WebNovels

Chapter 2 - 02

උගුරැස්ස ගෝනි බාගයක් එක්ක පුවක් පට්ටයක්????

මං බලාගන උන්නා.....ටසල් බසල් එල්ලෙන ලෝන්ස් එක ඇදන් උන්න එක්නැලිගොඩ මහ හාමුවා මං කියාපු එකම අපිට කියන ගමන් බෙල්ල මුලින්ම කොන්ඩෙ කපාගන උන්න මහ මැනිකෙ දිහා බැලුවා....

එකාතකට මං ඉල්ලුවා වැඩී වත්දො.....???වෙන්ඩ බෑ....වෙන්ඩ බෑ.....තේක්ක කොල ගොටුවකටම උගුරැස්ස ගෙඩි අල්ලන්නෙ පහ හයයි....ඒකත් සත විසිපහටනෙ පොලෙ එකා විකුනන්නෙ....ඕකගෙන් මං කී දොහක් සත් දහයකට ගෙඩි දෙකතුනක් ඉල්ලුවද....දුන්නද....දුන්නද...නෑ....ඕකා දුන්නෙම නෑනෙ..... හෙට්ටු කර කර උන්නා මිසක් ඕකා දුන්නෙම නෑ....හිටපන්කො.....මට උගුරැස්ස ගෝනි බාගයක් හම්බුනෝතින් මං අනිද්දට උඹට එහපැත්තෙම්ම උගුරැස්ස වෙළඳාම් කරනවා...හිටපන්කො...

ඇරත් මේ වලව්ව මොනතරම් ලොකු ඇතිද.....

මයෙ අප්පුච්චා කිව්ව හැටියට මං මයෙ අම්මගෙ බඩගෙඩියෙ ඉන්න කාලෙලුනෙ මෙවුන් මේ වලව්වෙන් තොලොන්චි වෙලා ගියාය කියන්නෙ...එතකොට නම් මේකලාටත් කොලුගැටයෙක් උන්නලු.....මන්දා ඒකා ලොකු ගැටයෙක්ද පොඩි ගැටයෙක්ද කියල...

බාගවෙලාවට ඕකත් ඇවිදින් ඇතිද...??

මට වැඩක් තියේ වෑ ඔව්වා...ඒකා ලොකු ගැටයෙක් උනත් පොඩි ගැටයෙක් උනත් මයෙ මොකො....ආ දෙන්කො ඕකා මා එක්කලා කෝලිත්තන් කරගන....මේවා මං නිතර දෙවේලෙ ආ ගිය පාරවල්...මේවා මං නිතර දෙවේලෙ ගඩාගෙඩි රහකොරාපු තැන්...ඕකට පුලුවැනිද මට හයිරන් කාන් පාන්ඩ...බෑනෙ.....මේ ගම් තුලානෙ මොකාවත් එනවද අප්පුවට සද්දෙ දාන්ඩ .....??

ඔක්කොටම කලියෙන් කියන්ඩ ඕනා ඕකට මා එක්කලා කෝලිත්තමට නම් එන්ඩ එපාමය කියලා...මොකද මට හුගා....ක් තරහා යනවා...හ්ම්...

ඒකා දැන් ලොකු ගැටයෙක්ද වෙලාද දන්නෙ නෑ.....

බාගෙ වෙලාවට ඒකත් මං වගේ ගඩා කුමාරයෙක් උනොත් තමයි කෙලිය වෙන්නෙ...ඒකත් මං බලාගන්නම්කො.....

උගුරැස්ස ගෝණි බාගයක් එක්ක පුවක් පට්ටයක් ඉල්ලුවත් හරි එක්නැලිගොඩ හාමුවයි හාමුදෙනයි මේ වෙනකොටත් කොහිල්ලෑ ගුලියක් වෙලා උන්න කිරිබන්ඩියා දිහා බලාගන මක්කදො මක්කදො කුටු කුටු ගගා ගනුදෙනුව ගැනදො කිචි බිචි ගානකොට පිටින් මිසක්ක පන කෙන්ද ගැහෙන තාක් කාලෙකට එක්නැලි ගොඩ වලව්ව ඇතුලාන්තෙ මොනපාටද හීනෙකින් පවා නොදැක්ක මන් වලව්ව දිහා බලාගනම ආපිට වරකෙ ගාවින් ඇනතියාගත්තා.....

කිරිබන්ඩියා කොහොල්ලෑ නානවා...මූව නම් අද ගලෙ අපුල්ලලා වත් මේ කොහිල්ලෑ ටික යවාගන්ඩ බෑය කියන්ඩ සිකුරුයි.....

ආය මං මක්කොරන්ඩද....මූට දැන් මං වංගියක් කිව්වනෙ කොහිල්ලෑ කන්ඩ එපාය කියලා.....මූට මොකෑ සින්හල බැරුවයි.....

ඉදා.....ආ ගාපන්...යෝ...අන් බොලාට කිවානෙ නේ කොහොල්ලෑ කියන්නෙ කන ජාතියක් නෙවේය කියලා...අහවල් කාරනාවටද උඹ මේ වරකෙ දිහා නොබලා කොහොල්ලෑ ගිලින්නෙ....

මං කිරිබන්ඩියගෙ බඩගෙඩියට ඇගිල්ලෙන් යන්තමට අනින ගමන් මං ඉස්සරහ දත් ඇන්දෙන් හපකරාපු වරකා මදුල කිරිබන්ඩියටගෙ ළපටි දෙතොලට තියනවත් එක්කම අනෙ මු කුඩම්මගෙ තනෙ උරන්නා වගේම මං හපකරාපු වරක මදුලෙ ඉස්ම උරන්ඩ ගත්තා....

මූව අනන්තවාත් මගෙ අතින් වැටිලා ඇති.....ඒත් මූට මං ආදරෙයිනෙ....අප්පුවට ඉන්නෙත් මූ විතරනෙ....

ඔය මදෑ.....උඹට මෙව්වා ඕනාවට වඩා ගිල්ලලා අගුන උනෝතින් මං එපැයි උඹගෙ බඩේලිය අදින්ඩ.....

මං මයෙ පිට අල්ලෙන් කිරිබන්ඩියගෙ ළපටි දෙතොල පිහිදැම්මා....ඒ විතරක් නෙවෙ තාමත් මක්ක මක්කදො කිචිබිචි ගාන අර එක්නැලිගොඩ මහ එවුන් දිහාව බලාන වරකා නූලක් කටේ ඔබාගත්තා...

මෙවුන් මට නිස්කාරනෙ සුනන්ගු කොරනවා....එක්කො දෙන්ඩ මනාපනම් දෙනවැයි කියන්ඩෝන.....කිචිබිචි ගගා හිනා වෙවි මේ මොනාකාර කෝලිත්තමක්ද....

කිරිබන්ඩියාබිම ඉද්දිම මං ඒකට කලියෙන් වරකෙ අරන් මයෙ උරිස්සෙ තියාගත්තා.....ආයම වන්ගියක් කිරිබන්ඩියා වඩන්නා වගෙ වරකෙ වඩාගත්තා....

මට දැන් ආයම ඌරු කේන්තිය....මෙවුන් දෙන්නා දෙන උත්තරයක් දෙන්නෙත් නෑ මදිවට පරදේසක්කාර කාක්කො රැල මයෙ රත්තරන් වරකෙට වැල වෙන්ඩම කොටලා කාබාසිනියා කරලා තියෙද්දි කිරිබන්ඩියා වඩන්නා හා සමානව වඩාගත්ත වරකෙ පාතට වැක්කෙරෙන්ඩ ගත්තා....

බොලාලා මට හරි හමන් උත්තරයක් දෙනවද නැත්තන් මං යන්ඩද....මොකෑ මට කියලා රාජකාරි නැතුවද...උඹලගෙ කෝලිත්තම මං දැන් කීයෙ ඉදන් බලාගනද...

මෙච්චරවෙලාම උත්තරයක් බලාගන උන්න මං බැරිම තැන කකුල් දෙකටම ලෝන්ස් එකක් ගහන් ඉන්න බෙල්ල මුලින්ම කොන්ඩෙ කපාගත්තා මදිවට මී හරක් මස් ගිල්ලා වගේ තොල්පටට රතු උලාන උන්න මහ මැනිකෙ දිහා බලාගන පොලවට අඩි ගැහුවා විතරයි උන් දෙන්නගෙ කිචිබිචි කෝලිත්තම අහවර උනා.....කොටින්ම එක්නැලිගොඩ වලව් හාන්දුරුවො මෙච්චරවෙලාම පපුවට බැදන් උන්න අත් දෙක එක සීරූවට පාතට දාගත්තා...

මං හිතන්නෙ ඒකා මට බය උනා.....

ඒකනෙ...මං කිව්වනෙ...මේ අප්පුවගෙ තරම.....!!!

අප්පු මහත්තයට තරහා යනවනෙ හරියට....

වා...වා....මං කීවනෙ වංගියක් අප්පු කිව්වම හෙලුවෙන් වගෙ....අප්පුවා

අ..ආහ්...හරි හරි ..අප්පුවා කේන්තිකාරයෙක්නෙ....

......කෝලිත්තන් කර කර ඉන්නද්දි ඌරු කේන්ති යන්නෙ නැතුවෑ...මට මේ තැන තැන ටැග් ගැහෙනවට වඩා රාජකාරි තියනවා.....

.......ඒකත් එහෙමයිනෙ....අප්පුවට වැඩරාජකාරි ඇති කියන එක මටයි මැනිකෙටයි ගානක් නැති උනා අප්පුවො.....දැන් අප්පුවගෙ ගාන උගුරැස්ස ගෝණි බාගයයි පුවක්පට්ටෙයිද...ඒක මදිනැද්ද අප්පුවො....

ඈ....මොකක්දෑ.....??

නෑ.....මේ මැනිකෙ කියනවා අප්පුවා ලමයට අසාදාරනයි කියල.....මෙච්චර ලොකු වලව්වක් උගුරැස්ස ගෝණි බාගෙකටයි පුවක් පට්ටෙකටයි සුද්ද කරන්නෙ කව්ද අප්පුවො....කොලඹ නම් ගිනි ගනන් .....

මෙච්චරවෙලාම රවාගන උන්න මයෙ ඇහිබැම්වල රැල්ල හීන් සීරුවෙ දිගෑරිලා ගියා......කියන අපබ්‍රංසෙන් බාගෙට බාගයක් මට තේරී නොතේරි ගියත් මක්කද මට තේරුනා එක්නැලිගොඩ මහ තැන මට උගුරැස්ස ගොනි බාගෙට වඩා තව ගෙවන්ඩ මනාපයි කියන එක ....

තත්පර ගානක් උන් උන්ගෙ මූන දිහාව බලාගන උන්න මං කිරිබන්ඩියව වඩාගන්ඩ ඕනයි කියන කාරනාව වගේ වගක් නැති උනාට අතෙ තියාන උන්න වරකෙ නම් ඩින්ගිත්තකට වත් බිමින් තියන්ඩ කැමැත්තක් නැති වෙද්දි අඩියට දෙකට ලෝන්ස්කාරි ගාවට ගියපු මං බලෙන් වගෙ අර වරකෙ උන්දැගෙ ඇගෙ ගැහුවා....මං බලගන ඒකිලාගෙ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකකට එහා ලොකු උනා ....ඒත් මට තියන බයටද මන්දා වරකෙ බිම වැටෙන්ඩ නොදී දෑතින්ම බදාගත්තා...

අප්පුවා මොකද කියන්නෙ.....

ඩින්ග්ගක් ඉදිල්ලකො.....ඔව්වා එකපාරට උත්තර බදින්ඩ පුලුවන් කාරනාද.....??මට ඩින්ගිත්තක් කල්පනා කරන්ඩ ඕනා.....

ක්...කලපනා කරන්න ඕනා....

හුම්ම්ම්ම්ම්...උගුරැස්ස ගෝණි බාගයයි...පුවක්පට්ටෙයි ඇරුනම තව මොනාද ඉල්ලන්ඩ් ඕන කියලා මට කල්පනා කරන්ඩ ඕනා.....මේවා මං නිතර දෙවේලෙ ආගිය තැන්....කාන්සියක් දැනුනම ඩින්ගිත්තක් ඇහැ පියවපු තැන්...මේවා ආවට ගියාට කතාකොරන්ඩ බෑ....

එහෙමයි අප්පු මහත්තයා....එහෙමයි...

වරකෙත් අරුන්දැගෙ ඇගෙ ගහපු මං අනිත්පාර කල්පනා කරන්ඩ ගත්තා.....නිකන් නෙවෙ දොලෙ ගෙදර වෙදමාමා උන්දැගෙ මිදුල පුරා ඇවිදිනකොට අත්දෙකත් පිටිපස්සට බැදගන ඇදන් ඉන්න සරමෙ පිටිපස්ස කොන ඇගිලි තුඩුවලින් අල්ලන් මිදුල පුරාවටම සක්මනෙ යන්නා වගෙ මාත් මගෙ අත් දෙක පස්සට බැදගන දනිහට වියතක් විතර පාතින් තිබුන සරම්කොටෙ පිටිපස්සෙන් උස්සගන වරකා ගහ යට සක්මනෙ යෙදෙන්ට ගත්තා...

අත්දෙකත් පස්සට බැදගන සරමත් පිටිපස්සෙන් උස්සගත්ත මං දැන් එහාටත් යනවා.....ආයම මෙහාටත් යනවා.....කිරිබන්ඩියා කොස්කොල ගොඩෙ පෙරලෙනවා....වැලි නානවා....කොහොල්ලෑ ඇලුන කොන්ඩෙ පුරාවට කොස්කොලත් ඇලිලා තිබුනා.....

ඒත් මට උගෙ කොස්කොල ගලවනවට වඩා දේවකාරියකට එහා ගියපු රාජකාරියක් ඉහපැටවිලා තියෙද්දි මං කරපු වැඩේ ඌව මායින් නොකර එහා මෙහා ඇවිදපු එක.....

මගෙ පයට කොස්කොල තොප්පි කොස්කොල ඔටුනු අහුරු ගනන් හදන්ට කියාපු කොස්කොල අහුරු ගනන් පෑගෙනවා.....අතරින් පතර වැල්ලට යට උන අටුකොස් පෑගෙනවා.....

ඒ කොහොම උනත් කොස්ගහ යටම වැටිලා කොස්ගහ යටම ආපිට අංකුර දාන කොස්පැල විතරක් බේර බේර මං එහා මෙහා සක්මන් කෙරුවා....

සරම්කොටෙ උස්සගත්තත් හරි.....වලව්ව පුරාවටම සරුසාරෙට හැදුන ගස්කොලන් නලවාගන එහා මෙහා හමාගන යන හුලන් කැරැල්ල මයෙ තට්ටමට හීන් හීතල හාදු තියාන යන්ඩ පටන් ගත්තා වගේම මං අහගන මහ මැනිකෙට පුක හරවාන එහාට යනවත් එක්කම ඒකිලා හිකි හිකි ගාගන කැකිරි පලන්ඩ් ගත්තා....

මේ මොනාකාර ගිනිවිජ්ජුම්බරයක්ද මේ....???හහ්.....මෙවුන් මයෙ අමුඩෙත් ඒපාර විහිලුවකට අරගත්තදො...ඔවුන් මේ අප්පුවගෙ හැටි දන්නෙ නැතුවයි ඉතින් ..හිටපියව්කො ...උගුරැස්ස ගෝණි බාගෙට මං ගෝනියක්ම ඉල්ලනවා.....

ඔවුන් හිනා උනේමේ අප්පුවගෙ රත්තරන් ටික වගෙ තියන අමුඩෙට!!!

උඹල ඔයි හිනා වෙන්නෙ මයෙ පුක්බෑයටද.....???

අත්දෙකත් පස්සට බැදගන මෙච්චරවෙලාම සක්මන් කරාපු මං සක්මන්කෙරිල්ල නවත්තලා කැකිරිපලන එක්නැලිගොඩ මැනිකෙ දිහාව රවලා බැලුවා විතරයි උන්දැගෙ හිනාව නැවතිලා ගියා.......ආපහු වන්ගියක් රවාගත්ත මං සරමත් අතෑරලා උන්දෑ ගාවට අඩියට දෙකට කිට්‍ටුවෙලා මයෙ වරකෙ උදුරගත්තා....

උගුරැස්ස ගෝනියක් ඕනා.....නැත්තන් බෑ....

..........???

පුවක්පට්ටෙට මට පුවක් පට්ටා දෙකක්ම ඕන.....නැත්තන් බෑ...

.......

වතාවකුත් මං කිව්වනෙ...මෙච්චකාලෙකට මන් හිතුමනාපෙට රහකොරාපු දේවල් මේවා.....මට කොස්කොල ගෝනි බාගෙකුත් ඕන...

කොස්කොල.....???කොස්කොල මොකටද අප්පුවො.....

කොස්කොල තොප්පි හදන්ඩනෙ....වෙන මක්කටද...මන් නම් හිතුවා කුරුදුවත්තෙන් කියලා කියනකොටම, මං හිතුවා උඹලා මෝඩයො කියලා.....වලව්වෙ උනාට මෝඩ මොලයක් තියෙන එවුන්ය කියලා....

මොලේ ඩින්ගිත්තක් වත් තියෙන එවුන්නන් කොලඹ එක වෙනවනෙ....මක්කටද හත වෙන්නෙ.....????කොස්කොල ගෝණි බාගයයි උගුරැස්ස ගෝනියයි පුවක් පට්ට දෙකයි....ඈවරයි....දෑවරයි....තුන් ඈවරයි...ගනුදෙනුව ඉස්තිරයි....මීට එහා නම් කේවල් කෙරිලි නැතුවා.....මනාපනම් එහෙමයි .....නැත්තන් ඉතින්....

නැත්තන්.....නැත්තන් අප්පුවා මොකද කරන්නෙ....

මොනා කොරන්ඩද...වෙනදා වගේමමන් මයෙ හිතුමනාපෙට මෙව්වයි කරක් ගහනවා.....අප්පුවව නවත්තන්ඩ මේ ගම් හතකවත් සමර්තයො ඉන්නවයි ආය...??කිරිබන්ඩියා වරෙන් යන්ඩ...කෝලිත්ත කොරන්ඩ මෙතන...හහ්.....හිතේ ඇති මේ අප්පුවව රවට්ටන්ඩ.....

මං තනිකරෝම බක්මහෙ නැකතට පුපුරන චීනපටස් එකක් වගේ පුපුරන්ඩගත්තා...අමුඩෙට හිනා උනත් හරි ආපහු වන්ගියක් යකාට ඇදගත්ත මං වරකෙත් උදුරන් හුස්මක් කටක් නොගෙම වලව්වෙ ඈයන්ට දෙස් තියලා තියලා බැරි බැරි ගාතෙ බිම පුරාවටම බඩගාන කිරිබන්ඩියවත් එල්ලගන එවුන්ටත් ගස්සාන එන්ඩ ආවා.....

හහ්....දෙන්ට බැරි නම් මයෙ මොකො....උගුරැස්ස ගෝනියක් දෙන්ඩ බැරි නම් මයෙ මොකො....හහ්....මං කිව්වෙ මෙවුන් ආවත් හරි වරකෙටත් හෙන ගැහුවා....

මගෙ කට තනිකරම වෙදමාමගෙ පුවක් කපන ගිරේ වගෙ.....වරකෙත් කිරිබන්ඩියවත් දෙපැත්තෙන් එල්ලාන ආව මං පහලට පහලට රූටන කිරිබන්ඩියව වැටුනොත් ඔහෙ වැටිච්චාවෙ කියල පුලුවාන් තරාම් තදින් වරකෙත් තුරුලු කරාන වලව් මිදුලෙන් එන්ඩ ආවා....කොස්ගහ යට උන්න මහ මැනිකෙ දිහාවත් මහ හාමුවා දිහාවත් නෙවෙ ආපිට නිකන් වත් හැරිලා බැලුවෙ....

අප්පුවො....!!!

රැයක් දවාලක් නැතුව වරත්තුවෙ යන මගෙම අඩි ගැහිලා ගැහිලා හැදුන අඩිපාර ඇරුනම හත් අවුරුදු වත් ඉදලකොටයක් නොවැදුන මුලු මිදුල පුරාවටම තනකොල වැවුන වලව් මිදුලෙ හරි මැදකදි මං ආයම නැවතුනා....

වට්ටියක හැඩේට කපන්ඩ ඕන උනත් ඉබෙ හැදෙන්නම් වාලෙ හැදුනත් කටු පිරුන රතු රෝස පදුර පුරාවටම කොලවලටත් වඩා රෝස මල් පිපිලා තිවුනා වගේම මන් බලාගන මයෙ ජීවිතේටවත් ජනෙල් පියනක් ඇරුන් නැති රෝසපදුරට ඉස්සරහා කාමරෙ ජනෙල් පියන් ඇරිලා තියනවා.....

අප්පුවො.....ඔහොම ඉදින් ළමයා...

.මහ හාමුවා බෑගිරි තියනවා.....එක අතකින් වරකෙත් අනිත් අතින් කිරිබන්ඩියවත් එල්ලගන උන්න මං අප්පුවො අප්පුවො ගගා බෑගිරි තියන හාමුවා දිහාව නොබලා ජනෙල් පියන් ඇරිලා තිවුන කාමරෙ දිහාව කටත් ඇරන් බලාන උන්නා ....

අපෙ...අප්පො.....මේක මහ විසාල වලව්වක්නෙ.......මං එපාය මේක තනියෙන් අස් කරන්ඩ.......

මන්දැන් එබිකම් කරනවා...මහ හාමුවා අප්පුවා...අප්පුවා ගගානහින්ඩ හදනකොට හාමුවට මක්කද නහින්ඩ හදන කාරනාව වත් නාහම මං මගෙ ඉහටත් වඩා උඩින් තිවුන දික් අතට යකඩ කූරු කූරු ගහපු ජනෙලෙන් පේන් කාමරෙ දිහාවට එබිකම් කරන්ඩ ගත්තා මදිවට රෝස පදුර ගාවින් රින්ගලා ගිහින් මයෙ ඇගිලි තුඩුවලින් ඉස්සීගනත් කාමරෙ පුරාවට මගෙ ඇස් දෙක කරකවන්ඩ ගත්තා.....

අපෙ....අප්පො.....හරී...විසාලයිනෙ...!!!

අනෙ කෝරලෙ මහත්තයො.....ඩින්ග වෙලාවයි...ඩින්ග වෙලාවයි...ඇගිලිතුඩින් ඉස්සීගන වලව්වෙ සිරි බල බල උන්න මයෙ හුස්ම නිවිහැනහිල්ලෙ වැටුනෙ ඩින්ග වෙලාවයි...කොහෙන්දෝ මතු උන මක්කදො එකෙක් අර කූරූ කූරු තිවුන ජනෙලෙ ගාවට ඇවිදින් හිටගත්තා විතරයි මං හූ තියාගන පස්සට පැන්නා...

තුන්වෙනි වතාවටත් මයෙ අතෙ උන්න කිරිබන්ඩියා බිම වැටිච්චි....ඒ විතරක් නෙවෙ.....රත්තරන් ටික වගේ තිවුන වරකෙත් වැටිච්චි ...කිරිබන්ඩියා හන්දම බුරුල් වෙලා තිවුන මයෙ සරමත් බිම වැටිච්චි!!!

ආයම වන්ගියක් මන් අමුඩෙ පිටින්!!!

යෑ.....යයී....ඊ....ඊ...

අප්පුවො...අයියො...දෙවියනෙ...අර නොදරුවා බිම....ඔය රෝසකටු ඇනෙයි අප්පුවා උඹලට........මේකගෙ සරමත් බිම.....

ආයම වන්ගියක් බිම පතබෑවුන කිරිබන්ඩියා හූ තියනවා....අනිත් පැත්තෙන් එක්නැලිගොඩ මහ මැනිකෙ නහින්ඩ හදනවා.....වරකෙත් වට්ටන් සරමත් වට්ටන් කිරිබන්ඩියත් වට්ටන් අමුඩෙපිටින් හිටන් උන්න මං උන්නෙ කටත් ඇරගන ....

ජනෙල් පියනෙ අනිත් පැත්තෙන් මතු උන සුදුම සුදු කොල්ලා දිහාව බලාගන.....ඒකා ඉත්තෑකූරු ගැහුන කොන්ඩයක් තිවුන සුදුම සුදු කොල්ලෙක් වෙද්දි කටත් ඇරිලා තිවුන මගෙ ඇසුත් ලොකු උනා ....මං බලාගන ඒකා අර සුදුම සුදු අත්වලින් අල්ලන් උන්න යකඩ කූරු තදින්ම මිරිකගන්නවා....

අරමොකද....බාගෙවෙලාවට මූට අපස්මාරෙවත්දො??????

අප්පුවො.....ලමයො......සුදු මහත්තයා නැගිට්ටද....???සුදු මහත්තයා මේන් සුදු මහත්තයට යාලුවෙක් හම්බුනා.....මේකගෙ නම අප්පුවලු...

මහ මැනිකෙ ආයම අප්පුවො අප්පුවො ගගා නහිනවා...වැටිලා වැටිලම පදන් වෙච්ච එකම එක වතාවක් චෑ....ස් ගාපු කිරිබන්ඩියා අනිත්පාර මීක් සද්දයක් නැති වෙනකොට මං විතරක් ගොලු වෙච්ච එකා වගේ යකඩ කූරු දෑතින්ම මිරිකාන ඉන්න අර කිරි කොකා වගෙ කොල්ලා දිහා බලාන ඉද්දි මෙච්චරවෙලාම අප්පුවො ගාපු ලෝන්ස්කාර විලම්බීත මැනිකෙ යකඩ යකා වගේ උන්න සුදු ගැටයට සුදු මහත්තයා නැගිට්ටද අහලා මාව පෙන්නලා මගෙ නම අප්පුවා කියලා මාව පෙන්නුවා විතරයි පාට ගියපු රතුපාට අමුඩෙ පිටින් උන්න මන් අර සුදු මහත්තයාය කියාපු හාදයට මන් මයෙ කැකුලු දසන් ඔක්කොම විදහාලා විරිත්තුවා...

(සඳරැස් අරුනෝද්‍ය එක්නැලිගොඩ-18)

දඩාස්...!!!!

අරමොකදෑ....ඒ.....???මූට මාව යාලුවෙක් කරගන්ඩ කිව්වටද...

අනේහ්.....මේ අප්පුවට ඕනයාලුවෙක් නෑ....මට ඔය කෝලිත්තන් වලට වෙලා නෑ....යස මේකා එක්ක යාලුකම් කොරන්ඩ...පෙනේද මූ හිනා වත් උනේ නෑ.....යස හහ්.....

මාව ගැස්සිලා ගියා....මාව විතරක් නම් බැරියෑ...බිම උන්න කිරිබන්ඩියවත්....සුදු මහත්තයාය කියාපු හාදයට විරිත්තුවා විතරයි අරකා මුලු වලව්වම හෙලවිලා යන්ඩත් එක්කම ජනෙල් පියන් දෙක වහගත්තා.....හැලිච්ච සරම ආපිට ඇදගත්ත මන් ආයම බුම්බගත්තා....

වරකෙත් බිම.....කිරිබන්ඩියත් බිම....යස අර ගැටයා කරාපු නසරානි වැඩෙ....

දිවත් පැත්තට දාගන හයිය අරගන හැලුන කිරිබන්ඩියත් වරකෙත් ඇහිදගත්ත මන් ආයම වංගියක් දඩාස් ගාන සද්දෙන් වැහිලා ගියපු ජනෙල් පලුව දිහා බලාගන පුපුර පුපුර මැනිකෙට දෙහි කපන්ඩ ගත්තා.....

අර මොකදෑ ඌ ජනෙල් පියන් කන්ඩ හදන්නෙ...හහ්....යස ඒකා කරාපු වැඩෙ....රත්තරන්ටිකට තිවුන මයෙ වරකෙත් වැට්ටුවා.....හහ්....බාගවෙලාවට ඒකට අපස්මාරෙවත්ද...නැත්ත අහවල් කාරියයෑ අර යකඩ කූරු කන්ඩ ගියේ....

අ....අපස්මාරෙ...කාට...මේ අපෙ සුදු මහත්තයට...

නැතුව...ඌ මයෙ සුදු මහත්තයවෑ...යස.....ජනෙලෙ මූනටම වැහුවනෙ.....මං මෙච්චර හිනා වෙලත් හිනා උනේ නෑනෙ....යස!!! කුරුදුවත්තෙන් කිව්වනෙ...මන් හිතුවා.....මන් හිතුවා...අනෙ මයෙ බලුවත් ඕකා එක්ක යාලුකන් කොරන්ඩ එයි....මට ඔය කෝලිත්තන් කොරන්ඩ වෙලා නෑ...වරෙන් කිරිබන්ඩියා යන්ඩ....

මේ අප්පුවගෙ බල්ලවත් එයි මේ වහන්ගත වලව්ව සුද්ද කොරන්ඩ....මේවා මන් නිතර ආවගිය තැන.....හහ්....බලාපියකො රැස්පට් එක...මයෙ බල්ලා වත් එයිද මේවට...නෑ.....නෑ.......මේවා මන් දනගාපු බඩගාපු තැන්...යස ...හහ්....යස !!

අප්පුවා.....

ඔහොම නැවතියල්ලකො කොල්ලා...

උඹට උගුරැස්ස ගෝණි දෙකක් දෙන්නම්.....

පුපුර පුපුර උන්න මං පුපුර පුපුරම එන්ඩ ආවා.....උගුරැස්ස ගෝණියකට ගෝනි දෙකක් දෙන්නම් කිව්වත් මන් නෙවෙ නැවතුනෙ...ගස්ස ගස්ස දෙහි කප කප එන්ඩ ආව මිසක මන් නෙවෙ ආපිට මැනිකෙ දිහවත් බැලුවෙ.....

මලින් පලින් බර උන වලව් වත්ත පහුකරාන මයෙ පැල පේන ඉසව්වට එනකන් වත් නෙවෙ මං මයෙ පිපිරිල්ල නැවැත්තුවෙ...පේරලන්දත් හෙවන දෙන්ඩත් නිල්කැටියට තියන වතුර අහුර හීතල කරන්ඩත් ලිද කිට්ටුව වවලා තිවුන කුඹුක් ගස් දෙකතුනත් පහු කරාන ආව මන් කලටිය දම් ගහ කිට්ටුව නැවතුනා....

ආවට මක්කද වරකෙත් සැරින් සැරේම ඉස්සරහට බර වෙන කීරිබන්ඩියවත් මට වාවන්නෙ නැති උනා...කොහොල්ලෑ නාගන උන්න කිරිබන්ඩියා ඒකගෙ ඇබිති අතින් මයෙ කමිසෙ ගුලිකරාන අල්ලාන ඉන්නවා මදිවට කකුල් කෙටියත් වන වනාම ඉස්සරහාට බර වෙන බර වෙන වාරයක් පාසම මට වරකෙත් එක්ක ඒකව ආම්බාන් කරගන්ඩ බැරි උනා....

දම්ම දම්පාටින් පොකුරු ගැහුන කලටි දම් ගහ පුරාවටම දම් පොකුරු පිරිලා....සමහරක් තවම ලා පාට ගද්දි තවත් සමහරක් දම් ගතියවැඩිම කමට කලු ගහල දිලිහෙන ගමන් තිවුනා....

වරකෙ පාතට වැක්කෙරෙනවා...අනිත් අහින් කිරිබන්ඩියව රූටනවා...වරකෙ මිරිකාන ඉන්න ඉදිල්ලෙ තරමට මයෙ කිහිල්ල යට වරකෙ වැලවෙන්ඩ එනකොට මට අනිත් අහින් රූටන කිරිබනියට වඩා වරකෙ ලොකු වෙද්දි මං ආයම වතාවක් කඩාවැටෙන එන සරමත් යාන්තමට අටවන් දම් ගහයටට ආවා....ඒ ඇවිදින් වරකෙත් බෝහොම පරිස්සමින් බිම තියලා කිරිබන්ඩියවත් බිමින් තිබ්බා...අවසානෙදි සරමත් ගලෝලා දැම්මා....

උඹලා ඩින්ගක් මෙහෙන් ඉදිල්ලා කිරිබන්ඩියා...

අමුඩෙ පිටින් උන්න මං දෑතින්ම වරකෙ බදාගන සරමෙන් ඔතලා දම්ගහ අස්සට වීහික්කොරාපු කිරිබන්ඩියට ඩින්ග වෙලාවක් ඉන්ඩයි කියලා වරකා මදුලක් ගලවන් කටෙ ඔබාගත්තා....

...මේකට ලුනුකැටක් එක්ක ගම්බිරිස් කුඩු ඩින්ගිත්තක් ඉහාගත්තා නම් පන්කාදුයි....!යස මට මතක් වෙන්නෙම මයෙ මූනටම ජනෙල් පියන වහපු අරකවනෙ.....

මයෙ බලුවත් යයි ඕකගෙ වලවවෙ සුද්ද බුද්දෙට.....

බාගවෙලාවට ඕකට අපස්මාරෙ තදවෙලා ජනේලෙ පියන වහන්ඩ ඇති.....

සුදුමහත්තයාය කියාපු කුරුදුවත්තෙ ලැයිමෙන් ආව සුදෝ සුදු හාදයගෙ මූන මතක් කරන් ආපිට සැරයක් දෙහි කපාපු මං කුනු මල්ලක් වගෙ ඔතලා දම්ගහ මුලට වීහික් කොරාපු කිරිබන්ඩියා දිහාවට විරිත්තාපු මං වරකෙත් බදාගන කොහෙන්දො ඉදන් පියාඹගන ඇවිදින් තට්‍ටමට වහාපු බත්කූරවත් එක්කරගනම මන් ගෙදරට එන්ඩ ඇවිදින් ආයම දම් ගහ මුල උන්න කිරිබන්ඩියා දිහා බැලුවා....

එක්කො වරකෙ දාලා මූව අරන් යන්ඩද.....

මූව දාලා වරකෙ අරන් යන්ඩද ...

මූව දාලා යන්ඩ දුකේ බෑ....

ඒත් වරකෙ දාලා යන්ඩ ඊට වඩා දුකෙ බෑ...

*

*

වරකෙ මොනතරමට වටිනවද කියනවා නම් ගහමුලට විහික් කොරාපු කිරිබන්ඩියා ගැන දුකක් දැනිලා වරකෙ දාලා ඌව ගේන්ඩද ගගා දහස්වතාවක් හිතුවත් මක්කද වරකෙ ගහයට තනිකරලා කිරිබන්ඩියා උස්සාන ගෙදරට එන්ඩ හිත හදාගන්ඩම මට බැරිවෙච්චි....

වරකෙනුත් කිරිබන්ඩියගෙනුත් අවසානෙදි ආයම වතාවක් දිනුම අයිතිකරගත්තෙම වරකෙ වෙද්දි ,මං බලාන කොත්තමල්ලි වට්ටියක් එක්ක ඔට්ටු වෙන කුඩම්මා වරකෙ කරතියාන අමුඩෙ පිටින් තට්ටමක් කස කස මිදුල මැද හිටගන උන්දැට විරිත්තපු මයෙ දිහා උඩ ඉදන් යටටම බැලුවා....

මෙච්චරවෙලාම උඩ පැන පැන උන්න කොත්තමල්ලි ටික උඩ පැනිල්ල නැවැත්තුවා....

දහස් වතාවක් හිතුවත් මක්කද වරකෙ බිම දාලා ආවොතින් පරදේසක්කාර කාක්කො රෑන ඔහෙන් හරි ඇවිදින් ආයම වතාවක් වරකෙ ලගිනවා.....

ඒත් කිරිබන්ඩියා මග දාලා ආවොතින් ඌට කාක්කො කොටනවා කියලවෑ.....????

අනික ඌට කාක්කෙක් කෙටුවත් වංගියයි...ඇරත් මං ඌව සරමෙන් ඔතලනෙ දම් ගහ මුලට විහික් කෙරුවෙ....

මං තාම මිදුල මැද...මෙච්චරවෙලාම කොත්තමල්ලි වට්ටිය තියාන වට්ටිය එක්ක වන්නම් නටාපු කුඩම්මා වට්ටිය ගිහින් පිල්කඩ උඩ තියලා ඇදාන උන්න චීත්තෙ ආපිට තද කරන් ඇදගද්දි මන් බලාන මයෙ අප්පුච්චා පැදුරු ආනමෙන් රටා තියල වියාපු අලුත්ම පැදුරක් පිල්කඩට එලලා අපුල්ලපු රෙදි පොල්කටු අගුරු ඉස්තිරික්කෙන් ඉස්තිරික්ක කොරන්ඩ ලක ලැහැත්ති වෙනවා....උන්දැට කියන්ඩ ඕන මයෙ දුඹුරු පාට අබුඩෙත් ඔය ගමන්ම ඉස්තිරික්ක කොරන්ඩ කියල...

‍රතු අබුඩෙත් හරි මයෙ පනත් හරි.....දුඹුරු පාටට මයෙ ඒ තරන් මනාපයක් නැති උනාට දැන් දෙදොහක් තිස්සෙ මං රතු අබුඩෙම ඇදන් වරත්තුවෙ ගියා මිසක මේක හෝදලවත් දාන්ඩ මට වෙලාවක් නැති වෙච්චි.....

අප්පුච්චා...

අප්පුවා.....

වරකෙ කරතියාන තවමත් මිදුල මැද හිටන් උන්නමන් අබුඩෙ කතන්දරෙ කියාපන්ඩ සැරසුනත් මොකද මෙච්චරවෙලාම චීත්තපට ඇදපු කුඩම්මා අනිත්වන්ගියෙදි මයෙ දිහාට බෑගිරිතිබ්බා.....

මොකදෑ.....??

ආ බොල කෝ තොගෙ මලයා.....??

ඒකිලා කිරිබන්ඩියා අහනවා...මෙච්චරවෙලාම කරතියාන උන්න වරකෙ පරෙස්සමට පිලකඩ උඩින් තියාපු මං ආයමත් වතාවක් කුඩම්මට විරිත්තුවා...

මේන් වරකයක් ගෙනාවා...මේකට ලුනු ඉහා දියන්කො කුඩම්මෙ...

ලබ්බෙ වරකෙ...ආබොල මං දැන් තොගෙන් ඇහුවෙ කො මලයා කියලා ....කෝ ඒකා....???

ආ...යස කෙලිය!!.......උඹ කියන්නෙ මට වරකෙයි ඌවයි දෙකම ආන්බාන් කරනඩයි කියලද.....???අන් ඌව මං සරමෙන් ඔතල දම් ගහයට හන්ගලා ආවා....

අ...අනෙ....දෙයි ....හා....න්දුරුවනෙ....මයෙ කොල්ලා...මං කිව්වෙ...මං කිව්ව්‍ර්.....තෝ නම් යකෙක් මයි බොල...තෝ නම් යකෙක්මයි....තෝ ගෑවුන තැන හෙනයක්මයි....තොට අප්පුවා නෙවෙ....තොට අප්පුවා නෙවෙ තොට නම් තියන්ඩ ඕනම විජ්ජුලතා කියලා....!!!!!

......වි....ජ්...ජු...ල....තා.....???.

.....අනෙ මයෙ කිරි සප්පයා...මං තෝ අද මකෝනවා...අනෙ මයෙ කිරිබන්ඩියො.....!!

උඹාලා ඔය කොහෙදෑ දුවන්නෙ.....මේකට ලුනු ඉහා දීලා පලයන්කො.....!!!!අප්පුච්චෙ උඹලට වරක මදුලක් දෙන්ඩයි.....??????

කිරිබන්ඩියා දම්ගහ මුල කිව්වත් හරි මයෙ මූනටම වෙනදා වගේම තෝනම් යකෙක්මයි බොල කියාපු කුඩම්මා අද මට විජ්ජුලතාය කියලා මූනටම දෙස් තියල ඇදාන උන්න චීත්තපටත් උස්සාන වැටකඩුල්ලත් පැනන් කඹේකඩාගත්ත එලදෙන වගේ දුවන්ඩ ගද්දි පොල්කටු ඉස්තිරික්කෙ අතේ තියාගන මයෙ දිහා බලාන උන්න අප්පුච්චටත් විරිත්තපු මං උන්දැගෙ දිහාට වරකා මදුලක් දික්කරනවත් එක්කම උන්දෑ යන්තමට ඔලුව දෙපැත්තට වැනුවා ....

උඹලා නම් උපන්ගෙයි මෝඩයෙක් අප්පුවා.....උඹලා නම් උපන්ගෙයි මෝඩ තැබ්බක්.....කොලුවට වඩා වරකෙ ලොකු උනාද තොට...

ආ.....නැතුව.....මොකෑ ඌව මට කන්ඩ පුලුවනෑ...????අප්පුච්චා...මේන් මං උඹලට සෙන්කොට්ටන් අහුරක් අරන් ආවා.....අප්පුච්චො....මේන් මේක අරන් තරහා නැතුව මයෙ දුබුරුපාට අබුඩෙත් ඩින්ගිත්තක් ඉස්තිරික්ක කොරාපල්ලකො...දෙවංගියක් මං දැන් රතු අබුඩෙ ඇන්දා....ආයම වන්ගියක් රතු අබුඩෙ ඇදම්ම කොහොමැයි මං අර අපස්මාරකාරයගෙ වලව්ව ඉස්සරහින් යන්නෙ....ඌ මට හූ තියාවි...

කොල්ලට වඩා වරකෙ වටිනවදයි දෙස් තියාපු අප්පුච්චා පුච්චාපු පොල්කටු ඉස්තිරික්කෙට පුරවන දිහා බලාගනම පිල්කඩ උඩින් ඇන්තියාගත්ත මං උන්දැට අබුඩෙ කතන්දරෙත් වලව් පලහිලව්වත් එක්කම අමුනල කියනවත් එක්කම මෙච්චරවෙලාම අතේ තියාන උන්න ඉස්තිරික්කෙ පැත්තක තියාපු මයෙ අප්පුච්චා මයෙ මූන දිහාව බැලුවා...

ඒ විතරක් නෙවෙ ඩින්ගිත්තක් ඈතින් උන්න ඒකලා අර හිස්තැන මකාදාලා මයෙ දිහාට තවත් ඩින්ගක් කිට්ටු උනා

අපස්මාරයා.....????

හුම්ම්...අර සුදුමහත්තයා කියන හාදයා...කුරුදු රැහපු එවුන්....කොළඹ හතින් ආවය කියන්නෙ....මයෙ හිතෙ උඹ කුඩම්මා උස්සාන ආව ලැයිම වගේ එකක් අස්සෙ වෙන්ඩෑ සුදුමහත්තයා කියන එකත් ඉන්ඩ ඇත්තෙ.....අප්පුච්චො....මැදා දෙනවයි???

හත් දෙයියනෙ...මේකගෙ මොලෙ කොහෙදැයි හාන්දුරුවනෙ ....??මයෙ පුතා ...අප්පුවා....මට කියාපන් ...උඹලා වලව් මහතැන්වලට මක්කවත් වරත්තු කතාවක් කිව්වදයි කියල...????

.......තාම නෑ...!!!

ම...මක්ක කිව්වා....තාම...නෑ....තාම නෑ කියන්නෙ තෝ අච්චුකොරයි බොල තෝ අච්චුකොරයි...!!

...යස...මේ අප්පුවව....උඹලා කියන්නෙ මේ අප්පුවව අච්චුකොරන්ඩ...යස....!හහ්...ඒකලා දන්නෙ නෑ මේ අප්පුවගෙ තරම....උඹ නොදන්නවට අප්පුච්චා මං එවුන්ගෙන් උගුරැස්ස ගෝනියක් එක්ක පුවක් පට්ට දෙකක ගනුදෙනුවකුත් කරගනයි මේ ආවෙ.....නිකන් නෙවෙ උගුරැස්ස ගෝනියක්....නිකන්ද පුවක් පට්ට දෙකක්....ඔව්වා මං නිතර ආවගිය තැන්....අච්චුකොරයි යස...!මට හිතුනොතින් මන් තව ගනන් උස්සලා උගුරැස්ස ගෝනි දෙකක් ඉල්ලනවා!!!!

ඔවුන් දන්නෙ නැතුවා මේ කිරිඅප්පුවා කව්දයි කියල...

..🙂🙂 ඔවු ආය....උගුරැස්සගෝනි දෙකක් ඉල්ලනවා ආය යස...!

More Chapters