ස්...සාර....න්....යා ..අනේ....අනේහ්...අනේ...එපා...එපා ...මැනිකෙ...එපා...අනේ..දෙයියනේ .....ඔය දේ කරන්න එපා මගෙ රත්තරන් ....
මම කොල්ලව තනි අතෙන් උස්සන් බිම උන්න සාරන්‍යා ගාවට දිව්වා...
මම අරන් දිපු ඇදුම ලේ පාට වෙල තිබුන....එයා බලන් ඉන්නවා....ඒ ඇස්....ඒ මූන ...අනෙ දෙයියනේ ඒ මුනෙ තිබුනෙ වචනවලට පෙරලන්න බැරි වේදනාවක් වෙනකොට මම නිඛිල්ව බිම්න් තියලා කෙල්ලව මගෙ උකුලට ගත්තා .....
මට මෙතනින් එහා කියන්නෙ මොනවද කරන්නෙ මොනවද නොදැනෙනකොට මම එයාව හරහට උස්ස ගන්න හැදුවා..සමහරක් පාරෙ යන වාහනවලට ට දැම්ම...සමහරක් ඇම්බියුලන්ස් එකකට කතා කරන්න හැදුවා...තවත් සමහරක් දරු පැටියෙක් එක්ක අසරන උන මගෙ දුක වීඩියෝ කෙරුවා..මට අමතක උනා..මට අමතක වෙලාම ගියා මටත් කාර් එකක් තියනවා කියලා ...
මල දරුවව උස්සන් වීදියක් විදියක් ගානෙ දුවපු කිසා ගෝතමී වගේ මම මගෙ ගෑනිව අත් දෙකට උස්සන් පිහිටක් ඉල්ල ඉල්ල දිව්වා...
වෙලවකට හරියට ඇවිදගන්න බැරි මගෙ පුංචි එකා සෙනග ගොඩේ හැප්පි හැප්පි වැටෙනකොට මට මගෙ කොල්ලව ගනින් අයියෙ කියාගන්න කෙනෙක් නැති වෙනකොට නන්නාදුනන්න කෙනෙක් මගෙ දරුවව උස්ස ගත්තා ..
අම්..මී.....අ..ම්...මී....
කන් දෙකට ඊයම් බරු බැස්සුවා වගේ....පන අදින සාර්න්‍ය දිහා බල බල අම්මී අම්මී ගානකොට ඇම්බුලන්ස් සද්දෙ ඇහි ඇහි මම මගෙ සාරන්‍යව උකුලෙ තියාගන මහ පාරෙ අයිනක ඉදගන්නකොට අනේ මගෙ ගෑනි වේලන අත් වලින් මාව අල්ලන්න හැදුවා ....
මම...පරි...ස්ස..මින්....පැන්...නට.....මගෙ...හුස්..ම...මෙත..නින්...එහාට...නෑ...වගේ..
මගෙ...අප්ප...ච්චි....
අනේ...මැනිකේ...මැනිකේ...එපා...එපා...රත්තරනේ...අනේ...අර කොල්ලා අම්මී...අම්මී..ගානවා...අනේ....මගෙ..
.රත්තරනේ....අනේ...එපා...එපා...මගෙ...සාරන්‍යා ...යන්න එපා....
කතා කරන වචනයක් වචනයක් පාසාම එයා මා එක්ක කතා කරන්න හදනකොට මම එයාට කතා කරන්න නොදී තුරුල් කරගත්තා ....අනේ කතා කරන්න එපා...උඹට අමාරුයි කියන්න වගේ මම කෙල්ලව තුරු කරගත්තා ....
මගෙ .....අප්....ප...චි...මගෙ..පු ...තා....
අනේ ..එපා මගෙ රත්තරන් මැනිකේ....අනේ...මගෙ කෙල්ලව අරන් යමල්ලකෝ...
මම කැ ගැහුවා...මගෙ ලමයා එහෙන් අම්මී....අම්මී ගෑවා...ඇඩුවා.....අම්මව රතු පාටින් නෑවිලා තියනකොට අප්පච්චි උන මම අඩනකොට කොල්ලා අම්මී.....අප්පච්චි ...ගගා බය වෙලා ඇඩුවා ...
අප්ප....ච්....චි....
එපා මැනික...උඹට මොකුත් වෙන්නෙ නෑ...උඹටමොකුත්ම වෙන්නෙ නෑ...උඹට මොකුත්ම වෙන්නෙ නෑ මගෙ වස්තුව....
ඇම්බියුලන්ස් වල සද්දෙ කන් හාරවගන පපුව කීරි ගස්සවන් යනකොට ආව ඇටෙන්ඩන් ලා මගෙ දරුවගෙ අම්මව උස්සලා ඇදට දාගත්තා ..... එක වචනයක් කතා කරගන්න කල්පයක් තරම් දිග හුස්මක් එකතු කරගන්න ඕනා තරමට මගෙ දරුවගෙ අම්මා අසාද්‍ය වෙලා යනකොට ඒ ඇස් වල කදුලු වැටෙන කොට මම උඹට මොකුත් වෙන්නෙ නෑ..උඹට මොකුත් වෙන්නෙ නෑ කිය කිය ලමයව තුරුල් කරන් අඩනකොට මගෙ අතට පැටලිලා තිබුන එයාගෙ අත ලෙහුනා...
අම්..මී.....අම්..මියෙ...හ්....අම්ම්...යේ.....
නාඩා ඉදින් මගෙ පුතේ...අම්මියා ඉන්නවා..අම්මි ඉන්නවා...මගෙ රත්තරන් පුතාගෙ අම්මියා ඉන්නවා...
මගෙ ඇස්වලින් වැටෙන කදුලු එයගෙන් පිට වෙන රතු පාට ලේවලටත් වැඩියෙන් ගනකම් උනා....කදුලු පිරුන ඇස් දෙකෙන් මා දිහා බලාගන අප්පච්චි .....අප්පච්චි කිය කිය හුසම අදින එයා දිහා කොල්ලව තුරුල් කරන් බලන් උන්න මට මගෙ හුස්ම නෑ වගේ තේරුනා.....
හප්පපු එකාට එතනම මිනිස්සු දෙනෙක් තුන් දේනෙක් අල්ලන් ඇනලා තිබුනා. .සමහරු දරු පැටියා වඩාගන අඩ අඩ උදව් ඉල්ලපු මාව වීඩියෝ කරගන තිබුනා....දැනුන් කරනවා....
ඇත්තටම ඇයි.....ඇයි....ඇයි....ඇත්තටම ඇයි දෙයියනේ ...මිනිස්සු මගෙ ඇස් වල කදුලු බල බල .....අම්මී අම්මී ගගා අම්මව ඉල්ල ඉල්ල අඩාන කොල්ලව බල බල ...පන ඇද ඇද අප්පච්චි ....මගෙ පුතා ගගා අපිව ඉල්ලන එයාගෙ වේදනාව දැක දැක ඉන් මොනගුලට දෙයියනේ ඵෝන් එළ උස්ස උස්ස කරන්නෙ ....
උන් අපේ දුක....උන් අපේ වේදනාව...උන් අපේ කදුල විඩියෝ කෙරුවා මොකටද තව තත්පර ගානකින් පත හෑල්ලක් ලියන්න.....තව තත්පර ගානකින් දුක මාකට් කරල උන්ට ලයික් එකක් කමෙන්ට් එකක් ගන්න....ඇයි දෙයියනේ ඇයි...මට උදව් කරන්න ඉස්සුනේ නැති අත් දෙක උන්ට ඵෝන් එක උස්සන් ඉස්සුනේ....
මගෙ පුතේ.....
අම්මී අම්මී....අම්මියේ ගගා හුස්ම අල්ල අල්ල අඩන නොදරුවව වඩාගන මම මගෙ කාර් එකට වත් නොයා ඇම්බියුලන්ස් එකට නැග්ගා...සයිරන්ස් නලා සද්දෙ ඇස්තුලෙ තිබුනෙම වේදාවක් වෙනකොට සාරන්‍යා ගෙ කට දැනටමත් බාගෙය ඇරිලා තියන එක මම ඔක්සිජන් මාස්ක් එක ඇතුලෙන් දැක්කා.....
බලන්න දෙයක් නෑ...බලන්න දෙයක් නෑ...උඩ ඉන්න දෙයියනේ...අනේ හාමුදුරුවනේ බලන්න දෙයක් නෑ...මගෙ ගෑනිගෙ සර්වාංගෙ දිහා බලන්න දෙයක් නෑ..හැප්පුන පාරට පාර දිගෙ ඇදිලා ගිහින් වැදුන වැදිල්ලට බලන්න දෙයක් නෑ.....
රතුම රතු උකුම උකු උනුසුම්ම ලේ වල වේදනාත්මක සුවද ඇරුම බලන්න දෙයක් නැතිවෙනකොට උකුලෙ උන්න දරුවා අම්මීයේ....ගගා හුස්ම ඇල්ලුවා...අනේ මගෙ එකා ට තේර්‍ර්න තරම....
අම්....මි...අම්ම්..මි...අම්මියේ...හ්හ්...අම්මි..යේහ්හ්...අම්මි..යේහ්....
උඹට මේ කොල්ලා අඩනවා වත් ඇහේන් නෙ නැද්ද මගෙ රත්තරන් ....අනේ උඹට මගෙ කොල්ලා අඩනවා ඇහෙන් නැද්ද...උඹ කවදාවත් ඌව අඩවන්න කැමති නෑ නේද ..අනේ මැනිකේ ඌව අඩවන් නැතිව නැගිටපන් මගෙ අම්මා.....
මම ඉකි ගැහුවා ....
ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට මේකෙ යන මිනිස්සුන්ගෙ දුක කදුල විලාපෙ අහල පුරුදු හින්දමද කොහෙද උන් මගෙ කදුලු දිහා බල බල සාරන්‍යගෙ පපුව ගැහෙන එක බලන් උන්නා...
ටීක්....ටීක්....ටීක්....ටීක්....ටීක්....ටීක්.....
ගහපු මැස්ජින් එකෙ ඉහලට පහලට යන ඉර දිහා බල බල ඇතුලෙ උන්න ඩොක්ටර් මගෙ දරුවගෙ අම්මා දිහා බලනකොට ඇම්බ්‍යුලන්ස් එක එලවන මනුස්සයා පුලුවන් තරම් හෝන් එක ගැහුවා.....අනේ දෙයියනෙ..කරදරයක් වෙන්න එපා...කරදරයක් වෙන්න එපා...කරදරයක් වෙන්න එපා...
මගෙ පපුව කෑ ගැහුවා ....සාරන්‍යා හුස්ම ගන්නව...පපුව විතරක් නෙවෙ දැන් නම් කොන්දෙන් පවා ඉස්සෙනවා.....මෙච්චර වෙලා බාගෙට ඇරිලා තිබුන කට දැන් දැන් දියෙන් ගොඩ දාපු මාලුවෙක් හා සමානව ඇරි ඇරි වැහෙනකොට මම දැක්කා එයා එක අතකින් ඇදුම මිරිකගන්නවා...
සාරන්‍යා....මැ...නිකේ....
මට කතා කරගන්න පවාබැරි උනා....අනේ දෙයියනේ මේ ඉස්පිරිතාලෙ හත් ගව්ව්ක් දුර ගිහින්ද....එයා පන අදිනවා....එයා පන එකතු කරනවා....අන්තීමම හුස්ම ටික එයාගෙ නාස් පුඩු වලින් එලියට යවන්න එයා පන එකතු කරනකොට අනේ කෙලගෙ ගින්දර පාට ඇස් කොන් වලින් කදුලු වැක්කෙරෙනකොට ඒකි අමාරුවෙන් මා දිහා වගේම අම්මව ඉල්ල ඉල්ලා අඩන ලමයා දිහා බලලා අර ඇරුන කටෙන් ලාවට හිනා උනා...
අම්..මියේ....හ්.....අම්ම්..මී...හ්.....අම්මී....හ්හ්....
අනේ...මගෙ රත්තරනේ.....එපා.....එපා....තව චුට්ට දුරයි...එපා...මේ කොල්ලව අඩ්වන්න එපා...අනේ නැගිටලා.අම්මිගෙ වස්තුව කියලා වඩා ගනින් මගෙ සාරන්‍යා.....
මම ඇම්බුලන්ස් එක අස්සෙ කෑ ගහලා ඇඩුවා....ඇදුම මිරික ගත්තු ලේ වැදුන අතින් මාව මගෙ පුංචි එකාව ....අපි දෙන්නවම අල්ල ගත්තු එයා අවසානම පාරට මට අප්පච්චි කියනකොට ඇස් කොන් වලින් තවත් උනු කදුලු පේලියක් ගියා වගේම මාස්ක් එක පුරාවටම මීදුමක් බැදුනා.....
එපා...අනේ..දෙයියෝ ..එපා...සාරන්‍යා.....සාරන්‍යා....අනේ...එපා...මගෙ....රත්තරනේ ...එපා.....හ්හ්...
අග්නී....හ්හ්හ්හ්හ්!!!
මම කන වැන්දුම් උනා....මං කෑ ගැහුවා....ඇරුන ඇස් පියන් වල කලු ඉංගිරියාව තිබුනෙ අපි දෙන්න දිහා බලාගන යනකොට මං මගෙ දරුවගෙ අම්මගෙ අන්තීමම හුස්ම යන හැටි බලන් ඉදලා අවසානෙදි සාරන්‍යා ගගා ඉදලා අග්නී කියලා විලාප තිබ්බා...අනේ අග්නි ඇවිත් හුස්ම පිඹපන් මගෙ ගෑනිට කිය කිය මම මැරෙන්න හැදුවා...එහෙන් කොල්ලා අඩනවා.....
ටීක්...ටීක්.....ටීක්...ගගා ගැහුන හදවත අවසානෙදි ටී...........ක්ක් ගාලා තනි ඉරක් වෙලා යනකොට මම කෑ ගැහුවා...ඇතුලෙ උන්න ඩොක්ටර් මගෙ සාරන්‍යගෙ පපුවට කරන්ට් එක අල්ලා අල්ල හුස්ම ගන්න හැදුවා....නෑ...අනෙ නෑ....එක පාරක් ගැස්සුන එයා අවසානෙදි අවසානෙදි හැල හොල්මනක් නැතුව යනකොට ඉස්පිරිතාලෙ ගාව නැවතුන ඇම්බියුලන්ස් එකෙන් එලියට ගත්තෙ අම්මෙක්ගෙ මලකදක් උනා....
අග්නී....අනේ ..අග්නී...මගෙ කොල්ලා අඩනවා.....ඉන්න තැනකින් ඇවිදින් මගෙ ගෑනිට හුස්ම පිඹපන් අග්නී...
පන ගිය සාරන්‍යව යකඩ ඇදේ දාගන ඇටෙන්ඩන්ල දුවනකොට අඩලා අඩලා ඉකි ගහන කොලු පැටියව තුරුල් කරගත්තු මම අගනිගෙන් මගෙ සාරන්‍යට හුස්ම පිඹපන් කියලා ඉල්ලුවා ....උඩ ඉන්න තිස් තුන් කෝටියෙගෙන් මගෙ ගෑනිගෙ පන ආයම ඉල්ලුවා ...බුදු හාමුදුරවන්ගෙන් අනේ මගෙන් අබ මිටක් නම් ඉල්ලන්න එපාය කියලා වැන්දා.....සක්කරයට දුක හිතිලා කිදුරිගෙ කදුලු දැකලා කිදුරට පන දුන්නා නම්....ඇයි දෙයියනේ මගෙ දුක දැකලා මගෙ ගෑනිට පන දෙන්න බැරි කියලා මම කෑ ගහලා ඇඩුවා .
අම්මී....යේ....හ්හ්....අම්...අම්...මී...යේහ් ...
මිනිස්සු යනවා...කොරිඩෝව පහු කරගන මිනිස්සු යන්න යනවා ..ලේ සුවදයි.....මෙච්චර කාලයක් කිරට හැරුන සාරන්‍යගෙ ලේ වල සුවද මගෙ ඇදුම් වලින් එනකොට අඩන නොදරුවට අදින් පස්සෙ මම මොනව දෙන්නද කියලා අහලා උඩ ඉන්න දෙයියන්ට පවා දෙස් තිබ්බා ....
ටුම්බ්ලර් හරි.....ටුම්බ්ලර් හරියටම හරි ...බෙහෙවින් ආදරණීය සිප ගැනීම් මංගල සාදවල නොව ගුවන්තොටුපළවල දී දැක ගත හැකිවාක් මෙන් ම හදවතිම්ම යැදෙන යාඥා වල හඬ පල්ලිවල බිත්තිවලට වඩා රෝහල් වල බිත්ති මත දෝංකාර දී ඇත කියලා ටුම්බ්ලර් කියපු කතාව සීයට දාහක් හරි දෙයියනේ
දෙවියන්ට කන්නලව් කරලා කරලා බැරිම තැන යක්කුන්ට පවා මම අඩගහන කොට දෛවය ඉස්සරහා දෙවියොත් අසරන උනාද මන්දා.....ඉරනම ඉස්සරහා යක්කුත් අසරන උනාද මන්දා....
මම අසරනයි...මම තනි උනා ..හිගන්නෙක් වගෙ කොරිඩෝවෙ ඉදගන උන්න මම මෙච්චර වෙලාම අඩ් අඩ උන්න පොඩි එකාගෙන් සද්දයක් බද්දයක් නැත්තෙ ඇයි කියල බලනකොට අනේ ඒකා බිත්තියට හේත්තු වෙලා ඇබිත්තන් කකුල් දිගෑරන් මහපට ඇගිල්ල උරව උරව ඉදලා අනේ ඒකගෙ අනිත් ඇගිල්ල මගෙ දිහාවට දික් කෙරුවා හරියටම අප්පච්චිට මේ ඇගිල්ල කියන්න වගේ...
මගෙ රත්තරන් ..උඹටයි මටයි අම්මියව නැති උනා මගෙ පුතේ...මෙතනින් පස්සෙ මම උඹව බලාගන්නෙ කොහොමද කියපන් මගෙ රත්තරනේ....හැමදාම උදේට නැගිට්ට ගමන් අම්මා උන්නත් නැතත් උඹ කතා කරන්නෙ අම්මියට...එහෙම එකේ මට කියපන්කො මගෙ දෙයියෝ උඹ හෙට උදේටත් අම්මියේ ගාපුවාම මම කාවද මැනික දෙන්නෙ ....
මම බිත්තියට ඔලුව ගහගත්තා ..මං දැනන් උන්නා...එයා යන බව මම දැනන් උන්නා...ඒත් මට කියපල්ලකො ඇස් පනා පිටම ආදරේ කරපු ගෑනි මැරිලා යනකොට අල්ලගත්තු අත අතෑරෙනකොට මම යන්න එපා කියලා නෙවෙද් කෑ ගහන්නෙ කියලා ....
ඒකි මාව දාලා ගියේ වෙන මිනිහෙක් එක්ක නම්...මට කාලයක් ගිහින් හිත හදා ගන්න තිබ්බා...ඒකි ජීවත් වෙනවා කියලා ...ඒකි මාව දාල ගියේ අම්මගෙ ගෙදර නම්..මට හිත හදාගන්න තිබුනා..ඒකි ජීවත් වෙනවා කියලා ...ඒත් දැන් ඒකි ඉන්නෙ මං ගාව වත් මට එහාපැත්තෙ වත්...වෙන ගමක වත් වෙන රටකවත් නෙවෙ මේ ලෝකෙ කොහෙවත්ම නෙවෙ කියන එක දැනෙනකොට මම කොහොමද වාවන්නෙ .....
අප්පච්....චියෝ.....අප්පුච්චියෝ .....
ඕ මගෙ අම්මෙ ...
අප්පු...ච්චියෝ...අම්මි...අම්මියා...කෝත...අම්මියා....කෝ....කෝත.....අම්මියා.....අම්මී.....අම්මීයේ....ඒ....
මම දෙන උත්තර මොනවද....අම්මා කෝ කියලා අහනකොට අම්මා කොහෙ කියලා කියන්නද.....
මම නැගිට්ටා ....එයාගෙ ලේ ඇදුම පුරාවටම .....මං දන්නවා.....සුදු රෙද්දකින් වහලා කකුලට ටැග් එකක් දාලා ඇති....
හම්බෙනකොට අතට ටැග් එකල් දාලා දෙන ශරීර කූඩුවම...යන්න යනකොට කකුලට ටැග් එකක් දාලා බාර දෙන්න වෙනකොට ඒක දුන්නට වඩා නොදී ඉන්න එක හොදයි නේද කියන එක මම ආය ආයම දෙයියන්ගෙන් ඉල්ලුවා....
ඇයි දෙයියන්‍ට බැරි උනේ මගෙ ගෑනිව නැතත් මේ කොල්ලගෙ අම්මව රකින්න...පහනට දාපු තෙල් ටික මදි උනාද... .නැත්තම්...අවුලපු හදුන් කූරෙ සුවද මදි උනාද...පූජා කරපු මල් වට්ටියෙ මල් මැලවිලා තිබුනද....එත් නැත්තන්...ඉල්ලපු දේවල් බර වැඩි උනාද ....මං දන්නෙ නෑ....
ඔයා නේද මිනියෙ අයිති කාරයා.....
මම එනවත් එක්කම සර්වාංගෙම වහල තිබුන සුදු රෙදි කඩෙන් එලියට ආව අතේ තිබුන මගුල් මුද්ද දැකලා පපුව නතර වෙන්න ආවා...මෝචරියෙ මුර කාරයද කොහෙද මගෙන් මිනියෙ අයිතිකාරයා මම නේද අහනකොට මට ඒකව උස්සලා පොලවෙ ගහන්න හිතුනා.මටහිතුනා මේ ඉන්නෙ මගෙ කොල්ලගෙ අම්ම කියන්න...මගෙ ගෑනි කියන්න මෙහෙම පන නැති මලකුනක් නෙවෙ කියන්න....ඒත් වැඩක් නෑ විසි හතර පැයේම මලකදන් එක්ක ඉදලා උන්ගෙ හිත්වල හැගීම් මැරිලා ...
පුලුවන් නම් මට ....මූන පෙන්නනවද ....මගෙ...කොල්ලට....අම්මව ඕනලු...
මං ලමයව වඩාගනම මූන පෙන්නනවද අහනකොට මනුස්සයා මගෙ අතේ ඉදන් මහපට ඇගිල්ල උරවන ලමයා දිහා බැලුවා .....
පොඩ්ඩ්ක් ඉන්නවද...මූන ටිකක් පිහිදන්ඩ කොල්ලා බය වේවි...
ම්ම්ම්...
මම සද්ද නොකර උන්නා ...මොකද මට කතා කරන්න වචන නැති උනා.....අම්ම අප්පච්චිට වත් නොකියපු මම මගෙ දරුවගෙ අම්මගෙ මලකද ගාව හිටන් උන්නා....
අම්මී...අම්මියේ.....අම්..මියේ...අප්පුච්චියො....අම්මියෙ....අම්...අමියේහ්....
මගෙ ඇස් වලින් කදුලු පෙරුනා ...ලේ පිහිදලා දැම්මා උනත් තවමත් ඒ පාරවල් තියනකොට සුදු රෙදි කඩ අයින් කෙරුවා විතරයි කොල්ලා අම්මී අම්මී ගගා පහලට බර උනා.....
අම්මියේ.....වදා...ග...න්න...අම්...මියෙහ්...අම්මි..අම්..මියෙ....අප්පු...ච්චියො...අම්මි....අම්මී...
අම්මි දොයි මගෙ....පු..තේ....
දො...යි....බබා...පුතා...ත්..බයි..යන්න....
බබා පුතාට මෙහෙ දොයිය බයිය කරන්න බෑනෙ...අම්මියා..හොදටම දොයි...මගෙ නිඛිල්....අම්මියට...උඹව මාව අමතක වෙන තරමට...දොයිය මත හැදිලා මගෙ පුතේ...
අතේ උන්න ලමයා දොයියන්න බයියන්න ගගා පහලට නැවෙනකොට මම කොල්ලව අඩව අඩව ආයම හැරුනා ....ඉස්පිරිතාලෙක මල්ශාලාවල වාඩ කරන මිනිහෙක් ඉන්න එක සාමාන්‍ය දෙයක්..උන් බලන් ඉන්නෙ ළඟ පාතක මිනියක් තිබුනොත් උන්ගෙම්ම කරවගන වෙනකොට ඇටෙන්ඩන්ටත් ගානක් තියා ගන්නවද කියන්න දන්නෙ ඒ මනුස්සයා විතරක් වෙනකොට ආයමත් කරන්න කිසිම දෙයක් ඉතිරි නැති මලකද අරන් යන්න කියලා ඒ මනුස්සයා කාට කාට හරි කතා කරනකොට මම දරුවව වඩාගන එන්න ආවා .....
මග පාර...කහ ලයිට් එලි. .....සෙරෙප්පු නැති කකුල්....ඉවරයක් නැතුවම අම්මා ඉල්ල ඉල්ල අඩන ලමයා ලේ ගෑවුන ඇදුම්...කදුලු ගලන ඇස් එක්ක මිනිස්සු මා දිහා හැරි හැරි බලනකොට කාර් එකක් තියනවා නේද කියන්නවත් මතක නැති මම පයිම්ම ගෙදර ආවා.....
අම්මි...අම්මි...අමියේහ්.....
මගින් මගටම අම්මියේ අම්මියේ ගාපු කොල්ලට මට කියා ගන්න බැරි උනා උඹටවත් මටවත් ආයම අම්මගෙ හෙව නැල්ලක් වත් දකින්න බැරි බව...සමහරක් තැන් වලදි මට කෑ ගහලා ඇඩුනා.....අග්නී...අග්නී මං තනි උනා අග්නී .අනේ මාව අරන් යන්න වරෙන් අග්නී ගගා මම මිනිස්සු දෙනෝ දහක් බලන් ඉන්නකොට ඇඩුවා ....
අවසානෙදි බුදුන් වදින්න ගියපු තුන් දෙනාගෙන් දෙන්නෙක් විතරක් ගෙදර එනකොට මට වැට කඩුල්ල පනිනවා එක්කම කකුල් පන නැතිව මගෙ කොල්ලවත් එක්කම වැටුනා....
මගෙ පුතා....මගෙ පුතා...කොල්ලො...අප්පච්චි ...අප්පච්චි ....මෙහාට ආවා නම්...මගෙපුතා...කොල්ලො....
මම වැටුනා...කොල්ලා තවමත් අත් දෙකට මිරිකිලා ඉන්නකොට අම්මා කෑ ගහගන එනවා එක්කම මම ලමයව මගෙ අත් වලින් නිදහස් කරලා වැලි පොලවෙ වැටිලා උන්නා....
අම්මා.....මගෙ...අම්මෙ....ඒකි...ගියා....ඒකි...ගියා...මගෙ..අම්මෙ...මගෙ...කොල්ලගෙ...අම්මා.....අනේ...අප්පච්චි ...මං තනි උනා දෙයියනේ...අනේ ..ඒකි එතනමයි අප්පච්චි ...
එහෙනම්....වහලට උඩින් ගියපු බස්සෙක් ඇඩුවෙ නොදරුවගෙ අම්මව උදුරගන්ඩද මගෙ පුතේ.....
මං ඔලුව බදාගන කෑ ගැහුවා....මං ඇඩුවා...නහ පොලවෙ වපස් කාගාන අඩනවා කියන එකේ තේරුම මම අද දැනගත්තා .....
මගෙ කුරුලුන් කූඩුව කැඩිලා ගියා....අප්පච්චි මං තනි උනා කියලා අඩනවා එක්කම ම අහම්බෙන් දැක්කා වෙරලු ගහෙ අත්තක් හෙළ වෙනවා....
උඹලා මග දිහටම පයින්ද ආවෙ රත්තරනේ. .කකුල් පුරාවටම උඹගෙ ගල් තැලුම් ...
අම්මා අඩ අඩම ගල් මුල් වලට ඇනිනා තුවාල වෙලා තියනකොට වරූවක් තිස්සෙ අඩපු පොඩි එකා අත්තම්මගෙ කර උඩ මූන ගහගත්තා ....
අප්පච්චි ...ඇයි...මගෙ අප්පච්චි මටම මෙහෙම වෙන්නෙ ඇයි මගෙ....අප්පච්චි ...අනේ...මං...හුස්ම ගන්නෙ කොහොමද අප්පච්චි ....
මම ඔලුව බදාගත්තා .....අම්මා අප්පච්චිට පරක් කරන්න බැරි මා දිහා එයා ඈත ඉදන් බලාගන උන්න වගේම මගෙ කොලුවා දිහා දුකෙන් වගේ බලන් උන්නා...
මෙච්චර වෙලාවක් මගෙත් එක්ක තරහවක් පිරිමහපු එයා මගෙ ඇස්වලට පේන්න ඇවිදින් ගහට මුවා වෙලා මා දිහාබලන් උන්නා....
මගෙ පුතා ...නැගිටපල්ලා....නැගිටපල්ලා රත්තරනේ....නැගිටපල්ලකෝ.....
අම්මා අප්පච්චි එක්ක මාව නැගිට්වගන ගෙට ආවා...ඈත ගහක ඉදන් අඩන බස්සෙක්ගෙ ඈඩියාව සැරින් සැරේම ඇහෙනකොට මං ඔලුව බිත්තියට ගහගත්තා වගේම අප්පච්චි සුදු රෙදි කඩක් අරන් ඇවිදින් ඉස්සරහා උඩුවියනක් වගේ ගැට ගැහුවා ....
අම්...මියේ....අම්..මියේ....
අත්තම්මගෙ සුදු මහත්තයො...අපි කුක්කුවක් බොමු රත්තරනේ...
අම්මියගෙ..ත...අම්මී...හ්හ්...අම්.....මී....
මම ඔලුව බදා ගත්තා ....ගෙදර අදෝනාව එක්ක එක තත්පරෙන් වෙද හාමිනේගෙ ලේලි මැරිලයි කියන ආරංචිය ලැව් ගින්න වගේ යනකොට මුලිම්ම දුවගන ආවෙ ලුනු ඉල්ලන්න ආව ගැනි වෙනකොට මං බලාගන කෙසෙල් කදක් උඩ ඇවිලුන මැටි පහනක් බිම වැටිලා සීසිකඩ යනවා...
මැටි පහන බිම වැටිලා සීසකඩ ගියාද නැත්තන් සීසීකඩ කුඩු වෙන්න පොලවෙ ගැහුවද ...
අයියෝ.....වෙදහාමිනේ...මොකදෑ ඔහේලට උනේ....
මම බිම බලාගත්තා ...පපුව තවමත් ඉකි ගහනකොට අම්මා උන්නෙඅඩ අඩම අම්මවම ඉල්ලන කොල්ලට පිටි එකක් හදන ගමන් වෙනකොට මගෙ දකුන අත කවුරු හරි ඇද්දා ...
" වරෙන් ඇතුලට"
අග්නී.....එයා මාව ඇතුලට අදිනවා...වෙනදට නම් එයා එක්ක චුට්ටක් තරහා උනත් මම ගස්සන පද්දන එකේ අද මම ඔහේ එයාගෙ පස්සෙන් ගියා ...
ගෙයි කඩුල්ල පහු කරන් එන මිනිස්සු ගාන වැඩි වෙනකොට අම්මා නැති ලමයා විදිහට මගෙ පොඩි එකාව හංවඩු ගහන්න ගැනුනා.. ..රෑ කියලා නොබලා...ටකරන් මඩු....ටියුබ් ලයිට් එලි ප්ලෑශර් වදින ගමන් කොල්ලො කුරුට්ටො කැරම් බෝර්ඩ් හොයන් ගෙට වදින්න ගත්තා
මං තනි උනා අග්නී ....
ඇද උඩ ඉදන් හූල්ලන මම් ජනේලේ ගාව ඉදන් එන යන උන් දිහා බලන් ඉන්න එයා දිහා නොබලා මිමිනුවා.....ඇස්වල පිහාටු කදුලු වලටම ඇලිලා තියනකොට එයා මගෙ ගාවට ඇවිදින් ඉදගත්තා ...
වෙනදට තියන නපුරු මූන වෙනුවට එයාගෙ මූනෙ තිබුනෙම අනේ අඩන්න එපානෙ කියන බැල්ම උනත් මට නාඩා ඉන්න හයියක් නැති වෙනකොට එයාගෙ සීතල ඇගිලි මගෙ කම්මුල් පුරාවටම ගියා...
" යකෙක් වෙලත් මට උඹේ කදුලු බලන්න බෑ මැනික...."
මම ඇඩුවා...එයා මං අඩන හින්දමද කොහෙද එයාටම යකා කිව්වා විතරක් නෙවෙ මට මැනික කියලත් කිව්වා...
"උඹට අඩන්න ඕනා නම්...අඩපන්.....කදුලු හිදෙන්නම.....යකෙක් උනත් මට පුලුව උඹගෙ කදුලු වලට මගෙ උරහෙ තෙමන්න දෙන්න...මිනිස්සු ජාතිය හැමදාමත්....උරහිසක් හෙව්වෙ අඩන්න විතරමද කියන්න මම දන්නෙ නෑ ....ඒත්....උඹට ....අඩන්න ..ඕනා...නම්...මට ..පුලුවන් තනි රකින්න....."
අ..ග්..නී.....
එයා කියවනවා...එයා කියනවා එයාගෙ උරහිසට ඔලුව ගහන් අඩන්නලු....ඇත්ත..මිනිස්සු අඩන්න විතරක්ම නෙවෙ.....මිනිස්සු උරහිසක් හෙව්වෙ සැනසීමෙන් හුස්ම ගන්න...ඒත්....මිනිස්සු කවදාවත් හැම උරහිසක් උඩම ඔලුව ගැහුවෙ නෑ....ඔලිව ගැහුවෙම තමන්ගෙමයි කියන එකෙක්ගෙ උරහිසක් උඩ වෙනකොට මම පුපුරු ගහන ඇස් වලින් කදුලු හල හල අවසානෙදි මගෙ කදුලු යකෙක්ගෙ උරහිස් උඩ හැලුවා.....
තනිකම ...මෙච්චර වේදනාවක්...නම්.....ඇයි අපි ආදරේ කරන්නෙ අග්නී.....ඇයි...අපිට....ආදරේ දැනෙන්න දෙන්නෙ....මං තනි උනා...අග්නී....මං....තනි...උනා....
මම එයාගෙ උරහිස උඩ ඉදන් ඉකි ගහනකොට එයා අහන් උන්නා....
" උඹ තනි උනානම්...මම කොහොමද මෙතන ඉන්නෙ....උඹ තනි උනා නම්...මම මොකටද උඹට අඩන්න මගෙ උරහිස දෙන්නෙ ශිවන්"
අඩලා අඩලාම නාහෙ හිල් වලින් හොටු දියර එනකොට එයාගෙ අගිලි වලින් මගෙ ඇදිවත ගැලවිලා ගියා.....
"අලුත් ඇදුමක් ඇදගනින්...ඔහොම උන්නොතින් ලේ සුවදට තව තව උන් ඉව අල්ලයි....."
දැන් ඉතින්....ඉව ඇල්ලුවත්....කමක් නෑ අග්නි.....
.......
මට දැන් ඉතින්...මොනවා උනත්...කමක් නෑ අග්නී....
........
මම ඔහේ කියෙව්වා ....මලගෙදර පනිවිඩේ ගම වටේම කැරකෙනකොට මම එයා ගලවපු මගෙ උඩ කය ඇදුම බිම දාලා ජනෙල් කූරු වල එල්ලීගන එහා මෙහා යන මිනිස්සු දිහා බලන් උන්නා වහේම මග නිරුවත් පිටට සීතල හුස්මක් වැදුනා....ඒ එක්කම ඇග වැහෙන්න පොරවන රෙද්දක් වැටෙනකොට එයා මට එහා පැත්තෙන් හිටගන ඔහේ එලොය බලන් උන්නා...
" උඹට මොකක් උනත් කමක් නැති...මම ඉදලා මොකටද...උඹට එක එකා ඉව අල්ලනවා නම්.....මම ඉදලා මොකටද....කොටිම්ම...උඹට ජීවත් වෙලා වැඩක් නෑයි කියලා හිතෙනවා නම්....මම උඹ ලොකුවෙනකන් බලාගම උන්නෙ මොකටද කියපන් මගෙ ශිවන්....."
අග්....නී...
"එපා මා එක්ක කතා කරන්න....මම අඩන්න කියලා කිව්වට...අතාරින්න කියල කිව්වෙ නෑ කොතනකවත්.....අඩන්න ගහන උර හිස උඩම ඔලුව තියන් උඹලගෙ ජාතියේ උන් අහස උසට හීන මවනවලු නේද.....එහෙව්...එකේ...මට...කියපන්.....කදුලු විතරක් හලලා...මගින්...දුවන්න හදන්නෙ ඇයි කියලා...."
එයා මට බනිනවද....මගෙ හිත හදනවද කියන්න මම දන්නෙ නෑ ...ඒත් ඒ ඇස් අද වේදනාවෙන් පිරිලා තිබුනා...මම එහෙම්ම ජනෙල් කූරුවලට මගෙ ඔලුව හේත්තු කර ගන්නකොට මට ආයම ලමයාගෙ කට හඩ ඇහුනා.....අම්මී කියනවා ඇහුනා...අප්පුච්චියෝ ගානව ඇහුනා.....ආව උන් අයියෝ.....අම්මා නැති කොල්ලා කියනවා විතරක් නෙවෙ අම්මා හොය හොය අඩන බව දැන දැන කෝ අම්මා කියලත් අහනකොට අනේ මගෙ පොඩිඑකා අම්මී.....ගානවා....ඇයි දෙයියනේ මුන් මේ තරමට තිරිසන්....නැති බව දැන දැන ඇයි මගෙ නොදරුවගෙන් අම්මවම අහ අහ ඌව අඩවන්නෙ.....
අම්මී...ඊ.....අම්මි...යේ.....
මගෙ කම්මුල් තෙමාගන ආයමත් කදුලු වැලක් පහලට රීට්ටුවා....අම්මී...ආයම මගෙ කොල්ලා අම්මි කියන්නෙ කාටද
මගෙ කොල්ලා අම්මව අහනකොට මම හෙට ඉදන් ඒකට දෙන උත්තරේ මොකක්ද අග්නී..
මම මිමිනුවා..වේදනාව පපුව කෑලි කෑලිවලට කඩනකොට මම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.....එයා සද්ද නොකර උන්නා.....ඇත්ත...එයා මොනවා කියලා නම් කියන්නද....
" උඹලාගෙ ජාතියෙ උන්ට පුලුවන් නේද..අම්මට අම්මයි අප්පච්චි දෙකම වෙන්න.....අප්පච්චිට පුලුවන් නේද....අප්පච්චියි අම්මයි දෙකම වෙන්න.....ඉතින් එහෙම එකේ.....ඒකට...අප්පච්චිලා දෙන්නෙක් උන්නම මොකද..."
අ...ග්.....නී.....
" යමන් අර නොදරුවව අරන් වරෙන්.....පජාත නර හැත්ත මගෙ පුංචි එකාගෙ හිත තලනවා..."
අ..ග්නී...ඔයා....ඔයා.....
මන් කිව්වෙ උඹගෙ පුංචි එකාට අප්පච්චි වෙන්නම් කියලා මිසක් උඹට නෙවේ එකපාරක් දෙයක් කිව්වම කරපන්...දැන් යමන්....."
ජැක්කනේ...
ම්හුක්...කායයියත දොයිය මත හැදිලලූ....
ආයමත් කොටසකින් එන්නා....ම්ම්ම්....
උජේට ඩාර්ක් සෝල් අරන් එන්නාම්...
ගුත් නයිත්....සූට්....ඩීම්ස්.....
.මම
Ferdeesha ❤️💚😘 ....