ජනප්‍රිය රංගන ශිල්පිනී ක්ලෙයාරා තොම්සන් ඝාතනය කෙරේ.
ජනප්‍රිය හා අති දක්ෂ රංගන ශිල්පිනියක වන ක්ලෙයාරා තොම්සන් මහත්මිය අද සවස් වරුවේදී ඇගේ නිවස තුළම ඝාතනය කර තිබේ. තියුණු කිණිසි පහරකින් එල්ල කර ඇති ප්‍රහාරයක් නිසා එම මහත්මිය මෙලෙස මරු මුවට පත්ව ඇත. සැකකරුවන් සොයා ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට පැවැත්වෙන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.
රෑ හතේ news වලට කියන්න ඕනි ටික ඔක්කොම වගේ කිව්වා. මිගාන්ගේ ගෙදර tv ලොබි එකට වෙලා ජේකබ් tv එකත් on කරන් ඒ news එක දිහා බලන් උන්නා. කොච්චර දරදඬු මිනිහෙක් වුනත් මොකද ඒ ඇස් දෙකේ එහෙම්මම කඳුළු පිරුණා. ජීවිතය පුරාවටම හදවතට දැනුනු ඒ එකම ආදරයත් දැන් එයාගෙන් ඈතට ගිහින්.
මුහුදු රැල්ල ඇවිත් ගල් පරවල හැපෙද්දි නැගෙන අඳෝනාවක් ගානට හඬන ජේකබ්ගේ හිත.. ජේකබ්ගේ දෙතොල් වෙව්ලන්න වුණා. මුළු ඇඟම වගේ ගැහෙන්න වුණා. සම්මත නොවන අසම්මතයක් වුනත් ඒ එයා ආදරේ කරපු කෙනා.. එයා අයිති කර ගත්තු කෙනා..
ඉතින් ජේකබ්ට දුකයි. ජේකබ් සෝෆා එකේ වාඩි වෙලා news බලමින් ඉද්දි එයාට පිටිපස්සෙන් හිට ගෙන උන්නේ බාබු අන්කල්.
මොනා වුනත් මේ සිද්ද වෙන දේවල් බාබු අන්කල්ට වුනත් හිතා ගන්න බෑ. එයා උන්නේ කම්පා වුනු සිතෙන් ඇස් දෙකත් අඳුරු කරන් කම්මුලක අතක් ගහ ගෙන ඒ tv එක දිහා බලාගෙනමයි .
" අනේ කාලේ වනේ වාසේ... මොන අඩව්වක්ද මේ ඒ පාර.. මේ අර මගේ සඳ නාට්ටියේ උන්නු ගෑණු දැරිවි නේද.. අනේ අහිංසක කෙල්ල.. මොන හිතකින් මේ දරුවට අර පිහි පාර ඇන්නද දෙයියනේ... "
බාබු අන්කල් මොනා කිව්වත් ජේකබ්ට නම් ඒ එකම එක වචනයක්වත් ඇහුණේ නැති තරම්. එයාගේ මුළු ලෝකයම බොඳ වෙලා ගිහින්. ජීවිතේ කප්පරක් හීනත් එක්ක මේ ගත කරන් උන්නු පුංචි දවස් කිහිපය ඒ තරම් සුන්දර වුණේ එයාගේ ක්ලෙයාරා නිසා.. ඔව් , අර සයනයේදී එයාගේ තුරුළට වෙලා එයාගේ වුණු ක්ලෙයාරා නිසා.
ඒත්.. ඒත් ඒ හැමදේම අතීතයට අයිති වෙලා ඉවරයි. කවදාවත්ම බලාපොරොත්තු නොවුණු විදිහේ තත්පර ඇවිත් එයාගේ ආදරේ එයාගෙන් උදුර ගෙන ගිහින්. එයා දැකපු හීන.. ඒ හැම හීනයක්ම එයාගේ ඇස් පනාපිටම බොඳ වෙලා ගිහින්.
මුළු ලෝකයම හරියට එක් මොහොතකට නිහඬ වුණා වගේ. නිලංකාර ඇස් ඉස්සරහා tv එකේ පුළුල් තිරය මත දුවන රූප එයාට පේන්න වුණේ බොඳ වෙලා වගේ. කණ් අඟුළු වැටිලා වගේ කිසිම දෙයක් ඇහෙන්නෙ නැති ගානයි.
වෙව්ලන දෙතොල් පෙති.. සෘජු වූ රෝම කූප.. ගැහෙන නොගැහෙන හදවත.. බොඳ වුණු දෙනෙත් යුග.. හැමදේම හරියට නිහඬ ලෝකයකට එයාව බලහත්කාරයෙන්ම ඇදන් ගියා වගේ.
එයා එතනින් නැගිට්ටද එහෙමත් නැත්නම් නැගිට්ටුනාද කියලා එයාටවත් හිතාගන්න බෑ. චණ්ඩ සුලඟකට හසු වෙලා ගසා ගෙන වියළි කොළයක් ඉවක් බවක් නැතුව අවකාශයේ සැරි සරන ගානට එයාගේ හිතත් කොහේදෝ දුවන්න ගත්තේ කිසිම ඉවක් බවක් නැතුව.
ජේකබ් එහෙම්මම නිවසින් එළියට ඇවිත් වැරැන්ඩා එකේ හාන්සි පුටුවකට වුණේ දහසකුත් දෝමනස්සයන් ගොන්නක් ඒ හිතේ පිරෙද්දි. ජේකබ් ගියාට පස්සෙ tv එක තවත් on කරලා තියෙන එකේ තේරුමක් නැති නිසා බාබු අන්කලුත් tv එක off කරලා දාලා kitchen එක පැත්තට යන්න වුණා.
ජේකබ් වැරැන්ඩා එකේ උස හාන්සි පුටුවකට හේත්තු වෙලා බලන් උන්නේ කළුවර අහස දිහා. ඒ අහසේ හඳක් කියලා දෙයක් පේන්නවත් නැති ගානයි. පේන තෙක් මානෙක අහසේ තරු එළියක්වත් නෑ. කළුවර අහස පුරාවටම තිබුණේ අමාවක පෙනුමක්. වැහි වලාකුළු වලට මුවා වෙලාදෝ හඳ සැඟවිලාම ගිහින්.
ජේකබ්ට කිසි දෙයක් හිතාගන්න බෑ. එයා දුක් වෙන්නේ නිස්කාරණේ නෙවෙයි. නිස්කාරණේ දුක් වෙන්න එයාට බෑ. ඒ දුකට හේතුවක් නැතුව නෙවෙයි. ජේකබ් වගේ දරදඬු මිනිහෙක් අහේතුකව දුක් වෙන මනුස්සයෙකුත් නෙවෙයි.
මුළු අහස පුරාවටම පැතිරිලා තිබුණු පාළු ගතිය එයාගේ හිතටත් එහෙම්මම දැනෙන්න වුණා. කඩා වැටුණු ලෝකයේ සුන් බුන් අතර හරියට එයා විතරක්ම තනි වෙලා වගේ.
ජීවිතයේ කොයි තරම් ගෑණු ආශ්‍රය කරලා තිබුණා වුනත් හිතට දැනුනු එකම ගැහැණිය.. මොහොතකට හෝ ඒ රළු දඩබ්බර හිතේ ආදරය දිනා ගත් එකම ගැහැණිය.. ඔව් , ඒ ක්ලෙයාරා තොම්සන් විතරමයි. ඒත්.. ඒත් එයා යන්නම ගිහින්.
ජේකබ්ගේ බොඳ වුණු ඇස් තාමත් යොමු වෙලා තිබුණේ ඒ අහස දිහාවට. අර කිසිම ආලෝකයක් නැති හිස්ම හිස් කළුවර අහස දිහාවට. තෝන්තුවෙන් වගේ හාන්සි පුටුවේ වැතිරිලා ඉන්න ජේකබ් ඒ අහස් කුස දිහා බලන් අනන්ත වූ කල්පනාවක නිමග්න වෙන්න වුණා.
" ක්ලෙයාරා.. ක්ලෙයාරා.. ඇයි කෙල්ලෙ ඔයා මට මෙහෙම කළේ.. ඇයි.. මං ඔයාට ආදරේ කළානේ.. ඇයි මාව දාලා යන්න ගියේ.. ඔයා බැඳපු කෙනෙක් බව දැන දැනත් මං ඒ අසම්මතේ බැඳුනේ මගේ හිතට දැනුනු එකම කෙනා ඔයා නිසා.. කොයි තරම් ගෑණු ආශ්‍රය කරලා තිබුණත් මට ඔයාගේ තරම් වෙන කිසි ගෑණියෙක්ගේ උණුහුමක් දැනුනේ නෑ මගේ කෙල්ලේ.. අනේ ඇත්තමයි , මං ඔයාට ආදරේ කළා.. මගෙ මුළු හදවතින්ම ආදරේ කළා.. එහෙව් ඔයා අද ඒ හුස්මට සමු දීලා නිදන් ඉන්න හැටි මං කොහොමද බලන් ඉන්නෙ ක්ලෙයාරා.. මං කොහොමද ඒ දිහා බලන්නේ.. මං දන්නවා , ඔයා ගාව උත්තර නෑ.. අඩු තරමින්.. අඩු තරමින් මං ගාවවත් උත්තර නෑ..මට ඔය ඇස් පියවිලා තියෙන හැටි බලන්න බෑ මගෙ කෙල්ලේ.. මට බෑ.. මේ දරදඬු පිරිමි පපුවට මේ දුක වාවන්නෙ නෑ.. ඇයි ක්ලෙයාරා.. ඇයි මං එච්චර පව්කාරයෙක් වුණේ... "
එයා එයත් එක්කම මුමුණන ගමන් ඉකිබිඳින්න වුණා. ඒ දරදඬු පිරිමියා එහෙම අඬන හැටි.. ඔව්, ඒ හිත අස්සේ නලියන අඳෝනාව ඒ පිරිමි හිතට දරාගන්න බෑ. කොච්චර රළු වුණත් ඒත් හිතක්නේ. කොච්චර රළු හිතක් වුනත් ඒත් මනුස්සයෙක්නේ..
ජේකබ්ගේ ඉකිබිඳින ස්වරය ඇහුණේ එයාට විතරමයි. කණ පාට වුණු බල්බ් එළිය හැරෙන්න ඒ ඉසව්වේ කිසිම එළියක් තිබුණේ නෑ. ඒ ගෙදර ජේකබුයි , බාබු අන්කලුයි හැරෙන්න වෙන කිසිවෙකුත් උන්නෙත් නෑ. ඉතින් ඒ පාළු මූසල හැඟීම එයාට තව තවත් බලවත් විදිහට දැනෙන්න වුණා. හරියට කර කියාගන්න දෙයක් නැතුව , කෑමක් බීමක් නැතුව , යන්න එන්න තැනක් නැතුව , හිසට හව් හරණක් නැතුව මහා මාවතක වර්ෂාවට තෙමෙමින් අතරමං වෙලා ඉන්න චූටි බලු පැටවෙක් වගෙයි එයා ඉකිබිඳින්න වුණේ.
ජේකබ් එහෙම අඬා වැලපෙන මනුස්සයෙකුත් නොවන කොට එයාටම එයා ගැන දැනුනේ පුදුමයක්. ඒත් ඒ ඇස්වලින් කඳුළු වැටෙනවා. ඒ දරා ගත නොහැකි වූ ආදරයේ විප්‍රයෝගයෙන් වැටෙන කඳුළු බිඳු..
මහන්සිය වැඩිකමටද මන්දා මිගාන්ගේ ඇස් එහෙම්මම පියවුණා. සත්සිඳුගේ බෝඩිම් කාමරේ පුංචි ඇඳ උඩ එයාට එහෙම්මම නින්ද ගියා. සුවිසල් මන්දිරවල ගෙවන ජීවිතේ වගේ නෙවෙයි. ඒ කාමරේ එක තත්පරයක් ගත කරන එකත් හරි සුන්දරයි. ඒ කාමරේ ගන්න එක හුස්මක් පවා සනීප විදිහට දැනෙද්දි ඉතින් නපුරු ගැරඬියට එහෙම්මම ඇස් පියන් පිය වෙන එක අහන්නත් දෙයක්ද..
ගත කරන සංකීර්ණ ජීවිතෙන් මොහොතකට මිදිලා මේ වගේ සරල ජීවිතයක් ගත කරන්නමයි මිගාන්ගේ හිත නම් ගොඩක්ම ආස කරන්නේ. නිල්ල නිලන කෙත් වතු පිරුණු , දිය කඩිතිවල මාළු රංචු පොර කන , සුදෝ සුදු පෙණ නංවන දිය ඇලි කඩා හැලෙන හරිත වර්ණ මිටියාවතක ජීවත් වෙන්නමයි ඒ හිත ආස කරන්නේ.
කොළඹ කොන්ක්‍රීට් වනාන්තරය මැද්දෙ ගෙවන ජීවිතේ එක අතකට එයාට දැනෙන්නෙම මහ අපුලක් විදිහට. වාහනවල නිමක් නැති කන්දොස්කිරියාවත් එක්ක එයාට මුළු කොළඹම එපා වෙලයි තියෙන්නේ..
හිතේ සැනසීම තියෙන්නේ අර වගේ සුන්දර හරිත පැහැය තැවරී ගත්තු ග්‍රාමීයත්වයක වෙද්දි මිගාන්ට ඕනි කළේ එයාගේ හිතේ ඉන්න පුංචි කුමාරයත් එක්කම ඒ සුන්දරත්වය අත් විඳින්න. ඇත්තමයි , එයාට ඒ සුන්දරත්වය පරිපූර්ණ වෙලා දැනෙන්න නම් සත්සිඳු අනිවාර්යයෙන්ම එයා ගාව ඉන්නම ඕනි.
සත්සිඳුව බෝඩිමට එක්කගෙන ඇවිත් එයා wash එකක් දාගන්න ගියපු නිසයි මිගාන් එහෙම්මම ඇඳේ වැතිරුණේ. ඒත් ඉතින් එයාගෙ ඇස් එහෙම්මම පිය වෙලා නින්ද ගියා. පැය භාගයක් විතර ගිහින් සත්සිඳු wash එකකුත් දාගෙන කාමරයට එද්දි නම් මිගාන් හොඳටෝම නිදි..
සුදු පාට ටවල් එකක් විතරක් ඇඳගෙන උඩුකය නිරුවතින් නාගෙන ආව එයා කාමරයට එද්දිම දැක්කෙ මිගාන්ට හොඳටෝම නින්ද ගිහින් තියෙන හැටි. එයා හිනා වී ගෙනම ඇවිත් මිගාන් නිදා උන්නු ඇඳ ගාවින් හිට ගත්තේ ඉණට අත් දෙකත් තියාගෙන. එයා බලන් උන්නේ නිදන් ඉන්න ගැරඬියගේ මූණ දිහා.
ඒ මූණේ ඉතින් නින්ද ගියාම නම් අර නපුරු මුරණ්ඩු හිතුවක්කාර දඩබ්බර ගතිය නෑ. හරි අහිංසක පාටයි. එයා හරි හොඳයි ඉතින් නින්ද ගියාම..
සත්සිඳු හිනා වී ගෙනම එයා දිහා බලන් ඉඳලා හෙමින් සීරුවේ එයාගේ තෙත හිස කෙස් ටික අතින් ගැසෑලුවේ මිගාන්ගේ මූණට දිය බිඳු වැටෙන්නත් එක්කමයි . ඔව් , එයා හිතුවා හරි. මිගාන්ගේ මූණට ඒ දිය බිඳු වැටුනම ඒ තෙතමනයට එයා එහෙම්මම ඇස් පියන් විවර කරලා බැලුවා.
මිගාන්ගේ ඉස්සරහා හිට ගෙන හිනා වෙවී උන්නු කොල්ලා දැක්කම මිගාන්ට මොකක්දෝ මන්දා වී ගෙන එන්න වුණා. හරියට අර බඩ අස්සෙ සමනල්ලු පියාඹනවා වගේ හැඟීමක් ඒක..
එයා ඇස් හීනි කරන් මිගාන් දිහා බලන් උන්නේ උඩු කය නිරුවතින්.. යටිකය විතරක් සුදු පැහැති ටවල් එකකින් ආවරණය කරන්..
ඒ මූණේ හිනාව.. ඊටත් වඩා තවමත් දිය බිඳු තැවරිලා බල්බ් එළියෙන් බබළන එයාගේ සිරුර.. කාලෙකින් කපලා නැති ටිකක් විතර වැවිලා තිබුණු තෙත හිස කෙස්.. ඒ අහිංසක පාට හීනි ඇස් දෙක.. එයාගේ යාන්තමට වගේ මස් පිඬු කැපිලා හැදිලා තිබුණු උර බාහු.. පපුව..
ඒ හැමදේම අර කහ පාට බල්බ් එළියත් එක්ක සත්සිඳුට එක්කහු කරලා තිබුණේ අප්‍රමාණිත සරාගීත්වයක්.. ඒ සරාගී පෙනුමත් එක්ක තාමත් අහිංසක විදිහට හිනා වෙලා එයා දිහා බලන් ඉන්න සත්සිඳුව දැක්කම මිගාන්ගේ මුළු හිතත් ගතත් දෙකම ගිනි ගන්නවා වගේ. හිත පතුලෙම තැනක හැංගිලා තියෙන ගිනි ගන්නා හැඟීම් එකින් එක එකින් එක උඩු ගං බලා යන්න වෙද්දි මිගාන් එයා දිහා ඇස් පිය නොහෙලාම බලන් අනිමිස ලෝචනය කරන්න වගේ.
උරහිස් දෙකට ටිකක් උඩට වෙන්න වැවිලා තියෙන තද කළු පැහැ කෙස් වලින් තෙත දිය බිඳු යාන්තමට බේරෙනවා. ඒ දිය බිඳුත් උරහිස් දිගේ ගලන් ඇවිත් සත්සිඳුගේ නිරුවත් පපුවට වැටිලා බඩ හරහා ගලා ගෙන ඇවිත් තුවායට බේරෙනවා.
මිගාන්ගේ හිතම ගිනි ගන්නේ අන්න ඒ දසුනට. ආදරෙත් එක්ක උතුරන සිතට දැනුනෙම 'මේ මගේනේ' කියන හැඟීම විතරමයි. මිගාන්ගේ මුවේ කෙළත් හිඳුනද කොහෙද.. එයා හෙමින් සැරේ කටේ ඉතුරු වෙලා තිබුනු කෙළ බිඳ ගිල්ලෙ මුළු සිරුරම නිකන් ගිනි ගන්නවා වගේ හැඟීමකින් වෙලිලා ආයෙමත් මොහොතකින් සීතල වෙලා යද්දී..
ඒත් ඒ නැවුම් පෙනුමැති අහිංසකයව ඉඳුල් කරන්න පවා එයාට ලෝභයි. එයාට රිද්දන්න පවා එයාට ලෝභයි. ඒ තරමටම ඒ හිත අස්සේ පැළ වෙලා තියෙන ඒ ආදරේ හරි පිවිතුරු යි.
" නින්ද ගියාද..? "
සත්සිඳු ඇඳෙන් වාඩි වෙන ගමන් ඇහුවේ තාමත් එයා දිහා ඇහිපිල්ලමක්වත් නොගසා බලන් ඉන්න නපුරු ගැරඬියගෙන්.
මිගානුත් එහෙම්මම ඇස් විවර කරලා ඇඳේ වැතිරී ගෙනම එයා ගාව වාඩි වෙලා ඉන්න සත්සිඳුගේ මූණ දිහා බලන් උන්නා.
" ඒකනේ babybabe.. ඇඳේ ඇලවුනා විතරයි මහන්සියට එහෙම්මම ඇස් පියවුණා... "
එයා කිව්වේ යාන්තමට හිනා වෙලා.
" මං තේ එකක් හදන් එන්නද..? "
එයා එහෙම කියලා ඇඳෙන් නැගිටින්න උත්සාහ කරද්දිම මිගාන් එයාගෙ අතකින් අල්ලා ගත්තා.
" ඇයි..? "
සත්සිඳු ඇහුවේ එයා අත අල්ල ගත්තු නිසා ආයෙමත් ඇඳේ වාඩි වෙන ගමන්.
" ඔහොම...? "
මිගාන් එයාගේ නිරුවත් පපුව දිහාවට ඇස් යොමු කරලා ඇහුවා.
" කොහොමද..? "
" ඇඳුමක් අඳින්නෙ නෑ..? "
" ඕනි නෑ... "
සත්සිඳු කිව්වෙ හුරතල් වෙවී වගේ.
" ඇඳුමක් දාගන්න.. ඔහොම ඉන්න එපා... "
මිගාන් ආයෙමත් වතාවක් ඇස් හීනි කරලා සත්සිඳු දිහා බලාගෙනම කිව්වා.
" මට සීතල නෑ... "
" අනේ බූරුවෝ.. සීතල මගුලක් නෙවෙයි මං කියන්නෙ... "
" එහෙනම්..? "
මිගාන් එහෙම්මම ඇඳෙන් නැගිටලා වාඩි වුණා. දැන් මිගාන්ගේ ඇස් සත්සිඳුගේ ඇස් එක්ක පැටළිලා. ඒ දෙන්නා අතර අඩියක තරම්වත් පරතරයක් නැති තරම්..
" මාත් පිරිමියෙක්නේ.. මටත් හැඟීම් දැනීම් තියෙනවා.. මගෙ babybabe ඔහොම ඉද්දි මගෙ හිත නවත්තගන්න බෑ... "
එයා ඒ ඇස් දිහා බලාගෙනම එහෙම කියද්දි සත්සිඳු එයත් එක්ක යාන්තමට හිනා වුණා. ඒ සීතලේ සත්සිඳුට වුනත් හිතුණෙම මිගාන්ගේ උණුසුම් පපුවට නිරුවත් වෙන්න ඉඩ දීලා ගුලි වෙලා තුරුළු වෙලා ඉන්නමයි. ඒත් නිරුදක කතරක් වගේ හිතට එහෙම කරන්න අවසරයක් නෑනේ. ඒත් කවදා හරි දවසක ඒ නිරුවත් පපුවට ගුලි වෙන්න එයාට ඒ මොහොත තුළත් ඇති වුණේ ලොකූ බලාපොරොත්තුවක් .
" ඉතින් මාත් පිරිමියෙක්නේ.. ඔය හිත මං නිසා නවත්තගන්න බැරි නම් මං මෙහෙම්මම ඉන්නම්.. මට ඕනි මං නිසා ඇවිලෙන එකම කෙනා ඔයා වෙන්න.. ඔයාටත් එහෙමයි කියලා මං දන්නවා... "
සත්සිඳුත් ඒ ඇස් දිහා බලාගෙනම කිව්වා. මිගාන් සිහින් සියුම් මන්දස්මිතයක් මුව රඳවගෙන එයා දිහා බලාගෙනම උන්නා. නොහිතූ විදිහට ඒ ඇස් එකිනෙක පැටළිලා තිබුණු ඒ තත්පරය තුළ මිගාන් එහෙම්මම සත්සිඳුගේ මූණ දෝතටම ගත්තා. එයා හෙමින් සීරුවේ සත්සිඳුගේ මූණට එයාගේ මූණ ළඟා කරද්දි සත්සිඳුගේ ඇස් එහෙම්මම පිය වුණා.
දැන් මිගාන්ගේ උණුසුම් සුසුම් පොදවල් සත්සිඳුගේ මුහුණේ තැවරෙනවා. සත්සිඳුගේ උණුසුම් සුසුම් වැල් මිගාන්ගේ මුහුණෙත් තැවරෙනවා .
මිගාන් එහෙම්මම ඒ දෙතොල් පෙති එක්ක එයාගේ දෙතොල් පෙති පටළවා ගත්තම සත්සිඳු යාන්තමට වගේ කෙඳිරි ගාන්න වුණා. දෙන්නම මිනිත්තු දෙක තුනක්ම ඒ විදිහට දෙතොල් පෙති පටළවන් උන්නේ ඒ නිමේෂය හරි අපූරුවට විඳ ගන්න ගමන්..
මිගාන් මොහොතකට ඒ දෙතොල් පෙතිවලින් ඈත් වෙලා සත්සිඳුගේ නළලට එයාගේ නළල තියාගෙන ඒ ඇස් දිහා බලන් උන්නා. එයාගේ මූණ තවමත් මිගාන්ගේ දෝත් අතරමයි. එකිනෙකාගේ සුසුම් වැල් එයාලගෙ මුහුණුවල තැවරෙනවා.
" My babybabe... "
එයා කතා කළේ රහසින් වගේ.
" සර්... "
මිගාන් වගේම සත්සිඳු මිමිණුවෙත් රහසින් වගේ.
" මගෙ වතුසුදු මල කිලිටි වෙනවට මං ලෝභයි.. ඒ මල සුදුම සුදු පාට හැම මොහොතකම පිපිලා තියෙන්න ඕනි babybabe.. ඒ නිසා මං දැන්ම ඔයාව ඉඳුල් කරලා අපවිත්‍ර වෙන්න දෙන්නෑ මගෙ දරුවෝ... "
" සර්...! "
" හ්ම්.. ඔය හීතල නිවන්න උණුම උණු තේ ඕනි නෑ.. මේ පපුව හරි රස්නෙයි.. එන්න මගෙ තුරුළට... "
මිගාන් එහෙම කියලා එයා ඇඳන් උන්නු කළු පාට ටී ෂර්ට් එක ගලවලා අයින් කළාම සත්සිඳුගේ ඇස් යොමු වුණේ ඒ කඩවසම් පිරිමි දේහය දිහාවට.
ඒ තත්පරේට සත්සිඳුගේ ඇස් ඒ කඩවසම් පිරිමි දේහය පුරාවටම දිව්වා. ඒ සිරුර හරි කඩවසම්. සත්සිඳුගේ හිතේ තියෙන හැඟීම් ඇවිලෙන්නත් එච්චර වෙලාවක් ගියේ නෑ.
ඒ පපුව හරියට රත්තරන් පැහැතියි. මිගාන්ගේ කඩවසම් සිරුරේ මස් පිඬු කැපිලා හැදුණු උර බාහු.. ඒ six pack.. පියයුරු.. ඒ පපුව..
හැමදේම එක්ක සත්සිඳුගේ හිත පතුලේ තියෙන අනේක විධ හැඟීම් පවා ගිනිගන්න තරම්. ඒත් එයාට ඕනි වුණේ ඒ පපුවට තුරුළු වෙලා ඉන්න විතරමයි.
" මේ පපුව ඔයාගෙනේ babybabe.. එන්නකෝ, තුරුළු වෙන්නකෝ... "
සත්සිඳු එහෙම්මම ලැජ්ජාවෙන් වගේ බිම බලාගත්තම මිගාන් ආයෙමත් එයාගේ මූණ නිකටෙන් අල්ලලා ඔසවලා බැලුවා. සත්සිඳු ඇස් දෙකේ යටි කොණින් මිගාන්ගේ ඇස් දිහා බැලුවේ හරි අහිංසක විදිහට.
" එපාද...? "
මිගාන් රහසින් වගේ ඇහුවාම සත්සිඳු දෙවරක් නොහිතාම එහෙම්මම මිගාන්ගේ පපුවට තුරුළු වුණා. ඒ නිරුවත් පපුව.. ඒ පපුව රළු දරදඬු එකක් වුනාට මොකද හරි උණුසුම්. ඊටත් වඩා ඒ පපුවෙන් එන සුවඳ..ඒක හරියට ආත්මීය ජීවන සුවඳක් වගේ.
ඒ නිරුවත් පපුව බදා ගත්තම සත්සිඳු මුහුණේ රැවුල් කොට මිගාන්ගේ පපුවෙ දැවටෙද්දි දැනෙන්නේ ඉමිහිරි කිතියක්.. ඒ කිතියත් එක්ක මිගාන්ගේ ඇඟ පුරාවටම හිරි ගඩු පිපෙන්න තරම්. ජීවිතයේ කවදාවත්ම නොවිඳපු තරම් මිහිරක් ඒක..
මිගාන්ගේ ඒ රළු පපුතුරෙහි ඕනි තරම් ගැහැණුන් සැතපිලා ඇති. ඒත් ඒ කිසිම මොහොතකදී නොදැනුනු තරම් එයාට ඒ පුංචි කොල්ලගේ උණුහුම දැනෙන්න වුණා. මිගාන් එයාගෙ රළු අත්වලින් එහෙම්මම සත්සිඳුව බදා ගත්තාම සත්සිඳු හෙමින් සීරුවට එයාගෙ තොල් පෙති ඒ රළු පපුවේ දකුණු පියයුරට ආසන්න තැනකින් තියලා පුංචිම පුංචි හාද්දක් සටහන් කළා.
එයාවත් බදාගෙනම මිගාන් එහෙම්මම ඇඳට වැටුණම සත්සිඳු තව තවත් ඒ පපුවට තුරුළු වෙලා ඒ පපුව බදා ගත්තා. මිගාන් ඇස් පියාගෙන එයාගේ නළලේ පුංචි හාදුවක් තිබ්බම ඒ තත්පරය අස්සෙම වගේ සත්සිඳු මිගාන්ගේ ගෙල පැත්තෙන් පුංචි හාදුවක් තිබ්බා.
දැනෙන උණුසුම ගැන කතා කරන්න වචන නෑ. ඒ මිහිරැතිම තැන්වල දෙතොලතර එහෙ මෙහෙ දුවද්දි දැනෙන අප්‍රමාණිත අපූර්වත්වය ගැන ඒ දෙහිතටම හිතා ගන්න බෑ.
මහ ලොකු දේවල් සිදු වුණේ නැති වුණත් ඒ ලබන ස්පර්ශය පවා වින්දනීය යි. හේතු විරහිතව දැනෙන හදවතේ තිගැස්ම සියුම් කිතියක් වගේ මුළු සර්වාංගය පුරා පැතිර යද්දි ඒ දෙන්නට ඒ දෙන්නව නැතුවම බැරි වෙන්න වුණා.
" සර්... "
" babybabe... "
" හරි රස්නෙයි... "
සත්සිඳු එයා දිහා බලන් මිමිණුවා .
" මගෙ babybabe ආසයිද.. ම්.. මගෙ පපුවට මෙහෙම තුරුළු වෙලා ඉන්න.. මුළු ජීවිත කාලේ පුරාවටම... "
" පුළුවන්.. හැමදාටම... "
මිගාන්ගේ මූණේ ඒත් එක්කම ලස්සන හිනාවක් මතු වුණා.
" ආදරෙයි කියන්න එපා.. හිතුණු දවසක් ආවොත් එදාට කියන්න.. ඔය හිත මට නොදැනෙනවා නෙවෙයි.. ඔය පපුව අස්සෙ ගැහෙන හැම හුස්මක්ම මට දැනෙනවා.. ඒ හැම හුස්මකම ඔයා ඔය වචනවලින් නොකියන ආදරේ මුහු වෙලා තියෙනවා මගෙ දරුවෝ... "
" සර්....! "
" හ්ම්.. ඔයා දන්නවද.. දවසක ඔයා මගේ වෙනවා වගේම මාත් ඔයාගෙ වෙන්න ඕනි.. එතකොට තමයි අපි අපේ වෙන්නේ.. අපි දෙන්නම husband ලා.. බලන්න babybabe , ඒ වචනෙ කොච්චර ලස්සනද.. අපි අපේ... "
මිගාන් සත්සිඳුවත් එයාගේ පපුවට තුරුළු කරගෙන අහිංසක බැල්මක් එක්ක හිනා වෙන ගමන්ම කිව්වා. සත්සිඳුට කතා කරන්න වචන එන්නෙත් නෑ. එයා උන්නේ ගොළු වෙලා වගේ. ඒත් එයා පිට කරපු උණුසුම් සුසුම් වැල් නම් දහසකුත් කතන්දර ගොන්නක්ම කියා පෑවා. සුළු මොහොතක් ඒ දෙන්නම එකම එක වචනයක්වත් කතා නොකර එහෙම්මම තුරුළු වෙලා උන්නා.
" babybabe... "
මිගාන් ආයෙමත් වතාවක් එයාගේ හඬ අවදි කළේ එතුවක් වෙලා එතන තිබුණු නිහඬතාවය බිඳ හෙලමින්.
" සර්... "
" ඔයා කැමති නම් විතරක් චුට්ටක් romantic වෙමුද..? "
මිගාන් රහසින් වගේ ඇහුවම සත්සිඳු පුංචියට හිනා වෙලා හිස සලලා හා කිව්වා. මිගානුත් හරි ලස්සනට එයත් එක්ක හිනා වුණා.
ඒ අහසේ හඳ හැංගිලා තිබුණේ හරියට ඒ දේවල් කලින්ම ඉඳන්ම දැනන් උන්නා වගේ. ඒ කාමරේ තිබුණු කහ පාට බල්බ් එළිය යට සත්සිඳු මිගාන්ගෙන් ඈත් වෙලා ඇඳේ උඩුබැලි අතට වැතිරුණාම මිගාන් හෙමින් සීරුවේ එයාගේ දෙකකුල්වල කලවා වලින් අල්ලලා දෙපසට කළා. සත්සිඳු උන්නේ එයාගේ ඇස් පියාගෙනමයි .
සත්සිඳු එහෙම ඉන්නවා දකිද්දි මිගාන්ගේ හිතත් හරියට මහ සයුර වගේ. ඒ හිතේ රැල්ල මහ වේගයෙන් හඬ නංවමින් වෙරළත සිප ගන්නවා. ගල් පරවල හැපිලා මහ සද්දෙන් නද දෙනවා. හදවතේ තිගැස්ම හරි වේගවත්.. ඒ හිත ගැහෙන්නෙ වෙනදා ගැහෙන වේගයට අනුව නම් නෙවෙයි.
තත්පර ගානක් ඇතුළේ එයාගෙ හිත අස්සෙ ඇවිලෙන ප්‍රේමණීය නුරාව වැව් ඉස්මත්තට ගොඩ වෙන මාළුවෙක් ගානට මතු වෙද්දි මිගාන් හෙමින් සීරුවේ ඇස් පියන් ඉන්න කොල්ලගේ මුහුණ දිහාවට නැඹුරු වුණා. ඒ ලා රෝස පාට තොල් පෙති කොහොමත් එයාගේ තමයි. ඒත් එයාගේ දෙතොල් පෙති ඒ මොහොතෙදි නම් වෙව්ලන්න වුණා.
මිගාන් දෙවරක් නොහිතාම ආයෙමත් එයාගේ තොල් පෙති එක්ක පැටළිලා ඒ රෝස පාට තොල් පෙති රස බලන්න වුණා. ලේ රස එනතුරුම වගේ ඒ තොල් පෙති එකිනෙක පැටළිලා තිබුණා. සත්සිඳු මිගාන්ගේ හිස කෙස් එයාගේ ඇඟිලිවලින් තද කරලා අල්ලා ගත්තා.
මිගාන් ඊළඟ තත්පරේ අස්සෙම එයාගෙ දෙතොල් පෙතිවලින් ඈත් වෙලා සත්සිඳුගේ ගෙල දිහාවට එයාගේ තොල් පෙති අරන් ගියා. සත්සිඳුගේ මූණේ සිහින් සියුම් මන්දස්මිතයක් මවමින් එයා ඒ ගෙල පුරාවටම හාදු වැස්සක් මැව්වේ සත්සිඳු එයාගෙ හිස කෙස් ඇඟිලිවලින් තද කරලා අල්ලා ගෙන ඉද්දිමයි .
" සර්..අහ්..ම්හ්... "
සත්සිඳු කෙඳිරි ගාන හඬ එක්ක මිගාන් එහෙම්මම සත්සිඳුගේ පපුව දිහාවට විත් එයාගේ nipples දෙකම ඇඟිලිවලින් පොඩි කරන්න වුණා. සත්සිඳු උන්නේ කෙඳිරි ගාමින්.
" babybabe.. my cute boy.. you are so sexy boy.. you set me on fire... "
" සර්..අහ්..ම්හ්... "
" yes babybabe.. මාව ඇවිලෙනවා දරුවෝ... "
එහෙම කිව්ව හැටියෙම මිගාන් සත්සිඳුගේ එක nipple එකක් එක්ක එයාගේ දෙතොල් පෙති පටළවන් උරන්න වුණා. සත්සිඳු ඒත් එක්කම තවත් සද්දෙන් කෙඳිරි ගාන්න වුනේ එයාගේ හිස කෙස් අල්ලා ගෙනමයි .
" සර්..ම්..ම්හ්..ම්හ්... "
" රිදෙනවද..? "
" ම්හ්.. හිරිවැටෙනවා... "
මිගාන් අනිත් අතින් එයාගේ nipple එක අල්ලන් ස්පර්ශ කරද්දි සත්සිඳුගේ ප්‍රාණය ගැහෙන ඒ ලිඟුව එයා ඇඳන් උන්නු සුදු පැහැති තුවායෙන් මතු වෙලා පේන්න වුණා. මිගාන්ට ඒක දැක්කම නම් හිනා.. ඒත් එයා එහෙම්මම ඒ දිහා නොබලා ඇස් අහකට අරන් තුවායෙන් ඒ පණ ගැහෙන ලිඟුව වහලා දැම්මා.
සත්සිඳුට ඒකට නම් ඇත්තෙන්ම ලැජ්ජා හිතුණා. එයා එයාගේ දෝතින්ම මූණ වහගත්තම මිගාන් ඒ අත් ඒ සැනින්ම අහකට කරලා ආයෙමත් ඒ ඇස් එක්ක එයාගෙ ඇස් පටළවා ගත්තා.
" ලැජ්ජ වෙන්න එපා.. මටත් එහෙම තමයි.. මටත් hard වෙලා ඉන්නේ... "
එයා ඒ ඇස්වලට එබී ගෙන මිමිණුවා .
" මං නිසාද..? "
සත්සිඳු ඇහුවේ ඇස් හීනි කරන් හරි අහිංසක විදිහට.
" හ්ම්..ඔව් ඔව්.. මේකා හින්දා තමයි... "
" ඉතින් මං මොකුත් කළේ නෑනේ... "
" මට ලාදුරු කියලා හිතුවද.. උඹට නගිනවා වගේම මටත් නගිනවා.. මෙන්න මෙහෙ වරෙන්.. තුරු සුනඛයා... "
එයා එහෙම කියලා සත්සිඳුගේ nipple එකක් යාන්තමට හපලා එයාගෙ පපුව දිගේ තොල් පෙති අරන් යන ගමන් දිවෙන් තෙත් කරන්න වුණා. සත්සිඳුගේ කෙඳිරිලි හඬ තව ටික වෙලාවක් ඒ විදිහටම තිබිලා අතුරුදන් වෙලා ගියේ මිගාන් ආයෙමත් වතාවක් එයාගෙන් ඈත් වෙලා ඇඳේ උඩුබැලි අතට වැතිරුණු නිසා. සත්සිඳු එහෙම්මම එයාගේ පපුවට තුරුළු වෙලා එයාගෙ පපුව අස්සෙ මූණ හංගා ගත්තා.
මිගාන් සත්සිඳුගේ එක් අතක් අල්ලගෙන එයාගේ ඒ අතේ පිටි අත්ල මත තොල් තියලා තෙත් කරලා ඒ අතේම දබරැඟිල්ලත්, මහපටැඟිල්ලත් එහෙම්මම එයාගෙ තොල් අතර හොවාගෙන උරන්න වුණා. සත්සිඳුගේ ඇස්වලට කඳුළක් ආවේ ඒත් එක්කමයි .
" සර්... "
" ම්... "
එයා ඒ ඇඟිලි දෙක අත් හැරලා සත්සිඳු දිහා බැලුවේ ආදරෙන්. සත්සිඳුගේ ඇස් කෙවෙනි කඳුවලින් පිරිලා අර කහ පාට බල්බ් එළියෙන් දිලිසෙනවා .
" ඔහොම කරන්න එපා.. මාව පිච්චෙනවා දෙයියනේ..මගෙ පපුවට ඔය ආදරේ දරාගන්න අමාරුයි... "
එයා කිව්වෙ ඇස් කඳුළින් බොඳ කරන්. මිගාන්ට ඕනි වුණේ ආයෙමත් පුංචි විහිළුවක් කියලා එයාව හිනා ගස්සවන්න.
" උඹ දාර්ශනික වෙන්න ඕනි නෑ.. මං දාර්ශනික වුනාම ඇති... "
" සමයම... "
සත්සිඳු එහෙම කියලා එයාගෙ පපුවට තවත් තුරුළු වුණා. ඒ පපුව හරි රස්නෙයි. පුදුමාකාර විදිහට ගැහෙනවා. සත්සිඳු දන්නවා, ඒ පපුව පුරාවටම තියෙන්නේ ආදරේ විතරමයි. ඉතින් එයා ඒ ආදරේ පිරුණු රළු පිරිමි පපුවේ nipple එකක් උඩ පුංචි kiss එකක් තියලා තවත් තදට බදා ගත්තා.
එතැන් සිට තිබුණෙම මහා ලොකු නිහඬතාවයක්. හයිලෙවල් පාරේ යන බයික් එකක හඬ ඒ දෙන්නටම ඒ මොහොතෙදී ඇහිලා නෑහිලා ගියා. ඒ මිහිරැතිම මොහොත තුළ ඒ තත්පර එයාලා හරි ආදරණීයම විදිහට ගෙවා අවසන් කළා.
මීළඟ කොටසට ...