WebNovels

Chapter 45 - 44

විනාඩි ගානක් නලල මිරිකගන උන්න මං එහෙම්ම නැගිට්ටා.....යන්න ඕන ගමන කොච්චර අත්‍යාවශ්‍ය ගමනක් උනත් සෝලංගාඅරච්චි කතා කෙරුවත් හරි මට හැම අත්‍යාවශ්‍ය ගමන දෙවනි තැනට දාන්න සිද්ද උනා.....

මොකද ඔක්කොටම වඩා මට සෝලංගාඅරච්චි වැදගත් හන්දා!

සමුද්‍ර....සමුද්‍ර....දැන් ඉතින් ගිහින් කරබාගන ඉදපන්...ගැහුවොත් ගුටිකාපන් ...බැන්නොත් අහන් ඉදපන්....ඇරුනම දික්වැල්ලටම දාන සද්දෙ උඹගෙ මාමන්ඩියට දාන්ඩ හදන්න එපා....සින්හයා උනත් කැලේටම රජා උනාට ධේනුව එකපාරක් කට ඇරිය ගමන් ඌත් බයයිනෙ.....ඒ වගේම උඹත් උඹගෙ මාමා කාරයට බයවෙයන්...ම්ම්ම්ම්....

දැල් ගොඩ යට තිබුන පිස්ටල් එක දැල් ගොඩ ඇතුලටම කකුලෙන් තල්ලු කරපු මං අලුත්ම නැන්ගුරමත් කකුලෙන්ම පැත්තකට තල්ලු කරල දැම්මා....ඒ චුට්ටකින්ම මගෙ අතේ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා...මැසේජ් එක දැක්ක මගෙ කටකොනින් හිනාවක් ඇදුනා....

"වොච් එක අදුනනවා..."

.ම්ම්ම්ම්ම්..ම්ම්...ම්ම්ම්....හොදයි....හොදයි....හුගක් හොදයි........අදුනනවා කියලා ඉන් එහා මොනවත්ම නොකිය ඔතින් නැවතුන එක ඔක්කොටම වඩා හොදයි උඹ දන්නෙ නෑ....මේ සමුද්‍ර කියන්නෙම ආය පිස්සු වැටුන පොලිස් බල්ලට අන්ත එකෙක් කියන්ඩ....එකපාරක් ඉව කරන්ඩ දුන්නම ආය හොයන එක නතර කරන්නෙ බඩු ටික අතේ පත්තු උනාටත් පස්සෙයි.....

වොච් එක දන්නවා කියන්නෙ....ම්ම්ම්...ම්ම්ම්.....(මං උඹව ටිකින් ටික ලෙලි ගහනව....මං උඹව සිවියක් තරමට තුනියට හිටින්ඩ පෙති ගහනවා.....)

දඩාස් ගාන සද්දෙන් දොර වහපු මං එහෙම්ම ලොරියෙන් බිමට බැහැලා පුරුදු විදිහටම ඩ්‍රයිව්න් ශීට් එකට ගොඩ උනා.....වාහන එකාකාරෙට එහාටත් මෙහාටත් යන තාර පාරෙ අයිනක නවත්තල තිබුන ලොරිය හීන් සීරුවට හරවගත්ත මං මගෙ ඉස්සරහින් මුනට මුන හම්බඋන හැන්නදිගෙ මැකරල් ලොරියටත් ලයිට් එකක් ගහගනම වාහනෙ පාරට දාගන ලැලි මාලිගාව පහු කරන් යනවත් එක්කම මං බලාගන කඩේ ගිහින් කඩචෝරුවක් ගන්න අහපු අලුත් අම්මයි පුතයි මිදුලෙ ඉදන් මොනවට හරි මරාගන්නවා....

දෙවනි පසනයි මගෙ කුලුදුල් දරුව උන තරුක හැන්නදිගෙයි මාලුවෙක්ට ද කොහෙද මරාගන්නවා.....

උඹලා දෙන්නා ඔහෙ මරාගනිල්ලා ..මං දැන් ගිහින් අර මිනිහගෙන් ගුටි කන්ඩ එපැයි.....උඹ නම් සිදේවී.....ඉසකුඩිච්චියක් බන්....මායන් දාලා දාලා පොරොන්දුත් කුඩු පට්ටන් කෙරුවා..අපායට යන්ඩ උනත් ගටක් තිබ්බට මං ඔය නිල ඇදුම අහක් කරලා අප්පච්චි පට්ටම ගන්න සෝලංගාඅරච්චි කාරයට බයයි බන්....

සුදු චූටි...සුදු චූටි....මේ සමුද්‍ර හැන්නදිගෙ කාගෙන් වත් ගුටිකන ජාතියෙ මිනිහෙක් නම් නෙවෙ පුතෙ...ඒත් ආත්ම ගරුත්වෙ බල්ලට දාලා ආදරෙ වෙනුවෙන් මං ගුටිත් කන්නම්කො.....උඹගෙ මොනර වන්නම වගේද දැන් ඒ බෑනගෙ වන්නම???

අවුලවන් උන්න සිගරට් එක උගුරට දෙකට අහවර වෙලා ගියා....එකක් නිවෙනවත් එක්කම ඊලග සිගරට් එකත් අවුලගත්ත මං තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් මහ රෑම ආව පාර ආපිට එන්න ආවා....

මුලු රැයින් බාගයක් පාළුවට ගියාට මොකද මේ වෙනකොටත් ඒ පාලුව මැකිලා තිබුනා...හිස් වෙලා තිබුන මාලු ලෑලි අලුත්ම මාලුන්ගෙන් පිරිලා තියෙනකොට බඩපත හරියෙන් පිහිය යනවත් එක්කම ලේ වැක්කෙරෙන කෙලවල්ලො බල මාලු වල අලුත් ලේ සුවද මගෙ නාහෙට දැනුනා........ඒත්....මාලුන්ගෙ ලේවලට වඩා සුවද දෙන තවත් ලේ වර්ගයක් තියන බව මගෙ යටි හිත කොදුරනවා...අවුරුදු ගානක් තිස්සෙ උමතුවෙන් වගේ හොයන ලේ සුවදක් ඔය අස්සෙ හැන්ගිලා තියනවාකියන්න මගෙ හිත කියනවා...

ගෙවල් පහු වෙනවා....මාලු ලෑලි පහු වෙනවා.....තවමත් ගොඩ අරින බෝට්ටුවල සද්ද බද්ද...මා දැල් අදින එවුන්ගෙ සද්ද මේ ඔක්කොම අහගන උන්න මගෙ කල්පනාව තිබුනෙම ඊයෙ රෑ දැකපු රඹුක්වැල්ලගෙ වාහනෙ ගැනත් රඹුක්වැල්ල ගැනත් වෙනකොට ඉස්සරහට හම්බුන මාලු ලෑල්ල ගාව හිටගන උන්න මනුස්සයා දැක්කත් හරි මටත් නොදැනිම වාහනෙ ස්ලෝ උනා....කොටින්ම අර වාහන ගොඩේ ඉඩක් නැති බව දැන දැනත් ලෑලි අවහිර වෙන බව දැන දැනත් තත්පර දෙක තුනකට හරි මං ලොරිය නවත්ත ගත්තා.....

වෙන්දකඩුවගෙ ඩ්‍රයිවර්????

මිනිහා මොකද මෙහෙ?????මේ යකාව ඇදිලා ගිහිල්ලා.....මිනිහා ආයම දික්වැල්ලට ගාටන්ඩ හදනවද දන්නෙ නෑ...ඒ නැත්තන්...අරූ එක්ක ආයම එකතුවෙලා මගෙ මාමන්ඩියට....???????

උඹ රඹුක්වැල්ල එක්ක ඇරගන වෙන ස්ටේශමකට මාරු උනාට....මගෙ රන්කදට අතක් තියලා අහු උනොත් ස්ට්‍රෙශන් එකකට නෙවෙ මාරුව හම්බෙන්නෙ...මං තැන කොහෙද කියලා කියන්න ඕන නෑ ....ඒ ගැන හිතනකොටත් මට උඹ වෙනුවෙන් පත්තුවෙන ආචාර වෙඩි මුර සද්ද ඇහෙනවා වෙන්දකඩුව...

යන්තමට යටි තොලෙ දකුනු කෙරවල හපාගන්න ගමං වෙන්දකඩුවගෙ ඩ්‍රයිවර් දිහාව බලාගන උන්න මං ඒකා වාහනේට නගිනකම්ම බලාගන උන්නා ...වාහනේට නැගලා ආපිට යනකනුත් බලාගන උන්නා...ඒකා ගිහිනුත් තත්පර ගානක් වාහන අස්සෙන් නොපෙනි යන වාහනෙ දිහාව බලාගන උන්න මං ආයම මගෙ මාමන්ඩියව හොයාගන එන්න ආවා....

මන්දා...මේ යකා මට ගහයිද මරයිද මන්දා...සුදු පුතා සුදු පුතා ගෑවට මට අරකව දුන්නෙ වටයක් දාලා එක්ක වරෙන් කියලනෙ...

ඒත් ඕයිසි කෑල්ලත් දැනගන්න ඕන ගින්දරයි පුලුනුයි එක ගාව තිබ්බම ඇවිලෙනවා කියන්ඩ....මොකො මමවත් ඌවත් රහත් වෙලා නැනෙ......මට ලාදුරුත් නෑ...ඌට ලාදුරුත් නෑ...පොඩි පගයත් උස්සගන උන්න අපූරුව තමයි අපූරුව....එහෙම ඉන්නකොට මට බහින්ඩ කලින් ආය නගින් නැද්ද....මාර මගුල් තමයි මෙව්වා...

හ්ම්ම්....හ්ම්...සමුද්‍ර...සමුද්‍ර...උඹ දැන් ඔය කොච්චර කියෙව්වත් යන්තමට වගෙ බයයි නේද.....

බාර් එක ගාව ඉන්නවයි කියපු මගෙ මාමන්ඩියව ඈත තියාම දැක්ක මං ලගටම නොයා දුරින් වගේ ලොරිය නවත්තලා කැබ් එකෙ ඉස්සරහා දොරත් ඇරන් සිගරට් එකක් ලෝට් කරන් උන්න තේජක වස්තුව දිහා බලාගන උන්නා....

මේ යකා හැන්ඩියා වෙනවා දවස ගානෙ....එක්කො පුතා වෙනුවට මාමන්ඩියා කාවඩිය දා මොනරපිහාට්ට ඉල්ලුවා නම් මේකව දාගන්ඩ තිබ්බා...කොහෙද පොඩි මොනරනෙ ඇගෙ හැප්පුනෙ...

මේ ආත්මෙ බෑ...ලබන ආත්මෙ වත් බලමු තේජක....ඒත් බෑ....උඹට සදාකාලිකවම මාමන්ඩියා තමා වෙන්ඩ වෙන්නෙ...අරූ මගෙ ආත්ම හතම ඌ නමට ලියවන් ඉවරනෙ.....

ස්ටියරින් වීල් එක උඩ රිද්මෙකට ඇගිලි ඉහල පහල යද්දි ඈතින් උන්න තේජක සෝලංගාඅරච්චි දිහා ඇස් හීන් කරන් බලාගන උන්න මං අවසානෙදි ඇදන් උන්න මාමන්ඩියගෙ සරම දිහා බලලා මා එක්කම හිනා වෙනගමන් ලොරියෙන් බැහැල සරමෙ කොනකුත් යමින් ගමන්ම කකුලෙන් ගත්ත මං ගැහුවොතින් ගුටි කන්ඩ හිත හදාගත්තා...බැන්නොතින් බැනුම් අහගන්ඩ හිත හදාගත්තා. ...

මහපාරෙ වාහන එකාකාරෙට.....

හැන්නදිගෙ වයින්ස් ස්ටෝර්ස් එක ඉස්සරහම තවත් වාහන දෙක තුනක් නවත්තල තිබුනා වගේම මං බලාගන අපෙ මහ එකා එලියට ඇවිත් සෝලන්ගආරච්චිට බෝතලයක් දීලා ආපිට යනවා....

(හැන්නදිගෙ)

සෝලංගාඅරච්චි .....,

මං උන්නෙ මගෙ අදරනීය මමන්ඩියා ඉස්සරහා හිටගන...මෑන් සෝඩා බොනවා...මං හිතන්නෙ ඊයෙ රෑ ගසපුවට තවම අමාරු ඇති....

සුදු පුතා උඹට ඕනද....??

එපා...

යුනිෆෝම් නැතුව සිවිල් පිට උන්න සෝලංගාඅරච්චි මගෙ දිහාවට සෝඩා බෝතලෙ දික්කරනකොට මං එපා කියන ගමන් ඔලු දෙපැත්තට වැනුවා.....මං එපා කිව්වත් හරි මිනිහා එහෙම්ම සෝඩා බෝතලේම කටේ තියාගන්නවත් එක්කම මං බලාගන යටි තොලෙන් එලියට කාන්දු උන සෝඩා බින්දුවක් උගුරු ගැටෙත් තෙමාගනම බෙල්ලෙන් පහලට රූටල ගිහින් බැනියම් කර උඩදි අතුරුදහන් වෙලා ගියා .....

මේ යකා මාව නොමග යවනවා....මන්දා සුදු අක්කෙ එක්කො මං උඹටත් ද්‍රෝහි වෙනවා....!

සුදු පුතා .....

ම්න්....

ගනින් මේක....

...කොහෙටද යන්ඩ ඕන...

ඕන අපායකට...

කැබ් එකෙන් බහිනවත් එක්කම ඩ්‍රයිවින් ශීට් එක මට දුන්න සෝලංගාඅරච්චි ඕන අපායටක යන් කියන ගමන් මගෙ සරම දිහා බලලා ලාවට ඔලුව දෙපැත්තට වනන ගමන් මගෙ පිට හරහා පාරක් ගැහුවා විතරයි මේ වෙලාවෙ හැටියට කොහෙත්ම ගුටියක් බලාපොරොත්තුවෙන් උන්නෙ නැති මාව ඉස්සරහටවීසි වෙලා ගියා....

ටම...ගහන එක කියලා ගහපන්කො ...ඔහෙත් මොනා කරනවද මන්දා අනෙ.....

පොඩි පකයා සරමෙ ඉදන් උස්සන් ගිහින්....උඹටත් මොකද ඉතින්.....ඇත්ත කියපන් උඹට ඕක ඇන්දම මාව මතක් වෙනවා නේද....??

ඔහෙත් මගුල් කියවනවා...සරම් දෙකයි අරන් ගියෙ අනෙ....ඔහෙ මගින් මගටම බ්ලෙන්ඩරෙ අරන් පල බ්ලෙන්ඩරෙ අරන් පල ගෑවයින් මං ගත්තෙත් සරම් දෙකයි...මේක මරු හැබැයි...එකපාරක් වත් ඇදලා නැද්ද කොහෙද....

ම්ම්ම්...ම්ම්..එකපාරක් වත් ඇන්දෙ නෑනන් තමයි...මේක මට වඩා උඹට සෙට්ද මන්දා සුදුපුතා...උඹත් මහ පිස්සු හුත්තෙක් බන්.....මාව හම්බෙන්ඩ එනකොට ඔහොම ලස්සනට එන්ඩ එපා බන්...

..........??

පස් දරු මවට චපල වෙන්ඩ හිතෙනවා....ඕක උඹම තියාගනින් ...

......ම්න්.....ඔහේගෙත් පුදුම හිතක් තමා තියෙන්නෙ...මොකක්ද ඔය හිත දූ ...වවන්ඩ එපා....

ඒත් උඹව දැක්කම මට සම්පකාරෙට බැදෙන්ඩමනෙ බන් හිතෙන්නෙ .....බැරිද බන් අපිට හොර පාරෙන් වත් යාත්‍රා කරන්ඩ??

.....එහෙම්ද ආස ම්ම්ම්....???මුදුන් ලී දෙකක් එකට ඝට්ටනෙ උනාම ගිනිගන්නවා මිසක් පූට්ටුවෙලා හිටින් නෑ සෝලංගාරච්චි ....මුදුන් ලීයට හරියන්නෙ යටලීයක්...මං මගෙ යටලීය එක්ක පූට්ටුවෙලා අහවරයි ඔහෙ මගුල් නාහ ඔය ශීට් බෙල්ට් එක දාගන්ඩ...ආදරේ වෙනයි වේසකම වෙනයි!

........කැරිම තේජසක් තමයි උඹත් විද්‍යාමාන කරන්නෙ නෙ...පෙරාපු රත්තරන් වගේ ගෑනියෙක් ඉන්න මට උඹ මොකටද බන්...අරූ මට සීනිගම ගිහින් පොල් ගහයි...මගෙ පුතා කියල නෑ ඕකා....

මේ ගෙවෙන තත්පර ඇතුලත කටින් මොන වචනෙ පිට උනත් ඒ හැම වචනයක්ම පිටවෙන්නෙම විහිලුවකට සීමා උන වචනයක්ම විතරක් වෙද්දි කටට එන දේවල් ඔහේ කියවගත්ත මාත් මගෙ මාමන්ඩියත් ශීට් බෙල්ට් දාගත්තා වගේම යන්නෙ අපායට උනත් කොහෙද මේ යන්නෙ නාහ යන ඕනතැනකට මා එක්ක එන්න ඒ හිතේ ඇල්පෙනිති තුඩක තරම් වත් අවිස්වාසයක් නැති බව ඒ ඇස්වලින් කියවෙද්දි ස්ටියර්න් වීල් එක වෙනුවට මං සෝලන්ගාරච්චිගෙ අත අල්ලගත්තා....අල්ලගත්තා විතරක් නෙවෙ මං අර තිබුන විහිලුමය ස්වරූපෙන් සම්පූර්නම එලියට ආවා.....

අප්පච්චි...

සුදු පුතා.....මොකො ??

යන්නෙ කොහෙද කියලා වත් නාහා යන ඕනම තැනකට එන්ඩ ඔය තරම්ම මාව විස්වාසද සෝලංගාරච්චි .....??

.............සමුද්‍ර.....උඹ මාව අපායකට එක්ක ගියත්....මටපුලුවන් සාත එක්ක ප්ලේන්ටියක් ගහලා ආපිට ගෙදර එන්ඩ...මොකද මේ සෝලංගාඅරච්චි කියන්නෙ එක වතාවක් අපායටම ගිහින් ආපිට පනපිටින් ආව මනුස්සයෙක්...

උඹ බරපැන දාලා මගෙ විස්වාසෙ තරම කිරන්ඩ බලන්ඩ ඕන මෙතන නෙවෙ හැන්නදිගෙ.....මං මගෙ දරුවව ඇස් වහන් උනත් උඹගෙ අත්දෙකට ගුලිකරපු තැන ....මං උඹට දුන්නෙ මගෙ වස්තුව සමුද්‍ර.....

මගෙ ගෑනි මගෙ නමින් තව ළමයි දාහක් වැදුවත් මට ඌ තරම් එකෙක් නෑ සුදුපුතා...මං ඒක උඹට කියලා තියනවා...මගෙ නාස් කුහර අස්සෙ ඕකගෙ ගාවින් ආව පලවෙනිම සුවද පවා තාම හිරවෙලා තියනවා බන් ....

ඇබිත්තකට නැති හූනුපැටියෙක් වගේ නිල්පාට පැනල් එකකින් ඔතාගන ඕකට උන්ගෙ අම්මා කිරිදෙන හැටි මං ඉස් ඉස්සරෝම දකිනකොට අප්පච්චි කියන නමේ බරටද කොහෙද මට ඇඩුනා....සමුද්‍ර.....සුදුපුතා....කවදාවත් ආපිට උඹ මගෙන් අහන්ඩ එපා මං උඹව විස්වාස කරනවද කියලා....

මං උඹට දුන්නෙ මගෙ පනව නම්.....එතනින්ම ආය චැප්ටර් එක ක්ලෝස් බන්...

සුදු පුතා මට කියපන් මගෙ දරුවා හොදින්ද .....????ඉන්නකන් ඕකට බැන්නට ඌ ඉන්නෙ උඹ ගාව බව දැන දැන උනත් ඌ ගෙදරින් අතුරුදහන් උන පලවෙනි තත්පරෙ ඉදන් මට සාන්කාව බන්...

.හැමදාම යන පුරුද්දට අදත් උදේම්ම ඕකගෙ කාමරේට යනකොට මුගෙ හිස් ඇද දැක්කම මට පපුව පැලෙන්ඩ වගෙ බන්.....උදේ පාන්දර උගෙ කාමරේට යන මං කවදාවත් ඒලෙවල් කරන කොල්ලෙක් දකින් නෑ සමුද්‍ර . ....මං හැමදාම දකින්නෙ මේ දැන් ඉපදුන නොදරුවෙක්.....

අම්මා අප්පච්චිලාගෙ ඇස් අස්සෙදි දරුවො කවදාවත් ලොකු වෙන්නෙ නෑ බන්.....උන් හැමදාමත් කිරි සප්පයොමයි....

......

සුදු පුතා කියපන්....මගෙ කොල්ලා හොදින් නේද....අහන්ඩ දෙයක් නෑ...උඹ ගාව ඉන්නවා කියන්නෙ ඌ මගෙ ගාව ඉන්නවා වගේ තමයි.....ඒත් මට උඹගෙන් අහන්ඩ ඕන.....මට කියපන් මගෙ දරුවා හොදින්ද ....ඌ අඩනවද...ඕකා මුලු මුලු ගානෙ හැන්ගි හැන්ගි අඩයි බන්...

ඕකට මෙලෝ මගුලක් කරන්ඩ දන්නෙ නැතුව ඇති...අපි දුක් වින්දට උන්ට දුක්විදින්ඩ ඕන කියලා නියමයක් නෑ සුදුපුතා.....යන්තමට ඔය මොකක් හරි අටවගන්ඩ දන්නවා ඇති....උඹ ඒකට සැර උනේ නෑනෙ බන්....???

මං දන්නවා සුදුපුතා...උඹ යතිතින් මට හිනා වෙනවත් ඇති.....ඌ කොල්ලෙක්.....පිරිමියෙක්...මේ මහපොලවෙ පයගහන්ඩ නන් තැලෙන්ඩ පොඩිවෙන්ඩ ඕන...ඒත් බන් කොහොම උනත් මං උගෙ අප්පච්චිනෙ....මට හිතෙන්නෙම ඒකා නොදරුවා කියලා.....

සමුද්‍ර මටකියපන් මගෙ දරුවා පරිස්සමින් නේද ...???

මං හිතන්නෙ මෙවෙලාවෙ ඩ්‍රයිවින් ශීට් එක සක්කරයගෙ පඩුකුල් ආසනේට වඩා රත් වෙනගමන් තිබුන කියලා....සෝලංගාඅරච්චි ගෙන් පිට වෙන වචනයක් වචනයක් පාසාම උගුරෙන් පහලට යන කෙලපිඩ පවා මට හිර උනා....කොටින්ම මට නාහෙ පුරවලා ගන්න හුස්ම පවා හිර උනා.....

යන්නෙ කොහෙද යන ඕන අපායකට යන්න එනවයි කියලා මාත් එක්ක ආව මගෙ සුදු චූටිගෙ අප්පච්චිගෙ වචන ඇහෙන වාරයක් වාරයක් පාසාම මට අපායට යන පාර පවා අමතක උනා.....

කොටින්ම මගෙ දරුව සනීපෙන්ද අහන වාරයක් වාරයක් පාසාම සීමා මායිම් කුඩුපට්ටම් කරගන විදපු ආදර හෝරාවන් මතක් වෙන වාරයක් වාරයක් පාසාම මාව පිච්චෙන්න ගත්තා....

සුදු පුතා.....කතා කරපන්කො ....කටවහන් ඉන්නෙ....උඹ මං කියන ඒවා අහන්ද ඉන්නෙ කියපන් ඔක්කොටම කලින්

ම්න්.....අහන් ඉන්නෙ අහන් ඉන්නෙ අනෙ ....

අහන් ඉන්නවා නම් කතා කරපන්කො කටෙ පිට්ටු හිරවෙලා වගේ කටවහන් ඉන්නෙ ....

බාර් එක ගාවින් මේන්‍ රෝඩ් එකේ ටික දුරක් ගියපු මං ආදර මාවතෙන් ආපිට වැල්ල පාරට දැම්මා....මාලු වාහන මාලුවෙලෙන්දො මාලු ලෑලි මේ හැමදේම මගෙ මෙ ඇස් වලට උපන්දා ඉදන් හුරු දේවල් උනත් මේ ගෙවෙන විනාඩි ගාන ඇතුලත මට දැනුනෙම මං අහසින් කඩාපාත් උන එකෙක් ගානට වෙද්දි සෑහෙන දුරක් ආව මං දැන් මහබෝට්ටු ගොඩ අරින ධීවර වරාය හදන්ඩ අවුරුදු ගානකට කලින් තිබුන පරන ධීවර වරාය පාරට දාලා ඒ පාරෙ සෑහෙන දුරක් ඇවිදින් අවසානෙදි මහමුහුදෙ මගකටවෙනකන් වැටිලා තිබුන පරන පාරෙ මැදකදි ලොරිය නැවත්තුවා......

ඒ හැම දේම තවම එහෙම්මයි.....

බෝට්ටු ගැටගහන කනු තවම එහෙම්මයි....අයිස් පටවපු අයිස් මෝල වගේම ඉස්සො ඇතිකරපු හැචරිය තවම එහෙම්මයි .....වෙනසකට තියෙන්නෙ මේහැමදේම දැන් කාත් කවුරුත් නොඑන කෞතුකාගාරෙකට අන්තව පාළුවට ගියපු එකත් වටේම ඉන්න බලු මන්ගල්ලවලට පූසන්ට ලගින්ඩ වාසස්ථානයක් උන එක විතරයි.....

සෝලංගාඅරච්චි තවම කියවනවා...

මුහුද දෙබෑකරන් හදලා තිබුන මුහුද දිහාවට හැදුන පාරෙ බාගයක් දුරකට ලොරිය ගෙනාව මං අවසානෙදි ස්ටියරින් වීල් එක දෑතින්ම බදාගන මහමුහුදෙ රැලි වදින ජැටිය දිහාවත් ඉමක් කොනක් කොතනද කියලා හිතාගන්න බැරි උනත් "ක්සිතිජය" කියලා නම් දුන්න නිම් වලල්ල දිහාවත් බලාගන උන්නා....

මගෙ පපුව කකියනවා...එක පැත්තකින් වචන වචන විදිහට රකින්ඩ බැරි උන එකට වෙද්දි.....

තව පැත්තකින් මං නොහිතපු විදිහට තිස් වයස් සමුද්‍ර හැන්නදිගේ උන මාව එකපාරම මගෙ බාලකාලෙට ඇදිලා ගියා...මේ පාරෙ නිතර දෙවේලෙ නහර පෑදුන හයිය අතක එල්ලිලා කලිසන් කොටයක් එක්ක එහා මෙහා ගිය හැටි මතක් වෙලා පපුව කකියන ගත්තා....

මුහුදු වතුරටම පාටපුච්චාපු මූනෙ තිබුන රතුගහපු ඇස් මතක් වෙන්න ගත්තා....අවුරුදු ගානක් පරන සුවද පපුකදෙ මතක පෙට්ටියෙන් කාන්දු වෙවී ආය ආයම උඩගහන්න ගන්නවත් එක්කම නිම්වලල්ල දිහාව බලාගන උන්න මටත් නොදැනි මගෙ යටි තොල හැපුනා

ගැහෙන පපු කදෙ තියන හීන් නූල් එකින් එක කැඩෙන්න ගන්නවා....කැඩෙන නූලක් නූලක් පාසාම මගෙ ආත්ම සර්වාංග කකියන්ඩ ගන්නවා....කොච්චර පපුව කකියෑවත් කදුලු විල් සක්‍රිය නොකර ඉන්න හයිය තිබ්බට මොකද සෝලංගාඅරච්චි ගෙ කතාව සිහියෙන් උන්න මට යන්තමට ඇහෙන්න වගේ දාලා තිබුන රේඩියෝ එක ගානක් නැතිව යද්දි මගෙ ඇස් අඩවන්නද කොහෙද මෙච්චරවෙලාම මගෙ කන්වලට නෑහුන සින්දුවකුත් ඇහෙන්න ගත්තා...

ඒකත් ඉන්ග්‍රීසි සින්දුවක්.....ක්ලැරන්ස්ව ආත්මෙන් ඇදහුවා මිසක ඉන්ග්‍රීසි සින්දු ගැන මහාලොකු දැනුම් සම්බාරයක් නොතිබ්බ මාව මේ සින්දුව අඩ්ල්වන්න ලෑස්ති උනා....

සින්දුවෙ පිරිසිදුම තේරුම මොකක්ද කියන්නවත් නොදන්නවා උනාට ේ සින්දුවෙ සංගීතරටාව මගෙ පපුව කොනිති ගස්සාපු වේදනාව ඇස්දිගේ දියකරවන්න හදනවත් එක්කම මං ශීට් බෙල්ට් එකත් ගලවලා දාලා සෝලංගාඅරච්චි ගෙ මූනදිහාවත් නොබලා මං එලියට බැහැල දොර වැහුවා...

සුදු පුතා.....

......

ඔහොම ඉදින් මාවත් දාලා කොහෙද බන් යන්නෙ....

මන් අහගන සෝලංගාඅරච්චි මට කතා කරනවා..සැරයක් දෙසරයක් නෙවෙ තුන් හතර සැරයක්ම...ඇදන් උන්න සරමට මුහුදු හුලන් බඳ බදෝම මාව පස්සට තල්ලු කරන්න හැදුවත් මොකද මං කෙරුවෙම පාර කෙරවලේම අන්තීම කොනටම ඇවිදින් හිටගන ඔහේ මුහුද දිහාව බලාගන උන්න එක...

ඔය ගැට්ටට යන්ඩ එපා මෙහාට වරෙන්.....

රැල්ල එනවා...ඇවිදින් පාරෙ වැදි වැදී බිදි බිදි යනවා...අද පාළුවට ගියත් මොකද අවුරුදු ගානකට කලින් මේ ධීවර වරාය කියන්නෙම හුස්මක් කටක් ගන්නවත් ඉඩක් නැති තරමට රාජාකාරියෙන් හෙම්බත් උන තැනක් වෙද්දි මං මේ පාලු පාරෙ හිටගන මහමුහුද දිහාව බලාගන මගෙ ආත්මෙ ඇතුලෙ මිහිදන් උන මතක අස්සෙ කිමිදෙන්න ගත්තා.....ඒ මතකවලට ආයම පන ඇවිදින් චිත්‍රපටියටක සමානව මගෙ ඇස් ඉස්සරහා ඇදි ඇදී මැකෙන්ඩ ගන්නකොට මගෙ ඉස්සරහින් අවුරුදු හය හතක සමුද්‍ර හැන්නදිගෙ අම්මා අප්පටත් වඩා උගෙ පන උන සීයා තාත්තා අතේ එල්ලීගන අර පාරදිගේ යනවා මගෙ ඇස් පනාපිට ඇදිලා ගිහින් මැකෙනවත් එක්කම මෙච්චරවෙලාම බිමටවැටෙන්ඩ මගබලාන උන්න ඇහි කදුලක් පාළුවට ගියපු පාරට වැටුනා.....

උඹ උඹගෙ ජීවිතෙ උගසට තියලා එදා මාව බේරුවා සීයා තාත්තෙ....

උඹ උඹගෙ පන කෙන්ද මහමුහුදෙ රැල්ලට ගහන් යනකම්ම මාව ඔය අත්වලින් අල්ලන් බෝට්ටුව උඩට තල්ලු කරගත්තා සීයාතාත්තෙ....

මං දන්නෙ නෑ....මං අදටත්...මේ වෙනකන් වත් දන්නෙ නෑ උඹගෙ ඇට කැබල්ලක් වත් කොයි දිහාවෙ තියනවද කියන්න...වල් ගොඩැලි පිරුන මෙ මහ මුහුදු පතුලෙ උඹ මොන ඉසව්වෙ ඉන්නවද කියන්ඩ මං දන්නෙ නෑ මගෙ සීයාතාත්තෙ.....පන්නෙ කරගහන් රස්සාවට යන එවුන් මහ සද්දෙන් දෙවොල් පිහිටයි කියාගන දියඹට ගියත්...මගෙ යටි හිත විතරක් හැමදාම උඹගෙ පිහිට ඉල්ලුවා...මං දන්නවා...උඹ මේ තුන්ලෝකෙ කොයිම කොනකවත් නැති උනත්....උඹ මේ මහ මුහුදට ඉහලින් ඉදන් මගෙ දිහා බලන් ඉන්නවා.....

මං ඉල්ලන්නෙ එක දෙයයි...උඹ මට දුන්න හයියම මගෙ පොඩි එකාටත් දියන්.....මගෙ පසනටත් මේ අත්වලට දුන්න වාසනාවම දියන් සීයතාත්තෙ ....

සුදුපුතා.....කොල්ලා....සුදු පුතා උඹගෙ ඇස් වල කදුලු....???

මං ඔහෙ බලාගන උන්නා....මෙච්චරවෙලාම මට ගැට්ට ගාවින් එහාට පලයාන් ගගා කැගහපු සෝලංගාරච්චි මටත් නොදැනිම මගෙ ලගට ඇවිදින් උන්නා වගේම ඒ ඇස් වලින් මගෙ ඇස් හන්ගන්න කලියෙන් මේ ඇස්වල කදුලු දැකලා තිබ්බා...

එක තත්පරේකට කිසිම දෙයක් නොකර මෙතනම ඉන්ඩ පුලුවන්ද ඔහෙට...

උඹ ඔය මොකද කරන්ඩ හදන්නෙ කියපන් සමුද්‍ර....

අතේ තිබ්බ වොච් එක වගේම ඵෝන් එක ඒ අත් දෙකට ගුලිකරපු මං මගෙ ගාව උන්න සෝලංගාඅරච්චිව අඩි දෙකතුනක් පස්සට තල්ලු කෙරුවා....කිසිම දෙයක් නොකර මෙතනම ඉන්ඩ පුලුවන්ද අහනකොට මං බලාගන ඒ ඇස් ගැස්සෙනවා....

සමුද්‍ර.....කොල්ලා උඹ මොකක්ද කරන්න හදන්නෙ කියපන්.....

එක විනාඩියයි....මං ඔහෙගෙන් ඉල්ලන්නෙ එක විනාඩියයි අප්පච්චි....

විනාඩියක් නෙවෙ මං උඹට විසි හතර පැයක් හරි දෙන්නම්.....උඹ මොන මගුලද කරන්න හදන්නෙ කියපන් සුදුපුතා...

......................මොකුත් නෑ...අහන් ඉන්න එකාටත් දවසක අහන් ඉන්න එකෙක් ඕනා සෝලංගාඅරච්චි ....දරන් ඉන්න එකාටත් දවසකට හරි අඩන්න වරමක් ඕන....

ද්..දෙයියනෙ සමු...සුදුපුතා...!!!

එච්චරයි මං කිව්වෙ.....මහ මුහුදෙ රැල්ලෙ සද්දෙටත් කසිංජි හුලන් කැරල්ලෙ සද්දෙටත් වඩා මහ හයියෙන් බෙරිහන්දෙන මගෙ අම්බරේගෙ අප්පච්චිගෙ කටින් මගෙ නම ඇහෙනකොටත් මගෙ නාස් කුහර අස්සෙන් මුහුදු වතුර ඇහුරක්ම ඇතුළට ගියා....

හ්ම්.....

මං ජැටියෙන් අර වතුරකදට පැන්නා....

එක තත්පරේකට මට ඕන උනේ මහමුහුදෙ මට අහුවෙන පතුල අතගාලා මාරියාව ඇවිදින් උදුරාගන ගියපු සීයතාත්තව හාස්කමක් වෙලා හරි ආපිට මූදු පතුලෙන් හොයාගන්න එක වෙනකොට වතුරට පැන්න මාව එහෙම්ම යට ගියා....

මගෙ අත් දෙකම උඩ අතට හිටිනකොට මගෙ සර්වාංගෙම මුහුදු පතුලට ඇදෙන්න දුන්නා...මගෙ කකුල් වලට මුහුදුවැල්ල වදින්න දීලා ඔහේ උන්නා...ඒත් .....ඒත්....

ඒක මගෙ හීනයක්ම විතරක් උනා...මහමුහුදෙ වැල්ල මගෙ කකුලෙ ඇගිලිතුඩකට වදින්ඩත් කලියෙන්ම මට දැනුනා වතුර කද දෙබෑකරන් ආව අත් දෙකක් මගෙකිහිලිවලට යටින් යනවා.....

කැහ්.....කැහ්...ක්ක්...කැහ්...පිස්සු....පිස්සුද යකො උඹට...එහෙමවත් අහන්ඩ .....අල්ලගන් ඕක....අල්ලන් උඩට පල......

කැහ්.... .කැහ්......කැහ්....

කැහ්.....පිස්සුද යකො....තොට පිස්සුද එහෙමවත් අහන්ඩ ...??...තොට පිස්සු හැදීගන් එනවද.....නැගපන්....නැගපන් උඩට ....නැගපිය කිව්වම අහලා...

සෝලංගාඅරච්චි ....වෙන කවුරුත්ම නෙවෙ මගෙ ඕඅයිසි මාමන්ඩියා....වතුරට පැන්නෙම එක විනාඩියක් දෙන්න්ස් කියලා උනත් මගෙ ඕඅයිසී මාමන්ඩියා කියන්නෙම සින්හල කියන බාසාව අඩුවෙන් තේරෙන එකෙක් වෙද්දි මාව උඩට අරන් ආපිට උඩට තල්ලු කරනවත් එක්කම මගෙ ඇස්වලින් කදුලු කැට පෝලිමක් ආයමත් කඩාගන වැටුනා වෙන කිසිම දේකට නෙවෙ...මගෙ සීයාතාත්තත් එදා මාව උඩට තල්ලු කෙරුවෙම මේ විදිහට වෙනකොට බෝට්ටුවට නැගගත්ත මට ආපිට හැරිලා අත දික් කරලා උන්දව උඩට ගන්නවත් ඉඩක් නොතිය මහමුහුද මගෙන් උන්දව උදුරන් ගිය අන්දකාර වේදනාත්මක මතකෙ එදා ඉදන් මේ මොහොත වෙනකම්ම මං පස්සෙ පන්න පන්න රිදවන්න ගත්තා.....

කැහ්....කැහ්....

විනාඩියක් ඉන්න කිව්වා....විනාඩියක් ඉන්න කියලා තෝ මේකද පරයො කෙරුවෙ....නැගිටපන්.....නැගිටපන් ..

සමුද්‍ර උඹට කන ඇහෙනවද .....???

වතුරෙන් ගොඩට තල්ලු කරපු මං උන්නෙ උඩබෙලි අතට හැරීගන බිම දිගාවේගන වෙද්දි යකා ආවෙසකරන් ඉහින් කමින් මුහුදු වතුර බේර බේර උන්න මගෙ මාමන්ඩියා මාව මරන්ඩ හැදුවා. .නැගිටපන් ගගා මගෙ ඇලපතට පයින් ඇන්නා.....ඒත් මන් නෙවෙ වචනයක් කිව්වෙ.....ඒ තියා නැගිට්ටෙ...කරපු එකම දේ නම් ඉහට උඩහින් තියන නිල්මහ සාගරේටත් වඩා විශාල අහස්කුස දිහා බලාගන තිස්තුන් කෝටියක් ඉන්නවාය කියන නොදැකපු තව්තිසාව හොයන්න උත්සහ කරපු එක වෙද්දි අවසානෙදි සෝලංගාඅරච්චි මට පයින් අනින එක නැවැත්තුවා....

*.

*

.මේ බලපන් මගෙ දිහා.....සමුද්‍ර...උඹට කන් ඇහෙනවද....????

ම්න්.....

යකො පිස්සු කෙලපන් සීමාවක් ඇතුව.....විනාඩියක් දෙන්න කියලා මූදට පනින්නෙ තොට මොලේ කොලොප්පම්ද කියපිය....හනස්සක් නෑනෙ මේ ළඟපාත....අම්මපා මගෙ ගෑනි උන්නා නම් උඹට හනසු කැඩෙන්ඩ ගහලා...උස්සපිය පරයා ඔලුව.....

......

ආ යකො....තොට පිස්සුද???

......

මං මගෙ දරුවව දීලා තියෙන්නෙ පිස්සෙක්ටනෙ....????මට එන තරහට මට උඹව ආයම මූදට වීසි කරන්ඩ හිතෙනවා...උඹට මොකද වෙලා තියෙන්නෙ කියපන්

.......... ....පෙරකදෝරුවො නැති උසාවියක අවුරුදු ගානක ඉදන් එක නඩුවක් මාව අවුරුදු ගානක ඉදන් අසරන කරනවා අප්පච්චි...

සුදු....පුතා.....

...ගලක් වගේ උන්නට....සමහර තැන් දැක්කම මට උන්දව මතක් වෙනවා...අම්මා අප්පටත් වඩා මං පන ඇරපු මනුස්සයා මගෙ හුස්ම රැක්කට එදා ඉදන් මං නොමැරි මැරෙනවා...ඒක එහෙම නොවුනා නම් කියන ප්‍රශ්නෙ අවුරුදු ගානක් තිස්සෙ මාව දඩයම් කරකර මගෙ පස්ස පාරෙ පන්නනකොට මගෙ කදුලු උඹ ගාව හලන්ඩ මට ලැජ්ජ හිතුනා අප්පච්චි ....මේ හැන්නදිගේටත් ඇඩෙන තැන් තියනවා අප්පච්චි...උන්දා මං හන්දා මැරුනා...

මේ ජැටිය මන් උන්දෑ එක්ක ආගිය තැන්....මතක ඇවිදින් සැරින් සැරේටම මාව මිනිමරුවෙක් කර කර යනකොට මං මේ වෙනකොටත් ගනින්ඩ බැරුතරම් වාරගානක් මාවම එල්ලුම් ගස් යවලා හමාරයි සෝලංගාඅරච්චි ....

මෙච්චරවෙලාම බැනුම් අහපු මං අවසානෙදි කටඇරියා....හනස්සක් තිබ්බා නම් කැඩෙන්න ගහනවා කිව්ව මාමන්ඩියා කතා කරන වාරයක් පාසාම ඔලුවට ඇන්නත් ඇනුම් කාගන කටපියාගන උන්න මං අවසානෙදි කතා කෙරුවා......

සමුද්‍ර....

සමාවෙන්න.....

ඒ ඉහින් කනින් මූදු වතුර බේරෙනවා.....මං කියපු වචනයක් වචනයක් පාසාම අහන් උන්න මගෙ මාමන්ඩියා අවසානෙදි මගෙ ඔලුව අතගාලා ඇහෙන නෑහෙන ගානට සමුද්‍ර කියනවත් එක්කම මන් සමාව ඉල්ලලා යන්තමට හිනා උනා....

උඹව පොඩ්ඩක් තුරුල් කරගන්ඩද....

එපා....

වරෙන් වරෙන්.....

මෙහෙම හොදයි....තුරුල් කරගන්ඩ වත්.....හිත හැදෙන්ඩ මක්කවත් දොඩන්ඩ වත් ඕන නෑ...මෙහෙම හොදයි....

..ඒ උනාට මට උඹව තුරුල් කරගන්ඩ ඕන....මෙහෙ වරෙන්.....

ඔ....හේ....ඔහේට පිස්සු අනෙ....

හ්ම්....පිස්සු තමයි.....උඹ හින්දා මට දැන් කොහොමත් පිස්සු...ඔහොම චුට්ටක් ඉදින්....උඹයි මායි අතරෙ තියෙන්නෙ පොඩි වයස් පරතරයක්.....ඒත් තාත්තා කියන හැගීම් එන්නෙ වයස බලලා නෙමෙ සුදු පුතා....උඹ මටත් පුතා තමයි...මන් උඹට ආදරෙයි.....උඹ ඒක දන්නවා.....මන් දැන් දාහක් කතා කිව්වත් වැඩක් නෑ...හැබැයි සමුද්‍ර...උඹගෙ සීයා ඉන්න තැනක ඉදන් උඹට උන්දැගෙ ආශිර්වාදෙ මදි නොකියන්ඩ දෙනවා පුතෙ...ඒ හයිය තමයි උඹගෙ ඔය අත්වල තියෙන්නෙ...

..........

.

.ගහක් ගලක් වගේ උන්නට....මහ එකෙක් වගේ ඔක්කොම කෙරුවට....උඹත් තවම දරුවෙක් සමුද්‍ර....උඹ මගෙ කොල්ලව දෑතින්ම තුරුල් කරගත්තට....පසනව වගේම මගෙ අනිකව තුරුල් කරගත්තට.....උඹටත් එක තත්පරයක් හරි මෙහෙම නිවෙන්ඩ ඕන...උඹ කිව්වා වගේ.....හැම මනුස්සයෙක්ගෙම හදවත අස්සෙ අහවරක් නොවුන පෙරකදෝරුවො නැති නඩුවක් තියනවා සුදු පුතා....මටත් තියනව...ඒත් උඹ අද කෙරුව වගේ මෝඩ වැඩ නොකර ඉදින්...මන් මගෙ දරුවව උඹට දුන්නා.....උඹ මේ මහමුහුදෙ හැම බිම් අගලක්ම දැනගත්තා උනත් වැඩක් නෑ සමුද්‍ර වෙලාව නරකට හිටියොත්.....

උඹට මොකක් හරි උනෝතින් අරකගෙ පපුව පුපුරලස් මැරෙයි...

මන් කොච්චර එපා කිව්වත් සෝලංගාඅරච්චි මාව තූරුල් කරගත්තා....මතක ඇති කාලෙකට අප්පච්චිට වත් තුරුල් නොවුන මම බෑ බෑ කිය කිය තුරුල් උන සෝලංගාඅරච්චි ගෙ තාත්තාමය හැගීම් උතුරන පපුවට ඔලුව ඔබාගන උන්නෙම නොදරුවෙක් ගානට වෙනකොට මගෙ ඔලුව අතගගා උන්න සෝලංගාඅරච්චි මගෙ හිත හදන්න ගත්තා.....

*

.*

.සුදු පුතා...

ම්න්....

මොකද උඹ මගෙන් මූන හන්ගන්නෙ කියපන්...දැන් මන් උඹව වඩාගත්තෙ නැති එක විතරයි ...ඔලුව අතගාලා කිරි නොදුන්න එක විතරයි.....උඹ මොකද අහක බලන්නෙ?????ඇත්ත කියපන් සමුද්‍ර උඹ මොකක් හරි ජඩ වැඩක් කෙරුවා...එහෙමනෙ...

......

ගහන් නෑ.....ගහන් නෑ.....කියපන්කො.......

මෙච්චරවෙලාම සැනසීමෙන් ඒ කතා අහන් උන්න මාව ආයම ගිනිගන්න ගත්තා...කාලගුනෙ වෙනස් වෙන්නට වඩා වේගෙන් මාව සනසව සනසව උන්න මාමන්ඩියා පොඩි මොනර ගැන අහන්න ගත්තා විතරයි මට ආයම වතාවක් මූදෙ පනින්න හිතුනා...

උඹ මොකද මන් කොල්ලා ගැන අහන අහන වාරයක් පාසාම ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ වටපිට බලන්නෙ කියපන්....උඹ මගෙ කොල්ලට ගැහුවද.....

ප්....පිස්සුද අනෙ.....ඔහෙට මොන්ගල්‍ය?????මන් මොකට මගෙ එකාට ගහන්නද

එහෙනම් ඉතින් කට ඇරලා උත්තර දියන්කො...බිත්තර්‍ර් හිර උන කිකිලි වගෙ කෙකරගාන්නෙ...???

මන් ආයම වතාවක් අහක බැලුවා....ඒත් කොච්චර කියලා මන් මේ ප්‍රශ්නෙන් පිට පනින්නද...?????

අප්පච්චි.....

..ඔව්....ඔව්.....අප්පච්චි තමයි.....මෙච්චරවෙලාම මන් ටෝක් කෙරුවා විතරයි සුදු පුතා.....මං දැන් එනවා ඔතනට කියපන්...

තත්පර්ස් ගානක් ඒ මූන දිහා බලාගන උන්න මං අවසානෙදි අත පය කැඩෙනකන් ගැහුවත් කමක් නෑ කියලා ඒ පය පාමුල දන ඔබාගත්තා....

මට සමාවෙන්න අප්පච්චි...

ස....මු....ද්‍ර...

ගින්දරයි පුලුනුයි එක ගාවම තිබ්බම ඇවිලෙනවා අප්පච්චි.....මට මට සමාවෙන්න.....මිනිස්සු හුගක් බොරු කිව්වෙම ඉහට අත තියල දිවුරපු තැන්වල..මං දිවුරුවා...මං...

සමුද්‍ර...උඹ......(චටාස්....!!)

මගෙ කටින් එකයි ලේ රස...ඒ පය පාමුල දන ඔබාගන උන්න මට කම්මුල හරහා වැදුන පාරත් එක්කම අනිත් අතට ගියා වගේම යටි තොල තැන් දෙකකින්ම පුපුරලා ගිහින් කටට ලේ රසක් දැනුනා...

උඹ.....උඹ මං උඹව විස්වාස.....මං උඹව .....

මං නෙවෙ කටක් ඇරියෙ.. .....මගෙ සුදු චූටිගෙ අප්පච්චිගෙ ඇස්වලින් තරහවෙ ගිනිපුපුරු එකාකාරෙට එලියට වීසිවෙනකොට සෝලංගාඅරච්චි කෙරුවෙම කතා කරන එක පැත්තක දාලා මගෙ කම්මුල් වලින් ගින්දර වීසි වෙනකම්ම ගහපු එක වෙද්දි ගහලා මැරුවත් කමක් නෑය කියලා මං කටපියාගන උන්නා .....කම්මුල පිපිරුවත් කමක් නෑ කියලා මං කරබාගන උන්නා.....අතින් විතරක් නෙවෙ පයින් පවා ගැහුවත් මන් ඔහෙ ගුටි කාගන කරබාගන උන්නා ...

සමුද්‍ර.....මේ බලපන් ....මගෙ මූන දිහා බලපන්...උඹට මං කියන එක ඇහෙනවද කියපන් ...මගෙ මූන දිහා බලපන් යකො.....

මගෙ යටි තොලම දෙදුරුම් කනවා.....අත මිටිමොලව මොලව ගහපු පාරවල් වලට මගෙ ඉහම දෙදුරුම් කනවා...ප්‍රහාරෙට ප්‍රතිප්‍රාහරයක් එල්ල නොකරම ගුටි කාගන උන්න මං අවසානෙදි උන්නෙ මහබෝට්ටුවෙ කඹ ඩාන කනුවක් ගාව වෙනකොට මට ගහලම හති වැටුන සෝලංගාඅරච්චි අනිත්පාර ඒ මූන දිහා බලපන් කියල මගෙ කම්මුල් දෙකම තද කරලා මිරිකගන ඒ මුන දිහා බලන්න කියනවත් එක්කම් මං මගෙ රතු උන ඇස්වලින් ඒ මුන දිහා බැලුවා...

උඹ දන්නවද....මට උඹව මූදට වීසි කරන්ඩ තරම් තරහවයි කියන්ඩ සමුද්‍ර.....උඹ දන්නවද මට උඹගෙ බෙල්ලෙ ගලක් ගැටගහලා මූදටවීසි කරන්ඩ තරම් තරහයි කියන්ඩ....??????

......

ඒත් වැඩක් නෑ.....මමත් මෝඩයා....මාත් මෝඩයා ගින්දර ගාව පුලුන් තියන්ඩ බැරි බව මීට අවුරුදුගානකින් මාත් හොදට තේරුම් ගත්තා නම්.....මට මේ වෙනකොට ඉන්නෙ මූට වඩා බාල ළමයෙක් වෙන්න ගියා...කරන්ඩ දෙයක් නෑ..... ..හැබැයි පුතා උඹ මගෙ දරුවට

නෑ....මං මගෙ පන දීලා හරි ඌවබලාගන්නවා අප්පච්චි මං ඒ තරමට මගෙ කොල්ලට ආදරෙයි...මං ඒ තරමට මගෙ සිහත්ට පන ඇරලා ආදරෙයි අප්පච්චි...

.............

අප්පච්චි.....

.........

සෝලංගාඅරච්චි මාව අතෑරියා....අතෑරියා කියෙන්නෙම තවත් කම්මුල දෙදරවන පාරක් දීලාම ගැට්ටෙ උන්න මාව බෙල්ලෙන් අල්ලන් ආපිට පාර මැද හරියකට ඇදලා දාල ඉනට අත් දෙකත් තියාගන තරහෙන් වගෙ මහ මුහුද දිහාව බලාගන ඉන්නකොට මං ආයම කතා කෙරුවා....

සෝලංගාඅරච්චි ...මට පොරොන්දුවක් ඕන...

පොරොන්දුවක්.....උඹ වගේ කඩවුන පොරොන්දුද. ....???පොරොන්දු රකින එකාද උඹ මගෙන් පොරොන්දු අහන්නෙ...????

....මගෙ කොල්ලට දැනගන්ඩ තියන්ඩ එපා අප්පච්චි ඌව මං පන්නන් ගියෙ අපි දෙන්නම දැනුවත්ව කියන එක.....මෝඩයා වගේ කෑගහගහා කියෙව්වට ඒකා ඌට තේරෙන විදිහට මා එක්ක පවුල් කන්ඩ හදන හැටි දැක්කම මගෙ පපුව පුපුරන්ඩ එනවා අප්පච්චි.....

දැන් උඹ කියන්නෙ ඕකව හෙට ගෙනත් දෙන්නෙ නෑ කියලද??????එහෙනම් පුතා උඹව මං මහ උලුගෙට යවන්නෙ මගෙ අතින්ම බඩුබනිස් කරවලා.....

..........නෑ...ගේනවා....මං කොල්ලව ගේනවා....ඒත් මේක දන්නෙ උඹත් මාත් විතරයි....මේක දන්නෙ උඹයි මමයි විතරමයි...මට තවත් නම් ඒ ඇස් වලට කදුලු දෙන්න බැ අප්පච්චි...සමහර රහස් තියනවා සදහටම වැලලිලා යන්ඩ ඕන ...මේකත් ඒ වගේ එකක්.....උගෙ පපුව පැලෙයි ඌව ඌ වැඩියෙම්ම ආදරෙ කරන පිරිමි දෙන්නා රැවැට්ටුවා කිව්වම....මෙච්චරයි....මං මෙච්චරයි සෝලංගාඅරච්චි ඉල්ලන්නෙ...පන ඉල්ලපන්...මං උඹට පනත් දෙනවා...

මට පන දුන්නම අරූ මගෙ පන ගනි එතකොට මගෙ ගෑනි බලාගන්නෙ රඹුක්වැල්ලයද...????

අප්....පච්චි....

............හනිමුන් එක ගියානෙ....දැන් හරිනෙ....ආය අහුමුලු ගානෙ අරන් ගිහින් තිබුනොත් ඇටෙ කපලා දික්වැල්ලෙ ටවුමෙ එල්ලනවා ඒක දැනගනින්.....

ම්ම්ම්ම්න්...

පපුව පුරවලම හුස්මක් ගත්ත මං නෙවෙ ආය වචනයක් කිව්වෙ..... සෝලංගාඅරච්චිගෙන් මං ඉල්ලපු ඉල්ලීමට ස්තීර උත්තර ලැබුනත් හරි ගුටිකාපු වේදනාව අතුරුදහන් වෙලා ගියෙ මං හිතන් ඉන්නවටත් වඩා වේගෙන් වෙනකොට මං එහෙම්ම මගෙ කකුල් දෙක ජැටියෙන් පහලට එල්ලෙන්න බිම ඉදගත්තා .....

මුහුදු රැල්ල එනවා...ගැට්ටෙ හැප්පෙනවා....වතුර බිඳිති උඩ ගහනවා.....වෙනදට වඩා අද මුහුද වාරකන් ගතියක් අරගන තිබුනා වගේම බිම ඉදගන උන්න මං දියඹෙන් පටන් ගන්න රැල්ලක් දිහා බලාගන ඉදලා හුස්මක් ගන්නවත් එක්කම සෝලංගාඅරච්චිත් මගෙ ගාවින්ම ඉදගන්නවා මට දැනුනා...ඒත් මං නෙවෙ ඒ පැත්ත බැලුවෙ....

සෝලංගාඅරච්චි ....සෝලංගාඅරච්චි නොදන්න හුගක් කතා මහමුහුද දන්නවා....ඒක දන්නවද????

...........

ඊයෙ රෑ මහ බෝට්ටුවක් ආවා...... රඹුක්වැල්ලගෙ.....

.......වෙන්දකඩුව කාරයා මගෙන් දුක ඇපහනවා....දික්වැල්ල කොහොමද අහනව....එන්ඩත් කලින් වැඩ පටන්ගත්ත නේද්ස් අහනවා....බන්ඩාරවෙල වගෙ නෙවෙ මෙහෙ කියනවා...වෙන දිහාවල් වගේ නෙවෙ දික්වැල්ල කියනවා....කොහෙ ගියත් පරිස්සමින්ලු...මිනිහා සෑහෙන්න මට ආදරෙයි වගේ.....

මෙච්චරවෙලාම දියඹ දිහා බලාගන උන්න මං අනිත්පාර සෝලංගාඅරච්චි දිහා බැලුවා ...මෙච්චරවෙලාම අපි අතර වෙච්ච හැම් ගුටි කෙලියක්ම අහවරයි කියන කාරනාව ස්තීර කරන්නමද කොහෙද සෝලංගාඅරච්චි මන් ඒ මූන දිහා බලනවත් එක්කම පුපුරලා තිබුන මගෙ යටි තොල මට නොරිදෙන්න හීන් සීරුවට පිරිමැද්දා .....

උඹට හිතෙන් නැද්ද සුදු පුතා මිනිහා මට වර්නින් එකක් නොදී...වර්නින් එකක් දෙනවා කියලා....??

.........ඔහෙ මොනවද කිව්වෙ....

.......හා හ්ම් ගාලා නිකන් උන්නා....

.......මිනිහා ඇවිල්ලා...මං මිනිහගෙ ඩ්‍රයිවර් කාරයව දැක්කා.....ඊයෙ රෑ රඹුක්වැල්ල එක්ක ජිප් එකෙ ඉන්ඩ ඇත්තෙ ඕකා.....සෝලංගාඅරච්චි මං කිව්වනෙ දවල් වරුවම තමුන් ගාව ඉන්න පොලිස්කාරයම ඩියුටි ඉවර උනහම කාකි කිට් එක පිටින්ම ගිහින් රඹුක්වැල්ල එක්ක එකට ශොට් එක දානව කියලා.....

.........උඹ හිතන්නෙ මං නොදන්නවා කියලද...??උඹ හිතන්නෙ මං ඔය ස්ටේශන් එකෙ ඉන්න එකෙක්ව වත් විස්වාස කරනව කියලද.....???උඹ හිතන්නෙ මං උන් ඉන්න තැනම අද මේ මේ පොට් ටික චෙක් කරන්ඩ යන්ඩ ඕන...යුනිෆෝම් යන්ඩ එපා සිවිල් පිට පලයන් කියලා කියන්නෙ පොලිස් ජිප් එක අදාළ අදාළ කිලෝමිටරයක් විතර ඈතින් නැවත්තුවත් එතනට යන්ඩ කලින් බඩු ඔක්කොම මිසින් වෙන බව නොදැන කියලද....????

හැන්නදිගෙ . .....හැන්නදිගෙ ...මං ඕඅයිසි උනෙ අත උස්සලා නම් නෙවෙ පුතා...අපායටම ගිහිල්ලත් ආපිට හැරිලා ආව මේ සෝලංගාඅරච්චි කියන්නෙ හාවෙක් කියලා උඹ හිතුවද ....

මං යන්තමට වගේ කටකොනකින් හිනා උනා....සෝලංගාඅරච්චි මොකාද කියන්න හොදාකාරවම දන්න මගෙන්ම හාවෙක් කියල හිතාගන ඉන්නවද අහනකොට කට කොනින් හිනා උන මං හේතුවක් නැතිවම මං මගෙ නහය පිහදගත්තා.....

දෙයක් අහන්නම්....අවංක වෙනවද????

මොනවද...අහපන්...

මේක ස්තාන මාරුවක් නෙවෙනේ සෝලංගාඅරච්චි ම්ම්ම්ම්ම්.....බන්ඩාරවෙල එකාව දික්වැල්ලට එවනවා කියන එක ස්තාන මාරුවක් කියලා මුලු දික්වැල්ලම හිතුවත්.....මේ හැන්නදිගෙ විස්වාස කරන් නෑ...

..........

පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නද......සෝලංගාඅරච්චි යන එන පාරක කානුවක ඇලක දොලක මලකදක් සෙට් උනොත් ඒක මර්ඩර් එකක්...මට අත දුන්නොත්...මං ආපිට මගෙ අත දෙනවා.....ඉතින් සෝලංගාඅරච්චි මේක නිකම්ම නිකන් දඬුවම් ස්තානමාරුවක් විතරමද ම්ම්ම්ම්ම්ම්????????

මං ඒ ඇස් දෙක දිහා බලාගන උන්නා...මං බලාගන මගෙ දිහා බලාගන උන්න සෝලංගාඅරච්චි පෙනෙන නොපෙන ගානට හිනාවක් දලා දිවෙන් යටි තොල පිරිමදින ගමන් ඉදලා කරාපු කෙලපාරක් මහමුහුදට ගැහුවා......

මන් කිව්වනෙ.....මොනරවිල වලව්වට හම්බුන බෑනගෙ කප් එක අනිවාරෙම්ම සෝලංගාඅරච්චි ගෙ බෑනා උස්සනවා කියලා.......

මං හිනා උනා...මගෙ මූන දිහාව නොබලම ඇහෙන නෑහෙන ගානට කුටු කුටු ගාපු සෝලංගාඅරච්චි ගෙ වචන තනිකරම මන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් වෙනකොට මං අරගලවලා තිබ්බ ඔරලෝසුව අරගන ආපිට අතෙ බැදගන්න ගමන් සෝලංගාඅරච්චි අතේ තිබ්බ ඔරලෝසුව දිහා බැලුවා .බ්ලැක්පැන්තර් එකක්...මීට අවුරුදු ගානකට කලින් ආව එඩිශන් එකක්...ඒ කාලෙ හැටියටත් ඒක එක පැන්නුවා.....

ලස්සන වොච් එක.....

උඹ හදන්නෙ මේකටත් විදින්ඩද??

පිස්සු....එකට දහයක් හරි අරන් දෙන්නම් ඔහෙට ...ලස්සනයි කිව්වෙ ලස්සන හින්දා ...

ලස්සනද මේක.....නැත්තන් මේක බැන්දම මම ලස්සනද ????සුදු පුතා උඹ ඔහොම කට කොනින් හින වෙනකොට මට හිතෙන දේවල් දන්නවද .....???

ම්න්. .දන්නෙ නැ...ඔහෙට මාව දැක්කම ආස හිතෙනවද ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්???වොච් එක ලස්සන වෙන්නෙ ඔහෙ හන්දා කිව්වොත් මගෙ සෝලංගාඅරච්චි මාව විස්වාස කරනවද.....????

ම්ම්ම්....ඔෆ් කෝස්!උඹ දන්නවද මේ මගුලට සෑහන කල්....ඒකාලෙත් මේක එකයි විස්සක් උනා.....හැබැයි මේක මගෙ අතට ගන්නකොට මේ බ්‍රෑන්ඩ් එකෙන්ම තව වොච් දෙකතුනක්ම එලියට ආවා....ඒක හරියට ඇපල් ප්‍රෝ එක ගන්ඩ ආසාවෙන් ඉන්න එකෙක් අවුරුදු ගානක් කට්ටකාගන සතෙන් සතේ එකතු කරගන යද්දි ප්‍රෝ මැක්ස් එක රිලීස් උනා වගෙ වැඩක් සුදුපුතා...අප්පච්චිලා උනහම එහෙමයි බන්...ගන්න පඩියම ගෑනිටයි ළමයින්ටයි ...ගෑනිගෙ අම්මලගෙ අමාරුකම්වලටයි....මගෙ ගෙවල් වල උන්ගෙ අමාරුකම්වලටයි බෙදිලා ගියහම සමහර දවස් තිබ්බා බන් මට ජොකෙක් ගන්ඩ කල්පයක් පෙරුම් පුරන්ඩ සිද්ධ උන...

සුදුපුතා අප්පච්චිලා උනාම උන්ට ආස දේවල් හිතේ තියාගන උන්ගෙ ගෑනු දරුවො ආස දේවල් අරන් දීලා උන්ගෙ සතුට දිහා බලන් පැත්තකට වෙලා ඉන්න වෙන තැන් තියනවා....මට ඒක දුකක් නෑ...මොකද උන්ගෙ සතුට මගෙත්සතුට හින්දා .....උඹට මේවා තේරෙන්නෙ නැ....උඹට මේක ඕනද.....

.......නෑ මට තේරෙනවා.....සමහරවිට සෝලංගාඅරච්චි ට අමතක ඇති මාත් තාත්තෙක් කියන්ඩ....ඌ බත් එකම කාපු දාට මට රටක් රාජ්‍යක් දින්නා වගෙ....මට එපා ඕක....ඔහෙට ඕන නම් ඕකෙ අලුත් එක අරන් දෙන්නම්...සතෙන් සතෙ එකතු කරන්ඩ ඕන නෑ...දැන් ගියා ගත්තා ආවා....

පිස්සු මගුලක්නෙ උඹ.....පවුල් කාරයෙක්නෙ...උඹ මට ඔරලෝසු අරන් දිදී උන්නම හරියනවද....පොඩි මොනරා උඹගෙ ආදායම් වියදම් බලන්ඩ එයි පොඩ්ඩක් ඉදින්කො....තාම අලුතනෙ...

අර ගෑනිව කොපි පේස්ට් කරලා ඕකා....යනකොට කඩචෝරු අරන් නොයා හාල් කිලෝ එකක් වත් අරන් යමන් අපෙ ගෑනිට ආදරේට චොකලට් එකක් ගිහින් දුන්නොත් ඒකෙන් හාල් කිලො එකක් ගෙනාවා නම් ඉවරනෙ කියලා මගෙ මූඩ් කනවා....ඕකත් ඕකගෙ අම්මා වගෙම බඩුවක්...චොක්ලට් එකක් අරන් යන්නෙ වෙන මගුලක් හිතේ තියාගන...සම්බා හාල් කිලෝ එකක් දීලා රෑට මොනවත් ඉල්ලන්ඩ පුලුවන්ද?????

...........අප්පච්චි....

හ්ම්....

වොච් එක ගන්ඩ මාස කීයක් විතර ගියාද...

විස්ස ගානෙද කොහෙද බන් ඉතුරු කෙරුවෙ....ඒත් සමහර මාසවල ඒ විස්සත් ගෙදරට දුන්නා.....අඩුම මාස හත අටක්....අවුරුද්දක් විතර.....

ම්ම්ම්න්....

මන් ආයම අහක බලාගත්තා....අතේ තිබුන ඔරලෝසුව ගන්න කොච්චර කල් ගියාද අහනකොට ඔරලෝසුව දිහා බලාගනම ගනන් හදපු මගෙ මාමන්ඩියා මාස හත අටක් කියල අවසානෙදි ආයම අවුරුද්දක් විතර කියද්දි මං අහක බලාගන ඉදලා ආපිට සෝලංගාඅරච්චි දිහාවට හැරුනා.....

එකයි විස්සෙ ඔරලෝසුවක් ගන්න සෝලංගාඅරච්චි ට අවුරුද්දක් විතර ගියා.....

හ්ම්ම්....ඔව්....

සාජන් කෙනෙක්ට අපි හිතමුකො හැත්තෑවක් අසූවක් විතර හම්බෙනවා කියලා සැලරිය....ම්න්....ඊට අමතරව මන් දන්න විදිහට අර අමතර දීමනා අනන් මනන් සෙට් වෙන එකක් තියෙන්නෙ ..බටාද මොකක්ද මගුලක් ඕකකුත් සෙට් වෙනවනෙ .....ඒකත් පහලවක් විස්සක් කියමුකො...හරි අපි කියමු සැලරිය එකක් කියලා....ඔය ගත්ත ලෝන් අනන් මනන්වලටත් කැපෙනවනෙ...මොකද අපෙ ලියනගේ කාරයටත් ගන්නවට වඩා පඩිය කැපෙන එකනෙ වෙන්නෙ...

හ්ම්....ඉතින් ඔව්...

මං අහන්නෙ මාසෙකට විතර පඩිය එකක් එකයි විස්සක් වගේ ගන්න කාට හරි ලක්ශ අට දහයක විතර වොච් එකක් බදින්ඩ පුලුවන්ද සෝලංගාඅරච්චි ???ඔන්න සෝලංගාඅරච්චිට මොරිස් මයිනර් එකක්.....රත්තන් හවඩියක්...පිත්තල පඩිකමක් මැනික් ඔබ්බපු ඔය මොකක් හරි ඇන්ටික් බඩුවක් තිබ්බොත් ඕන ගොනෙක්ට තේරෙනවා ඔය ඇන්ටික් බඩු සෝලංගාඅරච්චි ට පරම්පරාවකින් හම්බ උන දෙයක් කියලා...ඩවුට් එකක් නෑ....හරි.....මොක්ද වයිෆි පොජ්ජ වලව් කාරියෙක් ...ලියනගේ කාරයට රත්තරන් කෙටේරියක් තිබ්නොත් අවුලක් නෑ....උගෙ ගෑනි දඹානෙ කැකුලියෙක්...හේතු සාදක තියනවා...ආ ඕකට මේක හම්බෙන්ඩ ඇත්තෙ මෙහෙන්නෙ කියන්න...හරි ...

මනුස්සයො ඉන්න තරාතිරන් අනුව සල්ලි වලට ගන්න බැරි දේවල් පාවිච්චි වෙන්න ගද්දි ඕන එකෙක් කල්පනා කරනව මේක කොහෙන්ද මේක කොහෙන්ද කියල.....vip සර්විස් ගන්න....ලක්සරි ඇදුම් පැලදුම් ලිමිටඩ් එඩිශන් ෆර්ෆියුම් සුවදවල් නොහිතන මිනිස්සු ගාවින් එනවා කියන්නෙම එතන කොස්සක් කියන එකසෝලංග ආරච්චි.....

උඹ දැන් ඔය වැල්වටාරම් කිය කිය මොනවද මට කියන්න හදන්නෙ කියපන් සුදුපුතා.....

මෙච්චරවෙලාම ඉදගන උන්න මං නැගිට්ටා.....හුළං සැරටම මුහුදු වතුරෙන් පෙගුන සරමත් කමිසෙත් යන්තමට වේලීලා තිබුනා වගේම ලුනු වතුරටම අත පය යන්තමට වගේ කසන ගතියක් ගන්නකොට මං බෙල්ල පිටිපස්ස කස කසම නැගිටින්න හදන සෝලංගාඅරච්චිට මගෙ අත දික් කෙරුවා.....

වෙන්දකඩුව ඇයි ආවෙ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ ම්ම්ම්ම්ම්ම්ම්ම්.....තමුන් ආවෙ දඩුවම් මාරුවක් හන්දා නෙවෙ කියන එක මං දන්න එකේ...බැරිද මාමන්ඩියට මට උදව්වක් කරලා දෙන්ඩ....??

.........සමුද්‍ර.....

මීට අවුරුදු ගානකට කලින් මැකරල් එකෙ වැඩකරපු කෙල්ලෙක්ගෙ කේස් එකක්...මිනිමැරුමක්.....මං හිතන්නෙම හිරබත් කන්නෙ අහිංසකයෙක්....හිරබත් කන්ඩ උරුම එකා රජසැප විදිනවා කියලා....අවුරුද්ද නම ගම එකින් එක අහන් ගිහින් ෆයිල් ගොඩ අදින්ඩ යන්ඩ එපා.....එලිවෙනකන් හෙව්වත් ඔව්වා හම්බෙන් නෑ....

.........

සෝලංගාඅරච්චි .....පුලුවන්ද ඒ කේස් එක එළිපිට නැතත් ආපිට උඩ අදින්ඩ ම්ම්ම්ම්????ඕන මගුලක්.....මං ඒ වෙනුවෙන් ඕන මගුලක් ඔට්ටු අල්ලනවා.....

මහුදු හුලන් රැල්ල ඇවිදින් සැරින් සැරේම මහ මුහුදට පස්ස හරවන් ඉන්න අගෙ ඉසකෙයා උගුල්ලන් යන්න හදනවා...බාගෙට වේලුන සරම තවමත් කකුල්වලටම ඇලිලා තියෙද්දි මගෙ අතෙ වාරුවෙන් නැගිටපු සෝලංගාඅරච්චි සාක්කු දෙකට අත් දෙක දාගන මගෙ දිහාව බලාගන ඇස් හීන් කෙරුවා.....

රඹුක්වැල්ල කරන්නෙ අරක්කු විතරක්ම නෙවෙ කියන්න සෝලංගාඅරච්චි ඇරුනම මුලු ස්ටේශන් එකම දන්නවා .....මෙතනින් අල්ලන කුඩු පැකට් එකට කීයක් හරි මිටමොලවලා නිදහස් කරලා ඉස්සරහට යනවකොට තව චෙක්පොයින්ට් එකක උන්ටකෝල් එකක් වදිනවා අහවලා එනවා...අහවලා අතෙ අහවල් දේ තියනවා කීයක් හරිඅරන් යවපන් කියලා...ඔය වගේ කෝල් කීයක් රෑ එලිවෙනකම්ම වදිනවද ම්ම්ම්ම්ම්.....මං කිව්වනෙ...සෝලංගාඅරච්චි ට මං විතරක් උන්නත් ඇති....දතට දත....ඇහැට ඇහැ...කැලලට කැලල....

.....................මං උඹගෙන් දෙයක් අහන්නද සමුද්‍ර.....

ම්න්....

............උඹත් මාලු කාරයෙක් විතරමද?????

............ම්න්....අනිවාරෙම්ම !!

************************************

Sihath pov...

අම්මෙ.....කැතයො...

ඇයි ලමයො ඇයි....මොකද බන්....උඹගෙ වැඩේම ආව වෙලේ ඉදන් අම්මෙ හුම්මෙ ගගා දකින දකින දේ ඉල්ලන එක.....ඔහොම කඩචෝරු ගිලලා උඹ දවල්ට බත් කන්නෙ කොහෙටද කියපන්....මුදලාලි මට තව පතෝල කිලෝ එකකුත් දාන්ඩ...අනෙ මේ අයියෙ හොද ළපටි කරල් වලින් දාන්ඩ ඈ....

වට්‍ටක්කා කිලෝ එකයි

පතෝලා කිලෝ එකයි

වම්බටු කිලෝ එකයි

ලීම කරල් කිලෝ එකයි(මෑ)

බන්ඩක්කා කිලෝ එකයි.....තව මොනවද.....

මං උන්නෙ හෙම්බත් වේගන....ගෙදර උන්න නොදරුවො දෙන්නව ගෙට දාලා දොරවහපු මම මගෙ බෙදුම් කට්ටක් වගේ උන්න මගෙ දරු පැටියත් එක්ක හපුතල් කන්ද නන්ගින ගොනා වගේ මගෙ මිනිහා කියපු එලවලු කඩේට කකුල් ගෙවෙනකන් ආව මං උන්නෙම බාගෙට පන ගිහින් වෙනකොට පසනගෙ වැඩේම දකින දකින කඩචෝරුව ඉල්ල ඉල්ල මගෙ පස්ස පාරෙ ආව එක වෙද්දි හිතේ හැටියට බැනගන්ඩ බැරි මං පසනා දෙයක් උස්සන් එන එන පාරට සෙනග ගොඩෙ ඒකට බැනගන්ඩ බැරි කමට මං මගෙ ඇස් ලොකු කරලා ඌට ඇස් වලින් සබ්ටයිට්ල් පෙන්නුවා විතරයි මං අහගන ඒකා අඩි පොලවෙ ගගහා නාහෙන් අඩ අඩ ආයම වෙන අහකට මාරු වෙනවා....

අර මිනිහට කොච්චර කිව්වද සැර මාලු එපා කියල....අනික බත් පතෙන් එකයි මාලු...යකො ඔයාකාර මාලු ගිලින්ඩ ඕනා නම් මූදට පැනපියකො....එලවලුවක් මැල්ලුමක් ගිල්ලොත් මැරෙනවනෙ....

උඹ නම් මහ පිස්සෙක් සමුද්‍ර....මට උඹව දික්කසාද කරන්ඩමයි හිතෙන්නෙ.....

මං ආයම හාල් ගෝණි ගාවට ගියා .....මහ අම්මන්ඩි වගෙ මොනර පුකත් පස්සට දාගන අනිත් උන් වගේම ගෝණි වලට අත දදා හාල් පරිප්පු අත ගෑවා....

සෝක් මුන් ඇට ටික....මුන් ඇට කිරිහොද්දක් හැදුවා නම්....ලමයගෙන් අහන්ඩ ඕන හරක් මස් කනවද කියලා...යනගමන් මස් කිලො එකකුත් අරන් ගියා නම්....රමනි අක්කටත් බත් ටිකක් දෙන්ඩ එපැයි.....බත් එක දීලා කියන්ඩ ඕන අනෙ අක්කෙ ඔයාගෙ ඔයකැසට් බැසට් එක තමුන්ට විතරක් ඇහෙන්ඩ දාගන්ඩ මට ලමයට අකුරක් උගන්නගන්ඩ බැරි වෙනවා කියලා....

මුන් ඇට ගෝනියෙන් මුන් ඇට අහුරක් ගත්ත මන් ඒ ඇට ටික එහාටත් මෙහාටත් බලලා එකපාරම.අතුරුදහන් උන දරු පැටියව හොයන්ඩ මැන්ඩියට හිටගනමඑහාට මෙහාට රින්ගනකොට මන් ඉල්ලන ඉල්ලන බඩුව කිර කිර උන්න හත් රියන් විතර උස කොල්ලා මන් ආයම මොනවා හරි ඉල්ලයිද කියලා බලාගන උන්නා.....

අයියෙ ඔය පොඩි වැස්ලින් ඩප්පියකුත් දාන්ඩකො....(ඇත්තමයි සමුද්‍ර උඹ නම් මහ අසහන කාරයෙක් බන් ....උඹව මට කාන්තා හා ලමා මෙව්වා එකට ගෙනියන්න හිතෙනවා.....)

අම්මෙ...මේ....ටිපිටිප්....

ටිපිටිප් කාලා දවල්ට කන්නෙ කොහෙටද ලමයො ඕක ආපිට තිබ්බ තැනටම ගිහින් දාපන්.....එකින් එක එකින් එක උස්සන් එනවා..... දත් ඇන්ද ගන්ඩ දෙයක් නෑ...දහ ජරාව ගිලින්ඩ මෙතන...යන තැන කඩචෝරු ය්ණ තැන කඩචෝරු.....අයියෙ මට යහපෝස පැකට් එකකුත් දාන්ඩ...පොඩු දත් බුරුසුවකුයි ලොකු දත් බුරුසුවකුයි බේබි සබන් කැටේකුත් දාන්ඩ.....

ඔහෙගෙ වැඩේම දවල්ට කන්නෙ කොහෙටද දවල්ට කන්නෙ කොහෙටද අහන එක......අනෙ තාත්තෙ....මූව එලෝලා වෙන අම්මෙක් ගෙනෙල්ලකො...අයියෙ ඔහෙ මේ ටිපිටිප් එකත් දාන්ඩ ...

එපා අයියෙ.....අයියෙ මෙ අලු මඥ්ඥොක්කා හොදට තැම්බෙනවා ඇති නේද...පසන්....පුතේ මඥ්ඥොක්කා කනවද....???දවල්ට මඥ්ඥොක්කා උයන්ඩද????

.

ඔහෙ උයන්ඩ දන්න දෙයක් ගන්ඩකො අප්පා....මට බඩගින්නෙත් බෑ.....වෙලාවකට වට්ටක්කා උයන්ඩ අහනවා.....වෙලාවකට වෙන ලබ්බක් අහනවා...ඔහෙට මොන්ගල් .....මායි තාත්තයි කන්නෙත් නෑ.....

අප්පගෙයි පුතාගෙයි කටෙ හොරිනෙ අලයක් බතලයක් කෑවොත්....මට මඥ්ඥොක්කා කිලො දෙකක්ම දෙන්න අයියෙ....දෙකක්ම දෙන්න...

🙂🙂🙂

More Chapters