WebNovels

Chapter 56 - 56

බයික් එකත් අරන් කුමාරතුංග මුනිදාස මාවතට වැටුණු මිගාන් අර සුපුරුදු නුග ගහ යට නවතින්නෙ නැතුව එහෙම්මම බයික් එක හැරෙව්වේ රැජින පාරට. රැජින පාර දිගේ මීටර් ගාණක් ඉස්සරහට යද්දි හම්බ වෙන Daily Lanka ප්‍රධාන කාර්යාලය.. ඒ හරිය ටිකක් පැරණි පෙනුමට තිබුණට මොකද හරි නිස්කලංක පෙනුමයි. ඒ ඉසව්වට ඒ නිස්කලංක පෙනුම ඇවිත් තිබුණෙම ඒ පැරණි පාටත් එක්ක වෙන්න ඕනි.

මිගාන් බයික් එක ටිකක් speed අඩු කරලා අරන් ගිහින් Daily Lanka newspaper එකේ ප්‍රධාන කාර්යාලය හරියෙන් චූට්ටක් විතර මෙහාට වෙන්න නතර කළා. කුමාරතුංග මුනිදාස මාවත වගේම තමයි. ඒ පැත්තෙත් තිබුණේ මහා ප්‍රෞඪ පෞරාණිකත්වයක් .

එයා බයික් එකත් නතර කරන් බලන් උන්නේ සත්සිඳු එනතුරු. එයා උන්නේ ක්ලෙයාරාගේ මරණය සම්බන්ධව ලියන article එකේ අන්තිම ටික ටයිප් කරන ගමන්. 4 වෙද්දි සාමාන්‍යයෙන් office එකේ වැඩ ඉවර කරලා බෝඩිමට යන්න පුළුවන් වුනත් හදිසින හේතුවක් ආවොත් නම් ඉතින් අඩු තරමින් 4.30 වෙනතුරුවත් එයාට office එකේ රැඳෙන්න සිද්ද වෙනවමයි.

මිගාන් බයික් එකත් නතර කරන් බලන් උන්නේ සත්සිඳු එන තුරු වුනාට මොකද එයාගේ මනසේ වැඩ කළේම අර කෝල් එක ගැන. එයා හිතුවෙම ඒ කෝල් කළේ කවුද කියලා. එයාට හිතාගන්නවත් බෑ.

සත්සිඳු article එක ටයිප් කරලා ඉවර වෙලා හෙමින් සැරේ හරි පරිස්සමට ඒ article එක ලොක්කට ඊමේල් කළා. එතනින් එහාට ඉතින් එයාගේ රාජකාරිය ඉවරයි. එතනින් එහාට තියෙන්නේ photos ගන්න එකාගේ වැඩ කොටසයි , සංස්කරණය කරන එකාගේ වැඩ කොටසයි. ගොඩක් වෙලාවට ඉතින් සංස්කරණය කරන්නෙ ලොක්කම තමයි. ඒත් ඉතින් කොල්ලා ලිව්ව article එකක ආයේ අමුතුවෙන් මොනා කියලා සංසකරණය කරන්නද.

එයා ලියන හැම article එකකම ගුණාත්මක තත්වය ගැන ලොක්කා දන්නවා. ඒවයේ ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නෑ. ඉතින් කොල්ලා ලියන හැම article එකක්ම වගේ ලොක්කා හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම මුද්‍රණයට යවනවා.

ක්ලෙයාරාගේ මරණය ගැන ලිව්ව article එකත් ලියලා ඊමේල් කරලා සත්සිඳු office එකෙන් එළියට බැස්සා. මිගාන් එයාගේ බයික් එකට වෙලා වාඩි වී ගෙනම අත් දෙකත් බැඳන් උන්නේ ලොකු කල්පනාවක නිමග්න වෙලා. සත්සිඳු office එකෙන් එළියට ඇවිත් රැජින පාරට වැටෙනවත් එක්කම වගේ දැක්කේ අර සුපුරුදු හිතුවක්කාර ගැරඬියගේ සුපුරුදු බයික් එක.

බයික් එක විතරක් නෙවෙයි ඉතින් ඒ සුපුරුදු හිතුවක්කාරයත් ඉන්නවා. එයා හෙමින් සීරුවේ මිගාන් ගාවට එද්දිත් මිගාන් උන්නේ අර ලොකුම ලොකු කල්පනාවේ. සත්සිඳු එනවා දැකලා මිගාන් හෙමින් සැරේ ඒ කල්පනාවෙන් ඈත් වෙලා කොල්ලා දිහාවට හෙළුවේ සිනා මුසු බැල්මක්.

ඒ හිනාව කොච්චර ලස්සන වුනත් මොකද කොල්ලගේ මූණේ නම් කිසිම එළියක් නෑ. එයාගෙ මූණ හරියට අඳුරු වෙලා. ඒ අඳුරු මූණ දැක්කත් හරි ගැරඬියගේ මූණේ මැවිලා තිබුණු අර ලස්සනම ලස්සන හිනාවත් ඇසිල්ලකින් අතුරුදහන් වෙලා ගියා.

" babybabe... "

එයා ළඟට එන සත්සිඳුට මිගාන් කතා කළේ ඇස් දෙකත් හීනි කරන් පුදුමයෙන් වගේ බලාගෙන.

සත්සිඳු ඇවිත් මිගාන්ගේ බයික් එක ගාවින් හිටගෙන එයාගේ මූණ දිහා බලන් උන්නේ ඇස් දෙකත් අඳුරු කරන්. එයා එකම එක වචනයක්වත් කතා කළේ නම් නෑ. ඒත් ඒ මූණේ මුවින් නොකියන නොයෙකුත් කතා ගොන්නක් හිර වෙලා තියෙන හැටි මිගාන් හොඳාකාරවම දැක්කා.

" babybabe ඇයි මේ..? "

එයා කතා කළේ එහෙම්මම බයික් එකෙන් බහින ගමන්. ඒ බැහැලා එයා කොල්ලගේ මූණ දෝතටම අරන් ඒ ඇස් දිහා බලන් උන්නේ ඇස් දෙකේ මහමෙරක් තරම් ආදරේ පුරවගෙන.

" අනේ ඇයි දරුවෝ මේ.. ඇයි මේ මූණ අඳුරු වෙලා..ම්.. ඇයි මේ කියන්නකෝ... "

" සර්... "

එයා කතා කළේ ඒ ඇස් දිහා බලාගෙනමයි .

" ම්.. tell me babybabe... "

" සර් ක්ලෙයාරා... "

" ක්ලෙයාරා...! ඇයි ක්ලෙයාරාට මොකද.. ඇයි දරුවෝ... "

" එයා නැති වෙලා සර්.... "

සත්සිඳු එහෙම්මම කියලා දැම්මා.

" what....! "

එයා සත්සිඳුගේ මූණ අල්ලගෙන උන්නු දෝත් එහෙම්මම බිමට කඩා හැලෙන්න හැරලා කම්පා වෙලා වගේ ඒ මූණ දිහා බලන් උන්නා.

" සර්..සර්... "

එයා මිගාන්ට කතා කළා වුනත් එයා කතා කරන හඬවත් මිගාන්ට නෑහුනු තරම්. එයාට දැනුනේ මුළු ලෝකයම මොහොතකට නැවතුණා වගේ හැඟීමක්.

මොන දේ සිද්ද වුණත් ඒ එයා එක් මොහොතකට හරි සයනයේ පහස විඳි ගැහැණියක් . අමාරුම තැන්වලදී එයා ක්ලෙයාරාට උදව් කළා. ඒත් එයාට විශ්වාස නෑ. දෙසවන් අදහන්නේ නැති තරම්.

මිගාන් ගල් ගැහිලා වගේ සත්සිඳුගේ මූණ දිහාම බලන් ඉද්දි සත්සිඳු එයාගේ උරහිස් දෙක උඩින් අත් දෙක තියලා එයාව හෙලෙව්වා.

" සර්..සර්... "

එයා ඒ මොහොතෙදී ආයෙත් පියවි සිහියට ආව ගාණයි. අසිහියෙන් යුතු ලෝකයක නතර වෙලා ඉඳලා පියවි සිහියට ආව එයා ආයෙමත් සත්සිඳුගේ ඇස් එක්ක මොහොතකට පැටළුනා.

" babybabe... "

මිගාන් කතා කළේ වෙව්ලන දෙතොල්වලින්. මොන තරම් දරදඬු පිරිමියෙක් වුනත් සංවේදී තැන් එයාට දරාගන්න අමාරුයි.

" babybabe.. ඔයා..ඔයා ඔය කිව්වෙ ඇත්තමද..? "

එයා දෙතොල් ගැහි ගැහී වගේ කතා කළා. ඇත්තමයි , එයාගේ මුව පවා වියළී ගිය ගානයි. ගෙල දිහාවට දාඩිය දාලා.

" ඔව් සර්.. එයා නැති වෙලා.. හැබැයි ඒක මිනී මැරුමක්... "

" what...! "

" ඔව් සර්.. එයාව කවුරු හරි මරලා... "

" කො..කොහොමද එහෙම දෙයක් වෙන්නේ.. දෙයියනේ දරුවෝ... "

" එහෙම දෙයක් වෙලා සර්.. අමාරුවෙන් හරි අපිට පිළිගන්න වෙනවා... "

" එතකොට අර කෝල් එක... "

මිගාන් ඒ වචන ටික කිව්වෙ දෙයක් මතක් වෙලා.

" කෝල් එක..! මොන කෝල් එකද සර්..? "

සත්සිඳු ඇස් දෙකත් නළලට අරන් මිගාන් දිහා බලාගෙනම ඇහුවේ පුදුමයෙන්.

" මට.. මට දැන් එද්දි කෝල් එකක් ආවා.. unknown number එකකින්.. අද රෑ news බලන්න කිව්වා... "

" මොකක්...! "

" ඔව්... "

" එතකොට....? "

" එතකොට.. ඒ කතා කළේ ක්ලෙයාරාගේ මිනී මරුවද..? "

මිගාන් ඇහුවේ හරියට එයාගෙන්ම ප්‍රශ්න කරන්න වගේ. සත්සිඳුගේ ඇස් දෙකතවත් උඩ ගිහින්. එයාට නම් මේ මොකුත්ම හිතාගන්න බෑ. එයා එහෙම්මම මිගාන්ගේ අත් දෙක අල්ල ගත්තා.

" ඒත්.. ඒත් ඇයි සර්ට කෝල් කරලා කියන්නේ..? "

සත්සිඳු අහද්දි මිගාන්ගේ ඇස් දෙකෙත් පිරුණේ පුදුම සහගත බැල්මක්. ඒ දෙන්නගෙ අතර තිබුණු එකම බැඳීම වුණේ අර අනියම් ප්‍රේමය විතරමයි. ඕනිම කෙනෙක් ක්ලෙයාරාගේ මරණය ගැන එයාට නොකියා කියනවා නම් ඒ අර අනියම් ප්‍රේමය ගැන දන්න කෙනෙක් විතරමයි.

ඒත් ඒ ගැන දන්නේ කීයෙන් කී දෙනාද.. ඒකත් හරි.. ක්ලෙයාරා මරණයට පත් වෙන්න හේතුව වුණේ එයා එක්ක තිබ්බ ඒ සම්බන්ධයද.. එයාට හිතාගන්නවත් බෑ.

එයාට ඒ මොහොතෙදි සැක හිතුණෙම ශේන්ව. ශේන් සල්ගාදු ඒ දේ කරන්න ඇති කියලමයි එයාගේ හිත කිව්වෙ.

ඒත් ඇයි ශේන් සල්ගාදු ක්ලෙයාරා තොම්සන් ව මරන්නේ.. ප්‍රශ්න පිට ප්‍රශ්න. ක්ලෙයාරා එක්ක එයාගේ තිබ්බ අනියම් ප්‍රේමය ඇති වුණේ ක්ලෙයාරාගේ husband වුණු දේවන් පලිහවඩන රට ගියාට පස්සේ.

එයා රට ගියත් හරි ක්ලෙයාරා තොම්සන් එක්ක තිබුණු හැම බැඳීමක්ම වගේ අත් හැරලා දාලා වගේ හිටියේ. එතකොට ක්ලෙයාරාගේ මරණය.. ඒ මිනීමැරුම කළේ කවුද.. මිගාන්ට නම් දැන් ප්‍රශ්න පිට ප්‍රශ්න ගොඩයි.

මිගාන් එහෙම්මම සත්සිඳුගේ මූණ ආයෙමත් එයාගේ දෝතට ගත්තා.

" හිතාගන්න බෑ.. මොකක්ම හරි සාධාරණ හේතුවක් ඇති.. එක්කො ක්ලෙයාරා එක්ක තියෙන වෛරයක්.. එහෙමත් නැත්නම් මාත් එක්ක තියෙන වෛරයක්.. දේවන් රට ගියාට පස්සෙයි අපි affair එකක් පටන් ගත්තේ.. ඉතින් දේවන් මේක ගැන දැනගන්න විදිහක් නෑ.. එයා රට ගියාට පස්සෙ ක්ලෙයාරා ගැන හොයලා බැලුවේ නෑ.. ඒකෙන් ක්ලෙයාරා මට ගොඩාක් කිට්ටු වුණා.. මට සැක ශේන්ව.. ඒත් ඌ එහෙම දෙයක් කරන්නේ ඇයි.. ඌ පලිගන්නව නම් පලිගන්නෙ මගෙන්.. මට මේක මහා විකාරයක් දරුවෝ... "

එයා ඒ මූණ දෝතටම අරන් ඒ ඇස් දිහා බලාගෙනම කියලා ලොකු හුස්මකුත් ගත්තා. ආයෙමත් එයා පැටළුනේ ඒ ඇස් එක්ක.

" babybabe.. මේ අහන්න, ඒ කෙනා කවුරු වුණත් වෛර බැඳන් ඉන්නෙ මාත් එක්ක නම් ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න මගෙ දරුවෝ.. මගෙ පණ ටික ඔයා.. මගෙ හුස්ම ඔයා.. පරිස්සම් වෙන්න මගෙ දරුවෝ.. ගොඩක් පරිස්සම් වෙන්න.. මට පුළුවන් උපරිමයෙන් මං ඔයාව පරිස්සම් කරනවා මගෙ වතුසුදු මල.. පොඩි වෙන්න දෙන්නෑ මං... "

සත්සිඳු මොකුත්ම කිව්වෙ නෑ. ඒ ඇස් දිහා බලාගත්වනම හිටියා විතරයි.

" අපි යමු... "

එයා එහෙම කියලා තව එකම එක මොහොතක්වත් එතන නොරැඳෙන්න තීරණය කරලා බයික් එකට නැගලා බයික් එකත් start කරගෙන අනිත් පැත්තට හැරුණා.

" එන්න... "

එයා එහෙම කිව්වම සත්සිඳු ඉක්මනටම එයාගේ බයික් එකට නැග්ගේ උරහිසේ එල්ලිලා. එයා සත්සිඳුවත් බයික් එකේ නග්ග ගෙන රැජින පාරෙන් ඇවිත් කුමාරතුංග මුනිදාස මාවත හරහා බයික් එක ride කරන් යන්න වුණා.

සත්සිඳු මිගානුත් අතර එතැන් සිට එකම එක වචනයක්වත් හුවමාරු නොවුණු තරම්. සත්සිඳු එයාගේ උරහිසේ එල්ලිලාම උන්නා. කොළඹ අහස යට පැතිරිලා තියෙන අඳුර.. වෙනදා වගේ නෙවෙයි ඒ අඳුර හරි මූසල පාටයි.

අර වෙනදා දැල්වෙන විදුලි පහන් කණුවල සුපුරුදු විදිහටම එළි දැල්වෙනවා. ගොඩනැගිලිවල හතර අතම එළි දැල්වෙනවා. ඒත් ඒ ආලෝකය හරියට පාළු පාටයි. අඳුරත් එක්ක මුහු වුණු තවත් අඳුරක් වගේ.

සත්සිඳුගේ මුළු හිතම නිකන් පාළුවට ගිහින් වගේ. එයාගේ හිතට දැනුනේ ලොකු බියක්. එයාට දැනෙන්න වුණේම ඊළඟ බිල්ල එයා වගේ හැඟීමක්. සත්සිඳු හෙමින් සීරුවේ ඒ බියත් එක්කම මිගාන්ගේ උරහිස් දෙක තවත් තද කරලා අල්ල ගත්තා.

මිගාන්ට ඒ තද ස්පර්ශය නම් හොඳටෝම දැනුනා. එයා බයික් එක ride කළෙත් සුපුරුදු වේගයෙන් වෙද්දි කවදාවත්ම නැතුව සත්සිඳු එච්චර තදට ඒ උරහිස් දෙක අල්ල ගත්තු එක මිගාන්ට හරි ප්‍රශ්නයක් වුණා.

එයා හෙමින් සීරුවේ අර බයික් එක ride කරන් ආව speed එක slow කරලා හෙමින් සැරේ ride කරන්න වුණා.

" ඇයි දරුවෝ...? "

Full face හෙල්මට් එක දාගෙන උන්නට මොකද එයා කතා කරන දේවල් සත්සිඳුට හොඳටම ඇහෙනවා.

එයා වචනයක්වත් කතා නොකර ඒ උරහිසට එහෙම්මම ඔළුව තියාගත්තේ එයාගේ බඩ පෙදෙසින් බදා ගන්න ගමන්.

" babybabe.. අනේ ඇයි මගෙ දරුවෝ..? "

එයා බයික් එක ride කරන ගමන්ම සත්සිඳුගෙන් ඇහුවා. එයාගේ මොකක්දෝ මහා ලොකූ වෙනසක් තියෙන බව මිගාන්ට තේරුණා.

" මට බයයි සර්... "

එයා එක් වරම වගේ කිව්වෙ බිඳුණු හඬකින්.

" babybabe.. මේ අහගන්න.. ඔයාට කරදරයක් කරන්න කාටවත්ම බෑ.. හරිද.. ඔයාට දෙයක් වුනොත් මං ඌ කවුරු වුණත් මේ ලෝකේ ජීවත් වෙන්න ඉඩ තියන්නෑ.. මං ඌවත් මරාගෙන මාත් මැරෙනවා.. ඒත් එහෙම දෙයක් වෙන්න මං කවදාවත්ම ඉඩ තියන්නෑ.. මගෙ හුස්ම ටික යනකන් මං පරිස්සම් කරනවා.. ඔයාට කරදරයක් කරනවා නම්, මොන පකයෙක් වුනත් ඌට ඉස්සෙල්ලාම මරන්න වෙන්නෙ මාව.. මං ඔයාව පරිස්සම් කරනවා babybabe.. මං ඔයාව පරිස්සම් කරනවා.. බයවෙන්න මගෙ පණ, මං ඉන්නවනේ... "

එයා එහෙම කියද්දි නම් සත්සිඳුට දැනෙන්නේ පුදුමාකාර ආරක්ෂාවක්. එයා ඒ උරහිසට හිස තියාගෙනම ඇස් පියා ගත්තේ ඒ ආරක්ෂාව හොඳටම දැනුනු නිසාවෙන්. ඒ පරිස්සමට ටිකෙන් ටික ලෝභ කරන්න වෙන එයාගෙ හිත තිගැස්සෙනවා . ඒ තිගැස්මත් එක්ක සත්සිඳු තව තවත් එයාගේ බඩ පෙදෙසින් තද කරලා අල්ලගෙන එයාට ගුලි වෙන්න වුණා.

ගිනි වේගෙන් ලෑල්ලට පාගලා යන බයික් එක යන්නේ හුළං පාරවල් කපාගෙන. ඒ හුළං පාරවල් ඇඟේ දැවටෙද්දි හරි සීතලයි. ඒ හින්දමදෝ මන්දා සත්සිඳු එයාව තවත් තද කරලා එයාට ගුලි වෙන්න වුණා. මිගාන් එක තත්පරේකට side mirror එකෙන් සත්සිඳු දිහා බලලා අහිංසක විදිහේ හිනාවක් දැම්මා. ඒ හිනාව ඇතුළේ තිබුණේ ආදරයක් වගේම එයාව පරිස්සම් කරනාවය කියන හැඟීමක්..

පාර දෙපැත්තේ මොන තරම් විදුලි පහන් කණුවල එළි දැල්වෙනවා වුනත් මොකද ඒ හිත අස්සෙ තිබුණු බිය නම් එහෙම්මමයි . යාන්තමට හරි බියක් කියලා දෙයක් නැති වෙන්නෙම ගැරඬියා ගාවට වෙලා එහෙම ඉද්දි විතරමයි. දහවලට ඒ කොළඹ අහස යට සුවිසල් ගොඩනැගිලි , අහස සිසාරා නැගී වැජඹෙන නෙළුම් කුළුණ හරි හරියට දිලිසෙනවා. රෑට කියලත් වෙනසක් නෑ. දහවලට වගේම රෑටත් ඒ කොළඹ නගරය වර්ණවත් වෙලා බබළනවා. ඒත් ඒ හිත අස්ස නම් මොහොතින් මොහොතට දැල්වෙමින් නිවෙන්න වුණා.

මිගාන්ගේ තුරුළට වෙලා ගෙවන ඒ නිමේෂය හැරෙන්න එයා තනිවම ගෙවන නිමේෂයන් ගැන එයාට දැනුනේ ලොකු බියක්. කුමාරතුංග මුනිදාස මාවතේ ඉඳන් තුම්මුල්ල, කිරුළපන හරහා ඇවිත් පන්නිපිටිය කිට්ටු වෙන තුරුත් සත්සිඳු උන්නේ මිගාන්ට තුරුළු වෙලා වගේ.

එයා එහෙම උන්නේ සිතා මතා නෙවෙයි , එයාට දැනෙන්න අරන් තිබුණු අර බිය නිසා. ඒ නිසාම එයා එහෙම්මම ගුලි වෙලා උන්නා. එයා එහෙම ගුලි වෙලා තුරුළු වෙලා ඉද්දි නම් ඉතින් මිගාන්ගේ හිතත් පිරෙනවා.

' පව් මගෙ අහිංසකයා.. හොඳටම බය වෙලාද කොහෙද... '

එයා දිහා ආයෙමත් වතාවක් side mirror එකෙන් බලල ගැරඬියා හිතුවේ එහෙම. පන්නිපිටියට ඇවිත් ශ්‍රී සුමංගල මාවතට බයික් එක හරවද්දියි සත්සිඳු හිස ඔසවලා බැලුවේ. එතකන්ම එයා උන්නේ මිගාන්ගේ උරහිසේ හිස තියන්.

" ඇයි දරුවෝ.. අමාරු නම් ඔහොමම ඉන්න... "

එයා බයික් එක ride කරන ගමන්ම කිව්වා. ඒත් එයා ආයෙමත් හිස තියාගත්තේ නෑ. එයා ඒ අඳුර මැද්දෙන් ඇදෙන බයික් එකේ යද්දි සමහර අන්ධකාරය දැඩිව පැතිරුණු පාළු තැන් දිහා බැලුවේ හිත අස්සේ තියෙන ලොකු බයකින්. වෙනදා ඒ පාරෙම අනන්තවත් තනියෙන් ගිහින් තිබුණා වුණත් එයාට ඒ මොහොතෙදී දැනුනේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් බයක්.

ශ්‍රී සුමංගල මාවතේ මහ ලොකු පාළු තැන් නැති වුණත් තැන් කිහිපයක් නම් ටිකක් පාළු පාටයි. ශ්‍රී සුමංගල මාවත දිගේ ඇවිත් බෝඩිම ගාවින් නතර වුණු බයික් එක මොහොතක් start එකේම තිබුණා. එයා බයික් එක නවත්තලා තිබුණත් සත්සිඳු නම් බයික් එකෙන් බැස්සෙ නෑ. එයා මිගාන්ව තදින් බදාගෙනම උන්නා.

" අපි ආවා... "

" මට බයයි... "

සත්සිඳු කිව්වේ හරියට ඉකිබිඳින්න වගේ. ඔව්, ඒ හඬේ ගැබ් වෙලා තිබුණේ ඉකි බිඳින ස්වරයක්..

මිගාන් එහෙම්මම හෙල්මට් එක ගලවලා යාන්තමට හිස හරවලා පිටිපස්ස බැලුවා.

" මං කිව්වනේ.. බයවෙන්න එපා.. මොන දේ වුනත් මං ඉන්නවා, හරිද.. "

" හ්ම්... "

" කෝ දැන් යමු.. මාත් එන්නම්... "

එයා කිව්වෙ සත්සිඳුගේ room එකට එනවා කියලද. ඔව් ඔව් ඔව්.. එයා කිව්වෙ එහෙම තමයි. කොල්ලා එහෙම්මම හිනා වෙලා මිගාන්ගේ බයික් එකෙන් බැස්සේ එයාගේ උරහිස් දෙකත් අල්ලගෙනමයි . එයා බැහැලා එල්ලගෙන උන්නු side bag එකත් එක අතකින් එල්ලා ගත්තා. මිගානුත් බයික් එකෙන් බැහැලා කොල්ලගේ අතකින් අල්ලගත්තම කොල්ලා බැලුවේ මිගාන්ගේ මූණ දිහා.

අඩි හයකුත් අඟල් දෙකක් විතර උස ගැරඬියා කොල්ලට වඩා ටිකක් උසයි. ටිකක් කියන්නෙ ටිකක්. ගොඩක් නෙවෙයි. උපරිම වුණොත් අඟල් හයක් විතර ඇති. සත්සිඳු මිගාන් දිහා බලන් උන්නේ ඇස් ඒ ඇස් එක්ක පටළවගෙනමයි.

" යමු... "

මිගාන් එහෙම කියලා කොල්ලගේ අතකින් අල්ලගෙනම ඉස්සර වුණා. එයා කොල්ලගේ කාමරේ කොයිකද කියලා දන්නවනේ. ඉතින් එයා ඉස්සර වෙලා යද්දි ඒ අතේ එල්ලිලා සත්සිඳු ගියේ පිටිපස්සෙන් . පිටිපස්සෙන් යන ගමන් සත්සිඳු බලන් ගියේ ඉස්සරහින් යන ගැරඬියා දිහා. ඇත්තමයි , එයා දිහා බලන් යද්දි සත්සිඳුගේ ඇස්වල තිබුණේ පුදුමාකාර ආදරයක්. ඒත් එක්කම ලොකු බලාපොරොත්තුවක් .

ඇත්තෙන්ම ඒ ඇස් මිගාන් ඒ මොහොතෙදි දැක්කා නම් බදාගෙන ඒ ඇස් දෙකම සිප ගන්නවා සත්තයි. වචනයෙන් නොකියූ ඒ ආදරය ඒ ඇස්වල හරි අපූරුවට ලියවිලා තිබුණා.

ඒ ඇස්වල තිබුණු ඒ ආදරේ හරියට හින්දුස්ථානී තාල රටාවක් වගේ. ඒ තරම්ම මියුරු පෙනුමැතියි. එයා හෙමින් සැරේ සත්සිඳුගේ අතින් අල්ලා ගෙනම ඒ කාමරේ දොරකඩට ගියා. ඒ ගිහින් එයා ඒ අත අල්ලා ගෙනම සත්සිඳු දිහාවට හැරිලා එයාගේ මූණ දිහා බැලුවා. සත්සිඳු බලන් උන්නෙත් ඒ මූණ දිහා.

" කෝ key එක...? "

මිගාන් ඇහුවේ ඒ මූණ දිහා බලන්. ඒ ඇස් දිහා බලන් ඉද්දි කියන්න යන දේවලුත් සත්සිඳුට අමතක වෙන බව නම් හැබෑවක් . එයා මොකුත් නොකියම බලන් උන්නේ ඒ ඇස් දිහාමයි.

" key එක... "

මිගාන් ආයෙමත් වතාවක් ඇහුවේ කලින් සැරේට වඩා ටිකක් හඬ උස් කරලා. සත්සිඳු ඒ බැල්මෙන් මිදුණේ තිගැස්සිලා ගිහින්. එයත් , එයාගේ හදවතත් තිගැස්සුණු ඒ මොහොතෙදි සත්සිඳු මොහොතකට ඇස් අහකට අරන් එයා එල්ලගෙන උන්නු side bag එකේ පුංචි පොකට් එක විවර කරලා දොරේ යතුර අරන් මිගාන්ගේ අතින් තිබ්බා.

ඒ තිබ්බට පස්සෙ යතුර අතට ගත්තු මිගාන් දොර විවර කළේ දැඩි ආයාසයකින් තොරව. හෙමින් සැරේ දොර විවර කරපු මිගාන් key එක ආපහු එයාගෙ අතට අරන් කාමරයට ගොඩ වුණේ ආපහු සත්සිඳුට අත දිගු කරන ගමන්.

සත්සිඳු ඒ මූණ දිහා බලාගෙනම එයාට අත දුන්නම මිගාන් ඒ අත තද කරලා අල්ලා ගත්තා. සත්සිඳු ඒත් එක්කමයි කාමරයට ගොඩ වුණේ. එයා කාමරයට ගොඩ වෙලා එතන බිත්තියේ තිබුණු switch එක on කළාම ඒ කාමරය පුරාවටම දැල්වුණේ කහ පාට බල්බ් එළියක්..

ඒ එළියත් එක්කම වගේ මිගාන්ගේ ඇස් මානයට යොමු වුණේ පිළිවෙලට හදලා තිබුණු පුංචි single ඇඳක්.. පිළිවෙලට අසුරලා තිබුණු පොත් මේසයක්.. ඒ මේසයේ එක් කොණක ටිකක් අවුල් වෙලා එහෙ මෙහෙ විසිරිලා තියෙන ෆයිල් ටිකක්.. කබඩ් එකක්.. පුංචි රෙදි රැක් එකක්..

එතනින් එහා පැත්තේ පුංචි කෙටි බිත්තියක්. බැලූ බැල්මට මිගාන් හිතා ගත්තෙම ඒ එයාගේ kitchen එක කියලා.. කාමරේ නම් හරි පිළිවෙලයි. බිත්ති ඔරලෝසුවේ තත්පර කටුව රැව් දෙන්නේ ටික් ටික් හඬ නංවමින්.

ඒ කාමරේ පුරාවටම හරි අමුතු විදිහේ පිළිවෙලක් වගේම මොකක්දෝ අපිළිවෙලකුත් තිබුණා. ඒ පිළිවෙලත් අපිළිවෙලත් දෙකම එකට එක්කාසු වෙලා තමයි මිගාන්ගේ හිත ඇඳ බැඳ ගත්තේ.. එයා ඒ කාමරේ දිහා බලන් උන්නේ හරි ආසාවෙන්.

" එන්න සර්.. වාඩි වෙන්න... "

සත්සිඳු එයා එල්ලන් උන්නු side bag එක ඇඳට දාලා එයාගේ මේසය ගාව තිබුණු පුටුව ඇදලා අර තිබ්බේ මිගාන්ට වාඩි වෙන්න. ඒත් මිගාන් ඒ පුටුව දිහා බලන්නෙවත් නැතුව එහෙම්මම වාඩි වුණේ එයාගේ ඇඳ උඩින්.

" මෙහෙම හොඳයි... "

මිගාන් කිව්වෙ ඇඳේ වාඩි වෙන ගමන්මයි. සත්සිඳු ඒ දිහා බලන් උන්නේ පුදුම වෙලා වගේ. ඒ වෙද්දිත් room එකේ දොර වහලා නොතිබුණු නිසා සත්සිඳු දොර වහලා ඇවිත් ආයෙමත් අර මේසයට හේත්තු වෙලා මිගාන් දිහා බලන් ඉන්න වුණා.

" මට ඉතින් මහ ලොකු දේවල් නෑ සර්.. මේ තමයි මගෙ සැනසීම තියෙන තැන.. මේ තැන පුංචියි තමයි..ඒ වුණත් මං මෙතනට හරි ආසයි සර්... "

එයා එහෙම කියද්දි මිගාන් ඒ ඇස් දිහා බලන් උන්නේ මූණේ පිරුණු හරි ලස්සන හිනාවකුත් එක්කමයි. එයා ඒ මූණ දිහා බලාගෙනම උන්නා.

" babybabe.... "

මිගාන් කතා කළාම සත්සිඳු බැලුවේ අහිංසක විදිහට.

" මෙහෙ එන්නකෝ... "

සත්සිඳු දිහා බලන් මිගාන් එහෙම කතා කරද්දි සත්සිඳු එතන table එක ගාව ඉඳන් හෙමින් හෙමින් මිගාන් වාඩි වෙලා උන්නු ඒ ඇඳ ගාවට ආවේ හිතේ දෙගිඩියාවෙන් වගේ.

එයා එහෙම්මම ඇවිත් මිගාන් ගාවින් වාඩි වුනාම මිගාන් එයාගේ කර වටේ අතක් දාලා එයාව ටිකක් ළං කර ගත්තා. සත්සිඳුට නම් ඇත්තෙන්ම හරි පුදුමයි. ඒත් ඒ හිත.. ඒ හිත එයාට ළං වෙලා ඉද්දි පුංචිම පුංචි තිගැස්මක් එක්ක ඒ විඳින මිහිර නම් හරි අපූර්ව යි.

" මේ අහන්නකෝ.. ඔයා දන්නවද.. සතුට තියෙන තැන ලොකුයිද පුංචියිද කියලා අදාළ නෑ දරුවෝ.. අදාළ වෙන්නේ සතුට විතරයි.. හිනා වෙලා අවංක හිතින් ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එතනයි වැදගත්ම.. ඉතින් මෙතන එහෙම තැනක්.. කවදාවත්ම මේ ගැන එහෙම අවතක්සේරුවකින් හිතන්න එපා ,හරිද.. මෙතන හරි නිදහස්.. මේ නිදහස විඳින්න දරුවෝ.. මේ පිළිවෙල දිහාම බලන්නකෝ... "

මිගාන්ගේ ඇස් ඒත් එක්කම ඒ තත්පරේට මුළු කාමරේ පුරාවටම දුවලා ඊලඟ තත්පරේදි ආයෙමත් යොමු වුණේ සත්සිඳුගේ මූණ දිහාවට. සත්සිඳුගේ ඇස් දෙකේ බැල්ම හරියට එයාගේ ඒ කතාවට ඇහුම් කන් දෙන ස්වරූපයෙන්ම පිහිටලා තිබුණා.

" මේ පිළිවෙල කොච්චර වටිනවද බලන්න.. මෙහෙම ලස්සනට මේ room එක තියන් ඉන්න පුළුවන් කියලා කියන්නෙම ඔයා පිළිවෙල කියන දේ අතින් හරි සාර්ථකයි.. කවදා හරි දවසක family life එකක් ගත කරද්දි වුණත් ඔයා කොයි තරම් ලස්සනට ඒ දේවල් manage කරයිද කියලා මේ තියෙන පිළිවෙලින්ම තේරෙනවා... "

" ඇත්තමද..? "

" හ්ම්.. family life එකක් කියන්නෙ ඉතින් කවදා හරි දවසක අර ගැරඬියගේ ගෙදරනේ ඔයා ජීවත් වෙන්න ඕනි.. හැබැයි ඔයාට කියන්න ඒ ගැරඬියගේ නම් කිසිම පිළිවෙලක් නෑ හොඳේ.. room එක විතරක් නෙවෙයි ඉතින් මේ ගැරඬියගේ ජීවිතෙත් කිසිම පිළිවෙලක් නෑ.. අමුතුවෙන්ම හදලා ගන්න වෙයි.. ඔයාට කියන්න බාබු අන්කල්ට පිං සිද්ද වෙන්න ගේ නම් පුදුම ලස්සනට තියෙනවා.. එයා හැම තිස්සෙම වගේ room එක අතු ගාලා කරලා පිළිවෙලට හදලා තියනවා.. ඒ වුණාට මට හරියකට පිළිවෙලට තියන් ඉන්න බෑ.. අනේ මන්දා... "

මිගාන් කිව්වෙ හිනා වෙවී.

" ඒවා මං හදලා ගන්නම්කෝ... "

සත්සිඳු දඟකාර විදිහට කියද්දි නම් මිගාන් එයාගේ මූණ දිහා හරි අමුතු විදිහකට බැලුවා. සත්සිඳු කිසිම අමුත්තක් නොපෙන්වා එහෙම්මම එතනින් නැඟිටලා දඟකාර විදිහේ හිනාවක් දාලා රෙදි රැක් ගාවට ගිහින් ටවල් එකක් අතට ගත්තා.

" මට හරියටම පැය භාගයක් දෙනවද.. මං ඉක්මනට wash එකක් දාගෙන එන්නම්.. දොයිමතයි නම් ඇඳේ දොයිය ගන්න.. මං ඇවිත් ඇහැරවන්නම්... "

එයා අර සුපුරුදු දඟකාර විදිහටම කිව්වා.

" හ්ම්.. ඉක්මනට ගිහින් එන්න.. මං රෑ වෙලා funeral එක පැත්තෙ යන්නත් ඕනි... "

" බය කරන්න එපා.. මං හොල්මන්වලට බයයි... "

එයා කිව්වෙ තොල් දෙකත් පෙරළගෙන. මිගාන්ට එහෙම්මම හිනා ගියේ ඒ මූණ දැකලා.

" හරි හරි, මං ඉන්නවනේ.. ගිහින් wash එකක් දාගෙන එන්න... "

මිගාන් එහෙම කියද්දිමයි සත්සිඳු shoes දෙකත් ගලවලා දාලා kitchen එක හරහා bathroom එකට ගියේ. එයා ඇස් මානයෙන් නික්ම යන තුරුම හරි ලස්සනම ලස්සන හිනාවක් මූණේ පුරවගෙන ඉඳපු මිගාන් එහෙම්මම ඇඳේ උඩුබැලි අතට වැතිරිලා අර සිවිලිම දිහාවට එයාගේ ඇස් යොමු කර ගත්තා.

මීළඟ කොටසට ...

More Chapters