WebNovels

රුද්‍රාක්ශ්

Kim_Nu94
14
chs / week
The average realized release rate over the past 30 days is 14 chs / week.
--
NOT RATINGS
1.2k
Views
Synopsis
අතිශයෙන් අමුතු කතාවක්
VIEW MORE

Chapter 1 - ඇරඹුම

මෙහි එන සියලු චරිත මනංකල්පිතය. කිසියම් හෝ ඇදහිල්ලකට හෝ ආගමකට නිගරු කිරීමට මෙම කතාව නොලියවෙන බවත් දන්වා සිටිමි.

"වාසි she is losing too much blood!!!" හදවත් සැත්කම් වෙනුවෙන් ලංකාවේ නමගිය වෛද්‍යවරෙක් වෙච්ච දුමින්ද අලහකෝන් තමන්ගේ යහලුවා දිහා බලන් කෑ ගැහුවා. දුමින්දගේ මුහුණ පුරාම ලේ! මේක මුලුමනින්ම තමන්ගේ වැරැද්ද. තමන්ගේ අතින් වැරැද්දක් වුනා කියලා දුමින්ද දැනන් හිටියා. දුමින්ද බොහෝම කාලයකට පස්සේ හොඳටම නොසන්සුන්වෙලා හිටියේ ඒත්, ඒත් දුමින්දගේ යහලුවානම් කලබල වෙච්ච පාටක් නෑ.

"Move!" දුමින්දගේ යහලුවා දුමින්දව එතනින් අයින් කරා. වෙලා තියන දේ ඔහුට හිතා ගන්න පුලුවන්. ලෙඩාට තවත් ලේ නැති වුනොත් Hypothermia වලට එන්න පුලුවන් කියලා ඔහුට තේරුනා. 

"It's a Structural defect! There's a minor cut in the Left ventricle . Suction!!!" ඔහු කෑ ගැහුවා. ශල්‍යාගාරය තුල හිටි හෙදියෝ මෙන්ම සිසු වෛද්‍යවරුන් කලබලෙන් එහෙ මෙහේ දුවද්දි මොනිටර් වල බීප් හඬ එන්න එන්න වැඩි වුනා.

"දුමියා come to your senses man! Stiches!!!" ඔහු තමන්ම ටික මොහොතක්ට නතර කරපු හදවත ඇල්ලුවා. ශල්‍යාගාරයේ කවදාත් වචනෙන් විස්තර කරන්න බැරි හැකියාවක් නිර්වින්දන වෛද්‍ය ව්‍රිත්‍ර ආහි වාසිශ්ඨ ට තිබුනා. ඒක මොකක්ද කියන්න කාටවත් හැකියාවක් නම් තිබ්බේ නෑ. හැබැයි මේ වෙලාවේ හෝස් ගාලා උඩ ගැහුව රුධිර වේගය යම් තාක් දුරට පාලනය වෙලා තිබුනා. ඉතින් දුමින්ද තමන්ගේ අතින් වෙච්ච වැරැද්ද හදමින් හිටියා. 

"Man that was close!" දුමින්ද රබර් ග්ලව්ස් ගලවමින් ව්‍රිත්‍රගේ උරහිසකට නලල තියාගෙන බර හුස්මක් පහල දැම්මා.

"උඹ ඊයේ බිව්වද?" ව්‍රිත්‍ර තමන්ගේ ග්ලව්ස් ගලවලා බින් එකට දානගමන් ඇහුවේ සිකුරාදා දින තමන්ගේ මිත්‍රයාගේ කාල සටහන මැනවින් දන්නා නිසයි.

"සුට්ටක්!" ඇඟිලි දෙකකින් shot glass වීදුරුවක් පෙන්වලා ඒක කටේ හලං 'ටොක්' හඬ දීලා ඇහැක් ගැහුවට ව්‍රිත්‍රට ඒ රංගනයෙන් කිසිම හිනාවක් ගියේ නෑ. 

"මචං this is not a joke!"

"I know, I know! I'm trying වාසි! I'm trying"

"මචං ඔය කොල්ලව අමතක කරපන්! ඌ එහෙ කැනැඩියන් කාරයෙක් එක්ක ආතල් ගන්නවා"

"මාව අමතක කලාට..

වෙන කෙනෙකු වෙත ගියාට..

තාම ආදරේ ඔයාට..." 

දුමින්ද එහෙම කියලා විසිල් එකක් ගහන් එලියට යනකොට ඌව මගදිම ලෙඩාගේ සනුහරේ වටකරගන්නකොට ව්‍රිත්‍රට ජීවිතේ කී වෙනි වතාවට හරි හිතුනේ තමන් ආදරය කරන්න පටන් ගත්තේ නැති එක කොයි තරම් දෙයක්ද කියලයි. ඒත් ව්‍රිත්‍ර දුමින්ද දිහා බලන් තනියම හිනා වෙන ගමන් anesthesia reversal එක කරලා ලෙඩාට සිහිය එනකන් බලන් ඉන්න ගමන් ශල්‍යාගාරයේ එහේ මෙහේ ඇවිදින්න ගත්තා. ලෙඩාට සිහිය ආ බව තවුරු කරන්, vitals check කරන් තද කරන් හිටපු සූ බර නිදහස් කරන්න ව්‍රිත්‍ර බකතපස් රකින නර්ස් නෝනාට සිරික්කියක් දාලා එලියට ආවා. 

හාවා අල්ලලා, ඇඳුම් මාරු කරන් අද දවසට තිබ්බ අන්තිම surgery එක ඉවර කරපු සතුටට ව්‍රිත්‍ර waiting room එකට ගියේ ලස්සන චූටි නර්ස් නෝනාට කියලා කෝපි එකක් හදන් බීලා දෙයියනේ කියලා ගෙදර යන්න කියලා වුනාම waiting room එකේ දොර අරිනකොටම ව්‍රිත්‍රගේ දුරකථනයට ඇමතුමක්.

"අහ් බාප්පේ! කතා කරන්න එපා අද නම් මන් හදන්නේ නෑ!" ඇමතුම දුන් පාර්ශවය 'හෙලෝ' කියන්නත් කලින්ම ආපු ඇමතුමට ව්‍රිත්‍ර උත්තර දුන්නේ එහෙමයි. ඒත් එහා පැත්තෙන් ආපු කටහඬේ දඟකාර ස්වභාවයක්නම් තිබ්බෙම නෑ. ඒ වෙනුවට තිබ්බේ කලබලයක්. අද නිර්වින්දන වෛද්‍යවරයාට වෙලා තියෙන්නෙම කලබල විසඳන්න වගෙයි.

"බාප්පා? තමුසෙට මන් කොච්චර කිව්වද ඔය වචනේ කියන්න එපා කියලා. මේ අහනවා විහිලු නෙමෙයි. මගේ පන්තියේ ළමයෙක් හදිස්සියේ කලන්තේ දාලා වැටුනා. මන් දැන් ඒ ළමයා එක්ක එනගමන් ඉන්නේ. ගෙදර යන්නේ නැතුව හිටපන්"

"මොන හු#තක්ද වේද්! මට බෑ! දුමියා ඉන්නවා ඌට පෙන්නපන්!"

"තෝ ගෙදර එන්න එපා වාසි! මේ දරුවව බලලා ගෙදර පලයන්!" 

"මලම කරුමයක් ඕයි!" ව්‍රිතර ඇමතුම විසන්ධි කරේ දුරකථනයේ තිරයේ පෙනෙන්ට තිබ්බ රතු කොන්ඩකාරයට හිතින් බැන බැන. 

"බය වෙන්න එපා දරුවෝ, පපුව හුඟක් රිදෙනවද?" 

"ඔව් සර්" 

"දිව්‍යා මිස් දරුවාට වතුර ටිකක් පොවන්න" 

"කස්සප සර්, හිටපු නිසාම හොඳයි! නැත්තම් අර ඉස්කෝලේ හුචක්කුව ඕන වෙලාවක ගරාජ් එකේනේ" ඉංග්‍රීසි භාශාව උගන්වන දිව්‍යා මිස් හදිස්සියේම තමන්ගේ කාල්ච්ඡේදයේ කලන්තේ දා ඇදන් වැටුනු සුදු මැලි වෙච්ච, පන්තියේ ලස්සනම කෙලි පොඩ්ඩ තමන්ගේ පපුවට තුරුලු කරන් පපුව අත ගගා වතුර පොව පොව වරින් වර කනස්සල්ලට පත් වුන මී පැණි පාට ඇස් වලින් පිටිපස්ස බල බලා වාහනය හසුරවන ජීව විද්‍යා ගුරුතුමා දෙස බලන් කිව්වා.

"දේවාන්ශි, අපි දැන් හොස්පිට්ල් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. බය වෙන්න එපා හොඳඳ?" දිව්‍යා තමන්ගේ පපුවට හේත්තු වෙලා ඉන්න කෙල්ලගේ පපුව අත ගගා කිව්වා.

"හරි මිස්" 

"දරුවෝ ඔයාට ඇවිදින්න පුලුවන්ද?" කස්සප වාහනය නවත්වන ගමන් සුදු මැලි වුන කෙල්ලගෙන් ඇහුවම කෙල්ල දුර්වල කටහඬෙන් පිළිතුරු දුන්නා.

"පුලුවන් සර්" 

"මෙහෙන් එන්න දරුවෝ" කස්සප තමන්ගේ පිටුපසින් දිව්‍යා ට වාරු වෙලා දුර්වල අඩි තියමින් එන දේවාන්ශි දෙසට හැරිලා අතින් සන් කලා. 

"hello කොහෙද ඉන්නේ?" කස්සප ඒ කතා කරේ ව්‍රිත්‍රට. ඉතින් ව්‍රිත්‍ර හිතෙන් දෙහි කප කප තමන් OPD එකට එන බවත් එතනින් ඉන්නයි කියලත් දැනුම් දුන්නම කස්සප පිටුපසින් එන දෙදෙනාවත් කැටුව කියාපු ආකාරයෙන්ම OPD එකෙන් වාඩි වෙලා හිටියේ අහපු සේරටම වෛද්ට වාසිශ්ඨ හම්බවෙන්න ඉන්නවයි කියාගෙනමයි.

ඈත තියන්ම ව්‍රිත්‍රව දැකපු කස්සප දේවාන්ශිව අරන් නැගිටින්නයි සන් කලාම දිව්‍යා කෙල්ලව වාරු කරන් නැගිට්ටත් හරි, ව්‍රිත්‍රව දැක්ක ගමන්ම දිව්‍යාටත සිහිමදි ගතියක් දැනුනා. වීදුරු වගේ දිලිසෙන නිල් ඇස්, තද කලු කොණ්ඩය මෙන්ම ඇස් යට තමන් ගාන ජාතියේම කාජල් උලලාදෝ කියලයි දිව්‍යා වුනත් සැක කරේ. අඩි 6' 6ක්වත් උස ඇති යැයි තක්කෙටම දිව්‍යාට කියන්න පුලුවන් වුනා. තද නිල් පාට නීරස වෛද්‍ය නිල ඇඳුමට වුනත්, සුදු පාට ක්‍රොක්ස් යුගලයට වුනත් ව්‍රිත්‍රගේ කඩවසම්, දේහදාරී පෙනුම අංශු මාත්‍රයකින්වත් එහෙ මෙහෙ කරන්නට බැරි වුනා. 

දිව්‍යා හිතුවෙම, රතු පාටට බර දුඹුරු කෙස් මෙන්ම, මී පැණි පාට ඇස් දෙකක් තිබ්බ, කස්සප තරම් ලස්සන රූපයක් මින් පෙර කිසිදා ඇය දැක තිබුනේ නෑ කියලායි. ඒත් දැන් දිව්‍යාගේ හිත දෙතැනක අතරමං වෙච්ච ගානයි. වැඩිපුරම කඩවසම් කවුදැයි දිව්‍යාට තෝරගන්න බැරි වුනාට දැන් මෙතන තිබ්බ ලොකුම ප්‍රශ්නය ඒක නෙමෙයි, මේ තමන්ගේ අතේ එල්ලිලා ඉන්න දුර්වල කෙල්ලට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම බව දිව්‍යාට මතක් වුනා. 

"එන්න දේවාන්ශි, මෙතනින් වාඩි වෙන්න" කැරකෙන පුටුවක ඉඳගෙන හිටපු ව්‍රිතරගේ ඉදිරියෙන් තිබ්බ ප්ලාස්ටික් පුටුවෙන් දේවාන්ශිව ඉන්දවනගමන් දිව්‍යා කිව්වට ව්‍රිතරගේ ඇස් තිබ්බේ දේවාන්ශි ළඟවත්, දිව්‍යා ළඟවත් නෙමෙයි, කස්සප ළඟයි. ඒ බලලත් තද හුස්මක් පහලට දැම්මේ විඩාව බිම දාන්න වුනාට ව්‍රිත්‍රගේ ඇස් දෙකෙන් නම් විඩාබර පෙනුන ටිකකටවත් අහක් වුනේ නෑ. පහත දාපු සුසුමට පිළිතුර වශයෙන් කස්සප දඟකාර හිනාවක් ව්‍රිත්‍රට තෑගි කලා. 

"හරි, මොකක්ද නම?" අන්තිමේදී ව්‍රිතර තමන්ට යොමු වුන ලෙඩා දිහා බැලුවා

"වාන්‍යා දේවාන්ශි චන්ද්‍රසේකරන්"

"ම්ම්ම්, වයස?" ව්‍රිතර දුර්වල කටහඬින් තමන්ට ලැබුනු පිළිතුරු සටහන් කරගන්න ගමන් ඊළඟ ප්‍රශ්නය ඇසුවා.

"19යි doctor"

"ම්ම්ම්, මොනාද දැන් තියන අමාරු?" විත්‍ර දේවාන්ශිගේ ඇස් යටට ඇදලා ටෝච් එලිය ගැහුවා. පපුව රිදිල්ලත් එක්කම, කකුල් සහ අත් වලට දැනුන සීතල, හුස්ම ගැනීමේ අපහසුතාවයත්, ඔලුවේ තිබ්බ කැරකිලි ස්වභවයත් නිසා දේවාන්ශි හිටියේ බොහොම අමාරුවෙන්. තමන්ගේ ඉස්සරහා ඉන්න වෛද්‍යවරයා වුනත් දේවාන්ශිට පෙනුනේ බොඳ වෙච්ච ගානටයි. 

"දිව" ඉතින් දේවාන්ශි දිවත් එලියට දැම්මා.

"හුස්ම ගන්න!" ව්‍රිත්‍ර දේවාන්ශිගේ යුනිෆෝර්ම් එක උඩින් පපුවට ස්ටෙත් එක තියන් රෝග විනිශ්‍යයේ යෙදුනා.

"අත්, කකුල් වලට සීතල දැනෙනවද?"

"ඔ-ඔව් ඩොක්ටර්" දේවාන්ශි යන්තම් උත්තර දුන්නා. 

"මන් හිතන්නේ Iron deficiency anemia" ව්‍රිත්‍ර ඒක කිව්වේ කස්සපට. 

"මොකද දැන් කරන්නේ?" කස්සප ඇහුවේ ඇත්තටම කලබල වෙලා වුනත් ව්‍රිතරට ඒකේ ගානක්වත් නැති ගානයි. 

"මොනා කරන්නද?" ව්‍රිතර තමන්ගේ පිටිපස්ස බලලා, නර්ස් කෙනෙක්ට කතා කරා. 

"Severe malnutrition with Iron deficiency anemia. accompanied with Folate and B12 deficiency. Needs hospital admission with IV drugs. HB Level 3"

"Admit? Admit වෙන්න ඕනද ඩොක්ටර්?" මෙතුවක් වෙලා දිව්‍යාට වාරු වෙලා හිටපු දේවාන්ශි කලබල වුනේ තමන් මේ වෙලාවේ රෝහලේ ඉන්න බව තමන්ගේ භාරකාර මැඩම් නොදන්නවා කියලා හිතුන නිසා වුනත් කස්සප දේවාන්ශිගේ උරහිස් මෘදුව ඇල්ලුවේ කලබල වෙච්ච කෙල්ලව සන්සුන් කරන්න හිතලා.

"බයවෙන්න එපා දරුවෝ, මන් නිවාසෙට කතා කරලා දැනුම් දුන්නා. ඔයාව ඇඩ්මිට් කරනවා කියලා මන් කියන්නම්. නිවාසෙන් කවුරු හරි එනකන් අපි ඉන්නවා" කස්සප දිව්‍යා දිහාට හැරුනා. 

"ලෙඩා එක්ක එක්කෙනෙක්ට විතරයි ඉන්න පුලුවන්" නපුරු පාට නර්ස් නෝනා දේවාන්ශිව wheel chair එකකට ගෙනියන ගමන් කිව්වම කස්සප දිව්‍යා දිහාට හරුනා.

"දිවයා මිස් යන්න. මන් නිවාසෙන් එනකන් දේවාන්ශි එක්ක ඉන්නම්. මිස්ට පරක්කු වෙනවනේ" 

"කමක් නැද්ද කස්සප සර්?"

"කමක් නෑ. මිස් යන්න. කොහොමත් මන් පන්තිභාර ගුරුවරයා නිසා මන් භාරකාරයා විදිහට ඉන්න එක හොඳයි නේද වාසි?"

"උඹේ කැමැත්තක්. මන් යනවා ගෙදර! ශිරානි මිස් අනේ මේ patientට Low Hb needs blood transfusion.ඩොක්ටර් හසන්ති දැන් එනවනේ. පොඩ්ඩක් බලන්න කියන්න" 

"හරි ඩොක්ටර්! අපි නොබලා ඉන්නවද ඩොක්ටර්, ඩොක්ටර්ගේ patientsලා නේද වරුනි මිස්?" ශිරාණි මිස් එහා ඇඳේ හිටපු වයසක අංකල්ට රෙද්දක් පොරවන ගමන් ශිරාණි මිස් කියපු දේට ඔලුව වනලා හිනා වුනා.

"That's my girl!" ව්‍රිත්‍ර ඇඟිලි දෙකෙන් shoot කරන අංගයක් රඟ දක්වලා දඟකාර ලෙස කකුලකින් මේසෙට තල්ලුවක් දාන් කැරකෙන පුටුව පස්සට තල්ලු කරන් නැගිටලා යනගමන් කස්සපගේ උරහිසට ගැහුවා.

"Thanka වාසි"

"anything for you බාප්පේ!" 

"පලයන්!!!!" කස්සප කෑ ගැහුවා. 

"මන් යනවා වේද්! උඹ කාලා වරෙන්!" ව්‍රිත්‍ර තමන්ගේ අත පිටිපස්සට ගෙනත් නුහුරට තමන්ට අත වනන ගමන් OPD දොරෙන් එලියට යන දිහා කස්සප බලන් හිටියා. 

රෝහලේ ඇඳ උඩ පාසල් නිල ඇඳුම පිටින්ම ඇල වෙලා හිටපු දේවාන්ශි ජීවිතේ අසරණ වෙච්ච තවත් දවසකින් එකක් විතරයි මේ. කෙල්ලට ඒවා දැන් හුරුයි. දේවාන්ශිට ජීවිතේ කී වෙනි වතාවට හරි අම්මා හිටියනම් කියලා හිතුනා. අම්මාගේ රූපේ, කටහඬ දැන් දේවාන්ශිගේ මතකයෙනුත් ගිලිහිලා ගිහින්. අම්මා එයාව දාලා ගිහින් අවුරුදු නමයක්ම ගෙවිලා ගිහින්. දේවාන්ශි දන්න තරමට තමන්ගේ වාසගමත් අම්මාගෙන් ඇයට උරුම වෙච්චි නමක් වෙනකොට අප්පෙක් නැති දරුවෙක් එක්ක, කෝවිලකම දේවදාසියෙක් විදිහටම මැරිලා යනකන්ම කැඹුරුව දේවාන්ශිගේ අම්මාට රට්ටු කොයි තරම් කතා හැදුවත් දේවාන්ශිගේ ඇස් දෙකේ කවදත් තමන්ගේ අම්මා දුර්ගා දේවී තරම්ම පූජනීයම කාන්තාවක් වුනා. තමන්ගේ අප්පා ගැන අහන්න තරම් කාලයක් දේවාන්ශි තමන්ගේ අම්මා එක්ක ගත කරලා තිබුනේ නෑ. අප්පා කෝ කියන ප්‍රශ්නය දේවාන්ශිට සංකීර්ණව දැනෙන්න පටන් ගත්ත කාලයේදිත් අම්මා දේවාන්ශිව දාලා ගිහින්. එදා ඉදන් දෙවාන්ශි ජීවත් වුනේ කෝවිලේ ආදාරයෙන් පවත්වන් යන ළමා නිවාසයක. 

දේවාන්ශිට දොස්තර කියපු anemia කියන වචනය අහුලගන්න පුලුවන් කම තිබ්බා. ඉතින් තමන්ට යකඩ ඌනතාවයක් තිබුනත් දේවාන්ශි හිටපු තත්වය අනුව ඒක එයාට කොහෙත්ම පුදුමයක් වුනේ නෑ. මේ අවුරුදු නමයම තමන් ජීවත් වුනේ කොහොමද කියලවත් දේවාන්ශිට හරි අදහසක් තිබ්බේ නෑ. කෝවිලෙන් ලැබෙන කෑම ළමා නිවාසයේ හැම ළමයෙක්ටම ප්‍රමානවත් වුනේ නෑ. ඉතින් මේ දුර්වල සෞඛ්‍ය තත්වය තමන්ට විතරක් උරුම වෙච්ච දෙයක් නොවන බව හිතන් දේවාන්ශි හිත හදාගන්න උත්සහ කරා. මොකද දේවාන්ශිට තමන්ගේ සෞඛ්‍ය තත්වයට වඩා හිතන්න යමක් තිබ්බා. 

"අනේ!" ශිරානි මිස් සිලින්ජරයක් අරන් ආවේ ලේ ගන්නයි කියලා දැක්ක ගමන් දේවාන්ශිගේ මුවින් ඒ වචනය ටිකක් සද්දෙට ගිලිහුනා. 

"බය වෙන්න එපා දරුවෝ" දේවාන්ශි නොදැක්කත් තමන්ගේ පන්ති භාර ගුරුතුමා තමන් ළඟින්ම ඉඳන් කියලා දේවාන්ශිට තේරුනේ කස්සප ඇවිත් එයාගේ ඔලුව අතගානකොට.

"අනේ සර්, මන් බයයි!" 

"එහෙනම් මගේ අත අල්ලගෙන ඇස් පියාගන්නකෝ දරුවෝ..." කස්සපගේ වචන වලට ගින්නක් වුනත් නිවන්න පුලුවන් ගානයි. ඉතින් දේවාන්ශිගේ දුර්වල ගැහෙන ඇඟිලි කස්සපගේ අත තදින් අල්ලගත්තා.

මතු සම්බන්ධයි...