WebNovels

Chapter 59 - 59

උදේ පාන්දර 4 වෙද්දි සත්සිඳු alarm එක තියලා තිබුණු විදිහටම නාද වෙන්න වුණා. සත්සිඳු නම් ඉතින් alarm එකකට ඇහැරෙන මිනිහෙක් නෙවෙයිනේ. කම්මැලිකමට එයා කළේ තව ටිකක් මිගාන්ගේ පපුවට ගුලි ගැහුණු එක. ඒත් ඉතින් alarm එක දෙපාර නාද වෙන කොට මිගාන් ඇස් ඇරලා ඉවරයි. Alarm එකට අතින් ගහලා off කළෙත් එයාමයි.

ඇස් ඇරලා එයා යාන්තමට වගේ එයාගේ පපුවට ගුලි ගැහිලා ඉන්න කොල්ලගේ හිස අත ගාන්න වුණා. ඒ ස්පර්ශය කොච්චර මෘදුද කියනව නම් සත්සිඳුට තවත් නින්ද යන ගානයි. එයා හෙමින් සීරුවේ සත්සිඳුගේ හිස අත ගාන ගමන්ම එයාගේ phone එක අරන් බැලුවා. බාබු අන්කල් ගෙදර land line එකෙන් calls හතරක් විතර අරන් තිබුණේ එයා රෑ ගෙදර ගියපු නැති නිසා.

මිගාන් වෙලාව බලද්දී පාන්දර හතරයි විනාඩි දෙකයි. එයා හෙමින් සැරේ එයාගේ පපුවට ගුලි ගැහිලා තුරුළු වෙලා ඉන්න කොල්ලගේ පිටට තට්ටු කරන්න වුණා.

" babybabe.. babybabe..කෝ නැඟිටින්නකෝ... "

එයා කිව්වේ සත්සිඳුගේ පිටට තට්ටු කරන ගමන්මයි.

" ම්හ්.. අනේ තව චූට්ටක් මෙහෙම ඉම්මුකෝ... "

කොල්ලා කිව්වෙ නිදි මර ගාතේ. ඒ කියපු විදිහට ඉතින් ගැරඬියට නම් අනුකම්පා හිතුණා. අනුකම්පාවක් නෙවෙයි ඒක ආදරය නිසා ඇති වුණු පුංචි දුකක්..

එයා හිනා වී ගෙනම ආයෙමත් වතාවක් සත්සිඳුගේ හිස කෙස් අතර ඇඟිලි යවමින් සිනිඳුවට පිරිමදින ගමන් එයත් එක්ක කතා කරන්න වුණේ රහසින් වගේ.

" දැන් හතරයි වෙලාව.. තව හිටියොත් මට යන්න වෙන්නේ කුකුළත් අතින් අරන්.. අනික කවුරු හරි දැක්කොත් එහෙම මොකක්ද කරන්නේ.. මං දැන් යන්නද... "

" යන්නම ඕනිද..තව චූට්ටක්... "

" විහිළු නෙවෙයි.. දැන් ගියෙ නැති වුනොත් දන්නවනේ.. මට නෙවෙයි ප්‍රශ්න එන්නෙ , ඔයාට.. මං මේ ඔයා ගැන හිත්ලා කියන්නේ... "

" ඉතින් එහෙම වුනොත් මාව අරන් යන්නකෝ... "

" අරන් යන්න බැරිකමක් නෑ.. ඒත් දැන්ම නෙවෙයි.. පුංචිම පුංචි prince කෙනෙක් වගෙයි මට අරන් යන්න ඕනි.. එතකන් ඉවසන්න.. මං කිව්වනේ, අන්න එදාට ඒ දවස එනකන්ම මං මගේ මේ වතුසුදු මලට පොඩි වෙන්න දෙන්නෙ නෑ.. සත්තයි... "

එයා කිව්වෙ සත්සිඳුගේ හිස අත ගාන ගමන්මයි.

" එහෙනම් ගිහින් එන්න.. මට අද වැඩට යන්නෙ නැතුව ඉන්නත් හිතෙනවා... "

සත්සිඳු ඒ පපුවට තුරුළු වී ගෙනම කිව්වා.

" ඒ ඇයි..? "

" මළගෙදර යන්නත් එපැයි... "

" ඉතින් ඔයා දන්නෑනේ එයාව... "

මිගාන් කිව්වෙ නෝක්කාඩුවෙන් වගේ. මොකද එයාගේ හිතට හරි නෑ. සත්සිඳු එයාගෙයි ක්ලෙයාරාගෙයි අතර තිබුණු සම්බන්දේ ගැන හොඳටෝම දන්නවා. ඒත් දැන් එහෙම දෙයක් නෑනේ. අඩුම තරමින් ක්ලෙයාරා තොම්සන්වත් මේ ලෝකයේ නෑ. එයා යන්නම ගිහින්. ඒ හුස්මට සමු දීලා එයා යන්න ගිහින්.

ඒ කොහොම වුනත් සත්සිඳු ක්ලෙයාරාගේ funeral එකට යන එක ගැන නම් මිගාන්ගේ හිතේ කැමැත්තක් නෑ. මොකද ඒ අතීතය ආයෙමත් එයා ඉස්සරහා මැවි මැවී පේනවට එයා ආස නෑ. එයාට දැනෙන්නෙම ඒ හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරපු අතීතය මහ විකාරයක් වගේ.

ඊටත් එහා ගිය කළු පැල්ලමක් වගේ. මිගාන් එයා මළ ගෙදර යන එක ගැන එච්චර ලොකු කැමැත්තක් නැති බව සත්සිඳුට තේරුණේ ඒ තත්පරේදිමයි. එයාට ඉතින් කට නිකන් තියන් ඉඳලා පුරුද්දකුත් නෑනේ. වාචාල කට කිව්වෙම අහපන් අහපන් කියලමයි. ඉතින් එයා ඇහුවා.

" ඔයා මං ක්ලෙයාරාගේ funeral එකට යනවට කැමති නැද්ද..? "

සත්සිඳු එක පාරටම වගේ අහපු ප්‍රශ්නයත් එක්ක මිගාන්ගේ ඇස් දෙකත් උඩ ගියා. එයාගේ මූණේ මැවුණේ නිකන් පුදුම සහගත බැල්මක් වුණත් ඒ මොහොතේ කාමරයේ තිබුණු අඳුරත් එක්ක කොල්ලට එයාගේ මූණේ මතු වුණු ඒ වෙනස පෙනුනේ නම් නෑ.

" එහෙම දෙයක් නෑ... "

එයා එච්චර ගානකට නොගෙන උත්තර දුන්නා.

" නෑ නෙවෙයි සර්.. ඔව් කියන්න... "

" මොකක්ද..! "

මිගාන් කතා කළේ පුදුමෙන්.

" හ්ම්.. මං දන්නවා ඒ අතීතය ඔයාට වද දෙනවා කියලා.. ඉතින් මං ක්ලෙයාරාගේ මළ ගෙදරට එනවට සර් එච්චර කැමැත්තක් නෑ.. මං ගැන එහෙම පටු අදහස් දරන්න එපා සර්.. මං එහෙම වැරදි විදිහට හිතන මනුස්සයෙක් නෙවෙයි.. මං ගාව එහෙම පටු අදහස් ඇත්තෙත් නෑ.. සර් ඒ පහු වෙච්චි අතීතයේ මොන දේ කලා වුනත් සර් මේ වර්තමානයේ ලස්සනට පිළිවෙලට ජීවත් වෙනවා.. සර්ම නේද කිව්වෙ අතීතය අතීතයක් විතරයි, ගෙවිලා ගිය දේවල් ආපහු ඕනි නෑ, මේ වර්තමානයේ ජීවත් වෙන්න කියලා.. ඉතින් ඇයි සර් තාමත් ඒ අතීතයේ ජීවත් වෙන්නේ.. ඒ අතීතයෙන් ඈත් වෙන්න.. මේ වර්තමානයේ ජීවත් වෙන්න.. කවුරු නැති වුනත් මං සර් එක්ක ඉන්නවා.. සර් මං එක්ක ඉන්නවා.. එච්චරයි ඕනි සර්.. ඒකයි වටින්නේ... "

සත්සිඳු දීර්ඝ දේශනාවක් කළේ මිගාන්ගේ පපුවට තුරුළු වෙලා ඒ පපුව මෘදුවට අත ගාන ගමන්මයි. ඒක දේශනාවක් නෙවෙයි ලොකු කතාවක්. මිගාන් ඒ කතාව අහන් උන්නේ අර හිතේ ඇති වෙලා තිබුණු අමුතු සිතුවිල්ල ටිකෙන් ටික ඈත් කරන ගමන්.

" මට තේරෙනවා දරුවෝ.. මට බය හිතුණා.. ඔයා ක්ලෙයාරාගේ funeral එකට ඇවිල්ලා ආයෙමත් ඒ අතීතය කවුරුම හරි කෙනෙක් හාරා අවුස්සලා දැම්මොත් එහෙම මගෙන් ඈත් වෙලා යයි කියලා මට බය හිතුණා... "

මිගාන් ආයෙමත් වතාවක් ඒ අඳුර අස්සෙම සත්සිඳුගේ නළලතේ පුංචි හාද්දක් තිබ්බේ හරි ආදරෙන්. සත්සිඳු එහෙම්මමයි ඇස් පියා ගත්තෙත්..

" මං කිව්වනේ.. මං එහෙම පටු අදහස් දරන්නෑ... "

එයා ඇස් පියාගෙනම කිව්වා.

" ඔයාට ගොඩාක් ස්තූතියි babybabe.. thank you very much... "

" ඇයි...? "

" මාව මේ විදිහට තේරුම් ගත්තට.. මාව මේ විදිහට care කරන එකට.. වචනවලින් ආදරෙයි කියලා නොකියා වුනත් හැඟීම්වලින් ආදරේ දෙනවට.. ඉතින් මං ආයෙ ආයෙත් කියන්නෙ, මට ඔයාව ගොඩක් වටිනවා මගෙ වතුසුදු මල.... "

එයා ආයෙමත් ඒ නළලත සිප ගත්තා.

" මං කෙනෙක්ගේ අතක් අල්ල ගත්තොත් කවදාවත්ම ඒ අත අත් හරින්නෙ නෑ සර්.. ඒත් කවදා හරි දවසක ඒ කෙනාට මාව එපා කියලා කිව්වොත්.. ඔව්, එදාට එයාව අත් හරින්න මං දෙපාරක් හිතන්නෑ... "

" මට මේ අත අත් හරින්න පුළුවන්ද දරුවෝ.. කවදාවත්ම බෑ.. කවදාවත්ම බෑ.. මේ අත මගේනේ.. ම්.. මට කවදාවත්ම ඔයාව එපා වෙන්නෙ නෑ.. ඔයා මගේනේ.. ඉතින් මං කොහොමද මගෙ වතුසුදු මල මට එපා කියලා කියන්නේ... "

" මං දන්නවා සර්.. මං දන්නවා.. ඔයා කවදාවත්ම මාව අත් හරින්නෙ නෑ.. මට බයත් ඒකමයි... "

එයා එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා. ඇත්තමයි , ඒ හුස්ම පොද තැවරුණේ මිගාන්ගේ පපුවේ එක් පැත්තක.

" ඇයි ඒ..? "

" දවසක අපි මේ ලෝකෙන් යන දවසකදී ඔයාට කලින් මං මේ ලෝකෙන් යනවට මං බයයි.. එදාට ඔයා කොච්චර දරදඬු මනුස්සයෙක් වුනත් ඔයා ඒ දේ කොහොම දරා ගනියිද කියලා මට හිතාගන්න බෑ.. ඉතින් මං බයයි... "

" අනේ දරුවෝ.. එහෙම කියන්න එපා.. ඔයා දන්නවද, මං කැමතියි කවදා හරි දවසක ඔයාට කලින් ඇස් පියාගන්න.. ඔයා දුක් වෙයි තමයි.. ඒත් ඔයා නැති ජීවිතයක් ගැන මින් එහාට මට හිතා ගන්න බෑ.. ඒකයි මං කියන්නෙ මට ඔයාට ඉස්සර ඇස් පියා ගන්න ඕනි කියලා... "

දැන් නම් සත්සිඳුට ඇඬෙන්න ඔන්න මෙන්න. එයා තවත් ඒ පපුවට තුරුළු වෙලා පපුවට එකක් ගැහුවා.

" මොනාද මේ කියවන්නේ..ආ.. දැන්ම ඕවා ගැන කතා ඕනි නෑ... "

" ඔයාමනේ පටන් ගත්තේ ඉතින්... "

" හරි දැන් නවත්තමුකෝ... "

සත්සිඳු නෝක්කාඩුවෙන් වගේ කියලා මිගාන්ගේ පපුවේ තවත් පුංචි හාද්දක් තිබ්බා.

මිගාන් ආපහු ගෙදර ගියේ පාන්දර 4.30 ත් පහු වෙලා. එයා ඇඳෙන් නැගිටලා light on කලාම සත්සිඳු ත් ඇඳෙන් නැගිට්ටා. එයා එහෙම්මම ඇඳේ පැත්තක තිබුණු මිගාන්ගේ ටී ෂර්ට් එක අතට දුන්නාම මිගාන් ඒ t shirt එක දාගත්තා.

" මූණ සෝදගන්නෙ නෑ..? "

සත්සිඳු ඇහුවේ එයා දිහා බලාගෙනමයි . කහ පාට බල්බ් එළියත් එක්ක මිගාන්ගේ මූණ දිලිසෙනවා වගේ. සත්සිඳු බලන් උන්නේ ඒ මූණ දිහාමයි. ඊයේ රෑ තිස්සෙම නිදාගත්තෙ මේ පපුවට තුරුළු වෙලා නේද කියලා මතක් වෙද්දි.. එතකොට කොල්ලගේ හිත කොහේදෝ යන ලැජ්ජාවකින් පිරිලා ඇස් බිමට බර වෙනවා.

" නෑ.. මං ආසයි කුණු වෙවී ඉන්න.. ඔයාට කියන්න මං නාන්නෙත් කලාතුරකින්... "

මිගාන් ටී ෂර්ට් එක දාගෙන එයාව එහෙම්මම ළඟට ඇදලා ගත්තා. ඊළඟ මොහොතෙදි මිගාන්ගේ අත් දෙක පැටළුනේ සත්සිඳුගේ ඉණ වටේ.

" ගඳ ගගහා ඉන්නද කල්පනාව හැමදාම... "

" අනේ මේ.. උඹ හිතුවද මං නාන්නෑ කියලා.. මං daily නානවා හරිද.. බලපන් සුවඳ මගේ... "

එයා කිව්වෙ ඒ ඇස් දිහා බලාගෙනමයි . ඒ ඇස් දෙකේ අහිංසක පාට බැල්ම යොමු වෙලා තිබුණෙත් මිගාන්ගේ රළු පෙනුමැති ඇස් දිහාවටමයි .

එයා හෙමින් සීරුවේ ඒ ඇස් දිහා බලාගෙනම මිගාන්ගේ පපුවට මූණ තියලා ලොකු හුස්මක් ගත්තා. මිගාන් එහෙම්මම ඇස් පියා ගත්තේ ඒ හුස්ම එයාට හරියට ආත්මීය සුවයක් විදිහට දැනුනු නිසා. එයාට ඒ සිප ගැනීම ආත්මීය සුවයක් විදිහට දැනෙද්දි මිගාන්ගේ පපුවෙන් හමා ගෙන ආව ඒ සුවඳ සත්සිඳුට දැනුනෙම හරියට ආත්මීය සුවඳක් විදිහට..

ගාඩ්නියා මල් සුවඳ එයාගේ මුළු සිතම ඒ හිමිදිරි පාන්දර ප්‍රබෝධමත් කළා. ඒ පපුව ඊයේ රෑ ඉඳන්ම ඒ සුවඳමයි. ඒත් ඒ සුවඳ එයාට හරියට හඳුනගන්න බැරුවයි උන්නේ. ඒත් උදේ තමයි එයාට ඒ සුවඳ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන් වුනේ.

" සුවඳයි නේන්නම්.. ගාඩ්නියා මල් සුවඳයි... "

" ගාඩ්නියා...! "

" හ්ම්.. මං ආසම සුවඳක්... "

" මාත්.. ඒ මලත් වතුසුදු මල් වගේමනේ.. සුවඳයි.. හැබැයි ඉතින් ඔය මොන මලටත් වඩා මට වටින්නෙ මගෙ වතුසුදු මල.. හරිද... "

මිගාන් ඒ ඇස් දිහා බලාගෙනම කිව්වා.

" කියන්න දෙයක් නෑ.. ඔය ඇස් ඒක කියනවා... "

සත්සිඳු කිව්වෙත් ඒ ඇස් දිහා බලාගෙනමයි . ඒ දෙන්නා තවත් මොහොතක් ඒ විදිහටම ඒ දෙන්නගේ ඇස් එක්ක පැටළිලා උන්නා. ඒ ඇස් හරියට මින්දද හී සර විදිනවා වගේ. ඒ ඇස් එක්ක පැටළිලා ඉන්න වාරයක් ගානෙ දැනෙන හැඟීම හරියට ආත්මීය හැඟීමක් වගේ ; ආත්මීය බැඳීමක් වගේ.

ඒ දෙන්නා ඒ දෙන්නගෙ ඇස් එක්ක පැටළිලා බලන් උන්නෙම ඒ ආත්මීය සිතුවිල්ලත් එක්ක ඒ සිතුවිල්ල අස්සෙම සිර ගත වෙමින්. ඒ ඇස් දිහා බලන් ඉද්දි තත්පරෙන් තත්පරේට දැනෙන ඒ තිගැස්ම.. ඔව්, නිනව්වක් නැතුව නිස්කාරණේ ගැහෙන පපුව අස්සෙ ඇති වෙන ඒ තිගැස්ම ඒ දෙන්නටම දැනෙන්න වුණා.

" babybabe... "

" ම්... "

" එහෙනම් මං ගිහින් එන්නද... "

" හ්ම්..පරිස්සමින්... "

" ඔයත්... "

මිගාන් එහෙම්මම තොල් පෙති තියලා එයාගේ නළලතේ පුංචි හාදුවක් තියද්දි සත්සිඳු ඇස් පියා ගත්තා. ඒ දෙතොල් පෙති නළලතේ පතිත වෙද්දි දැනෙන මිහිර කියාගන්න නම් වචනත් මදි..

ඒ නළලතේ හාදුව තියලා මිගාන් තත්පර ගානක් එහෙම්මම උන්නා. ඉන් පස්සෙ එයා ඒ මූණ දිහා ආයෙමත් වතාවක් බලලා හෙමින් සැරේ අඩියක් දෙකක් පිටිපස්සට ගිහින් එයත් එක්ක හිනා වුණා. සත්සිඳු ත් එයත් එක්ක හරි ලස්සනට හිනා වුණා.

" මං යන්නම්... "

මිගාන් එහෙම කියාගෙනම අතේ එල්ලන් උන්නු හෙල්මට් එකත් අරගෙනම කාමරේ දොර විවර කරන් එළියට බැස්සා. සත්සිඳු ත් එයාගේ පිටිපස්සෙන්ම ගිහින් දොරකඩ උළුවස්සට හේත්තු වෙලා බලන් උන්නේ එයා යන දිහා.

එයා බයික් එක නතර කරලා තිබුණු තැනට ගිහින් බයික් එකට නැගලා ආයෙමත් වතාවක් බැලුවේ සත්සිඳු දිහා. සත්සිඳු දොරකඩ උළුවස්සට හේත්තු වී ගෙනම එයා දිහා බලන් ඉන්න හැටි මිගාන් දැක්කා. එයා එහෙම්මම සත්සිඳුට අත වැනුවම සත්සිඳු ත් එයාට අත වැනුවා.

මිගාන් බයික් එක start කරද්දි නොදැනුවත්වම වගේ සත්සිඳුගේ මුවින් පිට වුණේ වචන තුනක් විතරමයි.

" බුදු සරණයි සර්...! "

ඔව් , එයා කිව්වෙ එච්චරමයි. ඒ වචන තුන එයා කිව්වෙ හදවතින්මයි.

බයික් එකත් start කරගෙන මිගාන් හැරිලා යන දිහා සත්සිඳු දොරකඩට වෙලා බලාගෙනම උන්නේ සිත මොකක්දෝ මන්දා ප්‍රහර්ෂයකින් පිරිලා ඉතිරිලා යද්දි.

ඒ ප්‍රහර්ෂයත් එක්ක එයාගේ මූණේ ඇඳුණේ සිහින් මන්දස්මිතයක් . හිතට දැනෙන ප්‍රබෝධය , උද්‍යෝගය වෙනම කලාවක්.. හරියට කැන්වසයක සිතුවම් කරන ලද සිතුවමක් ගානට එයාගේ හිත අස්සෙත් ඒ හැඟීම් ගොන්න සිතුවම් වෙලා.

නිමක් නැති හැඟීම් එක්ක නමක් නැති සිතුවිල්ලට එක්කාසු කරපු ආදරේ කියන ශීර්ෂය දැන් දැන් හරි හරියට හිත හොල්ලන්න අරන්. ඈත කඳු නිම්නයක සීතල මීදුම් සළු පටල'තර ගැවසෙන මුව පොව්වෙක් ඒ සීතලෙන් ගැහෙන ගානට ඒ හදවතත් ගැහෙනවා. ඒ නිම්නයේම රැව් දෙන තුරු වදුලු අතර රැඳුණු කෝකිල රාවයක් ගානට ඒ හදවතත් නුරා පෙම් ගී ගයනවා.

ඇහෙන දුරක ඉඳන් ගිහින් ඒ බයික් එකේ හඬ නෑසී යනතුරුම වගේ සත්සිඳු දොරකඩ උළුවස්සට හේත්තු වෙලා ඔහේ බලන් උන්නා. ශ්‍රී සුමංගල පාර දිගේ පන්නිපිටියට ගිහින් හයිලෙවල් පාරට වැටුණු ගැරඬියගේ kawazaki බයික් එක ගිනි පිඹින වේගයෙන් කිරුළපන පැත්තට යන හඬ එයාට ඇහෙද්දි එයා එහෙම්මම ඇස් පියන් වහ ගත්තේ මිගාන්ට දේවාරක්ෂාව පවා ප්‍රාර්ථනා කරන ගමන් .

ඒ හඬ නෑසී ගියාට පස්සෙ සත්සිඳු කාමරේට ඇවිදින් දොර වහගෙනම ඇවිත් එහෙම්මම ඇඳට පැන්නා. එයා ඇඳේ උඩුබැලි අතට වැතිරිලා ඇස් පටළවා ගත්තේ සුදු පැහැති සිවිලිමත් එක්ක. කහ පාට බල්බ් එළිය ඒ සිවිලිමත් , සුදු පැහැති බිත්තිත් පුරාවටම ආක්‍රමණය කරලා තිබුණේ කණ පාටක් එක්කහු කරමින්..

සුදු පාට සිවිලිම දිහාවට යොමු වුණු මිගාන්ගේ ඇස් දැක්කේ කාලයක් තිස්සෙ පුංචි මකුළුවෙක් ගොතමින් උන්නු මකුළු දැල දැන් වෙද්දි ටිකක් ලොකු වෙලා තියෙන හැටි..

" බය වෙන්න එපා පුංචි මකුළුවෝ.. මං ඔය උඹේ ගේ පොඩ්ඩ විනාස කරන්නෑ.. ඔහොම්මම ගොතා ගෙන ඉඳින්... "

එයා ඒ මකුළු දැල දිහා බලාගෙනම මිමිණුවේ එහෙම. ඒ මූණේ රැඳුණු අර සිහින් මන්දස්මිතය නම් කියා පෑවේම එයා ඒ මොහොත අස්සෙ ගොඩාක් සතුටින් ජීවත් වෙන බව.

එයා ඇස් පියා ගත්තේ හිතලා නෙවෙයි. එයාට එහෙම්මම ඇස් පියවුණා. ඒත් මුළු කාමරේ පුරාමත් මුළු ඇඳ පුරාමත් දැනෙන ගාඩ්නියා මල් සුවඳ.. ඒ සුවඳ ඉතින් එයාගේ සුවඳ..

ඒ සුවඳත් විඳගෙනම එයාගේ පියවුණු ඇස් අස්සේ නම් තාමත් ඉන්නේ ඒ හිතුවක්කාර නපුරු ගැරඬියා. එයා මොහොතකට මිගාන් හිස තියන් උන්නු කොට්ටය බදාගෙන තද කරලා මිරිකා ගත්තා. එයාට දැනෙන්නෙම ඒ මිගාන් කියලමයි.

" නොකිව්වට මොකද මං ඔය හිතට ගොඩාක් ආදරෙයි ගැරඬියෝ... "

එයා ඒ කොට්ටය බදාගෙනම මුමුණලා ලැජ්ජාවෙන් වගේ ඒ කොට්ටය අස්සෙම මූණ හංග ගත්තා.

ජීවිතේ සුන්දරම නිමේෂයන් ඒ විදිහට ගෙවිලා යද්දි හිතකට ලැජ්ජා හිතෙන එක අහන්නත් දෙයක්ද.. ඒ ලැජ්ජාව ඇති වෙන්නෙම අර ප්‍රහර්ෂයත් එක්ක. ඒ ප්‍රහර්ෂය නිසා හද පතුලෙම ඇති වෙන අපූර්ව උත්කර්ෂයත් එක්ක..

නිම් නැති කතරක දුර ගව් ගණන් ඇවිද ගිහින් හති වැටුණු මුවක් සොයන්නෙම දිය බිඳක්.. ආදරේ සංචාරය තුළ පවා හසරක් නොදැන අතර මං වුණු හිතක් පවා එහෙමයි. මුවට දිය බිඳකින් දැනෙන සුවදායී සැනසීම වගේම හිතට අව්‍යාජනීය ආදරයක් නිසා දැනෙන සැනසීමත් උත්කර්ෂයක්..

සත්සිඳු එහෙම්මම ආයෙමත් වතාවක් එයාගෙ ඇස් යොමු කර ගත්තේ අර කහ පාට බල්බ් එළියෙන් කණ වෙලා වගේ පේන මඩ පාටක් ගත්තු සුදු පාට සිවිලිම දිහාවට. ඒ සිවිලිමේ අර මකුළු දැලක් ගොතමින් උන්නු පුංචි මකුළුවා.. ඌට නම් නින්ද ගිහින්ද කොහෙද.. කිසිම හෙල්ලිල්ලක් නෑ. සත්සිඳු එයාගේ මූණේ මැවුණු සිහින් මන්දස්මිතයත් එක්කම ඒ දිහා බලාගෙනම පද පේළියක් මිමිණුවා.

" ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි

පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි

අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි

කියාගන්න බැරි කමින් හිත බරයි

ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි

හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ... "

එයා එහෙම කියලා ආයෙමත් වතාවක් අර මිගාන් හිස තියන් උන්නු කොට්ටයෙන් එයාගේ මූණ වහ ගත්තේ ලැජ්ජාවෙන්. එයාගේ හිත හරි හරියට කෝලකම් කරන්න අරන්. සමහරක් කෝලකම් එයාට හරියට කෝඩුකාරයි. ආදරේට එයා කෝඩුකාර නැති බැව් ඇත්ත.. ඒත් එහෙව් ආදරේකට නම් ඒ පුංචි කොල්ලා හරි කෝඩුකාරයි.

එයා මුමුණපු පද පේළි ටික එයාගේ කාමරේ පුරාවටම රැව් දීලා මද සුළඟක් එක්ක වෙලෙද්දි එයා මූණ වහන් උන්නු කොට්ටය අයින් කරලා පපුවට තුරුළු කරන් ආයෙමත් වතාවක් බැලුවේ අර මකුළු දැලක් වියමින් උන්නු පුංචි මකුළුවා දිහා.

එයා කිව්වෙ හුදෙකලාව අවනඩුවක් කියලා. ඒත් දැන් නම් හුදෙකලාවක් නෑ. ඒ හිත දැන් ඒ හුදෙකලාවෙන් මිදිලා.

" ම්හ්.. හුදෙකලාව අවනඩුවක් පිරිමි ළමයෝ... "

එයා මුමුණපු ඒ පද පේළියේ තිබුණු ඒ අන්තිම පදය එයා එයාට ඕනි කරන විදිහට වෙනස් කරලා ආයෙමත් වතාවක් කිව්වා.

ඒ පද වලින් කියන්නේ බොරුවක් නෙවෙයිනේ. මිගාන් කියන්නෙම හරියට ඉටි රූපයක් වගේ කඩවසම් කොල්ලෙක්. එයා හිනාවෙද්දි ඉතින් මොන හිතද ලෝභකමකින් පිරෙන්නෙ නැත්තේ..

එයාට වචනවලින් නොකිව්වට මොකද සත්සිඳු එයාට හරි ආදරෙයි. තවත් කුමටද කතා.. දැන් ඒ හුදෙකලාව ඈත් වෙලා ගිහින්. ගිමත් කලට පසු වැසි වැටුණු හුදෙකලා පාළු හරිත පැහැ තැවරුණු නිම්නයේ පුංචි පුංචි මල් පොකුරු පිපෙන්න අරන්..ඉතින් ඒ තමයි ජීවිතයේ වසන්තය..

සත්සිඳු එහෙම්මම ඇස් පියා ගත්තේ ඒ වසන්තයේ මිහිර විඳිනු රිසියෙන්. ඇස් කෙවෙනි අස්සේ විටෙක රැඳෙන කඳුළු දුකටම නෙවෙයි සතුටටත් එක්කමයි. ඒ කොහොම වුණත් ඒ කඳුළු දැන් වෙන් වී යා යුතු කාලය බවමයි සත්සිඳුට නම් හැඟුණේ.

අර සදා හරිත පැහැ තැවරුණු නිම්නයේ සිතෙන් නවතිමින් එයා ඒ හීන ලෝකයේ මැවුනු ඒ නිම්නයේ තෙත තණ බිස්සක මිගාන්ගේ පපුවට තුරුළු වුණේ හරි ආදරෙන්. ඊට එහා ජීවිතේට කුමන මල් පිපෙන වසන්තයක්ද ඉතින්..

මීළඟ කොටසට ...

More Chapters