WebNovels

Chapter 48 - 48

නිරූහ්.....

අන් ඇස් දෙක වහගන විතරක් නෙවෙ කනුත් වහගන යකඩ දැල ගාව බිම ගුලි උනා...ඒ පාර ..අනේ..ඒපාර නම්.....අනේ...ඒපාර එයාට වැදුනා දෙයියනේ....

නිර්වාන් ..නිර්වාන් ...නිර්වාන් ...නිර්වාන් .....

මං ඇස් දෙක තද කරලම පියාගත්තා ....දත් ඇන්ද එකට එක පූට්ටු කරගත්තා ...නිර්වාන් ..නිර්වාන් ..නිර්වාන් ....නිර්වාන් ගෙ නම හතර පැත්තෙම්ම මට ඇස් ඇරලා බලන්නවත් හිතක් තිබුන් නෑ...උන් කෑ ගහවා....උන් කෑගහන්නෙ අනිවාර්යයෙන්ම එයාට නැගිටගන්න....

චූටියා .....චූටියා ....

යකෝ චූටියා.....

සනාශ් කෑගහනවා මාව හොලවනවා.....

යකො නිර්වානයා දින්නා....චූටියා 

නිර්වාන් දින්නලු...අනේ දෙයියනේ....මගෙ නිර්වාන් .....එයා දින්නලු...ඒක ඒක වෙන්නෙ කොහොමද මං දැක්කනෙ අරූ අත දිගෑරලාම ගහනවා....මම දැක්කනෙ.....

චූටියා...ඇයි හුත්තිගෙ පුතෝ නැගිටලා බලපිය....අපේ එකා දින්නා යකො....අනේ අපේ එකාදින්නා...යකො...ඔය මගෙ මස්සිනා....සෙනූ...අනේ.සෙනූ...මේ ගැම්මෙම ගිහින් විනය භාර සර්කාරයටත් නෙලලා එමු සෙනූ...

විකාරද බබී....?

නිර්වානයා ....

මස්සිනා....අඩේ...හූ...නිර්වාන් ...අපේ එකා.....

මට අදහගන්න බෑ..ඇස් දෙක ඇරලා බලනකන් විස්වාසනෑ...ඒත්....ඒත් මට ඇස් දෙක ඇරගන්නත් බෑ.....ලොකුවා බහුභූත කිය කිය කෑගහනවා...වටේ ඉන්න උන්ටත් ඒ අපෙ මස්සිනා කියනවා..ඒ අස්සෙන් විනයභාර සර්ටත් ගහලා එමු කියනවා.....ඌ මාව හොලව හොලව කෑ ගහනකොට අවසානෙදි මං තත්පර ගානකට පස්සෙ ඇස් ඇරලා බැලුවා...

ඔව්මයි...දෙවියනෙ ..අනේ....මගෙ නිර්වාන් හිටගන.....අත්වල තියන කොලපාට බර ග්ල්වුස් දෙක එයාටත් දැන් බර වැඩිද කොහෙද ....මගෙ නිර්වාන් ඉන්නවා..වැටෙන්න බැරි කමට හරි අමාරුවෙන් හිටගන කාගන ඉන්නාවා.....මං ඩේමියන් දිහා බැලුවා...ඒකා බිම වැටීගන....උඩ බෙලි අතට උන්න ඒකා නැගිටනවා තියා හුස්ම වත් ගත්තෙ නැද්ද කොහෙද ....කලුයි සුදුයි ඉරි ඉරි ඇදුම් කාරයා ගනන් කර කර කෑ ගගහා වැටිලා උන්න ඩේමියන් ගාවදෙකට නැවීගන වගේ ඉන්නකොට අවසානෙදි මගෙ නිර්වාන් අර දාගන උන්න කොලපාට බර ගල්වුස් දෙක ගලවලා බිමට දැම්මා...එයාට මහන්සි ....

අවසානම තත්පරේ ...බෙල් එක වැදුනා !!!

.

නිර්වාන් .....නිර්වාන්

මන් උඩ පැන්නා.....කෑ ගැහුවා...කොටිම්ම යකඩ වැට දිගෙ බඩගාගන උඩට නගින්න හැදුවා...එයා ගාවට දුවන්න හැදුවා...

අනේ.නිරූ ..චූචියව....චූචියව....චූචියවත් ගනිල්ලකෝ.....හ්

මං කෑ ගැහුවා....නිර්වානගෙ නම කියලා කෑ ගැහුවා...ආයම මාව ගනිල්ලකො ගගා උඩ පැන්නා.....මගෙ නිර්වාන් දිනුවා...බිම උන්න ඩේමියන්හරි අමාරුවෙන් හිටගන්නකොට රින්ග් එක ඇතුලෙ උන්න ජජ් මගෙ නිර්වාන්ගෙ අත උස්සලා ජයග්‍රාහකයා නිර්වාන් කියනකොට යකඩ වැටේ එල්ලි එල්ලි උන්න මං අවසානෙදි තිබුන හිඩැසකින් රිංගලා ඇතුලට දිව්වා ..

චූටියා දුවපිය...දුවපිය....

නිරූ...නිරූ...අනේ..නිරූ.....හ්..නිර්වාන්....

අන් කෑගැහුවා ...මාව අල්ලන්න මාව නවත්තන්න එක එකා ආවා උනත් රිංග් එකට නැගගන්න වත් උස නැති මං එල්ලීගන බඩගාගන උඩට නැගලා අච්චර ගුටි කාගන උන්න නිර්වාන්ගෙ ඇගේ එල්ලුනා... .

නිරූ...නිරූ...අනේ ..නිර්වාන් ..උඹ දිනුවනෙ...උඹ දිනුවා මගෙ අයියෙ....උඹ ..දිනුවා...මගෙ නිර්වාන් ....

මං එයාව මිරිකගත්තා ....ඉඹිගන්න ඕනා උනත් ...ඒ ආසාව...ඒ ආවේගෙ හරි අමාරුවෙන් පාලනේ කරගන උන්න මං එයාව අතගගා උඹ දිනුවා නිර්වාන් ...උඹ දිනුවා කියලා කෑගහනකොට එයා ඇගේ එල්ලීගන උන්න මගෙ පිටට තට්ටුවක් දැම්මා...ඒ එක්කම මාව කව්ද මන්දා ඇවිදින් ඇදගනගියා ..ඒකත් අර කෑගහන පූසගෙ මීම් එක වගේ...

මාව අතෑරපල්ලා...මගෙ නිර්වාන් ගාවට යන්න දීපල්ලා....

මගෙ යටි හිත අර පූසා වගෙ කෑ ගැහුවා උනත්...උඩු හිතයි..මගෙ මූනෙ හැගීමුයි වෙන අටමගලක් කරගන උන්නා...කොටිම්ම අර ඕම් ශාන්‍ති ඕම්.එකේ දීපිකා අක්කගෙ ඇදුමෙ සලුපට පටලවගත්තු සාරුක් කාන්ව ගාර්ඩ් එකෙන් ඇදගන යනකොට සාරුක් අයියා පපුවට අත තියන් කට කොනකින් හිනා උන සීන් එක වගේ.....

යෝහ්....මගෙ නිර්වාන් දින්නා යකෝ...

මන් ආයම උඩ පැන්නා...වටේ ඉන්නෙ මොක්කුද කියන්න දන්නෙත් නෑ....උන්ගෙ ඇගෙත් එල්ලුනා...මේක නිකන් මං දින්නා වගේ...ඇස්වලින් ගලාපු කදුලු වලට හරියන්න දෙවියො මගෙ මූනට හිනාවක් එකතු කරලා තිබුනා.....මං හිනා උනා...මට තිබුනෙත් හිනාවෙන ඇස් දෙකක් වෙනකොට මම හිනා වෙනකොට අර හිනා වෙන ඇස් තවත් හිනා උනා....හීනි වෙලාගියා ..කදුලු කැට දැන් මලානික වෙනවා වෙනුවට දිලිසන්න ගත්තා .

නිර්වාන් ..මං උඹට ආදරෙයි නිර්වාන් .....

කෑකෝ ගහන කටහඩවල් අස්සෙ මම මගෙ සතුට වැඩ්කමට කටට එන හැම මගුලම කියවලා කියවලා අවසානෙදි එක පාරම වට පිට බැලුවා.....වෙනමොකටවත් නෙවෙ....ඇමති මාමන්ඩියා ඉන්නවද කියලා .....

නෑ...ඇමතියා නෑ....මෙච්චර වෙලාමකෑ ගහලා උඩ පැනපු ඇමතියා නෑ....මං ආපිට මගෙ නිරූ දිහා බැලුවා....නිර්වාන් ගෙ කෝච් නිර්වාන්ව සිය වතාවකට වඩා ඉඹගත්තා ....

සංජනයා එහෙට දුවනවාමෙහෙට දුවනවා...අපෙ ලොකුවා මෙ වෙනකොට ඌට හිතෙන හිතෙන එකාට ගහන්ඩ ගිහින් උගෙ සෙනුවගෙන් ඩෑස් දෙක තුනක් කාලා හන්දා මේ වෙනකොට උගෙ කටේ සද්දෙ සෑහෙන ගානට අඩුවෙලා තිබුනා.....

සංජන...සංජන.....

අන් වැටේ එල්ලුනා....

කියන්න...ඇයි.....

මාව....

ඇහෙන් නෑ...

අනේ මාව...මාව.....

හයියෙන් කියපන් කොල්ලො ඇහෙන් නෑ...

මාව නිර්වාන් ගාවට එක්ක යමන්කො අඩේ.....ඇහෙන් නෑ ගගා මැරෙන්ඩ හදන්නෙ කට බලලවත් තේරුම් ගන්කො...තොට ලිප්ස් රීඩින් බැරිද...

මං ආයම මාව.එක්ක යන්න කිව්ව.....ඒත් ඒක නෑහුන සංජනයා ඈ..ඈ ගගා ඉදල යන්න යනකොට ශෙනිරුවා මාවයි ලොකුවවයි දෙන්නවම ඇදගන එලියට ආවා...

අනෙ ඇයි සෙනූ . ...

ඇයි ගාන්නෙ උඹ ආවෙ සදහටම මෙහෙ නවතින්නද..

ආ...ආ...සෙනු....උඹ බන් කියන්න එපා දැන් ඈ.....අපෙ චූටියගෙ මිනිහා දින්නම අපිත් නම්බු තියන් ඉන්න එපැයි...

ඇත්තට....කොහෙද මගෙ බබීගෙ නම්බුව තියෙන්නෙ.....කකුල් මැදද....ම්ම්ම්..

යෝ...සෙනූ...

දඟ නොකර ඉන්න වස්තුව .....කෑ ගහන්න එපා ඔහොම ...ඔක්කොම බලනවනෙ ...කෝ අත පෙන්නන්න...

මේ.....සිදෙනවනෙ බබීත.....සෙනු අයියා දීපු ඩෑස් එක....

උම්මා එකක් දුන්නොත් හොද වෙයිද ....වස්තුවගෙ අත

උම්මියක්....👉👈

හ්ම්.....

එව්....තිරිසන්නු වගෙ අනේ....මේ මොන වහන්තරාවක්ත මේ...දින්නෙ මගෙ නිරූ....ඒ උනාට මුනුයි දැන් සැලිබ්‍රෑටිල වෙලා ඉන්නෙ....හරිම අගෙයි...බලපියව්කො....ඩිපූටුයා අතගානකොට අපේ එකාගෙ මූන....එව්.....පුදුම වේස නිරූපනයක් තමයි මේ...

අමොර්...අමොර් ....චාර්ලි චැප්ලින්..මිස්ටර් බීන්....වචන විරහිතවම රගපාන තැනැත්තා ....ඔස්කාර් සම්මාන ලාබියා ....

තවදුරටත් මෙ නරි නාඩගම් බලාගන ඉන්න බැරි තැන සාක්කුවට අත් දෙක දාගත්තු මං කොරිඩෝව දිගෙ එහා මෙහා යනකොට මං බලාගන එක පාරම අතුරුදහන් උන ඇමති තුමා දොරකොඩ ඉදන් ඈතින් එන නිර්වාන් දිහා බලාගන ඉදලා ඉදලා මගෙ නිර්වාන් දකින්න කලින් ආපිට යන්න යනවා...

ඇයි ඒ. ..එයාට තිබුනනෙ....නිර්වාන් දිනනකන් ගහපන් පුතේ ගගා උඩ පැනපැන උන්න එයාට තිබුනනෙ...නිර්වාන් එයාව පිලිගත්තා නැතා.....එක වචනයක් කතා කරන්න.....

මොන දේ උනත්...සමහර තැන්වලදි....නෑ...සමහර තැන්වලදි නෙවෙ...මෙවෙලාවෙදි නිර්වාන්ට එයාලගෙන් කාවම හරි ඕනනෙ....

මං ඇස් හීනි කරගන පහල තට්‍ටුවෙ ඉක්මන් ගමනින් අඩි තිය තියන යන ඇමති තුමා දිහා බලාගන උන්නා.....අපිට මේවට අත දාන්න බෑ....මං නිර්වාන්ට පැලෙන්න තරම් ආදරෙ උනත්..නිර්වාන් මට පන වගේ ආදරේ උනත්.....මට යන්න පුලුවන් සීමාවක් තියනවා ..මෙතන තියෙන්නෙ සිව් කොන් නෙවෙ....තුන් කොන් ආදරයක්...පුත්තු දෙන්නෙක්ගෙයි තාත්තෙක්ගෙයි.....එතනදි එයාගෙ අම්මව නම් එලියටම විසි වෙනවා...මොන දේ උනත් ඇමතියා සමහර තැන්වලදි අර මන්ත්‍රී ගෑනිට වඩා නම් හොදයි කියන්න මට අනන්තවත් දැනුනා.....

සයාශ් .....

මං උන්නෙ කෙටි බිත්තියට හේත්තු වෙලා ඉස්සරහට බර වේගන...අරුන් දෙන්නා එහෙන් ගැරඩි වගේ පෙම්.කෙලිනකොට මගෙ නිර්වාන් තවමත් නැති හන්දා මං කෙරුවෙ එහා මෙහා යන මිනිස්සු දිහා බලන් උන්න එක වෙද්දි කවුරු හරි මට කතා කෙරුවා ..ඒක සංජන වත්...නිරූගෙවත් කටහඩ නෙවෙ...

ආනේ....සාක්‍ය අයියා...යෝ.....හ්...නලුවා....එයා....එයා මේ රාත්තිරියේ කොහෙ සක්මන් කරනවද....

සාක්‍ය අයියේ.....

තනිම කලු ඩෙනිමක්.....මාර්ටින්බූට් එකක් වගේම කලු ලෙදර් ජැකට් එකක් .....එක අතක ෆුල් ෆේස් හෙල්මට් එකකුත් ...මේ මිනිහා මොකට මේ තරන් ලස්සන උනාද මන්දා.....

ම්හුක්...අපේ නිරූ දැනගත්තොතින් සාක්‍ය අයියා මගෙ කස් එකක් කියලා ...අනේ....අම්මෙ....චූටියො...උඹට ගෞරවයෙන් බුතු සරනයි....සමහරවිට ගෞරවයත් නැති වේවි....බුතු සරනත් නැති වේවි.....

සාක්‍ය අයියෙ.....ඔය මෙහෙ...

සංජන කොහෙද....

ස්...සංජන...ඔයා ආවෙ සංජනව හොයන්ද.....

ඔව්.....

ඔය ඇති කොහෙ හරි....

ඇයි යකො...බලකො අඩේ මුගෙ ගනකම....ක්‍රස් එක බව ඇත්ත...අර රත්තරන් ටික වගේ මිනිහෙක් ඉදන් මං මේ කැස්වටුවව මොකට ක්‍රස් එක කරන් ඉන්නවද මන්දා..ඇරත්...මගෙ නිරූ දැන් දින්නා කියන්නෙ...ඉතින් මිනිස්සු මං ගැනත් අවදානෙන් පසු වෙනවනෙ.....ඇයි ඉතින්....එයා ඔහොම ඔහොම ගිහින් ලොකු මිනිහෙක් උනාම...එයාගෙ පුද්ගලික ජීවිතේ...කා එක්කද යාලු කියලත් මිනිස්සු හොයලා බලනවනෙ....

ආ..ආ...ආ....නැට්ටිච්චියො ඇම්බැක්කියොත් හොයයිනේ . .වරෙව්කො...එකෙක් හරි මගෙ නිර්වාන් ගැන අයිතිවාසිකම් කියාගන...ම්හුක් ...දෙන්නෙ නෑ එකියෙක්ට වත්.....

සයාශ් ....

මගෙනෙ....ඔය හාල් කෑලි වලට දෙන්න මං මිනිස්සු හැදුවෙ නෑ...අනික මාත් නලුවෙක් උනහම....එයා ගැනත් හොයනවනෙ....

සයාශ් .....

මේක මහ වදයක් උනානෙ.....

සයාශ් !

එ..එ...ඇයි.....ම්හුක්...එපානෙ.....සාක්‍ය අයියෙ....ඔය තරම් හයියෙන් කතා කරන්න...දරුපැටියගෙ මෘදු මොලොක් හදවත කෑලි වලට බිදි විසිරි ගියොතින් ...

....

මං ගස්සලා අහක බලාගත්තා .....ගැම්මෙන් ඇවිත් මගෙන් ඇහුවෙ සංජන ගැන වෙනකොට මට පොඩ්ඩක් මල පැන්නා...එක්කො අහපන් නිර්වාන් දින්නද කියලා ....සංජනව ඕනෙ නම් ඌට කතා කරපන්කො...මගෙන් අහන්නෙ...හිටපන්කො ...කවදා.හරි දවසක...මේ.දෛවය කැරකිලා ඇවිත්...උඹටයි මටයි එක සෙට් එකක එක කතාවක රගපාන්න හම්බ උනොත් ..මං උඹව තබේකට ගනන් ගන්නෙ නෑ.....විකට නලුවා!

සයාශ් .....සංජන නිර්වාන් එක්ක වෙන්න ඇතිනේද....

ඇයි ඔයා කෝල් එකක් වත් දීලා බැලුවෙ නැද්ද....

ආන්ස්වර් කරන්නෙ නෑනෙ....

එහෙනම් එයා වැඩ ඇති....

ම්ම්ම්...ඔයා චේන්ජින් රූම් එකට ගියාද.....සමහර විට නිර්වාන් එක්ක ඇත්තෙ...මට එන්න බැරි උනා....ඔයාලගෙ කොස්ටියුම් ඩිසයින්කර කර උන්නෙ...

ආනේ...සාක්‍ය අයියෙ....ම්හුක්.....

මගෙ තරහව එක තත්පරේකට නිවුනා...එයා එන්නලු.ඉදලා තියෙන්නෙ....කොස්ටියුම් ඩිසයින් කර කර උන්න නිසා එන්න බැරි උනාලු....යෝහ්.....චින්තලගෙ දරු පැටියා වැරදි වැටහීමකනෙ ඉදලා තියෙන්නෙ....

ඔයාට සංජනව බලන්න ඕනෙ නම් මං එන්නම්....

පුලුවන්ද ....

ඔව්...අනික නිරුත් ඉන්නවනේ...

මං නලුවත් එක්ක එහෙන් මෙහෙන් පොඩි චැටක් දාන් ඉදලා ඉදල අවසානෙදි නිර්වාන්ව වගේම සංජනව හොයන්න කියලා යනකොට මෙච්චර වෙලාම මුල්ලක ඉදන් පෙම්කෙලාපු ඉසුරුමුනී පෙම් යුවලේ උන්න ඩිපූටියගෙ මූනට මොකක් හෝ සිද්ද වෙලා තිබ්බා....

මගෙන් මොකක් හෝ..අකටයුත්තක් වත් සිතුවෙලාතෝ...මන්තා👉👈...ම්හුක්....

සෙනූ....මේ අනේ...

තමුසෙ කොහෙද අරූ එක්ක යන්න හදන්නෙ...

සංජනව හොයන්...

ඇයි....උඹ උගෙ මුට්ටියද...නැත්තන් අරූ උඹගෙ මිනිහද....??

යෝ...ඔහොම බනින්න එපා සෙනූ...වටේ පිටේ උන්ටත් ඇහෙනවා...අනික..සාක්‍ය අයියට ඇහුනොත්....

ඒ චූටියා මේ.....මොකද උඹගෙ දත් දෙක මැද හිඩසක්ද....සාක්‍ය නෙවෙ...නම.කියපිය හරියට ....ආව මෙතන....උඹට හොයන්න එකෙක් ඉන්නවා නම් මායි සෙනුත් එන්නම්....නේද සෙනූ..බබියි....සෙනුයිත් යමුනේ...අනික උඹව අපිට හොදට බලාගන්න කියලා තියෙන්නෙ

මගෙ මොනවා බලන්නද.....

ඇග වැඩුනට මොලේ නැනෙ....එකයි උඹගැන බලාගන්න කිව්වෙ....

ශාක්‍ය .....සංජනයවද හොයන්නෙ

ඔව්...මේ සංජන ඵෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑනෙ.....

වරෙන් අපිත් එක්ක ගිහින් බලමු.....

මං මීක් නොගා උන්නා.....නිර්වාන් එක්ක ඉන්නවට වඩා අමාරුයි නිර්වාන්ගෙ ගාර්ඩ් එක එක්ක ඉන්න එක...ලොකුවයි ඩිපූටුයයි ගත්තෙ එක පැත්තක් වෙනකොට මෙතනින් එහා මං මොනවා හරි කිව්වොත් නිර්වානට කලින් මට ගහන්නෙ ඩිපූටියා කියන්න දන්න මං හිමින් සැරේ ලොකුවා ගාවට හේත්තු උනා....

ලොකූ...

හම්බෙයි තොට....බලපිය.....මුනෙන් එකයි පැනි.....උඹට ඌව දැක්කම ඇටයක් වත් පැලවෙනවද...ආ චූටියා....මේ මේ...උඹ මූව නම් පටලවගන්න එපා..ආ...මං මේ හොදින් කියන්නෙ....

උඹට විකාරද ලොකූ...උඹට මාව වටබඩුවක් වගේ පේනවද ...

නැත්තන් උඹට මොලේ හොද නැද්ද ...මූට මං ආසයි....ආසාවයි ආදරෙයි දෙකක් මිසක් එකක් නෙවෙනෙ....මං මූට ආසයි කියන්නෙ..මං මුගෙ චරිතවලට ආසයි...ඒක උඹ දන්නවා...

ඒ උනාට ඒවා මස්සිනා දන්නෙ නෑනෙ....

.....

සනාශ් ....සයාශ් ....

මන් උන්නෙ බිම බලගන...කතා කරපු වචන දෙක තුනට පැයක විතර දේශනාවක් අහපු මං උන්ගෙ පස්සෙන් චේන්ජින් රූම් එකට ආවා....

ආ....ආ...ව්හ්...ආව්හ්...යකො...

පොඩ්ඩක් හිටපන්...අත උස්සපන් බලන්ඩ ....

ඔතන තදින් අල්ලන්ඩ එපා මනුස්සයො....

නි...රූ....

එපා යන්ඩ.....

සෙනූ....

එපා කිව්වනෙ.....

මම...ශෙනිරු....ලොකුවා...ඒ වගේම නලුවා...අපි හතර දෙනාම උන්නෙ චේන්ජින් රූම් එකේ දොරකොඩ ගාව ...නිර්වාන් වගේම සංජන...සංජන නිර්වාන්ගෙ තැල්මවල් බලනවා.....ඇතුලට යන්න ගියපු මාව එකපාරම දෙන්නෙක් අල්ල ගත්තා ...හැබැයි ඒ අත් දෙකෙන් එකක් වත් සනාශ්ට අයිති උනෙ නෑ....එක අතක් ශෙනිරුගෙ...අනිත් අත...ශාක්‍යගෙ ...

කවදත් නිර්වානට පක්ශ වෙන ශෙනිරු වගේම .සංජනගෙ පැත්තට හිටගන්න ශාක්‍ය.....ඒ දෙන්නම මාව නැවැත්තුවා ....

ශෙනිරු ...

ඒ දෙන්නට.....එහෙම්ම ඉන්න දීපන් සයාශ් .....අපිට තියෙන්නෙ බලන් ඉන්න.....උඹටවත්..මටවත්...කාටවත් උන් දෙන්නා හැමදාම නයිවෛරක්කාරයො වගේ ඉන්නව බලන්ඩ බෑ...අනික ..දෙමව්පියන්ගෙ වැරදි වලට උන් ඇයි තරහා ගන්නෙ...

.......

උඹලා අපි මහ මිනිස්සුවගේ ගෙවල් වලට හොරාවට ආදරේ කෙරුවට...මේ ලෝකෙ ගැන දන්න බිජ්ජක් නෑ සයාශ් .....උඹලා අපි මහ මිනිස්සු වගේ හැසිරෙන්න ගියාට...මේ වයසට හිතට වැදෙන....ඔලුවට වැටෙන සමහර විසබීජ මැරෙන කම්ම මුල් ඇද ඇද දලු දාන්න පුලුවන් ...ඒක නිසා ...උන් දෙන්නට ...ගහ මහරන් හරි...එකතුවෙන්න ඉඩ දෙන එක අපේ යුතුකම...

මං මීක් නොගා උන්න...ඒ දෙන්නගෙම අත් වලින් මං නිදහස් උනා...හැබැයි....ඉස්සරහට තිබ්බ අඩිය මං ආපිට පස්සට ගත්තා .....ශෙනිරුගෙ කතාව ඇත්ත.....උඹට මං ආදරෙයි . .උඹ මගෙ වගකීම ගගා මහා බර වචන දදා කතා කෙරුවත්.....අපි හැමෝම තවම අම්මා අප්පා යට ඉන්න උන්..මෙ වයසට හිතට වැටෙන දේවල් තමයි මුලු ජීවිත කාලෙටම මුල් දුව දුව අවසානෙදි අතු කපනවත් බැරි...එක පොරෝපාරකින් බිම දාන්නවත් බැරි....විස පෙවුන හැගීම් පිරුන ගහක් වෙන්නෙ....

ආව්..අව්ව්හ්...බන්...හෙමින් ගාපන්කො ඕක....මොන මගුලක්ද...

හෙමින් ගාන්ඩ...උඹ දැන් දොස්තරයෙක් වෙන්ඩ නේද ඉන්නෙ.....එතකොට උඹලත් කියන්නෙ මෙහෙම ලඳ බොලඳව අතගාන්ඩ කියලද ....පොඩ්ඩක් ඉදපන් නැත්තන් උඹට මේ පාරවල් එක්ක හෙට නැගිටින්න වෙන්නෙ නෑ..හත්දොහේ දානෙ තමයි...අනික මේවට ආව වගේද උඹ ඉස්කොලේ යන්නෙ නැද්ද...

ආව්හ්....යකො...උඹ මොන තරහවක්ද සංජන පිරිමහන්නෙ.....හෙමි.....න්...අත...අත.....අතා...හ්.....මුගෙ.....$**#$*#?#?

මං ඉක්මනට අනිත් උන් දිහා බැලුවා .අරූ මොකක් හරි ජෙල් එකක් ගගා මගෙ නිරූව අත ගානවා එයාට වේදනා ඇති...ඇති නෙවෙ... අනේ කොයි තරම් නන් වේදනා දෙනව ඇතිද ඒපාරවල්...මට වැදුනොත් ....ඇත්තටම මං පලවෙනි පාරෙන්ම හැරිලා ගෙදර ඒවි.නිකන් නෙවෙ...අඩාගන...ඒත්..එයා දත්මිටි කාගන උහුලන් උන්න අපූරුව....

ඇත්ත...හිත් වේදනාව මිනිස්සුන්ව කලු ගල් කරනවා.....

ඇති....

ඇතිද ...පොඩ්ඩක් මසාජ් කරන්නද....

එපා....පොඩි එකා බලාගන ඇති....පව් ඌව ඇදගන වගේ ගියෙ...

ම්ම්ම්...මෙහෙ එහෙම තමයි...ඒකට උන්ට බැනලා වැඩක් නෑ නිර්වාන් නිකන් හරි....අරූට ලන්සුතියපු එකෙක් ඒ තරහවට මැදට පැන්නා නම්...එතකොට එකටම අහු වෙන්නෙ කාවද.....ඒකව.....ඌ කෑගැහුවා..ඇඩුවා...පව්....

ම්න්...

කොහෙන්ද බන් ඒ මෝඩයව හොයා ගත්තෙ?

මාව රතු උනා...මට දුවන්න හිතුනා...මෙච්චර වෙලාම බේත් ගාගත්තු කුනුහර්ප පලාපු ඇමති පුත්තු දෙන්නා අනිත් පාර තැලුන තැන් දිහා බල බල ඉදලා ආයම කතාවට වැටෙනකොට මගෙ නිර්වාන් පොඩි එකා බලාගන ඇති කියලා මගෙ ගැන කියනකොට සංජනයා කැත නැතුවම මට මෝඩයා කියනකොට මට පොලව හාරගන යටට යන්න හිතුනා...

යසයි....බේසමා කියපු වදන...නලුවෙක් වෙන්න ඉන්න මටනෙ උඹ ඔය පද හදන්නෙ..කමක් නෑ...කමක් නෑ...මට මඩගහපන්කො..අන් උඹ ඔය ගහන මඩ ඔක්කොම එකතු කරන් කපනවා ගල්...!

ම්හුක්.....

මං හොරා වගේ හැංගීගන ඇස් දෙක කැරකෙව්වා....මට මෝඩයා කියපු එක කාටත් ගානක් නෑ...ඇති යාන්තන් .....

මෝඩයා උනත්....

ඌ උඹට ආදරෙයි ...එහෙමනෙ.....

.......ම්න්....

ම්න් ගාන්නෙ.....ඌ උඹට ආදරෙ නැද්ද නිර්වාන් ....නැතිනම්මට දියන්

උඹ මැරෙන්න ආස කොහොමද.....?

මං උඹගෙ අම්මා නෙවෙ නිර්වාන් ....ආදරෙ කරන එකාව උදුරගන්න....මට ඒ ජාන ගිහින් නෑ...

....මං සයාශ් ට ආදරෙයි සංජන....ටිකක් නෙවෙ...නොසෑහෙන්න...හැබැයි....මට ඒක ඌට පෙන්න ගන්නබෑ.....මට බයයි....ඌ අනාගනී කියලා .....අනාගනී කියන්නෙ...මිනිස්සු මිනිස්සුන්ටම ඇබ්බැහි උනහම...ඒක අවසානෙදි ආදරේකටත් වඩා ලෙඩක් වෙනවා සංජන .....කොටිම්ම මං ඌ ගාව ලෙඩෙක්....නොකියා උන්නත් ..නොපෙන්නා උන්නත්....මං ඌට පුදුම විදිහට ඇබ්බැහි වෙලා...මං ඒ මෝඩයට ආදරේ කරන තරම ඌ නෙවෙ දන්නෙ ...

ශෙනිරු ...එහෙමනෙ....

ම්න්....

මට කදුලු ආවා...අඩන්න හිතුනා....මාව තඹේකට ගනන් නොගෙන ඉන්න නිර්වාන්මද මේ කියලා හිතුනා ..දෙයක් ඇහුවොත් ම්න් කියලා විතරක් කියන නිර්වාන්මද හිතුනා..

ඇස්වලට කදුලු ආව.මට නිර්වාන් ගාවට දුවන්න හිතුනා...ඒත්.....එයා ගාවට දුවන්න මේක නෙවෙ වෙලාව කියන්න ආයමත් සනාශ් මගෙ අත අල්ලගත්තා ....

මං ඌට ආදරෙයි... ආදරේ තරම කොයි තරම්ද කියනව නම්...හිත රිදෙන හැම වෙලාවෙම.....උගෙ නම මතක් උනත් ඇති...මං දන්නෙ නෑ...සංජන...මං උඹ එක්ක මෙව්වා කියන්න.....

මට වෙලාවකට ඊරිසියයි නිර්වාන් ....උඹ එක්කවත්....පොඩි මෝඩයා එක්කවත් නෙවෙ.....උඹයි.....ශෙනිරුයි එක්ක....මම ගහක් ගලක් නෙවෙ...නිර්වාන් ....උඹට....දුකක් දැනුනත්...අහන්ඩ ඌ හරි ඉන්නව ඒත්...මට කියලා කෙනෙක් නැති වෙනකොට මට....

.......මං ඉන්නවා...ඕන දෙයක් කියපන්...

මගෙ කන ගාවින් ලොකුම ලොකු හුස්මක් ගන්න සද්දයක් ඇහුනා....වෙනකාගෙන්වත් නෙවෙ.....ශෙනිරුගෙන්..සමහර විට....ශෙනිරු කිව්ව ලේවලට ලේ කකියන එක මේක වෙන්න ඇති.....

ඩැඩා ආවා...

ම්න්...

ඒ දෙන්නා ආයම කතා කරනවා....මුලින් මුලින් තිබ්බ උරුම්පූට්ටු විල්ල නෑ.....රවන ගති මේ මොකුත් නෑ....

නිර්වාන් ...දෙයක් කියන්නද.....

ම්න්....

උඹව පාවිච්චි කරන්නෙ මොකාද ....ආපිට ඌව උඹ පාවිච්චි කරපන්...දෙකම වෙන්න ඕනෙ එකම වෙලාවට.....

...

මං කියනවට.....අද රෑට කෑමෙ මේසෙන් වාඩිවෙයන් නිර්වාන් ....ඩැඩා උඹගෙ අම්මා එක්ක මොන අයාලෙ ගියත්...මහ පාන්දර කීයට ආවත්.....මුලිම්ම යන්නෙ කෑම මේසෙට.....මගෙ මමාහදපු හැමදේම ඩැඩා කෑවා නිර්වාන් ..ඒ වගෙම...මගෙ මමා...උඹගෙ අම්මා වගේ මට අරක එපා මේක එපා කියලා තහනම් දැම්මෙ නෑ.නිර්වාන් ....මං උඹගෙ ගෙදර ආවට පස්සෙ හුගාක් දේවල් ඉගන ගත්තා ...බොරු නම් කියන්නෙ බලපන්.....බොහෝම ඉක්මනට මගෙන්...මගෙ අම්මගෙන් උදුරගත්තු සැනසීම...හරී ඉක්මනට උඹගෙ අම්මගෙන් වාශ්පවේව්...මොකද ...ඔය අනෝමා දැක්කෙ...උඹට ආදරේට පස්සෙන් ආව සුරේන් ඇමති තුමාව මිසක්...ගෙදර ගෑනිගාව ඉන්න සුරේන් ඇමති තුමාව නෙවෙ.....

ඇත්ත...ඩැඩාට මාව මග ඇරුනා..ආදරෙ වෙනුවට සල්ලි දුන්නා....හැබැයි....මොන දේ උනත්.....මට උඹට වගේ වැඩකාරයො අතේ හැදෙන්න දුන්නෙ නෑ නිර්වාන් ...කමක් නෑ....මගෙ අම්මාව.නැති උනා....ඒකට වගකියන්න ඕනෙ උඹගෙ අම්මා....හිමින් බලන් ඉදින්...උඹගෙ අම්මා අපිට දුන්න දුකම..හෙමින් එයාටම පත්තු වෙයි....

ම්න්.....

සෙනූ...චූචියා දැන් වත් යන්නද....

හ්ම්ම්

මෙච්චර වෙලාම කතා බහ අහන් උන්න මං අවසානෙදි තවත් නම් ඉන්න බැරිම තැන කෑගහගනම නිර්වාන් ගාවට යනකොට එයා හිනා උනා.....අර සංජනයා ඇහෙන නෑහෙන ගානට ඔන්න පොඩි මෝඩයා එනවා කිව්වා.....

නිරූ....චූචියා ආවනෙ....නිරුවෝ.....

චූචියා ආවද....අව්...ආව්....හ්.....ලමයො...

අනේ...ම්හුක්...අමතක උනානෙ...

මන් යන යාමට නිර්වාන්ගෙ අතේ එල්ලුනා.....එයා ඉන්නෙ වේදනාවෙන් බව අමතක වෙලා මම එයාගෙ ඇගට පැන්නා ...

සමාවෙන්න..කො...මට...අමතක...උනානෙ...

පොඩි මෝඩයා මගෙ....ඇයි ඉතින් මෙ...ම්ම්ම්

මට දුක හිතුනා නිරූ

දුක හිතුන නම් දුකට පුම් ගහගනින් නේද නිර්වාන් .....

.....

උඹ පොඩ්ඩක් ඉදපන්කො මුදුනා නොවී ....හාලි කුයින්...නේ නිරූ....

ම්න්....

මං මට දුක හිතුනා කියනවත් එක්කම ලොකුවා උගෙ හාලි කට ඇරලා කනපිට හරවපු කුනුහර්පයක් කිව්වා විතරයි මගෙ නිර්වාන් ඒකට රැව්වා..

නිර්වානයා .....මචන්

හෙමින්...අල්ලපන් යකො රිදෙනවා ...

උඹ කොහොම හරි අන්තීම තත්පරේ....මට පැලෙන්ඩ සතුටුයි යකො...

පැලෙන්ඩ සතුටු උනාට පැලෙන්ඩ එපා...

ආ...උඹත් ඉදින්කො මුදුනා නොවී....ආවා මෙතන නේද සෙනූ....

මේ උඹලා දෙන්නා කාගන්නවා නම් ගෙවල් වලට ගිහින් කාගනිල්ලා...අනෙ නිර්වාන් වදින්නම් මට නම් බෑ උඹෙ මේ පොඩි පගයව බලාගන්ඩ මූ නාහට අහන් නෑ....

ම්හ්ක්...නිරූ....ඒම නෑනෙ.....

ඇත්තද..ම්ම්ම්...මගෙ ළමයා නාහට අහන් නැද්ද ....

මං බිමබලාගන මගෙ අත්වල ඇගිලි අඹරන්න ගත්තා ...සංජන ශාක්‍ය එක්ක ලොකු කතාවක ....ඩිපූටියයි ලොකුවයි වෙන ලෝකෙක...මම උන්නෙම නිර්වාන්ගෙ ලෝකෙ වෙනකොට මං ඒ මූන අත් දෙකෙම්ම අතගානකොට එය මගෙන් නාහට අහන්නෙ නැද්ද ඇහුවා .....

නිර්වාන්

ම්න්....

මේවා හුගක් රිදෙනවද නිර්වාන් ...

ම්න්....ඒත්....ඊට වඩා රිදේවි....උඹ දුක් උනෝතින්

මං බය උනා නිර්වාන් ...උඹ නැගිටින් නැතිවේවි කියලා ....මටබය හිතුනා ...අනෙ නිර්වාන්

ශ්ශ්....ඇයි මේ....ම්ම්ම්

.....

තුරුල් වෙන්න ඕනෙද මගෙ ලමයට....

අහපු පරක්කුව විතරයි .....මං නිර්වාන්ගෙ පපුවට ඔලුව තියා ගත්තා ....කොච්චර අතපය රිදෙනවා උනත් එය කෙරුවෙ මාව තුරුල් කරගත්තු එක...දාඩිය ගදත් එක්ක එයාගෙ මහන්සිය ...වේදනාව හැම දේම ඇදන් ඉන්න ඇදුම් තෙත් කරලා තිබුනත් මං කෙස් ගහක තරම් වත් ඉඩක් නොතියම එයාට තුරුල් වෙලා උන්නා ..ඒ එක්කම එයා මගෙ හිස් මුදුනට හාදුවක් තිබ්බා....

මං වෙනුවෙන් මගෙ චූටි කෑ ගහනකොට මං නැගිටින්නෙ නැතිව කොහොමද සයාශ් ....

ඒත්...මං හරියට බය උනා නිර්වාන් .....මං....අනේ මං බය උනා අයියෙ....

ශ්ශ්...දැන් ඒ ඔක්කොම ඉවරයිනෙ.....අද නිරූගෙ ගෙදර එනවද....ම්ම්ම්

නිරූගෙ ගෙදර....

ම්න්...

මෙ..මෙතන ඉන්න....මගෙ නිරූගෙ ගෙදරද නිරූ

මෝඩ හුරතලේ මගෙ.....නිරූ ආදරෙයි

චූටියත්....ආදරෙයිනෙ.....මගෙ නිරූට.....මං උඹට හුගාක් ආදරෙයි නිර්වාන් ....ගොඩම ගොඩක් පැලෙන්න තරම් ආදරෙයි මගෙ නිර්වාන් ....

එයා මගෙ නහය මිරිකුවා...තවත් චූට්ට හරි කියෙව්වොතින් මන් ටැප් එක අරී කියලද කොහෙද මගෙ නිර්වාන් එකපාරම කතාව වෙන අතකට හැරෙව්වා ....එයාගෙ ගෙදර එනවද ඇහුවා ....අවසානෙදි මෝඩ හුරතලෙ කියාපු එයා මට ආදරෙයි කියල එකපාරක් කියනකොට මන් එයාට ආදරෙයි කියලා දෙතුන් වතාවක්ම කිව්වා ....

කොහෙද ඔය බලන් ඉන්නෙ ම්ම්ම්....

ම්හුක්....මෙ...මෙව්වා...

ලැජ්ජ නැති කොල්ලා ...

👉👈බෑත.....

මොනවද ....

ම්හුක්...

ඒ හැමෝම එලියට ගියා ...මගෙ නිර්වාන් දිනපු එකේ සතුටටත් එක්කම නිර්වාගෙ ගෙදර යන්න අපි හැමෝම තීරනෙ කරද්දි මං එයා එක්ක චේන්ජින් රූම් එකේ තනි උනා ..දාඩියට පෙගුන ආර්ම් කට් එක වෙනුවට වෙන ඇදුමක් අදිනකොට නිර්වාන්ගෙ පිම්බුන පපුව උඩ මගෙ බෝල ඇස් එහා මෙහා දුවන්න ගත්තා ..මගෙ ඇගිලි නලියෑවා ...කට කොකියෑවා...තත්පරයක් දෙකක් මට නොදැනෙන්න මා දිහා බලන් උන්න නිර්වාන් මගෙ නහයට තට්ටුවක් දාන ගමං මොනවාද බලන්නෙ අහද්දි මං ලෝභ කමක් නැතුවම අත තිබ්බා මගෙ නිරූගෙ කනක් රතූ වෙලා ගියා ....

නිරූ....චූචියත....චුච්චක් ....

....නිකන් ඉන්න ලමයො

ම්හ්‍ක්..මගෙනෙ.....ඔන්න ගන්නවා ....ඔන්න ගත්තා ....ම්හු.....ක්....

කපටි හුරතලේ....මගෙ...

ලුනු...රසයිනෙ ...කමක්...නෑ...මගෙනෙ...

අහකට පලයන්.....

අනෙ....එතකොට අනිකට දුක හිතෙ භ්භ්භ්...භ්භ්භ්....භ්භ්

කටවහපන් ...මෝඩයා !!

එයා මට හාදුවක් තිබ්බා...එපා කියන්න එපා කියන්න මුරන්ඩු කම් කරපු මාව තුරුල් කරගනම හාදුවක් තියපු එයා අවසානෙදි මගෙ අත් දෙක අල්ලගත්තා ....

ස්තූතියි ....

නි...නිරූ....

මං වෙනුවෙන් ...ආවට...මට රිදෙන හැමතැනකම....උඹටත් රිදෙන තරමට මට ආදරේ කරනවට...

.....

මගෙ ලමයට මොනවද ඕනෙ...ම්ම්ම්...

මට....

ම්න්.....ඕනමොනවද....අරන් දෙන්නම්...

මට.....උඹව ඇර වෙනමොනවද නිර්වාන් ...

පන්ඩිත මගුල මගෙ....ආදරෙයි හොදද....

මාත්.....

ආයමත් හාදුවක් ....නලලට.....අත් වල පිට අල්ලට.....කම්මුලට...වගේම යටි තොල පිරෙන්න....ආදරෙ උතුරන හාදු ගොඩකට පස්සෙ එයාගෙ මගෙ දෙන්නෙගෙම අත් දෙක එකට පැටලුනා.....

නිරූ....

ඇයි...

සුතර්මට කියන්න එපැයිනෙ...

ම්න්...

මං සාක්කුවෙ තිබුන ඵෝන් එක එලියට ගත්තා .....

අනේ නිර්වාන් ....

ඇයි....

මටයි ...චූටියටයි අද.....සුතර්මා ....ඇට ගැලවෙන්න බොක්සින් ගහාවි...මිස්ඩ් කෝල්....තිස්....දෙකයි.....!

මම මිස්කෝල් දිහා බලලා නිර්වාන් දිහා හරි අසරන විදිහට බලාගන ඉන්නකොට මං අහගන සනාශයත් උගෙ මිනිහට කන් කෙදිරි ගානවා...

කෝල් එකක් අරන් කියන්න

මොනවද....

මගෙ ගාව ඉන්නෙ කියලා

ඇයි උඹ මහ ඒජන්ත හාමුරුවොද ...අනේ නිකන් ඉදපන්කො...නිර්වාන් ....

කියල බලන්න...

මගෙ මූන දෙක උනා..අහුමුලු ගානෙ පෙම් කෙල කෙල උන්නමට සුතර්මගෙ මූනයි....ඒ දෙන ඩෑස් ටිකයි මතක් වෙලා නිර්වාන් ගහගත්තු රිංග් එක ඇතුලට ගිහින් කාගෙන් හරු ගුටිකාගෙන මැරෙන්න හිතුනා.....අවසානෙදි තටමලා...තටමලා මං ලොකු නැන්දට කෝල් එකක් ගත්තා ....

හලූ...සුතර්මා ....

එක හෙලෝ එකයි.....මගෙ කොන්ඩෙ තිස්තුන්දාහෙන් වැදුනා වගේ උඩට ඉස්සුනා.....හෙලෝ වත් නොකියපු සුතර්මා වලස් නැන්දා වගේ කෑ ගහනවා.....මං ඵෝන් එක මගෙ කනෙන් අහකට කරලා ආයම කනේ තියා ගත්තා ...

චූටියා....උඹල දෙන්නා ඉන්න තැනකින් එකොලහ වෙන්න කලින් නාවොතින් මට ලොකු නැන්දා කියන්ඩ එපා ඕන්.....

හා...හෙලෝ.....ඔයා කව්ද...??!!!!

පිස්සෙක්.මහ....

උඹගෙනෙ ඉතින්....

ම්න්..ඒකනෙ ආදරේ.....

නිරූ ....

ම්න්..රතුපාට දෙකකුත් ගන්නකො....

ම්න්....

හොද නිරූ මගෙ.....හරි හොද මිනිහෙක්.....අපේ චින්තකගෙ වාසනාව....

ඇත්තට....

ඔව්නෙ...

එකොලහ වෙනකොට ආවෙ නැත්තන් ලොකු නැන්දා කියන්න එපා කියපු ලොකු නැන්දගෙන් ඔයා කව්ද අහපු මං හොද තුන්පදෙන් අහගන එලියට එනකොට මේ තකහනියෙ ඒ ගින්න අප්පච්චිටත් ගිහින්ද කොහෙද ලොකු එකාට අප්පච්චි අම්බානෙකට බනින ගමන් ඉදලා ඉදලා ලොකු නැන්දා වගේම අප්පච්චි ත් අප්පච්චි ට අප්පච්චි කියන්න එපා කියනකොට අපේ එකා බුදුසරනයි මාමෙ කියලා කෝල් එක කට් කරලා තිබුනා....

කොහොමත් ඌයි මායි වෙනදා වගේම කනවා....ලොකු නැන්දත් වෙනදා වගේම ගහනවා...අපිත් වෙනදා වගේම කනවා...ඒත්.....ඒ විනාඩි පහකින් ලොකු නැන්දම තෙල් ගානවා.....ඒ ආදරෙ වැඩි උනා මිසක්කා...කවදාවත් නම් අඩු උනෙ නැති වෙනකොට මායි ලොකුවයි කොච්චර උනත් ලොකු නැන්දට අම්මට වගේ ආදරෙ කෙරුවා .....

නිරූ....

ම්න්...

අනේ අම්මා අපි දෙන්නව අදුනගනීද නිරූ.....

අම්ම නෑ...අම්මා ඉන්නවා නම් කැබ් එක තියනවා...

මම....ලොකුවා...අනිත් උන් හැමෝම උන්නෙ නිර්වාන්ගෙ ගේ ඉස්සරහා වෙද්දි මන්ත්‍රී ගෑනිට පාප්ප බාල්දියෙන් ගහපු මායි ලොකුවයි පස්ස ගැහුවා...ඒත් නිර්වාන් මාවත් ඇදන් ගෙට ගියා... 

සුරෙන්...අනේ අහන්න සුරේන්....

අහන්න...මොනවද....මං මොනවද අහන්න ඕනෙ අනෝමා...ම්ම්ම්ම්ම්...මං මොනවද තමුසෙගෙන් අහන්න ඕනෙ....

සුරේන්..අනේ...ඒක අත් වැරද්දක්....සුරේන්....

අත් වැරද්දක්.....මොකක්ද කියපන් ඒකෙ තිබුනෙ අත් වැරද්ද.....කහ ඉර ගාවදි ලමයව හප්පලා දාලා ආව එකද උඹගෙ අත් වැරද්ද....

අනෙ..සුරේන් ..OIC ට කතා කරල මොකක් හරි කරන්නකො සුරේන් ....

අහකට වෙයන්...අහකට වෙයන්...අනෝමා...කිව්වම අහලා අහකටවෙයන්...මං උඹට කිව්වෙ මොකක්ද...අද ලමයගෙ මැච් එක....හොරෙන් හරි බලන්ඩ යන්ඩ වරෙන් කියලා ....උඹට මොකක්ද ලොකු උනේ...ගෑනු එක්ක ජෝගි නටන එක....උඹ අද දවල්ට ඉව්වද.....නැ.....රෑට ඉව්වද...ඒත් නෑ.....

සුරේන්....මං ගියේ...මං ගියෙ මගෙ....පක්ශ කාර්‍යාලෙ ඉන්න අය එක්ක...ඇරත්.....සීතම්මා ඉන්නකොට මං මන් උයන්නෙ.....ඇයි....සුරේන්

සීතම්මා.....අනෝමා...උඹ මාවයි....පොලිස්කාරයවයි පටලවගන්ඩ එපා අනෝමා....මං උඹගෙ කසාද මිනොහා වගේ නෙවෙ...සීතම්මා ඉන්නව.....උඹ ලමයිගෙඅම්මා නම්....ආයම්මගෙ අතින් බත් මොකටද අනෝමා....උඹ මගෙ ගෑනි වෙන්ඩ බලන් ඉන්නවා නම්..ආයම්මගෙ අතින් බත් මොකටද කියපන්....ආ....

සුරේන්...අනෙ...දැන්...දැන්...මෙතන....තියන...ප්‍රශ්නෙ කෑමගැන නෙවෙනෙ...සුරේන්....අර කොල්ලා ගැනනෙ...සුරේන් .අනේ.....ඕඅයිසීට කියන්නකො....සුරේන්

පලයන් කුස්සියට....උඹ අම්මෙක්ද...මනුස්ස කමක් නැති එකී.....ලමයව හප්පන් ඇවිත්.....උඹ බීලද කියපන්....

සු.....රේන්

සලාන්!!!කිව්වම අහල පල...

මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා .... බඩු පිට බඩු කුඩු පට්ටම් වෙනවා....අපි හතර පස් දෙනාම උන්නෙ දොරකොඩ ඉස්සරහා...අම්මා නෑ කිව්වත්.....නිර්වානගෙ අම්මා උන්නා....අම්මගෙ ඇඩිලි සද්දෙත්.....ඇමතියගෙ ගොරනාඩුවත් එක්ක වීදුරු බඩු කුඩුවෙන සද්දෙ ඇහෙනකොට මන් නිර්වාන්ගෙ මූන පහු කරලා කෙලින්ම සංජනගෙ මූන දිහා බැලුවා.....මද අන්දකාරෙ උනත්....අපි හැමෝටම පිටිපස්සෙන් හිටගන උන්නා උනත්....සංජනගෙ මූනෙ හිනාවක් ඇදිලා තියන හැටි මං දැක්කා...

ඔව්.....සංජන ඇත්තටම හිනා වෙනවා!!!

ආයම එනකන් පයිස්සමින් ඉන්ඩෝ

ආතරෙයි.....

හෙට බිබික්කමා එක්ක එන්නා...ම්

මම ජොබී

NEDEESHA

More Chapters