WebNovels

Chapter 5 - පැටලුන නූල්

බින්දු, බින්දු වතුර බින්දු කැටයම් නෙලපු ශරීරයේ රූටල, රූටලා පහලට ගොස් නාභියටම එකතු වී සමහරක් නම් සුද්දාගේ හෝඩියේ යටින් එකට එකතු වෙන අක්ශරය හැඩයට පින්තාරු වී තිබූ කාලවර්ණ වාල තවත් තෙමාගෙන සාලුවටම වැඩී අන්තරස්දහන වෙනකොට කස්සප ගිරිය යටින් බෙරිහන් තිබ්බත් ව්‍රිත්‍ර ආහි වාසිශ්ඨ නෙමෙයි කනකටවත් ගත්තේ. රිදී පාටට තැනින් තැන දිස්නේ දෙන කාල වර්ණ ඉත්තෑකූරු ගැන්වුන තෙත කෙස් උඩ සාලුවක් අතකින් රඳවන් ව්‍රිත්‍ර දෙඅත්ලෙන්ම මුහුණ වසාගෙන සිටින කෙල්ලගේ කම්පනය දැක පැත්තට ගියපු සෙල්ලක්කාර සිනහවකින් මුව සරසන් හිටියේ කස්සපගේ ටෙනිස් බෝල තටමට වූ දෑස් වලට කිසිදු අවධානයක් නොදීමයි. 

"වාසි, දෙයියන්ගේ නාමෙට ඇඳුමක් දා ගනින්කෝ! හෙලුවෙන්මයි ඉන්නේ ඕන වෙලාවක!"

"වේද්, වේද්...හැඩ ඇතිනම් ගත හැකි හොඳම ඇඳුමයි නිරුවත" සෙල්ලක්කාර සිනහව තවමත්, 

"පලයන්කෝ!" ඒ වතාවෙනම් ව්‍රිත්‍ර කස්සපට අවනත වුනා. 

"මට සමාවෙන්න දේවාන්ශි, අපේ දොස්තර මහත්තයා ටිකක් වතුරට ලැදි කෙනෙක්. එන්නකෝ" හෙමින් අත් දෙකම පහලට දාගත් දේවාන්ශිට තම නිවසට ආරාධනා කල කස්සප අවශ්‍යම දේවල් පමණක් තිබූ දේවාන්ශිගේ බෑග් එක අරන් ඇය පිටුපසින් සාලයට ඇවිදන් ගියා. 

"ඉඳගන්න දරුවෝ. මන් ඔයාට මොනවහරි බොන්න හදන් එන්නම්" දේවාන්ශි තවමත් හිටියේ බය බිරාන්ත වෙලා වෙද්දි කස්සප අවකාශය සාමාන්‍යකරණීය කිරීමට ව්‍යර්ත උත්සහයක් දරමින් සිටියා. දේවාන්ශී ජීවිතේ කවදාවත් මේ තරම් සුඛෝපභෝගී නිවසකට පය තියා තිබුනේ නැති කොට ඒ කෙල්ලට මේ අවකාශය ඉතාම නුහුරු වුනා. 

'අම්මෝ මේ T/V එකේ ලොකු!'

'අම්මෝ අර ලයිට් එක ඇතෙක් විතර ඇති නේ?'

'රිතූ දැක්කනම් පිස්සු හැදෙයි'

'කස්සප සර් ඉස්කෝලේ පේන්න ඉන්න තරමට වඩා පෝසත් නේ'

'අම්මෝ මේ පුටු වල ලස්සන!'

'මේ තරම් ලස්සන බූල් කාපට් පාගනවද?'

'අම්මෝ නෙලුම් කුළුනත් පේනවා' 

"දේවාන්ශි?" 

"අහ්?" 

"මොනවද බලන්නේ?"

"අහ්, සර් මේ අර නෙලුම් කුලුනත් පේනවා. ඒකයි" කුලෑටි කට හඬින් මුනු මුනුව කස්සපට ඇහෙන නොඇහෙන ගානයි.

"අහ්... දේවාන්ශි කලින් නෙලුම් කුළුන දැකලා නැද්ද?"

"මෙච්චර ළඟට දැකලා නෑ සර්"

"දවසක පෙන්නන්නම්කෝ තව ළඟට. මොනාද කියන්නකෝ දැන් බොන්නේ? තේද කෝපිද? නැත්තම් කූල් මොනා හරි බොනවද?"

"කෝපි එකක් හොඳයි සර්"

"කෝපි නම් ඉතින් හොඳටම හදන්නේ මම" නිවසට ඇතුල් වෙනකොටම දේවාන්ශිට කම්පනාත්මක පිළිගැනීමක් දුන් කෙනා දැන් විලි වසාගෙන සිටියත් විලි වසන්න කලින්ටත් වඩා සරාගී හැඩයි. ක්‍රීම් පාට loose linen දිග කලිසමට අලු පාට කැශ්මියර් අත් දිග බැනියමේ ගැඹුරට කපපු ' V' හැඩය ලය මැද බෙදුම මනා ලෙස බේරුවා. සෙල්ලක්කාර සිනහව සමඟම දුම් දාන කෝපි කෝප්ප තුනක්ම ඇඟිලි වලට වාරු කරන් කියද්දි කස්සප එක කෝපි කෝප්පයක් අරන් ඒක දේවාන්ශි වෙත දිගු කරා.

"ඇත්ත අපේ වාසිගේ කෝපි තමයි මන් බීපු හොඳම කෝපි. දේවාන්ශි බීලා බලන්න"

"ආස හිතෙයි...." කියාගෙන දේවාන්ශි ඉදිරියේම තිබුන සෝෆාවට වැටුනු ව්‍රිත්‍ර කෝපි කෝප්පය තොල ගානවා දේවාන්ශි බලන් හිටියේ කස්සප තමන් වෙත දිගු කරන් හිටි කෝපි කෝප්පයවත් ගන්න සිහියක් නැතිව වෙද්දි, රිතූ හිටියනම් අනිවාර්‍යයෙන්ම ඇයගේ හුස්ම යන්නට පෙර පවසන එකම වදන වනුයේ 'දෙලොවක් අතර මා තනි වුනා'. 

ඇත්ත, දේවාන්ශි ව්‍රිත්‍රව කලින් දැකලා තිබුනා, රෝහලේදි. නමුත් කෙල්ල හිටියේ මෙලෝ සිහියක නොවෙයි. කොයි වෙලේ තමන්ගේ පන යාවිද කියලා හිත හිත හිටි කෙල්ලට දොස්තර මහත්තයාගේ රූප ස්වභාවය වර්ණනා කරන්නට කිසිසේත්ම සිහියක් තිබුනේ නෑ. 

"මේක ගන්න දරුවෝ... නැත්තම් මේක රස්නේ වැඩිද? මම නිවන්නද?" කස්සප අහපු දේට උගුර පෑදුවේ ව්‍රිතර වෙද්දි

"අහ් නෑ, නෑ එපා සර්. මෙහෙම හොඳයි" දෙලොවක් අතර තනි වී සිටි කෙල්ල කෝපි එක අරන් ව්‍රිත්‍රගේ ඉස්සරහින්ම වාඩි වෙද්දි, කස්සප දේවාන්ශිගේ එහා පැත්‍තෙන් වාඩි වෙලා දැන් ගෑවෙන නොගෑවෙන ගානයි. 

"වාසි, හොඳට අහගන්න, මේ ඉන්නේ දේවාන්ශි. ඔයා එයාව කලින් meet වෙලා තියනවනේ. ටික දවසකට දේවාන්ශි ඉන්නේ අපිත් එක්ක"

"කැහ්! කැහ්! කැහ්!" 

"ඇයි දරුවෝ, ඕක උණු වැඩී නේද? අයියෝ ඇඟෙත් ඉහිරිලා. බලන්නකෝ!" කස්සප පොට්ට පාට වුන කුරුතා කමිසය අවර්ණ කල කෝපි ටික අතින් පිහිදානකොට දේවාන්ශි ගේ බඩ හරිය යන්තම් ඉහිරුන කෝපි වලට යන්තම් උණුසුම් වුනත් ඇඟ කිලි පොලා ගියේ කස්සපගේ ස්පර්ශයට.

"වාසි බලන් ඉන්නේ නැතුව ටවල් එකක් ගේනවා මිනිහෝ!"

"පොඩ්ඩක් පිච්චුනා කියලා මැරෙන්නේ නෑ වේද්!"

සීතලයි! ව්‍රිත්‍ර ආහි වාසිශ්ඨ සීතල මනුස්සයෙක්, එහෙමයි දේවාන්ශිට හිතුනේ. පොඩි දේටත් දේවාන්ශි ගැන කස්සප කලබල වුනාට ව්‍රිත්‍රට ගානක් වත් නෑ. කස්සප තමන්ගේ ගුරුවරයා නිසා වෙන්න ඇති ඒ. දේවාන්ශි කස්සපගේ හැසිරීම ගැන තමන්ටම වගෞත්තර බැඳ ගනිද්දි ව්‍රිත්‍ර ටවල් එකක් හොයන්න ගියා.

"දේවාන්ශි දැන් වොශ් එකක් දා ගන්න"

කස්සප කියනවා දේවාන්ශිට ඇඟ සෝදගන්න කියලා. ඒත් දේවාන්ශිට ඒ සමඟම බැඳුනු තව ප්‍රශ්නයක්. ඇඳුමක්? ඇඳුම් එකක්වත් දාගත්තේ නෑ නේ. 

"ඇයි? මොකක්ද ප්‍රශ්නේ දරුවෝ?"

"අහ් මෙන්න ටවල් එක" දේවාන්ශිට වෙත දිගු වුන සුදු පැහැති හතරට නැවුනු සාලුව භාරගත්තේ කස්සප.

"මේ මොකක්ද? මේ උඹේ එකක්නේ!"

"හෝදලා තියෙන්නේ ඕයි! මට බෑ අලුත් ඒවා හොයන්න. උඹට ඕන්නම් හොයා ගනින්"

"මේක හොඳයි සර්!" දේවාන්ශි කස්සප අතේ තිබුන සාලුව ඉක්මනින් අරන් නැගිටලා දුවලත් ඉවරයි. යන්නේ කොහෙද කියලවත් නොදැන දුවන කෙල්ල දිහා දෙන්නම අත් බැඳන් බලා සිටියේ කෙල්ල හැරෙනකන්. ඉතින් එහෙම වුනා.

"සර් මේ?"

"වොශ් රූම් එක කොහෙද කියලවත් නොදැන නේද දිව්වේ දරුවෝ?" 

ඒ ප්‍රශ්නයට පිලිතුරු වුනේ දත් තිස් දෙකම මැනවින් පෙනුන සිනහවක් වෙද්දි කස්සපටත් හිනා ගියා. ව්‍රිත්‍ර පැත්තට හිනා වෙලා බිම බලාගත්දි ඒ හිතේ තිබුනේ මේ වගේ හැඟීමක් 'ඊළඟ දවස් ටික ජොලි වෙන්නයි යන්නේ...'

"එන්න" කස්සපගේ පිටුපසින් යන්න කලියෙන්ම දේවාන්ශිගේ ඇහැ ගියේ දොස්තර මහත්තයාට වෙද්දි එක ඇහි බැමක් උස්සලා 'මොකෝ?' කියන්න මුව හදද්දි කෙල්ල කලබල වෙලා 'නෑ' කියන්න ඔලුව වනලා ගුරුවරයාගේ පස්සෙන් ගියේ තමන් ටික දවසකට නවතින්න යන කාමරයට.

"ඔහ්!" මේ කාමරය, මේ කාමරය තමන් අවුරුදු 9ක් තුන් දෙනෙක් එක්ක බෙදා ගත්ත කාමරයටත් වඩා තුන් ගුණයකින් විතර විශාල බව තේරුන දේවාන්ශිගෙන් කටින් පැන්නේ ඒවගේ වචනයක්. කැරකි, කැරකි කාමරය නිරීක්ශණය කරන කෙල්ල දුටු විට ගරුඬ සිත සොම්නසින් පිරී ඉතිරී යනවා. 

"දේවාන්ශිට මේ කාමරය හොඳද? ඔයාට වෙනස් කරගන්න ඕන මොනවා හරි තියනවනම් කියන්න"

හැරෙන හැරෙන කොට බර බර ගාන කුඩු හැලෙන පුංචි ඇඳක් උඩට දැමූ කොහු මෙට්ටයක අවුරුදු 9ක්ම රැය ගෙවුව කෙල්ලට අනර්ඝ ගෘහ උපාංග වලින් පිරුණ මේ කාමරයේ වෙනසක් කරන්න ඕනදැයි කස්සප අහද්දි දේවාන්ශිට හිතුනේ සර් තමන්ට විහිලු කරනවදැයි කියලමයි.

"න්-නෑ සර්, මන් මේ තරම් ලස්සන තැනක ඉඳලා නෑ"

"හ්ම්...." හෙමින්, හෙමින් කස්සප දේවාන්ශි ළඟට කිට්ටු වෙලා තමන්ගේ අත දේවාන්ශිගේ ඔලුව උඩින් තියනකොට දේවාන්ශි මුව පැටියෙක් වගේ උරිස් හැකිලුවා. 

"අද ඉඳන් හැමදාම ඉන්නේ මේ වගේ තැන්වල විතරයි. පොරොන්දුයි" 

"සර්?" 

"යන්න වොශ් එකක් දාගන්න. අර තියෙන්නේ ඔයාගෙම වොශ් රූම් එක. ඔයාට ඕන හැමදේම අපි හෙට ගිහින් ගමු. අදට මැනේජ් කරගන්න පුලුවන් නේද?"

"ඔව් සර්"

"හා..." හෙමින් හිස පිරිමැදපු කස්සප යන්න හැරුනත්,

"සර්"

"අහ්?"

"ඇ-ඇඳුමක්?"

"ඕහ්!" කස්සපට ඒක අමතක වුනේ කොහොමද? මේ ගෙදර ගෑනු පරානයක් නැති කොට කොහෙන් ඇඳුම් හොයන්නද දේවාන්ශිට. වේලාව බැලුවම රෑ 10ත් පහු වෙලා. දැන් කොහෙන්ද ඇඳුමක් ගන්නේ? පියාඹන්නත් පුලුවන්, ගිනි මවන්න, මහා මේරු පර්වතයත් දරන් යන්නත් පුලුවන් වුනත් මේ වෙලාවේ තාර්ක්ශ්‍යට ඕන වුනේ එකම බලයයි, ඒ ඇඳුම් මැවීමේ බලය" 

"අම්ම්ම්... ටිකක් ඉන්න දේවාන්ශි" කස්සප එලියට දිව්වේ තම සගයා සොයන්. බිත්ති වෙනුවට කිරි ගරුඬ, ගල් පර පිරුණු දියෙන් වටවූ කාමරයට යනවිටත් ඇඳ උඩ ඉඳන් ව්‍රිත්‍ය ලැප් ටොප් එක දිග ඇරන් මොනාදෝ කොටනවා.

"උඹට ඇඳුම් මවන්න පුලුවන්ද?"

"ඇහ්?"

"ඇඳුම්?" 

"උඹේ ඔලුව කොහෙ හරි වැදුනද?" 

"බෑද කියපන්!"

"බෑ!"

"වැඩකට නැති දියබරියා!" 

"දොර වහලා පලයන් හුත්තෝ!"

ඒත් කස්සප දොර වැහුවේ නෑ. ඉතින් ව්‍රිත්‍රට සිදු වුනා හිටි තැන ඉඳගෙනම දොර වහගන්න. ඒක ඇඳුම් මැවීමට වඩා ලෙහෙසි වුනා.

ඉතින් කස්සප ගියා තමන්ගේ කාමරයට. ඇඳුම් මවන්න කෙනෙක් නැති කොට තියන ඇඳුමකින් තමයි මොනවා හරි කරගන්න වෙන්නේ. අද හඳ නැති නිසා කස්සපගේ කාමරේ අඳුරු වෙලා, තැන තැන පාවෙන ලාම්පු වලට ගින්දර එකතු කරන්න කස්සපට සිදු වුනා. අහ්... ඔන්න එතකොටනම් තරු ටිකටත් දිස්නයක් වැටුනා. අලු පාට වාලාකුලක් ඇවිත් මග පහරනකොට කස්සප අතකින් එය තල්ලු කරන් තමන්ගේ වස්ත්‍ර අංගනයට ගොස් හොඳයි, පහසුයි කියලා හිතුන උසස්ම තත්වයේ සුදු පැහැති Malibu hoodie එකක් අරන් නැවත් එලියට යද්දි කනාමැදිරියෝ බුරුත්තක් කස්සප පහු කරන් යන්න ගියා.

"උඹලා නම් දැන් හොඳටෝම වැඩී!" කස්සප කියපු දේ කනා මැදිරියොන්ට තේරුනාද මන්දා ඔන්න ලයිට්ස් ඕෆ් කරන්. කස්සප අද හිටියේ බොහොම සන්තෝසෙන්. සන්තෝස නැද්ද තමන්ගේ ඉරණම් කාරී තමන්ගේ වහල යටට ආවම? හැංගි හැංගි වින්ද සුන්දරත්වය ගෙදරදීම විඳගන්න ලැබෙනවානේ දැන්. ඒ තරමටම රිදුම් දීමත් වැඩී. දෛවය අනුව එකතු වෙන්න ඕන වුනත්, කස්සපට ඕන වුනේ නෑ දේවාන්ශිව බලෙන් තමන්ගේ කරගන්න. සමහරවිට මනුස්ස ලෝකේ කොරියන් නාටක වැඩිපුර බලලත් වෙන්න ඇති, කස්සපට ඕන වුනේ ආදරය කරන්න, ආදරය ලබන්න. වේදනාවටත් කස්සප දැන් හුරු වෙලා. 

දෙනෝදාහක් අවට සිටියද

තනි වෙලා වේදනා වින්දෙමි මං

නුවන් දාහක් අවට දුටුවද

දෙනෙත නලවන නෙතක් නොදුටිමි මං

කොහේ සිට ඔබ පැමිණියේදෝ...

පාළු ඝණදුරු රුදුරු රෑ මැද

නෙත වසා ආදරේ පැතුවෙමි මං

මගේ සුසුමන් දැනෙන තරමට

ඔබට ලංවී කෙදින හිදිමිද මං

"දේවාන්ශි, මන් ඇතුලට එන්නද?"

"හා එන්න සර්" සාලුවත් ලයට තද කරන් යන්තමට යහන් ගැට්ටෙ වාඩි වී සිටි තමන්ගේ සෙනෙහෙවන්තිය දෙස බලා කස්සප සිනාසුනා. 

"මේක විතරයි හොයා ගන්න පුලුවන් වුනේ. කමක් නැද්ද දරුවෝ?" හුඩී එක ඇය වෙත දිගු කර කස්සප දෙගිඩියාවෙන් ඇසුවෙත් ඔලුව කස කස වෙද්දි දේවාන්ශි එය එක අතකින් ගත්දිත් ඒ හීනි ඇඟිලි ස්ප්‍රශයක් බලාපොරොත්තුවෙන් සිඟමන් යදින කස්සපගේ හිත ඒ පුන්චිම ස්පර්ශයෙනුත් සතුටු වුනා.

"කමක් නෑ සර්. මේක හොඳයි" 

"හ්ම්, එහෙනම් ඇඳුම් මාරු කරන් කන්න එන්න"

"හොඳයි" කස්සප යන්න හැරුනා තමයි,

"සර්"

"අහ්?"

"Thank you!" 

"එහෙනම්... දේවාන්ශි මන් වෙනුවෙන් එක දෙයක් කරනවද?"

"මොකක්ද සර්?"

"ගෙදරදී... මට 'සර්' නොකියා ඉන්නවද?"

"සර්?" දේවාන්ශිගේ හදවතේ ගැස්ම එලියටත් ඇහෙයි කියලා බයටද මන්දා කෙල්ල හුඩී එක පපුවටම මිරිකගත්තා.

"එහෙම නොකියා ඉන්න බැරිද දේවාන්ශි?"

"එතකොට..."

"කස්සප කියන්න"

"සර් මන් කොහොමද?"

"ඉස්කෝලේදි නෙමෙයිනේ දරුවෝ?"

"එහෙනම් සර් මට දරුවෝ කියන්නේ?" අහිංසක පාටට හිටියට මොකෝ වේදාඹුවක් ඔහොම්ම තමයි. ලේසියට නැවෙන්නේ නෑ. කස්සපට හිනා ගියා. හැබැයි දැන් කස්සප හිටියේ දේවාන්ශිගේ තද දුඹුරු පාට දිගැස් වලට බොහොම නැඹුරු වෙලා. 

"මන් එහෙම කියන්නේ ඇයි දේවාන්ශි?" 

ඇත්තමයි! කස්සප කවමදාවත් පන්තියේ වෙන කිසිම ළමයෙක්ට නමින් ආමන්ත්‍රණය කරනවා මිස කිසිම දවසක 'දරුවෝ' කියනවා දේවාන්ශිට ඇහිලා තිබ්බෙම නෑ. කස්සපගේ බිං ගෙයක් වුනත් එලිය කරන්න පුලුවන් හිනාව අතරින් වැටෙන මෙලොව නැති සුවඳ කැටි වුන සුසුම් දේවාන්ශිගේ තොල් යන්තමට සිප ගත්දි කෙල්ලට ලැජ්ජාත් හිතිලා මූනත් රතු වෙලා. තවත් අපහසුතාවයට පත් කරන්න ඕන නෑ කෙල්ලව. කස්සප කෙල්ලගේ ඔලුවට තට්ටුවක් දාලා කාමරෙන් එලියට යනකන්ම දේවාන්ශි හිටි තැනම ගල් වෙලා. 

සුදු පැහැති Malibu hoodie එක දේවාන්ශිගේ ඇඟිලි වලිනුත් පල්ලෙහාට එල්ලුනා. දණිහෙන් පහලට වෙනකන්ම වැහුනු ඇඳුමක් මිස වෙනත් ජාතියක, ගයත්‍රී අම්මාට අනුව 'සංකර' ඇඳුම් නම් ඇඟ ලා තිබුනේම නෑ. ඉතින් කෙල්ල දැන් සාලේට වැටෙන කොරිඩෝව අයිනකට වෙලා හුඩී එක අතින් පහලට ඇද ඇදම හිටියේ හැඩි දැඩි පුරුශයන් දෙදෙනෙක් ඉස්සරහට මෙහෙම සංකරව යන්නේ කොහොමදැයි හිතෙන් විමස විමස. 

"ඕක ඇද්දයි කියලා දික් වෙන්නේ නෑ!"

"හං!" පිටිපස්සෙන් ඇහුන ගැඹුරු කටහඬට දේවාන්ශිව යන්තමට උඩත් පැන්නුවා. ඒත් ඒ මනුස්සයා තමන්ව පහු කරන් සාලෙට ගිහිල්ලත් ඉවරයි. 

"දේවාන්ශි ඔයා ආවද?" පෝසිලේන්, හැඳි, ගෑරප්පු එකට අතිල්ලෙන සද්දෙ පරයා නැගුන කස්සපගේ හඬට දේවන්ශිට පිළිතුරු නොදී ඉන්න බෑනේ.

"අහ් ඔව් සර්"

"එන්න එහෙනම් කන්න"

"හුඩීස්, ඇද්දම දික් වෙනවා කියලා උඹ දන්නවද වේද්?"

දේවාන්ශිට දැන් සවලක් තිබ්බනම් වැලලෙන්න තරම් හිතයි. මුහුන බිමට නවන්, උරිස් හකුලන් ගිහින් කෑම මේසෙන් වාඩි වෙද්දි තමන්ගේ ඉස්සරහම වාඩි වෙලා ඉන්න ව්‍රිත්‍රගේ නිල් පැහැති බොහොම සරාගී ඇස් මග හරින්න හරියට උත්සහ කරා කෙල්ල. 

"දේවාන්ශි සුප් බොනවා නේද?" දුම් දමන චිකන්, බට්න් හතු සහ ඉරිඟු ඇට පිරිච්ච සුවඳම සුවඳ සුප් බෝල් එකක් දේවාන්ශි ඉස්සරහින් තිබ්බ කස්සප එයාගේ එහා පැත්තෙන්ම ඉඳගත්දී,

"කෝ මට?"

"අර තියෙන්නෙ බෙදාගන්නවා"

"එහෙනම් බෙදාගන්නවා.... ආයේ මට මුකුත් කියන්න එපා හොඳේ වේද්!" ව්‍රිත්‍ර කස්සප දිහා අමුතු විදිහට බලන් කියනකොට කස්සප ටික වෙලාවක් ව්‍රිත්‍ර දිහා බලන් ඉඳලා,

"එපා! මන් බෙදන්නම්" 

"That's what I thought! දන්නවද වේද්, ටික දවසකට මගේ ජීවිතේ cupiriyak වෙන්න යන්නේ"

කස්සප ව්‍රිත්‍රට සුප් බෝල් එකක් දෙනකොට රවන්නත් අමතක කරේ නෑ. මිතුරන් දෙදෙනාගේ කතා බහ දේවාන්ශි අහන් හිටියේ සිංහල උපසිරැසි රහිත කොරියානු නාට්‍යයක් බලන ගානට වෙද්දි කස්සප නැවත දේවාන්ශි ළඟින්ම ඉඳගෙන දේවාන්ශිට සුප් බොන්නයි සන් කලාම හැන්දට සුප් ගත් කෙල්ල දුම් දමන සුප් එකට පිඹින්න කලින්ම ව දේවාන්ශිගේ සුප් බෝල් එක දොස්තර මහත්තයා තමන්ගේ බෝල් එකත් එක්ක මාරු කරගත්දි දේවාන්ශි අද දින තුන් වෙනි වතාවටත් කම්පනයට පත් වෙලා. 

"වාසි!"

"ඇයි? එයාගේ එකේ වැඩිපුර චිකන් තියනවා!" ඒකටනම් දේවාන්ශිට හිනාවකුත් පැන්නත් කට තද කරන් සුප් හැන්ද කටේ දාගන්න ගියත් ඒක හුඟක් රස්නේ නිසාම ඒ හැන්ද බෝල් එකටම දාපු දේවාන්ශි ආයෙමත් සුප් හැන්දක් ගත්තත් ඒ සුප් හැන්දෙන් දුම් පිටවුනේ නෑ. යන්තම් තොල් තිබ්බේ පිච්චෙනවද බලන්න වුනත්, නෑ... ඒක ගානට නිවිලා. ව්‍රිත්‍රගේ මුවේ ආයෙමත් සෙල්ලක්කාර හිනාවක්, කස්සපගේ මුවේ නුරුස්සන ගතියක්.

"සර් මන්... නිදාගන්න යන්නද?" සුප් එක බීලා ඉවර වුන ගමන් පිළිගැන්වුන ටෝස්ට් කරපු පාන් සමඟ තම්බපු එලවලු කාපු දේවාන්ශි කස්සපගෙන් නින්දට යන්න අවසර ඉල්ලද්දි කස්සප 'හා' කියන්න ඔලුව වැනුවා.

"හෙට අපි ඔයාට ඕන දේවල් ගන්න යමු දරුවෝ"

"හොඳයි සර්. Good night sir!" 

"Good night දරුවෝ" 

"Good night.... Doctor" පිඟන් සෝද සෝද හිටි ව්‍රිත්‍ර දේවාන්ශි දිහා බලලා ඔලුව වැනුවා.

"Good night දේවි"

"අහ්?" හතරවෙනි වතාවටත් කම්පනයට පත් වුනා කෙල්ල.

"වාසි!" කස්සපයි ව්‍යාකූලත්වයට පත් වුන වැද්දගෙයි මීමය මේ අවස්ථාවේ එක සමානයි කියලමයි ව්‍රිත්‍රට හිතුනේ.

"ඇයි? 'දේවාන්ශි' නම දිග වැඩී. මට කම්මැලීයි"

දේවාන්ශි මේ තරම් සුවපහසු ඇඳක වැතිරිලා තිබුනේම නෑ. ඇඳට රිදෙයි කියලා බයේ වගේ ඇඳ උඩට නැගගත් කෙල්ල පුලුන් වැනි යහන මත හිස හොවා ගත්තත් දේවාන්ශිගේ හිතේ තිබ්බ කලබලකාරී ගතිය ඒ සුවපහසුවටවත් මෙලල කරන්න බැරි කොට කෙල්ල හිතුවෙම කස්සප තමන්ට නම කියලා කතා කරන්න කියපු එක ගැන වෙද්දි තවත් පැත්තකින් 'ඕක ඇද්දයි කියලා දික් වෙන්නේ නෑ!' 

"ආආආආර්ර්ර්ර්ග්හ්හ්හ්" අද රාත්‍රිය දේවාන්ශිට නින්ද නොමැති රාත්‍රියක් වෙනවා නොඅනුමානයි.

"නගින්න" දේවාන්ශි වෙනුවෙන් දොර ඇරලා දුන්න කස්සප දේවාන්ශිට නගින්න කිව්වම දේවාන්ශි ඉක්මනින් වාහනයේ මගී අසුනෙන් ඉඳගත්තා. 

"කෝ මෙයා තාම නෑනේ!" රියදුරු අසුනට නැගගත් කස්සප දේවාන්ශිගේ සීට් බෙල්ට එක තද කරනකොට දේවාන්ශි අපහසුතාවය මග අරින්නම ප්‍රශ්නයක් ඇහුවා.

"කවුද සර්?"

"සන්ජ්නා"

"අක්කි එනවද?" දේවාන්ශිගේ උද්‍යෝගය කටහඬේම තියෙද්දි කස්සපට හිනා ගියා.

"Sorry Vedh! ටිකක් late වුනා" කොහෙන්දෝ පාත් වුන සන්ජ්නා පිටිපස්සේ දොරත් ඇරන් වාඩි වෙනකොට දේවාන්ශි ගැස්සුනා. 

"Hi Devi! කොහොමද පැටියෝ? ඔයාට මගේ ජලජ ජීවියා වද දුන්නේ නෑ නේද?" ඉස්සරහා අසුනේ එල්ලිලා දේවාන්ශිගේ පැත්තට හිස ඔබපු සන්ජ්නා අහද්දි දේවාන්ශිට නැවතත් ප්‍රශ්නයක්.

"ජලජ ජීවියා?" 

"වාසි. එයා මගේ මල්ලිනේ"

"ඔය ඇත්තමද අක්කි?"

"ම්ම්ම් ඔව්" 

"එතකොට කස්සප සර්?" වාහනය හසුරවන තම ගුරුවරයා දිහා බලන් තවත් ප්‍රශ්නයක් සන්ජ්නාට යොමු කල දේවාන්ශිට හිතුනෙම තමන් පැටලුන නූල් බොලයක කොනක් අල්ලන් ඉන්නවා කියලමයි.

මතු සම්බන්ධයි...

More Chapters