඇස්...මගෙ හිත ..දෙවියනෙ...අනෙ මගෙ මුලු ආත්මෙම උඹට පේවෙලා මහත්තයො...මගෙ ඇස් වලට හතියක් නැතුවම උඹගෙ මේ අකුරු කියවන්න හිතිලා.....

උඹට පින්....මට කට පුරා කියන්න පුලුවන් මෙච්චරයි.....පරිස්සමෙන් සියපත් මහත්තයො.....

අවසානෙදි දහස් වංගියක් විතර කියවපු කාර්ඩ් එකට ආයමත් වතාවක් හාදුවක් තියාපු මං හරි පරිස්සමට ආපිට අර හතරැහ කවරෙ ඇතුලට දැම්මා....

මුලු හේනම හද එලියට යටවෙලා ගිහින්...වටකුරු හද අතරින් පතර පා වෙන වලාකුලු එක්ක අහස්වියනෙ තනි වෙලා ...මට පව් කියලා හිතුනා.....පාවෙන වලාසේල ඇවිදින් කරන්නෙම හදට හාදු තිය තිය යන එක මිසක හදේ තනියට නවතින එක නෙවෙ වෙනකොට මුලු අහස් ගව්ව පීරලවත් අරවින්ද කැටයක් හොයාගන්න බැරි උන මට හද ගැන දුක හිතුනා.....

අනූඅටයි දශම අට නිහඩ වෙලා ගියා...තට්ට තනි මගෙ පාලුව මකන්න උන්නෙ මගෙ හෙවනැල්ල විතරක්ම වෙනකොට ඈතින් ඇහෙන පැල් කවි මැදම මං ඈතින් පේන පන්සල දිහා බැලුවා....විසි අවුරුද්දක් ලබපු තැන මං ඉස් ඉස්සරෝම දැක්කෙ හද එලියත් එක්ක දිලිහන චෛත්‍ය රාජයාණන් වෙනකොට අනෙ මේ ලෝකෙ වෙසෙන සියලුම සත්වයො නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා මගෙ යටි හිතට මුමුනලා අහවර වෙන්න හම්බුන් නෑ.....

මගෙ යටි හිත කියවන මුලු අනූටයි දශම අට බැදිලා වගෙ පපුවම විතරක් නෙවෙ....ආත්මෙම නිවන භක්ති ගීයක් පටන් ගත්තා.....

ගිලෙම් ඔබෙ ගුනෙ මූදෙ...

විදිම් ඔබෙ දම්සාදෙ..

වදිම් වදිම් ඔබෙ පාදෙ

තිලො අග බුදුසමිදෙ.....!!

මාව නිවිලා ගියා...පායපු හද එලිය යට දිලිහෙන කැකීරි යාන්ගෙ ....චෛත්‍යක් උඩ වැතිරෙන්න පවා පින් කරාපු හද එලිය....ඉදහිටක පාවෙලා යන මැදි හුලන් රැල්ලක එතීගන යන කැලෑමල් පුසුඹත් පැලක දිගෑරෙන බත්ගෙඩියක සුවදත් නාහෙට දැනී නොදැනී යනකොට සමනගෙ ගෙදරින් අත මිට මොලවාපු පුවක් පට්ටෙකින් ඔතාපු බත් පත මං මගෙ පපුවට තුරුලු කරගන අර භක්තිගීයට කන්දීගන උන්නා.....

මීට කලින් වාශ්ප වෙලා ගියපු බඩගින්න ආයම දැනුනත් මට හිත නැති උනා මේ තරම් උතුම් දෙයක් අහන ගමන් බත්පතක් අනන්න...

ඇස්වහක් කටවහක් නෑ...අමරදේව මහත්තයට තියෙන්නෙම දාහකින් හොයාගන්න බැරි කටහඩක්....බුදුන්ගෙ ගුන තාලෙ අල්ලලා කියන විදිහට අනෙ මට නොදැකපු තදතිසාව පවා ඇස් පනා පිට මැවිලා පේන්න ගත්තා...

බත් ගෙඩිය තුරුලු කරාන උන්න මං හරියටම ලියතඹරාව දකින්ඩ පෙරාතුව දැහැන් ගත උන තවුසෙක් හා සමානව දැහැන් ගත වෙලා උන්නා.... සලඹකින්...සිනිදු සලුපටකින් මුවාවුන මලවි කරලියකින් දැහැන් බිදෙන්න පෙරාතුව දැහැන් ගත තවුසෙකු හා සමානව දැහැන් ගතවෙලා උන්නා.....ඒත් කරුමෙක මහත....මටත් සිද්ද උනෙ බුදුන්ගෙන් බන අහ අහ ඉන්න ගමන් නැගිටලා ගෙදර එන්න උනා වගෙ වැඩක්.....

දැහැන් ගතවෙලා උන්න මගෙ සීලෙ බිදින්න ලියතඹරාවක් නැති උනත් මලවි කරලියක් වත් සලඹක සද්දෙ වත් නාවට මොකද ඉහලට ඇද ඇද ආව වල් ඌරු දෙතුන් කට්ටුව මගෙ දැහැන සීසිකඩ කරන යාමෙක මං තුරුලු කරාන උන්න බත් ගෙඩිය පැත්තක තියලා ඉනිවැල බැහැ බැහැම කෑ ගහන්න ගත්තා.....

..

එපා පුතේ යමල්ලා කියන්ඩද...

අනෙ පුතෙ මගෙ මහන්සිය මටත් ටිකක් තියල කාපල්ලා කියලා හොදින් කියන්ඩද....

ඒකල මගෙ ඇස් පනාපිට, ඌරු දල මතු උන හොම්බෙන් පසට ඇන ඇන ඒකලා හිතුමනාපෙට කැකිරි ගෙඩි අමු අමුවට රහ කරනකොට බාගෙට බැහැපු මං බෙරිහන් දුන්නා.....

ඕකලව බගන්නල එලවගන්නව මිසක් ඕකලව කුලප්පු කරගන්න හොද නෑ...ඌරු දලෙන් පන්න පන්න අනින්ඩ ගත්තොත් මක්ක කියල කරන්ඩද....

මං කෑගැහුවා.....

අඩමානෙට බැහැල කෑගහලත් පලක් නැති මං අනිත්පාර ගහ පාමුල තිබුන හුලු අත්ත අවුලන් මං හේන වටේ කැරකෙන ඌරො පස්සෙ පන්න පන්න කෑ ගැහුවා...

ඔහෝ.....හොයි.....හොයි...මක්කද බොල මේ....හො ...හෝ...

ඒකලා මුරන්ඩුයි .....වැලි අහුරක් අරන් මතුරලා ගහන්ඩ මේකා අලියෙක්ද.....නෑනෙ.....ගිරියෙ ලේ රහ එනකන් එන එන වාරයක් පාසාම පන්න පන්න කෑ ගහගහ එලවනවා මිසක වෙන මක්ක කරන්ඩද.....

*

*

හේනේ පැලේ...මා විදිනා... සුරුක්කන්

ඌරෝ ඇවිත් වට පිට කරති සක්මන්...

චටස්....

අත් හොබෙන් ලේ උරාගත්ත කී වෙනි මදුරුවද මේ.....ඇස් දෙක නින්ද ඉල්ල ඉල්ලා මා එක්ක පොරබදිනකොට හේනට පැනපු වල් ඌරො පස්සෙ පන්නලා පන්නලා අවසානෙදි පැලට නැග්ග මං සමනගෙ ගෙදරින් දුන්න බත් පත දිගාරිනකොට බත් ගෙඩිය සීතල වෙල ගිහිල්ලා තිබුනා.....කටක් කනවා....ආපිට සද්දයක් එනකොට ගහ උඩ ඉදන් හෝයි...ඕහෝ.....ගගා බෑගිරි තලනවා ඇරුනම මට බත් ගෙඩියෙ තිබුන වෑංජම වත් මක්කද කියල නිනව් නැති උනා...

පැලෙ පැත්තක එල්ලා තිබ්බ චිමිනි ලාම්පුවෙ දල්ල නටාගන එනවත් එක්කම ඩින්ගිත්තක් විතර දල්ල අඩුකරාපු මං තට්ට තනි මගෙ පාලුව මරාගන්න ඇදන් උන්න සරමම බුරුල් කරන් සරමම ආපිට පොරවන් හද එලිය වැටුන දිහාව බලාගන පැල් කවියක් කියන්ඩ ගත්තා...

ඒකත් මට විතරක් ඇහෙන්ඩ නෙවෙ....අහල ගම් යාන්ගෙටම ඇහෙන්ඩ....කාගෙන් හරි උත්තර බැදුමක් තියෙයිද...නැද්ද කියන්න නොදැන උනත් මං තට්ට තනියෙන් පැල්කවිය කිව්වා...ඈත ගම්දනවක්කට පාවෙලා යන හුලන් රැල්ලට මගෙ කටහඩ ඔතාපු මං නහර වැල් පුප්පාගන පැල්කවිය කිව්වා.....

වැටටත් උඩින්.....උන් අල්ලන...මලක්...කන්....

අපොයි....මගෙ...කිරිවදිනා.....කුරක්....කන්...

පුදුමයි .....පුදුමෙනුත් පුදුමයි ...උඩු හුලන් කැරල්ලත් එක්ක පිටගම් යන්ඩ ගියපු මගෙ පැල්කවියෙ මුල් පද දෙකට අහල පැලකින් උත්තර බදිනවා ඇහෙනවා.....වැටටත් ....උඩින් උන් අල්ලන මලක්කන් කියලා ඊලගට කොටහත් පටන් ගන්නකොට මං මගෙ උගුරෙ රැල් බුරුල් කරත් තව පැල් කවියකට මුල පුරන්ඩ ඒකගෙ උත්තර බැදිල්ල අහවර වෙනකන් උන්නා....

වම් අහින් ආව උත්තර බැදිල්ල අහවර වෙනවත් එක්කම ලස්සන හිම වතේ පටන් ගන්ඩ හිතාගන මං කට ඇරියත් මක්කද දකුනු අහින් තිබුන තල හේන දිහාවෙන් ආව පැල්කවිය මගෙ කට වහලා දැම්මා.....මගෙ කවිය මග නැවතුනා.....

අනෙ දෙයිහාන්දුවරන් පල්ලයි අතරමගින් මගෙ කවිය නැවතුනාට මගෙ හිතෙ කොනකවත් කහටක් නැතිවෙනකොට තල හේන අහින් ආව පැල්කවිය අහන් උන්න මන් එහෙම්ම සරමෙන් තවත්පොඩ්ඩක් මදුරුවො විදින මගෙ කකුල් වහගන ඉරිගු හේන දිහාවෙන් ඇහෙන පැල්කවියට කන්දිගන උන්නා.....

කිරි වැදි වැදි කිරි වැදි වැදි මෝරන්නෙ....

ගොබ ඇදි ඇදි...ගොබ ඇදි ඇදි පූදීන්නෙ....

අත නැමි නැමි....අත නැමි නැමි බරවෙන්නෙ....

පැලට වෙන්න දැන්....කාළය ලන්වෙන්නෙ.....

"ජගතා....."

ඉරිගු හේන දිහාවෙන් ඇහෙන කටහඩ අයිතිම ජගතට.....ඒක මෙහෙ ඉදන් ඉරිගු හේන රැක රැක ගිරිය පලාගන පැල්කවි කියනවා....පැලකට වෙලා දෑ වුරුදු පහු උනත් දෙතන කිරෙන් බරවෙන්ඩ තවම වරම් නැති ඇඹේනි තට්ට තනි මැටි පැලේ හූල්ලනවා.....

කිව්වත් වගේ ඒකා පවුලක් වෙලා දැන් දෑ වුරුදු පහු උනා.....නොදරුවට කිරිපබලු අහුරක් අරන් මං සමනගෙ වැටකඩුල්ල පැනපු දාක මං බලාගන යන ගමන පැත්තක තියපු ඒකිලා සමනගෙ පැලට ගොඩවෙලා ඉහලට ඇදන් වගේ කිරිසප්පයා හුරතල් කරනවා....නොදරුවා තමන්ගෙ නොවුනත් මං බලාගන ඒකිලාගෙ හැට්ට කෑල්ල ක්ශීරයෙන් නොවුනත් ස්නේහයෙන් තෙත්වෙනවා....

මට මේ දැනුත් ඒකිලාගෙ වචන ඇහෙනවා ඇහෙනවා වගේ.....

කොහෙ කියලා පැදුරු පෑගෙන්ඩද මයෙ එකා ගොම්මබ වැටෙන්ඩ කලියෙන් පැලට උනහම...මාත් මනාපයි නැන්දා පැංචෙක්ගෙන් බඩ බරකරගන්ඩ ....මාත් මනාපයි දෙතන් පුඩු පුපුරු ගැහුවත් කැක්කුනට යටි තොල් හපාගන හරි ඒකට මයෙ ලේ කිරිකරලා පොවන්ඩ.....ඒත්.....කෝ බන් මට පින....?නාඹර මල් පිපි පිපී ඔහේ බිම හැලනවා මිසකා...ඵලයක් ඇතිවෙන්ඩ බලන්නෙම නෑ...

මගෙන් හුස්මක් පිට උනා...ජගතගෙ කවියත් කන් අස්සෙන් ඇහුන ඒකිලාගෙ කතාවත් නැවතුනෙ එකටම වෙනකොට කිරිහීනයක් වෙනුවෙන් තුන්යම හීන දකින, හීනෙ හැබෑවෙන්න කියලා හිතාගන මං ජයසිරිමහ අඩවිය දිහා බලාගන ඒකිලාගෙ බඩගෙඩියෙ පාලුව යවන්ඩයි කියලා හිතින්ම වැද පුදාගන තිබුන මහන්සියටත් එක්කම එහෙම්ම සැපක් කියන නාමයක් නැති පැල්කොටෙ ඇතුලෙ ඩින්ංගිත්තක් දිගෑදුනා....මටත් නොදැනි මගෙ යටිහිත සරස්වතී මෑනියො හුස්ම කවාපු කටහඩක් තිබ්බ විරාජිනියගෙ පුන්සද රෑට මතක් උනා...

" ජයසිරිමහ සම්දුනෙ ඊළඟ කන්නෙදි වත් ඒකිලාගෙ ගෙයි උලුවැහිවල බාලගිරියට තහනම් වැටෙන අකුරු ඇලවෙන්ඩ පිහිට දියල්ලා....!!"

" මී අඹ කන්න ගිරවුනි එන්න....

එපා අද.....මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට....."

*

*

ම්ම්ම්හ්හ්....

චටස්.....!!!

නින්දත් නොනින්දත් අතරෙ වකුටුවේගන උන්න මම කන ගාවින් කීන් ගාගන ගියපු මදුරුවට ගැහුවා.....ගැහුවෙ මදුරුවට උනත් පුපුරු ගැහුවෙ මගෙ කම්මුල වෙනකොට මේ ගෙවෙන්නෙ රැයෙ කීවෙනි යාමෙද නිනව් නැති මට ඈත කෙරවලකින් අහවරක් නැතිව ඇහෙන ගිරිකුලකට පරවේනිකම් කරන උලලේනියෙක්ගෙ ඈඩියාවත් හේන් යාන්ගෙට ඉහලින් අඩාගන යන කෑරලෙක්ගෙ සද්දෙත් ඇහුනා...

මගෙ කකුල් ඇදුම් කනවා...ඒ අස්සෙන් තුවාල දෙන කකුල් පුරාවටම හීතලකුත් එහා මෙහා වෙනවා....කොච්චර වාත් කකුල් උන්ඩි කර කර සරම අස්සට ඔබාගන්ඩ හැදුවත් ඒ සීතල ගතිය මගෙ කකුලම අල්ලන් තියනකොට බැරිම තැන මං ඕන මගුලක් කියල අඩමානෙට වේලුම් කාපු තුවාල තිබුන කකුල දිගෑරගත්තා.....

අනෙ දෙයි හාන්දුරුවනෙ මගෙ වණෙ ඇදුන් කනවා...

ඉස්පිරිතාලෙට පයින් දුවලම කකුල් වල පොතු ගිහින් දැන් හත් දොහත් පැන්නට මක්කද වල් ඌරො රෑන පන්නන්ඩ දුවාපු මගෙ කකුලෙ වේලුම් කාපු තුවාලෙක උඩ කබල ආපිට ගස් මුලක වැදිලා ගැලවිලා ගියෙම ආයම අර මැරීගන ගියපු වේදනාවට පනගස්සගන වෙනකොට අඩනින්දෙන් උන්න මට නින්දෙන්ම අර සීතලත් දරාගන කෙදිරි ගෑවෙනවා එක්කම මට එකපාරම හුස්මක් පිඹින සද්දයක් ඇහුනා......මං එහෙම්ම අඩනින්දෙන්ම හුලගෙ පුහුඹ ඉව කරන්ඩ මගෙ නාහෙ අකුලගත්තා....

තමන්ගෙ හුස්මටත් වඩා පුරුදු ආත්මෙටම කාවැදුන හුස්මක සද්දයක් වගේම පිඹීමක සද්දයක්..... තමන්ගෙ කුයිලෙටත් වඩා පුරුදු කුයිලයක්.....තත්පරයයි...දෙකයි...

තුවාල වේදනවට කෙදිරි ගගා උන්න මම නැගිට්ටෙම ගිනිකසෙන් බැටකාපු එකා ගානට වෙනකොට කලුවර මරාගන හුස්මගන්න පුරහදෙ එලියෙන් පාට වැටුන මගෙ පැලෙ තවත් එකෙක් මට පිටිපස්ස හරවල ඉදන් ඉන්නවා.....

එහෙන් ඒකදන්තයා පිඹිනවා.....කොලරොඩු පොඩිවෙන සද්දෙ ඇහෙනවා....කොටින්ම ඒකගෙ කන්පට ගහන සද්දෙ පවා ඇහෙනවා..... ඒ චුට්ටකින්ම මං අහගන ඈතින් ඇහෙන හූවක සද්දෙ මැද අතරින් පතරින් අලිවෙඩි පත්තු වෙනවා.....

දෙයි හාන්දුරුවනෙ හේනට අලිපැනලා...

මට කෑ ගැස්සුනා...මෙච්චර වෙලාම අඩනින්දෙන් වගේ ඇහැ ඇරන් උන්න මට මගෙ පැලෙ පිටුපාලා ඉදන් ඉන්න එකා මොකාද කියලා හොයන්නවත් ගානක් නැතිවෙනකොට මන් අතපත ගාලා පන් මල්ල හොයාගන අලිවෙඩිල්ලක් අරන් පහලට දුවන්න ලැහැස්ති උනා...

."ඒකව මං එලෙව්වා බන්...."

.........

" උඹලට නින්ද ගිහින් තිබුනෙ හොදටම....මට දුක හිතුනා උඹව ඇහැරවන්ඩ...."

...........

" අනිත්දොහෙ එනකොට අමු අතු දෙක තුනක් ගෙනත් පහලින් මැලයක් ගහගනින් බෙනෙ...රෑ හීතලයි පින්නයි පපුවට සෙමගේනවා...."

.......

"ඇරත් මදුරුවො එකාකාරෙට"

.......

" ආන්බලාපන් බෝම්බයක් පිපිරුවා....ඒ පැත්තම ලේ කුයිලෙන් වැහිලා බෙනේ....."

හද එලිය එකාකාරෙට මහපොලවට වැටිලා.... ඇහෙන අලිවෙඩි සද්ද මැද ඈත අහසෙ ලා තැඹිලිපාට එලියක් මතුවෙලා එක පාරම ආපිට ඒ පලාතම අන්දකාර වෙලා යනකොට මං තක්බීර් වෙලා වගේ අහන් උන්නා....

මගෙ අතේ තවම අලිවෙඩිල්ල....ලෙහාගන පොරවගන උන්න සරමෙ ගැටෙ කොහොම ගැටගැහුවද කියන්න මට තවම නිනව්වක් නැතිවෙනකොට යකාගෙ යාමෙ ගෙවීගන යන හෝරාවෙ අනාරාධිතව පැලට ආව එකා දිහා බලාගන උන්නා...

මුරුක්කු ගැහුන කොන්ඩෙ.....උඩකය හායි හාර ඇරගන ඇල්මැරුන පාටක් ගත්ත කොටු වැටුන සරමක් ඇදගන කකුල් දෙකත් පැලෙන් පහලට එල්ලගන හුස්මක් කටක් වත් ගන්න් නැතුව කියවන් යන එකා දිහා මන් බලාගන උන්නා...

"අද උඹගෙ උපන්දිනේ...."

......

"ටක්කෙටම හෙට උදෙන්ම උඹලයි අම්මා කිරිබතක් හදයි.....උන්දැගෙ කිරිබතට ගහන්ඩ එකක් නෑ...."

...........

"උඹගෙ ඔය කකුල් වල ඔය හැට් ලෙලි ගිහින් තියෙන්නෙ මයෙ කොල්ලා උස්සන් දුවලද බෙනේ??"

පැලට උඩින් පියාඹාන ගියපු කෑරලා තියාපු බෑගිරියෙ සද්දෙත් එක්කම මගෙ පිට කොන්ද දිගෙ හිරියක් ගියා....ඒ එක්කම මගෙ අතේ තිබුන අලිවෙඩිල්ල මගෙ ඇගිලිවලටත් නොදැනීම බිමට අතෑරුනා...

ස්....සමනා....ස්....සමනා මේ උඹ...

"........ම්ම්....මට උඹ බලන්ඩම ඕන හිතුනා බෙනේ....."

කිව්වට විස්වාස කරපල්ලා.....දෙයි හාන්දුරුවනෙ ඒ උන්නෙ සමනා...නිවන්පුර ගිහින් හත්දොහක්පහු වෙලා ගිහින් තිබුන සමනා...

කිව්වට විස්වාස කරපල්ලා මට නෙවෙබයක් කියන නාමයක් දැනුනෙ....මලකදන් එක්ක ඔට්ටුවෙලා ඔට්ටුවෙලාමද කොහෙද මට නෙවෙ සමනා ගැන ඇල්පෙනෙත්ති තුඩක තරම් බයක් දැනුනෙ....මලකද අතේ දුර තියාගන බත්පත කන මට නෙවෙ ඒකා ගැන අපුලක් දැනුනෙ ......

මට උඹව බලන්ඩ හිතුනමයි කියනකොට බයක් අරක් ගන්න ඕන මගෙ ඇස් වලට දුකට හේතු උන කදුලක් මෝදු උනා...

කිව්වත් වගේම ඒකදන්තයගෙ හෙවනැල්ල ඈත මායිමෙ කෑවදිනවා...පායපු හද එලියට මලගම් ගිය ඈයව නාවනකොට මං ඒ මූන දිහා බලාගන උන්නා....සමනගෙ කොන්ඩෙ එදා වගේමයි....හමුදාවට යන්ඩ කලියෙන් ඌ මුලු කොන්ඩෙම ගෑවා.....ඒත් ඌට ලස්සනම මුදු ගැහුන කොන්ඩෙ ....

ඌ මගෙ කකුල්වල තුවාලවලට ගතු අහනවා.....අද මගෙ උපන්දිනෙ කියන එක පවා ඌට මලත් මතක හිටලා...ඌට මයෙ අම්මා හදන කිරිබතෙ රස මලත් අමතක කරගන්න බැරිව ගිහින්....

මං එහෙම්ම ඉදගත්තා....මලගම් ගිය එකෙක් බව දැන දැනම...පහුදා මට එක්කො සහලවල උනගනී කියන කාරනාව දැන දැනම මං සමනට එහාපැත්ත්ම්ම ඉදගත්තා....

ඒත් සමනා නෙවෙ තව වෙනතුරු මගෙ මූන බැලුවෙ ....උඹව බලන්නෙම නැතුව ඉන්න බැරි උනා කියපු සමනා නෙවෙ මගෙ මූන දිහා බැලුවෙ.....උගෙ ඇස් තිබුනෙම හේන දිහාවට වෙනකොට මං පපුව පුරවලම හුස්මක් ගන්නවත් එක්කම සමනා ආයම කතා කරන්ඩ ගත්තා....

"මට පන යනකොට මතක් උනේ උඹව....උඹත් එන්ඩ දගලනවනෙ කියන එක...."

" ඒකයි මන් මගෙ කොල්ලව උඹට උගස් තිබ්බෙ ...මට ඌව ආය බේරගන්ඩ ඕන නෑ බෙනෙ....උඹටම සින්න උනාවෙ....."

"උඹට හයිය නෑ ඔය කැල අස්සෙ හතිනැතුව දුවන්ඩ.......ගහගන ගහගන එනකොට උනුත් අනිත් අහින් ගහගන ගහගන එනවා......ආපිට දුවන්ඩද ...."

"කරෙ එල්ලන් යන බෑග් එකෙ බරයි...ගල් හෙල්මන්ට් එකෙ බරයි එක්ක මහ රෑටත් වතුර වලවල් වලින් යනකොට ජලසන්නියට එනවා...."

"උඹ දන්නවද මගෙ කකුල් වල නියපොතු දහයම හැලුනාබෙනෙ....මේස් දෙක ගලවනවට වඩා හොදයි කකුලෙම මේස් දෙක තිබ්බා නම්.....හමයි මසයි දෙකම මේස් එකට ගිහින්.....ඒත් මාසෙපඩිය ගෙදරට යනවනෙ කියල මතක් කරගන ඇලුන හමත් ඇදීගන එන්ඩ මන් මේස් දෙක ගැලෙව්වා..."

සමනා කියවගනම ඉන්නවා....අඩුම ගානෙ බෙනේ උඹගෙ මලකද කොයි ඉසව්වෙද කියලවත් මට කියපන් මං වෙඩි කාගන හරි ගිහින් මලකද අරන් එන්නම් කියන්න ඌ නෙවෙමට ඉඩක් දුන්නෙ.....

"කලින් දවසෙ අපිට කිව්වා හෙට රෑ අහවල් වෙලාවට අහවල් කොටහ අපි අල්ලගන්නවා කියලා...එදා රෑ එකොලහා වෙනකොට අපිට ලෑස්තිවෙන්ඩ අන හම්බුනා.....ස්නියිපර් යන්නෙ අපිට සෑහෙන්ඩ ඉස්සරහින්..... අපි යන්නෙ ඊටත් වඩා සෑහෙන්න පස්සෙන් ...ඇස් වලට නිවනක් නෑ....කන්වලට සැනසීමක් නෑ.....ස්නයිපර් අතෙ මෝටාර් එක.....ඒකෙන් යන වෙඩිල්ල ඉරහදට වඩා විස්වාසයි බෙනෙ...උඹ දන්නවද.....මට උඹ වගේම එකෙක් හම්බ උනා....ඌ පොලොන්නරු පැත්තෙ එකෙක්....උඹගෙම උස මහත...

මට උඹව මතක් වෙන එක අඩු උනෙ ඌ හන්දා.....එදා රෑ අපි සෑහෙන කොටසක් අල්ලන් අල්ලන් ගියා...ඒත් වාසනාවට පස්සෙන් කරුමෙත් එනවනෙ ...මෙහෙන් ගහන්නා වගෙ උනුත් කාගන කාගන ආවා...ස්නයිපර්ව පිපිරුවෙ කීකඩකට ද කියන්න දන්නෙ නෑ බන්...ඉස්සරහට යන යන උන්ව ගියා......"

බට්ටන්ට සමහර්ක්ගෙ කකුල් කෑලි උනා....

මගෙ බඩ පත පසාරු කරාපු උන්ඩෙ එහාපැත්තෙන් මතු උනාද මං වත් දන්නෙ නෑබන්...උඹ වගේම උන්න එකාටත් වැදුනා....

මං උන්නෙ හුස්ම වැටෙන්නන් වාලෙ වැටෙන්න දීගන....හුස්ම උනත් හිතලා ගන්න නැත්තෙ හොද වෙලාවට කියලා හිතෙන්නෙ මේ වගෙ වෙලාවට...හුස්ම උනත් හිතලා ගන්න තිබුනා නන් මේවෙනකොටත් සමහරක් උන් වලදාපු තැන්වල පැලවුන ගස් මහ රූස්සගස් වෙලා....

.සමනා කියවන් ඉන්නවා....සැරින් සැරේම රූං....රූං.... ගාගන කනගාවින් යන මදුරුවා සැරින් සැරෙම මගෙ අතපයෙ වහ වහ දුප්පත් ලේ ඩින්ගත් මගෙන්ම හූරාන බොනකොට උපන්දිනෙ දවසෙ නෙ කියලා මට පිනක් දහමක් කරගන්නවත් පන්සලට ගියත් මාව දකින උන් මුනු මුනු ගාන් උන් උන්ට පව් පුරවගන්න හන්දා පන්සලට හොඩවෙන්නත් වරන් නැති හන්දම ලේ ඩිංගක් බොන්ඩ දීලා උගෙ බඩගින්න නිවලා පිනක් තියෙයි නම් ඒක එකතු කරගන්න ලැහැස්තිපිට උන්න මං සමනගෙ කතාව අහන් උන්නා.....

සමනා කියනවා මං වගේ උන්න එකාටත් වැදුනා කියලා....ඒ කියන්කොටම මන් සමනගෙ මූන දිහා බලාගන උන්නා.....මලත් මොකද ඒ මූන පුරාවටම භාව ප්‍රකාශ තවම අමුවට පන ගහනවා.....ඌ ඒක කිව්වෙම හරියට ඒ උන්ඩෙ මට වැදුනා වගේ වේදනාවකින් වෙනකොට මෙච්චර වෙලාම හේන දිහා බලාගන උන්න සමනා වලාකුලක් ඇවිදින් කැලෑ හද වහන් යන තත්පරේදි මගෙ මූන දිහා බැලුවා....

බොර පාට ඇස් වල කදුලු පිරිලා.....සමනගෙ යටි තොල් වෙව්ලනවා....රත්තරනෙ තවම කදුලු නාලිකා පන ගහන්නෙ කොහොමද උඹ යන්න ගිහිල්ලත්????

"වෙඩි වැදුනෙ ඒකට උනාට...මට මතක් උනේ උඹව බෙනේ ...පුපුරන බෝම්බෙක එලිය ඇරුනම හතර වටම කට්ට කලුවර...පිහිටට උන්නෙ හද එලිය විතරයි බන්....ඇස් දෙක හිටු කියල නින්දත් ඉල්ලනවා.....ගෑනිව කිරි සප්පයව මතක් වෙනකොට අම්මා අප්ප මතක් වෙනකොට මැරෙන්ඩ නම්බැ හිතෙනවා....කැමා එක තෙත් වෙනවා...ගලන ලේ උරාගන්නවා....

මං දන්නව මං මැරෙනවා කියලා.....එහෙන් උඹ වගේ එකා පන අදිනවා....වදින වදින එකාව අනිත් උන් කර තියාගන හරි පහු බානවා....ආයම තියනවා..... යන එකා කාගන හරි ඉස්සරහට යනවා...කවුරුත් ඉන්නෙ හුස්මත් එක්ක හටනක බෙනා.....මට අරකව දාලා යන්න බෑම හිතුනා .....වෙඩි කලා උන්න මං අරකව කරට ගත්තා....අරන් අඩි දහය පහලවක් යන්න ඇති...මාව වැටුනා....ඌත් එක්කම බැරිම තැන මං ඌව ඇදන් ගියා....

අඩියක් තියලා අඩියක් යන්ඩත් බයයි බන් වෙලාවකට....කකුලක් ගියෝතින් කෑලි එල්ලෙනවා.....අරූ කෙදිරි ගානවා....දාලා යමන් කියනවා...ඌ අඩනවා.....අම්මා ගැන කියනවා...මලත් කමක් නෑ මං ඌව අත් දෙකෙන් ඇදගන ගිහින් ගිහින් ගස් කදකට මුවා උනා...

වතුර උගුරක් නෑ....ඌ පන අදිනවා මගෙ උකුල උඩ....පන යයි කියන බයට මං මොකටත් අත් දෙක තදකරන් උන්නෙ....පපුව තද කරලා හරි ආයම පන ගන්ඩ.....මං ඌට කිව්වා ඉවසපන්....කොහොම හරි අරන් යන්නම් කියලා...ඌ හිනා උනා....

හිනා වෙලා ඌ....මෙහෙම ඇහුවා ...සෝමරත්න ....උඹගෙ ....යාලුවා.....ලස්සනට ..මලකදන් සරසනවද කියල.....උඹලා මට සමනා කිව්වට එහෙට ගියහම කතා කරන්නෙ අගට එන නමින්...ඌට මං උඹ ගැන කියලා තිබ්බෙ ....මෙච්චර වෙලාම ඌව උකුල උඩතියන් උන්න මටත් තව දුරටත් ඉදගන ඉන්ඩ බැරි උනා... මගෙත් පන යන්ඩ එනවා...ඒ අස්සෙන් මට උඹලව මතක් වෙනවා....මං ඌව උකුල උඩ තියාගන හිනා උනා.....මට පුලුවන් උනෙ ලාවට ඔලුව වනන්ඩ විතරයි...සර්වාංගෙ කෑලි වලට ඉරෙන හැටි ඌටවත් මටවත් හොයාගන්ඩ බැරි උනා ....

උඹලට කෙසෙල් කොට දුන්නෙ ඒකයි..."

ස.....ස්.....සමනා....

මට ගොත ගැහුනා....කොටින්ම මට ඉකිගැහුනා.....පපුව හත්කඩකට පුපුරලා ගියෙ ආය එකතු කරන්නම බැරි තරමට වෙනකොට මංගොත ගගහම සමනගෙ නම කිව්වා....මෙච්චර වෙලාම කදුලුපුරවන් උන්න සමනගෙ ඇස් වලින් කදුලු කැට පෝලිමක් මගෙ ඇස් පනාපිට කඩා වැටුනා.....

ඉතින් ප්‍රේමිය....වීදුරු බිදෙන සද්දෙට මුලු ලෝකෙම කන්දුන්නත් මක්කද.....පපු බිදෙන සද්දෙට කන් දුන්න එකෙක් මේ තුන්ලෝකෙම උන්නද?

".මයෙ අම්මට කියාපන් ඔය හැටි පහන් පැලෙ පහන තියන්ඩ එපාය කියලා....දෙයියන්ට උනත් ඕනාවට වඩා රස්නෙ ගැහුවම යාතිකා අරහන් වෙන්ඩ පුලුවන් බන්....

උඹලා මගෙ කොල්ලා නලවනවා...දුකයි...ලෝබයි.....උඹව මං බලෙන්ම අප්පොච්චෙක් කරලද බන්...?

........උඹගෙ මලකද වත් තියන තැන කියාපන් සමනා...මට මක්ක උනත් කමක් නෑ...මං අරන් ඇවිදින් උඹට් නොරිදෙන්න අන්දවලා වලදාන්නම්.....කාත් කවුරුත් නැති කැලේක උඹගෙ මලකදට ඉලව් රකින්ඩ වත් එකෙක් නෑ .....මගෙ පපුව පැලෙන්ඩ එනවා....

"එලිවෙන්ඩ තව වෙලා තියනවා උඹ ඇහැ පියවපන් බෙනා...."

*

*

*

*

සමනා....උඹ මට ඇහැපියවන්ඩ කියලා හේන රැක්කද සමනද ...උඹට බුදුන් දැක නිවන් දකින්න වරම් ලැබෙන්ඩ ඕන සමනා....

මහපොලවට එලි වැටෙනවා.....මං උන්නෙ ඉහ උස්සන්නඩ බැරි තරම් ඉහ රදෙකින්......සමනගෙ රුපෙ...ඒ ඇස් වලින් ගලාපු කදුලු ...එ කටහඩ මෙ හැමදේම අවසානෙදි මට ඉතූරු කෙරුවෙ දරන්ඩ බැරි ඉහ ඇම්මක් විතරක් වෙනකොට පිනිවැටන යාමෙ මහ පොලවට යන්තන් එලිය වැටීගන එනවත් එක්කම මං පැලෙන් බැහැල හේනෙන් පැලට එන්ඩ පාරට එන්න ආවා.....

රැයපුරාවටම පැල් රැක්ක එවුන පැල්කොටවලට යනවා...සද කදුලු පින්නත් එක්කම වේලුම්කාපු මහපොලව යන්තමට තෙත් කනකොට මං එමින් ගමන්නම ළපටි බඩ ඉරිගු හේනකින් ඉරිගු කරල් දෙකකුත් කඩාගන මගෙ පන්මල්ලට දාගන්නවත් එක්කම අනෙ මට අර කලාත්ම හාමු එවාපු උපන්දින කාර්ඩ් එක ඇහැ ගැටුනා විතරයි පුපුරන්ඩ එන ඉහරුදාව මැද උනත් ...අහ මෙරුව ඉහ දරාගන හුස්ම ගන්න මැද උනත් මගෙ මූනෙ යන්තන් හිනා රැල්ලක් ඇදීගන ගියා...

අනෙ උඹ මෙවෙලෙ මොනවා කරනවා ඇතිද සියපත් මහත්තයො... බාගවෙලාවට උඹ මහන්සියට නිදිඇති....

සමන්දෙයි හාමුදුරුවන්ගෙ බැල්ම උඹට හැමදාම වැටෙන්ඩ ඕන ...උඹ සතුට්න්ම ඉන්න ඔන....

උඹලා මං වගේ එකෙක්ගෙ ආදරෙ දෑතින්ම බදාගත්තෙ කොහොමද කලාත්ම හාමු.....???

මන් මිනිකපන එකෙක් බව දැන දැනම උඹ මගෙ ආදරෙ මෙහෙම ඉහමුදිනින්ම පිලිගත්තෙ කොහොමද හාමු.....දුප්පත් මගෙ හිතට දුන්න සතුටට සසර වසනතුරාවටම උඹට නම් කදුලක් උනන්න එපා රත්තරන් හාමු.....

මං දහසක් කාරනා හිතුවා....පපු කදම සමනා හන්ද තැලුම් කෑවත් ආය ආයමත් ඒ රිදෙන පපුවම කලාත්ම හාමුගෙ වචනවලින් සුව වෙන්න ගත්තා....

උඹ මගෙ ආදරෙ පිලිගන්ඩ පෙරාතුව....උඹගෙ හැඩක් වත් නොදැක ගම් හතකට ඇති වෙන්ඩ ආදරෙ කරාපු දුප්පතෙක් හාමු....

දහයෙ කනිසම කියන්නෙම මං මහිපිට දකින තුසිතය කලාත්ම හාමු.....

.

මං හිනා උනා.....වෙනට කිසිම හැගීමක් නැතුව බිම බලාගන යන මං අද තට්ට තනියෙන් හිනා උනා.....විසි අවුරුදු ලබන දා හේන් පැලෙන් ගෙදර එන අතරමග උන්න මං මා එක්කම හිනා උනා...අගල් අගල් ගානෙ පිපිලා තිබුන කැලෑමල් එක්ක පවා හිනා උනා.....ලා රත ගහපු ඉර හීන් සීරුවට අහසට නැගන් එනකොට ඉර සේල මහපොලවට වැටිලා බඩ ඉරිගු යන්ගෙම දිලිහෙන්න අරන් තිබුනා....මං ඒ ඉරිගු යාන්ගෙත් එක්ක ත් මගෙ ප්‍රේම රහස කිව්වා....මුලු හේන් කදම නලවන් යන හුලන් රැල්ලට පවා කලාත්ම හාමුගෙ ආදරෙ ගැන කිව්ව.....

සත්මහල් ප්‍රාසාද පිරුන කොලොම්තොට ඉන්න මගෙ සියපත ගැන මන් මගෙ ඉහට උඩින් පියාඹන විහගුන්ට පවා ප්‍රේමගී ගයන්ඩ ආරාධනා යැව්වා...

.කලාත්ම හාමු හරි....අනෙ.....රැයක් ගෙවිලා දවසක් ලබන යාමෙක පාලු අම්බලමකට අන්ත මගෙ ප්‍රේම මර්මස්තානෙ හතර කුටීර ආදරෙන් පිටාර දානකොට මෙච්චර වෙලාම හේන් යාන්ගෙ දිහා බලාගන ආව මන් ගුරුපාර දිහා බැලුවා.....

හාන්දුරුවනෙ.....

මට මිමිනුනා....

කසාවතක්....ඉර එලිය වැටෙන යාමෙක ආරාන්‍ය වාසි කසාවතක් පින්ඩපාතෙ යනවා.....දෙයියො බුදුන්ට ඔප්පු වෙන්ඩ මං මෙ ඉස් ඉස්සරෝම මුනිච්චි වෙන මනුස්ස පරානෙම බුද්ධ පුත්‍රයෙක්......

මං ගුරුපාරෙන් පැත්තකට උනා...මහපොලවට පවා නොරිදෙන්න සන්සුන් ගමනින් පින්ඩපාතෙ යන බුද්ද පුතුව දැක්ක මට දැනුනෙ බුදු බන නැතුව

පවා මගෙ හදවත සොවාන් උනා හා සමාන හැගීමක් වෙනකොට අනෙ පූජා කරන්ඩ දෙයක් නැතිම මම පන් මල්ලට ඔබාගත්ත අර ඉරිගු කරල් දෙක ආපිට එලියට ගත්තා.....

උන්වහන්සෙ වඩිනවා....මිනිකපන්නෙක් එබාම්කාරයෙක් කියකියෝම ගමකින් තැලෙන මන් වෙනදට කාටවත් ඉස් ඉස්සරෝම මුනිච්චිවෙයි කියන බයත් එක්ක පය ඉක්මන් කෙරුවට මේ කසාවත ගාව මාව නිවුනා.....මුනිච්චි වෙන්ඩ තියන බය වෙනුවට ඒ කකුල් අල්ලලා වදින්ඩ උවමනාවෙන් මගෙ ආත්මෙ පවා පේවෙනකොට මං මගෙ ඉස්සරහට වැඩිය උන්වහන්සේගෙ පාත්රේට ඉරිගු කරල් දෙක පූජා කරලා පයට සෙරෙප්පුවක් වත් නැති ඒ කකුල් ගාව පසග පිහිටුවලම වැන්දා...පන්සලකට ගියත් බුදුන් වදිඩ එන උන්ට මගෙ රූපෙත් අරහන් හන්දා හිතෙ හැටියට භාග්‍යවතුන් වදින්ඩ බැරි උන මන් විසි අවුරුදු පිරෙන දා උදෑහැනක්කම හදිගැහුන සැරියුත් ආදි මහා තෙරුන්ගෙන් එන්නාවු බුද්ද පුතුන්ගෙ කකුල් උඩ මගෙ නලල තියගනම සගරුවනට වදින ගාතාව කිව්වා...

"සීලවන්තං ගුණවන්තං

පුඤ්ඤබෙත්තං අනුත්තරං

දුල්ලභෙන මායා ලද්ධං

වන්දිතුං පස්සිතුං වරං

සාරි පුත්තාදි ථේරානං

ආගතං පටිපායා

සද්ධා සීල දයා වාසං

බුද්ධ පුත්තං නමා මහං!!

තෙරුවන් සරනයි!

*

*

මගෙ හිත තනිකරෝම කුරුලු පිහාටුවකට සමාන උනා.....පූජා කරන්ඩ පුලුවන් උනෙ බඩ ඉරිගු කරල් දෙකක් උනාට මන් කල්පකාලාන්තරේටක ඇති වෙන්ඩ මන් ආදරෙ කරන මනුස්ස පරනා වලට ඒ පින අනුමෝදන්න් කරන් කැලැමලකට ඇහෙන්න සින්දුවක් මුමුන මුමුන එනවත් එක්කම ඈත් තියාඅ මං බලාගන නවරත්න ගුරුගෙදරවැටකඩුල්ල ගාව කවුරු හරි එහා මෙහා වෙනවා....දහ වතාවක් පාරට එබිකම් කරනවා....

අනෙ දෙයියනෙ පියුම් හාමු.....මේ පින්නෙ වැටකඩුල්ල ගාව ඉදන් හොරගල් අහුලන්නෙ පියුම් හාමු...අර හතරහැ පෝන් එකත් කනෙ ගහන් මායන් වෙන්නෙ පියුම් හාමු.....

ගුරුගෙදර දිහාව සිය වතාවකට වඩා එබිකම් කරපු මන් අනෙ අඩියට දෙකට පියුම් හාමු ගාවට ගිහින් නවතිනවත් එක්කම අනෙ ඇස් වහක් කටවහක් නැතුවම බේබී හාමු මා එක්ක හිනාඋනා....ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම ජීවිතේට අතට අරගන වත් නැති අර හතරහැ කතා පෙට්ටිය මගෙ කනට තියලා තද කෙරුවා මට උන් හිටි තැන් අමතක උනා....

කතා කරන්ඩ යසෝද මලයා.....අපෙ මලයා එහා පැත්තෙ ඉන්නෙ.....මන් මේ පාන්දර ඉදන් මෙතන ඉන්නෙ.....

බ්.....බ්.....ක්.....ක්ක්...ස්....ස්...ස්....ස්...සිය....හ්....හෙ...

".....ම්ම්ම්.....ඉපදුන ගමන් හින්දා වෙන්න ඇති මගෙ කැලෑ හදට ගොත ගැහෙනවා...ආකාසගෙ මන්දාරාම්.....රත්තරන් තවපාරක් මන් සුභපතන්නද...නැත්තන්.....උදෙම්ම ආදරෙයි කියන්නද....??"

👉👈🌸🌸🌸🌸🌸

BYE

More Chapters