WebNovels

Chapter 43 - 42

තත්තේ...හ්...වරෙල්ලකො...යෝහ්.....ආය බඩ රිදෙනවා...මං කිව්වා යකො සයුරියට ලොකුවෙන්ඩ එපා කියලා.....ඒකි ලොකු වෙලා පසනටයි දැන් කක්කා යන්නෙ නැතුව මග හිරවෙන්නෙ...තාත්තේ...පසනට කක්කා කැද එක හදා දියල්ලකො.....

අරූගෙ පුක පුපුරලා මැරෙනවා දැන් ඇයි යකො.....මෙ වතුර එක පිරෙනකන් වත් ඉන්නෙ නෑනෙ ඥාඥ්ඥෙ ගගා හැමිනෙනවා....ඇයි යකො රෙන්ඩ යනවා නම් වතුර අරන් පලකො.....කට නන් දික්වැල්ලටම ගහන්ඩ.....ඒ උනාට රීලා පුක හෝදගන්ඩ බෑ....යෝහ් ..එ අස්සෙන් මගෙ පුකත් දනවා අප්පා.....හැන්දා වාලම්පුරියට මිරිස් අතුලගන ඉදලද මන්දා...

මේ අප්පයි පුතයි මට දෙන වදයක් ඇයි යකො.....මුන් නම් මාව කන්ඩම ආව අප්පෙකුයි පුතෙකුයි ඇයි යකො....අනෙ අම්මියෙහ්...ම්හ්...දෙකට නැවෙන්ඩත් බෑ...මගෙ ඇට සව් ඇට වගේ දියවෙලාද මන්දා....අනෙ අම්මියෙ...පුතාගෙ අන්බොක්සින් එක හෙන දරුනුයිනෙ අම්මියෙ...යෝහ්...කකුල් දෙක නෑ වගේ අප්පා...

කොහෙද මොනර පැටියටත් තිබුනෙ එසෙ මෙසෙ විසයක් නෙමේනෙ...තව ගහපන් තව ගහපන් හැන්දො කියලා මාත් මොනර පුක තවත් උස්සලා දුන්නනෙ.....ම්හුක්... ඒ ඔක්කොම වේදනා අස්සෙ මුන් දෙන්නා.....ඇයො යකො....

හරි නම් මදුසමේට පස්සෙ මට නිවාඩුවක් වත් දෙන්ඩ එපැයිනෙ.....

මං උන්නෙ පුපුර පුපුර .....ලිප් ගල් තුන උඩ තියාපු කිරිමුට්ටියක් උතුරන් එන්නා හා සමානව මේ උදෙම්ම සුදු අයියගෙ ආදරෙ උතුරගන එනවත් එක්කම පසනා නම් වෙච්ච එකම දරුපැටියා අර උතුරාපු ආදර්‍ර් මැදට කොස්සක් දැම්ම විතරයි කුලුදුලේම කන්ඩ ගත්ත පවුලට සෞභාග්‍ය ගේනවා වෙනුවට මට යකා ආරූඪ වෙන්ඩ ගත්තා....උතුරගන ආව අර ආදර කිරි මුට්ටිය ගගෙ ගියා.....

තාත්තේ....හ්හ් ...කැත තාත්තේ...

අරකා ආයම කෑ ගහනවා...තාත්තේ ගානව...ආයම කැත තාත්තේ ගානවා....තාත්තෙ කියන එක නම් මට අනුමත කරන්ඩ පුලුවන් දෑස පියාගන උනත්....ඒත් මේ කැත කැල්ල.....කානුවා උඹ මට කැත කැල්ල රෙජිස්ටර් කෙරුව මදිවට උඹගෙ මේ කට හැකර බෙදුම් කටු සවල් මේටටත් උගන්නලා....

තාත්තේ...අනෙ ...දැන්නම් කසනො යකො...තාත්තෙ මට පනු බේත් දුන්නද තාත්තේ... ඈ...ඔහෙ පාමසි අක්කගෙන් මට පෙත්ත ඉල්ලා දුන්නද....ඇත්තමයි තාත්තෙ ඔහෙ එන්නෙ නැත්තන් මං පුක අතුල්ලගන්නවා බිම...අර ගොනෝරියා පුක අතුල්ලගන්නො වගෙ පස්නත් අතුල්ලගන්නො හරිය.....

මාව රත් වෙනවා.....අල්ලන තැනිනුත් කැල්ලක් කැඩුන මදිවට හුලන් පාරට ඔරොත්තු නොදෙන එස්ලෝන් බටෙ ගැටගහලා තිබුන රීප්ප පටියත් තිබුනෙ මෙහෙක් වෙලා වෙද්දි වතුර එන පවර් එකට ටැප් එකෙනුත් ජුගුලු බුගුලු...කුශ්..කුශ්...හුප්...හුප් ගාන සද්දයක් ඇහෙන්න ගද්දි අරූගෙ මලකරච්චලෙන් නැගලා උන්න මට තවත් නැග්ගා .. .

ටැප් එක හෆ් හුෆ් ගානව...කුශ් හුෆ් ගගා තැනින් තැන ඉරිලා ගියපු ඩියුලක්ස් බල්ලා උන්න ලේබලයක් තිබ්බ තැඹිලි පාට තීන්ත බාල්දියට වතුර පිරෙනකොට මං ලෝබකමක් නැතුව රැල්ල ගහන මහ මුහුද දිහා බැලුවා...

කාක්කො විමානයයි ...අලුත් මාලුවෙක්ගෙ රහ බලන්ඩ මොනතරන් පෙරේතකමක් තියනවද කියනවා නම් හුලන් අතත් එක්ක එවුන්ව ඈතට ගහන් යනවා කියන එක වත් එවුන්ට දැනෙන් නෑ...

වතුර බාල්දිය පිරෙනකන් මගෙ ඇස් දෙකම දිව්වෙ මේ වැල්ල් පුරාවට....දවසෙ වේලට යන ධීවර බෝට්ටු විමානයයි.....එකම පෙලට ගොඩ අරින බෝට්ටු දියඹෙ ඉදන් එකම වේගෙට ඇවිදින් ඒ හුස්මටම තඹ පාටවෙරලට ගොඩ ගැහුවා වගේම එන වේගෙටම එන හන්දම මුහුදෙන් ගොඩබිමට ආවත් බෝට්ටුවෙ ඉස්සරහම තියන අර පැතලි වගේම තියුනු කොටසට අර වැල්ල දෙබෑකරගන බෝට්‍ටුව රැල්ල පහු වෙලත් ඉස්සරහට ඇදෙනවා....ඒ ඇවිදින් ගොඩ කරපු අනිත් බෝට්ටු පෙලට සමාන්තරව නවතිනවා එක්කම ඒ බෝට්ටුව වටේට සෙනග පිරෙනවා...

හතර මායිමෙන් එකයි පෙට්‍රල් සුවද ....යමහා කියලා ලියවුන එක එක මට්ටමින් අශ්වබල ගත්ත ඇන්ජිම් වලින් එන "ඩර ඩර" ගාන සද්ද එක්ක කඩි ගුලකට එහා තදියම් උන මිනිස්සු බර වෙච්ච පන්නෙ*

(මාලු අස්වැනෙන් බර උන දැල් කුට්ටම)

බේරන්ඩ දිශ්ටි වැටෙන හැටි මං අර වතුර බාල්දිය උතුරල යනකනුත් බලාගන උන්නා.....

මිනිස්සු එහෙට දුවනවා මෙහෙට දුවනවා...තොග මිලට ගන්ඩ එන වෙලෙන්දො ....ස්ටෑටඩ් බයිසිකල්....නයින්ටි සුපර්කප් පිටිපස්සට අහවල් සංවර්ධන ඇමතිගෙ දිරි දීමනාක් කියලා ලියවෙච්ච පෙට්ටි බැදගත්ත මාලු කාරයො මේ දැන් ගොඩ ඇරපු බෝට්ටුව වටේට පිරෙනකොට මං මගෙ ඇස් පනාපිට තවමත් පන ගහන මාලු එවුන්ගෙ වල්ග ගස ගස දැල අස්සෙ දගලන හැටි බලාගන උන්නා....

රැල්ල ගහනවා ...ආපිට වෙරලට ඇදෙනවා...මහපාන්දර සෙක්කල් ගියපු සෙක්කල් බෝට්ටු ගොඩ අරිනවා.....ආපිට යන එවුන් ඕඩි හෙලෙයි.....ඕඩි හෙලෙයි...ඕඩි...ඕඩි හෙලෙයි ගගා ආපිට මහ මුහුද දෙබෑ කරන් දියඹට යන එවුන් දෙවොල් පිහිට ඉල්ල ඉල්ල දියඹට යනවා.....

ධීවර ජීවිතෙත් පුදුමාකර සුන්දරයි .....මාරියාව ඉහට උඩින් ගහනකොට පරාන බය ඒ මාරියාවටත් උඩින් දැනුනත්.....ධීවර රස්සාව කියන්නෙත් ජීවිතෙත් මරනෙත් අතර සටනක් බව සක් සුද ඉකමවලත් දැනන් උන්නත් මහ මුහුද ආත්මෙ කරගත්ත මේ මිනිස්සුන්ගෙ මූනවල් පුරාවටම අර මහන්සිය කපාගන හිනාමල් පිපිලා තිබුනා.....

මූදු වතුරටම පාට මැරුන ජර්සි....ආය ආය කොල පාට කහපාට සෙටින් රෙද්ද ළඟින් යන රෙදි ජාතියකින් මහපු කොට කලිසන් එක්ක චූටි කාලෙ සෙල්ලම් ගෙවල් දානකොට දිග කොන්ඩෙකට ආසාවෙන් අත්තම්මගෙ අම්මගෙ සායවල් ඔලුවට දාගන්නවා හා සමානව ඔලුවට ගැටගහපු චීත්තපටවල් නිල ඇදුම් කරගත්ත මේ මිනිස්සු හරි හරියට අර දැල ගසන්ඩ ගත්තා....ඒක මගෙ සුදු අයියගෙ බාසාවෙන් කියනවා නම් දැල බේරන්ඩ ගත්තා....

රිදී පාටයි ....තවමත් ජීවත් වෙන්න සටන් වදින අස්වැන්න තනිකරම රිදිපාටයි....බල්ලොයි කාක්කොයි විමානයයි ....

තාත්තේ......ඇයි යකො තාත්තෙ...කැතයො.....වරපියව්කො වදෙ.....ඔහෙලා මැරිලද ....ඇයි යකො මං කීයෙ ඉදන්ද අඩගහන්නෙ පසනව හෝදන්ඩ කියලා....

මූ නම් පුදුමාකාර නියන් කාක්කෙක් තමයි යකො....එක තත්පරේකට මට සැනසීමෙන් ඉන්ඩ දෙන්නෙ නෑනෙ....අපෙ එක්කෙනාට කියන්ඩ ඕනා මූව සිසත්තෙ පන්තියක් හොයලා දාන්ඩ කියලා....නට නට ඉන්නවා මිසක් පොතක් පතක් අතින් අල්ලන්නෙ නෑ....

හිටපන් පුතෙ හිටපන්...උඹ මේ තාත්තගෙන් තමයි හැදෙන්නෙ....හිටපන්කො.....

අරූ එහෙන් මැරෙන්ඩ හදනවා...මහ මුහුද දිහාව හරි ආසාවෙන් බලාගන උන්න මගෙ සැනසීම ගොඩට ගහපු රැල්ලත් එක්ක අපිට ගහගන යනකොට මං ඒකට බැන බැනම ටැප් එක වහලා වතුර පිරුන බාල්දිය අතට ගත්තා..

මොකද යකො...මොකද....කිව්වා නේද වතුර එක අරන් එනකන් කටවහන් හිටු කියලා....කොයිවෙලෙත් තාත්තෙ තාත්තෙ ගාන්නෙ...පොඩ්ඩක් හිටපිය...අවුරුදු අටක් වෙන්ඩ එනවා තාම පුක හෝදගන්ඩ බෑ.....ඒකට මොකද කට.....ඇයි යකො..එකාට යකාට ඔක්කොටම කියලා ඉන්නෙ එකයි....ඌ කෑගහනවා දහයක් කෑ ගහන සද්දෙන් .. තවත් ගෙවල් තියනවා ඒ ගෙවල් වල ළමයි මෙහෙමද...??ඔය බැනියම උස්සගන ඉදගන ඉදපන් .....

හරි අප්පා.....ඇයි වදෙ ඔහෙ කෑගහන්නෙ ...පසනට අමාරි හන්දනෙ කෑ ගාන්නෙ...අනෙ තාත්තෙ....කැත තාත්තා උදෙම්ම බයිනෝනෙ ....

ඔය..කලිසම දාපු දාපු තැන...රෙද්දෙ රෙවෙන්ඩ තියන්ද උඹ මේකට රින්ගුවෙ...බලපිය කලිසම කොහෙවත් ...උඹට මේක දොරෙන් වත් එල්ලන්ඩ බැරිද....

ඉතින් යකො මට උසවෑ දොරෙන් දාන්ඩ....තාත්තෙ මං එලියට එන්ඩද.....

එලියට ඇවිත් පුක හෝදන සිරිතක් තියනවද ...එහෙනම් උඹ ගලක් ඉඩ රීලා රැල්ලටම පුක අල්ලන්ඩ එපැයිනෙ.....ඇයි යකො...හිටන් ඉන්නෙ...ඉදගනින් ..හිටගන උඹගෙ පුක හෝදන්ඩ පුලුවන්ද ...

ඔහෙ ඇයි මේ මැරෙන්ඩ හදන්නෙ.....ඈ කැත තාත්තෙ....

මන් හිතන්නෙ මගෙ මූන තනිකරම අර ගෙඹි පැටවු ඉස්සරහා හරකගෙ සයිස් එක පෙන්නන්න පිම්බිලා පෙන්නපු ගෙම්බ් වගෙ වෙන්ඩ ඇති....ඒ තරමට තරහවෙන් පිම්බිලා රතුවෙලා තිබුනා....

මොනර පෙදත් හෙන වැදුනා හා සමානව කෙලින් වෙලා තියෙනකොට අඩි පහ හයක් පස්සට දාන් උන්න මොනර පුකත් ගස්ස ගස්ස ගියපු යැමටද කොහෙද අර තීන්ත බාල්දියට පුරවන් උන්න වතුර එකෙන් වතුර හැලි හැලී යනකොට කොමඩ් එකක් වෙනුවට පෝච්චි වල තිබුන ටොයිලට් එක ඉස්සරහා තිබුන පසනගෙ කලිසන් කොටෙත් අහුලගත්ත මං ඒකට බැන බැනම් ලෑලි දොර අරිනකොට මූ ම කිව්ව විදිහටම බැනියමත් උස්සන් කකුල් දෙකත් අර කකුල් දෙක තියන කැට දෙකෙ තියාගන හිටන් ඉන්නකොට මට ඒකගෙ සරීර කූඩුව දැකල ඊලගට බනින්ඩ ආව වචන දෙක තුන කටේම හිර උනා...

මට පසනා පව් කියලා හිතුනා....ඌ කිසිම තරහවක් මරහවක් නැතුවම මට තාත්තා කියනවා...උගෙ පප්පා තාත්තගෙන් ඌට විතරක්ම මදී නොකියන්ඩ ලැබුන ආදරෙ ටොන් ගනන් හොරකන් කරගත්ත බව නොතේරෙන පසනා බැනියම උස්සන් මං ඒකව හෝදන්ඩ එනකන් බලන් ඉන්නවා.....

අනිත් පැත්ත හැරෙන්ඩ මං කොහොමද ඔහොම ඉද්දි හෝදවන්නෙ...

කැත තාත්තෙ ඔහෙට ඇහැක්ද පසනගෙ පුක හෝදන්ඩ....ඔහෙට බෑ නම් කියන්ඩ හරිය .....පසනා දන්නව හෝදගන්ඩ...හැබැයි පසනට වතුර දාගන්ඩ දන්නෙ නෑ....අපෙ පප්පා තාත්තා නැතිදාට අනිත් උන්නෙ හෝදන්නෙ...ඒ උනාට අපෙ සිගිතියා බයිනෝනෙ හැමදාම උඹගෙ පුක අපිම හෝදන්ඩද කියලා අහලා....සිගිතියා වතුර දානකොට පසනා තමා හෝදගන්නෙ ඒත් ඉතින් පසනා හෝදගන්නෙ ඇගිලි දෙකකින් විතරයි....අපෙ තාත්තා නම් එහෙම නෑ....ඔහෙට බෑ නම් කියන්ඩ....පසන තරහා නෑ හරිය .....

කියවන්නෙ නැතුව හැරියන් ලමයො....තවත් කියවනවා උඹ දැන් මැරෙන්ඩ හැදුවා නේද....

මං පසනගෙ උරහිසෙන් අල්ලා අනිත් පැත්ත හැරෙව්වා ඒ එක්කම් ඒකා ඉදගත්තා...මෙච්චර වෙලාම පුපුර පුපුර උන්න මට එක තත්පරේකට මගෙ ගාව ඇනතියාගන ඉන්න පසනගෙ කටු සර්වාංගෙ හරි මැදින් ලාවට වගෙ ඉලිප්පිලා පෙනුන කොදු නාරාටිය දකිනවත් එක්කම මගෙ සමනල්ව මතක් උනා...

අනෙ දෙයියනෙ මටමගෙ පොඩි එකා මතක් වෙලා හීල්ලුනා.. ...

අනෙ මගෙ චූටි මල්ලි මොනවා කරනව ඇතිද....ඌ මාව හොයනව ඇතිද ....අම්මා අප්පච්චි....අත්තම්මා....සීයත්තා....

සාගරිකා.....මගෙ ලේ පුච්චන සුසංගතා.....මේ ඔක්කොටම වඩා මට පසනව දකිනකොට මතක් උනේම මගෙ සමනල්ව වෙනකොට මටත් නොදැනි මගෙ ඇස්වලට කදූලු පටලයක් බැදුනා.....

අනෙ ඕකා නැගිට්ට ගමන් හෙලිවැල්ලෙන් අම්මව හොයන් යනවා...ඒ නැත්තන් බල්ලා පස්සෙ යනවා....එහෙමත් නැත්තන් මිනිස්සුන්ගෙ නම් දාගන ඇති කරන ගෙම්බො පස්සෙ දුවනවා....ඔය අතර මැද කැතයො ගාගන මගෙ ගාවට එනවා.....

අම්මා....එතකොට මගෙ අම්මා.....නැගිට්ට පැදුරෙ ඉදන් කරන්නෙ එක එකාගෙ ඕන එපාකම් කරන එක....ගමටම රටටම ඉර පායන්ඩ කලියෙන් අපෙ ගෙදර කුසියට ඉරපායනවා....ඒක මගෙ අම්මා විතරක් නෙවෙ..මේ තුන්ලෝකෙ ඉන්න හැම අම්මෙක්ටම පොදුයි....මිනිස්සුන්ගෙ ‍රාජකාරිය වෙන්නෙම දේව කාරිය වෙනකොට අම්මලාගෙ දේවකාරිය වෙන්නෙම පවුල වෙනුවෙන් නැහෙන එක වෙද්දි මගෙ අම්මත් ඇදිවත පිටින්ම කුසියට වැදිලා අප්පච්චිගෙ තේ එකෙ ඉදන් ගෙදර ඉන්න සතාගෙ වතුර පිගාන වෙනකන්ම එ අත්වලින් ලෑස්ති කරනවා...

මගෙ අම්මා අදත් එහෙම කරන්න ඇතිද ...සුදු මහත්තයා සුදු මහත්තයා ගගා මගෙ කාමරෙ දොරට තට්‍ටු කරලා මාව ඇහැරවන්න හදන්න ඇතිද .....

මගෙ අප්පච්චි...

මගෙ අප්පච්චි නිදි පැදුරෙම්ම මගෙ කාමරේට ඇවිදින් මං නිදිය කියලා හිතාගන මගෙ ඇද කොනින් ඉදගන මගෙ ඔලුව අතගාන්න එන්න ඇතිද.....වෙනදා වගේම මගෙ ඔලුව අතගාලා නලලට හාදුවක් තියලා මාව අප්පච්චි කෙනෙක් කෙරුවට පින් පුතෙ කියන්ඩ ඇතිද ....

අනෙ මට සමාවෙයන් අප්පච්චි...මෙච්චකාලෙකට මං නිදී වගේ ඉදන් උඹ ඔය රහසින් කොදුරපු වචන ටික මං හැමදාම අහන් උන්නා අප්පච්චි.....දරදඩු රූපයක් තිබුනට ඉදලා හිටලා උඹගෙ දරදඩු නපුරු කම් එලියට පෙන්නුවට උඹ මගෙ කනට කොදුරන හැමදාකම උඹ තරම් ආදරෙ කරන මනුස්සයෙක් මන් දැකලා උන්නෙ නෑ අප්පච්චි....

උඹ අදත් මගෙ කාමරෙට ආවද....මං නැති හිස් ඇද දැක්කම උඹට දුක හිතුනද අප්පච්චි.....

නැත්තන් උඹල මුලු රෑම ඇහැරන් මං ගැන හිත හිත හීල්ලුවද...අත්තම්මා සීයත්තා බලාගත්ත අත බලන් ඉන්නවද...සාගරිකට මන් නැතුව සාංකාව වගේද.....අනෙ අප්පච්චි මට උඹල මතක් වෙනවා අහවරක් නැතුව.....

මගෙ පපුව පුරාවටම කටු අනිනවා වගේ වෙනවා....ඇස් දෙක කෙවි කෙවීම කදුලු උනන්න හදනවා.....හැම දේම අතෑරලා දලා සුදුඅයියා එක්ක එනකන් මට ඉවසිල්ලක් නැති උනාට මොකද සතුට උතුරන්න ඕන මොහොතක මගෙ පපුව කකියන්න ගත්තා.....

විසි හතර පැයම හිනා වෙලා ඉන්න බලන් පිස්සුවෙන් වගේ ආදරෙ කරන මනුස්සයා එක්ක ආවට මොකද මගෙ පපුව මටත් හොරාවට හූල්ලනවා.....

අම්මා අප්පච්චි

ඒ කියලා මං ආපස්සට හැරෙන්ඩද...සුදු අයියව දාල මං ආපිට අම්ම ගාවට දුවන්ඩද....එතකොටආ එක්ක ආව මගෙ සුදු අයියට මොකද වෙන්නෙ ...ඒ හිත රිදෙන් නැතිවෙයිද....

එතකොට....එතකොට....මං ආවට පස්සෙ මගෙ අම්මා අප්පච්චිගෙ හිත රිදුන් නැතුවද...

මට පිස්සු හැදෙන්න වගේ එන්නෙ ඇයි දෙයියනෙ....මං ආවෙ සතුටින් ඉන්නනෙ.....

මං ආවෙ මං ආදරෙ කරන් මනුස්සයා එක්ක පවුලක් වෙන්නනෙ .ඒත්...ඇයි මට දැන් දැන් දාලා ආව අම්මා අප්පච්චි මගෙ චූටි මල්ලි මතක් වෙලා මගෙ පපුව රිදෙන්නෙ .....

මගෙ පපුව ඇදුම් කනවා.....හීනියට පටන් ගත්ත හිත් රිදුම අංශුවෙන් අංශුව වැඩි වේගන යනවත් එක්කම මගෙ යටි තොල් යන්තටමට වෙව්ලගන ඇවිදින් මෙච්චරවෙලාම කෙවි කෙවි තිබුන ඇස්වලින් උනුසුමට කදුලු කැටයක් කඩාගන වැටුනා...

ඒකත් මට පිටුපාලා ඇනතියාගන ඉන්න පසනගෙ පිට කොන්දට වෙනකොට කොල්ලා එකපාරම මගෙ දිහාව බෙල්ල හරවලා බැලුවා.....

තාත්තෙ.....ඔහෙ පසනව හෝදන්නෙ නෑ?

හ්...හෝදනවා හෝදනවා ප්....පුතේ....

ආ...මේන්.....වැඩක්...තාත්තෙ ඔහෙ අඩනෝද.....පුක හෝදන්ඩ බෑ නම් කටවහන් ඉන්නෙ නැතුව මක්කවත් දොඩන්ඩ එපැයි අඩෙ ...පසනා දන්නෙ නෑනෙ ඔහෙ දොඩන් නැතුව උන්නම...ඔහෙ වතුර දාන්ඩ පසනා හෝදගන්නම්....පකටැයි අඩන්නෙ ආය ....නැත්තන් මං අපෙ පප්පා තාත්තට කතා කරන්නඩද....

නෑ ඕන් නෑ පසනා මගෙ ඇහට රොඩ්ඩක් ගියා...ඒකයි මේ...

මං නෙවෙ කොල්ලට ආය වචනයක් කියල බැන්නෙ....පසනා පසනා ගගා කතා කෙරුවත් මට පසනා අස්සෙනුත් පේන්නෙ මගෙ සමනල්ව වෙනකොට හිතෙ දුක තදකරන් ආය ආයම අඩන්න හදන ඇස්වල කදුලු ගල් කරන් මං ඒකගෙ පස්ස හෝදන්න දෙකට නැවුනා විතරයි අනෙ සන්තො ගල් කරගත්තු ඇස්වල කදුලු මං හිතන්ඩත් කලින් දියාරු වෙලා ඇස්වලින් කඩාගන වැටුනා...දෙකට නැවුන මං තට්ටම මැද අල්ලන් වෙඩිල්ල වගේ කෙලින් උනා.....කොටින්ම අතෙ තිබුන වතුර එකත් පැත්තකට දාපු මං එහෙම්ම බිත්තියට මගෙ මූන තදකරන් මටවිතරක් ඇහෙන්ඩ අරකටත් දෙහි කපන්ඩ ගත්තා.....

අනෙ...අම්මෙ...හ්.....යකොහ්....හ්හ්........අනෙහ්.....ඌව්හ්හ්....ඌහ්හ්....ඉව්...සමුද්‍ර...උඹෙ...ඊහ්ක්ක්.....භ්භ්...භ්භ්.....භ්භ්....

තාත්තෙ .....ඔහෙ මායන් වෙන්නෙ ඇයි අඩෙ.....

මායන් වෙන්නෙද..මායන් වෙන්නෙ මට උඹලගෙ තාත්තා හන්දා යකෙක් වැහිලා ඒකයි....ඒකයි මායන් වෙන්නෙ ඇයි උඹටත් මායන්වෙන්ඩ ඕනද...කොකා වගේ බෙල්ල හරෝ හරෝ තාත්තෙ තාත්තෙ නොගා හැරියකො පසනා....කීයටද උඹගෙ මේ ලෑටි පුක හෝදන්නෙ ඇයි යකො....හැරිය ඉස්සරහා.....

ඇයි වදෙ මේ...ඔහෙ එකපාරක් ඇඩුවා...දැන් මායන් වෙනවා....මේ හුත්තට පිස්සු අඩෙ....

ඔව්...ඔව්...හුත්තට පිස්සු තමා හැරිය....පිස්සු නැත්තන් උස්ස උස්ස දෙන්නෙ නෑනෙ.....නිකන් නෙවෙ සහලවලා පිස්සු මේ හුත්තට...තව මදි තව මදි කිව්වා.....

මොනාද....මොනාද ඔහෙ උස්ස උස්ස දුන්නෙ....මොනාද ඔහෙ මදි කිව්වෙ.....ඈ තාත්තෙ....දොඩන එක හරියට දොඩකො අඩෙ...පසනට තේරෙනෝද නෑනෙ....

හැරිය ....පොඩි උන්ට ඒ පැහිච්චකම් වැඩක් නෑ...

මගෙ පුකම දෙදුරුම් කනවා...මෙහෙන් මේකා නහිනවා...දෙකට නැවෙනවා තියා කකුල් වලින් යන්තමට නැවුනත් රෑ පුරාවටම අහවරක් නැතුව වෙව්ලපු කකුලුත් දෙදරන්න ගත්තා..කොටින්ම මගෙ සර්වාංගෙ ජිම් එකෙ ලෙග් ඩේ එක කරපු ආදුනිකයෙක්ට එහා වෙනකොට අරකගෙ පුක හෝදන්ඩ දෙකට නැවෙන්ඩ ඉරියව්වක් නැතිම කමට මං මගෙ මොනර පෙද අකුලන් මොකාද වගේ මැන්ඩියට වගෙ හිටගත්තා....අනෙ දෙයියනෙ මගෙ ඇස් කට විතරක් නෙවෙ පුකත් එක්කම් ඔහෙක් වෙලා මෙහෙක් වෙලා ගියා.....

අනෙ හැරි කැන්දො....උඹගෙ වාලම්පුරියට නන් මං කූඹින්ට ගහන මැලතියන් ගහනවා....වාලම්පුරියක් කිව්වට ඒක වාලම්පුරි තාත්තෙක් යකො...මට අද වගේ මතකයි...මට අද වගේ මතකයි....උඹ දරු පැටියව රවට්ටගත්තෙම ඔය වාලම්පුරි කතාව කියලා.....ගමටම ඇහෙන අර චයිනිස් කට්ට ගනින් කියලා මං ලව්වා අර සොකඩෙට අත දාන්ඩ කියලා උඹ හිතලම බ්‍රේක් පාර ගැහුවා...

හුජු චූටි දක්ශිනාවර්තව කැරකුන වාලම්පුරියක් තියනවා කියලා උඹගෙ ඔය බිජ්ජට වර්නනාවකුත් දීලා නොදරු පැංචව උඹ අල්ලගත්තා.....මේවට නම් සහගහනවා....ම්හුක්....යෝහ්...දරු පැටියට එවෙලෙ සුවර්ගෙම පෙනුනනෙ අම්මියෙ...ඔවූ...මොනර පැටියට සැපවැඩි කමට නින්ද යන්නත් ආවනෙ.....

යෝහ්...වේදනාවයි... වේදනාවයි.....සීයත්තයි අත්තම්මයි දන්නවා නම් මොනරවිල මුනුබුරු පැංචට මෙහෙම විපතක් උනා කියලා..ඇත්තමයි හැන්දො උඹ බෑන පැංචා කියලා නොබලා බෝගම්බරේ ගාවට අරන් ගිහින් ඔය වාලම්පුරිය දන්ගෙඩියක් උඩතියලා කපන්ඩ ගියා....

තාත්තෙ ...ඔහෙ අහවරද....

මට බඩගිනී අප්පා...පපපා තාත්තා මාලු තම්බනො කිව්වා.....පසනට පන්නාවො තමබ්නො කිව්වා අයි අයි.....ඕක අහවර කරපියකො තාත්තෙ ....

ඔවු.....ඔවු....මං අහවරයි.....පොඩ්ඩක් හිටපිය සබන් දාන්නෙ නැද්ද....දුවාගන්ඩ හදිස්සිය....උඹ දැන් ඇගහෝදන්ඩ ඕනා පසනා...දතක් කටක් මඳින් නෑ ගිලින්ඩ ලෑස්තිය ...

මීට තත්පර ගානකට උඩදි ගෙදර මිනිස්සු මතක් වෙලා ඩින්ගිරිත්තක් ඉමෝසනල් වේගන ආව මගෙ ඉමෝසනල් ගතිය දෙදරවාගන ගිහින් තිබ්බ මට අපෙ අම්මට හපන් අම්මෙක්ව ආරුඩ වේගන ආවා

පුක දයි..එපා...එපා....වතුරෙන් ඇති.....ලයිබ්බොයි දැම්මම පසනගෙ පුක දනවා...ඌව්හ්....ඌයියා.....ත්....තා...ත්තෙ.....හ්.....ප්..පසනගෙ...ප්..පුක ඉරෙයි යකො...ඌයියා.....අනෙ තාත්තෙ....කැතයා පසනගෙ පුක කනවා....ත්....ත් .....සබන් කෑල්ල.....කෑල්ල..ගියාද....යෝහ්.....සබන් කෑල්ල ඇතුළට ගියා.....සමනා.....ල්....කානුවො....හ්හ්.....සමනාල්....ල්ල්....වරෙල්ලකො....කැතයා පසනගෙ....ඌයියා...ජුන්ඩුමනියා මිරිකන්ඩ එපා යකො...එක ජුන්ඩයි ඉන්නෙ.....

ඇයි කොල්ලො කටවහපන්කො...යකො මේක කටක්ද වක්කඩක්ද...මගෙ ඉහත් පුපුරන්ඩ එනව....ආ ලමයො උඹ මැරෙන්ඩ හදන්නෙ ඇයි .....සබන් දාන්ඩ එපා කියන්නෙ ඊය් හැන්දෑවෙ ඇග හෝදපු ගමනනේද ඔය.....ආ....ඈක්ක දැම්මම චූ දැම්මම සබන් දාලා හෝදන්ඩ කියල කියලා දීලා නැද්ද.....මැරෙන්ඩ හදනවා....යකො වෙන ගෙවල් වලත් ළමයි ඉන්නවා මෙහෙම නම් කෑගහන් නෑ....මේක දෙයක් කරන්ඩ ගියහම මැරෙන්ඩ හදනවා...ගමම දන්නවා උඹ රෙනවා කියලා....දුවපන් ඔහොම්ම ටැප් එක ගාවට.....

අර මොන පුකටද මං ටැප් එක ගාවට දුවන්නෙ....

ඇයි දතක් කටක් වත් මඳින් නැතුවද ගිලින්ඩ හදන්නෙ....දුවපන්...දුවපන්...දත් ටික කහම කහපාටයි...මෙච්කරකල්ම අප්පව නටවලා නටවලා.....මේ තාත්තා එක්ක ඒ නැටිලි බෑ පුතේ ඒ අප්පව නැටෙව්වට මා එක්ක බෑ ඒ සෙල්ලම්..දුවපිය .....මේ බලපිය මුලු දත් ඇන්දම කහ ගැහිලා.....මහ එකා හැමදාම උදේට උදේට මැද්දෙව්වෙ මොනවද දන්නෙ නෑ....වර යන්ඩ...

අනෙ මට බෑ යකො...ඔහෙට මොන පුකද වෙලා තියෙන්නෙ ..අනෙ තාත්තේහ්...කැතයා තාත්තට මොකෙක්ද වැහිලා පසනව කන්ඩ හදනෝනෙ.....මං අපෙ තාත්තට කියනො ඇයි යකො.....

මං පසනව මරාගන කන්ඩ හැදුවා.....දිරාපු නටරාජ් බෙදුම් කට්ට වගේ උන්න පසනා තනිකරම පඩි ගත්ත පොඩි සක්කිලියෙක් වගෙ ටොයිලට් එක ඇතුලෙ ඉදන් අතපය ඔහෙක් මෙහෙක් කර කර නැහි නැහි ඒකගෙ මහ එකාට කේලම් කියනකොට හරියට හිටන් ඉන්නත් අමාරු මං තවමත් මැන්ඩියට හිටගන ඒකගෙ දත් ඇන්දම කහපාට වෙලා කියල ආයම මැරෙන්ඩ හැදුවා...ඒකගෙ මහ එකාටත් ඇහෙන්ඩම මං ඒකටත් කෑ ගැහුවා....

නිකන් නෙවෙ මං හිතලම වැඩිපුරත් සද්දෙන් කෑ ගැහුවා....වෙන මොකටවත් නෙවෙ පොල් ගෙඩ්ඩක් උස්සන් කුසියට රින්ගපු මගෙ මිනිහටත් ඇහෙන්ඩ...

යකො මේකා කුසියට රින්ගුවා රින්ගුවමනෙ ආවෙ නෑනෙ....පොල් ගෙඩ්ඩත් එක්ක මොනවා කරනවද...උඹ මට දෙන්ඩ පුලුවන් දෙතිස් වදේම දීලා පොල් වතුර පොවන්ඩ අහනවා....

ඔව් ඔව් පොල් වතුර දුන්නම ඔක්කොම අහවරනෙ....මේ වේදනා එක්කනෙ මං මේ ලමයෙකුත් බලාගන්නෙ....ඉන්දියන් කතාවල නන් අන්බොක්සින් එකෙන් පස්සෙ නිවාඩු....අනික ඇදෙන් බහින්ඩ දෙන්නෙ නෑ හරහට අරන් යනවා...මූ මාව ඔරුවෙ ඉදන් විතරනෙ වඩන් ආවෙ...

යෝහ් මගෙ පුකට දෙබර කූඩෙකින් දමලා ඇනලා වගේ ඇයි අප්පා මෙහෙම කකියන්නෙ....ඊටත් මේ වල ටොයිලට් එකෙ ඉදගන්නෙ කොහොමද.....?

ඔහෙ අපෙ අම්මා වගේ අප්පා....ම්හුක්...

මං උඹගෙ අම්මා තමා...දුවපිය ඔහොම්ම ටැප් එක ගාවට.....ළමයෙක් උනාම සැරයක් දෙසැරයක් කිව්වම අහන්ඩ ඕන...පොඩි කමට එකට එක කියන්ඩයි දෙයක් උන ගමන් මහ එකාට රෙපෝර්තු කරන්ඩයි හදනවා...

උඹට මන් හනස්සක් ගත්තොත් කැඩෙන්ඩ ගහනවා.....දුවපිය...ඇත්තමයි ලමයො මට තරහා ගියහම ආය දෙන එක දෙනවා රත් වෙන්ඩ...

තත්පර අරික්කාලක විතර ට්‍රැක් එකෙන් පිට පැන්න මං ආයමත් පසනට බෙරිහන් දෙනකොට ඒකා මගෙ කරච්චලෙ ඉවසගන්ඩ බැරිම තැනද කොහෙද මොනවදො මුමුන මුමුන ටැප් එක ගාවට යනකොට මැන්ඩියට හිටගන උන්න මාත් මැන්ඩියෙන්ම ටැප් එක ගාවට ගෑටුවා.....

කෝ ඉතින්....

මොනවද...

ඇයි වදෙ ඔහෙ මට දැන් දත් මැදපිය ගගා මැරුනෙ දත් බුරුසුව නැතුවද.....අපෙ තාත්තා පසනගෙ බුරුසුවට සිගනල් දාලා ලගට ඇවිත් මද්දෝනවා.....ඔහෙ දැන් මගෙ මූන කන්ඩ වගෙ බලන් ඉන්නෙ කෝ බුරුසුව...

ඔක්කොම අතට පයට පුදන්ඩ ඕන.....ඔක්කොම අතට පයට පුදන්ඩ ඕන උඹලා බේබිලා ඇයි යකො....බුරුසුව ගේනකන් මූන වත් හෝදගනින්කො ලමයො...ඇයි අම්මෙ මගෙ කට කැඩෙන්ඩනෙ එන්නෙ...

කැඩුන් නෑනෙ.....ඔහෙගෙ කට කැඩුනනම් මට සැනසීමයි....

පසනා...ඇත්තමයි මං හනස්ස ගත්තොත් නම්...ගහන එක ගහනවා...

ඉතින් වදෙ ඇත්තනෙ...ඔහෙ දොඩෝගනම ඉද්දි පසනට කන් කැක්කුමනෙ...අපෙ තාත්තත් පසනට බනින්නෙ පසනා නැත්තන් තාත්තට සැනසීමයි කියලා...ඔහෙගෙ කට කැඩුනොත් පසනටත් සැනසීමයිනෙ.....

.......මහ එකාගෙ ආරෙමයි....ඔහොම ඉදින් මූනකට හෝදඩ එනවා සොකඩෙ වන වන ආවම අනිත් ඒවා අහසින් පාත් වෙනවනෙ....උදේට එනකොට ඕන කරන ඒවා ගේන්ඩ දන්නෙ නැද්ද ඔක්කොම අතට පුදන්ඩ ඕන.....මහ එකාගෙ හැදිල්ල තමයි....ඔහොම ඉදින් එහෙ මෙහෙ දුවන් නැතුව බුරුවක් නෑ තුවායක් නෑ මොකවත් නෑ වන වන එනවා....

මන්දන්නෙ නෑ...මේ පවුල කොහොම කන්නද කියලා...පොඩි පගයා හැදෙන්නෙම මහ පගයා වගේ වෙනකොට මං ටැප් එක ගාව ඉදන් බෙරිහන් දීලා දීලා අර හිටපු ඉරියව්වෙම්ම හරි අමාරුවෙන් ඇවිදගන ආපිට ගේ දිහාවට එනකොට මොනරවිල පරම්පරාවෙ ඉල්ලීගල් මුනුබුරුපැංචා උන මගෙ පුතු පැටියා ආයම මගුලක් කියල කෑ ගැහුවා.....අනෙ මූව රැල්ලකටවත් ගහන් යන්නෙ නෑනෙ....

ඒ...හොද වැඩේ....කැත තාත්තෙ...ඔහෙ මොකෑ ඔය ඇවිදින විදිය.....මේ බලකො...අඩෙ.....කකුල් ඈත් කරන් නැවීගන යන්නෙ ඔහෙ තනිකරම ගූ කක්කුට්ටෙක් වගේනෙ.....

ඔව් මං ගූ කක්කුට්ටෙක් .....උඹට මේ පැහුන වැඩවලින් වැඩක් නෑ.....උඹ ඉදින්කො මුදුනා නොවි...ළමයි එනවද තාත්තලාගෙ ඇද කුද හොයන්ඩ...ඇයි යකො...ඔහොම ඉදින්...ඒයි මේ අනෙ...සමුද්‍ර.....ළමයගෙ බුරු........(මේ යක්ස මිනිහගෙ ලස්සන යකො....)

මගෙ බෝක්කු කට වැහිලා ගියා.....මුලු දික්වැල්ලටම ඇහෙන්ඩ පසනට දෙහි කප කපම කුසියට බඩගාපු මගෙ හැකර කට වැහිලා ගියා විතරක් නෙවෙ මෙච්චර වෙලාම මැන්ඩියට ඉදන් උන්න මගෙ කකුල් දෙකට මිසිස් පෙරේරගෙ රත්ති බීලා වගේ බලය ජවය සක්තිය හරි හරියට ඇවිදින් එකපාරම කෙලින් උනා.....

එයා පොල් ගානවා...මෙච්චරවෙලාම අපි දෙන්නා කා කොටාගත්තා උනත් ඇයි තොපි කා ගන්නෙ කියලා අහන්නවත් ආවෙ නැති මගෙ සුදු අයියා පොල් ගානවා....ඉදගන ගාන හිරමනයක් වෙනුවට මේසෙට හයිකරපු අතින් කරකවන හිරමනේකින් පොල් ගගා උන්න එයාගෙ පොල්බෑව තදින් අල්ලන් ඉන්න අතෙ වගේම අනිත් අතෙත් මස් ගොබ ඉලිප්පිලා තියෙද්දි තවමත් සරමක් විතරක් ඇදන් මට පිටිපස්ස හරවන් උන්න මේ මනුස්ස පරානෙ දැක්කම තත්පර ගානකට මාව ගොලු වෙලා ගියා...කොටින්ම මගෙ අර විකාරමය ස්වරූපෙ වෙරලට ගහන රැල්ලක් ඇවිදින් වෙරලෙ තියන දේවල් මහ මුහුදට ඇදන් යන්නා හා සමානව මගෙන් ඈතට ගහගන ගියා....

තඹපාට කොන්ඩෙම අවුල් වෙලා ගිහිල්ලා...අවුල් වෙලා ගිහින් තිබුනත් අනෙ මන්දා ඒ අවුලෙත් මහ අමූතුම ලස්සනක් හැන්ගිලා තිබුනා...අව්වට පාට මැරුන පිට පදාසෙ තැන් තැන් වල තිබින රත් පැහැගත්ත ලපවලට හේතුව වෙන කවුරුත්ම නෙවෙ මමම විතරයි කියන එක මතක් වෙනකොට මගෙ සර්වාංගෙ එක තැන තියෙද්දි මගෙ ආත්ම හදවත මේ හැම දේම මීට හෝරා ගානකට ඉහතදි පහන් උන රැයෙ මතක නටඹුන් අස්සෙ ගිලෙන්න හැදුවා...

මං හිතන්නෙ ඒක වෙන්න ඇති මගෙ ජීවිතෙ මං ගතකරපු රෝමාන්තිකම රෑ යාමෙ.....මං හිතන්නෙ ඒක වෙන්න ඇති මං මගෙ ජීවිතේ ලෝබ කමින්ම පහන් කරපු රාත්තිරිය.....හාදු පිපි පිපි මාව පිස්සෙක් පිහාට්ටෙක් කරපු තරමත්....රමනයක් කියන්නෙත් එක්තරා ආකාරෙක ප්‍රේම මරනයක් කියන්නත් සමුද්‍රගෙන් කුලුදුලේම ඉගනගත්ත මමම විතරයි ගෙවුන හැම තත්පරේකම මගෙ සර්වාංගෙ ඒ නිරුවතෙන් තැලි තැලි විදපු කම් සැප ගැන දන්නෙ....

උඹ නම් පිස්සුවක් මගෙ සමුද්‍ර.....ළපටි මාව එක රැයකින් උමතුවෙන් තලාපු උඹ කියන්නෙම මට කවදාවත් නිර්වචනයක් දෙන්ඩ බැරි ප්‍රේම උමතුවක් සමුද්‍ර...

එයා පොල් ගානවා...මං එන බව එයාට දැනුනා.....ඒක මට සීයට දහදාහකට එහා විස්වසයි.....ඒත් එයා කෙරුවෙ පාඩුවෙ පොල්ගාපු එක....නිකමට වත් හැරිල නොබලම මං ආව වග දැන දැනම නොදන්නවා වගෙ උන්න එක...මගෙ උඩ හිත කොයි තරම් එහෙම කිව්වත් පිස්සෙක් වගෙ මට ආදරෙ කරන මේ මනුස්සයගෙ යටි හිත මේ මොහොතෙ බලාපොරොත්තු වෙන්නෙම පිටිපස්සෙන් ඇවිදින් දෙන වැලදගැනීමක් බව දන්න මම හීන් සීරුවෙ එයා ගාවට ගිහින් වෙන මොකුත්ම නොකර අර අත් යටින් මගෙ අත දලා එයාව තුරුල් කරගත්තා...නිකන් නෙවෙ මං අරපිට කොදු නාරටිය මැදම තිබුන රතුගැහුන මගෙ දත් පාරක් උඩට තෙතත් උනුහුමත් මුහු උන හාදුවක් තිබ්බා විතරයි මෙච්චරවෙලාම හිරමනෙ දත්වල ඇමිනි ඇමිනි පිගානට වැටුන අර පොල් රැල් පිගානට වැටෙන එක නැවතුනා.....මං අහගන පොල් බෑවත් ටක් ගාන සද්දෙන් මේසෙ උඩට වැටෙනවා....

හ්ම්ම්ම්.....මගෙ ආදර සමුදුර...එයා මේ හාදුව බලාපොරොත්තුවෙන් ඉදලා....එයාගෙ උරහිස ගානත් පහු කරලා අගලක් තරමට විතර යන්තමට උස මම එහෙම්ම ඇගිලි තුඩුවලින් ඉස්සිලා එයාගෙ බෙල්ල පාමුලටත් හාදුවක් තිබ්බා ...මට විස්වාසයි මේ තත්පරේදි නම් එයාගෙ හුස්ම නැවතිලා....

" හුගක් ආදරෙ හිතෙනවා ඉන්ධීවර් ....මෙහෙම ඉන්නකොට මගෙයි කියලා දැනෙනකොට....මගෙම විතරයි කියලා හිඩැසක් වත් නැතුවම දන්නකොට මට ලෝබ හිතෙනවා අයියෙ....."

තත්පර ගානකට පස්සෙ දරාගන ඉදලා බැරිම තැන මං ආදර කන්දට නාය යන්න දුන්නා...මෙච්චරවෙලාම ඉස්සරහා හැරිලා උන්න මගෙ සමුද්‍ර ආදරෙ හිතෙනවා කියල කියනවත් එක්කම මගෙ පැත්ත හැරිලා මගෙ අත් වලට තුරුල් වෙන එක පැත්තකින් තියලා මාව ඒ අත්වලින් තුරුල් කරගත්තා මදිවට වචනයක් නොකියම ඒ පපුවට තෙරපගත්තා....

අනෙ.....ආයමත් වතාවක්...ආයමත් වතාවක් මට මුලු ලෝකෙම අමතක කරන්න ඕන උනා....දත්මද්දවන්න ව්ක්ක්න් ආව පසනව පවා මට අමතක කරන්න ඕන උනා....වෙන මොකවත්ම නැතුව මට මගෙ සුදු අයියව විතරක්ම මතක තියාගන්න ඕන උනා.....මං බලාගන ඒ ඇස් දිලිසෙනවා...අහවරක් නැතුව පුංචි පුංචි හාදු අහුරක් විතර මගෙ ඉහමුදුනට තියාපු එයා මගෙ දිහා ආදරෙ පිරුන ඇස් වලින් බලාගන ඉදලා ඉදලා ඒ නාහෙන් මගෙ නාහෙට තට්ටුවක් දැම්මා...

සීදේවි....සමුද්‍රගෙ අම්බරෙ දන්නවද මිනිස්සුන්ට පුලුවන් ආදරෙ කරන්නත්....ආදරෙ කරන බව පෙන්නන්නත්.....ඒත් උඹගෙ සුදු අයියට ඕන කෙන්දක් තරම් ආදරයක් පෙන්නලා කන්දක් තරම් ආදරෙ කරන්න.... වතුර අල්ලක් තරමට ආදරෙ පෙන්නලා මහ මුහුදක් තරන් ආදරෙ කරන්න ...

සුදු අයියෙ...

ඔය විදිහට බලන් ඉන්න එපා අමාකර....උඹට වඩා මට ලෝබ හිතෙනවා...උඹ දන්නවද...නේ අවුරුදු ගානටම ලස්සනටම හද පෑව්වෙ ඊයෙ රෑ කියන්න....සමුද්‍රගෙ හුස්ම ටික සීදේවි උඹ.....සුදු අයියා ආදරෙයි අම්බරේ උඹට....

මට ඇඩෙන්න ආවා.....සුදු අයියා ආදරෙයි අම්බරේ කියලා කියනකොට මං බලාගන ඒ ඇසුත් තෙත්වෙලා යනවා.....ආදරෙ දෙන තරම කොච්චරද කියනවා නන් වැහි වහින්න ආදර්‍ර් තිබුන තැන ආදරෙම්ම මාව අසරන වෙලා යද්දි මං මගෙ කට චුට්ටිත්තක් උල් කෙරුවා විතරයි මං බලාගන ඒ ඇස් හීන් උනා....

මෝඩ කොල්ල මගෙ....මොකද අරූව කන්ඩ යන්නෙ ම්ම්ම්ම්ම්.....මොකද ඌට අර මහ එකාවත් ඈද ඈද දොස් තියන්නෙ.....මහ එකා කිය කිය උඹ ඔය මටනෙ බනින්නෙ නේ ම්ම්ම්...ආ හිච්චො.....??

නැතුව.....අනෙ මේ ඒයි ඔහෙ මට දරු පැටියව හරියට හදාගන්ඩ දීලා පැත්තකට වෙන්ඩ ඕන තේරුනාද...අනික ඔයා දන්නවනෙ සුදුඅයියෙ....සුදු චූටියා බොහෝම නම්බුකාර විදිහට හැදුන වලව්පරම්පරාවක කොල්ලෙක්....එහෙව් එකෙ ඔයස් කියන්නෙ මේ කොල්ලට හිතුමනාපෙට හැදෙන්ඩ දෙන්ඩ කියලද...අනෙ යසට හිටී සමුද්‍ර යසට හිටි....

හිටපන්කො ..හිටපන්කො මං පුතාට ගහන්නෙ අප්පට උන ගැනෙන්ඩ ....දත් ඇන්දම කහ ගැහිලා.....ඔයාකාර සීනිබෝල අනමනන් ගිල්ලන්ඩ එපා සමුද්‍ර ...පිස්සුද ඕනාවට වඩා හුරතල් කරලා නම් ළමයි හදන්ඩ බෑ....

මං මේ හිතන් ඉන්නෙ කොල්ලව හොද ශිශ්ත්තෙ පන්තියක් හොයලා දම්මන්ඩ.....අනෙ ඇත්තමයි සමුද්‍ර ඕක පේල් උනොත් අපෙ වලව්වටත් එක්ක නමනින්දාවක්...ඉල්ලීගල් පුතෙක් උනාට ඌ දැන් අපෙ කොල්ලනෙ.....ඔයා දන්නවනෙ මට වලව් නම්බුව තරම් දෙයක් නෑ කියල...

මොනර විල පරම්පරාව ඒ එ...කොහෙද ඔය දුවන්නෙ....ඒයි....සමුද්‍ර...කොහෙද ඔය දුවන්නෙ...

පටන් ගත්තා වහන්ගත පරම්පරාව ගැන දොඩන්ඩ....පල පල ....

පල පල කියන්නෙ....

ඩ්‍ර.....ර්.....ර්...ර්.....ර්...............................

සුදු අයියෙ ඕක නවත්තලා මං කියන දේ අහපන් මිනිහො....උඹට පිස්සුද ගෙයි මැද තියන් මිරිස් කොටන්නෙ....කැහ්...කැහ්...කහින්ඩ බෑ...කහිනකොට පුක රිදෙනවා....කැහ්....කැහ්...අපෙ පරම්පරාව්‍ර් කවුරුත් සිස්සත්

ඩර්.....ර්.....ර්.....ර්...

ඕක නවත්තලා මේක අහකො...ඇයි යකො.....අපෙ කවුරුත් සිස්සත්තෙ...පේල්.....(ඩර්...ර්.....ර්.....ර්.........)

මේක කියාගන්ඩ දියකො.....ඕකව හරියට ඉගැන්නුවෙ නැත්තන් අපෙ පරම්(ඩර්....ර්...ර්).....මහ එකයි පොඩි එකයි දෙකම් එකයි...යක්කු තොපි යක්කු....කියන එකක් කන් ගන්නෙ නෑ....ලමයට බුරුසුවක් වත් ගෙනාවෙ නැද්ද මිනිහො...???

.........

කොල්ලට බුරුසුවක් වත් ගෙනත් නෑ ..ඔහෙ වන වන ඇවිත් සොකඩෙ වන වන ආවම හරි...ඌත් එකයි උඹත් එකයි....මොන මගුලක්වත් ගෙනත් නෑ....ආ ඒයි මෙලමයට දත් මදින්ඩ(ඩර්.......)

......

යකො ඕක වහකො කන්කරච්චලෙ...

වැඩක් නෑ...මූට ආදරෙ කරන එක තේරුමක් නෑ...මගෙ ලේ පුච්චනවා....මට ආයමත් යකා ආවේස වෙන්ඩ ගත්තා...මෙච්චර වෙලාම කුසිය ඇතුලෙදි මාව තුරුල් කරන් උන්න මගෙ හැරි කැන්දා කොල්ලගෙ අනාගතෙ ගැන කතා කරන්ඩ ගත්තා විතරයි වේලුන මිරිස් කරල් අහුරක් අරන් හැම මගුලටම තියන ගෙයි කෑල්ලට දිව්වා විතරයි මාත් ඒ පස්සෙම්ම දිව්වා....

වැඩක් නෑ.....ඒකගෙ පස්සෙන් මං දිව්වා කියල උනෙ ඇති වැඩක් නෑ...මං යටි ගිරියෙන් බෙරියන් දීල කියෙව්වත් අර බ්ලෙන්ඩර් ලබ්බෙන් එන ඩර ඩරෙ හන්දා මං මෙහෙ පුක කඩාගන කෑ ගැහුවත් මගෙ මිනිහට මන් කියන මෙලෝ මගුලක් නොතේරෙනකොට කැහැ කැහැම මං ගිහින් මගෙ රෙදි මල්ල අදින්ඩ ගත්තා ....

එක බුරුසුවයි...මම ගෙනාව ඇදුමක් පිගානක් ඇරුනම පවුල් කන්ඩ ආව එකා අරන් ඇවිත් තිබුනෙ සරම් දෙකයි බ්ලෙන්ඩරෙයි විතරක් වෙනකොට අරකව හෝදවලා අන්දන්ඩ ඇදුමකුත් නැතුව දත් කූට්‍ටම මද්දන්ඩ බුරුසුවකුත් නැතුව යද්දි ආවේසෙන්ම උන්න මන් ආපිට හැරෙනකොට මං බලාගන හැන්දා අර ඩර ඩර ගාන බ්ලෙන්ඩරෙ වහල මා දිහාව බලන් ඉන්නවා...

ලමයගෙ අනාගතෙ තියා මගෙ අනාගතෙ ගැනවත් කතා කරන්ඩ කටක් ඇරපු හැමවෙලේම හැන්දා කෙරුවෙම මිරිස් කොටන්ඩ ගත්ත එකවෙනකොට මේ තත්පරේට මිනිහා ඇස් හීන් කරන් බ්ලෙන්ඩර් එකට අත තියාගන මා දිහා බලාගන ඉන්නව....

මෙ ඊයෙ පෙරේදා සින්ගර් එකෙ ඩිස්කවුන්ට් එකක් වත් ගියාද ...ඒ නැත්තන් පරන බඩු කාරයෙක්ගෙන් මේ වහන්ගතෙ හම්බුනාද...මේ ලබ්බ අතාරින්නෙම නෑනෙ...

සමුද්‍ර.....කෝ ඕයි ළමයගෙ බුරුසුව??ඒ තියා මේ කොල්ලට ඇදුමක් පැලදුමක්????ඒ තියා ඔහෙගෙ බුරුසුව කොයි වාහෙ???ඔහෙ රෑ පානෙ ආවෙ මොන මගුලවත් නැතුවද ඕයි??

......

අරහෙන් අරූ මැරෙන්ඩ හදනවා...කොල්ලව හෝදවලා හෙලුවෙන්ද ඉන්දවන්නෙ...ඔක්කොටම තියෙන්නෙ එක බුරුසුවටයි....කට කැඩෙනකන් ඇහුවා...කට කැඩෙනකන් කිව්වා ඔක්කොම බඩු ගනින් ඔක්කොම බඩු ගනින් කියලා නෑ...ඇහුවෙ නෑ....මට මේ ඇති කියලා බදාගත්තෙ බ්ලෙන්ඩරෙයි සරම් දෙකයි....

ආ සමුද්‍ර ලමයා එක්ක එනවා නම් ඌට ඕන දේවල් ගේන්ඩ දන්නෙ නැද්ද ...මේ අප්පගෙයි පුතාගෙයි කිසිම උවමනාවක් නෑනෙ යකො බලන් ගියහම....ආ.... කොල්ලව් සදුදා ඉස්කෝලෙ යවන්ඩ ඕනා ඒදේවල්....ඒ කිසි දෙයක් නෑනෙ.....උඹ්බ් හදන්නෙ ළමයගෙ අද්‍යාපනෙ කඩකප්පල් කරන්ඩද ....මේ සමුද්‍ර නටාගන නම් එන්ඩ එපා මා එක්ක ....ඔහෙත් මා එක්ක දීග කන හන්දා ඔහෙත් අයිති දැන් මොනරවිල පරම්පරාවට....ඔයා දන්නවා සමුද්‍ර අපෙ පරම්පරා....

ඩර්.....ර්...ර්...ර්‍ර්...

ආය කොටන්ඩ ගත්තා.....ආය කොටන්ඩ ගත්තා...ඇයි යකො කියන එක අහන් ඉදුකො ....මේ මිනිහෙක් හොයාගන මන් විදින දුකක්...මේක හරියන් නෑ...මේක හරියන් නෑ....සමුද්‍ර අපි ඩිවෝර්ස් වෙමු...මේක හරියන් නෑ ....අම්මා අප්පා ගාව උන්නා නම් මට මෙහෙම් දුක් විදින්ඩ වෙන්නෙ නෑ.....මට දික්කසාදෙ දියන් ....

මං මැරෙන්ඩ හැදුවා....හිතේ ආවේගට කියාගන ආව එක කියන්ඩ හැදුවත් මගෙ මිනිහා කෙරුවෙ ආයම මිරිස් කොටන්ඩ ගත්ත එක වෙනකොට මන් අත පය වන වන කෑ ගගහා ඩිවෝර්ස් එක ඉල්ලුවා විතරයි මිරිස් කෙටිල්ල නැවතුනා....කොටින්ම අඩි හප්ප හප්ප එලියට එන්ඩ හදනවත් එක්කම මිරිස් එක පිටි වෙනකම්ම බ්ලෙන්ඩරෙ කරකපු එයා අනිත් පාර් මගෙ දිහ බලාගන උන්නා....

මොකක්ද කිව්වෙ....ඩිවෝර්ස් එක දෙන්ඩ?

ඔව්.....මට ඩිවෝර්ස් එක දියන් සමුද්‍ර....මගෙ කටේ කෙල හිදෙනකම්ම කියවන්ඩ ඕනා...එහෙන් පොඩි එක...මෙහෙන් මහ එකා....යකො සැන්සීමක් ඇත්තෙම නෑනෙ...ඒකටත් එකම දේ දහවතාවක් කියන්ඩ ඕන....මහ එකාටත් එකම දේ දහවතාවක් කියන්ඩ ඕන....ඇත්තමයි මං ගිහින් මූදෙ පනිනවා...

ඔයාට යන තරහා අනෙ....ඇරත් සීදේවි ඩිවෝර්ස් වෙන්ඩ ගියහම සමතමන්ඩලවලට දානවා...ඕකෙන් අහන දේවල් එක්ක ඩිවෝර්ස් වෙන එකාවත් හෙම්බත් වෙනවා...දෙවනි ඔප්ශන් එක ..දෙක හොදයි.....ගිහින් මූදෙ පැනපන්...පනින්ඩ කලින් කැරකිලා බල්ටියක් ගහලම පැනපනකො.....ම්ම්ම්ම්ම්ම්ම්....

......වදුරු කුනුහර්ප දන්නවද.....??වදුරු කුනුහර්ප.......මදැයි මාත් ආවා....අච්චර නම්බුකාර වලව්වක

ඩර්.......

ඕන ලබ්බක්.....තොපිට කියන කට හොදයි බිම උලාගන්න එක...

යකාගෙත් යකා ආවේස උන මං අරකගෙ දත් මදින්ඩ බුරුසුවකුත් නැතුව සිග්නල් එකයි මගෙම ටී ශර්ට් එක්කුයි අරගන ගස්ස ගස්ස එලියට එනකොට පොඩි හැන්දව දැක්ක මට අර තිබුන තරහව දෙගුන උනා. ...ඌ වැල්ලට ගිහින්...ඇදන් උන්න කලිසම දාපු දාපු තැන්වල තියෙද්දි ඒකා සොකඩෙට හුලන් වද්ද බෝට්ටු ගොඩාරින දිහාවට ගිහින් තිබුනා...

ළමයෝ........ලමයො මේ දත් මදින්ඩ වරෙල්ලකො.....

මගෙ අත් දෙකම ඉනේ.....අන්දන්ඩ ඇදුමක් නැතිකමට අරන් ආව මගෙ ටීශර්ට් එක උරහිස උඩ දාන් උන්න මම ඉනට අත් දෙකත් තියාගන මොනර පුකත් පස්සට දාගන උන්න මන් අරකට කෑ ගැහුවා.....ඒත් ඒකට නෙවෙ ඇහෙන්නෙ.....

පසා.......න්න්...ලමයො මේ දත් මදින්ඩ වරෙල්ලකො....

මං තව පාරක් කෑ ගැහුවා...තව පාරක්...තව දෙතුන් පාරක්....අවසානෙදි ඒකට ඇහිලත් ඒකා මගෙ දිහා එක පාරක් බලලා ආයම උගෙ ගාතෙ මාලුවලින් පිරුන දැල් වලට එබෙනකොට රතු කට්ට පැනන ආව මං හිතෙ තරහටත් එක්ක ඒකගෙ ජන්ගියයි කලිසමයි හෝදන්ඩ ගත්තා.....

ඒකත් පසනට බැන බැනම වෙද්දි මන් බලාගන කසාද මිනිහත් ප්ලාස්ටි බේසම් පොඩ්ඩක් අරගන වැල්ලට යනවා...නිකන් නෙවෙ ඒකත් සරම මාරු කරලා අප්පච්චිගෙන් හොරකම් කරන් ආව සරමක් ඇදගන.....

රෙද්දක් එක තැනක දාගන්ඩ බෑ.....ගලවලා එක තැනක දාපිය.....ඒ නෑ.....ඒ නෑ....දාපු දාපු අත ඇදුම්...මෙහෙ ඉන්නවනෙ අතට පයට වැඩ කරයො.....මන් කරගත්ත මෝඩකමක් දෙයියනෙ ....ආන් අර...අර කියනකොටම මහ එකත් දුහන්නෙ වැල්ලට...ඒයි මේ...කෝ ඇදන් උන්න සරම???උඹත් ඒක පොල් කඩන එකාගෙ වලල්ල වගෙ ඇද ගාව දාලා ආවද.....???ජොකත් එතනමද???

......

ඔය අහන දේකට එක යකෙක් උත්තර දෙන්නෙ නෑනෙ...මුන්ගෙන් වචනයක් ගන්ඩ දහ අතේ වදින්ද එපැයි.....එක්කො ගලවලා දාලා අතට දීලා පල....ඒ නෑ.....ඔහෙ යනවා...ඔහෙ යනවා....ඔව් ඉතින් දාසි වගේ වැඩකරන්ඩ මන් ඉන්නවනෙ...

ඒයි...එනකොට ඔය ලමයව එක්ක එනවා දතක් කටක් මඳින් නෑ ඔහෙ දුවනවා...

අහන දේකටවත් උත්තරයක් නොදුන්න මගෙ මනුස්සයා වැල්ලට බහිනකොට පසනගෙ ජොකාව අතුල්ල අතුල්ල උන්න මන් ඒකත් මිරිකල රෙදි අපුල්ලන ගල උඩට දාන ගමන් තවත් වතාවක් එයාට කෑ ගහලා එයාගෙ සරම ගේන්ඩ ගෙට යනකොට මිනිහා ඇදන් උන්න සරම නවලා ඒ අස්සට ඇදන් උන්න ජොකාවත් ඔබලා මේසෙ උඩින් තියලා තිබ්බා....

හාමු මහත්තයා මේක නමලා ගිහින් තියෙන්නෙ කනපිට හරවලා අදින්ඩ වෙන්ඩෑ මගෙ හිතෙ.....ප්‍රදර්ශනේට ගෙනියන්ඩ වෙන්ඩ ඇති නමලා තියෙන්නෙ....මෙහෙමත් මිනිස්සු...අර ඇද....තාම එහෙම්ම....යකො පොරවපු රෙද්ද නමපිය....නෑ...මොන පඩත්තරයද අන්තීමට නැගිට්ටෙ....????උගෙ අත්වල හොරිද...මමනෙ නැගිට්ටෙ ...කමක් නෑ...මහ එකාට බැරි උනාද චුට්ටක් හදන්ඩ මන් ළමයගෙ වැඩනෙ....

..........

අර මිදුල් දොරකොඩවල් එහෙම්ම.....ගෙවල් වල වැලි එකාකාරෙට.....

මගෙ කට තනිකරම කටර් එක වගේ....අරකගෙ සරමත් ජොකත් උස්සන් ආව මම හිතේ ආවේගෙටම පුලුවාන් තරම් සරම ගලෙ ගැහුවා.....ජොකාව දමාගා ගලේ ඇතිල්ලුවා...ඒ බැන බැන....ගලෙ ගහගහ ආය ආයම වැල්ල දිහාව බැලුවා.....මාලු කූරියෙක්වත් අතින් එල්ල ගත්ත මිනිහා එනවා කොල්ලා නෑ....

හෝද හෝද උන්න රෙදි ටික බේසමට දාපු මම අත් දෙක ඇදුමෙන් පිහ පිහ ඒ එනමගට දුවනවත් එක්කම අපෙ මනුස්සයා අර එල්ලන් ආව මාලු කූරියව උස්සලා මගෙ දිහාවට පෙන්නුවා....

සීදේවි බල පැටියෙක් හම්බුනා....කොල්ලට පන්නාවො ඉල්ලුවා....මේ කලවන් මාලු ටිකකුත් තියෙ.....මිරිස් හොද්ද හදලා යන්නම්...ඔහෙට බලපැටියා උයන්ඩ ඇහැක්නෙ??

ඇහැක්ද අහන්නෙ ඔහෙ කොහෙ යන්ඩද....

කොහෙ යන්ඩද අහන්නෙ මං රස්සාවට යන්නෙ නැද්ද?? තව පැයකින් විතර ලෑල්ලට මාලු ගෙනත් දානවා...ගනන් මිමි ලියලා යන්නම් ඔහෙ කොල්ලා එක්ක ලෑල්ලට යන්ඩ.....මං එනකොට එක විතර වෙයි.....දවල්ට කන්ඩ බලන් එන්නෙ ආ පයින්ම මං ආයම යන්ඩ ඕනා.....අර කපපු දැල් කුට්ටම කන්ජියා අරන් ගිහින්.....ඔහෙට දන්නෙ නැත්තන් මං බලපැටියත් හදලා යන්නම්....හුරුල්ලො ටිකක් ගෙනත් දෙන්නම් කොල්ලයි මායි හුරුල්ලො බැදලා කිරිදාලා කන්නෙ.....

සිදේවි කටුගොයි අහුවෙලා කුනුවෙන්ඩ...දවල්ට ටිකක් බැද්දා නම් කියලා වැඩක් නෑ ...

මං හිතන්නෙ මාව බ්‍රමනය වෙන්ඩ ආවා....වැල්ලෙන් බල පැටියෙක් උස්සන් ආව මගෙ හැන්දා හුස්මක් කටක් නොගෙන කියවන් කියවන් යනකොට මගෙ ඔලුව වටේට මාලු පීනන්ඩ ගත්තා...

රස්සාවට යන්ඩ ඕනලු.....කලවන් මාලුලු...ආය බල මාලුලු....හුරුල්ලොලු...කටුගොයිලු...

කිරට මිරිසට තෙලට බැදුමට මාලු විතරමනෙ යකො...කෝ මේකෙ එලවලු ටිකක්...පලා මැල්ලුමක්.....

මට මාලුම ගිලින්ඩ බෑ සමුද්‍ර...සැරකැපෙන්ඩ මාලුවක් වත් ඕන....මේකෙ ඉස්සොත් ඉන්නවා කක්කුට්ටොත් ඉන්නවා ..කලවම් කිව්වට මේකෙ නයි පොලොන්ගු විතරනෙ නැත්තෙ.....මේවා කාලා සැර මැකෙන්ඩ තව මාලුවක් ඕන මනුස්සයො.....අනික බලයා....හුරුල්ලා...මුන් ඔක්කොම නිකන් සැරද ....

එහෙනම් වෙල්ලසූඩයො ටිකක් ගෙනත් දෙන්ඩද සීදේවි....?එවුන් සැරත් නෑ.....නැත්‍තන් කෝලාවො ටිකක්....සීලාවොත් උන්නා .....සැර මැකෙන්ඩ වෙල්ලසූඩයො ටිකක් ගෙනත් දීලා යන්ඩද...කිලෝ එකක් ඇද්ද....?

අතෙ තිබුන බේසමට එබුන මම ඒකෙ තිබුන මාලු දිහා ඇස් කරකව කරකව බලන් ඉදලා සැර මැකෙන්ඩ එලවලුවක් වත් ඉල්ලුවා විතරයි අපෙ එකා ආයම වෙන මගුලක් ගැන කියන්ඩ ගත්තා විතරයි මං එක තත්පරේකට අහක බලාගත්තා...

වෙල්ල සූඩයා...වෙල්ල සූඩයා...???

ඔව්...ඇයි එපාද....කිරට හැදුවම බත් කොතක් උනත් ගසතහැකි ආය....

මිනිහො මං උඹගෙන් වෙල්ලසූඩයෙක් ඉල්ලුවෙ නෑ යකො.....මං කිව්වෙ සැර කැපෙන්ඩ මාලුවක්...

ඉතින් ඔය මාලු නේන්නම්...???

ඒ මාලු නෙවෙ දෙයියනෙ...ඒ මාලු නෙවෙ.....

එහෙනම්...ඉතින් වදෙ අඩි හප්ප හප්ප නටන් නැතුව කියපල්ලකො සීදේවි.....අර බත ලිපෙ.....මේක කපන්ඩත් ඕන...බල පැටියව මිරිසට හදලා ගන්නම්...චූන් පාන් කාරයා ගියොත් පාන් ගෙඩියක් ගන්ඩ කතා කරනො .....ඔහෙ අහන්නෙ මොන මාලුවද...ආය ඉතින් පත්තියන් මාලු තමා සැර කැපෙන්ඩ ගන්නෙ....පරා පැටියෙක් අරන් දෙන්ඩද ..

පරාපැටියා තියාගනින්.....මං කිව්වෙ වට්ටක්කා මාලුවක් ගැන මනුස්සයො...වට්ටක්කා මාලුවක් ගැන....බත්පතම මාලු...එලවලුවක් මැල්ලුමක් ඇත්තෙම නෑ...මාලුම ගිලපියව්.....එන්ඩ එන්ඩම තල්මස්සු වෙනවා...අරකගෙ ඇගට මැල්ලුමක් වැටෙන්නම නෑ....හෙට අනිද්දා වෙනකොට මට උඹගෙ බඩ වැදිලා මැරෙනවා...මට වට්ටක්කා කෑල්ලකුයි මුකුනුවැන්න මිටියකුයි ඕන....

එකම හුස්මක් වත් නැතුව කියවගනම ගියපු මං අවසානෙදි හුස්මක් ගත්තා.....මං බලාගන මං කියපු වචනයක් ගානෙම අහන් උන්න සමුද්‍ර අනිත්පාර අතෙ තියන් උන්න මාලු දිහාවත් බලලා ආයම මගෙ දිහා බැලුවා....

වට්ටක්කා කොහෙද මාලු වෙන්නෙ ඉතින්.....??සීදේවි මෙවුන්ටනෙ මාලු කියන්නෙ....

මගෙන් මොකුත් නාහා වට්ටක්කා කෑල්ලක් අරන් වරෙන් සමුද්‍ර....මාලුම ගිල ගිල මෙතන.....ඔය ගේනකොට හොද කෑල්ලක් බලලා ගේන්ඩ....පිටි තියන එකක්...ඇහුනද...???කියලා ඉවරකරන්ඩ කලින් දුවනවා..ඊටපසේ උඹත් අපෙ අප්පච්චි වගෙ වෙන වෙන ඒවා අරන් වරෙන්කො...අර අනිකා එහෙන් වද දෙනවා...හිටුකො අද...

වට්ටක්කා කෑල්ලක් ගේන්ඩ කිව්වා විතරයි වට්ටක්කා කොහෙද මාලු වෙන්නෙ අහපු අපෙ මනුස්සයා ආයම මගෙ වචන කන් ගන්නෙ නැතුව කුසියට යනකොට වටපිට බලපු මට මගෙම වෙලාවට හනස්සක් හම්බෙද්දි මං හනස්සත් අරන් වැල්ලට බැස්සා....

*

*

*.

ඇ...ඇයි...යකො....ග්...ගහන්නෙ....

ගහන්නෙ...කී වතාවක් අඩගැහුවද...

කි වතාවක්....??කෝ ඊගාපන්...

ඉ...ඊ...ගාන්ඩ...ක්..කියන්නෙ....ක්..කෝ...

බුරුසුවක්...ඔ...ඔහෙ ඇගිල්ලටනෙ....ස්..සිගන්ල්...දාගන ඉන්නෙ තාත්තෙ.....සමනා....ල්....මාව එක්ක පලයල්ලකො....ස්..සුදූ....ඔහෙ ඇගිල්ලටනෙ දාන් ඉන්නෙ...කෝ බුරුසුව...

බුරුසු නෑ...මෙහෙම මැදපන්....ටෙකනොලොජියා....

ටෙකනොලොජියා...කෝ ඊගාපන් ලමයො....ඊ ගාපල්ලකො...වැඩ වැඩි නොකර ඊ ගාපියව්කො...මගෙ කට කැඩෙන්ඩ එනවා...ඊ ගාපන්.....

ඉ...ඉ...ඊ......

*

*

*

කැත තාත්තෙ ..පසනගෙ කුක්කු එක නොවා දෙන්ඩ ඇහැක්ද.....කට පිච්චෙනෝනෙ....

ඒයි මේ තේ එක හදලා...

ම්න්....

ස්කීපර් අයියෙ ලෑල්ලට මාලු දැම්මා හරිය.....කෙලවල්ලා බලයා....කෙන්දා.....ආය සාලයො සූඩයොත් දැම්මා ඔහෙ බලලා කියන්ඩ....

කලපු ඉස්සා දැම්මෙ නෑ.....

පෙට්‍ටියක් දැම්මා...කිරි ඉස්සා ඉන්නො ඕනෙයි....

ම්ම්ම්...කිරි ඉස්සා.....පෙට්ටියක් දාමු.....

මං උන්නෙ සමුද්‍රගෙ තේ එක හද හද....ගුටි කාලා අඩාගන දොඩාගන ඇගපත හෝදවන් ඒකගෙ අඩු දෙකට වැලි වදින්ඩ නොදී වඩාගන ආව පසනා තනිකරම කැලනි හිගන්නෙක් වගේ...මගෙ ටී ශර්ට් එක ඉගෙ උරහිස් වලිනුත් පහලට වැක්කෙරිලා මදිවට දනිහෙනුත් පල්ලැහැට දිග තියෙද්දි මූනත් ඔහෙක් කරන් කටත් මෙහෙක් කරන් හදලා දුන්න කිරි එක නිවලා දෙන්ඩ කියද්දි මං අහගන මාලු වතුර එක ව්සි කරන්ඩ එලියට ගියපු අපෙ එක්කෙනා එක්ක කවුරු හරි මාලු ගැන කියනවා...

මල හත්තයි....මේ ඔක්කොම කරල මාලුත් විකුනපියකො...ඒ කරලා මිනිහා ගෙදර එන්ඩ කලින් උයන්ඩත් ඕන...මටත් කට පුක වහන් ඉන්ඩ බැරුව වට්ටක්කා කෑල්ලකුත් ඉල්ලුවා...ඔව්වට පොල් අඹරන්නෙ මොකාද...පොල් ඇබරුවා කියමුකො....මං දන්නවද අඩෙ වට්ටක්කා උයන්ඩ????

ලමයො....ආ මේක....

කැත තාත්තෙ බඩගිනීනෙ...පසනට බඩගිනීනෙ තාත්තෙ

තාත්තා තාම මාලු එක හොදනවා....උයලා දෙනකන් ඕක බොන්ඩකො....

අපො අප්පා.....උයලා දෙනකන් කියන්නෙ...ඇයි යකො පසනට බඩගිනීනෙ...

ඉතින් යකො මං ලිපට පනින්ඩද.....ඕක බීලා හිටපන් කන්ඩ ඉල්ල ඉල්ල නාහෙන් අඩන්නෙ...

සීදේවී.....

ඕහ්...මෙ ළමයා ගාව .....

මට සුදුළූනු ගෙඩි දෙකතුනක් සුද්ද කරලා ඕන...

තාත්තෙ බඩගිනිනෙ......

සීදේවි....මේ පොල් එකට ලුනු ටිකක් ඉහුවානම්...

තාත්තෙ පසනට ජෑම්පාස් ඕන.....

සීදේවි මෙ බතෙ ගින්දර අඩු කෙරුවා නම්.....

ඇයි යකො පොඩ්ඩක් හිටපියව්කො....එහෙන් එකෙක් තාත්තෙ ගානවා..මෙහෙන් අනිකා සීදේවි ගානවා....මං කතරගම දෙයියො නෙවෙ පොඩ්ඩක් හිටපියව්.....කොයිවෙලෙත් අප්පයි පුතයි මාව කන්ඩ බලන් ඉන්නෙ.....ඇත්තමයි මං යනවා යකො ඉහ හැරුන අතෙ.....

*

*

*

*

සුදු අයියෙ ..

ම්ම්ම්....

ඔයා දැන් යනවද...ඔයා ගියහම මායි ලමයයි විතරනෙ.....ඇරත් අර ලෑල්ලට මාලුත් දාලා ඔව්වල ගනන් හිලව් මං දන්නෙත් නෑ ඒයි...

අනෙ රත්තරනෙ ...නොයා බෑනෙ අම්බරෙ...සුදු අයියා නොයා කොහොමද ම්ම්ම්ම්.....මං දවල්ට එනවනෙ ඉතින්.....යන්ඩ කලින් වට්ටක්කා කෑල්ලක් ගෙනත් දෙන්නම්.....අර එහා පැත්තෙ කොස් මැල්ලුන් ලියනවා සීදේවිට ඕන නම් කියන්ඩ....

කොස් මැල්ලුන්....?

ම්න්....මේ දැන් ලියන්නෙ.....පසනා වට්ටක්කා කටෙ තියන් නෑ....මං කන්නෙත් නෑ ....සීදේවිට හින්දා ගෙනත් දෙන්නම්...

කන නොකන එක මන් බලාගන්නම්කො....අප්පල පුතාලා නැලවෙනව මෙතන.....

මං උන්නෙ එයා ගාව හිටගන....මෙච්චරවෙලාම යකාටඇදන් උන්න මගෙ යකා ආයම නිවීගන ගිහින් තියෙද්දි තව චුට්ටකින් එයා යන්න ඕන කිව්වත් හරි මං තනිකරම ඉදිකට්ට නූල වගෙ එයා පස්ස පාරෙ ගියා...ඒ අත්වල ප්‍රැක්ටිස් එකෙ තරමටද කොහෙද බලාගන ඉන්නකොට අර ගෙනාව මාලු අහුර සට ගාලා සුද්ද කරලා ලුනු අතුල්ලලා හොදපු සුදුඅයියා මාලු පංගු දෙකම මැටි හට්ටි දෙකක දානකොට එයා මගෙ දිහාව බලලා හිනා වෙනගමන් මේක හදන්ඩ දන්නවද අහන ගමන් අර කුට්‍ටි කරාපු බල හට්ටිය පෙන්නුවා....

සීදේවි....දන්නවද මේක හදන්ඩ ම්ම්ම්ම්ම්ම්ම්??

නෑ ඒයි .....සීදේවියා දන්නෙ නෑනෙ....

ම්න්...කියලා දෙන්ඩද සුදු අයියගෙ පනට ම්ම්ම්....

නිකන්....ඉන්....ඩ...ඒයි...ලමයා එයි.....ඔයාගෙ කෝලන් තනිකරම.....ආය සරම ගලවලා නවලා යන්ඩ එපා ඒයි....හෝදන්ඩ දාලා යන්ඩ හරිද අනෙ.....

ම්න්...ම්න්...තව එකපාරක් ඉඹින්ඩද උඹව ම්ම්ම්....

පි...ස්...සු....කෝලම්....

මගෙනෙ ඉතින් උඹ...ම්ම්ම්....උඹ මගෙ පනනෙ බන්....තත්පරේකට වත් දාලා යන්ඩ ලෝබයි බන්...ඒත් නොයා බෑනෙ මයෙ අම්මෙ ම්ම්ම්...සීදේවි මිනිස්සු ජීවත් වෙන්ඩ ඕන රස්සා කරන්ඩ නෙවෙ....ඒත් මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ නම් රස්සා කරන්ඩ වෙනවා...මං එනකන් සමුද්‍රගෙ පන පරිස්සමින් තේරුනාද ???

ම්ම්....පරිස්සමින් ගිහින් එන්ඩ සුදු අයියෙ ....මං ගෙදර ඉන්න එකා....මං නෙවෙ...උඹයි පරිස්සනින් ගිහින් එන්ඩ ඕන...මං ආදරෙයි අයියෙ....මං හුගක් ආදරෙයි...

දැනෙනවා බන්....උඹගෙ ආදර්‍ර් දැනුනෙ නැත්තන් මං මෙතන ඉන්නෙ නෑ අමාකර......බලාගනින්....ඊට පස්සෙ මේ අත්වලින් සුදු අයියා වෙනුවෙනුත් හදා දියන්...ලුනු කායමක් උනත් කාරි නෑ සීදෙවි.....මිරිස් මෝලක් වැටුනත් කමක් නෑ..මං මීක් නොගා අඩුපාඩු නොකියා කන්නම්....මගෙ පපුවට දැනෙන්න ඕන මගෙ පොඩි වස්තුව මන් වෙනුවෙන් දෙයක් හැදුවා කියන එක විතරයි.....

මං හදන්නම් අයියෙ .....

ම්න්.....

මං බලාගන උන්නා.....මෙච්චරවෙලාම කියවපු එයා මීක් නොගා බල මාලු හට්ටිය ලගට අරන් අඩුම කුඩුමත් ලගට කරගන්නකොට මං ඇස් පිල්ලම් නොගහම බලාගන උන්නා.....

එයා මුලින්ම මාලු කුට්ටි ටිකට ලුනු චුට්ටක් එක්ක කහ චුට්ටක් ඉහාගන ඒ දාපු ලුනුත් කහත් හොදට අල්ලගන්න මාලු කෑලි තැලෙන්නෙ නැති වෙන්න අනාගත්තා.....ඒ අනාගන ඒක පැත්තකින් තියලා මං ලව්වාම සුද්ද කරවගත්ත සුදු ළූනුත් රතුලූනු ගෙඩි දෙක තුනත් අත් වන්ගෙඩියට දාලා කොටාගන ගොරකා අහුරක් අරන් වතුරට දාලා පොගවන් ඒකත් අඹරගන අර අත් වංගෙඩියටම දාලා කොටාගන තිබුන සුදුළූනු රතු ළූනු පේස්ට් එකටම හාමුකරන් ඇබිත්තන් මෝල් ගහෙන් තවත්න්පාරක් දෙපාරක් කොටා ගත්තා...

සීදේවි

සුදු අයියෙ....

මේන් මැටිවලද ලිපෙ තියන්ඩ....

හා.....

එයා මට තවත් මැටිවලදක් දුන්නා...ඒක දීලා ලිපෙ තියන්ඩ කියනවත් එක්කම මෙච්චරවෙලාම තිබුන බත් මුට්ටිය අහක් කරපු මන් මැටි වලද තියනවත් එක්කම එයා ඒ මැටි වලදට මිරිස් කුඩු වගේම අර කොටාගත්ත ලූනු සුදුළූනු ගොරකා තලියත් දාලා ඒ උඩටම ගම්මිරිස් කුඩුත් එකතු කරලා සාමාන්‍ය තරමකට වතුර එකතු කරගත්තා.....ඒ එකතු කරන ගමන් පොල්කටු හැන්දෙන් හීන්සීරුවට ඒහොද්ද කාල් ගෑවා.....ලුනුපොල්කට්ටෙන් ආයම ලුනු කැට දෙකතුනක් අරගන් අර මිරිස් හොද්දට දාපු එයා කරපිංචා එක්ක සාමාන්‍ය තරමකට කපාගත්ත රම්පා කොල ටිකකුත් එකතු කරගන අවසානෙදි පැත්තකින් තියාපු මාලු කුට්ටි ටික මිරිස් හොද්දට එකතු කෙරුවා.....

පුදුමාකාර සුවදයි ...අලුත් මාලුවල සුවද වගේම ඇබරුන සුදුලූනු ලූනුවල සුවද කරපින්ච රම්පා තැම්බෙන සුවද කුසිය පුරාවටම යනකොට මං බලාගන රතේ රත ගත්ත මාලු හොද්දෙ බුබුලු දානවා....

අත අල්ලන්ඩ.....

එයා මට අත අල්ලන්ඩ කිව්වා..මං දන්නව ඔය හදන්නෙ මං ලව්වා රහ ගුන ලුනු ඇඹුල් බලවන්න....

රසද ....

හ්...හුගක්....රසයිනෙ....අයියෙ...

ඇත්ත....මගෙ කටවත් දිව වත් නෙවෙ බොරු කිව්වෙ.....යන්තමට පිඹලා මගෙ අතට වක්කරපු ඉස්ම බිදු දෙක තුනට මගෙ බඩගින්දර අවුස්සන්න පුලුවන් වෙද්දි මගෙ අම්මා වගේම සුදු අයියත් මං රහ ගුන කියනකන් බලාගන උන්නා වගේම අප්පච්චිගෙ සරමත්....අම්මගෙ ඇසුත් මතක් උන මට බඩ ගින්දරත් එක්ක හැන්ගිලා ගිහින් තිබුන හිතෙ ගින්දරත් ඇවිලෙන්න ගත්තා....කොටින්ම මට ආයම ඇඩෙන්ඩ ආව...එයාව දාල එලියට දුවාගන්න ඕන උනා....

මෝඩයා...සුදු ඉදිආප්ප ටිකක් ගෙන්නලා දෙන්ඩද....ඉස්මයන්ඩ කත හැකි සීදේවි....පැටියට මොනවද ඕන ම්ම්ම්....

මොකුත් එපා අයියෙ .....බත් චුට්ටක් ඇති.....මන් පසනව බලලා එන්නම් සමුද්‍ර....

......ම්න්....හොද්ද සැර හින්දද ඇස්වල කදුලු බැදුනෙ මගෙ අමාකර?

Bye 🥹

More Chapters