WebNovels

Chapter 49 - 49

සංජන හිනා වෙනවා....ඇත්තටම ඒ හිනාව මහ ගුප්තයි ...සමච්චල් සහගතයි.....වෛරක්කාරි ඇස් දෙකක් එක්ක තිබුන හිනාවෙන් තනිකරම කියවුනේම නිර්වාන්ගෙ අම්මට මීට වඩා දේවල් ඉස්සරහට වෙයි කියලා වෙද්දි මට ඉබේටම කෙල ගිලුනා.....ගෙයි අස්සෙන් තව තව පිගන් කෝප්ප කුඩු උනා...

සුරේන්...ඇයි සුරේන් මේ....

ඇයි මේ.....ඇයි කියල දැනගන්න ඕනද. .....පලවෙනි දෙ ....උඹට ගෑනු රූපයක් අහම්බෙන් හම්බ උන එකියක් ඒකයි.....මට කියපන්...කහ ඉරේදි ළමයෙක් හප්පන් එන තරමට උඹගෙ සිහිකල්පනාව තිබුනෙ...ආ අනෝමා.....?

සුරේන් අහන්න....ඒ ළමයා ළමයා ලමයයි පැන්නෙ සුරේන්....ඒ ලමයයි පැන්නෙ .. හිගන පැටව්ට මොනවා තේරෙනවටද සුරේන් ....

ඇත්ත...හිගන පැටව් ළමයි නෙවේ....උඹගෙ ලමය විතරයි ළමයා...එහෙමද අනෝමා...ම්ම්ම්

සුරේ...න්.....අනේ විකාර කතා නොකියා මට මේකට කරන්න දෙයක් හිතන්නකො සුරේන්.....මගෙ වාහනේ අදුනගත්තා නම්...දැනටමත්

ඔව්...උඹව සීසිටීවි වලට අහුවෙලා ඇති....දැනටමත් උඹ ගැන හෑලි ලියවෙනවා ඇති.....හැබැයි එකක් මතක තියාගන්නවා...තමුසෙගෙ ඔය විකාර වැඩ හන්දා....මගෙ ළමයි දෙන්නගෙන් එකෙක්ට හරි මොකක් හරි උනෝතින්...උන්ට පාරෙ බැහැලා යන්න බැරි උනෝතින් මේ සුරේන් නරකයි කියන්ඩ එපා අනෝමා....උඹට අච්චර හොද මිනිහෙක් එපා කියලනෙ මාවම ඕනා ගගා උන්නෙ.. නේ....

මම හිතුවෙ නෑ ඇමතියා මෙහෙමයි කියලා ....මං හිතන් උන්නෙ ඇත්තටම ඇමතියා මහ නරකයි කියලා .....සංජනට පොඩ්ඩක් වත් ආදරේ නැති එකෙක් කියලා....ඒත්....ඇමතියා කියන්නෙ සංජන ගාව වත් නිර්වාන් ගාව වත් පෙන්නන මුන තියන එකෙක් නෙවෙ.....

අනෝමා....,උඹ ඊලග ඉලෙක්ශන් එකට ඉල්ලන්නෙ නෑ තේරුනාද

සුරේන් .....ඔයාට බෑ එහෙම මට බලපෑම් කරන්න...මිනිස්සු අපිව ඉල්ලනකොට

මිනිස්සු අපිව ඉල්ලනවා....නිකන් විහිලු කතා නොකියා ඉදපන් අනෝමා...අපි පස්ස පාරෙ ගිහින් මොකක් හරි පුටු කබලක් බේසමක් දීලා හරි රස්සාවකට දාලා දෙන්නම් කිව්වම හරි උන් අර කතිරෙ ගහනවා මිසක්....ඒකෙන් මේකෙන් වැඩක් නෑ...මේපාර උඹ ඉල්ලන්නෙ නෑ....එච්චරයි ..උඹට තේරුනානෙ.....

මොන මගුලක්ද සුරේන් ඔයා මේ කියන්නෙ...මොන මගුලක්ද කියන්නෙ.....උනේ එක දෙයක් දැන් ඔයා කියන්නෙ වෙන දෙයක් මං මෙහෙ මගෙ ඔලුව ගිනි අරන් ඉන්නවා....ඔයා මෙතන වෙන දේවල් කියනවා...මොක්කද සුරේන් ඔයාට වෙලා තියෙන්නෙ?

නිරූ ....අපි....ආපහු යන්ද....

මං නිර්වාන්ව හෙලෙව්වා.....ගෙදර ආව අපි තුන් හතර දෙනා නෙවෙ මීක් කිව්වෙ.....සංජනගෙ මූනෙ විතරයි මෙතනින් වෙන හැගීමක් තිබුනෙ....ඒ ඇරෙන්න අපි හතර දෙනාම උන්නෙ ඇමතියගෙ ගොරනාඩුවට ගල්ගැහිලා වෙනකොට අච්චර ආවෙස වෙන උද්දච්ච මන්ත්‍රී ගෑනි පවා අද සැලන්ඩර් වෙලා උන්නා....

උඹගෙ ඔලුව තවම හරියටම ගිනි ගත්තෙ නෑ අනෝමා ....උඹගෙ ඔලුව තවම හරියටම ගිනිගන්නෙ මං උඹ නටපු නාඩගම් ටික හරියටම හොයපු දාට...මං උඹට කිව්ව් වෙලේ ආව නම්.....උඹට මේක වෙන්නෙ නෑ.....මගුලෙ ගියා..... උඹ කරපු වැරදි උඹම බෙරගනින්..

හරි...සුරේන් ඔයාට බැරි නම් ඔයා ඉන්න මං කරගන්නම්

ඔව් උඹ කරගනී...උඹ මොනවද කරන්නෙ...ම්ම්ම්.....කෝ උඹගෙ මිනිහා.....ඒ මිනිහත් නෑනෙ

ඒ මිනිහා නෑ කියන්නෙ සුරේන් ඒ මිනිහා යන්න ගියෙ තමුසෙ හින්දනෙ....

ඔව්....ඉතින් ඒ මිනිහට ඉවසන් ඉන්න පුලුවන්ද උඹට කොයිවෙලෙත් මා එක්ක හැමනෙන්න ඕන උනහම...අනෝමා...වීදුරු ගෙදර ඉදන් ගල්ගහන්ඩ ලෑස්තිවෙන්ඩ එපා....

........

උඹ දැන් ඔහොම උන්නා කියල තේරුමක් නෑ...පලයන් පොලිසියට .....ගිහින් කියපන්...මං ඕන දහදුරා වැඩක් කරනවා.හැබැයි මේ වගෙ සක්කිලි වැඩ කරන්නෙ නෑ...උඹ යන මගුලක පලයන්.....හැබැයි උයලා....උඹට ඇහෙනවනෙ.....නේ...ආ...

..සීතම්මා ඉන්නෙ ඒකට.තමයි සුරෙන්....සුරේන් කරුනාකරලා මගෙ ඔලුව නොකා ඉදපන් සුරේන් ..

..සීතම්මා....යකො සීතම්මගෙ අතින් කන්ඩ නම් උඹ මොන මගුලටද ...ආ....අනෝමා .....උඹ ගෑනියෙක් ....උඹ ගෙදර ඇවිත් ජීවත් වෙන්නෙත් මිනිස්සු ඉස්සරහා බොරුවට කැගහන අනෝමා විදිහට නම්....මේ සුරේන් එක්ක එව්වා බැ....මොනවා.උනත් මගෙ ගෑනි යකො .තුන් වේලම ඉව්වා...මම.ආවා නාවා ඉව්වා.....ඇන්දා නැතා....මගෙ යට ඇදුමෙ ඉදන් මැද්දා...

දැන් උඹට ඒකිව ඕනේද සුරේන් .....මෙච්චර දේවලුත් වෙලා තියනකොට දැන් ඒ පාර උඹට ඒකිව ඕනෙද... .

මට ඒකිව අමුතුවෙන් ඕන වෙන්න දෙයක් තිබුන් නැ...මට හැමදාම ඒකිව ඕනා උනා....ඒත් හෙනේට උන්නෙ උඹනෙ...නේ....අනෝමා...අනෝමා...කාත්කවුරුත් නොදන්න ...උඹගෙ පැටිකිරිය දන්න එකම එකා මම....හොදට මතක තියන්.....මාත් එක්ක ජීවත් වෙයන් තේරුනාද උඹට ම්ම්ම්....තේරුනාද.....කතා කරපන්....

ආව්....හ්..සුරේන්....අනේ.....රිදෙනවා.....

මට ඉබේම නිර්වාන්ගෙ අත විතරක් නෙවෙ...සංජනගෙ අතත් මිරිකුනා...මොකද ....අපි හැමෝම ගල් පිලිම වගෙ බලන් උන්නෙ හුස්මක් වත් නොගෙන ....පිටතට කිරියි පැනියි වගේ ඉන්න ඇමති ජෝඩුව කාගන්න හැටි දැක්කම මටම විස්වාස කරගන්න බැරි උනා...

ඇමතියා උන්නෙ නිර්වාන්ගෙ අම්මගෙ කොන්ඩෙ කිටි කිටියට අල්ලගන.....මේ ගෑනි සැලන්ඩර් වෙනවා දැක්කමයි මම.....නිර්වාන් නම් ඉන්නෙ මේලෝකෙ එකෙක් නොවුන් ගානට වෙනකොට මෙතනින් නාඩි වැටුන එකම කෙනා සංජන විතරක් උනා....

සංජන...අයියෙ....

මට කෙදිරුනා...මොකද ....සංජනගෙ ඇස් දිලිසුනා.....ඒ ඇස් හිනා වෙනවා...වෛරය පිටාර ගලන හිනාවක්.....කට කොනින් හිනාවක්....හරියටම මගෙ නිර්වාන් හිනා වෙනවා වගේම කටකොනින් හිනා වෙලා උන්න සංජනගෙ අත හොලවපු මං කෙදිරුවා....

දන්නවද චූටි.....ඩැඩා කවදාවත් මගෙ අම්මට අත උස්සලා නෑ.....හැගීම් වලින් රිද්දෙව්වා මිසක්.....කවදාවත් ...වචන වලින් තමුසෙ කියලා වත් නැ....අන්න ඒකමයි සයාශ් මට ඩැඩාව කොච්චර උනත් අතෑරගන්න බැරි...කමක් නෑ...ඔය පටන් ගත්තා විතරයි...උඹ අහලා තියනවද මල්ලි.....සමහර යක්කු දුම්මල ගහලවත් එලවන්ඩ බෑය කියලා .....හැබැයි....කට්ටඩියා මාරු උන ගමන්...දුම්මල නැතුවම උන්ට දුවන්ඩ වෙනවා....උඹ ඔය දකින්නෙ...සුරේන් ඇමතිතුමාගෙ අල්පමාත්‍රයක් තරම් තරහවක් විතරයි .....ඒ තරහව නිර්වාන්ට යන තරහව වගේ දහ ගුනයක්...මට යන තරහව වගෙ දහ ගුනයක්.....ගහෙ කටු උල්කරන්ඩ ඔන් නැ.කියන එක දැකලා නැත්තන් .....සුරේන් ඇමති තුමාගෙ තරහා ගිය ඇස් දිහා බලාල අපි දිහා බලපන්.....

මට කියන්න කිසි දෙයක් කටට ආවෙ නෑ...එයා.මට චූටි කිව්වත් නිර්වාන් හැරිලා රවලා බැලුවෙ නෑ....නිර්වාන්ගෙ පොලිස් අප්පච්චි ගෙ අතින් ගුටි නොකාපු අම්මා ඇමති තුමාගෙ අතින් කන්න හදනවා දැකපු නිර්වාන් තක්කු මුක්කු වෙලා බලන් උන්නා...

මේ ගෑනිවයි ඕසන්ට් ගේට් එකෙ යවන්න තිබ්බෙ නේ සෙනූ...

කටවහන් ඉදපන්...නැත්තන් මං එකක් හදලා උඹව යවනවා...

අනේ.....

අපේ එකා පිස්සු කියවනවා...මෙච්චර හරියක් වෙනකොට ඌ මරු කියවනවා.....නිර්වාන්ගෙ අම්මා උන්නෙත් බෙල්ල ඇදකරගන...ඇත්තටම මෙ ගෑනි අර ලමයව හප්පලා දාලා මොන හිතකින් නම් ආවද...???ඔව්...ඉතින්.....අනිත් හැම මගුලමත් කරලා ඇගබේරගන්න ගැනිට හිතෙන්න ඇති දැන් ඇමතියා ඉන්නෙ තමන් ගාව හන්දා ඕන මගුලක් කරගන්න පුලුවන් හන්දා....

නිර්වාන් ....ඔහොම නැවතියන් ....

නිර්වාන් මගෙ අත ගැසුවා....අපි හැමෝවම දාලා යන්න හැදුවා.....මොන තරම් දේවල් කෙරුවත්...ඒ ගුටි කන්නෙ තමන්ගෙ අම්මනෙ ....අම්මා..කියන හැගීමනෙ කියන එක දැනුන නිර්වාන් එතනට යන්න හදනකොට නිර්වාන්ගෙ උරහිස් උඩ හයිය හත්තිය පිරුන අත් තුනක් තිබුනා.....එකක් සංජන....එකක් ශෙනිරු ...අනික....ශාක්‍ය...උන් තුන්දෙනාගෙම ඇස්වල තිබුනෙ අනුකම්පාවක් ගෑවිලා වත් නැති.බැල්මක්...හරියටම අනෝමා ප්‍රේමචන්ද්‍ර මේවා විදින්න ඕනමයි කියන හැගීමක්.....

නිර්වාන් නැවතුනා....

නෑ...නිර්වාන්ට නවතින්න සිද්ද උනා....මේ වෙලාවෙ හැටියට මට නිර්වාන්ගෙ පැත්ත ගන්න නම්.කොහොමත් බැරි උනා.....

රිදෙනවා....ඇත්තට.....උඹට රිදෙනවා.....මං මේ පොඩ්ඩක් අත තද කෙරුවම උඹට හරී ලොකුවට රිදෙනවා.....එතකොට ...අර ලමයට....ඒක....එතකොට ....උඹ අතින් රිදුන මගෙ ලමයට.....මට මේක කියපන් අනෝමා....මොන හේතුව උඩද සංජනට ලන්වෙන්නෙ...???මගෙ හිත ගන්න...නැත්තන් ...සංජනගෙ හිත උඹගාවට නම්මන්න....එහෙමත් නැත්තන්....නිර්වාන්ට රිදවන්න...ම්ම්ම්

මං...සංජනට ලන් උනේ...ඒ දරුවට අම්මා නැති හන්දා සුරේන්....නැතුව වෙන මොනවටද.....

අම්මා නැති හන්දද....නැත්තන්....උඹ අම්මව නැති කරපු හන්දද.....ම්ම්ම්....ආ.....අනෝමා...

කොල්ලගෙ අම්මා නැති උනාද ...නැත්තන්....කොල්ලගෙ අම්මව....නැති කෙරුවද....

සුරේන්!!!

සංජන...ඔහොම ඉදින්....

සංජනගෙ මුනෙ හිනාව නැති උනා....මෙච්චර වෙලාම තිබුන අර වියරු හිනාව එක පාරම නැති උනා...එයා යන්න හැදුවා...යන්න නොදී නවත්තගත්තු නිර්වාන්වත් පහුකරන් එයා යන්න හැදුවා...හැබැයි එතනදි නිර්වාන් සංජනව අල්ලගත්තා .....

උඹ මම..නොදන්න...පාපොච්චාරනයක් ඇති...සංජන...නැවතියන්....

නිර්වාන්ව වෙව්ලනවා....සංජනව පුපුරන්න එනවා...මෙ දෙන්නටම මැදි උන මම කාව නවත්තන්නද හිතන්න බැරිව උන්නා...ඔක්කොටම වඩා බයට මගෙ පපුව ගැහෙනවා.හරියටම මහ රෑක....කාත් කවුරුත් නැතිවම...මුලු ගෙදරම ලයිට් ඕෆ් කරන් ටීවි එකේ එලියෙන් විතරක් හරි....ඵෝන් එකේ එලියෙන් විතරක් හරි ඉන්න ගමං හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ...හරියටම ටීවි එකේ ඉන්න හොල්මන එකපාරම පිටිපස්සෙන් ඇවිදින් උරහිසට අත තියනවා වගෙ හැගීමක් මට දැනෙන්න ගත්තා .....

සුරේන්....ඔව් මන් සුරේන්... උඹට ඕන හැමදේම දැන් ඒ විදිහටම උනානෙ....මං උඹ ගාවට ආවා...මට මගෙ කොල්ලව හම්බුනා ..උඹට ඕන උන දේ වගේම මට ඕන උන දේත් උනා...හැබැයි....එහෙම කියලා .....උඹ හිතන්ඩ එපා...එකෙක් වෙනුවෙන් තව එකෙක් බිල්ලට දෙන ජාතියෙ තාත්තෙක් කියලා මම.....මට දෙන්නම එකයි.....සංජගෙ අස්වලය මේ තාත්තා නරක ඇති...හැබැයි...උ නොදන්නවා උනාට.....ඌ දිනපු හැමදාම මං බලන් උන්නා....මට උනෙ...ළඟ උන්න එකාට වඩා දුර ඉන්න එකාවත් ඕන උන එක....හැබැයි....දැන් උන් දෙන්නම ඉන්නෙ මගෙ ළඟ අනෝමා.....

උඹට මං මෙච්චරයි කියන්නේ....මගෙ ළමයි ආස දේ....ආස නැතිදෙ බය දෙ...බය නැති දේවත් නොදැන....නිකන් ලන් වෙන්න හදන්න එපා.....තේරුනාද....උඹ ඔය තරම් හොද අම්මා නම් කියපන් නිර්වාන් ආස මොනවටද.....උගෙ උස උගෙ බර.... මේ මොනවත් උඹ දන්නවද.....ඌ කීපාරක් පන්තියෙ පලවෙනියා උනාද ...ඌ කීපාරක් උඹ හින්දා අඩලා තියනවද මේ මොකුත් උඹ දන්නෙ නෑ....උඹ අහපන් මගෙන්....උඹ අහපන් මගෙන්....මට පුලුවන් යකොඇස් දෙක වහන් හරි උන් දෙන්නගෙම ගැන කියන්ඩ. ...අනෝමා...අබේසේකර වගේ නෙමෙ මං.....උඹ පොලිස්කාරයවයි මාවයි පටලවගන්ඩ හදන්ඩ එපා....මං දෙයක් කියන්නෙ එක පාරයි....උඹ දැනගනින් ඒක කරන්ඩ....දෙවනි පාර මං කියන්නෙ නෑ....කරවල පස්ස බලනවා මිසක්

අව්හ්...සුරේ.....න්

දැන් උයපන්...කඩ කෑම බෑ...සීතගෙ කෑම බෑ...උඹට මිනිහෙක් ළමයෙක් ඕනා නම්...එකටම හොද ගෑනියෙක් වෙයන්...හොද අම්මෙක් වෙයන්....රට හදන්ඩ කලින් මට තෝව හදන්ඩ ඉඩ නොතියා....වැඩ කරපන්

අනික ...තව දෙයක්....තව සතියක් දෙකක් වෙන්න ඇති...උන්ට විභහගෙ...මැච් ගැහිලි.....අරහෙ මෙහෙ යැවිලි මොකුත් බෑ....උඹගෙ පක්ශ කාර්‍යාලෙ උන් මෙහෙ ඒම බෑ....කොටිම්ම මගෙන් නාහා මේ ගෙදරට මැස්සෙක් වත් එන්ඩ බෑ.. විශේශෙන් අර බාර් කාරියො....මහ බාර් කාරියි පොඩිබාර් කාරි ...උන්ට මෙහෙ බෑ...

සුරේන් මේක මගෙ ගෙදර ...මගෙ ගෙදරට එන්නෙ කව්ද නැත්තෙ කව්ද මොකාද තීරනෙ කරන්නෙ මම....අනික....ටානියා දුවව නිර්වාන්ට කතා කරල ඉවරයි.....ඒ මගෙ හොදම යාලුවා.....අනික...අනික මට ටානියගෙ අම්මගෙ කොච්චර උදව් තියනවද සුරේන්...කැම්පේන්ස් වල බාගෙට බාගයක්...මෙ හැම දේම ටානියලගෙ.....අනික.....නිර්වාන්ට ඒ කෙල්ල එක්ක ජිවත් වෙන්න බැරි ඇයි.....මොනාද අඩු...ලස්සන සල්ලි....මේ හැම දේම තියෙන්නෙ.....ඔයා..ඔයා කොහොමද එහෙම කියන්නෙ සුරේන්.....ආ....ඔයා කොහොමද මට මෙහෙම කතා කරන්නෙ...?

උඹ මගෙ ගැනි!කතාව ඉවරයි....නවත්තපන්.....මං නවත්තනව කියන්නෙ උඹ කතා කරන එක නෙවෙනෙ ....උඹත් නවත්තන්ඩ ඕනා කියන එක.....දෙක .....නිර්වාන් බදින්නෙ කාවද ..කවදද...කොහෙද තීරනේ කරන්නෙ මම ...උඹවත් ..නිර්වාන්වත් නෙවෙ.....ඌටත් එහෙමයි අනිකටත් එහෙමයි....උන්ගෙ ගෑනු මොක්කුද...කියන්න තීරනෙ කරන්නෙ මම...නැතුව උඹ නෙවෙ...

මම අම්මා සුරේන්

කාගෙද.....? උඹ කාගෙ අම්මද....?? උඹ අම්මෙක් නම් කොහොමද ලමයෙක් හප්පලා දාලා ආවෙ...හරි උඹ අම්මා නම්...දැන් පලයන් ගිහින් බාර වෙයන්.....පුලුවන්ද ....ම්ම්ම්...පුලුවන්ද ....කියපන්.....

ස්..සුරේ....න්.අනේ...සීතම්මා...සුරේන් අතපයේ හයිය පෙන්නන්....ආව්....හ්....

කට පරිස්සමින්.....උඹව මම මකවනවා...උඹගෙ දේවල් වලට ළමයි ගාවන්ඩ බෑ...උඹට ටානියවද මොකිවද ඔච්චර අගේ නම්...බැදගනින් ඒකිව...හැබැයි.....මගෙ උන් දෙන්නෙ නෑ....අප්පා.මොකාද නොදන්න ටානියා

සුරේන් ....!

ශ්ශ්...සද්ද එපා....නොදැන නෙවෙ කතා කරන්නෙ....හරිද.....මීක් නොගා පලයන්...දැන් ගිහින් උයපන්....නැත්තන්

...අ...අව්හ් ...සු...රේන් අත....අනේ ...සීත...ම්මා.....

ඩැඩා....

ස්....ස්.ස්සංජන...නිර්වාන් .....

මීට වඩා කිසි දෙයක් අපිට බලන්න බැරි උනා...සුරේන් ඇමතියා නිර්වාන්ගෙ අම්මගෙ අත බෝංචි කඩනවා වගේ කඩන්න යනවත් එක්කම සංජන ඇතුලට ගියා.... එ පස්සෙම්ම නිර්වානුත් ගියා ..මගෙ නිරූ ගියා නම් මම නොගිහින් කොහොමද ...?

ඇයි ඩැඩා මේ....

මේ අනෝමා ආන්ටිගෙ අත මොකක්ද වෙලා සංජන.. ....නිර්වාන් .....කොහොමද ....

ඇමතියගෙ පච...අපි නොදැක්කද අතට මොකක්ද උනේ කියලා ..අනේ සාධු....අනේ...සාධු....අපේ ලොකුවා කිව්වත් වගේ මේකිව තමයි ඕසන් ගේට් එකේ යවන්න තිබ්බෙ.....ආවා මෙතන මගෙ නිරූව එක එක බාර්කාරියන්ට දෙන්න...අපිත් මේ මිනිස්සු තියන් ඉන්නෙ වෙන උන්ට දෙන්නඩද.....ඇමති ඩැඩියා කියන කතාව ඇත්ත.....

කමක් නෑ..අද ඉදන් මං සුරේන් ඩැඩාගෙ පැත්තෙ... ....

චූටි....ඉදගන්න.....

බබී එන්න ඉදගන්න.....ශාක්‍ය...

කොල්ලො ටික මොනවද කන්නෙ...අනෝමා...මේ ලමයිට මොනවද දෙන්නෙ ...

නිර්වාන් මාව කෑම මේසෙන් ඉන්දෙව්වා .....ලොකුවව එකගෙ වාහෙ එක්කන් ආවා වගේම සංජන එහාට යනකොට මෙහාට යනකොට සංජන සංජ්න දිහා බලාගන පිලිකුල් භාවනාව කර කර උන්න නලුවටත් කතා කරපු ඩිපූටියා අපි ගාවින් ඉදගත්තා..ඒ එක්කම මගෙ මාමන්ඩියා ආවා.....

ම්හුක්...මොනාත දෙන්නෙ අහනවා...අපෙ සුතර්මගෙන් අද වතුර උගුරක් වත් නැතිවේවි.....හන්ස්සක් කැඩෙන කන් අද ගහාවි.....ගුටිකන්නත් සත්තිය එපැයිනෙ .....

අනේ ඩැඩී....අනෝමගෙන් නාහා අපෙන් අහපන්කො.....කොත්තුවක් වත් ඉල්ලන්ඩ.... ම්හුක්....

සුරේන් මෙයාලට චයිනි

චයිනිස්...මේ ලමයිට චයිනිස් ගිල්ලන්ඩ...විකාරද අනෝමා.....?සංජන මොනවද ඕනෙ....නිර්වාන් ....

චූටිට මොනවද ඕනෙ

මගෙ ගාව ඉදන් උන්න නිර්වාන් කනට කරලා මගෙන් මොනවද ඕනෙ අහනකොට මං ඇස් කැරකෙව්වා....ම්හුක්.....ඒ උනාට මට ඕනෙ චයිනීස්නෙ.....👉👈

නිරූ ...

ම්න්...මොනවද

චුචියට.....චූචියට.. . . කොත්....තු...වක්...කන්න හිතීගනනෙ...එන්නෙ.......අනික...අපේ...ලොකුවත්...ආසයිනෙ

නෑ....කවුරුත් කොත්තුකන්නෙ නෑ....ඔයාට ඕනා නම් කන්න සයාශ් බබීට ඕන් නෑ

..ආ..ආ..ආ...සෙනූ මේහ්.....දැන් කිව්වනෙ සතියක් යනකන් මට ඕන දේ කරනවා කියලා .....දුන්න පොරොන්දු රැකපන් සෙනූ....මටත් චූටියට වගේ කොත්තු ඕනෙ...අනික අපි දෙන්නා දැන් ගිහින් ගුටිකන්නත් ඕනෙ නේද චූටියා..

ඒකනෙ....චූචියට ගහන ඒවා දරාගන්න සත්තිය එපැයිනෙ....නිරූ....

ම්න්...ඇත්තට....ගහන ඒවා දරාගන්න සත්තිය නැද්ද මගෙ චූචිට

ඔව්නෙ....නිරූ 

සත්තිය ගන්න කොත්තු අරන් දුන්නොත් ඕන තරම් ගැහුව හැකිද....

ඔව්නෙ....එතකොට සත්තිය...එනවනෙ....

 

ඔයාටත් ගහන්න ඕනා නම්....චූචියට කොත්තු අරන් දීලා ගහන්න නිරූ.....

ම්න්...අරන් දීලා ගහන්නම්කො

ආතරෙයි....නිරූ.....

මං කුටු කුටු ගගා කට උල්කෙරුවා ... කොත්තු අරන් දෙන්නම් කියපු හන්දම ආදරෙයි කියලත් කුටු කුටු ගෑවා.....අරූ එහෙන් පොරොන්දු රැකපන් කිය කිය අරූව කොනිති ගහනකොට මං බලාගන සංජනයයි නලුවයි වෙනම ගේමක් යනවා...ඒ මොකද උන් දෙන්න කරන්නෙ ...කතා කරන්නෙ නෑ...මුනට මූන බලන් ඇස් එහා මෙහා කරනවා...එව්....ඒ පාර මූත් පටන් අරන්ද...

අනේ සුරේන් ඩැඩියො....අපේ චින්තකට වගේම ඔයැයිටත් ඉන්නෙ බෑනල දෙන්නෙක්තෝ....මන්තා....හ්ම්..හ්ම්...සාක්‍ය අයියෙ....උඹත් හොරාවට හොරාවට...ආතරේ මන්තිරෙ සදලුතල එලි කරන්න පටන් ගත්තා එහෙනම්....ඈ

ඩැඩා....

මොනවද ඕනෙ සංජන...

ඩැඩා කොත්තු ගේමුද

කොත්තු...?

ඔව් නිර්වානුත් කැමතිනේ....

නෑ නෑ...කොත්තුවල පිටි සුරේන් එපා ඔව්වා නිර්වානට ගිල්ලන්න.....

අනෝමා....

පිටි කෑවම....

අනෝමා....ඩිලිවරියට කතා කරලා ගෙන්නලා දෙන්න....

ඇයි සුරේන්

එතකොට මේ කොල්ලා කන්ඩ ඕනෙ අමු එලවලු අමු පලතුරු එක්ක තෝරපු බේරපු කෑම විතරද අනෝමා....දෙයක් කිව්වම...කරනවා...!!

ඩැඩා ඇති.....

මාව ගැස්සිලා ගියා..මාව විතරක් නෙවෙ ...නිර්වාන්වත්....බොරු කියන්න ඕන් නෑ...දැන් නම් මට කොත්තුත් එපා උනා.....කොටිම්ම මෙහෙ ඉන්න බෑ කියලා හිතුනා...මට ගෙදර යන්න හිතුනා...ඇමතියා වගේම මන්ත්‍රී ගෑනි අපි ඉස්සරහ කතා කරන්නෙ හිතේ ආවේගෙ තද කරගන වෙනකොට තව චුට්ටකින් ආයමත් කා ගනී කියන දේමගෙ හිත කිව්වා ...

නිරූ...

එන්න යන්න....

නිර්වාන් මගෙ අතින් අල්ලගත්තා එයාට තේරුනා මං ඉන්නෙ දැන් අකමැත්තෙන් කියලා ....

කොහෙද

මං වොශ් එකක් දානකන් මගෙ කාමරෙන් ඉන්න...

මං නැගිට්ටා .....එයා වොශ් එකක් දාගන එනකන් කාමරේට වෙලා ඉන්න කියද්දි ඔලුව දෙපැත්තට වනලා හා කියපු මං නැගිට්ටා ...

චූටියා උඹ කොහෙද යන්නෙ....

නිරූ එක්ක...

ඒ මොකටද

ඇයි උඹ අහන්නෙ උඹත් යන්නද

ස්...සෙනු....

කටවහප්!

කොයිවෙලෙත් බයිනවා අනෙ.....

මං එන්න ආවා නිකන් නෙවෙ ඩිපූටියගෙන් බැනුම් අහන් මූන දෙක කරගත්තු ලොකුවටත් විරිත්තගනම.....

නිරූ...

ම්න්....

චූචියා....

...

දැන් නිරූ එනකන් ළමයා තනියමනෙ නිරූ ...

.....

දරු පැටියා කාමරයෙහි ඇති දෑ අතපත ගෑවට කම් නොවේත නිරූ.....ඈ අනෙ

ම්න්....

විදුහල් මාතාවව රනින් බබලන්න ඉන්න සිසුවගෙ පාඩම් මේසයෙහි අසුන් ගත්තටත් කම් නොවේත නිරූ

ම්න්....

නිරූ....

උඹට ඕන මගුලක් කරපන් චූටි....දැන් කටපියවපන්

ම්හුක් බැන්නනෙ...

නිර්වාන් මට බැන්නා....වෙන කල්පනාවකින් පඩිපෙල නැගපු නිර්වාන්ට මගෙ කන්දොස්කිරියාව දරාගන්න බැරිව මට බනිනකොට මං මගෙ කට කජුලෙල්ලක් කරගත්තා ...එයාට සුරේන් ඩැඩියා පව් කියල හිතෙනවද දන්නෙ නෑ....මොකද ඒ දෙන්නගෙන් එකෙක්වත් අපි එනවා දන්නෙ නෑ....

බලන් ගියහම ඇමති අප්පච්චියා මගෙ නිරූට ආදරෙයිනෙ....

නිරූ...

කාමරෙට යන්න ඔන්න මෙන්න තියලා මං නිර්වාන්ට කතා කෙරුවා .....ඒත් එයා උන්නෙ වෙන ලෝකෙක....මට එයාව හිනස්සවන්න ඕන උනා.....අවදානෙ මගෙ පැත්තට ගන්න ඕනා උනා.....බැනුම් අහන බව දැන දැන උනත්.....මං එයාගෙන් මෝඩ කතාවක් ඇහුවා

නිරූ...මං චුට්ටක් එබිලා බැලුවට කමක් නෑද....

ම්න්....

නිර්වාන් ...

මට තවත් නම් ඉවසන්න බැරි උනා.....අහන ප්‍රශ්නෙ මොකක්ද නොදැන ම්න් ගාපු නිර්වාන්ව මං ඇදලා අල්ලගත්තා

නැවතියන් නිර්වාන්

...මොනවද ඔයාට අහන්න ඕනෙ

මොනවා ගැනද නැහීගන කල්පනා කරන්නෙ.කියනවද ....ඇහුන දේවල් ගැන නම්.....නිර්වාන් ....මං කියන්නෙ මෙච්චරයි ...පුලුවන් නම් ඒ මිනිස්සු දෙන්නට අවස්තාවක් දීලා බලන්න නිර්වාන් .....

මෙන්න මේක ඔයාට ගෙනාවෙ මං එනකන් මේ පොත කරන්න විකාර හිතන්නෙ නැතුව....

නිර්වාන් ඇයි ප්‍රශ්නෙන් පැනල යන්නෙ....

.මට ලබන අවුරුද්දෙ exam ...උඹට ඊලග අවුරුද්දෙ ...බල කරන්නෙ නෑ...හැබැයි මට තමුසෙගෙන් A3 ක් ඕනෙ....නාඩගම් නටපන්....උඹ ආස නලුවෙක් වෙන්න නම්...ඒකත් වෙයන් ..හැබැයි...අර අම්මා අප්පච්චි නැහිලා එවන සල්ලි වලට සාදාරනයක් කරපන්...මං උඹට ආදරෙයි.....ඒ වගේම උඹත් මට ආදරෙයි.....එහෙමයි කියලා ...මං තව හුගාක් දුර හිතන්න ඕන දේවල් එක තත්පරෙන් තීරනෙ කරලා කරන්ඩ කියන්ඩ එපා...මං තැලුන මනුස්සයෙක්....ආදරේ අඩුවෙන් ලැබුන කෙනෙක්...එහෙම කියලා අප්පච්චි හන්දා කබලෙන් ලිපට වැටුන මට....ඩැඩෙක් හන්දා පිච්චෙන්න බෑ.....මගෙ අරමුන...මං දිනනකොට උඹ මගෙ ළඟ ඉන්න ඕනෙ....හැබැයි හිස් අතින් නෙවෙ උඹගෙ හීනත් දිනපු කෙනෙක් විදිහට ...මේ හුරතලේ එක්කම පරිනත සයාශ් කෙනෙක් විදිහට...මොකද මට ඕනෙ උඹත් එක්කම වයසට යන්න....

නිරූ....

කතා එපා ඔය ටික කරනවා.....

.

නිර්වාන් මේ අහන්න....නිර්වාන් ...

චූටි....හෙට ඉස්කොලේ යන්න ඕනා....යන්නම ඕනෙ තෙරුනානෙ....හොද ළමයා වගෙ මං දෙයක් හරි හොදින් කියනකොට අහන්න....තව සතියයි දෙකයි විභහගෙ.....නිස්කාරනේ කාලෙ කන්න එපා...පාඩම් කරන්න...මං මේ ඔක්කොම ගෙනාවෙ උඹට...ඒක නිසාමන් එනකන් කරපන්.....

එයා යන්න ගියා....අලුතෙම්ම පාස්පේපර්ස් පොත් තොගයක් මගෙ අතට දීපු නිර්වාන් යන්න ගියා....මට එතනින් එහා වචනයක් කියන්න නොදුන්නත්...නලලට ඇබිත්තන් හාදුවක් තියලා බාතෲම් එකට ගියපු එයා හයියෙන් දොර වැහුවා ...

මට උඹව තේරෙනවා මගෙ නිර්වාන් .....

මට ඕනෙත් උඹට උදව් කරන්න...

බාතෲම් එකෙ වැහුන දොර දිහා බලන් උන්න මං අවසානෙදි එයා ගෙනත් දුන්න පොත අතට අරන් පලවෙනි පිටුව පෙරලලා බැලුවා ...පලවෙනි පිටුවෙම තිබුන අකුරු දැකපු මට කදුලු පිරුනා ...

Sayash Abeysekara .....

එයාගෙ වාසගම.....

මගෙ නමට පිටිපස්සෙන් තිබුනෙ එයාගෙ වාසගම ...

උඹ මේ තරම්ම මට ආදරේද මගෙ නිර්වාන් ?

🥺ඔව්...ආතරේත....ඈ....

🌼 බිබික්කම එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩ

ආතරෙයි අනේ....

මම

ජොබී.....

Nedeesha !!

More Chapters