WebNovels

Chapter 51 - 51

අප්පච්චි කිව්වෙ නැද්ද අපි සල්ලි වලින් තුන්කාලක් දීලා තියෙන්නෙ ආය මොකටද ඥන් පඥන් ගාන්නෙ කියලා .....

ඕකා ඔය කරන්නෙ බොරුවක් මයුරයා....රොහාන් ඕකා බය උනා...ඕකා ගූ බය උනා...අනික බලහන්කො මයුරයා දරු පවුල එනවා කියනවලු...අමොර්..අමොර්...

මුසාවාදා වේරමනී සික්ඛාපදන් සමාධිආමි කියලා හයියෙම්ම සාධුකාරයක් දෙන්න තිබ්බෙ බේසමාට.....

දරුපවුල ආවම දෙන්නම් කියන්න අප්පච්චි ....දරු පවුල.....මගෙ කට ඉතින් මට එනවා හිද හුප්පදෙන් කියන්න....දරුපවුල කියන්ඩ එපැයි ඔය කැනහිලාට තොගෙ දරුපවුල මහපොලව යට කියලා....

හා..හා...ඔය ලේ පුච්චගන්නෙ නැතුව ඉදින්කො....උඹට කොහොමත් දැන් ගෙදර ගියහමත් ඔය තියන ලේ ටික පිච්චෙයි.....ඒක ජයවර්ධනයට හපන් නඩුවක්.....

ඇයි අප්පච්චි ...??

ඇයි රොහාන්....අපේ එකාගෙ මොකක් හරි වැරද්දක් වත් අහු උනාතෝ...මුගෙ අකටයුත්තක් වත්...මයුරයා උඹගෙ ඇද යට රෙදි කෑලි නෑනෙ දැන්.....ඔව්....වෙන්න බෑ....මූට බුංජියා හමු වූ දාසිට...භ්භ්

අනේ කල්ප්නයා කට වහකො.....ඇයි අප්පච්චි කියන්නකො...

සතුටු සුරංග ....කන්සාටන් සතුටු සුරංග .....කෝ ඉදගන්න...ඉදගන්න....කෝ දැන් හිටගන්න....අප්පට සිරි...මයුරයා...කන්සාටන්ට සිංහල හොදටම තෙරියුම් යකො...රොහාන් මේකට එන්න කියන්න...නම කියලා ආ...නම කියලා නැතුව පූස්..පූස්...නෙවෙ....නිල්පාට ක්ලිනික් පොතේ නම ලියලා ගෙනාවෙ පූස් පූස් ගාන්න නෙවෙනෙ

උඹටත් සතුටු සුරංග හම්බෙයි...ඔහොම්ම යමන්කො....පූසා වර බලන්ඩ මෙහාට....

මං අප්පච්චි දිහා බලාගන උන්නා...මන්දා කියන්න ගිය දේ මොකක් උනත් එයා කිව්වා මට ගෙදර ගියහමත් පුච්ච්ගන්න ලේ ඉතුරු කරගන්න කියලා ...එහෙන් කල්පනයා කන්සාටන් සුරංගයව අප්ප ගාවට තල්ලු කරන්න ගිහින් ඌටත් බොක්ක කූල් වෙන වචනයක් දෙකක් කියනකොට මං බලාගන ඒකගෙ පෙට්ටි කට පැත්තට යනවා....

අප්පච්චි ඇයි කියන්නකො...මොකක්ද වෙලා තියෙන්නෙ.....

ඒකනෙ...මොකද රොහාන් තෙපර බාන්නෙ...වට්කේස්....???

නෑ..නෑ ගෙදර යමල්ලකො.....යමල්ලකෝ.....

මයුරයා...කුමක් හෝ වරතක් සිතුවෙලාවත්තෝ....????වෙන්න බෑ.....උඹයි මායි ඇවිත් වැරදි කරන මිනිස්සු නෙවෙ...යෝහ්.....රොහාන්...අතනින් චුච්චයි මෙතනින් චුච්ච්යි නැතුව කියපල්ලකො.....ඔන්න මට දැන් හිසරදේ....මෙතන චූචි කල්පියනෙ ඉන්නෙ රොහා....න්.....

ඒකනෙ අප්පච්චි ඇයි කියන්නකො...අනික ඇයි නිම්න ගෙදර ගියේ?

දන්නෙ කව්ද...මටත් බැනලා ගෙදර ගියෙ....මන්දා...කමනියට හපන්....මට නම් සෝෆාව වත් ඉතුරු කරනවා...එ ගස්සන් පද්දන් කෑ ගහන් ගිය යෑමට...උඹට අගුපිලවත් ශුවර් නෑ මගෙ පුතෙ.....මං කල්පනා කරන්නෙ...මන් උඹව කවදද චපල විදිහට වැදුවෙ කියලා ...කල්පනයා උඹත් අද ගෙදර යන්ඩ එපාමා එක්ක කොත්තු ගහන්ඩ නැවතියන් ...ආව දෙන්කො ඕකගෙ අඩු කඩන කතාවක් කියාගන අරකත් යන්න ගියා.....

මායි කල්පනයයි මූනට මූන බලාගත්තා.... සම්පූරනම කතාව නොකියා වටින් ගොඩින් නිම්නයගෙ හැසිරීම් රටාව ගැන උදාරයගෙ හැසිරීම් රටාව ගැන කියනකොට අරූ කිව්වත් වගේ මටත් හිසේ රුදාවක් ආවා විතරක් නෙවෙ බඩත් පොඩ්ඩක් රිදෙන්න ගත්තා...යකො මං අප්පච්චිට වත් මෙච්චර බය වෙලා නැ....

අප්පච්චි ...කියන්නකො...මොකක්ද වෙලා තියෙන්නෙ...ඇයි අම්මා මොනවා හරි කිව්වද....අම්මා මොනවත් කියන්න විදිහක් නෑ...මං බීපු තේ කෝප්පෙ ඉදම්ම හෝදලා ආවෙ..අනික තෙත තුවායත් ඇද උඩ නෑ...වැලි පිටින් ගෙට ආවෙත් නෑ.....දොර රෙද්දෙන් අත පිස්සෙත් නෑ.....බලු ගූත් ඇද්දා.....ආය ඉතින් මොනාද.....

මං ඔලුව කහ කහ ඩේලි රූටීන් එකේ මුල් ටික කියන් ගිහින් වැරද්ද කොතනද හොයන්න අහනකොට ඉදගන උන්න තැනින් නැගිට්ට අප්පච්චි මගෙ ලගට ඇවිත් මගෙ පිටට තට්ටු කෙරුවා.....

දෙන්නො දෙමහ්හන්ගෙ රන්ඩු බත ඉදෙනකන් විතරනෙ කොල්ලා.....කමනිත් කෙල්ලට ඇදුමක් ගන්න කියලා එලියට ගියා.....ගෙදර ගිහින් උඹගෙ අප්පච්චි වගෙ ගේ දොර අස්පස් කරලා උඹට බනින්න පටන් ගන්නකන් පාඩුවෙ ඉදින්.....මට කියන්න තියෙන්නෙ එච්චරයි ...

නිම්න.....ඒ කියන්නෙ නිම්නයා.....යා....බුංජියා...රොහාන්....ඔයා.මෙච්චර වෙලා මූට වටින් ගොඩින් කියන් ගියේ අපේ බුංජියා ගැනද....යෝහ්.....බුංජියට සපාසිස් එකකුත් ගෙනාපු මිනිහටනෙ මෙහෙම කරන්නෙ...සමහර විට දරු පැටියා නිසාවත් මූට සමාව දෙයි...මයුරයා..ගනින් මේකව....පුත් රුවනගෙ පිලිසරනින් වත් බේරෙන්න බලපන්...උඹට නොදැනුවත්ව කුමක් හෝ අවැඩක් වෙලා තියනවා....

හ්ම්...හ්ම්...උන්ගෙ පවුල් ආරවුල් විසදන්න අපෙ මුනුබුරා වත් ඉන්නවා...උඹගෙ ආරවුල විසදන්න කව්ද ඉන්නෙ....එක්කො උඹත් කොටහලු වෙයන් කල්පනයා....

කන්සාටන් සුරංගයා මගෙ අතේ....මුගෙ හීලෑ තරම කොච්චරද කියනවා නම් පුරු පුරු ටැට්ටරේ ස්ටාර්ට් කරන් එකා පොඩි ළමයා වගේ මගෙ බෙල්ල බදාගන ඇස් අඩවන් කරන් උන්නා.....

අප්පච්චි කියනවා මගෙ නිම්නට ඩෝන් ගිහින්ලු....ඩෝන් යන්න හේතුව මොකක්ද...මං අහන්නෙ වයි....ඔව්....වයි...ඒකට ඩෝන් යන්න හේතුවක් නෑ....අම්මත් හේතු නොකියම මූන පුම්බගත්තු දාට මොන හේතුවට තරහ ගත්තෙ හොයාගන්න බැරි අප්පච්චි ලයිෆ් ලයින් තුනම කට් කරලා මුලු ගේම අස්සක් මුල්ලක් නෑරම අස් කරන්න ගන්නවා....ඇන්තූරියම් මුල් කුනු වෙනකම්ම වතුර දානවා..මට මතකයි ඔය වගේ වෙලා මහ වරුසාවකත් කුඩේ ඉහලන් අප්පච්චි මල් වලට වතුර දදා උන්නා...

රොහාන් ඇත්තමයි රොහාන් ගාලා අම්මගෙ දේශනාව පටන් ගන්නකන් අප්පච්චිත් ඉන්නෙ මන් මේ දැන් ඉන්නවා හා සමාන බඩේ අමාරුවකින් වේදනා විදිනවා...

මයුරයා.....අපේ සෙනේගෙ කල්කිරියාව ඒ තරම් හොද නෑ කියන්නෙ...මට වැටහෙන්නෙ නෑ...කුමක් හෝ දෙයක් සිද්ද වෙලා තියනවා මයුරයා.....එක්කො මං අපේ නැන්දම්මගෙ ගෙදර නොයා උඹලගෙ ගෙදර වත් එන්නද....දරු පැටියව දියන්කො....එන්න පුතේ කල්පි මාමියා ගාවට ....සුරංගයො...උඹගෙ අනිත් අප්පච්චිටයි උදාර මාමටයි සර්කිට් වල අවුලක් ගිහින්ලු පුතෙ.....වරෙන් මයුරයා යන්න...

මොනවා උනත්.... මට අප්පච්චි ගෙ කතාවෙන් තේරෙන්නෙ එකම දෙයයි කල්පනයා...ජයවර්ධනයට නෙවෙ...දැන් උඹටයි මටයි ගෞරවයෙන් බුදු සරනයි....වරෙන් යන්න.....

හරි.....ඒත් අපි කරපු වරද මොකක්ද බන්.....මොන මගුලටද....ඇත්තමයි වරදක් නොකර බැන්නොත් බලාගන්නම්කො....ඇයි යකො.....

අප්පච්චි ගෙ වචනත් එක්ක අනත මනත උන මායි කල්පනයයි අපේ පුතාවත් අරගන ආපහු බයික් එකට නැග්ගා...ගිය පාර වගේ නෙවෙ...මේ පර කන්සාටන් සීට් එක උඩ හිටගන මගෙ උරහිස් වලට උගෙ අත් දෙක තියාගන්නකොට කල්පනය ඒකගෙ බඩෙන් අල්ල ගත්තා...මං හිතන්නෙ ඌටත් තේරිලා උගෙ අප්පච්චිටයි මාමටයි හේතු නැතුවම ගෞරවයත් බුදු සරනත් නැතුව යන්න එන්නෙ කියලා ...

මයුරයා....ඉතින්....බ....

මට ඇහෙන්නෙ නෑ...ඇස්ලේටර් එක මිරිකෙන වේගෙට රතු කට්ට සීයට එහා යන්න පුලුවන් නම් සීයට එහා ගිහින් සෑහෙන්න වෙලා..... යන වේගෙටද කොහෙද මගෙ උරහිස් අල්ලන් හිටන් උන්න කන්සාටන් බොසාගෙ නියපොතු එලියට ඇවිදින් මගෙ ටී ශර්ට් එක හිල් කරන් උඩ හමත් පසාරු කරන් යනකොට පස්සෙ උන්න කල්පනයා උදාරයට බැනබැන ආවා උනත් ටික දුරක් යනකොට ඥන් පඥන් ගාන්න ගත්තා.....

මං උන්නෙ එයාගෙයි මගෙයි ප්‍රේමනීය නගරයේ එක්තරා හතරමන් හන්දියක....මට කාලගුනේ ගැන අද අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ...නිල් අහස වෙනදා වගේම තියනවා...ඒත් මට මේ මොහොතේ ඒ අහස ලස්සන නෑ..... වෙනදා වගේ ප්‍රේමනීය නෑ වගේ දැනෙනවා....හවහට හවහට සීනි පුලුන් පාට වෙන වලාකුලු කිරි සුදුපාටින් තියනවා...වෙනදා වගෙ මට වලාකුලු වලින් කිසි ලස්සනක් පේන්න නෑ වගේ දැනෙනවා...

මල් පිපිලා....පාට පාට සමනල්ලු එන කාල හෝරාව පහු වෙලා ගියත් මොකද ගිනි මද්දහනෙ ගදපාන මල් උඩ බත්කූරො නම් වහල ඇති කියන්න හිතුනත් මට වෙනදා වගෙ අද මේ වටපිටාව එක්ක ප්‍රේමයෙන් එකට වෙලෙන්න මගෙ හිතට නිදහසක් නැති උනා...මොකද අප්පච්චි කියපු විදිහට මගෙ සෙනෙහෙවන්තයට තරහා ගිහිල්ලා...

කල්පනයා....බැහැපන්....

හැට හැටේ කඩාගන බිදගන ආව බයික් එක නැවතුනේ කෙලිම්ම දූවිලි වලාවක් අහසට නග්ගවගන.....වෙනදා වගේමයි...බයික් සද්ද දාහක් ඇහුනත් අප්පච්චි ගෙ මගෙ බයික් වල සද්දෙ අදුනන අම්මගෙ බාල පුතා අපි ඉස්සරහට ආවෙ වන්නමකුත් නටාගනම වෙද්දි මමයි කල්පනයයි කූතාන්ඩියො දෙන්නෙක් වගේ හිමින් හිමින් ගෙට ගොඩ උනා...

මං කතා කරන්නද...නැත්තන් උඹ කතා කරනවද.....

මන් තාම දොරකොඩ ළඟ...නියපොතු හපනවා....එක්කො අප්පච්චිට තිබුනා පුතෙ උඹගෙ අතින් උන වැරද්ද මේකයි....උඹ සමාව ගන්න මේ මේ වචන පාවිච්චි කරපන් කියලා මාව සූදානම් පිට එවන්න....

.කන්සාටන්ව වඩාගන උන්න කල්පනයා ඒකගෙ මිනිහගෙන් බැනුම් අහන්න ඉන්න බව දැන දැන කාටත් කලින් මගෙ පවුල ගොඩ දාන්න හිතාගන නිම්නට කතා කරන්නද අහනකොට මං හොරා වගේ ඔලුව වැනුවා.....

බුංජියො...චූචි...බුංජියො.....අපි ආවා....බුංජි....රන්කද මේ...ඔයාට සපාසිස් එකක් තියනවා බුංජියෝ....

......

ප්‍රතිචාර ඉල්ලෙ මයුරයා...

මං තව පාරක් ඔලුව කැහුවා.....පිටට යකා උනත් ලෝකයක් තරම් ආදරෙ කරන...ආදරෙ දෙන මගෙ නිම්න ගාව වගේම මට ආදරෙ කරන මිනිස්සු ගාවදි හරි මෘදු චරිතයක් වෙන මං හිමින් හිමින් හොරෙක් වගේ ගෙට ඇතුල් උනා.....සාමකාමියි ....මුලු ගෙදරම පුදුම තරන් සාමකාමියි....

මයුරයා...මං කියන්නෙ...උඹ අදට විතරක් අයියෙ කියලා කතා කරපන්....

විකාරද...මක්කට අයියෙ කියන්න...අනික කව්ද දන්නෙ අප්පච්චි කමනි එක්ක තරහා වෙලා මාවත් අවුස්සන්න බොරුවක් කිව්වද කියලා ....

ඒත් උඹට චපලයා කියලා බැනලා ගියාලුනෙ....

.....හරි...මං චපලයා උනෙ කවදද...කොතනද....

????අයි ඩෝන් නෝ...මේ ජාන්තා නහි හෝගයා....මුඩියාද...නෙරිංගඩා මයුරයා.....වුබර් හොරාවට තව එකක් අදිනවද....

මැනයාවද තොට අහකට වෙයන් මං කතා කරලා බලන්නම්....

හ්ම්...හ්ම්...කතාකරලා බලපන්...හැබැයි අමතක කරන්න එපා...ඔය ඉන්නෙ සුචීගෙ පුතා...

කල්පනයව පැත්තකට කරපු මම ඩික්ටේසන් එන්න කලින් මගෙ නිම්නයට කතා කරන්න උගුර පාදගත්තා.....

සුදූ....ඔයා කොහෙද....මං ආවා....

........සලබලාන්.....!!!!

අම්මටම සිරි....වලන් පොලවෙ ගහනවා නේද....යන්න නම් එපා මයුරයා....වලන් ගැට්‍ට කරේ හිටින්න ගහයි තොට ....

මං උන්නෙ අත් දෙකෙම්ම කන්දෙක වහගන...මට පුලුවන් උනේ සුදූ මං ගෙදර ආවා කියන්න විතරයි ...වෙනදා වගෙ වස්තු නොකියා අප්පච්චි අම්මට කතා කරනව වගෙ සුදු කිව්ව විතරයි කුසිය අස්සෙන් ඇලුමීනියම් වලදක් සලාන් ගෑවා..කල්පනයා අතේ උන්න කන්සාටන් සුරංගයත් මිසින් උනා...

මොකද බන් කරන්නෙ....

එක්කො උඹ යමන්...ගුටි කන්න හෝ නැතුව හෝ...ඇරත් බන්...අනෙ..අම්මෙ....අරූ....මුලු කුසියම පෙරලනව නේත...යමන්...යමන්....චූචි බුංජියා යස්ස බුංජියා වෙලා.....යමන් කිරි පුතේ....යමන්....අනික උඹට කලුකපුටා රක්ශනාවරනේ තියනවනෙ...ජයවර්ධනයගෙ ඇගේ ලේ හින්දවපු එකට පුතුකියා පලි ගන්නවා...

කල්පනයා...පොඩ්..ඩක්....ඉදින්.....

ඇයි....

මම මගෙ ඔලුව ටිකක් දෙපැත්තට වැනුවා....විඩින් විඩේම කුසිය ඇතුලෙන් බෙලෙක් පිගන් කෝප්ප හට්ට් මුට්ටි වැටෙන සද්දෙ ඇහෙනකොට කල්පනයගෙ පෙට්ටි කටින් පැනපු වචනයක් හන්දා මගෙ ඔලුවෙ නහර පොඩ්ඩක් සීතල වෙලා ගියා...

කල්පන .....මං උඹව මගෙ උකුල උඩ ඉන්දවගත්තා නේද....

ඔව්.....එ විතරක්ද....උඹ මගෙ බඩ වටෙ අතුත් ඔතන් උන්නා.....උඹගෙ පොල්ල උඩ ඉදන් උන්න මට තව ඉදගන උන්න නම් එහෙම්ම ගෙදර එනවා වෙනුවට සූතිකාගාරෙ නවතින්න වෙනවා...

චිහ්...කට වහපිය.....තෝ ඉදගන ඇබරුන විදිහට මට තවටිකෙන් නගිනවා.....විහිලු නෙවෙ...මං උඹගෙ ඔය හඩු අත ඉම්බා නේද....

ඒ විතරක් ද...උඹ මගෙ අත පටලන් එලියටම ආවා...

...මයි ටයිම් හෑස් කම් කල්පනයා....

ඇ..ඇයි...

මට අමතක උනා....මට මොහොතකට අමතක උනා....කමනිගෙ බෑනට ඕනම තැනකට එන්න පුලුවන් කියන එක මට අමතක උනා...

කල්පනයව සුදු මැලි වෙලා ගියා...ජයවර්ධනයා ගාව රගපු රැගිල්ලට රයිගම් සෝයාමීට් සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන උනත් මට ඉන්නෙ එසේ මෙසේ ප්‍රේමවන්තයෙක් නෙවෙ...යකාගෙ ප්‍රේමවන්තයෙක් කියන්න අමතක උන මාව කල්පනයට වඩා සුදුමැලි උනා.....

මයුරයා.....මයි...ටයිම් හෑස්...නෙවෙ..අවර්...කියපන්.... අවර් කියපන්....චූචි බුංජියා....ගින්න දීලා නේත.....යෝ....සෙනේ....අද මා හා...සෙනෙහස පාලා...පේන්න ගහයි...

යෝහ්...බුංජියො.....කල්පියට මෙහෙම කෙරුවෙ ඇයි පුතේ..වයි...අපි ඔක්කොම UBA එකේ උන් නේත....

කල්පනයා මුල්ලක් අල්ලන් කම්පා වෙන්න ගන්නකොට මං හිමින් සැරේ පලස්තීනයක් උන කමනිගෙ කුසිය.පැත්තට ගෑටුවා...මේකා මා එක්ක ඇරගනීද....සීයට දාහක් ශුවර් නැන්දම්මා මගෙ පැත්ත ගනී...සුචි අම්මා මට ආදරෙයි.....ඒත් අපේ අම්මා ගන්නෙ ඕකගෙ පැත්ත....අපෙ අම්මා ඕකට හරියට ලව්.....අප්පච්චි මාවයි ඕකවයි දෙන්නවම ඕන හන්දා කන්සාටන් ගෙ පැත්ත ගනී....

වස්තු.....

සලාන්...

තවත් වලදක්.....ජයග්‍රාහී කී වෙනි වලදද මෙ...

දොරකොඩ හිටගත්තු මට වස්තු කියන්න විතරයි පුලුවන් උනේ....අරකගෙ අතින් තව ඇලුමීනියම් වලදක් බිම වැටුනා...

ඇත්තටම වැටුන් නෑ....වැටුන් නෑ සාන්ත...මේකා වට්‍ටනවා...

මං මගෙ බුංජියා දිහා බලාගන උන්නා....කමනිගෙ ඒප්‍රන් එක ඇදගන ලමාතැනීවගේ මොනව හරි උයන ගමන් .උන්න ඒකා හිමී හිමීට මොනව හරි කිය කිය බනින්න ගත්තා....

චපල කමනෙ.....බබා.....බබා...ගගා උන්න ලස්සන.....

මහ වේසයි....මහවේසාවෙක් බලාගන යනකොට ..බබා.....යැයියැයි.....අපි අතර චියෙන්න ඕනෙ විච්වාචෙ අංකල් ....යැයි යැයි.....

මං කටට අත තියාගත්තා ...මට බේරුමක් නෑ ...ඉන්නෙ මහ එකා නම් ඇයි අනූ එහෙම කෙරුවෙ.....මට දුක හිතුනා අනූ....ඒත් මගෙ අනුව මං දන්නවා කියලා අවසානෙදි මට තුරුල් වෙලා සමාදාන වෙන්න ගියා....ඒත් මගෙ කරුමෙට මෙතන ඉන්නෙ පොඩි පගයා.....චූචි බුංජියා....

මං බලාගන උන්නා...කට තනිකරම මිරිස් කොටන ගයින්ඩරයක් වගෙ...කච බච කච බච ගානවා...

කියන්නෙ නම් කොහොමද...වස්තු උඹ තමයි මගෙ ලෝකෙම..... වස්තු උඹ තමයි මගෙ පන.....හහ් වස්තු පුරාවස්තු වෙනකන් වත් මං දන්නෙ නැ...නිම්න...නිම්න....බලාගන යනකොට උඹ දන්න පකක් නැ නිම්න...චපල කමනෙ.....එක හිතක් නැති කම.....

බනිනවා...බනිනවා.....යෝ....අප්පච්චි කොල්ලා කුනු බැනුම් අහනවා අප්පච්චි ....කොල්ලා කුනු වෙන්න බැනුම් අහනව....ඒකා වෙනුවෙම්ම ගිය මිනිහටනෙ මේ සුවාමි භක්තිය බල්ලට දාලා බනින්නෙ.....

කැහ්....කැහ්.....ව...වස්තු...ඕක...

කරවෙනවා....කැහ්

ලිපේ තියන හොද්ද හරි මොක හරි අඩිය අල්ලන කම්ම කර වෙවී ගිහින් මට විතරක් නෙවෙ කුසිය ගාවට වෙලා මේ ඔක්කොටම කන් දාගන ඉන්න අනිත් කූතාඩියටත් කැස්ස හැදෙනකොට මං වලන් ටික ඇහිද ඇහිද ඕක කරවෙනවා කිව්වා විතරයි පොල් කටු හැන්ද අතේ තියාගන උන්න නිම්නයා මා දිහා බැලුවා බැලිල්ලක්....ඒ බැල්මට මාවත් අගුරු උනා...

කර වෙනවා....කරවෙනවා...මං කියන් නෑ කොහෙද කර වෙන්නෙ කියලා ....කරවෙනවා ඇති බෝලා...අපරාදෙ....අර අලුත් පිට්ටනියෙ අයියා කොච්චර නම් පස්සෙන් ආවද...මං කැමති උන් නෑනෙ.....කොහෙද පවට පින දෙන්න බෑ කියනවනෙ.....පවට පින දෙන්න බෑ.....

මන් නෙවෙ මීක් කිව්වෙ.....අලුත් පිට්ටනියෙ අයියා ගැන කිය කිය අර කර කුට්ටන් උන මොකක් හරි එක භාජනේකට දාපු එයා ලිප ළඟ ඉදම්ම කර උන ඇතිලිය සින්ක් එකට වීසි කෙරුවා මගෙ දත් ටික නූලෙන් බේරුනා.....ඒක ගියෙ මගෙ කට ගාවින්....

ඒ අයියගෙ හිතෙ මන් ගැන කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇතිද...අපරාදෙ ....චපලයෙක් එක්ක ආව වෙලේ ඒ අයියට කැමැත්ත දුන්නා නම් මං අද මොන තරම් සතුටින්ද.....

අනෙ රෙද්ද ...මන් කියන්නෙ නෑ උඹගෙ සතුට...ඔක්කොටම කලින් ඔය මිනිපිට්ටනියෙ ඉන්න අයියා #යියව හොයා ගන්ඩ ඕනා දෙක තුනක් ඇනලා වත් එන්ඩ....

වස්තු මන් පොල්ටික මිරිකන්නද....නැත්තන් ඔයාම මිරිකනවාද....

ඔයාම මිරිකනවද....මන් කියන්නෙ නෑ මිරිකන්ම ඕනෙ කොහෙද කියලා ....පේනවනෙ මට තියෙන්නෙ අත් දෙකයි...ඕක මිරිකන්න මගෙන් අහන්න ඕනෙද.....විකාර....අනිත් එව්වත් මගෙන් අහලනෙ කෙරුවෙ...අනෙ මගෙ කට....මට අත් දහයක් නෑ මල්ලි....

අපරාදෙ ....අම්මගෙන් අහන්න ඕනෙ අර අයියව හම්බ උනාද කියලා ....

මන් ඉක්මනට ගලා තිබුන පොල් එක අරගන මඩක්කුවත් උස්සගනම සින්ක් එක ගාවට ගියා...හැබැයි මොන කරුමෙට හරි සුද්ද රට අල්ල ගන්නත් කලින් ඉදන් තිබුන මඩක්කුව නිම්නයගෙ කටට බය වෙලා උන්න මගෙන් අතෑරෙනකොට ඒකා මට බනින්නත් කලින් කල්පනයා එලියට දිව්වා....ඉදකින් මෙහෙම යාලුවො...

බින්දා නේද....කාපන්...කාපන්....ඔක්කොම කාපන්....කාලා වතුර බිපන්...ඇයි අතට පයට හම්බෙනවනෙ.....

අත...ල්... ලෙස්සුවා වස්තු....

හහ්...අත ලෙස්සුවා...දැන් තමයි උඹට ලාදුරු....දමාගන ඉඹින කොට....අනේ මගෙ කට ..චිහ්.....ඔව්වා මතක් කරන්නත් ලැජ්ජයි....මන්දා....උදාරටත් කල්පනව එපා කියන කතාව කිව්වා....ඇත්තද බොරුද මන්දා...එයාගෙ හිතෙත් මං ගැන අදහසක් තියනව කිව්වෙ...

අනේ මුන්දාස අයියෙ...

මං කටට අත තියා ගත්තා....අම්මා බනින බැනුම් මොනවද හිතුනා....අර කැඩුන මඩක්කුවට මට දහසකුත් දේවල් කියාපු නිම්නයා මීට කලින් වීසි කරාපු ඇතිලිය දිහා බලලා මට ඒක හොදන්න කියලා නොකියා කියනකොට මං මොකාද වගේ අර කැඩුන බිදුන ඒවත් අස් කරලා වලදත් හේදුවා.

ඒකා මේකෙ හදලා තියෙන්නෙ හාල්මැස්සො බැදුමක්.....ඔව්..මේ.....කර වුන මාළුමිරිස්.....පරිප්පුත් උයනවද දන්නෙ නෑනෙ.....හැබැයි සම්බෝලෙකුත් හැදුවා නම්....

මං ඔය ටික හිතින් විතරක් හිතුවා මොකද රතින්ඥ්ඥා පුපුරනව වගේ බනින බලු බැනුම් මැද වස්තු මෙකටම පරිප්පුත් හදලා සම්බෝලෙකුත් කොටමු කිව්වොත් කල්පනයා කිව්වා වගේ ඕකා මට වලන් ගැට්ට කරේ හිටින්න ගහලා අවසානෙදි මාව වංගෙඩියෙ දාලා කොටාවි....නෑ..නෑ...ඕන් නෑ...

නිම්නයා බනිනවා..බනිනවා...බනිනවා අහවරක් නෑ..අන්.කොහොමද පිට්ටනියෙ උන්ට මූන දෙන්නෙ....මොන නමනින්දාවක්ද....අසහනකාරයෙක් එක්කනෙ ඇවිත් තියෙන්නෙ....ගගා මට බලු බැනුම් බනිනකොට අනේ....ඒකා දික්තලා වෙලා මම කාලගෝලයගෙ තැනට වැටීගන ආදරෙ නාමෙන් දැලි නාගන වලන් හෝදලා...හෝදලා හුස්මක් අරන් පොල් එක දිහා බැලුවා....

දැන් ඉතින් මේකත් මිරිකපන්කො....දැන් නම් මයුරයා උඹට....අරකගෙ මිරිකන්න තරම් තරහක් එනවා....එහෙම නේද.....ඒත් ඉවසපන්....උඹට මේ ගෙදර තියෙන්නෙ බෑනගෙ ප්ලේස් එක...කමනිත් බත් කාඩ් එක කැපුවොත්...යන්න එන්න තැනක් නෑ....ඉවසපන් ...ඉවසපන්...පිරිමි උනහම කච කචෙ ඉවසන්න බලන්මයි ඉපදෙන්නෙ...ඒ හින්දා ඉවසපන්...ආදරේ පරිසමාප්තිය උඹගෙ නිම්නනේ...ඒ හින්දා ඉවසපන් කොල්ලො...ඉවසපන්...

ඇනුම් බැනුම් රැවුම් ගෙරවුම් අපවාද මැද මාවම සන්සුන් කරගත්තු මං මොන කරුමෙට හරි අප්පච්චි වගේම නිම්නයට සුදූ තේ ටිකක් බොමුද ඇහුවා විතරයි කො මගෙ හොර මිනිහා ඇහුවා...

මං හිතන්නෙ අරුයි මායි අහක යන නයෙක් අල්ලන් කලිසම අස්සෙ ඔබාගන තියෙන්නෙ.....

තේ ඉල්ලල ඇල්ටොත් නැති උන මං අවසානෙදි වලද හෝදල පොල් එකට අත ගහන්න ගත්තා විතරයි අරකගෙ බැනුම් මැදම මං විදින දුක උහුලන්න බැරිවද කොහෙද මාව බේරගන්න තිස්තුන් කෝටියක් වැස වාසය කරන දේවමන්ඩලෙන් එවපු දේවතා එලිය කුසියට අඩාගන ඇතිල්ලි ඇතිල්ලි වගේ ඇවිදින් මගෙ ගාව නැවතුනා....

යෑ...ව්....

කන්සාටන් සතුටු සුරංග..සතුට බෙදන පොලියානා නෙවෙ...සතුට බෙදන සුරංගයා.....මං ඌ දිහා බලලා උඹගෙ අප්පච්චිව බේරගනින් පුතේ කියලා නොකියා කියනකොට මේකා ටෙලිපති තියන එකා වගේ නිම්නයා ගාවට ගිහින් යෑ...ව්ව්...ගෑවා...බැනුම නැවතුනා......

.......වස්තු....ඔය...ඉන්නෙ..අපෙ...

ප්..පුතා...නම....සුරංග.....නිකන්..නෙවෙ...සතුටු...සුර...ංග

පුතා...අපේ....????.....අපි කියන්නෙ කව්ද මයුර....ඔයයි කල්පනයිද....සතුටු සුරංග...හොදයි....අපරාදෙ ප්‍රීති කසාන කියලා.දාන්න.තිබ්බෙ.....පුතෙක් හම්බුන එකේ...හෙට අනිද්දා දුවෙකුත් හම්බෙයි එහෙනම්...අර ඉදගන උන්න විදිහට කල්පනයටම දුවෙක් හිටීද දන්නෙ නෑ.....

මගෙ ඇස් දෙක හීනි උනා...නෑ...මෙච්චර බලු බැනුම් අහන්න ඕන් නෑ...බුදු හාමුදුරුවො පවා කිව්ව පෙනේ පිප්පුවෙ නැත්ත දරටත් ගනි කියලා .....මන් මහ සද්දෙට අතේ තිබුන බෙලෙක් පිගාන සින්ක් එකට දානකොට නිම්නයා රවා.ගත්තා...ඒකට ආවේස වෙලා...

මං දැනන් උන්නෙ නෑ දෙයියනේ මේ චූචි බුංජියට මෙහෙම තරහා යනවා කියලා .....පෙනේද කූතාඩියා මාව රවට්ටලා තියන හැටි...

අනේ අප්පච්චි ...එකම කොල්ලා මූට රැවටිලා....

මොකද මල්ලි අත පයේ හයිය පෙන්නවද.....

අයියො නෑ අයියෙ.....අයියා කිව්වත් වගේ මට දැන් ලාදුරු....දැනෙන්නෙ නෑ.....

අනික මං මේ කල්පනා කෙරුවෙ වැරද්දක් නොකර බැනුම් අහන එකේ වැරද්ද කරලම බැනුම්.අහන එක සැපයි කියලා ....අයියා කියන විදිහට මං චපලයිලු....අරකලූ...මේකලු.....නොකර මෙච්චර බනිනව නම්.....කරලා බැලුවම මොකද......

නේ පුතේ....එන්න අප්පච්චි ගාවට...උඹගෙ අප්පච්චි චපලයෙක්නෙ...ඉතින් චපලයගෙ පුතත් චපලයිනෙ...වරෙන් මගෙ ගාවට.....කන්සාටන් ....කූකූ..කු....

යෑ...ව්...

මෙච්චර වෙලාම බැනුම් අහපු මං අනිත් පාර ගේම කෝල් කරන්න ගත්තා...එයා ගාවට වෙලා පුරු පුරු ගගා උන්න කන්සාටන්ටත් එක විසිල් එකයි ගැහුවෙ කොල්ලත් මගෙ පැත්තට ආවා.....

නිම්නයා සැලන්ඩර් උනා.....එක වචනයයි නිම්නයා සැලන්ඩර් උනා...

හැබැයි...අර කතාවක් තියනවනෙ..සුනාමිය ගහන්න කලින් මහ මුහුදත් සාන්තුවරයෙක් උනාය කියලා .....ඇත්තටම මගෙ වස්තු කියලා පපු කැහුත්තෙම්ම ආදරේ කරන නිම්නය මගෙන් මහ කෲර විදිහට පලි ගත්තා...

.ජෝකරුත් මිනි මැරුවෙ හිනා වේවි කියනවනෙ....නිම්නයත් හිනා වෙවී මහ කෲර විදිහට මගෙන් පලි ගත්තා....හාල්මැස්සො බැදුමක් එක්ක පරිප්පු හොද්දක් තිබ්බ නම් ගගා හිතින් හිත හිත උන්න මගෙ ඇස් පනා පිටම පරිප්පු හීනෙ යතාර්තයක් උනත් මොකද අරකා මට නොබැන මන් බලාගන ඉන්නකොටම අරකට නිවිති කිලෝ එකක් හැලුවා.....

අනේ...අන්....ද්...වේ......හ්හ්හ්හ්හ්!!!

උඹගෙයි මගෙයි සම්බන්ද කම් අහවරයි...පෑ හාදකම් යලි නෑ අයියෙ...බායි....Bs....මං නිව්ති කිලෝ එකක් උනොත් උඹ මාව පරිප්පු වලට දානවද නිම්න????

මගෙ කන් වලින් දුම් පිට උනා.....නිම්නයා වක්කඩේ කැඩුවා වගේ බැනගන බැනගන යනකොට අතින් මිරිකන්න කියලා ගත්තු පොල් එක මං කෙලින්ම බ්ලෙන්ඩර් එකට හැලුවා....දැන් ඉතින් බැනපිය...මට ඇහෙයිද බලන්න...

මං මේ ඇස් දෙකෙම්ම දැක්කනෙ...

ඩ්‍ර.....ර්.....ර්....ර්.....ර්....ඩ්‍ර.....ර්...ර්...ර්.....

අරකා බැනගම ඉන්නවා...මං කොටාගනම ඉන්නවා....මං නවත්තන්නව එක්කම නිම්නයා පටන් ගන්නවා...නිම්නයා පටන් ගන්නව එක්කම මං ආයම කොටනවා...මෙ පාර ලයිට් බිල ගෙවන්න මගෙ වම් ඇටේ ගලවන් ගිහින් හෙට්ටි කඩේකට උගස් තියන්න වෙනවා...

ඩ්‍ර.....ර්.....ර්.....ර්......ර්

දෙයියනෙගෙ නාමෙට මල්ලි.....

ඩ්‍රර්....ර්...ර්...ර්...

ඕක නවත්තපන් යකො.....

අනේ....අප්...පච්...චී....

පොල් කට්‍ටක් මගෙ ඔලුව හරහා ගියා විතරයි අපිට විසාල සබ්දයක් ඇහුනා.....!!!!

සෙනේ.....ඇයි සෙනේ කතා නොකරන්නෙ.....

මං උන්නෙ අර තිත්ත කැකිරි පන්තියෙ පූසා වගේ...පොල් කට්‍ටෙනුත් ගුටි කාලා හදල දුන්න තේ එකත් අඩ අඩ බොන ගමන්.....එකට එක කියන්න ගිහින් හනසු පාරකුත් වැදුන මම සීනිත් නැතුව හිතෙ කහටත් එකතු කරලා හදලා දුන්න තේ එක බොන ගමන් මීක් නොකියා ඉන්නකොට මාව දාලා ගියපු කල්පනයගෙ ඈඩියාව ඇහුනා...

සෙනේ.....යෝහ්...මේ චූචි කල්පියනෙ...තරහ වෙලා....යෝ.... ඇයි අප්පා.....ඇයි.....සෙනේ මේ...

බබා...නිම්න....ඔයා කුසියෙද...මේ දෙල් එකක් ගෙනාවා....

සුදූ මං කුසියේ....

මොක...ක්...බ්...බබා.....??? සුදූ...????

මාව ගල් ටික් උනා..උදාරයා එන ඒමටම බබා ගාගන එනකොට මේකත් හොද්ද බලන එක නවත්තලා සුජූ...ගෑවා...

සෙනෙ......කව්ද සෙනේ බබා...

කල්පන ප්ලීස්....මං කිව්වනෙ...පාඩුවෙ ඉන්න...බබා මේ අම්ම දෙල් එකක් දුන්නා....

අනේ..දෙල්...මං ආසම කෑම....දෙල් උයල.....ඌරු මස් එක්ක අගුනුකොල මැලෙව්ව නම්...රසයි නේ සුදූ.....

රසයි ..බබා ආසද...

මායි කල්පනයයි බලාගන උන්නා...බබාගෙයි සුදූගෙයි මේ ප්‍රේම ජවනිකාව....මගෙ ගාව උන්න කල්පනයා දත් මිට්කාගන වගේ බලාන උන්නා...

සෙනේ දැන් එහෙමද...ඕකද අවසාන තීරනෙ....උඹ හදන්නෙ චූචි බුංජියා එක්ක පවුල් වෙන්නද.....එතකොට මේ මයුරයාට මොකද වෙන්නෙ.....මට පේන්නෙ මං හොයන් තියෙන්නෙ චිංචිමානිකා කුලෙන් වගේ.....

කල්පණය අරූට බනිනවා හිටු කියලා...බුංජියා මට බැන්නත් මම කෙරුවෙ අහන් ඉන්න එක...ඒකය එකම හේතුව....උදාරයලා කල්පනයලා ඉතුරු වෙන උන්....මගෙ නිම්න....

මං අද මෙතන වචනයක් කිව්වොත් පහු දවසක මතක් වෙයි අනෙ මං නිම්නට බැන්න නේද කියලා ...ඔය බනින්නෙ තනිකරම හිතේ තරහවකට නෙවෙ ඊරියාවටයි දුකටයි කියලා ...දැන් මොනා කියලා බැන්නත් මං දන්නවා තව චුට්ටකින් මගෙ ලගට ඒවි...ඇවිදින් අනූ.....චූචි බුංජියනෙ මේ ඉන්නෙ....චූචි නිම්නනෙ මේ ඉන්නෙ...දුක හිතුනනෙ අනූ.....ගාගන නහයෙන් අඩන්න ගන්නවා...ඕක වෙන බව දැන දැනම මං ඇයි එයාව රිදවන්නෙ.....

.සුදූ තේ ටිකක් හදන්නද...

ඉගුරු කෑල්ලක් දාලම හදනවද බබා....නංගිගෙ වැඩවලට අරහෙට මෙහට දුවලම මහන්සී....ඔන්න රවිදුවා දැන් තමා අම්ම එක්ක නංගිගෙ කරාබු දෙක මාරු කරන්බ ගියේ

හරි උදාර ඔයා එහෙමද.....දැන් මාව ගනන් ගන්නෙ නෑනෙ.....ඕකෙ.....එහෙනම් උදාර....එක.පාරක් මාව ගනන් නොගෙන ඉදපන්...මං උඹට ඊට පස්සෙ උගන්නන්නම් ගන්න ගන්එ නැතුව ඉන්නවා කියන එකේ තේරුම...මයුරයා වරෙන් යන්න සුදූ....උඹට කොහොමත් මං ගැන ක්‍රශ් එකක් තියනව කිව්වනෙ...මෙතනින් පස්සෙ මං ඔෆීශිය්ලි සින්ගල්.....!!!

ම්හුක්.....අනූ.....චූචි බුංජියානෙ අද ඔක්කොම ඉව්වෙ....කමනි අම්මත් කෑවා...රොහාන් අප්පච්චිත් කෑවා.....ටූත්ලසුත් කෑවා....කන්සාටන් සුරංගත් කෑවා....ඔයා කන්නෙ නෑනෙ...

ම්හුක්....ගන්න් ගන්නෙ නැනෙ මාව

අන්නකො....අනූ....චූචි නිම්නගෙ හිතේ කිසිම කොනක පලිගැනීමෙ චේතනාවක් තිබුන් නෑ අනූ....

මේ ඔක්කොටම මුල අර පච්ච සිරා...බුංජියා රැවටුනානෙ අනූ...

යෝහ්....කතා කරපියව්කෝ.....

ම්හු....ක්.....බුංජියට ඇඩෙන්න වගෙනෙ.....

අනූ....චූචි බුංජිය අහක යන නයෙක් උනොත්...ඔයා මාව රෙද්ද අස්සෙ දාගන කැවො...කෑවො ගානවත....👉👈

අනූ.....මං පරංගියෙක් උනොත්....ඔයා.මාව කෝට්ටෙ යවනවත.....

අනූ....මං ඉබ්බෙක් උනොත් ඔයා මගෙන් පිහාටු ඉල්ලනවත...

යෝ....හ්....අනූ....මන්.....

උඹ ඉබ්බෙක් උනොත් මං දියට දානව..එතකොට දැන් නෑවෙ කියලා කෑ ගහපන් සමයම....ඇහැ පියා ගන්න දෙන්නෙ නෑ කූරුගානවා...කෝ දැන් අර කට...මං චපලයානෙ....නේ.....

ම්හුක්....නෑ....චපලයා පච්චාසිරා...ඌ ආවෙ අනූගෙ වස්තුවව රවට්ටගන්න....මං ප්‍රෑන්ක් එකක්නෙ අනූ කෙරුවෙ...

මං උන්නෙ ඇද විට්ටමට මගෙ ඔලුව හේත්තු කරගන ..එහෙන් බඩගින්න ....ඒත් මගෙත් තියන තක්කඩි කමට මම නොකා උන්නා...

කල්පනයා යුද්දෙ ප්‍රකාශ කෙරුවා විතරයි උදාරයා එකවදනින් සැලන්ඩර් වෙලා ඌව අයිස්ක්‍රීම් කන්න කොහෙද එක්ක යනකොට නිම්නයා එක්ක තරහ උන මං නොකා.නොබි ඇදට වැටෙනකොට මාව යාලු කරගන්න ඒකා මායම් උනා...

අනූ...ම්...හ්.....ක්ක්...

පිස්සු හොල්මන...වරෙන් ඉතින්....මෝඩයා කට විතරයි ...තරහා නෑ රත්තරන් එක්ක....මෝඩයා බලු බැනුම්.බැන්නෙ මටයි ඒත් අඩන්න කට හදන්නෙ උඹයි....අනූට ආදරෙයි හුගාක් කියලා උම්මා එකක් දීලා තුරුල් උනොත් තරහ නෑ....

මට දුක හිතුනා....අනූ....තරහා වෙන්න එපානෙ ගගා මැරෙන්න හදන එයාගෙ ඇස් තෙත් වෙනවා දැකල මට දුක හිතෙනකොට මං එයාට දඩුවමක් විදිහට මට ආදරෙයි කියලා මට තුරුල් වෙන්න කිව්වා විතරයි එයා මාව බදාගත්තා..කොටින්ම මගෙඇග උඩ නැග්ගා.....

අනූ....මං ආදරෙයි මගෙ අනූ...චුට්ටක් නෙවෙ...මහ හුගාක්.....මං උඹට හරි ආදරෙයි මගෙ මයුර....උඹ ඇවිදින් මට අසිනි වැස්සක් වගේ මයුර....ඉඩෝරෙක ඉපදිලා...වසන්තෙක පාට සුවද වත් ඇදින්නෙ නැති මට උඹ තනිකරම අසිනි වැස්සක් වගෙ...

මට දුක හිතුනා.....චූට්ටක් ඊරිසියා හිතුනා...

මං තරහා නෑ මගෙ නිම්න...ඊසියා හිතුනෙ ආදරෙ හින්දනෙ.....ඉතින් එතනම මට සතුටු වෙන කාරනාවක් තියනවනෙ...ම්ම්ම්ම්ම්...ඉතින් ඇයි මම තරහ ගන්නෙ ඔයා එක්ක...

මං එක්ක විහිලුවට වත් තරහා නැද්ද මගෙ මයුර.....මට ලැජ්ජයි....ඔයා එතනට ගියේ මන් වෙනුවෙන් බව දැන දැන....කරන්නෙ රගපෑමක් බව දැන දැන මං...

ශ්ශ්...ඕක.හිතන්න දෙයක් නෙවෙනෙ.....මන් ආදරෙයි.....වස්තු.....අහලා තියනවද....ආදරෙයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක දුරක් කියලා .....

.....ඔ..ව්...

ඒත්....මට එහෙම නෑ...නිම්න කියන ආදරනීයම මාතෘකාව ගාවදි....වෛරය ආදරේ ගාව ඉදන් හත් ගව්වක් දුරයි.....උඹට වහ වැටීගන ආදරේ කරන මන්....වෛර කරන්නෙ කොහොමද බන්....ම්ම්ම්.....මගෙ පන කියන්නෙ නිම්නට.....

එයා හිනා උනා.....චූචි බුංජියා වෙනුවට ආයම උන්නෙ මගෙ පරිනත නිම්න වෙනකොට වෙනදා වගේම එයා මගෙ ඔලුව අත ගාන්න් ගත්තා...ඒ අත් සනීපයි .....හරි ආදරනීයයි.....අඩ්ඩඩ්ඩාවට උන්න මම අනිත් පාර හරි බරි ගැහිලා සම්පුර්නම ඇදේ දිහා වෙනකොට මං අර හයේ හතරෙ කොල්ලගෙ ඇගේ සම්පූරනම බර දරාගන උන්නා....

අනූ...

ම්න්...කියන්න....මොනව මගෙ වස්තුවට කියන්න ඕනෙ.....

සමාව...

වැරද්දක් කෙරුවෙ නෑනෙ...ඇයි ඉතින් මේ...මං ආදරෙයි කිව්වානෙ...මං කොහොමද තරහා වෙන්නෙ...

දන්නවා....ඒකමයි මට දුක....

ඔච්චරම දුකයි නම්....මේ නිකන් තියන කටට හාදුවක් වත් තියපන්කො වස්තු....

අනූ...මහ....නරක ළමයෙක්...

මං හිනා උනා...මගෙ නිම්නයා උගුරට හොරා බේත් බොන්න හැදුවා.....මටත් වඩා ටිකක් උස නිම්නගෙ සම්පූරනම බර දරන් උන්න මං එයාට ඕන විදිහට මාව යට කරගන්න දීලා මං එයාව අත් දෙකෙන් තුරුල් කරගත්තා...එක තත්පරයක් යන්න ඇති.....අපේ ඇස්වල තිබුන ආදරෙ පිටාර ගලන්න ගත්තා.....මට ඉහලින් උන්න නිම්නට පාලන බලේ දීපු මං එයා මාව හාදුවකින් මත් කරන කන් බලන් උන්නා.....

මම එයාගෙන් වින්දා නම් වින්දෙ හාදුවක් විතරක් වෙනකොට මං එයාගෙන් ලැබෙන හැම හාදුවම හරි පරිස්සමින් මගෙ හිතේ හැංගුවා .....

මගෙ...අනූ....උඹට ඉන්නෙ මං විතරයි වගේම...මට ඉන්නෙත් උඹ විතරයි ....මට පරිස්සම් කරගන්න ඕන අනූ....

දන්නවා.....

නලලට තියාපු හාදුව අතර මැද පුංචි විවේකයක් ගත්තු එයා මගෙ නහයට පහලින් තිබුන මගෙ තොල් දිහා බලාගන හිමීට මුමුනන්න ගත්තා..පරිස්සම් වෙන්න කිව්වා...නිම්නගෙ ඇස් අඩවන් වෙලා...නිකම්ම නිකන් මයුර උන මම හාදුවක් දෙනවට වඩා....ලියන්නෙක්ගෙ කවියෙක්ගෙ ආදරේ හරි බරයි කියලා උන්ම ලියලා තියනකොට මට මගෙ පරිනත නිම්නගෙ හාදුවල පතුල කොයි තරම් ගැඹුරින්ද තියෙන්නෙ බලන්න ඒ හාදු අස්සෙ ගිලෙන්නම සිද්ද උනා...

ඒ කතාව හරි....ලියන්නටයි...කවීනටයි පුලුවන් ආදරේ මාත්‍රා පිටාර ගලවන්න....ආදරේ තනිකරම අදිමාත්‍රා කරවන්න...කොටින්ම මගෙ ඇස් වැහිලා ගියා...කර්කශක කාලපරිච්චේදක ඉන්න අපි දෙන්නට වසන්ත මංසලක් මුන ගැහුනද මන්දා...

මං දැනන් උන්නෙ නෑ...නිම්නට පුලුවන් කියලා මේ තරම් රහට හාදුවක් තියන්න.....මං දැනන් උන්නෙ නෑ නිම්නගෙ පපු කද මේ තරම් උනුහුම් කියන්න...එයාග් පොත්වල උන්න ආදරනීයම පිරිමි පරාන වලට හුස්ම පිඹපු යතාර්තයෙ උන්න මේ පිරිමියා එ හැම චරිතෙකිම අවුසෙ අවුසෙ අරන් මේ එක්ක ආදරෙන් වෙලෙන හැටි අත්විදින මම ජයවර්ධනයට වැහි නැති හෙන ඉල්ලුවා....

දෙයියනෙ ඌ මරලා තියෙන්නෙ වයින් වගේ ප්‍රේම වන්තයෙක්ව...

වයින් දිදාලයක් ඇතුලෙ තිත්ත මුහු වෙලා තිබුනට මොකද...උගුරෙන් පහලට යන්නෙම සර්වාංගෙම උනුහුම් කරගම....

මගෙ නිම්නත් තනිකරම වයින් දිදාලයක් වගෙ.....

පිරිමි පපුවල ගැස්ම දශමෙන් දශමෙ වැඩි වෙන්න ගන්නකොට කරන්ට් බිලට බින්දු ගාන වැඩි හන්දා ෆෑන් එකක් වත් නොදාම හාදුවක පතුල අත ගාන්න පීනපු මට දාඩිය දාලා තිබුනා...

වස්තු....මගෙ මයුර....

මං කෙදිරුවා ....හත් පාට පොත් අස්සෙ ෆැන්ටසි ප්‍රේම වන්තයන්ට පන පෙව්ව මගෙ පෙම්වතා ඒ හැම චරිතෙකම තියන

ආදරෙය් මෘදු බවත් සෘංගාරෙක තියන අමෘත රසයත් එකට කැටි කරන් මට හාදු තියනකොට ...මගෙ ලෞකික ලෝකෙ පිරිමියා ඇහැරන් උන්නා...

වැරද්ද මගෙද...නැත්තන්.....එකට ගට්ටනේ වෙන යටි බඩවල්ද... මං උන්නෙ ඒ හයේ හතරෙ පිරිමියට යට වෙලා.....හාදුවක අන්තෙටම ගිලිලා.. උන්න මගෙ සර්වාංගෙ ඒ සර්වාංගෙ එක්ක ගෑවි ගෑවි හාදුව රස බලනකොට එකට ඇතිල්ලුන ගිනි ගල් වලින් ගිනි පුපුරු විසිවෙන්නෙ නැතිද...

වස්තු...අහල තියනවද මගෙ මයුර කතාවක් තියනවා..හාදුවක ගැඹුරට පුලුවන්ලු ඇදිවත පවා අහිමි කරවන්න....

ම්න්.....අහල තියනවා.....

එයා මට විරාමයක් දුන්නා.....මට අහන්න හිතුනා මගෙ ඇග උඩ ඉන්නෙ ඔයා පන පොවාපු මොන පිරිමියද කියලා ...ඒත් මට හිතුනා අහනවට වඩා මේ මතක රිපීට් කර කර මමම හොයා ගන්න එක ඊට වඩා රහයි කියලා .....

මං හරි බරට හුස්මක් ගත්තා....ජයවර්ධනයා මරලා දාපු ආදරේ වෑස්සෙන ප්‍රේමවන්තයා මගෙ ඇස් දිහා බලන් උන්නා....එයාට දැනෙන්වා....ඉනෙන් පහලට උනුසුම එයාට හොදටම දැනෙනවා...මට වහන් කරන්න උවමනාවක් තිබුනෙත් නෑ....එලි බහින්න හදන වෙරලු මල් සුවද නිදහස් කරන්න හිත දුන්නෙත් නෑ....

අනූ.....

කියන්න වස්තුව.....

මයුර....මගෙ මයුරට මා එක්ක එකතු වෙන්න ඕන නැද්ද.....ඔයාට මා එක්ක නිදියන්න ඕන නැද්ද මයුර.....

මං හිනා උනා...කෙලින්ම ඇහුවෙ අමුවට.....අනූ අපි ඩිස්ටි ඩිඩින් කරමුද.....අනූ අපි සෙක්ස් කරමුද....අනූ අපි වෙන මොනවා හරි කරමුද නැතුව අපි නිදියමුද අහනකොට මං හිනා උනා....එයා පසු තැවෙනවා.....මගෙන් නිදා ගමුද ඇහුවට එයා හිතන්නෙ එයාට ආදරෙ කරන මගෙ මානුශිය අයිතිවාසිකම් උල්ලන්ගනේ වෙනවා කියලා ....

එයා හිතනව එයා හන්දා මට අසාදාරනයක් වෙනව කියලා .....

පිස්සු වස්තූව....

මං පැත්ත හැරුනා...මෙච්චර වෙලාම එයාගෙ ඇගෙ බර දරන් උන්න මං පැත්ත හැරුනා...දැන් එයයි මායි ඉන්නෙ මූනට මූන බලාගන...නැගිටපු දේවල් කැපිලම පෙනුනත් මට නෙවෙ වගේ වගක් තිබුනෙ....

ඔහොම කරන්න එපා මගෙ මයුර.....මටමයි රිදෙන්නෙ.....මං...මං උඹගෙ අයිතිවාසිකම් භ්භ්භ්.....

ශ්ශ්හ්...ඇයි මේ...මේ ලෝකෙ ලාදුරු හැදුන මිනිස්සුත් ආදරෙ කරනවා...ඒඩ්ස් හැදුන උනුත් ආදරෙ කරනවා....ඒ එක තැනකවත් එකතු වීමක් නැතුවම ඒ ආදරෙ ගලාගන යනවා....

උඹටවත් මටවත් ඔය දෙකෙන් එකක් වත් නෑ මයුර.....මගෙ හිතට බරයි මයුර...මං ..මං.....භ්භ්භ්....

ඇයි මේ....ම්ම්ම්...ඇයි මගෙ රත්තරන් මේ....ඇයි මේ කදුලු ....මගෙ නිම්න...ආදරෙ පදනම එකතු වෙන එකම නෙවෙනෙ...එහෙම උනොත් අපි දෙන්නත් උඹගෙ මයුරත් වැටෙන්නෙ පිරිමි පිරිමින්ට මොනවද කරන්න පුලුවන් කියන ප්‍රශ්නෙ ඇතුලට....

අනූ...

මං ඉවර නෑ...මංතවම කියලා ඉවර නෑ....

මං එයාව ඇදලා අරන් මගෙ පපුවෙ පැත්තකින් තියාගත්තා....මෙච්චර වෙලාම ආදරෙන් හාදු තියාපු නිම්නගෙ මූන මැලවුනා........මං එයාගෙ නලල මැදට හාදුවක් තියලා හිනා උනා....දුක් වෙන්න එපා කියල නොකියා කිව්වා...

වස්තු ....අහලා තියනවද කතාවක් තියනවා...ඉනෙන් ඉහල කියන්නෙ අද්‍යාත්මික සුවය.....ඉනෙන් පහල කියන්නෙ ලෞකික සුවය කියලා ....උඹගෙ අනූට ඕනෙ උඹගෙන් ඒ අධ්‍යාත්මික සුවය විතරයි නිම්න....ඒ ඇති....මට ඒ සැනසෙන්න හොදටම ඇති..හිමි නොවිනට...හමු වීමම භාග්‍යක් ආශිර්වාදයක් කියලා හිතන් ඉන්න මට ඒ හොදටම ඇති නිම්න.....උඹ පොරොන්දු උනා....ඊලග ඍතුවෙදි මා ළඟ නවතින්නම එනවයි කියන්න.....ඒ ඍතුවෙදි...මට මදි නොකියන්න ඔය මග අරින හැම සතුටක්ම දියන්....දැනට මෙ ඇති.......

මට බයයි.....මාව මැරිලා යයි කියලා....මං ආස නැති කම නෙවෙ මගෙ නිම්න...උඹ නැති තැන මතක වැඩි වෙනකොට දරාගන්න බැරිම තැනක මාව මැරිලා යයි කියලා බයයි.....ඒ හන්දා ....දැනට මේ නැවතුමෙන් නවතිමු....

තවපාරක් හමු වී හිනැහි

ගව් ගානක් දුර යමු වෙන්වී

මග හැරුනත් මඟදී නුඹ වෙත පෙම් කරමී.....

අරකා ගේ දෙන්න බෑ කියනවලු....

බය වෙලා ඉන්නෙ.....

ඒත් උඹ හිතනවද අපෙ අප්පච්චි දෙයි කියලා ....

අප්පච්චි කෙසේවෙතත් මගෙ අනූ දෙන්නෙ නෑ කියන්න දන්නවා....ඒ මිනිහා අපිව...භ්භ්...

මන් ඔයා එක්ක ආදරෙන් බැදිලා ඉන්න වෙලාවෙ ඒ මැදට විරහව ඔබ්බවන්න එපා නිම්න....අදට ඌ ගැන කතා නොකර ඉමු....

..ම්ම්ම්ම්ම්ම්...

අනූ...

විනාඩි ගානක් යන්න ඇති....අඩුම විනාඩි පහක් ...නැත්තන් දහයක්....අපි දෙන්නගෙ ආදර ගනුදෙනුව ඇතුලෙ නිහැඩියාවක් තිබ්බා...අවසානෙදි වෙරලු මල් සුවද මැරිලා ගියා.....

කියන්න වස්තු.....

මං වෙනුවෙන් සින්දුවක් කියන්න පුලුවන්ද .....

අනිවාර්යයෙන්ම .....මොකක්ද.....නෑ....නෑ...එපා...මං දන්නවා....මගෙ වස්තු ආසම සින්දුව.....

හ්ම්....ඒක තමයි....

එයා හිනා උනා...සාරසොබාව පිරුන හිනාව මුලු මූනෙම හැම බිම් අගලක් ගානෙම ඉහිරෙනකොට මේ ලෝකෙන් යන්න ගියපු මේ ආදරේ වෑස්සෙන කොල්ලා දිහා මං හරි ලෝබ කමින් බලාගන ඉදලා මගෙ ගිටාර් එක අතට ගත්තා...

...මේ....ප්‍රතම වසන්තයයි.....

එයා හිනා උනා....අවසානෙදි ඒ ඇස් හරි ආදරෙන් හිනා උනා...මං දන්නෙ නෑ නන්දසිරි මහත්තයගෙ ප්‍රතම වසන්තෙ ආව කීවෙනි පාරද කියලා .....

අනූ.....

මන් එයාගෙ කම්මුලක් හරි මෘදුවට පිරිමැද්දා ...මගෙ අහිංසකයා....

ම්න්.....

ඉල්ලීමක් තියනවා...මං ආසයි දවසක ඔයා සින්දු කියනවා අහන්න විදින්න බලන්න....ඔයා අන්ප්ලගඩ් එකට ගහන අන්ජලිකට වහ වැටුනා හා සමානව ඒක රහ වෙන්න ඕන.....වික්ටර් සර් "ස" ප්‍රසංගෙ පටන් ගන්නෙම ආදරයෙ උල්පත වූ අම්මා සින්දුවෙන් වගේම ඔයා පටන් ගන්න ඕනෙ මේ සින්දුවෙන්.....ඔයාට පුලුවන්ද....මුලු ස්ට්‍රේජ් එකම අඩ අන්දකාර වුන වෙලාවක නලින් පෙරේරා ඇසුත් වහන් අංජලීකා කියලා පපුවටම වදින්න කියනවා වගේ මේකත් ඒ විදිහටම කියන්න...

අපි දෙන්නගෙ කතා බහ අස්සෙ තත්පර ගානක නිහැඩියාවක් තිබුනා...අවසානෙදි මං මගෙ උකුලෙ තිබුන ගිටාර් එක පැත්තකින් තියලා එයාගෙ අත අල්ලගත්තා ...ලියන්නෙක්ගෙ ආදරනීයම දකුනු අත අරන් මන් මගෙ පපුවට තෙරප ගත්තා.....

නිම්න...අපි වෙන් නොවෙන ඊලග ඍතුවෙ නම මොකක්ද ...?

.....මේ ප්‍රතම වසන්තයයි... කඨෝර ඉඩෝරයක් පහු කරාපු නිම්නගෙ වස්සානෙ මයුර නමින් ලියවෙන කාර්තුවෙ නම .....මේ ප්‍රතම වසන්තයයි...!!!

😘.....කතාව දැම්මා.....

ආයමත් කොටසකින් එනකන් ප්‍රවේසමෙන් ඉන්න...

❤️...මගෙ උපන්දිනේ වෙනුවෙන් සුභ පතපු...සතුට සැනසීම වගේම දිගාසිරි ප්‍රාර්තනා කරපු මගෙ ආදරනීයම පාඨක ඔයාලා හැමෝටමත්...මං වෙනුවෙන් ප්‍රාර්තනා කරන සුවදායි අනාගතය..සතුට ප්‍රීතිය වගේම දිගාසිරි නොඅඩුව ලැබෙන්න කියලා මං හදවතිම්ම ප්‍රාර්තනා කරනවා...

ඒ වගේම ආදරනීයම zhange didi....ස්තූතියි ඔයාලා දෙන්නාගොඩනගපු ආදරනීයම yizhan ලොකෙ නිසා ඔයාලට වගේම අපි වෙනුවෙනුත් ආදරේ කරන හිත් එක්කාසු කරගන්න වරමක් දුන්නට...❤💚💛...

ඉතින් හැමෝටම මන් හුගාක් ආදරෙයි ...

මන් ඔයාලගෙ ජොබී❤❤️😘

Nedeesha 😘❤️....

More Chapters