එයාලා දෙන්නා ආදරේ කරනවා.....
ජයවර්ධනයා කිව්වේ එහෙම.....අතේ වේදනාව කෙසේ උනත් ජයවර්ධනයා අනිත් උන් දිහා බැලුවෙ උන්ගෙ කූඩුවට වැටුන මුව පැටව් දෙන්නට මොකද කරන්න ඕනෙ කියන්න වගේ බැල්මකින් වෙද්දි ගොන්නු හැරෙන්නෙ පොල් පැලේට බව දන්න මම වගේම කල්පනයා මේ මොකූත් නොදන්න ගානට උන්නා....
ආදරෙ කරනවා.....ඒත් පුතා...මේ ඔය දෙන්නා....
ඇයි අංකල් ඒකෙ වැරද්දක් තියනවද.....මං මයුරට ආදරෙයි...මයුර මට ආදරෙයි....අපි දෙන්නා අතර තේරුම් ගැනීම තියනවා.....ඒමදිද.....?.....නෑ අංකල් මං අහන්නෙ.....හැම තැනම කියන්නෙ ප්‍රේම කරන්න කියලනෙ...
අයියො නෑ.....නෑ...එහෙම දෙයක් නෙවෙ...ඒත් මට පුදුම හිතුනා..මොකද පිරිමි ළමයෙක්ගෙ ආදරේ තවත් පිරිමි ළමයෙක් කියලා කිව්වම....රටේ ලෝකෙ මිනිස්සුම්ගෙ උත්තර වගේම ආකල්ප හරි පටුයිනෙ පුතා....
ම්න්...ඒක.ඇත්ත.....ඇත්තටම අංකල් මෙහෙම හිතෙන්නෙ නැද්ද...මිනිස්සු ආදර සම්බන්දතාවයක් ගැන කියනකොට උන් කෙලින්ම කරන්නෙ තමන්ගෙ හිතින් අර මිනිස්සු දෙන්නා සෙක්ස් කරන හැටි චිත්ත රූප මවාගන්නවා කියලා .....නෑ මං කියන්නෙ.....අංකල් ඔය කිව්වා වගෙ සමාජෙ දරන ආකල්ප කතාව ඇහුවම.....බැලුවම..දැක්කම.....samesex
Relationship කිව්ව ගමන් අහන්නෙ කොල්ලො කොල්ලො මොනා කරන්නද කෙල්ලො කෙල්ලො මොනවා කරන්නදනෙ අහන්නෙ...ඇත්තටම අංකල් මිනිස්සුන්ගෙ ඔලු හැදිලා තියෙන්නෙ දෙන්නෙක් කසාද බදින්න ඕන එකතු වෙන්න ඕනෙ...ඊට පස්සෙ ළමයි හදන්න ඕනෙ...ඔය විදිහටනෙ.....ඔතන කාටත් ඔය මැදට ආදරෙ කරන්න ඕන කියලා ලියන්න බැරිද....?
මං හිමින් සීරුවෙ ජයවර්ධනයාගෙ ඇදේ කොනක ඉදගත්තා....පස්සෙ මගෙ කකුලකට මං කල්පනව හේත්තු කරන් උගෙ බද වටේ අතක් යවාගන්නකොට රගපෑමට උපරිම සාදාරනයක් කරන කල්පනයා මගෙ අත උඩින් අතක් තියාගත්තා.....
සීයට දාහක් ශුවර් ....මගෙයි මුගෙයි මේ හැසිරීම් රටාව අරුන් දෙන්නා දැක්කා නම් අපෙ ඇට ගලවලා ලුණු දෙහි දානවා...උදාරයා නම් රවාගන ඉදලා පහු වෙලා මූට සමාව දෙයි...එත් මගෙ එකා.....ඒකගෙ වැඩිමල් හිත තැලුනම ආපහු යථා තත්වෙට ගෙන්න ගන්න නම් භාර ගැටගහන්න වෙනවා....සන්නි දහටම නටලා වැහි නැටුමත් නටන්න වෙනවා...ඒතරම් ආදෙක් ඌ....
ඒත්...
මට නිම්නගෙන් දැකපු අර හැම හුරතල් ගතියක්ම දැන් දැනෙන්නෙ මහ වේදනාත්මක විදිහට....අර හුරතල් වචන දැන් තනිකරම පිහි පාරවල් වගේ
ඒක ඇත්ත....පුතා කියන විදිහ හරි...මිනිස්සු හුගාක් වෙලාවට ප්‍රධාන කරලා හිතන්නෙ සම්බන්දයක් ඇතුලෙ තියන ලිංගික සම්බන්ධතාව ගැන.....ඇත්තටම සම්බන්දයක් ඇතුලෙ අත්‍යාවශ්‍යම දේ අවදානයයි ආදරයයි.....
ඒ වගේම විස්වාසය....නෙ අංකල්...අපි ආදරේ කරන කෙනා ගැන උපරිම විස්වාස කරන්න ඕනෙ...මොන මගුල උනත් මෙයා මගෙ ගාව ඉන්නවා කියලා එක හිතින් විස්වාස කරන තරමට ආදරේ ගැඹුරු වෙන්න ඕනෙ...මං හැම වෙලේම හිතනවා..මයුර මොන දේ උනත් මගෙ ගාව ඉදී කියලා ....එහෙම නේ අනූ....මේ ලෝකෙම මිනිස්සු එක පැත්තක් අරන් මාව තනි කෙරුවත් ඔයා මගෙ ගාව ඉන්නවා නේද.....
මං හිතන්නෙ.....ජයවර්ධනගෙ පැත්තට රතු එලි පත්තු වෙන්නද කොහෙද යන්නෙ.....අරුන් කරන්නෙ අපි දෙන්නව තියාගන ආදරෙ ගැන කියලා දෙන එක වෙනකොට මායි කල්පනයි ජයවර්ධනයා රටේ ලෝකෙන් හංගන් ඉන්න...ඒත් අපේ ඇස් පනාපිට දැකපු කරවිල කොහොඹ වලටත් වඩා තිත්ත අර උගෙ තිත්ත ඇත්ත හිමින් සීරුවෙ එලියට දාන්න ගත්තා ....
මගෙ කකුල උඩ ඉදගන උන්න කල්පනයවයි මාවයි දකින උන්ට ගලේ කොටපු ඉසුරුමුනී පෙම් යුවල මතක් වෙනවා ඇති....ඒත් උන් අපිව රස විදිනවා..අපේ ඉරියව් රස විදිනවා.....සමලිංගිකත්වෙ මානසීක ලෙඩක්‍ය කියලා හන්වඩු ගගගා පුද්ගලික තරහවල් පිරිමහන උන් අපි දෙන්නව කොයි විදිහටද නැති කරන්න ඕනෙ කියන කාරනාව යටි හිතින් හිත හිත අපිව රස විදින්න ගත්තා...
ඒත්...උන් නොදන්නවා උනාට මායි කල්පනයයි උන් අපි රස විදිනවට වඩා අපි උන්ව රස විදින්න ගත්තා.....
මං බලාගන ජයවර්ධනයා හරිබරි ගැහුනා... කල්පනයා කතා කරන්නෙ විශ්වාසය ගැන.....හැබැයි උගෙ කතාවට නිධන් වස්තුව උනේ නන්දනී ජයවර්ධන ආදර කතාව වගේම වංචනීකව කසාදෙකට පැටලුන සුචිත්‍රම්මා ගැන වෙනකොට මට සිද්ද උනා මගෙ තාවකාලික පෙම්වතාට මන් එයාට මොන තරම් ආදරෙයිද කියලා පෙන්න ගමන් ඒ ආදරේ පරිමාව කොයි තරම්ද කියලා අනිත් උන් ඉස්සරහත් හීන් නුලෙන් දිගාරින්න ....
ම්න්...ඔව් මං ඔයා ගාව ඉන්නවා...මං ඔයාට ආදරේ නම් මුලු ලෝකෙම එකතු වෙලා එක පැත්තක් අරන් ඔයාට රටේම තියන නින්දා අපහස කෙරුවොත් මං කරන්නෙ ඔයාගෙ පැත්තෙන් හිටගන්න එක....එහෙම නේ ජයවර්ධන අංකල්....මං කියන කතාව හරි නේද.....
ආ..ආ මොකක්ද ඇහුවෙ...
නෑ අංකල්..මගෙ කල්පන අහනවා අපේ සම්බන්දෙට ඉඩක් නොතිබුනොත් මේ මුලු ලෝකෙම එකතු වෙලා එයාව ලැජ්ජ කෙරුවොත් ...පිලිකුල් කෙරුවොත් මම එයාගෙ පැත්තෙන් හිටගන්නවද කියලා ..... මට එයාට දෙන්න තියෙන්නෙ ඔව් කියන එක විතරයි කියලා මං කිව්වෙ.....මොකද එයා මා ගාවට එන්නෙ මං එයාව අත අරින්නෙ නෑ කියන විශ්වාසේ එක්ක....වංචා කරන්නෙ නෑ කියන විශ්වාසේ එක්ක
අංකල් නවසිය ගනන් වල ෆිල්ම් එකක් ආවා තායි එකක්....මට නම් හරියටම මතක නෑ....අංකල් බලලත් ඇති...ඒකෙ කොල්ලා ආදරේ කරන්නෙ කොල්ලෙක්ට.....හැබැයි කොල්ලගෙ තාත්තා මේකට කැමති නෑ...ඒත් කොල්ලා නවත්තන්න කැමතිත් නෑ.....
මන් කල්පනව මගෙ උකුල උඩ තියාගන නන්දනීව වස්තුවිශය කරගන පිටස්තර ලෝකෙන් තවත් අලුතෙම්ම චරිත දෙකක් ගෙනත් කතාව කියාගන කියාගන යන්න ගත්තා...අනිත් උන්ට මේක ෆුල් ඉන්ටරස්ටින් කතාවක් උනත් අතක් නැති කරන් උන්න ජයවර්ධනයා ගෙ මූන එන්න එන්නම වෙනස් උනා....ඌ හන්දා අන්ත අසරන උන නන්දනී පිළිසරණක් නැතුව මහ මග හෙලුවෙන් දුවාපු හරිය කියනකොට කල්පන උන්නෙ ඇද උඩ මං උන්නෙ හිටගන වෙනකොට මගෙ මූනෙ භාව ප්‍රකාශ එන්න එන්න වෙනස් උනා...නන්දනීගෙ වේදනාව මං තිබුනටත් වඩා අතිශයෝක්තියෙන් උලුප්පල කියනකොට ජයවර්ධනයට හේතු නැතුවම දෙතුන් පාරක්ම කැස්ස ඇල්ලුවා...
මං හිතන්නෙ ජයවර්ධනට මේ මොහොතෙ කක්කල් කැස්ස වැලදුනා.....
අවසානෙදි ඒකා කොල්ලව මරලා දැම්මා....විශ්වාසෙ තියෙන්නම ඕන තැන ඌ එක බිදලා දැම්මා...නැහීගන ආදරේ කරලා...මුලු සමාජයක් ඉස්සරහම ලැජ්ජා වෙලා වෙලා....අමු හෙලුවෙන් දුවලා...ගල් මුල් වලින් ගුටි කාලා අවසානෙදි ඌ කෙරුවෙ තමන්ගෙ ආදරෙ කොහොම හරි දිනා ගන්න පිරිමි ආත්මෙ මරලා දාපු එක.....
ඒ කියන්නෙ මයුර කොල්ලා ස්වරූපෙ වෙනස් කරගන්නවද...
ඔව් අංකල්.....කොල්ලා සංක්‍රාන්තිකයෙක් වෙනවා....!!!
කැහ්...කැහ්....කැහ්...කැහ්.....
ආ..ආ...ආහ්හ්හ්....ජයෙ අංකල්.....යෝ...කැස්සක් හදාගන නේත ඔයා මොනවා හරි කූල් නරකාදියක් වත් බිව්වද අනේ....මේ වයසට කූල් බොන්න එපා අනේ...අපේ අනූලගෙ සීයා මැරුනෙ කැහැලමයි.....කෝ මේ වතුර එක බොන්න...අනික සිගරට් ..මං දැකලා තියනවා ජයේ අංකල් සිගරට් බොනවා..අනූ...ඔයාලගෙ ඔය කැස්ස හැදිලා මැරුන සීයට කැන්සර් එකක් තිබ්බා නේද...
ම්ම්ම්....පෙනහලු වල...
අපරාදෙ ....මලානෙ ඉතින්....මං නම් කියන්නෙ ජයේ .....
ඇති කල්පන....වතුර ඇති....
මං හිතන්නෙ ජයවර්ධනයා ට්‍රැක් එකට වැටුනා...අර කොල්ලා ආදරේ නාමෙන් සංක්‍රාන්තිකයෙක් වෙනවා කියලා කියන ගමන් මං බැලුවෙ ජයවර්ධන දිහා වෙනකොට ඒ ඇස් මගෙ ඇස් එක්ක පැටලුනා.....කොටින්ම අපෙ ඇස් තදින්ම එකට බැදුනා....
එතනින් කතාව අහවරද මයුර....
නෑ අංකල්...එතනින් පස්සෙ තමයි නරකම දෙවල් පටන් ගන්නෙ.....
මං හිතන්නෙ තව චුට්ටකින් .ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙනවා.....
ජයවර්ධනයා කලබල උනා.....කතවට වහ වැටුන උන් මගෙන් කතාව එච්චරද අහනකොට මං එතනින් එහාට තමයි නරකම දේවල් උනේ කියනවත් එක්කම ජයවර්ධනයා මැදින් පැන්නා.....ඒත් මගෙ කතාවට තිතක් නොතියා කමාවක් දාලා එතනින් එහාට කල්පනයා කතාව කියන්න ගත්තා.....
එයා ගෑනු ළමයෙක් වෙනවා...ගෑනු ලමයෙක් කියන්නෙ..... අංකල් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.....ලෑලි පපුවට සිලිකන් පුරවනවා.....ඉහෙ කෙස් ගානට සර්ජරීස් කරලා වොයිස් එක හදා ගන්නවා...මේ හැම දේම කරන්නෙ ආදරෙ වෙනුවෙන්...මෙ පිරිමියා තමන්ව මරලා...ආපහු තමන්ටම උපත දෙනවා...ඒ ගෑනු ආත්මයක් විදිහට....මේ හැම වේදනාවක්ම....අපවාදයක්ම...
ඉවසන්නෙ ආදරේ වෙනුවෙන්.....ඒත් මං හිතන්නෙ...එයා අවාසනාවතයි...කොච්චර හොද හිතක් එයාට තිබුනත් ආදරේ කරන්න තෝරන් තියෙන්නෙ තිරිසනෙක්....අමු ගොබ්බයෙක්ට....
ඇයි ඒ එහෙම කියන්නෙ.....
එහෙම කියන්නෙ අංකල්....එයා තෝරන් තිබුනෙ තමන් වෙනුවෙන් තියා....ඌ වෙනුවෙන් වත් ඌට හිටගන්න බැරි මෝඩ මූසලයෙක්ව.....කොටින්ම කියනවා නම්...පී ඩයල් එකක්ව...පොන්නයෙක්ව.....අංකල් වචන සැරයි....මොකද ඒ ෆිල්ම් එක හදපු එකා මොනවා උනත් හදලා තිබ්බා ආය බලන එකාට ෆිල්ම් එක ඇතුලට පැනලා අරකව කීතු කරන්න පුලුවන් තරම් ඇති වෙන්න.....ඇත්තටම මුලු සමාජෙම ඇගිල්ල දික් කෙරුවෙ ඔතනින් එකාටයි.....ආදරේ වෙනුවෙන් ලැජ්ජා උනේ එකයි....නින්දා.....පීඩා....අපහාස...දුක කදුලු දෙතිස් වදේම වින්දෙ එකයි.....ඒ අර ගෑනූ අත්මෙ ගත්තු එකා විතරයි ....අරකා....ආදරේ කරලා කරලා උවමනාම මොහොතේ හැංගුනා....ඉතින් එහෙම එකාට පොන්නයා නොකියා මොනවා කියන්නද නේ ජයවර්ධන අංකල්....මං ජයවර්ධන අංකල්ගෙ පොත් වල වත් ඔය වගෙ පින්න ඩයල් එකක් දැකලා නෑ...ඌ නම් තනිකරම මල් පොන්නයෙක්.....
මගෙ ඇස් තිබුනෙ ජයවර්ධනයා ගාව..උදාරයගෙ බබා හිටු කියලා කුනුහර්ප දෙසා බබා ජයවර්ධනයා දිහා බල බල නේ අංකල්....නේ අංකල් ගානකොට ඌ උන්නෙ උගෙ මුනටම පොන්නයා කියන කල්පනයව සුප් කරන්න තරම් තරහකින් කියන්න ඌ උගෙ ඉතුරු අතේ ඇගිලි වලින් ඇද රෙද්ද මිරිකගන බලාගන උන්නා.....
ඉතින් අවසානෙදි මොකද උනේ.....
අවසානෙදි ...ඇත්තටම කිසිම ආදර කතාවකට එහෙම අවසානයක් වෙන්න එපා...මං නම් අදටත් දෙවියන්ට ස්තූතියි කියනවා අනූ මට ආදරෙ කරන විදිහට....රටේ ලෝකෙ උන් මොනවා කිව්වත් මට මයුරව විස්වසයි.....එයා කවදාවත් මාව ඔහොම අසරන කරන්නෙ නෑ....මන්දා...ඒ ෆිල්ම් එකෙ අවසානෙදි අර මිනිහා තමන් වෙනුවෙන් හැම දේම කැපකරපු කෙනාව මරලා දානවා.....ඒක මහ වේදනාවක්...මට මුලු ෆිල්ම් එකේදිම හිතුනෙ අරූට හෙන ගහලා අකුලෝලම පලයන් කියලා නේ අනූ....ෆිල්ම් එකක් උනත් මං නම් අදටත් ඌට සාප කරනවා හෙනම ගහපිය කියලා ...නිකන් නෙවෙ ඕකව මහ පාරෙ යනකොට හොද කන්ටේනර් එකකට හැප්පිලා පත්තරයක් වෙලා චප්ප චිරිප්පන් වෙලා යන්න ඕනෙ කියලා .....
නැත්තන් ඕකට සමාජ ලෙඩක් හැදෙන්න කියලා ....ඒඩ්ස් හැදිලා ඕකගෙ බිජ්ජ වැටුනත් ඇති අංකල්.....
ඒ අතින් මට මගෙ අනූ දාහෙන් සම්පතයි...අප්පච්චි ලා මොනා කිව්වත් අනූ කිව්වා මාව අතාරින්නෙ නෑ කියලා ...මුලු ලෝකෙම එකතු වෙලා අපිව හංවඩු ගැහුවත් එයා කවදාවත් මාව අතාරින්නෙ නෑ කිව්වා..කොටින්ම ඔය ෆිල්ම් එක වගේ දුකක් නම් මට දෙන්නෙ නෑ කිව්වා....එහෙම නේ අනූ.....
ම්න්...ඇත්ත...ආදරේ කරන්න ගත්තෙ හැම දේටම මූන දෙන්න බලන් මිසක් ඔය වගේ අතරමග දාලා ගියා මදිවට මරලා දාන්න නෙවෙ....ඌට කොන්ද නැති උනාට උඹගෙ මයුරට කොන්ද තියනව මැනික...ආදරෙයි ඔයාට...
මාත්....ආදරෙයි අනූ...මේ විස්වාසෙම ඇති කල්ප කාලාන්තරේකටම.....
කතාව අස්සෙ ඉමෝශනල් වෙලා උන්න මන් අරුන් හැමෝම ඉස්සරහා කල්පනයගෙ අත අරගන උගෙ අතේ පිට අල්ලට හාදුවක් තියනකොට මං බලාගන ජයවර්ධනයගෙ හමුදාව උන්ගෙ අලුත් ඇම දිහා ඇස් කටේ දාගන බලන් ඉන්නවා.....කලනයටත් හීනියට දාඩිය පාරක් දානකොට මගෙ එකාව විස්වාස නැති මටත් බඩ පොඩ්ඩක් රිදෙන්න ගත්තා....
ආ..අනූ...ඔයා කිව්ව නේ ජයෙ අංකල් හම්බ උනහම මොනාද අහන්න ඕන කියලා ....
මොනාද සුදූ.....
ඇයි අනේ....යෝ අනූ..... ඇත්තමයි අනේ...මෙ මෙයාට මොකුත් මතක නෑ...ඇයි ඉතින් මෙයාගෙ මුලු ලෝකෙම මමනෙ...මගෙන් තොර ලෝකයක් ඇත්තෙම නැද්ද අනූ...ම්හුක්.....ආදරේ නිසානෙ මේ හැම දේම.....
ම්න්...මගෙ මුලු ලෝකෙම ඔයා වෙනකොට මට වෙන මොනවා මතක හිටින්නද....ආදරෙ මිනිස්සුන්ව පිස්සු වට්ටනව කියනවනෙ...මන් ඉන්නෙ ඔයාට පිස්සු වැටිලා.....ඒකයි මේ...
නිකන් ඉන්න අනූ...කල්පියට ලජ්ජයිනෙ...අරක අහන්නකො..ඔයා ජයෙ අංකල්ගෙන් අහන්න ඕනා කිව්වෙ....
මොකක්ද මයුර.....
මායි කල්පනයයි උන්නෙ ආදරෙන් මුසපත් වෙලා...කොච්චර ආදරෙද කියනව නම් කල්පනයව තව ටිකෙන් මගෙ අතින් බඩ වෙලා මගෙ නිම්නයට මිනිහෙක් නැති වෙනවා.....
ආලෙන් අන්ද වෙලා උන්න මං කල්පනව පැත්තකට කරලා ජයවර්ධනයා ගාවට කිට්‍ටු කරා.....
නෑ..අංකල්.....ඒක....මේ....මට පොතක් ලියන්න ආසයි....
ශහ් මරුනේ....
මිනිහා හිනා උනා.....කොටින්ම ඌ ඇවිදින් හිනාවක් මවා ගත්තා....ඌ උන්නෙ පඹගාලක පැටලිලා....නන්දනීට උන දේම ඉස්පිල්ලක් පාපිල්ලක් වරද්දන්නෙ නැතුව කියපු වෙලේ ඉදන් ජයවර්ධනයා උන්නෙ වෙන ලෝකක වෙනකොට මට පලවෙනි පාරට ජයවර්ධනයට ශාරිරීකව වට්ටනවා වෙනුවට මානසීකව වට්‍ටන එක රහයි කියලා හිතුනා.....
අංකල් ජයවර්ධන මෙහෙමයි... මං කතාවෙ ප්ලොට් එක දුන්නොත් ඔයාට පුලුවන්ද පොත පබ්ලිශ් කරන්න පුලුවන්ද බැරිද කියලා කියන්න...
මොකක්ද...මට නිකන් අයිඩියා එකක් ගන්න කෙටියෙන් කියන්න...අනික මයුරට මෙ අංකල්ලා උනත් උදව් කරයි.....එහෙම නේද සිසිර...
අනිවාර්යයෙන්ම ....මොකක්ද පුතා කතාව....
කතාව හොරර් එකක්...හැබැයි...සමරිසි ආදරයක් ....ජයවර්ධන අංකල් ලියන විදිහමයි...හැබැයි අංකල් නම් මාර ටැලන්ටඩ් ...අපි වගෙ අලුතින් ලියන උන්ට අංකල්ගෙ තැනට එන්න සෑහෙන්න කල් යයි....
මගෙ නිම්නගෙ වචන හොරකන් කරන ජයවර්ධනව මං මුරුංගා අත්තෙ තිබ්බා...
පිස්සු කොල්ලා.....මොකක්ද කතාව.....
අංකල්.....මෙහෙමයි....කතාව පටන් ගන්නෙ කතාවෙ මේන් කැරක්ටර් එක මැරෙන තැනින්...
මැරෙන තැනින්...??????.කොල්ලො..කතාව පටන් ගන්නෙම මරනෙකින්ද....
හ්ම්....ඔව් අංකල්...මට ඕනේ එහෙම පටන් ගන්න කොල්ලගෙ අප්පච්චි කොල්ලව මරනව....කොල්ලා තමන්ගෙ අනන්‍යතාවෙ අප්පච්චිට කියනවා..මං මෙහෙම කෙනෙක් කියලා ..ඒත් අප්පච්චි පිලිගන්නෙ නෑ.....
මං හිතන්නෙ.....වොට්සන් සෙල්ලම පටන් ගන්නයි යන්නෙ කියන කොටස මෙතනටයි හරියටම ගැලපෙන්නෙ....කතාවෙ ප්ලොට් එක කියන මාර්ගෙන් ශේප් එකෙ මගෙ අහිංසකයගෙ සිද්දිය මං වටින් ගොඩින් කියනකොට ජයවර්ධනයා උන්නෙ මේ ලෝකෙ නෙවෙ...ඌ උන්නෙ වෙන ලෝකෙක...
කොහොම හරි කතාවෙ අවසානෙ වෙන්නෙ.....කොල්ලගෙ අප්පච්චි මැරෙන තැනින්...අර කොල්ලගෙ ආත්මෙ ඇවිදින් පලිගන්න පටන් ගන්නවා....
සමහර කොටස් ෆැන්ටසි පැත්තට යනව..කොහොම උනත් යතාර්තෙ එක්ක යන කතාවක්....හොදයි....මේ කියපු ටික එක්ක ස්ට්‍රෝන්ග් ප්ලොට් එකක් කියලා හිතෙනවා.....එහෙම නේ ජයවර්ධන ...කොල්ලගෙ කතාව හොදයි...නේ
.....
ජයවර්ධන ....
......
ජයවර්ධන ....
ආ..ආ...හ්...සිසිර..මොකක් හරි කිව්වද.....
මං කිව්වෙ කියපු ටික අනුව කොල්ලගෙ කතාව හොදයි කියලා .....මයුර ඒත් ඕකෙ අවසානෙ ටිකක් වෙනස් කරන්න පුලුවන් නම්....
මොකක්ද අංකල්.....
අර අප්පච්චිව මරන තැන...ඒ කෑල්ල ටිකක් අමානුසීයයි වගෙ නැද්ද...
ම්ම්ම්ම්..නෑ....මං හිතන්නෙ අංකල්....ඔය පොතේ මුලු කතාවෙම්ම කියවන කෙනා සතුටු වෙන්නෙ අවසානම හරියෙදි.....ඒ තමයි කොල්ලගෙ තාත්තා මැරෙන එක...ඌ දඩුවම් විදින්න ඕනා...නැත්තන් කොහෙද අංකල් කතාවට සාදාරනයක්...
ඔව් අංකල්...මං අනූට කිව්වා.....ඒ හරිය දැනෙන්නම ලියන්න කියලා ..හරියටම අර wrong turn එකේ වගේ වලකට බස්සලා ඔලුව උඩින් තනකොල කපම මැශිමක් අරන් ගියා නම්....අන්න මරු...අනික කොල්ලා හොල්මන් කරනවනේ...
ජයවර්ධනයා ගෙ මූන ලේ නෑ....උගෙ ලේ සම්පූරනම හිදිලා ගිහින් තිබුනා....මං හිමින් සැරෙ ජයවර්ධනයා ගාවට කිට්‍ටු වෙලා අර තුවාල අත හිමින් හිමින් අත ගෑවා...
අංකල් පුලුවන්ද .....හැබැයි මෙහෙමයි අංකල් ප්ලොට් එක මගෙ නම්...කතාව මගෙ නම් නමයි හමයි දෙකම මගෙ වෙන්න ඕන....මොකද කතාව මගෙ වෙලා...නම වෙන කෙනෙක්ගෙ වෙනවා නම් මං නැහිගන කතාව ලියන්න ඕන නෑනෙ...දහ අට දන කොටස් මේ මොකුත්ම නැතුව අමුවට ලියවෙන කතවක්....රිදෙන තැන් වැඩී.....පපුව ඇවිලෙන තැන් හුගක් වැඩී...කොටින්ම පොත කියවන එකාට මගෙ මලගිය ඥාතීන්ව සිහිවෙලා උන්ට පින් ඉල්ලන තැනට ලියවෙන කතාවක්...
අංකල් මොකද කියන්නෙ.....මට ඕනෙ කොඩිගහ යට එකේ ඉන්න ශානිලා....කලූලව තිරේට විතරක් පට්ට කැරක්ටර් නොකර යතාර්තෙදිත් ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට හිමි ගරුත්වෙ දෙන විදිහෙ කතාවක් ලියන්න.....නැත්තන් මේ මිනිස්සු හැමදාටම හිතයි එ ජාතියෙ මිනිස්සුන්ට මාන්සීක ලෙඩක් කියලා ...
මට මේ පොත කොහොම හරි ලියන්නම ඕන අංකල්...ජීවිතෙයි ආදරෙයි විදින්න මිනිස්සුන්ට වර්ගයක් ඕනෙ නෑ කියන්න මට මෙක ලියන්න ඕනා...අනික...ඔය ටීවි එකේ පෙන්න තරම් කලූලා වගේ චරිත වලට යතාර්තෙ මිනිස්සු ආදරේ නෑ කියන එක ලියන්න ඕන.....දේදුනු පාට මින්ස්සුන්ට මේ සමාජෙන් වෙන අසාදාරනෙ මට අමුවට ලියන්න ඕනෙ...අරක්කු එකක් උනත් අමුවට ගහනකොට මිසක්...සැන්ඩින් කරපුවාම අගයක් නෑ අංකල්....
කොඩිගහ උඩයි...කොඩි ගහ යටයි කියන්නෙ වීව් දෙකක්.....මිනිස්සුන්ට ජීවත් වීමෙ අයිතිය වගේම ආදරෙ කිරිමෙ නිදහසයි අයිතියයි තියෙන්න ඕන.....
අංකල්ට පුලුවන්ද මට උදව් කරන්න...????
ජයවර්ධනයා මරනාසන්නයි...කොටින්ම ඌගෙ මුනෙ හිදෙන්න දෙයක් දැන් තිබුන් නෑ.....උගෙ මූනෙ තිබුන අවසානම ලේ බිදුවත් හිදිලා ගියා..හරියටම සුනාමියට කලින් මහ මුහුද හිදුනා වගේ...මගෙ ඇස් තනිකරම වියරු වැටුන කලු ව්‍යාග්‍රයෙක් හා සමාන වෙනකොට මං කට කොනින් හිනා වෙලා.ජයවර්ධනයා දිහ බැලුවා.....
අංකල් බලන්නකො...බලලා කියන්න.....පරිස්සමින් .....මං අපෙ අම්මටයි අප්පච්චි ටයි කියන්නම් ජයවර්ධන අංකල් ඉස්පිරිතාලෙ කියලා ....ඒ උනාට මං කියන්නෙ ඇන්ටිට එන්න කිව්ව නම් හොදයි අංකල්....අත ඔතනින් බේරුන හන්දා හොදයි...අනික බේත් පෙත්තක් වත් දෙන්න ඇන්ටි ළඟ ඉන්න එපැයිනෙ....අංකල් කිව්වෙ වත් නැද්ද.....
.......එයාල බය වෙනවා...අනික ආපිට එන්න කොච්චර වියදම්ද...
ඒකත් ඇත්ත....ඒත්.....මෙවෙල අංකල් ගාව ආන්ටි ඉන්නම ඕන....කමක් නෑ...අංකල්ට උවමානවාක් උදව්වක් ඕන උනොත් අනිවාර්යයෙන්ම අපිට කියන්න.....එහෙනම් අපි යන්නම් අංකල්...තීන්ත එකක් බලන්න යන්නත් එක්ක ආවෙ...අපි ආයම ගේ පේන්ට් කරන්න යන්නෙ....
ප්...ප්...පේන්ට් කරන්න.....
ඔව් අංකල්.....මගෙ කාමරෙ බිත්ති වල සුදු පාට අයින් කරලා පාටක් ගාන්න කියලා ...අනික අප්පච්චි කිව්වා පොලවට අල්ලලා තියන ලෑලි අයින් කරලා ටයිල් කරන කතාවක්...ටයිල් නෙවෙ ග්‍රැනයිට් කරයිද...නැත්තන් ටෙරාසො කරයිද දන්නෙ නෑ....පරන ගෙයක්නෙ අංකල්....අපිමයි අංකල් බිත්ති කපන්නෙ....අර ගාලා තියන සුදු හුනු එක කපලා අලුතින් පේන්ට් පාරක් ගහනවා.....බාස්ලා අතගානවා අංකල්..ඒකයි
මං හිතන්නෙ මෙතන තමා රසම හරිය...ගෙදර පේන්ට් කරලා ලෑලි ගලවනවා කිව්වා විතරයි ජයවර්ධනයා නැගිට්ටා....ඌ ලෙඩා කියන එක අමතක වෙලා නැගිට්ටා.....
මං දන්නවා මිනිහා අනිවාර්යයෙන්ම අප්පච්චිට කෝල් කරලා කියනවා ගේ විකුනන්නෙ නෑ කියලා ...ඌ හිතුවෙ නෑ..ඌ හිතුවෙ හැම දේම මහපොලවට පස් කරලා උගෙ ජඩවැඩ දිගින් දිගටම කර කර මුලු ලෝකෙම්ම හැංගිලා ඉන්න...
අන් ජයවර්ධනයා දිහා එක එල්ලේම බලාගන ඉදල කට කොනකින් ලාවට වගේ හිනා උනා....මොකද අපේ සෙල්ලම පටන් ගත්තා.....


අංකල්ට වෙලාවක් තියනව නම් ඇවිත් යන්න...අප්පච්චි කිව්වා සමහරක් බඩු ආපහු අංකල්ටම අහල දෙනවා කියලා .....ඒ ගෙදර හුගාක් බඩු තියනවා....හුගා....ක්.....නිම්න අයියගෙ පොත් වගේකුත් තිබුනා...අපරාදෙ අංකල් වීසි කරන එක...එයාගෙ කවි වගයක් තිබුනා...නිම්න අයියත් ලස්සනට ලියනවා...අංකල්ගෙ පුතා කියන්නෙ ඉතින් නිකන්ද.....
පත්තු උනා...නිම්නගෙ පපී මාලෙ මගෙ බැනියම් කරින් එලියට පනිනව එක්කම ජයවර්ධනයා පත්තු උනා.....මම එතනින් එහා මොකුත්ම නොකියා කල්පනවත් අතින් අල්ලන් කෙලින්ම එලියට ආවා..කොටින්ම මම උගෙ අත අතෑරියෙ ඌ මට මම ඌව අල්ලන් ඉන්නෙ කියලා මතක් කරනකොටයි.....
අනූ...කල්පියව අතාරින්න බැයි තරමට ආතරෙන් මත් වෙලාත අනූ...
රෙද්ද....ලෝඩ් පකීර් වගේ කියෙව්වට මගෙත් බඩ කොරවෙලා තිබ්බෙ.....
මයුරයා ඔන්න බලපන් ඕකා අනිවාර්යයෙන්ම රොහාන්ට කෝල් කරලා කියනවා ගේ විකුනන්නෙ නෑ කියලා ...ඌ බය උනා...මිනිහා බය උනා...
ම්න්.....ඌ බය උනා...ජයවර්ධනයා කියන්නෙ හිතන තරම් දරුනු එකෙක් නෙවෙ...ඒත් ඌට පොඩි මෙන්ටලි අවුල්.ගතියක් තියනවා.....හොදට මතක් කරලා බලපන් කල්පන උගෙ මොලෙ විකෘති වෙන්නෙ ඌට නැති දෙයක් ඌ එක්කම ඉන්න තව එකෙක් ලබාගන්නකොට....
.නන්දනී ඌව අතාරිනවා කිව්වා විතරයි ඌ එයාව මැරුව.....ඌට තියෙන්නෙ...අනේ මන්දා අඩේ....
ඌට තියන එකම දේ ඌගෙ ඔලුව දැන් හැදිලා තියෙන්නෙ ඌට නොලැබුන කිසිම දෙයක් වෙන කාටත් ලැබෙන්න එපා කියන තැන....ඒකයි ඌ මගෙ නිම්නව මැරුවෙ ...ඌට වඩා මගෙ නිම්නගෙ වචන ලස්සනයි...ආදරනීයයි....ඒක මූට දරාගන්න බැරි උනා..අනික සුචිත්‍රම්මා ඥන් පඥන් නොගා නිම්නවයි අක්කවයි තේරුම් ගත්තා....ඌට උගෙ ගෙදරින් ලැබුන ප්‍රෙශර් එක නිම්නලාට නොලැබුන හන්දා ඌ ඒ දෙන්නව මරවන්න ගත්තා...
......පිස්සෙක්....ඒත් එහෙමයි කියලා උඹ හදන්නෙ ඌට සමාව දෙන්නද...???
මානසීක ලෙඩ්ඩු දාමඝාතකයො වෙන්න කලින් අහක් කරන්න ඕන....ඌට ජීවත් වීමෙ අයිතියක් නෑ කල්පන...වරෙන් යන්න...
එලියට ඇවිශින් පපුව පුරවලා ලොකු හුස්මක් ගත්තු මම විනාඩි ගානක් ඉදල යන්න ලැහැස්ති උනා...ජයවර්ධනයා මැරෙන්න ඕන...කතාව අහවර වෙන තැන ජයවර්ධනයා අහවර වෙන්න ඕන....මගෙ නිම්න විදපු දෙතිස් වදේම ඌ විදින්න ඕන..නිකන් නෙවෙ ඕකා ඔය ගෙදරම මගෙ අතින් මැරෙන්න ඕන....හරියටම මගෙ නිම්න තට්ටම් වලින් බඩ ගගා ගියා වගේ ඌ මගෙ ඉස්සරහා වැද වැටෙන්න ඕන..... අනෙ මයුර මාව මරන්න එපා කිය කිය ඌ මගෙ කකුල් ගාව වැද වැටෙන්න ඕන....
නෑ...ඒත් මං ඌව මරනවා...අවසානෙදි වේදනාව උත්සන්න ම වෙනතැන ඌට ජීවත් වීමෙ ආසාව නැතිවෙලා මාව එක පාරම මරපන් යකෝ කියන තැනට ඌ වැටෙන්න ඕන්...
හැබැයි එතනදි මම කියනවා නෑ උඹ ජීවත් වෙන්න ඕන....උඹගෙ ජීවිතේ බේරගන්න තියෙන්නෙ සීයට එකද...උඹ ඒ සීයට එක ජීවත් වෙන්න ඕන...
පස්සෙ මං උඹ එක්ක කැරම් අතක් ගහනවා..ඔය ගෙදර ඔය සාලෙ මැද ඉදම්ම...උඹගෙ මලගෙදරට කොල්ලො කුරුට්ටො එකතුවෙලා ගහන කැරම් අතම මම උඹ එක්ක ගහනවා....
..උඹ දිනුවොත්...මම උඹ ඉල්ලන විදිහටම උඹගෙ මරනෙ ඉක්මන් කරනවා...හැබැයි...මම දිනුවොත් මම උඹව ජීවත් වෙන්න අරිනවා....නිකන් නෙවෙ...ඔය ගෙදරම.....මගෙ නිම්නලා මැදම...උඹ ටිකෙන් ටික මැරිලා යන හැටි බල බල මම උඹ ඉස්සරහම උඹගෙ පාංශුකුලේ දෙනවා....
තත්පර ගානකට මගෙ කල්පනා ලෝකෙ අස්සෙ එහා මෙහා ගියපු මම ආයම එයාගෙ ආදරනීය මයුර උනා.... එයාට විතරක් ආදරනීයම චරිතයක් උන මම ජයවර්ධනයා ඉස්සරහා අලුගෝසුවෙක්ට හපන් වෙනකොට මම ආයම පරන මයුර උනා.....
මට සමාවෙයන් වස්තු....මම උඹගෙ හාව හොද අනූ කෙනෙක් සුදු චරිතයක් ...ඒත් උඹව රිදවපු උන් ගාව යකෙක් කලු චරිතයක් ...උඹ මගෙන් යන්න ගිය දාකට....මං ඔය දෙකටම නැති අලු පාට කොල්ලෙක් වෙයි.....
මට උඹ නැතුව ජීවත් වෙන්න හයිය දීලා යමන් රත්තරන් .....ආදරෙන් පිස්සු වැටුනට කාරි නෑ...මගෙ අම්මටයි අප්පච්චිටයි මාව නැති නොවි.....මොකද මට හොද ප්‍රේමවන්තයෙක් වෙන්න පුලුවන් වෙලා හොද පුතෙක් වෙන්න බැරිව ගියොත් ඒක පවක් මගෙ නිම්න...
හමුවෙන්න පින් තිබුන..හිමි වෙන්න පින් මදිවුන....උඹ හන්දා ඇති වෙන මේ තුවාල කවදම හරි දවසක සුවවෙයි මගෙ නිම්න....උඹ ආයමත් දවසක මගෙ ඉස්සරහට මොනම නමින් හරි එන දාකට මං සම්පූරනම සුව වෙලා ඉදීවි මගෙ නිම්න.....ආදරේ විසින් ඇති කරාපු තුවාල....ආදරේ විසිම්ම සුවකරාවි....
මං ප්‍රාර්තනා කරනවා...ආදරෙ වෙනුවෙන් මේසා දුක්ඛ දොම්නස් විදින හැම හදවතක්ම සන්සාරෙ කොතනක හරි සුවවේවා කියලා!!!!
පැහැදිලි නිල්පාට අහස දිහා බලාගන උන්න මං පපුව පිරෙන්නම ලොකු හුස්මක් අරගන ඈත අහසේ පාවෙන වලාකුලක් දිහා බලලා ප්‍රාර්තනාවක් කරපු මං අවසානෙදි යන්න ලැහැස්ති උනා...
...කල්පනයා වරෙන් යන්න...
.....
කල්පන.....
....
කල්පන...
කල්පනයා නෑ....මෙච්චර වෙලාම මගෙ ගාව උන්න්න් කල්පනයා උන්නෙ නෑ....හෙල්මන්ට් දෙකත් අතේ තියාගන මං හතර වටම කැරකි කැරකි කල්පනයා හෙව්වා..මූ ආයම අරකට අනින්න ගියාදෝ...
කල්පන....මූ ඵෝන් එක ආන්ස්වර් කරන්නෙත් නෑනෙ.....
කෝල් පිට කෝල් ගගහා මං කල්පනයව හෙව්වා හරියටම නයා හොයන අහිකුන්ටකයා වගේ....
මයුර...පුතා...
අ..අහ්...අංකල්....ස්..සොරි අංකල්....මන් මේකල්පනයව...නෑ..මං කිව්වෙ මං මගෙ කොල්ලව හොයනවා....
ඇයි එයා කොහෙ ගිහින්ද.....
දන්නෙ නෑ අංකල්...මෙතන උන්නා..හරි මුරන්ඩුයි චුට්ට ඇතිනම් මිසින් වෙනවා.....
මයුර හරි ආදරෙයි වගේ එයාට
ඔව් අංකල්.....මං ඌට කොයි තරම් ආදරේද කියනව නම් මයින්ද මාත්තියට වඩා අරික්කලයි අඩූ
මගුලක් කියන්න එනවා.....මෙතන උන්න කල්පනයා හිටපු ගමන් අතුරු දහන් වෙනකොට ඒකට වෙච්ච කෙරිච්ච දේ හොය හොය උන්න මගෙන් ජයවර්ධනයගෙ සහචරයා කල්පනයට කොයි තරම් ආදරෙද අහනකොට මං කටට ආව එකක් කියලා උදාරයගෙ පනව හෙව්වා...
මයුර.....
හුත්තිගෙ පුතො තෝ කොහෙද.....
ඉන්න තැනකින් වරකො බල්ලො කොහෙද ගියේ නොකියම
මගෙ මහපට ඇගිලි දෙක සට සට ගගා වට්සැප් කී බෝර්ඩ් එකේ එහා මෙහා දුවනවා.....ඒ අස්සෙන් අර යකා මගෙ පස්සෙන් පන්නවා...
ඔ..ඔව් අංකල් කියන්න...මං මේ බබාට මැසෙජ් එකක් දැම්මා කොහෙද ඉන්නෙ අහලා...
ඔයා අර කියපු කතාව.....
ඔව් අංකල්.....
ඒකට නමක් තියනවද.....
නමක්..කියන්නෙ මෙහමයි අංකල්...එක නමක්.කියලා හිතලා නෑ...නම් ගොඩක් තියනවා මට ඕනෙ ටිකක් අමුතු නමක්.....කවුරුත් නොදාපු එකක්.....ඒක නිසා මං ඔය හිතට එන නම් ටිකක් ලියාගත්තා.....
කතාව නම්....ඇත්තටම හොදයි.....මං ජයවර්ධන එක්ක කතා කරන්නම්....දෙයක් අහන්න ඕන...හැබැයි පුතා ඇත්තම කියන්න ඕන....
මොකක්ද අංකල්
අරකා කොහෙන් හරි මතුවෙයිද එබිකම් කර කර උන්න මන් අනිත් පාර සිසිර දිහාවට හැරුනා.....මොකද මිනිහට පුදුම උවමානවාක් තිබුනාමගෙ කතාව ගැන....
ඕක.....මයුරගෙම අදහසක්ද.....
ඔව් අංකල්...ඇයි එහෙම අහන්නෙ....අංකල්
ට මාව සැකද...නැත්තන් මං මේ කියන්නෙ කාගෙ හරි කතාවක කොපියක්ද කියලා අංකල්‍ට විස්වාස නැද්ද...
අයියො...අයියො....එහෙම නෙවෙ කොල්ලො.....
නෑ.....නෑ.....අංකල් උගුරට හොරා බේත් බොන්න බෑ...අහන්න තියන දේ කෙලින් ඇහුවා නම්...ඒක අංකල්ටත් හොදයි මටත් හොදයි.....හිතේ එකයි කටෙ එකයි පුකෙ එකයි බොක්කෙ එකයි එක්ක මිනිස්සු එක්ක ගනුදෙනු කරන එක හොද නෑ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා ගිය පාර ජන්දෙකත් කිව්වනෙ...ගියොත් වචනයක් ආවොත් අලියෙක්....අලිය මට මං අලියට කියලා අහන්නකො...
සත්තයි මෙතන මගෙ නිම්න උන්නා නම් මගෙ කට මිරිකනවා.....එයා අර කියනවා වගේම මූන ඇඹුල් කරන් ඔයාට තියෙන්නෙ මහ සවුත්තු කටක් අනූ කියනවා.....
නෑ..නෑ...මට දැනගන්න ඕන උනේ ඒක ඔයාගෙමද කියලා...
ම්න්...ඔව්....ඇයි අංකල් හිතුවද මං නෙට්ෆ්ලික්ස් එකේ එකක් බලලා පොතක් ලියනවා කියලා ...ඒත් නැත්තන් මං කාගෙ හරි එකක් මගෙ විදිහට ලියනවා.කියලා ....ම්ම්ම්ම්ම්ම්....අංකල්ට ඔය තරම්ම ප්‍රශ්නයක් නම්....මට පුලුවන් අංකල්ට රහසක් කියන්න...
මගෙන් කතාව ගැන පන්න පන්න අහන සිසිරයගෙ ලගට ගියපු මං ඒකට රහසක් කියන්නද ඇහුවා....
මොකක්ද...
අංකල්ට කිව්වොත්...මං මේ ලියන්න හදන්නෙ ඇත්ත කතාවක් කියලා ....පොත ඉස්සරහටම මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවුන ලද්දකි කියලා ලේබල් එකක් ඇලෙව්වොත්....ඒකකොහොමද අංකල් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
මයුර....
කතාවෙ නම..."මයුරනිම්න"....මෙර්ක කොහොමද...නැත්තන්....මලමිනිස්සු බොරු නොකියති වගේ.....
....
මං හිනා උනා.....අරකගෙ මූනත් ජයවර්ධනයට හපන් වෙනකොට මං ඉක්මනට හිනා වෙලා මගෙ මූන හදාහත්තා...
නෑ අංකල්..කතාවට නමක් තාම හිතුවෙ නෑ...කතාව මං කාලෙකට කලින් ලියාපු එකක්....ජයවර්ධන අංකල්ගෙ කතා දැකලා ලියන්න ආස හිතුනෙ....
අනූ.....හ්හ්....මේ...!!!!
කොහෙද රත්තරන් ගියේ .....මං බය උනා...(කොහෙද පකො ගියේ....)
අරකා බලන් ඉන්නෙ...හිමින්...බැනපිය.....බේසමෝ....සිසිර පුතා බලන් ඉන්නෙ...මං බුංජියට දෙන්න තෑග්ගක් ගේන්න ගියා....
ඇති යාන්තන්...සිසිරයගෙ හරස් ප්‍රශ්න පත්තරෙන් මාව බේරගන්න කල්පනයා එනකොට මං විරිත්තන් වගේ ඒකා ලගට දුවලා දත් මිටි කාගන ඌට බනිනකොට ඌත් මං වගේම අරූට පේන්න මගෙ ඇගේ ඇතිල්ලි මට බැන්නා.....
අරූ මොනවද ඇවිදින් කිව්වෙ....යෝහ්.....පූසෝ....නිකන්.ඉදුකො දගලන්නෙ නැතුව...ගහන්න හිතයි පිට පුපුරන්න.....හරියට හිටගන්කෝ...පෝලියෝද කකුල් වලට....කෝ හොද පුතා වගේ මයුර අප්පච්චිව අල්ලගන්න.....
ඒ...ඒහ්.....ආ...ආයි...යකො...කල්පනයා ඔය යකාව අල්ල ගන් ...මගෙ පිට...පිට...මූ පිට හපනවා.....ඉන්දවගනින්...මං උඹට කිව්වා....ඔය කූතාන්ඩියව ගේනකොටම මං උඹට කිව්වා මූ දගලයි කියලා ...හරියට අල්ලගනින්කො....ඌ හපනවා.....
ඒ...ඒහ්....මොකද මොකද උඹ ඔය අප්පච්චි ව හපන්නෙ....මූට ඉස්පිරිතාලෙ බත් රහ වැටිලද කොහෙද ...එහෙ වගේ නෙවෙ සුරංග.....උඹලගෙ අප්පච්චි ට කොත්තු කඩයක් තියෙන්නෙ.....බොට චීස් කොත්තු කන්න පුලුවන් ...අනික බලපිය අපි උඹට බේතුත් විදලා බෙල්ලට ගෙජ්ජියකුත් එල්ලුවා...ඒ විතරක්ද උඹට නමකත් දුන්නා...බලපන් නමේ ලස්සන...සතුටු සුරංග කලුතොටආරච්චි
මන් ඇඹරුන....මට පිටිපස්සෙන් උන්න පූස් නාම්බගෙ දත් ඇන්ද මගෙ පිට මැදට වැදෙනකොට මන් මගෙ පිට අකුලගත්තා...කල්පනය ඇවිත් උන්න...හැබැයි තනියෙන් නෙවෙ..මූන පුරාවටම ඔලුව පුරාවටම පූස් මයිල් ගොඩක් එක්ක.....ඒකා අර සම්බෝල පාට පූසව කුදලගන උන්න කල්පනයා උන්නෙ icc වර්ල්ඩ් කප් එක දිනුව ගානට.....
ඉස්පිරිතාලෙ ළඟ ඉදන් ඕකව ගෙනියන්ඩ බෑ බන්ගගා කොච්චර කරුනු කාරනා පැහැදිලි කරල දුන්නත් ඌ පූසෙක්ගෙන් ඇති ප්‍රයෝජන තොගෙ කිව්වෙ ඉන්ශුවරන්ස් කාරයෙක් මැරෙන්න පුලුවන් ක්‍රම මිලියනයක් ගැන කියනව හා සමාන වෙනකොට අවසානෙදි මට සතුටු සුරංගයගෙ අප්පච්චි පට්‍ටම ගන්න උනා...
සතුටු සුරංගයා මැරෙන්න හදනවා...මූව අරන් ගියා වගේ නෙවෙ කමනිගෙ දරු පැටියා ගෙදරින් ගියෝතින් කානුවෙන් ඇහිදන් ආව මට යන එනමන් හොයන්න වෙනවා.....
යැ...ව්ව්.......
හරි..හරි....තව චුට්ටයි පුතෙ....මමාව හපන්නෙ ඇයි.....එහෙ අයියෙකුත් ඉන්නවා.....සතුටින් සමාදානෙන් ඉන්න තියෙන්නෙ....තේරුනාද සතුටු සුරංගට

බැහැපිය ඕකව අරගන.....
ඉස්පිරිතාලෙ ඉදන් ගැම්මෙන් එලියට බැස්සත් කඩේ ගාවට එනකොට මම උන්නෙ කොන්දත් කුදු කරගන.....
සතුටු සුරංගයා මගෙයි කල්පනයගෙයි අත පය කැටපත් පවුරක් කරලා තිබුනා...මන් හිතන්නෙ මූටයි මටයි දෙන්නටම ජලභීතිකාව.... ඒත් කියන්න බෑ මූ ඉස්පිරිතාලෙ උන්න හන්දා කන්සාටන් කෙනෙක්ද දන්නෙ නෑ.......කන්සාටන් සතුටු සුරංග කිව්වා නම් හරි.....
බැහැපන්....අනෙ අම්මෙ...බැහු බැහු....ඔය කන්සාටන් කාරයව අරන් බැහැපිය මගෙ පිට දනවා.....
බයික් එක නැවත්තුවට වඩා වේගෙන් කෑ ගහපු මම හපපු තැන් කස කසම බැහැල කල්පනයා දිහා බලනකොට ඒකගෙ මූන හෙන ගහපු කුකුලෙක් වගේ තිබුනා...එක ඇහැක් උඩ...අනික යට...මෙච්චර වෙලාම නාඩගම් නටපු සතුටු සුරංගයා දැන් මොකුත් නොවුන එකා වගේ කල්පනයගෙ බෙල්ල බදාගන පුරු පුරු ගගා උන්නා....
මයුරයා...මං..හිතන්නෙ....කන්සාටන් සතුටු සුරංගයා.....රිය ගමන් වලට බයයි වගේ...
වෙන්න ඇති ඉස්පිරිතාලෙ උන්න හන්දා මූට පුරුදු ඇම්බියුලන්ස් විතරයි වෙන්න ඇති...හිටප්න් අනිත් දවසෙ බයික් එකට නලාවක් ගහන්නම්.....
බැ..හැපන්....මගෙ මූන දනවා....මෙච්චර පඩත්තර කම් කරලා දැන් ආදරේ පානව....උඹ සූරලා කෑවෙ සෙනේගෙ චූටි පැටියගෙ මූන සුරංගයො.....බැහැපන්කො අඩේ.....යෝ....සතුටු සුරංග...ඔයා කල්පිට විසාල කරදරයක් වෙන්න යන්නෙ....උඹට තව මාමාලා හුගක් ඉන්නවා...උන්වත් බදාගනින්.....මාව අතෑරපන්
බුංජියෝ....
බුංජි පුතේ...
චූචි බුංජියෝ.......රන් කද....කොහෙත මගෙ චූචි...බුංජියා ඉන්නෙ......මෙ ඔයාට සපාසිස් එකක් තියනවා බුංජීහ්හ්හ්.....
කන්සාටන් සතුටු සුරංගට කල්පනයව හිතට අල්ලාල ගිහින් තිබුනා...ඌ නොදරුවා වගේ කල්පනයගෙ බෙල්ල බදාගන ඉන්නකොට කරන්න දෙයක් නැති කමට ඒකව වඩාගත්තු කල්පනයා කඩේට ඇතුල් උනේම මගෙ නිම්නට කතා කරගන වෙනකොට මමත් පූස් මයිල් ගස ගස නිම්නව හෙව්වා.....
බුංජියෝ...කෝ බන් මයුරයා....
කමනි එක්ක ගෙදර යන්න ඇති...අප්පච්චි ....
නිම්න නෑ...දහවංගියක් විතර කතා කරලත් නිම්න නෑ.....කැශියර් පුටුවත් පාලුවට ගිහින් තියනකොට මන් අප්පචිට කතා කරගනම කඩේ පිටිපස්සෙන් තිබුන කුසියට ගියා...අප්පච්චි ඉන්නවා....ඵෝන් එක දිහා බලාගන ඉනට අතකුත් තියාගන.....
අප්පච්චි ....
මං තවත් පාරක් අප්පච්චි ට කතා කෙරුවා විතරයි අප්පච්චි අතේ තිබුන ඵෝන් එක සාක්කුවෙ දාගන අපි දිහා බැලුවා...නෑ...ඇත්තටම අපි දිහා වෙනුවට සතුටු සුරංගයා දිහා බැලුවා
රොහාන් මේ...සපාසිස් එකක්....ඔයාල නොසෑහෙන්න වොරි උනානෙ අපෙ මයුරයගෙ දරු සම්පත ගැන හිතලා...මයුරයා දැන් අප්පච්චි කෙනෙක්...
තියන කරදර මදිවට තොපි තවත් එකෙක් උස්සන් ආවද.....ගෙනාව දිහාවටම ඔය යකාව ගිහින් දාපන් කල්පන....
ආ...ආ.....රොහාන්...නොදරුවගෙ මූන දිහා බලන් ඔහොම කෑ ගහන්නෙ ඇයි අනේ.....අනික යකා කිව්වා...මූගෙ නම සතුටු සුරංග ..නිකන් නෙවෙ...කන්සාටන් සතුටුසුරංග.....නේ මයුරයා.....නේ පුතේ ...ඔව් කියන්න සීයට....
ය්....යෑ.....ව්ව්ව්.....

මං කල්පනයා අතේ උන්න පූසට තට්ටුවක් දැම්මා....ජයවර්ධනයගෙ සිහිය පොඩ්ඩක් අවුල් කරල ආවට මොකද යනකොට උන්න අප්පච්චි නෙවෙ එනකොට උන්නෙ...
අප්පච්චි ඇයි අප්පච්චි ...කෝ නිම්න....
අම්මා එක්ක් ගෙදර ගියා.....
අම්මා එක්ක ගෙදර ගියා නම් ඇයි අප්පච්චි නිකන් අවුලෙන් වගේ ඉන්නෙ....
උඹලා අරකව හම්බෙන්න ගියාද...???කල්පන.....
.....ඇ.ඇයි..රොහාන්
මං අහන්නෙ තොපි දෙන්නා ඒකව බලන්න ගියාද????
..ඔ..ඔව්.....ඉතින්......
මී හරක් දෙන්නා.....
යෝ...මොකත රොහාන් බල්ලන්ට බලල්ලුන්ට වගෙ බයින්නෙ...මෙතන ඉන්නෙ චූචි කල්පියනෙ.....
චූචි කල්පියා.....චූචි කල්පියා තමයි...අන්න අරකා ගේ විකුනන්නෙ නැ කියලා ආපිට ඉල්ලනවා....
විකුනන්නෙ නෑ කිව්වා...??
මායි කල්පනයයි මූනට මූන බලාගත්තා..මොකද අපි එලි බහිනකොටම හිතපු දේ හරි ගිහිල්ලා...
ඇයි අප්පච්චි විකුනන්නෙ නෑ කියන්නෙ....
උගෙ දරු පවුල එනවලු....ඒ හින්දා විකුනන් නෑලු.....ඔන්න යතුරු ඉල්ලනවා
එහෙම කොහොමද අප්පච්චි .....
එහෙම කොහොමද නෙවෙ..දැන් ඉතින් හරිනෙ...
.....ඒ අපි යතුර දුන්නොත් නෙ....ඌට ඕන නම් නඩු කියලා ගන්න කියන්න දෙන්නෙ නෑ....ජයවර්ධනයා නෙවෙ උගෙ මහ එකා ආවත් දෙන්නෙ නෑ... එච්චරයි අප්පච්චි ...වරෙන් සුරංගයා ගෙදර යන්න...
යෑ....ව්ව්.....
😒.....ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ...
අතරෙයි
මම.ජොබී
Nedeesha 😘❤