WebNovels

Chapter 3 - 03

තොට මං නිකන්ද උපන්ගෙයි මෝඩයා කියන්නෙ.....තෝ හදන්ඩ බෑ අප්පුවා...තෝ නම් හදන්ඩම බෑ...බලු වල්ගෙ ඇද ඇරියත් තොගෙ තියන ඇද නම් මේ කපේට අරින්ඩ බෑ.....

ආ...යස...! අර මොකද මගෙ ඇද අරින්නෙ...??අනික මං උගුරැස්ස ඉල්ලුවෙ බොහොම වැදගත් කාරනාවකටනෙ අප්පුච්චො....උඹ ඒ ගැන හාන්කවිසියක් නොදැන මොකටදෑ බයින්නෙ???ඕන් ආවා...ඕන් ආවා...මට මේ වරකෙ බේරගන්ඩ හැටියක් ඇත්තෙම නැනෙ ...

වංගියක් පරදේසක්කාර කාක්කො හැත්ත....මේ බලාපිය දැන් මේ කෝදුරු රොත්ත.....මෙවුන්ගෙ වැඩේම මයෙ රාජකාරිවලට හොට දාන එක හිටපියව්කො...හිටපියව්කො...

රතු අබුඩෙ පිටින් වරකෙ ගාව ඇනතියාගන උන්න මං මට දෙස් තියලා දෙස්තියලා හොද පනහින් උන්න අප්පුච්චා අනිත් වංගියෙදි ආයම " තොට කියන කට බිම උලාගන්නවා සැපයි" කියන්නා හා සමාන බැල්මකින් මයෙ දිහා බලලා කෝට් බෑයක් මදින්ඩ ගන්නකොට වරකෙ වටේ මායන් වෙන කෝදුරු රැල එක්ක මං නහින්ඩ හැදුවා.....කොටින්ම මං කෝදුරුවො එක්ක අතින් පයින් සටන් කොරන්ඩ හැදුවා ....

ඒත් වැඩක් නෑ.....ඒත් වැඩක් නෑ.....කොච්චරවාත් අතින් එලෙව්වත් මොකද කෝදුරු රැල තනිකරෝම තුන්මන් හන්දියට විහික් කරන පෙරේත ගොට්ටට පොරකන පෙරේත රැල වගේ වරකෙටම ලන් වෙනකොට පිල්කඩෙ උන්න මන් අඩියට දෙකට මැටි කුස්සි පොඩ්ඩට දිව්වා....

වෙන මක්කටවත්ම නෙවෙ බෙලෙක් පිගානක් අරගන ඕකට පොල්තෙල් ඩින්ගක් උලන්ඩ.....

රෑ පුරාවටම කා....න් කූන් ගගා ලේ බොන්ඩ එන මදුරුවන්ටත් මං කොරන්නෙම මේක...ලාම්පුව ගාව ඇනතියාන කුඩම්මගෙන් හරි මයෙ අප්පුච්චගෙන් හරි කතන්දර අහන් මං මයෙ ඌරු කේන්ති අවුලන්ඩ එන පරට්ට මදුරු රැලට කරන්නෙත් මේකම වෙනකොට කුසියෙ පැත්තක තිවුන ලී පිගන් රාක්කෙන් පිගානක් ගත්ත මන් පොල්තෙල් බෝතලෙන් පොල්තෙල් අහුරක් අරගන අල්ලට හලාගන අර පිගාන පුරාවටම ගාලා ගාලා ආපිට පොල්තෙල් බෝතලෙ තියන්ඩ යනවත් එක්කම මට පිගන් රාක්කෙ පැතිකඩෙ මක්කදො හිස්කමක් දැනුනා...

.

යකොඩො...මයෙ පාන් නහට්ට.....කඩදාසි කෑල්ලකින් ඔතලා ආපිට එල්ලා තිබ්බ මයෙ පාන් නහට්ට....මං කිරිබන්ඩියටත් පොරොන්දු දුන්නා කහට ඩින්ගක ඔබලා පාන් නහට්ට උරන්ඩ ඕකටත් දෙන්නම් කියලා...

හත්වලාමෙ කොයි දැන් නහට්ට මන් අහන්න?????

පොල්තෙල් ගෑම් අහවරයි...කෝදුරු රෑන් එලවිල්ල අහවරයි...ඌරන්ගෙත් ඌරු කේන්ති ආව මං අඩි හප්ප හප්පම මැටි පිලෙ ඉදන් ඉස්තික්ක කොරාපු කෝට් බෑවෙ හැඩ බලන අප්පුච්චා ගාවට දිව්වා....

අප්පුච්චා....

.

ම්ම්ම්ම්....

කොයි බන් මයෙ නහට්ට.....ඈ....

මොන නහට්ට????

මොන නහට්ටද අහන්නෙ මයෙපාන් නහට්ට....මොන පරට්ටයද බොල මේ විගහට ඒක කටේ ඔබාගත්තෙ.....මං ඒක අරන් තිබ්බෙ මයෙ රාජකාරි අහවර උනාම කටෙ දාගන්ඩනෙ.....කෝ බොලව් මයෙ නහට්ට ....

අප්පුවා...

ඇයො වදෙ.....මේ ගෙදර මක්කවත් තියාගන්ඩ බෑනෙ යකො....කන්ඩ බොන්ඩ නැතුවද මයෙ නහට්ටම ගිල්ලෙ....මොකාද මයෙ නහට්ට ගත්තෙ....මොකාද.....මට මයෙ නහට්ට ඕනමයි ...

මං නහින්ඩ හැදුවා....මයෙ දිහා නොබලාම වංගියක් අප්පුවා ගාලා මද තදින් කතා කොරාපු අප්පුච්චා ආයම වතුර බිදක් දෙකක් අරන් කෝට් බෑවට ඉහලා චාස් ගාන සද්දෙත් එක ආයම ඉස්තිරික්ක කරන්ඩ ගත්තා මිසක්ක මයෙ නහට්ට දෙසාබෑවෙ මොකාද කියන එකට උත්තරයක් නොබැන්ද කොට මං අර අමුඩෙ පිටින්ම පිල්කඩ උඩ උඩපයින්ඩ ගත්තා.....පුලුවාන් තරන් දෙස් දෙවොල් තියන්ඩ ගත්තා.....

අපූරුවට තිබ්බ වරකෙට කාක්කො කොටනකන් කට ඇරාන බලාන උන්නයි කිය කිය එක්නැලි ගොඩ හාමු දෙනටත් ගමටම ඇහෙන්ඩ දෙස් දෙවොල් තියන්ඩ ගත්තා විතරයි මෙච්චරවෙලාම මයෙ කන්දොස්කිරියාව උහුලාන උන්න බබානිසා නම් උන මයෙ අප්පුච්චා අනිත් වංගියෙ ඉස්තිරික්ක කොරන එක නවත්තලා මයෙ දිහා කන්ඩ වගේ බලාගන උන්නා....

ඇයි යකො....අපූරුවට තිබ්බ මයෙ වරකෙ...මං පෙරුම් පිරුව තරන් ඔය හාමු දෙන දන්නවයි කියලද ...කොහෙ බැලුවත් මේ අප්පුවට හිතේ ගින්දරක්මයි.....කොහෙන් ගියත් මේ අප්පුවට වේදනාවක්මයි....

එහෙන් මයෙ වරකෙ....මෙහෙ මයෙ නහට්ට .....මං දන්නවා ...මං දන්නවා...උඹත් ගොලුවා වගෙ ඔය කෝට් බෑවටම එබීගන ඉන්නෙ මයෙ නහට්ට අර කුඩම්මා කියන දෙබරි ගිලින්ඩ ඇති.....ඕකි ආ දා ඉදන් මට පාඩුමයි...

ඕකි ආ දා ඉදන් මට අලාබමයි ....

ඕකිලාට මයෙ නහට්ට ඇරුනම කන්ඩ දෙයක් තිවුනෙම නැද්ද.....මයෙ වරකෙත් නෑ...නහට්ටත් නෑ......

එක්කො මාව මහන කරපියව්.....මාව මහන කරපියව්කො....

මට මේ දුක් කාන්දරාව උහුලන්ඩ බෑ....පන්සල් වත්තෙ තියන වරක ගහ යටින් මට ඉන්ඩ ආරාමයක් වත් හදා දීපියව්.....

අයියෝ.....හ්හ් මයෙ නහට්ට...කුඩම්මා නම් දුකක්මය....

හාමු දෙනත් ඊට වඩා දුකක්මය....

අනෙ මයෙ වරකෙ.....

අනෙ මයෙ නහට්ට........

අප්පුච්ච මයෙ දිහා බලාන ඉන්නවා...ඒත් මං නෙවෙ නවත්තන්නෙ....මෙච්චරවෙලාම උඩ පැන්න මං අනිත් පාර මයෙ කටු කබල් පපුවට ගහගහම අමුඩෙ පිටින්ම බිම පෙරලුනා....උඩ බෙලි අතට මදිවට මුණින් අතටත් පෙරලි පෙරලි වරකෙ ගැනත් නහට්ට ගැනක් කිය කිය මැරෙන්ඩ හැදුවා....

කොටින්ම පන්සල් වත්තෙ තිබ්බ ඉදීගන එනකොට රන් පාට ගන්න වරක ගහ මතක් වෙලා මාව මහනකරපියව් ගගා අර පිල්කඩෙ ඒ කෙරෝලෙ ඉදන් මේ කෙරවලට ගිනිඋඩ පෙරලෙන එකා වගේ රෝල් වෙන්ඩ ගත්ටා....

.ආපහු කුඩම්මව ගෙනාව අහටම ගිහින් විහික් කරපාන් ගගා මැරෙන්ඩ හැදුවා...

මට ඕන කුඩම්මෙක් නෑ...ඕකි ගිහින්දාපියො.....ඕකිලා ආයම අර ලැයිමටම ගිහින් දාපියො........ඕකිව ආපහු විහිකරපියො.....

කුඩම්මා නම් දුකක්මය....ඕකි ගිහින් දාපියෝ...

තොගෙ කන්දොස් කිරියාව නවත්තනවද....නැත්තන් මේ රත් උන ඉස්තිරික්කෙ තොගෙ කටට තියන්ඩද කියාපිය අප්පුවා....වරකෙට තියන බඩජාරි කමට නොදරුවව ගහක් මුලට විහික් කොරලා ආවා මදිවට තෝ දැන් පාන් නහට්ට හන්දා තොට දාසි වගෙ අබුඩෙ ඉදන් හෝදලා දෙන ගෑනිව ගිහින් දාන්ඩ කියන්නෙ ....????

තොගෙ නහට්ට කාපු යකෙක් නෑ...ඇස් කටෙ දාගන නොබල බලාපිය ඔය අස්සක ඇති ....

ම්හුක්.....ඉතින් උඹලා දෙස් තියන්නෙ ඔයාකාර.....

මයෙ පෙරලිල්ල නැවතුනා...නහට්ට කාපු යකෙක් නෑය කියනවත් එක්කම ඒ කෙරෝලෙ ඉදන් පෙරලීගන ආව මාව නැවතුනේම වරකෙ ගාව වෙනකොට තට්ටම් දෙකම උඩ අතට හිටින්ඩ මූනින් අතට උන්න මං මුණින් අතට ඉදගනම අත පොවන මානෙ තිබ්බ වරකෙ දිහාට අත දික්කරලා අනිත් පාර වරකා මදුලක් ගලෝගන කටේ ඔබාගත්තා.....එක හක්කකින් අනිත් හක්කට වරකා මදුල මාරු කරගත්ත මං දත්වලින් පාදලා පදලා අනිත් පාර බුක් ගාලා කොස් ඇටෙ එලියට විහික් කෙරුවා....මයෙ කරුමෙටමද කොහෙද කොස් ඇටෙ නැවතුනෙම අප්පුච්චා ඉස්තිරික්ක කොරාපු කෝට්බැව උඩ වෙනකොට මං අහගන බක්මහ අකුනක් මයෙ පිට උඩ පුපුරනවා.....

යකො අප්පුවා.....!!!!

ඌ.....යියා...හ්හ්!!!

*

*

අප්පුච්චො....

පිට පුපුරන්ඩ තරන් ඩෑස් පාරක් කාපු මං ඇකිලීගන වගේ වරකෙත් උස්සාන කුසියට දිව්ව මන් අනිත් වන්ගියේදි ආයමත් වතාවක් මයෙ අප්පුච්චට බෙරියන් දුන්නා .....

වෙන මක්කටවත් නෙවෙ මෙච්චරවෙලාම නෑය....නෑය ගගා නහින්ඩ ගියපු මයෙ නහට්ට හම්බ උන හන්දා.....

අප්පුච්චා....

මොකද බොල...නහින්නෙ.....

මයෙ නහට්ට හම්බුනා අප්පුච්චා.....උඹටත් ඩින්ගිත්තක් දෙන්ඩයි...????

.......

අප්පුච්චා නෙවෙ ආය උත්තරක් දුන්නෙ...නහට්ට හොයාගත්තට මක්කද මේක ඔබාගන්ඩ දැන් කොයි තේ කහට ඩින්ගක්.....ඇරත් මං කිරිබන්ඩියටත් වචනෙ දුන්නා...ඒකව අරන් එන්ඩ දුවාපු කුඩම්මා තාමත් නෑ.....

කුසියෙන් එලියට ආව මං බෙල්ල දදා බෙල්ල දදා කුඩම්මා කිරිබන්ඩියත් වඩාගන වැටකඩුල්ලෙන් දැන් පනි....දැන් පනී කිය කිය බල බලා ඉදලා ආපිට කුසිය අස්සට දිව්වා....ලිප් බොක්කෙ ලැගන් හට්ටි මුට්ටි උස්ස උස්ස බැලුවා....

ඒ අස්සෙන් මැටි කොරහක හබරල කොලේකින් ඔතාපු ගුලියක් එක්ක දෙල් ගෙඩියක්....

නහට්ට පැත්තකින් තිබ්බ මන් අනිත්පාර අර හබරකොල ගුලිය අවුස්සන්ඩ ගත්තා.....

අපෙ....අප්පො....ගම්කුකුල් නාම්බෙක්.....මේන් බොලෙ පලා මිටියක්.....දෙල්ගෙඩියක්.......

අප්පුච්චෙ...අප්පුච්චෙ.....

ආ අප්පුවා...තෝ මට මෙ වැඩෙ කරගන්ඩ දෙන්න්නෙම නැතුවද....???

අහකින් තිබ්බ නහට්ට්ත් දත් වලින් ඇද ඇදම මං ආපිට අප්පුච්චා ගාවට දිව්වා.....මෙච්චරවෙලාම දහිරිය දාගන ඉස්තිරික්කා කොරාපු කෝට්බෑව හරි සීරුවට පැත්තකින් තියාපු අප්පුච්චා කෝට් බෑවෙ සරම ඉස්තිරික්ක කොරන්ඩ ගත්තා....

අප්පුච්චො....නහින් නැතුව අප්පුවා දිහා බලාපල්ලකො...

......මක්කද....

ආන් අර මැටි මඩක්කුවෙ හබරලේකින් ඔතාපු කුකුල් නාම්බෙක් ඉන්නෙ...

ඉතින්.....

ඉතින් අහන්නෙ....කව්දැයි අප්පුච්චො දෙලයක් එක්ක කුකුල් නාම්බෙක් අරන් ආවෙ.....උඹලද...?

මං දැන් ඇබරෙනවා...දෙල් මාලුවත් බොරේට හදන කුකුලු මස් හොද්දත් පලා මැල්ලුමත් කියන්නෙම ආය අමුර්තෙත් පරාද කරන දිවිය බෝජනයක් වෙනකොට ඊයෙ පෙරේදා මං නින්දෙනුත් දෙලයක් ගැන කියෙව්වයි කියලා කිව්වෙම මයෙ අප්පුච්චා වෙනකොට හපාගන උන්න නහට්ට අතට ගත්ත මං දැන් අප්පුච්චා අවුලාන පොල්කටු අගුරු එක නිවෙන්ඩ නොදී ඒකට පිඹින්ඩ ගත්තා....

ඇයි ඉතින් අප්පුවගෙ දොලදුක අද දවල් බතෙන් අහවර වෙනවනෙ...

උඹ දැන් ආපිට ගෙනාව අහටම ගිහින් වීසි කොරන්ඩ කියාපු උඹගෙ කුඩම්මා තමයි වෙන කව්ද ...

මොකක්දෑ...???උඹලා කියන්නෙ මෙ අපෙ කුඩම්මා.....???ආ අප්පුච්චා...මයෙ රත්තරන් කුඩම්මා....??කිරි බන්ඩියගෙ අම්මන්ඩි?????

.....නැතුව උඹට තව කුඩම්මලා දහයක් ඉන්නවද.....අහකට යමල්ලා කිව්වම අහලා ....අප්පුවා...තෝ දැන් ඔය පොල්කටු අගුරට පිඹලා පිඹලා ගිනි පුපුරු මේ ඇදුම් වලට විහි කොරනවා...අර ගෑනි කිව්වා වගේ තෝ ලගින් ගියොත් හෙනයක්මයි....කිව්වත් වගේ තොට අප්පුවා නොකියා විජ්ජුලතාමයි කියන්ඩ ඕන....

පොල්කටු අගුරට පිඹ පිඹ උන්න මට මයෙ අප්පුච්චා ආයම දෙස් තියාපි,

ඒත් මට නෙවෙ වගේ වගක්,මට දැන් සන්තෝසෙ බැරුවා...කුකුල් නාම්බෙක් අරන් ඇවිදින් තිවුනෙම කුඩම්ම වෙනකොට මට දෙස් තියන අප්පුච්චා දිහාට විරිත්තපු මං පැත්තට පැත්තට ගිහින් ගෝන අන්කොක්කෙ එල්ලා තිවුන මයෙ දුඹුරු අබුඩෙ අරගන උන්දැගෙ කර උඩට දැම්මා...

අප්පුච්චා....

.......

කුඩම්මා පව්....ඒකිව විහික් කෙරුවම කිරිබන්ඩියට කිරි දෙන්නෙ උඹද.....නෑනෙ...මොකො මට දෙන්ඩ තියනවා කියලද...ඒත් නෑනෙ...ඒකි උන්න දෙන් අප්පුච්චා.....

........තෝ වගේ කපටි නයිදෙ කෙනෙක් මාත් හැදුවනෙ....

..මං ආයම වතාවක් අප්පුච්චට මයෙ කැකුලු දසන් විදහාලම විරිත්තුවා.....මයෙ මූනටම කපටි නයිදෙ කියාපු අප්පුච්චා අනිත් පාර ආයම ඉස්තිරික්ක කොරන්ඩ ගන්නකොට මං බලාගන මයෙ දුඹුරු අබුඩෙ උන්දැගෙ උරහෙන් පහලට වැටෙනවා...තත්පර ගානක් අප්පුච්චා දිහාව බලාගන උන්න මං අනිත්පාර කුඩම්මා එනවද බල් බල ආයම එබිකම් කරන්ඩ ගත්තා....

දෙබැම ඉහලින් අත තියාන ඈත ඉසව්වට එබුනා....

බාග වෙලාවට මේකිට මක්කවත් වෙලාදො....???

නැත්තන් කිරිබන්ඩියා එක්ක ඕකිලා වැටිලදො....???

නෑ...නෑ.....ඒකිට මක්ක වෙන්ඩද....කව්දැ දන්නෙ එකිත් මං වගේම වරත්තුවක ගියාද කියලා...

නාගන්ඩ ඕනා අදවත්.....උඹලා ඔය අබුඩෙ ඉස්තිරික්ක කරාපල්ලකො.....මොකො මේ අබුඩෙ පිටින්ම ආයම අර වලව්වට ගාටන්ඩ පුලුවනෑ.....අර සුදුමහත්තයා කියන හාදයා මයෙ අබුඩෙ පාට දැක්කා ....මට හාමු දෙන එක්ක කාරනාවක් කතා කොරගන්ඩ තියෙනවා....ඕක මැදපන්කො විගහට.....

මන් දැන් ආයම මිදුල් සක්මනෙ .....කුඩම්මා එනවදයි එබිකම් කරාපු මං අනිත් පාර මිදුලට පැනලා ආයම අත් දෙක පිටිපස්සට බැදන් රෙදි ඉස්තිරික්ක කොරන මයෙ අප්පුච්චට විධිවිදාන දෙන්ඩ ගත්තා....

එහෙමයි ...එහෙමයි....තෝ ඇඩින්බෙරො ආදිපාදනෙ...තියන ඔක්කොම වැඩ අහකට කරලා තොගෙ මේ වහන්ගත අබුඩ මදින්ඩ!!!

හහ්.....උඹට ඇඩෙයි අප්පුච්චා....උඹට ඇඩෙයි මේ අප්පුවා එක්නැලිගොඩ හාමුවා එක්ක උගුරැස්ස ගෝණි ගනුදෙනුව කෙරුවම !!ඇඩින්බෙරො ආදිපාද හයිරමාද මේ අප්පුවා එක්ක බැලුවම.....යස !!!

මං දැන් ආයම මිදුල පුරාවටම එහාට යනවා....ආපිට මෙහාට යනවා.....මිදුලෙ කෙරවලක අල්ලපු වත්තෙන් මේ වත්තට බර උන සරුසාරෙට වැවුන තණගස් අහුර....මිදුල පුරාවටම වැට මායිම පුරාවටම කුඩම්මා අතින් ඉන්දවුන නේක පුසුඹින් පිරුන්ස් නේක මල්ජාති...

හීන් හුලන් රැල්ල වදින වදින වංගියක් පාසාම කිචි කැවීගන යන තට්ටමත් කහ කහම අත් දෙක පස්සට බැදගන උගුරැස්ස ගෝනියත් පුවක් පට්ට ගැනත් කොස් කොල ගෝනිය ගැනත් හිත හිත උන්න මං මයෙ සක්මන නැවැත්තුවා.....

තනපදුර දිහා බලාගන උන්න මයෙ ඇස් හීන් උනාමදිවට අබුඩෙ පිටින් උන්න මට සූර සරදියෙල් වැහෙනවා එක්කම වැට ඉන්නක් ගලවගත්ත මන් වැට ඉන්න මයෙ අසිපත කොරගත්තා වගේම ආපිට එක අතක් පස්සට බැදගත්තා....

මෙතනින් එහා අර තනපදුර මයෙ ඇස්වලට පෙනුනෙම පරංගි ගානට වෙනකොට සූරසරදියෙල් වෙලා උන්න මං අබුඩෙ පිටින්ම පරංගි හටන ලැහැත්ති උනා.....

අප්පුච්චා....

......

බොල අප්පුච්චා.....

මොකද බොල අප්පුවා තෝ සැරින් සැරේම නහින්නෙ????

මේන් බලපන් මයෙ ඉස්සරහට ඇවිදින් ඉන්න පරංගි කාන්දරාව....!! හෙළ දිව රකින්ඩ නම් පරංගි මේ තුන් හෙලෙම්ම මේ පරංගි අතුගාලා දාන්ඩ ඕන....අප්පුච්චා කියාපන් යුද්දෙටත් ඇවිදින් සින්දුව...මේකලාව මං මයෙ අසිපතින් කම්මුතු කොරනවා!!!

........තොට ඉසකුඩිච්චියක් දාගන්ඩ නැති හැටියක්...

......පසුබිම් වාදන නැතුව මෙවුන් මරාගන්නෙ කොහොමද කියාපන්කො...අප්පුච්චා රෙදි ටික යකාට දාලා සින්දුව කියාපන්....නැත්තන් අප්පුවා පරංගින්ට අහුවෙනවා...

අතේ තිවුන ඉන්න තනපදුර දිහාට අමෝරාගන උන්න මං අප්පුච්චට යුද්දෙටත් ඇවිදින් සින්දුව කියන්ඩ කියනවත් එක්කම මටත් හොද පදෙන් අමතාපු අප්පුච්චා ආයාම කරබාගන ඉස්තිරික්ක කරන්ඩ ගන්නවත් එක්කම පසුබිම් වාදනෙත් මමම සපයන් පරංගි එක කඩුපහරින් කම්මුතු කරන්ඩ හිතාගත්ත මං වැට ඉන්නත් අමෝරාගන අර තනපදුර වටේම හායි හූයි ගගා එහාට මෙහාට පයින්ඩ ගත්ත.....

"යුද්දෙටත් ඇවිදින් සිදු පිට නැව් නැගලා..

"පරංගි "උන්තමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා....

අනදමත් සොදයි *කිචිබිචි ශී ගාලා(කිසි බී සී ගාලා)

කොලඹදි කම්පලත් නැතත් සෙනගක් මරා දාලා....

හායි....යා....හූයි!!!

හෙයි ....හා.....තුන් හෙලේ මේක මයෙ රට බොලව්...හේයි...හා....හූ!!!මයෙ ජාතිය...

හෙල දිව බුදුසසුන බැබලේවා...

හේ ..හ්....හූහ්.....!!!

මං දැන් බෙරියන් දෙනවා....එක අතකින් අමෝරාගන ඉන්න ඉනි අසිපත හුලන් පාර කපාගන ගිහින් තනකොල අහුරු අහුරු කඩා දානකොට පොල් අත්තෙ රටා තියාල කුඩම්මා වරුවක් තිස්සෙ අතුගාන මිදුල එක විනාඩියෙන් අපායක් වෙනකොය මං බලාන කිරිබන්ඩියත් උකුලෙ ගහන් ඒකිලා මගදිගට මොකාට දෝ දෙස් තිය තිය ගෙයි දිහාට එනවා...

(මූව උලන්ඩ තියන්ඩ ඇත්නම්...මූව උල තියන්ඩ ඇත්නම්...මයෙ කොල්ලගෙ ඉහෙන් එකයි දෙයියනෙ කොහොල්ලෑ.....)

ඒත් සරදියෙල් වැහුන මට පුලුවනිද යුද්දෙ අතරමග නවත්තලා ඒකිලාගෙ දෙස් තිවිල්ල කාටද හොයන්ඩ ...????

(පරට්ටයා.....ඕකට මං නොදුන්නෙ කිරි විතරයි....එහෙව් හදාපු එකා මයෙ කොල්ලා හඩු සරමෙන් ඔතලා ගස් මුලට විහික් කොරල....මයෙ දරුවා...මං තොගෙ අඩු කඩනවා...පරයා.....)

පරංගි හටන එන්ඩ එන්ඩම උනුහුන් වෙනවා...ගිනි මද්දහන පටන් ගන්නවත් එක්කම පිපෙන දවල් කුමාරියා පවා ඉනි අසිපත් පාරෙන් මලගම් යන පරංගි එක්ක මිදුල පුරාවටම විහික්කා වෙනකොට හායි හූයි ගගා පදුර වටේ දුව දුව උන්න මං අසිපත් අත මාරු කරන් ආයම හටන් වදින්ඩ ගත්තා ...

නොමදින් විකුම් පාලා....

සැදෙමින් යුධට

ජය ලත් දෙසින්

සමගින් එ ජනරාලා...

බොල අප්පුවා...!!!!

.....හේයි....හා.....!!!

නවත්තපිය නවත්තපිය තොගෙ ඔය ඔල්මාද නාඩගම....

කුඩම්මෙ...අහකට වෙයන්....මේන් මේ පරන්ගි උඹ මරයි....මේක මයෙ රට යකො...!!!!මේවා හිනල ලේ යකො....හායි....යාහ්.....!!!

මේකට ඔලුව විකාරෙ සහලෝලම.....මේන් බලාපන් ගෙදර මහ තැන කොල්ලගෙ විලාසෙ....ඔලුවෙන් එකයි කොහොල්ලෑ....

අප්පුවා.....බොල අප්පුවා.....ඕක නවත්තපිය කිව්වම අහලා...තෝ....තෝ....තෝ.....තෝ මයෙ මිදුලම අපායක් කරලා මදිවට මයෙ මල් ගසුත් කඩා දාලා....නවත්තපිය කිව්වම අහලා...චටාස්!!

ඌ...ව්හ්හ්හ්!!!

අතේ තිබුන අසිපත මටත් නොදැනිම මහපොලවට වැටිලා ගියා...තට්ටම දෙදරවාගන ගියපු පාරට මයෙ පුක්බෑයට ගැහුවෙ මොන පරංගියද කියලා හොයලා බලන්ඩ කලියෙන් දෑතින්ම පුක්බෑය බදාගත්ත මං පරංගි හටන මැදම හූ තිබ්බා.....

තෝ....තෝ....මං තෝ අද මකෝනවා.....!!!

කුඩම්මා ..වෙන මොකාවත් නෙවෙ මයෙ පුකට විනකටිපු එකම පරංගියා කුඩම්මා වෙනකොට මං බලාන ඒකිලාගෙ තරහෙ තරමට පලල්වට කපාපු හැට්ට කරෙන් කිරිබන්ඩියා වෙනුවෙන් කිරි එරුන කිරෙන් බර උන දෙතන් හැට්ට කරෙන් එලියට පයින්ඩ හදනවා....

ඌයි....යා...ගහන්නෙ....උඹගෙ වැඩෙම මට ගහන එක....උඹගෙ වැඩේම මයෙ පුක් බෑය පලන්ඩ හදන එක.....

ගහන එක.....තෝ මෙතනට වෙලා ඔය සොකඩෙ එලි දාන් නට නට හිටපිය...වහගන් ඔය බිජ්ජ, අබුඩෙ කොහෙවත් තොගෙ සොකඩෙ කොහෙවත්(*සොකඩෙ-අහවල් නිමිත්ත)

කුඩම්මා තනිකරෝම හාමතෙ උන්න කොටි දෙනක් වගේ ....සරමෙන් ඔතලා ගහමුලට විහික් කරලා ආව කිරිබන්ඩියා පිල්කඩ උඩ ඉදන් දෑතින්ම එකට ගුලි ගැහුන කොහොල්ලෑ අදිනකොට යක්සාවේසෙන් උන්න කුඩම්මා මට මයෙ ඉනෙන් පහල දිහා බලාන ඉදලා වහගන් ඔය සොකඩෙ කියනවත් එක්කම මාත් මයෙ ඉනෙන් පහල බැලුවා....

.අපෙ අප්පො.....ඔවුමයි....පරංගි එක්ක හටන් කොරාපු තරම කියන්නෙ මයෙ අබුඩ ලේන්සුව කොහෙවත්.....මෙන් බලාපියව් නොදරු අප්පුවා එලියෙ!!!

කුඩම්මෙ....උඹ මූ ගෙදර අරන් ආවයි .....මූ හොදට ඉන්නවා නේ???මන් හිතුවා මූට මක්කවත් වෙලා ඇති කියලා...ඔය ඉන්නෙ අපූරුවට

ඉදෝකින් ....ඕන් කිව්වා ඕන් කිව්වා කතාවක්...මුගෙ කටට ගෙඩිවත් එන්නෙ නෑනෙ.....ගෙදර අරන් ආවයි කියන්නෙ ...ආ බොල අප්පුවා...තෝ කියන්නෙ නොදරුවා ගහ මුල තියන්ඩ කියලද....ගන් මේ පොල්තෙල් බෝතලෙ....

අරන්???

තොගෙ මලයගෙ ඉහෙ තියන කොහොල්ලෑ ගලවපිය.....

ආ...යස!!!මේ බලාපියව්කො...මේකගෙ කොහොල්ලෑ ගලවන්ඩ මම.....???උඇබ් හිතන්නෙ මට වැඩ රාජකාරි නැතුවා කියලද...???ඇරත් මං මූට කොච්චරවාත් කිව්වද කොහොල්ලෑ ගිලින්ඩ එපාය කියලා...මොකෑ මූ බීරිද .....

දැන් ඉතින් ගිනි පිඹපිය හොරි කහපිය වගේ තමා.....යස!

අප්පුවා...

අප්පුච්චා....මට වලව්වට යන්ඩ තියනවා.....

වලව්වට යන්ඩ මොකො උඹ වලව් හාන්දුරුවොද....බලාපන් කොල්ලගෙ හැටි....ඕක අහක් කරාපන් ....

මයෙ මූන දැන් හෙන ගහපු වරකයක් ගානයි....අරකගෙ ඉහෙන් එකයි කොහොල්ලැ වෙනකොට පිලකඩ උන්න කිරිබන්ඩියගෙ බඩට ඇගිල්ලකින් ඇන්න මං කුඩම්මා දුන්න පොල්තෙල් බෝතලෙත් අරන් ඒකවත් එල්ලගන ඒකව නාවන කොරහා තියන කලගෙඩිපොලට ගියා...(*කලගෙඩිපොල=වතුරකල තියන තැන)

මම්.....මම්....ම්ම්ම්ම්....ම්ම්ම්.....ම්ම්ම්....

ඉදිල්ලාකො ඔහොම.....බලාපන්...උඹගෙ මූන තනිකරම හොර පූසෙක් ගානයි....ඔහොම ඉදු....

වතුර පුරවාපු කොරහ ගාව ඇනතියාගන උන්න මං බිම ඉන්දාගන උන්න කිරිබන්ඩියගෙ ඉහට අර මුලු පොල්තෙල්බෝතලෙන් බාගයක්ම හලලා කොහොල්ලෑ අහක් කරන්ඩ ගත්තා....එක විදිහකට ඉන්ඩ බැරි කිරිබන්ඩියා මං කොහොලෑ ගුලියක් උදුරන උදුරන වාරයක් පාසාම හූ තියන්ඩ ගත්තා.....

ඒකගෙ ඇඩිල්ලත් මේ කෙරුවාවත් උහුලන්ඩ බැරිව උන්න මං අනිත් පාර වටපිට බලලා අරකගෙ කොහොල්ලෑ ඇලුන ඉහකෙයා ගුලි ටික කටින් හප හප එහාට මෙහාට විහික් කරන්ඩ ගත්ත...

මම්....ම්ම්ම්ම්...ඊ....හ්හ්හ්.....හී....

ඩින්ගිත්තක් ඉදිල්ලකො...තව ඩින්ගයි....මාත් නාගන්නෙ නැද්ද...????මට රාජකාරි නැතුවද.....උඹට කොස්කොල තොප්පියක් එපාද????

ඒකා අඩනවා.....කොහොල්ලෑ ගුලි ඇලුන ඉහකෙයා බාගෙට බාගයක්ම බිම වෙනකොට මේකගෙ ඇඩිල්ලයි කොහොල්ලෑ ගුලි හන්දයි ආයම යකා ආවේස උන මං කොහොල්ලෑ ගුලි යකාට දාලා කිරිබන්ඩියව වතුර පුරෝපු කොරහට බැස්සන්ඩ ලැහැත්ති උනා....

මාත් නාගන්නෙ නැද්ද අහ අහම කිරිබන්ඩියව වතුර කොරගට බස්සපු මට ගම ගෙදර මතක් උනා.....වැව් යාන්ගෙට යන පාර වැටිලා තිබුනෙම කුඹුරු ලියදු හේන් මැදින් වෙනකොට ගෙමගෙදර ඉස්සරහා තිවුන වරක ගහ මතක් උනත් හරි.....වැවට යන්ඩ ඕන ගම ගෙදර පහු කරානයි කියන කාරනාව මතක් උනත් හරි වතුර කොරහට ඔබාගත්ත කිරිබන්ඩියව සබනුත් නැතුවම නාවපු මන් වරකෙ සිහියෙන්ම ඒකව නාවල අහවර වෙලා කොරහෙ තිවුන කිලිටි වතුර එක විහික් කොරලා දැම්මා...

කොරහෙන් වීසි උන වතුර අහුර කෙහෙල් පදුර ගාව බිමට වැටුනෙම වරකයක් බිමට වැටෙන සද්දෙන් වෙනකොට මං අහගන ආයම කිරිබන්ඩියා අඩන්ඩ ගන්නවා....

හත්වලාමෙ....වරකෙ සිහියෙන් උන්න මං වතුර කොරහෙ වතුරත් එක්කල කිරිබන්ඩියත් විහික්කොරාපි!!!

කිලිටි වතුරඑක්ක වීහික්කා උන කිරිබන්ඩියා කෙහෙල් ගස් මුල් ගොඩෙ හිරවෙච්චි!

ඊහ්හ්හ්...ඊ.....හ්හ්හ්හ්.....යෑ.....යී....යා...හ්හ්හ්

ආ...හරි...හරි...උඹට ඒ තරම් රිදුන් නෑනෙ.....කෝ...කෝ...නාඩා ඉදින්....උඹල වැටුන් නෑ කිරිබන්ඩියා....උඹලා ඒ පියෑඹුවා!!!

*

*

*

අප්පුවා...මේ මද්දහනෙ වැවට නොයා හවහට අප්පුච්චා එක්ක යන්ඩ හිටපන්....මේකා කොල්ලගෙ කොන්ඩෙ එහෙම් පිටින්ම විනාස කොරලා....ඉදිගොව්වො කාලා වගේ....ඇහුනද.....මේකා මේ මද්දහනෙ වැවට යන්ඩ හදනවා...ඔහෙට බැරිය මූට සැර කොරන්ඩ...

ආ...යස...!!!හරි කෝලිත්තන් තමා.....

සියවතාවක් විතර කියලා කියලා අවසානෙදි අප්පුච්චා ලව්වා ඉස්තිරික්ක කොරගත්ත දුඹුරු අබුඩෙත් තෙක්ක කොලේක ඔතාගත්ත සබන් බාගෙත් අරගත්ත මම උන්නෙ වැවට යන්ඩ ලැහැත්ති වෙගන වෙනකොට ඇදන් දෙදොහක් ඇන්ද සරම් කොටෙත් ගුලිකරන් කිහිල්ලෙ ගහන් අබුඩෙ පිටින්ම ගමට ලක ලැහැස්ති වෙන මයෙ දිහා බලබල කිරිබන්ඩියගෙ කටට තනෙ ඔබන්ඩ ඔට්ටු වෙන කුඩම්මා මයෙ ගමනට තහන්චි දාන්ඩ ගත්තා.....

මෙච්චරවෙලාම රෙදි ඉස්තිරික්ක කොරාපු අප්පුච්චා මං බලාන ආයම අපුල්ලපු රෙදි පොට්ටනියක් ලගට කරගන සෙන්කොට්ටන් කහටින් ඇදුමෙන් ඇදුම අහවලාගෙය....අහවලාගෙය කියන්ඩ හොයාගන්ඩ පුලුවන් වෙන්ඩ සලකුනු කරනවා....

හාමුදෙනට කියන්ඩ ඕන වලවේ කිලිටි රෙදි පොට්ටනියත් මයෙ අප්පුච්චට දෙන්ඩයි කියලා....නිකන් නෙවෙ කාසි වලට කියන්ඩ ඕනා....හහ්.....යස කෝලිත්තන් තමයි නිකන් කොරගන්ඩ ලැහැත්ති උනෝතින්....

අබුඩෙ කරෙ දාගන උන්න මන් කුඩම්මගෙ දෙස් අහ අහ එහාට යනවා මෙහාට යනවා.....මං එහා මෙහා යන වාරයක් පාසාම ඒකිලාගෙ උකුලෙ ඉදන් කිරි උරන කිරිබන්ඩියා මාව දකින වාරයක් පාසාම කිරි ඉරිල්ල නවත්තලා තනපුඩුව කටින් එලි දානවා....

අප්පුවා.....

මොකදෑ....උඹගෙ වැඩෙත් මට අප්පුවා හුප්පුවා ගාග වද දෙන එක...මොකද....උඹට මටත් කිරි දෙන්ඩ හිතුනද....කෝලිත්තන් නන් කරන් එන්ඩ හදන්ඩ එපා...උඹලා දන්නවනෙ කුඩම්මෙ...මේ අප්පුවා කෝලිත්තමට මනාප නෑ...

මේ යක්කු ගස් නගින මද්දහනෙ වැවට නොයා හිටු අප්පුවා...තොට මොකදෑ ඔය තදියම වංගියක් කිව්වනෙ අප්පුච්චා එක්ක යම කියලා....ආන් මං අර වරකෙ මදුල් ගහලා ලුනු ඩින්ගක් එක්ක ගම්බිරිස් ඉස්සා.....

...පස්සෙ පස්සෙ....මට නාගන්ඩ ඕන...!!

ආබොල තොට ඔය තරම්ම ගිරීස්මෙද.....එහෙමවත් අහන්ඩ...වරකෙත් දාලා දුවන්ඩ තරන් තදියම.....ඇත්ත කියාපිය....තෝ ආයම වරත්තු වැඩකට නේද ඔය මාන බලන්නෙ.....???

මං දැන් ආයම එහාට යනවා මෙහාට යනවා....ගම ගෙදර තියෙන්නෙ වැවට යන පාරෙ එක හරි.....වරකා ගහ තියෙන්නෙත් ඉස්සරහම එකත් හරි...ඒත් මේ වෙලාවෙ ගමයා උන්නොතින්????ඔකොටම හපන් අර දඩෝරියා.....

ඇරත් කොච්චරවාත් රතු හැට්ටකාරි වගෙ රතු හැට්ට විතරක්ම අදින ගම දෝනියැන්දා.....ඕකිගෙ වැඩෙත් මල් ගස් අස්සෙ රින්ගන් සාත්තු කොරන එක....

සරම අරන් ගියෝතින් අඩියට දෙකට පාත තියාන වරකයක් හරි බලලා කඩාගන සරමෙන් ඔතාගන්ඩ පුලුවන් ....

.ඇයි බොල අප්පුවා....එක තැනක හිටුකො.....මේකා දැන් සියවංගියක් තනෙ එලියට දැම්මා...දරුපැටියට කිරි කදුලක් පෙවුන් නෑ...ඒකා තෝ මායන් වෙනවා බල බල හුලන්මයි බිව්වෙ....

ආ...යස!!මූ මක්කටද මයෙ දිහා බලන්නෙ...මොකො මං අසෝකමාලද?????නැත්තන් වෛජන්තිමාලද...???

තොගෙ කට නැත්තන් බල්ලොත් ඇදන් යනවා...!!ඇහුනද ඒයි.....මේකාගෙ කටෙ තරම....

ම්ම්ම්ම්ම්ම්....මයෙ පුතා කුක්කු බොනවයි.....??????

මං රවාගත්තා....වැවට යන්ඩ හදන මාව කුඩම්මගෙ වැඩේම නවත්තන්ඩ හදපු එක වෙනකොට මෙච්චරවෙලාම රෙදි පොට්ටනියක් එක්ක ඔට්ටූ උන අප්පුච්චා අනිත් පාර කිරි බන්ඩියට කිරි දෙන කුඩම්මා ගාවින්ම ඉදගත්තා....

කකුලකුත් වන වන..හැට්ට කර අස්සෙන් අනිත් අත්පොඩිය ඔබාගන කිරි උරන කිරිබන්ඩියා තලු ගහන්ඩ ගන්නකොට මං බලාන අප්පුච්චා ඒකගෙ මූනට වගේම කුඩම්මගෙ මූනට එබිලා උකුලු මුකුලු කෙරුවා...කෝලිත්තන්...කෝලිත්තන්....

තනිකරෝම කෝලිත්තන්...යස...මේ දෑහට ඔව්වත් බලන්ඩ උනානෙ.....!!!

බල්ලො ඇදගන යනකන් ඉන්නවනෙ දීගන. ....කෝලිත්තන් ....මේ ..උඹලා මං ඉන්න තැන නම් ඇදලා පැදලා කතා කර කර කෝලිත්තන් කරන්ඩ ලැහැත්ති වෙන්ඩ එපා....මයෙ බඩ කකියනවා උඹලා මුකුලු වෙනකොට....

...අප්පුවා...මයෙ පුතා මෙ මද්දහනෙ නොයා හිටපන්.....උඹට මොකද ඔය නාගන්ඩ තදියම අද ....???

මාව කහනවා...ඇරත් මයෙ අමුඩෙ හෝදගන්නෙ හෙටද???මයෙ මනාපයක් නෑ දුඹුරු පාට එක අදින්ඩ...මං මනාප රතු එක අදින්ඩ.....කුඩම්මෙ....

හ්ම්ම්ම්ම්....

උඹලට බැරිද මයෙ අබුඩෙට වරකයක් මහල දෙන්ඩ....වරකයක් අමාරු නම්.....බෑවක්...ඒත් බැරි නම්...මදුලක්වත්????

මොකාද බොල අබුඩෙට වරකා මහන්නෙ.....මලක් මහල දෙන්නම්....

යස...!!බොලාලා නම් ගොන් තැබ්බක්...මං කොල්ලෙක්...නිකන් නෙවෙ...ගමෙ කොල්ලෙක්.....කොල්ලො කවද්ද බොල අබුඩෙට මල් මැහුවෙ....මං කිව්වෙ අප්පුච්චා මේකි ගොන් නෑම්බියක්...මෙකි හරියන්නෙ කෝලිත්තමටම තමයි ආය!

කුඩම්මා ලව්වා අමුඩෙට වරකයක් මස්සගන්ඩ හදාපු මං අඩියට දෙකට ගෙට දුහලා පෙට්ටගම අවුස්සන්ඩ ගත්තා.....මේ බොලේ රබානක්...!!!

පෙට්ටගම අවුස්සපු මට රබානකුත් හම්බෙනකොට රබානත් කිහිලි ගහගත්ත මං පෙට්ටගමත් තව අවුස්සලා අවුස්සලා අලුත් සරමකුත් ගුලි කරන් අනිත් කිහිල්ල අස්සට හිරකරන් ඒ පිම්මෙම එලියට දිව්වා.....දිව්වා කියන්නෙ අච්චර යන්ඩ එපා එපාමය කියන හන්දම වැටකඩුල්ලෙනුත් එලියට පැන්නා...

පැන්නත් හරි ...මේ අප්පුවට සැනසීමක් නැති හැටියක්.....ආයම කුඩම්මා කතා කොරාපි

අප්පුවා.....

මොකදෑ...අප්පා..මොකදෑ.....මං උඹගෙ වාහෙද කොයි වෙලෙත් අප්පුවා ගගා මායන් වෙන්නෙ.....

........ආන් දෙල් හොද්ද හදන්ඩ ලැහැත්තිය.....උඹලට කෑල්ලක් දෙකක් තම්බා තියන්ඩද පොල් ඩින්ගක් එක්ක කන්ඩ????

පොලුයි දෙලුයි .....

සරම් දෙකම කිහිලි දෙක අස්සෙ ඔබාගන උන්න මං වැට කඩුල්ල ගාවදි පිපිරුවට මොකද කුඩම්මා දෙල් තම්බලා පොල් ගාලා තියන්ඩද අහනවත් එක්කම මෙච්චරවෙලාම බක් මහට පුපුරන රතිඥ්ඥයක් වගෙ පුපුරාපු මන් එක තත්පරේට පුස් වෙඩිල්ලක් ගානට නිවුනා...

මේකිලාට බැන්නට පව් අප්පා...ඉදහිටක බැන්නට මේකිලා මට පන ඇරලනෙ.....

වැටකඩුල්ල ගාව උන්න මං තනි අන්ඩකින් හිටගත්තා ..අනිත් අන්ඩෙන් වත්ත මැදින් වැටුන අඩිපාර පුරාවටම බලි කුරුට්‍ට ගහන්ඩ ගත්තා....

කෝ....ලි....ත්...ත....න් තමයි නේ....හ්ම්...හ්ම්...මනාපයක්...

.........

උඹලට බත් පතට මිරිස් කරලකුත් බදින්ඩදයි???

..............කුඩම්මෙ.....ඔන්ම ඔහෙ අබුඩෙට මලක් මහපන්....හැබැයි ඉතින් අනන් මනන් මල් නම් එපා....වරක මලක් මහපන්...!!!

උඹ ඔය රබානත් කිහිලි ගහන් කොයි යන්නෙ.....අප්පුවා..බොල අප්පුවා...තෝ රබානත් එක්ක කොයි යන්නෙ ??????

රබන් සුරල් කියන්ඩ...!!

*

*

අනන් මනන් මල්ජාති නැතුව මයෙ අමුඩෙට වරක මලක් විතරක් මහන්ඩයි කියලා කුඩම්මා දිහාට විරිත්තාපු මං රබාන ගෙනියන්ඩ එපා කියන්ඩ කියන්ඩ ඒකත් කන් නොගෙනම ගමගෙයි වරකා ගහට කොටන්ඩ බලාන අඩියට දෙකට වැවට දුවන්ඩ ගත්තා.....

හතර දික්බාගෙම කොලම කොලපාටයි....කොයි අහින් බැලුවත් ගස්කොලන් මැදින් විරාජමාන වෙන එක්නැලිගොඩ වලව්ව!ළඟ එන බක්මහට සැරසෙන ගහකොලවල ළපටි පලදාව...රතේ රත ගහන එරබදු මල් අහුරු....වැටමාර යාන්ගෙ වැහෙන්ඩ පිපුන දම්පාට ගත්ත වැටමාර මල් පොකුරු...

එරබද්දක.....පුහුලන් ගහක වහපු ලින්ගික කාරිය කොරන්ඩ එන්ඩයි ගගා නහින්ඩ හදන කොහාගෙ බෙරියම මේ හැමදේකින්ම පිරුන දිවිය විමානෙම පරදවාන යන ගම්බැද්ද විසි හතර පැයම ජීවිතේ ගැන වගේ වගක් නැතිව හුස්ම ගන්න අප්පුවා නම් උන මාව සැනසීමෙන් තියනකොට කුඹුරු කට්ටිය මැදින් වැටුන ලියද්ද දිගෙ එමින් ගමන් ඈත ගහක වහලා උන්න කොහා එක්ක තරගෙට උක්කූක් කියන්ඩ ගත්තා...

උක්කූ....හ්.....

කූ....හ්හ්හ්.....

උක්...කූ.....හ්හ්...

කූ......හ්හ්

.

ඒකා එහෙන් කෑගහනවා.....අබුඩෙ පිටින් ලියැද්ද දිගෙ එන මං මෙහෙන් බෙරිහන් දෙනවා....ලියද්ද දිගේම උක්කූහ් ගගා ආව මං ගමගෙදර පේන ඉසව්වෙදි උක්කුක් ගෑම නැවත්තුවා...වෙන මක්කටවත් නෙවෙ මේ මුලු ගම් හතම අප්පුවගෙ කට සද්දෙ අදුනනවා...

අප්පුච්චයි කුඩම්මයි හවහා යමන් හවහා යමන් ගෑවට ගමදෙනයි ගම දෝනියැන්දයි හවහට කුසියෙ ලගිනවා කියලද...??අනික මහ ගමයා....ඕකා අර දඩෝරියා එක්ක හවහට කොහෙවත් නොයා ගෙදරම තැපන් ඉන්නවා...එතකොට කොහොමැයි මං වරකෙ බාගන්නෙ....එවුන් දන්න ඉටිගෙඩිය!!

ගම ගේ දැක්කත් හරි මයෙ මූන වලේ ඉන්න නරියටත් අන්‍ත උනා ....ලියැද්ද දිගේ සීරුවට ආව මං තියන අඩියක් ඉස්සරහට තිබ්බෙම වටපිට විපරන් කොර කොර වෙනකොට වරක ගහ දැක්කත් හරි මාව නිවන් යන්ඩ ආවා...

වරකා කද දැක්කත් ඇති මාව නිවන් ගියා....

පාතම තිබුන වරකෙ පුසුඹ නාහෙට දැනුනත් හරි මට මින් එහා යන්ඩ නිවනක් හොයන්ඩ නැති උනා....

වට පිට බලබලම ආව මං හොරා වගෙ නැමි නැමි ගම ගෙදර ඉනිවැට ගාවට දිව්ව...ගස් අතු අතරෙ මුවා උනා....

"ආ බොල බොන්ඩියෙ...තෝ මේ ආකාර මෝඩද කියාපිය....තෝ මෙ ආකාර මෝඩද කියාපිය .....බලාපිය සුද්ද කරාපු ළූනුවෙන් බාගයක්ම පොත්තට ඇරලා....ඔහොම ගියෝතින් නම් තොට හිරේකට යන්ඩ වෙන්නෙ අර බබා නිසාගෙ උපන්ගෙයි මෝඩයා උන අප්පුවා එක්ක....සුදි කර කර හිටපිය...බතක් මාලුවක් උයාගන්ඩ වත් ඉගන නොගෙන ඔහේ ඉදපිය ඉබ්බි වගේ...

ඌයියා...නිකකා ඉන්ඩකො අම්මා...ඉහටම අනින්නෙ....ළූණු පොත්තෙ මොක සුද්ද කරන්ඩද????

බලාපිය....මේක කොහෙද බොල පොත්ත වෙන්නෙ...??තෝ වගේ ගොන් දෙනක්.....

තෝව ගන්නෙත් අප්පුවා මයි....තෝව දෙන්නෙත් අප්පුවටමයි

අර මොකද ගම නැන්දා අරකිව මට පූට්ටු කරන්ඩ යන්නෙ යස!කෝලිත්තන් මේකිගෙ....අනෙ...මට ඕකි මොකටද???

සරම් දෙකත් රබානත් කිහිලි ගහන් රතු අබුඩෙ පිටින් වැට අස්සෙ රින්ගාන එබීගන ගම ගෙදර වරකා ගහෙ පාතම තිබ්බ වරකෙට උරුම්පූට්ටු වෙවී උන්න මට ගමගෙයි පිලිකන්නෙන් ඇහුන ගම මහදෙනගෙයි ගමදෝනිඇන්දගෙයි බෙරියමත් එක්ක එබීගන උන්න එකත් අමතක වෙලා ඉද්ද ගැහුවා වගේ හිටගැස්සුනා....මාන බලන් උන්නෙ වරකෙටයි කියන කාරනාවත් අමතක උනා....

ගම දෙන හදන්නෙ අරකිව මට පූට්ටු කරන්ඩ...

ගමදෝනි ඇන්දා මට දෙන්ට????යස...ඒකිලාව මයෙ කරෙ ගහන්ඩ...යස කෝලිත්තන්නෙ මේවා....!!!මං ඕකිගෙනියලා මක්ක කරන්ඩද වදෙ...මං පරංගි හටන නටනකන් ඕකිට යුද්දෙටත් ඇවිත් සින්දුව කියන්ඩ තමා වෙන්නෙ ...

ගමදෙන අරකිලාට දෙස් තියාගනම ඉන්නවා...අරකිත් මං අහගන එකට දහයක් කියනවා...ඔක්කොටම වඩා පැනිබේරෙන පැනි වරක පුසුඹ මයෙ රහ නහර අවුස්සනකොට කිහිලි ගහන් උන්න රබාන අතට අරන් රබන් දාරෙ වටේම ඇගිලි තුඩුවලි පිරිමැදපු මට නිතරදෙවේලෙම රතු හැට්ට අදින ගමදෝනි ඇන්දගෙ රවුම් මුනටත් වඩා මතක් උනේම ගමදෝනිව පූට්ටු කරගත්තොතින් දවසගානෙම ගිලින්ඩ හම්බෙන වරකා ගැන වෙනකොට වරකයක් වෙනුවෙන් කොහෝම හරි මන් ඕකිව පූට්ටු කරගන්නවමයි කියන කාරනාව තරෙම හිතාගන රබානට තට්ටුව දදාම මන් වැටකඩුල්ල පැන්නා.... ..

ඕකි පූට්ටු කරගන්න එක මට ලාබයි එකාතකට....ඔකිය මං වගේ එකෙක් හම්බෙයිද ආය මලාට????

දින් තක....දින් තක .....දින් තක තක තක.....!!

රබාන අතේ තියාන උන්න මං හීන් සීරුවට රබන් තාලෙ ඇල්ලුවා...පිලිකන්නෙන් ඇහෙන ගමදෙනගෙ ගෝරනාඩුව එන්ඩ එන්ඩම වැඩිවෙනවා මිසක අඩුවක් නොඑනකොට මං අහගන ගමදෙන කියනවා ලැහැත්ති වෙය අප්පුවා එක්ක දීගෙට යන්ඩ කියනවා..ඒ එක්කම වරකා ගහ දිහා බලාපු මන් පැනි වරකෙ දිහාට නැවිලා ආචාර සමාචාර කෙරුවා.....

ආන් ඉන්නවා ගමදෝනියැන්දා ....නිකන් නෙවෙ අදත් රතු හැට්ටෙ පිටින්!!! ඒකිලා අදින්නෙම බෝරිච්චි කොරාපු අත් ආව රතු හැට්ටෙත් මල් මල් වැට්ටුන රතු චීත්තපටත් වෙනකොට රාබානට තට්ටුව දදා උන්න මං මයෙ අමුඩෙ දිහාව බැලුව...

මාත් රතු....ඒකිලත් රතු....පැනි වරකෙත් රතු...ගමදෙන කිව්ව නම්...මේකිලා මට දෙන්ඩම වෙනවා....වචන නම්...වචනනෙ ආය!!කෝලිත්තන් කොරනවද කැකුලු හිත් පොඩි එක්ක????

දින් තක.....දින් තක.....දින් තක....තක තක...

කැකුලු දසන් විදහලන විරිත්තාපු මං කොන්ඩ ගෙඩියත් ගහන් කුල්ල උඩ දදා හාල්ද කොහෙදො පොලන ගමදෝනි ඇන්දට ඇහෙන්ඩත් එක්ක රබානට තට්ටු කොරන්ඩ ගත්තා....ඒ විතරක් නෙවෙ මං ඒකිලාට මයෙ ගායන හැකියාවත් පෙන්නන්ඩ ගත්තා.....මාව දැක්කත් හරි අරකිගෙ හාල් පෙලිල්ල නැවතුනා.....

හත්තිලව්වෙ ඒකිලා අතින් කුල්ලත් බිම වැටිච්චි....!!

හිටු මං තෝ හිරේට අරන්මයි නවතින්නෙ!!!

රන්කදක් වගේ මේකිගෙ මූන

රත්තරන් ....

දෙනතකත් වගෙ හරියට මක්කදො

අගෙයි....

හොල්ලලා ගමන් යනකොට තම් දෙනත්

තනම්‍ රෙකතන්

තට්ටමෙන් කියයි මේකිගෙ "ගාය කොයි තරම්"

ගමනැන්දෙ....මේන් මනමාල හපුවා ආවා...!!!

අනෙ අම්මා.....හ්....මේන් අර තක්කඩි අප්පුවා!!!මේකා රබන් කෙලිනවා අම්මාහ්...!!!

අබුඩෙ පිටින් රබානට තට්ටු කර කර උන්න මාව දැකපු ගමදෝනියා කුල්ලත් බිම දාලා බෙරියන් දීගන කුසියට දිව්ව....ඒත් මේ අප්පුවා නෙවෙ කටට ආව සින්දුව නැවැත්තුවෙ....

කප්පරක් ගැණු උන්නත් මේ වගේ ළදක්

කොයි ඉසවුවකින් ආවද මේක හීනයක්

කන් කරච්චලෙන් බේරිලා ඉන්න තව ටිකක්

දෙය්යනේ .. නොන්චි මේ ලඟින් නැති එක

පූරුවේ පිනක් ...

අප්පුවා....ආබොල තෝ මොකද මේ නටන නාඩගම????

රන් කන්දක් වගේ මේකිගේ මුණ රත්තරන්

දෙනතකක් අගේ හරියට මක්කදෝ වගේ

හොල්ලලා ගමන් යනකොට තම් දෙනාත් තනම්

රෙගතන් .. තට්ටමෙන් කියයි

මේකිගේ ගාය කොයිතරම්

ඇයි උඹලනෙ කිව්වෙ මේකිව මට දෙනවයි කියල....මේන් උඹලගෙ මනමාල හපුවා ආවා ගමනැන්දෙ!!!

අනෙ අම්මා...මේකා මක්කද මේ නටන නාඩහම...රතු අබුඩෙත් ඇදන් මූ නටන නාඩගම බලන්ඩ ලැජ්ජයි අම්මා.....

ආබොල අප්පුවා...තෝ මේ ආවෙ ගෑනු ගන්ඩ අහන්ඩද?????.

නැතුව....උඹලනෙ කිව්වෙ තෝ ගන්නෙත් අප්පුවටමයි....තෝ දෙන්නෙත් අප්පුවටමයි කියලා....

මං දැන් නටනවා....රබාන අතේ තියාගන දින් තක තක ගගා තාලෙ අල්ල අල්ල කුසිය මිදුලෙ උන්න ගමදෝනියැන්දත් ගමදෙනත් ඉනට අත් දෙක තියාන උන් දෙන්නා වටෙ කැරකි කැරකි ඒකිලාටත් උත්තර බැද බැද මං අර සින්දුව කිව්ව....

තුන් පොලේ අඩවූ අල්ලන නොන්චිගේ කටේ

සවුදමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ

මේ වගේ පින් කඳක් ලඟින්

මට ඇළ වෙන්න නෑ පිනක්

අම්මප ..නොන්චිලා දාහක් පරදන මේක රන් කඳක්

එක දෙකක් උනේ මෙන්න මේ ඖෂදේ බලෙන්

දෙක උනත් ඉතින් හතරක් වෙන්නෙ මේවයි න්

තුන් පැ යක් වදෙන් බේරිලා නොන්චි කෝලමෙන්

ඇත්තමයි මන් උනත් ඉන්නේ

මෙන්න මේ ඖෂදේ බලෙන්

නොන්චිගේ කටින් කවදත් ඇහුවේ නෑ හොඳක්

ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්

මන් ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්

උන්දැගේ මේ වදෙන් අනේඅම්මපනැ තොලොන්චියක්

පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනී

වළදනා කෙනක් එත්නම් දෝස නෑ අපෙන්

මේ පනික්කලෙත් ඕවට රුන්ද ගති ගතං

එඋනත් නොන්චිගේ කණේ

වැටුනොත් කම්මුතුයි මමත්

තුන් හිතෙන් හිතුවෙ නෑ මම මේවගේ දෙයක්

බීමතින් යමක් කිවුවද මට සමාවෙයන්

කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං

මගෙ නොන්චි රං කදේ

මගේ නොන්චි රන්කදේ අපි දැන් ගෙදර යන්න යං

කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං

මගෙ නොන්චි රං කදේ

මගේ නොන්චි රන්කදේ අපි දැන් ගෙදර යන්න යං

අනේ මගේ නොන්චි රන්කදේ

අපි දැන් ගෙදර යන්න යං

හනිකට නොන්චි රන්කදේ

අපි දැන් ගෙදර යන්න යං

කැරකිල නොන්චි රන්කදේ

අපි දැන් ගෙදර යන්න යං

හනිකට නොන්චි රන්කදේ

අපි දැන් ගෙදර යන්න යං

ැරකිල නොන්චි රන්කදේ

අපි දැන් ගෙදර යන්න යං

කැරකිල නොන්චි රන්කදේ

අපි දැන් ගෙදර යන්න යං....

.අහවරද තොගෙ කෝලම දැන්????

අහවරයි....ඉවරයි කිව්වට...ඉවරමත්....නෑ.....

මගෙ රබන් ගැහිල්ල අහවර උනා...මගෙ දිහා බලාගන මටත්වඩා වැඩිමාලු උන ගමදෝනියැන්ද්දා ලැජ්ජහෙ බෑ ගාගන ගෙට දුවද්දි ඉනට අත් දෙක තියාගන උන්න ගමදෙන මගෙ කෝලම අහවරද අහනකොට වරක දිහා බලාගන ඉවරමත් නෑය කිව්වා.....

උඹ දැන් දෝනිව මට දෙනවද නැන්දෙ????

ආ බොල.....තෝ මගුල් තුලා කතා කරන්ඩ ආවෙ අබුඩෙ පිටින්ද ????අබුඩ පිටින් ගෑනු ඉල්ලන සිරිත් තියනවද????

......ආ යස !!නැත්තෙ මොකද...මේ තියෙන්නෙ...මොකෑ...මං ආය කෝට් බෝට් ගහන් එන්ඩෑ....මං මේකි හිරේට ගන්නවා.....හැබැයි කොන්දේසියක් පිට....

...............

වෙන මක්කවත් එපා.....මට වරක ගහ ඕන...!!

දෝනියැන්ද එක්ක තොට වරක ගහද ඕන...???ගමරාල දැන් ගෙදර නැතුවා....ඉන්න වෙලාවක ඇවිත් තොගෙ ගෑනි ගන්ඩ අහපියකො එහෙනම්...

ගම දෙන දිහා බලපු මං ඒකිලාටත් විරිත්තලා ගෙටදුවාපු එකී කොයි ලෝකෙ මකබෑවුනාද කියන එක වත් නාහම පිම්මෙ වරකා ගහ ගාවට දිව්වා...දූවලා ගිහින් පැනි බේරෙන වරකෙ දැතින් බදාගන ඉඹගත්තා...

බොලා පරෙස්සමට ඉන්ඩ ඕන තේරුනාද....අරකි නැතත් කාරි නෑ....මට බොලාව නම් ඕනමයි.....!!

*

*

*

*

රන්කදක් වගේ....මේකිගෙ මූන...රත්තරන්...දෙනතකත්....වගෙයි.....හරියට...

මේ අප්පුවා ලමයනෙ.....අප්පුවා කොහෙද මේ මද්දහනෙ යන්නෙ...???

ගමගෙදර වැටකඩුල්ල පැන්නත් හරි....වැව් යාන්ගෙ ලන්වෙන්ඩ වෙන්ඩ වැවෙන් එන් හුලන් කැරල්ලෙ සුව විද විද ආව මන් තට්ට තනි මගෙ පාලුව මකාගන්ඩත් දෑවැද්දට හම්බෙන වරක ගහ ගැනත් හිත හිතෝම ඒ සන්තෝසෙටම ආයම සින්දුව මුමුනන්ඩ ගද්දි මයෙ ඉස්සරහට ආයම වන්ගියක් එක්නැලිගොඩ හාමුදෙන මුලිච්චි වෙච්චි....

නිකන් නෙවෙ මයෙ මූනටම අර දොර පියන වහපු සුදුමහත්තයා කියන හාදයත් එක්ක....

හමුදෙන මගෙන් වගතුග අහනවා....ඒත් මයෙ ඇස් තිබ්බෙම මයෙ ඉස්සරහා උන්න අර සුදුමහත්තයා කියන එකාගාවට වෙනකොට මං ඒකගෙ උඩ ඉදන් යටටම බැලුවා....

මූ මොකඩ රෝදපූට්ටු කරාපු පුටුවක කරන්නෙ...මුගෙ කකුල් කැඩිලා වත්දො....???

මං හිතුවා හරි එහෙනම්...මූට අපස්මාරෙ....!!!

ආ අප්පුවා ලමයො...අප්පුවා ලමයා කොහෙද මේ යන්නෙ....

හාමු දෙන ආයම මං යන දිහාව අහනවා.....හාමු දෙන නම් සිරියාවයි ..ඒකිලා හිනා වේගනම මගෙන් යන එන තැන් අහනවා...ඒත් මං අහන්නෙ මූට මක්කද වෙලා තියන විලම්බීතෙ????

ආන් බලාපිය....ආන් බලාපිය මුගෙ කනක් ගිනි ගන්නවා....ඊටත් මක්කද මූ මේ දත්මිටි කාගන ඉන්නෙ....ආන් බලපියකො මූ අර පුටුව මිරිකනවා....

මයෙ හිතෙ මූට පනු ගාය.....පනු ගාය ගැහුවමත් ඔය දත්පූට්ටු කරනවා කියනවනෙ.....

මගෙ දිහාවත් නොබලා රවාගන වගේ අහල බලාගන උන්න සුදු මහත්තයා කියන එකාගෙ මූන ඉස්සරහටම එබුන මං උගෙ මූනටම විරිත්තලා කිරි බන්ඩියට අනිනා වගේම ඒකගෙ මූනටත් ඇගිල්ලකින් ඇන්නා විතරයි මේන් බලාපියලො මූ මයෙ දිහා කන්ඩ වගෙ බැලුවා....

පව් අප්පා.....මූට අපස්මාරෙ !!!ඊටත් මේ මද්දහනෙ මුගෙ ඉහත් කරවෙනවා ඇති...

අරූ රවනවා.....දත්මිටිකනවා...පූට්ටු වෙනවා...ඒකට ඒකගෙ පාඩුවෙ පූට්ටු වෙච්ච කියලා හිතාගත්තට මොකද රෝද පූට්ටු කරාපු පුටුවෙ ඉන්නෙ ඒකා ගැන දුක හිතුන මන් මගෙ කිහිල්ලෙ ගහන් උන්න කිලිටි සරම අරන් ඒකගෙ ඔලුවෙ ඔතලා මයෙ දිහා බලන උන්න හාමුදෙන දිහාට හැරිලා විරිත්තුවා...

මුගෙ ඉහ රදෙ අල්ලා ඉහ පුපුරයි ....මං ගියේද....මං ගියා මගෙ ගෑනි ගෙදර....!!!!

ගෑනි ගෙදර!!

👉👈🙂🙂🙂🙂

THANK YOU

More Chapters