WebNovels

Chapter 8 - 08

අප්පු..ච්චියෝ....

ඕ මැනික...

අම්..මි...අම්මියා කෝත....

අම්මියද...

ඕ....අම්මියා කෝත....

අම්මියා ගියානෙ බෙයියා ගේන්න..

මං ලමයව අරන් ආවා...කිව්වත් වගෙ උන් මගෙ කොල්ලගෙන් අම්මා කෝ කිය කිය අහනවා....

ඇත්තටම මං දැක්ක දෙයක් මේ අමුතු ඇටේ ඉන්න මිනිස්සු දන්නෙම හිත් රිදවන්න ...

අම්මවයි ලමයවයි තාත්තා දාලා ගියහම අහනවා තාත්තා කෝ කියලා ...මට කියපල්ලා එහෙම ඇහුවම අර ලමයා කොයි තරම් අසරනද...නොතේරෙන එකෙක් නම් අම්මගෙන් ගිහින් අහනවා අම්මෙ තාත්තා කෝකියලා...එතකොට ඒ ගෑනි....ඒ අම්මා අමාරුවෙන් හදා ගත්තු හිත ලමයගෙ ප්‍රශ්නෙ ඉස්සරහා ආයම පෑරෙනවා නේද ...

අම්මා දාල ගිහින් නම් ඒත් අහනවා අම්මා කෝ කියලා...

ඉන්න ලමයට පස්සෙ තව ලමයෙක් හම්ව උනහම කියනවා දැන් ඉතින් අම්මා ඔයාට ආදරෙ නෑ නංගි බබාට ආදරේ කියලා...නැත්තන් කියනවා අම්මාදැන් ඉතින් ආදරේ මල්ලි බබාට කියලා

ඇයි.....

මං අහන්නෙ ඇයි...ඇයි දෙයියනේ..ඇයි..මිනිස්සු ඔය තරම් රිදවන්නෙ....පැත්තක ඉදන් තව කතා හදන්නෙ...

උන් එහෙම අහපුවාම පුංචි හිත් කොච්චර තැලෙනවද ...අම්මියේ...අම්මියේ ගගා උන්න ලමයා අවසානෙදි ආයම සෙල්ලම්.බෝලයක් පස්සෙ යනකොට මේ ගෑනු ඇයි මගෙ කොල්ලව ලගට අඩගහගන කෝ අම්මා කියලා අහන්නෙ....

කොල්ලා මගෙන් අහනවා...අම්මා කෝ කියලා...දැන් ඉතින් තොපිම උත්තර දීපියව් .....

මට කෑ ගහන්න හිතුනා....දැන් ඉතින් තොපිම උත්තර දීපියව් කියලා ....

මට කෑ ගහලා කියන්න හිතුනා අඩන්න ඉන්න ඇහැට ඔය තරම් ඇගිල්ලෙන් අනින්න එපා කියලා මට කියන්න හිතුනා වේලිගන එන තුවාල කබලා ගලව ගලව ආය පාරවන්න එපා කියලා .....

මගෙ කොල්ලා දැන් අහනවා අම්මා කෝ කියලා...මම කොහොමද දෙයියනෙ කියන්නෙ මගෙ පුතේ උඹේ අම්මා ආයම එන්නෙ නැහැයි කියලා .....

මම කොහොමද කියන්නෙ ආයම උඹට අම්මා කුක්කු නැහැයි කියලා ...

පකෙ ලන්කාවෙ මිනිස්සු හැමදාම එක තැන.....මුන් දන්නෙම මිනිස්සු රිදවන්න.....

"ශිවන්..."

මම උන්නෙ දත් මිටි කාගන....අත මිටිමොලවගන.....මගෙ දරුවා අහනවා අම්මා කෝ කිය කිය..අම්මා කෝ කියලා අහන වාරයක් ගානෙම මට මතක් වෙන්නෙ අම්මා මැරිලා කියලා ...ඒ ගෑනි මේ ලෝකෙ කොහේවත් නෑ කියන දුක මගෙ ඇස් පනාපිට මැරිලා ගිය හැටි ආය ආයම මතක් කරනකොට මට මොන තරම් වේදනයිද ....

ඇයි අග්නී.....ඇයි ඒ....රිදෙන බව දැන දැන....ආයම රිදවන්නෙ.....ඇයි උන් එච්චර රිදවන්නෙ....මට රිදෙනවා අග්නී....මට රිදෙනවා...මට එතනට ගිහින් කෑ ගහලා කියන්න හිතෙනවා උඹලා ඔක්කොම පලයල්ලා මටයි මගෙ දරුවටයි ඉන්න දීලා පලයල්ලා කියලා ....ඒත්....ඒත් මගුලකට ආව මිනිහෙක් එලෙව්වත්...මරනයක් උන ගෙදරකට ආව මිනිහෙක් මට එලවන්න බෑඅග්නී ...මං මේ කොලුවට මොනවද කියන්නෙ අග්නී...අනේ කියපන්කො....

මම කදුලු පුරවන් අඩ අඩ කියවන එක දිහා මගෙ කොල්ලා ඇස් දෙක ලොකූ කරන් මා දිහා බලන් උන්නා...අනේ මගෙ දරු පැටියා ඉකි ගහනවා....අප්පුච්චියේ ගාලා කතා නොකෙරුවත් ඉකිගහනවා...ඒ පොඩි පපුව ගැහෙනවා...

අප්පු....ච්චියෝ....

ඇයි මගෙ රත්තරනේ...

අම්මියා...කෝත...අම්මියා....බයිය....පුතා...කරන්න...අම්මියා...

මගෙ පුතාව අප්පච්චි බයිය පුතා කරවන්නද... ...

අපානෙ.....බයිය...පුතා ...කරන්න.....

අම්මියනෙ....

මගෙ ඇස් වල ආය ආයම කදුලු පිරුනා...මගෙ ලමයා නිදා ගන්න අම්මව ඉල්ලන්වා...අම්මව ඉල්ලනවා කියන්නෙ ඊලග තත්පරේදි කිරි හොයනවා..මගෙ ඔලුව පුපුරන්න වගේ..මගෙ ඔලුව කෑලි කෑලි වලට කැඩිලා යන්න වගේ....

" ගිහින් කිරි එකක් හදන් එන්න...."

එයා මගෙ උරහිසට ඒ සීතල අත තියලා කිරි එකක් හදන් එන්න කිව්වා.....ඒ කටහඩ පවා අද සංවේදි වෙලා තිබුනා...එයාගෙ ඇස් පවා කදුලු වලින් පිරිලා තිබුනා

මං දැක්කා...ජීවිතේ පලවෙනිම පාරට යකෙක් අඩනවා මං දැක්කා..... ..ජීවිතෙ පලවෙනි පාරටම යකෙක් සන්වේදි වෙනවා දැක්කා....ජීවිතේ පලවෙනි පාරට මගෙ කදුලු යකෙක්ගෙ උරහක් තෙමුවා..

" යමන් මැනික...කෙලිම්ම කුසියට පලයන් ....එකා දෙන්නා උඹව මග නවත්තන් ආය උඹේ තුවාලෙ පෑරුවෝතින් උඹට යක්කු ගහනවා ඇස් දෙකෙම්ම බලන්න පුලුවන් වෙයි...."

මැනික....එයා මට මැනික කිව්ව...මට ඒ වචන වල තිබුනෙ වේදනාවක්...මන අඩනවා මගෙ දරුවා අඩනවා බලන් ඉන්න බැහැයි කියන දේ විතරක් මට දැනෙනකොට මම යන්න හැරුනත් එයා ආයම මාව ඇදලා ගත්තා....

ඇයි .....

" අම්මගෙන් කොලුවගෙ වෙලාපත්කඩේ ඉල්ලගනින්....."

වෙලාපත්කඩේ....

" ඔව්.....ඉල්ලගනින්...ඉල්ලගන බන්ඩාර ගුරුන්වහන්සෙ ගාවට පලයන්....ගිහින් ආයම බලවපන්...උඹගෙ ගෑනි මැරෙනවා කියන එක මගෙ හිත කිව්වත්....මට මේකව මරෙන්න අරින්න බෑ...ඉල්ලගනින් වෙල පත්කඩෙ...."

හා..මං ඉල්ලගන්නම්...

ඇත්ත මට මේකවත් නැති උනොත් නම් අමු පිස්සෙක් වෙයි....අනේ දෙයියනේ මේ මූන පොඩිත්ත බල බල මැරෙන්න අරින්නෙ කොහොමද.... ...මට බෑ..මාව පිස්සෙක් වෙයි..මාව පිස්සෙක්ම වෙලා මැරිලා යයි....

මගෙ සුදු අම්මා....අනේ පුතේ අප්පච්චිව දාලා යන්න නම් එපා මගෙ රත්තරනේ.....

යන්න ගියපු මම ආයම දුවගන ගිහින් කොල්ලව බදාගන්නකොට අනේ ඒකා ඇගිල්ලක් කටේ දාගන බලන් ඉදල ඇහෙන නෑහෙන ගානට අම්මියෙ කිව්වා..

අම්මියෙ.....

අම්මියා බෙයිය අරන් එයි මගෙ පුතා කුක්කු බීලා බයියමු රත්තරන්....

අම්මි කුක්කුත....අම්මි..යෙ...කුක්කු...ත....

මම එන්න හැරුනා...ලමයව අග්නිට දීලා මම එන්න හැරුනා මට වාවන්නෙ නැති උනා.....ලමයා ඉල්ලන්නෙ අම්මා කුක්කු වෙනකොට මට දැන් බෝතල් කිරි පොවා ගන්න පුලුවන් වෙයිද ...

මම එන්න ආවා.....මිදුල පුරාවටම වෙද හාමිනේහෙ ලේලිගෙ මල ගේ වෙනුවෙන් ඇවිත් තියනකොට පන්සලේ මරනාදාර සමිතියෙ කොඩි මේ වෙනකොටත් පාර දෙපැත්තෙ හුලගට එහා මෙහා වෙනකොට මට ඉබේටම හුස්ම පිට උනා..

කුලගන සමිතිය-අරඹේගොඩ පබ්බදාරාමය- මාතර

මම ඒ අකුරු දිහා බලන් උන්නා...ඒ අකුරු දිහා මගෙ ඇස් දෙක යන වාරයක් වාරයක් ගානෙම පපුව පැලෙන්න ආවා ....ටකරන් මඩු වල ටකරන් හුලගට හෙලවෙන කොට කෝපි වක්කරන්න ලිප්ගල් උඩ නැගන් උන්න කල්දේරම් වතුර උනුකරවන ගමන් උන්නා....

කැරම් බෝර්ඩ් වටේ වට උන කොල්ලො කුරුට්ටො වගේම බුලත් වට්ටි ගාව වටවෙලා උන්නා.....

මගෙ පුතා....

ලමයට කිරි එකක් හදා ගන්න ඕනෙ අම්මෙ....

අයියෝ පොවපන් පුතේ...මගෙ අහිංසකයා .

අම්මගෙ ඇස් රතුවෙලා තිබුනා ....අම්මගෙ ඇස් වලට ආය ආයම කදුලු ඉනුවා...

කෙල්ලගෙ අම්මලා මගලු....එතනින් එහාට අපි අහන් ඉන්නෙ කොහොමද මගෙ පුතේ ....

අම්මෙ...මට කොල්ලගෙ වෙලා පත්කඩේ දෙනවද....

දෙන්නම්....අනේ ....දෙන්නම්...උඹලගෙ අම්මගෙ ඇස්වලට නොපෙනන දෙයක් වෙන කාගෙ හරි ඇස් වලට පේනවද බලපන්....

අම්මා ආයම හැට්ට අතෙන් කදුලු පිහිදන ගමන් මට කොලුවගෙ වේලාපත්කඩෙ දෙන්නම් කියනකොට මම එහෙම්ම කුසියට ගියා කුසියෙන් එකයි ගෑනු....ගැටිස්සියො...මේවුන් කව්ද කින්ද මන්ද කියල වත් මට හියන්න බැරි උනා .

අයියෙ ...

මම ලමයගෙ කිරි ටින් එක අතට ගන්නවා එක්කම කවුරු හරි මට කතා කෙරුවා ....කව්ද කියලා මම දන්නෙ නෑ....ඇත්තටම මට මතක නැතිද නැත්තන් මෙවෙලෙ මම ඉන්න තත්වෙ එක්ක මට මතක නැද්ද කියන්න මම දන්නෙ නෑ.....කතා කරපු එකී කොන්ඩ ගෙඩියක් ගගහා මා ගාවට ආව....

පුංචි එකාට කිරි එකක් හදන්නද....

ඒකි මගෙ අතේ තිබුන කිරි ටින් එක දිහා බල බල පුංචි එකාට කිරි හදන්නද අහන ගමන් මගෙ ගාවට ආව වගේම කිරි ටින් එක දිහාවට අත දික් කෙරුවා ....ඒ එක්කම ඒකිට කෑ ගැස්සුනා....ඇයිද කියන්න දන්නෙ ඒකිම තමා....

ආහ්ව් ..

.

" දෙන්නෙහෙම නෑ ඕකිට....හදපන් උඹ"

අග්නී....

මට මිමිනුනා....අරකි කිරි ටින් එකට අත දික් කරපු අතට මොකක් හරි උනේ නිකමට නෙවෙ කියන මගෙ කන් පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්කම මට ඉබේටම අග්නි ගාලා මිමිනුනා....

මගෙ අතට මොකක් හරි වැදුනා....කරන්ට් එක වැදුනද මන්දා...ඔව් මයි...මේ හීටරේ ගහලා තියේන්නෙ යකඩ කොප්පෙකටනෙ.....ඒක තමයි එහෙනම්....

අයියට මාව මතක නැතිද .....

න් ..නෑ....කව්ද ඔයා ...

මම දැහැමිනි...

දැ....හැ..මි..නි.....මතකයක් නෑ නංගි...

මම වතුර එක නටනකන් වතුර එක දිහා වලන් ඉන්නකොට ඒකි අහනවා මට ඒකිව මතක නැද්ද කියලා ...මට ඒ මූන දැක්කෙත් දැන් වගේ ..ඊටත් මේ කරදර අස්සෙ මට කී දෙනෙක් අමතකද කියන්න මමවත් නොදැන මම කොහොමද ඒ කෙල්ල කව්ද කියල වත් දන්නෙ...

ජපුරෙ.....සාරන්‍යලාගෙ බැජ් එකේ උන්නෙ මම මෙහෙ නම් නෙවෙ.....කුරුනෑගල...මෙහෙ තමා ලොකු අම්මා ඉන්නෙ...

ඇත්තද....

" දැහැමිනි නෙවෙ මොන එකී උනත් උඹට වැඩක් නෑනෙ ඕක හදාගන ඉක්මනට පලයන් මොකො ඒකි ආවා කියලා ගෑනිට පන එනවද...නෑනෙ....."

එයා බනිනවා....මගෙ කන ගාවට වෙලා කුටු කුටු ගාන ගමන් එයා බනිනවා.....ඒකි ඒ අස්සෙන් ජපුරෙ සාරන්‍යාගෙ බැජ් එකේලු....කිව්වත් වගේ ඒකි ආව කියලා සාරන්‍යට පන එනවද ..අනික ඒකිගෙ ලොකු අම්මා මොකීද මම දන්නවද ....

සාරන්‍යට වෙච්ච දේ ගැන හිතා ගන්න බෑ.....

.....

.....

මෙච්චර ඉක්මනට යන්න ඕනා කෙනෙක් නෙවෙ අයියෙ එයා 

....

මට දුක දරු පැටිය ගැන...

" මට මේකිගෙ බොටුව මිරිකන්න හිතෙනවා ඇත්තටම උඹලගෙ ජාතියෙ ගෑනු නම්...."

එයා දත්මිටි කනවා ...අරකි මගෙ පෑරුන තුවාලෙ තව තව පාරවනවා..... මම නෙවෙ වචනයක් කිව්වෙ...මම පැහුන වතුර එක අරගන පැත්තකින් තියලා හිස් සූප්පු බෝතලේට කිරි පිටි හැදි තුනක් දානකොට දැහැමිනි කියන ගෑනි තවත් ලගට ආවා....

" වරෙන්කො තව අඩියක් හරි ලගට දරු පැටියා ගැන කෙසේවෙතත් මේකිට උඹ ගැන නම් කැක්කුමයිද කොහෙද ....ගෑනු ජාතිය ඔහොම්මමයි...."

එයා කුටු කුටු ගගාම බනිනවා...සමහර විට එයාගෙ යකින්නත් එහෙම වෙන්න ඇති.....යකින්නක් යකින්නක් කිව්වට එයාට එයාගෙ යකින්නව වටිනවා ඇති...

දරුවට මම පොවන්නද...අනේ පව් අප්පා පුංචි එකා අම්මී අම්මී ගගා අඩනවා...කොල්ලට අම්මා නැතුව සාංකාව හැදෙයි ....ඇයි ඉති.....ආහ්හ්.....ව්ව්ව්.....ආහ්ව්ව්...

දෙයියනේ...හලා ගත්ත නේද අනේ පින් අයිති වෙයි නංගි දෙයියන්ගෙ නාමෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද.....

මම ඒකිගෙ අත දිහා බලලා ඒකිට පැත්තක්කට වෙලා ඉන්නවද අහනකොට එයා මගෙ පිට කොන්ද මැදම කෙනිත්තුවා ...කොනිත්ත කොනිත්ත මට බැන්නා.....

"දැහැමිනි ආවා මෙතන හැමිනෙන්න...ඔන්න ඔය ඉතුරු වතුර ටික බෝතලේට දාගන පලයන් කාමරේට පොඩි එකා තට්ට තනියම..."

මම එන්න ආවා...කිරි බෝතලේ හොලව හොලව...

"උන්ට පුදුම මාතෲත්වයක්නෙ ඉහට ගහලා තියෙන්නෙ..."

මටත් කලින් මාවත් තල්ලු කරන් කාමරේට ගිය එයා යන ගමන් මල්පෝච්චියකටත් පයින් ඇනන් යන්න යනකොට සාලෙ උන්න අම්මගෙ සහෝදර හැත්ත මා දිහා බලලා හීල්ලුවා...අම්මගෙ උන් මෙහෙම..හෙට අප්පච්චි ගෙ උන්....උන් ඔක්කොටම හපන්...ඔවුන්ට තමා.මගෙ ගෑනිව පේන්න බැරිව උන්නෙ....ඒ ගෑනි දනිහෙන් උඩට සායක් ඇන්දා උනත් පැලියාව....මටවත් නැති ගායක් උන්ට තිබුනෙ...දැන් ඉතින් සැනසීම ඇති...ඇස් වල කටු අනිනවා වගේනෙ උන්නෙ...අනේ උන්ටත් හරි යනවනේ ....

.

මම කාමරේට ආවා...අනේ මං යනකොට මගෙ කොලුවා තනීයම කොට්ටයක් බදාගන ඔහේ ඉන්නවා..ඒ හිතට මොනවා දැනෙනවද දන්නෙ නෑ.....

සුදු පුතේ....අප්පච්චිගෙ පන.....

අම්මිගෙ....අස්තු...ව....

......

මම අග්නි දිහා බැලුවා මට කට උත්තර නැති උනා සාරන්‍යා හැම වෙලේම කිව්වෙ අම්මිගෙ වස්තුව කියලා වෙනකොට මම අප්පච්චිගෙ පන කිව්වත් කටක් නෑරපු කොල්ලා ඊලග පාර අම්මිගෙ වස්තුව කියනකොට මගෙ පපුව ඇවිලිලා ගියා.....ආය කවදාවත් අම්මිගෙ වස්තුව කියන්න අම්මි එන්නෙ නෑ පුතේ කියන්නෙ මම කොහොමද ....

අම්ම්..මිගෙ....වස්...තුව.....අපි කුක්කු බොමු රත්තරන් ..බීලා...බයිය පුතා කියමූ.....

බයි..යන්න..අම්මි....අම්මී...බයියන්න....

එන්න කිය..න්න...අම්මිත...අම්මිත...අප්පුච්චියො....අම්මිත.....බයියන්න.....

අම්මි එයි මගෙ පුතා මේක බොන්නකො...අම්මි එන්නෙ මේක බිව්වමලූ.....

මම ලමයට බොරු කිව්වා.....අනේ කොල්ලා ඔලුව කහ කහ අම්මිත අම්මිත එන්න කියන්න කිය කියෝම අම්මව හොයනකොට අග්නි ඇවිත් දරුවහෙ ඔලුව අත ගෑවා කම්මුල අත ගෑව..මගෙ අතින් ලමයව එයාට ඉල්ලුවා....ඒත් අවසානෙදි එයාම ආය අතෑරියා.....

අප්පච්චි පන...අම්මිගෙ සුදු පුතා අපි මේක බොමු මැනික ...කෝ එන්නකො අප්පච්චි පොවන්නම්.....

අපානෙ.....අප්පු...ච්චියො...අපානෙ....

එපා නම් මොනවද මගෙ පුතාට ඕනෙ....

මගෙ ..පුතාත....

ඔව්...මගෙ පුතාට මොනවද ඕනෙ....

මොනවත....අප්පුච්චියො....මගෙ.....පුතාත.....මොනවත...

කොල්ලා බලන් උන්නෙ මා දිහා නෙවෙ....එයා දිහා ...ඇස් දෙක කරකව කරකව.මොනවද අප්පුච්චියො ඕනේ අහනකොට අග්නි මා දිහා බලලා ලමයගෙ මූනට පහත් උනා.....මගෙ පුංචි එකා මේ ඉන්නෙ කව්ද කින්ද මන්ද නොදැන එයාට අප්පුච්චියො කිය කිය මොනවද අහනකොට අග්නි ආයම මට ලන් උනා...

" වතුර වලට කියන්නෙ ජෝ කියලද...."?

ම්ම්ම්ම්.....

" ජෝ ටිකක් දෙන්නද අහන්නද.....?"

ම්ම්ම්....

"ඇයි උඹගෙ කට පන නැද්ද?"

ම්ම්....න්..නෑ....ඔව්...ජෝ තමයි.....

එයා මට සැරකෙරුවා ....ලමයා ඉන්න හින්දම මාව මරන්න බැරි කමට එයා ඇස් හීනි කරන් මා දිහා බලන් ඉදලා එයා මගෙ පුංචි එකාගෙ අවුල් උන කොන්ඩෙ ඇගිලි වලින් හැදුවා ..

" අපි ජෝ ටිකක් බොමුද...?"

ජෝ.....තිකක්...බොමුත....

" ඔව්....අපි ජෝ ටිකක් බීල.....කුක්කුත් බීලා..බයිය පුතා කියමුද....."

බයිය....පුතා කියන්න....අම්මි...කෝ...අම්මි.....

"මේ ලමයට මොකක් හරි කියපන්කො පිට්ටු ගිලල වගේ බලන් ඉන්නෙ"

මම ඉන්නෙ හිත් වේදනාවෙන් කියලා වත් නොබලම එයා මට බනින්න ගත්තා ...මම කොයි බොරුව කිව්වා උනත් කොලුවා හෙව්වෙම අම්ම වෙනකොට මම බොරු කෝටියක් කියන ගමන් ආයම කුසියට ගිහින් එයාගෙ නිල්පාට වතුර බෝතලේට වතුර එකක් ගන්නකොට බෝතලේ ලියවිලා තිබුන අකුරු මාව ආය ආයම ඇඩෙව්වා....

"අම්මිගෙ වස්තුවට...."

ඇයි රත්තරන් උඹ ඉක්මන් උනේ ...

වැටෙන කදුලු කොයි තරම් නම් උනුසුම්ද කියනවා නම්..ලෝදිය උනත් පරාද වෙන්න තිබුනා...

අඩන්න එපා කියලා කවුරුත් කියන්න නාවා උනත් උන් හැමෝම මම තැන් තැන්වලට වෙලා අඩනවා බලන් උන්නා...

අද උදේ නැගිටිනකොට මා ගාව ...මගෙ පුතා ගාව උන්න එයා හෙට උදේ වෙනකොට මේ සාලෙ පෙට්‍ටියක් ඇතුලෙ නිදාගන ඉන්නවා දකින්න මට පුලුවන් වෙයිද...

"ශිවන්....."

මම උන්නෙ බෝතලේ තිබුන අකුරු දිහා බලාගන...එයාගෙ සීතල ඇගිලි ආයම මගෙ පිට කොන්ද පුරාවටම යනකොට මම හැරුනා.....හැරිලා එයා දිහා බැලුවා.....

අදින් පස්සෙ...තනිකමක්...වේදනාවක්...සතුටක්...බයක් දැනුනම මම කාටද කියන්නෙ....

අනපු බත් ගුලිය කවා ගන්න බැරි උනාම මම කාටද කියන්නෙ...

තුරුල් වෙලා නිදා ගන්න ඕනා වෙනකොට මම කාටද තුරුල් වෙන්නෙ...

කොටිම්ම...මට අල්ල ගන්න අතක් නැති උනාම මම කොහොමද දරා ගන්නෙ...

අග්නී...ජීවිතේ බරයි....මට මහන්සි මැනික කියලා මම කාටද කියන්නෙ අග්නී...

"මට කියන්න...මට පුලුවන් අහන් ඉන්න.....තුරුල් වෙන්න ඕන උනහම...මට කියන්න...මට පුලුවන් තුරුල් කර ගන්න.....අල්ල ගන්න අතක් ඕන උනහම මට කියන්න...මට පුලුවන් ඔය අත අල්ල ගන්න...සතුටක් දැනුන තැන නොකිව්වා උනත් දුකක්...වේදනාවක් දැනුන තැන මට කියපන් .....මම යකෙක් නෙවෙ...උඹ වගේ එකෙක් කියලා හිතාගන....මට පුලුවන් අඩන හැම දාකම උඹගෙ කදුලු වලට මගෙ උරහිස තෙමන්න දෙන්න..."

මම එයාදිහා බැලුවා...කොයි වෙලෙත් මාව මරන්න හදන අග්නි ආයම කොහෙද ගිහින් උන්නා .....එයා කියනවා එයාට තුරුල් වෙන්න ලු....එයාට දුක කියන්නලු ....මම එයා දිහා බලලා ආයම කාමරේ පැත්තට එන්න ආවා.....එ එන්න එනකොට මගෙ කාමරේ පැත්තෙන් ගැනු කටහඩක් ඇහෙනකොට මම එයාගෙ මුන දිහා බැලුවා...එයා දත්මිටි කනවා....

අම්මියා එනකන් ...මං දොයිය කරවන්නද.....

අප්පු ..චියෝ...ම්ම්හ්...ම්ම්ම්..

.හ්හ්....අප්...පුච්චියෝ...අපා...අපා.....හ්....අම්මියේ.....හ්.....අම්...අමි...යේ...හ්හ්...අපානෙ....අපානේ....අම්මි...යේ ....හ්.....

අම්මියා එන්නෙ නෑනෙ...කෝ එන්නකො...එන්නකො පැටියො...නැන්දියා දොයි කරවන්න.....

දැහැමිනි.....!!

මට මාරාවේස උනා...අඩවල අඩවලා පැය ගානක් තිස්සෙ ඉවරයක් නැතුවම අඩපු කොලුවව අරකි ආයම අඩවන්න හදනකොට මට යකා ආවෙස උනා....ඒකි අපේ කාමරේට ගිහින් ඇදේ ඉදගන පුංචි එකා ව අතින් අදින ගමන් උන්නා....මම අඩියට දෙකට එතනට ගියා...

අයියේ....මං එයාව නිදි කරවන්න හැදුවෙ ...

ඕන් නෑ ..ඔයා යන්න...එයාව තවත් අඩවන්න එපා....මග් කොල්ලට තව අම්මලා හුරු නෑ නංගි....යන්න...

"හුරු වෙන්න ඕනෙත් නෑ කියපන්...."

මගෙ කොල්ලට තව අම්මලා හුරු වෙන්න ඕනෙත් නෑ...අනේ කරුනාකරලා බලෙන් අම්මා කම් නොකර ඉන්න නංගි ..අනික ඔයා මගෙ නෝනව දන්නවා ඇති ...ලගම යාලුවෙ වෙන්න ඇති .ඒත්...මම ඉන්නෙ නෝනගෙ යාලුවො එක්ක කතා කරන තැන නෙවෙ....ප්ලීස් ...එලියට යන්න නංගි....

මල ගේ හින්දම මම හරීම ඉවසීමෙන් කෙල්ලව එලියට දානකොට මම බලාගන අග්නි ඒකී දිහා බලාගන ඉන්නවා.....

"වතුර එක හලන්න තිබුනෙ ඔලුවට මිසක් අතට නෙවෙ ඕකිගෙ....අම්මගෙ පිහිටෙන් තාත්තගෙ කදුලු පිහින්න එන්න ඇති.....යක්සනියො හොදයි"

...

"උඹත් බලන් ඉන්නෙ මොනවද....ඔය වතුර එක පොවපන්....."

මම බැනුම් ඇහුවා.....එයා ආයමත් මට බනිනකොට මම සද්ද නොකර ලමයා ගාවට ගිහින් වතුර බෝතලේ බටේ දිගෑරලා කටට ලන් කරනකොට අනේ මගෙ වස්තුව ඇද විට්ටමට හේත්තු වෙලා කකුලුත් දිගෑරන් බෝතලේ අත් දෙකෙම්ම අල්ල ගත්තා....

මගෙ පුතා.....ජෝ ගොඩාරියක් බොන්න එපා...කුකු බොන්න ඕනනේ.....

කුක්කු....අම්මි...කුක්කුත ..

නෑ...මේ කුක්කු...මේ...මගෙ පුතා අම්මියා බෙයියා ගෙන්න ගිහින්නෙ ....

කාතත.....අප්පුච්චියේ...කාතත...බේයිය...

බෙයියා ගේන්න ගියේ...

"මටනෙ. ...මේ..අප්පුච්චියා කුක්කු බිව්වෙ නෑනෙ..."

එතෝත ....ඌයියා වෙනාත. ...

" ඔව්නෙ..." "අහකට පලයන් උඹ මෝඩයා බොරුවක් කියා ගන්න බෑ...."

එයා මාව තල්ලු කෙරුවා.....මං දන්නෙනෑ එයා මොන මායම දැම්මද කියලා..අතේ තිබුන වතුර බෝතලේ අරන් ඒ වෙනුවට මම හොලවලා නිවපු කිරි බෝතලේ අරන් කටේ ගහනකොට කොල්ලා එයාගෙ දිග කෙඅ අත ගාන්න ඒවා අදින ගමන් සූප්පු බෝතලේ උරන්න ගත්තා .....

අප්පුච්චියෝ....

."ම්න්.."

ඉබ්බයි හා...වයි ...දිව්වා කියන්න....බබා...පුතාත ....බයියන්න....

එයා මා දිහා බැලුවා....එයාට හාවයි ඉබ්බයි දුවපු කතාව කියන්න ඕනා නිදා ගන්න ...මං හිතන්නෙ එයා ඒක දන්නෙ නෑ.....

"මොකක්ද ඒ....?"

ඉබ්බයි හාවයි දුවපු එක....

"ම්ම්ම්.....ඒක දන්නෙ නෑනෙ...යකෙක් ගහලා මැරිච්ච එකක් තියනවා ඒක කියන්නද?"

දෙයියනෙ අග්නි .....

"ඉතින්...උඹලගෙ අම්මා උඹ පොඩි කාලෙ කතන්දර කිව්වෙ නෑ....උඹ නිදා ගත්තා ...ඉතින් මං කොහොමද දන්නෙ..?"

එයා දන්නෙ නෑලු...එයා සාදාරනයි ...එයා කොහෙ දැනන් ඉන්නද ...

අප්පච්චිගෙ පනට වෙනකක් කියන්නද....

අම්මිගෙ අස්තුව...කීන්න.....

ඔව්...අම්මිගෙ වස්තුවට...

අම්මි...කෝ....ත....අම්මි...අම්මියෙ....හ්....අම්මී....යේ.....හ්....බයිය...පුතා...කියන්න....එන්න...අම්මී...යේ....හ්

එයා අඩගහනවා....බයිය පුතා කියන්න අම්මට අඩගනවා....වෙනදට එයා මැදිවෙන්න අපි දෙන්නම දෙපැත්තෙ නිදා ගත්ත....ඒත් ...දැන්...

" ඔය සූප්පුව කටට ගහපන්...."

එයා කිරි බෝතලේ ඉවර වෙනකම්ම අල්ලන් ඉදලා මට සූප්පුව කටට ගහන්න කියනකොට මම සූප්පුවත් කටට ගැහුවා...

අප්...අපුච්චියේ....

ඕ....

කොල්ලා සූප්පුව උරව උරව ඉදලා ආයම කටින් අහකට අරගන මා දිහා බැලුවා.....

ඇයි මගෙ වස්තුව....

අම්මියා....ආවෙ නෑත....

නෑනෙ....අම්මියා ගිහින්නෙ මගෙ පුතාට බඩුවක් ගේන්න...

බදුවක්.....

ඔව්නෙ....මගෙ පුතාට බඩුවක් ගේන්න ගිහින් නෙ....

ම්ම්ම්ම්...කීම්...බනිත්...ගේන්නත.....

ඔව්නෙ...ක්‍රීම් බනිස් ගේන්න තමයි....දැන් හොද පුතා වගේ බයියන්න.....

ම්ම්ම්.....බයියන්න ..හාවයි....ඉබ්බයි දිව්වා කියන්න.....

.හා....හාවයි ඉබ්බයි දිව්වා කියන්නම්.....

එයා ආයම අම්මව ඇහුවා මම එක එක වෙලාවට එක එක බොරු කිව්වා.....කොට්ටෙ උඩ නිදා ගන උන්න පුංචි එකාගෙ පස්සට තට්ටු කරන ගමන් එකෝමත් එක කාලෙක ඉබ්බෙකුයි හාවෙකුයි උන්නා කියලා මම කතාව පටන් ගන්නකොට මං බලාගන අග්නි අහන් ඉන්නවා...එයා එක අහලා නෑවගේ....මං බලාගන හාවට ගහ මුල හොදටෝම නින්ද ගියා කියලා කියනකොට අනේ සූප්පුව උරව උරව උන්න මගෙ පුංචි එකාට මට තුරුල් වෙලා නින්ද ගිහින් තිබුන වගේම එයා ලාවට හාවට හොද වැඩේ කිව්වා....

" හොද වැඩෙ නර පනුවට.."

මම කතාව නැවැත්තුවා....ඉබ්බාට උගෙ පාඩුවෙ දුවන්න දීලා මම කතාව නැවැත්තුවා...ඒත්.එක්කම එයා මා දිහා බැලුවා...

" එච්චරයි ද .....?"

නෑ...තව තියනවා....

."එහෙනම් නැවැත්තුවෙ...?"

ලමයට නින්ද ගියා ඒකයි...

"ඉතින්.....මං නිදි නෑනෙ...මට කියලා දීපන් මම දන්නෙ යක්කු ගහලා මැරුන එවයි....පිස්සු හැදුන ඒවයි විතරයි...."

ම්ම්ම්ම්....

මම ආයම පටන් ගත්තා .....හාවා පැරදෙන හැටි ඉබ්බා දිනපු හැටි...මම එයාට කිව්වා...

මමත් නිකන් හාවා වගෙ අග්නි ...අවසානෙදි පැරදිලා ගියා...

.....

ඇයි අග්නි මනුස්සයන්ටම මෙහෙම දුකක්....

......

ඇයි උන්‍ටම මෙහෙම වේදනාවක්...මිනිස්සු බලන් ඉන්නෙ වරදිනකන්....උන් බලන්නෙ අපිට රිදෙනකන්....

"ඇහුනත් නෑ හුනා වගෙ ඉදින්.....ඉවසන්නම බැරිනම් මට කියපන්..මම අඹරන්නම් ඒකගෙ බෙල්ල"

අග්නී...

"මට උඹ අඩනවා බලන් ඉන්න බෑ...වෙන කවුරු ඇඩුවත්....මට බලන් ඉන්න පුලුවන් ....මට උඹවත්...මේ ලමයවත් අඩනවා බලන්.ඉන්න බෑ...."

එයා ලමයා දිහා බලාගන කියවනවා....එයාට මම වත් ලමයා අඩනවා වත් බලන්න බැහැයිලු.....

මගෙ පුතා.....

අම්මා දොරකොඩ ....මාව රත් උනා....මම බැලුවෙ එයා දිහා...එයා එකපාර අතුරු දහන් උනා...හරියටම අම්මට ඉව වැටෙයි කියලා වගේ...

එන්න අම්මා....

නින්ද ගියාද

ම්ම්ම්....

අයියෝ...මගෙ රන්කද. ...උඹලට කෝපි උගුරක් වත් දෙන්නද මගෙ පුතා....

එපා අම්මා.....මට බඩ ගින්නක් නෑ....මට තියෙන්නෙ හිතේ ගින්න....ඒකි මැරෙන්න ඕන එකියන් නෙවෙ වෙලත් ඇයි අම්මා මැරුනේ...ඒකි මම...මගෙ නොදරුවා මොන වරද කාට කෙරුවටද අම්මා.....

මම අම්මා දිහා බලලා අපි මොන වරදක් කෙරුවටද අහනකොට අම්මා සිවිලිම දිහා බලන් උන්නා....පපුවටත් වඩා බර හුසමක් අරන් මා දිහා බැලුවා.....

මම ආයම ඒ හිනාව කවදා කොහෙන් කියලා නම් දකින්නද...ආයම මම කාට සාරන්‍යා කියල නම් කතා කරන්නද .....

මගෙ පපුව නැවතුනා ....දැන් ඉතින් එයාගෙ හිනාව මතකයක් විතරයි ....සදහටම ...මතක පිරුන හැම තැනකම තිබුනෙ ආදරේ නොවෙන්නත් පුලුවන් ...ඒත්..ආදරේ පිරුන හැම දෙයක්ම සුන්දරම මතක විදිහට හිතේ තියනවා....

හරියටම දැන් එයා වගෙ...

සාරන්‍යා...මට නැතු උන ආදරනීයම මතකයක්....

ඉදල්ලා කොලුවගෙ වෙලා පත්කඩේ....ගිහින් බලාගනිල්ලා.....තව හෝරා දෙක තුනකින් .....

එයාව ගෙනේවි...එහෙම නේද අම්මා.....මම කොහොම හිත හදාගන්නද කියලා මම වත් දන්නෙ නැ....මං ගැන පැත්තකටදාමු...අනේ පින් අයිතිවෙයි...අර ඇවිදින් ඉන්න හැතිකරේට කියන්නකො අම්මා කොල්ලගෙන් අම්මා කෝ අම්මා කෝ කියලා අහන්න එපා කියලා ....ඒකා අම්මව ඉල්ලනකොට මම කොහෙන්ද අම්මෙ දෙන්නෙ...අප්පච්චියෙ අම්මා කෝ....අම්මා කෝ කිය කිය එබි එබි බලනකොට මම කොහොමද අම්මෙ ලමයව රවට්ටන්නෙ...

අනේ...උන්ට එහෙම අහන්න එපා කියන්න මගෙ අම්මෙ...

කොල්ලට විතරක් නෙවෙ මටත් රිදෙනවා දෙයියනෙ නැති බව දැන දැන ආයම අහනකොට...මට රිදෙන් නැද්ද අම්මෙ ...

මම ඇස් වලට උනපු කදුලු ආයම ඇගිලිතුඩු වලින් මිරිකලා දැම්මා.....

මං බලාගන ලාවට වගේ දොර රෙද්ද හෙලවෙනවා....

.උඹ එලියට නෑවිදින් ඉදපන් ...කාලකන්නි හැත්ත....

අම්මා යන්න ගියා පුංචි එකාගෙ වෙලාපත්කඩේ මගෙ අතට ගුලිකරලා.....අනේ දෙයියනේ...මගෙ කොල්ලට මොකුත් කරන්න එපා...මාව...අමු අමුවෙම.පිස්සෙක් වෙවි....

" නාඩා ඉදින්කො රත්තරනේ.....උඹලා ඔහොම ඇඩුවම මේකා ගැන බලන්නෙ කවුද....."

අම්මගෙ ඇස් වලට වහන් වෙලා උන්න එයා ආයමත් මගෙ ගාවට ඇවිදින් මුමුනන්න ගත්තා .....නාඩා ඉදින්කො රත්තරනේ කියලා මගෙ පිට අතගාන්න ගත්තා ....

ඒත් එයා අඩන්න එපා කියපු තැනදි මම වැඩි පුර ඇඩුවා.....මොකද...අදින් පස්සෙ....එයා නෑ...කියන දේ අඩන්න එපා කියන වචනෙ පගන් මාව දුර්වල කෙරුවා ....

🥺ම්හුක්....

🥺ගුත් මෝනිම්.....පුම්ති කාවයියා ජොයි....ඔය ලමයිනුත් ආයම ජොයියන්න.....

ආයම කොටසකින් එන්නා.....ම්.....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters