WebNovels

Chapter 33 - 32

මගෙ ඔලුව....ම්හුක්...අනෙ අප්පාවෙ....මගෙ ඔලුව...යකො....ඒ අස්සෙන් වතුර කියලා මං මතෙන් ආයමත් වෙන මනුස්සයෙක් ඕඩර් කරපු වොඩ්කා එකක් අමුවටම එක උගුරට ගහල ඇරල දැන් මගෙ මොලෙ ඉදම්ම එලියට එන්න එනවා....ඇස් දෙක තනිකරම වෙසක් එකට ගහන තොරනක් වගේ ...එහෙක් වෙනවා මෙහෙක් වෙනවා....කන් දෙකත් කසනවා....

දකින දකින හැම එකම මට පේන්නෙම බොද වෙලා වෙනකොට මං තව පාරක් වමනෙ දාන්න කට ඇරියා...

ඔක්කාරෙ වෙනව විතරයි වෙලාවකට යන්නෙ නෑ....ඒ ඔක්කොටම වඩාමගෙ බඩ දනව....අඩියක් ඉස්සරහට තිබ්බොත් අඩි දහයක් දොලහක් වාමාර්තව වීසි වෙනවා....ඒ අස්සෙන් චූ බර.....වමනෙ හලලා හලලා අනිත් පාර මං බිත්තිය බදාගන කහින්න ගත්තා....ඒ අස්සෙන් මගෙ පිටිපස්සෙ ඉදන් මොක්කු හරි වරත්තු බලල්ලු දෙන්නෙක් කාගන්න ගත්තා....

කැහ්....කැහ්.....

සුදු පුතා මොකො සීන් එක....මූ ආය බීලනෙ....මූත් නම් පුදුම කාක්කෙක් තමයි ඇයි බන් අහක බලන තත්පරේට බීලනෙ...

මෙහෙම ගියොත් නම් බත් කාර්ඩ් එකත් කැපෙනවා..කසාද සහතිකෙත් කැපෙනවා.....සුදු මහත්තයා.....මේ කොල්ලා.....සුදු මහත්තයා....උඹට අප්පච්චි ව පේනවද...??ඒහ්...මූට වපරෙද මන්දා මෙ ටිකට...මුන්ගෙ අම්මා මාව මරයි....ඒ කොල්ලා....

කැහ්...කැහ්.....මගෙ....බඩ..පපු...කැහ්..කැහ්.....

හරි හරි මගෙ පුතාට කැස්ස නෑ.....ඔව්වා මෙ පොඩි පොඩි ගැස්මවල් විතරයි.....කෝ කෙලින් ඉදින්කො උඹගෙ මොනරි මාව කොටලම මරයි....කො....කෙලින් උන්නොත් අප්පච්චි උඹට බඩ්ඩක් අරන් දෙනවා....

මොනරි නෙවෙ ඔහෙව මරන්නෙ මායි....හැමනෙනන් එකෙත් සීමාවක් නෑනෙ අනෙ....පව් මගෙ නොදරුවගෙ බඩ පපුවත් දනවා ඇති.....

උඹත් කැරිම තේජසක් තමයි විද්‍යාමාන කරන්නෙ නේ සුදුපුතා...උඹගෙ නොදරුවට කලින් මූ මගෙ නොදරුවා උනෙ...

ම්හ්...අප්...ටහුක්...කැහ්...කැහ්.....කැහ්....අනෙ...අම්..මේහ්.....අම්මියේ...මාව මැරෙන්ඩ එන්නෙ......මොන....මගුලක්ද...මාව....අනෙ...අත්තම්මෙ...ඉස්පිරිතාලෙ ...

ඔහෙගෙත් මගුලෙ වැඩනෙ අනෙ.....

සුදු චූටි...ඒහ්.....සුදු චූටි....ඔහෙට මාව ඇහෙනවයි සීදේවි.....කෝ නැගිටපල්ලකො උඹලත් අහක බලන තත්පරේට මගුල් නටනවනෙ....කෝ කෙලින් වෙයන්කො....

සීදේවි....

සුදු චූටි.....කෝ ඉතින් ඔලුව කෙලින් කරපල්ලකො...ඔහෙලත් පුදුම මුරන්ඩුයිනෙ....ඒහ් කොල්ලා.....සුදු චූටි

ස්..සුදු ....කව්ද අඩෝ..මේ...මේ...අත අහකට ගන් අඩෙ...ක...කව්ද...අ...අඩෙ...මූ.....මං.සුදු චූටියා...නෙවෙ.....ස්..සුදු චූටියා එහෙම බොන එකෙක් නෙවෙ.....

අ..අහකට...අහකට....අ..අඩේ....අල්ලන්නෙ...ලැ...ජ්ජා...නැද්ද...අහකට...හප්...චුප්.....මං ඔය එක...එක....කා...ක්...කන්ට...සුදු චූටියා නෙවෙ හ...හරිය...අඩෙ...මේ අහපන්...මේ අහපන් හුත්තො.....ක්...ක්ව්ද අඩෙ මේ රාවනා....රජ්ජුරුවො.....ටම....හ්කෙ...මූට ඔ..ඔලු දහයක් විතර පේනවා.....ක්..කමක්...නෑ....

අහපන්කො....මේ...අහපන්කො...අඩෙ...

ම්න්...අහන් ඉන්නෙ...පිස්සු නටනවා උඹට ගහනවා බෙල්ල කැඩෙන්ඩ දැන්...කෙලින් හිටපන්...

මං වැනුනා...කෙලින් හිටන් උන්නත් තනිකරම මඩේ හිටවපු ඉන්න වගේ...මගෙ ගාව උන්න මනුස්සයගෙ මූන පේන්නෙත් මට දෙක වෙලා වෙනකොට මං හිනා උනා..කොටින්ම මට එක සර්වාංගෙන් ඔලු දහයක් විතර මතු උන මනුස්සයෙක් පේනකොට ඒ උන්න රාවනා හොම්බෙන් යන්න ගිය මගෙ අත්ගොබෙන් මිරිකලම අල්ලගත්තා මෙදිවට මට සද්දෙකුත් දැම්මා.....

ම්හුක්...ඔයාගෙ...ව්...වස...අනෙ.....ආ.....

හරි සෝක්නෙ.....අපෙ....අප්පච්චි ...ඕ.අයි සි...හරිය.....එහෙම....හිතුමනාපෙට බෙල්ල ගලවන්ඩ...හ්...හම්බෙය්....

ම්න්....

අ..අනික....ම්...මං ..සුදු...අයියගෙ...ස්..

ස්...ස්.....සී...ඊදේවියා...ඔහෙ හිතන්නෙ...අ..අපෙ...ස්...පීකර්...පප්පාඔහෙට ගලවන්ඩ දෙයි කියලද...අ..අනෙ....නිකන්...හැමනෙ...න්..නැතුව ඉදින්...අ..අඩො.....අ..අනික...මං..මං....

ඇවිත්....න්..නුවර කොල්ලෙක් හරිය.....

(පටන් ගත්තා)ම්න්

සීදේවියා....නුවර කොලෙක්නෙ...නුවර...මිනි...ස්සු...කවදාවත් ...එහෙම බොන්නෙ නෑ...ඔ...ඔවූ.....අ...අපි.....නුවර...

අමාකර

ම්හ්...ම්හුක්...ඔයා කොහොමද මගෙ නම.....ඔ..ඔහොම....ඩිරෙක්...ට්....ස්පීක්...කරන්නෙ...ආ...ආ...නාහ්...නාහ්....මගෙ.....සුදු අයියා විතරයි ...සුදු අයියෙ....ස්...සුදු...චූටියා.....ආදරෙයිනෙ....අ...අතෑරපන්...මං...සුදු අයියගෙ....වි...විතරයි.......

මාව....අතෑ...රපන්...කො...ස්

....ස්මුද්‍ර.....ය්...යන්න...එපා.....ස්...සුදු අය්යෙ....මං...බොරුවට...කිව්වෙ...අ..අතෑරපන්.....අතැ.....රපන්කො.....ම්..මගෙ...සුදු....අයියා තනියෙන්...එ..එයාට....එයාට.....මං අරකව...මරනවා...අතෑරපන්...මට යන්න දීලා....අතෑරපන්....ස්..සමුද්‍ර...මං ඉන්නවනෙ...මං...ඉන්නවනෙ...මං ආදරෙයිනෙ...අයියෙ...මං...බොරුවට....නෙ....ස්.....සමුද්‍ර.....ආදරෙ.....නෑ කිව්වෙ....මාව...පිච්චෙනවා බන්......

මෙච්චර වෙලාම එක එක බහුබූත කියවපු මං අනිත්පාර අඩන්න ගත්තා...දඩු අඩුවකට අහු උනා හා සමානව කාගෙ හරි අතටක හිරවෙලා උන්න මං මගෙ අත ගලවගන්න දගලන ගමන් ඇඩුවා...මදුවිතෙන් මත් උන මගෙ මතේ උච්චම තැන උන්නත් මගෙන් පිටඋන හැම වචනයක් අස්සෙම උන්නෙ මගෙ සුදු අයියා විතරක්ම වෙනකොට මං ඒ නන්නාදුනන පපුවට මගෙ මූන ගහගත්තා උනත් ඒ පපුවෙන් මට හුරු පුරුදු සුවදක් දැනුනා....

.ස්..ස්.....සුදු.....අයි...යෙ....

ම්න්....

ම්..මගෙ...සමුද්‍ර...කෝ...බන්.....ම්..මේ..සුවද....එ..එයාගෙනෙ.....එයාට...එන්න..

කියපන්.....මට...මගෙ....සමුද්‍රව ඕන....

මං ඇඩුවා....ඉකිගැහුවා...අවසානෙදි මං මගෙ සමුද්‍රගෙ නම කිය කිය අර පුරුදු සුව දෙ ඉව අල්ල අල්ල ඒ පපුවට මගෙ මුන තදින්ම ඔබාගන්නකොට මට දැනුනා අර දරදඩු අත් දෙක තදින්ම මාව වෙලාගන්නවා....

අමාකර...මමයි උඹගෙ සමුද්‍ර

..ස්...සුදු.....අයියෙ....

කිව්වට විස්වාස කරපන්...මගෙ සර්වාංගෙටම විදුලි රැහැනක් කඩාගෙන වැටුනා වගේ...මගෙ සර්වාංගෙම වෙව්ලාවගන ගියා....තිබුන අනත මනත ගතිය පවා වාශ්ප වෙලා ගියා...

මෙච්චර වෙලාම ඒ පපුවට මූන ඔබාගන අඩ අඩ උන්න මගෙ කන් පෙත්තට දැනුන උනුසුමත් කන්පෙත්ත හරහා ගියපු අර ගැඹුරු වචනත් එක්ක මං මෙච්චර වෙලාවම ඔබාගන උන්න මූන හෙමි හෙමීට ඉස්සුවා විතරයි ආදරෙ පිරුන ඇස් වලින් මගෙ දිහා බලාගන ඉන්න අර මං දන්න කියන නිල්පාට ඇස් දෙක දැක්කා විතරයි අලු ඇස් තෙමාගන කදුලු කැට කෝටියක් විතර කඩාවැටුනා.....

මගෙ...සමු...ද්‍ර...සුදු...අයියෙ.....

ම්න්....මක්කවත් අහන්නෙ නෑ....කියපන් මට ආදරේද?

.එයා මගෙ දිහා බලාගන ඉන්නවා...හතර වට වෙන දේවල් මක්කද කියන්න මට නිනනව් නැති උනා....කොටින්ම මට හතර වට වෙන විපරියාස ගැන හිතන්නවත් ඕන කමක් නැති උනා...මගෙ රෝමාන්තික ලෝකෙම සමුද්‍ර හැන්නදිගේ කියන් මේ පිරිමි පරානෙ වටා විතරක්ම ගොඩනැගෙනකොට මටලො එයාගෙන් තොර පිටස්තර ලෝකයක් ගැන හිතන්න උවමනාවක් නැති උනා.....

මක්කවත් අහන්නෙ නැ ආදරෙයිද විතරක් අහනවා...ඒනිල් ඇස් ලාවට රතුවෙලා....ආදරේ පිරුන කටහඩ ටිකක් දරදඪුවෙලා.....කොටින්ම ඒ ආදර ඇස් ගාව මාව මාව ආය ආයම පිච්චෙන්න ගත්තා.... මගෙ ඇස් අඩනවා...එයා නෙවෙ ඒ කදුලු කැටයක් වත් පිහන්නෙ....කරපු එකම දේනම් ඇහිපිල්ලමක් වත් නොගහා මගෙ දිහා බලාගන උන්න එක විතරක්ම වෙනකොට මොන කරුමෙටද මන්දා මට හතර වටම ගැන නිනව් නැතිව උන්න මට ලස්සන තනුවක් කවාපු දුක හිතෙන වචන ටිකක් ඇහුනා....

" හද එලිය යටත් හදවත් ගිනි ගන්නවා....."

සමාව....ඉල්ලන්න...ඕන.....මට...මට උඹගෙන්....සමාව.....ඉල්ලන්න....ඕන...

මගෙ අයියෙ....ම..ම...මං රිදෙව්වා....අයියෙ...මං....හුගක් රිදෙව්වා.....මං..හුගාක්....රිදෙව්වා....මට.....සමා....වෙයන්....සමුද්‍ර.....අනෙ....අයියෙ...මට සමාවෙයන්...

මං හරි පාඩුවෙක් උන්න මනුස්සයෙක් අමාකර....මහමුහුද එක්ක ඔට්ටු වෙන එක මිස...මට මගෙ කොල්ලා ඇරුනම වෙන දෙයක් හිතන්න උවමනාවක් තිබුන් නැති හිතක් එක්ක ජීවත් වෙන්න හිත හදාගන උන්න මනුස්සයෙක් අමාකර මම....ආදරේ කරන්න බැරි කමක් නෙවෙ.....කාව හරි හොයාගන්න බැරි කමකටත් නෙවෙ...ඒත් කාටත් බැරි උනාදැකපු පලවෙනි මොහොතෙම මගෙ හදවතත් එක්ක ගනිදෙනු කරන්න.....ඒත් උඹ .....උඹ එහෙම නෙවෙ...උඹගෙ ඔය අලුපාට ලස්සන ඇස් කෙරුවෙ දැකපු පලවෙනි තත්පරේම මගෙ හදවත එක්ක ගනුදෙනු කරපු එක....

උඹ මට රිදෙව්වා අමාකර.....ටිකක් නෙවෙ ...මහ හුගක්.....මේ අතපය තුවාල කරපන් ලුනු වතුරට හරි තුවාලෙ සනීප වෙයි....ඒත් උඹ තුවාල කෙරුවෙ මගෙ පපුව...ලුනුවතුරෙ පෙගෙව්වත් තුවාලෙ සනීප වෙයිද....ම්ම්ම්.....??

මට නින්ද ගියා....උඹ හිතන්නෙ මං උඹගැන ගානක් නැතුව නිදාගත්තා කියලද...උඹගෙ මුරන්ඩුකම දන්න හන්දම විඩෙන් විඩෙ මං ඵෝන් එක දිහා බැලුවා...අරන් යන්ඩ නෙවෙ.....හොද ලමයා වගේ ගෙදර යමන් සීදේවි කියල ආපිට පරිස්සමට ගෙදර යවන්න ....කරුමෙට මගෙ ඇහැපිය උනා අමාකර.....

ඒකට උඹට මාව රිදවන්න ඕන උනේ මේ විදිහටද....????

අමාකර මනුස්සයෙක්ව අමු අමුවට මරන්න ඕන කොහොමද කියන්න දන්නවද.....පිස්සු හැදෙන තරම් ආදරේකට පපුවෙ ඉපදෙන්න ඉඩ හදලා දීලා බිහිවෙන්නත් කලින් ගබ්සා කරලා දාන එක...

ආදරෙ ගබ්සා කරන එක එසේ මේසෙ වේදනාවක් නෙවෙ....කවදාවත් නැතුව මට දරන්න බැරු තරමට රිදුනා ....

මං මෙයින් එහා මොනවත් කියන්නෙ නෑ.....මං අහන්නෙ මෙච්චරයි.....ආදරෙයිද??

මට නෙවෙ උත්තර තිබුනෙ.....මට නෙවෙ කියාගන්න ඕන වචනෙ මොකක්ද කියන්න මතක් උනෙ.....වෙනදටත් වඩා ඒ කටහඩ පුදුමාකාර විදිහට ගඹුරු වෙලා තිබුනා..... වෙනස් වෙලා තිබුනා....නිල්පාට ඇස් වලට කදුලු බැදෙන්න ඔන්න මෙන්න තිබ්බත් හිත ගල්කරගන ඉන්න තරමටමද කොහෙද ඒ ඇස් වලට කදුලු කැටයක් වත් ඉනුවෙ නැති උනා...ඒත් ඒ ඇස් අස්සෙ හැන්ගිලා තිබුන මෙට්‍රික ටොන්ගානක වේදනාව අමු අමුවටම එලියට පෙනුනා....

අ.....ආදරෙයි...මං....ආදරෙයි රත්තරන්.....

මං ආදරෙයි කිව්වා.....අඩ අඩම.....මං ආදරෙයි කිව්වා.....මගෙ අත් දෙක ඒ පපු මැද්දෑවෙ ගුලිවෙලා තියනකොට ඒ අත් තවමත් මාව ඒ ඇගට කිටි කිටියට තියල තදකරගන උන්නා....

තව පාරක්...

අ....අයියෙ....

.ආදරෙයි කියන්න.....

තවපාරක්ලු.....එයා තවපාරක් ආදරෙයි කියන්න කිව්වා....

ආදරෙයි.....

ම්න්....ආයම

ආදරෙයි.....

ආයම.....

ආදරෙයි...

ආයම.....

ආදරෙයි.....

මං හිතන්නෙ.දහ වතාවත් පැන්නුවා.....මං ආදරෙයි ආදරෙයි කියන වාරයක් වාරයක් පාසාම එයා ආයමත් ආයමත් ගගා මං ලව්වා ආදරෙයි කියන එක කියවගන්නවත් එක්කම මටමහ සද්දෙට ඉකි ගැහුනා...ඒත් මං ඉකි ගහගහම ආදරෙයි කිව්වා.....

අ....අනෙ...මං...හරි....ආදරෙයි....මගෙ.....සමුද්‍ර...මන් උඹට හරි ආදරෙයි මගෙ රත්තරන් අයියෙ....

....ආදරෙ කියන එකයි.....ආදරෙ කරන එකයි දෙකක් අමාකර...ආදරෙ නොකිව්වත් කමක් නෑ.....ආදරෙ කරනවා නම්....ඒත් මමත් මනුස්සයෙක්.....බොලද වැඩත් මං බලාපොරොත්තු වෙනවා..... උඹගෙ ඔය කරච්චලෙත් මට හරි රහයි .....හුරතලෙ....විකාර කතා...මුරන්ඩුකම්.....මේ හැමදේම මං බලාපොරොත්තු වෙනවා අමාකර....මේ ලෝකෙ ජීවත් වෙන බිලියන අටක මිනිස්සු අස්සෙන් මං ඒහැම දේම බලාපොරොත්තු වෙන්නෙ උඹගෙන් විතරමයි මගෙ අමාකර....නාඩපන්...මං ආදරෙයි මගෙ රත්තරන් පැටියට.....ආය විහිලුවට වත් කියන්න එපා බන්.....මාව මැරෙයි...

දන්නවද අමාකර...මිනිස්සුන්ට මැරෙනතාක් තව මිනිස්සුන්ව මූනට හම්බෙයි....හැබැයි ආදරෙ....ආදරෙ හරියටම හම්බෙන්නෙ එකම එක වතාවයි....ඔය අත්වලින් මේ සමුද්‍ර ඇතුලෙ ඉන්න ආදරනීය මනුස්සයව මරන්න එපා.....එහෙම උනොත්.....ආය කවදාවත් උඹට මේ සුදු අයියව දකින්න වෙන්නෙ නෑ.....මගෙ වචන මතක තියාගනින්....රත්තරන් පැටියා.....මං මේ නම උඹට කියන්නෙ පුදුමාකාර ආදරේකින් අමාකර

මගෙ පපුව හත් අටපොලකට පුපුරලා ගියා වගේ දැනුනා....ආදරෙයි කියලා කියලා අවසානෙදි මාව කදුලුවලින්ම හෙම්බත් වේගන එනකොට අවසානෙදි එයා මාව නැවැත්තුවා....ආදරෙ කියන එකයි කරන එකයි දෙකක් කියන ගමන් හරි සීරුවට මගෙ ඇස් වලින් ගලන කදුලු කැටයක් ඇගිලි තුඩකින් අහක් කරලා මේ ලෝකෙ හුස්ම ගන්න බිලියන අටෙන්ම හැමදේම හොයන්නෙමගෙන් විතරමයි කියන ගමන් අනෙ මට ආදරෙයි රත්තන් පැටියා කියපු එයා මාව ඒපපුවට තුරුලුකරගත්ත විදිහට මට මාවම මග ඇරුනා...

අර හැමවේදනාවක්ම වාශ්ප උනා...කොටින්ම ඒ පපුව ඇතුලෙන් ආදර ගීතිකා ඇහුනා....

ඒ තරම් ස්නේහයක් ඒ පපුව අස්සෙ තිබුනා.....ඒ තරම් ආදරයක් ඒ පපුව අස්සෙ තිබුනා.....

කසිංජි සුවද කාන්දු කරන පපුවම ආදර සුවද කාන්දු කරන මොහොතක අඩන ඇස් වල කදුලුවලටම ඒ පපුව තෙමන්න අවසර දුන්න මං කදුලින්ම දියබත් උන දෙතොලින් ඒ පපු මැද්දෑවට හාදුවක් තියනගමන් සන්සාරික ප්‍රේම සජ්ජායනා මර්මස්තානෙට තුරුල් උනා...

මගෙ අම්බරෙ.....

ඒ කටහඩ ආයම නිවෙනවා...දෘඩ බව හිමි හිමීට ආයමත් සෞම්‍යවේගන එනකොට මට දැනුනා මගෙ හිසකෙස් පුරාවටම එයාගෙ ඇගිලිතුඩු එහා මෙහා යනවා.....අනිත් අතින් හරි හිමීට මගෙ පිටට තට්ටු කරනවා...ඒ පපුවෙන් අහක් වෙන්න ලෝබකම අනන්ත අප්‍රමාන උනත් මන් ලෝබකම පිටාරගලන මොහොතක මං එහෙම්ම මගෙ මූන උස්සලා එයා දිහා බැලුවා.....

මහසාගරෙ ජලකද මොකක්ද.....ඒ ඇස් අස්සෙන් පිටාර ගලන ආදර කදට සත්සමුදුරම පරාද වෙනවා....

මගෙ අම්බරෙ...මුලු හිතින්ම ආදරේ පුරවගත්ත එයා හරි හිමීට මගෙ අම්බරෙ කියනවත් එක්කම අනෙ මාව නිවිලා ගියා...ඒ එක්කම එයා මගෙ නිකටින් අල්ලගන මේ දැන් පිපුන මලකට වහන බඹරෙක් වගේ හීන් සීරුවට මගෙ මූනට පහත් උනා.....

තද කලු ඝනරැවුල මගෙ මුලු රතදරම කිතිකවාගන යන යාමෙක ආදර රල දොගොඩ තලන්න පටන්ගත්තෙම මගෙ දෙතොල් මත්තෙන් වෙද්දි අනෙ මටත් නොදැනි මගෙ ඇස් පියවිලා ගියා... ...

උඩු තොල් යටි තොල් තෙමාගන ආදර තරංග ගලනකොට මෙච්චර වෙලාම පපුවට ගුලිකරන් උන්න අත් දෙක මටත් නොදැනිම මං ඒ බෙල්ල වටේ ඔතාගත්තා. . ...අර දරදඩු අත් තව තවත් මාව ඒ ඇගට තුරුල් කරගත්තා...

මං ආදරෙයි මගෙ සමුද්‍ර.....මං උඹට හරි ආදරෙයි මගෙ සුදු අයියෙ....

මගෙ හදවත හුස්මක් කටක් නොගෙනම ආදර මන්ත්‍රන මතුරනවා.....ඝන රැවුලෙන් ආදර පීඩා විදින මගෙ දෙකම්මුල් පවා ඒ ආදරෙට හීලා වෙලා තියෙද්දි මං තව තව අර බර්මියුඩාවක් තරම් ගැඹුරු හාදුව ඇතුලෙ ගිලුනා....

මට නවතින්න ඕනකමක් නැති උනා...මග ඇරුන පැය ගානට...විනාඩි ගානට...තත්පර ගානට මං වේදනා වින්දෙ ආත්ම ගානකටත් ඇතිවෙන්න වෙනකොට හාදුවෙ රහ හරි හැටි රහ විදින්නත් උස මදි මං මගෙ ඇගිලි තුඩුවලින් පවා ඉස්සුනා...

යන එන උන් මාව දැක්කදෙන් .... මොන මොනවත් කිව්ව දෙන්...ඔය කිසි දෙයක් ගැනනෙවෙමට වගේ වගක් උනෙ.....ඉස්කෝලේ යන්න කියලා නාහෙන් අඩ අඩ බොරුවට කියවපු මං මේ වෙනකොට උන්නෙත් සුදු කලිසමට යටබැනියම පිටින් විතරක් වෙනකොට මට මගෙ ස්වරූපෙ ගැනවත් නිනව්නැති උනා...

මගෙ ආත්මෙ ..මගෙ හදවත....මුලිමනින්ම වදවෙන්නෙ සමුද්‍ර නම් වෙච්ච සාගර පුසුඹ හමන මේ ආදර පරානෙ ගැන විතරක්ම වෙනකොට මං ජීවිතෙ නම් කවිය අස්සෙ ස්තාවර තනු ලියන්න මගෙ ආත්මෙමම සමුද්‍ර නම් වෙච්ච ආදර පරානෙට සින්න කෙරුවා...

වස්තුව....මගෙ....

මගෙ පපුව ගිඩි ගිඩි ගානවා...හුස්මක් ගන්න වත් විවේකයක් නැති උනා...තත්පර කටුව විනාඩි වෙනකනුත් මං ඒ හාදුවෙ ගිලුනා....හාදුව මැදින් යන්තමට වගේ මගෙ වස්තුව කියන ගමන් කොදුරපු එයා හාදුවකින් රත ගැහුන දෙතොලින් අගලක් දෙකක් පහලට රූටන් ඇවිදින් මගෙ බෙල්ල පැත්තට උනුසුම් හාදුවක් තියනවත් එක්කම මට ඒ පලල් උරහිස් මිරිකුනා....ආයමත් හාදුවක් ලැබුනා...බෙල්ලට ඇබිති හාදුවක් තියපු එයා මගෙ මූනම අත් දෙකට මැදි කරන් නලලට හාදුවක් තියලා ආදරෙ පිරුන දිලිසන ඇස් වලින් හිනා වෙනකොට මට දුන්න හාදුව මදියි කියලා හිතුනා...

මට ආය ආයම ප්‍රංශ හාදුවක රස විදින්න ඕන උනා.....

සුදු...අයියෙ....මට...මට...

ඇයි මදිද ම්ම්ම්න්ම්ම්ම්ම්...ගෙදර යන්...

මදි....

මුරන්ඩුකම් කරන්නෙ ඇයි මගෙ අම්බරෙ....

මට...මදි.....මට...තව ඕන....

ම්ම්ම්ම්ම්....දෙන්නම්...ගෙදර ගියහම....

දැන් ඕන...ගෙදර...ආවමත්.....ඕනෙ....දැනුත් ඕන...ද්...දෙන්න....ඩ්...දීපන්..කො.....ද්..

දීපියකො.....මං..ආදරෙයිනෙ....

මුරන්ඩු කොල්ලෙක් වෙලා....

...ආදරෙයි සුදු අයියෙ.....මං...හුගක් ආදරෙයි...මගෙ ඔලුවට පොල්ලකින් ගහලා වගේ....කකියනවා.....

ම්ම්ම්...මෝඩයා කව්ද කිව්වෙ ආය බොන්ඩ කියලා.....දැන් ආයම ඕනද ?

ම්ම්ම්....ඔවුනෙ....දුන්නොත් ඔලුවෙ අමාරුව හොද වෙනවනෙ සුදු....චූචියට...

ම්න්.....

ගෙදර යන්

දීපන්කො...අගේ...ක්..කරන්න...එපා...

සමුද්‍ර.....

මං කන්කෙදිරි ගාන්න ගත්තා.....එක වරුවකට මගෙන් දුරස් උන ආදරෙ කල්පකාලාන්තරේකට අහිමි උනා හා සමාන වේදනාවකින් පීඩා විදපු මං ආය ආයමත් ආදරෙ ඉල්ල ඉල්ල මුරන්ඩුකම් කෙරුවා....

ස්....සුදු....අයියෙ...මට පාලුයි....මට...දුකයි....මට රිදෙනවා....මාව මැරෙන්න වගෙ..පපුවට බරයි ...එ...ඒක්කො...මාව..මැරි භ්භ්භ්භ්.............

සුදු පුතා මේ දෙහි බෑව .....ආ.....ආ..හරි..හරි....සොරි කට් තැන්කිව්....කරන් යමන් කරන් යමන්.....එක්කො පොඩ්ඩක් හැන්ගිලා වත් කාපන්කො බන් ඕක...අරූට උසත් මදි පොඩ්ඩක් නැමියන්කො සුදුපුතා.....

*

*

*

ම්හුක්...ම්...ම්හුක්....අපි...අපි මොනරවිලලා අප්පච්චි...ම්හුක්.....

මොකද උඹ දැන් උහුක් හුකුක් ගාන්නෙ...මෙන්න මේකත් අතුල්ලපන් සුදුපුතා උඹගෙ නැන්දම්මා දැන් මාව එලවනවා .....නැන්දම්මට නම් උම්මා එකක් දීලා වත් මොකක් හරි කරගන්න පුලුවන්.....අර මහ හාමුවා....මගෙ ඉහත් එක්ක කැක්කුමයි දැන් මෙතන හුකුක් හුකුක් ගගා ඉන්නවා....බීපිය මේක ආය මොන‍ර පෙදේකුත් වනන්න ගත්තා...ක

ය්..යෝහ්....අ..අප්පච්චි...ඉ...ඉතින්...ඇ..ඇයි යකො...මන්....පෙව්...වේ....අනික...අනික ..අපි නුවර මිනිස්සු...නුවර මිනිස්සු බොන්නෙ නෑ...අප්පා.....ඔහෙලට දෙඩුවට වැඩක් නෑ.....මොනර විලලා කවදාවත් මෙහෙම බොන්නෙ නෑ අප්පා.....

ඔහෙත් හරි මගුල් කරලාදැ මගෙ කොල්ලට මරු දොඩනවා....සීදේවි ඔහෙත් මුරන්ඩු නොවී මේක බීකො හත්පොලෙ ගාගන ඉද්දිත් වන්නමක් නටන්ඩ ගත්තා.. ..

මං නෙවෙ ආය කටක් ඇරියෙ ...ඇයි අප්පා...ඔයාකාර දෙහි බොන්ඩ පුලුවන්ද මං අහන්නෙ...අනික අපි නුවර මිනිස්සු....නුවර මිනිස්සු කවදාවත් මේ ආකාරෙන් බොනවද.....නෑ...

ම්හුක්...

මං ආයම ඇඹරුනා.....ගෙදර පේන මානෙන් කැබ් එක නවත්තපු අප්පච්චි බිලිකොකු වැලකට ඇමිනුන කාරල්ලෙක් වගේ අත් දෙකත් අඹරන් කකුල් දෙකත් දිරාපු බෙදුම් කට්ට වගෙ පලල් කරගන පුත්තලම් ඉස්සෙක් වගේ කොන්දත් පොඩ්ඩක් උස්සගන කටත් ඔහෙක් කරන් ඇසුත් මෙහෙක් කරන් සුදු අයියට ජැක් එක ගහන් උන්න මගෙදිහා බල බල ඔලුව දෙපැත්තට වන වන බනින්න ගත්තා....

අප්පච්චි එහෙන් කියවනවා.....මගෙ ස්පීකර් පප්පා ගේ ගාවට එනකම්ම මගෙ ඉහට පයට දෙහි අතුල්ලපු ඇතිල්ලිල්ලට තනිකරම විම් සබන් ඇඩ් එකේ දෙහි ගෙඩි දාහක බලේ තියන මුඩ්ඩකින් දමාගන අතුල්ලන දැලිකුනු බැදුන ඇතිලිය වගේ අතුල්ලල අතුල්ලම මාව සුදුත් උනාද මන්දා.....

සුදුමහත්තයා....කෝ මේබලපන්...සුදු මහත්තයා උඹට කන ඇහෙනවද...

ඇයි අප්පා...ඇයි...කන ඇහෙනවා අප්පා.....මගෙ කන නෙවෙ අනිත් තැනුත් ඇහෙනවා....

මුගෙ සැර යකො...මල් කවුඩෙක් වගේ උන්න මූ දාන සද්දෙ...පෙව්වෙ මන් හින්දා ඉවසන් ඉන්නවා....කෙලින් ඉදගනින් දැන්...

ම්හුක්.....මගෙ ඔලුවට මොකක්ද වෙනවා අප්පා...ඔලුව කැක්කුමයි

මං නාහෙන් අඩන්න ගත්තා.....මහපොලවට ඉර එලිය වැටෙන්නත් කලින් ඉදන්ම මිනිස්සුන්ගෙන් පිරුන වෙරල පාරට තවමත් නිවනක් නැති වෙලා තියනකොට මං බලාගන මාලු ලේවලින් කොරපොතු වලින් වැහුන මාලු ලෑලියට උන්න බල්ලන්ගෙ කටවල් වලට ඊට වඩා නිවනක් නැති උනා.....ලෑල්ලෙන් වැටෙන වැටෙන මාලු කෑලි උන්ගෙ බඩ වේල පිරිමහනකොට හතර අතින්ම ඇහුනෙ මාලුන්ගෙ නම් කිය කිය ගාන කියන සද්දෙ වෙනකොට මං බලාගන අර සෙනග මැද කන් අඩි පැලෙන්න සද්දෙට සින්දුවක් දාගන සුකුමලාලගෙ සුකුමල් ඉදිආප්ප කමු වන්ඩිය අපෙ ගේට්‍ටුව ඉස්සරහින් නවත්තනවා..

මට තවත් තරහා ගියා....කොටින්ම අතරින් පතර හැලිලා හැලිලා මගෙ මොනර පෙදේ ගසාගන්නවත් තව පිල් නැති වෙලා බල්ලා මාර්ක් එකට වැටිලා රෙදිත් නැති කරන් උන්නා උනත් මෙච්චර මගුල් වෙලා තියන වෙලාවක සුකුමලා දාගන ගියෙත් සුදු ගවුමෙ ඇයි මඩගැවුනෙ සින්දුව වෙද්දි මං වන්නම අල්ලන්න මගෙ කනාටු උන පෙදෙ ගසල ඉස්සරහා උන්න අප්පච්චි ට සද්දයක් දැම්මා

අඩෙ තේජක... ...සුකුමලාට දඩයක් ගහපන් හරිය....ක්ලීන් ශ්‍රී ලන්කා තේමාව යටතෙ මුගෙ ඔක්කොක ඇට ගලවන්ඩ ඕනා.....අපි නුවර මිනිස්සු....මොනරවිලල කවදාවත් ඔය වගේ තොරොම්බල් කරත්ත ගෙවල් වලට ගන්නෙ නෑ.....අපි නුවර මිනිස්සු....නුවර මිනිස්සු කවදාවත් ඔහොම නෑ.....

..ඔව්...නුවර උන්ට පුලුවන් අරක්කු පෙරන මල්කවුඩන්ව ගෙට ගන්න විතරනෙ.....සුදුපුතා ඕකගෙ කොන්ඩෙ හදපන්...පොඩි පගාට එක පාරක් නිකන් විහිලුවට වගෙ කියපු එක මූ සිරාවටම අරන්...දැන් අප්පච්චි කෑල්ලත් හැලිලා

සීදේවි කෙලින් හිටුකො.....මූ පසනට අන්තයි...කෝ...දැන් ගෙදර යන්ඩ ඕන....

..........මං දැන් බිව්වා කියලා කියන්ඩ ඕනද?

පිස්සුද බන් උඹට?අම්මට ඔව්වා කියනවද...අප්පච්චි උඹව එක්කන් ගියෙ වටයක් දාන්නනෙ....මගෙ කොල්ලා කෙලින් ඉන්ඩ ඕනා හරිද?

ඒ උනාට....ඔයා මට බොන්න දුන්නනෙ...කෙලින් ඉන්නෙ කොහොමද පොඩ්ඩක් වැනෙනවනෙ....

ආ....මොකක්දෑ...?

නුඹ අතේ මුදු මාලයක් මං පලදාවි.....

මදු සුවය සොයා සීතල ගමකට යාවී

ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවි....

මුලු ජීවිතේ රෝස මල් යහනාවක් වේවි....

සීදේවි ඔහෙට ඇවිදිඩ ඇහැක් නේ....

ඇහැක් බැහැක්..තමයි.....හැව් හැව්...සුදු අයියෙ ඔයා දන්නවනෙ මං බොහෝම නම්බු ඇතුව හැදුන කොල්ලෙක්....අපි වලව්කාරයො..

ම්න්...ම්න්.....හරි මොකුත් නොවුනා වගේ වරෙන්කො එහෙනම්.....නැත්තන් ගෙදරට එන්නකලින් නම්බු නැතුව යයි....

විනාඩි දහයක් නැතිනම් පහලවලක් යන්න ඇති....මෙච්චර වෙලාම කැබ් එක අස්සෙ උන්න අප්පච්චි ගල් ආදටත් වඩා වේගෙන් ලෙස්සලා ගේට්ටුවෙන් ඇතුලට යනවත් එක්ක දහ වතාවක් කියලා කියලා නටන්න පුලුවන් කස්තිරන් අල්ලලා අල්ලලා අවසානෙදි මගෙ වෙරිත් බස්සපු මගෙ සුදු අයියත් මාත් කැබ් එකෙන් බැහැලා මොකුත් නොවුන උන් වගෙ ගෙදරට යනකොට මං බලාගන සුකුමලයි කිරියයි සුසන්ගතාගෙ කූඩුව ගාවට වෙලා ඒකා එක්ක කියව කියව උන්නා....

වෙනදා වගේම සමනලයා උගෙ දකුනු ඇටෙ වගේ ඉන්න පසනා එක්ක අදත් අම්මගෙ ඇන්තූරියම් පැල අස්සෙ රින්ගන් ගෙම්බො හොයනකොට මං බලාගන මොනරවිල මහ වලව් හාමුදුරුවො විතරක් අත් දෙකත් පිටිපස්සට බැදගන කිරියලාගෙ තුන්සකරියෙ දාලා තිබුන සින්දුව අහ අහ එහා මෙහා ඇවිදිනවා....

ඒ ඔක්කොමත් එක්ක මෙච්චර වෙලාම කිරියට කියලා බෙල්ල අතගාව ගාව උන්න අප්පච්චිගෙ දෙවනි කසාදෙ අප්පච්චි ව දැක්කා විතරයි මැරෙන්ඩ හැදුවා....තේජක ජරාව බින්ඩ එපා කියලා කෑගැහුව විතරයි මට ආයමත් අරක්කු මතක් වෙලා ඔක්කාරෙට ආවා...

"...ආ....තේජක...හාලූ........

තේජක...ජරාව බොන්ඩ එපා තේජක.....සුදු අයියෙ....ගෙට එන්ඩ සුදු අයියෙ....හලූ....සාගරිකා....පඩත්තර...හා....මුවා....හා....මූ....හාමූ.....පඩත්තර.....බල්...ලා...සාගරිකා....සමනා.....ල්...සුදුපුතා....සමනා.....ල්.....ආ තේජක.....ජරාව බොන්ඩ එපා තේජක....."

ජරාව බොන්නෙ නැයකො....ජරාව බොන්නෙනෑ.....උඹගෙ ඔය මැතිරිල්ල අහලා අහලම මට දැන් බීමත් අරහන් වෙලා...

අප්පුච්චියා ඇවිල්ලා......හී....අප්පුච්චියො....

පසනෝ පුතාගෙ අප්පුච්චියා ඇවිල්ලා...අප්පුච්චියෝ....අම්මියෙ....පුතාගෙ අප්පුච්චියා ආවෝ...තේ ටිකක් වත් හදපල්ලකො අප්පා....අප්පුච්චියො.....පුතාව...පුතාව...

ආ...ආ..හෙමින් බන් හෙමින්....පොඩි බඩ්ඩ වැලි නානවනේ....ආ....ආ....මේ කෑල්ලත් ඉන්නෙ....පසනා බොසා මොකො අද ඉස්කෝලෙ ගියෙ නෑ.....පසනගෙ ඉහෙ ඉදම්ම වැලි නේ?මොකො පසනො ඉස්කෝලෙ නොගියෙ

ම්හුක්.....නෑ... අපෙ පප්පා තාත්තා අද පසනව තියාගත්තනෙ....ඔහෙත් අද හිරේ ගියෙ නෑද....?ඔහෙලගෙ හිරෙත් අපෙ වගෙ චක්කරෙ පාඩම් ගන්නවද...

නෑ...ඊට වඩා ලොකු ඒවා පාඩම් ගන්නවා....ඒක හින්දා පසනා ඒ පලාතෙ එන්නෙනෑ තේරුනාද. ...

ම්ම්ම්.....ඔහෙ මක්කවත් ගෙනාවෙ නෑ....අත් වන වන ආවෙ ඇයි අඩෙ....අපෙ තාත්තා නම් පසනට බඩුවක් ගේනවනෙ.... ජෑම්පාස් හරි ගේනවනෙ.....ඔහෙත් ගේන්ඩ එපැයිනෙ....

අපෙ කැතයා තාත්තට වත් ගෙනාවෙ නැ.....

අමතක උනානෙ පසනෝ....කැත තාත්තටත් ගෙනාවෙ නෑ.....

ම්ම්ම්...කාරි නෑ...අපෙ තාත්තටත් වෙලාවකට පසනට ජෑම්පාස් ගේන්න අමතක වෙනවනෙ....නේ තාත්තෙ....තාත්තටත් පසනගෙ ටිකිරියගෙ මහ එකාට වගේ අමතක වෙනවනෙ...

ම්න්....

අප්පුච්චියො.....බඩු නෑ.....

බඩු නෑ නෙවෙ බඩු හෑව්.....හොද පුතා වගේ අප්පච්චි ට තේ එකක් හදන්ඩ කිව්වා කියන්ඩකො අම්මියට.....

තේ එකක්.....අප්පුච්චියො තේද .....ඈ අප්පුච්චියො.....තේද. .

හ්ම්...ඔව්...බොල...ඔව්....

පුතාට...පුතාටත් තියනවනෙ අප්පුච්චියො...ඈ.....පුතාටත් තියනවා නේ.....?පසනටත් තියනවා නේ...යෝහ්.....තේ ටිකක් දෙන්නෙ නෑනෙ කාරුත්....අම්මියෙ .....

ආප්පුච්චිය ඇයිල්ල.....

අම්මියේ....තේ ටිකක් හදන්ඩලූ.....පුතාටත් තේ ටිකාක්.....අම්මියෙ....කැතයත් ඇයිල්ලා...කැතයටත් තේ ඕනලු....

ටිකිරියො ඔහෙලගෙ අම්මට අපෙ තාත්තටත් හදන්ඩ කියපියො....කැතයා තාත්තට විතරක් නෙවෙ.....අපෙ තාත්තටත් හදන්ඩ කියපියො....

අම්මියෝ..... අපෙ පප්පා තාත්තටත් හදන්ඩලු...කැත තාත්තට හදන්ඩලු.....

තේජක මෙහට ආව නම්...

අප්පච්චි ...

මෙහාට ආව නම්...

මන් තනිකරම ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ....වෙනදට ආ නිලමෙ කියලා කතා කරන කිරියා වත් සුකුමලා වත් කිරියා වත් නෙවෙ මගෙ දිහා බලන්නෙ.....උන් දෙන්නා සැරයක් දෙසරයක් මගෙ ගාව උන්න සුදු අයියා දිහා බැලුවා මිසක් මගෙ දිහා ඇහැක් ඇරලා නොබලනකොට වැලිනාගන උන්න සමනලයයි පසනයි ඇවිදින් අප්පච්චිගෙ අතෙ එල්ලුනා...හුස්මක් කටක් නොගෙන උන් දෙන්නා අප්පච්චි එක්ක කියවගනම ඉන්නකොට කානුවගෙ කන්දොස් කිරියාවෙන් බේරෙන්න බැරුවද කොහෙද ඌව තේ එක්කක් ගේන්න යැව්වා....ඒ එක්කම පසනත් ඒකා පස්සෙ දිව්වා....

කිරියා සුකුමලා ආයම සමුද්‍ර දිහා බලනවා...ආයම අහක බලනවා...කිරියා අතෙ තිබුන මල්ල ගැනවත් කිසිම දෙයක් නොකියා ළඟින් උන්න සුකුමලාගෙ උරහිසට වාරු වෙනකොට

මෙච්චර වෙලාම මිදුල පුරාවට එහා මෙහා ඇවිද්ද සීයත්තා මා දිහාවත් වැනෙන මාව වැටෙයි කියලා අල්ලගන්න බලාගන උන්න සමුද්‍ර දිහාවත් බලලා ආයම අහක බලාගන උගුරපාදලා හරි සැරෙන් වගේ මගෙ අප්පච්චිට ළඟ කතා කෙරුවා...ඒ කතා කරපු කෙරිල්ලට මටාර තිබ්බ වෙරි ගතියත් වාශ්ප වෙලා ගියා....

තේජක දැන් මේකෙ තේරුම කිව්ව නම්....තමුන්ගෙ නෝනට ආයම දරුවෙක් ලැබෙන්ඩ....තමුන්ගෙ දරුවො මෙහෙම හිතුවක්කාර කම් කරනකොට ඒ අම්මට සැනසීමක් තියනවද??

ඒක හරි ඒක හරි අප්පච්චි ....දැන් ඔය කතා නවත්තමු....මන් විහාරට කතා කරන්නම්...සුදු මහත්තයට මන් කතා කෙරුවා.....මේ කතා ආය ආය වැඩක් නෑ අප්පච්චි ...

ඔය කතා වැඩක් නැත්තෙ තේජකටනෙ.....අපිට වැඩක් තියනව...මෙව්වා තනිකරම නාඩගම්.....මන් කිව්වනෙ කොල්ලව තියල යන්ඩ කියලා...ඇහුවෙ නෑ.....දැන් හරිනෙ...

අප්පච්චි ...මෙහෙමයි මං මගෙ ක්‍රමේට මගෙ ලමයා එක්ක කතා කෙරුවා....දැන් ඒක හරි....මීට එහා මේක ආය ආය අදින්ඩ එපා.....ඕන කරන ටික ගැන මං දැනුවත් ඉන් එහා ආය ආය ඕක හිතන්ඩ වත් සිහත්ගෙන් අහන්ඩවත් එපා....එකම දේ අහලා අහල ලමයගෙ හිත ආය ආය තලන්ඩ එපා...කොල්ලා දෙයක් කෙරුවා...ඇයි එහෙම කෙරුවෙ...මොකටද එහෙම කෙරුවෙ ඒකට උත්තර මට ලැබුනා...

ඕන මගුලක්...උඹලා ඒකාලෙත් කෙරුවෙ අපෙ ඉහට ගින්දර පත්තු කොරාපු එක....දැන් උඹලගෙ ලමයි කරන්නෙත් ඒ ටික...උඹලගෙ ක්‍රමේට උත්තර ලැබුනා කියන්නෙ දැන් තමුන් විතරක් ඔය උත්තරෙ දැනගත්තම ඇතිද....?මහ උන් වගේම නැතෑ මුන්ගෙ හිතුවක්කාර කම්.....ගස්වල කටු උල්කරන්න ඕනද.....

මුන්ට දෙක තුනක් දීලා හදන්නෙ නැතිකම...

මාත් එකියක් හැදුවෙ ඇහේ මූනෙ තියාගන.....හහ්...ඒකිත් මොකක්ද කෙරුවෙ...මහ උන්වගේම නැතෑ

මන් නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....යටි තොල වෙන් වෙලා යනකම්ම හපාගත්ත මන් සීයත්තා මගෙ පැත්ත අරගන්න අප්පච්චිට සැරකරනකොට මන් හරි වේදනාවෙන් ඉවසගන අහන් ඉන්නකොට මට දැනුනා මගෙ ගාවම ඉන්න සුදු අයියා හීන් සීර්‍ය්වට මගෙ ඔලුව අතගානවා...

..අසාදාරන කතා කියන්ඩ එපා විහාරගෙ අප්පච්චි ...මේ සෝලංගාරච්චිගෙ කරලා කියවන පුරුදු නෑ....හැබැයි මං මගෙ ගෑනිව අපායකට ඇදාල දාලා නෑ...මන් එක්ක ආවා කියලා ඒ ගෑනිට අහේනියක් උනේ නෑ.....මගෙ ලමයි ඉස්සරහා මාව නරක මනුස්සයෙක් කරන්ඩ එපා....ඇරත් ගහලා බැනලා හදන්න සිහත් පොඩි එකෙක් නෙවෙ...ගහලා බැනලා තේරු කරනවට වඩා තේරුම් කරන්න ඕන ක්‍රම තියනවා

ඇරත් මගෙ ගෑනිට ඔහොම කතා කරන්න එපා.....අප්පච්චිගෙ දුව බව ඇත්ත...ඒත් දැන් මගෙ ලමයිගෙ අම්මනෙ.....නොතේරුම් කමට කවුරු කවුරුත් වැරදි කරනවා...ඒක මම කියලා වෙනස් නෑ....මගෙ ලමයා කියල වෙනසක් නෑ....මිනිස්සු අතින් වැරදි වෙනවා....වැදගත් දේ වැරදි හදාගන ආයම ඒ දේවල් නොකර ඉන්න එක....මේ කතා නවත්තමු අප්පච්චි ....කතා කරන්නම දෙයක් තියනවා නම් අපි පස්සෙ කතා කරමු.. .හැබැයි දැන් එපා.....

.............

මගෙ ඇස් වලින් ආයමත් කදුලක් කඩා වැටුනා...වෙන කිසිම දේකට නෙවෙ මුරන්ඩු කමට නොතේරුම් කමට මගෙ අතින් වෙච්ච වැරද්දට මං හින්දා මගෙ රත්තරන් අප්පච්චි බැනුම් අහනකොට මට තිබුන වේදනාව ආය ආය අලුත් වෙන්න ගත්තා.. මෙච්චර වෙලාම සීයත්තා ගාව උන්න අප්පච්චි මා දිහාව බලාහන ආපිට පැත්‍තක උන්න කිරියලා ගාවට ගියා....

..ආ පැටියො.....කොහොමද...කාලද බන් ඉන්නෙ?

ඔහෙත් වචන දානවා අහවරක් නෑනෙ....අපෙ මහ එකාගෙ නෝනගෙ මව් යානාව මේක සුදු අක්කට දෙන්ඩ කිව්වා.....හිච්චො හම්බෙන්ඩ ඉන්න කාලෙට ගුනයි කිව්වෙ.....ගමෙ බඩු ....මහ කැකුලාගෙ පහල කොටුවෙන් මන්දුකොරන් ඇවිත් තියෙන්නෙ ...ඕන් ඕකෙ වැව්මාලුවකුත් ඇති....ඉස්ම යන්ස කතහැකි ආය බත් හැලි හත අටක් විතර...

කිරියලාට මා එක්ක ඇති ඇයි හොදැයියක් නෑ....මං ඇස් අස්සෙ දුක තියාගන උන්ගෙ දිහා බලන් උන්නත් උන් මං කියන මනුස්සයා මෙතන නැහැයි වගේ හැසිරෙනගමන් ඌ මගෙ අප්පච්චි දිහාවට බෑග් එකක් දික් කරලා ඒකෙ වග විස්තර කියනකොට මට දුවලා ගිහින් කිරියගෙ අතෙ එල්ලෙන්න හිතුනා....ඒත් මන් මොකුත්ම නොකියා එතනම තිබුන කනුවට හේත්තු උනා.....

හ්ම්...හ්ම්...හිච්චව හදපු එකාට මොකුත් නෑ.....ලියා පනගෙ බෑනත් ඉන්නෙ....උඹලා දෙන්නා බලන බලන වෙලාවට එකටමයිනෙ...භාතිය ශන්තුස් වගෙ කොහෙන් බැලුවත් එකට.....සුදුපුතා ඕකව කොහෙට හරි වීසි කරල මේක උඹලගෙ නැන්දම්මට දීලා වරෙන්...

මොනවද....මොනවද නැන්දම්මට දෙන්න කියන්නෙ.....ස් ..සුදු මහත්තයා...තේජක ඇයි මේ ...සුදු මහත්තයා....පුතේ...අනේ අම්මා....අම්මා.....අම්මා....සුදු මහත්.....තයා ඇයි පුතෙ මේ මූන සුදුමැලි වෙලා....තේජක!!!!ඇයි මගෙ දරුවගෙ මූන සුදුමැලිවෙලා ගිහිල්ලා...

..ඒ...ඒ..විහාරා....විහාරා....

.

...ආදරෙ අරුමෙ!අම්මෙක්ගෙ ආදරෙ අරුමෙ කියන්නෙ මේකට වෙන්න ඇති.....ඔරොත්තු නොදෙන මදුවිතෙන් මත් වෙලා වමනෙ හලලා හලලා අවසානෙදි දෙහි වල පිහිටෙන් යන්තන් ගොඩ ආව මගෙ මූනෙ තිබුන වෙනස මේ වෙනකන් කාටවත්ම හොයන්න බැරි උනා ...මගෙ අඩුපාඩු මගෙ මුරන්ඩු කම් ගැන කිය කිය අප්පච්චි ට දෙස් තියාපු සීයත්තට වත් බැරි උනා....කිරියා සුකුමලා මුන් කාටත් බැරි උනා...ඒත් මගෙ අම්මා...මගෙ රත්තර අම්මා....මගෙ අම්මට එක බැල්මෙන් මගෙ වෙනස අදුනගන්න පුලුවන් උනා...

මෙච්චර වෙලාම ඇතුලෙ උන්න අම්මා එලියට එන ඒමට කතා කෙරුවෙත් කිරියලාට උනත් මාව දැකපු තත්පරේම අඩියට දෙකට ආවෙ මගෙ ගාවට උනත් අම්මට මූන දෙන්න බැරිකමට මං මූන හැන්ගුවත් මොකද අම්මා මගෙ මුලු මූනම අත් දෙකෙන් අල්ලගත්තා අම්මා මදිවට අනිත් පාර හරියාකාර ඇහෙන්නෙත් නැති මහ මැනිකෙත් එලියට ආවා....මහ මැනිකෙ විතරක් නම්කමක් නෑ..අනෙ දෙයියනෙ අම්මගෙ සද්දෙට අමුඩෙයි පුකයි වගේ ඉන්න කානුවයි සූඩයෙක් වගේ ඉන්න පසනත් දූවගන ඇවිත් මගෙ මූන දිහාවත් අම්මගෙ මූන දිහාවත් කටත් ඇරන් බලන් ඉන්නකොට මං අම්මා දිහා බලාගන හෙන මෝඩ විදිහට හිනා උනා...

හ්...හායි....ස්..සෙක්සී....👉👈

ද්...දෙයි...යනෙ....සුදු...මහත්තයා....!!

...මයෙ දූ.....මයෙ දූ....මක්කද ඔයාකාර බෑගිරි තියන්නෙ...

සිහත්.....ද්..දෙයියනෙ....අනේ....අම්මා......අනෙ අම්මාමේ බලන්ඩකො.....

.....විහාරා....ඇයි සුදු ඔහොම කෑ ගහන්නෙ...පොඩ්ඩක් කෑ නොගහා ඉන්නවකො...

.ඇයි අම්මියෙ........බෑගිරි තියන්නෙ ඇයි අම්මියේ....ඔවු..ඇයි දුවෙ....

" අම්මා......බෑගිරි අම්මා........සුදූ....විහාරා සුදූ....හලූ...බෑගිරි අම්මෙ..."

ටිකිරියහෙ අම්මෙ ඔහෙ ඇයි මැරෙන්ඩ හදන්නෙ.....අපෙ කැත තාත්තට හෙන ගහලද?මේ ඉන්නෙ මේකා අගේට...කැතයා තාත්තෙ.....ඔහෙට මක්කවත් උනාද....තාත්තෙ අපෙ කැත තාත්තට ඇයි....ඈ තාත්තෙ...

අහකට යනවා තේජාක.....සුදුමහත්තා....උඹ....දෙයියනෙ....දෙයිනේ...

දුකෙන් උන්න මට දැන් අනිත් පාර මඥ්ංහමට වගේ ආවා...මෙච්චර වෙලාම හතර වට උන්න එවුන් අඩියට දෙකට මගෙ ගාවට ආවත් හරි මට කරකියාගන්න දෙයක් නැතුව යද්දි අප්පච්චි පුලුවන් තරම් දැන් පුපුරන්න හදන බෝම්බයක් හා සමාන අම්මව නිශ්ක්‍රිය කරන්ඩ හදනකොට පසනා මගෙ වටෙ කැරකි කැරකි කාක්කා වගේ කටට් ඇරන් මට හෙනගහලද අහනකොට වරුවක් විතර නිවිලා උන්න සුසංගතා පරයගෙත් අර පඩත්තර කටට නොහිතපු තැනක පන ඇවිත් මට වැලෙ වැල් නැතුව යනවත් එක්කම මගෙ මූනට එබිලා කට දිහාව ඉවකරලා බලපු මව්‍ යානාවගෙන් මගෙ පිටහරහා ඩෑස් පාරක් වැදුනා ..ඒ වැදුන වැදිල්ලට මාව ඔහෙක් වෙලා ගියා.....

මේකා බීලා.....මේකා බීලා...තේජක....මේ කොල්ල බීලා තේජක.....

..හරි ..හරි විහාරා පොඩ්ඩක් ඉන්නවකො....සුදුපුතා මේකව අරන් යමන්.....

නෑ.....මල්ලි එක අඩියක් හෙලවෙන්නෙ නෑ....

සුදු අක්කෙ .....

කතා එපා....කතා එපා කියන්නෙ එකෙක් කතා එපා...තේජක මෙ ලමයට මොන මගුලද කරලා තියෙන්නෙ....සුදු මහත්තයා බලපන් අම්මා දිහාව.....මගෙදිහා බලපන් සුදු මහත්තයා...

ටම...හිකෙ...කැත තාත්තෙ ඔහෙ නිර්මලියගෙ පොට් එකෙන්ද අරක්කු බිව්වෙ....??මේන් මෙයැයි බීලලලු තාත්තෙ.....කිරියො ඇහුනයි ..අපෙ කැත තාත්තා බීලලු....ඔහෙ බිව්වෙ අපෙ සිගිති නැන්දගෙ මිනිහා බොන අහින්ද....

පසනා.....මා පුතා පැත්තකට වෙයන්...

සිහත්...උඹට කන ඇහෙනවද සිහත්....අම්මා දිහා බලපන්...උඹට මං හනස්සක් ගෙනාවොත් හනස්ස කැඩෙනකන් ගහනවා....අම්මා දිහා බලපන් සිහත්....

...විහාරා ඕක නවත්තනවකො...දැන් ඇති...

ඇති....මොනවද තේජක ඇති...සිහත් උඹට අම්මා කියන.දෙ ඇහෙන්නෙ නැතුවද.....

මේකා ගාව සිනිගද.....අපෙ මහත්තයා මේන් හපන් කමක් කොරන් ඇවිත්....අපෙ අප්පෙ....ඇටෙන් පොත්තෙන් යන්ඩ කලියෙන් උදේ පාන්දර ජරාව කටගාලානේද.....මයෙ අම්මෙ...අනෙ...අපොයි....බොලා මක්කද සුදුමහත්තයා මේ තොල ගෑවෙ.....උඹට අමතක උනාද....උඹ වලව්කාරයෙක්....මොනරවිල පරම්පරාවෙ....

.ටම....හැමනෙන්න...හරියටම හරි....මේ මගුල් අස්සෙ මහ මොනරිත් සලුපාලිය පටන් ගත්තා තරංග සවුන්ඩ් එක ගිලලා වගේ සද්දෙ අඩෙ කන් බෙරත් හිල් උනා.... ....ස්කීපර් අයියා ඕන් ඕකව උස්සන් ගෙට පල අඩෙ...මේන් මහ එකාගෙ මූනත් මෙහෙන් දෙක වෙනවා...

මේකත් වන්නම පටන් ගන්න වගේ යන්නෙ...

අම්මා කෑගහනවා...මාව හොලවනවා.....එහෙන් අත්තම්මා මගෙ ගාව ඉදන් මොනරවිල නම්බුව ගැන කිය කිය කන් බිරීකරන තරම් හයියෙන් කැගනකොට මං බලාගන සුසංගතා චූන් වේගන ඒකගෙ පිහාටු පුම්බනවා.....බෙල්ලත් එහා මෙහා හරව හරව තටු ගහනවා.....

සුදු මහත්තයා උඹ මොනවද බිව්වේ කියපන්.....

මක්කවත් නෑ අනෙ...ඔහෙට මොන්ගල්‍ය?

.මොන්ගල්‍ය.....???මට නෙවෙ උඹලට තමා දැන් ඔය මොන්ගලෙ ගහලා තියෙන්නෙ...හත් දෙයියනෙ කතා කරනකොට මේ කොල්ලගෙ කටින් එන අරක්කු ගද...

මං බීලා නෑ අනෙ....ඔහෙට පිස්සුද අම්මෙ...

ඒකනෙ...ඇහෙනවනෙ සුදු...කොල්ල් බීලා නැ කියනවා....

මාව තම්බන්න හිතේ ඇති....කටෙ කිරිසුවද වත් නොගිය මගෙ අහිංසකයා....තේජක තමුන් අප්පෙක් නේද තේජක

මුගෙ කටෙ කොහෙද ඕයි තව කිරිසුවදවල්...?මූට දහාටයි මොන කිරිසුවද...දැන් වෙන වෙන සුවදවල් එන කාලෙ...නිකන් කැ නොගහා කොල්ලව අතෑරලා මට තේ එකක් ගේනවකො...

ඒකනෙ.....මගෙ කටින් දැන් කොහෙන් කිරි සුවද එන්නද අම්මෙ....

ඒකනෙ....කැතයගෙ කට තේ සුවදද අම්මියෙ...තේ සුවදයිනේ අම්මියෙ....

සමනල් අහකට පලයන්.....!!!සිහත්....සුදුමහත්තයා අම්මට ඇත්ත කියපන්....උඹ බීලනෙ ඉන්නෙ....??

.

මං හිනා උනා....කොටින්ම මට හිනා ගියා....කානුවා මේ අස්සෙනුත් තේ මගුලක් ගැන අහනකොට අම්මා මාව හොලව හොලව උඹ බීලනෙ ඉන්නෙ අහද්දි මං අහනගන ස්පීකර් පප්පලාගෙ ගෙවල් දිහාවෙන් එක දිගට රතිඤ්ඤා පත්තු වෙනවා....

...ස්කීපර් අයියා....සයුරියගෙ කොටහලුවට කාර්ඩ් බෙදනවා වගෙ..ඔහෙත් මෙතන උන්නම හරියනවද.....

අම්මට සිරි උඹලා කෙල්ලො ගෙට උනහම කාඩුත් බෙදනවද...ආ බන් සුදුපුතා....පොඩි එකීගෙට උනාද නැත්තන් ඒකිට මගුලක් හරිගියාද .....

ඔහෙ දන්න තරම තමයි ...මේ දකුනෙ කොටහලුවක් පත්තු උනා කියන්නෙ ආය ඒ මගුලට මනමාලයා ව්තරයි අඩු ...ඉතුරු ඔක්කොම තියනවා හරිය...සුදු අක්කෙ ඔහෙත් කාරල්ලෙක් අල්ලන් ඉන්නවා වගෙ නිලමෙව කන්නෙ නැතුව මේන් මේක අරගන ගෙට යන්ඩකො.....

ගෙට යන්ඩ.....මේ කොල්ලා පිස්සෙක් වගේ හිනා වෙනවා...කාටත් මගෙ දරුවා ගැන වගේ වගක් නෑ.....රටේ නැති කතා කියව කියව ඔහෙ ඉන්නවා....මගෙ කොල්ලා නිකන් විනාස වෙනව...අනෙ දෙයියනෙ...මොනරවිලලා කවදද මෙහෙම ලැජ්ජා උනෙ....සුදුමහත්තයා ඔය හිනාව නවත්තලා අම්මට උත්තර දියන්...උඹ බීලා නේද කියපන්.....

සුදුපුතා උඹවත් තේ එකක් හදපන් බන්....අම්මලා දුවලා අප්පලා ඔක්කොම එකයි....එකම නැට්ටෙ එල්ලීගන ඉන්නවා....කිරියා ලියනගේට කෝලක් ගහලා කියපන් රත්තරන්ව ගන්ඩ තව පැයකාලෙන් එනවා ලෑස්තිපිට ඉන්ඩ කියලා ....

අප්පුච්චියො....පුතාට යැයි යැයි ගාන පෝන්නෙකක් අරන් දෙන්ඩකො...පුතාගෙ පෝන්නෙක යැයි යැයි ගාන්නෙ නෑනෙ.....

ඉදා මේක ගනින්....

.මේක...ම්හුක්...මේක අප්පුච්චියගෙනෙ...මේක යැයියැයි ගාන්නෙ නෑනෙ.....

ඕකෙන් උඹලගෙ අම්මට ගනින් එතකොට යැයි යැයි ගානවා...

මගෙ ඉහ තනිකරම ටයිමින් බෝම්බයක් වගේ...කොයි වෙලේ පුපුරයිද කියන්න උඩ ඉන්න දෙයියොවත් දන්නවද දන්නෙ නෑ.....සූඩ දැලකට අහු උන සාලයා වගේ උන්න මාව අම්මා එකම දිගට හොලවගන හොලවගන ගිහින් එකම එක අහනකොට මං අහගන කානුවා මේ ඔක්කොම මගුල් අස්සෙ ඌට යැයි යැයි ගාන ඵොන් එකක් ඉල්ලනවා....

.

මොනරවිල නම්බුව හේදෙන හේදිල්ල දරන් ඉන්න බැරුවද කොහෙද මහමොනර පෙදවලට ගිනි අවුලගන බර අඩි තිය තිය ඇතුලට ගිය යෑමට මං බලාගන කරගද ගහන මොනර පිල්බිමත් හැලිලා තිබුනා.....රතිඥ්ඥා සද්දෙ ආවා විතරයි එකම වචනෙ හැටපාටරක් අහන මහ මොනරි මේ ඔක්කොම පැත්තක දාලා පාරට දුවලා එබීගන ඉන්කොට මං බලාගන රතිඤ්ඤා සද්දෙ මැද ස්කීපර් පප්පාගෙ අත්තම්මා කතරගම දෙයියන්ගෙ වාහනෙ වගේ තොරොම්බල් පාට ඇස් කඩාගන යන චීත්තයක් ඇදන් රත්තරන් පුරෝගන ගෙට උන සයුරියගෙ මගුල කියන්ඩ අපේ අහ එනවා....

සුදු මහත්තයා...මං උඹගෙන් මේ අන්තීම පාරට අහන්නෙ පුතේ....කියපන් මේ අම්මා ගහන් නැ.....

මාමෙ.....තේ බොන්ඩ කීයක් ඉන්නවද...

තාත්තේ.....පසනට ලොකු ජෝගුවට එකක් හදන්ඩ ....

පප්පෙ...පුතාටත් තේ ගොඩක් හදන්ඩ.....

ස්..සුදු.....අයියෙ....ස්...සුදු....චූටියට.....ත්....ඉගුරු දාලා....තේ ..ටිකක්...හදන්ඩ....

ම්න්...සුදු අක්කෙ ඔහෙට.....?

තේ.....තේ තමයි දැන් බොන්ඩ ඕන....මල්ලි මං මගෙ ලමයව ඔයාට දුන්නෙ මෙහෙම විනාස කරන්නද.....අපි නුවර මිනිස්සු...අපි වලව්කාරයො.....

ඔන්න පටන් ගත්තා නුවර ලබ්බ දොඩන්ඩ...මොනාද තේජක මහත්තයො මේ....

මන්දා ..බන්...මන්දා....උඹලා මට අවසර දෙනවා නම් මට පුලුවන් මේ ජවනිකාවට බුදුබනපදයක් සින්දුව දාලා එඩිට් එකක් දෙන්න....සුදු පුතා මට වැඩි සීනි තේ එකක් !!!!

දෙයියන්ගෙ නාමෙට සිහත්.....කතා කරපන් කොල්ලො හිනා වෙවි ඉන්නෙ.....උඹ බීලා නේද....

නෑ.....

මෙච්චර වෙලාම මෝඩයා වගේ හිනා වෙවී උන්න මං අවසානෙදි ඉවසගන්න බැරි කන්කරච්චලෙ මැද අම්මට උත්තර බැන්දා...

නෑ උඹ බීලා ඉන්නෙ සුදුමහත්තයා....

බීලා නම් මෙහම කතාකරනවැයි....

නෑ නෑ....පුතෙ උඹ බීලා ඉන්නෙ....

ආයෙත් කියනවා...ඔහෙට විස්වාස නැද්ද....බීලානම් මෙහෙම කතා කරනවැයි...

උඹ බීලා ඉන්නෙ සුදු මහත්තයා...උඹ කොච්චර නෑ කිව්වත් මේ අම්මට හන්ගන්න බෑ...මට පොරොන්දු වෙයන්.....මේ අම්මට පොරොන්දු වෙයන් ආය මේ ජරාව බොන්නෙ නැ කියලා.....ජරාව බොන්න එපා සුදුමහත්‍තයා...අම්මට පොරොන්දු වෙයන්...

පොරොන්දු.....පොරොන්දු.....පොරොන්දු....ඔහෙට මාව විස්වාස නෑ??

අම්ම මගෙන් පොරොන්දු ඉල්ලනවා...එහෙන් මගෙ කට දිහා කටත් ඇරන් නියන් කාක්කෙක් වගේ පසනා බලාගන ඉදන් මහ එකා වගේ ඌත් මට තාත්තෙ ගගා උපදෙස් දෙන්න ගත්තා විතරයි මටම විනකරන්න ඉන්න සුසංගතා පරට්ටයගෙ ශබ්දකෝශෙට තවත් වචනයක් එකතු උනා.....

.

ඔහෙ බිව්වැයි තාත්තෙ....ඈ.....ජරාව බොන්ඩ එපා කැතයො....

."ජරාව බොන්ඩ එපා තේජක....ජරාව බොන්ඩ එපා සුදු අයියෙ .....ජරාව බොන්ඩ එපා කැතයො...."

*

*

....විහාරා....සුදු....මේ අහනවා....දැන් ඔය මූන එල්ලන් උන්නා ඇති ඉතින්.....

ඔයාට වටින් නෑ අයියෙ...මගෙ ලමයා තවම පොඩියි...

එතකොට මේ ඉන්නෙ මගෙ ලමයා නෙවෙද....ඔක්කොම තමුසෙගෙ ලමයා ගාන්නෙ....විහාරා පොඩ්ඩක් ඔය අඩන එක නවත්තනවකො...මූට පොඩ්ඩක් සැනසීමෙන් නිදාගන්න දීලා එනවකො...

ඔයාට කියන්න හරි ලේසියි තේජක...සමුද්‍රට නින්ද ගියා.....කමක් නෑ....මාත් මේ වයසෙදි මුරන්ඩු උනා.....මට සුදුමහහත්තයව තේරෙනවා....ඒත් ඔයාට වට්න් නෑ අයියෙ ලමයව අරන් බාර් ගානෙ යන්න....

..විහාරා....හරි....දැන් ඔය කදුලු පිහදගන්නවකො.....හරි....මට තේරෙනවා....අම්මා විදිහට උඹට දුකයි....රිදෙනවා.....ඒත් මේ ඉන්නෙ මගෙත් පනනෙ බන්...මට බැරි උනේ මූව නම මාසයක් බඩෙ තියන් ඉන්න එක විතරයි...ආදරෙ ගාවදි ...දරු කැක්කුම ගාවදි තාත්තලාටත් කිරි එරෙනවා.....රත්තරන් ඔය කදුලු පිහන් එනවකො ළඟ....

......

..විහාරා...දරුවන්ගෙ ප්‍රශ්නවලදි අම්මල උත්තර හොයන විදිහ නෙවෙ තාත්තලා හොයන්නෙ....මූව මමම බාර් එකට එක්ක නොගියා නම්....මූ හිතේ දුකට කොහෙන් හරි අරන් බොනවා.....කොහෙ ඉදන් බොයිද.....බිව්වට පස්සෙ මොනව වෙයිද.....මොනවා කරගනීද කියන්න අපි දන්නෙත් නෑ....ඌ දන්නෙත් නෑ...ඌට ඕන හිතේ දුක දියකරගන්න විදිහක් විතරයි....හැබැයි උගෙ අප්පච්චි විදිහට මන් ඌට ඌ හිරකරන් ඉන්න වේදනාවෙන් ගැලවෙන්න පාර පෙන්නුවා....සමහර වචන එලියට ගන්න සිහිය පොඩ්ඩක් විකල් කරන්නම ඕනා විහාරා....නාඩා ඉන්නවා...මගෙ ළමයා මෝඩයෙක් නෙවෙ...

ඌට සැනසීමෙන් නිදාගන්න දෙනවා සුදු.....ආහැරුනාම කන්න දෙනවා.....එතකන ඇහැරෙන වෙලාවට ඇහැරෙන්න දීලා පාඩුවෙ ඉන්නවා....අඩන්න එපාඕයි.....තමුසෙ අඩනවට මං කැමති නෑ විහාරා...

......සුදු මහත්තයා අර කොල්ලව එපා කිව්වෙ ඇත්තටමද අයියෙ....

..

ඇයි.....ඌව නැතිවෙනවට නැන්දම්මටත් අමාරුද.....??????

...ඔව්....මට අමාරුයි තමයි...අර වගේ එකෙක් එක්ක යන්න මන් ලමයි හැදුවෙ නැ...

හ්ම්ම්ම්ම්ම්.....මූව දුම්මල ගහාලවත් හැන්නදිගෙ කාරයට එලවගන්න බෑ...මුගෙ ආදරෙ තමුසෙගෙ වගේ විහාරා...තමුසෙ මට මොනතරම් ආදරේද...ඒ තරම්ම ආදරයක් මුගෙ හිතෙ ඌ වෙනුවෙන් තියනවා....ඒනිසා බය නොවී ඉන්නවා.....මගෙ ලමයි දන්නවා උනගෙ අම්මා වගෙ හරිම් මනුස්සයව තෝරගන්න ....මං.හැන්දගෙ අතට ඕකව දුන්නෙ මටත් වඩා ඌව රකින්න හැන්දට පුලුවන් කියන විස්වාසෙ මට දැනුන හන්දා විහාරා.....තමුසෙගෙ අප්පච්චි ඉදලා හිටලා මා එක්ක ඇරගත්තට බලනවා ඒ ඇස් දිහා....තමුසෙව මං මගෙ දරුවෙක් ගානට බලාගන්නවා කියන්න ඒ මනුස්සයා සහසුද්දෙන්ම දන්නවා....

මට ඕන මෙච්චරයි...ඇස් පියවෙනකොට හීල්ලුමක් නැතුව පිය වෙන්න විතරයි....මගෙ ලෝකෙම තමුසෙලා...ඉතින් මං මගෙ උන් විදවනවට කැමති ද???

කෝ ඉතින් නාඩා ඉන්නවා...තමුසෙට මන් ආදරෙයිනෙ සුදු නෝනා....

ම්ම්ම්....

ම්ම්ම්..ගාන්නෙ.....ආදරෙයි කිව්වම ආදරෙයි කියපන් මොනරියෙ.....ආදරෙයි කියපන්කො සුදූ....

ආදරෙයි අයියෙ....මං හුගක් ආදරෙයි....ඒක ඔයා දන්නවා.....අද වෙනකන් මගෙ ආදරෙ වැඩි උනා මිසක් අඩු වෙලා.නෑ තේජක

හ්ම් දන්නවා මං හරි වාසනාවන්තයි...තමුසෙව ලැබුනෙ මගෙ පිනකට....රත්තරන් මන් ගිහින් එන්නද.....?

ඔයා කොහෙද යන්න යන්නෙ....ඇරත් සිවිල් පිට?කා එක්කද යන්නෙ.....

ලියනගේ එක්ක ගමන් දෙක තුනක්ම තියනවා....එන්න රෑ උනොත් බඩගින්නෙ ඉන්න එපා....බලන් ඉන්නත් එපා....නිදාගන්න හොදද.....

ඒත්.....අනෙ තේජක...රෑ වෙන්න එපා අයියෙ...මන් බලන් ඉන්නවා

හුරතල් කරන්න වෙල නෑ මයෙ අම්මෙ....පරිස්සමින් ඉදින්....මේ මිනිහා උඹට පන ඇරලා ආදරෙයි.....මගෙ ලමයි බලාගන පරිස්සමින් ඉදින් .....

පරිස්සමින් ගිහින් එන්න අයියෙ...දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි.....!

.

..

❤️❤️❤️❤️❤️love you guys

More Chapters