තුරුළු වෙලා නිදාගන්න එක ඇතුළේ තියෙන්නෙ මිනිස්සු කියන රාගයම නෙවෙයි. ආදරෙත් මුහු වුණු ආරක්ෂාවක් ; රැකවරණයක්. මිනිස්සු ලෝභ කරන්න ගන්නෙ අන්න ඒ දේට.
සත්සිඳුගේ පපුවෙන් මිගාන්ට ත් , මිගාන්ගේ පපුවෙන් සත්සිඳුට ත් දැනුනේ අන්න එහෙම උණුහුමක්.. එන්න එන්නම හිත ඒ උණුහුමට ලෝභ කරන්න අරන්. මිගාන්ගේ පපුවට තුරුළු වෙලා කොච්චර වෙලාවක් නම් උන්නද කියලා සත්සිඳුට මතකයක් නෑ. ගෙවිලා ගිය අවිනිශ්චිත තත්පර අස්සෙ එයා එතුවක් වෙලාම උන්නේ මිගාන්ගේ පපුව අස්සෙ ගුලි වෙලා.
වෙලාව රෑ 10 ත් පහු වෙලා ගිහින්. ඒ කොහොම වුනත් සත්සිඳු තාමත් උන්නේ මිගාන්ගේ පපුවට තුරුළු වෙලා . එයාට ඒ උණුහුම දැනෙන්නේ තාත්තා කෙනෙක්ගේ උණුහුමක් ගානට. එයා ඒ පපුවට තුරුළු වී ගෙනම මුමුණන්න වුණා.
" සර්... "
" babybabe... "
" සර්ගේ පපුවට මෙහෙම තුරුළු වෙලා ඉද්දි මට දැනෙන්නේ මගෙ තාත්තගෙන් නොලැබුණු ඒ උණුහුම ආයෙමත් ලැබෙනවා කියලා... "
" අනේ.. ඇයි මගෙ දරුවො එහෙම කියන්නේ..? "
මිගාන් තවත් එයාව තුරුළු කරගන්න ගමන් අහද්දි සත්සිඳු ලොකු හුස්මක් අරන් පිට කළා. ඒ ලොකුම ලොකු සුසුම් පොද අස්සෙ හැංගිලා තිබුණේ වචනවලට පෙරළන්න බැරි තරමේ සංවේදනාවක්.
" මගෙ තාත්තා නැති වෙද්දි මට අවුරුදු තුනක් වගේ සර්.. හරියටම 2004 දෙසැම්බර් 26 වෙනිදා... "
" සුනාමිය දවසේ....! "
" හ්ම්.. ඔව්, සුනාමි දවසේ.. එදා අපි එච්චර කාලෙකට නොදැක්ක තරම් මුහුද නපුරු වුණා සර්.. නිල්ම නිල් පාට මුහුද ඒ තරම් රළු වෙයි කියලා කවුද මොහොතකටවත් හිතන්නේ.. ඒත් අපි පුංචි කාලේ ඉඳන් හරි ලස්සනට දැකපු , අපි හිත නිදහස් වෙනතුරු වරු ගණන් බලන් උන්නු ඒ මුහුදම අපේ ජීවිතවල මුළු සැනසීමම අරන් ගියා සර්... "
" අනේ මගෙ දරුවෝ.. ඔහොම කියන්න එපා මගෙ මැණික.. මගෙ පපුවත් පිච්චෙනවා.. ගිය දේ ආපහු ගෙන්නගන්න බෑ නේද.. අපි ජීවිතේ නැති වුණු දේවල් ගැන ආයෙ ආයෙමත් පසුතැවෙන එකෙන් වෙන්නෙ අපි අපිවම රිද්දගන්න එක... "
සත්සිඳු නිහඬ වුණා. එයා වචනයක්වත් කතා කළේ නම් නෑ. ඒත් හිත අස්සෙන් එයා තැවෙන්න වුණේ එදා මුහුද රළු වෙලා එයාගෙන් ඈතට අරන් ගියපු එයාගේ තාත්තවයි, මල්ලිවයි මතක් වෙලා.
" babybabe.. ඔයාට නොලැබුණු ඒ ආදරේ , ඒ උණුහුම , ඒ ආරක්ෂාව , ඒ රැකවරණය.. මේ හැමදේම මේ තත්පරේ ඉඳන් මං ඔයාට දෙනවා මගෙ දරුවෝ.. මුළු ජීවිත කාලේ පුරාවටම මං ඔයාව තාත්තෙක් වගේ බලාගන්නවා.. මේක මගෙ පොරොන්දුවක් දරුවෝ.... "
එයා කිව්වෙ සත්සිඳුගේ නළලතේ පුංචි හාදුවකුත් තියන ගමන්.
" මං දන්නවා සර්.. මං දන්නවා , මාව එහෙම බලාගන්න පුළුවන් එකම කෙනත් සර් විතරයි... "
එයා තවත් ඒ පපුවට තුරුළු වුණා. උණුහුම තව තවත් දැනෙද්දි මිගාන්ගේ රළු පිරිමි පපුවේ හැම ගැස්මක්ම වගේ මිමිණුවේ ආදරේ පබැඳුමේ පද පේළි..
" 10 ත් පහු... "
මිගාන් කිව්වේ සුදු පාට බිත්තියේ එල්ලලා තිබුණු බිත්ති ඔරලෝසුව දිහා ඇස් යොමු කරලා බලලා.
" ඉතින්.. යන්න ඕනිද..? "
සත්සිඳු දඟකාර විදිහට ඇහුවා.
" ඔයා දොයියගත්තම ඇතිද.. මං දොයියගන්න ඕනි නැද්ද... "
" ඉතින් මෙහෙමම දොයිය ගමුකෝ... "
" හොඳට හිටියි.. හෙටම උඹට බෝඩිමෙන් යන්න වෙන්නේ... "
එයා කිව්වෙ කොල්ලගෙ පස්ස පැත්තට පුංචි තට්ටුවකුත් දාන ගමන්.
" ඉතින් හොඳයිනේ.. මාව ගෙදර එක්කගෙන යන්නකෝ ඉතින්... "
" බැරි කමක් නෑ ඉතින්.. හැබැයි ඉතින් මෙහෙමයි.. ගෙදර ගියා කියන්නේ ඔයා ඇතුළු වෙන්නේ මගේ රාජධානියටනේ.. එතකොට මගෙ අණසක යටතේ තමයි ඉන්න වෙන්නේ.. මං නිරුවතින් ඉඳපන් කිව්වොත් ඒකත් කරන්න වෙනවා.. හරිද... "
" ආ...ආස ඇති... "
සත්සිඳු නිකන් සමච්චල් විදිහට කියද්දි මිගාන් කොල්ලව ආයෙමත් ඇඳේ පෙරළගෙන ඒ මූණ දිහාවට නැඹුරු වුණා.
" ආසයි තමා.. මගේනේ ඉතින්.. මගේ දේවල් මගේ විතරයි... "
" ඇත්තට... "
" හ්ම්.. උඹව උඹටවත් අයිති නෑ babybabe.. උඹ මේ මිගාන්ගේ විතරමයි... "
එයා කිව්වෙ රළු විදිහට වුනාට මොකද ඒ ඇස් දෙකේ තිබුණේ නම් උතුරන්න තරම් ආදරයක් . සත්සිඳු බලන් උන්නෙම ඒ ඇස් දෙක දිහා . සත්සිඳුගේ අහිංසක බැල්ම මිගාන්ගේ රළු පාට ඒත් ආදරේ පිරුණ ඇස් දිහාවට යොමු වෙලා තිබුණේ හරි අහිංසක විදිහට.
" ඉතින් ඒක නපුරු විදිහටම කියන්න ඕනියැ.. ටිකක් ආදරෙන් කිව්ව නම් හරිනේ... "
" හුරතල් කරන්න හොඳ නෑ.. දැන්ම තියාම හදාගන්න ඕනි... "
මිගාන් ඒ ඇස් දිහාම බලන් කිව්වා. සත්සිඳු එහෙම්මම තොල් දෙක නොපිට පෙරළගෙන එයා දිහා බලන් ඉඳලා එහෙම්මම එයාව අනිත් පැත්තට පෙරළගෙන හිනා වෙවී එයාට තුරුළු වුණා.
" අනේ මේ මහත්තයෝ.. මට නිදිමතයි.. දොළහා වෙනකන්ම ඔහොම්මම ඉන්නවා... "
සත්සිඳු තව ටිකක් මිගාන්ගේ පපුවට තුරුළු වෙන ගමන් කිව්වම මිගාන් සත්සිඳුගේ හිස කෙස් ටික අවුස්සලා එයාව තුරුළු කර ගත්තා.
" ඒකෙත් හැටි බලපන්කෝ.. යක්කු ගස් නගින වෙලාවට තමයි උඹ මාව එළියට දාන්න හදන්නෙ නේද...? "
" එහෙනම් ඉතින් එක වෙනකන්ම ඉන්න... "
සත්සිඳු මිගාන්ගේ nipple එකකට එහෙම්මම ඇඟිල්ලෙන් අනින ගමන් කිව්වා.
" කුක්කුවලට අනින්න එපා යකෝ... "
මිගාන් රහසින් වගේ කිව්වෙ කොල්ලගේ කණට කරලා .
" ඇයි...? "
පපුවට තුරුළු වෙලා ඉන්න ගමන් සත්සිඳු එහෙම්මම ඇස් උඩට හරවලා මිගාන්ගේ මූණ දිහා බලන් ඇහුවා.
" මට නගිනවා.... "
මිගාන් ආයෙමත් වතාවක් රහසින් වගේ මිමිණුවේ ඇස් හීනි කරන් හිනා වෙන ගමන්.
" සැක් කුපාඩිකම.... "
" මේ....babybabe.... "
" ම්..... "
" පාන්දර 4 වෙන තුරුම මෙහෙම ඉන්නද..? "
" ඇත්තමද..? "
සත්සිඳු අහිංසක දඟකාර හඬකින් එයාගෙන් ඇහුවා.
" හ්ම්..ඔව්.... "
" හා.... "
එයා ඉතින් කැමැත්ත දුන්නා. මිගාන්ට ඉතින් ඊට වඩා සතුටක් කොයින්ද.. එයා ලස්සනට හිනා වෙලා කොල්ලගේ මූණ දෙපැත්තෙන්ම හාදු දෙකක් තවරලා ආයෙමත් එයාව තුරුළු කරගත්තා.
" එහෙනම් දැන් ගිහින් ඔය ටවල් එක අයින් කරලා ඇඳුමක් දාගෙන light off කරලා එන්න... "
" විනාඩියක් දෙන්න... "
මිගාන් කිව්ව සැනින්ම වගේ සත්සිඳු ඇඳෙන් බිමට පැනලා රෙදි රැක් එක ගාවට දුවලා ගියා. එතනින් කපු රෙද්දෙන් මහපු සුදු පාට short එකකුත් අරන් කොල්ලා එහෙම්මම දුවලා ගියේ කුස්සියට. මිගාන් ඇඳට වෙලා එයාගේ කෝලම් දිහා බලන් උන්නේ හිනා වෙවී.
කොල්ලා කිව්වා හරි. එයාට ඇඳුම මාරු කරගන්න ඒ තරම් වෙලාවක් ගිහින් තිබුණේ නෑ. Kitchen එකට දුවලා ගිහින් short එකත් දාගෙන ටවල් එක රෙදි වැලට දාලා එයා එහෙම්මම කාමරේට ආවා. හරිම කාර්යශූරයි..
සත්සිඳු එහෙම්මම කාමරේට ඇවිත් බල්බ් එකේ ස්විච් එකත් ඕෆ් කරගෙනම ඇඳට පැන්නේ මිගාන්ගේ පපුවට කිටි කිටියේ තුරුළු වෙන ගමන්. ඌට නම් තියෙන්නෙ පුදුම විසයක්..මිගාන් හිනා වෙවීම කොල්ලව පපුවට තුරුළු කරන් ආයෙමත් නළලතේ පුංචි හාදුවක් තියලා එහෙම්මම ඇස් පියා ගත්තා.
පශ්චාත් මරණ පරීක්ෂණය කරලා ඉවර වෙලා ක්ලෙයාරාගේ බොඩි එක ගෙදරට අරන් එද්දි රෑ 11 ට විතර කිට්ටු ඇති. හඬන්න කියලා කිසි කෙනෙක් හිටියෙ නම් නෑ. ඒත් යාන්තමට හෝ හඬා වැලපුණේ සහෝදර නිලියෝ කිහිප දෙනෙක් විතරයි.
ශෙනායා පතිරාජ එක්ක ආව අහස්වි කරුණාරත්න එතනට වෙලා බලන් උන්නේ ක්ලෙයාරාගේ නිසල දේහය දිහා. Field එකේ ඉන්න තුරු එයාට කොච්චර කැපිලි කෙටිලි දැම්මා වුණත් අහස්වි ක්ලෙයාරාගේ funeral එකට ඇවිත් කඳුළු සලන්න වුණා.
ආපු මුල් දවස් ටිකේදි ක්ලෙයාරා අහස්වි කරුණාරත්න එක්ක හොඳින් උන්නට මොකද කාලයක් යද්දි අහස්වි ක්ලෙයාරාට වඩා මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න වෙන්න ක්ලෙයාරාට එයාව රුස්සන්නෙම නැතුව ගියා.
මොන දේ වුනත් මනුස්සයෙක්නේ කියලා හිතලයි අහස්වි ශෙනායා එක්ක ක්ලෙයාරාගේ funeral එකට ආවේ . කලාකරුවන් කිහිප දෙනෙක්ම වගේ ඒ වෙද්දිත් ක්ලෙයාරාගේ ගෙදරට යමින් එමින් උන්නා.
ඒත් ක්ලෙයාරාගේ කියලා කිසිම කෙනෙක් හිටියේ නෑ. අඩු තරමින් එකම එක නෑයෙක්වත් හිටියේ නෑ. එයාගේ husband වුනත් එයාව අත් හැරලා දාලා ගියාට පස්සෙ එයා ගැන හෙව්වෙ බැලුවෙ නෑ.
කලාකරුවෝ කිහිප දෙනෙක්ගෙම වියදමින් ක්ලෙයාරාගේ funeral එකට අවශ්‍ය කරන ගොඩක් දේවල් සූදානම් කරලයි තිබුණේ. ඒත් මිගාන් ඒ වෙද්දිත් එයාගේ funeral එකට අවශ්‍ය කරන දේවල් බොහොමයක් යවලා තිබුණා.
ජේකබ්ට funeral එකට යන්න කොච්චර වුවමනාව තිබුණත් එයාට ඒකට ගිහින් හුස්මකුත් නොගෙන ඇස් පියන් ඉන්න ක්ලෙයාරාගේ මූණ බලන්න තරම් හයියක් නෑ. ඒත් හෙට කියන දවසේ දවල්ට ගිහින් එයාට බැරි වෙලා හරි ඇඬුනොත් එහෙම මිගාන් සර් මොනා හිතයිද කියලයි එයාට බය හිතුණේ.
මිගාන් ගෙදර නැති වෙලාවේ ගිහින් එන එක හොඳයි කියලා හිතපු ජේකබ් ජීප් එකත් අරන් එහෙම්මම පාරට බැස්සා. එක මොහොතකටවත් එයාගේ ඇස් පියවුණේ නෑ. ඇස් යාන්තමට පිය වී ගෙන වගේ ආවත් ඇස් ඉස්සරහා පිට මැවි මැවී පේන්නෙම ඒ ක්ලෙයාරා තොම්සන්ගේ රූපෙමයි.
ඒ රුව ඇස් ඉස්සරහා මැවි මැවී පෙනෙද්දි එයාට ඇස් පියාගන්න හිතෙන්නෙම නෑ. හිතට හරි බරයි. හිත කීරි ගැහෙනවා. ඉතින් ඉවසන්නම බැරි තැනයි කල්පනා කරලා කල්පනා කරලා ජේකබ් ජීප් එකත් අරන් පාරට බැස්සේ.
ජීප් එක අරන් පාරට බැස්සට මොකද එයාගේ බොඳ වෙලා තිබුණු ඇස් දෙකට හරියට පාරක් පේන්නෙත් නැති තරම්. අහසේ කිසිම එළියක් නැති කොට මුළු පාර පුරාවටම තිබුණේ තැනින් තැන තිබුණු විදුලි පහන් කණුවලින් නික්මෙන එළිය විතරමයි. ඒ එළිය වුනත් එළියකට වඩා එයාට දැනුනේ මඩ පාට කදෝපැණියෙකුගේ එළියක් ගානට.
ජීප් එකත් අරන් එයා ක්ලෙයාරාගේ ගෙදර යන ගමන් උන්නට මොකද හිතට හරි අමුතුයි. එතන ගිහින් ඇඬුනොත් කියලා එයාට බයයි. අහේතුකව ඇඬෙන එකෙන් මිනිස්සු මොනා හිතයිද.. මිනිස්සුන්ට අහේතුක වුනාට ක්ලෙයාරා කියන්නේ එයාට අහේතුක කෙනෙක් නෙවෙයි. එයා වෙනුවෙන් අඬන්න ජේකබ්ට හේතුවක් නැතුව නෙවෙයි. ඒ හේතුව වුණේ අර සීමිත පුංචි කාලයක් අස්සෙදි ඒ දෙන්නා අතර ඇති වුණු අසම්මත බැඳීම..
කාලය සීමිත බව හැබෑවක්.. ඒ කොහොම වුනත් ඒ බැඳීම නම් අසීමාන්තිකයි. තෝන්තුවෙන් වගේ ජීප් එක drive කරන් ඇවිත් ජේකබ් ක්ලෙයාරාගේ නිවස ඉස්සරහින් නතර කළා. Gate එක ඉස්සරහා ගහලා තිබුණු ලොකු බැනර් එකේ තිබුණේ ලස්සනට හිනා වෙලා උන්නු ක්ලෙයාරාගේ රුව.
ජනප්‍රිය රංගන ශිල්පිනී ක්ලෙයාරා තොම්සන් මහත්මියට නිවන් සැප ලැබේවා...!
ඒ බෙනර් එකේ ගහලා තිබුණේ එහෙම . ඒක දැක්කත් හරි ජේකබ්ගේ ඇස්වලින් සට සට ගාලා කඳුළු වැටෙන්න වුණා. මොන තරම් දරදඬු රළු පිරිමියෙක් වුනත් මොකද.. ආදරේ ඉස්සරහා කළු ගලුත් මල් පෙති වගේ වෙන එකේ එයාට හඬා වැලපෙන්න තහනම්ද..
ජීවිතේ එහෙමයි. අයාලේ යන සිත් තැනක නතර වෙලා ඇති කරගන්න ප්‍රේමයේ සබැඳියාවන් එක්ක හරි හරියට අතර මං වෙනවා. ජේකබ්ට වුණෙත් ඒකමයි.
අයිති කරන් ළඟ තියාන අයිතිවාසිකම් කියන්න බැරි ඒත් අයිතියකුත් ඇති අත් හරින්න බැරි ලෝභකමකින් හිත පිරුණු හරි ලස්සන බැඳීමක් ඒක.. ඒත් තවත් හෝරා කිහිපයක් ගෙවී යනු සමඟම ඔහුට ආදරය කළ ඒ ආත්මය එක්කෝ පොළෝ තලය තුළ මිහිදන් වනු ඇත. එක්කෝ පිලිස්සී දැවී යනු ඇත.
ජේකබ්ට කඳුළු නවත්තා ගන්නම බෑ. ඒ කඳුළු ඉවක් බවක් නැතිවම කළු පිරිමියගේ දෙනෙත් ඔස්සෙ කම්මුල් දිගේ රූරා වැටෙනවා. ඇස් කෙවෙනි අස්සෙ නලියමින් ඉඳලා කම්මුල් දිගේ ඔහේ ගලන් යනවා. කළු පාටකට වඩා කොකෝවා පාටට හුරු එයාගේ සමෙහි ගලන කඳුළු බිඳු කොහේදෝ ඉසව්වක ඉඳන් ආව නුහුරු නුපුරුදු එළියකින් දිලිසෙන්න අරන් ආයෙමත් මොහොතකින් ඒ දීප්තිය අතුරුදන් වෙලා ගියා.
එයා එහෙම්මම සුක්කානමේ හිස ගහගෙන අඬන්න වුණේ කාටවත්ම නොපෙනෙන්න . එයාට ඒ නිවස අස්සට යනවද නැද්ද කියලවත් හිතාගන්න බැරුවයි උන්නේ.
ඒ කඳුළු නිස්කාරණේ වැටෙන කඳුළු නෙවෙයි. ඒ ආදරේ විප්‍රයෝගයෙන් වැටෙන කඳුළු..
වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලා තිබුණත් ජේකබ් උන්නේ සුක්කානමේ ඔළුව ගහගෙන. ජීප් එකෙන් බැහැලා එළියට ගිහින් එක් මොහොතකට හෝ ඒ ආදරණීයම රෝමාන්තික ගැහැණියගේ නිසල සිරුර බලලා එන්න තරම් එයාගේ දෙපයට ඒ තරම් හයියක් නෑ. දෙපය විතරක් නෙවෙයි මුළු සර්වාංගයම අවසඟ වෙලා වගේ.
ඇස් ඉදිරියේ මැවෙමින් තිබුණු රෝමාන්තික සිහින ලෝකයම ඇස් ඉස්සරහම සුනු විසුනු වෙලා තියෙන හැටි එයා කොහොම නම් දකින්නද.. ක්ලෙයාරා එක්ක සුදෝ සුදු සයනයක වැතිරී වින්ද රති සුවයටත් වඩා ඉන් එහාට එයාට ආදරේ කරන්න ගත්තු හැටි නම් ජේකබ්ටත් පුදුමයි.
එයා එහෙම්මම සුක්කානමේ ඔළුව ගහන් මිනිත්තු ගානක්ම උන්නා. කරන්න ඕනි මොනවද කියලා කිසිම දෙයක් ගැන එයාට හරි හැටි අවබෝධයක් නෑ.
ඉන් එහාට ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති විලසට එයා සුක්කානමේ ගහන් හිටිය හිස ඔසවලා ඉස්සරහා බැලුවා. එයාගේ ඇස් ඉස්සරහා තියෙන්නෙම අර ලොකු බැනර් එකේ හිනා වෙලා ඉන්න ක්ලෙයාරාගේ රුව. ඕන්දු මාන්දු වෙලා තෝන්තුවෙන් වගේ ඒ බැනර් එක දිහාවට හැරුණු හිස අවුල් වෙලා ගිහින්. ඊටත් වඩා මූණේ තිබුණේ කිසිම හැඟීමක් නැති විදිහක පෙනුමක්..
ක්ලෙයාරා යනු තවදුරටත් භෞතික ජීවිතයක් නොවන බව දැන දැනත් ජේකබ් තවමත් ලතැවෙන්නේ ඒ සීමිත කාල සීමාව තුළ හේතු විරහිතව බැඳුණු සබැඳියාවේ නිරුත්තර උත්තරයක් විදිහට. ක්ලෙයාරාගේ ආත්මයම දැන් අභෞතික යි. කොහොම නම් විශ්වාස කරන්නද..
ඒත් විශ්වාස නොකර කොහොමද.. වෙලාව මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙලා තියෙද්දිත් බොහොමයක් වාහන ඒ නිවස ඉසව්වට ඇවිත් එහෙ මෙහෙ යනවා. ටෙලිවිෂනය තුළ විතරක්ම දකින්න ලැබෙන මූණු ගොඩක් ඒ අතර වුණා.
ඒත් ජේකබ්ගේ මනස අවුල් ජාලාවක් වෙලා. එයාට ඒ කිසි දෙයක් පෙනුණේ නෑ. එයාට පෙනුනේම ක්ලෙයාරාගේ රුව විතරමයි.
" ක්..ක්..ක්ලෙයාරා..ම්..මගෙ ක්ලෙයාරා..ඇයි..ඇයි මගෙ රත්තරනේ මාව දාලා යන්න ගියේ.. ම්..මගෙ.. මගෙ හිතට දැනුනු පළවෙනි ආදරේම මෙහෙම සුනු විසුනු කරලා දාලා යන්න ගියෙ ඇයි..ඇයි ඒ..ඇයි ඒ.. මං..මං..මං මෙච්චර පව්කාරයෙක්ද..කියන්න ක්ලෙයාරා.. මට කියන්න... "
ජීප් එකේ ඉන්න ගමන්ම එයා ඉකි බිඳින්න වුණේ ක්ලෙයාරාගේ මරණ බැනර් එක දිහා බලාගෙනමයි . ඒ රළු පිරිමියගේ ඇස් කෙවෙනි අස්සට ගලන් ආව කඳුළු බිඳුවලින් ඇස් දෙකම වැහිලා යද්දි එයාට ක්ලෙයාරාගේ රුව පෙණුනේ බොඳ වෙලා ගිහින්. හරියට දිය සායමින් කැන්වසයක සිත්තම් කරපු සිතුවමක් තෙත් දිය බිඳුවලට හසු වෙලා බොඳව ගිය විදිහට..
බලන් උන්නු තත්පර ගාන ගැන එයාට කිසිම මතකයක් නෑ. ඒ හැම තත්පරයක්ම අතීතයට අයිති වෙලා ඉවරයි. ඒත් මේ ජීවත් වෙන වර්තමානයේ පවා මේ ගෙවෙන හැම තත්පරයක්ම ඊළඟ තත්පරය උදා වෙනවත් එක්කම අතීතයට අයිති වෙලා ඉවරයි.
ජේකබ් ඇස් අස්සට ආව හැම කඳුළකටම ඔහේ රූරා ගලා ගෙන වැටෙන්න ඉඩ හසර වෙන් කරලා බලන් උන්නා. ඇස් කෙවෙනි අස්සෙ ඉතුරු කඳුළු බිඳු එයා යාන්තමට පිටි අත්ලෙන් පිහ දාලා තවත් මිනිත්තුවක් විතර ඔහේ නිස්කාරණේ බලන් උන්නා.
එයාගේ මූණ කිසිම හැඟීමක් නැති අර්ථ විරහිත භාව ප්‍රකාශනයකින් යුතු වෙලයි තිබුණේ. කතා කරගන්නවත් බැරි තරමටම හිතත් ගොළු වෙලා. එයා හෙමින් සීරුවේ ජීප් එකේ දොර විවර කරලා එළියට බැස්සා.
බැස්සට පස්සෙ gate එක ගාව ඉඳන් වත්ත ඇතුළට යනකන්ම හැම තැනකම වගේ හිටවලා තිබුණේ සුදු පාට කොඩි කණු. ජේකබ් ඒ දිහා බලලා ලොකු හුස්මක් පිට කළා. ඒක හුස්මකටත් වඩා සංවේදනාවෙන් පිට කරපු හීල්ලිල්ලක්..
එහෙම්මම එයා එයාගෙ අවසඟ දෙපා ඉස්සරහට තියමින් ඇවිද යන්න වුණා. ඒ නිවසත් මුළු වත්තත් පුරාවටම පැතිරිලා තිබුණේ අර වෙනදා තියෙනවාටත් වඩා වැඩි පාළු මූසල ගතියක්.
එයා හෙමින් සීරුවේ අඩි තිය තියා ගිහින් ඒ ගෙදර වැරැන්ඩා එකට ගොඩ වුණා. Field එකේ කිහිප දෙනෙක්ම වගේ ඒ මොහොතෙදිත් ක්ලෙයාරාගේ බොඩි එක ගාවට වෙලා කම්පාවෙන් වගේ බලාගෙනමයි උන්නේ. ඒ මිනිස්සුන්ට ආවරණය වෙලා තිබුණු නිසා ජේකබ්ට හරියකට ක්ලෙයාරාගේ නිසල දේහය පෙණුනේ නෑ.
එයා ගෙට ගොඩ වෙනවත් එක්කම වගේ වයසක ගැහැණු කෙනෙක් ඇවිත් එයාට අත් දෙක එකතු කරලා වැන්දාම එයත් අත් දෙක එක්කහු කරලා වැන්දා. පෙනුමේ හැටියට නම් ජේකබ්ට වුනත් හිතුනේ ඒ ක්ලෙයාරා තොම්සන්ගේ නෑ කෙනෙක් කියලා.
ඒ ගැහැණු කෙනාවත් පහු කරන් නිවසට ගොඩ වුණු ජේකබ් එතන උන්නු පිරිස අතරින් හෙමින් සීරුවේ ක්ලෙයාරාගේ නිසල දේහය අසළට ගියා. එයා උන්නේ ඇස් පියාගෙනමයි . ජේකබ්ගේ පපුව හෝස් ගාලා ගියා. ඔව්, ඒ පපුව ඇවිලෙන්න වුණා. නිවාලන්න බැරි තරමටම ඒ පපුව ඇවිලෙන්න වුණා.
සුදෝ සුදු සයනයක එදා එයත් එක්ක වැතිරිලා උන්නු ඈ අද මරණයේ සයනයේ සැතපිලා. එයාට එහෙම්මම ඉකි බිඳෙන්න ආව නිසා එයා අත් දෙකම එක්කහු කරලා ක්ලෙයාරාගේ දේහයට වැන්දේ ඇස් දෙකත් පියාගෙනමයි .
ආයෙමත් වතාවක් එයා ඒ තත්පර කිහිපය ගෙවිලා ගියාට පස්සෙ එහෙම්මම ඇස් විවර කරලා බැලුවා. ක්ලෙයාරාගේ මුහුණ තවමත් එහෙම්මමයි . ඒ ඇස් පිය වුණු ගමන්ම තිබුණා. මූණ කළුතලා වෙලා. කම්මුල් නිල් ගැහිලා.
බෝරිච්චි ගැහුණු අත් දිග සුදු හැට්ටයට සුදු ඔසරිය ඇඳලා උන්නු එයා හරි ලස්සනයි . ඒත් එයාට කතා කරන්න බෑ. හිනා වෙන්න බෑ. ඇස් පියන් විවර කරන්න බෑ. ඒ හැමදෙයක්ම එයාට තහනම්..
ජේකබ් අර්ථයක් නැති හැඟීමක් නැති බැල්මකින් ඒ නිල් පැහැ ගැන්විලා තියෙන මූණ දිහා බලන් උන්නා. ඒ මූණ දිහා බලන් ඉද්දි ඉබේටමයි ඒ කොකෝවා පාට පිරිමියගේ ඇස් අස්සට කඳුළු උනන්නේ. එයාට ඒ කඳුළු නතර කර ගන්න බෑ.
හෙමින් සීරුවේ එයා ඒ මූණ දිහා බලාගෙන උන්නේ එයාට වුනත් එකම එක වචනයක්වත් කතා කරන්න බැරිව යද්දි. සෙනඟ පිරෙන්න පිරෙන්න ඒ අහු මුලුවලින් ඇහෙන එක එක කතා එක්ක තවදුරටත් එයාට එතන රැඳෙන්න තරම් හිතක් තිබුණේ නෑ.
ඒත් එයාට එයාගේ ආදරණීයම ක්ලෙයාරා තොම්සන් තනි කරලා දාලා එතනින් යන්න තරම් හිතකුත් නෑ. එයාට ඉකිබිඳෙන්න ඔන්න මෙන්න.. වාවගන්න බැරි උණු කඳුළු ඇස් අස්සෙන් එළියට පනින්න නලියනවා.
තුවාල වෙලා පෑරුණු හිත් පොඩිත්ත තව තවත් අසරණ වෙන්න අරන්. රළු හිතක් වුනත් එයත් මනුස්සයෙක්නේ. දුක කියන දේ ඒ හිතටත් දැනෙනවා. එයා එහෙම්මම තවත් වතාවක් ක්ලෙයාරාගේ නිසල දේහයට අත් එක්කහු කරලා වැඳලා අඩියක් දෙකක් පිටිපස්සට ගියේ ඒ මූණ දිහා බලාගෙනමයි .
ඉස්සර දවස්වල තිබුණු ආඩම්බරකාර පෙනුමවත් , මෑතක ඉඳන් එයත් එක්ක ආලවන්තකම් පාද්දි ඒ මූණේ තිබුණු අර සරාගී පෙනුමවත්, විටෙක තියෙන අහිංසක පෙනුමවත් ඒ මූණේ තිබුණේ නෑ. ඒ වෙනුවට ඒ මූණේ තිබුණේ කිසිඳු හැඟීමක් නැති අර්ථ විරහිත පෙනුමක්..
අඩියක් දෙකක් පිටිපස්සට ගිය එයා තවත් එකම එක වතාවකට විතරක් ඒ මූණ දිහා බැලුවා. හිත ඉකිබිඳින බව ඇත්ත.. ඒත් එතන තව දුරටත් රැඳෙන්න තරම් එයාට අවසරයක් නෑ.
ක්ලෙයාරා තොම්සන් වෙනුවෙන් එතන තවත් පර්ෂදයක් ඉන්න නිසාවෙන්ම එයාගෙ හිත කිව්වෙම එතනින් යන්න කියලමයි. හිත හඬා වැලපෙනවා. ඒ හිතම ලතැවෙනවා . ඒත් එයාට එයාගේ හිත කියන්නෙම එතනින් පිට වෙලා යන්න කියලා.
ඇස් කෙවෙනි අස්සෙ කඳුළු පිරිලා ආයෙමත් වතාවක් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ මූණ දිහා සංවේගී බැල්මක් හෙලපු ජේකබ් එතනින් පිට වෙලා ඇවිත් එළියට බැස්සා. ඇත්දළ පාට වැටුණු බල්බ් එළියට ක්ලෙයාරාගේ මූණ හරි ලස්සනට ඒ මොහොතෙදිත් බබළන්න වුණා. සුදෝ සුදු සයනයේ මල් පොකුරු කිහිපයක්ම තැනින් තැන තිබුණා. පැත්තකින් තිබුණේ සුදු පාට ඩේසි මල් අමුණලා හදපු මල් වඩමක්. එක පැත්තකට වෙන්න උස පිත්තල පහනක් දල්වලා තිබුණා. එයාගේ දෙපැත්තෙන් තිබුණු ඇත් දළ යුවලත් ඒ බල්බ් එළියත් අතර තිබුණේ එක හා සමාන සංකලනයක්..
ජේකබ් ඒ මොහොත හිත අස්සට කා වදින්නම ඉඩ හසර තියලා ගෙදරින් එළියට බැස්සා. අවසඟ පය ඉක්මන් කරපු එයා වත්තෙනුත් එළියට ආවේ වේගවත් ගමනින්. ඒ ඇවිත් බොඳ වුනු දෙනෙතින්ම තවත් වතාවක් අර ඉස්සරහා ගහලා තිබුණු බැනර් එක දිහා මොහොතක් බලන් උන්නු ජේකබ් තවත් එතන නොරැඳෙන අදිටනින් ජීප් එකට ගොඩ වුණා.
කවදාවත්ම ක්ලෙයාරා ඒ විදිහට දැකලා නොතිබුණු ජේකබ් තවත් මොහොතක් රියදුරු අසුන අභියස වුණු කවුළුවෙන් අර ඈත පාළු අහස දිහා බලන් උන්නා. ඒ අහසේ මොනවත්ම නෑ. තනිකරම පාළුවට ගිහින්..
ඒ ඉසව්ව සදා හරිත පැහැ ගැන්විලා තිබුණා වුනත් ජේකබ්ට දැනුනෙම ඒ බිම නිස්සාර භූමියක් විදිහට. එයාගේ එහෙම්මම ජීප් එක start කරගෙන අනිත් පැත්තට හරවගෙන එතනින් නික්මිලා ගියේ නොනවතින වේගයකින්..
සරතැසින් පෙලෙන හදවතේ උද්වේගකර තිගැස්මට නැවතීමක් නෑ. අසීමාන්තික ප්‍රවේගයක් එක්ක නොසිතූ දුරකට විස්ථාපනය වන හදවත චලනය වෙන්නෙත් අසාමාන්‍ය වූ ඒකාකාරී ප්‍රවේගයකින්. අසමමිතික හේතූන් ගොන්නකින් බර වෙලා වේදනාවට සංවෘත වෙච්චි හදවත හරියට භ්‍රමණයත් පරිභ්‍රමණයත් අතර කක්ෂයක ස්ථානගත වෙලා වගේ.
චක්‍රාවාට අතර සැරිසරන්න තරම් හීන පොදි ගහපු ඒ හිත කොහේදෝ යන කක්ෂයකින් පිට පැනලා අතර මං වෙලා. ඉතින් ජීවිතේ ගැන තවත් ස්ථාවරත්වයක් නෑ.
ජේකබ් ජීප් එකත් drive කරගෙනම ඇවිත් එක වරම වගේ නතර කළේ මෙලෝ එළියක් නැති පාළු හරියක. පේන තෙක් මානෙක කදෝපැණියෙක්ගේ එළියක්වත් නෑ.. හිතත් ඒ වගේම කළුවර වෙලා. එයා අමාවක සදිසි අහස් කුස දිහා බලන් අර සංවේගයෙන් බර හදවතට හේතූන් විරහිත නොවී ගලන් ආව පද පෙළට පණ දුන්නේ පපුවේ එක් පැත්තක් ගලවන් යන්න වගේ වෙද්දී..
" සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇදලා.
අද නම් ඔයා ලස්සනයි.
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.
මගෙ හිතට දැන් හරි බයයි...
පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා.
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා...
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
මට හරිම පාළුයි මගේ රත්තරන්.
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
මට හරිම පාළුයි මගේ රත්තරන්... "
ඒ හඬ හුළඟත් එක්ක මුහු වෙලා ගොඩක් දුර ගියා. නොසිතූ තරම් දුර ගියා. රැහැයියන්ගේ නැවතුමක් නැති චුරු චුරුව ඉක්මවන්නට පවා ඒ හඬ සංවේගයෙන් බර වෙලා තියෙන්න ඇති..
මීළඟ කොටසට ...