WebNovels

Chapter 39 - 38

සරම් දෙකයි.....බ්ලෙන්ඩරෙයි .....???

අල්මාරිය ඇරපු එයා සරම් දෙකක් එක්ක බ්ලෙන්ඩරයක් අරන් ඇද උඩ තියලා මේ දෙක ඇති කිව්වා විතරයි මං අත් දෙකෙම්ම ඔලුව කැසුවා...

සරම් දෙකක්....සරම් දෙකක් ගෙනියලා මොන ලබ්බක් කරන්නද අනෙ ..පැනලා යන්නෙ පවුල් කන්නනෙ...සරම් දෙකකින් පවුල්කන්නෙ කොහොමද.....මේ මිනිහා හදන්නෙ සරම් දෙකක් ඇදලා ඉතුරු දවස් ටිකෙ හෙලුවෙන් ඉන්ඩද.....හ්....හෑයියා අනෙ

ආ අනෙ....ඒයි මේ ...

ඔලුව කස කස සරම් දෙක දිහා බලන් උන්න මං අනිත් පාර එයා ගාවට ගිහින් හිටගන මහ අම්මන්ඩි වගේ ඉනට අත් දෙකම තියාගත්තා...කොටින්ම මං අර ලයිසන් එක ගන්න කලින් ට්‍රයල් බලනවා වගේ එයාට සුදු අයියෙ නොකියා පවුල් කන එකා වගේ ඒයි ගානකොට මං බලාගන එයා ඉනට අත් දෙක තියාගන මගෙ දිහා ඇස් හීන් කරන් බලන් උන්නා...

ම්ම්මෝ.... අනෙ මේ මිනියගෙ තියන හැඩසම් කම!

බොහොත් බඩා අච්චා ලගතා හේ වගේ!

මේ ඒයි ඔයාට සරම් දෙකක් ඇද්ද ඉතින්...උදේට වැල්ලට යන්නයි..... ආයම ගෙදර ඇවිත් නාගන කරගන අදින්නයි...රෑට අදින්නයි....දෙකක් මදිනෙ ඒයි...ඈ.....අයිස් ගහන්නත් යනවනෙ....ආ මහත්තයා.....?

ආ...නෑනෙ.....ඔයා කොහොමද වැල්ලට යන්නෙ අපි පැනලා ගියහම ටික දවසක් යනකන් හැන්ගිලානෙ ඉන්න ඕනනෙ...

හරිනෙ ඉතින්.....යෝ...හ්....ඒයි...ඔයාගෙ මායියට ඩින්ගිරිත්තක් විතර වචන එහා මෙහා උනානෙ....

අනෙ ඒයි මේ...මාව අරන් දුරකට යන්න හාද අනෙ...ඔයා දන්නවනෙ අපෙ අප්පච්චි ඔය කොහොම පනදෙන්න උන්නත් අපිට මේක මගෙ විභහග කෙරුවාව ඉවර වෙනකන් නවත්තන්න කිව්වා...අම්මත් දැන් නිකන් අද්‍යාපන අමාත්‍යන්ශෙ මහ තැන වගේ කොයි වෙලෙත් මට ඉගනගනින් ඉගන ගනින් කියනවා....

ඇරත් ඔය කොච්චරවාත් සුදු පුතා...සුදු පුතා හුජු පුත නැතුව හුච්ම වැටෙන් නෑ ගෑවට අපෙ අම්මගෙ මනුස්සයට වෙලාවකට අනක් ගුනක් නැතුව තරහා යනවා.....ඕඅයිසී පාර්ට් ඉදලා ඉදලා අල්ලනවා ආය දොඹෙන් යන්න...මුලින් මුලින් පිය යානාව දුන්න පොරටෝක්ස් ඔයා දන්නෙ නෑ...ඉස්සර අප්පච්චිගෙ වාහනෙ සද්දෙ ඇහෙනකොටත් මට බඩ යන්න එනවා...එයාට ඔය එකපාර යහපත් ආතල් ආත්මයක් වැහිලා ...එක්කො ඔය ඉන්නෙ අපෙ අප්පච්චිට වැහුන වෙන මොකෙක් හරි.....

එයා නපුරුයි අනේ...නමුත් ආතරෙයි!!

එහෙව් එකෙ ඔහෙ හිතනවද අපිව හොයන්නෙ නැතුව ඉදීවි කියලා....නෑනෙ අනිවා හොයනවා...අනිවා හොයන එක හොයනවා.......නිකන් නෙවෙ පුලුවන් නම් හෙඩ් ක්වාර්ටස් එකටත් කියලා බුද්දි අන්ශෙනුත් ගෙන්නයි...

බුද්දි අන්ශෙන් එනකොට කොහොමත නේ මං වැල්ලෙ අයිනෙ රැල්ල පාග පාග උන්නොත් එහෙම.....සැප කනේනේ....???

අනිත් බෝම්බෙ අපෙ සීයත්තා!!!

උන්දෑ අනිවාරෙම්ම මොනරවිල පරම්පරාවටම කියයි....නොදරුවා පැනලා ගිහින් කියලා....නිකන් කියන එකක් නෑ...අනිවාර්‍ය්ම කියයි ඕකා අපෙ මූනෙයි සෙවන් ජෙනරෙශන් එකේම දැලි ගාලා පැනලා ගිහින් කියලා...

කියපු දෙන්...කියපු දෙන්...ඇයි ඒයි ඔයාම කියන්නකො කලවයස පහුවෙන එක මොන අපරාදයක්ද....ඇරත් අර පොඩි උන් ටික හම්බුනහම එයාලට මගෙ වගකීම් අමතක වෙනවා...ඇයි ඉතින් සිහිය තියෙන්නෙ අරුන් ගාවනෙ....අනෙ මන්දා මට දුක අපෙ කානුවා ගැන....පව් මගෙ කොලු පැටියා...

මේ ඒයි ...එක්කො ඒ දරු පැටියවත් අපි ගාවට ගමුද අනෙ .....කොච්චර උනත් ඕකා නෑකමට මල්ලි උනාට ඌ මට පුතා වගේනෙ .....ඇරත් මං දැන් කොහොමත් තාත්තෙක්නෙ....මට පුලුවන් දරුවො බලන් ගෙවල් දොරවල් අස්පස් කරන් ඉන්න...ඇරත් මට බැරි කමක් නෑ ඔයාගෙ ඔය ගනන් හිලව් බලන්න එන්නත්.....

මං දැන් කියවගනම ඉන්නව....කියවන වාරයක් වාරයක් පාසාම මගෙ මොනරපෙදත් මොනර පුකත් එන්න එන්නම දික් වෙනකොට මං අරක කරමු...මේක කරමු විතරක් නෙවෙ දරු පැටව් බලන් ගෙදර දොරෙ වැඩකරන්නම් කියන්කොට මං බලාගන අපෙ එක්කෙනා ඩින්ගිරිත්තක් විතර හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා...සැරක් කැවිලා වත්දෝ...???

මං ආයම ළං උනා...ඒ විතරක් නෙවෙ...මං එයාගෙ අත මගෙ අත් දෙකෙම්ම අල්ලන් පපුවට තද කරන් තුරුල් කරගන කදුලක් කියන නාමයක් මෝදු නොවුන ඇස් වලට කදුලු කැටයක් උනාගන්න ට්‍රයි කරන ගමන් මගෙ ඇහිබැමත් අකුලගන එයා දිහා ළං වෙලා බැලුවා ....

අනෙ සුදු අයියෙ නිකන් හරි අපෙ අප්පච්චි අපි දෙන්නව හොයාගත්තොත්...???ඔයාට ගහලා මාව අරන් ගියොත්????

මාව නම් එවෙලෙම මැරෙයි අනෙ ....විහිලු වෙනයි මෙව්වා වෙනයි අප්පා....

ඔයාට මං නැතුව ඉන්න පුලුවන්ද අප්පා....අපෙ අප්පච්චි මාවයි ඔයාවයි හොයාගන ඇවිත් මාව අරන් ගිහින් කොහෙ හරි හන්ගයිද අනෙ....

.......හන්ගන්න.....???

ඔ...ඔව්...ඔයාට එහෙම හිතෙන් නැද්ද....කොහොම උනත් එයා හිටපු ගමන් බාල්දි දානවනෙ.....මං අහන්නෙ ඔයාට මන් නැතුව ජීවත් වෙන්න පුලුවන්ද සුදු අයියෙ එහෙම දෙයක් උනොත්???

.......එහෙම වෙන් නෑ.....

එ...එහෙම වෙන්නෙ නෑ කියන්නෙ කොහොමද....එයා අනිවාර්‍ය්ම හොයනවා...අනිවාර්‍ය්ම හොයනවා...මේ...එක්කො අපි දෙන්නා බෝට්ටුවෙන් ඕස්ට්‍ර්‍රෙලියාවට යන්ද..

ඔයාට ඕන තරම් බෝට්ටුත් තියනවනෙ....අඩුම ගානෙ හිරේට දැම්මත් ඕස්ට්‍රේලියාවෙනෙ.....

"බෝට්ටුවලින් එපා ඕස්ට්‍රේලියවට එන්න....ඕස්ට්‍රේලියානු රජයෙ පනිවිඩයක්...."ඒ ගමන හරියන් නෑ....ඔහෙ දැකලා නැද්ද එන්න එපා කියනවා....

එහෙනම්...එහෙනම්...යන් යන් ගෑවට බඩත් රිදෙනවා....ඉක්මනට උත්තරයක් දියන්කො අඩේ....මට ඇදුම් දෙකතුනක් දාගන්න ඕන....එක්කො...අපි ඕස්ට්‍රේලියාව පැත්ත බලන් ලන්කාවට හබල් ගාමුකො...එතකොට හිතනවනෙ අපි එහෙන් මේහෙට පනිනවා කියලා...යෝ....සුනීත සෝපාක වගෙ මගෙ මූන දිහා බලන් නොයිද කියපල්ලකො අප්පා...

මැඩගස්කාර් යන්.....

ම්...මැඩගස්කාර් ???

ම්න්....

උ...උඹ මාව අරන් යන්නෙ දූපතකටද.....??

ආ අයියෙ..උඹ මාව අරන් යන්නෙ කන්ඩ බොන්ඩත් නැති දූපතකටද කියපන්කො....

ඇයි දැන් ඕන දුකක් විදින්න පුලුවන් කිව්වනෙ.....අර කිව්වෙ...ආදරෙ තියනවා නම් ඕන දුකක් උහුලන්නම් කියලා....හිරේ විලංගුවෙ වැටෙන්ඩ මට බෑ.....හිරේ වැටුනම මොකො පවුල් වෙන්ඩ දෙනවද.....ණෑනෙ...ඇරත් ඔහෙට ඔච්චර දුක් විදින්ඩ ඕන නෑ මොකුත් නොවුනා වගේ ගෙදරම උන්නා නම්....

එ..ඒ...න්...නෑ...නැ....මන් එනවා...මං එනවා...මැඩගස්කාර් බැරිනම් පැපුවා නිව්ගිනියාවට හරි...ඒත් බැරි නම් තූත්තුකුඩියට හරි එනවා.....එක්ක යමන්.....පොඩ්ඩබැරි වෙන්න බෑ...හිතෙ වේදනාවටනෙ අහන්නෙ.....මොකො මං කලින් පැනලා ගිය එකෙක් ඈ...

ම්න්....කලින් ගියෙ නැද්ද....??

අනෙ මේ...යටගියාව උඩට අරන් මගෙන් හොද පදෙන් අහගන්ඩ තමා ඈ.....කලින් ගියපාර ආවද උඹ මාව එක්ක යන්න...නඩෙ ගුරා කස්...තුරි මාමා බුදියලා මිසක්..

ම්න්...ම්න්...දැන් ශුවර් නේ........ගියාට පස්සෙ ඇඩිලි බෑ...ඇඩුවා කියලා වෙච්ච දේවත් වෙන්ඩ තියන දේවත් ආපිට හරිගස්සන්ඩ බෑ සුදු චූටි....උනොත් උනාමයි....හැබැයි දැන් උනත් කිව්වොත් සුදු අයියෙ විභහගෙ ගන්නකන් ඉවසන්නම් කියලා...මේ සුදු අයියා ආය උඹට වචනයක් කියන් නෑ.....දුරින් ඉද උඹ දෙස බලන්නම් වගේ තමා....හිත අයාලෙ නම් යන්නෙ නෑ...මැරුවත් උඹ විතරයි.....

......

.......

මට උඹ එක්ක යන්න එන්න ඕනනෙ අයියෙ......හැම වෙලාවෙම මතක් වෙනවා...පොතක් අතට ගත්තා උනත්....නිදාගන්න ගියා උනත්...කොටින්ම අහස දිහාව බැලුවා උනත් ...මහ මුහුද දිහාව බැලුවා උනත් මට උඹව මතක් වෙනවා අයියෙ.....මං එන්නම්...මට එන්න ඕන සුදු අයියෙ...මට එන්න ඕනනෙ........

එයා ආයම පාරක් ඇහුවා.....ආයමත් ඇහුවා...මේ තීරනෙ ගැන කිසිම දුකක් නැද්ද කියලා අහන ගමන් මගෙ ඔලුව අතගානවත් එක්කම මන් ඒ පපුවට තුරුල් උනා....මට එන්නම ඕනා කිය කිය ඉදිකටු තුඩවල් ගිලා බැස්ස පපුව රිදෙන බව දැන දැනම මං ඒ පපුවෙ ගිලෙන්න හැදුවා...

සමුද්‍ර...

ම්න්.....

මං කවදාවත් මෙ කතාව කියලා තියනවද.....

මොකක්ද??

උඹ ඇවිදින් දිව්‍ය ලෝකෙ ඉපදිලා මේ ලෝකෙට අහම්බෙන් කඩන් වැටුන මනුස්සයෙක් කියලා.....?

......මගෙ සිහත්...

හ්ම්.....උඹව අහම්බෙන් මේ ලෝකෙට කඩා වැටිලා...උඹත් එහෙමයි අපෙ අප්පච්චිත් එහෙමයි....තුරුල් උනත් ඇති මේ පපු අස්සෙ කල්ප කාලාන්තරේකට ඇතිවෙන්න නිවීම තියනවා සමුද්‍ර...පරම පවිත්‍ර ආදරයක් උනහම සර්වාංගෙ හැම ලේ නහරයක් පාසාවටම කාවදින්න ඕන සමුද්‍ර...බල නහරෙ බලලා ආදරෙ එන්නත් කරන්න ඕන.....දන්නවද.....ඔයා මගෙ හැම හීනෙකම ජීවත් වෙනවා සමුද්‍ර.....

හීන දකින්න නිදාගන්නම ඕන නෑ.....ඇස් ඇරගන පවා මං ඔයාව හීනෙන් දකිනවා සමුද්‍ර.....

මං උඹට පුදුම විදිහට බැදිලා....වහදාපු පාන් කෑල්ලක් දෙන්න කියපු දා වචන නුහුරු මං පිස්සෙක් වගේ කෑ ගැහුවට.....මං උඹ දිහාව එදා හරි ආදරෙන් බලාගන උන්නා ....අඩුගානෙ ඒ මොහෙතෙ මගෙ හිතට දැනුන හැගීමවත් තේරුමක් තිබුන් නෑ....ඒත් මං මෙ මොහොතෙ ඒ තේරුමක් නොවුන හැගීම මොකක්ද කියන්න මං ඕනාවටත් වඩා දන්නවා අයියෙ ...ඒකට කියන්නෙ ආදරෙ කියලා.....ඒකට කියන්නෙ අනන්න්තයක් නැති ආදර්‍ර් කියලා සුදු අයියෙ......

මං මහා දේවල් ඉල්ලන්නෙ නෑ සුදු අයියෙ ....මං උඹගෙන් රාජමාලිගාවල් මොනවත් ඉල්ලන්නෙ නෑ.....මං ඉල්ලන්නෙ ආදරෙ විතරයි....මන් හිතන්නෙ මං ඉපදිලා තියෙන්නෙම උඹගෙ පපුව වෙනුවෙන් විතරයි සමුද්‍ර.....

පන්ඩිත වෙලා ....ඇයි මේ ම්ම්ම්ම්ම්.....එක තත්පරේකට උඹට මොකද උනේ...දන්නවද උඹගෙ විකාර කතා අහලා අහලම පදම් වෙච්ච මට බර වචනයක් පිටවෙනකොට උඹව ඉඹලා මරන්න හිතෙනවා.....ඇයි මේ ...ම්ම්ම්..මට උත්තරයක් ඕන....උඹ මේ විදිහට හැසිරුනොත් මට උඹව දැම්මම උස්සන් යන්න වෙයි අමාකර.....

කියපන්....ඇයි මේ...ම්ම්....උඹගෙ බර වචන ටාගට් කරන්නෙම මගෙ ආත්මෙ මගෙ සිහත්...

මං හිනා උනා...කොයි වෙලෙත් නහර උලුප්පන් විකාර කතා කියන මං ඉදලා හිටලා ආදර මාත්‍රාවෙ ලිමිට් පන්නපු හැම වෙලාවෙම මං බලාගන ඒ ඇස් යන්තමට රතුවෙලා ආදරෙ පිටාර ගලනවා....

පන්ඩිත කම නෙවෙ.....මං ඔයාට ආදරෙයි.....සුදු අයියා දන්නවද.....මට උඹ වෙනුවෙන් මැරෙන්නත් පුලුවන්.....

ම්න්...ඇත්තට....මට උඹ වෙනුවෙන් නිකන් මැරෙන්න නම් බෑ...හැබැයි උඹව මගෙන් උදුරගන්න ඕන කියන සිතුවිල්ලක් හරි වෙන එකෙක්ට ආවොත් මට ඌට මිහිපි අපාය පෙන්න පෙන්න මරන්න පුලුවන් ...උඹ මගෙ අමාකර.....උඹ මගෙ කියන්නෙ මගෙම විතරයි...ආය මගෙන් එහා නන් බෑ....මං එන්නම් ම්ම්ම්....

මං හිනා උනා ...හිනා වෙලා යන්තමට වගෙ ඒ පපුවට හාදුවක් තියපු මං එයාවත් දාලා කාමරෙන් ඉලියට දුවන්න හදලත් ආපිට දොරකොඩ ගාව නැවතිලා එයා දිහා හැරිලා බැලුවා.....

එයා උන්න විලාසෙ දැක්කත් ඇති මගෙ බඩපුරාවටම සමනල්ලු කෝටි ප්‍රකෝටි ගානක් පියාඹන්න ගත්තා.....ඒ චුට්ටකින්ම එයා කටකොනකින් හිනා වෙනගමන් යන්තමට වගේ ඔලුව දෙපැත්තට වනන ගමන් අර සරම් දෙක අතට අරගන මගෙ දිහා බැලුවා...

.රිදවන්න එපා කියලද කිව්වෙ ම්ම්ම්...සුදු චූටි හරි සර්වාංගෙන් එකතුවෙනකොට රිදෙනවා ...ඒත් ආත්මෙන් එකතුවෙනකොට මං කවදාවත් අහලා නෑ රිදුන තැන් තිබුනා කියලා කොහේවත් ලියවිලා තිබුණා...ඇගටද.....පපුවටද...මන් අහන්නෙ මාව දරන්නම පුලුවන් තැන කෝකද රත්තරන්ට ම්ම්ම්ම්.....?

උඹ මගෙ නමටත්...මං උඹගෙ නමටත් සින්න වෙච්ච දා ඉදන් ආත්ම සර්වාංග දෙකටම දරන්න පුලුවන් සුදු අයියෙ....

පන්ඩිතයා....මගෙ!

දන්නවද ...ආදරෙ කරන එකට වඩා විදින්න පුලුවන් ප්‍රේමනියම හැගීම මොකක්ද කියන්න...ආපිට ඊට වඩා ආදරේකට පාත්‍ර වෙන එක.....!

*

*

*

ඔයාට දොයිය මතක් එනව නම් පසනා දොයිය කරවන්නද ටිකිරියො...තව කටලිස් එකක් කන්ඩකො...ඔහෙ කෑවෙ නෑනෙ...මෙව්වා අපෙ ලොකු පප්පගෙ මෙව්වා එකෙන් ගෙනාවෙ...පප්පා තාත්තා පසනට කිව්වා ඇති වෙනකන් කාපිය කියලා...තව ටිකෙන් ඩීජේ එකත් ගහන්ඩ පටන් ගන්නවා...සයුරියට ඩීජේ එකක් ඕනා කියලා මැරෙන්ඩ හැදුවනෙ....ඒකිට කාබරේ අස්සෙ ඉදලා මාන්දමද කොහෙද....

පසනො...චූ බරයිනෙ.....පුතාට චූ බරයිනෙ....ඔවූ....සන්කූක් බීල පුතාට දැන් හුගක් බරයිනෙ...

ඔහෙට චූ බරයිද......චූ කරලා පප්පා ගෙනාපු සෙල්ලම්බඩ්ඩ බලනවද....නැත්තන් සෙල්ලම්බඩ්ඩ බලලා ගිහින් චූ කරනවද....?ආ....මේන් වැඩක්....කැත තාත්තෙ ඔහෙ මොකො අපෙ තාත්තගෙ කාබරෙ අස්සෙන් මතු වෙන්නෙ ..අපෙ තාත්තා ඇතුලෙයි....තාත්තෙ .....ඔහෙ ඇතුලෙද.....තාත්තෙ.....

පසනා....

තාත්තෙ...මගෙ ටිකිරියට චූ බරක් ඇවිල්ලා...මෙයැයිට දොයිය මතකකුත් එන කතාවක් දෙඩ්ඩා....මොකො කියන්නෙ ඔහෙ...මං මෙයැයිව ඔහෙ මාව දොයි කරනවා වගෙ කරන්ඩද...?

මං උන්නෙ දහසක් කතා කියලා කියලා අද රෑ ගැන දහසක් ජාති හීන මව මව නියපොත්තකුත් හප හපම සුදු අයියගෙ කාමරෙන් එලියට එනගමං වෙනකොට මොන මගුලටද මන්දා කානුවගෙ අත කිටි කිටියට අල්ලගන උන්න බෙදුම් කට්ටක් වෙන්න ආසාවෙන් ඉදල අම්මගෙ කීමට දරුවෙක් වෙලා උන්න මගෙ අනාගත දරු පැංචා මගෙ මුනට මුනිච්චි උනා....

පසනා අපේ එකාව කිටි කිටියට මිරිකන් ...මහ එකා වගෙ අරකා අපේ එකාට කන්ඩකො කන්ඩකො ගානවා මදිවට ඌව නිදි කරවන්නත් අහනකොට මං අවස්තාවෙ හැටියට අද පසනත් එක්ක ඇරගන්නෙ නැතුව ඉන්න තීරනෙ කෙරුවා.....

මූ ඉතින් මගෙ පුතානෙ දැන්....

තාත්තා කාමරෙ ලමයො....ඇයි මැරෙන්ඩ හදන්නෙ.....

මැරෙන්ඩ හදන්නෙ...කව්දැයි මැරෙන්ඩ හැදුවෙ....මෙයැයි තමා මැරෙන්ඩ හදන්නෙ...චූ බරලු....දොයිමතලු...නේ ටිකිරි.....ඔහෙ නේද මැරෙන්ඩ හැදුවෙ.....

ඉවසපන් පපුව....අනෙ ...ඉවසපිය...අද රෑට පවුල් වෙන්ඩ ඉන්න එකේ මූට ගහලා පොල්ල වරද්දගන්නෙ නැතුව ඉවසපිය.....

මං නෙවෙ වචනයක් කිව්වෙ....ඒත් පසනගෙ වක්කඩෙ හැටියට කට වහන් ඉදලත් නෙවෙ හරියන්නෙ.....

ම්හුක්...කැතයො....පුතාට බරයිනෙ....ඉන්ඩ බෑනෙ.....අම්මියා කිව්වනෙ පුතාට පසනා එක්ක යන්ඩ කියලා.....

ඕන් ඇහුනනෙ....සුදූ කිව්වා මෙයැයිට මා එක්ක යන්ඩ කියලා...ඔහෙ එන්ඩ ටිකිරියො.....අනික තව ටිකෙන් නටන්ඩ පටන් ගන්නවා.....අරකිට නටන්ඩත් ඕනලුනෙ...තාත්තෙ.....ඔහෙ ඇතුලෙ ඉදන් දොරත් වහන් බුදිද අප්පා.....දොර ඇරලා තියන්ඩ හරිය....අපි චූ කරන් එනගමන් එනවා සෙල්ලම්බඩ්ඩ බලන්ඩ.....එන්ඩ ටිකිරි....

තනිකරම වැල්ලවීදීයෙ පොල වගේ .....පසනගෙ කට තනිකරම වක්කඩට හපන්.....වෙනදට නම් පසනට අන්ත කියවන් කියවන් යන මම අද ඌට ඕන මගුලක් කියාගන්න කියලා සමනල්ව අතින් අල්ලන් යන දිහාව බලාගන උන්නා....

අනෙ මන්දා මගෙ පපුවෙ පැත්තක් යන්තමට කකියාගන එනවා...පසනා කිව්වත් වගේම මං එලියට ආවෙම හේතු නැතුවම සුදු අයියගෙ කාමරෙ දොරත් වහන් වෙනකොට අරූ දොරට තට්ටුවක් දාගන යනවත් එක්කම උන් දිහා බලාගන උන්න මං සමනල්ට කතා කෙරුවා....

අනෙ මට මූව දාල යන්ඩ බෑ වගේනෙ.....

චූටී....

කොයිවෙලෙත් කානුවා...කානුවා කියන....කටට එන හැම වචනෙම්ම අපහාස කෙරුවත් මගෙ චූටි මල්ලිට ආදරෙ තරම දන්නෙ මමම විතරක්ම වෙනකොට පසනා එක්ක යන කොල්ලට චූටි කියනවත් එක්කම ඒක හැරිලා බැලුවා...

ඇබිත්තන් මූන....වයසෙ තරමට නෙවෙ උනට් කොන්ඩ කුරුල්ලා වගේ කොන්ඩ ගස් දෙක තුනක් ඉස්සරහි උස්සන් උන්න සමනල් යන ගමන නවත්තලා මගෙ දිහා හැරිලා බැලුවා ..අනෙ මගෙ හීනියට ගියපු හිරිය මගෙ පපුවම මිරිකලා දැම්මා.....

අමාරුම වෙලාවලදි ළඟින් ඉන්නවා මිසක...අයියලා කවදද ආදරෙයි කිව්වෙ කවදද බදාගන....

ඇයි ...කැතයො....ඇයී....

සමනල් ඇයි අහනවා...එක අතකින් ඔලුව කස කස ආයම පසනා දිහා බලනවා...උන් දෙන්නා ගාවටම ගියපු මං ඒ ඉස්සරහා දන ඔබාගන සමනල් දිහා බලාගන උන්න මං මගෙ පිට අල්ලෙන් ඒ චූටි මූන පිහදැම්මා....ඇදුමෙ.ඇද තැන් හැදුවා.....බැරිම තැන මං ඌව ඇදලා අරන් බදාගත්තා...පපුවටම තියලා මිරිකගත්තා ඒ විතරක් නෙවෙ මං පසනවත් ඇදලා අරන් තුරුල් කරගත්තා........පපුව රිදෙනවා....කියාගන්න දේවල් කටට ආවත් මට කියාගන්න හිතක් නැති උනා...මගෙම තෝර ගැනීම් යන්තමට යන්තමට මාව රිදවනකොට ආය මේ මූන බලන්න කවදා වෙයිද නොදැන මං සමනල්ගෙ කම්මුල ගිලා බහින තරන් හාදුවක් තිබ්බා ඒ එක්කම මෙච්කර

වෙලාම වැහිලා තිබ්බ දොර ඇරුනා.....සුදු අයියා එලියට ආවා....

සිහත්.....තව වෙලා තියනවා....දැන් උනත් තීරනෙ වෙනස් කරගන්න පුලුවන් ....

නෑ....ඕන් නෑ මං එනවා....

ම්න්...කැමැත්තක්...හැබැයි ආවට පස්සෙ අඩන්න බෑ තේරුනාද ...ආවට පස්සෙ හූල්ලන්න බෑ....තේරුනාද...මං උඹට තේරුම් කරන්න පුලුවන් හොදම විදිහටත් තේරුම් කෙරුවා බබා හොදද....

හුම්ම්ම්...මං අඩන් නෑ....ඔයා එක්ක ඉන්නකොට මොකටද මං අඩන්නෙ .....??

මං විරිත්තුවා.....අරුන් දෙන්නා අත් අල්ලන් යන්න යනවත් එක්කම මගෙ තීරනෙ ගැන කිසිම පසුතැවිල්ලක් නෑය කියපු මං එයාටත් විරිත්තන් එලියට දිව්වා.....

මං මොකටද පසු තැවිලි වෙන්නෙ...අපෙ මිනිහට පිස්සු .....ඩින්ගිරිත්තක් ඉමෝසනල් උනාට යන්න බෑ කිව්වෙ කව්ද....ඇයි යකො...පිස්සුනෙ.....

තව චුට්ටෙන් ගිහින් ඇදුමක් දෙකක් බෑග් එකට ඔබාගන්නවා....ඔය කිව්වට අප්පච්චිගෙ සරම් දෙක තුනක් වත් අරන් යනවා.....සරම් දෙකක් ඇති ඇති ගෑවට ඉතුරු දවස් හෙලුවෙන් ඉන්නද.....අපෙ අම්මත් එහෙමනෙ කොහෙ හරි යනකොට අප්පච්චිට බනින්නෙ...ඇති ඇති ගෑවට අම්මා එපැයි තව සරමක් දාගන යන්න...

අපෙ අප්පච්චි එක්කම ඉදලද මන්දා මේ මිනිහා අපෙ සෝලගංගයගෙ ටයිප් වෙන්න එනවා..හිටපන්කො කසාදෙ උන ගමන් උඹව මං උඹව අප්පච්චිගෙන් ඈත් කරනවා...යකො අලුත් නැවක් මූදට දැම්ට හපන්නෙ ....මාමයි සුදුපුතයි නියම් කපල් එක වෙලා මාව අනියම් වෙනවනෙ.....

හිටපන්කො....හිටුකෝ...

අ...ආහ්.....ආ...ස්....ස්...සමාවෙන්න.....

අමාකර.....??

හතර අතම පාට පාට ඩිස්කො ලයිට් එලි වදිනවා..නියෝන් එලි වදින වදින හැම තැනකම ඒ පලාතම නියෝන් පාටගන්නකොට මං බලාගන සයුරියා අතේ තිබුන මල් එක පැත්තක දාලා පිගානක් බදාගන මොනවදො ගිලිනවා.....පැත්තක උන්න ඒකිගෙ අම්මයි සිගිතියයි පුලුවාන් තරම් සයුරියගෙ ඇද හොය හොය හද හද ඒකිගෙ කට පිහනවා...

හතර වටින් වදින ලයිට් එලිවලට වඩා අන්තව දිලිසන රත්තරන් තලි කනෙ කරේ එල්ලගත්ත දික්වැල්ලෙම මාළුකාර රෑන අර ගෲප් එකෙ සද්දෙටත් වඩා හයියෙන් හිනාවෙවි කකා බිබි උන්ගෙම ලෝකවල ඉන්නකොට සුදු අයියා ගැනම විතරක් කල්පන කර කර ආව මාව කාගෙ හරි ඇගක හැප්පිලා හොම්බෙන් යන්න ගියා....

ඒත් හොම්බෙන් යන්න ගියා විතරයි මාව වැටුන් නෑ.....මට දැනුනා මාව කාගෙ හරිම ඇගකට තද උනා...ඒ එක්කම අර සෙනග ගොඩෙ ලයිට් එලි මැදම වැටෙන්න ගියපු මාව අල්ලගත්ත ආගන්තුකයා දිහා බැලුවා...

අ...අයියෙ...

ඒ අගනතුකයා වෙන කවුරුත් නෙවෙ...මේ වෙනකන් වචනයක් කතා කරලා නැති වගේම අඩුම ගානෙ නමක් වත් නොදන්න,ඒ උනත් මිනාල්ගෙ පන්තියෙ මිනාල්ට එහාපැත්තෙන් ඉදගන්න කොල්ලා...

ඒ කොල්ලා කොහොමද මෙහෙ....එයා සුදුඅයියගෙ නෑයෙක් වත් ද....නෑ එහෙම උනා නම් මට අරූ මෙච්චර දේවල් කරනකොට නිකන් ඉන්නෙ නෑනෙ...

ඒ නැත්තන් යාලුවෙක්...යාලුවෙක් උනා නම් කිරියලා නොදන්නෙ නෑනෙ...

බිස්නස් පාර්ට්නර් කෙනෙක්.....??ඒත් ඉතින් මෙතන ඉන්නෙ සුදු අයියගෙ අයම විතරක් නෙවෙනෙ.....හැදි පරම්පරාවක්ම ඉන්නවනෙ...

යකො මං නම නොදන්නව උනාට මගෙ නම මේකා දන්නවනෙ....

වෙලහට අරූ සයන්ස් එක පුරාවටම මාව සේල් දානවද දන්නෙ නෑ.....මං ඒකගෙ කසාද ගෑනි කියනවද දන්නෙ නෑ...ඌට ඒ තරම් පිස්සු...

සමාවෙන්න...මං දැක්කෙ නෑ....

ඒක එච්චර දෙයක් නෙවෙ...ඔයාට කරදරයක් නෑනෙ?

තත්පර ගානක් එයාග් මූන දිහා බලන් උන්න මං ඉක්මනට ඒ ඇගෙන් ඈත් වෙලා සමාව ඉල්ලනවත් එක්කම මේ තත්පරෙ වෙනකනුත් මගෙ දිහා බලාගන උන්න එයා ඒක එච්චර දෙයක් නෑ මට කරදරයක් නෑනෙද අහනගමන් දාගන උන්න කන්නාඩි දෙක නාස් පොල්ල ගාවින් චුට්ටක් උඩට කරගත්තා.....

(ඩෙලාම් නිරේෂ දොඩම්තැන්න)

අ...අයියෙ....තරහා නැත්තන් දෙයක් අහන්නද....?

අහන්න...මොකක්ද?

මට දැන් දැනගන්න ඕන.....එයා සුදු අයියගෙ කාගෙ කව්ද කියල නෑකමක් තියනවද කියලා දැනගන්න ඕන....

ඔයා අපෙ සමුද්‍ර අයියගෙ කවුරු හරිද....මං අහන්නෙ ඔයා මෙයාලගෙ නෑ වෙන කවුරු හරිද....වැරදියට හිතන්න එපා...මං ඔයාව ඉස්කෝලෙදි දැකලා තියනවා මිනාල් එක්ක ඉන්නවා....මං ඔයා එක්ක කතා කරලවත් නෑ....ඒ තියා නම වත් දන්නෙ නෑ....ඉතින් එහෙම කෙනාව මෙහෙදි දැක්කම....ඒකයි....

නිරේෂ.....මං කිව්වෙ මගෙ නම ඩෙලාම් නිරේෂ....අප්පච්චි මිස්ටර් හැන්නදිගේගෙ බිස්නස් පාර්ට්නර් කෙනෙක්...මං කිව්වෙ සමුද්‍ර නෙවෙ.....එයාගෙ අප්පච්චි.....

අ..ආඅ.....ඒකනෙ...ඒක තමයි....ඔයා මෙයාලගෙ නෑදෑ කෙනෙක් නම්.......දන්නවනෙ...ඇරත් ඔයා එහෙම නෑයෙක් උනා නම්....

මිනාල්ට කරදරකරන්න දෙන්නෙ නෑනෙ නේද.....?

අ..ආ....

කතා බහනොකෙරුවට මට ඇස් දෙකක් තියනවා අමාකර.....වයින් ....?

එපා මං බොන්නෙ නෑ...ස්තූතියි

එයා අපිගාවින් ගියපු වේටර් කොල්ලගෙන් රතු වයින් ග්ලාස් එකක් අරගන්න ගමන් මගෙ දිහාවට දික් කෙරුවා ....එපා කියපු මං අතෙ තිබුන වයින් ග්ලාස් එක කරකවන ගමන් ඒ දිහා බලාගන ඉන්න ඩෙලාම් මොනවා හරි කියයි කියලා බලාගන උන්නා...එයා මිනාල් ගැන කිව්වා...එයා සමුද්‍රගෙ නෑයෙක් උනා නම් මිනාල්ට කරදර කරන්න දෙන්නෙ නෑනෙ නේද අහනවා.....

ඔයා මොනවා හරි මා එක්ක කතා කරන්න තියනවා නම්....කතා කරමු....

කැමති නන් අපෙ ටේබල් එකට යන්...නැත්තන් ඔයාලගෙ එකට

නෑ අපි වෙන තැනකට යන්....මට ඔයා එක්ක කතා කරන්න හුගාක් දේවල් නෑ....ඒත් ඔයා මිනාල්ගෙ යාලුවෙක් නම්....මට ඔයා එක්ක වචනයක් දෙකක් කතා කරන්න ඕන.....

මං එයාට වෙන තැනකට යන් කිව්වා.....මටත් වඩා උස...මිනල්ගෙම ගානට උන්න තලෙලු හමක් වගේම අමුතු ලස්සනක් තියන කන්නාඩි දාන මේ කොල්ලා ඇදන් උන්නෙ තනිම කලු අත් දිග ශර්ට් එකක් වගේම කලුපාට රෙඩිමේට් කලිසමක් එක්ක ගෝල්ඩ් පාට වොච් එකක් වෙද්දි එයා අතේ තිබුන වොච් එක දිහා බලලා හිස් ටේබල් එකක් පෙන්නනවා එක්කම මං එයා පස්සෙන් ඇදුනා...

ඉදගන්න...වයින් බොන්නෙත් නැත්තන්...සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගමු....මට අපහසුයි ඔයා කිසි දෙයක් නොබී ඉද්දි වයින් එක ගන්න...

ස්තූතියි.....

තත්පරයක් ගෙවෙන්න ඇති.....ඒ තත්පර්‍රෙට තවත් තත්පර දෙක තුනක් එකතු වෙන්න ඇති....මිනාල් ගැන වචනයක් දෙකක් කතා කරන්න ආව මං ග්ලාස් එක කරකව කරකව එක උගුරක් රස බලපු එයා දිහා බලාගන ඉදලා කතාවට හරිබරි ගැහුනා....

මං සමුද්‍රට ආදරෙයි ඩෙලාම්.....ඒ වගේමයි සමුද්‍රත්.....අපි අපිට ආදරෙ කරනවා....වැරදියට හිතන්න එපා....ඉස්කෝලෙදි දැක්කත් වචනයක් කතා නොකර....අදම නම දැනගත්ත ඔයාට මන් මේ දේවල් කියන එක ගැන මොනවත් හිතන්න එපා....ඒත්....මං හිතනවා ඔයා එයාගෙ යාලුවෙක් වෙන්න ඇති කියලා....

නෑ....

න්...නෑ...?ඔයා එයාගෙ යාලුවෙක් නෙවෙද....

ම්ම්ම්ම්...නෑ....මං යාලුවෙක් උනා නම් මං එයා ඉන්න හැම තැනම ඉන්නවා....එදා ස්ලැබ් එක උඩදි ඔයා මං ඉන්නව දැක්කද...

මං ඔලුව දෙපැත්තට හෙලෙව්වා....ඇත්ත මං එයාව එතනදි දැක්කෙ නෑ....මිනාල්ගෙ යාලුවෙක් නෙවෙ කියපු එයා අනිත් පාර කකුලක් පිට කකුලක් දාගන බෙල්ලෙ තිබුන මාලෙ අයි අකුරක් කැටයම් කරාපු පෙන්ඩන්ඩ්ට් එක ඇගිලි තුඩින් පිරිමදින ගමන් ආයම මගෙ කතාව අහන්න හරිබරි ගැහුනා....

නෑ....මං ඔයාව දැක්කෙ නෑ....

මං එතනට ආවෙ නෑ....මිනාල් පිලිගන්නෙ නැද්ද ඔයා සමුද්‍රට ආදරෙයි කියන එක.....

නෑ.....මං සුදන වෙන්න යනවා නෙවෙ....දෙයක් කියනකොට මං මගෙ පැත්තෙන් වෙච්ච වැරදි තැන් වහලා කියන මනුස්සයෙක් නෙවෙ ඩෙලාම්.....කතාවක් ඇතුලෙ හැමපාර්ශවයක්ම සීයට එකක් හරි වැරදි.....මාත් එහෙම මනුස්සයෙක්....හිතේ වේදනාව හන්දා මගෙන් පිට උන වචන දෙක තුනක් හන්දා මං දැන් පුදුම විදිහට විදවනවා....

.......

සමුද්‍රගෙන් තරහක් පිරිමහන්න් හිතාගන මං මිනාල්ට කැමතියි කිව්වා.....මගෙ ආදර්‍ර් හැමදාම තියෙන්නෙ සමුද්‍රට විතරක් බව දැන දැනම මම මටම වලක් කපාගත්තා....මිනාල්ගෙ හැටි දැන දැනම මම මිනාල්ට බලාපොරොත්තු දුන්නා.....ඒත්...ඒත් මන් ආපිට ඒ වචන ගත්තා ඩෙලාම්.....

මිනාල් ඊට කලිනුත් දැනන් උන්නා මන් සමුද්‍ර එක්ක යාලුයි කියන්න.....ඒත්.....එයා ඒක පිලිගන්නෙ නෑ.....මිනාල්ට මං දිවුරලා කිව්වත් එක පිලිගන්නෙ නෑ...

එයාට තේරුම් ගන්න බෑ.....මේක මට හරි මහන්සී ඩෙලාම්...මිනිමරාගන්න මට බෑ....සමුද්‍රගෙ හැටිත් මං දන්නවා...මිනාල්ගෙ හැටිත් මන් මේ වෙනකොට තේරුම් අරන් තියනවා....ඒ වගේම මන් මගෙ අප්පච්චිගෙ හැටිත් දන්නවා....එයා ඇයි ඩෙලාම් තෙරෘම් නොගන්නෙ....

තේරුම් නොගන්නවා නෙවෙ....එයාට තේරෙනවා.....පිලිගන්නෙ නෑ නෙවෙ...

පිලිගන්න බැරි වේදනාව හන්දා මුරන්ඩු වෙනවා....

ඩෙලා...ම්.....

හ්ම්....මං එයාගෙ හැටි දන්නවා අමාකර.....දෙයක් ඕන කිව්වොත් ඕනම වෙන.....ලැබුනොතින් ආය පිස්සුවෙන් වගේ ආදරේ කරන මිනාල්ගෙ හැටි මං දන්නවා...මිනාල් කියන්නෙ ප්‍රේමනීය හිතුවක් කාරයෙක්....වැඩේ කියන්නෙ.....එයාට ඕන සමුද්‍රට අයිති මනුස්සයවම උන එක....ඌ හිතුවක්කාරයි....

.....

ඌ ඔයාට පිස්සු වැටිලා.....පිස්සුවෙ තරම කියන්නෙ ඌ සෙක්ශන් එකත් මාරු කරන තරමට පිස්සු වැටිලා...ඌ මැත්ස් එකෙන් ආර්ට් එකට එන්න හදන්නෙ....

කැහ්...කැහ්...ක්...ක්...කැහ්....කැහ්.....

හෙමින්...ඇයි මේ.....

බිබි උන්න දොඩම් උගුර මට ඉස්පොල්ලෙ ගියා.....මිනාල් ගැන කියව කියව වයින් ග්ලාස් එක කරකවන ගමන් උන්න එයා අරූ සෙක්ශන් එක මාරු කරනවා කිව්වා විතරයි ගිලින්න ගියපු දොඩම් උගුර මට පිට උගුර්‍ර් ගියා..කොටින්ම මන් එයාවත් තෙමාගනම කහින්න ගත්තා.....

කැහ්...කැහ්.....සෙක්ශ.....කැහ්....කැහ්....

අමාකර.....ආ..මේකෙන් පිහදගන්න.....

එ..ඒකට පිස්සුද ඩෙලාම්...එහෙම වත් අහන්න...ඌට පිස්සුද....මන්දා දෙයියනෙ...ඌට සහලවම පිස්සු...සෙක්ශන් එක මාරු කරන් ආර්ට් එකට ඇවිත් මොනමගුල කරන්නද...මේක හරියන් නෑ...මං මන්...

ඔය වැඩේ තේරුමක් නෑ අමාකර....ඔයා කියන්න හදන්නෙ ඉස්කෝලෙ මාරු කරන්න හදනවා කියලා නම්...වැඩක් නෑ.....යන්නෙ කොහෙද පස්සෙන් එනවා...මන් දන්න හින්දා කියන්නෙ....ඇස් මානෙන් ඈතට ගියොත් ඔය මනුස්සයා ඔයිට අන්ත දරුනු මනුස්සයෙක් වෙයි.....

ඒ කියලා ඔයා කියන්නෙ මට ඒ යකා කරන කියන ඔක්කොම කරබාගන ඉවසන් ඉන්න කියලද ඩෙලාම්...ඒ මනුස්සයා ඇයි ඔහොම...ඇයි එයා ඔහොම හැසිරෙන්නෙ.....

......ආදරයක් ඕන හන්දා....ආදරයක් ඕන වෙන එක වැරදි නෑ.....ඒත් එයා ආදරෙ හොයන තැනයි මෙතන වැරදි.....මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙනවා....මිනිස්සු ආස්‍රෙ කරන මිනිස්සු එක්ක වෙනස් වෙනවා...ඇහැට කනට ඇහෙන දකින දේවල් එක්ක වෙනස් වෙනවා...මං දන්න තරමින් මිනාල්ට කිසිම අහේනියක් නෑ අමාකර....මිනාල්ට සල්ලි වලින් අඩුවක් නෑ....සල්ලි සුදු උනත්...කලු උනත්....සල්ලිමයි.....කෑමෙන් බීමෙන් මේ කිසි දේකින් වත් අහේනියක් නැ.....

එහෙනම්.....එහෙනම් ඌට මොන මගුලද ඩෙලාම් අඩු....මගෙ අප්පච්චි ඕඅයිසි කියලා අපිට හතරමහ නිදානෙ පහල වෙලා නෑ ඩෙලාම්....තව චුට්ට දවසකින් මටයි මගෙ මල්ලිටයි නලවන්න තව මල්ලිලා තුන්දෙනෙක්ම එනවා.....ලස්සනට ඇදපැලදගන උන්නට අපිට ප්‍රශ්න නැතුව නෙවෙ අයියෙ....අපිටත් ප්‍රශ්න එනවා.....මං නොදැනුවත්ව මගෙ අම්මට අප්පච්චිට සල්ලි ප්‍රශ්න එනව ඇති....ඒ දෙන්න්න හැම ප්‍රශ්නෙම කාමරෙ ඇතුළට අරන් ගිහින් සාලෙට හිනාව විතරක් අරන් එනවා....මං මෝඩයෙක් නෙවෙ...මට ඔව්වා දැනෙන්වා....මං කවදාවත් මහාපරිමානෙන් සැප විදින්න ඕන කියන් නෑ...අඩුම ගානෙ අපි බලාපොරොත්තු වෙන්නෙ විදින්න තියන දුකෙන් සීයට පනහක් හරි අඩු කරලා විදින්න ලැබෙනවා නම් කියන එක...ඔයා කියනව මිනාල්ට කිසිම දේකින් අහේනියක් නෑ කියලා ..එහෙනම්....ඩෙලාම්...එහෙනම්...?????එයාට මොනවද අඩු අයියෙ....

ආදරෙ...මිනාල්ට තියන එකම අහේනිය ආදරෙ....මිනිස්සු කොච්චර ඉල්ලුවත් ආදරෙ ලැබෙන්නෙ නැත්තන් උන් වැරදි විදිහට හරි ආදරෙ ලබාගන්න බලනවා අමාකර...ඌ ඔයාගෙනුත් ඔය හොයන්නෙ ආදරෙ...හොයන විදිහෙයි අවුල තියෙන්නෙ

මං එහෙම්ම මගෙ අත් දෙකෙම්ම ඔලුව බදාගත්තා....මගෙ දිහා ඇස් යටින් වගේ බලාගන උන්න එයා අතෙ තිබුන වයින් ග්ලාස් එක මේසෙ උඩින් තියලා මිනාල් ඔය හොයන්නෙ ආදර්‍ර් කියලා කියනවත් එක්කම මං දෑතින්ම මගෙ ඔලුව බදාගන මේසෙට වාරු උනා.....

කෑම සුවදවල් එන්න එන්නම වැඩි වෙනවා...පත්තුවෙන රතිඥ්ඥවල කරදරෙත් අහවරක් නැතුව යනවා.....එකක් ඉවර වෙනකොට එකක් කඩන කොකාකෝලා ස්ප්‍රයිට් වල සූ ගාන සද්ද මැද ගෑනු අත්වල තියන වලලු සර බර ගගා වෙනම කතා කියද්දි ඔලුව බදාගන උන්න මන් අනිත් පාර එයා දිහාවට හැරිලා ඒ අත් දෙකම මගෙ අත් වලින් අල්ලගත්ත....

ඩෙලාම්....පින්සිද්ද වෙයි...ඔයාට බැරිද...ඔයාට් බැරිද එයාගෙ හිත වෙනස් කරන්න....එක්කො මේක මගෙ මරනෙන් කෙරවල වෙයි ඩෙලාම්....

.........

එයා දන්නවා...මං මොනතරම් සමුද්‍රට ආදරෙ කරනවද කියන්න....එයා දන්නවා මාව අයිති සමුද්‍රට කියන්න...ඒත් සමහර දේවල් තියනවා ඩෙලාම්....මොලේට තේරුම් ගියත් ඒ ඇත්ත හදවත තේරුම් ගන්නෙ නැතිවෙන.....මිනාල් අන්න ඒ වගේ කෙනෙක්...මිනාල්ගෙ මොලේට තේරුම් යන සමහර දේවල් හදවත පිලිගන්නෙ නෑ...

........

එයාට කවදාවත් ආදරෙ කරන්න කෙනෙක් උන්නෙ නැද්ද ඩෙලාම්.....

මං එයාගෙන් මිනාල්ට ආදර්‍ර් කරන්න කෙනෙක් නැද්ද ඇහුවා...මෙච්චර දේවල් කියනකනුත් අහන් උන්න එයා අනිත්පාර බරම බර හුස්මක් අරගන එක පාරම මගෙ දිහාවට බරවෙලා මගෙ නලලට වැටිලා තිබුන කෙස් ගස් දෙක තුනක් මගෙන් නාහම අහක් කරලා ලාවට හිනා උනා....

උන්නා.....එයාට ආදරෙ කරන්න කෙනෙක් උන්නා.....

එයා කෝ.....

අපි ඒ ගැන කතා නොකර ඉමු අමාකර....ඒක ගැන අපි මොනවත් කතා නොකර ඉමු...මොනවා උනත් මිනාල් කියන්නෙ ඔය කියන තරම් නරක මනුස්සයෙක් නෙවෙ අමාකර.....මං එයාට තේරුම් කරන්නම්....මට පුලුවන් උපරිම මං එයාට කියන්නම්...

ස්තූතියි .....මේ වෙලාවෙ හැටියට ඔයාගෙ වචනත් ලොකු හයියක් ඩෙලාම්.....පුලුවන් නම්.....ඔයාට ...නෑ එක්කො ඕන නෑ මං හිතන් නෑ ආපහු මිනාල්ට මාව දවස ගානෙ හම්බවෙයි කියලා.....ඒක හින්දා මං මීට එහා එයා ගැන හිතලා ඔලුව නරක් කරගන්නෙ නෑ.....කොහොම උනත් ඔයාට ගොඩක් ස්තූතියි එක වචනයක් හරි මා එක්ක කතා කෙරුවට...

...........

*

*

.

*

හ්..හෙළ.....ජාතික.....අබි....ම....හ....නේ...හ්...හෙළ...ජා....තික...කැහ්.....අභිමා...නේ....වැදු...හෙළ...මව්...බිම...සව්....සිරියෙ...අතෑරපන්...තොපෙ..දඹානෙ....මහ....එකා.....මාව.....දඩු කදේ ගැහුවා...මහ...කැකුලා...පරයා .....ගිනි පිඹපන්...පිට....කහපන්.....ගිනි ...පිඹපන්....පිට කහපන්.....කියනකොට...මාත්...ඕකට....ගිනි....පිඹ...පිඹ....පිට...කැහුවා....ගිනි....අවු....වෙ...දඩු...කදෙ...ගැහුවා....ඇයි...ඒ.....ආ....ඇ....යී....ඒ...

ලියන ගේ.....ඕයි.....ඉදගන්නවා ඔයි.....ඉදගන්නවකො ....මේ වාහෙට ආව වෙලේ ඉදන් වෙරි.....ආව වෙලේ ඉදන් සිහිය පත නෑ...කිරියා...මේ මහ එකාව අල්ලගන්.....කෙලින් ඉදුකො අඩා....මේ බලකෝ...මූ....මාව...ලැජ්ජා කරනවනෙ...කිරියා මේකව ඉන්දපිය....

අප්පච්චි....අඩෙ ඉදගන්කො.....සුකු මේ බලනවකො....මෙයැයි නාගසලන් වෙලා...

අත....අතෑරපිය....පොඩි පරයා....තෝ ...ත්...තනිකරම....දඹා...නෙ එවුන් .වගෙ...පල...පල...දඹානට පල.....තෝ පල....ස්...සුකුමලා....ස්..සුකුමලා....කෝ

මගෙ පන.....ආ...කෝ...මගෙ....සුදු...

මහත්තයා...උඹ විතරයි.....ම්..මේ..ලියනගේගෙ...පුතා...

ඔව් මං හොර මිනිහෙක්ගෙන්නෙ මේකව හදාගත්තෙ....හැමනෙනන් කතා දොඩන් නැතුව ඉදගන්කො අඩා...සුකුමලා ඉන්දවකො මේකව.....ඇයි අඩා....ඇත්තමයි ලියනගෙ මන් හනස්සක් ගත්තොත් උඹට ගෙට වෙන්ඩ ගහනවා ආය...

අප්පච්චි...මේ ඉදගනිල්ල අඩෙ...ඉදගනිල්ලකො...

සුකුමලා.....කෝ...උඹ.....කෝ...ම්...මේ ඉන්නෙ....උඹ තමා...මගෙ....පුතා...හරිය....මගෙ...පන....තමා...හරිය.....ආය...ලියනගේගෙ...පපුවෙ තමා.....

ඔව්...ඔව්..හරි...හරි....මං පපුවෙ ඉන්නෙ....දැන් හරි ඉදගනිල්ලකො.....කිරියා මට ඔය වතුර එකක් දියන් ඒයි.....

මගෙ ඔලුවත් එක්ක කුරුවල් වේගන එනවා ..ඩෙලාම් ගාවින් ආව මං කෙලින්ම නැවතුනෙ අපෙ මේසේන් වෙනකොට මේ වෙනකොටත් අප්පච්චිගෙ පුටුව හිස් වෙලා තිබුනා....ේඑ විතරක් නෙවෙ සීයත්තයි අත්තම්මයි ඉහට අත් ගහන් එහා මෙහා වෙන ගෑනි මිනිස්සුන්ගෙ ඇදුම් වල ඇද කිය කිය ඔලුවෙ කැක්කුම් හදවන් තිබුනා වගේම අම්මා විතරක් ලියනගෙ නැන්දගෙ දඹානෙ හබන් කුකුලු කපල් එක එක්ක සාමකාමීව කතා කර කර ඉද්දි සදබොදවෙලා යන්න වැදිලා උන්න කිරියගෙ පිය යානාව දේශාබිමානි ගී කිය කිය පුලුවන් තරම් දඹානෙ මහ කැකුලිටයි කැකුලටයි දෙස් තියන්ඩ ගත්තා.....

මගෙ ඔලුව කැරකෙනවා......ඩෙලාම්ගෙ වචන සැරින් සැරේම මගෙ ඔලුවට වද දෙනකොට මිනාල්ගෙ ආදරෙ මොකාද කිය කිය හිතපු මං අම්මා බලගත්ත අත බලාගන උන්න මගෙ අතට තට්ටුවක් දානකොට මං ලාවට හිනා උනා...

ඇයි සුදුමහත්තයා....

මොකුත් නෑ අනෙ...

අර කට්ලට් එක රහයි...කාලා බලන්න....හොදට සැර තියනවා.....නිම්මි ලොකු අම්මලාගෙ වෙඩින් එකට දුන්න අලුකෙහෙල් කට්ලට් එක වගේ නම් නෙවෙ....

මං හිනා උනා.....අතට තට්ටු කරපු අම්මා කට්ලට් එකෙ පදම වර්නනා කර කර තෙල්දෙනියෙ උන්න නිම්මි ලොකු අම්මගෙ මගුලට තියලා තිබුන කට්ලට් එක ගැන මතක් කෙරුවා විතරයි මගෙ කට ඔහෙක් වෙලා ගියා...කිව්වත් වගෙ ඒක නම් කාපු අපිට තැගි දෙන්ඩ ඕන.....කට ඇරියොත් පුරාජේරුව තිබුන නිම්මි ලොකු අම්මගෙ කට්ලට් එක හැදුවෙත් වලව්වෙම්ම වෙනකොට අල වෙනුවට එවුන් අලුකෙහෙල් ඔබලා සාඩින් හොද මාලු වෙනුවට සාලයො සූඩයො ඔබලා තිබ්බා...නාහෙට ගන්ඩ බෑ පිලි ගද....

කෝ අම්මෙ අප්පච්චි.....අරුන් දෙන්නා සුදු අයියගෙ කාමරේ දිහාවට ගියා ගියාමයි තාම නෑ...මොන ලෝක යුද්දෙ කරලද දන්නෙ නෑ...මං අහගන පසනා අපෙ එකාව නිදිකරවන්න හදනවා....

අප්පච්චිගෙ හිස් පුටුව දිහා බැලුව මම අනිත් පාර අම්මගෙන් කෝ අප්පච්චි අහනවත් එක්ක අම්මත් වටපිට බැලුවාගෙම මං බලාගන ඩෙලාම් ඈත කෙරවලේ ඉදන් තවමත් මගෙ දිහා බලාගන ඉන්නවා....ඒ එක්කම මමත් එයාව දැක්කා කියන්න දැනුන හින්දම අතේ තිබුන ග්ලාස් එක මගෙ දිහාවට උස්සලා පෙන්නලා එක උගුරට බියර් උගුර හලාගත්ත එයා ඉදගන උන්න පුටුවෙන් නැගිටලා කොහෙ හරි යන්න ලැහැස්ති වෙද්දි මං ආපහු ඉස්සරහට හැරුනා....

කොහොමත් මිනාල්ට ආපහු මං ගැන වද වෙන්න දෙයක් නෑ ඩෙලාම්.....සදුදයින් පස්සෙ මං ආය ඉස්කෝලෙ එන්නෙ නෑ.....උඹට වදේකුත් නෑ...මාව දැක්කොත්නෙ ඌටත් දාමඝාතකයෙක් වැහෙන්නෙ........

අදින් පස්සෙ මං සදහටම සුදු අයියගෙ ...

තව විනාඩි පහක් දහයක් ඉදලා මං යනවා...උඹ ගැන හිතන්න මට වෙලා නෑ...මට උඹ ගැන හිතනවට වඩා දැන් මගෙ පවුල ගැන හිතන්න තියනවා...

ඩෙලාම් ගැනත්.....මිනාල් ගැනත් හිතන එක සම්පූර්නයෙම්ම නවත්තපු මම අනිත්පාර අද රැයින් පස්සෙ පටන් ගන්න මගෙ අලුත්ම පවුල් ජීවිතේ ගැන හිත හිත ඊයෙ පෙරෙදා බුකියෙන් සේව් කරගත්ත බ්‍රවුනි රෙසිපිය ආපිට මුල ඉදන් අගට කටපාඩම් කරන ගමන් අම්මා අර රසයි කියපු කට්ලට් එකක් අතට අරගන රස කරන්න ගත්තා....

ම්ම්ම්...සුප් කැටයක් දැම්මම ඕනම කැමක් රහයි...චොර උනත් සුප් කැටෙන් ගේම ගොඩ දැම්ම හැකි...ඇගිල්ලෙ දෙවනි පුරුකට වතුර තියල බත ලිපෙ තියනවා....බත ඉදෙනකන් පරිප්පු ටිකක් පෙගෙන්ඩ දාලා පොල් ගාලා ලූනු අමුමිරිස් කපලා තියාගන්නවා....පරිප්පුව ලිපෙ තියල මාලු එකට පොල් ගානවා...

හෙට දවල්ට පරිප්පුයි මාලුයි බතුයි...මාලු බාගයක් බදිනවා..බාගයක් තෙල් දානවා...බාගයක් මිරිසට හදනවා....යකො මට උයාගන්න පුලුවන්නෙ.....කව්ද මට ඔයන්න බෑ කිව්වෙ..... පවුල් කන එක ලේසියිනෙ ආඩෙ...

හෙහ්...හෙහ්...හිටපන්කො සුදු අයියෙ...පවුල්කන හැට් මං පෙන්නනම්...අපෙ මුලු පවුලම තනියෙන් කාපු මට...උඹ එක්ක පවුල් කන එකත් කක්ජක්ද.....හිටපන් මන් හෙට තේ බොන්න පොල් බිබික්කමකුත් දාලා තියනවා...පොල්ගාලා බිබික්කමක් දාගන්න එක මහ දෙයක් නෙවෙ....

රෑට රයිස් එකක් දාලාදෙනවා....චිලිපේස්ට් එකකුත් හදලා.....ම්ම්ම්..ඔය තියෙන්නෙ...අඩේ.....!!

සද පිනිදියෙ......

හිම කුමරියෙ .....

අම්මෙ...අර....අප්පච්...චි.....!!

මං උන්නෙ ඵෝන් එක දිහාව බලාගන...හෙට ඉදන් පවුල් කන්න යන්න ඉන්න ජීවියෙක් උන මං කුකින් පේජ් පීර පීර රහම රෙසිපි කටපාඩම් කර කර උන්නා වගේම මෙච්චර වෙලාම තිබුන අර ගෲප් එකෙ ටින් බෙලෙක්ක කරදරෙ නොහිතපු වෙලාවක නැවතුනා...

කොටින්ම පුදුමාකාර ගෝශාවකින් ඇහුන හැම සින්දුවක්ම නැතිවෙලා ගියා වගේම එ වෙනුවට ඇහුනෙම හිත නිවීගන යන තනුවක් වෙද්දි ඒ තනුවෙ තිබුන නිවුන ගතියටම හරියන්න අර නියෝන් එලි පවා නිවිලා ගියා...

අප්පච්චි....

ඒ කටහඩ මගෙ අප්පච්චිගෙ....හිස් වෙලා ගියපු පුටුව දැකපු මං දහ අතෙ හොයපු මගෙ අප්පච්චි වෙනකොට අතෙ තිබුන ඵෝන් එක පැත්තට දාපු මං අප්පච්චි රුකාන්තගෙ සදපිනිදියට පන කවන හැටි අහන් උන්නා...

අප්පච්චි සින්දුව කියනවා...ඒත් ඒ ඇස් දෙක තිබුනෙම මගෙ අම්මා දිහාවට වෙනකොට අප්පච්චිගෙ හිමකුමාරි වෙන කවුරුත්ම නෙවෙ මට එහා පැත්තෙ උන්නෙ මගෙ අම්මා කියන්න ආය අටුවාටීකා ඕන නැතිවෙනකොට මං එහෙම්ම අම්මා දිහා බැලුවා....

වෙනසක් නෑ....ඒ ඇස් වගේමයි....මෙ ඇසුත් ආදරෙන් දිලිසෙනවා....ජීවිතෙ ස්තාවරම තනුව දැම්ම ආදරනීය පිරුමි පරානෙ දිහා බලන් ඉන්න ඒ ඇස් දිලිසනවා....

දැහැන් ගතවෙලා වගෙ වචනවලට පන පොවන අප්පච්වි එක්කම අම්මත් හිමි හිමීට සින්දුව මුමුනකොට අනෙ මගෙ පපුවම පිරිලා ගියා...

අනෙ අම්මෙ...මං මගෙ සමුද්‍රගෙන් ප්‍රාර්තනා කරන්නෙත් උඹ මගෙ අප්පච්චිගෙන් ලබන සැනසීමමයි අම්මෙ...

ඳ පිනි දියේ..

හිම කුමරියේ..

ජීවිත කැලේ..

පිපි මල්‌ වැලේ..

සඳ පිනි දියේ..

හිම කුමරියේ..

ජීවිත කැලේ..

පිපි මල්‌ වැලේ..

මා හා බැඳී..

ගිනි කාෂ්ටකේ..

කඳු හෙල්‌ දිගේ..

සැඩ මාරුතේ..

ඔබ හමා යනවා

අපි හමා යනවා..

මං එහෙම්ම මගෙ අම්මගෙ අත අල්ලන් මිරිකගත්තා...ඒ තරමටම අප්පච්චිගෙ ගැඹුරු කටහඩ පපුවම අතගාන් යනකොට මෙච්චරවෙලාම අම්මා දිහාම බලන් උන්න අප්පච්චිගෙ බැල්ම අම්මගෙන් ගිලිහුනා වගේම එයා එහෙම්ම ස්ටේජ් එකට නගින පඩිපෙල දිහාව බැලුවා...අප්පච්චිගෙ කටහඩ නිවීගන යනවත් එක්කම ඒ අඩුව පුරවන්න තවත් කටහඩක් පන ගැහුවා....

වෙන කාගෙන්ද .....මගෙ ආදර පරානෙගෙන් ඇරුනම!!

නෙතින්‌ ගලනා කඳුළු වැල්‌ ගංගාවෝ

සවිය දෙනවා පරදන්න මායාවෝ

මල්‌ රොණින්‌.. මලින්‌ පිරී.. දිනෙන්‌ දිනේ ගෙවේ

ආදරේ.. සදා සුසුමි.. නොවේ..

සඳ පිනි දියේ..

හිම කුමරියේ..

ජීවිත කැලේ..

පිපි මල්‌ වැලේ..

මෙලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්‌

කඳුළු පිසදා ඔබව සනහාලන්නම්

ආදරේ.. හිනාවෙව්‌.. ආදරේ හඬයි

ජීවිතේ.. කා හටත්‌.. ඔහොමයි..

මට ඇඩෙන්න එනවා ..මගෙ ඇස් කොන් කදුලින් බරවේගන යනවා...මන්මේ ලෝකෙ දකින අධිමාත්‍රාවෙන් ප්‍රේමයන් දෙන එකම මනුස්ස පරාන දෙක මගෙ අප්පච්චිත් සමුද්‍රත් විතරක්ම වෙනකොට ඒ දෙන්නම එකම තලේක ඉදගන එකකට එකක් පරදින්නෙ නැති කටහඩවල් වලින් ආදර ගීතෙ කියනකොට අනෙ මගෙ ඇස් අඩන්න අවසර ඉල්ලනවා.....

මං උඹලට පුදුම විදිහට ආදරෙයි දෙයියනෙ ...උඹලව මවන්න ඇත්තෙම ආදරෙ බරම තැන තවත් බරකරලා ආදරෙම්ම මිනිස්සු ජීවත් කරවන්න වෙන්න ඇති....

සඳ පිනි දියේ..

හිම කුමරියේ..

ජීවිත කැලේ..

පිපි මල්‌ වැලේ..

මා හා බැඳී..

ගිනි කාෂ්ටකේ..

කඳු හෙල්‌ දිගේ..

සැඩ මාරුතේ..

ඔබ හමා යනවා

මම හමා යනවා

ඔබ සිනාසෙනවා..

අපි සිනාසෙනවා..

සඳ පිනි දියේ...

අම්මෙ.....

ම්ම්ම්ම්...සුදු මහත්තයා ....

අම්මගෙ කටහඩ බර වෙලා....මගෙ ඇස් අඩන්න අවසර හරි ඉල්ලුවා....ඒත් අම්මා....මේ වෙනකොටත් අම්මා අඩලා තිබුනා...මං දන්නවා...අනිවාරෙම්ම මට මේ පොඩ්ඩ බැරිව යනකොට කදුලින් තෙත් ගහන ඇස් දෙක උරුම කරන්නම ඇත්තෙ මගෙ අම්මා ...

ඇයි සුදුමහත්තයා....

මං ගේ ගාවට ගිහින් එන්නද...

ඒ ඇයි.....

යන්න ඕන.....

මට ගෙදර යන්න ඕන උනා....ඇස් ඇඩුවත් මොකද....ආදරේට සන්වේදි උනත් මොකද ගෙවෙන විනාඩියක් විනාඩියක් පාසාම මගෙ යටි හිත ඇතුලෙ තනිකරම යුද්දයක් පටන් ගන්නකොට මට ගෙදර දුවන්න ඕන උනා.....දූවල ගිහින් ඇදුම් කෑලි දෙකතුනක් බෑග් එකෙ ඔබලා ලියුන් කෑල්ලක් ලියන්න ඕන උනා...

අනෙ සුදුමහත්තයා අර අහිංසකයො දෙන්නව බලල එනවද.....පව් රතිඥ්ඥා සද්දෙට බල්ලගෙ කන් දෙක බීරි වෙලා ඇති....

හා මං ඒකව බලන්නම්...එක්කො ඔතනින් මොනවා හරි සේපට දෙන්නකො අනෙ...පවුනෙ ..උනුත් ආසයිනෙ කොටහලුවක් කන්ඩ...මොකො මං කොටහලු වෙන්ඩද ඔයාලට පාටියක් ගන්ඩ නෑනෙ.....රැවුල කපපු දාවත් ඔයා මට කිරිබත් කැටයක් දුන්නෙ නෑ...එදත් කොස්සකින් ගැහුවා මිසක්...එදා ඉදන් මූනටම වැවෙන්නෙ රැවුල් ගස් දෙකයි...මගෙ මුනට වඩා අප්පච්චිගෙ කිහිල්ලෙ මයිල් වැවෙනවා...පුදුම අසාධරනයි.....

*

*

*

"හිකි...හිකි....හිකි...ආ..වූ....ආවූ.....ජිකි හිකි ...හිකි.....කස්....තුරී....මා....මා....හිකි...හිකි...."

වේවා ශාන්ති ..නොවේවා කේන්ති!

අදරනීය අම්මා අප්පච්චි කානුවා ඇතුළු මොනර පවුලෙ සැමට....,

ඉතින් අම්මෙ ඔයාලට කොහොමද....මං නම් ඉතාමත් සුවෙන් පසුවෙනවා...මං හිතනවා මං වගේම ඔයාලත් සනීපෙන් ඉන්නවා ඇති කියලා.....

අම්මෙ...අනුකම්පා කරලා වෙන්න පුතාට සමා,

මං දන්නවා..මෙ ලියුන් කඩදහිය ඔයාගෙ අතට හම්බෙනකොට මං හුගාක් දුර ගිහින් ඉවරයි කියලා....මං තවදුරටත් අම්මගෙ චූටි පුතා නෙවෙ අම්මෙ....

අම්මෙ පුලුවන් නන් මේ ලියුම කියවනකොට අතුලගෙ අර සින්දුව අහන්න....එතකොට ඔයාට තේර්‍ර්‍යි මං ව්‍යංගාර්තෙන් මොනවද පහදන්න හදන්නෙ කියලා....

විසිරුණු මල් පෙති දෝතට ගන්න බැරී.....

මං උන්නෙ ඇදෙ පෙරලීගන....සුදුඅයියගෙ ගෙදරින් එනකොට අතට ගුලි කරගන අරන් ආව කට්ලට් එකයි පැටිසයි සාටයි සූටයි දුන්න මං ජඩයො දෙන්නව රතිඥ්ඥා සද්දෙන් බේරගන්න තවත් ඇතුළට අරන් කාමරේකට දාලා වැහුවා....පැටිස කටට කාපු සාගරිකා මගෙ දිහස් බැලුවෙම තව නැද්ද බ්‍රෝ අපිත් ආසයි කොටහලු ගෙදරකින් පැටිසක් කන්න් වගේ බැල්මට් එකක් දානකොට සූස වෙසංගතා විතරක් අලුතෙන් පුරුදු උන හිකි හිකියක් එක්ක මායන් වෙවී උන්නා...

අප්පච්චිගෙන් සරම් තුනකුත් හොරකම් කරගත්ත මං අප්පච්චිටම පින් ද්දි ගිනි ගින්දර පිට තිබ්බ ජොක්කු ටිකත් අර බෑග් එකට ඔබාගන හැමද්‍ර්‍ර්ම රෙඩි කරන් එවරෙඩි පූසා වගෙ අවසන් ලියමන ලියන්න ගත්තා.....

තවමත් සින්දු සාජ්ජෙ.....එකක් ඉවර වෙනකොට එකක් පටන් ගත්තා මදිවට ගෲපට පස්සෙ කරටි කැඩෙනකන් බීපු එවුන්ට ඇට බහිනකන් නටන්ඩ කියලා ඩී ජෙ එකක් දැම්මා වගෙම සුභ මුහුර්තෙන් පවුල් කන්න යන්න ලැහැස්ති උන මං සන්වේදි වේවි වෙවී ලියුම ලියන්න ගත්තා.....

ඉතින් අම්මෙ...අම්මට බොහොම ස්තූතියි....මාව මේ තාක් දුරට අතපය නොකඩා හැදුවට....හනස්සෙන් ගැහුව ඒවා මතකයි...තරහයි...නමුත් ආදරෙයි...

මටහැමදාම අම්මලාගෙ කූඩුවෙ ඉන්න බෑ...තටු තියෙන්නෙ ඉගිල්ලෙන්න.....

පුලුවන් නන් මේ සින්දුවත් අහන්න අම්මෙ....

රත්තරන් පුතේ ....අපෙ

රත්තරන් පුතේ....

ඔබයි දිවිය අර්ථ වත් කලෙ....

ගිය දා පටන් ඉගිල කුරුළු

කූඩුවෙන් සන්තෝසයක් නෑ හිතෙ....

ඒ කියලා ඔයාල දුකෙන් ඉන්න එපා අම්මෙ....මේ පුතා යන්නෙත් අම්මා වගේම කූඩුවක් හදාගන්නනෙ....අර සින්දුවෙත් තියෙන්නෙ ආය එන්න කියලා...මං මගෙ කූඩුව හදාගන කුරුළු පැන්චෙක් එක්ක ආයම අම්මලාව බලලා යන්න එන්නම්....අප්පච්චිට කියන්න අම්මෙ කුරුළු කූඩවලට ගල් ගහන එක අන්තරීය පාපයක් කියල....

එයාට කියන්න යෞවන හිත් කොච්චරවාත් මුරන්ඩුයි ඇරුනම දෙමව්පියන්ට ආදරෙ නැතුව නෙවෙ කියලා ...

මගෙ කූඩුව කඩලා මාව බලෙන් ගෙදරට එක්ක ඇවිත් බලෙන් වෙන කාටත් කසාද බන්දන්න හදන්න එපා අම්මෙ..පෝරුව උඩ මට කලන්තෙ දැම්මොත් හැමෝම දැනගන්නවා මෙ පුතා පිරිසිදු එකෙක් නෙවෙ කියලා.....ඒ හින්දා මට මගෙ හිත ගිය මනුස්සයා එක්ක ජීවත් වෙන්න දීලා ඔයාලා සතුටින් ඉන්න අම්මෙ...

තව දෙයක්....අම්මෙ.....

අනෙ අලුතෙන් එන්න ඉන්න බෝක්කු කෑලි තුන හින්දා අම්මට කානුවව මගෑර්‍ර්නව නම්...අනේ ඌව මට දෙන්න....මොනා උනත් ඕකගෙ කැත කුනු මාත් අතගෑවනෙ.....මට පසන එක්ක මූව වැඩි නෑ මගෙ අම්මෙ....මට මූටත් තාත්තෙක් වෙන්න බැරිකමක් නෑ.....

අවසාන වශයෙන් කියන්නෙ...අනෙ අම්මෙ අත්තම්මට හූල්ලන්න එපා කියන්ඩ...මන් උන්දැගෙ හවඩිය අරන් යනවා....

එහෙනම්...ආය හම්බවෙනකන්....සතුටින් ඉන්න..මෙ පුතා දියුනුවෙලා ඔය ගේට්ටුව ඉස්සරහින් බහිනකොට අම්මලාට ආඩම්බරේට කෑ ගැහිලම ඇඩෙයි....

පරිස්සමින් ඉන්න අම්මෙ.....

හැමෝටම ආදරෙයි....

මීට ,

අප්පච්චිගෙ පලවෙනි ශොට් එක,

අම්මගෙ සුදු මහත්තයා...

කානුවගෙ කැතයා....

මොනරවිල පරම්පරාවෙ රත්තරන් මුනුබුරු පැංචා...

S.A.solangarachchi...අදින් පස්සෙ මට සෝලංගාඅරච්චි කියන්න එපා අම්මෙ...මං දැන් හැන්නදිගෙ!!!එහෙනම්....

සුවෙන් නිදන්න..හෙට පායන ඉර එක්ක මේ පුතා මිනිහෙක් අම්මෙ....මට පුලුවන් නම් ආසිර්වාද කරන්න...

33kdp අම්මෙ!!!

*

*

*

සුසංගතා....සාගරිකා.....අයියා නැති තැන මේ ගේ දොර බලාගනිල්ලා....තේරුනාද....සුසංගතා උඹ වේසයි....උඹ පුදූම වේසයි...නමුත් උඹව අපි හොයාගන්නකොට උඹගෙ පුක වැහෙන්නවත් මයිලක් තිබුන් නෑ....අද උඹ ගජ ඉලන්දාරියෙක් .....සාගරිකා එක්ක හොදින් ඉදපන්.....

සාගරිකා...උඹටත් මට කියන්න තියෙන්නෙ එච්චරයි...මන් මේ අත්වලින් උඹගෙ බලු ගූ කප්පරක් ඇද්දා...උඹ අත්තම්මගෙ බොඩිය කාපු දා මං උඹ වෙනුවෙන් මගෙ බොඩියෙ පාර හිටිනකන් උන්දැගෙන් ගුටි කෑවා...දැන් උඹලා මං නැති තැන මේ ගෙවල් දොරවල් රැකපල්ලා....

ආදරෙයි.....!

ලියුම ලියපු මං මගෙ මොනර කදුලු පිහදගන අරුන් දෙන්නවත් ඉඹලා ඉඹලා ගමනට සූදානම් උනා...රතිඥ්ඥා වලට තක්බීර් වෙලා උන්න සාගරික නම් කෙරුවෙම මගෙ අස්සෙ රින්ගන් ඔලුව හන්ගගත්ත එක වෙනකොට ඊලාම් යුද්දෙන් මැරුන කොටියෙක් වගේ උන්න සුසංගතා පරයා නම් මට ජරාව බින්ඩ එපා කිව්වා....

"ම්න්....කැතයො.....ජරාව බොන්ඩ එපා....."

ජරාව බොන්නෙ නෑබන් ...ඊට වඩා දේවල් මට දැන් ගියහම බොන්ඩ හම්බෙනවා.....හොදින් ඉදපන් සුසා....මතක තියාගනින් මං නැති දා හිනා වෙන්න.....

මං හිනා උනා....හිනා වෙලා ආයමත් පාරක් සාගරිකගෙ බලු හොම්බ ඉම්බා වගේම මගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා....

සුදු අයියගෙන්....

"සීදේවි....තව පැයබාගෙකින් මං එනවා....."

🥲👉👈එහෙනම්.....උඹට සුභ ගමන් මගෙ කැතයො.....

More Chapters