WebNovels

Chapter 14 - 14

මම කොට්ටෙ අස්සට් මූන ගහන් මැරෙන්න හැදුවා..මේ යකා මහ වලත්තයෙක් වෙලා....එක එකාගෙන් කුනුහර්ප ඉගන ගන ඇවිත් මගෙන් එකින් එක එකින් එක අහනකොට මට දෙන්න උත්තර නැති වෙනවා .....එහෙන් මගෙ පුක ..කොයි වෙලෙත් ගහන්නෙම පුකට ...මට මේ පුක දැන් සාපයක් වේගන එන්නෙ...

" මොකද උඹ...."

එයා මගෙ ඉනට ඇගිල්ලෙන් ඇන්නා...මම නෙවෙ මූනක් ඉස්සුවෙ ....

"ආ...දැන් උඹ එහෙමද ...ශිවන්...."

එයා මාව හොලවනවා....හරියටම මම එයාව දේවාලෙ අස්සෙදි හෙලෙව්වා වගෙ එයා මාවත් හෙලෙව්වා ...ඒත් මම නෙවෙ මූනක් ඉස්සුවා ...

"අයියෝ....මේ පුක පොඩ්ඩ්ක් මිරිකුවා කියලා මෙච්චර ලැජ්ජද....අපෝ..මං දැකලා නෑනෙ...ඔයිට වඩා ඒවා අපේ යකින්නියො ගාව තියනවා...."

මම කොට්ටෙ හපා ගත්තා..මුගෙ තියන මසබාදු කම....නැත්තන් මොකටද ඔව්වා බලන්නෙ...

" හා හා නිදාගනින් මං යනවා.....මගෙ මැනිකෙ බලන් ඉන්නවා...."

මැනිකෙ....ඒ කියන්නෙ මූට යකින්නියක් ඉන්නව..චික්කෙ...යකෝ මූ මේ ගෑනියෙක් ඉදලත්නෙ මගෙ පුකට කෙල හලන්නෙ.....අනික ඒක තමා මූ මේ හැම වේලේම මන් ලව්වා කතන්දර කියවගන්නෙ...ආනෙ යකො...

මම හැරුනා....ඒකගෙ මැනිකෙ ගාවට යනවා කිව්වා විතරයි මම උඩ බෙලි අතට හැරුනා...මේන් යකො මූ කොන්ඩෙ හදනවා...

" මේහ්..."

මොකද අරකිට පේන්නද ඔය කොන්ඩෙ හදන්නෙ....වෙලහට ගින්දරී වගේ එකියෙක් වෙන්න ඇති ..කෑලි කෑලි වෙන්න ඉරුන ඇදුම් ඇදන් ..නියපොතු වවාගන....

" කව්ද උඹට ඔය බහුබූත ඉගැන්නුවෙ....යක්කු කියල ඉරුනු ඇදුම් ඇදන් ඉන්න පිස්සුද ..."

එහෙනම් ඔය හැම තැනම තියෙන්නෙ එහෙමනෙ ..දැන් මම ඉන්නෙ එහෙමද...

මං බලාගාන කාමරේ පුරාවටම එහා මෙහා යන ගමන් මට පේන්න උරහිසින් පහලට තියන කොන්ඩෙ එහාටත් වැනුවා මෙහාටත් වැනුවා.....

"මේහ්..."

මොකද ඒපාර...

" උඹලා ඔයා නානකොට ඔලුවට උලන්නෙ මොනවද....? ගෑනු තමා වැඩියෙම්ම උලන්නෙ....."

ඉක්කේයියා...අග්නි...තමුන් ගෑනු නානවා බලන්න ගියාද ...මොන වනචරකමක්ද අග්නි ඒ මොන වනචර කමක්ද...

මෙච්චර වෙලාම උඩ බෙලි අතට නිදාගන උන්න මම ලමයා නිදි කියන එකත් අමතක කරලා කෑ ගහගන ඇද උඩ ඉදගත්තා ...ගෑනු නානවා බලන්නෙ කලු කුමාරයා....මූ ඌව ආස්සරෙ කරන්න අරන්වත්ද ...චික්කෙ යකොඩෝ.....ඒක තමා මේ යකා මගෙ පුකටම ගහන්නෙ....

" කෑ ගහන්නෙ මොකද..මම උඹ නානවා බලන්න නෙවෙ නෙ ආවෙ ඇරත්..ඔව්වා අමුතුවෙන් බලන්න දෙයක් නෑනෙ....අර රූප පෙට්ටියෙත් ගෑනු නාන ඒවා යන්නෙ ඕනතරම් ...අර පහල වැව බලපන්කො.....ගොරකා අත්තක් උඩ ඉදගත්තම ඔක්කෝම පේනවා...දිය රෙද්ද ඇදන් ගගට බහින ගෑනු ඔලුවට එක එක විච්චූරන උලා ගන්නවා....උඹලා විහින් අපිට බනිනව...උඹලා දන්නෙ නැද්ද යක්කු ගදට සුවදට දෙකටම එනවා කියලා ....

ඉර බහින්ඩ අඩ හෝරාවක් තියලා ඒකිලා යකඩ පනිට්ටුවක් උස්සන් දිය රෙද්ද ඇදන් වතුරට බහිනවා.....ඔන්න ඉතින් අත්තක වහපු කිරිලිල්ලියො වගේ ඉවරයක් නැතිවම කැකිරි පලනව....ඉක්කේ...ඉක්කෙ....උන් කියන කුනුහරුප....ගෑනු ජාතිය නම්....උඹලා හිතන් ඉන්නෙ ඒකිලා හරි අහිංසකයි කියලා....ගෑනු රොත්තක් ඉන්න තැනකින් කොල්ලෙක් ගියෝතින් මේකිලා ටික අර කොල්ලට කියන කතා බලන්ඩ ඕනා...ඒකිලාගෙ වැඩෙ දියබුන් ගගහා නාන එක....පදුරක් දිහාවට හැරිලා රෙද්ද කඩාගන සබන් අතුල්ලන එක...උඹලා දන්නෙ නැද්ද ගෑනුන්ට වහ වැටෙන එකා ගොම්මනේදි ගන් අයින් ගානෙ ඉන්නවා කියලා ...අඩුම ගානෙ උඹලට ගොම්මනේදි ගගවල් අයිනෙන් ....උනුපදුරු ගාවින් යනකොට සිනි ගදවත් ගහන් නැද්ද.....

මහ මෝඩ මිනිස්සු....පුලුවන් තරම් හෙලුවෙන් නටලා නටලා යක්කුන්වත් නරක් කරලා අවසානෙදි පුලුවන් තරම් පුසුඹ ගහන සබන් කෑලි ඇගේ උලන් මදිවට ගෙදර ගිහිනුත් උලාගන්නවා....උඹලා ඇත්තටම දන්නෙ නැද්ද ලමිස්සියො එහෙම තනිපන්ගලමෙ නිදියනකොට ඔය සුවද ජාති ඇගේ උලන්ඩ හොද නෑය කියලා .....උඹලම තමා ඒකව කුලප්පු කොරවන්නෙ...ඊට පස්සෙ මහ රෑට බෙරිහන් දෙනවා...ඒකා ඇග උඩ නැග්ගා ....තනයක් මිරිකුවා කියලා ....අත පත ගෑව කියලා....ඉතින් උඹලගෙ උන්ම නෙ පදුරු ගානෙ රෙදි කඩ කඩ පෙන්නන්නෙ...."

එය බනිනවා...යකින්නක් බලන්න යනවා කියපු එයා අර කොන්ඩෙත් හිස්මුදුනට අල්ලලා ගෙඩියක් වගේ ගැටගහගන ඇවිත් ඉදගන උන්න මාවත් කුනු මාලුවෙක් වගේ බිත්තිය අයිනට විසික් කරලා මගෙ කොල්ලව ඇදලා අරන් තුරුල් කරන් ගෑනුන්ට බනින්න ගත්තා ...මට පේන්නෙ අග්නියට ගෑනු අරහන්ද කොහෙද....නැත්තන් ඔය හැටි නහින්නෙ....

" අනිත් එක....උඹලා යක්කුන්ට පෙරේතයො පෙරේතයො කියලා බනිනවා...ඒ උනාට බලහල්ලකො උඹලාගෙ උන් බිත්තරයක් බැද්දම එලියෙ ඉන්න යකාට හරි මල පෙරේතයට කියලා හරි බිත්තර කෑල්ලක් එලියදානවා..ඒක හොයන්න එන පෙරේතයට වෙනම ගානක් දෙන්න ඕනා..... ඇයි ඉතින් ඒක ඇහැට පේන්නෙ බිත්තර කැල්ලක්නෙ....ඒක කන්ඩ කට අරිනවටත් පාඩුයි...අනික උඹලගෙ අම්මට කියපන්කො කුනුගොඩවල් වගෙ කරවල කෑලි පුලුටු කරන්ඩ එපාය කියලා.....බොම්බිලි නැත්තන් බලයි ගේන්ඩ කියපන් මං අනික්වට ආස නෑ...."

අනේ අම්මෙ අග්නි....කට කටර් එකක් වගේ ...කොහෙන්ද අග්නි ඔය කියවන්ඩ ඉගන ගත්තෙ . ..

"......"

කියන කරන දේවල් ඔක්කොම අහන් ඉදලා කවු කචර් එකක් වගේ ආපිට කියවනවා... ඔය කට කැක්කුම නැද්ද....

"ම්හුක් ....නෑනෙ....."

මම බලන් උන්නා.....මෙච්චර වෙලාම කියව කියව උන්න එයා කට රිදෙන්නෙ නෑනෙ කියලා ඉවර වෙලා මගෙ කොල්ලව හිමින් හිමින් ඉඹින්න ගත්තා .....අග්නිගෙ තාත්තා කොහොම යකෙක් උනත් අම්මා නම්...ඇත්තටම හරි කරුනාවන්ත ගෑනියක් වෙන්න ඇති.....නැත්තන් එයා කොහොමද ඔය කියන එක වචනයක් පවා හරි හැගීම් බරව කියන්නෙ....

සමහර දවස් තිබුනා අග්නි මාව තඹේකට මායිම් නොකරපු.... මම වචනයක් ඇහුවත් කත නොකරපු.....පුංචිම පුංචි දේකට වරු ගනන් දවස් ගනන් එක්කිලා උන්න..ඒත් ආපිට ගෙදරින් එන්න එනකොට එයා කොහෙ උන්නත් කන ගාවට ඇවිදින් " පරිස්සමින් මගෙ ශිවන්" කියලා ආයම යන්න යන හැම දාකම මම එයාගෙ අම්මා කොයිතරම් කරුනාවන්ත හදවතක් තියන් කෙනෙක්ද කියන්න මම තේරුම් ගත්තා .....

" මූ ගාව කුක්කු සුවදයි...."

අග්නියා කොලුවගෙ කට ඉව කරලා මූ ගාව කුක්කු සුවදයි කියනකොට මගෙ කට කොනට මහ වලත්ත හිනාවක් මතු උනා...

" ඇයි...අර මැනිකෙක් බලන්න යනව කිව්වා නේද දැන්....යන්නෙ නැද්ද...කුක්කු සුවද නම් ඒකි ගාවිනුත් එනවා ඇතිනෙ. .."

" උඹට නම් වෙලාවකට සහලෝලම පිස්සු.....පිස්සු පකෙක්...."

අග්නී....හ්....!! ඔහොම කුනු හර්ප කියන්න එපා අග්නි...මිනිස්සු කියන හැම එකම අහන් ඉදලා ඔහොම කියන්න පුරුදුවෙන්න එප...මේ කොල්ලත් දැන් පුරුදු වෙනවා...

මම එයාට බැන්න බැන්නා විතරක් නෙවෙ තෝඩුවක් දාන් උන්න කන් පෙත්තකුත් ඇදලා පිටට ඩෑස් එකකුත් දුන්නා....එකා හපලා හපලම මොට්ට උන නියපොත්තක් හපන ගමන් හිනා උනා.....මූ මහ නරකාදියෙක් වේගන එන්නෙ....

" දැන් නිදා ගන්න....."

ඇයි ....මොකටද මාව නිදි කරවන්න හදන්නෙ.....අර ඉන්නවයි කියපු එකීව බලන්න යන්න හින්දද ....?

"උබට නම් වෙලාවකට හාල්.."

ආයම අලුත් එකක්...ඒ.පාර හාල් ලූ...මේකා මේවල තේරුම් දන්නවදෝ මන්දා.....ඔහේ අහන් ඉදලා කියවනවා.....

" මේහ්...උඹලගෙ උන් ඇයි ඔය යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ කියලා, කියලා මහ රෑට වතුර වීදුරුවක් බොන්න කුසියට ගියත් ඒ කෙරවලේ ඉදන් මේ කෙරවලට යනකන් හූ තියාගන දුවන් යන්නෙ.....ඇරත් මේ උන් හිතන් ඉන්නෙ අපි උන්ගෙ මකුනු දැල් බැදුන ඇදන් යට ඉදන් නින්ද ගියහම කකුල් අල්ලන්න එනවා කියලා ...ඇත්තටම උන්ට පිස්සුද.... එහෙම කියලා නිකමට හරි කෙම්මුරේකදී අහම්බෙන් දැක්ක දාකට උන්ට හුජ්ජ යනවා කකුල් දෙකේම.....පිරිත් කියලා..කියලා අවසානෙදි තමා ඒකට හොද සිහිය එන්නෙ...ශිහ්.....අපිටත් එක්ක ලැජ්ජයි...."

මට නිදා ගන්න කියපු එයා ආයම මට ලැජ්ජා කරන්න ගන්න ගත්තා ..ඕකා ඔය නොකියා කියන්නෙ මට..මම තමා චූටි කාලෙදි කුසියෙ ඉදන් ඒ කාමරේට එනකක් හූතියන් දිව්වෙ ..මං තමයි රෑට නිදා ගන්න කලින් ඇද යට බැලුවෙ ...මටම තමයි දෙයියනේ චූටි කාලෙ කනා මැදිරියෙක් පස්සෙ දුවලා මං දිහා බලන් උන්න අග්නිව අහම්බෙන් දැකලා ඇදි වතේම චූ ගියේ...මූ නම් මහ නොසන්ඩාල යකෙක්....මගෙ මූන දිහා බලාගන මටම කියන කතා ....

මං මොකුත් නොකිය කට වහන් උන්නා...නැත්තන් ඕකා වක්කඩෙ කැඩුවා වගේ තව කියවනවා ...කොහේන් හරි මොකක් හරි අහන් ඇවිත් ඕකම කියවනවා ....එයා හොරෙක් වගේ මා දිහා බලලා ලමයා ගාවට ලන් උනා....අයියෝ.....ඒකට ඈනුමකුත් ගියා ....

අග්නී....

"බුජි..බුජි..."

අග්නි බොරු නොකර නැකිටිනවා ...

"ඇයි..."

බඩගිනී නේද ...

"හුම්.."

එහෙනම් නොකියා ඉන්නෙ...

මන් ආස ඒවා මෙහෙ නෑනෙ

ඒ පාර ආයම අලුත් කෑමක් හොයන් ආවද...

"අර රැලි රැලි තියන ඒවා...."

මොන...

අර රූප පෙට්ටියෙ දාන්නෙ....ඇරත් උඹ දවසක් ගෑනි එක්ක තනියම ගිල්ලෙ....නිකමට වත් පොඩ්ඩ වත් විසික් කෙරුවෙ නෑ බඩජාරියා....උඹලගෙ අම්මත් එදා වලදක් රත් කෙරුවෙ නෑ...ඇහැට පේන් නැති හාල්මැස්සෙක් දෙන්නෙක් අර ලෑල්ල උඩින් තිබ්බා ....දවසම උඹලගෙ අම්මගෙ පදේට නටනවා ....ඇත්තමයි මං උඹ හින්දා ඉවසනවා මිසක්කා නැත්තන් බොටුව මිරිකනවා ...."

දෙවියනේ අග්නි...

"ඇත්තනෙ...මටත් බඩගිනි එනවනෙ...."

එයා අහක බලා ගත්තා ...රූප පෙට්ටියෙ යනවලු...මං සාරන්‍යා එක්ක ගිල්ලලු....මට හිතට මොකක්ද වගේ උනා...මං කල්පනා කෙරුවා ....එයා මොනව ගැනද මේ කියවන්නෙ කියලා .....මම ආයම එය දිහා බැලුවා .....එයා අත් දෙක ගුලි කරන් ඇස් පියාගන ඉන්නවා ...අත් වල මැනික් කටුව කකුලෙ වලලුකර ගාව දකින වාරයක් ගානෙම මට මහ වේදනාවක් දැනෙනකොට මම නැගිට්ටා ...

අග්නී....ඔයා ඒකෙ නම දන්නවද....මම කාපු එකේ....

" දැන් මට මොකුත් එපා...ඔයා නිදාගන්න...."

එයා මට නිදාගන්න කිව්වා...ඒත් අග්නි කියන්නෙත් බඩගින්න දැනෙන කෙනෙක් ....මං කල්පනා කෙරුවා සෑහෙන්න කල්පනා කෙරුවා ....එයා මගෙ පුංචි එකාව අත් දෙකෙම්ම තුරුල් කරන් ඉන්නකොට මම ඇදෙන් බැහැලැ කුසියට ගියා ...

ඒ වෙනකොට අම්මා ආයම බිස්කට් පෙට්ටියක් කඩාගන බන්දේසි වලට දාන ගමන් උන්නා...

මගෙ පුතා අර කබඩ් එකෙන් කිතුල් හකුරු බෑව අරන් දියල්ලා..

අප්ප්ච්චිට සීනි හොද නෑ....

එහෙන් කෝපි සුවද එනකොට මම තසිමට වැටුන නයිස් විස්කෝතුවක් ගත්තා...වෙන මොකටවත් නෙවෙ..මං දන්නවා අග්නි මේකෙ තියන සිනි කැට සූප්පු කරන්න ආසයි.....වෙලාවකට කන...වෙලාවකට සුවද උරවන අග්නි හිටපු ගමන් මේ වගේ හරි පුංචි දේවල් කෙරුවා ....

වෙලාවකට මට හිතෙනවා අම්මා මේ අහිංසකයෙක්ව නේද් ගටගහන් ඉන්නෙ කියලත්.....මම කබඩ් එක ඇරියා.....තවමත් කිතුල් කොල වලින් ඔතපු කිතුල් හකුරු බෑව මම අතට ගන්නකොට මන් දැක්ක කබඩ් එක අස්සෙ ප්‍රීමා කොත්තුමී එකක් තියනවා...දෙයියනේ අග්නී...අනේ අග්නී එයා මේවද ඉල්ලුවෙ...රූප පෙට්ටියෙ යන්නෙ කිව්වා.....මමයි සාරන්‍යයි ගිල්ල කිව්වා...එයාට දුන්නෙ නෑ කිව්වා.....

මම කොත්තුමීය අතට ගත්තා ....මේවා හදන්න අකැප නෑනෙ...

අම්මා අතට හකුරු බෑව දීපු මම ලිපෙ හද හද ඉන්නෙ නැතුව වතුර එකක් රත් වෙන්න තියලා නූඩ්ල්ස් එක හයිය තියන උනු වෙන් නැති ප්ලාස්ටික් කෑම පෙට්ටියකට දාලා වතුර එක පැහැන කන් බලන් උන්නා....

මට සමාවෙයන් අග්නී.....

මම හිතින් මිමිනුවා ...කෝපි හදපු අම්මන්ඩිලා කෝපි ටික බන්දේසි වලට තියනකොට තවමත් ඇහැරන් ඉන්න ගැටිස්සියො එකා දෙන්නා...එකා දෙන්න ඇවිත් කෝපි අරන් යනකොට කුසියට අව් සාරන්‍යගෙ නංගි මාව දැකලා හැරෙන තැපෑලෙම්ම ගෙට යනකොට මන් බලාගන ඒකිගෙ අයියත් පිට මැදට ඩෑස් එකක් අතෑරියා.

පල ගෙට අහුමුලු ගානෙ දුවන් නැතුව....

වතුර එක පැහුනා... මම ඒ වතුර එකම අරන් අර නූඩ්ල්ස් එකට හලලා ටිකක් වෙලා තැම්බෙන්න තිබ්බා...

මේකට බිත්තරයක් දාන්න තිබ්බා නම්....ඒත් දැන් දාන්න බෑනෙ....ඔව්වා කාල යකා ගෙ උනත් බඩ රිදුනොතින් මම ඉන්න නෙවෙ ...

අග්නී.....

නූඩ්ල්ස් එක අරන් කාමරේ ඇතුලට ආව මම ලමයව තුරුල් කරන් ඉන්න අග්නිට ඇගිල්ලකින් ඇන්න.....එයා මා දිහා බැලුවා ...

ආ මේක....

"අරවද ..."

මම්ම්ම්....නැගිටින්න.....

මම එයාට ආයම නැගිටින්න කිව්වා .....එයා කයිද...නැත්තන් සුවද උරවයිද කියන්න දන්නෙ නෑ ...මම ඒක දීලා පොඩ්ඩක් කෙදිරි ගෑව ලමයව හරහට අරගන නලවන්න ගත්තා .

ම්හ්හ්...ම්ම්....අප්පුච්....චියේ...

ඕ...ඕ...බයියන්න බයියන්න මගෙ පුතා...

මං බලන් උන්නා .අනේ...අග්නියා දොන්ත බිබික්කමා...ඒකත් නූඩ්ල්ස් රැල්ලක් කටට තියලා සුරුස් ගාලා ඇදලා මාදිහා බැලුවා .

කන්න ඔක්කොම

" ම්න්..දෙන්නෙ නෑ...ඔක්කොම කනව මන්"

මට ඔන් නෑ...

මට හිනා ගියා . .එයා නිකන් පුංචි එකෙක් වගේ ...එක එක වෙලාවට එක එක වෙස් ගන්න අග්නි වෙලාවකට මෙහෙම හැසිරෙනකොට අවංකවම එයාගෙ නරක පැත්තක් තියනවා කියන්න මට හිතන්න වත් බැරි උනා...

අග්නී....

"ම්ම්ම්"

එයා රැල්ලෙන් රැල්ල උඩට ඇද්දා...ඇදලා ගිල්ලා..අපි වගෙ හැපුවෙ නෑ...

ඔයාලගෙ අප්පච්චි ....

"ම්න්.."

එයා කොයි වගේද....

මම එයගෙ අප්පච්චි කොයි වගේද ඇහුවා.....මොකද ....එයාගෙ අම්මා වත් එයාගෙ අප්පච්චිව දැකල නැති එකේ අපිට කවදාවත් එයාගෙ අප්පච්ච "ඉෆ්රිත්" මේ වගේ කියන්න පුලුවන් කමක් කොහොමත් නැති උනා මොකද ඉෆ්රිත් කියන්නෙ රූපයක් නැති....කටහඩ වගෙම ඇගට දැනෙන යක්ශයෙක්...අග්නි අම්මගෙ කුසේ ඉදලා තියෙන්නෙ හරියටම මාසයයි....

අග්නි විතරක් නෙවෙ . ඉෆ්රිත්ගෙ දරුවෙක් මව් කුසක් ඇතුලෙ ඉන්න හරියටම මාසයයි....ඒ හැමෝම ඉප දෙන්නෙ බඩ වැල නැතිව...හරියටම අග්නි වගෙම....

මම අග්නි දිහා බැලුවා....අග්නි කන එක පැත්තකට දාලා කල්පනා කෙරුවා .....

" නෑ....මං දැකලා නෑ....".

බොරු ..

" බොරු කියලා මන් උඹෙන් මොන ඇට කිරිඥ්ඥාවක් ගන්නද...."

අනෙ ඇත්ත කියන්නකො අග්නි....

මම එයාගෙන් ආය ආයම ඇහුවා .....

"සැරයක් කිව්වනෙ....මම දැකලා නෑ....මම අම්ම හින්දා පේන්න එනවා....ඒ වගේම අප්පච්චි වගෙ නොපෙන්න එනවා....මං සම්පූරනම අප්පච්චි වගේ උනානම්...මාව පේන්නෙම නෑ...කටහඩ අහන්න විතරයි පුලුවන්...හැබැයි දැනෙනවා....."

එතකො...

" මට මේක කන්න දීපියකො මනුස්සයො"

එයා මට බැන්නා..හරියටම අපි බනින්නෙ කන්න දීපියකො යකො ගානවා වගේ එයත් මට බැන්නා...

එයා ඒක රැල්ලෙන් රැල්ල කනකොට මම මගෙ කොල්ලව හරහට වඩාගන කාමරේ පුරාවටම ඇවිද්දා....

අප්පුච්චියේ ....

ම්ම්ම්...ඕ....

අප්පුච්චියා....කෝ..ත....

කව්ද...අර කලු කැත යකාද....

කොලු පැටියා නිදා වැටි වැටි අග්නියව අහනකොට මම කලුකැත යකා කිව්වා විතරයි ඒකා විලිස්සුවා .....

මගෙ දෙයියනේ ....අග්නි....ඒවා තියනවා...ඒවා තියනවා...අග්නි....අර උ දත් තියනවනෙ ....

මං ලමයවත් අරන් උඩ පැනගන අග්නියා ගාවට දිව්වා. ...

" උඹට මාන්දමද බන්?"

අග්නි....හ්!!

මූ මහ කුපාඩියෙක් කට ඇරියොත් කියන්නෙම කුපාඩි කතාවක් වෙනකොට මම ලමයව එක අතකින් බදාගන අනිතෙන් අග්නියට එකක් ඇන්නා..

"නිදාගනින් මැනිකෙ....උඹට තෙහෙට්ටුයි මගෙ ශිවන්....."

එයා කෑවා...කාලා ඉවර වෙලා පින් දුන්නා....පින්සිද්ද වෙච්චාවෙ කියලා කියපු එයා ආයම ඇදේ දිගා වෙනකොට මම බිත්තිය අයිනට ගියා එයා වැටේන පැත්තෙ....අපි දෙන්නම මැදින් ලමයා....

එයා බලන් උන්නා...මා දිහාත් බලන් උන්නා....ආයම ලමයා දිහාත් බලන් උන්නා.....

"ශිවන්....."

ම්ම්ම්....

" උඹ හෙට ගිහින් ආයම එනවා නේද ...නෑවිදින් ඉන්නෙ නෑනේද ශිවන්...."

එයා මගෙන් අහනවා එනවා නේද කියලා .....මම නෑවිදින් ඉන්නෙ මොකටද ....

මම නෑවිදින් ඉන්නෙ මොකටද අග්නි.....

" නෑ...උඹ එහෙම කරාවි කියලා මට බය හිතුනා ඒකයි...."

මං නාවොත් කොහොමද මගෙ කොල්ලා මෙහෙනෙ...මම නෑවිදින් උන්නොතින් මේකව බලන්නෙ කවුරුන්ද .. ..

"ම්ම්ම්..මොන දේ කිව්වා උනත්..මොන දේ ඇහුනා උනත්.....උඹ ගෙදර නෑවිදින් ඉන්න එපා ශිවන්.....මං බල්න් ඉන්නවා...උඹ නාවොතින් මගෙ හිත කැඩේවි .....ශිවන්...තවත් බලන් ඉන්න මට බෑ ...ඒක...මහ....වේදනාවක්...."

එයා කියවනවා...බලන් ඉන්න බෑ ඒක වේදනාව කියලා කිව්ව අග්නි මගෙ ඔලුව අත ගාන්න ගත්තා ...ඊලග තත්පරෙදි එයා එයාගෙ අත දිගෑරලා මාව එයාගෙ අත උඩට ගත්තා ....දැන් මම වගේම මගෙ කොලුවා දෙන්නම උන්නෙ එයාට තුරුල් වෙලා වගේ වෙනකොට අග්නි මා දිහා නොබලා මගෙ ඇස් මගෑරලා උන්නා.....එයා කල්පනා කරනවා...මට නොකියන දේවල් හුගාක් ගුරුන්වහන්සෙ කියයි කියන දේ එයා නොකියා කියන ගමන් එයා ඇස් පියා ගත්තා ...හරියටම එයා ඇස් ඇරන් උන්නොත් මමත් ඉදී වගේ...

මම ඇස් වැහැව්වා ...හැබැයි මං දන්නවා..මන් ඇස් දෙක වහන තත්පරේදි එයා ඇස් ඇරලා මා දිහා බලන් ඉන්නවා කියලා...ඒත් මම ඇස් පියාගත්තා ...මගෙ හිස කෙස් අස්සෙ එහා මෙහා යන එයාගෙ ඇගිලි වලින් සීතල වෙනුවට උනුසුමක් දැනෙනකොට මටත් නොදැනිම මට නින්ද ගියා වගේම සූප්පුව උරවන ලමයා තවත් ව්‍යාට තුරුල් උනා.....

*

*

*

"උඹලා පාරෙ යන කොට ප්‍රවේසමෙන් මගෙ ශිවන්"

" බඩ ගින්නෙ නොයිද මොනවා හරි කාපන්"

" ගුරුන්වහන්සෙට මොකුත්ම කියන්න ඕන් නෑ.....උන්දැ උඹ එනකන්මයි බලන් ඉන්නෙ..."

වෙලාව පාන්දර හතරහා මාරයි ..එයා කියපු විදිහට මම බිම් කරුවලේම යන්න ලැහැස්ති උනා.....මම ඇදගන්න ගමන් එහා මෙහා යනකොට එයත් මා එක්කම එහා මෙහා ආවා.අඩුම ගානෙ මට ටොයිලට් එකට වත් යන්න සැනසමක් තිබුන්නෑ මම කොමඩ් එක උඩ ඉදගන ඉන්නකොට ඒකා ඒක අස්සටත් ආවා..

ඒ.....හ්...අග්නී....එලියට යමන්කො.....

" අනේ...මන් උඹ කක්කි දානවා දැක්කෙ අදක ඊයෙක නෙවෙ...උඹ දැන් මහ මිනිහා වගෙ කොමඩ් උස ඉදගත්තට ඇම්බැට්ටයා කාලෙ රිව්වෙම අර පහල ගොරකා ගස් යට...ශික්කෙ...ශික්කෙ....උඹ එතනට ගිහින් ඇන තියාගන උඹේ වැඩේ කෙරෙනකන් කෝටු කෑල්ලක් අරන් බිම පුරාවටම උඹගෙ ඔය කුරුමිනි අඩු අකුරු වලින් බෝලා ...මල් පවා ඇන්දා ..."

අග්නී....

"ආ....ආ....ඇයි ඉතින් මැරෙන්න හදන්නෙ....බෙට්ට වටේට මල් කොල ඇන්දෙ අපිද....චික්කෙ...අපිත් ගියේ උඩින් පැන පැන....දැන් මෙතන මැරෙන්න හදනවා...අනේ නිකන් ඉදින්....මෙතන මැරෙන්න හදනවා.....ඕක මම දැකලම නෑනෙ...."

මට කොමඩ් එක ඇතුලෙ වැලලෙන්න හිතුනා...අග්නියා මට එක එක ඒවා කිය කිය එකා මෙහා වෙනකොට යටි බඩ පුපුරන්න තිබුන චූ බර මම බලෙන් නවත්තගන කලිසම දාගන නැගිට්ටා ....හැබැයි මම නැගිට්ටට වඩා ආයම ඉදගන්න හැදුවා...ඇඹරුනා....කකුල් දෙක මෑකරල් දෙකක් වගේ ඔතා ගත්තා ...

" මොකද උඹට පනු ගායද ..."

චූ බරයි ....

"ඉතින් කරපන්...මං ඕක ගලව ගන්නෙ නෑ..."

අනේ අග්නි යමන්කො...

" අනේ බන්..චාල්ස් කුමාරයට පවා තියෙන්නෙ ඔය ඇට දෙකම තමයි.....ඇරත් උඹ අර මැද ඇගිල්ල පෙන්නලා..."

දෙයියන්ගෙ නාමෙන්...කට පියන් පලයන්කො අග්නීහ්හ්හ්...

එක පිට එක වලත්ත කතා කියන අග්නියට මම හැන්ඩ් ශවර් එක ඇල්ලුවා....ඒකා වතුර පාර නාගන දොර අස්සෙන් යන්න ගියා ...මේ අග්නියා වලත්ත වෙලා තියන තරම....

" පරිස්සමින් ගිහින් වරෙන් මගෙ මැනිකෙ"

මගෙ කොලුවව බලා ගනින් අග්නි....ඌ උඹටත් අප්පච්චි කියන්නෙ ආදරේ හින්දයි...අනෙ මගෙ පුංචි එකාට කරදරයක් වෙන්න නොදි බලාගනින්....

මං ඉර එලිය බිමට වැටෙන්නත් කලින් එන්න පිටත් වෙන්න ලැහැස්ති වෙලා සැපට නිදාගන ඉන්න මගෙ පැටියා දිහා බැලුවා .....පව්...අම්මත් නැති දරුවා ...හිටපු ගමන් අම්මියේ කියලා කතා කරනකොට මගෙ පපුව වේදනා දුන්නා ....ආය ඉතින් කාට අම්මියේ කියලා කතා කරන්නද .....

මං එන්න හැරුනා ...ඒචූටි මූන දිහාබලාගන උන්න මම ලමයගෙ රිපෝර්ට්ස් ඔක්කොමත් අරන් එන්න ආවා ..

රෑ එලිවෙනකම්ම මිනිස්සුන්ට පාර පෙන්නපු කහපාට ලාම්පු එලි තවමත් පත්තු වෙනකොට ඉරටත් කලින් නැගිටලා ඉන්නෙ මම විතරක්ම නෙවෙ කියන්න මිනිස්සු එහා මෙහා ගියා ...චූන් පාන් කාරයො එක පෝලිමට දුවනකොට අවංකවම මට හිතුනා උන්ට පාන් විකුනනවට නෙවෙ ගෙවෙන්නෙ වැඩිම වේගෙන් එලවනවටයි ගෙවන්නෙ කියලා ...ඇයි ඉතින් පාන් රාත්තලක් ගන්න බලන් උන්නොත් උගෙ පස්සෙන් දුවන්න මාමයිට් ලොරියකට යටවෙලා වත් ඉන්න වෙනවා ..ඒත් නැත්තන් තහනම් උත්තේජක විදගන්න වෙනවා.....

ඒසි එක වෙනුවට ශටර් එක ලාවට ඇරපු මම සින්දුවක් දැම්මා....හිත අස්සෙ එකම මලගෙයක් වෙලා තියෙනකොට මට අඩන්න තවත් කදුලු තිබුන් නැති උනත්. .සාරාන්‍යා දරුවා ලැබෙන්න ඉන්නකොට නිතරම අහපු සින්දුවක් තිබුනා මරියසෙල්ගෙ සිහින නෙලුම් මල් එක.....ඒ සින්දු නම් කවදාවත් පරන වෙන්නෙ නෑ...මට තවමත් මතකයි...මගෙම ටී ශර්ට් එකක් ඇදන් එයා නෙරපු බඩ ගෙඩිය එක්ක කතා කර කර ඇතුලෙ උන්න සිහින නෙලුම එක්ක කතා කරපු හැටි .....චුට්ටක් දගලනකොට කෑ ගහලා හිනා උන හැටි . ....

ඒ හැම දේම අද මතක විතරයි ...මතක විතරමයි ..

එයා පරිස්සමින් රැකපු ඒ මලව අද බලාගන්නෙ යකෙක් වෙනකොට සමහර වෙලාවට මිනිස්සුට වඩා යක්කු හොදයි කියන එක මට මේ වෙච්ච කෙරිච්ච දේවල් වලින් සිය දහස් ගුනයක් විතර දැනිලා තිබුනා.....

හයිවේ එකෙන් දාපු මම ආයම පෑලියගොඩ හයිවේ එකෙන් මීගමුවට දැම්මා...මීගමුවෙන් තෝප්පුවට ආව මම එතනින් හරවලා කුරුනෑගලට එන්න ආවා...ලන්කා පිගන් සංස්තාවෙ ලමයි දනහිස ගාවට සුදු ගවුම් ඇදන් ට්‍රාන්ස්පෝට් බස් වලින් බැහැ බැහැ යනකොට ශෝ රූම් එකේ තිබුන සමහරක් පිගන් වල ගාන දැක්කම ඒවල කනවට වඩා හොදයි බැංකුවට උගස් තියන එක කියලා හිතුනා....බාගෙට බාගයක්ම ඉතින් රටනෙ පටවන්නෙ....ලන්කා සෙරමික් එක නම් ලාබෙට ඇති ...ඒත් මේක...එක පාරක් මයිනගෙ මූන ගහපු මග් සෙට් එකක් ඕඩර් එකක් ඇවිත් මොකක් හරි හුට පටයක් වෙලා ඒ හදපු මග් ඔක්කොම කුඩු කෙරුවලුනෙ.....

අනේ මන්දා..ඔව්වා ඉතින් අපේ බදු සල්ලිනෙ හාමුදුරුවනෙ...රට පටවන පිගානක ඩිසයින් ඒකෙ පොඩි ඩොට් එකක් වැරදිල තිබ්බත් ඒ සෙට් එකම ආපිට කුඩු කරනවලුනෙ..මොකද උන්ට ඩුප්ලිකේට් එකක් ලන්කාවෙ තියන්න ඕන් නැහැ කියවලුනෙ....

සල්ලි තියන උන්ට කන බොන පිගානටත් කැටයම්....නැති එකාට පොලෙ තියන ප්ලාස්ටික් කෑල්ලත් ඉස්තරම්.....ඔහොම තමා....

දන්කොටුව යෝගියාන.....පන්නල.....ඔය හැම දේම පහුකරන් මම ආවා...අඩුම ගානෙ තේ එකක් බොන්න වත් නැවතුන් නැ....මොකද මට බඩගින්නක් කියලා දැනුන් නෑ.....දුක කියන දේ පපුවටම දැනෙනකොට හිතේ ගින්දර බඩේ ගින්දර උදුරගන්නවද කොහෙද ....

මරිය සෙල්ගෙ සිහින නෙලුම් එක ඉවර වෙලත් හෝරා ගානක් ගිහින්....ඉර එලියටත් කලින් ආව මම ඉර එලිය වැටෙනකොට බන්ඩාර වෙද මහත්තයගෙ ගෙදරට ආවා....

කාර් එක පැත්තකින් නවත්තපු මං බැහැල හිටගන්නවත් එක්කම කොහෙන්දෝ ආව කොලු ගැටයෙක් මගෙ ඇගේ හැප්පුන...

ඉවරයි ....ඉවරයි ....යෝහ්....කොහෙ බලන්ද ලමයෝ එලි බහින්නෙ....දැන් ඉතින් වෙද සීයගෙ අත්තම්මා මාව මදනයා ගහපු අලියා ලව්වා පාගවයි....

ඌ මගෙ ඇගෙ හැප්පුන පාරට පත්තර පිටුවකින් ගොටුවක් ගහපු සීනි මුලක් ඉරාගන වැටෙනකොට අරකා නහින්ඩ හැදුවා ....

සංජාන...

යෝහ්....ඇයි පුතේ උඹලා වට පිට බලල ඩක්කුවෙ දොර අරින්ඩ එපැයිනෙ...

"සංජාන"....ගේ ඇතුලෙන් ආව ගෑනු කටහඩ එක්ක ඇතුලෙන් ආව කටහඩත් එක්ක මං ගාව උන්න පොඩි ඇටයා නහින්න හැදුවා 

හරි ...හරි සමාවෙන්න...මං හිතලා කෙරුවෙ නෑනෙ...මන් හිතලා කෙරුවෙ නෑනෙ...

ආ.....හිතලා කෙරුවෙ නෑ කියන්නෙ ..දැන් ඉතින් මට සීනි ගේන්න සල්ලි දීපල්ලා...ඇයි වදේ.....

මේකා වගේ නම්....ඒකා පුපුරන්න ගත්තා . සීනි ගේන්න සල්ලි ඉල්ලපු කොල්ලා මගෙන් සීනි ගන්න සල්ලිත් ඉල්ලන් කටේ බලේට මග වියදම කියලා රුපියල් පන්සීයක් . ...යකෝ මූ පන්සීයක් උදුර ගත්තනෙ...

ඒකා ආයමත් ඇදන් උන්න කොට කලිසම පිටින් පුවක් ගස් අස්සෙන් දුවනකොට මම ඇදුම හදාගන වෙද ගෙදර පිලට අඩිය ගැහුවා ....

ම්ම්ම්...ඔය ඉලන්දාරියා .....ආවා එහෙනම්.....

මම හිතන්නෙ....එයාට මාව මම කව්ද කියලා අදුන්නලා දෙන්න ඕනෙත් නෑ වගේ ....මට කියන්න තේරෙන්නෙ නෑ....එයා මම එනකම්ම බලන් ඉදල වගේ ...

පපුව ගාවට වැවුන සුදු රැව්ල....කිරි සුදු පාට මේස් බැනියම.....සුදු සරම බෝතල් පතුල් දෙකක් වගේ තිබුන කන්නාඩි කූට්ටමෙ යටින් බලන් උන්න බන්ඩාර වෙද මහත්තයා උගුර පෑදුවා.....

අපෙ මහත්තයා .....උදේට කන්ඩ බෙදන්ඩද ...

ම්ම්ම්...මේ කොලුවටත් එක්කම බෙදුවා නම්...කෝ අර කෝන්තර කාරයා...කඩේ ගියා ගියාමයි..තාම නෑනේද.....

එ ආවෙ වෙද හාමිනේද කොහෙද .....වෙද හාමින්ගේගෙ මූන නම්...පුදුම තරම් සිරියාවයි..... කම්බායක් එක්ක බෝරිච්චි කරලපු දිග අත් දාපු කපු හැට්ටයක් ඇදන් උන්න වෙද හාමිනේ මා දිහා බලල හිනා වෙලා පාර දිහා බැලුවා....

මේ කොලුවා අදත් අන්කරේකට පැටලුනාවත් දෝ....

ඒකගෙ අප්පච්චි කිව්වෙ ඕකව හම ගහලා හරි හදන්ට කියලා කොහෙද උඹලට ඉන්න එකම මුනුබුරා ගගා ඒකව බිබික්කම් කරනවනෙ...

මන් අහන් උන්නා....තවමත් පිලකඩේ උන්න මම අහන් උන්නා....අර මාපියා වෙද මහත්තයගෙ මුනුබුරෙක්ද කොහෙද ....

වෙද මහත්තයා ...මන් ආවෙ.....

එතනින් එහාට ඒ දෙන්නම මා එක්ක කතා නොකර පාර දිහා බලන් ඉන්නකොට මම උගුර පෑදුවා....

උඹලා කියන්ඩ ඕන් නෑ.... මොනාටත් කලින් කාලා හිටින්...කන්ඩ බෙදනකන්....මං එක්ක ආව නම්....

.වෙදමහත්තයා මට වචනයක් කියන්න ඉඩක් නොදී කාලා හිටින් කියලා කන්ඩ බෙදනකන් කියලා මාව උන්දා වෙදකාමරේට එක්ක ගිහින් සයිබෝට්ටුවක් ඇරලා කහ ගැහුන පොට්ටනියක් මේ සේ උඩින් තිබ්බා 

ඇරලා බලපල්ලා....

එයා කිව්වා මට ඒ කහ ගැහුන පොට්ටනිය ඇරලා බලන්න කිව්වා...මං ඒ පොට්ටනිය ලෙහලා වෙදමහත්තයා දිහා බැලුවා ....

මොකක්ද ඔය.....

එයා මගෙ දිහා බලලා ඔය මොකක්ද ඇහුවා .ඒක එකට ගුලිගැහුන මාලයක්....නිකන් එකක් නෙවෙ . බඹ ගානක දිග එකක්....එක ජාතියක ඇට වර්ග නෙවෙ .....ජාති ජාති ගොඩාක් එකට අමුනපු මාලයක්.....

මාලයක්....

.මාලයක්.....නිකන් මාලයක් විතරද.....

....

බඩ කට පුරවගන ....ඕන් ඔය මාලෙ ලෙහපන්.....හෝරා ගාන කීයක්ද කියන්ඩ දන්නෙ නෑ ....උඹලට තියෙන්නෙ නොගැලපෙන්ඩ එකට අමුනපු මාලෙ උඹ ලෙහලා...ආයම ගැලපෙන එව්වා එකට එකතු කරලා ඔය මාලේ ආයම අමුනපන්.....

මට හුස්මක් පිට උනා....එක කිලෝ ගානක් බර පොට්ටනියක් වෙනකොට මට අද නම් යන්න වෙන්නෙ ණැහැයි කියන එක එකට පැටලුන මාලෙ කියනකොට මම පොට්ටනිය ආයම වහලා දැම්මා...

🙂ආයම හෙට එන්නාම්.....

🤭ගුත් නයිත් . ...කායයියා බයියන්න යන්නෙ.....ඔය ලමයිනුත් බයියන්න.....

NEDEESHA

More Chapters